20. සිඛී බුද්ධවංසො
20. සිඛී බුද්ධවංසො
20. සිඛී බුද්ධවංශය
1. විපස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො සිඛිව්හයො ආසි ජිනො අසමො අප්පටිපුග්ගලො.
1. විදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ පස්මරුන් දිනූ අසම වූ අප්‍රතිපුද්ගල වූ සිඛී නම් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
2. මාරසෙනං පමද්දිත්වා පත්තො සම්බොධිමුත්තමං ධම්මචක්කං පවත්තෙසි අනුකම්පාය පාණිනං.
2. මරසෙනඟ මැඩපියා උතුම්වූ සම්බෝධියට පැමිණි සේක් සත්ත්වයන්ට අනුකම්පා පිණිස දම්සක් පැවැත්වූ සේක.
3. ධම්මචක්කං පවත්තෙන්තෙ සිඛිම්හි මුනි පුඞ්ගවෙ කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
3. මුනිශ්රෙෂ්ඨ වූ සිඛී බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළ ලක්ෂයක් සත්නට පළමුවන ධර්මාභිසමය වී.
4. අපරම්පි ධම්මං දෙසෙන්තො ගණසෙට්ඨෙ නරුත්තමෙ නවුතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
4. නැවත ද ගණශ්රේෂ්ඨ වූ නරෝත්තම වූ බුදුරදුන් දහම් දෙසන කල්හි අනූකෙළදහසක් සත්නට දෙවෙනි ධර්මාභිසමය වී.
5. යමකං පාටිහීරඤ්ච දස්සයන්තෙ සදෙවකෙ අසීතිකොටිසහස්සානං තතියා’භිසමයො අහු.
5. සදේවක ලෝකයා විෂයෙහි යමාමහ පෙළහර දක්වන බුදුන් දහම් දෙසන කල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්මාභිසමය වී.
6. සන්නිපාතා තයො ආසුං සිඛිස්ස’පි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
6. මහර්ෂී වූ සිඛී බුදුරදුන්ට ද විගත වූ කෙලෙස්මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්ෂීණාස්රවයන් සම්බන්ධි වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
7. භික්ඛුසතසහස්සානං පඨමො ආසි සමාගමො අසීති භික්ඛුසහස්සානං දුතියො ආසි සමාගමො.
7. භික්ෂූන් සියදහසක් සම්බන්ධී වූ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. භික්ෂූන් අසූදහසක් සම්බන්ධි වූ ද්විතීය ශ්‍රාවක සන්නිපාතය වී.
8. සත්තති භික්ඛුසහස්සානං තතියො ආසි සමාගමො අනුපලිත්තො පදුමං’ව තොයම්හි සම්පවඩ්ඪිතං.
8. භික්ෂූන් සැත්තෑදහසක් සම්බන්ධි වූ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී (දියෙහි ඉපදැ) දියෙහි වැඩුණු දිය හා අලිප්ත වූ පියුමක් සෙයින් (ඒ භික්ෂු සන්නිපාතය ද) ලොකධර්මයන් හා අලිප්ත වූයේ වී.
9. අහං තෙන සමයෙන අරින්දමො නාම ඛත්තියො සම්බුද්ධපමුඛං සඞ්ඝං අන්නපානෙන තප්පයිං.
9. එ සමයෙහි මම අරින්දම නම් ක්ෂත්රිය වූයෙම් බුදුපාමොක් සඟන ආහාරපානයෙන් සන්තර්පණය කෙළෙමි.
10. බහුං දුස්සවරං දත්වා දුස්සකොටිං අනප්පකං අලඞ්කතං හත්ථියානං සම්බුද්ධස්ස අදාස’හං.
10. මම් බොහෝ වූ උතුම් වස්ත්‍ර ද, අනල්ප වූ වස්ත්‍ර කෝටි ද දී, බුදුරදුන්ට (රන්දැල් ආදීන්) සරසන ලද හස්තියානයක් දිනිමි.
11. හත්ථියානං නිම්මිනිත්වා කප්පියං උපනාමයිං පූරයිං මානසං මය්හං නිච්චං දළ්හමුපට්ඨිතං.
11. හස්තියානය ප්‍රමාණ කොට (ඇතු උසට) කප්පියභාණ්ඩ පූජා කෙළෙමි. නිරතුරු දැඩිව එළැඹ සිටි මා ගේ මනස පිරීමි.
12. සො’පි මං බුද්ධො ව්යාකාසි සිඛීලොකග්ගනායකො එකතිංසෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
12. ලෝකාග්‍රනායක වූ ඒ සිඛී බුදුහු දු මේ තෙමේ මෙයින් එක්තිස්වන කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
13. අහූකපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කර කාරිකං.
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට–
14. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
14. එ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නනාහ.
15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූල’මුපෙහිති.
15. එ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට, මහායශස් ඇත්තාහු ඇසැතුරුක් මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
17. මොවුන් ගේ ජනිකමවු තොමෝ මායා නම් වන්නී ය. පියතෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
18. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්හත්ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
20. චිත්ත යැ හත්ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස්වී වූ ඒ ගෞතම බුදුන්ට ආයු සියක් හවුරුදු වෙයි.
21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැයි සතුටු වූවාහු–
22. උක්කුට්ඨි සද්දං පවත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි ව නමස්කාර කෙරෙත්.
23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
24. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම්, අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
26. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දස පාරමිපූරියා.
26. මම් ඔබ ගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදැවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
27. නගරං අරුණවතී නාම අරුණවා නාම ඛත්තියො පභාවති නාම ජනිකා සිඛිස්ස ච මහෙසිනො.
27. මහර්ෂි වූ සිඛී බුදුන් ගේ නගරය අරණවතී නම් විය. අරුණවත් නම් ක්ෂත්රිය තෙමේ පිතෘ විය. මව් තොමෝ ප්‍රභාවතී නම් වූ.
28. සත්තවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සුචන්දො ගිරිවසභො තයො පාසාදමුත්තමං.
28. ඒ බුදුහු සත්දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සුවන්ද යැ ගිරි යැ වසභ යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
29. චතුවීසති සහස්සානි නාරියො සමලඞ්කතා සබ්බකාමා නාම නාරි අතුලො නාම අත්රජො.
29. ඔබට මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු සූවිසිදහසක් වූහ. අගමෙහෙසුන් බිසව සබ්බකාමා නම් වූ පුත්‍ර තෙමේ අතුල නම් වී.
30. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අට්ඨමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
30. සතර පෙරනිමිති දැක ඒ පුරුෂෝත්තම වූ සිඛී මහසත්හු හස්තියානයෙකින් මහාභිනිෂ්ක්‍රමණය කළහ. අටමසෙක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
31. බ්රහ්මුනා යාචිතො සන්තො සිඛී ලොකග්ගනායකො වත්ති චක්කං මහාවීරො මිගාචිරෙ නරුත්තමො.
31. මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍රනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගාචීර නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
32. අභිභූ සම්භවො නාම අහෙසුං අග්ගසාවකා ඛෙමඞ්කරො නාමු’පට්ඨාකො සිඛිස්ස’පි මහෙසිනො.
32. අභිභූ යැ සම්භව යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ඒ සිඛී නම් මහර්ෂීන් වහන්සේට ඛේමඞ්කර නම් උපස්ථායක යෙක් වී.
33. මඛිලා ච පදුමා චෙති අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පුණ්ඩරීකොති වුච්චති.
33. මඛිලා යැ පදුමා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය හෙළඹ රුකැයි කියනු ලැබේ.
34. සිරිවඩ්ඪො ච නන්දො ච අහෙසුං අග්ගු’පට්ඨකා චිත්තා චෙ’ව සුගුත්තා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
34. සිරිවඩ්ඪ යැ නන්ද යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. චිත්තා යැ සුගුත්තා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ,
35. උච්චත්තනෙන සො බුද්ධො සත්තති හත්ථමුග්ගතො කඤ්චනග්ඝිය සංකාසො ද්වත්තිංසවරලක්ඛණො.
35. කසුන් ඇගෑයක් බඳු වූ දෙතිස් වරමහාපුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ ඒ සිඛී නම් බුදුහු උසින් සැත්තෑරියන් වූහ.
36. තස්ස බ්යාමප්පභා කායා දිවාරත්තිං නිරන්තරං දිසො දිසං නිච්ඡරන්ති තීණියොජනසො පභා.
36. ඒ බුදුන් ගේ කයින් ව්‍යාමප්‍රභාව රෑ දවල් නිරතුරු විය, රශ්මීහු තුන් යොදුන් පමණින් දිශානුදිශායෙහි නික්මෙත්.
37. සත්තතිවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
37. ඒ මහර්ෂි වූ බුදුන්ට සැත්තෑදහසක් හවුරුදු ආයු විය, එපමණ කල් වැඩ සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසරින්) තැරැ වූහ.
38. ධම්මමෙඝං පවස්සෙත්වා තෙමයිත්වා සදෙවකෙ ඛෙමන්තං පාපයිත්වාන නිබ්බුතො සො සසාවකො.
38. දහම් මහමේ වස්වා දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා ක්ෂේම වූ නිවනට පමුණුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවි සේක:
39. අනුව්යඤ්ජනසම්පන්නං ද්වත්තිංසවරලක්ඛණං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
39. අසූ අනුව්‍යඤ්ජනයෙන් සමෘද්ධ වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණය හැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
40. සිඛී මුනිවරො බුද්ධො දුස්සාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො තීණියොජනමුග්ගතො.
40. මුනිවර වූ සිඛී බුදුරජාණන් වහන්සේ දුස්සාරාමයෙහි පිරිනිවි සේක, එහි මැ ඔබ ගේ ස්තූපවරය තුන් යොදුන් උස්ව පිහිටියේ යි.
සිඛී බුද්ධවාසො වීසතිමො.
විසිවැනි සිඛී බුද්ධවංශ යි.