19. විපස්සීබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
19. විපස්සීබුද්ධවංසවණ්ණනා
19. විපස්සී බුද්ධවංස වර්ණනාව
ඵුස්සස්ස බුද්ධස්ස අපරභාගෙ සාන්තරකප්පෙ තස්මිඤ්ච කප්පෙ වීතිවත්තෙ ඉතො එකනවුතිකප්පෙ විජිතසබ්බකප්පො පරහිතනිරතසඞ්කප්පො සබ්බත්ථ විපස්සී විපස්සී නාම සත්ථා ලොකෙ උදපාදි. සො පාරමියො පූරෙත්වා අනෙකරතනමණිවිසරසමුජ්ජොතිතභවනෙ තුසිතභවනෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා බන්ධුමතීනගරෙ අනෙකබන්ධුමතො බන්ධුමතො රඤ්ඤො බන්ධුමතියා නාම අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං අග්ගහෙසි. සො දසන්නං මාසානං අච්චයෙන ඛෙමෙ මිගදායෙ මාතුදරතො අසිතනීරදරාජිතො පුණ්ණචන්දො විය නික්ඛමි. නාමග්ගහණදිවසෙ පනස්ස ලක්ඛණපාඨකා ඤාතකා ච දිවා ච රත්තිඤ්ච අන්තරන්තරා නිම්මිසසඤ්ජනිතන්ධකාරවිරහෙන විසුද්ධං පස්සන්ති, විවටෙහි වා අක්ඛීහි පස්සතීති “විපස්සී”ති නාමමකංසු. “විචෙය්ය විචෙය්ය පස්සතීති විපස්සී”ති වදන්ති. සො අට්ඨවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. නන්ද-සුනන්ද-සිරිමානාමකා තයො චස්ස පාසාදා අහෙසුං.
ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පසුකල අන්තරකල්ප සහිත ඒ කල්පය ගත වූ කල්හි මෙයින් ඒකානූවන කප සියලු විකල්ප දත් පරහිත නිරත සංකල්ප ඇති සර්වාර්ථයන් විශේෂයෙන් දක්නා විපස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම්පුරා නන්රුවන් කාන්ති සමූහයෙන් දිදුලන භවනයන් ඇති තුසිත භවනයෙහි ඉපිද ඉන් සැව බන්ධුමතී නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි මේ වලාරොදින් පුන්සඳ සේ මවුකුසින් බිහිවූහ. උන්වහන්සේට නම්තබන දින ලක්ෂණ පාඨකයෝ ද නෑයෝ ද දිවා රැ අතරතුර මොහොතකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය. විවෘත ඇසින් දක්නේයයි විපස්සී කියා නම් කළහ. විමස විමසා දක්නේ යයි විපස්සී නමැයිද කියති. උන්වහන්සේ අටවස් දහසක් ගිහිගෙයි විසූහ. නන්ද, සුනන්ද, සිරිමා නම් තුන්පහයක් විය.
සුදස්සනාදෙවිප්පමුඛානං ඉත්ථීනං සතසහස්සං වීසති ච සහස්සානි අහෙසුං. “සුතනූ”තිපි සුදස්සනා වුච්චති. සො අට්ඨවස්සසහස්සානං අච්චයෙන චත්තාරි නිමිත්තානි දිස්වා සුතනුදෙවියා සමවට්ටක්ඛන්ධෙ නාම තනයෙ ජාතෙ ආජඤ්ඤරථෙන මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පබ්බජි. තං පුරිසානං චතුරාසීතිසතසහස්සානි අනුපබ්බජිංසු. සො තෙහි පරිවුතො මහාපුරිසො අට්ඨමාසං පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය සුදස්සනසෙට්ඨිධීතාය දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා කුසුමසමලඞ්කතෙ සාලවනෙ දිවාවිහාරං කත්වා සුජාතෙන නාම යවපාලකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා පාටලිබොධිං සමලඞ්කතං දිස්වා දක්ඛිණදිසාභාගෙන තං උපාගමි.
සුදස්සන දේවිය ප්රමුඛ, එක්ලක්ෂ විසිදහසක් ස්ත්‍රීහු වූහ. සුතනු යනු ද සුදස්සනායි කියනු ලැබේ. උන්වහන්සේ අටවස දහසක් ඉක්මීමෙන් සතර නිමිති දැක සුතනු දේවියට සමවත්තක්ඛන්ධ නම් පුතු උපන් කල්හි ආජඤ්ඤ රථයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව අසූහාර දහසක් පුරුෂයෝ මහණ වූහ. ඒ මහාපුරුෂයාණෝ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝදින සුදස්සන සිටුදියණිය දුන් මීකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යවපාලක දුන් අටතණමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් බෝධිය කරා ගියහ.
තස්සා පන පාටලියා සමවට්ටක්ඛන්ධො තං දිවසං පණ්ණාසරතනො හුත්වා අබ්භුග්ගතො සාඛා පණ්ණාසරතනා උබ්බෙධෙන රතනසතං අහොසි. තංදිවසමෙව සා පාටලී කණ්ණිකාබද්ධෙහි විය පුප්ඵෙහි පරමසුරභිගන්ධෙහි මූලතො පට්ඨාය සබ්බසඤ්ඡන්නා අහොසි. දිබ්බගන්ධො වායති, න කෙවලං තදා අයමෙව පුප්ඵිතො, දසසහස්සි චක්කවාළෙසු සබ්බෙ පාටලියො පුප්ඵිතාව. න කෙවලං පාටලියොව, දසසහස්සිචක්කවාළෙසු සබ්බරුක්ඛගුම්බලතායොපි පුප්ඵිංසු. මහාසමුද්දොපි පඤ්චවණ්ණෙහි පදුමෙහි කුවලයුප්පලකුමුදෙහි සඤ්ඡන්නො සීතලමධුරසලිලො අහොසි. සබ්බම්පි ච දසසහස්සි චක්කවාළබ්භන්තරං ධජමාලාකුලං අහොසි. තත්ථ තත්ථ පටිමාලාගුලවිප්පකිණ්ණං නානාසුරභිකුසුමසජ්ජිතධරණීතලං ධූපචුණ්ණන්ධකාරං අහොසි. තං උපගන්ත්වා තෙපණ්ණාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා චතුරඞ්ගසමන්නාගතං වීරියං අධිට්ඨාය – “යාව බුද්ධො න හොමි, තාව ඉතො න උට්ඨහාමී”ති පටිඤ්ඤං කත්වා නිසීදි. එවං නිසීදිත්වා සමාරං මාරබලං විධමිත්වා මග්ගානුක්කමෙන චත්තාරි මග්ගඤාණානි මග්ගානන්තරං චත්තාරි ඵලඤාණානි චතස්සො පටිසම්භිදා චතුයොනිපරිච්ඡෙදකඤාණං පඤ්චගතිපරිච්ඡෙදකඤාණං චතුවෙසාරජ්ජඤාණානි ඡ අසාධාරණඤාණානි ච සකලෙ ච බුද්ධගුණෙ හත්ථගතෙ කත්වා පරිපුණ්ණසඞ්කප්පො බොධිපල්ලඞ්කෙ නිසින්නොව –
ඒ පළොල් බෝධියෙහි සමවටකඳ ඇත්තේය. එදින පනස් රියන්ව උඩ නැගුණේය. ශාඛාව පනස් රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම ඒ පළොල් රුක කර්නිකබද්ධ වූවාක් මෙන් සුවඳමලින් මුල පටන් හැම ලෙසින් ගැවසී ගත්තේය. දිවසුවඳ හමයි. එකල්හි මේ රුක පමණක් නොවීය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලායෙන් ආකූල විය. ඒ ඒ තැන මාලාගුළ විසිරී නන් සුවඳ කුසුමින් විසිරී පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය. එම රුක වෙත එළඹ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා සතරකින් යුත් වර ඉටු බුදු බව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩහුන්හ. එසේ වැඩහිඳ මරු සහිත මරබල නසා මාර්ග පිළිවෙලින් සතර මාර්ග ඥාන ද මාර්ගයට අනතුරුව සතර ඵලඥාන ද සිවුපිළිසිඹියා චතු යොනි පරිචේඡෙදක ඤාණය පංචගති පරිච්ඡෙදක ඤාණ චතුවෙසාරජ්ජ ඤාණ ෂඩ් අසාධාරණ ද සියලුම බුදුගුණ ද අත්පත් කොට පිරුණු සංකල්ප ඇත්තාහු බෝපලඟෙහිම වැඩහිඳ
“අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා. (ධ· ප· 153-154);
නොඑක් ජාතිවල සැරිසැරීමි -පෙ- තෘෂ්ණාක්ෂය සාක්ෂාත් කළෙමි.
“අයොඝනහතස්සෙව, ජලතො ජාතවෙදසො; අනුපුබ්බූපසන්තස්ස, යථා න ඤායතෙ ගති.
යගුළියෙහි පහරන ලද දිලෙන ගින්න අනුපිළිවෙලින් නිවීමට පත්කල්හි ගතිය නොදත හැක්කාක් මෙන්
“එවං සම්මා විමුත්තානං, කාමබන්ධොඝතාරිනං; පඤ්ඤාපෙතුං ගතී නත්ථි, පත්තානං අචලං සුඛ”න්ති. (උදා· 80) –
මනාව මිදුණු කාමබන්ධන ඕඝයන් තරණය කළ අචල සුවයට පත්වූවන්ගේ ප්රඥාහේතු ගති නොදත හැක්කේ යයි
එවං උදානං උදානෙත්වා බොධිසමීපෙයෙව සත්තසත්තාහං වීතිනාමෙත්වා බ්රහ්මායාචනං සම්පටිච්ඡිත්වා අත්තනො වෙමාතිකස්ස භාතිකස්ස ඛණ්ඩකුමාරස්ස ච පුරොහිතපුත්තස්ස තිස්සකුමාරස්ස ච උපනිස්සයසම්පත්තිං ඔලොකෙත්වා ආකාසෙන ගන්ත්වා ඛෙමෙ මිගදායෙ ඔතරිත්වා උභොපි තෙ උය්යානපාලෙන පක්කොසාපෙත්වා තෙසං පරිවාරානං මජ්ඣෙ ධම්මචක්කං පවත්තෙසි. තදා අපරිමිතානං දෙවතානං ධම්මාභිසමයො අහොසි. තෙන වුත්තං –
මෙසේ උදන් අනා බෝ සමීපයෙහිම සත්සති ගෙවා බඹඇරයුම පිළිගෙන සිය සුළුමෑණි පුත් ඛණ්ඩ කුමරුගේ ද පුරෝහිත පුත් තිස්ස කුමරුගේ ද හේතුසම්පත් ද දැක අහසින් වැඩ ඛේම මිගදායෙහි බැස උයන්පාලක ලවා ඒ දෙදෙන කැඳවා පිරිවර සහිත ඔවුන් මැද දම්සක් පැවැත්වූහ. එකල අපමණ දෙවිමිනිසුන් ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-
“ඵුස්සස්ස ච අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො; විපස්සී නාම නාමෙන, ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
ඵුස්සස්ස ච අපරෙන සම්බුද්ධො දිපදුත්තමො විපස්සී නාම නාමෙන ලොකෙ උප්පජ්ජි චක්ඛුමා
“අවිජ්ජං සබ්බං පදාලෙත්වා, පත්තො සම්බොධිමුත්තමං; ධම්මචක්කං පවත්තෙතුං, පක්කාමි බන්ධුමතීපුරං.
අවිජ්ජං සබ්බං පදාලෙත්වා පත්තො සම්බොධිමුත්තමං ධම්මචක්කං පවත්තෙතුං පක්කාමි බන්ධුමතිංපුරං
“ධම්මචක්කං පවත්තෙත්වා, උභො බොධෙසි නායකො; ගණනාය න වත්තබ්බො, පඨමාභිසමයො අහූ”ති.
ධම්මචක්කං පවත්තෙත්වා උභො බොධෙසි නායකො ගණනාය න වත්තබ්බො පඨමාභිසමයො අහූති
තත්ථ පදාලෙත්වාති භින්දිත්වා, අවිජ්ජන්ධකාරං භින්දිත්වාති අත්ථො. “වත්තෙත්වා චක්කමාරාමෙ”තිපි පාඨො, තස්ස ආරාමෙති ඛෙමෙ මිගදායෙති අත්ථො. උභො බොධෙසීති අත්තනො කනිට්ඨභාතිකං ඛණ්ඩං රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තන්ති උභො බොධෙසි. ගණනාය න වත්තබ්බොති දෙවතානං අභිසමයවසෙන ගණනපරිච්ඡෙදො නත්ථීති අත්ථො.
එහි පදාළෙත්වා යනු; බිඳ. අවිදු අඳුර බිඳ යන අර්ථයි. වත්තෙත්වා චක්කමාරාමෙ කියා ද පාඨයි. එහි ආරාමෙ යනු මෙම මිගදායෙහි යන අර්ථයි. උභො භොධෙසි යනු; තමන් වහන්සේගේ කනිටු සොහොයුරු ඛණ්ඩ කුමරුට ද තිස්ස පුරෝහිත පුත්‍රයාට ද යන දෙදෙනාට අවබෝධ කරවූහ. ගණනාය න වත්තබ්බො යනු; අවබෝධ දෙවියන්ගේ වශයෙන් ගණන් සීමාවක් නැත යන අර්ථයි.
අථාපරෙන සමයෙන ඛණ්ඩං රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තං අනුපබ්බජිතානි චතුරාසීතිභික්ඛුසහස්සානි ධම්මාමතං පායෙසි. සො දුතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
ඉන්පසු කල ඛණ්ඩ රාජපුත්‍රයා සහ තිස්ස පුරෝහිත පුත්‍රයා ද අනුව පැවිදි වූ සුවාසූ දහසකට දහම් අමා පෙවූහ. එය දෙවන ධර්මාභිසමයයි. එයින් කියන ලදි-
“පුනාපරං අමිතයසො, තත්ථ සච්චං පකාසයි; චතුරාසීතිසහස්සානං, දුතියාභිසමයො අහූ”ති.
පුනාපරං අමිතයසො තත්ථ සච්චං පකාසයි චතුරාසීතිසහස්සානං දුතියාභිසමයො අහූති
තත්ථ තත්ථාති ඛෙමෙ මිගදායෙති අත්ථො. “චතුරාසීතිසහස්සානි, සම්බුද්ධමනුපබ්බජු”න්ති එත්ථ එතෙ පන චතුරාසීතිසහස්සසඞ්ඛාතා පුරිසා විපස්සිස්ස කුමාරස්ස උපට්ඨාකපුරිසායෙව. තෙ පාතොව විපස්සිකුමාරස්ස උපට්ඨානං ආගන්ත්වා කුමාරමදිස්වා පාතරාසත්ථාය ගන්ත්වා භුත්තපාතරාසා “කුහිං කුමාරො”ති පුච්ඡිත්වා තතො “උය්යානභූමිං ගතො”ති සුත්වා “තත්ථෙව නං දක්ඛිස්සාමා”ති නික්ඛන්තා නිවත්තමානං තස්ස සාරථිං දිස්වා “කුමාරො පබ්බජිතො”ති සුත්වා සුතට්ඨානෙයෙව සබ්බාභරණානි මුඤ්චිත්වා අන්තරාපණතො කාසායානි වත්ථානි ආහරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා පබ්බජිංසු. පබ්බජිත්වා ච තෙ ගන්ත්වා මහාපුරිසං පරිවාරයිංසු.
එහි තත්ථ යනු; ඛෙම මිගදායෙහි යන අර්ථයි. සුවාසූ දහසක් බුදුන් අනුව පැවිදිවූහ යනු මෙහි මේ සුවාසූ දහසක් පුරුෂයෝ වනාහි විපස්සී කුමරුගේ උපස්ථායකයෝමය. ඔවුහු උදෑසනම විපස්සී කුමරුට උවටැන් පිණිස ගොස් කුමරු නොදැක උදය අහරට ගොස් උදය අහර නිමවා පැමිණියාහු කුමාරයා කොහිදැයි විමසා උයන් බිමට ගියේ යයි අසා එහිදී ඔහු හමුවෙමුයි ගියාහු ආපසු එන එතුමාගේ රියදුරු දැක කුමරා පැවිදිවී යයි ඔහුගෙන් අසා ඇසූ තැනම සියලු අබරණ මුදා කඩපිලෙන් කසාවත් ගෙන්වා ගෙන කෙස් රැවුළු කපා මහණ වූහ. පැවිදිව ඔවුහු ගොස් මහාපුරුෂයාණන් පිරිවැරූහ.
තතො විපස්සී බොධිසත්තො “පධානචරියං චරන්තො ආකිණ්ණො විහරාමි, න ඛො පනමෙතං පාතිරූපං යථෙව මං ඉමෙ ගිහිභූතා පුබ්බෙ පරිවාරෙත්වා චරන්ති, ඉදානිපි තථෙව කිං ඉමිනා ගණෙනා”ති ගණසඞ්ගණිකාය උක්කණ්ඨිත්වා “අජ්ජෙව ගච්ඡාමී”ති චින්තෙත්වා පුන – “අජ්ජ අවෙලා, සචෙ පනාහං අජ්ජ ගමිස්සාමි, සබ්බෙපිමෙ ජානිස්සන්ති, ස්වෙව ගමිස්සාමී”ති චින්තෙසි. තංදිවසඤ්ච උරුවෙලගාමසදිසෙ එකස්මිං ගාමෙ ගාමවාසිනො මනුස්සා ස්වාතනාය සද්ධිං පරිසාය මහාපුරිසං නිමන්තයිංසු. තෙ තෙසං චතුරාසීතිසහස්සානං මහාපුරිසස්ස ච පායාසමෙව පටියාදයිංසු. අථ විපස්සී මහාපුරිසො පුනදිවසෙ විසාඛපුණ්ණමාය තස්මිං ගාමෙ තෙහි පබ්බජිතජනෙහි සද්ධිං භත්තකිච්චං කත්වා වසනට්ඨානමෙව අගමාසි. තත්ර තෙ පබ්බජිතා මහාපුරිසස්ස වත්තං දස්සෙත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි පවිසිංසු.
විපස්සී බෝසතාණෝ ප්‍රධන්හි හැසිරෙන්නාහු ආකීර්ණව වසමි. මෙය නම් මට නොගැළපෙයි. මොවුහු ගිහිව මා පිරිවරා හැසිරුණු පරිද්දෙන් දැනුදු මා පිරිවරා හැසිරෙති. මේ සමූහයෙන් නම් කිම්දැයි ගණසංගනිතාවෙහි උකටලීව අදම යමියි සිතා නැවත අද අවේලාවය. අද මා ගියොත් මේ සියල්ලෝම දැනගනිති. හෙට යමියි සිතූහ. එදිනද උරුවෙලා ගම වැනි එක්ගමක ගම්වැස්සෝ සෙට දිනට පිරිස් සමග මහාපුරුෂයාණන්ට ආරාධනා කළහ. ඔවුහු ඒ සුවාසූදහසටද මහාපුරුෂයාණන්ට ද කිරිබත්ම පිළියෙල කළහ. ඉක්බිති විපස්සී මහපුරිස්හු දෙවන දින වෙසක් පුන්පොහෝ දින එගම ඒ පැවිදි ජනයා සමග බත්කිස කොට වසන තැනටම ගියහ. එහිදී ඒ පැවිද්දෝ මහසතුන්ට වත් දක්වා තම තමන්ගේ රාත්රිස්ථාන දිව්යස්ථානවලට ගියහ.
බොධිසත්තොපි පණ්ණසාලං පවිසිත්වා නිසින්නො චින්තෙසි – “අයං කාලො නික්ඛමිතු”න්ති නික්ඛමිත්වා පණ්ණසාලද්වාරං පිදහිත්වා බොධිමණ්ඩාභිමුඛො පායාසි. තෙ කිර පබ්බජිතා සායං බොධිසත්තස්ස උපට්ඨානං ගන්ත්වා පණ්ණසාලං පරිවාරෙත්වා නිසින්නා – “අතිවිකාලො ජාතො උපධාරෙථා”ති වත්වා පණ්ණසාලද්වාරං විවරිත්වා තං අපස්සන්තාපි “කුහිං නු ගතො මහාපුරිසො”ති නානුබන්ධිංසු. “ගණවාසෙ නිබ්බින්නො එකො විහරිතුකාමො මඤ්ඤෙ මහාපුරිසො බුද්ධභූතංයෙව තං පස්සිස්සාමා”ති අන්තොජම්බුදීපාභිමුඛා චාරිකං පක්කමිංසු. අථ තෙ – “විපස්සිනා කිර බුද්ධත්තං පත්වා ධම්මචක්කං පවත්තිත”න්ති සුත්වා අනුක්කමෙන සබ්බෙ තෙ පබ්බජිතා බන්ධුමතියා රාජධානියා ඛෙමෙ මිගදායෙ සන්නිපතිංසු. තතො තෙසං භගවා ධම්මං දෙසෙසි, තදා චතුරාසීතියා භික්ඛුසහස්සානං ධම්මාභිසමයො අහොසි. සො තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
බෝසතාණෝ ද පන්සලට වැද හුන්නාහු මෙසේ සිතූහ. මේ නික්මීමට වේලාවයි. නික්ම පන්සල් දොර වසා බෝමැඩ බලා ගියහ. ඒ පැවිද්දේ සවස බෝසතුන්ට උවටැන් සඳහා පැමිණ පන්සල පිරිවරා සිටියාහු බොහෝ වේලා ගතවිය. සොයාබලව් කියා පන්සල විවෘත කොට උන්වහන්සේ නොදැක කොහේනම් ගියාහුදැයි ලුහුබැඳීම් නොකළහ. ගණවාසයෙහි කලකිරී තනිව විසීමට සිතුවනැයි බුදුවූ පසුව උන්වහන්සේ දකිමුයි දඹදිව තුළම චාරිකාවට පිටත්වූහ. ඉක්බිති ඔවුහු විපස්සී මහසත්හු බුදුව දම්සක් පැවැත්වූහයි අසා ඒ සියලු පැවිද්දෝ අනුක්රමයෙන් බන්ධුමතී රාජධානියෙහි ඛේම මිගදායට රැස්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දම් දෙසූහ. එකල්හි සුවාසූදහසක් භික්ෂූන්ට ධර්මාවබෝධ විය. එය තෙවන අභිසමය වූයේය. එයින් කියන ලදි-
“චතුරාසීතිසහස්සානි, සම්බුද්ධං අනුපබ්බජුං; තෙසමාරාමපත්තානං, ධම්මං දෙසෙසි චක්ඛුමා.
චතුරාසීතිසහස්සානි සම්බුද්ධං අනුපබ්බජුං තෙසමාරාමප්පත්තානං ධම්මං දෙසෙසි චක්ඛුමා
“සබ්බාකාරෙන භාසතො, සුත්වා උපනිසාදිනො; තෙපි ධම්මවරං ගන්ත්වා, තතියාභිසමයො අහූ”ති.
සබ්බාකාරෙන භාසතො සුත්වා උපනසාදිනො තෙපිධම්මවරං ගනත්වා තතියාභිසම යො අහූති
තත්ථ චතුරාසීතිසහස්සානි, සම්බුද්ධං අනුපබ්බජුන්ති එත්ථ අනුනා යොගතො සම්බුද්ධන්ති උපයොගවචනං කතන්ති වෙදිතබ්බං, සම්බුද්ධස්ස පච්ඡා පබ්බජිංසූති අත්ථො. ලක්ඛණං සද්දසත්ථතො ගහෙතබ්බං. “තත්ථ ආරාමපත්තාන”න්තිපි පාඨො. භාසතොති වදතො. උපනිසාදිනොති ගන්ත්වා උපනිස්සාය ධම්මදානං දදතොති අත්ථො. තෙපීති තෙ චතුරාසීතිසහස්සසඞ්ඛාතා පබ්බජිතා විපස්සිස්ස උපට්ඨාකභූතා. ගන්ත්වාති තස්ස ධම්මං ඤත්වා. එවං තෙසං තතියො අභිසමයො අහොසි. ඛෙමෙ මිගදායෙ විපස්සීසම්මාසම්බුද්ධං ද්වෙ ච අග්ගසාවකෙ අනුපබ්බජිතානං භික්ඛූනං අට්ඨසට්ඨිසතසහස්සානං මජ්ඣෙ නිසින්නො විපස්සී භගවා –
එහි චතුරාසීතිසහස්සානි සම්බුද්ධං අනුපබ්බජුං යනු; අනු ශබ්දයෙන් සම්බුද්ධං කියා කර්ම විභත්තිය යොදන ලදැයි දතයුතුයි. සම්බුද්ධයන් වහන්සේට පසුව පැවිදි වූහ යන අර්ථයි. ලක්ෂණ ශබ්දශාස්ත්රයෙන් ගතයුතුය. එහි ආරාම පත්තානං කියාද පාඨයි. භාසතො යනු; කියන්නහුගේ. උපනිසාදිනො යනු; ගොස් සසඳා බලා ධර්ම දානය දෙන්නහුගේ යන අර්ථයි. තෙපි යනු; විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ සුවාසූ දහසක් පමණ ඒ පැවිද්දෝ ගනත්වා යනු; උන්වහන්සේගේ ධර්මය දැන, මෙසේ උන්වහන්සේලාට තෙවන ධර්මාභිසමය විය. ඛේම මිගදායෙහි විපස්සී සම්මා සම්බුදුරදුන්ද දෑගසව්වන්ද අනුව පැවිදි වූ අටසැට ලක්ෂයක් භික්ෂූන් මැද වැඩහුන් විපස්සී භාග්‍යවතුන් වහන්සේ-
“ඛන්තීපරමං තපො තිතික්ඛා, නිබ්බානං පරමං වදන්ති බුද්ධා; න හි පබ්බජිතො පරූපඝාතී, න සමණො හොති පරං විහෙඨයන්තො.
ඉවසීම නම් ක්ෂාන්තිය උතුම් තපසයි. බුදුවරු නිවන උතුම් බව පවසති. පැවිද්දා අනුන් නොපෙළයි. අනුන් නොවෙහෙසන්නා ශ්‍රමණ නම් වෙයි.
“සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා; සචිත්තපරියොදපනං, එතං බුද්ධාන සාසනං.
සියලු පව් නොකිරීම, කුසල් රැස්කිරීම, සිය සිත පිවිතුරු කිරීම යන මෙය බුද්ධානුශාසනයයි.
“අනූපවාදො අනූපඝාතො, පාතිමොක්ඛෙ ච සංවරො; මත්තඤ්ඤුතා ච භත්තස්මිං, පන්තඤ්ච සයනාසනං; අධිචිත්තෙ ච ආයොගො, එතං බුද්ධාන සාසන”න්ති. (දී· නි· 2.90; ධ· ප· 183, 184, 185) –
උපවාද නොකිරීම, හිංසා නොකිරීම, ප්රාතිමෝක්ෂ සංවරය, අහරෙහි පමණ දැනීම, ප්‍රාන්ත සෙනසුන්හි ඇලීම, සමවත්හි යෙදීම යන මෙය බුද්ධානුශාසනයයි.
ඉමං පාතිමොක්ඛං උද්දිසි. ඉමා පන සබ්බබුද්ධානං පාතිමොක්ඛුද්දෙසගාථායො හොන්තීති වෙදිතබ්බං. සො පඨමො සන්නිපාතො අහොසි. පුන යමකපාටිහාරියං දිස්වා පබ්බජිතානං භික්ඛූනං සතසහස්සානං දුතියො සන්නිපාතො අහොසි. යදා පන විපස්සිස්ස වෙමාතිකා තයො භාතරො පච්චන්තං වූපසමෙත්වා භගවතො උපට්ඨානකිරියාය ලද්ධවරා හුත්වා අත්තනො නගරං නෙත්වා උපට්ඨහන්තා තස්ස ධම්මං සුත්වා පබ්බජිංසු. තෙසං අසීතිසතසහස්සානං මජ්ඣෙ නිසීදිත්වා භගවා ඛෙමෙ මිගදායෙ පාතිමොක්ඛං උද්දිසි, සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
මේ පාමොක් දෙසූහ. මේ වනාහි සියලු බුදුවරයන් වහන්සේලාගේ පාමොක් දෙසීමේ ගාථායි බව දතයුතුය. එය ප්‍රථම සන්නිපාතය විය. නැවත යමක ප්රාතිහාර්යය දැක පැවිදි වූ ලක්ෂයක් භික්ෂූන්ගේ සන්නිපාතය විය. යම්කලෙක විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සුළුමෑණි පුතුන් වූ තුන්බෑයෝ ප්රත්යන්තය සන්සිඳුවා බුද්ධොපස්ථානයට වර ලැබ සිය නුවරට වැඩමවා උවටැන් කරන්නාහු උන්වහන්සේගේ බණ අසා මහණ වූවාහුද ඔවුන් අසූ දහසක් මැද වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ඛේම මිගදායෙහි දී පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, විපස්සිස්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
සන්නිපාතා තයො ආසුං විපස්සිස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
“අට්ඨසට්ඨිසතසහස්සානං, පඨමො ආසි සමාගමො; භික්ඛුසතසහස්සානං, දුතියො ආසි සමාගමො.
අට්ඨසට්ඨිසතසහස්සානං පඨමො ආසි සමාගමො භික්ඛුසත සහස්සානං දුතියො ආසි සමාගමො
“අසීතිභික්ඛුසහස්සානං, තතියො ආසි සමාගමො; තත්ථ භික්ඛුගණමජ්ඣෙ, සම්බුද්ධො අතිරොචතී”ති.
අසීති භික්ඛුසහස්සානං තතියො ආසි සමාගමො තත්ථ භික්ඛුගණමජ්ඣෙ සම්බුද්ධො අතිරොචතීති
තත්ථ අට්ඨසට්ඨිසතසහස්සානන්ති අට්ඨසට්ඨිසහස්සාධිකානං සතසහස්සභික්ඛූනන්ති අත්ථො. තත්ථාති තත්ථ ඛෙමෙ මිගදායෙ. භික්ඛුගණමජ්ඣෙති භික්ඛුගණස්ස මජ්ඣෙ. “තස්ස භික්ඛුගණමජ්ඣෙ”තිපි පාඨො, තස්ස භික්ඛුගණස්ස මජ්ඣෙති අත්ථො.
එහි අට්ඨිසට්ඨි භික්ඛු සතසහස්සානං යනු; අටසැට දහසක් අධික ලක්ෂයක් භික්ෂූන්ගේ යන අර්ථයි. තත්ථ යනු එහි; ඛේම මිගදායෙහි. භික්ඛුගණමජ්ඣෙ යනු; භික්ෂු ගණයා මැද. තස්ස භික්ඛුගණමජ්ඣෙ කියාත් පාඨයි. ඒ භික්ෂු ගණයා මැද යන අර්ථයි.
තදා අම්හාකං බොධිසත්තො මහිද්ධිකො මහානුභාවො අතුලො නාම නාගරාජා හුත්වා අනෙකනාගකොටිසතසහස්සපරිවාරො හුත්වා සපරිවාරස්ස දසබලස්ස අසමබලසීලස්ස කරුණාසීතලහදයස්ස සක්කාරකරණත්ථං සත්තරතනමයං චන්දමණ්ඩලසඞ්කාසං දට්ඨබ්බසාරමණ්ඩං මණ්ඩපං කාරෙත්වා තත්ථ නිසීදාපෙත්වා සත්තාහං දිබ්බවිභවානුරූපං මහාදානං දත්වා සත්තරතනඛචිතං මහාරහං සුවණ්ණමයං නානාමණිජුතිවිසරසමුජ්ජලං පීඨං භගවතො අදාසි. තදා නං පීඨානුමොදනාවසානෙ “ඉතො අයං එකනවුතිකප්පෙ බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල අප මහ බෝසත්හු මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාරජව නොඑක් කෙළගණන් නාපිරිවර ඇත්තේ පිරිවර සහිත අසම සිල්බල ඇති කරුණාවෙන් සිහිල් සිත් ඇති දසබලයන් වහන්සේට සත්කාර කරනු වස් සඳමඬල වන් රුවන්මුවා දර්ශනීය සාරමණ්ඩයක් වූ මණ්ඩපයක් කරවා එහි වඩාහිඳුවා සතියක් දෙව්සැපතට අනුරුප මහදන් පුදා සත්රුවතින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිණිරස්දහරින් බබළන පුටුවක් භාග්‍යවතුන් වහන්සේට පිදීය. එකල්හි ඔහුට පීඨදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් එකානූවන කල්හි බුදුවන්නේ යයි ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, නාගරාජා මහිද්ධිකො; අතුලො නාම නාමෙන, පුඤ්ඤවන්තො ජුතින්ධරො.
අහං තෙන සමයෙන නාගරාජා මහිද්ධිකො අතුලො නාම නාමෙන පුඤ්ඤවන්තො ජුතින්ධරො
“නෙකානං නාගකොටීනං, පරිවාරෙත්වානහං තදා; වජ්ජන්තො දිබ්බතුරියෙහි, ලොකජෙට්ඨං උපාගමිං.
නෙකානං නාගකොටීනං පරිවාරෙත්වානහං තදා වජ්ජෙන්තො දිබ්බතුරියෙහි ලොකජෙට්ඨං උපාගමිං
“උපසඞ්කමිත්වා සම්බුද්ධං, විපස්සිං ලොකනායකං; මණිමුත්තරතනඛචිතං, සබ්බාභරණභූසිතං; නිමන්තෙත්වා ධම්මරාජස්ස, සුවණ්ණපීඨමදාසහං.
උපසංකමිත්වා සම්බුද්ධං විපස්සංලොකනායකං මණිමුත්තරතන ඛවීතං සබ්බාභරණභුසිතං නිමන්තෙත්වා ධම්මරාජස්ස සොණ්ණපීඨමදාසහං
“සොපි මං බුද්ධො බ්යාකාසි, සඞ්ඝමජ්ඣෙ නිසීදිය; එකනවුතිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි මං බුද්ධො ව්යාකාසි සංඝමජ්ඣෙ නිසීදිය එකනවුතෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති
“අහු කපිලව්හයා රම්මා, නික්ඛමිත්වා තථාගතො; පධානං පදහිත්වාන, කත්වා දුක්කරකාරිකං.
අහූ කපිලවහයෙ රම්මෙ නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං
“අජපාලරුක්ඛමූලස්මිං, නිසීදිත්වා තථාගතො; තත්ථ පායාසං පග්ගය්හ, නෙරඤ්ජරමුපෙහිති.
නෙරඤ්ජරානදීතීරෙ පායාසං අසීති ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලං උපෙහිති
“නෙරඤ්ජරාය තීරම්හි, පායාසං අද සො ජිනො; පටියත්තවරමග්ගෙන, බොධිමූලමුපෙහිති.
“තතො පදක්ඛිණං කත්වා, බොධිමණ්ඩං අනුත්තරො; අස්සත්ථමූලෙ සම්බොධිං, බුජ්ඣිස්සති මහායසො.
තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරං අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො
“ඉමස්ස ජනිකා මාතා, මායා නාම භවිස්සති; පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොත මො
“අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා; කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා;
අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සොච අග්ගා හෙස්සන්ති සාවකා
ආනන්දො නාමුපට්ඨාකො, උපට්ඨිස්සතිමං ජිනං. “ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා;
ආනන්දො නාම නාමෙන උපට්ඨිස්සති තං ජිනං ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා
අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා; බොධි තස්ස භගවතො, අස්සත්ථොති පවුච්චති…පෙ….
අනාසවා වීතරාගා සන්ත චිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්ථොති පවුච්චති
“තස්සාහං වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”ති.
තස්සාහං වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමිපූරියාති
තත්ථ පුඤ්ඤවන්තොති පුඤ්ඤවා, සමුපචිතපුඤ්ඤසඤ්චයොති අත්ථො. ජුතින්ධරොති පභායුත්තො. නෙකානං නාගකොටීනන්ති අනෙකාහි නාගකොටීහි, කරණත්ථෙ සාමිවචනං දට්ඨබ්බං. පරිවාරෙත්වානාති භගවන්තං පරිවාරෙත්වා. අහන්ති අත්තානං නිද්දිසති. වජ්ජන්තොති වාදෙන්තො තාළෙන්තො. මණිමුත්තරතනඛචිතන්ති මණිමුත්තාදීහි විවිධෙහි රතනෙහි ඛචිතන්ති අත්ථො. සබ්බාභරණභූසිතන්ති සබ්බාභරණෙහි වාළරූපාදීහි රතනමයෙහි මණ්ඩිතන්ති අත්ථො. සුවණ්ණපීඨන්ති සුවණ්ණමයං පීඨං. අදාසහන්ති අදාසිං අහං.
එහි පුඤ්ඤවන්තො යනු; පින් ඇත්තේ. රැස්කරන ලද පුණ්යසම්භාර ඇත්තේ යන අර්ථයි. ජුතින්ධරො යනු; ප්රභායුක්ත වූයේ. නෙකානං නාගකොටීනං යනු; නොඑක් කෙළගණන් නාගයන් කරණාර්ථයෙහි සම්බන්ධ වචනයි දත යුතුය. පරිවාරෙත්වාන යනු; භාග්‍යවතුන් වහන්සේ පිරිවරා. අත්තානං යනු; තමන් දක්වයි. වජ්ජෙන්තො යනු; වාදනය කරමින්, නාද කරමින්. මණිමුත්ත රතනඛවීතං යනු; මිණිමුතු ආදි විවිධ රත්නයෙන් සැරසූ යන අර්ථයි. සබ්බාභරණභුසිතං යනු; පීඨාභරණ වූ රුවන්මුවා පබළුරූපාදියෙන් සරසන ලද යන අර්ථයි. සුවණ්ණපීඨං යනු; රන්මුවා පුටුව. අදාසහං යනු; මම දුනිමි.
තස්ස පන විපස්සිස්ස භගවතො බන්ධුමතී නාම නගරං අහොසි. බන්ධුමා නාම රාජා පිතා, බන්ධුමතී නාම මාතා, ඛණ්ඩො ච තිස්සො ච ද්වෙ අග්ගසාවකා, අසොකො නාමුපට්ඨාකො, චන්දා ච චන්‍දමිත්තා ච ද්වෙ අග්ගසාවිකා, පාටලිරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, සරීරප්පභා සබ්බකාලං සත්ත යොජනානි ඵරිත්වා අට්ඨාසි අසීතිවස්සසහස්සානි ආයු, සුතනු නාමස්ස අග්ගමහෙසී, සමවට්ටක්ඛන්ධො නාමස්ස පුත්තො, ආජඤ්ඤරථෙන නික්ඛමි. තෙන වුත්තං –
ඒ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ නගරය බන්ධුමතී නම් විය. බන්ධුමා රජ පියාණෝය. බන්ධුමතී නම් මෑණියෝය. ඛණ්ඩ, තිස්ස දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක අසෝක නමි. චන්දා චන්‍දමිත්තා දෙනම අග්රශ්රාවිකාවෝය. පළොල් රුක බෝධියයි. ශරිරය අසූරියන් උස් විය. ශරීරාලෝකය සදා සත් යොදනෙක පැතිර සිටියේය. ආයු අවුරුදු අසූලක්ෂයකි. උන්වහන්සේගේ භාර්යාව සුතනු නමි. පුත්‍රයා සමවත්තක්ඛන්ධ නමි. ආජන්‍ය රථයෙන් මහබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“නගරං බන්ධුමතී නාම, බන්ධුමා නාම ඛත්තියො; මාතා බන්ධුමතී නාම, විපස්සිස්ස මහෙසිනො.
නගරං බන්ධුමතී නාම බන්ධුමා නාම ඛත්තියො මාතා බන්ධුමතී නාම විපස්සිස්ස මහෙසිනො
“ඛණ්ඩො ච තිස්සනාමො ච, අහෙසුං අග්ගසාවකා; අසොකො නාමුපට්ඨාකො, විපස්සිස්ස මහෙසිනො.
ඛණ්ඩො ච තිස්සනාමො ච අහෙසුං අග්ගසාවකා අසොකො නාමුපට්ඨාකො විපස්සිස්ස මහෙසිනො
“චන්දා ච චන්‍දමිත්තා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, පාටලීති පවුච්චති.
චන්දා ච චන්‍දමිත්තා අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පාටලීති පවුච්චති
“අසීතිහත්ථමුබ්බෙධො, විපස්සී ලොකනායකො; පභා නිද්ධාවතී තස්ස, සමන්තා සත්තයොජනෙ.
අසීති හත්ථුබ්බෙධො විපස්සී ලොකනායකො පභා නිද්ධාවති කස්ස සමන්තා සත්තයොජනො
“අසීතිවස්සසහස්සානි, ආයු බුද්ධස්ස තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
අසීතිවස්සසහස්සායානි ආයු බුද්ධස්ස තාවදෙ තාචතා තිට්ඨමා නො සො තාරෙසි ජනතං බහුං
“බහුදෙවමනුස්සානං, බන්ධනා පරිමොචයි; මග්ගාමග්ගඤ්ච ආචික්ඛි, අවසෙසපුථුජ්ජනෙ.
බහූ දෙවෙ මනුස්සෙච බන්ධනා පරිමොචයි මග්ගාමග්ගංච ආචික්ඛ අවස්සෙ පුථුජ්ජනෙ
“ආලොකං දස්සයිත්වාන, දෙසෙත්වා අමතං පදං; ජලිත්වා අග්ගික්ඛන්ධොව, නිබ්බුතො සො සසාවකො.
ආලොකං දස්සයිත්වාන දෙසෙත්වා අමතං පදං ජලිත්වා අග්ගික්ඛන්ධොව නිබ්බුතො සො සසාවකො
“ඉද්ධිවරං පුඤ්ඤවරං, ලක්ඛණඤ්ච කුසුමිතං; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
ඉද්ධිවරං පුඤ්ඤවරං ලක්ඛණං ච කුසුමිතං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරාති
තත්ථ බන්ධනාති දෙවමනුස්සෙ කාමරාගසංයොජනාදිබන්ධනා මොචෙසි, විකාසෙසීති අත්ථො. මග්ගාමග්ගඤ්ච ආචික්ඛීති “අමතාධිගමාය අයං මග්ගො උච්ඡෙදසස්සතදිට්ඨිවිරහිතා මජ්ඣිමා පටිපදා මග්ගො කායකිලමථාදිකො නායං මග්ගො”ති සෙසපුථුජ්ජනෙ ආචික්ඛීති අත්ථො. ආලොකං දස්සයිත්වානාති මග්ගඤාණාලොකං විපස්සනාඤාණාලොකඤ්ච දස්සයිත්වා. ලක්ඛණඤ්ච කුසුමිතන්ති චිත්තලක්ඛණාදීහි ඵුල්ලිතං මණ්ඩිතං භගවතො සරීරන්ති අත්ථො. සෙසං සබ්බත්ථ ගාථාසු උත්තානමෙවාති.
එහි බන්ධනා යනු; කාමසංයෝජනාදි බැම්මෙන් මිදූහ. විකාසයට පැමිණවීය යන අර්ථයි. මග්ගාමග්ගඤ්ච ආචික්ඛි යනු; අමෘතාධිගමය සඳහා මාර්ගය මෙයයි. උච්ඡේද ශාස්වත දෘෂ්ටි රහිත මධ්‍යම ප්‍රතිපදාව මාර්ගයයි. කය වෙහෙස කිරීමාදී මෙය මාර්ගය නොවෙයි කියා සෙසු පුහුදුන නම් කීහ යන අර්ථයි. ආලොකං දස්සයිත්වාන යනු; මාර්ගඥානා ලෝකය දක්වා. ලක්ඛණඤ්ච කුසුමිතං යනු; චක්‍ර ලක්ෂණාදියෙන් සුපිපි සැරසුණු භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය ය අර්ථයි. ගාථාවල සෙසු සියලු අර්ථ ප්‍රකටමය.
විපස්සීබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
විපස්සි බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො එකූනවීසතිමො බුද්ධවංසො.
එකුන්විසිවන බුද්ධවංසය සමාප්තයි.