යෙදුමෙන් කියවන්න

18. ඵුස‍්සබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

18. ඵුස‍්සබුද‍්ධවංසවණ‍්ණනා

18. ඵුස්ස බුද්ධවංස වර්ණනාව

තස‍්ස තිස‍්සස‍්ස භගවතො අපරභාගෙ අනුක‍්කමෙන පරිහායිත්‍වා පුන වඩ‍්ඪිත්‍වා අපරිමිතායුකා හුත්‍වා අනුපුබ‍්බෙන හායිත්‍වා නවුතිවස‍්සසහස‍්සායුකෙසු ජාතෙසු තස‍්මිංයෙව කප‍්පෙ ඵුස‍්සො නාම සත්‍ථා ලොකෙ උප‍්පජ‍්ජි. සොපි භගවා පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා කාසිකනගරෙ ජයසෙනරඤ‍්ඤො අග‍්ගමහෙසියා සිරිමාය නාම දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දසන‍්නං මාසානං අච‍්චයෙන සිරිමුය්‍යානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. සො නවවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. තස‍්ස කිර ගරුළපක‍්ඛ-හංස-සුවණ‍්ණභාරාති තයො පාසාදා අහෙසුං. කිසාගොතමිප‍්පමුඛානි තිංස ඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං.

උන්වහන්සේට පසුව අනුක්‍රමයෙන් හානියට පත්ව නැවත වැඩී අපරිමිත ආයු ඇත්තෝව ක්‍රමයෙන් පිරිහී අනූදහසක් අවුරුදු ආයු වූ කල්හි එම කපම ඵුස්ස නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව කසීනුවර ජයසේන රජුගේ අගමෙහෙසි සිරිමා දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිරිමා උයන්හි මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට ගරූළපක්‍ඛ හංස සුවණ්ණ හාරා නම් තුන් පහයක් විය. කිසාගෝතමී ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා කිසාගොතමියා අනුපමෙ නාම පුත‍්තෙ උප‍්පන‍්නෙ අලඞ‍්කතගජවරක‍්ඛන්‍ධගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං පබ‍්බජිතං ජනකොටි අනුපබ‍්බජි. සො තෙහි පරිවුතො ඡ මාසෙ පධානචරියං චරිත්‍වා තතො ගණං පහාය සත‍්තාහං එකචරියං අනුබ්‍රූහයමානො වසිත්‍වා විසාඛපුණ‍්ණමාය අඤ‍්ඤතරෙ නගරෙ අඤ‍්ඤතරස‍්ස සෙට‍්ඨිනො ධීතාය සිරිවඩ‍්ඪාය නාම දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සිංසපාවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ සිරිවඩ‍්ඪෙන නාම උපාසකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා ආමලකබොධිං උපසඞ‍්කමිත්‍වා සමාරං මාරබලං විධමිත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්‍වා අත‍්තනා සද‍්ධිං පබ‍්බජිතානං භික‍්ඛූනං කොටීනං ධම‍්මපටිවෙධසමත්‍ථතං දිස‍්වා ආකාසෙන ගන‍්ත්‍වා සඞ‍්කස‍්සනගරෙ ඉසිපතනෙ මිගදායෙ ඔතරිත්‍වා තෙසං මජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා කොටිසතසහස‍්සානං පඨමො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

උන්වහන්සේ සතර නිමිති දැක කිසාගෝතමිය අනුපම නම් පුතු වැදූ කල්හි සරසන ලද ඇත්කඳ මත නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. කෙළක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. උන්වහන්සේලා පිරිවරා සමසක් ප්‍රධන් වඩා ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව එකලාව එකචර්යාව වඩමින් සතියක් වැස වෙසක් පුන්පොහෝ දින එක්තරා නුවරක එක්තරා සිටුවරයකුගේ සිරිවඩ්ඪා නම් දියණියක පිදූ මීකිරිබත් වළදා ඇට්ටේරිය වනයෙහි දිවාවිහාර ගෙවා සවස් වේලෙහි සිරිවඩ්ඪ නම් තාපසයන් දුන් අටතණමිට ගෙන නෙල්ලි බෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරි අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන්වහන්සේ සමග මහණ වූ කෙළක් භික්‍ෂූන්ගේ ධර්මාවබෝධයට සමත්බැව් දැන අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි බැස උන්වහන්සේලා මැද දම්සක් පැවැත්වූහ. එදා කෙළලක්‍ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අහු සත්‍ථා අනුත‍්තරො; අනූපමො අසමසමො, ඵුස‍්සො ලොකග‍්ගනායකො.

තත්‍ථෙව මණ්ඩකප්පම්හි අහු සත්‍ථා අනුත්තරො අනුපමො අසදිසො ඵුස්සො ලොකග්ගනායකො

“සොපි සබ‍්බං තමං හන‍්ත්‍වා, විජටෙත්‍වා මහාජටං; සදෙවකං තප‍්පයන‍්තො, අභිවස‍්සි අමතම‍්බුනා.

සොපි සබ්බං තමං හනත්‍වා විජටෙත්‍වා මහාජටං සදේවකං තප්පයන්තො අභිවස්සි අමතම්බුනා

“ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ, ඵුස‍්සෙ නක‍්ඛත‍්තමඞ‍්ගලෙ; කොටිසතසහස‍්සානං, පඨමාභිසමයො අහූ”ති.

ධම්මචක්කං පවෙත්තන්තෙ ඵුස්සෙ නක්‍ඛත්තමංගලෙ කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති

තත්‍ථ තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හීති යස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සො “මණ‍්ඩකප‍්පො”ති හෙට‍්ඨා වුත‍්තො. විජටෙත්‍වාති පටිවිස‍්සජ‍්ජෙත්‍වා. මහාජටන‍්ති එත්‍ථ ජටාති තණ‍්හායෙතං අධිවචනං. සා හි රූපාදීසු ආරම‍්මණෙසු හෙට‍්ඨුපරියවසෙන පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සංසිබ‍්බනතො සුත‍්තගුම‍්බජාලපූවසඞ‍්ඛාතා ජටා වියාති ජටාති වුත‍්තං, තං මහාජටං. සදෙවකන‍්ති සදෙවකං ලොකං. අභිවස‍්සීති පාවස‍්සි. අමතම‍්බුනාති අමතසඞ‍්ඛාතෙන ධම‍්මකථාසලිලෙන තප‍්පයන‍්තො පාවස‍්සීති අත්‍ථො.

එහි තත්‍ථෙව මණ්ඩප්පම්හි යනු; යම්කපක බුදුවරු දෙනමක් උපදිත්ද ඒ කප මණ්ඩකප්පයයි යට කියන ලද්දේමය. විජටෙත්‍වා යනු; විසඳා. මහජටං යනු; මෙහි ජටා යනු මෙය තෘෂ්ණාවට නාමයකි. එය රූපාදි අරමුණුවල උඩු යටි වශයෙන් නැවත නැවත උපදින බැවින් ගෙතෙන අර්ථයෙන් නූල් පන්දුවක් දැල්පූපයක් බඳු අවුල් ජාලයක් මෙනැයි ජටා යි කියන ලදි. එය මහාජටාවයි. සදේවකං යනු; දෙවියන් සහිත ලෝකයයි. අභිවස්සි යනු; වැස්සවීය. අමතම්බුනා යනු; අමෘත සංඛ්‍යාත ධර්මකථා ජලයෙන් සත්වමින් වැස්සවීය යන අර්ථයි.

යදා පන බාරාණසීනගරෙ සිරිවඩ‍්ඪො නාම රාජා මහන‍්තං භොගක‍්ඛන්‍ධං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජි. තෙන සහ පබ‍්බජිතානං තාපසානං නවුතිසතසහස‍්සානි අහෙසුං. තෙසං භගවා ධම‍්මං දෙසෙසි. තදා නවුතියා සතසහස‍්සානං දුතියාභිසමයො අහොසි. යදා පන අත‍්තනො පුත‍්තස‍්ස අනුපමකුමාරස‍්ස ධම‍්මං දෙසෙසි, තදා අසීතියා සතසහස‍්සානං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම් කලෙක්හි බරණැස් නුවර සිරිවඩ්ඪ නමැත්තේ මහසම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි වූයේද ඔහු සමග පැවිදි වූ තාපසයෝ අනූලක්‍ෂයක් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දම් දෙසූහ. එකල අනූ ලක්‍ෂයකට දෙවන ධර්මාභිසමය විය. යම්දාක සිය පුත් අනුපම කුමරුට දහම් දෙසූ සේක්ද එකල අසූ ලක්‍ෂයකට තෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-

“නවුතිසතසහස‍්සානං, දුතියාභිසමයො අහු; අසීතිසතසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

නවුති සතසහස්සානං දුතියාභිසමයො අහු අසිතිසතසහස්සානං තතියාභිසමයො අහුති

තතො අපරෙන සමයෙන කණ‍්ණකුජ‍්ජනගරෙ සුරක‍්ඛිතො රාජපුත‍්තො ච පුරොහිතපුත‍්තො ධම‍්මසෙනකුමාරො ච ඵුස‍්සෙ සම‍්මාසම‍්බුද‍්ධෙ අත‍්තනො නගරං සම‍්පත‍්තෙ සට‍්ඨියා පුරිසසතසහස‍්සෙහි සද‍්ධිං පච‍්චුග‍්ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා දසබලස‍්ස ධම‍්මකථං සුත්‍වා භගවති පසීදිත්‍වා තෙ සපරිවාරා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. තෙසං සට‍්ඨියා භික‍්ඛුසතසහස‍්සානං මජ‍්ඣෙ භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො පඨමො සන‍්නිපාතො අහොසි. පුන කාසිනගරෙ ජයසෙනරඤ‍්ඤො සට‍්ඨිමත‍්තානං ඤාතීනං සමාගමෙ බුද‍්ධවංසං දෙසෙසි, තං සුත්‍වා පඤ‍්ඤාසසතසහස‍්සානි එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. තෙසං මජ‍්ඣගතො භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො දුතියො සන‍්නිපාතො අහොසි. පුන මහාමඞ‍්ගලසමාගමෙ මඞ‍්ගලකථං සුත්‍වා චත‍්තාලීසපුරිසසතසහස‍්සානි පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. තෙසං මජ‍්ඣගතො සුගතො පාතිමොක‍්ඛං උද‍්දිසි, සො තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

එයින් මෑත භාගයෙහි කණ්ණකුජ්ජ නගරයෙහි සුරක්‍ඛිත රාජපුත්‍රයාද පුරෝහිත පුත්‍ර ධම්මසේන කුමාරයා ද ඵුස්ස සම්මා සම්බුදුන් තමන්ගේ නුවරට පැමිණි කල්හි හැටලක්‍ෂයක් පුරුෂයන් සමග පෙරගමන් කොට වැඳ ආරාධනාකොට සතියක් මහදන් දී දසබලයන් වහන්සේගේ දහම්කතා අසා රහත් වූහ. ඒ සැටලක්‍ෂයක් භික්‍ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය ප්‍රථම සමාගමය විය. නැවත කාසි නගරයෙහි ජයසේන රජුගේ සැටක් පමණ නෑ සමාගමයෙහි බුද්ධවංසය දෙසූහ. එයසා පනස් ලක්‍ෂයක් දෙනා එහිභික්‍ඛු පැවිද්දෙන් පැවිදිව රහත් වූහ. උන්වහන්සේලා මැදට වන් භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය දෙවන සමාගමය විය. නැවත මහාමංගල සමාගමයෙහි මංගලකථා අසා සතලිස් ලක්‍ෂයක් මහණව රහත්වූහ. උන්වහන්සේලා මැදට වන් සුගතයන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සමාගමය විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, ඵුස‍්සස‍්සපි මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං ඵුස්සස්සපි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“සට‍්ඨිසතසහස‍්සානං , පඨමො ආසි සමාගමො; පඤ‍්ඤාසසතසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

සට්ඨිසතසහස්සානං පඨමො ආසි සමාගමො පඤ්ඤාසසතසහස්සානං දුතියො ආසි සමාගමො

“චත‍්තාලීසසතසහස‍්සානං, තතියො ආසි සමාගමො; අනුපාදා විමුත‍්තානං, වොච‍්ඡින‍්නපටිසන්‍ධින”න‍්ති.

චත්තාරීසතසහස්සානං තතියො ආසි සමාගමො අනුපාදා විමුත්තානං මොච්ඡින්නපටිසන්‍ධිනංති

තදා අම‍්හාකං බොධිසත‍්තො අරින්‍දමනගරෙ විජිතාවී නාම ඛත‍්තියො හුත්‍වා තස‍්ස ධම‍්මං සුත්‍වා භගවති පසීදිත්‍වා තස‍්ස මහාදානං දත්‍වා මහාරජ‍්ජං පහාය භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා තෙපිටකධරො මහාජනස‍්ස ධම‍්මකථං කථෙසි, සීලපාරමිඤ‍්ච පූරෙසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල බෝසතාණෝ අරිමන්‍ද නුවර විජිතාවී නම් රජව උන්වහන්සේගේ බණ අසා පැහැද උන්වහන්සේට මහදන් පූදා මහාරාජ්‍යය අතහැර භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිව තුන්පිටකය ඉගෙන ත්‍රිපිටකධාරීව මහජනයාට ධර්මදේශනා කළහ. සීල පාරමිතාව ද පිරූහ. ඒ බුදුරජාණෝ ද උන්වහන්සේට බුදුවන්නේ යයි ප්‍රකාශ කළහ. එයින් කියන ලදි.

“අහං තෙන සමයෙන, විජිතාවී නාම ඛත‍්තියො; ඡඩ‍්ඩයිත්‍වා මහාරජ‍්ජං, පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

අහං තෙන සමයෙන විජිතාවී නාම ඛත්තියො ඡඩ්ඩයිත්‍වා මහාරජ්ජං පබ්බජිං තස්ස සන්තිකෙ

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, ඵුස‍්සො ලොකග‍්ගනායකො; ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපිබුද්ධො වියාකාසි ඵුස්සො ලොකග්ගනායකො ඉතො දවානවුතෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… දසපාරමිපූරියා.

පධානං පදහිත්‍වාන -පෙ- දසපාරමිපූරියා

“සුත‍්තන‍්තං විනයඤ‍්චාපි, නවඞ‍්ගං සත්‍ථුසාසනං; සබ‍්බං පරියාපුණිත්‍වා, සොභයිං ජිනසාසනං.

සුත්තන්තං විනයඤ්චාපි නවංගං සත්‍ථුසාසනං සබ්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං

“තත්‍ථප‍්පමත‍්තො විහරන‍්තො, බ්‍රහ‍්මං භාවෙත්‍ව භාවනං; අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා, බ්‍රහ‍්මලොකමගඤ‍්ඡහ”න‍්ති.

තත්‍ථප්පමත්තො විහරන්තො බ්‍රහ්මං භාවෙත්‍ව භාචනං අභිඤ්ඤාසු පාරමිං ගනත්‍වා බ්‍රහ්මලොකම ගඤ්ජහන්ති

තස‍්ස පන භගවතො කාසිකං නාම නගරං අහොසි. ජයසෙනො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සුරක‍්ඛිතො ච ධම‍්මසෙනො ච ද‍්වෙ අග‍්ගසාවකා, සභියො නාමුපට‍්ඨාකො, චාලා ච උපචාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, ආමලකරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි , ආයු නවුතිවස‍්සසහස‍්සානි, කිසාගොතමී නාම අග‍්ගමහෙසී, අනුපමො නාමස‍්ස පුත‍්තො, හත්‍ථියානෙන නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය කාසි නම් විය. ජයසේන නම් රජ පියාණෝය. මව සිරිමා නමි. සුරක්‍ඛිත ධම්මසේන දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සභිය නමි. සාලා උපසාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. නෙල්ලිගස බෝධියයි. ශරීරය අටපනස් රියන් උස් විය. ආයුෂ අවුරුදු අනූ දහසකි. අගමෙහෙසිය කිසාගෝතමී නමි. උන්වහන්සේගේ පුත්‍රයා අනූපම නමි. ඇත්යානයෙන් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-

“කාසිකං නාම නගරං, ජයසෙනො නාම ඛත‍්තියො; සිරිමා නාම ජනිකා, ඵුස‍්සස‍්සාපි මහෙසිනො…පෙ· …; බොධි තස‍්ස භගවතො, ආමණ‍්ඩොති පවුච‍්චති…පෙ….

කාසිකං නාම නගරං ජයසේනො නාම ඛත්තියො සිරිමා නාම ජනිකා ඵුස්සස්සච මහෙසිනො -පෙ- බොධිතස්ස භගවතො ආමණ්ඩොති පවුච්චති

“අට‍්ඨපණ‍්ණාසරතනං, සොපි අච‍්චුග‍්ගතො මුනි; සොභතෙ සතරංසීව, උළුරාජාව පූරිතො.

අට්ඨපඤ්ඤාසරතනං සොපි අච්චුග්ගතො මුනි සොභති සතරංසීව උළුරාජාව පූජිතො

“නවුතිවස‍්සසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

නවුති වස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනකංබහුං

“ඔවදිත්‍වා බහූ සත‍්තෙ, සන‍්තාරෙත්‍වා බහූ ජනෙ; සොපි සත්‍ථා අතුලයසො, නිබ‍්බුතො සො සසාවකො”ති.

ඔවදිත්‍වා බහූසක්කෙ සන්තාරෙත්‍වා බහූ ජනෙ සො සත්‍ථා අතුලයසො නිබ්බුතොව සසාවකොති

තත්‍ථ ආමණ‍්ඩොති ආමලකරුක‍්ඛො. ඔවදිත්‍වාති ඔවාදං දත්‍වා, අනුසාසිත්‍වාති අත්‍ථො. සොපි සත්‍ථා අතුලයසොති සොපි සත්‍ථා අමිතයසොති අත්‍ථො. “සො ජහිත්‍වා අමිතයසො”තිපි පාඨො, තස‍්ස සො සබ‍්බමෙව වුත‍්තප‍්පකාරං විසෙසං හිත්‍වාති අත්‍ථො.

එහි ආමණ්ඩො යනු; නෙල්ලි ගසයි. ඔවදිත්‍වා යනු; අවවාද දී, අනුශාසනා කොට යන අර්ථයි. සොපි සත්‍ථා අතුලයසො යනු; ඒ ශාස්තෘන් වහන්සේ ද අපමණ යසස් ඇත්තාහු යන අර්ථයි. සො ජහිත්‍වා අමිතයසො කියා ද පාඨයි. එහි උන්වහන්සේ සියලු උක්ත ප්‍රකාරවිශේෂ අතහැර යන අර්ථයි.

ඵුස‍්සො කිර සම‍්මාසම‍්බුද‍්ධො කුසිනාරායං සෙනාරාමෙ පරිනිබ‍්බායි. ධාතුයො කිරස‍්ස විත්‍ථාරිකා අහෙසුං. සෙසගාථාසු සබ‍්බත්‍ථ පාකටමෙවාති.

ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි සේතාරාමයෙහි පිරිනිවි සේක. උන්වහන්සේගේ ධාතු විසුරුණෝ විය. හැමතන්හි සෙසු ගාථාවල අරුත් පැහැදිලිමය.

ඵුස‍්සබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

ඵුස්ස බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො අට‍්ඨාරසමො බුද‍්ධවංසො.

අටළොස්වන බුද්ධවංසය සමාප්තය.