යෙදුමෙන් කියවන්න

17. තිස‍්සබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

17. තිස‍්සබුද‍්ධවංසවණ‍්ණනා

17. තිස්ස බුද්ධවංස වර්ණනාව

තස‍්ස පන සිද‍්ධත්‍ථස‍්ස භගවතො අපරභාගෙ එකො කප‍්පො බුද‍්ධසුඤ‍්ඤො අහොසි. ඉතො ද‍්වානවුතිකප‍්පමත්‍ථකෙ තිස‍්සො, ඵුස‍්සොති එකස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. තත්‍ථ තිස‍්සො නාම මහාපුරිසො පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා ඛෙමකනගරෙ ජනසන්‍ධස‍්ස නාම රඤ‍්ඤො අග‍්ගමහෙසියා පදුමදලසදිසනයනාය පදුමානාමාය දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දසන‍්නං මාසානං අච‍්චයෙන අනොමුය්‍යානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. සත‍්තවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. තස‍්ස ගුහාසෙල-නාරිසය-නිසභනාමකා තයො පාසාදා අහෙසුං. සුභද‍්දාදෙවිප‍්පමුඛානි තෙත‍්තිංස ඉත්‍ථිසහස‍්සානි අහෙසුං.

ඒ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට පසුව එක් කල්පයක් බුද්ධශුන්‍ය විය. මෙයින් දෙයානූකපින් මතු තිස්ස, ඵුස්ස යයි එකම කල්පයෙහි බුදුවරු දෙනමක් උපන්හ. එහි තිස්ස නම් මහා පුරුෂයාණෝ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව බේම නුවර සච්චසන්‍ධ නම් රජුගේ අගමෙහෙසි පියුම් පෙති වන් නුවන් ඇති පදුම නම් දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් අනෝම උයන්හි මවුකුසින් බිහි වූහ. සත්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට ගුහසෙල නාරිය නිසභ නම් තුන්පහයක් විය. සුභද්දා දේවිය ප්‍රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු වූහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සුභද‍්දාදෙවියා පුත‍්තෙ ආනන්‍දකුමාරෙ උප‍්පන‍්නෙ සොනුත‍්තරං නාම අනුත‍්තරං තුරඞ‍්ගවරමාරුය‍්හ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං මනුස‍්සානං කොටි අනුපබ‍්බජි. සො තෙහි පරිවුතො අට‍්ඨ මාසෙ පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය වීරනිගමෙ වීරසෙට‍්ඨිස‍්ස ධීතාය දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සලලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ විජිතසඞ‍්ගාමකෙන නාම යවපාලෙන උපනීතා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා අසනබොධිං උපසඞ‍්කමිත්‍වා චත‍්තාලීසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා තත්‍ථ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා සමාරං මාරබලං විධමිත්‍වා අධිගතසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණො – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්‍වා යසවතී නගරෙ බ්‍රහ‍්මදෙවං උදයඤ‍්ච ද‍්වෙ රාජපුත‍්තෙ සපරිවාරෙ උපනිස‍්සයසම‍්පන‍්නෙ ආකාසෙන ගන‍්ත්‍වා යසවතීමිගදායෙ ඔතරිත්‍වා උය්‍යානපාලෙන රාජපුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා තෙසං සපරිවාරානං අවිසාරිනා බ්‍යාපිනා මධුරෙන බ්‍රහ‍්මස‍්සරෙන දසසහස‍්සිලොකධාතුං විඤ‍්ඤාපෙන‍්තොව ධම‍්මචක‍්කං පවත‍්තෙසි, තදා කොටිසතානං පඨමො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

උන්වහන්සේ සතර නිමිති දැක සුභද්දා දේවියට පුත්‍ර ආනන්ද කුමරු උපන්කල සෝණුත්තර නම් අනුත්තර තුරංගාරූඪව මහබිනික්මන් කොට පැවිදි වූහ. මිනිස්සු කෙළක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝදින වීර නියම්ගම්හි වීර සිටුදියණියන් පිදූ මීකිරිබත් වළඳා සල්ලවනයෙහි දිවාවිහාර කොට සවස් කල විජිතසංගාම යවපාලක දුන් අටතණමිට ගෙන පියාබෝධිය වෙත ගොස් සතළිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ මරබල පරදා සර්වඥතාඥාන ප්‍රතිවේධ කොට උදන් අනා බෝධි සමීපයෙහිම සත්සති ගෙවා හංසවතී නුවර බ්‍රහ්මදේව උදයන යන හේතුසම්පත් ඇති දෙරජකුමරුන් දැක අහසින් වැඩ හංසවතී නුවර මිගදායෙහි බැස උයන්පල් ලවා රජකුමරුන් කැඳවා පිරිවර සහිත ඔවුන්ට අවිසාරි ව්‍යාපී මධුර බ්‍රහ්මස්වරයෙන් දසදහස්‍රී ලෝකධාතුවට ද හඟවමින් දම්සක් පැවැත්වූහ. එකල්හි සියකෝටියක් දෙනාට ධර්මාවබෝධ විය. ඒ ප්‍රථමාභිසමයයි. එයින් කියන ලදි-

“සිද‍්ධත්‍ථස‍්ස අපරෙන, අසමො අප‍්පටිපුග‍්ගලො; අනන‍්තතෙජො අමිතයසො, තිස‍්සො ලොකග‍්ගනායකො.

සිද්ධත්‍ථස්ස අපරෙන අසමො අප්පටිපුග්ගලො අනන්තසීලො අමිත යසො තිස්සො ලොකග්ගනායකො

“තමන්‍ධකාරං විධමිත්‍වා, ඔභාසෙත්‍වා සදෙවකං; අනුකම‍්පකො මහාවීරො, ලොකෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා.

තමධෙකාරං විධමිත්‍වා ඔභාසෙත්‍වා සදෙවකෙ අනුකම්පකො මහාවීරො ලොකෙ උප්පජ්ජි චක්‍ඛුමා

“තස‍්සාපි අතුලා ඉද‍්ධි, අතුලං සීලං සමාධි ච; සබ‍්බත්‍ථ පාරමිං ගන‍්ත්‍වා, ධම‍්මචක‍්කං පවත‍්තයි.

තස්සාපි අතුලා ඉද්ධි අතුලං සීලං සමාධි ච සබ්බත්‍ථ පාරමිං ගන්‍ථවා ධම්මචක්කං පවත්තයි

“සො බුද‍්ධො දසසහස‍්සිම‍්හි, විඤ‍්ඤාපෙසි ගිරං සුචිං; කොටිසතානි අභිසමිංසු, පඨමෙ ධම‍්මදෙසනෙ”ති.

සො බුද්ධො දසසහස්සිම්හි විඤ්ඤාපෙති ගිරං සුචිං කොටිසතානි අභිසමිංසු පඨමෙධම්ම දෙසනො

තත්‍ථ සබ‍්බත්‍ථාති සබ‍්බෙසු ධම‍්මෙසු පාරං ගන‍්ත්‍වා. දසසහස‍්සිම‍්හීති දසසහස‍්සියං අථාපරෙන සමයෙන තිස‍්සෙන සත්‍ථාරා සද‍්ධිං පබ‍්බජිතානං භික‍්ඛූනං කොටි මහාපුරිසස‍්ස ගණවාසං පහාය බොධිමූලමුපගමනසමයෙ අඤ‍්ඤත්‍ර ගතා. සා තිස‍්සෙන සම‍්මාසම‍්බුද‍්ධෙන ධම‍්මචක‍්කං පවත‍්තිත”න‍්ති සුත්‍වා යසවතීමිගදායං ආගන‍්ත්‍වා දසබලමභිවාදෙත්‍වා තං පරිවාරෙත්‍වා නිසීදි. තෙසං භගවා ධම‍්මං දෙසෙසි, තදා නවුතියා කොටීනං දුතියාභිසමයො අහොසි. පුන මහාමඞ‍්ගලසමාගමෙ මඞ‍්ගලපරියොසානෙ සට‍්ඨියා කොටීනං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

එහි සබ්බත්‍ථ යනු; සියලු ධර්මයන්හි පාරයට ගොස්. දසසහස්සිම්හ යනු; දසසහස්‍රයෙහි. ඉක්බිති පසුකලෙක තිස්ස ශාස්තෘන් වහන්සේ සමග මහණ වූ භික්‍ෂූන්ගෙන් කෝටියක් මහාපුරුෂයාණන්ගේ ගණවාසය අතහැර බෝමුලට වඩින සමයෙහි වෙනත් තන්හි ගියාහු තිස්ස සම්මා සම්බුදුහු ධම්සක් පැවැත්වූහයි අසා යසවතී මිගදායට පැමිණ දසබලයන් වහන්සේට වැඳ උන්වහන්සේ පිරිවරා හුන්හ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාට දම් දෙසූහ. එකල අනූකෝටියකට දෙවන ධර්මාවබෝධය විය. නැවත මහාමංගල සමාගමයෙහි මංගල දේශනා කෙළවර හැටකෝටියකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“දුතියො නවුතිකොටීනං, තතියො සට‍්ඨිකොටියො; බන්‍ධනාතො පමොචෙසි, සත‍්තෙ නරමරූ තදා”ති.

දුතියො නවුතිකොටීනං තතියො සට්ඨිකොටියො බන්‍ධනාතො පමොචෙසි සම්පත්තෙ නරමරූතදාති

තත්‍ථ දුතියො නවුතිකොටීනන‍්ති දුතියො අභිසමයො අහොසි නවුතිකොටිපාණීනන‍්ති අත්‍ථො. බන්‍ධනාතොති බන්‍ධනතො, දසහි සංයොජනෙහි පරිමොචෙසීති අත්‍ථො. ඉදානි පරිමොචිතෙ සත‍්තෙ සරූපතො දස‍්සෙන‍්තො “නරමරූ”ති ආහ. නරමරූති නරාමරෙ.

එහි දුතියො නවුතිකොටීනං යනු; දෙවන අභිසමය අනූකෙළක් ප්‍රාණීන්ට විය යන අර්ථයි. ඛන්‍ධනාතො යනු; බන්‍ධනයෙන්, දස සංයෝජනයෙන් මුදාලූහ යන අර්ථයි. දැන් මුදන ලද සත්ත්‍වයන් ස්වරූපයෙන් දක්වමින් නරූමරූ යි කීය. නරමරූ යනු; මිනිසුන් දෙවියන්,

යසවතීනගරෙ කිර අන‍්තොවස‍්සං පබ‍්බජිතානං අරහන‍්තානං සතසහස‍්සෙහි පරිවුතො පවාරෙසි, සො පඨමො සන‍්නිපාතො අහොසි. උභතො සුජාතස‍්ස සුජාතස‍්ස නාම රඤ‍්ඤො නාරිවාහනකුමාරො නාරිවාහනනගරං අනුප‍්පත‍්තෙ භගවති ලොකනාථෙ සපරිවාරො පච‍්චුග‍්ගන‍්ත්‍වා දසබලං සභික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සත‍්තාහං අසදිසදානං දත්‍වා අත‍්තනො රජ‍්ජං පුත‍්තස‍්ස නිය්‍යාතෙත්‍වා සපරිවාරො සබ‍්බලොකාධිපතිස‍්ස තිස‍්සසම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජි. තස‍්ස කිර සා පබ‍්බජ‍්ජා සබ‍්බදිසාසු පාකටා අහොසි. තස‍්මා තතො තතො ආගන‍්ත්‍වා නාරිවාහනකුමාරං මහාජනො අනුපබ‍්බජි. තදා තථාගතො නවුතියා භික‍්ඛුසතසහස‍්සස‍්ස මජ‍්ඣගතො පාතිමොක‍්ඛං උද‍්දිසි , සො දුතියො සන‍්නිපාතො අහොසි. පුන ඛෙමවතීනගරෙ ඤාතිසමාගමෙ බුද‍්ධවංසධම‍්මකථං සුත්‍වා අසීතිසතසහස‍්සානි තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු, තෙහි පරිවුතො සුගතො පාතිමොක‍්ඛං උද‍්දිසි, සො තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යසවතී නුවර වනාහි ඇතුළුවස පැවිදිව රහත් වූ ලක්‍ෂයක් පිරිවර ඒ ප්‍රථම සන්නිපාතය විය. මවුපිය දෙපසින් සුජාත වූ සුජාතා නම් රජුගේ නාරිවාහන නම් කුමරු භාග්‍යවතුන් වහන්සේ නාරිවාහන නුවරට වැඩිකල්හි සපිරිවරින් පෙරගමන්කොට බික්සඟන සහිත දසබලයන් වහන්සේට ආරාධනාකොට සතියක් අසදෘශ දන් පුදා සිය රාජ්‍යය පුතුට පවරා සපිරිවරින් සකල ලෝකාධිපති තිස්ස භාග්‍යවතුන් වහන්සේ වෙත ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි විය. එතුමාගේ එම පැවිද්ද සියලු දිසාවන්හි ප්‍රකට විය. එහෙයින් ඒ ඒ දිසාවෙන් අවුත් මහජනයා නාරිවාහන කුමරු අනුව මහණ වූහ. එකල ගථාගතයන් වහන්සේ අනූලක්‍ෂයක් භික්‍ෂූන් මැද පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. නැවත ඛේමවතී නුවර ඤාතිසමාගමයෙහි බුද්ධවංස ධර්මකථාව අසා අසූ ලක්‍ෂයක් උන්වහන්සේ වෙත පැවිදිව රහත්වූහ. උන්වහන්සේලා පිරිවරා සුගතයන් වහන්සේ පාමොක් උදෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, තිස‍්සෙ ලොකග‍්ගනායකෙ; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං තිස්සෙ ලොකග්ගනායකෙ ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“ඛීණාසවසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො; නවුතිසතසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

ඛීණාසවසතසහස්සානං පඨමො ආසි සමාගමො නවුතිසතසහස්සානං දුතියො ආසි සමාගමො

“අසීතිසතසහස‍්සානං, තතියො ආසි සමාගමො; ඛීණාසවානං විමලානං, පුප‍්ඵිතානං විමුත‍්තියා”ති.

අසීතිසතසහස්සානං තතියො ආසි සමාගමො ඛීණාසවානං විමලානං පුප්ඵිතානං විමුත්තියාති

තදා අම‍්හාකං බොධිසත‍්තො යසවතීනගරෙ සුජාතො නාම රාජා හුත්‍වා ඉද‍්ධං ඵීතං ජනපදං අනෙකකොටිධනසන‍්නිචයං අනුරාගමුපගතහදයඤ‍්ච පරිජනං තිණනළමිව පරිච‍්චජිත්‍වා ජාතිආදීසු සංවිග‍්ගහදයො නික‍්ඛමිත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මහිද‍්ධිකො මහානුභාවො හුත්‍වා “බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති සුත්‍වා පඤ‍්චවණ‍්ණාය පීතියා ඵුටසරීරො හුත්‍වා සපතිස‍්සො තිස‍්සං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා චින‍්තෙසි – “හන්‍දාහං මන්‍දාරවපාරිච‍්ඡත‍්තකාදීහි දිබ‍්බකුසුමෙහි භගවන‍්තං පූජෙස‍්සාමී”ති. අථ සො එවං චින‍්තෙත්‍වා ඉද‍්ධියා සග‍්ගලොකං ගන‍්ත්‍වා චිත‍්තලතාවනං පවිසිත්‍වා පදුමපාරිච‍්ඡත‍්තකමන්‍දාරවාදීහි දිබ‍්බකුසුමෙහි රතනමයං චඞ‍්කොටකං ගාවුතප‍්පමාණං පූරෙත්‍වා ගහෙත්‍වා ගගනතලෙන ආගන‍්ත්‍වා දිබ‍්බෙහි සුරභිකුසුමෙහි භගවන‍්තං පූජෙසි. එකඤ‍්ච මණිදණ‍්ඩකං සුවණ‍්ණමයකණ‍්ණිකං පදුමරාගමණිමයපණ‍්ණං සුගන්‍ධකෙසරච‍්ඡත‍්තං විය පදුමච‍්ඡත‍්තං භගවතො සිරසි ධාරයන‍්තො චතුපරිසමජ‍්ඣෙ අට‍්ඨාසි. අථ භගවා නං – “ඉතො ද‍්වෙනවුතෙ කප‍්පෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල බෝසතාණෝ යසවතී නම් නුවර සුජාත නම් රජව නොඑක් කෙළ ගණන් ධනරාශියෙන් අනුරාගයට පත් සමෘද්ධිමත් වූ යසවතී නම් ජනපදය දිරාපත් පරඬැලක් සේ අතහැර ජාති ආදියෙහි කලකිරි සිතින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව මහත් ඍද්ධි මහත් ආනුභාව ඇතිව බුදුන් ලොව උපන් බව අසා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇත්තේ පහවූ ඊර්ෂ්‍යා ඇති තිස්ස භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ මෙසේ සිතූහ. මම දැන් මදාරා පරසතු ඈ දිවකුසුමින් බුදුන් පුදමියි කියායි. ඉක්බිති මෙසේ සිතා ඍද්ධියෙන් ස්වර්ගලෝකයට ගොස් චිත්‍රලතා වනයට පිවිස පියුම් පරසතු මදාරාදි දිවකුසුමින් රුවන්මුවා ගවුවක් පමණැති කරඩුවක් පුරාගෙන අහසින් අවුත් දිවකුසුමින් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. එක් මිණිදඬු ඇති රන්මුවා කෙමි ඇති පියුම්රාමිණිමුවා කොළ ඇති සුවඳ කෙසුරු ඇති කුඩයක් බඳු පද්ම ඡත්‍රයක් භාග්‍යවතුන් වහන්සේගේ සිරසට දරමින් සිවු පිරිස් මැද සිටියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙයින් දෙයානූවන කපින් මතු ගෝතම නම් බුදුවන්නේ යයි උන්වහන්සේට ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, සුජාතො නාම ඛත‍්තියො; මහාභොගං ඡඩ‍්ඩයිත්‍වා, පබ‍්බජිං ඉසිපබ‍්බජං.

අහං තෙන සමයෙන සුජාතො නාම ඛත්තියො මහාභොගං ජඩ්ඩයිත්‍වා පබ්බජිං ඉසිපබ්බජං

“මයි පබ‍්බජිතෙ සන‍්තෙ, උප‍්පජ‍්ජි ලොකනායකො; බුද‍්ධොති සද‍්දං සුත්‍වාන, පීති මෙ උපපජ‍්ජථ.

මයි පබ්බජිතෙ සන්තෙ උප්පජ්ජි ලොකනායකො බුද්ධොති සද්දං සුත්‍වාන පීති මෙ උපපජ්ජථ

“දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං, පදුමං පාරිඡත‍්තකං; උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ, ධුනමානො උපාගමිං.

දිබ්බං මන්‍දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං උභො හත්‍ථෙ පග්ගය්හ ධුනමානො උපාගමිං

“චාතුවණ‍්ණපරිවුතං, තිස‍්සං ලොකග‍්ගනායකං; තමහං පුප‍්ඵං ගහෙත්‍වා, මත්‍ථකෙ ධාරයිං ජිනං.

චාතුවණ්ණ පරිවුතං තිස්සං ලොකග්ගනායකං තම්හං පුප්ඵං භෙත්‍වාන මත්‍ථකෙ ධාරයිං අහං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, ජනමජ‍්ඣෙ නිසීදිය; ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි මං තදා ව්‍යාකාසි ජනමජ්ඣෙ නිසීදිය දෙවනවුතෙ ඉතොකප්පෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

පධානං පදහිත්‍වාන -පෙ- හෙස්සාමි සම්මුඛං ඉමං

“තස‍්සාපි වචනං සුත්‍වා, භිය්‍යො චිත‍්තං පසාදයිං; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාපි වචනං සුත්‍වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියාති

තත්‍ථ මයි පබ‍්බජිතෙති මයි පබ‍්බජිතභාවං උපගතෙ. “මම පබ‍්බජිතං සන‍්ත”න‍්ති පොත්‍ථකෙසු ලිඛන‍්ති, සො පමාදලෙඛොති වෙදිතබ‍්බො. උපපජ‍්ජථාති උප‍්පජ‍්ජිත්‍ථ. උභො හත්‍ථෙහීති උභෙහි හත්‍ථෙහි. පග‍්ගය‍්හාති ගහෙත්‍වාන. ධුනමානොති වාකචීරානි විධුනමානොව. චාතුවණ‍්ණපරිවුතන‍්ති චතුපරිසපරිවුතං, ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිසමණපරිවුතන‍්ති අත්‍ථො. “චතුවණ‍්ණෙහි පරිවුත”න‍්ති පඨන‍්ති කෙචි.

එහි මයි පබ්බජිතෙ යනු; මා පැවිදි බවට පත්කල්හි. මම පබ්බජිතං සන්තං කියාද පොත්වල ලියති. එය ප්‍රමාද ලේඛයකැයි දතයුතුය. උප්පජ්ජථ යනු; උපන්නේය. උභො හත්‍ථෙහි යනු දෙඅතින්. පග්ගය්හ යනු; ගෙන. ධුනමා නො යනු; වැහැරි සලමින්. චාතුවණ්ණා පරිවුතං යනු; සිවුපිරිස පිරිවරන ලද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණයන් පිරිවරන ලද යන අර්ථයි. චතුවණ්ණෙහි පරිවුතං කියාත් සමහරු කියති.

තස‍්ස පන භගවතො ඛෙමං නාම නගරං අහොසි. ජනසන්‍ධො නාම ඛත‍්තියො පිතා, පදුමා නාම ජනිකා, බ්‍රහ‍්මදෙවො ච උදයො ච ද‍්වෙ අග‍්ගසාවකා, සමඞ‍්ගො නාමුපට‍්ඨාකො, ඵුස‍්සා ච සුදත‍්තා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අසනරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයු, සුභද‍්දා නාම අග‍්ගමහෙසී, ආනන්‍දො නාම පුත‍්තො, තුරඞ‍්ගයානෙන නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය බේම නම් විය. ජනසන්‍ධ නම් ක්‍ෂත්‍රිය පියාණෝය. මෑණියෝ පදුමා නමි. බ්‍රහ්මදේව උදය දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සම්හ නමි. ඵුස්සා සුදත්තා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. පියා ගස බෝධියයි. සිරුර සැටරියන් උසය. ආයු වර්ෂ ලක්‍ෂයකි. උන්වහන්සේගේ අගමෙහෙසිය සුභද්දා නමි. පුත්‍රයා ආනන්ද නමි. අස් යානයෙන් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-

“ඛෙමකං නාම නගරං, ජනසන්‍ධො නාම ඛත‍්තියො; පදුමා නාම ජනිකා, තිස‍්සස‍්ස ච මහෙසිනො.

ඛෙමකං නාම නගරං ජනසන්‍ධො නාම ඛත්තියො පදුමා නාම ජනිකා තිස්සස්සච මහෙසිනො

“බ්‍රහ‍්මදෙවො ච උදයො ච, අහෙසුං අග‍්ගසාවකා; සමඞ‍්ගො නාමුපට‍්ඨාකො, තිස‍්සස‍්ස ච මහෙසිනො.

බ්‍රහ්මදෙවො ච උදයො ච අහෙසුං අග්ගසාවකා සමහො නාමපට්ඨාකො තිස්සස්ස ච මහෙසිනො

“ඵුස‍්සා චෙව සුදත‍්තා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, අසනොති පවුච‍්චති.

ඵුස්සා චෙව සුදත්තා ච අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො අසන රුක්‍ඛොති වුච්චති

“සො බුද‍්ධො සට‍්ඨිරතනො, අහු උච‍්චත‍්තනෙ ජිනො; අනූපමො අසදිසො, හිමවා විය දිස‍්සති.

සො බුද්ධො සට්ඨිරතනො අහු උච්චත්තනො ජිනො අනුපමො අසදිසො හිමවා විය දිස්සති

“තස‍්සාපි අතුලතෙජස‍්ස, ආයු ආසි අනුත‍්තරො; වස‍්සසතසහස‍්සානි, ලොකෙ අට‍්ඨාසි චක‍්ඛුමා.

තස්සාපි අතුලාතෙජස්ස ආයු ආසි අනුත්තරො වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්‍ඛුමා

“උත‍්තමං පවරං සෙට‍්ඨං, අනුභොත්‍වා මහායසං; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධොව, නිබ‍්බුතො සො සසාවකො.

උත්තමං පවරං සෙට්ඨං අනුභොත්‍වා මහායසං ජලිත්‍වා අග්ගික්‍ඛන්‍ධොව නිබ්බුතො සො සසාවකො

“වලාහකොව අනිලෙන, සූරියෙන විය උස‍්සවො; අන්‍ධකාරොව පදීපෙන, නිබ‍්බුතො සො සසාවකො”ති.

වලාහකොම අනිලෙන සුරියෙන විය උස්සාඛො අන්‍ධකාරොව දීපෙන නිබ්බුතො සො සසාවකොති

තත්‍ථ උච‍්චත‍්තනෙති උච‍්චභාවෙන. හිමවා විය දිස‍්සතීති හිමවාව පදිස‍්සති. අයමෙව වා පාඨො. යථා යොජනානං සතානුච‍්චො හිමවා පඤ‍්චපබ‍්බතො සුදූරෙ ඨිතානම‍්පි උච‍්චභාවෙන ච සොම‍්මභාවෙන ච අතිරමණීයො හුත්‍වා දිස‍්සති, එවං භගවාපි දිස‍්සතීති අත්‍ථො. අනුත‍්තරොති නාතිදීඝො නාතිරස‍්සො. ආයු වස‍්සසතසහස‍්සන‍්ති අත්‍ථො. උත‍්තමං පවරං සෙට‍්ඨන‍්ති අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි. උස‍්සවොති හිමබින්‍දු වලාහකඋස‍්සවඅන්‍ධකාරා විය අනිලසූරියදීපෙහි අනිච‍්චතානිලසූරියදීපෙහි උපද‍්දුතො පරිනිබ‍්බුතො සසාවකො භගවාති අත්‍ථො.

එහි උච්චත්තනෙන යනු; උස්බැවින් හිමවාදිය දිස්සති යනු; හිමවත් පර්වතය මෙන් දක්නා ලැබේ. හිමවාව පදිස්සති යනුම හෝ පාඨයි. යම්සේ යොදුන් සියයක් උස හිමාලය පර්වතය ඈත සිටියවුන්ටද උස් බැවින් ද සෞම්‍ය බැවින් ද අතිරමණීයව දක්නා ලැබේද එමෙන් භාග්‍යවතුන් වහන්සේද දක්නා ලැබේ යන අර්ථයි. අනුත්තරො යනු; අතිදීර්ඝ නුවූයේ ද අතිභ්‍රස්ව නුවූයේද වෙයි. ආයු වර්ෂ ලක්‍ෂයකි යන අර්ථයි. උත්තරං පවරං සෙට්ඨං යනු; අන්‍යොන්‍ය පර්යාය වචනයි. උස්සාවො යනු: හිමබින්දුයි; වලාකුළු හිමබින්‍දු අන්‍ධකාර සුළං සූර්ය ප්‍රදීපයෙන් මෙන් ශ්‍රාවකයන් සහිත ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක යන අර්ථයි.

තිස‍්සො කිර භගවා සුනන්‍දවතීනගරෙ සුනන්‍දාරාමෙ පරිනිබ‍්බායි. සෙසමෙත්‍ථ ගාථාසු පාකටමෙවාති.

තිස්ස භාග්‍යවතුන් වහන්සේ සුනන්‍දවතී නුවර සුනන්‍දාරාමයෙහි පිරිනිවි සේක. මෙහි ගාථාවල සෙස්ස පැහැදිලිමය.

තිස‍්සබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්ස බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො සත‍්තරසමො බුද‍්ධවංසො.

සතළොස්වන බුද්ධවංසය සමාප්තයි.