16. සිද්ධත්ථබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
16. සිද්ධත්ථබුද්ධවංසවණ්ණනා
16. සිද්ධත්ථ බුද්ධවංස වර්ණනාව
ධම්මදස්සිම්හි භගවති පරිනිබ්බුතෙ අන්තරහිතෙ චස්ස සාසනෙ තස්මිං කප්පෙ අතීතෙ කප්පසහස්සෙ ච සත්තසු කප්පසතෙසු ච ඡසු කප්පෙසු ච අතික්කන්තෙසු ඉතො චතුනවුතිකප්පමත්ථකෙ එකස්මිං කප්පෙ එකොව ලොකත්ථචරො අධිගතපරමත්ථො සිද්ධත්ථො නාම සත්ථා ලොකෙ පාතුරහොසි. තෙන වුත්තං –
ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ද අතුරුදන් වූ පසු ඒ කල්පයද ගතවූ පසු කල්ප එක්දහස් සත්සිය සයකින් එක් කල්පයක ලෝකාර්ථවර පරමාර්ථාධිගත සිද්ධාර්ථ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළවූහ. එයින් කියන ලදි-
“ධම්මදස්සිස්ස අපරෙන, සිද්ධත්ථො ලොකනායකො; නිහනිත්වා තමං සබ්බං, සූරියො අබ්භුග්ගතො යථා”ති.
ධම්මදස්සිස්ස අපරෙන සිද්ධත්ථො ලොකනායකො නිහනිත්වා තමං සබ්බං සුරියොවබ්භූග්ගතො තදාති
සිද්ධත්ථො බොධිසත්තොපි පාරමියො පූරෙත්වා තුසිතභවනෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා වෙභාරනගරෙ උදෙනස්ස නාම රඤ්ඤො අග්ගමහෙසියා සුඵස්සාය නාම දෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන වීරියුය්යානෙ මාතුකුච්ඡිතො නික්ඛමි. ජාතෙ පන මහාපුරිසෙ සබ්බෙසං ආරද්ධකම්මන්තා ච ඉච්ඡිතා ච අත්ථා සිද්ධිමගමංසු. තස්මා පනස්ස ඤාතකා “සිද්ධත්ථො”ති නාමමකංසු. සො දසවස්සසහස්සානි අගාරමජ්ඣෙ වසි. තස්ස කොකා-සුප්පල-පදුමනාමකා තයො පාසාදා අහෙසුං. සොමනස්සාදෙවිප්පමුඛානි අට්ඨචත්තාලීස ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං.
සිද්ධාර්ථ බෝසතාණෝ ද පැරුම් පුරා තුසිත භවනයෙහි ඉපිද එයින් චුතව වේහාර නගරයෙහි උදේන රජුගේ අගමෙහෙසි සුඵස්සා දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් විරිය උයන්හි මුවකුසින් බිහිවූහ. මහසතුන් උපන් කල්හි සියල්ලන්ගේ පටන් ගත් කර්මාන්තද ප්‍රාර්ථනා කළ කටයුතුද සම්පූර්ණ විය. එබැවින් උන්වහන්සේට ඤාතීහු සිද්ධාර්ථ කියා නම් කළහ. උන්වහන්සේ හවුරුදු දසදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට කෝකා උප්පල පදුම යයි තුන් පහයක් විය. සොමනස්ස දේවිය ප්‍රධාන අටසාළිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා සොමනස්සාදෙවියා පුත්තෙ අනුපමකුමාරෙ උප්පන්නෙ ආසාළ්හිපුණ්ණමියං සුවණ්ණසිවිකාය නික්ඛමිත්වා වීරියුය්යානං ගන්ත්වා පබ්බජි. තං කොටිසතසහස්සමනුස්සා අනුපබ්බජිංසු. මහාපුරිසො කිර තෙහි සද්ධිං දස මාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමායං අසදිසබ්රාහ්මණගාමෙ සුනෙත්තාය නාම බ්රාහ්මණකඤ්ඤාය දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා බදරවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සායන්හසමයෙ වරුණෙන නාම යවපාලෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා කණිකාරබොධිං උපගන්ත්වා චත්තාලීසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා පල්ලඞ්කං ආභුජිත්වා සබ්බඤ්ඤුතං පාපුණිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති උදානං උදානෙත්වා සත්තසත්තාහං වීතිනාමෙත්වා අත්තනා සහ පබ්බජිතානං භික්ඛූනං කොටිසතසහස්සානං චතුසච්චපටිවෙධසමත්ථතං දිස්වා අනිලපථෙන ගන්ත්වා ගයාමිගදායෙ ඔතරිත්වා තෙසං ධම්මචක්කං පවත්තෙසි, තදා කොටිසතසහස්සානං පඨමො අභිසමයො අහොසි. තෙන වුත්තං –
උන්වහන්සේ සතර නිමිති දැක සොමනස්ස දේවියට අනුපම කුමරු උපන් කල්හි ඇසළ පුන්පොහෝ දින රන්සිවිගෙයකින් නික්ම විරිය උයන්හි පැවිදි වූහ. කෙළලක්ෂයක් මිනිස්සු උන්වහන්සේ අනුව මහණ වූහ. මහාපුරුෂයාණෝ ඔවුන් සමග දසමසක් ප්‍රධන් කොට වෙසක් පුන්පොහෝ දින අසදිස බමුණුගම සුනෙත්තා නම් බ්‍රාහ්මණ කන්‍යාව පිදූ මීකිරිබත් වළදා ඩෙබර වෙනෙහි දිවාවිහාර කොට සවස වරුණ යවපල්හු දුන් අටතණමිට ගෙන කිනිහිරි බෝධිය වෙත පැමිණ සතලිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සර්වඥතාඥාන ලැබ උදන් අනා එහි සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළලක්ෂයක් භික්ෂූන්ගේ සිවුසස් අවබෝධයට සමර්ථතා දැක අහසින් ගොස් ගයා මිගදායෙහි බැස ධම්සක් දෙසූ සේක. එදින කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“සොපි පත්වාන සම්බොධිං, සන්තාරෙන්තො සදෙවකං; අභිවස්සි ධම්මමෙඝෙන, නිබ්බාපෙන්තො සදෙවකං.
සොපි පත්වාන සම්බොධිං සන්තා රෙත්වා සදෙවකං අභිවස්සි ධම්මවෙසෙන නිබ්බාපෙන්තො සදෙවකං
“තස්සාපි අතුලතෙජස්ස, අහෙසුං අභිසමයා තයො; කොටිසතසහස්සානං, පඨමාභිසමයො අහූ”ති.
තස්සාපි අතුලතෙජස්ස අහෙසුං අභිසමයාතයො කොටි සතසහස්සානං පඨමාභිසමයො අහූති
තත්ථ සදෙවකන්ති සදෙවකං ලොකං. ධම්මමෙඝෙනාති ධම්මකථාමෙඝවස්සෙන. පුන භීමරථනගරෙ භීමරථෙන නාම රඤ්ඤා නිමන්තිතො නගරමජ්ඣෙ කතෙ සන්ථාගාරෙ නිසින්නො කරවීකරුතමඤ්ජුනා සවනසුඛෙන පරමමධුරෙන පණ්ඩිතජනහදයඞ්ගමෙන අමතාභිසෙකසදිසෙන බ්රහ්මස්සරෙන දස දිසා පරිපූරෙන්තො ධම්මාමතදුන්දුභිමාහනි, තදා නවුතිකොටීනං දුතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
එහි සදේවකං යනු; සදේවක ලෝකය. ධම්මමෙඝෙන යනු; ධර්මකථා නමැති මේඝ වර්ෂාවෙන්. නැවත භීමරථ නුවර භීමරථ නම් රජු විසින් ආරාධනා කරන ලදුව නුවරමැද තැනූ සන්ථාගාරයෙහි වැඩ හිඳ කරවීක නාදය මෙන් මිහිරි කනට සුව පරමමධුර පණ්ඩිතයන්ගේ සිත්ගන්නා අමා අභිෂෙකයක් බඳු බඹගොසින් දසදිගුන් පුරවමින් දහම් අමා බෙරය ගැසූහ. එදින නවකෙළක් දෙනාට දෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“පුනාපරං භීමරථෙ, යදා ආහනි දුන්දුභිං; තදා නවුතිකොටීනං, දුතියාභිසමයො අහූ”ති.
පුනාපරං භූමරථෙ යදා අහනි දුන්දුභිං තදා නවුතිකොටීනං දුතියාභිසමයො අහූති
යදා පන වෙභාරනගරෙ ඤාතිසමාගමෙ බුද්ධවංසං දෙසෙන්තො නවුතිකොටීනං ධම්මචක්ඛුං උප්පාදෙසි, සො තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක වෙභාර නගරයෙහි ඤාති සමාගමයෙහි බුද්ධවංස දේශනාව කළ සේක්ද එකල අනූකෙළක් දෙනාට ධර්මක්ෂුස පහළ විය. එය තෙවන අභිසමයයි. එයින් කියන ලදි-
“යදා බුද්ධො ධම්මං දෙසෙසි, වෙභාරෙ සො පුරුත්තමෙ; තදා නවුතිකොටීනං, තතියාභිසමයො අහූ”ති.
යදා බුද්ධො ධම්මං දෙසෙසි වෙභාරෙ සො පරිසුත්තමො තදා නවුති කොටීනං තතියාභිසමයො අහූති
අමරරුචිරදස්සනෙ අමරනගරෙ නාම සම්බලො ච සුමිත්තො ච ද්වෙ භාතරො රජ්ජං කාරෙසුං. අථ සිද්ධත්ථො සත්ථා තෙසං රාජූනං උපනිස්සයසම්පත්තිං දිස්වා ගගනතලෙන ගන්ත්වා අමරනගරමජ්ඣෙ ඔතරිත්වා චක්කාලඞ්කතතලෙහි චරණෙහි පථවිතලං මද්දන්තො විය පදචෙතියානි දස්සෙත්වා අමරුය්යානං ගන්ත්වා පරමරමණීයෙ අත්තනො කරුණාසීතලෙ සිලාතලෙ නිසීදි. තතො ද්වෙපි භාතිකරාජානො දසබලස්ස පදචෙතියානි දිස්වා පදානි අනුගන්ත්වා සිද්ධත්ථං අධිගතපරමත්ථං සත්ථාරං සබ්බලොකනෙතාරං සපරිවාරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා භගවන්තං පරිවාරෙත්වා නිසීදිංසු. තෙසං භගවා අජ්ඣාසයානුරූපං ධම්මං දෙසෙසි. තස්ස තෙ ධම්මකථං සුත්වා සඤ්ජාතසද්ධා හුත්වා සබ්බෙව පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. තෙසං කොටිසතානං ඛීණාසවානං මජ්ඣෙ භගවා පාතිමොක්ඛං උද්දිසි, සො පඨමො සන්නිපාතො අහොසි. වෙභාරනගරෙ ඤාතිසමාගමෙ පබ්බජිතානං නවුතිකොටීනං මජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, සො දුතියො සන්නිපාතො අහොසි. සුදස්සනවිහාරෙ සන්නිපතිතානං අසීතිකොටීනං මජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
සොඳුරු දසුන් ඇති අතර නුවර සමබහුල සුමිත්ත නම් දෙසොහොවුරෝ රාජ්‍යය කරවූහ. එවිට සිද්ධාර්ථ ශාස්තෘන් වහන්සේ ඒ රජුන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ අමර නගරය මැද බැස සක්ලකුණින් සැදි පතුලින් පොළව මඩින්නාක් මෙන් පාදචෛත්ය දක්වා අමර උයන්හි වැඩ පරමරමණීය වූ තමන්වහන්සේගේ කරුණාවෙන් සිසිල් වූ සිලාතලයෙහි වැඩහුන්හ. එවිට දෙබෑරජවරු භාග්‍යවතුන් වහන්සේගේ පාදචෛත්ය දැක පියවර අනුව ගොස් සිදුහත් බුදුන් නැමද බුදුන් පිරිවරා හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අධ්යාශයානුරූප දහම් දෙසූහ. ඔවුහු බණ අසා හටගත් ශ්‍රද්ධා ඇතිව පැවිදිව රහත්වූහ. ඒ කෙළ සියයක් රහතුන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, තස්මිම්පි ද්විපදුත්තමෙ; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
සන්නිපාතා තයො ආසුං තස්මිම්පි දිපදුත්තමෙ ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
“කොටිසතානං නවුතීනං, අසීතියාපි ච කොටිනං; එතෙ ආසුං තයො ඨානා, විමලානං සමාගමෙ”ති.
කොටිසතානං නවුතීනං අසීතියාව කෝටිනං එතෙ ආසුං තයො ඨානා විමලානං සමාගමෙති
තත්ථ නවුතීනං, අසීතියාපි ච කොටිනන්ති නවුතීනං කොටීනං අසීතියාපි ච කොටීනං සන්නිපාතා අහෙසුන්ති අත්ථො. එතෙ ආසුං තයො ඨානාති එතානි තීණි සන්නිපාතට්ඨානානි අහෙසුන්ති අත්ථො. “ඨානානෙ තානි තීණි අහෙසු”න්තිපි පාඨො.
එහි නවුතීනං අසීතියාපි ච කොටීනං යනු; කෝටි අනූවක් ද කෝටි අසූවක් ද රැස්වූහ යන අර්ථයි. එතෙ ආසුං තයො ඨානා යනු; මේ තුන් සන්නිපාතය විය යන අර්ථයි. ඨානානෙතානි තීනි අහෙසුං කියාද පාඨයි.
තදා අම්හාකං බොධිසත්තො සුරසෙනනගරෙ මඞ්ගලො නාම බ්රාහ්මණො හුත්වා වෙදවෙදඞ්ගානං පාරං ගන්ත්වා අනෙකකොටිසඞ්ඛං ධනසන්නිචයං දීනානාථාදීනං පරිච්චජිත්වා විවෙකාරාමො හුත්වා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා විහරන්තො – “සිද්ධත්ථො නාම බුද්ධො ලොකෙ උප්පන්නො”ති සුත්වා තං උපසඞ්කමිත්වා වන්දිත්වා තස්ස ධම්මකථං සුත්වා යාය ජම්බුයා අයං ජම්බුදීපො පඤ්ඤායති, ඉද්ධියා තං ජම්බුං උපසඞ්කමිත්වා තතො ඵලං ආහරිත්වා නවුතිකොටිභික්ඛුපරිවාරං සිද්ධත්ථං සත්ථාරං සුරසෙනවිහාරෙ නිසීදාපෙත්වා ජම්බුඵලෙහි සන්තප්පෙසි සම්පවාරෙසි . අථ සත්ථා තං ඵලං පරිභුඤ්ජිත්වා – “ඉතො චතුනවුතිකප්පමත්ථකෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල අප බෝසත්හු සූරසේන නගරයෙහි මංගල නම් බමුණුව වේද වේදාංගයන්හි පරතෙරපත්ව නොඑක් කෙළගණන් ධනසමූහය දීන අනාථයන්ට දන් දී විවේකී වනු කැමතිව තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන අභිඥා උපදවා වසන්නාහු සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව උපන්හයි අසා උන්වහන්සේ වෙත ගොස් බණ අසා යම් දඹගසකින් මේ දඹදිව ප්‍රකට ද ඒ දඹගස කරා ගොස් එයින් ගෙඩි ගෙනවුත් අනූකෝටියක් භික්ෂු පිරිවර ඇති සිද්ධාර්ථ සර්වඥයන් වහන්සේ සූරසේන විහාරයෙහි වඩා හිඳුවා දඹපලින් සැතැප්වූහ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ පල වළඳා මෙයින් සිවුඅනූ කපකින් මතු ගෝතම නම් බුදු වන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, මඞ්ගලො නාම තාපසො; උග්ගතෙජො දුප්පසහො, අභිඤ්ඤාබලසමාහිතො.
අහං තෙන සමයෙන මංගලො නාම තාපසො උග්ගතෙජො දුප්පසහො අභිඤ්ඤා බලසමාහිතො
“ජම්බුතො ඵලමානෙත්වා, සිද්ධත්ථස්ස අදාසහං; පටිග්ගහෙත්වා සම්බුද්ධො, ඉදං වචනමබ්රවි.
ජම්බුතො ඵලමානෙත්වා සිද්ධත්ථස්ස අදාසහං පටිග්ගහෙත්වා සම්බුද්ධො ඉදං වචනමබ්‍රැවී
“පස්සථ ඉමං තාපසං, ජටිලං උග්ගතාපනං; චතුනවුතිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
පස්සථ ඉමං තාපසං ජටිලං උග්ගතාපනං චතුනවුතෙ ඉතොකප්පෙ අයං බුද්ධො භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ-
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”ති.
තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමයිට්ඨාසිං දසපාරමි පූරියාති
තත්ථ දුප්පසහොති දුරාසදො. අයමෙව වා පාඨො. තස්ස පන භගවතො නගරං වෙභාරං නාම අහොසි. උදෙනො නාම රාජා පිතා, ජයසෙනොතිපි තස්සෙව නාමං, සුඵස්සා නාම මාතා, සම්බලො ච සුමිත්තො ච ද්වෙ අග්ගසාවකා, රෙවතො නාමුපට්ඨාකො, සීවලා ච සුරාමා ච ද්වෙ අග්ගසාවිකා, කණිකාරරුක්ඛො බොධි, සරීරං සට්ඨිහත්ථුබ්බෙධං අහොසි. වස්සසතසහස්සං ආයු, සොමනස්සා නාම අග්ගමහෙසී අහොසි, අනුපමො නාම පුත්තො, සුවණ්ණසිවිකාය නික්ඛමි. තෙන වුත්තං –
එහි දුප්පසහො යනු; දුරාසදයි. පාඨය මෙය හෝ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය වේහාර නම් විය. උදේන නම් රජ පියාණෝය. ජයසේන යනු ද ඔහුටම නමි. මෑණියෝ සුඵස්සා නමි. සම්බල සුමිත්ත දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක රේවත නමි. සීවලා සුරමා දෙනම අග්රශාවිකාවෝය. කිනිහිරිරුක බෝධියයි. ශරීරය හැටරියන් උසය. ආයු වසර ලක්ෂයකි. සෝමනස්ස නම් අගමෙහෙසී වූවාය. පුත්‍රයා අනුපම නමි. රන්සිවිගෙයින් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“වෙභාරං නාම නගරං, උදෙනො නාම ඛත්තියො; සුඵස්සා නාම ජනිකා, සිද්ධිත්ථස්ස මහෙසිනො.
වෙහාරං නාම නගරං උදෙනො නාම ඛත්තියො සුඵස්සා නාම ජනිකා සිද්ධත්ථස්ස මහෙසිනො
“සම්බලො ච සුමිත්තො ච, අහෙසුං අග්ගසාවකා; රෙවතො නාමුපට්ඨාකො, සිද්ධත්ථස්ස මහෙසිනො.
සම්බලොච සුමිත්තො ච අහෙසුං අග්ගසාවකා රෙවතො නාමුපට්ඨාකො සිද්ධත්ථස්ස මහෙසිනො
“සීවලා ච සුරාමා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, කණිකාරොති වුච්චති.
සීවලාච සුරාමාච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො කණිකාරොති වුච්චති
“සො බුද්ධො සට්ඨිරතනං, අහොසි නභමුග්ගතො; කඤ්චනග්ඝියසඞ්කාසො, දසසහස්සී විරොචති.
සොපි බුද්ධො සට්ඨිරතනං අහොසි නභමුග්ගතො කඤ්චන ගසියසංඛාසො දසසහස්සී විරොචති
“සොපි බුද්ධො අසමසමො, අතුලො අප්පටිපුග්ගලො; වස්සසතසහස්සානි, ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
සොපිබුද්ධො අසමසමො අතුලො අප්පටිපුග්ගලො වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුම
“විපුලං පභං දස්සයිත්වා, පුප්ඵාපෙත්වාන සාවකෙ; විලාසෙත්වා සමාපත්යා, නිබ්බුතො සො සසාවකො”ති.
විපුලං පභා දස්සයිත්වා පුප්ඵා පෙත්වාන සාවකෙ විලාසෙත්වා සමාපත්යා නිබ්බුතො සො සසාවකොත
තත්ථ සට්ඨිරතනන්ති සට්ඨිරතනප්පමාණං නභං උග්ගතොති අත්ථො. කඤ්චනග්ඝියසඞ්කාසොති නානාරතනවිචිත්තකනකමයඅග්ඝියසදිසදස්සනොති අත්ථො. දසසහස්සී විරොචතීති දසසහස්සියං විරොචති. විපුලන්ති උළාරං ඔභාසං. පුප්ඵාපෙත්වානාති ඣානාභිඤ්ඤාමග්ගඵලසමාපත්තිපුප්ඵෙහි පුප්ඵිතෙ පරමසොභග්ගප්පත්තෙ කත්වාති අත්ථො. විලාසෙත්වාති විලාසයිත්වා කීළිත්වා. සමාපත්යාති ලොකියලොකුත්තරාහි සමාපත්තීහි අභිඤ්ඤාහි ච. නිබ්බුතොති අනුපාදාපරිනිබ්බානෙන නිබ්බුතො.
එහි සට්ඨිරතනං යනු; සැට රියනක් පමණ අහසට උස්ව සිටියහ යන අර්ථයි. කඤ්චනග්ඝියසංකොසො යනු; නන් රුවනින් විසිතුරු කනකමය ඇගෑයක් මෙන් දර්ශන ඇත්තේ යන අර්ථයි. විපුලං යනු; මහත් ආලෝකය. පුප්ඵාපෙත්වා යනු; ධ්‍යාන අභිඥා මාර්ගඵල සම්පත් නමැති මලින් පිපුණු පරම සෞභාග්‍යයට පත්වූවන් කොට යන අර්ථයි. විලාසයිත්වා යනු; විලාසවත් කොට, ප්‍රබෝධවත් කොට. සමාපත්තියා යනු; ලෞකික ලෝකෝත්තර සමාපත්තිවලින් ද අභිඥාවලින්. නිබ්බුතො යනු; පිරිනිවනින් නිවුණු.
සිද්ධත්ථො කිර සත්ථා කඤ්චනවෙළුනගරෙ අනොමුය්යානෙ පරිනිබ්බායි. තත්ථෙවස්ස රතනමයං චතුයොජනුබ්බෙධං චෙතියමකංසූති. සෙසගාථාසු සබ්බත්ථ පාකටමෙවාති.
සිද්ධාර්ථ ශාස්තෘන් වහන්සේ ද කඤ්චන වෙළු නගරයෙහි අනෝම උයන්හි පිරිනිවි සේක. එහිම උන් වහන්සේගේ සිවුයොදුන් උස රුවන්මුවා චෛත්‍යය කරවූහ. සෙසු ගාථාවල අරුත් හැමතන්හි ප්රකටය.
සිද්ධත්ථබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
සිද්ධත්ථ බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො සොළසමො බුද්ධවංසො.
සොළොස්වන බුද්ධවංසය සමාප්තයි.