15. ධම්මදස්සීබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
15. ධම්මදස්සීබුද්ධවංසවණ්ණනා
15. ධම්මදස්සී බුද්ධවංස වර්ණනාව
අත්ථදස්සිම්හි සම්මාසම්බුද්ධෙ පරිනිබ්බුතෙ අන්තරකප්පෙ ච වීතිවත්තෙ අපරිමිතායුකෙසු සත්තෙසු අනුපුබ්බෙන පරිහායිත්වා වස්සසතසහස්සායුකෙසු ජාතෙසු ධම්මදස්සී නාම සත්ථා ලොකාලොකකරො ලොභාදිලොකමලවිනයකරො ලොකෙකනායකො ලොකෙ උදපාදි. සොපි භගවා පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා සරණනගරෙ සබ්බලොකසරණස්ස සරණස්ස නාම රඤ්ඤො අග්ගමහෙසියා සුනන්දාය නාම දෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං අග්ගහෙසි. සො දසන්නං මාසානං අච්චයෙන සරණුය්යානෙ මාතුකුච්ඡිතො පාවුස්සකාලෙ සලිලධරවිවරගතො පුණ්ණචන්දො විය නික්ඛමි. මහාපුරිසෙ පන මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තෙයෙව අධිකරණවොහාරසත්ථපොත්ථකෙසු අධම්මියා වොහාරා සයමෙව අන්තරධායිංසු. ධම්මිකවොහාරායෙව අට්ඨංසු. තෙනස්ස නාමග්ගහණදිවසෙ “ධම්මදස්සී”ති නාමමකංසු. සො අට්ඨවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. තස්ස කිර අරජ-විරජ-සුදස්සනනාමකා තයො පාසාදා අහෙසුං. විචිකොළිදෙවිප්පමුඛානං ඉත්ථීනං වීසතිසහස්සාධිකං සතසහස්සං අහොසි.
අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අන්තර කල්පය ද ගතවූ පසු අපරිමිත ආයු ඇති සත්ත්වයන් පිරිහී වසර ලක්ෂයක් ආයු වූ කල්හි ලෝකාලොකතර ලෝකමල නසාලන ලොවට එකම නායක වූ ධම්මදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ද පාරමී පුරා තුසිතපුර ඉපිද ඉන් සැව සරණ නුවර සියලු දෙනාට සරණ සරණ නම් රජුගේ අගමෙහෙසි සුනන්දා දේවිය කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් සරණ උයන්හිදී වැසිකල මේකුළු විවරගත පුන්සඳ මෙන් මවුකුසින් බිහිවූහ. මහාපුරුෂයාණෝ මවුකුසින් බිහිවත්ම අධිකරණ ව්‍යවහාර පුස්තකයන්හි අධාර්මික ව්‍යවහාර තෙම්ම අතුරුදහන් විය. ධාර්මික ව්‍යවහාර පමණක්ම ශේෂ විය. එහෙයින් උන්වහන්සේට නම් තබන දිනයෙහි ධම්මදස්සී කියා නම් කළහ. උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි විසූහ. අරජ විරජ සුදස්සන නම් තුන්පහයක් එතුමන්ට විය. විචිකොලි දේවිය ප්රමුඛ දහසකට අධික ස්ත්‍රීහු වූහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා විචිකොළිදෙවියා පුඤ්ඤවඩ්ඪනෙ නාම පුත්තෙ උප්පන්නෙ දෙවකුමාරො විය අතිවිය සුඛුමාලො දෙවසම්පත්තිමිව සම්පත්තිමනුභවමානො මජ්ඣිමයාමෙ වුට්ඨාය සිරිසයනෙ නිසින්නො නිද්දොපගතානං ඉත්ථීනං විප්පකාරං දිස්වා සඤ්ජාතසංවෙගො මහාභිනික්ඛමනාය චිත්තං උප්පාදෙසි. චිත්තුප්පාදසමනන්තරමෙවස්ස සුදස්සනපාසාදො ගගනතලමබ්භුග්ගන්ත්වා චතුරඞ්ගිනියා සෙනාය පරිවුතො දුතියො දිවසකරො විය දිබ්බවිමානං විය ච ගන්ත්වා රත්තකුරවකතරුබොධිසමීපෙයෙව ඔතරිත්වා අට්ඨාසි. මහාපුරිසො කිර බ්රහ්මුනා උපනීතානි කාසායානි ගහෙත්වා පබ්බජිත්වා පාසාදතො ඔතරිත්වා අවිදූරෙ අට්ඨාසි. පාසාදො පුන ආකාසෙන ගන්ත්වා බොධිරුක්ඛං අන්තොකත්වා පථවියං පතිට්ඨාසි. ඉත්ථියොපි සපරිවාරා පාසාදතො ඔතරිත්වා අඩ්ඪගාවුතමත්තං ගන්ත්වා අට්ඨංසු. තත්ථ ඉත්ථියො ච තාසං පරිචාරිකා චෙටිකායො ච ඨපෙත්වා සබ්බෙ මනුස්සා තං අනුපබ්බජිංසු. භික්ඛූනං කොටිසතසහස්සං අහොසි.
උන්වහන්සේ සතර නිමිති දැක විචිකොලි දේවිය පුඤ්ඤවඩ්එන නම් පුත්‍රයා ප්‍රසූත කළ කල්හි දෙව්සැප විඳින අතිසුකුමාර දෙව්කුමරකු මෙන් මැදියම් රැයෙහි පිබිද සිරියහන්හි හිඳ නිදිගත් ගැහැණුන්ගේ විප්‍රකාර දැක හටගත් සංවේග ඇතිව අබිනික්මනට සිතූහ. සිතූ කෙණෙහිම උන්වහන්සේගේ සුදර්ශන ප්‍රාසාදය අහසට නැග සිවුරඟසෙන් පිරිවරා දෙවැනි දිවාකරයකු මෙන් දෙව්විමනක් මෙන් ගොස් රත්කරව්රුක් බෝධිය සමීපයෙහි බැසි සිටියේය. මහාපුරුෂයාණෝ බඹහු විසින් එළවන ලද කසාවත් ගෙන පැවිදිව පහයෙන් බැස නුදුරෙහි සිටියහ. පහය නැවත අහසින් ගොස් බෝරුක මැදිකොට පොළවෙහි පිහිටියේය. පිරිවර ස්ත්‍රීහු ද පහයෙන් බැස අඩගව්වක් පමණ ගොස් සිටියහ. එහිදී ස්ත්‍රීන් ද ඔවුන්ගේ සේවිකාවන් ද හැර සියලු මිනිස්සු උන්වහන්සේ අනුව මහණ වූහ. කෙළ ලක්ෂයක් භික්ෂූහු වූහ.
අථ ධම්මදස්සී බොධිසත්තො සත්තාහං පධානචරියං චරිත්වා විචිකොළිදෙවියා දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා බදරවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ සිරිවඩ්ඪනෙන නාම යවපාලකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා බිම්බිජාලබොධිං උපගන්ත්වා තෙපණ්ණාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා තත්ථ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති උදානං උදානෙත්වාව බොධිසමීපෙ සත්තසත්තාහං වීතිනාමෙත්වා කතබ්රහ්මයාචනො අත්තනා සද්ධිං පබ්බජිතස්ස භික්ඛූනං කොටිසතසහස්සස්ස සද්ධම්මප්පටිවෙධසමත්ථතං ඤත්වා අට්ඨාරසයොජනිකමග්ගං එකාහෙනෙව ඉසිපතනං ගන්ත්වා තෙහි පරිවුතො තත්ථ ධම්මචක්කං පවත්තෙසි, තදා කොටිසතසහස්සානං පඨමාභිසමයො අහොසි. තෙන වුත්තං –
ඉක්බිති ධම්මදස්සී බෝසත්හු සතියක් ප්‍රධන් කොට විචිකොලි දේවිය දුන් මීකිරිබත් වළඳා ඩෙබර වෙනෙහි දිවාවිහාර කොට සවස සිරිවඩ්ඪ නම් ගවපාලක දුන් අටතණමිට ගෙන බිම්බිජාල බෝධිය වෙත පැමිණ තෙපනස් රියන් පුළුල් තණ ඇතිරි අතුරා එහි සර්වඥතා ඥානය ප්‍රතිවේධකොට උදන් අනා සත්සති ගෙවා බ්රහ්මායාචනයෙන් තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළ ලක්ෂයක් භික්ෂූන්ගේ ධර්මාවබෝධ සමර්ථතාව දැන අටළොස් යොදුන් මග එක් දවසින්ම ගෙවා ඉසිපතනයට වැඩ එහිදී ඒ භික්ෂූන් පිරිවරා ධම්සක් පැවැත්වූ සේක. එදින කෙළ ලක්ෂයකට ප්‍රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“තත්ථෙව මණ්ඩකප්පම්හි, ධම්මදස්සී මහායසො; තමන්ධකාරං විධමිත්වා, අතිරොචති සදෙවකෙ.
තත්ථෙව මණ්ඩකප්පම්හි ධම්මදස්සී මහායසො තමන්ධකාරං විධමිත්වා අතිරොචති සාදෙවකෙ
“තස්සාපි අතුලතෙජස්ස, ධම්මචක්කප්පවත්තනෙ; කොටිසතසහස්සානං, පඨමාභිසමයො අහූ”ති.
තස්සාපි අකුලතෙජස්ස ධම්මචක්කප්පවත්තනෙ කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
තත්ථ තමන්ධකාරන්ති තමසඞ්ඛාතං මොහන්ධකාරන්ති අත්ථො.
එහි තමන්ධකාරං යනු; තමස් සංඛ්‍යාත මොහාන්ධකාරය යන අර්ථයි.
යදා පන තගරනාමකෙ නගරෙ සඤ්ජයො නාම රාජා කාමෙසු ආදීනවං නෙක්ඛම්මං ඛෙමතො ච දිස්වා ඉසිපබ්බජ්ජං පබ්බජි. තං නවුතිකොටියො අනුපබ්බජිංසු. තෙ සබ්බෙයෙව පඤ්චාභිඤ්ඤාඅට්ඨසමාපත්තිලාභිනො අහෙසුං. අථ සත්ථා ධම්මදස්සී තෙසං උපනිස්සයසම්පත්තිං දිස්වා ආකාසෙන ගන්ත්වා සඤ්ජයස්ස තාපසස්ස අස්සමපදං ගන්ත්වා ආකාසෙ ඨත්වා තෙසං තාපසානං අජ්ඣාසයානුරූපං ධම්මං දෙසෙත්වා ධම්මචක්ඛුං උප්පාදෙසි, සො දුතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක නගර නම් නුවර සඤ්ජය නම් රජ කාමයන්හි ආදීනවද නෛෂ්ක්‍රම්‍යය ක්ෂෙම බවද දැන සෘෂි පැවිද්දෙන් පැවිදි විය. එකල නවකෙළක් ඔහු අනුව පැවිදි වූහ. ඔවුහු සියල්ලෝම පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභීහු වූහ. ඉක්බිති ධම්මදස්සී ශාස්තෘන් වහන්සේ ඔවුන්ගේ උපනිශ්‍රය සම්පත් දැක අහසින් වැඩ සඤ්ජය තාපසයාගේ ආශ්රමයට ගොස් අහසෙහි සිට ඒ තාපසවරුන්ගේ අදහස් පරිදි බණ දෙසා ධර්මචක්ෂුස ඉපදවූහ. ඒ දෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“යදා බුද්ධො ධම්මදස්සී, විනෙසි සඤ්ජයං ඉසිං; තදා නවුතිකොටීනං, දුතියාභිසමයො අහූ”ති.
යදා බුද්ධො ධම්මදස්සි විනෙසි සඤ්ජයං ඉසිං තදා නවුතිකොටීනං දුතියාභිසමයො අහූති
යදා පන සක්කො දෙවානමින්දො දසබලස්ස ධම්මං සොතුකාමො තං උපසඞ්කමි, තදා අසීතියා කොටීනං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක සක්දෙවිඳු දසබලයන් වහන්සේගේ බණ අසනු රිසිව උන්වහන්සේ වෙත ගියේද එකල අසූකෙළකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි.
“යදා සක්කො උපගඤ්ඡි, සපරිසො විනායකං; තදා අසීතිකොටීනං, තතියාභිසමයො අහූ”ති.
යදා සක්කො උපගඤ්ජි සහපරිසො විනායකං තදා අසීතිකොටීනං තතියාභිසමයො අහූති
යදා පන සරණනගරෙ වෙමාතිකභාතිකං පදුමකුමාරං ඵුස්සදෙවකුමාරඤ්ච සපරිවාරෙ පබ්බාජෙසි, තස්මිං අන්තොවස්සෙ පබ්බජිතානං භික්ඛූනං කොටිසතසහස්සානං මජ්ඣෙ විසුද්ධිපවාරණං පවාරෙසි, සො පඨමො සන්නිපාතො අහොසි. පුන භගවතො දෙවලොකතො ඔරොහණෙ සතකොටීනං දුතියො සන්නිපාතො අහොසි. යදා පන සුදස්සනාරාමෙ තෙරසන්නං ධුතගුණානං ගුණෙ ආනිසංසෙ පකාසෙත්වා හාරිතං නාම මහාසාවකං එතදග්ගෙ ඨපෙසි, තදා අසීතියා කොටීනං මජ්ඣෙ භගවා පාතිමොක්ඛං උද්දිසි, සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක සරණ නුවර සුළුමෑණියන්ගේ පුත් සොහොයුරු පදුම කුමරු ද ඵුස්සදේව කුමරු ද සපිරිවරින් මහණ කළ සේක්ද ඒ ඇතුළුවස පැවිදි වූ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද විසුද්ධි පවාරණයෙන් පවාරණය කළ සේක. ඒ ප්‍රථම සන්නිපාතය විය. නැවත භාග්‍යවතුන් වහන්සේගේ දෙව්ලොවින් බැසීමෙහි සියකෙළකගේ දෙවන සන්නිපාතය විය. යම් විටක සුදස්සනාරාමයෙහි තෙළෙස් ධුතාංගයන්ගේ ගුණානිසංස ප්‍රකාශකොට හාරිත නම් මහාශ්‍රාවකයන් වහන්සේ එතදග්‍ර ස්ථානයෙහි තුබූ සේක්ද එකල අසූ කෙළක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
“තස්සාපි දෙවදෙවස්ස, සන්නිපාතා තයො අහුං; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
තස්සාපි දෙවදෙවස්ස සන්නිපාතා තයො ආසුං ඛීණාසවානං විමලානං සන්තචිත්තානං තාදිනං
“යදා බුද්ධො ධම්මදස්සී, සරණෙ වස්සං උපාගමි; තදා කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
යදා බුද්ධො ධම්මදස්සී සරණෙ වස්සං උපාගමී තදා කොටි සහස්සානං පඨමො ආසි සමාගමො
“පුනාපරං යදා බුද්ධො, දෙවතො එති මානුසං; තදාපි සතකොටීනං, දුතියො ආසි සමාගමො.
පුනාපරං යදා බුද්ධො දෙවතො එති මානුසං තදාපි සතකොටීනං දුතියො ආසි සමාගමො
“පුනාපරං යදා බුද්ධො, පකාසෙසි ධුතෙ ගුණෙ; තදා අසීතිකොටීනං, තතියො ආසි සමාගමො”ති.
පුනාපරං යදා බුද්ධො පකාසෙසි ධුතෙගුණෙ තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමොති
තදා අම්හාකං බොධිසත්තො සක්කො දෙවරාජා හුත්වා ද්වීසු දෙවලොකෙසු දෙවෙහි පරිවුතො ආගන්ත්වා දිබ්බෙහි ගන්ධපුප්ඵාදීහි දිබ්බතුරියෙහි ච තථාගතං පූජෙසි. සොපි නං සත්ථා – “අනාගතෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල අප බෝසත්හු සක්දෙව්රජව දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් දිව්‍යමය ගඳින් මලින් දිව්‍ය තූර්යයෙන්ද තථාගතයන් වහන්සේට පිදීය. ඒ ශාස්තෘන් වහන්සේ ඔහුට මතු ගෞතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, සක්කො ආසිං පුරින්දදො; දිබ්බෙන ගන්ධමාලෙන, තුරියෙනාභිපූජයිං.
අහං තෙන සමයෙන සක්කො ආසිං පුරන්දිදො දිබ්බගන්ධෙන මාලෙන කුරියෙන අභිපූජයිං
“සොපි මං තදා බ්යාකාසි, දෙවමජ්ඣෙ නිසීදිය; අට්ඨාරසෙ කප්පසතෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි මං තදා ව්යාකාසි දෙවමජ්ඣෙ නිසීදිය අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවීස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ- හෙස්සාම සම්මුඛා ඉමං
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”ති.
තස්සාපි වචනං සුත්වා හීයො චිත්තං පසාදයිං උත්තරං වතමධිට්ඨාසිං දසපාරමි පූරියාති
තස්ස පන භගවතො සරණං නාම නගරං අහොසි. සරණො නාම රාජා පිතා, සුනන්දා නාම මාතා, පදුමො ච ඵුස්සදෙවො ච ද්වෙ අග්ගසාවකා, සුනෙත්තො නාම උපට්ඨාකො, ඛෙමා ච සබ්බනාමා ච ද්වෙ අග්ගසාවිකා, බිම්බිජාලරුක්ඛො බොධි, සරීරං පනස්ස අසීතිහත්ථුබ්බෙධං අහොසි, ආයු වස්සසතසහස්සං, විචිකොළිදෙවී නාමස්ස අග්ගමහෙසී, පුඤ්ඤවඩ්ඪනො නාමස්ස පුත්තො, පාසාදෙන නික්ඛමි. තෙන වුත්තං –
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සරණ නම් විය. සරණ නම් රජ පියාණෝය. මෑණියෝ සුනන්දා නමි. පදුම ඵුස්සදේව දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සුනෙත්ත නමි. ඛේමා සබ්බනාමා දෙනම අග්රශ්රාවිකාවෝය. බිම්බිජාලරුක බෝධියයි. උන්වහන්සේගේ සිරුර අසූරියන් උසය. ආයුෂ වර්ෂ ලක්ෂයකි. අගමෙහෙසිය විචිකොලි නමි. පුඤ්ඤවද්ධන නම් පුත්‍රයාය. ප්‍රාසාදයෙන් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“සරණං නාම නගරං, සරණො නාම ඛත්තියො; සුනන්දා නාම ජනිකා, ධම්මදස්සිස්ස සත්ථුනො.
සරණං නාම නගරං සරණො නාම ඛත්තියො සුනන්දා නාම ජනිකා ධම්මදස්සිස්ස සත්ථුනො
“පදුමො ඵුස්සදෙවො ච, අහෙසුං අග්ගසාවකා; සුනෙත්තො නාමුපට්ඨාකො, ධම්මදස්සිස්ස සත්ථුනො.
පදුමො ඵුස්සදෙවොච අහෙසුං අග්ගසාවකා සුනෙත්තො නාමුපට්ඨාකො ධම්මදස්සිස්ස සත්ථුනො
“ඛෙමා ච සබ්බනාමා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, බිම්බිජාලොති වුච්චති.
ඛෙමා සබ්බනාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො බිම්බිජාලොති වුච්චති
“සොපි බුද්ධො අසමසමො, අසීතිහත්ථමුග්ගතො; අතිරොචති තෙජෙන, දසසහස්සිම්හි ධාතුයා.
සොපිබුද්ධො අසමසමො අසීතිහත්ථමුග්ගතො අකිරොචති තෙජෙන දසසහස්සම්හි ධාතුයා
“සුඵුල්ලො සාලරාජාව, විජ්ජූව ගගනෙ යථා; මජ්ඣන්හිකෙව සූරියො, එවං සො උපසොභථ.
සුඵුල්ලසාලරාජාච විජ්ජූව ගගනෙ යථා මජ්ඣාන්තිකෙ ච සුරියො එවං සො උපසොභථ
“තස්සාපි අතුලතෙජස්ස, සමකං ආසි ජීවිකං; වස්සසතසහස්සානි, ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
තස්සාපි අතුලතෙජස්ස සමකං ආසි ජීවිතං වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා
“ඔභාසං දස්සයිත්වාන, විමලං කත්වාන සාසනං; චවි චන්දොව ගගනෙ, නිබ්බුතො සො සසාවකො”ති.
ඔභාසං දස්සයිත්වාන විමලං කත්වාන සාසනං රවිචන්ද්රොව ගගනෙ නිබ්බුතො සො සසාවකොති
තත්ථ බිම්බිජාලොති රත්තකුරවකරුක්ඛො. දසසහස්සිම්හි ධාතුයාති දසසහස්සියා ලොකධාතුයා. විජ්ජූවාති විජ්ජුලතා විය. උපසොභථාති යථා ගගනෙ විජ්ජු ච මජ්ජන්හිකෙ සූරියො ච උපසොභති, එවං සො භගවා උපසොභිත්ථාති අත්ථො. සමකන්ති සබ්බෙහි නරසත්තෙහි සමමෙව තස්ස ආයු අහොසීති අත්ථො. චවීති චුතො. චන්දොවාති ගගනතො චන්දිමා විය චවීති අත්ථො. ධම්මදස්සී කිර භගවා සාලවතීනගරෙ කෙසාරාමෙ පරිනිබ්බායි සෙසමෙත්ථ ගාථාසු පාකටමෙවාති.
එහි බිම්බිජාලො යනු; රත්කරව් රුකයි. දසසහස්සිම්හි ධාතුයා යනු; දසසහස්ස්රී ලෝකධාතුවෙහි. විජ්ජූව යනු; විදුලිය මෙන්. උපසොභථ යනු; යම්සේ අහසෙහි විදුලිය ද මධ්‍යාහ්නයෙහි සූර්යයා බබළන්නේ ද එසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභමාන වූහ යන අර්ථයි. සමකං යනු; උන්වහන්සේගේ ආයුෂ සියලු නරසත්ත්වයන් හා සමානම විය යන අර්ථයි. චවි යනු; චුත විය. චන්දොව යනු; අහසින් සඳ මෙන් චුත විය යන අර්ථයි. ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේ සාලවතී නුවර කේසාරාමයෙහි පිරිනිවි සේක. මෙහි ගාථාවල සෙස්ස ප්‍රකටමය.
ධම්මදස්සීබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
ධම්මදස්සී බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො පන්නරසමො බුද්ධවංසො.
පසළොස්වන බුද්ධවංසය සමාප්තයි.