යෙදුමෙන් කියවන්න

14. අත්‍ථදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

14. අත්‍ථදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා

14. අත්ථදස්සී බුද්ධවංස වර්ණනාව

පියදස‍්සිම‍්හි සම‍්මාසම‍්බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ තස‍්ස සාසනෙ ච අන‍්තරහිතෙ පරිහායිත්‍වා වඩ‍්ඪිත්‍වා අපරිමිතායුකෙසු මනුස‍්සෙසු අනුක‍්කමෙන පරිහායිත්‍වා වස‍්සසතසහස‍්සායුකෙසු ජාතෙසු පරමත්‍ථදස‍්සී අත්‍ථදස‍්සී නාම බුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජි. සො පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා පරමසොභනෙ සොභනෙ නාම නගරෙ සාගරස‍්ස නාම රඤ‍්ඤො කුලෙ අග‍්ගමහෙසියා සුදස‍්සනදෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දස මාසෙ ගබ‍්භෙ වසිත්‍වා සුචින්‍ධනුය්‍යානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. මාතුකුච‍්ඡිතො මහාපුරිසෙ නික‍්ඛන‍්තමත‍්තෙ සුචිරකාලනිහිතානි කුලපරම‍්පරාගතානි මහානිධානානි ධනසාමිකා පටිලභිංසූති තස‍්ස නාමග‍්ගහණදිවසෙ “අත්‍ථදස‍්සී”ති නාමමකංසු. සො දසවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. අමරගිරි-සුරගිරි-ගිරිවාහනනාමකා පරමසුරභිජනකා තයො චස‍්ස පාසාදා අහෙසුං. විසාඛාදෙවිප‍්පමුඛානි තෙත‍්තිංස ඉත්‍ථිසහස‍්සානි අහෙසුං.

පියදස්සී බුදුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු පිරිහී වැඩී අපරිමිතායුෂ්ක මිනිසුන් වර්ෂ ලක්‍ෂයක් ආයු වූ කල පරමාර්ථදර්ශී අත්‍ථදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව උපන් සේක. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව පරම ශෝභන ශෝභන නම් නුවර සාගර නම් රජුගේ අගබිසෝ සුදස්සන දේවිය කුස පිළිසිඳ දසමස් ගැබ් වැස සුචින්‍ධන උයන්හි මවුකුසින් බිහිවූහ. මහාපුරුෂයන් උපන් කෙණෙහි බොහෝකල් සැඟව ගිය කුලපරම්පරාගත මහනිධන්හි ධනහිමිත්‍ව ලැබූ හෙයින් උන්වහන්සේ නම් ගන්වන දිනයෙහි අත්‍ථදස්සී කියා නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. අමරගිරි සුරගිරි ගිරිවාහන නම් පරම සිත් ගන්නා තුන්පහයක් උන්වහන්සේට විය. [missing trans]

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා විසාඛාදෙවියා සෙලකුමාරෙ නාම පුත‍්තෙ උප‍්පන‍්නෙ සුදස‍්සනං නාම අස‍්සරාජං අභිරුහිත්‍වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං නව මනුස‍්සකොටියො අනුපබ‍්බජිංසු. තෙහි පරිවුතො සො මහාපුරිසො අට‍්ඨ මාසෙ පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය සුචින්‍ධරනාගියා උපහාරත්‍ථාය ආනීතං මධුපායාසං මහාජනෙන සන්‍දිස‍්සමානසබ‍්බසරීරාය නාගියා සහ සුවණ‍්ණපාතියා දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා තරුණතරුසතසමලඞ‍්කතෙ තරුණසාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ ධම‍්මරුචිනා මහාරුචිනා නාම නාගරාජෙන දින‍්නා අට‍්ඨ කුසතිණමුට‍්ඨියො ගහෙත්‍වා චම‍්පකබොධිං උපසඞ‍්කමිත්‍වා තෙපඤ‍්ඤාසහත්‍ථායාමවිත්‍ථතං කුසතිණසන්‍ථරං සන්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා සම‍්බොධිං පත්‍වා සබ‍්බබුද‍්ධාචිණ‍්ණං – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්‍වා බ්‍රහ‍්මුනො ධම‍්මදෙසනායාචනං සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තනා සහ පබ‍්බජිතනවභික‍්ඛුකොටියො අරියධම‍්මපටිවෙධසමත්‍ථෙ දිස‍්වා ආකාසෙන ගන‍්ත්‍වා අනොමනගරසමීපෙ අනොමුය්‍යානෙ ඔතරිත්‍වා තෙහි පරිවුතො තත්‍ථ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා කොටිසතසහස‍්සානං පඨමො ධම‍්මාභිසමයො අහොසි.

උන්වහන්සේ සතර නිමිති දැක විසාඛා දේවිය සේලකුමාර නම් පුතු වැදූ කල්හි සුදස්සන නම් අස්රජු නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව නවකෙළක් පුරුෂයෝ මහණ වූහ. ඒ මහපුරිස්හු ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන්කොට වෙසක් පුන්පොහෝදින සම්පූර්ණ ශරීරය ප්‍රදර්ශනය කරමින් සිටි සුචින්‍දර නම් නාගිනියට පිදීම පිණිස මහජනයා විසින් ගෙන එන ලද රන්පාත්‍රය සහිත වූ මීකිරිබත් පුදන ලදුව එය වළඳා සියගණන් තරුණතරුයෙන් සමලංකෘත තරුණසාල වනයෙහි දාවල් දවස ගෙවා සවස ධම්මරුචි නම් නාගයා විසින් දෙන ලද අටතණමිට ගෙන සපුබෝධිය වෙත පැමිණ තෙපනස් රියන් පුළුලැති කුස ඇතිරි අතුරා පර්යංකය වැළඳ සම්බෝධියට පැමිණ සියලු බුදුවරයන් වහන්සේලාට ආචීර්ණ උදන් අනා බෝරුක අසලම සත්සති ගෙවා බඹහුගේ ධර්මායාචනය පිළිගෙන තමන්වහන්සේ සමග පැවිදි වූ නවකෙළක් භික්‍ෂූන් සමග ආර්ය ධර්මාවබෝධයට සමතැන් දැක අහසින් ගොස් අනෝම නුවර ළඟ අනෝම උයන්හි බැස දම්සක් පැවැත්වූහ. එදින කෙළලක්‍ෂයක් දෙනාට පළමු ධර්මාවබෝධය විය.

පුන භගවති ලොකනායකෙ දෙවලොකචාරිකං චරිත්‍වා තත්‍ථ ධම‍්මං දෙසෙන‍්තෙ කොටිසතසහස‍්සානං දුතියො අභිසමයො අහොසි. යදා පන භගවා අත්‍ථදස‍්සී අම‍්හාකං භගවා විය කපිලවත්‍ථුපුරං සොභනපුරං පවිසිත්‍වා ධම‍්මං දෙසෙසි, තදා කොටිසතසහස‍්සානං තතියො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

නැවත ලෝනා භාග්‍යවතුන් වහන්සේ දෙව්ලෝ චාරිකාවෙහි හැසිර එහි දම්දෙසද්දී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්මාවබෝධ විය. යම්කලෙක අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ කපිලපුරයට මෙන් සෝභන නගරයට වැඩ දහම් දෙසූ සේක්ද එකල්හි කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්මාභිසමය විය. මෙය තෙවන අභිසමයයි එයින් කියන ලදි-

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අත්‍ථදස‍්සී මහායසො; මහාතමං නිහන‍්ත්‍වාන, පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

තත්‍ථෙව මණ්ඩකප්පම්හි අත්‍ථදස්සී මහායසො මහාතමං නිහනත්‍වාන පත්තො සම්බොධිමුත්තමං

“බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො, ධම‍්මචක‍්කං පවත‍්තයි; අමතෙන තප‍්පයී ලොකං, දසසහස‍්සී සදෙවකං.

බ්‍රහ්මුණා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයි අමතෙන තප්පයී ලොකං දසසහස්සී සදෙවකං

“තස‍්සාපි ලොකනාථස‍්ස, අහෙසුං අභිසමයා තයො; කොටිසතසහස‍්සානං, පඨමාභිසමයො අහු.

තස්සාපි ලොකනාථස්ස අහෙසුං අභිසමයො තයො කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූ

“යදා බුද‍්ධො අත්‍ථදස‍්සී, චරති දෙවචාරිකං; කොටිසතසහස‍්සානං, දුතියාභිසමයො අහු.

යදා බුද්ධො අත්‍ථදස්සි චරති දෙවචාරිකං කොටිසතසහස්සානං දුතියාභිසමයො අහූ

“පුනාපරං යදා බුද‍්ධො, දෙසෙසි පිතුසන‍්තිකෙ; කොටිසතසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

පුනාපරං යදා බුද්ධො දෙසෙති පිතුසන්තිකෙ කොටිසතසහස්සානං තතියාභිසමයො අහූති

තත්‍ථ තත්‍ථෙවාති තස‍්මිඤ‍්ඤෙව කප‍්පෙති අත්‍ථො. එත්‍ථ පන වරකප‍්පො “මණ‍්ඩකප‍්පො”ති අධිප‍්පෙතො. “යස‍්මිං කප‍්පෙ තයො බුද‍්ධා නිබ‍්බත‍්තන‍්ති, සො කප‍්පො වරකප‍්පො”ති හෙට‍්ඨා පදුමුත‍්තරබුද‍්ධවංසවණ‍්ණනායං වුත‍්තො. තස‍්මා වරකප‍්පො ඉධ “මණ‍්ඩකප‍්පො”ති වුත‍්තො. නිහන‍්ත්‍වානාති නිහනිත්‍වා. අයමෙව වා පාඨො. සන‍්තොති සමානො. අමතෙනාති මග‍්ගඵලාධිගමාමතපානෙන. තප‍්පයීති අතප‍්පයි, පීණෙසීති අත්‍ථො. දසසහස‍්සීති දසසහස‍්සිලොකධාතුං. දෙවචාරිකන‍්ති දෙවානං විනයනත්‍ථං දෙවලොකචාරිකන‍්ති අත්‍ථො.

එහි තත්‍ථෙව යනු; එම කල්පයෙහිම යන අර්ථයි. මෙහි වනාහි වරකල්පය මණ්ඩකල්පයයි අභිප්‍රේතයි. යම් කල්පයක තුන් බුදුකෙනෙක් උපදිත් ද ඒ කල්පය වරකල්පයයි යට පියුමතුරා බුද්ධවංස වර්ණනාවෙහි කියන ලදි. එබැවින් වරකල්පය මෙහි මණ්ඩ කල්පයයි කියන ලදි. නිහනත්‍වා යනු; නසා. පාඨය මෙයම හෝ වෙයි. සමාවිකා යනු; සමාන වූයේ. අමතෙන යනු, මාර්ගඵලාවබොධ නමැති අමා පානයෙන්. තප්පය යනු; තර්පනය කළහ. පිනවූහ යන අර්ථයි. දසසහස්සී යනු දසසහස්‍රී ලෝකධාතුව. දේවචාරිකං යනු; දෙවියන් හික්මවීම පිණිස දිව්‍යලෝක චාරිකාව යන අර්ථයි.

සුචන්‍දකනගරෙ කිර සන‍්තො ච රාජපුත‍්තො උපසන‍්තො ච පුරොහිතපුත‍්තො තීසු වෙදෙසු සබ‍්බසමයන‍්තරෙසු ච සාරමදිස‍්වා නගරස‍්ස චතූසු ද‍්වාරෙසු චත‍්තාරො පණ‍්ඩිතෙ විසාරදෙ ච මනුස‍්සෙ ඨපෙසුං – “යං පන තුම‍්හෙ පණ‍්ඩිතං සමණං වා බ්‍රාහ‍්මණං වා පස‍්සථ සුණාථ වා, තං අම‍්හාකං ආගන‍්ත්‍වා ආරොචෙථා”ති. තෙන ච සමයෙන අත්‍ථදස‍්සී ලොකනාථො සුචන්‍දකනගරං සම‍්පාපුණි. අථ තෙහි නිවෙදිතා පුරිසා ගන‍්ත්‍වා තෙසං දසබලස‍්ස තත්‍ථාගමනං පටිවෙදෙසුං. තතො තෙ සන‍්තොපසන‍්තා තථාගතාගමනං සුත්‍වා පහට‍්ඨමානසා සහස‍්සපරිවාරා දසබලං අසමං පච‍්චුග‍්ගන‍්ත්‍වා අභිවාදෙත්‍වා නිමන‍්තෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස අසදිසං මහාදානං දත්‍වා සත‍්තමෙ දිවසෙ සකලනගරවාසීහි මනුස‍්සෙහි සද‍්ධිං ධම‍්මකථං සුණිංසු. තස‍්මිං කිර දිවසෙ අට‍්ඨනවුතිසහස‍්සානි එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. තාය පරිසාය මජ‍්ඣෙ භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො පඨමො සන‍්නිපාතො අහොසි.

සුචන්‍දක නුවර සන්ත රාජපුත්‍රයා ද උපසන්ත පුරෝහිත පුත්‍රයා ද ත්‍රිවේදයෙහි සකල සමයාන්තරයෙහි සාරයක් නොදැක නුවර සතර දොරටුවෙහි පණ්ඩිත විශාරද මිනිසුන් සතරදෙනෙකු පැවැත්වූහ. ඔබලා යම් පණ්ඩිත මහණකු හෝ බමුණකු දක්නාහු හෝ අසන්නාහු නම් ඒ බව අපට දැනුම් දෙවු කියායි. එකල අත්‍ථදස්සි ලෝක නායකයාණෝ සුචන්‍දක නගරයට වැඩියහ. එවිට ඔවුන් නවත්වා සිටි පුරුෂයෝ ගොස් ඔවුන්ට දසබලයන් වහන්සේගේ එහි පැමිණීම දැනුම් දුන්හ. එවිට ඒ සනක අපසනක දෙදෙන තථාගත ආගමනය අසා තුටු පහටුව දහසක් පිරිවරා අසමබල ඇති දසබලයන් වහන්සේට පෙරගමන් කොට වැඳ ආරාධනා කොට සතියක් බුදුපාමොක් සඟනට අසම මහදන් දී සත්වන දින සියලු නුවරවැසි මිනිසුන් සමග බණ ඇසූහ. එදින අටානූලක්‍ෂයක් ඒහිභික්‍ඛු පැවිද්දෙන් පැවිදිව රහත් වූහ. ඒ පිරිසෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය ප්‍රථම සන්නිපාතය විය.

යදා පන භගවා අත‍්තනො පුත‍්තස‍්ස සෙලත්‍ථෙරස‍්ස ධම‍්මං දෙසෙන‍්තො අට‍්ඨාසීතිසහස‍්සානි පසාදෙත්‍වා එහිභික‍්ඛුභාවෙන පබ‍්බාජෙත්‍වා අරහත‍්තං පාපෙත්‍වා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො දුතියො සන‍්නිපාතො අහොසි. පුන මහාමඞ‍්ගලසමාගමෙ මාඝපුණ‍්ණමායං දෙවමනුස‍්සානං ධම‍්මං දෙසෙන‍්තො අට‍්ඨසත‍්තතිසහස‍්සානි අරහත‍්තං පාපෙත්‍වා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යම්දාක භාග්‍යවතුන් වහන්සේ සිය පුත් සේල තෙරුන්ට දහම් දෙසමින් අටාසූදහසක් පහදවා එහිභික්‍ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කරවා රහත්කොට පාමොක් දෙසූ සේක්ද එය දෙවැනි සන්නිපාතය විය. නැවත මහාමංගල සමාගමයෙහි නවම් පුන්පොහෝ දින දෙවිමිනිසුන්ට දම්දෙසා අටසැත්තෑ දහසක් රහත් කරවා පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, තස‍්සාපි ච මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං තස්සාපිච මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“අට‍්ඨනවුතිසහස‍්සානං, පඨමො ආසි සමාගමො; අට‍්ඨාසීතිසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

අට්ඨනවුතිසහස්සානං පඨමො ආසි සමාගමො අට්ඨාසීතිසහස්සානං දුතියො ආසි සමාගමො

“අට‍්ඨසත‍්තතිසහස‍්සානං, තතියො ආසි සමාගමො; අනුපාදා විමුත‍්තානං, විමලානං මහෙසින”න‍්ති.

අට්ඨසත්තතිසහස්සනාං තතියො ආසි සමාගමො අනුපාදා විමුත්තානං විමලානං මහෙසිනන්ති

තදා කිර අම‍්හාකං බොධිසත‍්තො චම‍්පකනගරෙ සුසීමො නාම බ්‍රාහ‍්මණමහාසාලො ලොකසම‍්මතො අහොසි. සො සබ‍්බවිභවජාතං දීනානාථකපණද‍්ධිකාදීනං විස‍්සජ‍්ජෙත්‍වා හිමවන‍්තසමීපං ගන‍්ත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච අභිඤ‍්ඤායො ච නිබ‍්බත‍්තෙත්‍වා මහිද‍්ධිකො මහානුභාවො හුත්‍වා මහාජනස‍්ස කුසලාකුසලානං ධම‍්මානං අනවජ‍්ජසාවජ‍්ජභාවඤ‍්ච දස‍්සෙත්‍වා බුද‍්ධුප‍්පාදං ආගමයමානො අට‍්ඨාසි.

එකල අප බෝසතාණෝ චම්පක නුවර සුසීම නම් ලෝකසම්මත මහාසාර බ්‍රාහ්මණයෙක් විය. උන්වහන්සේ සියලු සම්පත් දීන අනාථ දුගී මගී ආදීන්ට දන් දී හිමවත සමීපයට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා මහත් ඍද්ධි මහානුභාව ඇතිව මහජනයාට කුශලාකුශල ධර්මයන්ගේ නිරවද්‍ය සාවද්‍ය බව දක්වා බුද්ධොත්පාදය බලාපොරොත්තු වෙමින් සිටියේය.

අථාපරෙන සමයෙන අත්‍ථදස‍්සිම‍්හි ලොකනායකෙ ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා සුදස‍්සනමහානගරෙ අට‍්ඨන‍්නං පරිසානං මජ‍්ඣෙ ධම‍්මාමතවස‍්සං වස‍්සෙන‍්තෙ තස‍්ස ධම‍්මං සුත්‍වා සග‍්ගලොකං ගන‍්ත්‍වා දිබ‍්බානි මන්‍දාරවපදුමපාරිච‍්ඡත‍්තකාදීනි පුප‍්ඵානි දෙවලොකතො ආහරිත්‍වා අත‍්තනො ආනුභාවං දස‍්සෙන‍්තො දිස‍්සමානසරීරො චතූසු දිසාසු චතුද‍්දීපිකමහාමෙඝො විය පුප‍්ඵවස‍්සං වස‍්සෙත්‍වා සමන‍්තතො පුප‍්ඵමණ‍්ඩපං පුප‍්ඵමයග‍්ඝිතොරණහෙමජාලාදීනි පුප‍්ඵමයානි කත්‍වා මන්‍දාරවපුප‍්ඵච‍්ඡත‍්තෙන දසබලං පූජෙසි. සොපි නං භගවා – “අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එවිට පසුකලෙක අත්‍ථදස්සී ලෝකනායකයාණෝ ලොව ඉපිද සුදස්සන මහාවිහාරයෙහි අටපිරිස් මැද ධර්මාමෘත වර්ෂාව වස්වන කල්හි උන්වහන්සේගේ බණ අසා දෙව්ලොවට ගොස් දිව්‍යමය මදාරා පරසතු මල් ගෙනවුත් සිය ආනුභාවය දක්වමින් දෘෂ්‍යමාන ශරීරයෙන් සතර දිශාවෙහි චාතුර්ද්වීපික මහා මේඝයක් මෙන් පුෂ්පවර්ෂා වස්වා හාත්පස පුෂ්පමය මණ්ඩපයක් පුෂ්පමය ඇගෑ තොරණ හේමජාලාදිය පුෂ්පමයව කොට මදාරා මල් කූඩයකින් දසබලයන් වහන්සේට පූජා කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ එතුමාට අනාගතයෙහි ගෝතම නම් බුදුවන්නේය කියා ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, ජටිලො උග‍්ගතාපනො; සුසීමො නාම නාමෙන, මහියා සෙට‍්ඨසම‍්මතො.

අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො සුසීමො නාම නාමෙන මහියා සෙට්ඨ සම්මතො

“දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං, පදුමං පාරිච‍්ඡත‍්තකං; දෙවලොකා හරිත්‍වාන, සම‍්බුද‍්ධමභිපූජයිං.

දිබ්බං මන්‍දාරවං පුප්ඵං පදුමං පරිච්ඡත්තකං දෙවලොකහිතො ආහරිත්‍වා සම්බුද්ධමභිපූජයිං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, අත්‍ථදස‍්සී මහාමුනි; අට‍්ඨාරසෙ කප‍්පසතෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි මං තදා සොකායි අත්‍ථදස්සි මහාමුනි අට්ඨාරදෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

පධානං පදහිත්‍වාන -පෙ- භෙස්සාම සම්මුඛා ඉමං

“තස‍්සාපි වචනං සුත්‍වා, හට‍්ඨො සංවිග‍්ගමානසො; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාපි වචනං සුත්‍වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වතටධිට්ඨාසිං දසපාරමිපූරියාති

තත්‍ථ ජටිලොති ජටා අස‍්ස අත්‍ථීති ජටිලො. මහියා සෙට‍්ඨසම‍්මතොති සකලෙනපි ලොකෙන සෙට‍්ඨො උත‍්තමො පවරොති එවං සම‍්මතො සම‍්භාවිතොති අත්‍ථො.

එහි ජටිලො යනු; ඔහුට ජටා ඇත්තේනුයි ජටිල නමි. මහියා සෙට්ඨසම්මතො යනු; සකල ලෝකයා විසින් ශ්‍රේෂ්ඨය. උත්තමය ප්‍රවරය කියා මෙසේ සම්මත වූයේ සම්භාවිත වූයේ යන අර්ථයි.

තස‍්ස පන භගවතො සොභනං නාම නගරං අහොසි. සාගරො නාම රාජා පිතා, සුදස‍්සනා නාම මාතා, සන‍්තො උපසන‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අභයො නාමුපට‍්ඨාකො, ධම‍්මා ච සුධම‍්මා ච ද‍්වෙ අග‍්ගසාවිකා, චම‍්පකරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි. සරීරප‍්පභා සමන‍්තතො සබ‍්බකාලං යොජනමත‍්තං ඵරිත්‍වා අට‍්ඨාසි, ආයු වස‍්සසතසහස‍්සං, විසාඛා නාමස‍්ස අග‍්ගමහෙසී, සෙලො නාම පුත‍්තො, අස‍්සයානෙන නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සෝභන නම් විය. සාගර නම් රජ පියාණෝය. මෑණියෝ සුදස්සනා නමි. සන්ත උපසන්ත දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක අභය නමි. ධම්මා සුධම්මා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. සපු රුක බෝධියයි. ශරීරය අසූරියන් උසය. ශරීර ප්‍රභාව හැමදා හාත්පස යොදුනක් පමණ පැතිර පැවැත්තේය. ආයුෂ වර්ෂ ලක්‍ෂයකි. අගමෙහෙසිය විසාඛා නමි. සෙල නම් පුත්‍රයාය. අස් යානයෙන් මහබිනික්මන් කළහ. එහෙයින් කියන ලදි-

“සොභනං නාම නගරං, සාගරො නාම ඛත‍්තියො; සුදස‍්සනා නාම ජනිකා, අත්‍ථදස‍්සිස‍්ස සත්‍ථුනො.

සොභනං නාම නගරං සාගරො නාම ඛන්තියො සුදස්සනා නාම ජනිකා අත්‍ථදසසිස්ස සත්‍ථුනො

“සන‍්තො ච උපසන‍්තො ච, අහෙසුං අග‍්ගසාවකා; අභයො නාමුපට‍්ඨාකො, අත්‍ථදස‍්සිස‍්ස සත්‍ථුනො.

-පෙ-

“ධම‍්මා චෙව සුධම‍්මා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, චම‍්පකොති පවුච‍්චති.

“සොපි බුද‍්ධො අසමසමො, අසීතිහත්‍ථමුග‍්ගතො; සොභතෙ සාලරාජාව, උළුරාජාව පූරිතො.

සොපි බුද්ධො අසමසමො අසීති රතනුග්ගතො සොභති සාලරාජාව උළුරාජාව පූජිතො

“තස‍්ස පාකතිකා රංසී, අනෙකසතකොටියො; උද‍්ධං අධො දස දිසා, ඵරන‍්ති යොජනං සදා.

තස්ස පාකතිකා රංසි අනෙකසතකොටියො උද්ධං අධො දසදිසා එරන්ති යොජනං සදා

“සොපි බුද‍්ධො නරාසභො, සබ‍්බසත‍්තුත‍්තමො මුනි; වස‍්සසතසහස‍්සානි, ලොකෙ අට‍්ඨාසි චක‍්ඛුමා.

සොපි බුද්ධො නරවසභො සබ්බසත්තුත්තමොමුනි වස්සසත සහස්සානි ලොකෙ අට්ඨාසි චක්‍ඛුමා

“අතුලං දස‍්සෙත්‍වා ඔභාසං, විරොචෙත්‍වා සදෙවකෙ; සොපි අනිච‍්චතං පත‍්තො, යථග‍්ගුපාදානසඞ‍්ඛයා”ති.

අතුලං දස්සෙත්‍වා ඔභාසං විරොචෙත්‍වා සදෙවකෙ සොපි අනිච්චකං පත්තො යථග්ගුපාදානසංඛයාති

තත්‍ථ උළුරාජාව පූරිතොති සරදසමයපරිපුණ‍්ණවිමලසකලමණ‍්ඩලො තාරකරාජා වියාති අත්‍ථො. පාකතිකාති පකතිවසෙන උප‍්පජ‍්ජමානා, න අධිට‍්ඨානවසෙන. යදා ඉච‍්ඡති භගවා, තදා අනෙකකොටිසතසහස‍්සෙපි චක‍්කවාළෙ ආභාය ඵරෙය්‍ය. රංසීති රස‍්මියො. උපාදානසඞ‍්ඛයාති උපාදානක‍්ඛයා ඉන්‍ධනක‍්ඛයා අග‍්ගි විය. සොපි භගවා චතුන‍්නං උපාදානානං ඛයෙන අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා අනුපමනගරෙ අනොමාරාමෙ පරිනිබ‍්බායි. ධාතුයො පනස‍්ස අධිට‍්ඨානෙන විකිරිංසු. සෙසමෙත්‍ථ ගාථාසු උත‍්තානමෙවාති.

එහි උළුරාජාම පූජිතො යනු; සමාකල පිරිපුන් නිර්මල මණ්ඩල ඇති තරු රජු මෙනි යන අර්ථයි. පාකතිකා යනු; ප්‍රකෘති වශයෙන් උපදින. අධිෂ්ඨාන වශයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ යම්විටක කැමති සේක්ද එවිට නොඑක් කෙළලක්‍ෂයක් සක්වළ පතුරුවන සේක. රංසි යනු; රශ්මීහු. උපාදානසංඛ්‍යා යනු; උපාදාන ක්‍ෂය වීමෙන් ඉන්‍ධන ක්‍ෂය වීමෙන් ගින්න මෙනි. ඒ භාග්‍යවතුන් වහන්සේද සතර උපාදාන ක්‍ෂය කිරීමෙන් අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් අනුපම නුවර අනෝමා රාමයෙහි පිරිනිවි සේක. උන්වහන්සේගේ ධාතු අධිෂ්ඨාන වශයෙන් විසුරුණේය. මෙහි සෙසු ගාථාර්ථ ප්‍රකටය.

අත්‍ථදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

අත්‍ථදස්සි බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො චුද‍්දසමො බුද‍්ධවංසො.

තුදුස්වන බුද්ධවංසය සමාප්තයි.