13. පියදස්සීබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
13. පියදස්සීබුද්ධවංසවණ්ණනා
13. පියදස්සී බුද්ධවංස වර්ණනාව
සුජාතස්ස පන අපරභාගෙ ඉතො අට්ඨකප්පසතාධිකසහස්සකප්පමත්ථකෙ එකස්මිං කප්පෙ පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සීති තයො බුද්ධා නිබ්බත්තිංසු. තත්ථ පියදස්සී නාම භගවා පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා සුධඤ්ඤවතීනගරෙ සුදත්තස්ස නාම රඤ්ඤො අග්ගමහෙසියා චන්දසදිසවදනාය චන්දාදෙවියා නාම කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන වරුණුය්යානෙ මාතුකුච්ඡිතො නික්ඛමි. තස්ස පන නාමග්ගහණදිවසෙ ලොකස්ස පියානං පාටිහාරියවිසෙසානං දස්සිතත්තා “පියදස්සී”ත්වෙව නාමමකංසු. සො නවවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. තස්ස කිර සුනිම්මලවිමලගිරිබ්රහානාමකා තයො පාසාදා අහෙසුං. විමලාමහාදෙවිප්පමුඛානි තෙත්තිංස ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං.
සුජාත බුදුරදුන්ට පසුභාගයෙහි මෙයින් කප් සියයක් අධික දහසක් කපින් මතු එක් කල්පයෙක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යයි තුන් බුදු කෙනෙක් පහළ වූහ. එහිදී පියදස්සී නම් ශාස්තෘන් වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව සුධඤ්ඤවතී නුවර සුදස්සන රජුගේ සඳවත් ඇති චන්ද්‍ර නම් දේවියගේ කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් වරුණ උයන්හි මවුකුසින් බිහිවූහ. උන්වහන්සේට නම් තබන දිනයෙහි ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින් පියදස්සී කියාම නම් තැබූහ. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුනිම්මල, විමලා, ගිරිබුහා නම් තුන් පහයක් විය. විමලා මහාදේවිය ප්රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු උටවැන් කළහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා විමලාදෙවියා කඤ්චනවෙළෙ නාම පුත්තෙ උප්පන්නෙ ආජඤ්ඤරථෙන මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පබ්බජි. එකා ච නං පුරිසකොටි අනුපබ්බජි. සො තෙහි පරිවුතො මහාපුරිසො ඡ මාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය වරුණබ්රාහ්මණගාමෙ වසභබ්රාහ්මණස්ස ධීතාය දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සුජාතාජීවකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා කකුධබොධිං උපසඞ්කමිත්වා තෙපඤ්ඤාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා පල්ලඞ්කං ආභුජිත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා “අනෙකජාතිසංසාර”න්ති උදානං උදානෙත්වා තත්ථෙව සත්තසත්තාහං වීතිනාමෙත්වා අත්තනා සහ පබ්බජිතානං අරියධම්මපටිවෙධසමත්ථතං ඤත්වා ආකාසෙන තත්ථ ගන්ත්වා උසභවතීනගරසමීපෙ උසභවතුය්යානෙ ඔතරිත්වා භික්ඛුකොටිපරිවුතො ධම්මචක්කං පවත්තෙසි. තදා කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහොසි. අයං පඨමො අභිසමයො.
උන්වහන්සේ සතර නිමිති දැක විමලා දේවිය කඤ්චන නම් පුතු ප්‍රසූත කළ පසු ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. කෙළක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඒ මහා පුරුෂයාණෝ ඔවුන් පිරිවරා සමසක් ප්‍රධන් කොට වෙසක් පුන් පොහෝ දින වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය විසින් පිදූ මීකිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සුජාත ආජීවක දුන් අටතණමිට ගෙන කුඹුක් බෝධිය වෙත පැමිණ තෙපනස්රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට උදන් අනා එහිම සත්සති ගෙවා තමන් වහන්සේ අනුව පැවිදි වූවන්ගේ සිවුසස් අවබෝධයට සමර්ථතා දැන අහසින් වැඩ උසභවතී නුවර ළඟ උසභවන උයන්හි බැස කෙළක් භික්ෂූන් පිරිවරා දම්සක් දෙසූ සේක. කෙළ ලක්ෂයක් දෙනාට එදා ධර්මාවබෝධ විය. මේ ප්‍රථම අභිසමයයි.
පුන උසභවතියා නාම නගරස්ස අවිදූරෙ සුදස්සනපබ්බතෙ සුදස්සනො නාම දෙවරාජා පටිවසති. සො මිච්ඡාදිට්ඨිකො අහොසි. සකලජම්බුදීපෙ පන මනුස්සා තස්ස අනුසංවච්ඡරං සතසහස්සග්ඝනිකං බලිං උපසංහරන්ති. සො සුදස්සනො දෙවරාජා නරරාජෙන සද්ධිං එකාසනෙ නිසීදිත්වා බලිං සම්පටිච්ඡති. අථ පියදස්සී භගවා “තස්ස සුදස්සනස්ස දෙවරාජස්ස තං දිට්ඨිගතං විනොදෙස්සාමී”ති තස්මිං දෙවරාජෙ යක්ඛසමාගමං ගතෙ තස්ස භවනං පවිසිත්වා සිරිසයනං ආරුහිත්වා ඡබ්බණ්ණරංසියො මුඤ්චන්තො යුගන්ධරපබ්බතෙ සරදසමයෙ සූරියො විය නිසීදි. තස්ස පරිවාරපරිචාරිකා දෙවතායො මාලාගන්ධවිලෙපනාදීහි දසබලං පූජෙත්වා පරිවාරෙත්වා අට්ඨංසු.
නැවත සුභවතී නම් නුවරට නුදුරු සුදස්සන පර්වතයෙහි සුදර්ශන නම් දේවරාජයෙක් වාසය කරයි. ඔහු මිථ්‍යාදෘෂ්ටිකය. සියලු දඹදිව් වැසි මිනිස්සු ඔහුට අවුරුදු පතා ලක්ෂයක් අගනා බලි පුදකරති. ඒ සුදස්සන දෙව්රජ නරරජු සමඟ එකම අසුනෙහි හිඳ බලි පිළිගනී. එකල පියදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍යරාජයාගේ දෘෂ්ටිගතිය දුරුකරන්නෙමියි ඒ දිව්‍යරාජයා යක්ෂ සමාගමයට ගිය කල්හි ඔහුගේ භවනයට වැද සිරියහනට නැගී සවනක් රස් පතුරුවමින් යුගඳුරු පර්වතයෙහි සරාහිරු මෙන් හුන් සේක. සුදස්සන යක්රජුගේ පිරිවර පරිචාරිකා දෙවඟනෝ මල්ගඳ විලවුන් ආදියෙන් දසබලයන් වහන්සේට පූජාකොට පිරිවරා සිටියහ.
සුදස්සනොපි දෙවරාජා යක්ඛසමාගමතො ආගච්ඡන්තො අත්තනො භවනතො ඡබ්බණ්ණරස්මියො නිච්ඡරන්තෙ දිස්වා චින්තෙසි – “අඤ්ඤෙසු පන දිවසෙසු මම භවනස්ස එදිසී අනෙකරංසිජාලසමුජ්ජලවිභූති න දිට්ඨපුබ්බා. කො නු ඛො ඉධ පවිට්ඨො දෙවො වා මනුස්සො වා”ති ඔලොකෙන්තො උදයගිරිසිඛරමත්ථකෙ සරදසමයදිවසකරමිව ඡබ්බණ්ණරංසිජාලෙන අභිජ්ජලන්තං නිසින්නං භගවන්තං දිස්වා චින්තෙසි – “අයං මුණ්ඩකසමණො මම පරිවාරෙන පරිජනෙන පරිවුතො වරසයනෙ නිසින්නො”ති කොධාභිභූතමානසො – “හන්දාහං ඉමස්ස අත්තනො බලං දස්සෙස්සාමී”ති චින්තෙත්වා සකලං තං පබ්බතං එකජාලමකාසි. “ඉමිනා අග්ගිජාලෙන ඡාරිකාභූතො මුණ්ඩකසමණො”ති ඔලොකෙන්තො අනෙකරංසිජාලවිසරවිප්ඵුරිතවරසරීරං පසන්නවදනවණ්ණසොභං විප්පසන්නච්ඡවිරාගං දසබලමභිජ්ජලන්තං දිස්වා චින්තෙසි – “අයං සමණො අග්ගිදාහං සහති, හන්දාහං ඉමං සමණං උදකොඝෙන ඔසාදෙත්වා මාරෙස්සාමී”ති අතිගම්භීරං උදකොඝං විමානාභිමුඛං පවත්තෙසි.
සුදස්සන දෙව්රජද යක්ෂ සමාගමයෙන් එන්නේ සිය භවනයෙන් සවනක් රස් විහිදෙනු දැක මෙසේ සිතීය. වෙනදා මාගේ භවනයෙහි මෙවැනි නානා රශ්මි ජාලාවෙන් බබළන අසිරියක් නොදිටිමි. කවරනම් දෙවියෙක් හෝ මිනිසෙක් පිවිසියේදෝයි කියා බලන්නේ උදාගිරිකුළු මුදුන්හි සරාකල හිරු මෙන් සවනක් රස්දැලින් බබළමින් හුන් භාග්‍යවතුන් වහන්සේ දැක මේ මුඩුමහණ තෙම මාගේ පිරිවර ජනයා පිරිවරා වරාසනයෙහි හිඳිනේ යයි ක්‍රෝධයෙන් මැඩුණු සිතින් දැන් මොහුට මාගේ බල පෙන්වමී සිතා ඒ මුළුමහත් පර්වතය එකම ගිනිජාලාවක් කළේය. මේ ගිනිජාලාවෙන් මුඩුමහණ හළුවන්නට ඇතැයි බලන්නේ නොඑක් රැස්දැල් සමූහයෙන් බබළන සිරුරු ඇති පහන්පැහැ මුවශෝභා ඇති පැහැපත් ඡවිශෝභා යුත් දිදුලන දසබලයන් වහන්සේ දැක මේ මහණ අග්නිදාහය ඉවසයි. දැන් මම මේ මහණ සැඩදිය පහරෙහි ගිල්වා මරමියි ඉතා ගැඹුරු දියපහරක් විමානයට අභිමුඛ කොට පැවැත්වීය.
තතො උදකොඝෙන පුණ්ණෙ තස්මිං විමානෙ නිසින්නස්ස තස්ස භගවතො චීවරෙ අංසුමත්තං වා සරීරෙ ලොමමත්තං වා න තෙමිත්ථ. තතො සුදස්සනො දෙවරාජා – “ඉමිනා සමණො නිරස්සාසො මතො භවිස්සතී”ති මන්ත්වා උදකං සඞ්ඛිපිත්වා ඔලොකෙන්තො භගවන්තං අසිතජලධරවිවරගතං සරදසමයරජනිකරමිව විවිධරංසිජාලවිසරෙන විරොචමානං සකපරිසපරිවුතං නිසින්නං දිස්වා අත්තනො මක්ඛං අසහමානො – “හන්ද මාරෙස්සාමි න”න්ති කොධෙන නවවිධආවුධවස්සං වස්සෙසි. අථස්ස භගවතො ආනුභාවෙන සබ්බාවුධානි නානාවිධපරමරුචිරදස්සනා සුරභිකුසුමමාලා හුත්වා දසබලස්ස පාදමූලෙ නිපතිංසු.
ඒ විමානය සැඩපහරින් පිරුණු කල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරෙහි අංශු මාත්‍රයක්වත් සිරුරෙහි රෝම මාත්‍රයක් වත් නොතෙමිණ. ඉක්බිති සුදස්සන දෙව්රජ මෙයින් ශ්‍රමණ ආස්වාස රහිතව මිය යන්නට ඇතැයි සිතා දිය වළකා බලන්නේ නිල්මේකුළු විවරගත සරාකල සඳ මෙන් නානා රස්දැලින් බබළන සියපිරිස් පිරිවරා හුන් භාග්‍යවතුන් වහන්සේ දැක මකුබව දරාගත නොහී දැන් මොහු මරමියි නවවිධ ආයුධ වර්ෂාවක් වැස්සවීය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු ආයුධ නන් වැදෑරුම් පරම රුචිර දැකුම් ඇති සුවඳ මල්මාලා බවට පත්ව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටී ගියේය.
තතො තං අච්ඡරියං දිස්වා සුදස්සනො දෙවරාජා පරමකුපිතමානසො භගවන්තං උභොහි හත්ථෙහි පාදෙසු ගහෙත්වා අත්තනො භවනතො නීහරිතුකාමො උක්ඛිපිත්වා මහාසමුද්දං අතික්කමිත්වා චක්කවාළපබ්බතං ගන්ත්වා – “කිං නු ඛො සමණො ජීවති වා මතො වා”ති ඔලොකෙන්තො තස්මිංයෙව ආසනෙ නිසින්නං දිස්වා – “අහො මහානුභාවො අයං සමණො, නාහං ඉමං සමණං ඉතො නික්කඩ්ඪිතුං සක්කොමි. යදි හි මං කොචි ජානිස්සති, අනප්පකො මෙ අයසො භවිස්සති. යාවිමං කොචි න පස්සති, තාව නං විස්සජ්ජෙත්වා ගමිස්සාමී”ති චින්තෙසි.
එවිට ඒ අසිරිය දැක සුදස්සන දෙව්රජ පරම කුපිත මනසින් භාග්‍යවතුන් වහන්සේ දෑතින් දෙපයින් ගෙන සිය භවනයෙන් ඇද දමනු රිසිව ඔසවා මුහුද ඉක්මවා සක්වළගලට ගොස් කිම මහණ, ජීවත් වෙයිද මළේදැයි බලන්නේ එම අසුනෙහිම හිඳිනු දැක පුදුමයි, මේ ශ්‍රමණ මහානුභාවය. මම මේ මහණ මෙතැනින් නෙරපීමට අසමත් වෙමි. ඉඳින් කිසිවකු මා දැනගතහොත් මට අපමණ අපකීර්තියකි. කිසිවකුත් දැනගැනීමට පෙර ඔහු එලවා දමන්නෙමියි සිතීය.
අථ දසබලො තස්ස චිත්තාචාරං ඤත්වා තථා අධිට්ඨාසි, යථා නං සබ්බෙ දෙවමනුස්සා පස්සන්ති. තස්මිඤ්ච දිවසෙ සකලජම්බුදීපෙ එකසතරාජානො තස්සෙව උපහාරදානත්ථාය සන්නිපතිංසු. තෙ භගවතො පාදෙ ගහෙත්වා නිසින්නං සුදස්සනං දෙවරාජානං නරරාජානො දිස්වා – “අම්හාකං දෙවරාජා මුනිරාජස්ස පියදස්සිස්ස සත්ථුනො පාදපරිචරියං කරොති, අහො බුද්ධා නාම අච්ඡරියා, අහො බුද්ධගුණා විසිට්ඨා”ති භගවති, පසන්නචිත්තා සබ්බෙ භගවන්තං නමස්සමානා සිරස්මිං අඤ්ජලිං කත්වා අට්ඨංසු. තත්ථ පියදස්සී භගවා තං සුදස්සනං දෙවරාජානං පමුඛං කත්වා ධම්මං දෙසෙසි. තදා දෙවමනුස්සානං නවුතිකොටිසහස්සානි අරහත්තං පාපුණිංසු. සො දුතියො අභිසමයො අහොසි.
එවිට භාග්‍යවතුන් වහන්සේ සිත්හසර දැන සියලු දෙවිමිනිසුන්ට පෙනෙන පරිදි අධිෂ්ඨාන කළ සේක. එදින මුළු දඹදිව සියයක් රජවරු ඔහුට උපහාර පිණිස රැස්වූහ. ඒ නරරජවරු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වැඳගෙන සිටි සුදස්සන දෙව්රජු දැක අපගේ දෙව්රජ පියදස්සී ශාස්තෘන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරයි. අපොයි බුදුවරු නම් ආශ්චර්ය වෙති. බුදුගුණ විශිෂ්ටයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් සියල්ලෝම බුදුන්ට නමස්කාර කරමින් හිසෙහි ඇඳිලි බඳිමින් සිටියහ. එහිදී පියදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍යරාජයා ප්රමුඛ කොට ධර්මදේශනා කළ සේක. එදින අනූකෙළ දහසක් දිව්‍යමනුෂ්‍යයෝ ධර්මාවබෝධ කළහ. එය දෙවන ධර්මාභිසමය විය.
යදා පන නවයොජනප්පමාණෙ කුමුදනගරෙ බුද්ධපච්චත්ථිකො දෙවදත්තො විය සොණත්ථෙරො නාම මහාපදුමකුමාරෙන සද්ධිං මන්තෙත්වා තස්ස පිතරං ඝාතෙත්වා පුන පියදස්සීබුද්ධස්ස වධාය නානප්පකාරං පයොගං කත්වාපි ඝාතෙතුං අසක්කොන්තො සො දොණමුඛනාගරාජාරොහං පක්කොසාපෙත්වා තං පලොභෙත්වා තමත්ථං ආරොචෙසි – “යදා පනායං සමණො පියදස්සී ඉමං නගරං පිණ්ඩාය පවිසති, තදා දොණමුඛං නාම ගජවරං විස්සජ්ජෙත්වා පියදස්සීසමණං මාරෙහී”ති.
නවයොදුන් පමණ කුමුද නුවර දෙව්දත් මෙන් බුදුන්ට පසමිතුරු සෝණ නම් තෙර මහාපදුම නම් කුමරු සමග කුමන්ත්‍රණය කොට ඔහුගේ පියා මරවා නැවත පියදස්සී බුදුන් නැසීම පිණිස නානාප්‍රකාර ප්‍රයෝග කොටත් ඝාතනය කළ නොහැකිව හෙතෙම දොණමුඛ නම් ඇතු බලන ඇත්ගොවු කැඳවා ඔහු පොළඹවා ඒ කරුණ කීය. යම් විටක මේ පියදස්සී ශ්‍රමණයා මෙනුවරට පිඬු පිණිස පිවිසෙයිද එවිට දොණමුඛ ඇත්රජු මෙහෙයවා පියදස්සී ශ්‍රමණ මරවමියි කීය.
අථ සො ආරොහො හිතාහිතවිචාරණරහිතො රාජවල්ලභො – “අයං සමණො ඨානන්තරාපි මං චාවෙය්යා”ති මන්ත්වා “සාධූ”ති සම්පටිච්ඡිත්වා දුතියදිවසෙ දසබලස්ස නගරප්පවෙසනසමයං සල්ලක්ඛෙත්වා සුජාතමත්ථකපිණ්ඩකුම්භනලාටං ධනුසදිසදීඝසුණ්ඩතටං සුවිපුලමුදුකණ්ණං මධුපිඞ්ගලනයනං සුන්දරක්ඛන්ධාසනං අනුවට්ටඝනජඝනං නිචිතගූළ්හජාණුඅන්තරං ඊසාසදිසරුචිරදන්තං සුවාලධිං අපචිතමෙචකං සබ්බලක්ඛණසම්පන්නං අසිතජලධරසදිසචාරුදස්සනං සීහවික්කන්තලලිතගාමිනං ජඞ්ගමමිව ධරාධරං සත්තප්පතිට්ඨං සත්තධා පභින්නං සබ්බසො විස්සවන්තං විග්ගහවන්තමිව අන්තකං උපසඞ්කමිත්වා පිණ්ඩකබළඤ්ජනධූපලෙපාදිවිසෙසෙහි භිය්යොපි මත්තප්පමත්තං කත්වා අරිවාරණවාරණං එරාවණවාරණමිව අරිජනවාරණං මුනිවාරණං මාරණත්ථාය පෙසෙසි. අථ සො ද්විරදවරො මුත්තමත්තොව ගජමහිංසතුරඞ්ගනරනාරියො හන්ත්වා හතරුධිරපරිරඤ්ජිතසදන්තකරසරීරො අන්තජාලපරියොනද්ධනයනො සකටකවාටකූටාගාරද්වාරතොරණාදීනි භඤ්ජිත්වා කාක-කුලල-ගිජ්ඣාදීහි අනුපරියායමානො හතමහිංසනරතුරඞ්ගදිරදාදීනං අඞ්ගානි ආලුම්පිත්වා මනුස්සභක්ඛො යක්ඛො විය භක්ඛයන්තො දූරතොව දසබලං සිස්සගණපරිවුතං ආගච්ඡන්තං දිස්වා අනිලගරුළසදිසවෙගො වෙගෙන භගවන්තමභිගඤ්ඡි.
ඉක්බිති ඒ ඇත්ගොවු තෙම හිතා හිත විමසීම් රහිතව රාජපාක්ෂිකව මේ ශ්‍රමණයා මා තනතුරෙනුත් පහකරන්නේ යයි දැන මැනවැයි එකඟව දෙවන දින තථාගතයන් වහන්සේ නුවරට පිවිසෙන වේලාව බලා පිඩුවූ කුම්භස්ථල සහිත සුජාත මස්තක ඇති දුනු වැනි දික් සොඩතල ඇති පුළුල් මෘදු කන් ඇති පිඟුවන් නුවන් යුත් සොඳුරුකඳ අසුන් ඇති අනුවුත ඝන කෙණ්ඩා ඇති දණ අතර සැඟවුණු ගුය්හ ඇති හීවැනි සොඳුරු දළ ඇති මනා වලග යුත් සොඳුරු වලගමුල් ඇති සියලු හස්ති ලක්ෂණ සම්පන්න නිල් වලාවක් මෙන් සුන්දර දසුන් ඇති සිංහ වික්‍රාන්ත ලීලෝපෙත ගමන් ඇති ජංගම පර්වතයක් බඳු සත්තැන් බිම පිහිටි සත් අයුරින් විශේෂත්වයට පත් සර්වප්රකාරයෙන් මදවැහෙන විභ්‍රමණ මාරයා වැනි ඇතු ළඟට ගොස් පිඬු අහර අඳුන් බූප ආලේපාදි විශේෂයෙන් වඩාත් මත්ත ප්‍රමත්ත කොට සතුරු ඇතුන් මඬින ඓරාවණ වාණරයා වැනි සතුරන් නසාලන ඇතු මුනිවාරණයන් මරණු පිණිස පිටත්කොට හැරියේය. ඉක්බිති ඒ ඇත්රජ මිදූ කෙණෙහිම ඇත් මිහි අස් ස්ත්‍රී පුරුෂයන් නසා ලේ තැවරුණු හිරුවැනි රතුසිරුරු ඇතිව බඩවැල් ජාලයෙන් වැසුණු ඇසින් ගැල්කවුළු කූටාගාර දොරටු තොරණ ආදිය බිඳ කාක උකුසු ගිජුලිහිණි ආදීන් විසින් වටේ හැසිරෙනු ලබන්නේ මළ මිහි නර කුරංගාදීන්ගේ අඟපසඟ කඩා දමා මිනී කන යකකු මෙන් කටින් සිසුගණ පිරිවරා දුරින් වඩින බුදුන් දැක අහස සරණ ගුරුළකුට බඳු වේගයෙන් බුදුන් ඉදිරියට දිවගියේය.
අථ පුරවාසිනො පන ජනා භයසන්තාපපරිපූරිතමානසා පාසාදපාකාරචයතරූපගතා තථාගතාභිමුඛමභිධාවන්තං දිස්වා හාහාකාරසද්දමකංසු. කෙචි පන උපාසකා තං නානප්පකාරෙහි නයෙහි නිවාරයිතුමාරභිංසු. අථ සො බුද්ධනාගො හත්ථිනාගමායන්තමොලොකෙත්වා කරුණාවිප්ඵාරසීතලහදයො මෙත්තාය තං ඵරි. තතො සො හත්ථිනාගො මෙත්තාඵරණෙන මුදුකතහදයසන්තානො අත්තනො දොසාපරාධං ඤත්වා ලජ්ජාය භගවතො පුරතො ඨාතුං අසක්කොන්තො පථවියං පවිසන්තො විය සිරසා භගවතො පාදෙසු නිපති. එවං නිපන්නො පන සො තිමිරනිකරසදිසසරීරො සඤ්ඡාප්පභානුරඤ්ජිතවරකනකගිරිසිඛරසමීපමුපගතො අසිතසලිලධරනිකරො විය විරොචිත්ථ.
එවිට පුරවැසි ජනයා භය සන්ත්රාසය පිරුණු හදින් ප්‍රාසාද ප්‍රාකාර ගොඩැලි ගස්වලට නැග තථාගතයන් වහන්සේ ඉදිරියට පනිනු දැක හා හා කියා කෑගැසූහ. සමහර උපාසකයෝ නන් අයුරින් ඔහු වැළැක්වීමට පටන් ගත්හ. එවිට ඒ බුද්ධනාගයාණෝ එන්නා වූ හස්තිනාගයා බලා කරුණාව පැතිරීමෙන් සිසිල් වූ හදින් ඔහුට මෛත්‍රිය පැතිර වූ සේක. ඉක්බිති ඒ හස්තිනාගයා මෙත් පැතිරවීමෙන් මොළොක් වූ සිත් සතන් ඇතිව තමාගේ දොෂාපරාධය දැන ලජ්ජාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැකිව පොළොවට පිවිසෙන්නාක් මෙන් හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටුණේය. මෙසේ වැටුණා වූ ඒ හස්තියා අඳුරු ගොඩක් බඳු සිරුරු ඇත්තේ සැදෑ කාන්තිය රැඳි රන්ගිරිකුළක් ළඟට වන් නිල්මේකුළු ගොඩක් මෙන් බැබළී ගියේය.
අථෙවං මුනිරාජපාදමූලෙ කරිරාජානං සිරසා නිපතන්තං දිස්වා නාගරජනා පරමපීතිපූරිතහදයා සාධුකාරසීහනාදං උක්කුට්ඨිසද්දං පවත්තයිංසු. සුරභිකුසුමමාලාචන්දනගන්ධචුණ්ණාලඞ්කාරාදීහි තං අනෙකප්පකාරං පූජෙසුං. සමන්තතො චෙලුක්ඛෙපා පවත්තිංසු. ගගනතලෙ සුරදුන්දුභියො අභිනදිංසු. අථ භගවා තමසිතගිරිසිඛරමිව පාදමූලෙ නිපන්නං දිරදවරං ඔලොකෙත්වා අඞ්කුසධජජාලසඞ්ඛචක්කාලඞ්කතෙන කරතලෙන ගජවරමත්ථකං පරාමසිත්වා තස්ස චිත්තාචාරානුකූලාය ධම්මදෙසනාය තං අනුසාසි –
එවිට මෙසේ මුනිරාජ පාදමූලයෙහි වැටීසිටි ඇත්රජු දැක නුවර වැස්සෝ ප්රීතිභරිත හදින් සාධුකාර සිංහනාද ද මහත් ඝෝෂාද පැවැත්වූහ. සුවඳ මල්මාලා සඳුන් සුවඳසුණු අලංකාරාදියෙන් උන්වහන්සේට නානාප්‍රකාරයෙන් පුද කළහ. හාත්පස පිළිසීසැරීම් පැවැත්වූහ. අහස දෙව්බෙර නාදවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ අඳුරු ගිරිකුළක් මෙන් පාමුල හොත් ඇත්රජු බලා අංකුස ධජජාල සංඛචක්රාදියෙන් අලංකෘත අත්තලයෙන් ඇතුගේ කුඹ පිරිමැද ඔහුගේ සිතට අනුකුල ධර්ම දේශනයකින් ඔහුට අනුශාසනා කළ සේක.
“ගජවර වදතො සුණොහි වාචං, මම හිතමත්ථයුතඤ්ච තං භජාහි; තව වධනිරතං පදුට්ඨභාවං, අපනය සන්තමුපෙහි චාරුදන්ති.
ගජවර වදතො සුණොහි වාචං මම හිතමත්ථයුතඤ්ච භජාභි, තව වධනිරතං පදුට්ඨභාවං අපනය සන්තමුපෙහි චාරුදන්ති
“ලොභෙන දොසෙන ච මොහතො වා, යො පාණිනො හිංසති වාරණින්ද; සො පාණඝාතී සුචිරම්පි කාලං, දුක්ඛං සුඝොරං නරකෙනුභොති.
ලොභෙන දොසෙන ච මොහතො වා යො පාණිනො හිංසති වාරණින්ද, සො පාණඝාතී සුචිරම්පි කාලං දුක්ඛං සුඝොරං නරකෙ’නුභොති
“මාකාසි මාතඞ්ග පුනෙවරූපං, කම්මං පමාදෙන මදෙන වාපි; අවීචියං දුක්ඛමසය්හ කප්පං, පප්පොති පාණං අතිපාතයන්තො.
මාකාසි මාතංග පුනෙවරූපං කම්මං පමාදෙන මදෙන වාපි, අවීචියං දුක්ඛමසය්හකප්පං පප්පොති පාණං අතිපාතයන්තො
“දුක්ඛං සුඝොරං නරකෙනුභොත්වා, මනුස්සලොකං යදි යාති භිය්යො; අප්පායුකො හොති විරූපරූපො, විහිංසකො දුක්ඛවිසෙසභාගී.
දුක්ඛං සුඝොරං නරකෙ’නුභොත්වා මනුස්සලොකං යදි යාති භීයො, අප්පායුකො හොති විරූපරූපො විහිංසකො දුක්ඛවිසෙසභාගී
“යථා ච පාණා පරමං පියා තෙ, මහාජනෙ කුඤ්ජර මන්දනාග; තථා පරස්සාපි පියාති ඤත්වා, පාණාතිපාතො පරිවජ්ජනීයො.
යථා ච පාණා පරමං පියා තෙ මහාජනෙ කුඤ්ජර මන්දනාග, තථා පරස්සාපි පියාති ඤත්වා පණාතිපාතො පරිවජ්ජනීයො
“දොසෙ ච හිංසානිරතෙ විදිත්වා, පාණාතිපාතා විරතෙ ගුණෙ ච; පාණාතිපාතං පරිවජ්ජය ත්වං, සග්ගෙ සුඛං ඉච්ඡසි චෙ පරත්ථ.
දොසෙ ච හිංසානිරතෙ විදිත්වා පාණාතිපාතා විරතෙ ගුණෙ ච, පාණාතිපාතං පරිවජ්ජයිත්ව සග්ගෙ සුඛං ඉච්ඡය ත්වං පරත්ථ
“පාණාතිපාතා විරතො සුදන්තො, පියො මනාපො භවතීධ ලොකෙ; කායස්ස භෙදා ච පරං පනස්ස, සග්ගාධිවාසං කථයන්ති බුද්ධා.
පාණාතිපාතා විරතො සුදන්තො පියො මනාපො භවනීධ ලොකෙ, කායස්ස භෙදා ච පරං පනස්ස සග්ගාධිවාසං කථයන්ති බුද්ධා
“දුක්ඛාගමං නිච්ඡති කොචි ලොකෙ, සබ්බොපි ජාතො සුඛමෙසතෙව; තස්මා මහානාග විහාය හිංසං, භාවෙහි මෙත්තං කරුණඤ්ච කාලෙ”ති.
දුක්ඛාගමං නිච්ඡති කොචි ලොකෙ සබ්බොපි ජාතො සුඛමෙසතෙව, තස්මා මහානාග විහාය හිංසං භාවෙහි මෙත්තං කරුණං ච කාලෙති
හස්තිරාජය, කියන්නා වූ මාගේ වචනය අසව. හිතවත් අර්ථවත් අය ඇසුරු කරව. වධයෙහි නිරත තොපගේ දුෂ්ට බව අත්හරුව. සුන්දර දළ ඇත්ත, ශාන්ත වෙව. ලොභයෙන් ද්වේෂයෙන් හෝ මෝහයෙන් වාරතාන්ද්රය යමෙක් ප්‍රාණීන්ට හිංසා කරයි ද ඒ ප්රාණඝාතියා බොහෝකල් නිරයෙහි ගොරතර දුක් විඳී.
හස්තිය, ප්‍රමාදයෙන් හෝ මදයෙන් නැවත මෙවැනි කර්ම නොකරව. ප්‍රාණඝාත කරන්නා නොයිවසිය හැකි දුක් දෙන අවීචියට පැමිණෙයි. අපායෙහි ගොරබිරම් දුක්විඳ නැවත මිනිස්ලොව පැමිණියද බෙහෙවින් අල්පායුෂ්ක වෙයි. විරූප දේහ ඇත්තේ වෙයි. විහිංසකයා දුක් විශේෂයට භාජනය වෙයි.
කුඤ්ජරජය, යම්සේ තොපට ජීවිතය පරම ප්‍රියද එසේම අනුන්ටත් ප්‍රිය බව සිතා ප්‍රාණඝාතය දුරු කටයුතුය.
හිංසාවෙහි නිරතවීමේ දොස් ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි ගුණද දැන ප්‍රාණඝාතය අතහැර තෝ පරලොව සග සැප කැමති වෙව. ප්‍රාණඝාතයෙන් වැළකි සුදාන්තයා මෙලොව ප්‍රිය ද මනාප ද වෙයි. කය බිඳී පරලොව සුගතියට යතැයිද බුදුවරු පවසති.
ලොව කිසිවෙක් දුක කැමති නොවෙති. උපන් සියල්ලෝ සැපම සොයති. එබැවින් මහා හස්තිය, හිංසාව අතහැර සුදුසු අවස්ථාවෙහි මෛත්‍රිය හා කරුණාව වඩව.
අථෙවං දසබලෙනානුසාසියමානො දන්තිවරො සඤ්ඤං පටිලභිත්වා පරමවිනීතො විනයාචාරසම්පන්නො සිස්සො විය අහොසි. එවං සො පියදස්සී භගවා අම්හාකං සත්ථා විය ධනපාලං දොණමුඛං කරිවරං දමිත්වා තත්ථ මහාජනසමාගමෙ ධම්මං දෙසෙසි. තදා අසීතිකොටිසහස්සානං ධම්මාභිසමයො අහොසි. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනු ලබන්නේ ඇතා සිහි ලැබ පරම විනීත විනය ආචාර සම්පන්න ශිෂ්‍යයකු මෙන් විය. මෙසේ පිය පියදස්සී භාග්‍යවතුන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ ධනපාල ඇතු මෙන් දොණමුඛ ඇතු දමනය කොට ඒ මහජන සමාගමයෙහි ධර්මදේශනා කළ සේක. එකල්හි අසූ කෙළලක්ෂයක් ජනයාට ධර්මාවබෝධය විය. මේ තෙවන සමාගමයයි. එයින් කියන ලදි.
“සුජාතස්ස අපරෙන, සයම්භූ ලොකනායකො; දුරාසදො අසමසමො, පියදස්සී මහායසො.
සුජාතස්ස අපරෙන සයම්භූ ලොකනායකො දුරාසදො අසමසමො පියදස්සී මහායසො
“සොපි බුද්ධො අමිතයසො, ආදිච්චොව විරොචති; සබ්බං තමං නිහන්ත්වාන, ධම්මචක්කං පවත්තයි.
සොපි බුද්ධො අමිතයසො ආදිච්චොව විරොචති නිහනත්වාන තමං සබ්බං ධම්මචක්කං පවත්තයි
“තස්සාපි අතුලතෙජස්ස, අහෙසුං අභිසමයා තයො; කොටිසතසහස්සානං, පඨමාභිසමයො අහු.
තස්සාපි අතුතෙජස්ස අහෙසුං අභිසමයො තයො කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූ
“සුදස්සනො දෙවරාජා, මිච්ඡාදිට්ඨිමරොචයි; තස්ස දිට්ඨිං විනොදෙන්තො, සත්ථා ධම්මමදෙසයි.
සුදස්සනො දෙවරාජා මිච්ඡා දිට්ඨිමරොචයි තස්ස දිට්ඨි විනොදෙත්වා සත්ථා ධම්මමදෙසයි
“ජනසන්නිපාතො අතුලො, මහාසන්නිපතී තදා; නවුතිකොටිසහස්සානං, දුතියාභිසමයො අහු.
ජනසන්නිපාතො අතුලො මහාසන්නිපති තදා නවුති කොටිසහස්සානං ධම්මාභිසමයො අහූ
“යදා දොණමුඛං හත්ථිං, විනෙසි නරසාරථි; අසීතිකොටිසහස්සානං, තතියාභිසමයො අහූ”ති.
යදා දොණමුඛං හත්ථිං විනොසි නරසාරථි අසීති කොටිසහස්සානං ධම්මාභිසමයො අහූති
සුමඞ්ගලනගරෙ පාලිතො නාම රාජපුත්තො ච පුරොහිතපුත්තො සබ්බදස්සිකුමාරො චාති ද්වෙ සහායකා අහෙසුං. තෙ පියදස්සිම්හි සම්මාසම්බුද්ධෙ චාරිකං චරන්තෙ “අත්තනො නගරං සම්පත්තො”ති සුත්වා කොටිසතසහස්සපරිවාරා පච්චුග්ගමනං කත්වා තස්ස ධම්මං සුත්වා සත්තාහං මහාදානං දත්වා සත්තමෙ දිවසෙ භගවතො භත්තානුමොදනාවසානෙ කොටිසතසහස්සෙහි සද්ධිං පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. තෙසං පන මජ්ඣෙ භගවා පාතිමොක්ඛං උද්දිසි, සො පඨමො සන්නිපාතො අහොසි. අථාපරෙන සමයෙන සුදස්සනදෙවරාජස්ස සමාගමෙ නවුතිකොටියො අරහත්තං පාපුණිංසු. තෙහි පරිවුතො සත්ථා පාතිමොක්ඛං උද්දිසි, අයං දුතියො සන්නිපාතො අහොසි. පුන දොණමුඛවිනයනෙ අසීතිකොටියො පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. තෙසං මජ්ඣෙ භගවා පාතිමොක්ඛං උද්දිසි, අයං තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
සුමංගල නුවර පාලි නම් රාජපුත්‍රයා ද පුරෝහිත පුත්‍ර සබ්බදස්සි කුමාරයා ද යහළුවෝ වූහ. ඔවුහු පියදස්සී සම්මා සම්බුදුන් චාරිකා කරද්දී තම නුවරට වැඩි බව අසා කෙළලක්ෂයක් පිරිවරින් පෙරගමන් කොට උන්වහන්සේගේ බණ අසා මහදන් පුදා සත්වන දින භාග්‍යවතුන් වහන්සේගේ භූත්තානුමෝදනාවසානයෙහි කෙළලක්ෂයක් සමග පැවිදිව රහත් වූහ. භාග්‍යවතුන්ගේ උන්වහන්සේලා මැද පාමොක් දෙසූහ. එය ප්‍රථම සන්නිපාතයයි. පසු කල සුදස්සන දේවරාජ සමාගමයෙහි අනූකෙළක් රහත් වූහ. උන්වහන්සේලා පිරිවරා ශාස්තෘන් වහන්සේ පාමොක් දෙසූහ. මෙය දෙවන රැස්වීම විය. නැවත දෝණමුඛ දමනයෙහි අසූකෙළක් මහණව රහත්වූහ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලා මැද පාමොක් දෙසූහ. මෙය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි.
“සන්නිපාතා තයො ආසුං, තස්සාපි පියදස්සිනො; කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
සන්නිපාතා තයො ආසුං තස්සපි පියදස්සිනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො
“තතො පරං නවුතිකොටී, සමිංසු එකතො මුනී; තතියෙ සන්නිපාතම්හි, අසීතිකොටියො අහූ”ති.
තතොපරං නවුතිකොටි සමිංසු එකකො මුනි තතියෙ සන්නිපාතම්හි අසීතිකොටියො අහූති
තදා අම්හාකං බොධිසත්තො කස්සපො නාම බ්‍රාහ්මණමාණවො ඉතිහාසපඤ්චමානං තිණ්ණං වෙදානං පාරගූ හුත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා කොටිසතසහස්සපරිච්චාගෙන පරමාරාමං සඞ්ඝාරාමං කාරෙත්වා සරණෙසු ච පඤ්චසීලෙසු ච පතිට්ඨාසි. අථ නං සත්ථා – “ඉතො අට්ඨාරසකප්පසතච්චයෙන ගොතමො නාම බුද්ධො ලොකෙ භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල අප බෝසතාණෝ ඉතිහාසය පස්වන කොටැති ත්‍රිවේදයෙහි පාරගත බමුණු තරුණයෙක්ව ශාස්තෘන් වහන්සේගේ බණ අසා කෙළලක්ෂයක් පරිත්‍යාගයෙන් පරම රමණීය සංඝාරාමයක් කරවා තිසරණ පන්සිල්හි පිහිටියහ. එවිට ශාස්තෘන් වහන්සේ මෙයින් අටළොස් කප් සියයකින් මතු ගොතම නම් බුදුවන්නේය කියා උන්වහන්සේට ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, කස්සපො නාම බ්රාහ්මණො; අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ.
අහං තෙන සමයෙන තස්සපො නාමමාණවො අජ්ඣායකො මන්තධරො තින්නං වෙදානපාරගූ
“තස්ස ධම්මං සුණිත්වාන, පසාදං ජනයිං අහං; කොටිසතසහස්සෙහි, සඞ්ඝාරාමං අමාපයිං.
තස්ස ධම්මං සුණිත්වාන පසාදං ජනයිං අහං කොටිසතසහස්සහි සංඝාරාමං අමාපයිං
“තස්ස දත්වාන ආරාමං, හට්ඨො සංවිග්ගමානසො; සරණෙ පඤ්චසීලෙ ච, දළහං කත්වා සමාදියිං.
තස්ස දත්වාන ආරාමං හට්ඨො සංවිග්ගමානසො සරණෙ පඤ්ඤසීලෙච දළ්හං කත්වා සමාදියිං
“සොපි මං බුද්ධො බ්යාකාසි, සඞ්ඝමජ්ඣෙ නිසීදිය; අට්ඨාරසෙ කප්පසතෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි මං තදා ව්යාකාසි සංඝමජ්ඣෙ නිසීදිය අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ- භෙස්සාම සමුඛා ඉමං
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”ති.
තස්සාපි වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමිපූරියාති
තත්ථ සරණෙ පඤ්චසීලෙ චාති තීණි සරණානි පඤ්ච සීලානි චාති අත්ථො. අට්ඨාරසෙ කප්පසතෙති ඉතො අට්ඨසතාධිකස්ස කප්පසහස්සස්ස අච්චයෙනාති අත්ථො.
එහි සරණෙ පඤ්චසීලෙ යනු; තිසරණය ද පඤ්චසීලය ද යන අර්ථයි. අට්ඨාරසෙ කප්පසතෙ යනු; මෙයින් කල්ප අටසියයක් අධික කල්ප ලක්ෂයක් ඇවෑමෙන් යන අර්ථයි.
තස්ස පන භගවතො සුධඤ්ඤං නාම නගරං අහොසි. පිතා සුදත්තො නාම රාජා, මාතා සුචන්‍දා නාම දෙවී, පාලිතො ච සබ්බදස්සී ච ද්වෙ අග්ගසාවකා, සොභිතො නාමුපට්ඨාකො, සුජාතා ච ධම්මදින්නා ච ද්වෙ අග්ගසාවිකා, කකුධරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, නවුතිවස්සසහස්සානි ආයු, විමලා නාමස්ස අග්ගමහෙසී අහොසි, කඤ්චනාවෙළො නාම පුත්තො, සො ආජඤ්ඤරථෙන නික්ඛමීති. තෙන වුත්තං –
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සුධඤ්ඤවතී නම් විය. සුදත්ත නම් රජ පියාණෝය. සුචන්ද්ර නම් දේවිය මෑණියෝය. පාලිත සබ්බදස්සී දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සෝභිත නමි. සුජාතා ධම්මදින්නා දෙනම අග්රශ්රාවිකාවෝය. කකුධ වෘක්ෂය බෝධියයි. ශරීරය අසූරියන් උසය. ආයු අවුරුදු නවදහසකි. අගමෙහෙසිය විමලා නම් වූවාය. පුත්‍රයා කඤ්චනාවෙල නමි. උන්වහන්සේ ආජඤ්ඤ රථයෙන් මහබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“සුධඤ්ඤං නාම නගරං, සුදත්තො නාම ඛත්තියො; චන්දා නාමාසි ජනිකා, පියදස්සිස්ස සත්ථුනො.
සුඛඤ්ඤං නාම නගරං සුදත්තො නාම ඛත්තියො සුචන්ද්ර නාම ජනිකා පියදස්සිස්ස සත්ථුනො
“පාලිතො සබ්බදස්සී ච, අහෙසුං අග්ගසාවකා; සොභිතො නාමුපට්ඨාකො, පියදස්සිස්ස සත්ථුනො.
පාලිතො සබ්බදස්සී ච අහෙසුං අග්ගසාවකා සොභිතො නාමුපට්ඨාකො පියදස්සිස්ස සත්ථුනො
“සුජාතා ධම්මදින්නා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, කකුධොති පවුච්චති.
සුජාතා ධම්මදින්නා ච අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො කකුධොති පවුච්චති
“සොපි බුද්ධො අමිතයසො, ද්වත්තිංසවරලක්ඛණො; අසීතිහත්ථමුබ්බෙධො, සාලරාජාව දිස්සති.
සොපි බුද්ධො අමිතයසො ද්වත්තිංසවර ලක්ඛණො අසීතිහත්ථමුබ්බෙධො සාලරාජාච දිසති
“අග්ගිචන්දසූරියානං, නත්ථි තාදිසිකා පභා; යථා අහු පභා තස්ස, අසමස්ස මහෙසිනො.
අග්ගිචන්දසුරියානං නත්ථි තාදිසිකා පභා යථා ආසුං පභා තස්ස අසමස්ස මහෙසිනො
“තස්සාපි දෙවදෙවස්ස, ආයු තාවතකං අහු; නවුතිවස්සසහස්සානි, ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
තස්සාපි දෙවදෙවස්ස ආයු තාවතකා අහු නවුතිවස්සසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා
“සොපි බුද්ධො අසමසමො, යුගානිපි තානි අතුලියානි; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
සොපි බුද්ධො අසමසමො යුගනිපි තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරාති
තත්ථ සාලරාජා වාති සබ්බඵාලිඵුල්ලො පරමරමණීයදස්සනො සමවට්ටක්ඛන්ධො සාලරාජා විය දිස්සති. යුගානිපි තානීති අග්ගසාවකයුගාදීනි යුගළානි. සෙසගාථාසු සබ්බත්ථ උත්තානමෙවාති.
සාලරාජාව යනු මුළුමනින් පිපීගිය පරම රමණීය දැකුම්කළු සමවට කඳ ඇති සල්ගසක් මෙන් දක්නා ලැබේ. යුගානිපිතානි යනු; අග්‍රශ්‍රාවක යුගලාදි යුගලයන්, සෙසු ගාථාවල සියලු අර්ථ ප්‍රකටමය.
පියදස්සීබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
පියදස්සී බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො තෙරසමො බුද්ධවංසො.
තෙළෙස්වන බුද්ධවංසය සමාප්තයි.