12. සුජාතබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
12. සුජාතබුද්ධවංසවණ්ණනා
12. සුජාත බුද්ධවංස වර්ණනාව
තතො තස්සාපරභාගෙ තස්මිංයෙව මණ්ඩකප්පෙ අනුපුබ්බෙන අපරිමිතායුකෙසු සත්තෙසු අනුක්කමෙන පරිහායිත්වා නවුතිවස්සසහස්සායුකෙසු ජාතෙසු සුජාතරූපකායො පරිසුද්ධජාතො සුජාතො නාම සත්ථා ලොකෙ උදපාදි. සොපි පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා සුමඞ්ගලනගරෙ උග්ගතස්ස නාම රඤ්ඤො කුලෙ පභාවතියා නාම අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන මාතුකුච්ඡිතො නික්ඛමි. නාමග්ගහණදිවසෙ චස්ස නාමං කරොන්තො සකලජම්බුදීපෙ සබ්බසත්තානං සුඛං ජනයන්තො ජාතොති “සුජාතො” ත්වෙවස්ස නාමමකංසු. සො නවවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. සිරී උපසිරී සිරිනන්දො චාති තස්ස තයො පාසාදා අහෙසුං. සිරීනන්දාදෙවිප්පමුඛානි තෙවීසති ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං.
ඉක්බිති උන්වහන්සේට පසුකල එම මණ්ඩකල්පයෙහිම පිළිවෙලින් අප්‍රමාණ ආයු ඇති සත්ත්වයන් අනුක්රමයෙන් පිරිහී අනූදහසක් අවුරුදු ආයු වූ කල්හි මනාරූප කායෙන් පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් මවුකුසින් බිහිවූහ. නම් ගන්වන දින නම් කරනුයේ මුළු දඹදිව හැම සත්නට සැප ගෙනදෙමින් උපන්නේ යයි සුජාත කියාම නම් කළහ. උන්වහන්සේ නවදහසක් වස් ගිහිගෙයි විසූහ. සිරි, උපසිරි, නන්ද යයි තුන් පහයක් විය. සිරිනන්දා දේවිය ප්රමුඛ තෙවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා සිරීනන්දාදෙවියා උපසෙනෙ නාම පුත්තෙ උප්පන්නෙ හංසවහං නාම වරතුරඞ්ගමාරුය්හ මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පබ්බජි. තං පන පබ්බජන්තං මනුස්සානං කොටි අනුපබ්බජි. අථ සො තෙහි පරිවුතො නව මාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය සිරීනන්දනනගරෙ සිරීනන්දනසෙට්ඨිස්ස ධීතාය දින්නං පරමමධුරං මධුපායාසං පරිභුඤ්ජිත්වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සායන්හසමයෙ සුනන්දාජීවකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා වෙළුබොධිං උපසඞ්කමිත්වා තෙත්තිංසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා සූරියෙ ධරමානෙයෙව සමාරං මාරබලං විධමිත්වා සම්මාසම්බොධිං පටිවිජ්ඣිත්වා සබ්බබුද්ධානුචිණ්ණං උදානං උදානෙත්වා සත්තසත්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්වා බ්රහ්මුනා ආයාචිතො අත්තනො කනිට්ඨභාතිකං සුදස්සනකුමාරං පුරොහිතපුත්තං දෙවකුමාරඤ්ච චතුසච්චධම්මපටිවෙධසමත්ථෙ දිස්වා ආකාසෙන ගන්ත්වා සුමඞ්ගලනගරසමීපෙ සුමඞ්ගලුය්යානෙ ඔතරිත්වා උය්යානපාලෙන අත්තනො භාතිකං සුදස්සනකුමාරං පුරොහිතපුත්තං දෙවකුමාරඤ්ච පක්කොසාපෙත්වා තෙසං සපරිවාරානං මජ්ඣෙ නිසින්නො ධම්මචක්කං පවත්තෙසි. තත්ථ අසීතියා කොටීනං ධම්මාභිසමයො අහොසි. අයං පඨමාභිසමයො අහොසි.
උන්වහන්සේ සතර නිමිති දැක සිරිනන්දා දේවිය උපසේන නම් පුතු වැදූ කල හංසවහ නම් වරතුරඟු නැග මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව කෙළක් දෙන පැවිදි වූහ. ඉක්බිති උන්වහන්සේ ඔවුන් පිරිවරා නවමසක් ප්‍රධන් කොට වෙසක් පුන් පොහෝ දින සිරිනන්දන නුවර සිරිනන්දන සිටුදියණිය පිදූ පරමමධුර මීකිරිබත් වළඳා සල්වනයෙහි දිවාවිහාර කොට සවස සුනන්දා ජීවක දුන් අටතණමිට ගෙන හුණබෝධිය කරා පැමිණ තෙතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා හිරු තිබියදීම මරු සහිත මරබල සිඳ සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුවරුන්ට ආචීර්ණ උදන් අනා බෝමැඩ සමීපයෙහිම සත්සති ගෙවා බ්‍රහ්මයා විසින් අයදනා ලදුව සිය බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත පුත් දේ කුමරු ද සිවුසස් අවබෝධ කිරීමට සමත්බව දැන අහසින් වැඩ සුමංගල නුවර ළඟ සුමංගල උයන්හි බැස උයන්පාලක ලවා සිය සොහොයුරු සමග පුරෝහිත පුතු ද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දෙසූහ. එහි අසූකෝටියකට ධර්මාවබෝධ විය. මෙය ප්‍රථම ධර්මාභිසමයයි.
යදා පන භගවා සුදස්සනුය්යානද්වාරෙ මහාසාලමූලෙ යමකපාටිහාරියං කත්වා දෙවෙසු තාවතිංසෙසු වස්සාවාසං උපාගමි, තදා සත්තත්තිංසසතසහස්සානං ධම්මාභිසමයො අහොසි. අයං දුතියො අභිසමයො අහොසි. යදා පන සුජාතො දසබලො පිතුසන්තිකං අගමාසි, තදා සට්ඨිසතසහස්සානං ධම්මාභිසමයො අහොසි. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
යම්දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන් උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්රාතිහාර්යය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල සත්තිස් දහසකට ධර්මාවබෝධ විය. මේ දෙවන අභිසමයයි. යම්කලෙක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක්ද එකල සැටලක්ෂයකට ධර්මාවබෝධ විය. මේ තෙවන අභිසමය විය. එයින් කියන ලදි.
“තත්ථෙව මණ්ඩකප්පම්හි, සුජාතො නාම නායකො; සීහහනුසභක්ඛන්ධො, අප්පමෙය්යො දුරාසදො.
තත්ථෙව මණ්ඩකප්පම්හි සුජාතො නාම නායකො සීහහනු උසභක්ඛන්ධො අප්පමෙය්යො දුරාසදො
“චන්දොව විමලො බුද්ධො, සතරංසීව පතාපවා; එවං සොභති සම්බුද්ධො, ජලන්තො සිරියා සදා.
චන්දොව විමලො බුද්ධො සතරංජීව පතාපවා එවං සොභති සම්බුද්ධො ජලන්තො සිරියා සදා
“පාපුණිත්වාන සම්බුද්ධො, කෙවලං බොධිමුත්තමං; සුමඞ්ගලම්හි නගරෙ, ධම්මචක්කං පවත්තයි.
පාපුණිත්වාන සම්බුද්ධො කෙවලං බොධිමුත්තමං සුමංගලම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි
“දෙසෙන්තෙ පවරං ධම්මං, සුජාතෙ ලොකනායකෙ; අසීතිකොටී අභිසමිංසු, පඨමෙ ධම්මදෙසනෙ.
දෙසෙන්තෙ පවරං ධම්මං සුජාතෙ ලොකනායකෙ අසීතිකොටි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ
“යදා සුජාතො අමිතයසො, දෙවෙ වස්සං උපාගමි; සත්තත්තිංසසතසහස්සානං, දුතියාභිසමයො අහු.
යදා සුජාතො අමිතයසො දෙවෙ වස්සං උපාගමි සත්තතිංසසහස්සානං දුතියාභිසමයො අහු
“යදා සුජාතො අසමසමො, උපගච්ඡි පිතුසන්තිකං; සට්ඨිසතසහස්සානං, තතියාභිසමයො අහූ”ති.
යදා සුජාතො අසමසමො උපගඤ්ජි පිතුසන්තිකං සට්ඨිසතසහස්සානං තතියාභිසමයො අහූති
තත්ථ තත්ථෙව මණ්ඩකප්පම්හීති යස්මිං මණ්ඩකප්පෙ සුමෙධො භගවා උප්පන්නො, තත්ථෙව කප්පෙ සුජාතොපි භගවා උප්පන්නොති අත්ථො. සීහහනූති සීහස්ස විය හනු අස්සාති සීහහනු. සීහස්ස පන හෙට්ඨිමහනුමෙව පුණ්ණං හොති, න උපරිමං. අස්ස පන මහාපුරිසස්ස සීහස්ස හෙට්ඨිමහනු විය ද්වෙපි පරිපුණ්ණානි ද්වාදසියං පක්ඛස්ස චන්දසදිසානි හොන්ති. තෙන වුත්තං “සීහහනූ”ති. උසභක්ඛන්ධොති උසභස්සෙව සමප්පවට්ටක්ඛන්ධො, සුවට්ටිතසුවණ්ණාලිඞ්ගසදිසක්ඛන්ධොති අත්ථො. සතරංසීවාති දිවසකරො විය. සිරියාති බුද්ධසිරියා. බොධිමුත්තමන්ති උත්තමං සම්බොධිං.
එහි තත්ථෙව මණ්ඩකප්පම්හි යනු; යම් මණ්ඩල කල්පයක සුමේධ භාග්‍යවතුන් වහන්සේ උපන් සේක්ද එම කල්පයෙහි සුජාත භාග්‍යවතුන් වහන්සේ උපන්හ යන අර්ථයි. සීහහනු යනු; උන්වහන්සේට සිංහයාට බඳු හනු ඇත්තේනුයි සීහහනු නමි. සිංහයාගේ වනාහි යටි හනුවම පිරුණේ වෙයි. යටි හනුව නොවෙයි. ඒ මහාපුරුෂයන්ගේ වනාහි සිංහයාගේ යටි හනුව මෙන් දෙකම පිරුණේය. දොළොස්වක සඳ මෙන් වෙයි. උසභක්ඛන්ධො යනු; සෘෂභයාගේ මෙන් සමවට කඳ ඇත්තේ. මනාව වැඩුණු රන් ආලේප කළාක් වැනි කඳ ඇත්තේ යන අර්ථයි. සතරංසීව යනු; හිරු මෙන්. සිරියා යනු; බුදුසිරින්. බෝධිමුත්තමං යනු; උතුම් සම්බෝධියයි.
සුධම්මවතීනගරෙ සුධම්මුය්යානෙ ආගතානං මනුස්සානං ධම්මං දෙසෙත්වා සට්ඨිසතසහස්සානි එහිභික්ඛුභාවෙන පබ්බාජෙත්වා තෙසං මජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, සො පඨමො සන්නිපාතො අහොසි. තතො පරං තිදිවොරොහණෙ භගවතො පඤ්ඤාසසතසහස්සානං දුතියො සන්නිපාතො අහොසි. පුන “සුදස්සනකුමාරො භගවතො සන්තිකෙ පබ්බජිත්වා අරහත්තං පත්තො”ති සුත්වා “මයම්පි පබ්බජිස්සාමා”ති ආගතානි චත්තාරි පුරිසසතසහස්සානි ගහෙත්වා සුදස්සනත්ථෙරො සුජාතං නරාසභං උපසඞ්කමි. තෙසං භගවා ධම්මං දෙසෙත්වා එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා චතුරඞ්ගසමන්නාගතෙ සන්නිපාතෙ පාතිමොක්ඛං උද්දිසි, සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
සුඛම්මවතී නුවර සුධම්ම උයනට ආ මිනිසුන්ට බණ දෙසා සැටලක්ෂයක් එහිභික්ෂුභාවයෙන් පැවිදි කරවා ඔවුන් මැද පාමොක් දෙසූහ. එය ප්‍රථම සමාගමය විය. ඉන්පසු දේවෝරෝහණයෙහි භාග්‍යවතුන් වහන්සේගේ පනස් ලක්ෂයක දෙවන සන්නිපාතය විය. නැවත සුදස්සන කුමරා බුදුන් වෙත බණ අසා පැවිදිවූයේ යයි අසා අපිද මහණවෙමුයි පැමිණි සාරලක්ෂයක් පුරුෂයන් ගෙන සුදස්සන තෙර සුජාත බුදුන් වෙත ගියේය. බුදුහු ඔවුන්ට දම්දෙසා ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි කරවා සිවුපිරිස් සමාගමයෙහි පාමොක් දෙසූහ. ඒ තෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, සුජාතස්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
සන්නිපාතාතයො ආසුං සුජාතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තවිත්තාන තාදිනං
“අභිඤ්ඤාබලප්පත්තානං, අප්පත්තානං භවාභවෙ; සට්ඨිසතසහස්සානි, පඨමං සන්නිපතිංසු තෙ.
අභිඤ්ඤාබලප්පත්තානං අප්පත්තානං භවාභවෙ සට්ඨිසතසහස්සානි පඨමං සන්නිපතිංසු තෙ
“පුනාපරං සන්නිපාතෙ, තිදිවොරොහණෙ ජිනෙ; පඤ්ඤාසසතසහස්සානං, දුතියො ආසි සමාගමො.
පුනාපරං සන්නිපාතෙ තිදිවොරොහණෙ ජිනො පඤ්ඤාස සතසහස්සානං දුතියො ආසි සමාගමො
“උපසඞ්කමන්තො නරාසභං, සුදස්සනො අග්ගසාවකො; චතූහි සතසහස්සෙහි, සම්බුද්ධං උපසඞ්කමී”ති.
උපසංඛමන්තො නරවසභං තස්ස සො අග්ගසාවකො චතුහි සතසහස්සෙහි සම්බුද්ධං උපසංකමීති
තත්ථ අප්පත්තානන්ති භවාභවෙ අසම්පත්තානන්ති අත්ථො. “අප්පවත්තා භවාභවෙ”තිපි පාඨො, සොයෙවත්ථො. තිදිවොරොහණෙති සග්ගලොකතො ඔතරන්තෙ කත්තුකාරකෙ දට්ඨබ්බො. කාරකවිපල්ලාසෙන වුත්තං. අථ වා තිදිවොරොහණෙති තිදිවතො ඔතරණෙ. ජිනෙති ජිනස්ස, සාමිඅත්ථෙ භුම්මං දට්ඨබ්බං.
එහි අප්පත්තානං යනු; සසරට නොපැමිණියවුන් යන අර්ථයි. අප්පවත්තා භවාභවෙ යනු ද පාඨයි. එම අර්ථයමැයි. තිදිවොරොහණෙ යනු; ස්වර්ග දෙකකයෙන් කර්තෘ කාරකයෙහි යයි දත යුතුය. කාරක විපර්යාසයෙන් කියන ලදි. නැතහොත් තිදිවො රොහණෙ යනු; දෙව්ලොවින් බැසීමෙහි. ජිනෙ යනු; ජිනයන්ගේ සම්බන්ධාර්ථ සප්තමියයි.
තදා කිර අම්හාකං බොධිසත්තො චක්කවත්තිරාජා හුත්වා “බුද්ධො ලොකෙ උප්පන්නො”ති සුත්වා භගවන්තං උපසඞ්කමිත්වා ධම්මකථං සුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්තහි රතනෙහි සද්ධිං චතුමහාදීපරජ්ජං දත්වා සත්ථු සන්තිකෙ පබ්බජි. සකලදීපවාසිනො ජනා රට්ඨුප්පාදං ගහෙත්වා ආරාමිකකිච්චං සාධෙත්වා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස නිච්චං මහාදානමදංසු. සොපි නං සත්ථා – “අනාගතෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල අප බෝසතාණෝ සක්විති රජව බුදුහු ලොව උපන්හයි අසා බුදුන් කරා ගොස් බණ අසා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට සත් රත්න සමග සිවුමහ දිවයින්හි දිවයින් වැස්සෝ රටෙහි අය ගෙන ආරාමික කටයුතු සිදුකොට බුදුපාමොක් සඟනට නිති මහදන් දුන්හ. ඒ ශාස්තෘන් වහන්සේද අනාගතයෙහි ගොතම නම් බුදුවන්නේය කියා උන්වහන්සේට ප්‍රකාශ කළහ. එයින් කියන ලදි.
“අහං තෙන සමයෙන, චතුදීපම්හි ඉස්සරො; අන්තලික්ඛචරො ආසිං, චක්කවත්තී මහබ්බලො.
අහං තෙන සමයෙන චතුදීපම්හි ඉස්සරො අන්තළික්ඛචරො ආසිං චක්කවත්ති මහබ්බලො
“චතුදීපෙ මහාරජ්ජං රතනෙ සත්ත උත්තමෙ; බුද්ධෙ නිය්යාතයිත්වාන, පබ්බජිං තස්ස සන්තිකෙ.
චතුදීපෙ මහාරජ්ජං රතනෙ සත්ත උත්තමෙ බුද්ධෙ නීයාදියිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ
“ආරාමිකා ජනපදෙ, උට්ඨානං පටිපිණ්ඩිය; උපනෙන්ති භික්ඛුසඞ්ඝස්ස, පච්චයං සයනාසනං.
ආරාමිකා ජානපදා උට්ඨානං පතිපිණ්ඩිය උපන්නෙති භික්ඛුසංඝස්ස පච්චයං සයනාසනං
“සොපි මං බුද්ධො බ්යාකාසි, දසසහස්සිම්හි ඉස්සරො; තිංසකප්පසහස්සම්හි, අයං බුද්ධො භවිස්සති.
සොපි මං තදා ව්යාකාසි දසසහස්සිම්හි ඉස්සරො තිංසකප්පසහස්සම්හි අයං බුද්ධො භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ- භෙස්සාම සම්මුබා ඉමන්ති
“තස්සාපි චවනං සුත්වා, භිය්යො හාසං ජනෙසහං; අධිට්ඨහිං වතං උග්ගං, දසපාරමිපූරියා.
තස්සාපි වචනං සුත්වා භීයො භාසං ජනෙසභං අධිට්ඨිහිං වනං උග්ගං දස පාරමිපූරියා
“සුත්තන්තං විනයඤ්චාපි, නවඞ්ගං සත්ථුසාසනං; සබ්බං පරියාපුණිත්වාන, සොභයිං ජිනසාසනං.
සුත්තන්තං විනයඤ්චාපි නවංගං සත්ථුසාසනං සබ්බං පරියායුපණිත්වාන සොභයිං ජිනසාසනං
“තත්ථප්පමත්තො විහරන්තො, බ්රහ්මං භාවෙත්ව භාවනං; අභිඤ්ඤාපාරමිං ගන්ත්වා, බ්රහ්මලොකමගඤ්ඡහ”න්ති.
තත්ථප්පමත්තො විහරන්තො බ්රහ්මං භාවෙත්ථ භාවනං අභිඤ්ඤාසු පාරමිං ගනත්වා බ්රහ්මලොකමගඤ්ජහන්ති
තත්ථ චතුදීපම්හීති සපරිවාරදීපානං චතුන්නං මහාදීපානන්ති අත්ථො. අන්තලික්ඛචරොති චක්කරතනං පුරක්ඛත්වා ආකාසචරො. රතනෙ සත්තාති හත්ථිරතනාදීනි සත්ත රතනානි. උත්තමෙති උත්තමානි. අථ වා උත්තමෙ බුද්ධෙති අත්ථො දට්ඨබ්බො. නිය්යාතයිත්වානාති දත්වාන. උට්ඨානන්ති රට්ඨුප්පාදං, ආයන්ති අත්ථො. පටිපිණ්ඩියාති රාසිං කත්වා සංකඩ්ඪිත්වා. පච්චයන්ති චීවරාදිවිවිධං පච්චයං. දසසහස්සිම්හි ඉස්සරොති දසසහස්සිලොකධාතුයං ඉස්සරො, තදෙතං ජාතික්ඛෙත්තං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං. අනන්තානං ලොකධාතූනං ඉස්සරො භගවා. තිංසකප්පසහස්සම්හීති ඉතො පට්ඨාය තිංසකප්පසහස්සානං මත්ථකෙති අත්ථො.
එහි චතුදීපම්හි යනු; පිරිවර දිවයින් සහිත සතරමහ දිවයින් යන අර්ථයි. අන්තළික්ඛචරො යනු; සක්රුවන පෙරටුකොට අහස්හි හැසිරෙන්නේ. රතනෙ සත්ත යනු; හස්ති රත්නය ආදි සත් රත්න. උත්තමෙ යනු; උතුම් වූ, නොහොත් උතුම් බුදුන් කෙරෙහි යන අර්ථයි කියා දතයුතුය. උපට්ඨානං යනු; රටෙහි උපදින දේ අය යන අර්ථයි. පතිපිණ්ඩිය යනු; රැස්කොට, එකතුකොට. පච්චයං යනු; චීවරාදි ප්‍රත්‍යය. දසසහස්සිම්හ ඉස්සරො යනු; දසසහස්‍රී ලෝකධාතුවෙහි ඊශ්වර, මෙය ජාතික්ෂේත්රය සඳහා කියන ලදියයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ අනන්ත ලෝකධාතුවල ඊශ්වර වෙති. තිංසකප්ප සහස්සම්හි යනු; මෙතැන් පටන් තිස් කප් ලක්ෂයකින් යන අර්ථයි.
තස්ස පන සුජාතස්ස භගවතො සුමඞ්ගලං නාම නගරං අහොසි, උග්ගතො නාම රාජා පිතා, පභාවතී නාම මාතා, සුදස්සනො ච සුදෙවො ච ද්වෙ අග්ගසාවකා, නාරදො නාමුපට්ඨාකො, නාගා ච නාගසමාලා ච ද්වෙ අග්ගසාවිකා, මහාවෙළුරුක්ඛො බොධි, සො කිර මන්දච්ඡිද්දො ඝනක්ඛන්ධො පරමරමණීයො වෙළුරියමණිවණ්ණෙහි විමලෙහි පත්තෙහි සඤ්ඡන්නවිපුලසාඛො මයූරපිඤ්ඡකලාපො විය විරොචිත්ථ. තස්ස පන භගවතො සරීරං පණ්ණාසහත්ථුබ්බෙධං අහොසි, ආයු නවුතිවස්සසහස්සානි, සිරීනන්දා නාමස්ස අග්ගමහෙසී, උපසෙනො නාම පුත්තො. තුරඞ්ගවරයානෙන නික්ඛමි. සො පන චන්දවතීනගරෙ සිලාරාමෙ පරිනිබ්බායි. තෙන වුත්තං –
ඒ සුජාත නම් භාග්‍යවතුන් වහන්සේගේ නගරය සුමංගල නම් විය. පියා උග්ගත නම් රජය. මව පභාවතී නමි. සුදස්සන දේව දෙනම අගසව්වෝය. උපස්ථායක නාරද නමි. නාගා නාගසමාලා දෙනම අග්රශ්රාවිකාවෝය. මහහුණ ගස බෝධියයි. එය මඳ සිදුරු ඇති ඝන කඳ ඇති පරම රමණීය වෙරළුමිණි පැහැති නිර්මල පත්‍රයෙන් ගැවසී ගත් මහත් ශාඛා ඇතිව මොනරපිල් කළඹක් මෙන් බැබළියේය. ඒ භාග්‍යවතුන් වහන්ගේ සිරුර පනස්රියන් උසය. අනූදහසක් අවුරුදු ආයු විය. අගමෙහෙසිය සිරිනන්දා නම් විය. පුත්‍රයා උපසේන නමි. අස්යානයෙන් අබිනික්මන් කළහ. උන්වහන්සේ චන්දවතී නුවර සිලාරාමයෙහි පිරිනිවි සේක. එයින් කියන ලදි-
“සුමඞ්ගලං නාම නගරං, උග්ගතො නාම ඛත්තියො; මාතා පභාවතී නාම, සුජාතස්ස මහෙසිනො.
සුමංගලං නාම නගරං උග්ගතො නාම ඛත්තියො මාතා පභාවතී නාම සුජාතස්ස මහෙසිනො
“සුදස්සනො සුදෙවො ච, අහෙසුං අග්ගසාවකා; නාරදො නාමුපට්ඨාකො, සුජාතස්ස මහෙසිනො.
සුදස්සනො ච දෙවොච අහෙසුං අග්ගසාවකා නාරදො නාමුපට්ඨාකො සුජාතස්ස මහෙසිනො
“නාගො ච නාගසමාලා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, මහාවෙළූති වුච්චති.
නාගා ච නාගසමාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාවෙලුති වුච්චති
“සො ච රුක්ඛො ඝනක්ඛන්ධො, අච්ඡිද්දො හොති පත්තිකො; උජු වංසො බ්රහා හොති, දස්සනීයො මනොරමො.
සො ච රුක්ඛො ජාතරුචිරො අච්ඡිද්දො හොති පත්තකො උජු වංසො බ්රහා හොති දස්සනෙය්යො මනොරමො
“එකක්ඛන්ධො පවඩ්ඪිත්වා, තතො සාඛා පභිජ්ජති; යථා සුබද්ධො මොරහත්ථො, එවං සොභති සො දුමො.
එකක්ඛන්ධො පවඩ්ඩිත්වා තතො සාඛා භිජ්ජති යථා සුබද්ධො මොරහත්ථො එවං සොභති සොදුමො
“න තස්ස කණ්ටකා හොන්ති, නාපි ඡිද්දං මහා අහු; විත්ථිණ්ණසාඛො අවිරලො, සන්දච්ඡායො මනොරමො.
න තස්ස කණ්ටකා හොන්ති නාපි ජිද්දං මහා අහූ විත්ථිණ්ණ සාඛො අවිරලො සන්දච්ඡායො මනොරමො
“පඤ්ඤාසරතනො ආසි, උච්චත්තනෙන සො ජිනො; සබ්බාකාරවරූපෙතො, සබ්බගුණමුපාගතො.
පඤ්ඤාසරතනො ආසි උච්චත්තනෙන සො ජිනො සබ්බාකාරවරූපෙතො සබ්බගුණමුපාගතො
“තස්ස පභා අසමසමා, නිද්ධාවති සමන්තතො; අප්පමාණො අතුලියො, ඔපම්මෙහි අනූපමො.
තස්සප්පභා අසමසමා නිද්ධාවති සමන්තකො අප්පමාණො අතුලියො ඔපම්මෙහි අනූපමො
“නවුතිවස්සසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනකං බහුං
“යථාපි සාගරෙ ඌමී, ගගනෙ තාරකා යථා; එවං තදා පාවචනං, අරහන්තෙහි චිත්තිතං.
යථාපි සාගරෙ ඌමි ගගනෙ තාරකා යථා එවං තදා පාවචනං අරහන්තෙහි චිත්තතං
“සො ච බුද්ධො අසමසමො, ගුණානි ච තානි අතුලියානි; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
සො ච බුද්ධො අසමසමො ගුණානිච තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනුරිත්තා සබ්බසංඛාරාති
තත්ථ අච්ඡිද්දොති අප්පච්ඡිද්දො. “අනුදරා කඤ්ඤා”තිආදීසු විය දට්ඨබ්බං. කෙචි “ඡිද්දං හොති පරිත්තක”න්ති පඨන්ති. පත්තිකොති බහුපත්තො, කාචමණිවණ්ණෙහි පත්තෙහි සඤ්ඡන්නොති අත්ථො. උජූති අවඞ්කො අකුටිලො. වංසොති වෙළු. බ්රහාති සමන්තතො මහා. එකක්ඛන්ධොති අවනිරුහො එකො අදුතියො චාති අත්ථො. පවඩ්ඪිත්වාති වඩ්ඪිත්වා. තතො සාඛා පභිජ්ජතීති තතො වංසග්ගතො පඤ්චවිධා සාඛා නික්ඛමිත්වා පභිජ්ජිත්ථ. “තතො සාඛා පභිජ්ජථා”තිපි පාඨො. සුබද්ධොති සුට්ඨු පඤ්චබන්ධනාකාරෙන බද්ධො. මොරහත්ථොති ආතපසන්නිවාරණත්ථං කතො බද්ධො මොරපිඤ්ඡකලාපො වුච්චති.
එහි අච්ඡිද්දො යනු; අල්ප ඡිද්‍ර ඇත්තේ. අනුදරා තඤ්ඤා ආදියෙහි මෙන් දතයුතුය. සමහරු ඡිද්දං හොති පරිත්තකං කියා හදාරති. පත්තකො යනු; බොහෝ පත්‍ර ඇත්තේ මරාමිණි පැහැයෙන් සම්පන්න යන අර්ථයි. උජූ යනු; අවංක නොනැමි. වංස යනු; හුණ යි. බ්රහා යනු; හාත්පසින් මහත්. එකක්ඛන්ධො යනු; එකම ගසය. දෙවැන්නක් නැත යන අර්ථයි. පවඩ්ඩිත්වා යනු; වැඩී. තතො සාඛා පහිජ්ජති යනු; ඒ හුණගසින් පසක්ව ශාඛා බෙදී නික්මිණ. තතො සාඛා පභිජ්ජථ කියාද පාඨයි. සුබද්ධො යනු; මනාව පිල්බැඳෙන ආකාරයෙන් බැඳුණු. මොරහත්ථ යනු; අවු වැළකීම පිණිස කරන ලද බැඳුණු මොනර පිල්කළඹ යයි කියනු ලැබේ.
න තස්ස කණ්ටකා හොන්තීති තස්ස වංසස්ස කණ්ටකිනොපි රුක්ඛස්ස කණ්ටකා නාහෙසුං. අවිරලොති අවිරලසාඛාසඤ්ඡන්නො. සන්දච්ඡායොති ඝනච්ඡායො, අවිරලත්තාව සන්දච්ඡායොති වුත්තො. පඤ්ඤාසරතනො ආසීති පඤ්ඤාසහත්ථො අහොසි. සබ්බාකාරවරූපෙතොති සබ්බෙන ආකාරෙන වරෙහියෙව උපෙතො සබ්බාකාරවරූපෙතො නාම. සබ්බගුණමුපාගතොති අනන්තරපදස්සෙව වෙවචනමත්තං.
න තස්ස කණ්ටකා හොන්ති යනු; ඒ හුණ වෘක්ෂයෙහි කටු නොවීය. අවිරලො යනු; අවිරලව අතු ගැවසී ගත්තේය. සන්දච්ඡායො යනු; ගනසෙවණ විය. අවිරජ ශාඛා බැවින් සන්දච්ඡායො යි කියන ලදි. සබ්බාකාරවරූපෙතො යනු; හැම අයුරින්ම උතුම් බැවින් යුක්තය. සබ්බගුණමුපාගතො යනු; අනතුරු පදයට පර්යාය පදයක් පමණකි.
අප්පමාණොති පමාණරහිතො, පමාණං ගහෙතුං අසක්කුණෙය්යත්තා වා අප්පමාණො. අතුලියොති අතුලො, කෙනචි අසදිසොති අත්ථො. ඔපම්මෙහීති උපමිතබ්බෙහි. අනූපමොති උපමාරහිතො, “ඉමිනා ච ඉමිනා ච සදිසො”ති වත්තුං අසක්කුණෙය්යභාවතො අනූපමොති අත්ථො. ගුණානි ච තානීති ගුණා ච තෙ, සබ්බඤ්ඤුතඤ්ඤාණාදයො ගුණාති අත්ථො. ලිඞ්ගවිපල්ලාසෙන වුත්තං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
[missing trans] අප්පමාණයි. අතුලියො යනු; අසමාන වූයේ කිසිවකුටත් අසම වූයේ යන අර්ථයි. ඔපම්මෙහි යනු; උපමා කටයුතු දේවලින්. අනුපමො යනු; උපමා රහිත වූයේ. මෙයට ද සමානයයි කීමට නොහැකි හෙයින් අනුපමය යන අර්ථයි. ගුණානිච තානි යනු; ගුණ ද ඒ සර්වඥතාඥානාදි ගුණාදිය ද යන අර්ථයි. ලිංග විපර්යාසයෙන් කියන ලදි. සෙස්ස හැමතන්හි ප්‍රකටමය.
සුජාතබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
සුජාත බුද්ධවංස වර්ණනය නිමියේය.
නිට්ඨිතො ද්වාදසමො බුද්ධවංසො.
දොළොස්වන බුද්ධවංසය සමාප්තයි.