යෙදුමෙන් කියවන්න

12. සුජාත බුද‍්ධවංසො

12. සුජාත බුද‍්ධවංසො

12. සුජාත බුද්ධවංශය

1. තත්‍ථෙ’ව මණ‍්ඩකප‍්පම‍්හි සුජාතො නාම නායකො සීහහනු’සභක‍්ඛන්‍ධො අප‍්පමෙය්‍යා දුරාසදො.

1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ.

2. චන්‍දො’ව විමලො සුද‍්ධො සතරංසී’ච පතාපවා එවං සොභති සම‍්බුද‍්ධො ජලන‍්තො සිරියා සදා.

2. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති.

3. පාපුණිත්‍වාන සම‍්බුද‍්ධො කෙවලං බොධිමුත‍්තමං සුමඞ‍්ගලම‍්හි නගරෙ ධම‍්මචක‍්කං පවත‍්තයී.

3. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ.

4. දෙසෙන‍්තෙ පවරං ධම‍්මං සුජාතෙ ලොකනායකෙ අසීතිකොටි අභිසමිංසු පඨමෙ ධම‍්මදෙසනෙ.

4. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ.

5. යදා සුජාතො අමිතයසො දෙවෙ වස‍්සං උපාගමී සත‍්තතිංසසහස‍්සානං දුතියාභිසමයො අහු.

5. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී.

6. යදා සුජාතො අසමසමො උපගඤ‍්ඡි පිතුසන‍්තිකං සට‍්ඨිසතසහස‍්සානං තතියාභිසමයො අහු.

6. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී.

7. සන‍්නිපාතා තයො ආසුං සුජාතස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තානතාදිනං.

7. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.

8. අභිඤ‍්ඤාබලත‍්තානං අප‍්පත‍්තානං භවාභවෙ සට‍්ඨිසතසහස‍්සානි පඨමං සන‍්නිපතිංසු තෙ.

8. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ.

9. පුනාපරං සන‍්නිපාතෙ තිදීවොරොහනෙ ජිනෙ පඤ‍්ඤාසසතසහස‍්සානං දුතියො ආසි සමාගමො.

9. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී.

10. උපසඞ‍්කමන‍්තො නරවසභං තස‍්ස යො අග‍්ගසාවකො චතුහි සත සහස‍්සෙහි සම‍්බුද‍්ධං උපසඞ‍්කමි.

10. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ.

11. අහං තෙන සමයෙන චතුදීපම‍්හි ඉස‍්සරො අන‍්තලික‍්ඛචරො ආසිං චක‍්කවත‍්ති මහබ‍්බලො

11. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි.

12. ලොකෙ අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං උපගන‍්ත්‍වාන වන්‍දිං සො සුජාතං ලොකනායකං.

12. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි.

13. චතුදීපෙ මහාරජ‍්ජං රතනෙ සත‍්ත උත‍්තමෙ බුද‍්ධෙ නිය්‍යාදයිත්‍වාන පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

13. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.

14. අරාමිකා ජානපදා උට‍්ඨානං පටිපිණ‍්ඩිය උපනෙන‍්ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස පච‍්චයං සයනාසනං.

14. ආරාමික වූ දනව්වැස්සෝ කරවූවර පුඬු කොට බික්සඟනට චීවරාදි ප්‍රත්‍යය හා සෙනසුන් එළවත්.

15. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි දසසහස‍්සිම‍්හි ඉස‍්සරො ති සකප‍්පසහස‍්සම‍්හි අයං බුද‍්ධො භවිස‍්සති.

15. දස දහසක් සක්වළට ඉසුරු වූ ඒ සුජාත බුදුහු දු ‘මේ තෙම මෙයින් තිස්දහස් වන කප්හි බුදු වන්නේ ය’යි මට විවරණ දුන් සේක.

16. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

16. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

17. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො. තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජමුපෙහිති.

17. තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.

18. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො. පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝධි මූලය වෙත එළැඹෙන්නාහ.

19. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

19. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හිදී බුදුවන්නේ ය.

20. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

20. මොවුන් ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.

21. කොලිතො උපතිස‍්සො ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ බුදුනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.

22. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

23. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු පට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.

24. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

24. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුදධබීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–

25. උක‍්කුට‍්ඨි සද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.

26. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.

27. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන. උත‍්තරන‍්ති මහානදිං.

27. යම් සේ මිනිස්සු ගංහෝ තරණය, කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

28. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාර සර්‍වඥයන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

29. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො හාසං ජනෙස’හං අධිට‍්ඨාහිං වතං උග‍්ගං දසපාරමිපූරියා.

29. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සන්තෝෂය දැනැවීමි. දසපාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.

30. සුත‍්තන‍්තං විනයඤ‍්චා’පි නවඞ‍්ගං සත්‍ථුසාසනං සබ‍්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං.

30. සූත්‍රාන්තය ද විනය දැ යි නවාඞ්ග ශාස්තෘශාසනය සියල්ල පිරිවහා බුදු සසුන් හෙබැ වීමි.

31. තත්‍ථ’ප‍්පමත‍්තො විහරන‍්තො බ්‍රහ‍්මං භාවෙත්‍ව භාවනං අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා බ්‍රහ‍්මලොකමගච‍්ඡහං.

31. මම් එ සසුන්හි නො පමා වැ වාසය කරනුයෙම් බ්‍රහ්මවිහාරභාවනා වඩා අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.

32. සුමඞ‍්ගලං නාම නගරං උග‍්ගතො නාම ඛත‍්තියො මාතා පභාවතී නාම සුජාතස‍්ස මහෙසිනො.

32. මහර්ෂි වූ සුජාත බුදුන්ගේ නගරය සුමඞ්ගල නම, පිය තෙමේ උග්ගත නම් ක්‍ෂත්‍රිය විය, මව්තොමෝ පභාවතී නමු.

33. නවවස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣසො වසී සිරී උපසිරී නන්‍දා තයො පාසාදමුත‍්තමා.

33. ඒ සුජාත බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ශ්‍රී යැ උපශ්‍රී යැ ශ්‍රී නන්‍දා යැ යි උතුම් තුන්පහයෙක් වී.

34. තෙවිසතිසහස‍්සානි නාරියො සමලඞ‍්කතා සිරිනන්‍දා නාම නාරී උපසෙනො නාම අත්‍රජො.

34. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ, මෙහෙසිය සිරිනන්‍දා නමු, පුත්‍ර තෙම උපසේන නම් වී.

35. නිමිත‍්තෙ චතුරො දිස‍්වා අස‍්සයානෙන නික‍්ඛමි අනූනනවමාසානි පධානං පදහී ජිනො.

35. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ, පුරා නවමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

36. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො සුජාතො ලොක නායකො වත‍්ති චක‍්කං මහාවීරො සුමඞ‍්ගලූ’ය්‍යානමුත‍්තමෙ.

36. මහත් වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ සුජාත බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වු සුමඞ්ගල උයන්හිදී දම්සක් පැවැත්වූහ.

37. සුදස‍්සනො ච දෙවො ච අහෙසුං අග‍්ගසාවකා නාරදො නාමුපට‍්ඨාකො සුජාතස‍්ස මහෙසිනො.

37. මහර්ෂි වූ සුජාත බුදුන්ට සුදර්‍ශන යැ දේව යැයි අගසවු දෙනමක් වූහ, නාරද නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.

38. නාගා ච නාගසමාලා ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො මහාවෙලූ’ති වුච‍්චති.

38. නාගා යැ නාගසමාලා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහහුණ’ යයි කියනු ලැබේ.

39. සො ච රුක‍්ඛො ජාතරුචිරො අච‍්ඡිද‍්දො හොති පත‍්තකො උජුවංසො බ්‍රහා හොති දස‍්සනීයො මනොරමො.

39. එරුක ද හටගත් රුසිරු ඇතියේ අල්පච්ජිද්‍ර ඇතියේ බොහෝ පත්‍ර ඇත්තේ වෙයි. ඍජු වූ හුණරුක අවටින් මහත් වූයේ දැකුම්කලු වූයේ මනරම් වේ.

40. එකක‍්ඛන්‍ධො පවට‍්ඨිත්‍වා තතො සාඛා පභිජ‍්ජථ යථා සුබද‍්ධො මොරහත්‍ථො එවං සොභති සො දුමො.

40. එක් කඳ වැ වැඩී එයින් ශාඛා බෙදිණ, එරුක මොනොවට බඳනාලද මයූරහස්තයෙන් (මොනරපිළින් කළ හිරවරණක්) සෙයින් හොබී.

41. න තස‍්ස කණ‍්ටකා හොන‍්ති නා’පි ඡිද‍්දං මහා අහු විත්‍ථිණ‍්ණසාඛො අවිරලො සන්‍දච‍්ඡායො මනොරමො.

41. එරුක්හි කටු නැති, සිදුර ද මහත් නොවී, විසුළ අතු ඇත්තේ අවිරල වූ ගන සෙවන ඇත්තේ මනරම් වී.

42. සුදත‍්තො චෙව චිත‍්තො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා සුභද‍්දා චෙව පදුමා ච අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

42. ඔබට සුදත්ත යැ චිත්ත යැ යන දෙදෙන අග උවටු වූහ, සුභද්‍රා යැ පද්මා යැ යන දෙදෙන අග උවට වූහ.

43. පඤ‍්ඤාස රතනො ආසි උච‍්චත‍්තනෙන සො ජිනො සබ‍්බාකාරවරූපෙතො සබ‍්බගුණමුපාගතො.

43. සියලු ආකාරවරයෙන් යුත් වූ හැම ගුණයෙන් සමන්‍විත වූ ඒ බුදුහු උසින් පනස් රියන් වූහු.

44. තස‍්සප‍්පභා අසමසමා නිද‍්ධාවති සමන‍්තතො අප‍්පමාණො අතුලියො ච ඔපන‍්තෙහි අනූපමො.

44. උන් වහන්සේගේ අසමසම වූ ප්‍රභාව හාත්පසින්ම නික්ම යෙයි. ඔබ ප්‍රමාණ රහිත වූවාහු අතුල්‍ය වූවාහු උපමායෙන් අනුපම වෙත්.

45. නවුතිවස‍්සසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

45. එකල්හි අනූදහසක් හවුරුදු ආයු වෙයි, එතෙක් සිටිමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරකතරින් තැරැ වූහ.

46. යථාපි සාගරෙ ඌමී ගගනෙ තාරකා යථා එවං තදා පාවචනං අරහන‍්තෙහි චිත‍්තිතං

46. සයුරුහි තරඟවැළ යම්සේ ද අහස්හි තරුකැළ යම්සේ ද එසෙයින් එකල්හි ප්‍රවචනය රහතුන් විසින් විසිතුරු විය.

47. සො ච බුද‍්ධො අසමසමො ගුණානි ච තානි අතුලියානි සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

47. ඒ බුදුහු ද අසමසම වෙති, ඒ ගුණයෝද අතුල්‍ය වෙති, එ හැම අතුරුදහන් විය, හැම සංස්කාරයෝ සිස් වූවාහු නොද?

48. සුජාතො ජිනවරො බුද‍්ධො සීලාරාමම‍්හි නිබ‍්බුතො තත්‍ථෙ’ව තස‍්ස චෙතියො තීණි ගාවුත මුග‍්ගතො’ති.

48. ජිනෝත්තම වූ සුජාත බුදුහු ශීලාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ සැය තුන් යොත්නක් උස් වී යයි.

සුජාත බුද‍්ධවංසො ද‍්වාදසමො.

දොළොස්වැනි සුජාත බුද්ධවංශ යි.