යෙදුමෙන් කියවන්න

11. සුමෙධ බුද‍්ධවංසො

11. සුමෙධ බුද‍්ධවංසො

11. සුමේධ බුද්ධවංශය

1. පදුමුත‍්තරස‍්ස අපරෙන සුමෙධො නාම නායකො දුරාසදො උග‍්ගතෙජො සබ‍්බලොකුත‍්තමො මුනි.

1. පියුමතුරා නම් බුදුන්ට මෑතභාගයෙහි ලෝකනායක වූ නො ගැටියහැකි වූ උග්‍රතේජස් ඇති මුළුලොවට උතුම් වූ සුමේධ නම් බුදුහු (ලොව පහළ වූ සේක.)

2. පසන‍්නනෙත‍්තො සුමුඛො බ්‍රහා උජු පතාපවා හිතෙසී සබ‍්බසත‍්තානං බහූ මොචෙසි බන්‍ධනා.

2. පහන් නුවන් ඇති මනා මුව ඇති සිරුරු පමණින් මහත් වූ ඍජුගාත්‍ර ඇති බබළන සිරුරු ඇති හැම සත්නට හිතකර වූ උන් වහන්සේ බොහෝ සත්ත්‍වයන් සංසාරබන්‍ධනයෙන් මුදලූ සේක.

3. යදා බුද‍්ධො පාපුණිත්‍වා කෙවලං බොධිමුත‍්තමං සුදස‍්සනම‍්හි නගරෙ ධම‍්මචක‍්කං පවත‍්තයි,

3. යම් කලෙකැ සුමේධ බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුදර්‍ශන නගරයෙහි දම්සක් පැවැත් වූ සේක් ද,

4. තස‍්සාභිසමයා තීණි අහෙසුං ධම‍්මදෙසනෙ කොටිසතසහස‍්සානං පඨමා’භිසමයො අහු.

4. එකල්හි උන්වහන්සේ ගේ ධර්‍ම දේශනායෙහි ධර්‍මාභිසමය තුනෙක් වී යැ. කෙළ සුවහසක් සත්නට ප්‍රථමාභිසමය වී.

5. පුනාපරං කුම‍්භකණ‍්ණං යක‍්ඛං සො දමයී ජිනො නවුති කොටිසහස‍්සානං දුතියාභි සමයො අහු.

5. යළි පස්මරුන් දිනූ ඒ සුමේධ බුදුහු කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක. (එකල්හි) අනූ කෙළ දහසක් සත්නට ද්වීතීයාභිසමය වී.

6. පුනාපරං අමිතයසො චතුසච‍්චං පකාසයි අසීති කොටිසහස‍්සානං තතියාභිසමයො අහු.

6. යළි අපමණ යසස් ඇති බුදුහු චතුස්සත්‍යය ප්‍රකාශ කළහ, (එකල්හි) අසූ කෙළ දහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.

7. සන‍්නිපාතා තයො ආසුං සුමෙධස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තාන’තාදිනං.

7. මහර්ෂි වූ සුමේධ සර්‍වඥයන් වහන්සේට විගතරගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.

8. සුදස‍්සනං නගරවරං උපගඤ‍්ඡි ජිනො යදා තදා ඛීණාසවා භික‍්ඛු සමිංසු සතකොටියො.

8. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු සුදර්‍ශන නම් නගරවරය කරා එළඹි සේක් ද, එකල්හි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.

9. පුනාපරං දෙවකූටෙ භික‍්ඛූනං කඨිනත්‍ථතෙ තදා නවුති කොටීනං දුතියො ආසි සමාගමො.

9. යළි දේවකූටයෙහි භික්‍ෂූන්ට කෙළින් සිවුරු අතුළ කල්හි අනූ කෙළක් ශ්‍රාවකයන් ගේ ද්විතීය සමාගමය වී.

10. පුනාපරං දසබලො යදා චරති චාරිකං තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමො.

10. යළි යම් කලෙක දසබල බුදුහු චාරිකායෙහි වැඩිසේක් ද එකල්හි අසූ කෝටියක් ශ්‍රාවකයන් ගේ තෘතීය සමාගමය වී.

11. අහං තෙන සමයෙන උත‍්තරො නාම මාණවො අසීතිකොටියො මය‍්හං ඝරෙ සන‍්නිචිතං ධනං.

11. එසමයෙහි මම් උත්තර නම් මාණවයෙක් වීමි, මාගේ ගෙහි අසූ කෙළක් ධනය රැස් කරන ලද වී.

12. කෙවලං සබ‍්බං දත්‍වාන සසඞ‍්ඝෙ ලොකනායකෙ සරණං තස‍්සු’පාගඤ‍්ජිං පබ‍්බජ‍්ජඤ‍්චා’භිරොචයි.

12. සියලු ධනය නිරවශේෂයෙන් සඟුන් සහිත ලෝකනායකයන් විෂයයෙහි පුදා උන් වහන්සේ ගේ සරණයට පැමිණියෙමි, පැවිද්ද ද රුචි කෙළෙමි.

13. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි කරොන‍්තො අනුමොදනං තිංසකප‍්පසහස‍්සම‍්හි අයං බුද‍්ධො භවිස‍්සති.

13. ඒ සුමේධ බුදුහු ද අනුමෝදනා කරන්නාහු ‘මේ තෙම මෙයින් තිස්දහසක් වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.

14. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

15. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථපායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.

16. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

16. පස්මරුන් දිනූ මුනිහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතු බෝරුක් වෙත එළැඹෙයි.

17. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝ මැඬ පැදකුණු කොට ඇසැතු බෝ රුක මුල්හි හිඳ බුදු වන්නේ යි.

18. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

18. මොවුන් ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.

19. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ; ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුනට උපස්ථාන කරන්නාහ.

20. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

20. බෙමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

21. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.

22. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

22. අසම වූ මහර්ෂීන් ගේ මෙ බස් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–

23. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්තී ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ බදැඳිළි වැ නමස්කාර කෙරෙත්.

24. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

24. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.

25. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද, යට තොටැහි ගෙන මහානදිය තරණය කෙරෙත් ද,

26. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ පස්මරුන් දිනූ සම්බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම් හ.

27. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දසපාරමි පූරියා.

27. ඒ බුදුනුදු ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දස පාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.

28. සුත‍්තන‍්තං විනයඤ‍්චාපි නවඞ‍්ගං සත්‍ථුසාසනං සබ‍්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං.

28. සූත්‍රාන්තය ද විනය දැ යි නවඞ්ගශාස්තෘ ශාසනය සියල්ල පිරිවහා සර්‍වඥශාසනය හෙබැ වීමි.

29. තත්‍ථ’ප‍්පමත‍්තො විහරන‍්තො නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ අභිඤ‍්ඤාසු පාරමිං ගන‍්ත්‍වා බ්‍රහ‍්මලොකමගඤ‍්ඡ’හං.

29. එහි මම් හිඳුම් සිටුම් සක්මන්හි අප්‍රමත්ත වැ වාස කරන්නෙම් අභිඥාවන්හි පරතෙරට ගොස් බඹලොවට ගියෙමි.

30. සුදස‍්සනං නාම නගරං සුදත‍්තො නාම ඛත‍්තියො සුදත‍්තා නාම ජනිකා සුමෙධස‍්ස මහෙසිනො.

30. මහර්ෂි වූ සුමේධ බුදුන් ගේ නගරය සුදර්‍ශන නම් වී යැ. සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා වී යැ, මව් තොමෝ සුදත්ත නම් වූ.

31. නවවස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣසො වසී සුචන්‍දනක කොඤ‍්ච සිරිවඩ‍්ඪා තයො පාසාද මුත‍්තමා.

31. ඒ සුමේධ සම්මාසම්බුදුහු නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට සුචන්‍දනක යැ කොඤ්ච යැ සිරිවඩ්ඪ යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.

32. ති සොළසසහස‍්සානි නාරියො සමලඞ‍්කතා සුමනා නාම සා නාරීපුනබ‍්බ සුමිත‍්තෙ නාම අත්‍රජො.

32. මොනොවට සරසන ලද අටසාළිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ සුමනා නමු. පුත්‍ර තෙම පුනබ්බ සුමිත්ත නම් වී.

33. නිමිත‍්තෙ චතුරො දිස‍්වා හත්‍ථියානෙන නික‍්ඛමි අනූනකං අට‍්ඨමාසං පධානං පදහී ජිනො.

33. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙකින් මහබිනික්මන් කළහ, පුරා අට මසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.

34. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො සුමෙධො ලොකනායකො වත‍්ති චක‍්කං මහාවීරො සුදස‍්සනුය්‍යානමුත‍්තමෙ.

34. මහත් වීර්‍ය්‍ය ඇති සුමේධ නම් ලෝක නායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ සුදර්‍ශන උයන්හිදී දම්සක් පැවැත්වූහ.

35. සරණො සබ‍්බකාමො ච අහෙසුං අග‍්ගසාවකා සාගරො නාමුපට‍්ඨාකො සුමෙධස‍්ස මහෙසිනො.

35. මහර්ෂි වූ සුමේධ බුදුන්ට සරණ යැ සබ්බකාම යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සාගර නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.

36. රාමා චෙව සුරාමා ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො මහානීපොති වුච‍්චති.

36. රාමා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ‘කොළොම්රුක’ යයි කියනු ලැබේ.

37. උරුවෙලො ච යසවො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා යසොධරා සිරිමා ච අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

37. උරුවේල යැ යසව යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. යසෝධරා යැ සිරිමා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.

38. අට‍්ඨාසීති රතනානි අච‍්චුග‍්ගතො මහාමුනි ඔභාසෙසි දිසා සබ‍්බා චන්‍දො තාරාගණෙ යථා.

38. අට අසූරියන් උස්වූ මහමුනිහු තරුගණ මැද පුන්සඳ සෙයින් හැම දික් බැබැළ වූහ.

39. චක‍්කවත‍්තිමණි නාම යථා තපති යොජනං තථෙ’ව තස‍්ස රතනං සමන‍්තා ඵරති යොජනං.

39. යම් සේ සක්විති රජක්හු ගේ මිණිරුවන යොදුනක් තැන් බබළා ද, එසෙයින් මැ උන් වහන්සේ ගේ ආභාරත්නය හාත්පසැ යොදුනක් තැන් පැතිරෙයි.

40. නවුතිවස‍්සසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

40. එකල්හි අනූ දහසක් හවුරුදු ආයු පැනෙයි, එතෙක් වැඩසිටි උන් වහන්සේ බොහෝ ජන සමූහය සසර කතරින් තරණය කර වූහ.

41. තෙවිජ‍්ජඡළභිඤ‍්ඤෙහි බලප‍්පත‍්තෙහි තාදිහි සමාකුලමිදං ආසි අරහන‍්තෙහි සාධුහි.

41. ත්‍රිවිද්‍යා ඇති ෂඩභිඥා ඇති ඍද්ධිබල ප්‍රාප්ත වූ තාදී ගුණ ඇති රහතුන් ගෙන් මෙ සස්න (මිහිතලය හෝ) ගැවැසීගත්තේ යි.

42. තෙ’පි සබ‍්බෙ අමිතයසා විප‍්පමුත‍්තා නිරූපධී ඤාණාලොකං දස‍්සයිත්‍වා නිබ‍්බුතා තෙ මහායසා.

42. අපමණ පිරිවර ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ මහායසස් ඇති එ හැම රහත්හු ද ඥානාලෝකය දක්වා පිරිනිවියහ.

43. සුමෙධො ජිනවරො බුද‍්ධො මෙධාරාමම‍්හි නිබ‍්බුතො ධාතුවිත්‍ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.

43. ජිනෝත්තම වූ සුමේධ නම් බුදුහු මේධාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ ප්‍රදේශයෙහි පතළාහ යි.

සුමෙධ බුද‍්ධවංසො.

එකොළොස් වැනි සුමේධ බුද්ධවංශය යි.