යෙදුමෙන් කියවන්න

11. සුමෙධබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

11. සුමෙධබුද‍්ධවංසවණ‍්ණනා

11. සුමෙධ බුද්ධවංස වර්ණනාව

පදුමුත‍්තරෙ පන සම‍්මාසම‍්බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ සාසනෙපිස‍්ස අන‍්තරහිතෙ සත‍්තතිකප‍්පසහස‍්සානි බුද‍්ධා නුප‍්පජ‍්ජිංසු, බුද‍්ධසුඤ‍්ඤානි අහෙසුං. ඉතො පට‍්ඨාය තිංසකප‍්පසහස‍්සානං මත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ සුමෙධො සුජාතො චාති ද‍්වෙ සම‍්මාසම‍්බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. තත්‍ථ අධිගතමෙධො සුමෙධො නාම බොධිසත‍්තො පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා සුදස‍්සනනගරෙ සුදත‍්තස‍්ස නාම රඤ‍්ඤො අග‍්ගමහෙසියා සුදත‍්තාය නාම දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දසන‍්නං මාසානං අච‍්චයෙන සුදස‍්සනුය්‍යානෙ තරුණදිවසකරො විය සලිලධරවිවරගතො මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. සො නවවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. තස‍්ස කිර සුචන්‍දන-කඤ‍්චන-සිරිවඩ‍්ඪනනාමකා තයො පාසාදා අහෙසුං. සුමනමහාදෙවිප‍්පමුඛානි අට‍්ඨචත‍්තාලීසඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං.

පියුමතුරා බුදුන් පිරිනිවියද උන්වහන්සේගේ සසුන ද අතුරුදන් වූ පසු සැත්තෑකප් ලක්‍ෂයක් (බුදුවරු නූපන්හ) බුද්ධශුන්‍ය විය. මෙතැන් පටන් තිස්කප් ලක්‍ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවරු දෙනමක් උපන්හ. එහි ප්‍රඥාධිගත සුමේධ නම් බෝසතාණෝ පැරුම් පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසි සුදත්තා නම් දේවිය කුස පිළිසිඳ දසමස් ගෙවීමෙන් සුදසුන් උයන වලා විවරගත තරුණ හිරු මෙන් මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුචන්‍දක කොඤ්ච සිරිවඩ්ඪ නම් ප්‍රාසාදත්‍රයක් විය. සුමනා මහාදේවිය ප්‍රමුඛ හතලිස් අටදහසක් ස්ත්‍රීහු වූහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සුමනදෙවියා පුනබ‍්බසුමිත‍්තෙ නාම පුත‍්තෙ ජාතෙ හත්‍ථියානෙන මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. මනුස‍්සානඤ‍්ච කොටිසතමනුපබ‍්බජි. සො තෙහි පරිවුතො අඩ‍්ඪමාසං පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය නකුලනිගමෙ නකුලසෙට‍්ඨිධීතාය දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සිරිවඩ‍්ඪාජීවකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා නීපබොධිමූලෙ වීසතිහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා සමාරං මාරබලං විධමිත්‍වා අභිසම‍්බොධිං පාපුණිත්‍වා “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්‍වා අට‍්ඨමෙ සත‍්තාහෙ බ්‍රහ‍්මුනො ධම‍්මදෙසනායාචනං සම‍්පටිච‍්ඡිත්‍වා භබ‍්බපුග‍්ගලෙ ඔලොකෙන‍්තො අත‍්තනො කනිට‍්ඨභාතිකං සරණකුමාරඤ‍්ච සබ‍්බකාමිකුමාරඤ‍්ච අත‍්තනා සද‍්ධිං පබ‍්බජිතානං භික‍්ඛූනඤ‍්ච කොටිසතං චතුසච‍්චධම‍්මපටිවෙධසමත්‍ථෙ දිස‍්වා ආකාසෙන ගන‍්ත්‍වා සුදස‍්සනනගරසමීපෙ සුදස‍්සනුය්‍යානෙ ඔතරිත්‍වා උය්‍යානපාලෙන අත‍්තනො භාතිකෙ පක‍්කොසාපෙත්‍වා තෙසං පරිවාරානං මජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා කොටිසතසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, අයං පඨමො අභිසමයො. තෙන වුත‍්තං –

සතර නිමිති දැක සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සිය කෝටියක් මිනිස්සු අනුව පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වීර්යය කොට වෙසක් පුන්පොහෝ දින නකුල නිගමයෙහි නකුල සිටුදියණිය දුන් මීකිරිබත් වළඳා සල්උයන්හි දිවාවිහාර කොට සිරිවඩ්ඪ ආජීවක දුන් අටතණමිට ගෙන මිදෙල්ල බෝමුල විසිරියන් පුළුලැති තණ ඇතිරි අතුරා මරබල නසා අභිසම්බෝධියට පැමිණ අනේකජාති ආදි ක්‍රමයෙන් උදන් අනා බෝධි සමීපයෙහි සත් සති ගෙවා අටවන සතියෙහි බඹහුගේ ධර්මායාචනය පිළිගෙන භව්‍ය පුද්ගලයන් බලන සේක් සිය බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද තමන් සමග මහණ වූ භික්‍ෂූන් කෙළසියය ද සිවුසස් අවබෝධයට සමත් බැව් දැන අහසින් වැඩ සුදසුන් නුවර ළඟ සුදසුන් උයන්හි බැස උයන්පල්ලා ලවා සිය සොහොයුරන් කැඳවා පිරිස් සහිත ඔවුන් මැද දම්සක් පැවැත්වූහ. එකල කෙළලක්‍ෂයකට ධර්මාවබෝධ විය. මේ ප්‍රථම අභිසමය වෙයි. එයින් කියන ලදි-

“පදුමුත‍්තරස‍්ස අපරෙන, සුමෙධො නාම නායකො; දුරාසදො උග‍්ගතෙජො, සබ‍්බලොකුත‍්තමො මුනි.

පදුමුත්තරස්ස සුමෙධො නාම නායකො දුරාසදො උග්ගතෙජො සබ්බලොකුත්තමො මුනි

“පසන‍්නනෙත‍්තො සුමුඛො, බ්‍රහා උජු පතාපවා; හිතෙසී සබ‍්බසත‍්තානං, බහූ මොචෙසි බන්‍ධනා.

පසන්න නෙත්තො සුමුඛො බ්‍රහා උජු පතාපවා හිතෙසී සබ්බසත්තානං බහූ මොචෙසි බන්‍ධනා

“යදා බුද‍්ධො පාපුණිත්‍වා, කෙවලං බොධිමුත‍්තමං; සුදස‍්සනම‍්හි නගරෙ, ධම‍්මචක‍්කං පවත‍්තයි.

යදා බුද්ධො පාපුණිත්‍වා කෙවලං බොධිමුත්තමං සුදස්සනම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි

“තස‍්සාභිසමයා තීණි, අහෙසුං ධම‍්මදෙසනෙ; කොටිසතසහස‍්සානං, පඨමාභිසමයො අහූ”ති.

තස්සාභිසමයාතීනි අහෙසුං ධම්මදෙසනො කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති

තත්‍ථ උග‍්ගතෙජොති උග‍්ගතතෙජො. පසන‍්නනෙත‍්තොති සුට‍්ඨු පසන‍්නනයනො, ධොවිත්‍වා මජ‍්ජිත්‍වා ඨපිතමණිගුළිකා විය පසන‍්නානි නෙත‍්තානි හොන‍්ති. තස‍්මා සො “පසන‍්නනෙත‍්තො”ති වුත‍්තො. මුදුසිනිද‍්ධනීලවිමලසුඛුමපඛුමාචිතසුප‍්පසන‍්නනයනොති අත්‍ථො. “සුප‍්පසන‍්නපඤ‍්චනයනො”තිපි වත‍්තුං වට‍්ටති. සුමුඛොති පරිපුණ‍්ණසරදසමයචන්‍දසදිසවදනො. බ්‍රහාති අට‍්ඨාසීතිහත්‍ථප‍්පමාණසරීරත‍්තා බ්‍රහා මහන‍්තො, අඤ‍්ඤෙහි අසාධාරණසරීරප‍්පමාණොති අත්‍ථො. උජූති බ්‍රහ‍්මුජුගත‍්තො උජුමෙව උග‍්ගතසරීරො දෙවනගරෙ සමුස‍්සිතසුවණ‍්ණතොරණසදිසවරසරීරොති අත්‍ථො. පතාපවාති විජ‍්ජොතමානසරීරො. හිතෙසීති හිතගවෙසී. අභිසමයා තීණීති අභිසමයා තයො, ලිඞ‍්ගවිපල‍්ලාසො කතොති.

එහි උග්ගතෙජො යනු; උග්‍රතේජස් ඇත්තේ. පසන්‍ධා නෙත්තො යනු; මනාපහන් නුවන් ඇත්තේ. සෝදා ඔපදමා තිබූ මිණිගුළියක් වැනි නුවන් වෙයි. එහෙයින් එබඳු නුවන් ඇත්තේ වෙයි කියන ලදි. මුදු සිනිඳු නිල් පහන් සියුම් පිහාටුයෙන් වටවූ අතිශයින් ඇස් ඇත්තේ යන අර්ථයි. සුපසන් පසැස් ඇත්තේයි යනු ද වටී. සුමුඛො යනු; පිරිපුන් සරාසඳ වන් මුහුණු ඇත්තේ. බහ්‍රා යනු; අසූඅට රියන් පමණ සිරුරැති බැවින් බොහෝ මහත් වූයේ. අන්‍යයන්ට අසාධාරණ ශරීර ප්‍රමාණ ඇත්තේ යන අර්ථයි. උජූ යනු; බ්‍රහ්මර්ජුගාත්‍ර ඇත්තේ. ඍජුවම උස්වූ ශරීර ඇත්තේ. දෙව්නුවරක නැගූ රන්තොරණක වන් උතුම් ශරීර ඇත්තේ යන අර්ථයි. පතාපවා යනු; බබළන ශරීර ඇත්තේ. හිතෙසී යනු සිත සොයන. අභිසමයා තීන යනු; අභිසමය තුනෙකි. ලිංග විපර්යාසයකි.

යදා පන භගවා කුම‍්භකණ‍්ණසදිසානුභාවං කුම‍්භකණ‍්ණං නාම මනුස‍්සභක‍්ඛං යක‍්ඛං මහාඅටවිමුඛෙ සන්‍දිස‍්සමානඝොරසරීරං වත‍්තනිඅටවිසඤ‍්චාරං පච‍්ඡින්‍දිත්‍වා පවත‍්තමානං පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය ලොකං ඔලොකෙන‍්තො දිස‍්වා එකකොව අසහායො තස‍්ස යක‍්ඛස‍්ස භවනං ගන‍්ත්‍වා අන‍්තො පවිසිත්‍වා පඤ‍්ඤත‍්තෙ සිරිසයනෙ නිසීදි. අථ ඛො සො යක‍්ඛො මක‍්ඛං අසහමානො දණ‍්ඩාහතො ඝොරවිසො ආසිවිසො විය සංකුද‍්ධො දසබලං භිංසාපෙතුකාමො අත‍්තනො අත‍්තභාවං ඝොරතරං කත්‍වා පබ‍්බතසදිසං සීසං කත්‍වා සූරියමණ‍්ඩලසදිසානි අක‍්ඛීනි නිම‍්මිනිත්‍වා නඞ‍්ගලසීසසදිසාතිදීඝවිපුලතිඛිණදාඨායො කත්‍වා ඔලම‍්බනීලවිපුලවිසමොදරො තාලක‍්ඛන්‍ධසදිසබාහුචිපිටකවිරූපවඞ‍්කනාසො පබ‍්බතබිලසදිසවිපුලරත‍්තමුඛො ථූලපිඞ‍්ගලඛරඵරුසකෙසො අතිභයානකදස‍්සනො හුත්‍වා ආගන‍්ත්‍වා සුමෙධස‍්ස භගවතො පුරතො ඨත්‍වා පධූපායන‍්තො පජ‍්ජලන‍්තො පාසාණපබ‍්බතග‍්ගිජාල-සලිල-කද‍්දම-ඡාරිකායුධඞ‍්ගාර-වාලුකප‍්පකාරා නවවිධා වස‍්සවුට‍්ඨියො වස‍්සෙත්‍වාපි භගවතො ලොමග‍්ගමත‍්තම‍්පි චාලෙතුං අසක‍්කොන‍්තො “භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡිත්‍වා මාරෙස‍්සාමී”ති ආළවකො විය පඤ‍්හං පුච‍්ඡි. අයං භගවා පඤ‍්හාබ්‍යාකරණෙන තං යක‍්ඛං විනයමුපනෙසි. තතො දුතියදිවසෙ කිරස‍්ස රට‍්ඨවාසිනො මනුස‍්සා සකටභරිතෙන භත‍්තෙන සහ රාජකුමාරං ආහරිත්‍වා යක‍්ඛස‍්ස අදංසු. අථ යක‍්ඛො රාජකුමාරං බුද‍්ධස‍්ස අදාසි. අටවිද‍්වාරෙ ඨිතමනුස‍්සා භගවන‍්තං උපසඞ‍්කමිංසු. තදා තස‍්මිං සමාගමෙ දසබලො යක‍්ඛස‍්ස මනොනුකූලං ධම‍්මං දෙසෙන‍්තො. නවුතිකොටිසහස‍්සානං පාණීනං ධම‍්මචක‍්ඛුං උප‍්පාදෙසි, සො දුතියො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්දාක භාග්‍යවතුන් වහන්සේ කුම්භකර්ණයාට බඳු ආනුභාව ඇති මිනිසුන් කන, දෘශ්‍යමාන ශරීරයෙන් වන සංචාරය නවතා වන මුඛයෙහි මහමඟ සිටිනා කුම්භකර්ණ නම් යකු පාන්දර මහාකරුණා සමාපත්තියට සමවැද ඉන් නැගී ලොව බලන කල දැක තනිව අසහායව ඒ යක්‍ෂයාගේ භවනයට වැඩ ඇතුළට පිවිස පැනවූ සිරියහනෙහි වැඩහුන් සේක්ද එවිට ඒ යක්‍ෂයා මකුබව දරාගත නොහැකිව දණ්ඩෙන් ගැසූ ඝෝරවිෂ ඇති සර්පයකු මෙන් කිපී දසබලයන් වහන්සේට හිංසා කරනු කැමතිව තම ආත්මභාවය ඝෝරතර කොට හිස පර්වතයක් මෙන් කොට ඇස් හිරුමඬල මෙන් කොට නඟුලිස් බඳු දික්මහත් තියුණු දළ මවා එල්බෙන කළු මහත් විසම උදරයක් ඇතිව තල්කඳක් සා බාහු ඇති බුන් විරූප වක් නිසා ඇති පර්වත කුහරයක් බඳු මහ රතු කටක් ඇති මහත් පිඟුවන් රළු පරුෂ කෙහෙ ඇති අති බිහිසුණු දැකුම් ඇතිව අවුත් සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිට දුවවිත් දිලියෙමින් පාෂාණ පර්වත අග්නිජාලා ජල මඩ අළු ආයුධ අඟුරු වැලි බඳු නව ආකාර මහවැසි වස්වා භාග්‍යවතුන් වහන්සේගේ රෝමාග්‍රයක් හෝ සෙලවිය නොහැකිව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා මරමී සිතා ආළවකයා මෙන් ප්‍රශ්න ඇසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න විසඳීමෙන් යක්‍ෂයා හික්මවූ සේක. ඉක්බිති දෙවන දින රටවැසි මිනිස්සු ගැල්පිරූ බත් රජකුමරකු සහිතව ගෙනවුත් යක්‍ෂයාට දුන්හ. එවිට යක්‍ෂයා රජකුමරු බුදුන්ට පිදීය. වනදොර සිටි මිනිස්සු බුදුන් වෙත පැමිණියහ. එදින ඒ සමාගමයෙහි දසබලයන් වහන්සේ යක්‍ෂයා හට චිත්තානුකූල ධර්මයක් දේශනා කරන සේක. අනූ කෙළක් ප්‍රාණීන්ට ධර්මචක්‍ෂුස ඉපදවූ සේක. එය දෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-

“පුනාපරං කුම‍්භකණ‍්ණං, යක‍්ඛං සො දමයී ජිනො; නවුතිකොටිසහස‍්සානං, දුතියාභිසමයො අහූ”ති.

පුනාපරං කුම්භකණ්ණං යක්‍ඛං සො දමයී ජිනො නවුතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූති

යදා පන උපකාරිනගරෙ සිරිනන්‍දනුය්‍යානෙ චත‍්තාරි සච‍්චානි පකාසයි, තදා අසීතිකොටිසතසහස‍්සානං තතියො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්කලෙක උපකාරි නුවර සිරිනන්දන උයන්හි සිවුසස් දෙසූ සේක්ද එකල අසූ කෝටි දහසකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“පුනාපරං අමිතයසො, චතුසච‍්චං පකාසයි; අසීතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

පුනාපරං අමිතයසො චතුසච්චං පකාසයි අසීතිකොටිසහස්සානං ධම්මාභිසමයො අහූති

සුමෙධස‍්සාපි භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. පඨමසන‍්නිපාතෙ සුදස‍්සනනගරෙ කොටිසතඛීණාසවා අහෙසුං. පුන දෙවකූටෙ පබ‍්බතෙ කථිනත්‍ථතෙ දුතියෙ නවුතිකොටියො. පුන තතියෙ භගවති චාරිකං චරමානෙ අසීතිකොටියො අහෙසුං. තෙන වුත‍්තං –

සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ ද ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය. පළමු රැස්වීමෙහි කෙළසියයක් රහත්හු වූහ. නැවත දේවකූට පර්වතයෙහි කඨිනය ඇතුරූ කල්හි දෙවන සමාගමයෙහි අනූකෙළකි. භාග්‍යවතුන් වහන්සේ චාරිකා කරන සේක් තෙවන සමාගමයෙහි අසූකෝටියක් වූහ. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, සුමෙධස‍්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං සුමෙධස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“සුදස‍්සනං නාම නගරං, උපගඤ‍්ඡි ජිනො යදා; තදා ඛීණාසවා භික‍්ඛූ, සමිංසු සතකොටියො.

සුදස්සනං නගරවරං උපගඤ්ජි ජිනො යදා තදා ඛීණාසවා භික්‍ඛු සමිංසු සතකොටියො

“පුනාපරං දෙවකූටෙ, භික‍්ඛූනං කථිනත්‍ථතෙ; තදා නවුතිකොටීනං, දුතියො ආසි සමාගමො.

පුනාපරං දෙවකූටෙ භික්‍ඛූනං කඨිනත්‍ථතෙ තදා නවුතිකොටීනං දුතියො ආසි සමාගමො

“පුනාපරං දසබලො, යදා චරති චාරිකං; තදා අසීතිකොටීනං, තතියො ආසි සමාගමො”ති.

පුනාපරං දසබලො යදා චරති චාරිකං තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමොති

තදා අම‍්හාකං බොධිසත‍්තො උත‍්තරො නාම සබ‍්බජනුත‍්තරො මාණවො හුත්‍වා නිදහිත්‍වා ඨපිතංයෙව අසීතිකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා තදා දසබලස‍්ස ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය නික‍්ඛමිත්‍වා පබ‍්බජි. සොපි නං සත්‍ථා භොජනානුමොදනං කරොන‍්තො – “අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

අප බෝසත්හු සියලුදෙනාට උතුම් උත්තර නම් මාණවකව නිදන්කොට තුබූ අසූකෙළක් ධනය වියදම් කොට බුදුපාමොක් බික්සඟනට මහදන් පුදා උන්වහන්සේගේ බණ අසා සරණයෙහි පිහිටා නික්ම පැවිදි වූහ. ඒ ශාස්තෘන් වහන්සේ වළඳා කෙළවර ඔබට බණ දෙසන සේක් අනාගතයෙහි ගොතම නමින් බුදුවන්නාහයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, උත‍්තරො නාම මාණවො; අසීතිකොටියො මය‍්හං, ඝරෙ සන‍්නිචිතං ධනං.

අහං තෙන සමයෙන උත්තරො නාම මාණත්‍වා අසීති කොටියො මය්හං ඝරෙ සන්නිචිතං ධනං

“කෙවලං සබ‍්බං දත්‍වාන, සසඞ‍්ඝෙ ලොකනායකෙ; සරණං තස‍්සූපගඤ‍්ඡිං, පබ‍්බජ‍්ජඤ‍්චාභිරොචයිං.

කෙවලං සබ්බං දත්‍වාන සසංඝෙ ලෝකනායකෙ සරණං තස්ස උපාගඤ්ජිං පබ්බජ්ජං චාභිරොපධිං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, කරොන‍්තො අනුමොදනං; තිංසකප‍්පසහස‍්සම‍්හි, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි මං තදා ව්‍යකාසි කරොන්තො අනුමොදනං තිංසකප්පසහස්සම්හි අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං”.

පධානං පදහිත්‍වාන -පෙ-

බ්‍යාකරණගාථා විත්‍ථාරෙතබ‍්බා.

විවරණ ගාථා විස්තර කළ යුතුය.

“තස‍්සාපි වචනං සුත්‍වා, භිය්‍යො චිත‍්තං පසාදයිං; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා.

තස්සාපි වචනං සුත්‍වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා

“සුත‍්තන‍්තං විනයං චාපි, නවඞ‍්ගං සත්‍ථුසාසනං; සබ‍්බං පරියාපුණිත්‍වාන, සොභයිං ජිනසාසනං.

සුත්තන්තං විනයඤ්චාපි නවංගං සත්‍ථුසාසනං සබ්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං

“තත්‍ථප‍්පමත‍්තො විහරන‍්තො, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා, බ්‍රහ‍්මලොකමගඤ‍්ඡහ”න‍්ති.

තත්‍ථප්පමත්තො විහරන්තො නිසජ්ජට්ඨානචංකමො අභිඤ්ඤාසු පාරමිං පත්‍වා බ්‍රහ්ලොකමගඤ්ඡහන්ති

තත්‍ථ සන‍්නිචිතන‍්ති නිදහිතං නිධානවසෙන. කෙවලන‍්ති සකලන‍්ති අත්‍ථො. සබ‍්බන‍්ති අසෙසතො දත්‍වා. සසඞ‍්ඝෙති සසඞ‍්ඝස‍්ස. තස‍්සූපගඤ‍්ඡින‍්ති තං උපගඤ‍්ඡිං, උපයොගත්‍ථෙ සාමිවචනං. අභිරොචයින‍්ති පබ‍්බජිං. තිංසකප‍්පසහස‍්සම‍්හීති තිංසකප‍්පසහස‍්සෙසු අතික‍්කන‍්තෙසූති අත්‍ථො.

එහි සන්නිචිතං යනු; නිධන් වශයෙන් රැස් කළ. කෙවලං යනු; සියල්ල යන අර්ථයි. සබ්බං යනු; නිරවශේෂව දී සසංඝ යනු; සංඝයා සහිත උන්වහන්සේට. උපගඤ්ජිං යනු; උන්වහන්සේ වෙත ගියෙමි. කර්මාර්ථයෙහි සම්බන්‍ධ වචනයි. අභිරොචයිං යනු; පැවිදි වූයෙමි. තිංසකප්පෙ සහස්සම්හි යනු; තිස්කපක් ගිය කල්හි යන අර්ථයි.

තස‍්ස පන සුමෙධස‍්ස භගවතො සුදස‍්සනං නාම නගරං අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, මාතා සුදත‍්තා නාම, සරණො ච සබ‍්බකාමො ච ද‍්වෙ අග‍්ගසාවකා, සාගරො නාමුපට‍්ඨාකො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහානීපරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු නවුතිවස‍්සසහස‍්සානි, නවවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි, සුමනා නාමස‍්ස අග‍්ගමහෙසී, පුනබ‍්බසුමිත‍්තො නාම පුත‍්තො, හත්‍ථියානෙන නික‍්ඛමි. සෙසං ගාථාසු දිස‍්සති. තෙන වුත‍්තං –

ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ නුවර සුදස්සන නම් විය. සුදත්ත නම් රජ පියාය. මව සුදත්තා නමි. සරණ සබ්බකාම දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සාගර නමි. රාමා සුරාමා දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝය. මහමිදෙල්ල ගස බෝධියයි. ශරීරය අටඅසූරියන් උස්විය. ආයුෂ අවුරුදු අනූදහසකි. නවදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය සුමනා නමි. පුත්‍රයා පුනබ්බසුමිත්ත නමි. ඇත්යානයෙන් අබිනික්මන් කළහ. සෙස්ස ගාථාවල දැක්වේ. එයින් කියන ලදි-

“සුදස‍්සනං නාම නගරං, සුදත‍්තො නාම ඛත‍්තියො; සුදත‍්තා නාම ජනිකා, සුමෙධස‍්ස මහෙසිනො.

සුදස්සනං නාම නගරං සුදත්තො නාම ඛත්තියො සුදත්තා නාම ජනිකා සුමෙධස්ස මහෙසිනො

“සරණො සබ‍්බකාමො ච, අහෙසුං අග‍්ගසාවකා; සාගරො නාමුපට‍්ඨාකො, සුමෙධස‍්ස මහෙසිනො.

සරණො සබ්බකාමො ච අහෙසුං අග්ගසාවකා සාගරො නාමුපට්ඨාකො සුමෙධස්ස මහෙසිනො

“රාමා චෙව සුරාමා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, මහානීපොති වුච‍්චති.

රාමා මෙව සුරාමාච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහානීපොති වුච්චති

“අට‍්ඨාසීතිරතනානි, අච‍්චුග‍්ගතො මහාමුනි; ඔභාසෙති දිසා සබ‍්බා, චන්‍දො තාරගණෙ යථා.

අට්ඨාසීති රතනානි අච්චුග්ගතො මහාමුනි පභාසෙති දිසා සබ්බා චන්‍දො කාරගණෙ යථා

“චක‍්කවත‍්තිමණී නාම, යථා තපති යොජනං; තථෙව තස‍්ස රතනං, සමන‍්තා ඵරති යොජනං.

චක්කවත්තිමණි නාම යථා තපති යොජනං තථෙව තස්ස රතනං සමන්තා එරති යොජනං

“නවුතිවස‍්සසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

නවුතිවස්ස සහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනකං බහුං

“තෙවිජ‍්ජඡළභිඤ‍්ඤෙහි , බලප‍්පත‍්තෙහි තාදිහි; සමාකුලමිදං ආසි, අරහන‍්තෙහි සාධුහි.

තෙවිජ්ජ ඡළභිඤ්ඤෙහි බලප්පත්තෙහි තාදිහි සමාකුලමිදං ආසි අරහන්තෙහි සාධුහි

“තෙපි සබ‍්බෙ අමිතයසා, විප‍්පමුත‍්තා නිරූපධී; ඤාණාලොකං දස‍්සයිත්‍වා, නිබ‍්බුතා තෙ මහායසා”ති.

තෙපි සබ්බෙ අමිතයසා විප්පමුත්තා නිරූපධි ඤාණලොකං දස්සයිත්‍වා නිබ්බුතා තෙ මහායසාති

තත්‍ථ චන්‍දො තාරගණෙ යථාති යථා නාම ගගනෙ පරිපුණ‍්ණචන්‍දො තාරාගණෙ ඔභාසෙති පකාසෙති, එවමෙව සබ‍්බාපි දිසා ඔභාසෙතීති අත්‍ථො. කෙචි “චන්‍දො පන‍්නරසො යථා”ති පඨන‍්ති, සො උත‍්තානත්‍ථොව.

එහි චන්‍දො තාරගණෙ යථා යනු; යම්සේ අහසෙහි පිරිපුන් සඳ තරුගණ බබුළුවයිද, ප්‍රකට කරයිද එමෙන් සියලු දිශාවන් බබුළුවයි යන අර්ථයි. සමහරු චන්‍දො පණ්ණරසො යථා යි ද හදාරති. එය පැහැදිලි අරුත් ඇත්තේය.

චක‍්කවත‍්තිමණී නාමාති යථා නාම චක‍්කවත‍්තිරඤ‍්ඤො මණිරතනං චතුහත්‍ථායාමං සකටනාභිසමපරිණාහං චතුරාසීතිමණිසහස‍්සපරිවාරං තාරාගණපරිවුතස‍්ස සරදසමයපරිපුණ‍්ණරජනිකරස‍්ස සිරිසමුදයසොභං අව‍්හයන‍්තමිව වෙපුල‍්ලපබ‍්බතතො පරමරමණීයදස‍්සනං මණිරතනමාගච‍්ඡති, තස‍්සෙවං ආගච‍්ඡන‍්තස‍්ස සමන‍්තතො යොජනප‍්පමාණං ඔකාසං ආභා ඵරති, එවමෙව තස‍්ස සුමෙධස‍්සාපි භගවතො සරීරතො ආභාරතනං සමන‍්තතො යොජනං ඵරතීති අත්‍ථො.

චක්කවත්තිමණිනාම යනු; යම්සේ වනාහි සක්විති රජුගේ මිණිරුවන සිව්රියන් දිගින් යුත් ගැල්නැබ මෙන් පිරුණු නැබ ඇතිව අසූහාරදහසක් මිණි පිරිවරන තරුගණ පිරිවැරූ සරත් සමයෙහි පිරිපුන් සඳමඬලෙහි සිරිසෝභාව කැඳවන්නාක් මෙන් විපුල පර්වතයෙන් මිණිරුවන පරම රමණීය දර්ශනයෙන් එන්නේ ද එසේ එන මිණිරුවනෙහි ආලෝකය හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි ආලෝකය පැතිරෙයි. එමෙන් මේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ආලෝකරත්නය හාත්පස යොදුනක් තැන පැතිරෙයි යන අර්ථයි.

තෙවිජ‍්ජඡළභිඤ‍්ඤෙහීති තෙවිජ‍්ජෙහි ඡළභිඤ‍්ඤෙහි චාති අත්‍ථො. බලප‍්පත‍්තෙහීති ඉද‍්ධිබලප‍්පත‍්තෙහි. තාදිහීති තාදිභාවප‍්පත‍්තෙහි. සමාකුලන‍්ති සඞ‍්කිණ‍්ණං එකකාසාවපජ‍්ජොතං. ඉදන‍්ති සාසනං සන්‍ධායාහ, මහීතලං වා. අමිතයසාති අමිතපරිවාරා, අතුලකිත‍්තිඝොසො වා. නිරූපධීති චතුරූපධිවිරහිතා. සෙසමෙත්‍ථ ගාථාසු සබ‍්බත්‍ථ පාකටමෙවාති.

තෙවිජ්ජඡළභිඤ්ඤෙහ යනු; ත්‍රිවිද්‍යාධාරින් ෂඩභිඥාලාභීන් විසින් යන අර්ථයි. බලප්පත්තෙහ යනු, ඍද්ධිබලයට පැමිණියවුන්. තාදිහි යනු; තාදිබවට පත්වූවන්. සමාකුලං යනු; සංකීර්ණ වූ, එකම කසාවතින් බබළන. ඉදං යනු; සසුන සඳහා කියන ලදි. මිහිතලය හෝය. අමිතයසා යනු අපමණ පිරිවර ඇති, අසම කිත් යසස් ඇති. නිරුපධි යනු; සතර උපධි රහිත ගාථාවල සෙසු සියල්ල ප්‍රකටය.

සුමෙධබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

සුමේධ බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො එකාදසමො බුද‍්ධවංසො.

එකොළොස්වන බුද්ධවංසය සමාප්තයි.