යෙදුමෙන් කියවන්න

10. පදුමුත‍්තරබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

10. පදුමුත‍්තරබුද‍්ධවංසවණ‍්ණනා

10. පදුමුත්තර බුද්ධවංස වර්ණනාව

නාරදබුද‍්ධස‍්ස සාසනං නවුතිවස‍්සසහස‍්සානි පවත‍්තිත්‍වා අන‍්තරධායි. සො ච කප‍්පො විනස‍්සිත්‍ථ. තතො පරං කප‍්පානං අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධා ලොකෙ න උප‍්පජ‍්ජිංසු. බුද‍්ධසුඤ‍්ඤො විගතබුද‍්ධාලොකො අහොසි. තතො කප‍්පෙසු ච අසඞ‍්ඛ්‍යෙය්‍යෙසු වීතිවත‍්තෙසු ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ එකො විජිතමාරො ඔහිතභාරො මෙරුසාරො අසංසාරො සත‍්තසාරො සබ‍්බලොකුත‍්තරො පදුමුත‍්තරො නාම බුද‍්ධො ලොකෙ උදපාදි. සොපි පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා හංසවතීනගරෙ සබ‍්බජනානන්‍දකරස‍්සානන්‍දස‍්ස නාම රඤ‍්ඤො අග‍්ගමහෙසියා උදිතොදිතකුලෙ ජාතාය සුජාතාය දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. සා දෙවතාහි කතාරක‍්ඛා දසන‍්නං මාසානං අච‍්චයෙන හංසවතුය්‍යානෙ පදුමුත‍්තරකුමාරං විජායි. පටිසන්‍ධියඤ‍්චස‍්ස ජාතියඤ‍්ච හෙට‍්ඨා වුත‍්තප‍්පකාරානි පාටිහාරියානි අහෙසුං.

නාරද බුදුන්ගේ ශාසනය අනූපන්දහසක් අවුරුදු පැවත අතුරුදහන් විය. ඒ කල්පය ද විනාශ විය. ඉන්පසු අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව නූපන්හ. බුද්ධශුන්‍ය බුද්ධාලෝකයෙන් ලොව තොරවිය. එයින් අසංඛ්‍ය කල්පයක් ගතවූ කෙලෙස්බර ඇති මෙර සේ සාර වූ සසර රහිත වූ සත්වසාර වූ සකලලෝකෝත්තර වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළ වූ. උන්වහන්සේද පාරමී පුරා තුසීපුර ඉපිද එයින් චුතව හංසවතී නුවර සකල ජන ආනන්‍දකර නන්‍දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවිය කුස පිළිසිඳ ගත්හ. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇති ඕතොමෝ දසමස් ඇවෑමෙන් හංසවතී උයන්හි පියුමතුරා කුමරු ප්‍රසූත කළාය. උන්වහන්සේගේ පිළිසිඳීමෙහි උපතෙහි යට කී ආකාර පෙළහර සිදුවිය.

තස‍්ස කිර ජාතියං පදුමවස‍්සං වස‍්සි. තෙනස‍්ස නාමග‍්ගහණදිවසෙ ඤාතකා “පදුමුත‍්තරකුමාරො”ත්‍වෙව නාමං අකංසු. සො දසවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. නරවාහන-යසවාහන-වසවත‍්තිනාමකා තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකා තයො චස‍්ස පාසාදා අහෙසුං. වසුදත‍්තාදෙවිප‍්පමුඛානං ඉත්‍ථීනං සතසහස‍්සානි වීසතිසහස‍්සානි ච පච‍්චුපට‍්ඨිතානි අහෙසුං. සො වසුදත‍්තාය දෙවියා පුත‍්තෙ සබ‍්බගුණානුත‍්තරෙ උත‍්තරකුමාරෙ නාම උප‍්පන‍්නෙ චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා – “මහාභිනික‍්ඛමනං නික‍්ඛමිස‍්සාමී”ති චින‍්තෙසි. තස‍්ස චින‍්තිතමත‍්තෙව වසවත‍්තිනාමකො පාසාදො කුම‍්භකාරචක‍්කං විය ආකාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා දෙවවිමානමිව පුණ‍්ණචන්‍දො විය ච ගගනතලෙන ගන‍්ත්‍වා බොධිරුක‍්ඛං මජ‍්ඣෙකරොන‍්තො සොභිතබුද‍්ධවංසවණ‍්ණනාය ආගතපාසාදො විය භූමියං ඔතරි.

උන්වහන්සේගේ උපතෙහි පියුම්වැසි වැස්සේය. එයින් උන්වහන්සේ නම්ගන්වන දින නෑයෝ පදුමුත්තර කියා නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. නරවාහන, යසවාහන, වසවත්ති නම් තුන් ඍතුවට යෝග්‍ය තුන්පහයක් විය. වසුදත්තා දේවිය ප්‍රමුඛ එක්ලක්‍ෂ විසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල සතර නිමිති දැක මහබිනික්මන් කරමියි සිතූහ. සිතු කෙණෙහිම වසවත්ති නම් පහය කුඹල් සකක් මෙන් අහසට නැග දෙව්විමනක් මෙන් පුන්සඳ මෙන් අහසින් ගොස් බෝරුක මැදිකොට සෝභිත බුද්ධ වර්ණනාවෙහි ආ ප්‍රාසාදය මෙන් බිමට බැස්සේය.

මහාපුරිසො කිර තතො පාසාදතො ඔතරිත්‍වා අරහත‍්තද‍්ධජභූතානි කාසායානි වත්‍ථානි දෙවදත‍්තියානි පාරුපිත්‍වා තත්‍ථෙව පබ‍්බජි. පාසාදො පනාගන‍්ත්‍වා සකට‍්ඨානෙයෙව අට‍්ඨාසි. මහාසත‍්තෙන සහගතාය පරිසාය ඨපෙත්‍වා ඉත්‍ථියො සබ‍්බෙ පබ‍්බජිංසු. මහාපුරිසො තෙහි සහ සත‍්තාහං පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය උජ‍්ජෙනිනිගමෙ රුචානන්‍දසෙට‍්ඨිධීතාය දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සාලවනෙ දිවාවිහාරං කත්‍වා සායන‍්හසමයෙ සුමිත‍්තාජීවකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා සලලබොධිං උපගන‍්ත්‍වා තං පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨත‍්තිංසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය සමාරං මාරබලං විධමිත්‍වා පඨමෙ යාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා දුතියෙ යාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා තතියෙ යාමෙ පච‍්චයාකාරං සම‍්මසිත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානතො වුට‍්ඨාය පඤ‍්චසු ඛන්‍ධෙසු අභිනිවිසිත්‍වා උදයබ‍්බයවසෙන සමපඤ‍්ඤාස ලක‍්ඛණානි දිස‍්වා යාව ගොත්‍රභුඤාණං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරියමග‍්ගෙන සකලබුද‍්ධගුණෙ පටිවිජ‍්ඣිත්‍වා සබ‍්බබුද‍්ධාචිණ‍්ණං “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙසි. තදා කිර දසසහස‍්සචක‍්කවාළබ‍්භන‍්තරං සකලම‍්පි අලඞ‍්කරොන‍්තං විය පදුමවස‍්සං වස‍්සි. තෙන වුත‍්තං –

මහපුරිස්හු ඒ පහයෙන් බැස වෙසක් පුන් පොහෝ දින උදේ නිගමයෙහි රුචිනන්‍දා සිටු දියණිය දුන් මීකිරිබත වළඳා සල්උයන්හි දිවාවිහාර කොට සවස්හි සුමිත්තාජීවකයක් දුන් අටතණමිට ගෙන සල්ල බෝධිය වෙත ගොස් පැදකුණු කොට අටතිස් රියන් පුළුලැති තණඇති අතුරා පලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨානයෙන් මරුසහිත මරබල නසා පෙරයම පෙරවිසීම් සිහිකොට දෙවන යාමයෙහි දිවැස පිරිසිදු කොට තෙවන යාමයෙහි ප්‍රත්‍යයාකාරය මෙනෙහිකොට ආනාපාන චතුර්ථධ්‍යානයෙන් නැගී පස්කඳෙහි වැද උදයව්‍යය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඤාණය තෙක් වඩා ආර්යමාර්ගයෙන් සියලු බුදුගුණ ප්‍රතිවේධ කොට සියලු බුදුවරුන්ට ආවෙණික අනේකජාති සංසාරං -පෙ- යන උදන් ඇනූහ. එකල දසදහසක් සක්වළගැබ අලංකාර කරන්නාක් මෙන් පියුම් වැසි වැස්සේය. එයින් කියන ලදි-

“නාරදස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; පදුමුත‍්තරො නාම ජිනො, අක‍්ඛොභො සාගරූපමො.

නාරදස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො පදුමුත්තරො නාම ජිනො අක්‍ඛොබ්භො සාගරූපවො

“මණ‍්ඩකප‍්පො වා සො ආසි, යම‍්හි බුද‍්ධො අජායථ; උස‍්සන‍්නකුසලා ජනතා, තම‍්හි කප‍්පෙ අජායථා”ති.

මණ්ඩකප්පො ච සො ආසි යම්හි බුද්ධො අජායථ උස්සන්නකුසලා ජනතා තම්හි කප්පෙ අජායථාති

තත්‍ථ සාගරූපමොති සාගරසදිසගම‍්භීරභාවො. මණ‍්ඩකප‍්පො වා සො ආසීති එත්‍ථ යස‍්මිං කප‍්පෙ ද‍්වෙ සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, අයං මණ‍්ඩකප‍්පො නාම. දුවිධො හි කප‍්පො සුඤ‍්ඤකප‍්පො අසුඤ‍්ඤකප‍්පො චාති. තත්‍ථ සුඤ‍්ඤකප‍්පෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධචක‍්කවත‍්තිනො න උප‍්පජ‍්ජන‍්ති. තස‍්මා ගුණවන‍්තපුග‍්ගලසුඤ‍්ඤත‍්තා “සුඤ‍්ඤකප‍්පො”ති වුච‍්චති.

එහි සාගරූපමො යනු; සයුර මෙන් ගැඹුරු බව ඇති. මණ්ඩකප්පොව සො ආසි යනු; මෙහි යම් කපක බුදුවරු දෙනමක් උපදිත් ද මෙය මණ්ඩකප්ප නමි. කල්පය දෙපරිදිය. ශුන්‍ය කල්පය අශුන්‍ය කල්පය කියායි. එහි ශුන්‍ය කල්පයෙහි බුදු, පසේ බුදු සක්විත්තෝ නූපදිති. එහෙයින් ගුණවත් පුද්ගලයන්ගේ ශුන්‍ය බැවින් ශුන්‍ය කල්පයයි කියනු ලැබේ.

අසුඤ‍්ඤකප‍්පො පඤ‍්චවිධො – සාරකප‍්පො මණ‍්ඩකප‍්පො වරකප‍්පො සාරමණ‍්ඩකප‍්පො භද‍්දකප‍්පොති. තත්‍ථ ගුණසාරරහිතෙ කප‍්පෙ ගුණසාරුප‍්පාදකස‍්ස ගුණසාරජනනස‍්ස එකස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාතුභාවෙන “සාරකප‍්පො”ති වුච‍්චති. යස‍්මිං පන කප‍්පෙ ද‍්වෙ ලොකනායකා උප‍්පජ‍්ජන‍්ති, සො “මණ‍්ඩකප‍්පො”ති වුච‍්චති. යස‍්මිං කප‍්පෙ තයො බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, තෙසු පඨමො දුතියං බ්‍යාකරොති, දුතියො තතියන‍්ති, තත්‍ථ මනුස‍්සා පමුදිතහදයා අත‍්තනා පත්‍ථිතපණිධානවසෙන වරයන‍්ති. තස‍්මා “වරකප‍්පො”ති වුච‍්චති. යත්‍ථ පන කප‍්පෙ චත‍්තාරො බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සො පුරිමකප‍්පතො විසිට‍්ඨතරත‍්තා සාරතරත‍්තා “සාරමණ‍්ඩකප‍්පො”ති වුච‍්චති. යස‍්මිං කප‍්පෙ පඤ‍්ච බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සො “භද‍්දකප‍්පො”ති වුච‍්චති. සො පන අතිදුල‍්ලභො. තස‍්මිං පන කප‍්පෙ යෙභුය්‍යෙන සත‍්තා කල්‍යාණසුඛබහුලා හොන‍්ති. යෙභුය්‍යෙන තිහෙතුකා කිලෙසක‍්ඛයං කරොන‍්ති, දුහෙතුකා සුගතිගාමිනො හොන‍්ති, අහෙතුකා හෙතුං පටිලභන‍්ති. තස‍්මා සො කප‍්පො “භද‍්දකප‍්පො”ති වුච‍්චති. තෙන වුත‍්තං – “අසුඤ‍්ඤකප‍්පො පඤ‍්චවිධො”තිආදි. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

අශුන්‍ය කල්පය සාරකල්ප වරකල්ප මණ්ඩකල්ප සාරමණ්ඩ කල්ප භද්‍රකල්පයයි පස් ආකාර වෙයි. එහි ගුණශූන්‍ය ගුණසාර රහිත කල්පයෙහි ගුණසාර උපදවන ගුණසාරදනවන එක් සම්මා සම්බුදු කෙනකුන්ගේ පහළවීමෙන් සාරකප්ප නම් වෙයි. යම් කල්පයක ලෝකනායකයන් වහන්සේලා දෙනමක් උපදිත්ද එය මණ්ඩකල්ප නමැයි කියනු ලැබේ. යම් කපක තුන්බුදු කෙනෙක් උපදිත් ද උන්වහන්සේලාගෙන් පළමුවැන්නා දෙවැන්නාට ප්‍රකාශ කරයි. දෙවැන්නා තුන්වැන්නාටයි. එහි මිනිස්සු සතුටු සිතින් තමන් පැතූ පැතුම් වශයෙන් වළක්වති. එහෙයින් වර කල්පයයි කියනු ලැබේ. යම් කල්පයක සිවුබුදු කෙනෙක් උපදිත්ද එය පෙරකල්පයට වඩා විශිෂ්ටතර හෙයින් සාරමණ්ඩ කල්පයයි කියනු ලැබේ. යම් කල්පයක පසේබුදු කෙනෙක් උපදිත් ද එය භද්‍රකල්පයයි කියනු ලැබේ. එය අතිදුර්ලභය. ඒ කප බොහෝසෙයින් සත්ත්වයෝ කලණ සැප බහුල වෙති. බෙහෙවින් ත්‍රිහේතුකයෝ ක්ලේශ ක්‍ෂය කරති. දුහේතුකයෝ සුගතිගාමි වෙති. අහේතුකයෝ හේතු ලබති. එහෙයින් ඒ කල්පය භද්‍රකල්පයයි කියනු ලැබේ. එහෙයින් අසුඤ්ඤකප්පො පඤ්චවිධොයි කියන ලදි.

“එකො බුද‍්ධො සාරකප‍්පෙ, මණ‍්ඩකප‍්පෙ ජිනා දුවෙ; වරකප‍්පෙ තයො බුද‍්ධා, සාරමණ‍්ඩෙ චතුරො බුද‍්ධා; පඤ‍්ච බුද‍්ධා භද‍්දකප‍්පෙ, තතො නත්‍ථාධිකා ජිනා”ති.

[missing trans]

යස‍්මිං පන කප‍්පෙ පදුමුත‍්තරදසබලො උප‍්පජ‍්ජි, සො සාරකප‍්පොපි සමානො ගුණසම‍්පත‍්තියා මණ‍්ඩකප‍්පසදිසත‍්තා “මණ‍්ඩකප‍්පො”ති වුත‍්තො. ඔපම‍්මත්‍ථෙ වා-සද‍්දො දට‍්ඨබ‍්බො. උස‍්සන‍්නකුසලාති උපචිතපුඤ‍්ඤා. ජනතාති ජනසමූහො.

යම් කපක පියුමතුරා බුදුහු උපන් සේක්ද එය සාරකල්ප වුවද ගුණ සම්පත්තියෙන් මණ්ඩ කල්පයක් හා සම බැවින් මණ්ඩ කල්පයයි කියන ලදි. වා ශබ්දය උපමාර්ථයෙහි දතයුතුය. උස්සන්නකුසලා යනු; රැස්කළ පින් ඇත්තෝ. ජනතා යනු; ජන සමූහය.

පදුමුත‍්තරො පන පරිසුත‍්තරො භගවා සත‍්තාහං බොධිපල‍්ලඞ‍්කෙ වීතිනාමෙත්‍වා – “පථවියං පාදං නික‍්ඛිපිස‍්සාමී”ති දක‍්ඛිණං පාදං අභිනීහරි. අථ පථවිං භින්‍දිත්‍වා විමලකොමලකෙසරකණ‍්ණිකානි ජලජාමලාවිකලවිපුලපලාසානි ථලජානි ජලජානි උට‍්ඨහිංසු. තෙසං කිර ධුරපත‍්තානි නවුතිහත්‍ථානි කෙසරානි තිංසහත්‍ථානි කණ‍්ණිකා ද‍්වාදසහත්‍ථා එකෙකස‍්ස නවඝටප‍්පමාණා රෙණවො අහෙසුං. සත්‍ථා පන උබ‍්බෙධතො අට‍්ඨපණ‍්ණාසහත්‍ථො අහොසි. තස‍්ස උභින‍්නං බාහානමන‍්තරං අට‍්ඨාරසහත්‍ථං නලාටං පඤ‍්චහත්‍ථං හත්‍ථපාදා එකාදසහත්‍ථා අහෙසුං. තස‍්ස එකාදසහත්‍ථෙන පාදෙන ද‍්වාදසහත්‍ථාය කණ‍්ණිකාය අක‍්කන‍්තමත‍්තාය නවඝටප‍්පමාණා රෙණවො උට‍්ඨහිත්‍වා අට‍්ඨපණ‍්ණාසහත්‍ථං සරීරප‍්පදෙසං උග‍්ගන‍්ත්‍වා මනොසිලාචුණ‍්ණවිචුණ‍්ණිතං විය කත්‍වා පච‍්චොත්‍ථරන‍්ති. තදුපාදාය සත්‍ථා පදුමුත‍්තරොත්‍වෙව ලොකෙ පඤ‍්ඤායිත්‍ථාති සංයුත‍්තභාණකා වදන‍්ති.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝපළඟෙහි හිඳ පොළවෙහි පා තබමියි දකුණු පය දිගුකළහ. එවිට පොළව පළාගෙන නිකැලැල් නිර්මල කොමල කේශර කර්ණිකා ඇති ජලජ නිර්මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටියේය. ඒවාහි ප්‍රධාන පෙති අනූරියන් පමණය. කෙසුරු තිස්රියන් පමණය. කර්ණිකාව දසරියන් පමණය. එකිනෙකෙහි නවකළයක් පමණ රේණු විය. ශාස්තෘන් වහන්සේ උසින් අටපනස් රියන් වූහ. උන්වහන්සේගේ දෙනෙත්‍ර අතර අටළොස් රියන්ය. නළල පස්රියනය. අත්පා එකොළොස් රියන්ය. උන්වහන්සේගේ එකොළොස්රියන් පාදයෙන් දසරියන් කෙමිය දැක්වෙනවිට නවකළයක් පමණ රේණු නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසීල සුණු මෙන් වී වැටෙයි. ඒ හේතුවෙන් ශාස්තෘන් වහන්සේ පදුමුත්තර නමින් ප්‍රකට වූහයි සංයුත්ත භාණකයෝ කියති.

අථ සබ‍්බලොකුත‍්තරො පදුමුත‍්තරො භගවා බ්‍රහ‍්මායාචනං සම‍්පටිච‍්ඡිත්‍වා ධම‍්මදෙසනාය භාජනභූතෙ සත‍්තෙ ඔලොකෙන‍්තො මිථිලනගරෙ දෙවලං සුජාතඤ‍්චාති ද‍්වෙ රාජපුත‍්තෙ උපනිස‍්සයසම‍්පන‍්නෙ දිස‍්වා තඞ‍්ඛණඤ‍්ඤෙව අනිලපථෙන ගන‍්ත්‍වා මිථිලුය්‍යානෙ ඔතරිත්‍වා උය්‍යානපාලෙන ද‍්වෙපි රාජකුමාරෙ පක‍්කොසාපෙසි. තෙපි ච “අම‍්හාකං පිතුච‍්ඡාපුත‍්තො පදුමුත‍්තරකුමාරො පබ‍්බජිත්‍වා සම‍්මාසම‍්බොධිං පාපුණිත්‍වා අම‍්හාකං නගරං සම‍්පත‍්තො, හන්‍ද නං මයං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාමා”ති සපරිවාරා පදුමුත‍්තරං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පරිවාරෙත්‍වා නිසීදිංසු. තදා දසබලො තෙහි පරිවුතො තාරාගණපරිවුතො පුණ‍්ණචන්‍දො විය විරොචමානො තත්‍ථ ධම‍්මචක‍්කං පවත‍්තෙසි, තදා කොටිසතසහස‍්සානං පඨමො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

ඉක්බිති සව්ලෙව්උතුරු පියුමතුරා බුදුහු බ්‍රාහ්මායාචනය පිළිගෙන දම්දෙසීමට යෝග්‍ය සත්ත්වයන් බලන්නාහු මිථිලා නුවර දේවල සුජාත නම් හේතුසම්පන්න රජ කුමරුවන් දෙදෙන දැක එකෙණෙහිම අහසින් වැඩ මිථිලා උයන්හි බැස උයන්පල්ලා ලවා දෙකුමරුන් කැඳවූහ. ඔවුහුද අපගේ නැන්දණිය පුත් පදුමුත්තර කුමරා පැවිදිව සම්බෝධියට පැමිණ අපේ නුවරට පැමිණියේය. අපි දැන් එතුමන් වෙත යමුයි පියුමතුරා බුදුන් වෙත ගොස් පිරිවරා හුන්හ. ඔවුන් පිරිවැරූ දසබලයන් වහන්සේ තරුණ පිරිවැරූ සඳ මෙන් බබළමින් එහි දම්සක් පැවැත්වූහ. එදා කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-

“පදුමුත‍්තරස‍්ස භගවතො, පඨමෙ ධම‍්මදෙසනෙ; කොටිසතසහස‍්සානං, ධම‍්මාභිසමයො අහූ”ති.

පදුමුත්තරස්ස භගවතො පඨමෙ ධම්ම දෙසනෙ කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහූති

අථාපරෙන සමයෙන සරදතාපසසමාගමෙ මහාජනං නිරයසන‍්තාපෙන සන‍්තාපෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො සත‍්තතිංසසතසහස‍්සසඞ‍්ඛෙ සත‍්තකායෙ ධම‍්මාමතං පායෙසි, සො දුතියො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

ඉන් මෑත භාගයෙහි සරදතාපස සමාගමයෙහි මහජනයා නිරය සන්තාපයෙන් තවා ධර්මදේශනා කරන සේක් සතිස් ලක්‍ෂ ගණන් සත්ත්ව වර්ගයාට දහම් අමා පෙවූහ. එය දෙවැනි ධර්මසමාගමය විය. එයින් කියන ලදි-

“තතො පරම‍්පි වස‍්සන‍්තෙ, තප‍්පයන‍්තෙ ච පාණිනො; සත‍්තත‍්තිංසසතසහස‍්සානං, දුතියාභිසමයො අහූ”ති.

තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණීනො සත්තතිංස සතසහස්සානං දුතියාභිසමයො අහූති

යදා පන ආනන්‍දමහාරාජා වීසතියා පුරිසසහස‍්සෙහි වීසතියා අමච‍්චෙහි ච සද‍්ධිං පදුමුත‍්තරස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකෙ මිථිලනගරෙ පාතුරහොසි. පදුමුත‍්තරො ච භගවා තෙ සබ‍්බෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බාජෙත්‍වා තෙහි පරිවුතො ගන‍්ත්‍වා පිතුසඞ‍්ගහං කුරුමානො හංසවතියා රාජධානියා වසති. තත්‍ථ සො අම‍්හාකං භගවා විය කපිලපුරෙ ගගනතලෙ රතනචඞ‍්කමෙ චඞ‍්කමන‍්තො බුද‍්ධවංසං කථෙසි, තදා පඤ‍්ඤාසසතසහස‍්සානං තතියො ධම‍්මාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්කලෙක වනාහි ආනන්‍ද මහරජ විසිදහසක් පුරුෂයන් සහ විස්සක් ඇමතියන් ද සමග පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මිථිලා නුවර දී පෙනී සිටියේය. පියුමතුරා බුදුහු ඔවුන් ඒහිභික්‍ඛු පැවිද්දෙන් පැවිදිකරවා උන්වහන්සේලා පිරිවරා වැඩ පියාණන්ට සංග්‍රහ කරනු කැමතිව හංසවතී නුවර වාසය කරන සේක. එහි උන්වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙහි මෙන් අහස්හි සක්මන් කරමින් බුද්ධවංසය දෙසූ සේක. එකල පනස්ලක්‍ෂයක් දෙනාට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-

“යම‍්හි කාලෙ මහාවීරො, ආනන්‍දං උපසඞ‍්කමි; පිතුසන‍්තිකං උපගන‍්ත්‍වා, ආහනී අමතදුන්‍දුභිං.

යම්හි කාලෙමහාවීරො ආනන්‍දං උපසංකමි පිතුසන්තිකමුපගනත්‍වා අහනී අමතදුන්‍දුභිං

“ආහතෙ අමතභෙරිම‍්හි, වස‍්සන‍්තෙ ධම‍්මවුට‍්ඨියා; පඤ‍්ඤාසසතසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

ආභතෙ අමතභෙරිම්හි වස්සන්තෙ ධම්මවුට්ඨියා පඤ්ඤාසසතසහස්සානං තතියාභිසමයො අහූති

තත්‍ථ ආනන්‍දං උපසඞ‍්කමීති පිතරං ආනන්‍දරාජානං සන්‍ධාය වුත‍්තං. ආහනීති අභිහනි. ආහතෙති ආහතාය. අමතභෙරිම‍්හීති අමතභෙරියා, ලිඞ‍්ගවිපල‍්ලාසො දට‍්ඨබ‍්බො. “ආසෙවිතෙ”තිපි පාඨො, තස‍්ස ආසෙවිතායාති අත්‍ථො. වස‍්සන‍්තෙ ධම‍්මවුට‍්ඨියාති ධම‍්මවස‍්සං වස‍්සන‍්තෙති අත්‍ථො. ඉදානි අභිසමයකරණූපායං දස‍්සෙන‍්තො –

එහි ආනන්‍දං උපසංකමි යනු; ආනන්‍ද නම් පියරජු සඳහා කියන ලදි. අහන යනු; වාදනය කළහ. අහතෙ යනු; වැයූ කල්හි. අමතභෙරිම්හ යනු; අමාබෙරයෙහි. ලිංගවිපර්යාසයයි. ආසෙවිතෙ යනු ද පාඨයි. ඇසුරු කළ එහි යන අර්ථයි. වස්සන්තෙ ධම්මවුට්ඨියා යනු; ධර්ම වර්ෂාව වසිද්දී යන අර්ථයි. දැන් අවබෝධ කරන උපාය දක්වමින්-

“ඔවාදකො විඤ‍්ඤාපකො, තාරකො සබ‍්බපාණිනං; දෙසනාකුසලො බුද‍්ධො, තාරෙසි ජනතං බහු”න‍්ති. – ආහ;

ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුන්ති ය කීය.

තත්‍ථ ඔවාදකොති සරණසීලධුතඞ‍්ගසමාදානගුණානිසංසවණ‍්ණනාය ඔවදතීති ඔවාදකො. විඤ‍්ඤාපකොති චතුසච‍්චං විඤ‍්ඤාපෙතීති විඤ‍්ඤාපකො, බොධකො. තාරකොති චතුරොඝතාරකො.

එහි ඔවාදකො යනු; සරණ සීලධුතංග සමාදාන ගුණ ආනිසංස දැක්වීමෙන් අවවාද කරත්නුයි ඔවාදකයි. විඤ්ඤාපකො යනු; චතුස්සත්‍යය අවබෝධ කරවතිනුයි විඤ්ඤාපක නම්. අවබෝධ කරවන්නහු. තාරකො යනු; චතුරෝඝ තරණය කරවන්නේ.

යදා පන සත්‍ථා මිථිලනගරෙ මිථිලුය්‍යානෙ කොටිසතසහස‍්සභික‍්ඛුගණමජ‍්ඣෙ මාඝපුණ‍්ණමාය පුණ‍්ණචන්‍දසදිසවදනො පාතිමොක‍්ඛං උද‍්දිසි, සො පඨමො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යම්කලෙක ශාස්තෘන් වහන්සේ මිථිල නුවර මිථිල උයන්හි කෙළලක්‍ෂයක් භික්‍ෂූන් මැද නවම් පුන්පොහෝ දින පුන්සඳවන් මුහුණින් පාමොක් දෙසූ සේක. එය ප්‍රථම රැස්වීම විය. එහෙයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, පදුමුත‍්තරස‍්ස සත්‍ථුනො; කොටිසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො”ති.

සන්නිපාතා තයො ආසුං පදුමුත්තරස්ස සත්‍ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමොති

යදා පන භගවා වෙභාරපබ‍්බතකූටෙ වස‍්සාවාසං වසිත්‍වා පබ‍්බතසන්‍දස‍්සනත්‍ථං ආගතස‍්ස මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා නවුතිකොටිසහස‍්සානි එහිභික‍්ඛුභාවෙන පබ‍්බාජෙත්‍වා තෙහි පරිවුතො පාතිමොක‍්ඛං උද‍්දිසි, සො දුතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යම්දා භාග්‍යවතුන් වහන්සේ වේහාර කඳුමුදුන්හි වස් වැස කන්ද බැලීමට ආ මහජනයාට දහම් දෙසා අනූකෙළක් එහිභික්‍ෂුභාවයෙන් පැවිදි කරවා උන්වහන්සේලා පිරිවරා පාමොක් දෙසූ සේක්ද එය දෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-

“යදා බුද‍්ධො අසමසමො, වසි වෙභාරපබ‍්බතෙ; නවුතිකොටිසහස‍්සානං, දුතියො ආසි සමාගමො”ති.

යදා බුද්ධො අසමසමො වසී වෙහාර පබ්බතෙ නවුති කොටිසහස්සානං දුතියො ආසි සමාගමොති

පුන භගවති ගුණවති තිලොකනාථෙ මහාජනස‍්ස බන්‍ධනමොක‍්ඛං කුරුමානෙ ජනපදචාරිකං චරමානෙ අසීතිකොටිසහස‍්සානං භික‍්ඛූනං සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

නැවත භාග්‍යවත් ගුණවත් ලෝකනාථයන් වහන්සේ මහජනයා සසර බැම්මෙන් මුදවමින් ජනපද චාරිකාවෙහි හැසිරෙන කල අසූකෙළක් භික්‍ෂූන්ගේ සමාගමයක් විය. එයින් කියන ලදි-

“පුන චාරිකං පක‍්කන‍්තෙ, ගාමනිගමරට‍්ඨතො; අසීතිකොටිසහස‍්සානං, තතියො ආසි සමාගමො”ති.

පුන චාරිකං පක්කන්තෙ ගාමනිගමරට්ඨතො අසීතිකොටිසහස්සානං තතියො ආසි සමාගමොති

තත්‍ථ ගාමනිගමරට‍්ඨතොති ගාමනිගමරට‍්ඨෙහි. අයමෙව වා පාඨො, තස‍්ස ගාමනිගමරට‍්ඨෙහි නික‍්ඛමිත්‍වා පබ‍්බජිතානන‍්ති අත්‍ථො.

එහි ගාමනගමරට්ඨතො යනු; ගාමනිගමරඨෙහි යනුයි. මෙයම හෝ පාඨයි. ඒ ගම්නියම්ගම් රටවලින් නික්ම පැවිදි වූවන්ගේ යන අර්ථයි.

තදා අම‍්හාකං බොධිසත‍්තො අනෙකධනකොටිකො ජටිලො නාම මහාරට‍්ඨිකො හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස සචීවරං වරදානමදාසි. සොපි තං භත‍්තානුමොදනාවසානෙ “අනාගතෙ කප‍්පසතසහස‍්සමත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල අප බෝසත්හු නොඑක් කෙළගණන් ධන ඇති ජටික නම් මහරැටිව බුදුපාමොක් සඟනට සචීවර මහදන් පිදූහ. උන්වහන්සේද බෝසතුන්ට මතු කල්ප ලක්‍ෂයකින් ගොතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, ජටිලො නාම රට‍්ඨිකො; සම‍්බුද‍්ධප‍්පමුඛං සඞ‍්ඝං, සභත‍්තං දුස‍්සමදාසහං.

අහං තෙන සමයෙන ජටිකො නාම රට්ඨිකො සම්බුද්ධපමුඛං සංඝං සභත්තං දුස්සමදාසහං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, සඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිය; සතසහස‍්සෙ ඉතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි මං තදා ව්‍යාකාසි සංඝමජ්ඣෙ නිසීදිය සතසහස්සෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

පධානං පදහිත්‍වාන -පෙ- හෙස්සාම සම්මුඛා ඉමං

“තස‍්සාපි වචනං සුත්‍වා, උත‍්තරිං වතමධිට‍්ඨහිං; අකාසිං උග‍්ගදළ‍්හං ධිතිං, දසපාරමිපූරියා”ති.

තස්සාපි වචනං සුත්‍වා උත්තරිං වතමධිට්ඨහිං අකාසිවුග්ගං දළ්හංධිතිං දසපාරමිපූරියාති

තත්‍ථ සම‍්බුද‍්ධප‍්පමුඛං සඞ‍්ඝන‍්ති බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස, සාමිඅත්‍ථෙ උපයොගවචනං. සභත‍්තං දුස‍්සමදාසහන‍්ති සචීවරං භත‍්තං අදාසිං අහන‍්ති අත්‍ථො. උග‍්ගදළහන‍්ති අතිදළ‍්හං. ධිතින‍්ති වීරියං අකාසින‍්ති අත්‍ථො.

එහි සම්බුද්ධපමුඛං සංඝං යනු; බුද්ධ ප්‍රමුඛ සංඝයාට. සාමි අර්ථයෙහි කර්ම වචනයි. සහත්තං දුස්සමදාසභං යනු; සිවුරු සහිත බත් දුනිමි යන අර්ථයි. උග්ගං දළ්හං යනු; අතිදෘඪ. ධිතිං යනු; වීර්යය කළෙමි යන අර්ථයි.

පදුමුත‍්තරස‍්ස පන භගවතො කාලෙ තිත්‍ථියා නාම නාහෙසුං. සබ‍්බෙ දෙවමනුස‍්සා බුද‍්ධමෙව සරණමගමංසු. තෙන වුත‍්තං –

පියුමතුරා බුදුන් දවස තීර්ථකයෝ නම් නුවූහ. සියලු දිව්‍ය මනුෂ්‍යයෝ බුදුසරණම ගියහ. එයින් කියන ලදි-

“බ්‍යාහතා තිත්‍ථියා සබ‍්බෙ, විමනා දුම‍්මනා තදා; න තෙසං කෙචි පරිචරන‍්ති, රට‍්ඨතො නිච‍්ඡුභන‍්ති තෙ.

ව්‍යාභතා තිත්‍ථියා සබ්බෙ විමනා දුම්මනා තදා න තෙසං කෙචි පරිවරන්ති රට්ඨතො නිච්ඡුභනිති තෙ

“සබ‍්බෙ තත්‍ථ සමාගන‍්ත්‍වා, උපගඤ‍්ඡුං බුද‍්ධසන‍්තිකෙ; තුවං නාථො මහාවීර, සරණං හොහි චක‍්ඛුම.

සබ්බෙ තත්‍ථ සමාගනත්‍වා උපගඤ්ජුං බුද්ධසන්තිකෙ තුවං නාථො මහාවීර සරණං හොතු චක්‍ඛුම

“අනුකම‍්පකො කාරුණිකො, හිතෙසී සබ‍්බපාණිනං; සම‍්පත‍්තෙ තිත්‍ථියෙ සබ‍්බෙ, පඤ‍්චසීලෙ පතිට‍්ඨහි.

අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං සම්පත්තෙ තිත්‍ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨහි

“එවං නිරාකුලං ආසි, සුඤ‍්ඤකං තිත්‍ථියෙහි තං; විචිත‍්තං අරහන‍්තෙහි, වසීභූතෙහි තාදිහී”ති.

එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්‍ථියෙහි තං විචිත්තං අහෙන්තෙහි වසීභූතෙහි තාදිහීති

තත්‍ථ බ්‍යාහතාති විහතමානදප‍්පා. තිත්‍ථියාති එත්‍ථ තිත්‍ථං වෙදිතබ‍්බං, තිත්‍ථකරො වෙදිතබ‍්බො, තිත්‍ථියා වෙදිතබ‍්බා. තත්‍ථ සස‍්සතාදිදිට‍්ඨිවසෙන තරන‍්ති එත්‍ථාති තිත්‍ථං, ලද‍්ධි. තස‍්සා ලද‍්ධියා උප‍්පාදකො තිත්‍ථකරො, තිත්‍ථෙ භවා තිත්‍ථියාති. පදුමුත‍්තරස‍්ස කිර භගවතො කාලෙ තිත්‍ථියා නාහෙසුං. යෙ පන සන‍්ති, තෙපි ඊදිසා අහෙසුන‍්ති දස‍්සනත්‍ථං “බ්‍යාහතා තිත්‍ථියා”තිආදි වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. විමනාති විරූපමානසා. දුම‍්මනාති තස‍්සෙව වෙවචනං. න තෙසං කෙචි පරිචරන‍්තීති තෙසං අඤ‍්ඤතිත්‍ථියානං කෙචිපි පුරිසා පරිකම‍්මං න කරොන‍්ති, න භික‍්ඛං දෙන‍්ති, න සක‍්කරොන‍්ති, න ගරුං කරොන‍්ති, න මානෙන‍්ති, න පූජෙන‍්ති, න ආසනා වුට‍්ඨහන‍්ති, න අඤ‍්ජලිකම‍්මං කරොන‍්තීති අත්‍ථො. රට‍්ඨතොති සකලරට‍්ඨතොපි. නිච‍්ඡුභන‍්තීති නීහරන‍්ති, උස‍්සාදෙන‍්ති තෙසං නිවාසං න දෙන‍්තීති අත්‍ථො. තෙති තිත්‍ථියා.

එහි ව්‍යාහකා යනු; පහවූ මාන දර්ප ඇත්තෝ. තිත්‍ථියා යනු; මෙහි තිත්‍ථ දතයුතුය. තිත්‍ථකර දතයුතුය. තිත්‍ථිය දත යුතුය. එහි ශාස්වතාදි දෘෂ්ටි වශයෙන් මෙහි තරණය කෙවරත්නුයි තිත්‍ථ නමි. ලබ්ධියයි. එම ලබ්ධියෙහි උත්පාදකයා තිත්‍ථකර නමි. එහි වූවෝ තිත්‍ථිය නමි. පියුමතුරා බුදුන් දවස තීර්ථකයෝ නොවූහ. යමෙක් සිටියාහුද? ඔවුහු මෙබඳු වූහයි දැක්වීමට ව්‍යාහතා තිත්‍ථියා ආදිය කියන ලදැයි දතයුතුය. විමනා යනු; විරූප මනස් ඇත්තෝ. දුම්මනා යනු; එයටම පර්යායයි. න තෙසං කෙචි පරිවරන්ති යනු; ඒ අන්‍ය තීර්ථකයින්ට කිසිම පුරුෂ කෙනෙක් සංග්‍රහ නොකරති. භික්‍ෂා නොදෙති. සත්කාර නොකරති. ගරුකාර නොකරති. පූජා නොකරති. අසුනින් නොනැගෙති. ඇඳිලි බැඳීම් නොකරති යන අර්ථයි. රටාථතො යනු; සිය රටින්ද නිච්ඡුභන්ති යනු; බැහැර කරති. පිටමං කරති. ඔවුන්ට නිවාස නොදෙ කියන අර්ථයි. තෙ යනු; ඒ තීර්ථකයෝ.

උපගඤ‍්ඡුං බුද‍්ධසන‍්තිකෙති එවං තෙහි රට‍්ඨවාසීහි මනුස‍්සෙහි උස‍්සාදියමානා සබ‍්බෙපි අඤ‍්ඤතිත්‍ථියා සමාගන‍්ත්‍වා පදුමුත‍්තරදසබලමෙව සරණමගමංසු. “ත්‍වං අම‍්හාකං සත්‍ථා නාථො ගති පරායනං සරණ”න‍්ති එවං වත්‍වා සරණමගමංසූති අත්‍ථො. අනුකම‍්පතීති අනුකම‍්පකො. කරුණාය චරතීති කාරුණිකො. සම‍්පත‍්තෙති සමාගතෙ සරණමුපගතෙ තිත්‍ථියෙ. පඤ‍්චසීලෙ පතිට‍්ඨහීති පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙසීති අත්‍ථො. නිරාකුලන‍්ති අනාකුලං, අඤ‍්ඤෙහි ලද‍්ධිකෙහි අසම‍්මිස‍්සන‍්ති අත්‍ථො. සුඤ‍්ඤකන‍්ති සුඤ‍්ඤං රිත‍්තං තෙහි තිත්‍ථියෙහි. තන‍්ති තං භගවතො සාසනන‍්ති වචනසෙසො දට‍්ඨබ‍්බො. විචිත‍්තන‍්ති විචිත‍්තවිචිත‍්තං. වසීභූතෙහීති වසීභාවප‍්පත‍්තෙහි.

උපගඤ්ජුං බුද්ධසන්තිකෙ යනු; මෙසේ රටවැසි මිනිසුන් විසින් නෙරපන ලද සියලු අන්‍ය තීර්ථකයෝ රැස්ව පියුමතුරා දසබලයන් වහන්සේම සරණ ගියහ. ඔබවහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේය. නාථයාණෝය. ගතිපරායණයයි. පිහිටයි. මෙසේ කියා සරණ ගියහ යන අර්ථයි. අනුකම්පා කෙරේනුයි අනුකම්පක නමි. කරුණාවෙන් හැසිරේනුයි කාරුණික තමි. සම්පත්තෙ යනු; රැස්ව සරණගත වූ තීර්ථකයන්. පඤ්චසීලෙ පතිට්ඨහ යනු; පන්සල්හි පිහිටුවීය යන අර්ථයි. නිරාකූලං යනු; අනාකුල, අන්‍ය ලබ්ධිකයන්ගෙන් අසම්මිශ්‍රය යන අර්ථයි. සුඤ්ඤං යනු; ශුන්‍යය. හිස්ය. ඒ තීර්ථකයන්ගෙනි. තං යනු; ඒ භාග්‍යවතුන් වහන්සේ ශාසනය යන වචනශේෂය දතයුතුය. විචිත්තං යනු; විචිත්‍ර විචිත්‍ර වූ. වසීභූතෙහි යනු; වසීභාවප්‍රාප්ත වවන්ගෙන්.

තස‍්ස පන පදුමුත‍්තරස‍්ස භගවතො හංසවතී නාම නගරං අහොසි. පිතා පනස‍්ස ආනන්‍දො නාම ඛත‍්තියො, මාතා සුජාතා නාම දෙවී, දෙවලො ච සුජාතො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුමනො නාමුපට‍්ඨාකො, අමිතා ච අසමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සලලරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා චස‍්ස සමන‍්තා ද‍්වාදස යොජනානි ගණ‍්හි, වස‍්සසතසහස‍්සං ආයු අහොසි, වසුදත‍්තා නාම අග‍්ගමහෙසී, උත‍්තරො නාම පුත‍්තො අහොසි. පදුමුත‍්තරො පන භගවා පරමාභිරාමෙ නන්‍දාරාමෙ කිර පරිනිබ‍්බුතො. ධාතුයො පනස‍්ස න විකිරිංසු. සකලජම‍්බුදීපවාසිනො මනුස‍්සා සමාගම‍්ම ද‍්වාදසයොජනුබ‍්බෙධං සත‍්තරතනමයං චෙතියමකංසු. තෙන වුත‍්තං –

ඒ පියුමතුරා භාග්‍යවතුන් වහන්සේගේ නගරය හංසවතී නම් විය. ආනන්‍ද නම් ක්‍ෂත්‍රිය පියාණෝය. මව සුජාතා නම් දේවියයි. දෙවල සුජාත දෙනම අගසව්වෝය. උපස්ථායක සුමන නමි. අමිතා අසමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. සල්ල රුක බෝධියයි. සිරුර අටපනස් රියන් උසය. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව හාත්පස යොදුනක් ගත්තේය. ආයුෂ වර්ෂ ලක්‍ෂයකි. අගමෙහෙසිය වාසුදත්තා නමි. පුත්‍රයා උත්තර නම් විය. පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ පරම අභිරාම නන්‍දාරාමයෙහි පිරිනිවි සේක. උන්වහන්සේගේ ධාතු නොවිසරිණ. සියලු දඹදිව් වැසි මිනිස්සු රැස්ව දොළොස් යොදුන් උස සත්රුවන්මුවා චෛත්‍යයක් කරවූහ. එයින් කියන ලදි-

“නගරං හංසවතී නාම, ආනන්‍දො නාම ඛත‍්තියො; සුජාතා නාම ජනිකා, පදුමුත‍්තරස‍්ස සත්‍ථුනො.

නගරං හංසවතී නාම ආනන්‍දොනාම ඛත්තියො සුජාතා නාම ජනිකා පදුමුත්තරස්ස මහෙසිනො

“දෙවලො ච සුජාතො ච, අහෙසුං අග‍්ගසාවකා; සුමනො නාමුපට‍්ඨාකො, පදුමුත‍්තරස‍්ස මහෙසිනො.

දෙවලො ච සුජාතො ච අහෙසුං අග්ගසාවකා සුමනො නාමපට්ඨාකො පදුමුත්තරස්ස සත්‍ථුනො

“අමිතා ච අසමා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, සලලොති පවුච‍්චති.

අමිතා අසමා චෙච අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො සල්ලරුක්‍ඛොති වුච්චති

“අට‍්ඨපණ‍්ණාසරතනං, අච‍්චුග‍්ගතො මහාමුනි; කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො, ද‍්වත‍්තිංසවරලක‍්ඛණො.

අට්ඨපණ්ණාසරතනං අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝිය සංකාසො ද්වත්තිංසවරලක්‍ඛණෙ

“කුට‍්ටා කවාටා භිත‍්තී ච, රුක‍්ඛා නගසිලුච‍්චයා; න තස‍්සාවරණං අත්‍ථි, සමන‍්තා ද‍්වාදසයොජනෙ.

කුඩ්ඩා කවාටා හිත්තීච රුක්‍ඛා නගසිලුච්චයා න තස්සාවරණං අත්‍ථි සමන්තා ද්වාදසයෙජනො

“වස‍්සසතසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං

“සන‍්තාරෙත්‍වා බහුජනං, ඡින්‍දිත්‍වා සබ‍්බසංසයං; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධොව, නිබ‍්බුතො සො සසාවකො”ති.

සන්තාරෙත්‍වා බහුජනං ඡන්‍දිත්‍වා සබ්බසංසයං ජලිත්‍වා අග්ගික්‍ඛන්‍ධොව නිබ්බුතො සොස්සාවකොති

තත්‍ථ නගසිලුච‍්චයාති නගසඞ‍්ඛාතා සිලුච‍්චයා. ආවරණන‍්ති පටිච‍්ඡාදනං තිරොකරණං. ද‍්වාදසයොජනෙති සමන‍්තතො ද‍්වාදසයොජනෙ ඨානෙ භගවතො සරීරප‍්පභා ඵරිත්‍වා රත‍්තින්‍දිවං තිට‍්ඨතීති අත්‍ථො. සෙසගාථාසු සබ‍්බත්‍ථ පාකටමෙවාති.

එහි නගසිලුච්චයා යනු; නගසංඛ්‍යාත පර්වත. ආවරණං යනු; වැස්මක්, මුවහ කිරීමක්. ද්වාදසයොජනෙ යනු; හාත්පස දොළොස් යොදුන් තැන භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය දිවා රාත්‍රී පැතිර සිටී යන අර්ථයි. සෙසු ගාථාවල හැමතන්හි ප්‍රකටය.

ඉතො පට‍්ඨාය පාරමිපූරණාදිපුනප‍්පුනාගතමත්‍ථං සඞ‍්ඛිපිත්‍වා විසෙසත්‍ථමෙව වත්‍වා ගමිස‍්සාම. යදි පන වුත‍්තමෙව පුනප‍්පුනං වක‍්ඛාම, කදා අන‍්තං ගමිස‍්සති අයං සංවණ‍්ණනාති.

මෙතැන් පටන් පාරමී පිරීමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ පමණක් දක්වමින් යමි. ඉඳින් කී දේම පුන කියන්නෙම් ද එවිට කවදා නම් මේ අර්ථවර්ණනය නිමවන්නේ ද?

පදුමුත‍්තරබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

පදුමුත්තර බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො දසමො බුද‍්ධවංසො.

දසවන බුද්ධවංසය සමාප්තය.