10. පදුමුත්තර බුද්ධවංසො
10. පදුමුත්තර බුද්ධවංසො
10. පදුමුත්තර බුද්ධවංශය
1. නාරදස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො පදුමුත්තරො නාම ජිනො අක්ඛොභො සාගරූපමො.
1. නාරද නම් සම්මාසම්බුදුනට මෑතභාගයෙහි අකම්ප්‍ය වූ සාගරයට බඳු උපමා ඇති පියුමතුරා නම් ද්විපදෝත්තම සම්මාසම්බුදුහු (ලොව පහළ වූහ.)
2. මණ්ඩකප්පො’ව සො ආසි යම්හි බුද්ධො අජායථ උස්සන්තකුසලා ජනතා තම්හි කප්පෙ අජායථ.
2. යම් කපෙක පියුමතුරා සම්මාසම්බුදුහු උපන්සේක් ද, හේ මණ්ඩකලපය බඳු වී යැ. එකප්හි උත්සන්න වූ කුසල් ඇති ජනසමූහය උපන.
3. පදුමුත්තරස්ස භගවතො පඨමෙ ධම්මදෙසනෙ කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහු.
3. පියුමතුරා බුදුන්ගේ ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළලක්ෂයක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වීය.
4. තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණිනො සත්තතිංසසතසහස්සානං දුතියා’භිසමයො අහූ.
4. එයින් මෑතභාගයෙහිදු ප්‍රාණීන් පිණවන වර්‍ෂාඍතුහුගේ අන්තයෙහි සත්තිස් ලක්ෂයක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
5. යම්හි කාලෙ මහාවීරො ආනන්දං උපසඞ්කමි පිතුසන්තිකමුපාගන්ත්වා අහනි අමතදුන්දුභිං.
5. යම් කලෙක මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු ආනන්ද නම් වූ පියමඟරජුන් කරා එළැඹිසේක් ද, එකල්හි පියරජුන් කරා පැමිණ අමා බෙර පහළහ.
6. ආහතෙ අමතභෙරිම්හි වස්සන්තෙ ධම්මවුට්ඨියා පඤ්ඤාසසතසහස්සානං තතියා’භිසමයො අහු.
6. අමාබෙර පහළ කල්හි දහම්වැසි වස්නා කල්හි පනස්ලක්ෂයක් ප්‍රාණීන්ට තෘතීයාභිසමය වී.
7. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
7. හැම සත්නට සරණශීලාදීන් අවවාද කරන සිව්සස් අවබෝධ කරන චතුරෝඝ තරණය කරවන දේශනායෙහි නිපුණ වූ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තරණය කරවූසේක.
8. සන්නිපාතා තයො ආසුං පදුමුත්තරස්ස සත්ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
8. පියුමතුරා බුදුන්ට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ. කෙළලක්ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
9. යදා බුද්ධො අසමසමො වසී වෙහාරපබ්බතෙ නවුතිකොටිසහස්සානං දුතියො ආසි සමාගමො.
9. යම් කලෙකැ අසමසම වූ බුදුහු වේභාරපර්‍වතයෙහි වස්වුසූසේක් ද එකල්හි අනූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
10. පුන චාරිකං පක්කන්තෙ ගාමනිගමරට්ඨතො අසීතිකොටිසහස්සානං තතියො ආසි සමාගමො.
10. නැවත චාරිකායෙහි නික්මුණු කල්හි ගම්නියම්ගම්දනවියෙන් නික්ම පැවිදි වූ අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
11. අහං තෙන සමයෙන ජටිලො නාම රට්ඨිකො සම්බුද්ධපමුඛං සඞ්ඝං සහත්තං දුස්සම’දාස’හං.
11. එසමයෙහි මම් ජටිල නම් මහරැටි වූයෙම් බුදුපාමොක්සඟනට සිවුරු සහිත උතුම් දනක් දිනිමි.
12. සො’පි මං බුද්ධො ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය සතසහස්සෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
12. ඒ පියුමතුරා සර්වඥයන් වහන්සේ ද සඟමැද වැඩහිඳ මේ තෙම මෙයින් ලක්ෂයක් වන කල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො. පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
13. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන්, නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
14. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
16. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක් මුල්හි හිඳ බුදු වන්නේ යි.
17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
18. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගාහෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථොති පවුච්චති.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබෙයි.
20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
20. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ, උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
22. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
26. තස්සා’පි වචනං සුත්වා උත්තරිං වතමධිට්ඨහිං අකාසි’මුග්ගං දළ්හධීතිං දසපාරමිපූරියා.
26. මම් ඒ බුදුනුදුගේ බස් අසා මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි, දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
27. ව්යාහතා තිත්ථියා සබ්බෙ විමනා දුම්මනා තදා න තෙසං කෙචි පරිචරන්ති රට්ඨතො නිච්ඡුභන්ති තෙ.
27. එකල්හි හැම තීර්ත්ථකයෝ නසනලද මානදර්ප ඇත්තාහු විරූපසිත් ඇත්තාහු නො සතුටු සිත් ඇති වූහ, ඔවුනට කිසි කෙනෙක් සත්කාරාදි පිරියම් නො කෙරෙති, ඔවුන් සිය රටින් නෙරත්.
28. සබ්බෙ තත්ථ සමාගන්ත්වා උපගඤ්ඡුං බුද්ධසන්තිකෙ තුවං නාථො මහාවීර සරණං හොහි චක්ඛුම.
28. ඔහු හැම දෙන රැස් වැ ඒ බුදුන් වෙත එළැඹියාහ. පසැස්ඇති මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ ශාස්තෘ වූවහ, සරණ වුව මැනැවැ’යි. (සරණ ගියහ.)
29. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨහි.
29. හැම සත්නට අනුකම්පා ඇති කාරුණික වූ හිතෛෂී වූ සර්වඥයන් වහන්සේ පැමිණි හැම තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටි වූහ.
30. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි තං විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
30. මෙසේ ඒ බුදුන්ගේ සස්න තීර්ත්ථකයන් විසින් අනාකූල වූයේ සිස් වූයේ විය, වශී බවට පැමිණි තාදීගුණ ඇති රහතුන් විසින් අතිශයින් විසිතුරු වී.
31. නගරං හංසවතීනාම ආනන්දො නාම ඛත්තියො සුජාතා නාම ජනිකා පදුමුත්තරස්ස මහෙසිනො.
31. මහර්ෂි වූ පියුමතුරා බුදුන්ගේ නගරය හංසවතී නම, ආනන්ද නම් ක්ෂත්රිය තෙම පිතෘ වී යැ, මව් තොමෝ සුජාතා නම් වූ.
32. දසවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී නරවාහනො යසො වසවත්තී තයො පාසාදමුත්තමා.
32. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට නරවාහන යැ යස යැ වසවත්ති යැ යි උතුම් තුන්පහයෙක් වී.
33. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා වසුදත්තා නාම නාරී උත්තරො නාම අත්රජො.
33. මොනවට සරහනලද පරිවාරස්ත්‍රීහු තෙසාළිස්දහසක් වූහ, මෙහෙසි තොමෝ වසුදත්තා නම් වූ, පුත්‍ර තෙම උත්තර නම් වී.
34. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භිනික්ඛමි සත්තාහං පධානචාරං අචරී පුරිසුත්තමො.
34. පුරුෂෝත්තම වූ පියුමතුරා බුදුහු සතර පෙර නිමිති දැක ප්‍රාසාදය හා සමග මහභිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහු–
35. බ්රහ්මුනා යාචිතො සන්තො පදුමුත්තරො විනායකො වත්ති චක්කං මහාවීරො මීථිලුය්යානමුත්තමෙ.
35. මහත්වීර්‍ය්‍ය ඇති පදුමුත්තර සර්වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ මිථිලා නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
36. දෙවලො ච සුජාතො ච අහෙසුං අග්ගසාවකා සුමනො නාමුපට්ඨාකො පදුමුත්තරස්ස සත්ථුනො.
36. ශාස්තෘ වූ පියුමතුරා බුදුන්ට දේවල යැ සුජාත යැ යි අගසවු දෙනමක් වූහ, සුමන නම් උපස්ථායක තෙර කෙනෙක් වූහු.
37. අමිතා අස්මා චෙව අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සලලො’ති පවුච්චති.
37. අමිතා යැ අසමා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘සලල’ යයි කියනු ලැබෙයි.
38. විතිණ්ණො චෙව තිස්සො ච අහෙසුං අග්ගු’පට්ඨකා හත්ථා චෙව විචිත්තා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
38. විතිණණ යැ තිස්ස යැ යන දෙදෙන අගඋවටු වූහ. හත්ථා යැ විචිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
39. අට්ඨපඤ්ඤාසරතනං අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝිය සංකාසො ද්වත්තිංසවරලක්ඛණො.
39. අටපනස්රියන් උස් වූ මහමුනිහු උතුම් වූ දෙතිස්මහපුරිස්ලකුණු ඇතියාහු කසුන්ඇගෑයක් බඳු වූහ.
40. කුඩ්ඩා කවාටා භිත්තී ච රුක්ඛා නගසිලුච්චයා න තස්සා’වරණං අත්ථි සමන්තා ද්වාදසයොජනෙ.
40. ඒ පියුමතුරා බුදුන්ට හාත්පසැ දොළොස් යොදුන් තැන්හි කොඬවරපවුරු යැ කවුළු යැ බිත්ති යැ රුක් යැ ගල්පවු යැ යන මොහු ආවරණ නැති.
41. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
41. එකල්හි සියදහසක් හවුරුදු ආයු වී, එතෙක් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැ වූහ.
42. සන්තාරෙත්වා බහුජනං ඡින්දිත්වා සබ්බසංසයං ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො.
42. බොහෝ ජනයා සසරින් තරවා සියලු සැක සිඳ ගිනිකඳ සෙයින් දිලිහි ශ්‍රාවකයන් සහිත වූ ඒ පියුමතුරා බුදුහු පිරිනිවිසේක.
43. පදුමුත්තරො ජිනො බුද්ධො නන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො ද්වාදසුබ්බෙධ යොජනො’ති.
43. පස්මරුන් දිනූ පියුමතුරා බුදුහු නන්දාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ උතුම් ස්තූපය දොළොස්යොදුන් උස්කොට බඳවනලදි.
පදුමුත්තරබුද්ධවංසො දසමො.
දස වැනි පදුමුත්තර බුද්ධවංශ යි.