9. නාරද බුද්ධවංසො
9. නාරද බුද්ධවංසො
9. නාරද බුද්ධවංශය
1. පදුමස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො නාරදො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො.
1. පදුම බුදුන්ට මෑතභාගයෙහි නමින් නාරද නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
2. සො බුද්ධො චක්කවත්තිස්ස ජෙට්ඨො දයිතඔරසො ආමුත්තමාලාභරණො උය්යානං උපසඞ්කමි.
2. සක්විතිරජහට ජ්‍යේෂ්ඨ ඖරසපුත්‍ර වූ ඒ බුදුහු පලන් මල්බරණ ඇත්තාහු උයනට එළැඹියහ.
3. තත්ථා’සි රුක්ඛො යසවිපුලො අභිරූපො බ්රහා සුචී තමජ්ඣප්පත්වා උපනිසීදි මහාසොණස්ස හෙට්ඨතො,
3. එහි විපුල වූ යසස් ඇති මනහර වූ මහත් වූ පවිත්‍ර වූ වෘක්ෂයෙක් වී. එතැනට පැමිණ ඒ මහමුරුත රුක්මුල්හි හුන්හ.
4. තත්ථ ඤාණවරුප්පජ්ජි අනන්තං වජිරූපමං තෙන විචිනි සඞ්ඛාරෙ උක්කුජ්ජම’වකුජ්ජකං.
4. එහි දී අප්‍රමේය වූ වජ්‍රෝපම (සියුම්) වූ උතුම් නුවණ පහළ වී. එ නැණින් සංස්කාර ධර්මයන්ගේ උදයව්‍යය (විදර්ශනායෙන්) විමසූහ.
5. තත්ථ සබ්බ කිලෙසානි අසෙසමභිවාහයී පාපුණි කෙවලං බොධිං බුද්ධඤාණො ච චුද්දස.
5. එහි දී හැම කෙලෙසුන් නිරවශේෂ කොට ප්රහාණය කළහ, පරිපූර්‍ණඅර්‍හන්මාර්‍ගඥානය ලදහ, තුදුස් බුදුනුවණ ද ලදහ.
6. පාපුණිත්වාන සම්බොධිං ධම්මචක්කං පවත්තයී කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූ.
6. සම්බෝධියට පැමිණ දම්සක් පැවැත්වූහ. කෙළලක්ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
7. මහාදොණං නාගරාජං විනයන්තො මහාමුනි පාටිහෙරං තදාකාසි දස්සයන්තො සදෙවකෙ.
7. එකල්හි මහමුනිහු මහාද්‍රෝණ නම් නාරජ දමනය කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පැනෙමින් පෙළහර පෑහ.
8. තදා දෙවමනුස්සානං තම්හි ධම්මප්පකාසනෙ නවුතිකොටිසහස්සානි තරිංසු සබ්බසංසයං.
8. එකල්හි එ ධම්දෙසුන්හි දෙව්මිනිසුන් අතුරින් අනූකෙළදහසක් ප්‍රාණීහු හැම සංශය ඉක්ම ගියහ.
9. යම්හි කාලෙ මහාවීරො ඔවදි සකමත්රජං අසීතිකොටි සහස්සානං තතියා’භිසමයො අහු.
9. මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු යම් කලෙක සිය පුතණුවන්ට ඔවා දුන්හු ද, එකල්හි අසූකෙළ දහසක් සත්නට තෘතීයාභිසමය වී.
10. සන්නිපාතා තයො ආසුං නාරදස්ස මහෙසිනො කොටිසතසස්සානං පඨමො ආසි සමාගමො.
10. මහර්ෂි වූ නාරද බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෝටිලක්ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
11. යදා බුද්ධො බුද්ධගුණං සනිදානං පකාසයී නවුතිකොටිසහස්සානි සමිංසු විමලා තදා.
11. යම් කලෙක බුදුහු නිදාන සහිත කොට බුදුගුණ ප්‍රකාශ කළසේක් ද එකල්හි අනූකෙළදහසක් රහත්හු රැස්වූහ.
12. යදා වෙරොචනො නාගො දානං දදාති සත්ථුනො තදා සමිංසු ජිනපුත්තා අසීතිසතසහස්සියො.
12. යම් කලෙක වෙරොචන නම් නාග තෙම දන් දුන්නේ ද එකල්හි අසූලක්ෂයක් ශ්‍රාවකයෝ රැස්වූහ.
13. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො, අන්තලික්ඛචරො ආසිං පඤ්චාභිඤ්ඤාසු පාරගූ.
13. එකල්හි මම් උග්‍රතපස් ඇති ජටිල වූයෙම් පඤ්චඅභිඥාවන්හි පරතෙරට පැමිණියෙම් අහස්හි සරනුයෙම් වීමි.
14. තදා’ප’හං අසමසමං සසඞ්ඝං සපරිජ්ජනං අන්නපානෙන තප්පෙත්වා චන්දනෙනා’භිපූජයිං.
14. එකල්හිදු මම් සඟුන් සහිත වූ පරිජනයා (උපාසක ජනයා) සහිත වූ අසමසම වූ බුදුන් ආහාරපානයෙන් සතප්වා සඳුනෙන් පිදීමි.
15. සො’පි මං බුද්ධො ව්යාකාසි, නාරදො ලොක නායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
15. ලෝකනායක වූ ඒ නාරද බුදුහු ද ‘මේ තෙම මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
16. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
16. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
17. අජපාලරුක්ඛමූලස්මි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
17. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
18. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
19. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
19. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යි.
20. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
21. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අශ්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
22. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
22. ඛේමා යැ උත්පලවර්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන් ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබෙයි.
23. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරානන්දමාතා ච අග්ගා හෙස්සන්තුපට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
23. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ, උත්තරා යැ නන්ද මාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
24. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ යි දෙව්මිනිස්සු සතුටු වූවාහු–
25. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
26. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං. අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
27. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
27. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
28. එවමෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
29. තස්සා’පි වචනං සුත්වා භිය්යො භාවෙත්ව මානසං අධිට්ඨහිං වතං උග්ගං දසපාරමිපූරියා.
29. මම් ඒ බුදුනුගේ බස් අසා මත්තෙහි සිත් වඩා දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
30. නගරං ධඤ්ඤවතී නාම සුදෙවො නාම ඛත්තියො අනොමා නාම ජනිකා නාරදස්ස මහෙසිනො.
30. මහර්ෂි වූ නාරද බුදුන්ගේ නගරය ධන්‍යවතී නම, සුදේව නම් ක්ෂත්රිය තෙම පිතෘ වීය, මව් තොමෝ අනෝමා නම් වූ.
31. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී ජිතො විජිතො විජිතා’භිරාමො තයො පාසාද මුත්තමා.
31. උන් වහන්සේ නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ජිත යැ විජිත යැ විජිතාභිරාම යැ යි උතුම් වූ තුන්පහයෙක් වී.
32. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා විජිතසෙනා. නාම නාරී නන්දුත්තරො නාම අත්රජො.
32. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පිරිවර ස්ත්‍රීහු වූහ, මෙහෙසි තොමෝ විජිතසේනා නමු, පුත්‍ර තෙම නන්දොත්තර නම් වී.
33. නිමිත්තෙ චතුරො දිස්වා ප සා ගමනෙන නික්ඛමී සත්තාහං පධනචරියං. අචරී ලොකනායකො.
33. ලෝකනායක වූ නාරද මුනිහු සතර පෙරනිමිති දැක පියගමනින් මහබිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
34. බ්රහ්මුනා යාචිතො සන්තො නාරදො ලොකනායකො වත්ති චක්කං මහාවීරො ධනඤ්ජයු’ය්යාන මුත්තමෙ.
34. මහත්වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ නාරදමුනිඳුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජ ය නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
35. භද්දසාලො ජිතමිත්තො අහෙසුං අග්ගසාවකා වාසෙට්ඨො නාමු’පට්ඨාකො නාරදස්ස මහෙසිනො.
35. මහර්ෂි වූ නාරදමුනිඳුනට භද්දසාල යැ ජිතමිත්ර යැ යි අගසවු දෙනමක් වූහ. වාසෙට්ඨ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
36. උත්තරා ඵග්ගුනී චෙ’ව අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාසොනො’ති වුච්චති.
36. උත්තරා යැ ඵග්ගුනී යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය මහාසෝණ (මහමුරුත) යයි කියනුලැබෙයි.
37. උග්ගරින්දො ච වසභො ච අහෙසුං අග්ගුපට්ඨකා ඉන්දීවරී ච උන්දී ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
37. උග්ගරින්‍ද යැ වසභ යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. ඉන්දීවරියැ උන්දී යැ යි අගඋවට දෙදෙනෙක් වූහ.
38. අට්ඨාසීතිරතනානි අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝියසංකාසො දසසහස්සී විරොචති.
38. අට අසූරියන් උස්වූ සම්බුදුහු රන්ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
39. තස්ස ව්යාමප්පභා කායා නිද්ධාවති දිසොදිසං නිරන්තරං දිවාරත්තිං යොජනං ඵරතෙ තදා.
39. එකල්හි උන් වහන්සේගේ සිරුරින් නික්මුණු ව්‍යාමප්‍රභාව දිශානුදිශාවන්හි යොදුනක් මුළුල්ලෙහි දිවරැය නිරතුරු පැතිරෙයි.
40. න කෙචි තෙන සමයෙන සමන්තා යොජනෙ ජනා උක්කා පදීපෙ උජ්ජාලෙන්ති බුද්ධරංසෙන ඔත්ථටා.
40. එසමයෙහි හාත්පසැ යොදුනෙක්හි බුදුරැසින් වතළ කිසි ජන කෙනෙක් පහන් නො දල්වත්.
41. නවුතිවස්සසහස්සානි අයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
41. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් සිටුනාහු බොහෝ ජනසමූහයා (සසරකතරින්) තරණය කරවූහ.
42. යථා උළුහි ගගනං විචිත්තං උපසොභති තථෙ’ව සාසනං තස්ස අරහන්තෙහි සොභති.
42. යම්සේ ගුවන්තලය තාරකාවන් කරණකොට හොබනේ ද, එසෙයින් මැ උන් වහන්සේගේ සස්න රහතුන් කරණ කොට ගෙන හොබී.
43. සංසාරසොතං තරණාය සෙසකෙ පටිපන්තකෙ ධම්මසෙතුං දළ්හං කත්වා නිබ්බුතො සො නරාසභො.
43. නරෝත්තතම වූ ඒ බුදුහු සෙසු ප්‍රතිපන්නයන් සංසාරශ්රෝතස තරණය කරණ පිණිස දහම්හෙය දැඩි කොට පිරිනිවියහ.
44. සො’පි බුද්ධො අසමසමො තෙ’පි ඛීණාසවා අතුලතෙජා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
44. අසමසම වූ ඒ බුදුහු ද අතුල්‍ය වූ තේජස් ඇති ඒ ක්ෂීණාස්රවයෝ ද යන එහැම අතුරුදහන් විය හැම සකරහු සිස්වූවාහු නො ද?
45. නාරදො ජිනවසභො නිබ්බුතො සුදස්සනෙ පුරෙ තත්ථෙ’ව ජිනථූපවරො චතුයොජන’මුග්ගතො’ති.
45. ජිනෝත්තම වූ නාරදමුනිහු සුදර්ශන පුරයෙහි පිරිනිවියහ. එහි මැ උතුම් වූ ජිනස්තූපය සිව්යොත්නෙක් උස් වූයේ යි.
නාරද බුද්ධවංසො නවමො.
නවවැනි නාරද බුද්ධවංශ යි.