9. නාරදබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
9. නාරදබුද්ධවංසවණ්ණනා
9. නාරද බුද්ධවංස වර්ණනාව
පදුමබුද්ධෙ පන පරිනිබ්බුතෙ තස්ස සාසනෙ ච අන්තරහිතෙ වස්සසතසහස්සායුකා මනුස්සා අනුක්කමෙන පරිහායමානා දසවස්සායුකා අහෙසුං. පුන වඩ්ඪිත්වා අසඞ්ඛ්යෙය්යායුකා හුත්වා පරිහායමානා නවුතිවස්සසහස්සායුකා අහෙසුං. තදා දසබලධරො තෙවිජ්ජො චතුවෙසාරජ්ජවිසාරදො විමුත්තිසාරදො නාරදො නාම නරසත්තුත්තමො සත්ථා ලොකෙ උදපාදි. සො චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා තුසිතභවනෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා ධඤ්ඤවතී නාම නගරෙ සකවීරියවිජිතවාසුදෙවස්ස සුදෙවස්ස නාම රඤ්ඤො කුලෙ අග්ගමහෙසියා නිරූපමාය අනොමාය නාම දෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං අග්ගහෙසි. සො දසන්නං මාසානං අච්චයෙන ධනඤ්ජයුය්යානෙ මාතුකුච්ඡිතො නික්ඛමි. නාමග්ගහණදිවසෙ පන නාමකරණෙ කයිරමානෙ සකලජම්බුදීපෙ මනුස්සානං උපභොගක්ඛමානි අනුරූපානි ආභරණානි ආකාසතො කප්පරුක්ඛාදීහි පතිංසු. තෙනස්ස නරානං අරහානි ආභරණානි අදාසීති “නාරදො”ති නාමං අකංසු.
පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු වසර ලක්ෂයක් ආයු ඇති මිනිස්සු අනුක්රමයෙන් පිරිහී දසවස් ආයු වූහ. නැවත වැඩී අසංඛ්යායුෂ්කව පිරිහී අනූලක්ෂයක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්ය විශාරද විමුත්තිසාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් පැරුම් පුරා තුසිත භවනයෙහි ඉපිද එතැනින් චුතව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජකුලයෙහි අගමෙහෙසි නිරූපම අනොම දේවිය කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් ධනඤ්ජය උයන්හි මවුකුසින් බිහිවූහ. නම් තබන දින නම් කිරීම කරන කල්හි සියලු දඹදිව් වැසියන්ට පරිභෝගයට ප්‍රමාණවත් අනුරූප ආභරණ අහසින් කල්ප වෘක්ෂාදියෙන් පතිත විය. එහෙයින් උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්හයි නාරද යයි නම් කළහ.
සො නවවස්සසහස්සානි අගාරමජ්ඣෙ වසි. විජිතො විජිතාවී විජිතාභිරාමොති තිණ්ණං උතූනං අනුච්ඡවිකා තයො පාසාදා අහෙසුං. තස්ස නාරදකුමාරස්ස කුලසීලාචාරරූපසම්පන්නං මනොනුකූලං විජිතසෙනං නාම අතිවිය ධඤ්ඤං ඛත්තියකඤ්ඤං අග්ගමහෙසිං අකංසු. තං ආදිං කත්වා වීසතිසහස්සාධිකං ඉත්ථීනං සතසහස්සං අහොසි. තස්සා විජිතසෙනාය දෙවියා සබ්බලොකානන්දකරෙ නන්දුත්තරකුමාරෙ නාම ජාතෙ සො චත්තාරි නිමිත්තානි දිස්වා චතුරඞ්ගිනියා මහතියා සෙනාය පරිවුතො නානාවිරාගතනුවරවසනනිවසනො ආමුක්කමුත්තාහාරමණිකුණ්ඩලො වරකෙයූරමකුටකටකධරො පරමසුරභිගන්ධකුසුමසමලඞ්කතො පදසාව උය්යානං ගන්ත්වා සබ්බාභරණානි ඔමුඤ්චිත්වා භණ්ඩාගාරිකස්ස හත්ථෙ දත්වා සයමෙව විමලනීලකුවලයදලසදිසෙනාතිනිසිතෙනාසිනා පරමරුචිරරතනවිචිත්තං සකෙසමකුටං ඡින්දිත්වා ගගනතලෙ ඛිපි. තං සක්කො දෙවරාජා සුවණ්ණචඞ්කොටකෙන පටිග්ගහෙත්වා තාවතිංසභවනං නෙත්වා තියොජනුබ්බෙධං සිනෙරුමුද්ධනි සත්තරතනමයං චෙතියං අකාසි.
උන්වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. විජිත විජිකාවි ජිතාභිරාමයයි තුන් ඍතුවට යෝග්‍ය තුන්පහයක් විය. නාරද කුමාරයා හට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිතසේනා නම් අතිශයින් පින්වත් කැත් කුමරිය අගමෙහෙසි කළහ. කුමරිය ප්‍රධාන විසිදහසක් අධික ස්ත්‍රීහු ලක්ෂයක් වූහ. ඒ විජිතසේනා දේවියට සකල ලෝකනද කර නන්දුත්තර කුමරු උපන් කල්හි සතර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැළඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරීව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පයින්ම උයනට ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන්ම නිමල නිල්මහනෙල් පත් සමාන සියුම් මුවහත් කඩුවෙන් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූහ. සක්දෙව් රජ එය රන්කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනයට ගෙන ගොස් සිනෙරු මුදුනෙහි තුන්යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කළේය.
මහාපුරිසො පන දෙවදත්තානි කාසායානි වත්ථානි පරිදහිත්වා තත්ථෙව උය්යානෙ පබ්බජි. පුරිසසතසහස්සා ච තං අනුපබ්බජිංසු. සො සත්තාහං තත්ථෙව පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය විජිතසෙනාය අග්ගමහෙසියා දින්නං පායාසං පරිභුඤ්ජිත්වා තත්ථෙව උය්යානෙ දිවාවිහාරං කත්වා සුදස්සනුය්යානපාලෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා මහාසොණබොධිං පදක්ඛිණං කත්වා අට්ඨපණ්ණාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා නිසීදිත්වා මාරබලං විධමිත්වා තීසු යාමෙසු තිස්සො විජ්ජා උප්පාදෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති උදානං උදානෙත්වා සත්තසත්තාහානි වීතිනාමෙත්වා බ්රහ්මුනො යාචිතො පටිඤ්ඤං දත්වා ධනඤ්ජයුය්යානෙ අත්තනා සහ පබ්බජිතෙහි සතසහස්සභික්ඛූහි පරිවුතො තත්ථ ධම්මචක්කං පවත්තෙසි. තදා කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහොසි. තෙන වුත්තං –
මහපුරිස්සු දෙවියන් දුන් කසාවත් හැඳ එම උයන්හිම පැවිදි වූහ. උන්වහන්සේ අනුව දහස්ගණන් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ එහිම සතියක් ප්‍රධන් වීර්යය කොට වෙස් පුන්පොහෝ දින විජිතසේනා අගමෙහෙසිය දුන් කිරිබත් වළඳා එම උයන්හිම දිවාවිහාර කොට සුදස්සන උයන්පල්ලා දුන් අටතණමිට ගෙන මහාසොණ බෝධිය පැදකුණු කොට අටපනස් රියන් තණ ඇතිරි අතුරා වැඩහිඳ මරබල නසා තුන්යම්හි ත්‍රිවිද්‍යා උපදවා සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට අනේකජාති සංසාරං -පෙ- යන උදන් අනා ධනඤ්ජය උයන්හි තමන් වහන්සේ සමග පැවිදි වූ ලක්ෂයක් භික්ෂූන් පිරිවරා එහි දම්සක් පැවැත්වූ සේක. එකල්හි කෙළලක්ෂයකට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-
“පදුමස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො; නාරදො නාම නාමෙන, අසමො අප්පටිපුග්ගලො.
පදුමස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො නාරදො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො
“සො බුද්ධො චක්කවත්තිස්ස, ජෙට්ඨො දයිතඔරසො; ආමුක්කමාලාභරණො, උය්යානං උපසඞ්කමි.
සො බුද්ධො චක්කවත්තිස්ස ජෙට්ඨො දයිතඔරසො ආමුත්තමාලාභරණෙ උය්යානං උපසංකමි
“තත්ථාසි රුක්ඛො යසවිපුලො, අභිරූපො බ්රහ්මා සුචි; තමජ්ඣප්පත්වා උපනිසීදි, මහාසොණස්ස හෙට්ඨතො.
තත්ථාසි රුක්ඛො යසවිපුලො අභිරූපො බ්රහා සුචි තමජ්ඣප්පත්වා උපනිසීදි මහාසොණස්ස හෙට්ඨතො
“තත්ථ ඤාණවරුප්පජ්ජි, අනන්තං වජිරූපමං; තෙන විචිනි සඞ්ඛාරෙ, උක්කුජ්ජමවකුජ්ජකං.
තත්ථ ඤාණවරුප්පජ්ජි අන්තං වජිරූපමං තෙන විචිනි සංඛාරෙ උක්කුජ්ජමවකුජ්ජකං
“තත්ථ සබ්බකිලෙසානි, අසෙසමභිවාහයි; පාපුණී කෙවලං බොධිං, බුද්ධඤාණෙ ච චුද්දස.
තත්ථ සබ්බකිලෙසානි අස්සෙමභිවාහයි පාපුණි කෙවලං බොධිං බුද්ධඤාණෙච චුද්දස
“පාපුණිත්වාන සම්බොධිං, ධම්මචක්කං පවත්තයි; කොටිසතසහස්සානං, පඨමාභිසමයො අහූ”ති.
පාපුණිත්වාන සම්බොධිං ධම්මචක්කං පවත්තයි කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
තත්ථ චක්කවත්තිස්සාති චක්කවත්තිරඤ්ඤො. ජෙට්ඨොති පුබ්බජො. දයිතඔරසොති දයිතො පියො ඔරසො පුත්තො, දයිතො ඔරසි ගහෙත්වා ලාලිතො පුත්තො දයිතඔරසො නාම. ආමුක්කමාලාභරණොති ආමුක්කමුත්තාහාරකෙයූරකටකමකුටකුණ්ඩලමාලො. උය්යානන්ති බහිනගරෙ ධනඤ්ජයුය්යානං නාමාරාමං අගමාසි.
එහි චක්කවත්තිස්ස යනු; සක්විති රජුගේ. ජෙට්ඨො යනු; පළමු උපන්නහු. දයිතඔරසො යනු; දයිත යනුද ඖරස පුත්‍රයායි. දයිතව උරෙහි ගෙන නැලවූ පුත්‍රයායි. ආමත්තමාලාභරණෙ යනු; පැළඳගත් මුතුහර බාහුවළලු අත්වළලු වොටුනු කොඩොල්මාලා ඇත්තේ. උය්යානං යනු; නුවරින් පිටත ධනඤ්ජය නම් උයනට ගියේය.
තත්ථාසි රුක්ඛොති තස්මිං උය්යානෙ එකො කිර රුක්ඛො රත්තසොණො නාම අහොසි. සො කිර නවුතිහත්ථුබ්බෙධො සමවට්ටක්ඛන්ධො සම්පන්නවිවිධවිටපසාඛො නීලබහලවිපුලපලාසො සන්දච්ඡායො දෙවතාධිවුට්ඨත්තා විගතවිවිධවිහගගණසඤ්චාරො ධරණීතලතිලකභූතො තරුරජ්ජං විය කුරුමානො පරමරමණීයදස්සනො රත්තකුසුමසමලඞ්කතසබ්බසාඛො දෙවමනුස්සනයනරසායනභූතො අහොසි. යසවිපුලොති විපුලයසො, සබ්බලොකවිඛ්යාතො අත්තනො සම්පත්තියා සබ්බත්ථ පාකටො විස්සුතොති අත්ථො. කෙචි “තත්ථාසි රුක්ඛො විපුලො”ති පඨන්ති. බ්රහාති මහන්තො, දෙවානං පාරිච්ඡත්තකසදිසොති අත්ථො. තමජ්ඣප්පත්වාති තං සොණරුක්ඛං පත්වා අධිපත්වා උපගම්මාති අත්ථො. හෙට්ඨතොති තස්ස රුක්ඛස්ස හෙට්ඨා.
තත්ථාසි රුක්ඛො යනු; ඒ උයනෙහි එක් රත්තසොණ නම් වෘක්ෂයෙක් විය. එය අනූරියන් උසය. සමවට කඳය. නොඑක් විට ශාඛායෙන් යුක්තය. නිල්ගණ බහුල පත්‍ර ඇත්තේය. ගණසෙවණ සහිතය. දේතාධිගෘහිතය. විහඟ ගණ සේවනයෙන් තොරය. පොළෝතලයට තිලකයක් බඳුය. තරුරාජ්යය කරවන්නාක් මෙන් පරම රමණීය දැකුම් ඇත්තේය. රතු කුසුමින් සමලංකෘත සකල ශාඛායෙන් දෙව්මිනිසුන්ම නයන රසායන වූයේය. යසවිපුලො යනු; මහයසස් ඇත්තේ. මුළු ලොව ප්‍රකට වූයේ තම සම්පතින් හැමතැන ප්රකටව පැතිර ගියේය යන අර්ථයි. සමහරු තත්ථාසි විපුලො රුක්ඛො යි හදාරති. බ්රහා යනු; මහත් දෙවියන්ගේ පරසතු ගස මෙනි යන අර්ථයි. තමජ්ඣප්පත්වා යනු; ඒ සෝණ රුක වෙත පැමිණ, අධිප්රාප්තව, එළඹ යන අර්ථයි. හෙට්ඨතො යනු; ඒ ගස යට
ඤාණවරුප්පජ්ජීති ඤාණවරං උදපාදි. අනන්තන්ති අප්පමෙය්යං අප්පමාණං. වජිරූපමන්ති වජිරසදිසං තිඛිණං, අනිච්චානුපස්සනාදිකස්ස විපස්සනාඤාණස්සෙතං අධිවචනං. තෙන විචිනි සඞ්ඛාරෙති තෙන විපස්සනාඤාණෙන රූපාදිකෙ සඞ්ඛාරෙ විචිනි. උක්කුජ්ජමවකුජ්ජකන්ති සඞ්ඛාරානං උදයඤ්ච වයඤ්ච විචිනීති අත්ථො. තස්මා පච්චයාකාරං සම්මසිත්වා ආනාපානචතුත්ථජ්ඣානතො වුට්ඨාය පඤ්චසු ඛන්ධෙසු අභිනිවිසිත්වා උදයබ්බයවසෙන සමපඤ්ඤාස ලක්ඛණානි දිස්වා යාව ගොත්රභුඤාණං විපස්සනං වඩ්ඪෙත්වා අරියමග්ගානුක්කමෙන සකලෙ බුද්ධගුණෙ පටිලභීති අත්ථො.
ඤාණවරුප්පජ්ජි යනු; උතුම් ඥානය පහළවිය. අනන්තං යනු; අප්‍රමාණ වූ, අප්‍රමෙය වූ වජිරූපමං යනු; වජ්ර සමාන. තීක්ෂණ අනිච්චානුපස්සනාව ආදිකොට ඇති විදර්ශනා ඥානයට මෙය නාමයකි. තෙන විචිනි සංඛාරෙ යනු; ඒ විදර්ශනා ඥානයෙන් රූපාදි සංස්කාර පරීක්ෂා කළහ. උක්කුජ්ජමවකුජ්ජං යනු; සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම පරීක්ෂා කළහ යන අර්ථයි. එහෙයින් ප්‍රත්‍යයාකාරය මෙනෙහිකොට ආනාපාන චතුර්ථධ්‍යානයෙන් නැගී පංචස්කන්ධයෙහි බැස ඇතිවීම් නැතිවීම් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලක්ෂණ දැක ගෝත්‍රභූඤාණය තෙක් විදසුන් වඩා ආර්ය මාර්ග පිළිවෙලින් සියලු බුදුගුණ ලැබූහ යන අර්ථයි.
තත්ථාති සොණරුක්ඛෙ. සබ්බකිලෙසානීති සබ්බෙපි කිලෙසෙ, ලිඞ්ගවිපරියාසං කත්වා වුත්තං. කෙචි “තත්ථ සබ්බකිලෙසෙහී”ති පඨන්ති. අසෙසන්ති නිරවසෙසං. අභිවාහයීති මග්ගොධිනා ච කිලෙසොධිනා ච සබ්බෙ කිලෙසෙ අභිවාහයි, විනාසමුපනෙසීති අත්ථො. බොධීති අරහත්තමග්ගඤාණං. බුද්ධඤාණෙ ච චුද්දසාති බුද්ධඤාණානි චුද්දස. තානි කතමානීති? මග්ගඵලඤාණානි අට්ඨ, ඡ අසාධාරණඤාණානීති එවමිමානි චුද්දස බුද්ධඤාණානි නාම, ච-සද්දො සම්පිණ්ඩනත්ථො, තෙන අපරානිපි චතස්සො පටිසම්භිදාඤාණානි චතුවෙසාරජ්ජඤාණානි චතුයොනිපරිච්ඡෙදකඤාණානි පඤ්චගතිපරිච්ඡෙදකඤාණානි දසබලඤාණානි සකලෙ ච බුද්ධගුණෙ පාපුණීති අත්ථො.
තත්ථ යනු; සොණරුක්හි. සබ්බකිලෙසාන යනු; සකල ක්ලේශයන්, ලිංග විපර්යාස කොට කියන ලදි. සමහරු තත්ථ සබ්බකිලෙසෙ කියා හදාරති. අස්සෙං යනු; නිරවශේෂ කොට. අභිවාහය යනු; මාර්ග ප්‍රමාණයෙන් ද ක්ලේශප්රමාණයෙන් ද සකලක්ලේශයන් පාකළහ. විනාශයට පත්කළහ යන අර්ථයි. බෝධි යනු; අරහත්ව මාර්ගඥානයයි. බුද්ධඤාණෙ ච චුද්දස යනු; තුදුස් බුදු නුවණ. ඒවා කුමක් ද? මඟපල නුවණ අටය. අසාධාරණ ඤාණ සයය යන මේ තුදුස බුද්ධඤාණ නමි. ච ශබ්දය සම්පිණ්ඩනාර්ථයෙහිය. එහෙයින් තවත් පටිසම්භිදා සතරය වෛශාරද්යඥාන සතරය සතර යොනි පංචගති පිරිසිඳ දන්නා නුවණ දසබලඤාණ යන සියලු බුදුගුණවලට පැමිණියහ යන අර්ථයි.
එවං බුද්ධත්තං පත්වා බ්රහ්මායාචනං අධිවාසෙත්වා ධනඤ්ජයුය්යානෙ අත්තනා සහ පබ්බජිතෙ සතසහස්සභික්ඛූ සම්මුඛෙ කත්වා ධම්මචක්කං පවත්තෙසි. තදා කොටිසතසහස්සස්ස පඨමාභිසමයො අහොසි. තදා කිර මහාදොණනගරෙ දොණො නාම නාගරාජා ගඞ්ගාතීරෙ පටිවසති මහිද්ධිකො මහානුභාවො මහාජනෙන සක්කතො ගරුකතො මානිතො පූජිතො. සො යස්මිං විසයෙ ජනපදවාසිනො මනුස්සා තස්ස බලිකම්මං න කරොන්ති, තෙසං විසයං අවස්සෙන වා අතිවස්සෙන වා සක්ඛරවස්සෙන වා විනාසෙති.
මෙසේ බුදුබවට පැමිණ බ්රහ්මායාචනය පිළිගෙන ධනඤ්ජය උයන්හි තමන් වහන්සේ සමඟ මහණ වූ ලක්ෂයක් භික්ෂූන් ඉදිරියෙහි දම්සක් පැවැත්වූහ. එකල කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය විය. එකල මහාදොණ නුවර දොණ නම් මහත් ඍද්ධි මහානුභාව ඇති නාරජ ගඟවිල්හි වසයි. මහජනයා විසින් සත්කාර ගරුකාර මානන පූජා කරන ලද්දේ විය. හෙතෙම යම් දේශයක දනව්වැසි මිනිස්සු ඔහුට බිලියම් නොකරත්ද ඔවුන්ගේ දේශය නියතින් හෝ අධික වර්ෂාවෙන් හෝ බොරළු වැස්සෙන් හෝ වනසයි.
අථ තීරදස්සනො නාරදො සත්ථා දොණස්ස නාගරාජස්ස විනයනෙ බහූනං පාණීනං උපනිස්සයං දිස්වා මහතා භික්ඛුසඞ්ඝෙන පරිවාරිතො තස්ස නාගරාජස්ස නිවාසට්ඨානමගමාසි. තතො තං මනුස්සා දිස්වා එවමාහංසු – “භගවා, එත්ථ ඝොරවිසො උග්ගතෙජො මහිද්ධිකො මහානුභාවො නාගරාජා පටිවසති, සො තං මා විහෙඨෙස්සති න ගන්තබ්බ”න්ති. භගවා පන තෙසං වචනං අසුණන්තො විය අගමාසි. ගන්ත්වා ච තත්ථස්ස නාගරාජස්ස සක්කාරත්ථාය කතෙ පරමසුරභිගන්ධෙ පුප්ඵසන්ථරෙ නිසීදි. මහාජනො කිර “නාරදස්ස ච මුනිරාජස්ස දොණස්ස ච නාගරාජස්ස ද්වින්නම්පි යුද්ධං පස්සිස්සාමා”ති සන්නිපති.
එකල්හි තීරදර්ශී නාරද ශාස්තෘන් වහන්සේ දොණ නාග දමනයෙහි බොහෝ ප්‍රාණීන්ගේ හේතු සම්පත් දැක මහත් බික්සඟන පිරිවරා ඔහුගේ නිවෙසන ස්ථානයට වැඩි සේක. ඒ දැක මිනිස්සු මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්ස, මෙහි ඝොරවිෂ ඇති උග්‍රතේජස් ඇති මහත් ඍද්ධි මහානුභාව ඇති නාරජෙක් වසයි. ඔහු මිනිසුන් පෙළයි. නොයා යුතුය කියායි. භාග්‍යවතුන් වහන්සේ නොඇසුණාක් මෙන් වැඩියහ. වැඩමවා ඒ නාරජුට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳැති මල් ඇතිරියෙහි වැඩහුන්හ. මහජනයා වනාහි නාරද මුනිරජුන්ගේ ද දොණ නාරජුගේද යුද්ධය බලම්හයි රැස්වූහ.
අථ අහිනාගො මුනිනාගං තථා නිසින්නං දිස්වා මක්ඛං අසහමානො සන්දිස්සමානකායො හුත්වා පධූපායි. දසබලොපි පධූපායි. පුන නාගරාජා පජ්ජලි . මුනිරාජාපි පජ්ජලි. අථ සො නාගරාජා දසබලස්ස සරීරතො නික්ඛන්තාහි ධූමජාලාහි අතිවිය කිලන්තසරීරො දුක්ඛං අසහමානො “විසවෙගෙන නං මාරෙස්සාමී”ති විසං විස්සජ්ජෙසි. විසස්ස වෙගෙන සකලොපි ජම්බුදීපො විනස්සෙය්ය. තං පන විසං දසබලස්ස සරීරෙ එකලොමම්පි කම්පෙතුං නාසක්ඛි. අථ සො නාගරාජා – “කා නු ඛො සමණස්ස පවත්තී”ති ඔලොකෙන්තො සරදසමයෙ සූරියං විය චන්දං විය ච පරිපුණ්ණං ඡබ්බණ්ණාහි බුද්ධරස්මීහි විරොචමානං විප්පසන්නවදනසොභං භගවන්තං දිස්වා – “අහො! මහිද්ධිකො වතායං සමණො, මයා පන අත්තනො බලං අජානන්තෙන අපරද්ධ”න්ති චින්තෙත්වා තාණං ගවෙසී භගවන්තංයෙව සරණමුපගඤ්ඡි. අථ නාරදො මුනිරාජා තං නාගරාජං විනෙත්වා තත්ථ සන්නිපතිතස්ස මහාජනස්ස චිත්තප්පසාදනත්ථං යමකපාටිහාරියං අකාසි. තදා පාණීනං නවුතිකොටිසහස්සානි අරහත්තෙ පතිට්ඨහිංසු. සො දුතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
එවිට සර්ප නාගයා එසේ වැඩහුන් බුද්ධනාගයාණන් දැක මකුබව නොයිවසමින් දෘෂ්‍යමාන කයින් පෙනී දුමන්නට විය. දසබලයාණෝ ද දුමන්නට වූහ. නැවත නාගරාජයා දැල්වී ගියේය. මුනිරාජයාණෝ ද දැල්වී ගියහ. එවිට ඒ නාගරාජයා දසබල ශරීරයෙන් නිකුත් දුම්ජාලාවෙන් අතිශයින් පීඩිත සිරුරින් දුක් නොඉවසිය හැකිව විෂ වේගයෙන් ඔහු මරමියි විෂ විහිදවීය. විෂ වේගයෙන් මුළු දඹදිවම වැනෙසයි. එබඳු ඒ විෂ දසබල ශරීරයෙහි එක් ලෝමයක් සොල්වන්නටවත් අසමත් විය. එවිට නාගරාජයා ශ්රමණයාගේ තත්ත්වය කුමක්දැයි බලන්නේ සරාහිරු මෙන් සඳ මෙන් පිරිපුන්ව සවනක් රසින් බබළන පහන් වදනින් සවනින් යුත් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි, මේ මහා ශ්‍රමණ මහාර්ධිමත්ය. මම තම බල නොදැන වරදවා ගතිමි කියා සරණ සෙවීය. භාග්‍යවතුන් වහන්සේම සරණ ගියේය. එවිට නාරද මුනිරාජයාණෝ ඒ නාරජු දමනය කොට එහි රැස්වූ මහජනයාගේ සිත් පැහැදවීම පිණිස යමක ප්රාතිහාර්යය කළ සේක. එදින නවකෙළක් ප්‍රාණීහු අර්හත්වයෙහි පිහිටියහ. ඒ දෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“මහාදොණං නාගරාජං, විනයන්තො මහාමුනි; පාටිහෙරං තදාකාසි, දස්සයන්තො සදෙවකෙ.
මහාදොණං නාගරාජං විනයන්තෙ මහාමුනි පාටිභෙරං තදාකාසි දස්සයන්තො සදෙවකෙ
“තදා දෙවමනුස්සානං, තම්හි ධම්මප්පකාසනෙ; නවුතිකොටිසහස්සානි, තරිංසු සබ්බසංසය”න්ති.
තදා දෙවමනුස්සානං තම්හි ධම්මප්පකාසනා නවුති කොටිසහස්සානි තරිංසු සබ්බසංසයන්ති
තත්ථ පාටිහෙරං තදාකාසීති අකාසි යමකපාටිහාරියන්ති අත්ථො. අයමෙව වා පාඨො. “තදා දෙවමනුස්සා වා”තිපි පාඨො. තත්ථ දෙවමනුස්සානන්ති සාමිඅත්ථෙ පච්චත්තං. තස්මා දෙවානං මනුස්සානඤ්ච නවුතිකොටිසහස්සානීති අත්ථො. තරිංසූති අතික්කමිංසු.
එහි පාටිහෙරං තදාකාස යනු; යමක ප්රාතිහාර්ය කළහ යන අර්ථයි. පාඨය එයම හෝ වෙයි. තදා දෙවමනුස්සා වා කියා ද පාඨයි. තත්ථ දෙවමනුස්සානං යනු; සම්බන්ධාර්ථයෙහි ප්‍රථමා විභත්තියයි. එහෙයින් දෙවියන්ගේ මිනිසුන්ගේ අනූකෙළක් දහස් යන අර්ථයි. තරිංසු යනු; ඉක්මවූහ.
යදා පන අත්තනො පුත්තං නන්දුත්තරකුමාරං ඔවදි, තදා අසීතියා කොටිසහස්සානං තතියාභිසමයො අහොසි. තෙන වුත්තං –
ස්වකීය පුත්‍ර නන්දුත්තර කුමරහට අවවාද දුන් අවස්ථාවෙහි අසූකෙළ දහසකට ධර්මාවබෝධ විය. මේ තෙවැන්නයි. එයින් කියන ලදි-
“යම්හි කාලෙ මහාවීරො, ඔවදී සකමත්රජං; අසීතිකොටිසහස්සානං, තතියාභිසමයො අහූ”ති.
යම්හි මහාවීරො ඔවදි සකමත්රජං අසීති කොටිසහස්සානං තතියාභිසමයො අහූති
යදා පන ථුල්ලකොට්ඨිතනගරෙ භද්දසාලො ච විජිතමිත්තො ච ද්වෙ බ්රාහ්මණසහායකා අමතරහදං ගවෙසමානා පරිසති නිසින්නං අතිවිසාරදං නාරදසම්මාසම්බුද්ධං අද්දසංසු. තෙ භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි දිස්වා – “අයං ලොකෙ විවටච්ඡදො සම්මාසම්බුද්ධො”ති නිට්ඨං ගන්ත්වා භගවති සඤ්ජාතසද්ධා සපරිවාරා භගවතො සන්තිකෙ පබ්බජිංසු. තෙසු පබ්බජිත්වා අරහත්තං පත්තෙසු භගවා භික්ඛූනං කොටිසතසහස්සමජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, සො පඨමො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක ථුල්ලකොට්ඨිත නුවර භද්දසාල විජිතමිත්ත බමුණු යහළුවන් දෙදෙන අමාවිල සොයන්නාහු පිරිස්හි වැඩහුන් අතිශයින් සාරදායක වූ නාරද සම්මා සම්බුදුන් දුටහ. ඔවුහු බුදුසිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු දැක මේ ලොව කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුන් යයි නිෂ්ටාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හටගත් ශ්‍රද්ධා ඇතිව පිරිවර සහිතව භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. ඔවුන් පැවිදිව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දෙසූහ. මේ ප්‍රථම සන්නිපාතයයි. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, නාරදස්ස මහෙසිනො; කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො”ති.
සන්නිපාතා තයො ආසුං නාරදස්ස මහෙසිනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමොති
යස්මිං සමයෙ නාරදො සම්මාසම්බුද්ධො ඤාතිසමාගමෙ අත්තනො පණිධානතො පට්ඨාය බුද්ධවංසං කථෙසි, තදා නවුතිකොටිභික්ඛුසහස්සානං දුතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක නාරද සම්මා සම්බුදුහු ඥාති සමාගමයෙහි ස්වකීය පළමු පැතුමෙහි පටන් බුද්ධවංසය දෙසූ සේක්ද එකල අනූකෙළ දහසක් භික්ෂූන්ගේ දෙවන සමාගමය විය. එයින් කියන ලදි-
“යදා බුද්ධො බුද්ධගුණං, සනිදානං පකාසයි; නවුතිකොටිසහස්සානි, සමිංසු විමලා තදා”ති.
යදා බුද්ධො බුද්ධගුණං සනිදානං පකාසයි නවුති කොටිසහස්සානි සමිංසු විමලා තදාති
තත්ථ විමලාති විගතමලා, ඛීණාසවාති අත්ථො.
එහි විමලා යනු; පහවූ මල ඇත්තෝ, ක්ෂීණාස්රවයෝ යන අර්ථයි.
යදා පන මහාදොණනාගරාජස්ස විනයනෙ පසන්නො වෙරොචනො නාම නාගරාජා ගඞ්ගාය නදියා තිගාවුතප්පමාණං සත්තරතනමයං මණ්ඩපං නිම්මිනිත්වා සපරිවාරං භගවන්තං තත්ථ නිසීදාපෙත්වා සපරිවාරො සජනපදෙ අත්තනො දානග්ගදස්සනත්ථාය නිමන්තෙත්වා නාගනාටකානි ච තාළාවචරෙ විවිධවෙසාලඞ්කාරධරෙ සන්නිපාතෙත්වා මහාසක්කාරෙන භගවතො සපරිවාරස්ස මහාදානං අදාසි. භොජනාවසානෙ භගවා මහාගඞ්ගං ඔතාරෙන්තො විය අනුමොදනමකාසි. තදා භත්තානුමොදනෙ ධම්මං සුත්වා පසන්නානං එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිතානං අසීතිභික්ඛුසතසහස්සානං මජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
යම්කලෙක දොණ නාගරාජදමනයෙහි පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවු පමණ සත්රුවන් මඩුවක් මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍රබව දැක්වීම පිණිස ආරාධනාකොට නාග නළුනිළියන් ද විවිධ වේශාලංකාරධර තාලාවචරයන් ද රැස්කොට මහාසත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහදන් පිදීය. වළඳා අන්තයෙහි බුදුහු මහා ගඟ හෙන්නාක් මෙන් අනුමෝදනා කළහ. එකල භූත්තානුමෝදනා අසා පැහැද එහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන රැස්වීම විය. එහෙයින් කියන ලදි-
“යදා වෙරොචනො නාගො, දානං දදාති සත්ථුනො; තදා සමිංසු ජිනපුත්තා, අසීතිසතසහස්සියො”ති.
යදා වෙරොචනො නාගො දානං දදාති සත්ථුනො තදා සමිංසු ජිනපුත්තා අසීතිසතසහස්සියොති
තත්ථ අසීතිසතසහස්සියොති සතසහස්සානං අසීතියො.
එහි අසීතිසතසහස්සියො යනු; ලක්ෂ අසූවකි.
තදා අම්හාකං බොධිසත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තපස්සෙ අස්සමං මාපෙත්වා පඤ්චසු අභිඤ්ඤාසු අට්ඨසු සමාපත්තීසු ච චිණ්ණවසී හුත්වා පටිවසති. අථ තස්මිං අනුකම්පාය නාරදො භගවා අසීතියා අරහන්තකොටීහි දසහි ච අනාගාමිඵලට්ඨෙහි උපාසකසහස්සෙහි පරිවුතො තං අස්සමපදං අගමාසි. තාපසො භගවන්තං දිස්වාව පමුදිතහදයො සපරිවාරස්ස භගවතො නිවාසත්ථාය අස්සමං මාපෙත්වා සකලරත්තිං සත්ථුගුණං කිත්තෙත්වා භගවතො ධම්මකථං සුත්වා පුනදිවසෙ උත්තරකුරුං ගන්ත්වා තතො ආහාරං ආහරිත්වා සපරිවාරස්ස බුද්ධස්ස මහාදානං අදාසි. එවං සත්තාහං මහාදානං දත්වා හිමවන්තතො අනග්ඝං ලොහිතචන්දනං ආහරිත්වා තෙන ලොහිතචන්දනෙන භගවන්තං පූජෙසි. තදා නං දසබලො අමරනරපරිවුතො ධම්මකථං කථෙත්වා – “අනාගතෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
එකල බෝසත්හු තවුස් පැවිදිව හිමවත පසෙක අසපුවක් තනා පසභිඥා අටසමවත්හි විණ්ණචසීව වසති. එකල එතුමන්ට අනුකම්පාවෙන් නාරද බුදුහු රහතන් අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩියහ. තාපස තෙම බුදුන් දැක ප්‍රමුදිත සිතින් සපිරිවර බුදුන්ට වාසය පිණිස අසපුවක් මවා මුළුරැය බුදුගුණ කියා බණ අසා දෙවන දින උතුරුකුරු දිවයිනට ගොස් අහර ගෙනවුත් සපිරිවර බුදුන්ට මහ දන් පිදීය. මෙසේ සතියක් මහ දන් දී හිමවතින් අනගි රත්සඳුන් ගෙනවුත් එයින් බුදුන් පිදීය. එවිට දසබලයන් වහන්සේ දෙවිමිනිසුන් පිරිවරා බණ දෙසා එතුමන්ට මොහු මතු ගොතම නම් බුදුවන්නාහයි ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, ජටිලො උග්ගතාපනො; අන්තලික්ඛචරො ආසිං, පඤ්චාභිඤ්ඤාසු පාරගූ.
අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො අන්තළික්ඛචරො ආසිං පඤ්චාභිඤ්ඤාසු පාරගූ
“තදාපාහං අසමසමං, සසඞ්ඝං සපරිජ්ජනං; අන්නපානෙන තප්පෙත්වා, චන්දනෙනාභිපූජයිං.
තදාපහං අසමසමං සසංඝං සපරිජ්ජනං අන්නපානෙන තප්පෙත්වා වන්දනොනාභිපූජයිං
“සොපි මං තදා බ්යාකාසි, නාරදො ලොකනායකො; අපරිමෙය්යිතො කප්පෙ, බුද්ධො ලොකෙ භවිස්සති.
සොපි මං බුද්ධො ව්යාකාසි නාරදො ලොකනායකො අපරිමෙය්‍ය ඉතොකප්පෙ බුද්ධො ලොකෙ භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ- හෙස්සාම සම්මුඛා ඉමං
“තස්සාපි වචනං සුත්වා, භිය්යො හාසෙත්ව මානසං; අධිට්ඨහිං වතං උග්ගං, දසපාරමිපූරියා”ති.
තස්සපි වචනං සුත්වා භීයො භවෙත්ව මානසං අධිට්ඨහිං වතං උග්ගං දසපාරමි පූරියාති
තත්ථ තදාපාහන්ති තදාපි අහං. අසමසමන්ති අසමා නාම අතීතා බුද්ධා, තෙහි අසමෙහි සමං තුල්යං අසමසමං. අථ වා අසමා විසමා, සමා අවිසමා සාධවො, තෙසු අසමසමෙසු සමො “අසමසමසමො”ති වත්තබ්බෙ එකස්ස සමසද්දස්ස ලොපං කත්වා වුත්තන්ති වෙදිතබ්බං, අසමාවිසමසමන්ති අත්ථො. සපරිජ්ජනන්ති සඋපාසකජනං. “සොපි මං තදා නරමරූනං, මජ්ඣෙ බ්යාකාසි චක්ඛුමා”තිපි පාඨො , සො උත්තානත්ථොව. භිය්යො හාසෙත්ව මානසන්ති උත්තරිම්පි හාසෙත්වා තොසෙත්වා හදයං. අධිට්ඨහිං වතං උග්ගන්ති උග්ගං වතං අධිට්ඨාසිං. “උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”තිපි පාඨො.
එහි තදාපහං යනු; එකල්හි ද මම, අසමසමං යනු; අසම නම් අතීත අනාගත බුදුවරු වෙති. ඒ අසමයන් වහන්සේලා සමග සමවූයේ තුලනය වූයේ අසමසමයි. නැතහොත් අසමා විසමා, සමා අවිසමා ඒ අසමසමයන් හා සමවූයේ අසමසමසමො යයි කිවයුතු තැන එක් සම ශබ්දයක් ලොප්කොට කියන ලදැයි දතයුතු. අසමාවිසමසම යන අර්ථයයි. සපරිජ්ජනං යනු; උපාසක ජනයා සහිත. සොපි මං තදා නරමරූනං මජ්ඣෙ ව්යකාසි චක්ඛුමා යි ද පාඨයි. එය පැහැදිලි අරුත්ම ඇත්තේය. භීයො භාවෙත්ව මානසං යනු; මත්තෙහිද දියුණු කොට සිත සතුටු කොට. අධිට්ඨාසිං වතං උග්ගං යනු; උග්‍ර වත ඉටාගතිමි. උත්තරිං වතං අධිට්ඨාසිං දසපාරමි පූරයා කියාත් පාඨයි.
තස්ස පන භගවතො නාරදස්ස ධඤ්ඤවතී නාම නගරං අහොසි, සුදෙවො නාම ඛත්තියො පිතා, අනොමා නාම මාතා, භද්දසාලො ච ජිතමිත්තො ච ද්වෙ අග්ගසාවකා, වාසෙට්ඨො නාම උපට්ඨාකො, උත්තරා ච ඵග්ගුනී ච ද්වෙ අග්ගසාවිකා, මහාසොණරුක්ඛො බොධි, සරීරං අට්ඨාසීතිහත්ථුබ්බෙධං අහොසි. තස්ස සරීරප්පභා නිච්චං යොජනං ඵරති, නවුතිවස්සසහස්සානි ආයු, තස්ස පන විජිතසෙනා නාම අග්ගමහෙසී, නන්දුත්තරකුමාරො නාමස්ස පුත්තො අහොසි, විජිතො විජිතාවී විජිතාභිරාමොති තයො පාසාදා අහෙසුං. සො නවවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. සො පදසාව මහාභිනික්ඛමනං නික්ඛමීති. තෙන වුත්තං –
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ධඤ්ඤවතී නම් විය. සුදේව නම් ක්ෂත්රියරජ පියාණෝය. මෑණියෝ අනෝමා නමි. භද්දසාල ජිතමිත්ත දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක වාසෙට්ඨ නමි. උත්තරා ඵග්ගුනී දෙනම අග්රශ්රාවිකාවෝය. මහසොණ වෘක්ෂය බෝධියයි. ශරීරය අට අසූරියන් උසය. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව නිතර යොදුනක් පැතිරෙයි. අනූලක්ෂයක් අවුරුදු ආයු විය. අගමෙහෙසිය විජිතසේනා නමි. පුත්‍රයා නන්දුත්තර කුමාර නම් විය. විජිත, විජිතාවී විජිකාභිරාම නම් තුන්පහයක් විය. නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේ පාගමනින්ම මහබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“නගරං ධඤ්ඤවතී නාම, සුදෙවො නාම ඛත්තියො; අනොමා නාම ජනිකා, නාරදස්ස මහෙසිනො.
නගරං ධඤ්ඤවතී නාම සුදෙවො නාම ඛත්තියො අනොමා නාම ජනිකා නාරදස්ස මහෙසිනො
“භද්දසාලො ජිතමිත්තො, අහෙසුං අග්ගසාවකා; වාසෙට්ඨො නාමුපට්ඨාකො, නාරදස්ස මහෙසිනො.
භද්දසාලා ජිතමිත්තො අහෙසුං අග්ගසාවකා වාසෙට්ඨො නාමුපට්ඨාකො නාරදස්ස මහෙසිනො
“උත්තරා ඵග්ගුනී චෙව, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, මහාසොණොති වුච්චති.
උත්තරා එග්ගුනී චෙව අහෙසුං අග්ගසාවකා බොධි තස්ස භගවතො මහාසොණෙති වුච්චති
“අට්ඨාසීතිරතනානි, අච්චුග්ගතො මහාමුනි; කඤ්චනග්ඝියසඞ්කාසො, දසසහස්සී විරොචති.
අට්ඨාසීති රතනානි අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝියසංකාසො දසසහස්සී විරොචාහි
“තස්ස බ්යාමප්පභා කායා, නිද්ධාවති දිසොදිසං; නිරන්තරං දිවාරත්තිං, යොජනං ඵරතෙ සදා.
තස්ස ව්යාමප්පභා කායා නිද්ධාවති දිසොදිසං නිරන්තරං දිවාරත්තිං යොජනං ඵරතෙ තදා
“න කෙචි තෙන සමයෙන, සමන්තා යොජනෙ ජනා; උක්කාපදීපෙ උජ්ජාලෙන්ති, බුද්ධරංසීහි ඔත්ථටා.
න කෙචි තෙන සමයෙන සමන්තා යොජනෙ ජනා උක්කාපදීපෙ ජාලෙන්ති බුද්ධරංසෙන ඔත්ථටා
“නවුතිවස්සසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානොසො තාරෙසි ජනතං බහුං
“යථා උළූහි ගගනං, විචිත්තං උපසොභති; තථෙව සාසනං තස්ස, අරහන්තෙහි සොභති.
යතා උලෑහි ගගනං විචිත්තං උපසොභති තථෙව සාසනං තස්ස අරහන්තෙහිසොභිති
“සංසාරසොතං තරණාය, සෙසකෙ පටිපන්නකෙ; ධම්මසෙතුං දළ්හං කත්වා, නිබ්බුතො සො නරාසභො.
සොපිබුද්ධො අසමසමො තෙපි ඛීණාසවා අතුලතෙජා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරා
“සොපි බුද්ධො අසමසමො, තෙපි ඛීණාසවා අතුලතෙජා; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
සංසාරසොතං තරණාය සෙසකෙ පටිපන්නකෙ ධම්මසෙතුං දළ්හං කත්වා නිබ්බුතො සො නරාසභොති
තත්ථ කඤ්චනග්ඝියසඞ්කාසොති විවිධරතනවිචිත්තකඤ්චනමයග්ඝිකසදිසරූපසොභො. දසසහස්සී විරොචතීති තස්ස පභාය දසසහස්සීපි ලොකධාතු විරොචති, විරාජතීති අත්ථො. තමෙවත්ථං පකාසෙන්තො භගවා “තස්ස බ්යාමප්පභා කායා, නිද්ධාවති දිසොදිස”න්ති ආහ. තත්ථ බ්යාමප්පභා කායාති බ්යාමප්පභා වියාති බ්යාමප්පභා, අම්හාකං භගවතො බ්යාමප්පභා වියාති අත්ථො.
එහි කඤ්චනග්ඝිය සංකාසො යනු; විවිධ රත්නයෙන් විචිත්‍ර රන්මුවා ඇගෑයක් බඳු රූපශෝභා ඇත්තේ දසසහස්සී විරොචති යනු; උන්වහන්සේ ප්‍රභායෙන් දසදහසක් ලෝකධාතුවම බබළයි. බැබළිණ යන අර්ථයි. එම අර්ථයම ප්‍රකාශ කරමින් භාග්‍යවතුන් වහන්සේ තස්ස ව්යාමප්පභාකායා නිද්ධාවති දිසොදිසං යි වදාළහ. එහි ව්යාමප්පභා යනු; ව්යාමප්පභාව මෙනැයි යනු ව්යාමප්පභායි. අප භාග්‍යවතුන් වහන්සේගේ ව්‍යාමප්‍රභාව මෙනැයි යන අර්ථයි.
න කෙචීති එත්ථ න-කාරො පටිසෙධත්ථො, තස්ස උජ්ජාලෙන්ති-සද්දෙන සම්බන්ධො දට්ඨබ්බො. උක්කාති දණ්ඩදීපිකා. උක්කා වා පදීපෙ වා කෙචිපි ජනා න උජ්ජාලෙන්ති න පජ්ජාලෙන්ති. කස්මාති චෙ? බුද්ධසරීරප්පභාය ඔභාසිතත්තා. බුද්ධරංසීහීති බුද්ධරස්මීහි. ඔත්ථටාති අධිගතා.
න කෙචි යනු; මෙහි නකාරය ප්රතිෂෙධාර්ථයි. මෙහි උත්තරාර්ථ උජ්ජාලෙන්ති ශබ්දය සමග සම්බන්ධය දතයුතුයි. උක්කා යනු; දඬුවැට පහන්ය. උල්කා හෝ ප්‍රදීප හෝ කිසිම කෙනෙක් න උජ්ජාලෙන්ති නොදල්වති. කුමක් නිසාද යත්? බුද්ධශරීරා ලෝකයෙන් ආලෝක වන හෙයිනි. බුද්ධරංසෙන යනු බුදුරැස්වලින්. ඔත්ථටා යනු, පැතුරුණු, එළඹ සිටි.
උළූහීති තාරාහි, යථා තාරාහි ගගනතලං විචිත්තං සොභති, තථෙව තස්ස සාසනං අරහන්තෙහි විචිත්තං උපසොභතීති අත්ථො. සංසාරසොතං තරණායාති සංසාරසාගරස්ස තරණත්ථං. සෙසකෙ පටිපන්නකෙති අරහන්තෙ ඨපෙත්වා කල්යාණපුථුජ්ජනෙහි සද්ධිං සෙසෙ සෙක්ඛපුග්ගලෙති අත්ථො. ධම්මසෙතුන්ති මග්ගසෙතුං, සෙසපුග්ගලෙ සංසාරතො තාරෙතුං ධම්මසෙතුං ඨපෙත්වා කතසබ්බකිච්චො හුත්වා පරිනිබ්බායීති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තත්තා සබ්බත්ථ උත්තානමෙවාති.
උලෑහි යනු; තාරකාවලින් යම් සේ තරුවලින් අහස විචිත්රව හොබනේද එසේ උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විචිත්රව හොබනේය. සංසාරසොතංතරණය යනු; සසර සයුර තරණය පිණිස, සෙ සකෙ පටිපන්නකෙ යනු; රහතුන් හැර කලණ පුහුදුනක් සමග සෙසු සෙඛ පුඟුලන් යන අර්ථයි. ධම්මසෙතුං යනු; මාර්යා සේතුවයි. සෙසු පුඟුලන් සසරින් එතෙර කිරීමට දහම් හෙය තබා කළ සියලුකිස ඇතිව පිරිනිවියහ යන අර්ථයි. සෙස්ස යට කී හෙයින් සියලු අර්ථ ප්රකටය.
නාරදබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
නාරදබුද්ධ වර්ණනාව නිමියේය.
නිට්ඨිතො නවමො බුද්ධවංසො.
නවවන බුද්ධවංසය සමාප්තයි.