8. පදුමබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
8. පදුමබුද්ධවංසවණ්ණනා
8. පදුම බුද්ධවංස වර්ණනාව
අනොමදස්සිස්ස පන භගවතො අපරභාගෙ වස්සසතසහස්සායුකා මනුස්සා අනුක්කමෙන පරිහායිත්වා දසවස්සායුකා හුත්වා පුන අනුක්කමෙන වඩ්ඪිත්වා අසඞ්ඛ්යෙය්යායුකා හුත්වා පුන පරිහායමානා වස්සසතසහස්සායුකා අහෙසුං. තථා පදුමො නාම සත්ථා ලොකෙ උප්පජ්ජි. සොපි පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා චම්පකනගරෙ අසමස්ස නාම රඤ්ඤො කුලෙ රූපාදීහි අසමාය අසමාය නාම අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං අග්ගහෙසි. සො දසන්නං මාසානං අච්චයෙන චම්පකුය්යානෙ මාතුකුච්ඡිතො නික්ඛමි. ජාතෙ පන කුමාරෙ ආකාසතො සකලජම්බුදීපෙ සමුද්දපරියන්තෙ පදුමවස්සං නිපති. තෙනස්ස නාමග්ගහණදිවසෙ නාමං ගණ්හන්තා නෙමිත්තකා ච ඤාතකා ච “මහාපදුමකුමාරො”ත්වෙව නාමමකංසු. සො දසවස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. නන්දුත්තර-වසුත්තර-යසුත්තරානාමකා තයො පාසාදා අහෙසුං. උත්තරාදෙවිප්පමුඛානි තෙත්තිංස ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං.
අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ පසුකාලයෙහි අවුරුදු ලක්ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දසවස් ආයුෂව නැවත කෙමෙන් වැඩී අසංඛ්යායාෂ්කව නැවත පිරිහෙන්නාහු ලක්ෂයක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල පදුම නම් බුදුහු ලොව උපන්හ. උන්වහන්සේ පාරමී පුරා තුසිත භවනයෙහි ඉපිද එතැනින් චුතව චම්පානුවර අසම නම් රජකුල රූපාදියෙන් අසම අසමා නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ගෙවීමෙන් චම්පක උයන්හි මවුකුසින් නික්මුණහ. කුමරු උපන් කල්හි අහසින් මුළු දඹදිව මුහුද හිම් කොට පියුම් වැස්සක් වැස්සේය. එහෙයින් උන්වහන්සේට නම් තබන දිනයෙහි නම් තබන්නේද නෑයෝ ද මහාපදුමකුමාර කියාම නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර වසුත්තර යසුත්තර නාම තුන්පහයක් විය. උත්තරා දේවිය ප්රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු පරිවාරය වූහ.
අථ මහාසත්තො උත්තරාය නාම මහාදෙවියා රම්මකුමාරෙ නාම උප්පන්නෙ චත්තාරි නිමිත්තානි දිස්වා ආජඤ්ඤරථෙන මහාභිනික්ඛමනං නික්ඛමි. තං පබ්බජන්තං එකා පුරිසකොටි අනුපබ්බජි. සො තෙහි පරිවුතො අට්ඨ මාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය ධඤ්ඤවතීනගරෙ සුධඤ්ඤසෙට්ඨිස්ස ධීතාය ධඤ්ඤවතියා නාම දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා මහාසාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සායන්හසමයෙ තිත්ථකාජීවකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා මහාසොණබොධිං උපසඞ්කමිත්වා අට්ඨත්තිංසහත්ථවිත්ථතං තිණසන්ථරකං පඤ්ඤපෙත්වා පල්ලඞ්කං ආභුජිත්වා චතුරඞ්ගවීරියං අධිට්ඨාය මාරබලං විධමිත්වා තීසු යාමෙසු තිස්සො විජ්ජා සච්ඡිකත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති (ධ· ප· 153-154) උදානං උදානෙත්වා සත්තසත්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්වා බ්රහ්මුනො ආයාචනං අධිවාසෙත්වා ධම්මදෙසනාය භාජනභූතෙ පුග්ගලෙ උපපරික්ඛන්තො අත්තනා සහ පබ්බජිතෙ කොටිසඞ්ඛෙ භික්ඛූ දිස්වා තඞ්ඛණෙයෙව අනිලපථෙන ගන්ත්වා ධඤ්ඤවතීනගරසමීපෙ ධනඤ්ජයුය්යානෙ ඔතරිත්වා තෙහි පරිවුතො තෙසං මජ්ඣෙ ධම්මචක්කං පවත්තෙසි. තදා කොටිසතානං අභිසමයො අහොසි. තෙන වුත්තං –
ඉක්බිති මහසත්හු උත්තර මහදේවිය රම්ම කුමරු බිහිකළ කල්හි සතර නිමිති දැක අජෙඤ්ඤ රථයෙන් මහබිනික්මන් කළහ. පැවිදිවන උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වීර්යය කොට වෙසක් පුන්පොහෝ දින ධඤ්ඤවතී නුවර සුඛඤ්ඤ සිටුහුගේ ධඤ්ඤවතී නම් දියණිය පිදූ මීකිරිබත් වළඳා මීඅඹ උයන්හි දිවාවිහාර කොට සවස තිත්ථක ආජීවක දුන් අටතණමිට ගෙන කොටිල බෝධිය වෙත පැමිණ අටතිස් වියන් පුළුලැති තණ ඇතිරි අතුරා පලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල නසා තුන්යම්හි ත්‍රිවිද්‍යා පසක් කොට අනේකජාති ආදීන් උදන් අනා බෝධි සමීපයෙහිම සත්සති ගෙවා බඹ ඇරයුම පිළිගෙන ධර්මදේශනයට බඳුන්වන පුද්ගලයන් විමසන සේක් තමන් සමග පැවිදි වූ කෝටියක් පමණ භික්ෂූන් දැක එකෙණෙහිම අහසින් ධඤ්ඤවතී නුවර අසල ධනඤ්ඤයි උයන්හි බැස ඔවුන් පිරිවරා ඔවුන් මැඳ දහම්සක පැවැත්වූහ. එකල සියක්කෝටියකට ධර්මවබෝධය විය. එයින් කියන ලදි-
“අනොමදස්සිස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො; පදුමො නාම නාමෙන, අසමො අප්පටිපුග්ගලො.
අනොමදස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො පදුමො නාම භවෙන අසමො අප්පටිපුග්ගලො
“තස්සාපි අසමං සීලං, සමාධිපි අනන්තකො; අසඞ්ඛ්යෙය්යං ඤාණවරං, විමුත්තිපි අනූපමා.
තස්සාපි අසමං සීලං සමාධිපි අනන්තකො අසංඛෙය්‍යං ඤාණවරං විමුත්තීපි අනූපමං
“තස්සාපි අතුලතෙජස්ස, ධම්මචක්කප්පවත්තනෙ; අභිසමයා තයො ආසුං, මහාතමපවාහනා”ති.
තස්සාපි අතුල තෙජස්ස ධම්මචක්කප්පවත්තතො අභිසමයා තයො ආසුං මහාතමපවාහනන්ති
තත්ථ අසමං සීලන්ති අඤ්ඤෙසං සීලෙන අසදිසං, උත්තමං සෙට්ඨන්ති අත්ථො. සමාධිපි අනන්තකොති සමාධිපි අප්පමෙය්යො, තස්ස අනන්තභාවො ලොකවිවරණයමකපාටිහාරියාදීසු දට්ඨබ්බො. ඤාණවරන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණං, අසාධාරණඤාණානි වා. විමුත්තිපීති අරහත්තඵලවිමුත්තිපි භගවතො. අනූපමාති උපමාවිරහිතා. අතුලතෙජස්සාති අතුලඤාණතෙජස්ස. “අතුලඤාණතෙජා”තිපි පාඨො. තස්ස “තයො අභිසමයා”ති ඉමිනා උත්තරපදෙන සම්බන්ධො දට්ඨබ්බො. මහාතමපවාහනාති මහාමොහවිනාසකා, මොහන්ධකාරවිද්ධංසකාති අත්ථො.
එහි අසමං සීලං යනු; අන් ශීලයෙන් අසම උත්තම ශ්‍රේෂ්ඨ යන අර්ථයි. සමාධිපි අන්නතකො යනු; සමාධි ද අප්රමෙයය. එහි අනන්ත බව ලෝකවිවරණ යමක ප්රාතිහාර්යාදියෙහි දතයුතුය. ඤාණවරං යනු; උතුම් සර්වඥතාඥානයයි. අසාධාරණඤාණ හෝ වෙයි. විමුත්තිපි යනු; භාග්‍යවතුන් වහන්සේගේ අර්හත්ථඵල විමුක්තියයි. අනුපමා යනු; උපමා රහිතය. අතුතෙජස්ස යනු; අතුල ඤාණතේජස් ඇත්තවුන්ගේ. අතුලතෙජා යනු ද පාඨයි. උන්වහන්සේගේ අභිසමය තුන. මෙහි උත්තර පදය හා සම්බන්ධය ගතයුතුය. මහාතම පවාහනා යනු; මහා මෝහ විනාසක යන අර්ථයයි.
අථාපරෙන සමයෙන පදුමො භගවා අත්තනො කනිට්ඨභාතරං සාලකුමාරඤ්ච උපසාලකුමාරඤ්ච ඤාතිසමාගමෙ සපරිවාරෙ පබ්බාජෙත්වා තෙසං ධම්මං දෙසෙන්තො නවුති කොටියො ධම්මාමතං පායෙසි. යදා පන රම්මත්ථෙරස්ස ධම්මං දෙසෙසි, තදා අසීතිකොටීනං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
පසුකලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ සිය බාල සොහොයුරු සාල කුමරු ද උපසාල කුමරු ද සපිරිවර ඤාතිසමාගමයෙහි පැවිදි කරවා ඔවුන්ට ධර්ම දේශනා කරද්දී අනූ කෙළකට දහම් අමා පෙවූහ. යම් විටක රම්ම තෙරුන්ට දහම් දෙසූ සේක්ද එකල්හි අසූ කෝටියක් තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“පඨමාභිසමයෙ බුද්ධො, කොටිසතමබොධයි; දුතියාභිසමයෙ ධීරො, නවුතිකොටිමබොධයි.
පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයී දුතියාභිසමයෙ යෙ ධීරො නවුතිකොටිමබොධයී
“යදා ච පදුමො බුද්ධො, ඔවදී සකමත්රජං; තදා අසීතිකොටීනං, තතියාභිසමයො අහූ”ති.
යදා ච පදුමො බුද්ධො ඔවදි සකමත්රජං තදා අසීති කොටීනං තතියාභිසමයො අහූති
යදා පන සුභාවිතත්තො නාම රාජා පදුමස්ස බුද්ධස්ස බුද්ධපදුමවදනස්ස සන්තිකෙ කොටිසතසහස්සපරිවාරො එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිතො, තස්මිං සන්නිපාතෙ භගවා පාතිමොක්ඛං උද්දිසි, සො පන පඨමො සන්නිපාතො අහොසි.
යම්දාක මනාව වැඩූ ජීවිත ඇති භාවිතාත රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළලක්ෂයක් දෙන පිරිවරා ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. මෙය ප්‍රථම සන්නිපාතයයි.
අථාපරෙන සමයෙන මහාපදුමො මුනිවසභො උසභසමගතී උසභවතීනගරං උපනිස්සාය වස්සං උපගඤ්ඡි. නගරවාසිනො මනුස්සා භගවන්තං දස්සනකාමා උපසඞ්කමිංසු. තෙසං භගවා ධම්මං දෙසෙසි. තත්ථ ච බහවො මනුස්සා පසන්නචිත්තා පබ්බජිංසු. තතො දසබලො තෙහි ච අඤ්ඤෙහි ච තීහි භික්ඛුසතසහස්සෙහි සද්ධිං විසුද්ධිපවාරණං පවාරෙසි. සො දුතියො සන්නිපාතො අහොසි. යෙ පන තත්ථ න පබ්බජිංසු, තෙ කථිනානිසංසං සුත්වා පාටිපදෙ පඤ්චසු මාසෙසු පඤ්චානිසංසදායකං කථිනචීවරමදංසු. තතො තං භික්ඛූ ධම්මසෙනාපතිං අග්ගසාවකං විසාලමතිං සාලත්ථෙරං කථිනත්ථාරත්ථං යාචිත්වා කථිනචීවරං තස්සාදංසු. ථෙරස්ස කථිනචීවරෙ කයිරමානෙ භික්ඛූ සිබ්බනෙ සහායකා අහෙසුං. පදුමො පන සම්මාසම්බුද්ධො සූචිච්ඡිද්දෙ සුත්තානි ආවුනිත්වා අදාසි. නිට්ඨිතෙ පන චීවරෙ භගවා තීහි භික්ඛුසතසහස්සෙහි චාරිකං පක්කාමි.
පසුකලෙක මහාපදුම මුනිවරයාණෝ උසභගමනින් උසභවති නුවර සමීපයෙහි වස්විසූහ. නුවරු බුදුන් දකිනු රිසිව වෙත ගියහ. බුදුහු ඔවුන්ට බණ දෙසූහ. එහිද බොහෝ පහන්සිත් ඇති මිනිස්සු පැවිදි වූහ. දසබලයාණෝ ඔවුන් ද වෙනත් තුන් ලක්ෂයක් භික්ෂූන් සමග විසුද්ධි පවාරණයෙන් පවාරණය කළ සේක. එය දෙවන සමාගමය විය. යමෙක් එහි පැවිදි වූවාහු ද ඔවුහු කඨිනානිසංස අසා පෑලවියෙහි පස්මසක් පස් ආනිසංසයක් දෙන කඨින සිවුරක් පිදූහ. ඉක්බිති භික්ෂූහු ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහාප්‍රාඥ ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක සාල තෙරුන්ට ආයාචනා කොට කඨින සිවුර උන්වහන්සේට දුන්හ. තෙරුන්ට කඨින සිවුර පිළියෙල කරද්දී මැසීමෙහි භික්ෂූහු සහාය වූහ. පදුම සම්බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලෙහි නූල් අමුණා දුන් සේක. සිවුර නිමවූ පසු භාග්‍යවතුන් වහන්සේ තුන්ලක්ෂයක් භික්ෂූන් සමග චාරිකාවෙහි වැඩි සේක.
අථාපරෙන සමයෙන සීහවික්කන්තගාමී පුරිසසීහො විය බුද්ධසීහො ගොසිඞ්ගසාලවනසදිසෙ පරමසුරභිකුසුමඵලභාරවිනමිතසාඛාවිටපෙ විමලකමලකුවලයසමලඞ්කතෙ සිසිරමධුරවාරිවාහෙන පරිපූරිතෙ රුරු-චමර-සීහ-බ්යග්ඝ-අජ-හය-ගවය-මහිංසාදි විවිධමිගගණවිචරිතෙ සුරභිකුසුමගන්ධාවබද්ධහදයාහි භමරමධුකරයුවතීහි අනුභූතප්පචාරාහි සමන්තතො ගුම්බගුම්බායමානෙ ඵලරසපමුදිතහදයාහි කාකලිසදිසමධුරවිරුතාහි කොකිලවධූහි උපගීයමානෙ පරමරමණීයෙ විවිත්තෙ විජනෙ යොගානුකූලෙ පවනෙ වස්සාවාසමුපගඤ්ඡි. තස්මිං විහරන්තං සපරිවාරකං දසබලං තථාගතං ධම්මරාජං බුද්ධසිරියා විරොචමානං දිස්වා මනුස්සා තස්ස ධම්මං සුත්වා පසීදිත්වා එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිංසු. තදා ද්වීහි භික්ඛුසතසහස්සෙහි පරිවුතො පවාරෙසි. සො තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
පසුකලෙක සිංහවික්‍රාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධසිංහයන් වහන්සේ ගොසිංග සල්වනය බඳු පරමසුවඳ කුසුමින් ඵලයෙන් බරව නැමීගත් සාවෙළෙප ඇති නිමල නෙළුම් මානෙල් ආදියෙන් සමලංකෘත සිහිල් මීබිඳු වෑහෙන පිරුණු දියවිලින් යුත් මුවසෙමෙර සිංහව්යාඝ්ර ඇත් අස් ගව මී ආදි විවිධ මිගගණ හැසිරෙන සුවඳමල් ගඳින් බැඳි හදින් බඹර මීමැසි යුවතීන්ගේ සංචරණයෙන් හාත්පස ගුමුගුමු නද ගැන්වූ පලරෙසෙන් මත් හදින් අවියත් මිහිරි හඬින් යුත් කොවුලඟනන්ගේ ගායනා ඇති පරමරමණීය යොගානුකූල ජනයාගෙන් තොර මහවනයෙහි වස් එළඹි සේක. එහි වසන පිරිවර සහිත දශබල තථාගත බුදුසිරිත් විරාජමාන ධර්මරාජයන් වහන්සේ දැක උන්වහන්සේගේ බණ අසා පැහැද මනුෂ්‍යයෝ ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වූහ. එකල්හි භික්ෂූන් දෙලක්ෂයක් පිරිවරා පවාරණය කළ සේක. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, පදුමස්ස මහෙසිනො; කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
සන්නිපාතා තයො ආසුං පදුමස්ස මහෙසිනො කොටි සතසහස්සානං පඨමො ආසි සමාගමො
“කථිනත්ථාරසමයෙ, උප්පන්නෙ කථිනචීවරෙ; ධම්මසෙනාපතිත්ථාය, භික්ඛූ සිබ්බිංසු චීවරං.
කඨිනත්ථාරසමයෙ උප්පන්නෙ කඨිනචීවරෙ ධම්මසෙනාපතිත්ථාය භික්ඛු සිබබිංසු චීවරෙ
“තදා තෙ විමලා භික්ඛූ, ඡළභිඤ්ඤා මහිද්ධිකා; තීණි සතසහස්සානි, සමිංසු අපරාජිතා.
තදා තෙ විමලා භික්ඛු ඡළභිඤ්ඤා මහිද්ධිකා තීනි සතසහස්සානි සමිංසු අපරාජිතා
“පුනාපරං සො නරාසභො, පවනෙ වාසං උපාගමි; තදා සමාගමො ආසි, ද්වින්නං සතසහස්සින”න්ති.
පුනාපරං සො නරාසභො පවනො වාසං උපාගමි තදා සමාගමො ආසි ද්වින්නං සතසහස්සිනන්ති
තත්ථ කථිනත්ථාරසමයෙති කථිනචීවරත්ථරණසමයෙ. ධම්මසෙනාපතිත්ථායාති ධම්මසෙනාපතිසාලත්ථෙරත්ථං. අපරාජිතාති න පරාජිතා, විභත්තිලොපො දට්ඨබ්බො. සොති සො මහාපදුමො. පවනෙති මහාවනෙ. වාසන්ති වස්සාවාසං. උපාගමීති උපාගතො. ද්වින්නං සතසහස්සිනන්ති ද්වින්නං සතසහස්සානං. “තදා ආසි සමාගමො”තිපි පාඨො යදි අත්ථි සුන්දරො භවෙය්ය.
එහි කඨිනත්ථාරසමයෙ යනු; කඨින චීවර අතුරන සමයෙහි. ධම්මසෙනාපතිත්ථාය යනු; ධම්මසෙනාපති සාල තෙරුන් සඳහා. අපරාජිකා යනු; නොපැරදුණාහු. විභත්ති ලෝපය දතයුතුයි. සෙං යනු; ඒ පදුම බුදුහු. පවනෙ යනු; මහාවනයෙහි. වාසං යනු; වස්සාවාසයයි. උපාගත යනු; උපාගමියි. පැමිණියහ. ද්වින්නං සතසහස්සි නං යනු; ද්වින්නං සතසහස්සානං යන්නයි. තදා ආසිසමාගමො කියාද පාඨයි. එය ඇත්නම් සුන්දර වෙයි.
තදා තථාගතෙ තස්මිං වනසණ්ඩෙ වසන්තෙ අම්හාකං බොධිසත්තො සීහො හුත්වා සත්තාහං නිරොධසමාපත්තිං සමාපජ්ජිත්වා නිසින්නං දිස්වා පසන්නචිත්තො හුත්වා පදක්ඛිණං කත්වා සඤ්ජාතපීතිසොමනස්සො තික්ඛත්තුං සීහනාදං නදිත්වා සත්තාහං බුද්ධාරම්මණං පීතිං අවිජහිත්වා පීතිසුඛෙනෙව ගොචරාය අපක්කමිත්වා ජීවිතපරිච්චාගං කත්වා පයිරුපාසමානො අට්ඨාසි. අථ සත්ථා තස්ස සත්තාහස්ස අච්චයෙන නිරොධසමාපත්තිතො වුට්ඨාය නරසීහො සීහං ඔලොකෙත්වා – “භික්ඛුසඞ්ඝෙපිස්ස චිත්තප්පසාදො හොතූති සඞ්ඝො ආගච්ඡතූ”ති චින්තෙසි. අනෙකකොටිභික්ඛූ තාවදෙව ආගඤ්ඡිංසු. සීහො සඞ්ඝෙපි චිත්තං පසාදෙසි. අථ සත්ථා තස්ස චිත්තං ඔලොකෙත්වා – “අනාගතෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති බ්යාකාසි. තෙන වුත්තං –
තථාගතයන් වහන්සේ ඒ වනළැහැබෙහි සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩසිටිනු, එකල සිංහයෙක්ව සිටි බෝසත්තුමා දැක පහන් සිතින් වැඳ පැදකුණු කොට හටගත් සතුටු සොම්නසින් තෙවරක් සිංහනාද කොට සතියක් බුද්ධාලම්බන ප්‍රීතිය අත නොහැර සතුටු සුවයෙන්ම ගොදුරු පිණිස නොගොස් දිවි පූජාකොට ඇසුරෙහි සිටියේය. ශාස්තෘන් වහන්සේ සතිය ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගී සිංහයා බලා භික්ෂු සංඝයා කෙරෙහි ද ඔවුන්ගේ ප්‍රසාදය වේවායි සංඝයා පැමිණෙත්වායි සිතූ සේක. එවිටම භික්ෂු සංඝයා පැමිණියහ. සිංහයා සංඝයා කෙරෙහි සිත පැහැදවීය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුගේ සිත බලා. අනාගතයෙහි ගොතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි.
“අහං තෙන සමයෙන, සීහො ආසිං මිගාධිභූ; පවිවෙකමනුබ්රූහන්තං, පවනෙ අද්දසං ජිනං.
අහං තෙන සමයෙන සීහො ආසිං මිගාභිභු පවිවෙක මනුබ්රෑහන්තං පවනෙ අද්දසං ජිනං
“වන්දිත්වා සිරසා පාදෙ, කත්වාන තං පදක්ඛිණං; තික්ඛත්තුං අභිනාදිත්වා, සත්තාහං ජිනමුපට්ඨහං.
වන්දිත්වා සිරසා පාදෙ කත්වාන තං පදක්ඛිණං භික්ඛත්තුං අභිනාදිත්වා සත්තාහං ජිනමුපට්ඨහං
“සත්තාහං වරසමාපත්තියා, වුට්ඨහිත්වා තථාගතො; මනසා චින්තයිත්වාන, කොටිභික්ඛූ සමානයි.
සත්තාහං වරසමා පත්තියා වුට්ඨහිත්වා තථාගතො මනසා චින්තයිත්වාන කොටිභික්ඛු සමානයි
“තදාපි සො මහාවීරො, තෙසං මජ්ඣෙ වියාකරි; අපරිමෙය්යිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
තදාපි සො මහාවීරො තෙසං මජ්ඣෙ වියාකරි අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
පධානං පදහිත්වාන -පෙ- භෙස්සාම සම්මුඛා ඉමං
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා”ති.
තස්සාපි වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමී පුරියාති
තත්ථ පවිවෙකමනුබ්රූහන්තන්ති නිරොධසමාපත්තිං සමාපන්නන්ති අත්ථො. පදක්ඛිණන්ති තික්ඛත්තුං පදක්ඛිණං කත්වා. අභිනාදිත්වාති තික්ඛත්තුං සීහනාදං නදිත්වා. උපට්ඨහන්ති උපට්ඨහිං. අයමෙව වා පාඨො. වරසමාපත්තියාති නිරොධසමාපත්තිතො වුට්ඨහිත්වා. මනසා චින්තයිත්වානාති “සබ්බෙපි භික්ඛූ ඉධ ආගච්ඡන්තූ”ති මනසාව චින්තෙත්වා. සමානයීති සමාහරි.
එහි පවිවෙකමනුබ්රෑහන්තං යනු; නිරොධ සමවතට සමවත් යන අර්ථයි. පදක්ඛිණං යනු; තෙවරක් පැදකුණු කොට. අභිනාදිත්වා යනු; තෙවරක් සිංහනාද කොට. උපට්ඨහං යනු; උපස්ථාන කළෙමි. මෙයම හෝ පාඨයි. වරසමාපත්තියා යනු; නිරොධ සමාපත්තියෙන් නැගී. මනසා චින්තයිත්වාන යනු; සියලු භික්ෂූහු මෙහි එත්වායි මනසින්ම සිතා. සමානයි යනු; කැඳවූහ.
තස්ස පන පදුමස්ස භගවතො චම්පකං නාම නගරං අහොසි. අසමො නාම රාජා පිතා අහොසි, මාතාපි තස්ස අසමා නාම, සාලො ච උපසාලො ච ද්වෙ අග්ගසාවකා, වරුණො නාමුපට්ඨාකො, රාධා ච සුරාධා ච ද්වෙ අග්ගසාවිකා, මහාසොණරුක්ඛො බොධි, අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං සරීරං, ආයු වස්සසතසහස්සං අහොසි, රූපාදීහි ගුණෙහි අනුත්තරා උත්තරා නාමස්ස අග්ගමහෙසී, රම්මකුමාරො නාමස්ස අතිරම්මො තනයො අහොසි. තෙන වුත්තං –
ඒ පදුම භාග්‍යවතුන් වහන්සේගේ නගරය චම්පක නමි. අසම නම් රජ පියාණෝය. මෑණියෝ අසමා නමි. සාල උපසාල දෙනම අගසව්වෝය. උපස්ථායක වරුණ නමි. රාධා සුරාධා දෙනම අග්රශ්රාවිකාවෝය. මහසොණ වෘක්ෂය බොධියයි. ශරීරය අටපනස් රියන් උසය. ආයුෂ වර්ෂ ලක්ෂයක් විය. රූපාදි ගුණයෙන් අනුත්තර උත්තරා නම් අගමෙහෙසියයි. අතිරම්‍ය රම්ම නම් කුමරා පුත්‍රයා විය. එහෙයින් කියන ලදි-
“චම්පකං නාම නගරං, අසමො නාම ඛත්තියො; අසමා නාම ජනිකා, පදුමස්ස මහෙසිනො.
චම්පකං නාම නගරං අසමො නාම ඛත්තියො අසමා නාම ජනිකා පදුමස්ස මහෙසිනො
“සාලො ච උපසාලො ච, අහෙසුං අග්ගසාවකා; වරුණො නාමුපට්ඨාකො, පදුමස්ස මහෙසිනො.
සාලො ච උපසාලොච අහෙසුං අග්ගසාවකා වරුණො නාමුපට්ඨාකො පදුමස්ස මහෙසිනො
“රාධා චෙව සුරාධා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, මහාසොණොති වුච්චති.
රාධා චෙව සුරාධා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාසොණෙති වුච්චති
“අට්ඨපණ්ණාසරතනං, අච්චුග්ගතො මහාමුනි; පභා නිද්ධාවතී තස්ස, අසමා සබ්බතො දිසා.
අට්ඨපණ්ණස රතනං අච්චුග්ගතො මහාමුනි පභා නිද්ධාවතී තස්ස අසමා සබ්බතො දිසා
“චන්දප්පභා සූරියප්පභා, රතනග්ගිමණිප්පභා; සබ්බාපි තා හතා හොන්ති, පත්වා ජිනපභුත්තමං.
චන්දප්පභා සුරියප්පභා රතනග්ගි මණිප්පභා සබ්බාපි තා හතා හොති පත්වා ජිනපභුත්තමං
“වස්සසතසහස්සානි , ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවකා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං
“පරිපක්කමානසෙ සත්තෙ, බොධයිත්වා අසෙසතො; සෙසකෙ අනුසාසිත්වා, නිබ්බුතො සො සසාවකො.
පරිපක්කමානසෙ සත්තෙ බොධයිත්වා අස්සෙතො සෙසඤ්ඤෙ අනුසාසිත්වා නිබ්බුතො සො සසාවකො
“උරගොව තචං ජිණ්ණං, වද්ධපත්තංව පාදපො; ජහිත්වා සබ්බසඞ්ඛාරෙ, නිබ්බුතො සො යථා සිඛී”ති.
උරගොව තචං ජිණ්ණං වද්ධං පත්තව පාදපො ජහිත්වා සබ්බසංඛාරෙ නිබ්බුතොසො යථා සිඛීති
තත්ථ රතනග්ගිමණිප්පභාති රතනප්පභා ච අග්ගිප්පභා ච මණිප්පභා ච. හතාති අභිභූතා. ජිනපභුත්තමන්ති ජිනස්ස සරීරප්පභං උත්තමං පත්වා හතාති අත්ථො. පරිපක්කමානසෙති පරිපක්කින්ද්රියෙ වෙනෙය්යසත්තෙ. වද්ධපත්තන්ති පුරාණපත්තං. පාදපො වාති පාදපො විය. සබ්බසඞ්ඛාරෙති සබ්බෙපි අජ්ඣත්තිකබාහිරෙ සඞ්ඛාරෙ. “හිත්වා සබ්බසඞ්ඛාර”න්තිපි පාඨො, සොයෙවත්ථො. යථා සිඛීති අග්ගි විය නිරුපාදානො නිබ්බුතිං සුගතො ගතොති. සෙසමෙත්ථ ගාථාසු හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙවාති.
එහි රතනග්ගිමණිප්පභා යනු; රත්න ප්‍රභාව ද අග්නි ප්‍රභාව ද මාණික්‍ය ප්‍රභාව ද වෙයි. හතා යනු; මැඩලන ලදි. ජිනපභුත්තමං යනු; ජිනයන් වහන්සේගේ ශරීර ප්‍රභාව උත්තමත්වයට පත්ව මැඩලීය යන අර්ථයි. පරිපක්කමානසෙ යනු; මුහුකුරා ගිය ඉඳුරන් ඇති විනෙය සත්ත්වයන්. වද්ධං පත්තං යනු; පුරාණ පත්‍ර. පාදපොව යනු; වෘක්ෂයක් මෙන්. සබ්බසංඛාරෙ යනු; සියලු ආධ්‍යාත්මික බාහිර සංස්කාරයන් හැරදමා. සබ්බ සංඛාරාං යනු ද පාඨයි. එම අර්ථයමැයි. යථා සිඛී යනු; ගින්න මෙන් උපාදාන රහිතව නිවනට සුගතියට ගියේය. මෙහි සෙසු ගාථා යට කී නය ඇති හෙයින් ප්‍රකටමය.
පදුමබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
පදුම බුද්ධ වර්ණනාව නිමියේය.
නිට්ඨිතො අට්ඨමො බුද්ධවංසො.
අටවන බුද්ධවංසය සමාප්තයි.