යෙදුමෙන් කියවන්න

7. අනොමදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

7. අනොමදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා

7. අනොමදස්සී බුද්ධවංස වර්ණනාව

සොභිතබුද‍්ධෙ පන පරිනිබ‍්බුතෙ තස‍්ස අපරභාගෙ එකමසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධුප‍්පාදරහිතං අහොසි. අතීතෙ පන තස‍්මිං අසඞ‍්ඛ්‍යෙය්‍යෙ එකස‍්මිං කප‍්පෙ තයො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු අනොමදස‍්සී, පදුමො, නාරදොති. තත්‍ථ අනොමදස‍්සී භගවා සොළස අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවෙහි අභියාචිතො තතො චවිත්‍වා චන්‍දවතියං නාම රාජධානියං යසවා නාමස‍්ස රඤ‍්ඤො කුලෙ සමුස‍්සිතචාරුපයොධරාය යසොධරාය නාම අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. අනොමදස‍්සිකුමාරෙ කිර යසොධරාය දෙවියා කුච‍්ඡිගතෙ තස‍්ස පුඤ‍්ඤප‍්පභාවෙන පභා අසීතිහත්‍ථප‍්පමාණං ඨානං ඵරිත්‍වා අට‍්ඨාසි. චන්‍දසූරියප‍්පභාහි අනභිභවනීයාව අහොසි. සා දසන‍්නං මාසානං අච‍්චයෙන බොධිසත‍්තං සුචන්‍දනුය්‍යානෙ විජායි. පාටිහාරියානි හෙට‍්ඨා වුත‍්තනයානෙව.

සෝභිත භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි පසු එක් අසංඛ්‍යයක් බුද්ධෝත්පාද රහිත විය. අසංඛ්‍යය ගෙවීමෙන් එක් කල්පයක අනෝමදස්සී පදුම නාරද නම් තුන්බුදු කෙනෙක් උපන්හ. උන්වහන්සේලාගෙන් අනෝමදස්සි බුදුහු සෝළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා තුසීපුර ඉපිද දේවතායාචනයෙන් සැව චන්‍දවතී නම් රාජධානියෙහි යසවා නම් රජකුලයෙහි උස්වූ සොඳුරු පියොවුරු ඇති යසෝධරා නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. අනෝමදස්සි කුමරු යසොධරා දේවිය කුසවන් තැන් පටන් උන්වහන්සේ පුණ්‍යප්‍රභාවෙන් අසූරියන් තැන් ආලෝකය පැතිර සිටියේය. සඳහිරු එළියෙන් ද මැඩලිය නොහැකි විය. දසමස් ඇවෑමෙන් ඕ සුනන්‍ද උයන්හිදී බෝසතුන් වැදුවාය. පෙළහර පෙර කී නියායෙනි.

නාමග‍්ගහණදිවසෙ පනස‍්ස නාමං ගණ‍්හන‍්තා, යස‍්මා ජාතියං ආකාසතො සත‍්ත රතනානි පතිංසු, තස‍්මා අනොමානං රතනානං උප‍්පත‍්තිහෙතුභූතත‍්තා “අනොමදස‍්සී”ති නාමමකංසු. සො අනුක‍්කමෙන වුද‍්ධිප‍්පත‍්තො දිබ‍්බෙහි කාමගුණෙහි පරිචාරියමානො දසවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. තස‍්ස කිර සිරි උපසිරි සිරිවඩ‍්ඪොති තයො පාසාදා අහෙසුං. සිරිමාදෙවිප‍්පමුඛානි තෙවීසති ඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං. සො සිරිමාය දෙවියා උපවාණෙ නාම පුත‍්තෙ ජාතෙ චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සිවිකායානෙන මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං තිස‍්සො ජනකොටියො අනුපබ‍්බජිංසු.

නම් තබන දින උපතෙහි අහසින් සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදීමට හේතු වූ හෙයින් උන්වහන්සේට අනෝමදස්සි කියා නම් තැබූහ. කෙමෙන් වැඩුණු උන්වහන්සේ දිව්‍යමය කම්සැපතින් උවටැන් ලබන්නාක් මෙන් දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සිරි උපසිරි සිරිවඩ්ඪ යයි තුන් පහයක් විය. සිරිමා බිසොව ප්‍රමුඛ තෙවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සිරිමා දේවිය උපවාන නම් පුතු බිහිකළ පසු සතර නිමිති දැක සිවීකා යානයෙන් මහබිනික්මන් කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව තුන්කෙළක් ජනයා පැවිදිවූහ.

තෙහි පරිවුතො මහාපුරිසො දස මාසෙ පධානචරියං චරි. තතො විසාඛපුණ‍්ණමාය අනුපමබ්‍රාහ‍්මණගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා අනුපමසෙට‍්ඨිධීතාය දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා අනොමනාමාජීවකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා අජ‍්ජුනරුක‍්ඛබොධිං පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨත‍්තිංසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා සමාරං මාරබලං විද‍්ධංසෙත්‍වා තීසු යාමෙසු තිස‍්සො විජ‍්ජා උප‍්පාදෙත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙසි. තෙන වුත‍්තං –

මහපුරිස්හි ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධන් වැඩූහ. ඉක්බිති වෙසක් පුන්පොහෝ දින අනූපම බමුණුගම පිඬු සිගා වැඩ අනුපම සිටුදියණිය පිදූ මීකිරිබත් වළඳා සල්වෙනෙහි දාවල් දවස් ගෙවා අනෝම ආජීවක දුන් අට තණමිට ගෙන අර්ජුනවෘක්‍ෂ බෝධිය පැදකුණු කොට අටතිස් රියන් පුළුල් තණ ඇතිරි අතුරා චතුරංග වීර්යය ඉටා පලක් බැඳ බල සහිත මරු පරදවා තුන්යම්හි ත්‍රිවිද්‍යා උපදවා අනෙකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කියන ලදි-

“සොභිතස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; අනොමදස‍්සී අමිතයසො, තෙජස‍්සී දුරතික‍්කමො.

සොභිතස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො අනොමදස්සි අමිතයසො තෙජස්සී දුරකිත්ත මො

“සො ඡෙත්‍වා බන්‍ධනං සබ‍්බං, විද‍්ධංසෙත්‍වා තයො භවෙ; අනිවත‍්තිගමනං මග‍්ගං, දෙසෙසි දෙවමානුසෙ.

සො ජෙත්‍වා බන්‍ධනං සබ්බං විද්ධං සෙත්‍වාතයො භවෙ අනිවත්‍ථිගමනං මග්ගං දෙසෙසි දෙවමානුසෙ

“සාගරොව අසඞ‍්ඛොභො, පබ‍්බතොව දුරාසදො; ආකාසොව අනන‍්තො සො, සාලරාජාව ඵුල‍්ලිතො.

සාගරොව අසංඛොබ්බො පබ්බතොව දුරාසදො ආකාසොව අනන්තො සො සාලරාජාව පුල්ලිතො

“දස‍්සනෙනපි තං බුද‍්ධං, තොසිතා හොන‍්ති පාණිනො; බ්‍යාහරන‍්තං ගිරං සුත්‍වා, අමතං පාපුණන‍්ති තෙ”ති.

දස්සන්නෙපි තං බුද්ධං තොසිතා හොන්ති පාණිනො ව්‍යාහරන්තංගිරං සුත්‍වා අමතං පාපුණන්ති තෙති

තත්‍ථ අනොමදස‍්සීති අනුපමදස‍්සනො, අමිතදස‍්සනො වා. අමිතයසොති අමිතපරිවාරො, අමිතකිත‍්ති වා. තෙජස‍්සීති සීලසමාධිපඤ‍්ඤාතෙජෙන සමන‍්නාගතො. දුරතික‍්කමොති දුප‍්පධංසියො, අඤ‍්ඤෙන දෙවෙන වා මාරෙන වා කෙනචි වා අතික‍්කමිතුං අසක‍්කුණෙය්‍යොති අත්‍ථො. සො ඡෙත්‍වා බන්‍ධනං සබ‍්බන‍්ති සබ‍්බං දසවිධං සංයොජනං ඡින්‍දිත්‍වා. විද‍්ධංසෙත්‍වා තයො භවෙති තිභවූපගං කම‍්මං කම‍්මක‍්ඛයකරඤාණෙන විද‍්ධංසෙත්‍වා, අභාවං කත්‍වාති අත්‍ථො. අනිවත‍්තිගමනං මග‍්ගන‍්ති නිවත‍්තියා පවත‍්තියා පටිපක‍්ඛභූතං නිබ‍්බානං අනිවත‍්තීති වුච‍්චති, තං අනිවත‍්තිං ගච‍්ඡති අනෙනාති අනිවත‍්තිගමනො. තං අනිවත‍්තිගමනං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දෙසෙසීති අත්‍ථො. “දස‍්සෙතී”තිපි පාඨො, සොයෙවත්‍ථො. දෙවමානුසෙති දෙවමනුස‍්සානං, සාමිඅත්‍ථෙ උපයොගවචනං දට‍්ඨබ‍්බං.

එහි අනොමදස්සි යනු; අනුපම දර්ශන ඇත්තේ, අපමණ දර්ශන දත්තේ. අමිතයසො යනු; අපමණ පිරිවර අපමණ කීර්ති ඇත්තේ. තෙජස්ස යනු; සීල සමාධි ප්‍රඥා තෙදින් යුක්ත වූයේ. දුරතික්තමො යනු; යටපත් නොකළ හැක්කේ වෙනත් දෙවියකු මරෙකු කිසිවෙකු විසිනුත් නොමැඩිය හැක්කේ යන අර්ථයි. සො ජෙත්‍වා බන්‍ධනං සබ්බං යනු; සියලු දශවිධ සංයෝජන සිඳ විද්ධංසෙත්‍වං තයො ආවෙ යනු; ත්‍රිභවගාමී කර්ම කර්මක්‍ෂයකර ඥානයෙන් නසා, අභාව කොට යන අර්ථයි. අනිවත්ති ගමනං මග්ගං යනු; නිවෘත්ති ප්‍රවෘත්තියට පටහැණි නිවන අනිවත්ති යයි කියැවේ. ඒ අනවත්තියට මෙයින් යේ නුයි අනවත්තිගමනයි. ඒ අනුවත්ති ගමන මාර්ග වූ අරිඅටඟිමඟ දෙසූහ යන අර්ථයි. දස්සෙයි යනුත් පාඨයි. අර්ථය එයමැයි. දෙවමානුසෙ යනු; දෙවිමිනිසුන්ට. ඡට්ඨි අර්ථයෙහි කර්ම පදයි.

අසඞ‍්ඛොභොති ඛොභෙතුං චාලෙතුං අසක‍්කුණෙය්‍යොති අක‍්ඛොභියො. යථා හි සමුද‍්දො චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරො අනෙකයොජනසහස‍්සභූතාවාසො අක‍්ඛොභියො, එවං අක‍්ඛොභියොති අත්‍ථො. ආකාසොව අනන‍්තොති යථා පන ආකාසස‍්ස අන‍්තො නත්‍ථි, අථ ඛො අනන‍්තො අප‍්පමෙය්‍යො අපාරො, එවං භගවාපි බුද‍්ධගුණෙහි අනන‍්තො අප‍්පමෙය්‍යො අපාරො. සොති සො භගවා. සාලරාජාව ඵුල‍්ලිතොති සබ‍්බලක‍්ඛණානුබ්‍යඤ‍්ජනසමලඞ‍්කතසරීරත‍්තා සුඵුල‍්ලිතසාලරාජා විය සොභතීති අත්‍ථො. දස‍්සනෙනපි තං බුද‍්ධන‍්ති තස‍්ස බුද‍්ධස‍්ස දස‍්සනෙනාපීති අත්‍ථො. ඊදිසෙසුපි සාමිවචනං පයුජ‍්ජන‍්ති සද‍්දසත්‍ථවිදූ. තොසිතාති පරිතොසිතා පීණිතා. බ්‍යාහරන‍්තන‍්ති බ්‍යාහරන‍්තස‍්ස, සාමිඅත්‍ථෙ උපයොගවචනං. අමතන‍්ති නිබ‍්බානං. පාපුණන‍්තීති අධිගච‍්ඡන‍්ති. තෙති යෙ තස‍්ස ගිරං ධම‍්මදෙසනං සුණන‍්ති, තෙ අමතං පාපුණන‍්තීති අත්‍ථො.

අසබ්බො යනු; කළඹන්නට සොලවන්නාට අසමත් වූයේ අක්‍ඛොභියයි. යම්සේ සුවාසුදහස් යොදුන් ගැඹුරු නොඑක් යොදුන් දහස් භූතාවාස සමුදා නොකැළඹිය හැක්කේ ද එසේ නොකැළඹිය හැක්කේ යන අර්ථයයි. අකාසොව අනන්තො යනු; යම්සේ අහසෙහි අන්තයක් නැත්තේ ද අනන්ත අප්‍රමාණ අසාර වේද එමෙන් භාග්‍යවතුන් වහන්සේ ද බුදුගුණවලින් අනන්ත අප්‍රමාණ අපාර වෙති. සො යනු; ඒ භාග්‍යවතුන් වහන්සේ, සාලරාජාව ඵුල්ලිතො යනු; සර්ව ලක්‍ෂණ අනූ ලක්‍ෂණයෙන් සමලංකෘත ශරීර බැවින් සුපිපි සල්රුකක් මෙන් සෝභමානය යන අර්ථයි. දස්සනෙන පි තං බුද්ධං යනු; ඒ බුදුන්ගේ දර්ශනයෙන් ද යන අර්ථයි. ශබ්දවේදීහු මෙබඳු තන්හිද සම්බන්‍ධ විභත්ති. යොදති තොසිකා යනු; සතුටු කරන ලද්දාහු, පිනවන ලද්දාහු. ව්‍යාහරනකං යනු; ප්‍රකාශ කරන්නාහුගේ. සම්බන්‍ධාර්ථයෙහි කර්ම පදයි. අමතං යනු; නිවනයි. පාපුණන්ති යනු; අවබෝධ කරති. තෙ යනු; යමෙක් උන්වහන්සේගේ වචනය ධර්මය අසත් ද ඔවුහු නිවනට පැමිණෙති යන අර්ථයි.

භගවා පන බොධිමූලෙ සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා බ්‍රහ‍්මුනා ආයාචිතො ධම‍්මදෙසනාය බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො අත‍්තනා සහ පබ‍්බජිතෙ තිකොටිසඞ‍්ඛෙ ජනෙ උපනිස‍්සයසම‍්පන‍්නෙ දිස‍්වා – “කත්‍ථ නු ඛො තෙ එතරහි විහරන‍්තී”ති උපධාරෙන‍්තො සුභවතීනගරෙ සුදස‍්සනුය්‍යානෙ විහරන‍්තෙ දිස‍්වා ආකාසෙන ගන‍්ත්‍වා සුදස‍්සනුය්‍යානෙ ඔතරි. සො තෙහි පරිවුතො සදෙවමනුස‍්සාය පරිසාය මජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තත්‍ථ කොටිසතානං පඨමාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

භාග්‍යවතුන් වහන්සේ බෝමුල සත්සති ගෙවා බඹහු විසින් අයදනා ලදුව ධර්ම දේශනාව සඳහා බුදු ඇසින් බලන සේක් තමන් සමග පැවිදි වූ හේතුසම්පන්න තෙකෙළක් දෙන දැක ඔවුහු දැන් කොයි වසත්දැයි සලකන්නාහු සුභාවතී නුවර සුදසුන් උයන්හි වසතී දැන අහසින් වැඩ සුදසුන් උයනට බට සේක. උන්වහන්සේ ඔවුන් පිරිවරා දෙව්මිනිසුන් සහිත පිරිස්හි දම්සක් පැවැත්වූහ. එහිදී කෙළසියයකට පළමු ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“ධම‍්මාභිසමයො තස‍්ස, ඉද‍්ධො ඵීතො තදා අහු; කොටිසතානි අභිසමිංසු, පඨමෙ ධම‍්මදෙසනෙ”ති.

ධම්මාභිසමයො තස්ස ඉද්ධො වීතො තදා අහු කොටිසතානි අභිසමිංසු පඨමෙ ධම්ම දෙසනෙති

තත්‍ථ ඵීතොති ඵාතිප‍්පත‍්තො බාහුජඤ‍්ඤවසෙන. කොටිසතානීති කොටීනං සතානි කොටිසතානි. “කොටිසතයො”තිපි පාඨො, තස‍්ස සතකොටියොති අත්‍ථො.

එහි වීතො යනු; බහුජන වශයෙන් පැතිර ගියේය. කොටිසතාන යනු; කෝටි සියයකි. කොටිසතයොයි ද පාඨයි. සියක් කෝටිය යන අර්ථයි.

අථාපරෙන සමයෙන ඔසධීනගරද‍්වාරෙ අසනරුක‍්ඛමූලෙ යමකපාටිහාරියං කත්‍වා අසුරෙහි දුරභිභවනෙ තාවතිංසභවනෙ පණ‍්ඩුකම‍්බලසිලායං නිසින‍්නො තෙමාසං අභිධම‍්මවස‍්සං වස‍්සාපයි. තදා අසීතිදෙවතාකොටියො අභිසමිංසු. තෙන වුත‍්තං –

ඉක්බිති පසු කාලයක ඕසබී නුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්යය කොට දෙව්පුර ශක්‍රභවනයෙහි පඬු ඇඹුල් සලසුනෙහි හිඳ අභිධර්ම වර්ෂා වැස්වූහ. එකල අසූකෙළක් දෙවියෝ ධර්මාවබෝධ කළහ. එයින් කියන ලදි.

“තතො පරං අභිසමයෙ, වස‍්සන‍්තෙ ධම‍්මවුට‍්ඨියො; අසීතිකොටියොභිසමිංසු, දුතියෙ ධම‍්මදෙසනෙ”ති.

තතො පරං අභිසමයෙ වස්සන්තෙ ධම්මවුට්ඨියො අසීතිකොටියො අභිසමිංසු දුතියෙ ධම්ම දෙසෙන්ති

තත්‍ථ වස‍්සන‍්තෙති බුද‍්ධමහාමෙඝෙ වස‍්සන‍්තෙ. ධම‍්මවුට‍්ඨියොති ධම‍්මකථාවස‍්සවුට‍්ඨියො.

එහි වස්සන්තෙ යනු; බුද්ධමහාමේඝය වසින කල්හි. ධම්මවුට්ඨියො යනු; උන්වහන්සේගේ ධර්මකථාවම වැස්සයි.

තතො අපරෙන සමයෙන මඞ‍්ගලපඤ‍්හානිද‍්දෙසෙ අට‍්ඨසත‍්තති කොටියො අභිසමිංසු. සො තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

ඉන්පසු කලෙක මංගල ප්‍රශ්න නිර්දේශයෙහි අටසැත්තෑ කෙළක් ධර්මාවබෝධ කළහ. එයින් කියන ලදි-

“තතො පරම‍්පි වස‍්සන‍්තෙ, තප‍්පයන‍්තෙ ච පාණිනං; අට‍්ඨසත‍්තතිකොටීනං, තතියාභිසමයො අහූ”ති.

තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණිනං අට්ඨසත්තති කොටීනං තතියාභිසමයො අහුති

තත්‍ථ වස‍්සන‍්තෙති ධම‍්මකථාසලිලධාරං වස‍්සන‍්තෙ. තප‍්පයන‍්තෙති ධම‍්මාමතවස‍්සෙන තප‍්පයන‍්තෙ, තප‍්පනං කරොන‍්තෙ භගවතීති අත්‍ථො.

එහි වස්සන්තෙ යනු; දහම්කතා දියදහරා වසින කල්හි. කප්පයන්තෙ යනු; ධර්මාමනක වර්ෂාවෙන් සතප්වන කල්හි, භාග්‍යවතුන් වහන්සේ සතප්වද්දී යන අර්ථයි.

අනොමදස‍්සිස‍්සපි භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. තත්‍ථ සොරෙය්‍යනගරෙ ඉසිදත‍්තස‍්ස රඤ‍්ඤො ධම‍්මෙ දෙසියමානෙ පසීදිත්‍වා එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතානං අට‍්ඨන‍්නං අරහන‍්තසතසහස‍්සානං මජ‍්ඣෙ පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං පඨමො සන‍්නිපාතො අහොසි. රාධවතීනගරෙ සුන්‍දරින්‍ධරස‍්ස නාම රඤ‍්ඤො ධම‍්මෙ දෙසියමානෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතානං සත‍්තන‍්නං අරහන‍්තසතසහස‍්සානං මජ‍්ඣෙ පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං දුතියො සන‍්නිපාතො අහොසි. පුන සොරෙය්‍යනගරෙයෙව සොරෙය්‍යරඤ‍්ඤා සහ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතානං ඡන‍්නං අරහන‍්තසතසහස‍්සානං මජ‍්ඣෙ පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය. එහි සොරෙය්‍ය නුවර ඉසිදත්ත රජුට දහම් දෙසන කල පැහැද ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදි වූ අටලක්‍ෂයක් රහතුන් මැද පාමොක් දෙසූහ. මෙය ප්‍රථම සන්නිපාතයයි. රාධවතී නුවර මධුරින්‍ධර රජුට දහම් දෙසද්දී ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදි වූ සත්ලක්‍ෂයක් රහතන් මැද පාමොක් දෙසූහ. මෙය දෙවන සන්නිපාතයයි. නැවත සොරෙය්‍ය නුවරම සොරෙය්‍ය රජු සමග ඒහිභික්‍ෂුත්‍වයෙන් පැවිදි වූ සලක්‍ෂයක් රහතුන් මැද පාමොක් දෙසූහ. මේ තෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, තස‍්සාපි ච මහෙසිනො; අභිඤ‍්ඤාබලප‍්පත‍්තානං, පුප‍්ඵිතානං විමුත‍්තියා.

සන්නිපාතා තයො ආසුං තස්සාපි ච මහෙසිනො අභිඤ්ඤා බලපත්ථානං පුප්ඵිතානං විමුත්තියා

“අට‍්ඨසතසහස‍්සානං, සන‍්නිපාතො තදා අහු; පහීනමදමොහානං, සන‍්තචිත‍්තාන තාදිනං.

අට්ඨසතසහස්සානං සන්නිපාතො තදා අහු පහීණ මද මොහානං සන්ත චිත්තාන තාදිනං

“සත‍්තසතසහස‍්සානං, දුතියො ආසි සමාගමො; අනඞ‍්ගණානං විරජානං, උපසන‍්තාන තාදිනං.

සත්තසතසහස්සානං දුතියො ආසිසමාගමො අනංගණානං විරජානං උපසන්තාන තාදිනං

“ඡන‍්නං සතසහස‍්සානං, තතියො ආසි සමාගමො; අභිඤ‍්ඤාබලප‍්පත‍්තානං, නිබ‍්බුතානං තපස‍්සින”න‍්ති.

ඡන්නං සතසහස්සාකං තතියො ආසි සමාගමො අභිඤ්ඤාබලප්පත්තානං නිබ්බුතානං තපස්සිනන්ති

තත්‍ථ තස‍්සාපි ච මහෙසිනොති තස‍්ස මහෙසිනො අනොමදස‍්සිස‍්සාපි. “තස‍්සාපි ද‍්විපදුත‍්තමො”තිපි පාඨො, තස‍්සපි ද‍්විපදුත‍්තමස‍්සාති අත්‍ථො. ලක‍්ඛණං සද‍්දසත්‍ථතො ගහෙතබ‍්බං. අභිඤ‍්ඤාබලප‍්පත‍්තානන‍්ති අභිඤ‍්ඤානං බලප‍්පත‍්තානං, චිණ‍්ණවසිතාය ඛිප‍්පනිසන‍්තිභාවෙන අභිඤ‍්ඤාසු ථිරභාවප‍්පත‍්තානන‍්ති අත්‍ථො. පුප‍්ඵිතානන‍්ති සබ‍්බඵාලිඵුල‍්ලභාවෙන අතිවිය සොභග‍්ගප‍්පත‍්තානං. විමුත‍්තියාති අරහත‍්තඵලවිමුත‍්තියා.

එහි තස්සා පි ච මහෙසිනො යනු; ඒ අනෝමදස්සි බුදුන්ගේ, තස්සාපි දිපදුක්ත මප්පයිද ද පාඨයි. ලක්‍ෂණ ශබ්දශාස්ත්‍රයෙන් ගතයුතුය. අභිඤ්ඤාබලපත්තානං යනු අභිඥාවන්ගේ බලයට පත්වූවන්ගේ, චිණ්ණ වසිතාවෙන් වහා සමවැදීමෙන් අභිඥාවන්හි ස්ථිරභාවයට පත්වූවන්ගේ යන අර්ථයි. පුප්ඵිතානං යනු; සර්වප්‍රකාරයෙන් සුපිපි බැවින් අතිශයින් යොහොග්‍රප්‍රාප්තකයින්ගේ. විමුත්තියා යනු; අර්හත්ඵල විමුක්තියෙන්.

අනඞ‍්ගණානන‍්ති එත්‍ථ අයං අඞ‍්ගණ-සද‍්දො කත්‍ථචි කිලෙසෙසු දිස‍්සති. යථාහ – “තත්‍ථ කතමානි තීණි අඞ‍්ගණානි? රාගො අඞ‍්ගණං දොසො අඞ‍්ගණං මොහො අඞ‍්ගණ”න‍්ති (විභ· 924). “පාපකානං ඛො එතං, ආවුසො, අකුසලානං ඉච‍්ඡාවචරානං අධිවචනං යදිදං අඞ‍්ගණ”න‍්ති (ම· නි· 1.60). කත්‍ථචි කිස‍්මිඤ‍්චි මලෙ? යථාහ – “තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහානාය වායමතී”ති (ම· නි· 1.184). කත්‍ථචි තථාරූපෙ භූමිභාගෙ “චෙතියඞ‍්ගණං බොධියඞ‍්ගණං රාජඞ‍්ගණ”න‍්ති. ඉධ පන කිලෙසෙසු දට‍්ඨබ‍්බො. තස‍්මා නික‍්කිලෙසානන‍්ති අත්‍ථො (ම· නි· අට‍්ඨ· 1.57). විරජානන‍්ති තස‍්සෙව වෙවචනං. තපස‍්සිනන‍්ති කිලෙසක‍්ඛයකරො අරියමග‍්ගසඞ‍්ඛාතො තපො යෙසං අත්‍ථි තෙ තපස‍්සිනො, තෙසං තපස‍්සීනං, ඛීණාසවානන‍්ති අත්‍ථො.

අනංගණානං යනු; මෙහි මේ අංගන ශබ්දය කිසිතැනෙක කෙලෙස්හි වැටේ. තත්‍ථ කතමානි තීනි අංගණ්ති රාගො අංගණං දොසො අංගණං මොහො අංගණං, කී පාපානං ඛො ආවුසො අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං යදිදං අංගණන්ති යි ද කී තන්හි මෙනි. කිසිතැනෙක කිසියම් කිළුටෙක්හි යෙදේ. තස්සෙව රජස්ස වා අංගණස්ස වා පහාණාය වායමති යන තැන මෙනි. කිසිතැනක එබඳු භූමිභාගයක යෙදේ. චෙතියංගණ බොධියංගණ රාජාංගණ මෙනි. මෙහි වනාහි ක්ලේශයන්හි දතයුතුයි. එහෙයින් නික්ලේශීන්ගේ යන අර්ථයි. විරජානං යනු; එයටම පර්යාය පදයකි. තපස්සිනං යනු; ක්ලේශ ක්‍ෂය කර ආර්යමාර්ග සංඛ්‍යාත තපස් යමෙකුට ඇත්තේ ද ඔවුහු තපස් ඇත්තෝය. ඒ තපස්වීන්ගේ. ක්‍ෂීණාස්‍රවයන්ගේ යන අර්ථයි.

තදා අම‍්හාකං බොධිසත‍්තො එකො මහෙසක‍්ඛො යක‍්ඛසෙනාපති අහොසි මහිද‍්ධිකො මහානුභාවො අනෙකකොටිසතසහස‍්සානං යක‍්ඛානං අධිපති. සො “බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති සුත්‍වා ආගන‍්ත්‍වා පරමරුචිරදස‍්සනං සත‍්තරතනමයං අභිරුචිරරජනිකරමණ‍්ඩලසදිසං මණ‍්ඩපං නිම‍්මිනිත්‍වා තත්‍ථ සත‍්තාහං මහාදානං බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස අදාසි. අථ නං භගවා භත‍්තානුමොදනසමයෙ “අනාගතෙ කප‍්පසතසහස‍්සාධිකෙ එකස‍්මිං අසඞ‍්ඛ්‍යෙය්‍යෙ අතික‍්කන‍්තෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල අප බෝසතාණෝ එක් මහෙසාඛ්‍ය යක්‍ෂ සේනාධිපතියෙක් වූහ. මහත් ඍද්ධි මහානුභාව ඇත්තේ නොඑක් කෙළලක්‍ෂ ගණන් යකුන්ට අධිපති විය. ඔහු බුදුහු ලොව උපන්හයි අසා පැමිණ පරම සොඳුරු දසුන් ඇති සත්රුවන්මයා සුන්දරතර සඳමඬල වැනි මණ්ඩපයක් මවා එහි සතියක් බුදුපාමොක් සඟනට දන් පිදීය. බුදුහු භුක්තානුමෝදනා වේලෙහි ඔහුට අනාගතයෙහි කප්ලක්‍ෂයක් අධික එක් අසංඛ්‍යයක් ගෙවීමෙන් ගොතම නම් බුදුවන්නාහයි ප්‍රකාශ කළ සේක. එහෙයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, යක‍්ඛො ආසිං මහිද‍්ධිකො; නෙකානං යක‍්ඛකොටීනං, වසවත‍්තිම‍්හි ඉස‍්සරො.

අහං තෙන සමයෙන යක්‍ඛො ආසිමහිද්ධිකො නෙකානං යක්‍ඛකොටීනං වසවත්තී මහිස්සණෙ

“තදාපි තං බුද‍්ධවරං, උපගන‍්ත්‍වා මහෙසිනං; අන‍්නපානෙන තප‍්පෙසිං, සසඞ‍්ඝං ලොකනායකං.

තදාපි තං බුද්ධවරං උපගනත්‍වා මහෙසිනං අන්නපානෙන තප්පෙසිං සසංඝං ලොකනායකං

“සොපි මං තදා බ්‍යාකාසි, විසුද‍්ධනයනො මුනි; අපරිමෙය්‍යිතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි ම තදා ව්‍යාකාසි විසුද්ධනයනො මුනි අපරිමෙය්‍ය ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

පධානං පදහිත්‍ථාන -පෙ- හෙස්සාම සම්මුඛා ඉමං

“තස‍්සාපි වචනං සුත්‍වා, හට‍්ඨො සංවිග‍්ගමානසො; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාපි වචනං සුත්‍වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමිපුරියාති

තත්‍ථ උත‍්තරිං වතමධිට‍්ඨාසින‍්ති පාරමිපූරණත්‍ථාය භිය්‍යොපි දළ‍්හතරං පරක‍්කමමකාසීති අත්‍ථො.

එහි උත්තරිං වතමධිමඨාසිං යනු; පාරමී පිරිම පිණිස වඩාත් දැඩිකරව උත්සාහ කළෙමි යන අර්ථයි.

තස‍්ස පන අනොමදස‍්සිස‍්ස භගවතො චන්‍දවතී නාම නගරං අහොසි, යසවා නාම රාජා පිතා, යසොධරා නාම මාතා, නිසභො ච අනොමො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාමුපට‍්ඨාකො, සුන්‍දරී ච සුමනා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අජ‍්ජුනරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයු, සිරිමා නාම අග‍්ගමහෙසී, උපවාණො නාමස‍්ස පුත‍්තො, දසවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. සො සිවිකායානෙන නික‍්ඛමි. සිවිකායානෙන ගමනං පන සොභිතබුද‍්ධවංසවණ‍්ණනාය පාසාදගමනෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ධම‍්මකො නාම රාජා උපට‍්ඨාකො. ධම‍්මාරාමෙ කිර භගවා විහාසීති. තෙන වුත‍්තං –

ඒ අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ නගරය චන්‍දවතී නම් විය. යසවා නම් රජ පියාණෝය. යසෝධරා නම් මෑණියෝය. නිසභ අනෝම දෙනම අගසව්වෝය. උපස්ථායක වරුණ නමි. සුන්‍දරී සුමනා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. බෝධිය අර්ජුන වෘක්‍ෂයයි. ශරීරය අටපනස් රියන් උසය. ආයුෂ වසර ලක්‍ෂයකි. අගමෙහෙසිය සිරිමා නමි. පුත්‍රයා උපවාරණ නමි. දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සිවිකා යානයෙන් අබිනික්මන් කළහ. සිවිකා යානයෙන් ගමන සොභිත බුද්ධවංස වර්ණනයෙහි ප්‍රාසාද ගමනයෙහි කී පරිද්දෙන්ම දතයුතුය. ධම්මක නම් රජ උපස්ථායකයායි. ධම්මාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසූ සේක. එයින් කියන ලදි-

“නගරං චන්‍දවතී නාම, යසවා නාම ඛත‍්තියො; මාතා යසොධරා නාම, අනොමදස‍්සිස‍්ස සත්‍ථුනො.

නගරං චන්‍දවතී නාම යසවා නාම ඛත්තියො මාතා යසොධරා නාම අනොමදස්සිස්ස සත්‍ථුනො

“නිසභො ච අනොමො ච, අහෙසුං අග‍්ගසාවකා; වරුණො නාමුපට‍්ඨාකො, අනොමදස‍්සිස‍්ස සත්‍ථුනො.

නිසභො ච අනොමොච අහෙසුං අග්ගසාවකා වරුණො නාමුපට්ඨාකො අනොමදස්සිස්ස සත්‍ථුනො

“සුන්‍දරී ච සුමනා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, අජ‍්ජුනොති පවුච‍්චති.

සුන්‍දරී ච සුමනා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො අජ්ජුනොති පවුච්චති

“අට‍්ඨපණ‍්ණාසරතනං, අච‍්චුග‍්ගතො මහාමුනි; පභා නිද‍්ධාවතී තස‍්ස, සතරංසීව උග‍්ගතො.

අට්ඨපඤ්ඤාසරතනං අච්චුග්ගතො මහාමුනි පභා නිද්ධාවතී තස්ස සතරංසීව උග්ගතො

“වස‍්සසතසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

වස්ස සතසහස්සානි ආයු විජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං

“සුපුප‍්ඵිතං පාවචනං, අරහන‍්තෙහි තාදිහි; වීතරාගෙහි විමලෙහි, සොභිත්‍ථ ජිනසාසනං.

සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි විතරාගෙහි විමලෙහි සොභිත්‍ථ ජිනසාසනං

“සො ච සත්‍ථා අමිතයසො, යුගානි තානි අතුලියානි; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

සොම සත්‍ථා අමිතයසො යුගානි තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරාති

තත්‍ථ පභා නිද‍්ධාවතීති තස‍්ස සරීරතො පභා නික‍්ඛමති. සරීරප‍්පභා පනස‍්ස නිච‍්චකාලං ද‍්වාදසයොජනප‍්පමාණං පදෙසං ඵරිත්‍වා තිට‍්ඨති. යුගානි තානීති අග‍්ගසාවකයුගාදීනි යුගළානි. සබ‍්බං තමන‍්තරහිතන‍්ති වුත‍්තප‍්පකාරං සබ‍්බම‍්පි අනිච‍්චමුඛං පවිට‍්ඨං විනට‍්ඨන‍්ති අත්‍ථො. “නනු රිත‍්තකමෙව සඞ‍්ඛාරා”තිපි පාඨො, තස‍්ස නනු රිත‍්තකා තුච‍්ඡකායෙව සබ‍්බෙ සඞ‍්ඛාරාති අත්‍ථො. ම-කාරො පදසන්‍ධිකරො. සෙසගාථාසු සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි පභා නිද්ධාවත යනු; උන්වහන්සේගේ ශරීරයෙන් ආලෝකය නික්මෙයි. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව නිබඳ දොලොස් යොදුන් පමණ තැන පැතිර සිටී. යුගානිතානි යනු; අනුශ්‍රාවකාදි යුග යුග්මකයෝ. සබ්බං සමන්තරහිතං යනු; කියන ලද ආකාර සියල්ලම අනිත්‍යමුඛයට පිවිසෙති යන අර්ථයි. නනු රිත්තකමෙව සංඛාරා යනු ද පාඨයි. එහි සියලු සංස්කාර ඒකාන්තයෙන් හිස් කුච්ඡායීය යන අර්ථයි. මකාරය පදසන්‍ධිකාරකයි. සෙසු ගාථාවල හැමතන්හි ප්‍රකටය.

ඉමස‍්ස පන අනොමදස‍්සිස‍්ස භගවතො සන‍්තිකෙ සාරිපුත‍්තො ච මහාමොග‍්ගල‍්ලානො චාති ඉමෙ ද‍්වෙ අග‍්ගසාවකා අග‍්ගසාවකභාවත්‍ථාය පණිධානමකංසු. ඉමෙසං පන ථෙරානං වත්‍ථු චෙත්‍ථ කථෙතබ‍්බං. මයා ගන්‍ථවිත්‍ථාරභයෙන න උද‍්ධටන‍්ති.

මේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සාරිපුත්ත මොග්ගල්ලාන යන මේ අග්‍රශ්‍රාවක දෙනම අග්‍රශ්‍රාවක භාවය සඳහා ප්‍රාර්ථනා කළහ. මේ තෙරවරුන්ගේ කථා ද මෙහි කිවයුතුය. මා විසින් විස්තාර බියෙන් උපුටා නොදක්වන ලදි.

අනොමදස‍්සීබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

අනෝමදස්සි බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො සත‍්තමො බුද‍්ධවංසො.

සත්වන බුද්ධවංසය සමාප්තයි.