යෙදුමෙන් කියවන්න

6. සොභිතබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

6. සොභිතබුද‍්ධවංසවණ‍්ණනා

6. සොභිත බුද්ධවංස වර්ණනාව

තස‍්ස පන අපරභාගෙ තස‍්ස සාසනෙපි අන‍්තරහිතෙ සොභිතො නාම බොධිසත‍්තො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා දෙවෙහි ආයාචිතො තුසිතපුරතො චවිත්‍වා සුධම‍්මනගරෙ සුධම‍්මරාජස‍්ස කුලෙ සුධම‍්මාය නාම දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. සො දසන‍්නං මාසානං අච‍්චයෙන සුධම‍්මුය්‍යානෙ මාතුකුච‍්ඡිතො පරිසුද‍්ධවිරාජිතඝනමෙඝපටලතො පුණ‍්ණචන්‍දො විය නික‍්ඛමි. තස‍්ස පටිසන්‍ධියං ජාතියඤ‍්ච පාටිහාරියානි පුබ‍්බෙ වුත‍්තප‍්පකාරානි.

උන්වහන්සේට මෑත භාගයෙහි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු සෝභිත නම් බෝසත්හු සාරාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා තුසීපුර ඉපිද ආයු තාක් වැස දේවායාචනයෙන් තුසීපුරෙන් චුතව සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධම්මා බිසෝකුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් සුධම්ම උයන්හි මේඝපටලයකින් පුන්සඳ මෙන් බිහිවූහ. උන්වහන්සේගේ පිළිසිඳ ගැනීමෙහි උපතෙහි පෙළහර කී අයුරුමැයි.

සො දසවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසිත්‍වා සත‍්තත‍්තිංසනාටකිත්‍ථිසහස‍්සානං අග‍්ගාය අග‍්ගමහෙසියා මඛිලදෙවියා කුච‍්ඡිස‍්මිං සීහකුමාරෙ නාම පුත‍්තෙ උප‍්පන‍්නෙ චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සඤ‍්ජාතසංවෙගො පාසාදෙයෙව පබ‍්බජිත්‍වා තත්‍ථෙව ආනාපානස‍්සතිසමාධිං භාවෙත්‍වා චත‍්තාරි ඣානානි පටිලභිත්‍වා සත‍්තාහං තත්‍ථෙව පධානචරියමචරි. තතො මඛිලමහාදෙවියා දින‍්නං පරමමධුරං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා අභිනික‍්ඛමනත්‍ථාය චිත‍්තමුප‍්පාදෙසි – “අයං පාසාදො අලඞ‍්කතපටියත‍්තො මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසෙන ගන‍්ත්‍වා බොධිරුක‍්ඛං මජ‍්ඣෙකත්‍වා පථවියං ඔතරතු, ඉමා ච ඉත්‍ථියො මයි බොධිමූලෙ නිසින‍්නෙ අවුත‍්තා සයමෙව පාසාදතො නික‍්ඛමන‍්තූ”ති. සහචිත‍්තුප‍්පාදා පාසාදො ච සුධම‍්මරාජභවනතො උප‍්පතිත්‍වා අසිතඤ‍්ජනසඞ‍්කාසමාකාසමබ‍්භුග‍්ගඤ‍්ඡි. සො සමොසරිතසුරභිකුසුමදාමසමලඞ‍්කතපාසාදතලො සකලම‍්පි ගගනතලං සමලඞ‍්කුරුමානො විය කනකරසධාරාසදිසරුචිරකරනිකරො දිවසකරො විය ච සරදසමයරජනිකරො විය ච විරොචමානො විලම‍්බමානවිවිධවිචිත‍්තකිඞ‍්කිණිකජාලො යස‍්ස කිර වාතෙරිතස‍්ස සුකුසලජනවාදිතස‍්ස පඤ‍්චඞ‍්ගිකස‍්ස තුරියස‍්ස විය සද‍්දො වග‍්ගු ච රජනීයො ච කමනීයො ච අහොසි.

දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස සැත්තෑ දහසක් නළඟනන්ට නායක අගමෙහෙසි මඛිලා දේවිය කුස සීහ නම් කුමරු උපන් කල්හි සතර නිමිති දැක සංවේගයට පැමිණ මාලිගයෙහිදීම පැවිදිව එහිම ආනාපාන සති සමාධිය වඩා සතර දැහැන් ලබා සතියක් එහිම ප්‍රධන් වැඩූහ. ඉක්බිති මඛිලා දේවිය පිදූ පරම මිහිරි මීකිරිබත් වළඳා අබිනික්මනට සිත් ඉපදවූහ. මේ සරසා පිළියෙල කළ පහය මහපොළොවට බසීවා. මේ ස්ත්‍රීහු ද මා බෝමුල්හි හුන් පසු නොකියා තුමූම පහයෙන් නික්මෙත්වා කියායි. සිතත් සමගම උන්වහන්සේගේ සුධම්ම රජමාලිගය එතැනින් උඩ නැගී සුනිල් අඳුන් බඳු අහසට නැග්ගේය. එය ගුවන්තල බබුළුවමින් රන්රස දහරා සම සොඳුරු රස්දහරා යුත් දිවාකරයා මෙන් ද සරාසමයෙහි සඳමඬල මෙන් ද ඒ සුවඳ කුසුමදාමයෙන් සරසන ලද ප්‍රාසාදය බබළමින් වාතයෙන් කම්පිතව කුසලජන වාදික පසඟතුරු ගොස මෙන් මිහිරි රමණීය කමනීය නද දෙන දැලි එල්බෙන කිකිණිදැලින් ද ශෝභමාන විය.

දූරතො පට‍්ඨාය සුය්‍යමානෙන මධුරෙන සරෙන සත‍්තානං සොතානි ඔදහමානො ඝරචච‍්චරචතුක‍්කවීථිආදීසු ඨත්‍වා පවත‍්තිතකථාසල‍්ලාපෙසු මනුස‍්සෙසු නාතිනීචෙන නාතිඋච‍්චෙන තරුවරවනමත්‍ථකාවිදූරෙනාකාසෙන පලොභයමානො විය තරුවරසාඛානානාරතනජුතිවිසරසමුජ‍්ජලෙන වණ‍්ණෙන ජනනයනානි ආකඩ‍්ඪෙන‍්තො විය ච පුඤ‍්ඤානුභාවං සමුග‍්ඝොසයන‍්තො විය ච ගගනතලං පටිපජ‍්ජි. තත්‍ථ නාටකිත්‍ථියොපි පඤ‍්චඞ‍්ගිකස‍්ස වරතුරියස‍්ස මධුරෙන සරෙන උපගායිංසු චෙව විලපිංසු ච. චතුරඞ‍්ගිනී කිරස‍්ස සෙනාපි අලඞ‍්කාර-කායාභරණ-ජුති-සමුදය-සමුජ‍්ජොතනානාවිරාග-සුරභිකුසුමවසනාභරණසොභිතා අමරවරසෙනා විය පරමරුචිරදස‍්සනා ධරණී විය ගගනතලෙන පාසාදං පරිවාරෙත්‍වා අගමාසි.

දුර පටන් ඇසෙන මිහිරි සරින් සත් සවන් ඇද ගනිමින් ගෙවල් සිවුරැස් සතරමං සන්‍ධි වීථින්හි සිටි මිනිසුන්ගේ අල්ලාප සල්ලාපයට බඳුන් වෙමින් දුර අහසෙහි පොළඹවමින් මෙන් තුරුසා නානා රත්න කාන්ති ධාරායෙන් බබුළුවන වර්ණයෙන් ජනනුවන් අදිනු ලබන්නාක් මෙන් පින් අනුහස් කියාපාන්නාක් මෙන් අහසට පිළිපන්නෝය. නාටිකාංගනාවෝ ද පසඟතුරු ද මිහිරි සරින් ගායනා කළහ. රැව් දුන්නේය. සිවුරඟ සෙනඟද අලංකාර කායාභරණ කාන්තියෙන් හටගත් බැබළීමෙන් නන් පැහැ සුවඳ සළුබරණින් ශෝභමාන උතුම් දිව්‍ය සේනාවක් මෙන් සොඳුරු දසුනින් පොළවෙහි මෙන් ගුවනින් පහය පිරිවරා ගියහ.

තතො පාසාදො ගන‍්ත්‍වා අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං උජුවිපුලවට‍්ටක‍්ඛන්‍ධං කුසුමපල‍්ලවමකුලසමලඞ‍්කතං නාගරුක‍්ඛං මජ‍්ඣෙකත්‍වා ඔතරිත්‍වා භූමියං පතිට‍්ඨහි. නාටකිත්‍ථියො ච කෙනචි අවුත‍්තාව තතො පාසාදතො ඔතරිත්‍වා පක‍්කමිංසු. අනෙකගුණසොභිතො කිර සොභිතොපි මහාපුරිසො මහාජනකතපරිවාරොයෙව රත‍්තියා තීසු යාමෙසු තිස‍්සො විජ‍්ජායො උප‍්පාදෙසි. මාරබලං පනස‍්ස ධම‍්මතාබලෙනෙව යථාගතමගමාසි. පාසාදො පන තත්‍ථෙව අට‍්ඨාසි. සොභිතො පන භගවතා සම‍්බොධිං පත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා බොධිසමීපෙයෙව සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා බ්‍රහ‍්මුනො ධම‍්මජ‍්ඣෙසනං පටිජානිත්‍වා – “කස‍්ස නු ඛො පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති බුද‍්ධචක‍්ඛුනා ඔලොකෙන‍්තො අත‍්තනො වෙමාතිකෙ කනිට‍්ඨභාතිකෙ අසමකුමාරඤ‍්ච සුනෙත‍්තකුමාරඤ‍්ච දිස‍්වා – “ඉමෙ ද‍්වෙ කුමාරා උපනිස‍්සයසම‍්පන‍්නා ගම‍්භීරං නිපුණං ධම‍්මං පටිවිජ‍්ඣිතුං සමත්‍ථා, හන්‍දාහං ඉමෙසං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති ආකාසෙනාගන‍්ත්‍වා සුධම‍්මුය්‍යානෙ ඔතරිත්‍වා ද‍්වෙපි කුමාරෙ උය්‍යානපාලෙන පක‍්කොසාපෙත්‍වා තෙහි සපරිවාරෙහි පරිවුතො මහාජනමජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තෙන වුත‍්තං –

එතැනින් ගොස් ප්‍රාසාදය අටඅසූ රියන් උස් සෘජු මහත් වට කඳමල් පඳු කැකුළින් සුසැදි නාරුක මැදිකොට බැස බිම පිහිටියේය. නළුගෑණු ද කිසිවෙකුත් නොකියාම ඒ පහයෙන් බැස ගියහ. අනේකගුණ සෝභිත සෝභිත මහාපුරුෂයාණෝ මහජනයා විසින් පිරිවරන ලද්දාහුම රෑ තුන්යම ත්‍රිවිද්‍යාව ඉපදවූහ. උන්වහන්සේගේ බලසේනා ධර්මතා විසින් ආ පරිදිම ගියහ. ප්‍රාසාදය එහිම සිටියේය. සෝභිත බුදුහු බුදුව ධර්මාරාධනය ප්‍රතිඥා කොට කාහට පළමු දහම් දෙසන්නෙම්දැයි බලන්නාහු සිය සුළුමව පුත් බාලසොහොයුරු අසම කුමාර සුනෙත්තකුමාර ද දැක මේ හේතුසම්පත් ඇති දෙකුමරහු ගැඹුරු නිපුණ දහම අවබෝධ කිරිමට සමත් වෙති. මම මොවුන්ට පළමු දහම දෙසන්නෙම් නම් මැනවැයි අහසින් වැඩ සුධම්ම උයන්හි බැස උයන්පල්ලා ලවා දෙකුමරුන් කැඳවා පරිවාරය සමග ඔවුන් පිරිවරා මහජනකාය මධ්‍යයෙහි ධර්මචක්‍රප්‍රවර්තනය කළ සේක. එයින් කියන ලදි-

“රෙවතස‍්ස අපරෙන, සොභිතො නාම නායකො; සමාහිතො සන‍්තචිත‍්තො, අසමො අප‍්පටිපුග‍්ගලො.

රෙවතස්ස අපරෙන සොභිතො නාම නායකො සමාහිතො සන්තචිත්තො අසමො අප්පටිපුග්ගලො

“සො ජිනො සකගෙහම‍්හි, මානසං විනිවත‍්තයි; පත්‍වාන කෙවලං බොධිං, ධම‍්මචක‍්කං පවත‍්තයි.

සො ජිනො සකගෙහම්හි මානසං විනිවට්ටයි පත්‍වාන කෙවලං බොධිං ධම්මචක්කං පවත්තයිං

“යාව හෙට‍්ඨා අවීචිතො, භවග‍්ගා චාපි උද‍්ධතො; එත්‍ථන‍්තරෙ එකපරිසා, අහොසි ධම‍්මදෙසනෙ.

යාව හෙට්ඨා, අවීචිකො භවග්ගා චාපි උද්ධකො එත්‍ථන්තරෙ එක පරිසා අහොසිධම්ම දෙසනෙ

“තාය පරිසාය සම‍්බුද‍්ධො, ධම‍්මචක‍්කං පවත‍්තයි; ගණනාය න වත‍්තබ‍්බො, පඨමාභිසමයො අහූ”ති.

තාය පරිසාය සම්බුද්ධො ධම්මචක්කං පවත්තයි ගණනාය න චත්තබ්බො පඨමාභිසමයො අහූති

තත්‍ථ සකගෙහම‍්හීති අත‍්තනො භවනෙයෙව, අන‍්තොපාසාදතලෙයෙවාති අත්‍ථො. මානසං විනිවත‍්තයීති චිත‍්තං පරිවත‍්තෙසි, සකගෙහෙ ඨත්‍වා සත‍්තදිවසබ‍්භන‍්තරෙයෙව පුථුජ‍්ජනභාවතො චිත‍්තං විනිවත‍්තෙත්‍වා බුද‍්ධත‍්තං පාපුණීති අත්‍ථො. හෙට‍්ඨාති හෙට‍්ඨතො. භවග‍්ගාති අකනිට‍්ඨභවනතො. තාය පරිසායාති තස‍්සා පරිසාය මජ‍්ඣෙ. ගණනාය න වත‍්තබ‍්බොති ගණනපථමතීතාති අත්‍ථො. පඨමාභිසමයොති පඨමො ධම‍්මාභිසමයො. අහූති ගණනාය න වත‍්තබ‍්බා පරිසා අහොසීති අත්‍ථො. “පඨමෙ අභිසමිංසුයෙවා”තිපි පාඨො, තස‍්ස පඨමධම‍්මදෙසනෙ අභිසමිංසු යෙ ජනා, තෙ ගණනාය න වත‍්තබ‍්බාති අත්‍ථො.

එහි සකගෙහම්හි යනු; සිය භවනයෙහිම තමන්ගේ ප්‍රාසාද තලයෙහිම යන අර්ථයි. මානසං විනිවට්ටයි යනු; සිත පරිවර්තනය කළේය. සිය ගෙයි සිට සත් දිනක් තුළම පුහුදුන් බවෙන් සිත පෙරළා බුද්ධත්වයට පැමිණියේය යන අර්ථයි. භවග්ගා යනු; අකනිටා බවනින්. හෙට්ඨා යනු; යටින්. තාය පරිසාය යනු; ඒ පිරිස් මැද ගණනාය න වත්තබ්බො යනු; ගණන් සීමා ඉක්මවීය යන අර්ථයි. පඨමාභි සමයො යනු; ප්‍රථම ධර්මාභිසමය. අහූ යනු, ගණනින් නොකිව හැකි පිරිස් වූහ යන අර්ථයි. පඨමෙ අභිසමිංසු යෙව කියා ද පාඨයි. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයෙහි යම් ජනයෝ අවබෝධ කළාහුද ඔවුහු ගණනින් නොදැක්විය හැක්කාහ යන අර්ථයි.

අථාපරෙන සමයෙන සුදස‍්සනනගරද‍්වාරෙ චිත‍්තපාටලියා මූලෙ යමකපාටිහාරියං කත්‍වා නවකනකමණිමයභවනෙ තාවතිංසභවනෙ පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලාතලෙ නිසීදිත්‍වා අභිධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ නවුතිකොටිසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. අයං දුතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

පසුකලෙක සුදසුන් නුවර දොර චිත්‍ර පාටලී රුක්මුල යමක ප්‍රාතිහාර්යය කොට නවරන්මිණිමුවා භවන වූ තව්තිසා භවනයෙහි පරසතු රුක්මුල පඬුඇඹුල් සලසුනෙහි වැඩහිඳ අබිදම් දෙසූහ. දේසනා කෙළවර අනූකෙළ දහසකට ධර්මාවබෝධ විය. මේ දෙවන ධර්මාභි සමයයි. එයින් කියන ලදි.

“තතො පරම‍්පි දෙසෙන‍්තෙ, මරූනඤ‍්ච සමාගමෙ; නවුතිකොටිසහස‍්සානං, දුතියාභිසමයො අහූ”ති.

තතො පරම්පි දෙසෙන්තො නරමරූනං සමාගමෙ නවුති කොටිසහස්සානං දුතියාභිසමයො අහූති

අථාපරෙන සමයෙන සුදස‍්සනනගරෙ ජයසෙනො නාම රාජකුමාරො යොජනප‍්පමාණං විහාරං කාරෙත්‍වා අසොකස‍්සකණ‍්ණචම‍්පකනාගපුන‍්නාගවකුලසුරභිචූතපනසාසනසාලකුන්‍ද- සහකාරකරවීරාදිතරුවරනිරන‍්තරං ආරාමං රොපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිය්‍යාතෙසි. දානානුමොදනං කත්‍වා යාගං වණ‍්ණෙත්‍වා භගවා ධම‍්මං දෙසෙසි. තදා කොටිසතසහස‍්සසත‍්තනිකායස‍්ස ධම‍්මාභිසමයො අහොසි. අයං තතියාභිසමයො අහොසි. තෙන වුත‍්තං –

ඉන් මෑත භාගයෙහි සුදසුන් නුවර ජයසේන නම් රජකුමර යොදුනක් පමණ විහාරයක් කරවා අසෝක සල් සපු නා දොඹ මූනමල් අඹ කොස් පියා සාල කුඹුක් මීඅඹ කනේරු ආදි වරතුරින් නිරන්තර උයනක් රෝපණය කොට බුදුපාමොක් බික්සඟනට පිදීය. භාග්‍යවතුන් වහන්සේ දානානුමෝදනා කොට ත්‍යාගය වර්ණනා කොට දහම් දෙසූහ. එකල කෙළදහසක් සතරවර්ගයාට ධර්මාවබෝධය විය. මෙය තෙවන අභිසමය විය. එහෙයින් කියන ලදි-

“පුනාපරං රාජපුත‍්තො, ජයසෙනො නාම ඛත‍්තියො; ආරාමං රොපයිත්‍වාන, බුද‍්ධෙ නිය්‍යාතයී තදා.

පුනාපරං රාජපුත්තො ජයසෙනො නාම ඛත්තියො ආරාමං රොපයිත්‍වාන බුද්ධෙ නීය්‍යාදයී තදා

“තස‍්ස යාගං පකිත‍්තෙන‍්තො, ධම‍්මං දෙසෙසි චක‍්ඛුමා; තදා කොටිසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

තස්ස යාගං පකිත්තෙන්තො ධම්මං දෙසයි චක්‍ඛුමා තදා කොටිසහස්සානං ධම්මාභිසමයො අහූති

පුන උග‍්ගතො නාම රාජා සුනන්‍දනගරෙ සුනන්‍දං නාම විහාරං කාරෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදාසි. තස‍්මිං දානෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතානං කොටිසතං අරහන‍්තානං සන‍්නිපාතො , තෙසං මජ‍්ඣෙ සොභිතො භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං පඨමො සන‍්නිපාතො අහොසි. පුන මෙඛලානගරෙ ධම‍්මගණො ධම‍්මගණාරාමං නාම පවරාරාමං මහාවිහාරං කාරෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දත්‍වා සහ සබ‍්බපරික‍්ඛාරෙහි දානං අදාසි. තස‍්මිං සමාගමෙ එහිභික‍්ඛුභාවෙන පබ‍්බජිතානං නවුතියා අරහන‍්තකොටීනං සන‍්නිපාතෙ පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං දුතියො සන‍්නිපාතො අහොසි. යදා පන භගවා දසසතනයනපුරෙ වස‍්සං වසිත්‍වා පවාරණාය සුරවරපරිවුතො ඔතරි, තදා අසීතියා අරහන‍්තකොටීහි සද‍්ධිං චතුරඞ‍්ගිකෙ සන‍්නිපාතෙ පවාරෙසි. අයං තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

නැවත උග්ගත නම් රජ සුනන්‍දවතී නුවර සුනන්‍ද නම් විහාරය කරවා බුදුපාමොක් සඟනට පිදීය. එම දානයෙහි ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූ රහතුන් කෙළසියයක සන්නිපාතයකි. සෝභිත බුදුහු උන්වහන්සේලා මැද පාමොක් දෙසූහ. මෙය ප්‍රථම සන්නිපාතයයි. තවද මෙඛලා නුවර ධම්මගණාරාම නම් උතුම් ආරාම විහාරයක් කරවා බුදුපාමොක් සඟනට පුදා සියලු පිරිකර සහිත දානයක් පිදීය. එකල එම සමාගමයෙහි එහිභික්‍ෂුත්‍වයෙන් මහණ වූ අනූකෙළක් රහතුන්ගේ රැස්වීමෙහි පාමොක් දෙසූහ. මෙය දෙවන සන්නිපාතයයි. භාග්‍යවතුන් වහන්සේ ශක්‍රපුරයෙහි වස් වැස පවරාණයට යම් දිනක දෙව්ගණ පිරිවරා බට සේක් ද එදා අසූකෙළක් රහතුන් සමග සිවුවනක් පිරිස් රැස්වීමෙහි පවාරණය කළ සේක. මේ තෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, සොභිතස‍්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං සොභිතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“උග‍්ගතො නාම සො රාජා, දානං දෙති නරුත‍්තමෙ; තම‍්හි දානෙ සමාගඤ‍්ඡුං, අරහන‍්තා සතකොටියො.

උග්ගතො නාම සො රාජා දානං දෙති නරුත්තමෙ තම්හි දානෙ සමාගඤ්ජං අරහන්තා සතකොටියො

“පුනාපරං පුරගණො, දෙති දානං නරුත‍්තමෙ; තදා නවුතිකොටීනං, දුතියො ආසි සමාගමො.

පුනාපරං පුරගණෙ දෙති දානං නරුත්තමෙ තදා නවුතිකොටීනං දුතියො ආසි සමාගමො

“දෙවලොකෙ වසිත්‍වාන, යදා ඔරොහතී ජිනො; තදා අසීතිකොටීනං, තතියො ආසි සමාගමො”ති.

දෙවලොකෙ වසිත්‍වාන යදා ඔරොහතී ජිනො තදා අසීති කොටීනං තතියො ආසි සමාගමොති

තදා කිර අම‍්හාකං බොධිසත‍්තො රම‍්මවතීනගරෙ උභතො සුජාතො ‘සුජාතො’ නාම බ්‍රාහ‍්මණො හුත්‍වා සොභිතස‍්ස භගවතො ධම‍්මදෙසනං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස තෙමාසං මහාදානමදාසි. සොපි නං “අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල අප බෝසතාණෝ උතුම් සුජාත නම් බමුණුව සෝභිත භාග්‍යවතුන් වහන්සේගේ බණ අසා සරණයෙහි පිහිටා බුදුපාමොක් සඟනට මහදන් පිදූහ. සෝභිත බුදුහුද මතු ගෞතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එහෙයින් කියන ලදී.

“අහං තෙන සමයෙන, සුජාතො නාම බ්‍රාහ‍්මණො; තදා සසාවකං බුද‍්ධං, අන‍්නපානෙන තප‍්පයිං.

අහං තෙන සමයෙන සුජාතො නාම බ්‍රාහ්මණො තදා සසාවකං බුද්ධං අන්නපානෙන තප්පයිං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, සොභිතො ලොකනායකො; අපරිමෙය්‍යිතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සො පි බුද්ධො වියාතාසි සොභිතො ලොකනායකො අපරිමෙය්‍ය ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං. “තස‍්සාපි වචනං සුත්‍වා, හට‍්ඨො සංවිග‍්ගමානසො; තමෙවත්‍ථමනුප‍්පත‍්තියා, උග‍්ගං ධිතිමකාසහ”න‍්ති.

පධානං පදහිත්‍වාන -පෙ- භෙස්සාමි සම්මුඛා ඉමං තස්සාපි වචනං සුත්‍වා හට්ඨො සංවිග්ගමානසො තමෙවත්‍ථමනුප්පත්තියා උග්ගං ධිතිමකාසහන්ති

තත්‍ථ තමෙවත්‍ථමනුප‍්පත‍්තියාති තස‍්ස බුද‍්ධත‍්තස‍්ස අනුප‍්පත‍්තිඅත්‍ථං, තස‍්ස පන සොභිතබුද‍්ධස‍්ස – “අනාගතෙ අයං ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති වචනං සුත්‍වා “අවිතථවචනා හි බුද‍්ධා”ති බුද‍්ධත‍්තප‍්පත‍්තිඅත්‍ථන‍්ති අත්‍ථො. උග‍්ගන‍්ති තිබ‍්බං ඝොරං. ධිතින‍්ති වීරියං. අකාසහන‍්ති අකාසිං අහං.

එහි තමෙවත්‍ථමනුප්පත්තියා යනු; ඒ බුද්ධත්වයට පැමිණීම පිණිස ඒ සොභිත බුදුරදුන්ගේ මෙතෙම අනාගතයෙහි ගොතම නම් බුදුවන්නේය යන වචනය අසා බුදුවරයන් වහන්සේලා නොවෙනස් වචන ඇත්තාහයි බුද්ධත්ව ප්‍රාප්තිය අර්ථකොට යන තේරුමයි. උග්ගතං යනු; තීව්‍ර, ඝොර ධිතිං යනු; වීර්යයයි. අකාසභං යනු; මම කළෙමි.

තස‍්ස පන සොභිතස‍්ස භගවතො සුධම‍්මං නාම නගරං අහොසි, පිතා සුධම‍්මො නාම රාජා, මාතා සුධම‍්මා නාම දෙවී, අසමො ච සුනෙත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අනොමො නාමුපට‍්ඨාකො, නකුලා ච සුජාතා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, නවුතිවස‍්සසහස‍්සානි ආයුප‍්පමාණං, මඛිලා නාමස‍්ස මහාදෙවී, සීහකුමාරො නාම අත්‍රජො, නාටකිත්‍ථීනං සත‍්තත‍්තිංසසහස‍්සානි නවවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. පාසාදෙන අභිනික‍්ඛමි. ජයසෙනො නාම රාජා උපට‍්ඨාකො. සෙතාරාමෙ කිර වසීති. තෙන වුත‍්තං –

ඒ සෝභිත භාග්‍යවතුන් වහන්සේගේ නගරය සුධම්ම නම් විය. සුධම්ම නම් රජ පියාණෝය. සුධම්මා දේවිය මෑණියෝය. අසම සුනෙත්ත දෙනම අගසව්වෝය. උපස්ථායක අනෝම නමි. නකුලා සුජාතා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. බෝධිය නාරුකයි. ශරීරය අටපනස් රියන් උසය. ආයු ප්‍රමාන වසර අනූදහසකි. මහාදේවිය මඛිලා නමි. සීහ කුමර පුත්‍රයාය. නාටක ස්ත්‍රීහු සැත්තෑ දහසකි. නවදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. ප්‍රාසාදයෙන්ම අබිනික්මන් කළහ. ජයසෙන නම් රජ උපස්ථායක විය. සෝතාරාමයෙහි විසූ සේක. එයින් කියන ලදි-

“සුධම‍්මං නාම නගරං, සුධම‍්මො නාම ඛත‍්තියො; සුධම‍්මා නාම ජනිකා, සොභිතස‍්ස මහෙසිනො.

සුධම්මං නාම නගරං සුධම්මො නාම ඛත්තියො සුධම්මා නාම ජනිතා සොභිතස්ස මහෙසිනො

“අසමො ච සුනෙත‍්තො ච, අහෙසුං අග‍්ගසාවකා; අනොමො නාමුපට‍්ඨාකො, සොභිතස‍්ස මහෙසිනො.

අසමො ච සුනෙත්තො ච අහෙසුං අග්ගසාවකා අනොමො නාමපදට්ඨාකො සොභිතස්ස මහෙසිනො

“නකුලා ච සුජාතා ච, අහෙසුං අග‍්ගසාවිකා; බුජ‍්ඣමානො ච සො බුද‍්ධො, නාගමූලෙ අබුජ‍්ඣථ.

නකුලා ච සුජාතා ච අහෙසුං අග්ගසාවිකා බුජ්ඣමානො ච සො බුද්ධො නාගමූලෙ අබුජ්ඣථ

“අට‍්ඨපණ‍්ණාසරතනං , අච‍්චුග‍්ගතො මහාමුනි; ඔභාසෙති දිසා සබ‍්බා, සතරංසීව උග‍්ගතො.

අට්ඨපණ්ණාසරතනං අච්චුග්ගතො මහාමුනි ඔභාසෙති දිසාසබ්බා සතරංසීව උග්ගතො

“තථා සුඵුල‍්ලං පවනං, නානාගන්‍ධෙහි ධූපිතං; තථෙව තස‍්ස පාවචනං, සීලගන්‍ධෙහි ධූපිතං.

යථා සුඵුල්ලං පවනං නානාගන්‍ධෙහි ධූපිතං තථෙව තස්ස පාවචනං සීලගන්‍ධෙහි ධුපිතං

“යථාපි සාගරො නාම, දස‍්සනෙන අතප‍්පියො; තථෙව තස‍්ස පාවචනං, සවනෙන අතප‍්පියං.

යථා පි සාගරො නාම දස්සනෙන අතප්පියො තථෙව තස්ස පාවචනං සවණෙන අතප්පියං

“නවුතිවස‍්සසහස‍්සානි , ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

නවුති වස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං

“ඔවාදං අනුසිට‍්ඨිඤ‍්ච, දත්‍වාන සෙසකෙ ජනෙ; හුතාසනොව තාපෙත්‍වා, නිබ‍්බුතො සො සසාවකො.

ඔවාදං අනුසිට්ඨිං ච දත්‍වාන සෙසකෙ ජනෙ හුතාසනොව තාපෙත්‍වා නිබ්බුතො සො සසාවකො

“සො ච බුද‍්ධො අසමසමො, තෙපි සාවකා බලප‍්පත‍්තා; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

සො ච බුද්ධො අසමසමො තෙ ච සාවකා බලප්පත්තා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරාති

තත්‍ථ සතරංසීවාතිආදිච‍්චො විය, සබ‍්බා දිසා ඔභාසෙතීති අත්‍ථො. පවනන‍්ති මහාවනං. ධූපිතන‍්ති වාසිතං ගන්‍ධිතං. අතප‍්පියොති අතිත‍්තිකරො, අතිත‍්තිජනනො වා. තාවදෙති තස‍්මිං කාලෙ, තාවතකං කාලන‍්ති අත්‍ථො. තාරෙසීති තාරයී. ඔවාදන‍්ති සකිං වාදො ඔවාදො නාම. අනුසිට‍්ඨින‍්ති පුනප‍්පුනං වචනං අනුසිට‍්ඨි නාම. සෙසකෙ ජනෙති සච‍්චප‍්පටිවෙධං අප‍්පත‍්තස‍්ස සෙසජනස‍්ස, සාමිඅත්‍ථෙ භුම‍්මවචනං. හුතාසනොව තාපෙත්‍වාති අග‍්ගි විය තප‍්පෙත්‍වා. අයමෙව වා පාඨො, උපාදානක‍්ඛයා භගවා පරිනිබ‍්බුතොති අත්‍ථො. සෙසගාථාසු සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි සතරංසීව යනු; සූර්යයා මෙන්, සියලු දිශාවන් බබුළුවයි යන අර්ථයි. පවනං යනු, මහවනය. ධූපිතං යනු; සුවඳවත් කළ, සුගන්‍ධිත අතප්පියො යනු; අතෘප්තිකර, අතෘප්තිය දනවන. තාවදෙ යනු; එකල එපමණ කල් යන අර්ථයි. තාරෙසි යනු; තරණය කළේය. ඔවාදං යනු, වරක් කීමයි. අනුසිට්ඨිං යනු; නැවත නැවත කීම අනුශාසනා නමි. සෙසකෙ ජනෙ යනු; සත්‍යාවබෝධයට නොපත් සෙසු ජනයාට. සම්බන්‍ධාර්ථයෙහි සත්තමී පදයයි. සුතාසනොව තාපෙත්‍වා යනු; ගින්න මෙන් දිලී. මෙයම හෝ පාඨයි. උපාදාන ක්‍ෂය වීමෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියහ යන අර්ථයි. සෙසු ගාථාවන්හි සියලු තැන් ප්‍රකටය.

සොභිතබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

සෝහිත බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො ඡට‍්ඨො බුද‍්ධවංසො.

සවන බුද්ධවංසය සමාප්තයි.