6. සොභිත බුද්ධවංසො
6. සොභිත බුද්ධවංසො
6. සෝභිත බුද්ධවංශය
1. රෙවතස්ස අපරෙන සොභිතො නාම නායකො සමාහිතො සන්තචිත්තො අසමො අප්පටිපුග්ගලො.
1. රේවත නම් බුදුන්ට ඉක්බිති සමාහිත වූ සන්හුන්සිත් ඇති අසම වූ ප්‍රතිපුද්ගලයන් නැති සෝභිත නම් බුදුහු ලොවැ පහළවූහ.
2. සො ජිනො සකගෙහම්හි මානසං විනීවට්ටයී පත්වාන කෙවලං බොධිං ධම්මචක්කං පවත්තයී.
2. ඒ ජිතපඤ්චමාර වූ බුදුහු සිය භවනයෙහි දී (සතියක් තුළ පෘථග්ජන) සිත (බුද්ධත්වයට) පරිවර්තනය කළහ. සර්වඥතාඥානයට පැමිණ දම්සක් පැවැත්වූසේක.
3. යාව හෙට්ඨා අවීචිතො භවග්ගාචා’පි උද්ධතො එත්ථන්තරෙ එකපරිසා අහොසි ධම්මදෙසනෙ.
3. ඒ ධර්මචක්රදේශනායෙහි යටින් අවීචිය පටන් කොට උඩින් භවාග්‍රය දක්වා මෙදෑතුරැ එක් පිරිසෙක් වී.
4. තාය පරිසාය සම්බුද්ධො ධම්මචක්කං පවත්තයී ගණනාය න වත්තබ්බො පඨමා’භිසමයො අහු.
4. එපිරිස් මැද සම්බුදුහු දම්සක් පැවැත්වූහ. ගණනින් නො කියහැකි (සඩ්ඛායාපථාතික්රාන්ත) වූ ප්රථමධර්මාභිසමය වී.
5. තතො පරම්පි දෙසෙන්තෙ මරූනං ච සමාගමෙ නවුතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
5. එයින් මෑතභාගයෙහි (තව්තිසාභවනයෙහි) දෙවියන්ගේ සමාගමයෙහි අභිධර්මදේශනාව කරන කල්හි (දෙසුම් කෙළවර) නවකෙළදහසක් දෙවියනට ද්විතීයධර්‍මාභිසමය වී.
6. පුනාපරං රාජපුත්තො ජයසෙනො නාම ඛත්තියො ආරාමං රොපයිත්වාන බුද්ධෙ නියාදයි තදා.
6. නැවැත රාජපුත්‍ර වූ ජයසේන නම් ක්ෂත්රිය තෙම (සුන්දර නම්) ආරාමයක් කරවා එකල්හි බුදුනට පිදී.
7. තස්ස යාගං පකිත්තෙන්තො ධම්මං දෙසෙසි චක්ඛුමා තදා කොටිසහස්සානං තතියා’භිසමයො අහු.
7. චක්ෂුර්මත් වූ බුදුහු එරජකුමරුගේ දානය කීර්තනය කෙරෙමින් දහම් දෙසූහ. එකල්හි කෙළදහසක් සත්නට තුන් වැනි ධර්මාභිසමය වී.
8. සන්නිපාතා තයො ආසුං සොභිතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
8. මහර්ෂී වූ සෝභිත බුදුන්ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
9. උග්ගතො නාම සො රාජා දානං දෙති නරුත්තමෙ තම්හි දානෙ සමාගඤ්ඡුං අරහන්තා සතකොටියො.
9. උග්ගත නම් වූ ඒ රජ නරෝත්තම වූ බුදුන් කෙරෙහි දන් දින. එකල්හි ඒ දානයෙහි කෙළසියක් රහත්හු රැස්වූහ.
10. පුනාපරං පුරගණො දෙති දානං නරුත්තමෙ තදා නවුතිකොටීනං දුතියො ආසි සමාගමො.
10. යළි පුරගණයා නරෝත්තම වූ බුදුනට දන් දින. එකල්හි අනූකෙළක් ප්‍රාණීන්ට ද්විතීය ධර්මාභිසමය වී.
11. දෙවලොකෙ වසිත්වාන යදා ඔරොහතී ජිනො තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමො.
11. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු දෙව්ලොව්හි වැස අවතීර්ණ වූහු ද එකල්හි අසූකෙළක් ප්‍රාණීන්ට තෘතීය ධර්මාභිසමය වී.
12. අහං තෙන සමයෙන සුජාතො නාම බ්රාහ්මණො තදා සසාවකං බුද්ධං අන්නපානෙන තප්පයිං.
12. එසමයෙහි මම් සුජාත නම් බ්‍රාහ්මණ වීමි. එකල්හි සභුන් සහිත බුදුන් ආහාරපානයෙන් සැතැපීමි.
13. සො’පි මං බුද්ධො ව්යාකාසි සොභිතො ලොකනායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
13. ලෝකනායක වූ ඒ සෝභිත නම් සම්මාසම්බුදුහු ද, ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්සේක.
14. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. අජපාරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
15. තථාගත තෙමේ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
16. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
17. ඉක්බිති ඒ මහායශස් ඇති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති, පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
18. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
19. කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා, ආනන්දො නාමු’ පට්ඨාකො, උපට්ඨිස්සති තං ජිනං.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කෙරෙයි.
20. ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා, බොධි තස්ස භගවතො, අස්සත්ථො’ති පවුච්චති.
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබේ.
21. චිත්තො ච හත්ථාළවකො, අග්ගා හෙස්සන්තු’ පට්ඨකා, උත්තරා නන්දමාතා ච, අග්ගා හෙස්සන්තු’ පට්ඨිකා, ආයු වස්ස සතං තස්ස, ගොතමස්ස යසස්සිනො.
21. චිත්ත යැ හත්ථාළවක යැ යන මොහු අගඋවටු වන්නාහ උත්තරා යැ නන්දමාතා යැ යන මොහු අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුනට වර්ෂ සියයෙක් ආයු වෙයි.
22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
23. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දස සහස්සී සදෙවකා.
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද –
26. එව’මෙව මයං සබ්බෙ යදිමුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
27. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො තමෙවත්ථමනුප්පත්තියා උග්ගං ධිතිමකාසහං.
27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුටු වූයෙම් සංවේගයට පත් සිත් ඇතියෙම් එ මැ අර්ත්ථයට පැමිණෙනු පිණිස දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
28. සුධම්මං නාම නගරං සුධම්මො නාම ඛත්තියො සුධම්මා නාම ජනිකා සොභිතස්ස මහෙසිනො.
28. මහර්ෂි වූ සෝභිත නම් බුදුන්ගේ නගරය සුධර්ම නම, පිය වූ ක්ෂත්රිය තෙම සුධර්ම නම, මව් තොමෝ සුධර්මා නමු.
29. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී කුමුදො කලීරො පදුමො තයො පාසාදමුත්තමා.
29. ඒ සෝභිත නම් බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට කුමුද යැ කලීර යැ පදුම යැ යි උතුම් තුන් පහයෙක් වී.
30. සත්තති සහස්සානි නාරියො සමලඞ්කතා මඛීලා නාම සා නාරී සීහො නාමා’සි අත්රජො.
30. මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු සැත්තෑදහසක් වූහ. ඒ මඛිලා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සීහ නම් වී.
31. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භි නික්ඛමි සත්තා’හං පධානාචාරං චරිත්වා පුරිසුත්තමො බුජ්ඣමානො ච සො බුද්ධො නාගමූලෙ අබුජ්ඣථ.
31. පුරුෂෝත්තම වූ සෝභිත බෝසත් සතර පෙරනිමිති දැක පහයෙන් අභිනිෂ්ක්‍රමණය කෙළේ යැ. ප්රධානචාරය සතියෙකි. ඒ බුදුහු සත්‍යාවබෝධ කරන්නාහු නාගවෘක්‍ෂමූලයෙහි බුදු වූහ.
32. බ්රහ්මුනා යාචිතො සන්තො සොභිතො ලොකනායකො වත්ති චක්කං මහාවීරො සුධමමුය්යානමුත්තමෙ.
32. මහත් වූ වීර්‍ය්‍යය ඇති සෝභිත නම් සම්මාසම්බුදුහු බඹහු විසින් අයදනාලදහු උතුම් වූ සුධර්ම නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
33. අසමො ච සුනෙත්තො ච අහෙසුං අග්ගසාවකා අනොමො නාමු පට්ඨාකො සොභිතස්ස මහෙසිනො නකුලා ච සුජාතා ච අහෙසුං අග්ගසාවිකා.
33. මහර්ෂි වූ සෝභිත බුදුනට අසම යැ සුනෙත්ත යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. අනෝම නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ. නකුලා යැ සුජාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ.
34. රම්මො චෙව සුදත්තො ච අහෙසුං අග්ගුපට්ඨකා නකුලා චෙව චිත්තා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
34. රම්ම යැ සුදත්ත යැ යන දෙදෙන අගඋවටු වූහ. නකුලා යැ චිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
35. අට්ඨපඤ්ඤාස රතනං අච්චුග්ගතො මහාමුනි ඔභාසෙති දිසා සබ්බා සතරංසී’ව උග්ගතො.
35. අටපනස්රියන් උස්වූ සෝභිත මහමුනිහු උදා වූ දිවයුරු සෙයින් හැම දික් බැබැළවූහ.
36. යථා සුඵුල්ලං පවනං නානා ගන්ධෙහි ධූපිතං තථෙව තස්ස පාවචනං සීලගන්ධෙහි ධූපිතං.
36. යම්සේ සුපිපි මහවනය නොයෙක් සුවඳින් සුවඳ කරන ලද ද එසෙයින් මැ උන් වහන්සේගේ සස්න සිල්සුවඳින් සුවඳ කරනලද.
37. යථාපි සාගරො නාම දස්සනෙන අතප්පියො තථෙ’ව තස්ස පාවචනං සවණෙන අතප්පියං.
37. යම්සේ සාගරය නම් දර්ශනයෙන් අතෘප්තිජනක වේ ද, එසෙයින් මැ ඔබගේ සස්න ශ්‍රවණයෙන් අතෘප්තිජනක වී.
38. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
38. එකල්හි අනූදහසක් හවුරුද්දට ආයු විය. එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනතාව සසරකතරින් එතෙර කරවූහ.
39. ඔවාදං අනුසිට්ඨිඤ්ච දත්වාන සෙසකෙ ජනෙ හූතාසනොව තාපෙත්වා නිබ්බුතො සො ස සාවකො.
39. ඒ බුදුහු සෙසු ජනයන්ට අවවාද අනුශාසනා කොට ගින්නක් සෙයින් තෙද ගන්වා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
40. සො ච බුද්ධො අසමසමො තෙ’ච සාවකා බලප්පත්තා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
40. අසමසම වූ ඒ බුදුහු ද බලප්‍රාප්ත වූ ඒ ශ්‍රාවකයෝ ද යන එ හැම අතුරුදහන් වූහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
41. සොභිතො වරසම්බුද්ධො සීහාරාමම්හි නිබ්බුතො ධාතු විත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
41. සෝභිත නම් වූ උතුම් සම්බුද්ධයන් වහන්සේ සිංහාරාමයෙහි පිරිනිවිසේක. ඒ ඒ පෙදෙස්හි උන් වහන්සේගේ ධාතුහු විසුරුණහ.
සොභිත බුද්ධවංසො ඡට්ඨො.
සවැනි සෝභිත බුද්ධවංශ යි.