යෙදුමෙන් කියවන්න

5. රෙවත බුද‍්ධවංසො

5. රෙවත බුද‍්ධවංසො

5. රේවත බුද්ධවංශය

1. සුමනස‍්ස අපරෙන රෙවතො නාම නායකො අනුපමො අසදිසො අතුලො උත‍්තමො ජිනො.

1. සුමන නම් බුදුරදුන්ට මෑත භාගයෙහි ලොවට නායක වූ අනුපම වූ අසදෘශ වූ අතුල්‍ය වූ උත්තම වූ රේවත නම් ජිතපඤ්චමාර වූ සර්‍වඥ කෙනෙක් පහළ වූහ.

2. සො’පි ධම‍්මං පකාසෙසි බ්‍රහ‍්මුනා අභියාචිතො ඛන්‍ධධාතුවවත්‍ථානං අප‍්පවත‍්තං භවා’භවෙ.

2. ඔබ ද මහ බඹහු විසින් අයදනා ලදහු ස්කන්‍ධධාතූන් විභාග කරන (වෘද්ධි හානි ආදි) භවාභවයන් ප්‍රහාණය කරන දහම් ප්‍රකාශ කළහ.

3. තස‍්සා’භිසමයා තීණි අහෙසුං ධම‍්මදෙසනෙ ගණනාය න වත‍්තබ‍්බො පඨමා’භිසමයො අහු.

3. උන් වහන්සේගේ දහම් දෙසුම්හි තුන් අභිසමය කෙනෙක් වූහ. ප්‍රථමාභිසමය ගණනින් නො කියයුතු වෙයි.

4. යදා අරින්‍දමං රාජං විනෙසි රෙවතො මුනි තදා කොටිසහස‍්සානං දුතියා’භිසමයො අහු.

4. යම් කලෙක රේවත මුනිහු අරින්‍දම නම් රජ විනයනය කළාහු ද එකල්හි කෙළ දහසක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.

5. සත‍්තා’හං පටිසල‍්ලානා වුට‍්ඨහිත්‍වා නරාසභො කොටිසතං නරමරූනං විනෙසි උත‍්තමෙ ඵලෙ.

5. නරශ්‍රේෂ්ඨ වූ බුදුහු සතියක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඉන් නැඟී දෙවිමිනිසුන් කෙළසියක් අග්‍රඵලයෙහි විනයනය කළහ.

6. සන‍්නිපාතා තයො ආසුං රෙවතස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සුවිමුත‍්තාන’ තාදිනං.

6. මහර්ෂි වූ රේවත නම් බුදුන්ට විගත වූ රාගාදි මල ඇති මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු ලාභාලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනෙක් වී.

7. අතික‍්කන‍්තා ගණනපථං පඨමං යෙ සමාගතා කොටිසතසහස‍්සානාං දුතියො ආසි සමාගමො.

7. යම් කෙනෙක් පළමුවට රැස්වූහු නම් ඔහු ගණනපථය ඉක්මගියාහු. කෙළ සුවදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.

8. යො’පි පඤ‍්ඤාය අසමො තස‍්ස චක‍්කානුවත‍්තකො සො තදා ව්‍යාධිතො ආසි පත‍්තො ජීවිතසංසයං.

8. ඒ රේවත බුදුරදුන්ට අනුව දම්සක් පවත්වන්නා වූ ප්‍රඥායෙන් (ශ්‍රාවකාන්තරයන් හා) අසම වූ යම් වරුණ නම් අගසවු කෙනෙක් වූහු ද එකල්හි උන් වහන්සේ රෝගී වූවාහු ජීවිත සංශයට පැමිණියාහු වූහ.

9. තස‍්ස ගිලානපුච‍්ඡාය යෙ තදා උපගතා මුනි කොටිසතසහස‍්සා අරහන‍්තො තතියො ආසි සමාගමො.

9. එකල්හි උන් වහන්සේගේ ගිලන් බව පුළුවුස්නට යම් මුනි කෙනෙක් එළැඹියාහු ද ඒ කෙළසුවහස් රහතුන්ගේ තුන් වැනි සමාගමය වී.

10. අහං තෙන සමයෙන අතිදෙවො නාම බ්‍රාහ‍්මණො උපගන‍්ත්‍වා රෙවතං බුද‍්ධං සරණං තස‍්ස ගච‍්ඡහං.

10. එසමයෙහි මම් අතිදේව නම් බ්‍රාහ්මණ වූයෙම් රේවත නම් බුදුන් කරා එළැඹ උන් වහන්සේ ගේ සරණයට ගියෙමි.

11. තස‍්ස සීලං සමාධිඤ‍්ච පඤ‍්ඤාගුණමනුත‍්තමං ථොමයිත්‍වා යථාථාමං උත‍්තරීය’මදාස’හං.

11. මම් උන් වහන්සේගේ නිරුත්තර වූ ශීලය ද සමාධිය ද ප්‍රඥාගූණය ද යථාශක්තීන් ථොමනය කොට උතුරුසළුව පිදීමි.

12. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි රෙවතො ලොකනායකො අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

12. ලෝකනායක වූ ඒ රේවත බුදුහු ද ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය කල්පයෙහි බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.

13. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

14. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝ තෙරට එළැඹෙයි.

15. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.

16. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදුවන්නේ යි.

17. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

17. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ ශුද්ධෝන නම. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.

18. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමු’ පට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කරන්නාහ.

19. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.

20. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’ පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’ පට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.

21. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දෙවිමිනිස්සු ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–

22. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

23. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

24. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ උත්තරණය කෙරෙත් ද,

25. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’ මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

25. එසෙයින් මැ ඇපි හැමදෙනමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

26. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වත’මධිට‍්ඨාසිං දසපාරමිපූරියා.

26. මම් ඒ බුදුනුදුගේ වදන් අසා අතිශයින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.

27. තදා’පි මං බුද‍්ධධම‍්මං සරිත්‍වා අනුබ්‍රූහයිං ආහරිස‍්සාමි තං ධම‍්මං යං මය‍්හං අභිපත්‍ථිතං.

27. එකල්හිදු මම් ‘යමක් මා විසින් ප්‍රාර්‍ත්‍ථනා කරනලද නම් ඒ බුද්ධත්‍වය ගනිමැ’යි මේ බුද්ධකාරකධර්‍මය සිහි කොට වැඩීමි.

28. නගරං සුධඤ‍්ඤවති නාම විපුලො නාම ඛත‍්තියො විපුලා නාම ජනිකා රෙවතස‍්ස මහෙසිනො.

28. මහර්ෂී වූ රේවත බුදුන්ගේ නගරය සුධඤ්ඤවතී නම. විපුල නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ විපුලා නම් වූ යැ.

29. ඡබ‍්බස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣ සො වසී සුදස‍්සනො ච රතනග‍්ඝි ආවෙළො ච විභූසිතො පුඤ‍්ඤකම‍්මාභිනිබ‍්බත‍්තා තයො පාසාද මුත‍්තමා.

29. ඒ බුදුහු හවුරුදු සදහසක් මුළුල්ලෙහි ගිහිගෙයි විසූහ. සරසන ලද සුදර්‍ශන යැ රතනග්ඝි යැ ආවෙළ යැ යි පින්කමින් නිපන් උතුම් වූ ප්‍රාසාදත්‍රයෙක් වී.

30. තෙත‍්තිංස සහස‍්සානි නාරියො සමලඞ‍්කතා සුදස‍්සනා නාම දෙවී වරුණො නාම අත්‍රජො.

30. මොනොවට සැරැසුණු තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. අග මෙහෙසි තොමෝ සුදස්සනා නමු. පුත්‍ර තෙමේ වරුණ නම් වී.

31. නිමිත‍්තෙ චතුරො දිස‍්වා රථයානෙන නික‍්ඛමි අනූනසත‍්තමාසානි පධානං පදහී ජිනො.

31. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක රථයානයෙන් අභිනිෂ්ක්‍රමණය කළහ. අනූන සප්තමාසයක් ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.

32. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො රෙවතො ලොක නායකො වත‍්ති චක‍්කං මහාවීරො වරුණා රාමෙ සිරීඝරෙ.

32. මහත් වූ වීර්‍ය්‍යය, ඇති රේවත නම් ලෝකනාථයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු ශ්‍රීනිවාස වූ වරුණරාමයෙහි දී දම්සක් පැවැත්වූහ.

33. වරුණො බ්‍රහ‍්මදෙවො ච අහෙසුං අග‍්ග සාවකා සම‍්භවො නාමුපට‍්ඨාකො රෙවතස‍්ස මහෙසිනො.

33. මහර්ෂි වූ රේවත බුදුන්ට වරුණ යැ බ්‍රහ්මදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සම්භව නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

34. භද‍්දා චෙව සුභද‍්දා ච අහෙසුං අග‍්ගසාවිකා සො’පි බුද‍්ධො අසමසමො නාගමූලෙ අබුජ‍්ඣථ.

34. භද්‍රා යැ සුභද්‍රා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අසමසම වූ ඒ බුදුහු ද නාගවෘක්‍ෂමූලයෙහි දී අධිගම කළහ.

35. පදුමො කුඤ‍්ජරො චෙව අහෙසුං අග‍්ගු’පට‍්ඨකා සිරිමා චෙව යසවතී අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

35. පදුම යැ කුඤ්ඡර යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. සිරිමා යැ යසවතී යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.

36. උච‍්චත‍්තනෙන සො බුද‍්ධො අසීති හත්‍ථ මුග‍්ගතො ඔභාසෙති දිසා සබ‍්බා ඉන්‍දකෙතූව උග‍්ගතො.

36. ඒ බුදුහු උසින් අසූ රියනක් නැඟී සිටියාහු ඉන්‍ද්‍රකේතුවක් (දෙව්දුන්නක්) සෙයින් හැම දිශා බැබැළවූහ.

37. තස‍්ස සරීරෙ නිබ‍්බත‍්තා පභා මාලා අනුත‍්තරා දිවා වා යදිවා රත‍්තිං සමන‍්තා ඵරති යොජනං.

37. ඔබගේ සිරුරෙහි නිපන් නිරුත්තර වූ ප්‍රභාමාලාව රැයිදු දවහල්හිදු හාත්පසැ යොදුනක් මුළුල්ලෙහි පතළහ.

38. සට‍්ඨිවස‍්සසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

38. එකල්හි සැටදහසක් හවුරුදු ආයු පැනෙයි. ඒ බුදුහු ඒ තාක්කල් සිටුනාහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.

39. දස‍්සයිත්‍වා බුද‍්ධබලං අමතං ලොකෙ පකාසයං නිබ‍්බායි අනුපාදානො යථ’ග‍්ගු’පාදානසඞ‍්ඛයා.

39. බුද්ධබලය දක්වා ලොවැ අමෘතය ප්‍රකාශ කරන්නාහු ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් උපාදාන රහිත වූවාහු පිරිනිවියහ.

40. සො ච කායො රතනනිභො සො ච ධම‍්මො අසාදිසො සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

40. රුවන් සුදුසු ඒ බුදුසිරුර ද නිරුපම වූ එ දහම ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?

41. රෙවතො යසධරො බුද‍්ධො නිබ‍්බුතො සො මහාමුනි ධාතුවිත්‍ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතො’ති.

41. මහාමුනි වූ යශස්ධර වූ ඒ රේවත නම් සම්මා සම්බුදුහු පිරිනිවියහ. ඒ ඒ ප්‍රදේශයෙහි ධාතු පැතුරුණේ විය.

රෙවත බුද‍්ධවංසො පඤ‍්චමො.

පස්වැනි වූ රේවත බුද්ධවංශ යි.