5. රෙවතබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
5. රෙවතබුද්ධවංසවණ්ණනා
5. රෙවත බුද්ධවංස වර්ණනාව
සුමනස්ස පන භගවතො අපරභාගෙ සාසනෙ චස්ස අන්තරහිතෙ නවුතිවස්සසහස්සායුකා මනුස්සා අනුක්කමෙන පරිහායිත්වා දසවස්සායුකා හුත්වා පුන අනුක්කමෙන වඩ්ඪිත්වා අසඞ්ඛ්යෙය්යායුකා හුත්වා පුන පරිහායමානා සට්ඨිවස්සසහස්සායුකා අහෙසුං. තදා රෙවතො නාම සත්ථා උදපාදි. සොපි පාරමියො පූරෙත්වා අනෙකරතනසමුජ්ජලිතභවනෙ තුසිතභවනෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා සබ්බධනධඤ්ඤවතිසුධඤ්ඤවතීනගරෙ සබ්බාලඞ්කාරසමලඞ්කතඅමිතරුචිරපරිවාරපරිවුතස්ස සිරිවිභවසමුදයෙනාකුලස්ස සබ්බසමිද්ධිවිපුලස්ස විපුලස්ස නාම රඤ්ඤො කුලෙ සබ්බජනනයනාලිපාලිසමාකුලාය සම්ඵුල්ලනයනකුවලයසස්සිරිකසිනිද්ධවදනකමලාකරසොභාසමුජ්ජලාය සුරුචිරමනොහරගුණගණවිපුලාය විපුලාය නාම අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන චිත්තකූටපබ්බතතො සුවණ්ණහංසරාජා විය මාතුකුච්ඡිතො නික්ඛමි.
සුමන භාග්‍යවතුන් වහන්සේට පසුකාලයෙහි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු අනූදහසක් අවුරුදු ආයු වූ මිනිස්සු ක්‍රමයෙන් පිරිහී දස හැවිරිදිව නැවත ක්‍රමයෙන් වැඩී අසංඛ්යායුෂ්කව නැවත පිරිහෙන්නාහු හැටදහස් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල රේවත නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේද පැරුම් පුරා නන් රුවනින් බබළන තුසිත භවනයෙහි ඉපිද ඉන් සැව සකලධනධාන්යවත් සුඛඤ්ඤවතී නුවර සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් රජකුල සියලු දනනුවන් බඹරකැල ගැවසි සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකර ශෝභා ඇති. රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නම් අගමෙහෙසි කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිකුකළු පව්වෙන් බස්නා රනහස් රජකු මෙන් මවුකුසින් බිහිවූහ.
තස්ස පටිසන්ධියං ජාතියඤ්ච පාටිහාරියානි පුබ්බෙ වුත්තනයානෙව අහෙසුං. සුදස්සනරතනග්ඝිආවෙළනාමකා තයො චස්ස පාසාදා අහෙසුං. සුදස්සනාදෙවිප්පමුඛානි තෙත්තිංස ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං. තාහි පරිවුතො සො සුරයුවතීහි පරිවුතො දෙවකුමාරො විය ඡබ්බස්සසහස්සානි විසයසුඛමනුභවමානො අගාරං අජ්ඣාවසි. සො සුදස්සනාය නාම දෙවියා වරුණෙ නාම තනයෙ ජාතෙ චත්තාරි නිමිත්තානි දිස්වා නානාවිරාගතනුවරවසනනිවසනො ආමුක්කමුත්තාහාරමණිකුණ්ඩලො වරකෙයූරමකුටකටකධරො පරමසුරභිගන්ධකුසුමසමලඞ්කතො පරමරුචිරකරනිකරො සරදසමයරජනිකරො විය තාරාගණපරිවුතො විය චන්දො තිදසගණපරිවුතො විය දසසතනයනො බ්රහ්මගණපරිවුතො විය ච හාරිතමහාබ්රහ්මා චතුරඞ්ගිනියා මහතියා සෙනාය පරිවුතො ආජඤ්ඤරථෙන මහාභිනික්ඛමනං නික්ඛමිත්වා සබ්බාභරණානි ඔමුඤ්චිත්වා භණ්ඩාගාරිකස්ස හත්ථෙ දත්වා ජලජාමලාවිකලනීලකුවලයදලසදිසෙනාතිනිසිතෙනාතිතිඛිණෙනාසිනා සකෙසමකුටං ඡින්දිත්වා ආකාසෙ ඛිපි. තං සක්කො දෙවරාජා සුවණ්ණචඞ්කොටකෙන පටිග්ගහෙත්වා තාවතිංසභවනං නෙත්වා සිනෙරුමුද්ධනි සත්තරතනමයං චෙතියං අකාසි.
උන්වහන්සේ පිළිසිඳ ගැනීමෙහි බිහිවීමෙහි ප්රාතිහාර්යය පෙර කී පරිද්දෙන් සිදුවිය. සුදස්සන රත්නග්ඝි ආවෙල නම් තුන් පහයක් විය. සුදස්සනා දේවිය ප්රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු ප්‍රත්‍යුපස්ථාන කළහ. ඔවුන් විසින් පිරිවරන ලද උන්වහන්සේ සුරයුවතීන් පිරිවර කළ දෙව්කුමරකු මෙන් සදහසක් හවුරුදු විෂයරස විඳිමින් ගිහිගෙයි විසූහ. සුදස්සනා දේවියට වරුණ නම් පුතු උපන් කල්හි උන්වහන්සේ සතර නිමිති දැක නන්පැහැ උතුම්සළු හැඳ මුතුහර මිණිකොඩොල් පැළඳ උතුම් කෙයූර මකුට කටක ධරව පරම සුවඳ කුසුමින් සැරසී පරමරූසිරු රස් සමූහයෙන් යුත් සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ හාරිත මහබඹු මෙන් මහත් සිවුරඟයෙන් පිරිවරා ආජන්යරථයෙන් මහබිනික්මන් කොට සියලු අබරණ මුදා භාණ්ඩාගාරිකයා අතට දී ජලජ අමල අවිකල නිල්මහනෙල් පෙතිවන් සියුම් මුවහත් ඇති තියුණු කඩුවෙන් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූහ. සක්දෙව්රජ එය රන්කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනයට ගෙන ගොස් සිනෙරු මුදුනෙහි සත්රුවන්මුවා සෑයක් කළේය.
මහාපුරිසො පන දෙවදත්තානි කාසායානි පරිදහිත්වා පබ්බජි, එකා ච නං පුරිසකොටි අනුපබ්බජි. සො තෙහි පරිවුතො සත්තමාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය අඤ්ඤතරාය සාධුදෙවියා නාම සෙට්ඨිධීතාය දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සායන්හසමයෙ අඤ්ඤතරෙනාජීවකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා මත්තවරනාගගාමී නාගබොධිං පදක්ඛිණං කත්වා තෙපණ්ණාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා චතුරඞ්ගවීරියං අධිට්ඨාය නිසීදිත්වා මාරබලං විධමිත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති (ධ· ප· 153-154) උදානං උදානෙසි. තෙන වුත්තං –
මහපුරිස්හු දෙවියන් දුන් කසාවත් හැඳ පැවිදිවූහ. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා සත්වසක් ප්‍රධන් වඩා වෙසක් පුන් පොහෝදින සාධුදේවී නම් එක් සිටු දියණියක පිදූ මී කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්හි වරුණින්ධර ආජීවකයන් දෙන ලද අටතණමිට ගෙන මතැත් ගමනින් තාරුක් බෝධිය පැදකුණු කොට තෙපනස් රියන් කොට තණ අතුරා චතුරංගවීර්යය ඉටා මාර බල නසා සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට අනේකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කීය.
“සුමනස්ස අපරෙන, රෙවතො නාම නායකො; අනුපමො අසදිසො, අතුලො උත්තමො ජිනො”ති.
සුමනස්ස අපරෙන රෙවතො නාම නායකො අනුපමො අසදිසො අතුලො උත්තමො ජිනො
රෙවතො කිර සත්ථා බොධිසමීපෙයෙව සත්තසත්තාහානි වීතිනාමෙත්වා ධම්මදෙසනත්ථං බ්රහ්මායාචනං සම්පටිච්ඡිත්වා – “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති (දී· නි· 2.72; ම· නි· 1.284; 2.341; මහාව· 10) උපධාරෙන්තො අත්තනා සහ පබ්බජිතභික්ඛුකොටියො අඤ්ඤෙ ච බහූ දෙවමනුස්සෙ උපනිස්සයසම්පන්නෙ දිස්වා ආකාසෙන ගන්ත්වා වරුණාරාමෙ ඔතරිත්වා තෙහි පරිවුතො ගම්භීරං නිපුණං තිපරිවට්ටං අප්පටිවත්තියං අඤ්ඤෙන අනුත්තරං ධම්මචක්කං පවත්තෙත්වා භික්ඛූනං කොටි අරහත්තෙ පතිට්ඨාපෙසි. තීසු මග්ගඵලෙසු පතිට්ඨිතානං ගණනපරිච්ඡෙදො නත්ථි. තෙන වුත්තං –
රේවත ශාස්තෘන් වහන්සේ බෝධිසමීපයෙහිම සත්සති ගෙවා ධර්මදේශනය පිණිස බ්රහ්මයාචනය පිළිගෙන මම කාහට පළමුව දහම් දෙසන්නෙම්දැයි බලනසේක් තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්ෂූන් ද හේතුසම්පත් ඇති වෙනත් දෙවි මිනිසුන් ද දැක අහසින් අවුත් වරුණ රාමයෙහි බැස ඔවුන් පිරිවරා බොහෝ පෙළහර දක්වමින් ගැඹුරු නිපුණ අනිකකු විසින් නොපැවැත්විය හැකි තිපරිවට්ට අනුත්තර ධර්මචක්රය පවත්වා කෙළක් භික්ෂූන් අර්හත්වයෙහි පිහිටවූ සේක. තුන් පලයෙහි පිහිටියවුන්ගේ ගණන හිම් නැත. එයින් කියන ලදි-
“සොපි ධම්මං පකාසෙසි, බ්රහ්මුනා අභියාචිතො; ඛන්ධධාතුවවත්ථානං, අප්පවත්තං භවාභවෙ”ති.
සොපි ධම්මං පකාසෙති බ්රහ්මුණා අභියාචිකො ඛන්ධධාතුවවත්ථානං අප්පවත්තං භවාභවෙති
තත්ථ ඛන්ධධාතුවවත්ථානන්ති පඤ්චන්නං ඛන්ධානං අට්ඨාරසන්නං ධාතූනං නාමරූපවවත්ථානාදිවසෙන විභාගකරණං. සභාවලක්ඛණසාමඤ්ඤලක්ඛණාදිවසෙන රූපාරූපධම්මපරිග්ගහො ඛන්ධධාතුවවත්ථානං නාම. අථ වා ඵෙණපිණ්ඩූපමං රූපං පරිමද්දනාසහනතො ඡිද්දාවඡිද්දාදිභාවතො ච උදකපුබ්බුළකං විය වෙදනා මුහුත්තරමණීයභාවතො, මරීචිකා විය සඤ්ඤා විප්පලම්භනතො, කදලික්ඛන්ධො විය සඞ්ඛාරා අසාරකතො, මායා විය විඤ්ඤාණං වඤ්චනකතො”ති එවමාදිනාපි නයෙන අනිච්චානුපස්සනාදිවසෙනපි ඛන්ධධාතුවවත්ථානං වෙදිතබ්බං (විභ· අට්ඨ· 26 කමාදිවිනිච්ඡයකථා). අප්පවත්තං භවාභවෙති එත්ථ භවොති වඩ්ඪි, අභවොති හානි. භවොති සස්සතදිට්ඨි , අභවොති උච්ඡෙදදිට්ඨි. භවොති ඛුද්දකභවො, අභවොති මහාභවො. භවොති කාමභවො, අභවොති රූපාරූපභවොති එවමාදිනා නයෙන භවාභවානං අත්ථො වෙදිතබ්බො (ම· නි· අට්ඨ· 2.223; සං· නි· අට්ඨ· 3.5.1080; උදා· අට්ඨ· 20). තෙසං භවාභවානං අප්පවත්තිහෙතුභූතං ධම්මං පකාසෙසීති අත්ථො. අථ වා භවති අනෙනාති භවො, තීසු භවෙසු උප්පත්තිනිමිත්තං කම්මාදිකං. උපපත්තිභවො අභවො නාම. උභයත්ථ නිකන්තියා පහානකරං අප්පවත්තං ධම්මං දෙසෙසීති අත්ථො. තස්ස පන රෙවතබුද්ධස්ස තයොව අභිසමයා අහෙසුං. පඨමො පනස්ස ගණනපථං වීතිවත්තො. තෙන වුත්තං –
එහි ඛන්ධධාතුවවත්ථානං යනු; පංච ස්කන්ධයන්ගේ අටළොස් ධාතූන්ගේ නාම රූප ව්යවස්ථාපනාදි වශයෙන් බෙදා දැක්වීම, ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණාදි වශයෙන් රූපාරූප ධර්මයන්ගේ විමසීම ඛන්ධධාතුවවත්ථාන නමි. පරිමර්දන අසහන වශයෙන් රූපය පෙනපිඬක් බඳුය. කැඩීබිඳී යන බැවින් දියබුබුළක් මෙනැයිද වේදනාව මොහොතක රමණීය භාවයෙන් මිරිඟුවක් මෙනැයි ද සංඥාව විපුලම්භූනයෙන් කෙසෙල්කඳක් මෙන් සංස්කාර අසාර හෙයින් මායා වංචනික බැවින් විඤ්ඤාණය මායාවක් මෙනැයිද මේ ආදි ක්‍රමයෙන් අනිච්චානුපස්සනාදි වශයෙන්ද ස්කන්ධ ධාතු විමසීම දතයුතුය. අප්පවත්තං භවාභවෙ යනුඳු මෙහි භව යනු වෘද්ධියයි. අභව යනු හානියයි. භව යනු සාශ්වත දෘෂ්ටියයි. අභව යනු උච්ඡේද දෘෂ්ටියයි. භව යනු කුඩා බවයි. අභව යනු මහත් බවයි. භව යනු කාම භවයයි. අභව යනු රූප අරූප බවයි. මේ ක්‍රමයෙන් භව අභවයන්ගේ අර්ථය දතයුතුයි. ඒ භව අභවයන්ගේ නොපැවැත්මට හේතුභූත වූ ධර්මය දේශනා කළහ යන අර්ථයි. නැතහොත් මෙයින් සිදුවේනුයි භවයි. තුන් භවයෙහි උත්පත්ති නිමිත්ත වූ කර්මාදිය භවයයි. අභව නම් දෙලොව තණ්හාව ප්‍රහීණ කරන පැවැත්ම නැති කරන ධර්මය දෙසූහ යන අර්ථයි. ඒ රේවත බුදුන්ගේ අභිසමය තුනෙක් විය. පළමුවැන්නෙහි ගණන සීමාව ඉක්මිණ. එයින් කියන ලදි-
“තස්සාභිසමයා තීණි, අහෙසුං ධම්මදෙසනෙ; ගණනාය න වත්තබ්බො, පඨමාභිසමයො අහූ”ති.
තස්සාභිසමයා තීනි අහෙසුං ධම්මදෙසනෙ ගණනාය න වත්තබ්බො පඨමාභිසමයො අහූති
තත්ථ තීණීති තයො, ලිඞ්ගවිපල්ලාසො කතො, අයං පඨමො අභිසමයො අහොසි.
එහි තීනි යනු; තයො යනුයි. ලිංගවිපර්යාසය කරන ලදි. මෙය ප්‍රථම අභිසමය විය.
අථාපරෙන සමයෙන නගරුත්තරෙ උත්තරෙ නගරෙ සබ්බාරින්දමො අරින්දමො නාම රාජා අහොසි. සො කිර භගවන්තං අත්තනො නගරමනුප්පත්තං සුත්වා තීහි ජනකොටීහි පරිවුතො භගවතො පච්චුග්ගමනං කත්වා ස්වාතනාය නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්තාහං මහාදානං පවත්තෙත්වා තිගාවුතවිත්ථතං දීපපූජං කත්වා භගවන්තං උපසඞ්කමිත්වා නිසීදි. අථ භගවා තස්ස මනොනුකූලං විචිත්තනයං ධම්මං දෙසෙසි. තත්ථ දෙවමනුස්සානං කොටිසහස්සස්ස දුතියාභිසමයො අහොසි. තෙන වුත්තං –
ඉක්බිති පසුකලෙක උතුම් නගරයක් වූ උත්තර නුවර සකල සතුරන් දමනය කරවන අරින්දම නම් රජෙක් විය. හෙතෙම බුදුන් සිය නුවරට වැඩි බව අසා තෙ කෙළෙක් දෙන පිරිවරා භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට සෙටට ආරාධනා කොට බුදුපාමොක් සඟනට සතියක් මහදන් පවත්වා තුන්ගව්වක් පුළුල් පහන් පූජාවක් පුදා බුදුන් වෙත ගොස් හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිතට අනුරූප විසිතුරු නය ඇති දහමක් දෙසූහ. එහිදී කෙළ ලක්ෂයක් දෙවිමිනිසුන්ට දෙවන ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-
“යදා අරින්දමං රාජං, විනෙසි රෙවතො මුනි; තදා කොටිසහස්සානං, දුතියාභිසමයො අහූ”ති.
යදා අරින්දමං රාජං විනෙසි රෙවතො මුනි තදා කොටි සහස්සානං දුතියාභිසමයො අහූති
අයං දුතියො අභිසමයො.
මෙය දෙවන අභිසමයයි.
අථාපරෙන සමයෙන රෙවතො සත්ථා උත්තරනිගමං නාම උපනිස්සාය විහරන්තො සත්තාහං නිරොධසමාපත්තිං සමාපජ්ජිත්වා නිසීදි. තදා කිර උත්තරනිගමවාසිනො මනුස්සා යාගුභත්තඛජ්ජකභෙසජ්ජපානකාදීනි ආහරිත්වා භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා භික්ඛූ පරිපුච්ඡිංසු – “කුහිං, භන්තෙ, භගවා”ති? තතො තෙසං භික්ඛූ ආහංසු – “භගවා, ආවුසො, නිරොධසමාපත්තිං සමාපන්නො”ති. අථාතීතෙ තස්මිං සත්තාහෙ භගවන්තං නිරොධසමාපත්තිතො වුට්ඨිතං සරදසමයෙ සූරියො විය අත්තනො අනූපමාය බුද්ධසිරියා විරොචමානං දිස්වා නිරොධසමාපත්තියා ගුණානිසංසං පුච්ඡිංසු. භගවා ච තෙසං නිරොධසමාපත්තියා ගුණානිසංසං කථෙසි. තදා දෙවමනුස්සානං කොටිසතං අරහත්තෙ පතිට්ඨාසි. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
පසුකල රේවත ශාස්තෘහු උත්තර නියම්ගම අසල වසන්නාහු සතියක් නිරොධ සමවතට සමවැද හුන්හ. එකල උත්තර නිගමවාසීහු කැඳ බත් අවුළු බෙහෙත් පැන් ගෙනවුත් බික්සඟනට මහදන් දී ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි භික්ෂූන් විමසූහ. එවිට භික්ෂූහු ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරොධ සමවතට සමවන් සේකැයි ඔවුන්ට කීහ. ඉක්බිති ඒ සතිය ගෙවුන පසු නිරොධ සමවතින් නැගී සිය අනුපම සිරින් වොරදනා සදාකල හිරුවන් බුදුන් දැක නිරෝධ සමවතෙහි ගුණ අනුසස් විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට නිරෝධ සමාපත්තියෙහි ගුණ අනුසස් දෙසූහ. එකල කෙළසියක් දෙවිමිනිස්සු රහත්බැව්හි පිහිටියහ. මේ තෙවන අභිසමය විය. එයින් කියන ලදි-
“සත්තාහං පටිසල්ලානා, වුට්ඨහිත්වා නරාසභො; කොටිසතං නරමරූනං, විනෙසි උත්තමෙ ඵලෙ”ති.
සත්තාහං පටිසල්ලානා වුට්ඨභිත්වා නරාසභො කොටිසතං නරමරූනං විනෙසි උත්තමෙ ඵලෙති
සුධඤ්ඤවතීනගරෙ පඨමමහාපාතිමොක්ඛුද්දෙසෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිතානං අරහන්තානං ගණනපථං වීතිවත්තානං පඨමො සන්නිපාතො අහොසි. මෙඛලනගරෙ කොටිසතසහස්සසඞ්ඛාතානං එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිතානං අරහන්තානං දුතියො සන්නිපාතො අහොසි. රෙවතස්ස පන භගවතො ධම්මචක්කානුවත්තකො වරුණො නාම අග්ගසාවකො පඤ්ඤවන්තානං අග්ගො ආබාධිකො අහොසි. තත්ථ ගිලානපුච්ඡනත්ථාය සම්පත්තමහාජනස්ස ලක්ඛණත්තයපරිදීපකං ධම්මං දෙසෙත්වා කොටිසතසහස්සං පුරිසානං එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා අරහත්තෙ පතිට්ඨාපෙත්වා චතුරඞ්ගිනිකෙ සන්නිපාතෙ පාතිමොක්ඛං උද්දිසි. අයං තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
සුධඤ්ඤවතී නුවර පළමු පාමොක් උදෙසීමෙහි ඒහිභික්ඛු පැවිදි ලත් ගණන හිමි නැති රහතුන්ගේ පළමු සන්නිපාතය විය. මේඛල නුවර එහිභික්ඛු පැවිදි ලත් කෙළ ලක්ෂයක් රහතුන්ගේ දෙවන සන්නිපාතය විය. රේවත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්රානුවර්තක අග්‍රශ්‍රාවක ප්‍රාඥයනට අග්රවරුන තෙරණුවෝ ගිලන් වූහ. ගිලන්බව විමසීමට උන්වහන්සේ වෙත පත් මහජනයාට තිලකුණු දක්වන දහම් දෙසා කෙළලක්ෂයක් පුද්ගලයන් ඒහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකොට අර්හත්වයෙහි පිහිටුවා සිවුපිරිස් සන්නිපාතයෙහි පාමොක් දෙසූහ. මෙය තෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, රෙවතස්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සුවිමුත්තාන තාදිනං.
සන්නිපාතා තයො ආසුං රෙවතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සුවිමුත්තාන තාදිනං
“අතික්කන්තා ගණනපථං, පඨමං යෙ සමාගතා; කොටිසතසහස්සානං, දුතියො ආසි සමාගමො.
අතික්කන්කා ගණනපථං පඨමං යෙ සමාගතා කොටිසතසහස්සානං දුතියො ආසිසමාගමො
“යොපි පඤ්ඤාය අසමො, තස්ස චක්කානුවත්තකො; සො තදා බ්යාධිතො ආසි, පත්තො ජීවිතසංසයං.
යොපි පඤ්ඤාය අසමො තස්ස චක්කානුවත්තකො සො තදා ව්යාධිකො ආසි පත්තො ජීවිත සංසයං
“තස්ස ගිලානපුච්ඡාය, යෙ තදා උපගතා මුනී; කොටිසතසහස්සා අරහන්තො, තතියො ආසි සමාගමො”ති.
තස්ස ගිලානිපුච්ඡාය යෙතදා උපගතාමුනි කොටිසතසහස්සා අරහන්තොතතියො අසි සමාගමොති
තත්ථ චක්කානුවත්තකොති ධම්මචක්කානුවත්තකො. පත්තො ජීවිතසංසයන්ති එත්ථ ජීවිතෙ සංසයං ජීවිතසංසයං, ජීවිතක්ඛයං පාපුණාති වා, න වා පාපුණාතීති එවං ජීවිතසංසයං පත්තො, බ්යාධිතස්ස බලවභාවෙන මරති, න මරතීති ජීවිතෙ සංසයං පත්තොති අත්ථො. යෙ තදා උපගතා මුනීති ඉති දීඝභාවෙ සති භික්ඛූනං උපරි හොති, රස්සෙ අනුස්සරෙන සද්ධිං වරුණස්ස උපරි හොති.
එහි චක්කානුවත්තකො යනු; ධර්මචක්රානුවර්තක. පත්තො ජීවිතසංසයං යනු මෙහි ජීවිතයෙහි සංසය ජීවිත සංසයයි. ජීවිතක්ෂයට පත්වෙයිද නොවෙයිදැයි මෙසේ ජීවිත සංසයට පැමිණියේ. ව්‍යාධි බලවත් භාවයෙන් මැරෙයි ද නොමැරෙයිදැයි ජීවිතයෙහි සැකයට පැමිණියේ යන අර්ථයි. යෙ තදා උපගතා මුනි යනු; මෙසේ දීර්ඝව ඇති විට භික්ෂූන් කෙරෙහි වෙයි. භ්රස්වය ඇතිවිට වරුණ තෙරුන් කෙරෙහි වෙයි.
තදා අම්හාකං බොධිසත්තො රම්මවතීනගරෙ අතිදෙවො නාම බ්රාහ්මණො හුත්වා බ්රාහ්මණධම්මෙ පාරං ගතො රෙවතං සම්මාසම්බුද්ධං දිස්වා තස්ස ධම්මකථං සුත්වා සරණෙසු පතිට්ඨාය සිලොකසහස්සෙන දසබලං කිත්තෙත්වා සහස්සග්ඝනිකෙන උත්තරාසඞ්ගෙන භගවන්තං පූජෙසි. සොපි නං බුද්ධො බ්යාකාසි – “ඉතො කප්පසතසහස්සාධිකානං ද්වින්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති. තෙන වුත්තං –
එකල අප බෝසත්හු රම්මවතී නුවර අතිදේව නම් බ්‍රාහ්මණව බමුණු දහමෙහි පාරප්රාප්තව රෙවත බුදුන් දැක බණ අසා සරණ පිහිටා සිලෝදහසකින් දසබලයන් වහන්සේ පසසා දහසක් අගනා උතුරුසළුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. ඒ බුදුහු ඔහුට දෙයාසංඛ්‍ය කප් ලක්ෂයකින් මත්තෙහි ගෝතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, අතිදෙවො නාම බ්රාහ්මණො; උපගන්ත්වා රෙවතං බුද්ධං, සරණං තස්ස ගඤ්ඡහං.
අහං තෙන සමයෙන අතිදෙවො නාම බ්‍රාහමණෙ උපගනත්වා රෙවතං බුද්ධං සරණං තස්ස ගච්ඡහං
“තස්ස සීලං සමාධිඤ්ච, පඤ්ඤාගුණමනුත්තමං; ථොමයිත්වා යථාථාමං, උත්තරීයමදාසහං.
තස්ස සීලං සමාධිඤ්ච පඤ්ඤාගුණමනුත්තමං ථොමයිත්වා යතා ථාමං උත්තරීයමදාසහං
“සොපි මං බුද්ධො බ්යාකාසි, රෙවතො ලොකනායකො; අපරිමෙය්යිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි මං බුද්ධො ව්යාකාසි රෙවතො ලොකනායකො අපරිමෙය්‍ය ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති
‘පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉම’”න්ති. –
පබානං පදහිත්වාන -පෙ- භෙස්සාම සම්මුඛා ඉමං ...
අට්ඨ ගාථා විත්ථාරෙතබ්බා.
ගාථා අට විස්තර කළ යුතුය.
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා.
තස්සාපි වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා
“තදාපි තං බුද්ධධම්මං, සරිත්වා අනුබ්රූහයිං; ආහරිස්සාමි තං ධම්මං, යං මය්හං අභිපත්ථිත”න්ති.
තදා පි මං බුද්ධධම්මං සරිත්වා අනුබ්රෑහයිං ආහරිස්සාමි තං ධම්මං යං මය්හං අභිපත්ථිතන්ති
තත්ථ සරණං තස්ස ගඤ්ඡහන්ති තං සරණං අගඤ්ඡිං අහං, උපයොගත්ථෙ සාමිවචනං. පඤ්ඤාගුණන්ති පඤ්ඤාසම්පත්තිං. අනුත්තමන්ති සෙට්ඨං. “පඤ්ඤාවිමුත්තිගුණමුත්තම”න්තිපි පාඨො, සො උත්තානොව. ථොමයිත්වාති ථොමෙත්වා වණ්ණයිත්වා. යථාථාමන්ති යථාබලං. උත්තරීයන්ති උත්තරාසඞ්ගං. අදාසහන්ති අදාසිං අහං. බුද්ධධම්මන්ති බුද්ධභාවකරං ධම්මං, පාරමීධම්මන්ති අත්ථො. සරිත්වාති අනුස්සරිත්වා. අනුබ්රූහයින්ති අභිවඩ්ඪෙසිං. ආහරිස්සාමීති ආනයිස්සාමි. තං ධම්මන්ති තං බුද්ධත්තං. යං මය්හං අභිපත්ථිතන්ති යං මයා අභිපත්ථිතං බුද්ධත්තං, තං ආහරිස්සාමීති අත්ථො.
එහි සරණං කස්ස ගච්ඡහං යනු; උන්වහන්සේ සරණ ගියෙමි. කර්මාර්ථයෙහි සම්බන්ධ පදයි. පඤ්ඤාගුණං යනු; ප්රඥාසම්පත්තියයි. අනුත්තමං යනු; ශ්‍රේෂ්ඨ. පඤ්ඤා විමුත්තිගුණමනුත්තමං යි ද පාඨයි. එය පැහැදිලිමය. ථොමයි ත්වා යනු; ස්තුති කොට, වර්ණනා කොට. යථාථාමං යනු; බලපමණින්. උත්තරීයං යනු; උත්තරාසංගයයි. අදාසහං යනු; අදාසිං අහං යනුයි. මම දිනිමි. බුද්ධධම්මං යනු; බුද්ධකාරක ධර්මයි. පාරමි ධර්ම යන අර්ථයි. සරිත්වා යනු; අනුස්මරණය කොට. අනුබ්රෑහයිං යනු; අභිවර්ධනය කළෙමි. ආභරිස්සාමි යනු; ගෙන එන්නෙමි. තං ධම්මං යනු; බුද්ධත්වය. යං මය්හං අභිපත්ථිතං යනු; මා විසින් යමක් පතන ලදද ඒ බුද්ධත්වය ගෙන එන්නෙමි යන අර්ථයි.
තස්ස පන රෙවතස්ස භගවතො නගරං සුධඤ්ඤවතී නාම අහොසි, පිතා විපුලො නාම ඛත්තියො, මාතා විපුලා නාම, වරුණො ච බ්රහ්මදෙවො ච ද්වෙ අග්ගසාවකා, සම්භවො නාම උපට්ඨාකො, භද්දා ච සුභද්දා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, ආයු සට්ඨිවස්සසහස්සානි, සුදස්සනා නාම අග්ගමහෙසී, වරුණො නාම පුත්තො, ආජඤ්ඤරථෙන නික්ඛමි.
ඒ රේවත භාග්‍යවතුන් වහන්සේගේ නගරය සුධඤ්ඤවතී නම් විය. විපුල නම් කැත්තෙම පියාය. මව විපුලා නමි. වරුණ බ්‍රහ්මදෙව දෙනම අගසව්වෝය. සම්භව උපස්ථායකය. භද්දා සුභද්දා දෙනම අග්රශ්රාවිකාවෝය. නා රුක බෝධියයි. ශරීරය අසූරියන් උස් විය. ආයුහ අවුරුදු සැට දහසකි. සුදස්සනා අගමෙහෙසියයි. වරුණ නම් පුත්‍රයාය. ආජඤ්ඤ රථයෙන් අබිනික්මන් කළහ.
“තස්ස දෙහාභිනික්ඛන්තං, පභාජාලමනුත්තරං; දිවා චෙව තදා රත්තිං, නිච්චං ඵරති යොජනං.
උන්වහන්සේගේ දේහයෙහි හටගත් අනුත්තර ප්‍රභා ජාලය එකල රෑදාවල් නිතර යොදුනක් පැතිරෙයි.
“ධාතුයො මම සබ්බාපි, විකිරන්තූති සො ජිනො; අධිට්ඨාසි මහාවීරො, සබ්බසත්තානුකම්පකො.
සියලු සතුන්ට අනුකම්පා ඇති මහාවීර ඒ ජිනයන් වහන්සේ මාගේ සියලු ධාතුහු විසිරෙත්වායි අධිෂ්ඨාන කළ සේක. යොදුනක් පමණ මහා නගරයෙහි මහාසාර නම් උයන්හි නරසාරයන් විසින් පුදන ලද රේවත බුදුහු පිරිනිවි සේක.
“මහානාගවනුය්යානෙ, මහතො නගරස්ස සො; පූජිතො නරමරූහි, පරිනිබ්බායි රෙවතො”ති.
තෙන වුත්තං –
එයින් කියන ලදි-
“නගරං සුධඤ්ඤවතී නාම, විපුලො නාම ඛත්තියො; විපුලා නාම ජනිකා, රෙවතස්ස මහෙසිනො.
නගරං සුධඤ්ඤවතී නාම විපුලො නාම ඛත්තියො විපුලා නාම ජනිකා රෙවතස්ස මහෙසිනො
“වරුණො බ්රහ්මදෙවො ච, අහෙසුං අග්ගසාවකා; සම්භවො නාමුපට්ඨාකො, රෙවතස්ස මහෙසිනො.
වරුණෙ බ්රහ්මදෙවොච අහෙසුං අග්ගසාවකා සම්භවො නාමුපට්ඨාකො රෙවතස්ස මහෙසිනො
“භද්දා චෙව සුභද්දා ච, අහෙසුං අග්ගසාවිකා; සොපි බුද්ධො අසමසමො, නාගමූලෙ අබුජ්ඣථ.
භද්දා චෙව සුභද්දාච අහෙසුං අග්ගසාවිකා සො පි බුද්ධො අසමසමො නාගමූලෙ අචුජ්ඣථ
“පදුමො කුඤ්ජරො චෙව, අහෙසුං අග්ගුපට්ඨකා; සිරිමා චෙව යසවතී, අහෙසුං අග්ගුපට්ඨිකා.
“උච්චත්තනෙන සො බුද්ධො, අසීතිහත්ථමුග්ගතො; ඔභාසෙති දිසා සබ්බා, ඉන්දකෙතුව උග්ගතො.
උච්චත්තනෙන සොබුද්ධො අසීතිහත්ථමුග්ගතො ඔභාසෙති දිසා සබ්බා ඉන්දකෙතුව උග්ගතො
“තස්ස සරීරෙ නිබ්බත්තා, පභාමාලා අනුත්තරා; දිවා වා යදි වා රත්තිං, සමන්තා ඵරති යොජනං.
තස්ස සරීරෙ නිබ්බත්තං පභාමාලා අනුත්තරං දිවා වා යදි වා රත්තිං සමන්තා ඵරති යොජනං
“සට්ඨිවස්සසහස්සානි , ආයු විජ්ජති තාවදෙ; තාවතා දිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
ඝට්ඨිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනකංබහුං
“දස්සයිත්වා බුද්ධබලං අමතං ලොකෙ පකාසයං; නිබ්බායි අනුපාදානො, යථග්ගුපාදානසඞ්ඛයා.
දස්සයිත්වා බුද්ධබලං අමතං ලොකෙ පකාසයං නිබ්බායි අනුපාදානො යථග්ගුපාදාන සංඛයා
“සො ච කායො රතනනිභො, සො ච ධම්මො අසාදිසො; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
සො ච කායො රතන නිභො සො ච ධම්මො අසාදිසො සබ්බං සමන්තරහිකං නනු රිත්තා සබ්බ සංඛාරාති
තත්ථ ඔභාසෙතීති පකාසයති. උග්ගතොති උස්සිතො. පභාමාලාති පභාවෙලා. යථග්ගීති අග්ගි විය. උපාදානසඞ්ඛයාති ඉන්ධනක්ඛයා. සො ච කායො රතනනිභොති සො ච තස්ස භගවතො කායො සුවණ්ණවණ්ණො. “තඤ්ච කායං රතනනිභ”න්තිපි පාඨො, ලිඞ්ගවිපල්ලාසෙන වුත්තං. සොයෙව පනස්සත්ථො. සෙසගාථාසු සබ්බත්ථ උත්තානමෙවාති.
එහි ඔභාසෙති යනු; ප්‍රකාශ කරවයි. උග්ගතො යනු; උස්වගියේ. පභාමාලා යනු; ප්රභාතරංගයි. යථග්ගි යනු; ගිනි මෙන් උපාදාන සංඛයා යනු; ඉන්ධන ක්ෂය වීමෙන්. සො ච කායො රතන කිභො යනු; ඒ භාග්‍යවතුන් වහන්සේගේ කය රන්වන් පාටය. තඤ්චකායං රතනනිභං යි ද පාඨයි. ලිංග විපර්යාසයෙන් දක්වන ලදි. එහි අර්ථය ද එයමැයි. සෙසු ගාථාවල හැම තැන්හිම ප්‍රකටමය.
රෙවතබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
රේවත බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො පඤ්චමො බුද්ධවංසො.
පස්වන බුද්ධවංසය සමාප්තයි.