යෙදුමෙන් කියවන්න

4. සුමනබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

4. සුමනබුද‍්ධවංසවණ‍්ණනා

4. සුමන බුද්ධවංස වර්ණනාව

එවං එකප‍්පහාරෙනෙව දසසහස‍්සිලොකධාතුං එකන්‍ධකාරං කත්‍වා තස‍්මිං භගවති පරිනිබ‍්බුතෙ තස‍්ස අපරභාගෙ නවුතිවස‍්සසහස‍්සායුකෙසු මනුස‍්සෙසු අනුක‍්කමෙන පරිහායිත්‍වා දසවස‍්සෙසු ජාතෙසු පුන වඩ‍්ඪිත්‍වා අනුක‍්කමෙන අසඞ‍්ඛ්‍යෙය්‍යායුකා හුත්‍වා පුන පරිහායිත්‍වා නවුතිවස‍්සසහස‍්සායුකෙසු ජාතෙසු සුමනො නාම බොධිසත‍්තො පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා මෙඛලනගරෙ සුදත‍්තස‍්ස නාම රඤ‍්ඤො කුලෙ සිරිමාය නාම දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. පාටිහාරියානි පුබ‍්බෙ වුත‍්තනයානෙව.

මෙසේ එක්වරම දසසහස්‍රී ලෝකධාතුව ඒකාන්ධකාර කොට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු කාලයෙහි අනූදහස් ආයු ඇති මිනිසුන් අනුක්‍රමයෙන් පිරිහී දසමස වූ කල අන්තර කල්ප ඉක්ම ගිය කල්හි අසංඛ්‍යායුෂ්කව නැවත පිරිහී අනූදහස් වූ පසු සුමන නම් බෝසත්හු පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව මේඛල නුවර සුදත්ත නම් රජකුල සිරිමා නම් මෙහෙසි කුස පිළිසිඳ ගත්හ. පෙළහර පෙර කී පරිදිය.

සො අනුක‍්කමෙන වුද‍්ධිප‍්පත‍්තො සිරිවඩ‍්ඪනසොමවඩ‍්ඪනඉද‍්ධිවඩ‍්ඪනනාමධෙය්‍යෙසු තීසු පාසාදෙසු තෙසට‍්ඨියා නාටකිත්‍ථිසතසහස‍්සෙහි පරිචාරියමානො සුරයුවතීහි පරිචාරියමානො දෙවකුමාරො විය නවවස‍්සසහස‍්සානි දිබ‍්බසුඛසදිසං විසයසුඛමනුභවමානො වටංසිකාය නාම දෙවියා අනුපමං නාම නිරුපමං පුත‍්තං ජනෙත්‍වා චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා හත්‍ථියානෙන නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං පන පබ‍්බජන‍්තං තිංසකොටියො අනුපබ‍්බජිංසු.

උන්වහන්සේ කෙමෙන් විය පැමිණ නාරිවඩ්ඪන සොමවඩ්ඪන ඉද්ධිවඩ්ඪන නමැති තුන්පහයෙහි තෙසැට දහසක් නළඟනන් විසින් උපහාර ලබමින් සුරයුවතීන් පිරිවරන ලද සුරකුමරකු මෙන් දහසක් විෂයරස විඳිමින් වටංසිකා නම් දේවිය අනූපම නම් නිරුපම පුතු වැදූ කල සතර නිමිති දැක ඇත් යානයෙන් නික්ම පැවිදි වූහ. පැවිදි වන උන්වහන්සේ අනුව තිස්කෙළක් පැවිදි වූහ.

සො තෙහි පරිවුතො දසමාසෙ පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය අනොමනිගමෙ අනොමසෙට‍්ඨිනො ධීතාය අනුපමාය නාම දින‍්නං පක‍්ඛිත‍්තදිබ‍්බොජං පායාසං පරිභුඤ‍්ජිත්‍වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා අනුපමාජීවකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා නාගබොධිං උපගන‍්ත්‍වා තං පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨහි තිණමුට‍්ඨීහි තිංසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං කත්‍වා තත්‍ථ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. තතො මාරබලං විධමිත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති (ධ· ප· 153-154) උදානං උදානෙසි. තෙන වුත‍්තං –

උන්වහන්සේ ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධන්හි හැසිර වෙසක් පොහෝදින අනෝම නිගමයෙහි අනූපම සිටුදූ අනුපමා විසින් පිදූ දිවඕජා බහාලූ කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර ගෙවා අනුපම ආජීවකයන් දුන් අට තණමිට ගෙන නාගබෝධිය වෙත පැමිණ පැදකුණු කොට අටතණ මිට තිස්රියන් කොට අතුට එහි පලක් බැඳ වැඩහුන්හ. අනතුරුව මරබල නසා සර්වඥතාඥානය ලබා අනෙකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කියන ලදි-

“මඞ‍්ගලස‍්ස අපරෙන, සුමනො නාම නායකො; සබ‍්බධම‍්මෙහි අසමො, සබ‍්බසත‍්තානමුත‍්තමො”ති.

මංගලස්ස අපරෙන සුමනො නාම නායකො සබ්බධම්මෙහි අසමො සබ්බසත්තානමුත්තමොති

තත්‍ථ මඞ‍්ගලස‍්ස අපරෙනාති මඞ‍්ගලස‍්ස භගවතො අපරභාගෙ. සබ‍්බධම‍්මෙහි අසමොති සබ‍්බෙහිපි සීලසමාධිපඤ‍්ඤාධම‍්මෙහි අසමො අසදිසො.

එහි මංගලස්ස අපරෙන යනු; මංගල බුදුන්ට පසුකල සබ්බ ධම්මෙහි අසමො යනු; සියලු ශීල සමාධි ප්‍රඥා ධර්මයන්හි. අසමො අසම වූ.

සුමනො කිර භගවා බොධිසමීපෙයෙව සත‍්තසත‍්තාහානි වීතිනාමෙත්‍වා ධම‍්මදෙසනත්‍ථං බ්‍රහ‍්මායාචනං සම‍්පටිච‍්ඡිත්‍වා – “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති (දී· නි· 2.72; ම· නි· 1.284; 2.341; මහාව· 10) උපධාරෙන‍්තො අත‍්තනා සහ පබ‍්බජිතානං තිංසකොටියො ච අත‍්තනො කනිට‍්ඨභාතිකං වෙමාතිකං සරණකුමාරඤ‍්ච පුරොහිතපුත‍්තං භාවිතත‍්තමාණවකඤ‍්ච උපනිස‍්සයසම‍්පන‍්නෙ දිස‍්වා – “එතෙසං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා හංසරාජා විය ගගනපථෙන මෙඛලුය්‍යානෙ ඔතරිත්‍වා උය්‍යානපාලං පෙසෙත්‍වා අත‍්තනො කනිට‍්ඨභාතිකං සරණකුමාරඤ‍්ච පුරොහිතපුත‍්තං භාවිතත‍්තකුමාරඤ‍්ච පක‍්කොසාපෙත්‍වා තෙසං පරිවාරභූතා සත‍්තතිංසකොටියො අත‍්තනා සහ පබ‍්බජිතා තිංසකොටියො ච අඤ‍්ඤෙ ච බහූ දෙවමනුස‍්සකොටියො චාති එවං කොටිසතසහස‍්සං ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙන ධම‍්මාමතං පායෙසි. තෙන වුත‍්තං –

සුමන භාග්‍යවතුන් වහන්සේ බෝධි සමීපයෙහිම සත්සතිය ගෙවා දහම් දෙසීම පිණිස බඹ අයැදුම පිළිගෙන මම කාට පළමු දහම් දෙසන්නෙම්දැයි සිතන්නාහු තමන් සමඟ පැවිදි වූ තිස්කෙළ ද සුළුමෑණි පුත් බාලසහෝදර සරණ කුමරුන් ද පුරෝහිත පුත් භාමිත තරුණයාද හේතුසම්පන්න බැව් දැන මොවුන්ට පළමු බණ දෙසමියි සිතා හස් රජකු මෙන් අහසින් ගොස් මේඛලා උයන්හි බැස උයන්පලු යවා සිය බාල සොයුරු සරණ කුමරු ද පුරෝහිත පුත් භාමිත කුමරු ද කැඳවා ඔවුන්ගේ පිරිවර සතිස් කෙළක් ද තමන්ගේ සහ පැවිද්දන් තිස් කෙළක් ද තවත් බොහෝ කෙළගණන් දෙවිමිනිසුන්ද දම්සක් පැවැත්වීමෙන් දහම් අමාපැන් පෙවූහ. එයින් කියන ලදී-

“තදා අමතභෙරිං සො, ආහනී මෙඛලෙ පුරෙ; ධම‍්මසඞ‍්ඛසමායුත‍්තං, නවඞ‍්ගං ජිනසාසන”න‍්ති.

සොපි තදා අමතභෙරිං අහනී මෙඛලෙ පුරෙ ධම්මසංඛසමායුත්තං නවංගං ජිනසාසනන්ති

තත්‍ථ අමතභෙරින‍්ති අමතාධිගමාය නිබ‍්බානාධිගමාය භෙරිං. ආහනීති වාදයි, ධම‍්මං දෙසෙසීති අත්‍ථො. සායං අමතභෙරී නාම අමතපරියොසානං නවඞ‍්ගං බුද‍්ධවචනං. තෙනෙවාහ – “ධම‍්මසඞ‍්ඛසමායුත‍්තං, නවඞ‍්ගං ජිනසාසන”න‍්ති. තත්‍ථ ධම‍්මසඞ‍්ඛසමායුත‍්තන‍්ති චතුසච‍්චධම‍්මකථාසඞ‍්ඛවරසමායුත‍්තං.

එහි අමතභෙරිං යනු; අමෘතාධිගමයට නිර්වාණාධිගමයට බෙරය. අහනි යනු; වාදනය කළහ. ධර්මය දෙසූහ යන අර්ථයි. ඒ මේ අමාබෙරය නම් නිවන අවසන් කොට ඇති නවාංග බුද්ධ වචනයයි. එහෙයින් ධම්ම සබ්බසමායුත්තං නවාංගං ජිනසාසනංයි කියන ලදි. ධම්මසංඛසමායුත්තං යනු; චතුස්සක්‍ය ධර්මකථා සංඛ්‍යාත නවාංගයෙන් යුත්.

සුමනො පන ලොකනායකො අභිසම‍්බොධිං පාපුණිත්‍වා පටිඤ‍්ඤානුරූපං පටිපදං පටිපජ‍්ජමානො මහාජනස‍්ස භවබන්‍ධනමොක‍්ඛත්‍ථාය කුසලරතනස‍්ස කිලෙසචොරෙහි විලුප‍්පමානස‍්ස පරිත‍්තානත්‍ථං සීලවිපුලපාකාරං සමාධිපරිඛාපරිවාරිතං විපස‍්සනාඤාණද‍්වාරං සතිසම‍්පජඤ‍්ඤදළ‍්හකවාටං සමාපත‍්තිමණ‍්ඩපාදිපටිමණ‍්ඩිතං බොධිපක‍්ඛියජනසමාකුලං අමතවරනගරං මාපෙසි. තෙන වුත‍්තං –

සුමන ලෝකනායකයාණෝ අභිසම්බෝධියට පැමිණ ප්‍රතිඥානුරූපව පිළිපදනාහු මහජනයාට භවබන්‍ධනයෙන් මිදීම පිණිස කුසල් රුවන් කෙලෙස් සොරුන්ගෙන් රැකගැනීම පිණිස සිල්මහපවුර සමාධි දියාගල පිරිවැරූ විදර්ශනා ඥාන දොරටුව සිහිනුවණ නම් දැඩි කවුළුව සමාපත්ති මණ්ඩපාදියෙන් සුසැදි බෝධිපාක්‍ෂික ජනකාය ගැවසි චරඅමා නුවර මැවූහ. එයින් කියන ලදි-

“නිජ‍්ජිනිත්‍වා කිලෙසෙ සො, පත්‍වා සම‍්බොධිමුත‍්තමං; මාපෙසි නගරං සත්‍ථා, සද‍්ධම‍්මපුරවරුත‍්තම”න‍්ති.

නිජ්ජිනිත්‍වා කිලෙසෙ ඝො පත්‍වා සම්බොධිමුත්තමං මාපෙසි නගරං සත්‍ථා සද්ධම්මපුරවරුත්තමන්ති

තත්‍ථ නිජ‍්ජිනිත්‍වාති විජිනිත්‍වා අභිභුය්‍ය, කිලෙසාභිසඞ‍්ඛාරදෙවපුත‍්තමාරෙ විද‍්ධංසෙත්‍වාති අත්‍ථො . සොති සො සුමනො භගවා. “විජිනිත්‍වා කිලෙසෙ හී”තිපි පාඨො. තත්‍ථ හි-කාරො පදපූරණමත‍්තෙ නිපාතො. පත්‍වාති අධිගන‍්ත්‍වා. “පත‍්තො”තිපි පාඨො. නගරන‍්ති නිබ‍්බානනගරං. සද‍්ධම‍්මපුරවරුත‍්තමන‍්ති සද‍්ධම‍්මසඞ‍්ඛාතං පුරවරෙසු උත‍්තමං සෙට‍්ඨං පධානභූතං. අථ වා සද‍්ධම‍්මමයෙසු පුරෙසු පවරෙසු උත‍්තමං සද‍්ධම‍්මපුරවරුත‍්තමං. පුරිමස‍්මිං අත්‍ථවිකප‍්පෙ “නගර”න‍්ති තස‍්සෙව වෙවචනන‍්ති දට‍්ඨබ‍්බං. පටිවිද‍්ධධම‍්මසභාවානං සෙක‍්ඛාසෙක‍්ඛානං අරියපුග‍්ගලානං පතිට‍්ඨානං ගොචරනිවාසට‍්ඨෙන නිබ‍්බානං “නගර”න‍්ති වුච‍්චති. තස‍්මිං පන සද‍්ධම‍්මවරනගරෙ සො සත්‍ථා අවිච‍්ඡින‍්නං අකුටිලං උජුං පුථුලඤ‍්ච විත්‍ථතඤ‍්ච සතිපට‍්ඨානමයං මහාවීථිං මාපෙසි. තෙන වුත‍්තං –

එහි නිජ්ජිනිත්‍වා යනු; දිනා, මැඩලා. ක්ලේශ අභිසංස්කාර දේවපුත්‍ර මාරයන් නසා යන අර්ථයි. සොයනු. සුමන බුදුහු. ජිනිත්‍වා කිලෙසෙහි කියා ද පාඨයි. එහි හිකාරය පදපූරණමාත්‍ර නිපාතයකි. පාත්‍වා යනු; පත්තොයි ද පාඨයි. නගරං යනු; නිවන් පුරයයි. සද්ධම්මපුරවරුත්තමං යනු; සද්ධර්ම නමැති පුරවරයන්හි උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රධාන වූ නැතහොත් සද්ධර්මය උතුම් පුරයන්හි උතුම් වූයේ සද්ධම්ම පුරවරුත්තයි. පළමුවැන්නෙහි අර්ථ විකල්පයෙහි නගරං යනු; එයටම පර්යාය වෙයි දත යුතුය. ප්‍රතිවේධ කළ ධර්ම ස්වභාව ඇති සේඛ අසේඛ ආර්ය පුද්ගලයන්ගේ පිහිටීමට ගෝචර නිවාසනස්ථානය යන අර්ථයෙන් නිවන නගරයයි කියැවේ. ඒ උතුම් සදහම් නුවර ඒ ශාස්තෘන් වහන්සේ අවිච්ඡින්න අකුටිල ඍජු පුළුල් විස්තාර සතිපට්ඨානමය මහවීදිය මැවූහ. එයින් කියන ලදි-

“නිරන‍්තරං අකුටිලං, උජුං විපුලවිත්‍ථතං; මාපෙසි සො මහාවීථිං, සතිපට‍්ඨානවරුත‍්තම”න‍්ති.

නිරන්තරං අකුටිලං උජුං විපුල විත්‍ථතං මාපෙසි සො මහාවීථිං සතිපට්ඨානවරුත්තමන්ති

තත්‍ථ නිරන‍්තරන‍්ති කුසලජවනසඤ‍්චරණානන‍්තරභාවතො නිරන‍්තරං. අකුටිලන‍්ති කුටිලභාවකරදොසවිරහිතතො අකුටිලං. උජුන‍්ති අකුටිලත‍්තාව උජුං. පුරිමපදස‍්සෙව අත්‍ථදීපකමිදං වචනං. විපුලවිත්‍ථතන‍්ති ආයාමතො ච විත්‍ථාරතො ච පුථුලවිත්‍ථතං, පුථුලවිත්‍ථතභාවො ලොකියලොකුත‍්තරසතිපට‍්ඨානවසෙන දට‍්ඨබ‍්බො. මහාවීථින‍්ති මහාමග‍්ගං. සතිපට‍්ඨානවරුත‍්තමන‍්ති සතිපට‍්ඨානඤ‍්ච තං වරෙසු උත‍්තමඤ‍්චාති සතිපට‍්ඨානවරුත‍්තමං. අථ වා වරං සතිපට‍්ඨානමයං උත‍්තමවීථින‍්ති අත්‍ථො.

එහි නිරන්තරං යනු; කුසල ජවන සඤ්චරණයෙන් අතරක් නැති බැවින් නිරන්තර. අකුටිලං යනු; වංකබව ඇති කරවන දොසින් තොර හෙයින් අකුටිල. උජුං යනු; අවංක නිසාම ඍජු. මෙය පළමු පදයෙහි අර්ථයම දීපනය කරන වචනයකි. විපුලවත්‍ථතං යනු; දිගින් ද පුළුලින් ද යුතු වූයේ පුථුලවිත්‍ථතයි. පුථුලවිත්‍ථුතභාවයයි. ලෞකික ලෝකෝත්තර සතිපට්ඨාන වශයෙන් දැකිය යුතුය. මහාවීථිං යනු; මහා මාර්ගයයි. සතිපට්ඨානවරුත්තමං යනු; සතිපට්ඨානය ද එය උතුම් දේවල උතුම් වූයේ නුයි ද සතිපට්ඨානවරුත්තමයි. නැතහොත් උතුම් සතිපට්ඨානමය උත්තම වීථිය යන අර්ථයි.

ඉදානි තස‍්ස නිබ‍්බානමහානගරස‍්ස තස‍්සං සතිපට‍්ඨානවීථියං චත‍්තාරි සාමඤ‍්ඤඵලානි චතස‍්සො පටිසම‍්භිදා ඡ අභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියොති ඉමානි මහග‍්ඝරතනානි උභොසු පස‍්සෙසු ධම‍්මාපණෙ පසාරෙසි. තෙන වුත‍්තං –

දැන් - ඒ නිවන් මහනුවර ඒ සතිපට්ඨාන මහා වීථියෙහි සතර ශ්‍රාමණ්‍ය ඵල සිවුපිළිසිඹියා ෂඩභිඥා අටසමවත් යන මේ මාහැඟි රුවන් දෙපස ධර්මාසන විසිරවූහ. එයින් කියන ලදි-

“ඵලෙ චත‍්තාරි සාමඤ‍්ඤෙ, චතස‍්සො පටිසම‍්භිදා; ඡළභිඤ‍්ඤාට‍්ඨසමාපත‍්තී, පසාරෙසි තත්‍ථ වීථිය”න‍්ති.

ඵලෙචත්තාරි සාමඤ්ඤෙ චතස්සො පටිසම්භිදා ඡළභිඤ්ඤාට්ඨසමාපත්ති පසාරෙසි තස්ස වීථියන්ති

ඉදානි භගවා ඉමානි රතනභණ‍්ඩානි යෙ පන අප‍්පමත‍්තා සතිමන‍්තො පණ‍්ඩිතා හිරිඔත‍්තප‍්පවීරියාදීහි සමන‍්නාගතා, තෙ ආදීයන‍්තීති තෙසං රතනානං හරණූපායං දස‍්සෙන‍්තො –

දැන් භාග්‍යවතුන් වහන්සේ මේ රුවන්බඩු යම් අප්‍රමාදි සිහිමත් හිරිඔතප් වීර්යාදියෙන් යුත් නුවණැත්තෝ වෙත්ද ඔවුහු ලබා ගනිති යයි ඒ රුවන් ලැබගන්නා උපාය දක්වන්නාහු-

“යෙ අප‍්පමත‍්තා අඛිලා, හිරිවීරියෙහුපාගතා; තෙ තෙ ඉමෙ ගුණවරෙ, ආදියන‍්ති යථාසුඛ”න‍්ති. – ආහ;

යෙ අප්පමත්තා අඛිලා හිරිවිරියෙහුපාගතා තෙ තෙ ඉමෙ ගුණවරෙ ආදියන්තියථාසුඛං යි කීහ.

තත්‍ථ යෙති අනියමුද‍්දෙසො. අප‍්පමත‍්තාති පමාදස‍්ස පටිපක‍්ඛභූතෙන සතියා අවිප‍්පවාසලක‍්ඛණෙන අප‍්පමාදෙන සමන‍්නාගතා. අඛිලාති පඤ‍්චචෙතොඛිලරහිතා. හිරිවීරියෙහුපාගතාති කායදුච‍්චරිතාදීහි හිරීයතීති හිරී, ලජ‍්ජායෙතං අධිවචනං. වීරස‍්ස භාවො වීරියං, තං උස‍්සාහලක‍්ඛණං. තෙහි හිරිවීරියෙහි උපාගතා සමන‍්නාගතා භබ‍්බපුග‍්ගලා. තෙති ඉදං පුබ‍්බෙ අනියමුද‍්දෙසස‍්ස නියමුද‍්දෙසො. පුන තෙති වුත‍්තප‍්පකාරෙ ගුණරතනවිසෙසෙ තෙ කුලපුත‍්තා ආදියන‍්ති පටිලභන‍්ති අධිගච‍්ඡන‍්තීති අත්‍ථො. සබ‍්බං පන සුමනො භගවා කතවිදිතමනො ධම‍්මභෙරිං ආහනිත්‍වා ධම‍්මනගරං මාපෙත්‍වා ඉමිනා නයෙන පඨමමෙව සතසහස‍්සකොටියො බොධෙසි. තෙන වුත‍්තං –

එහි යෙ යනු; අනියම් උද්දේසකි. අප්පමත්තා යනු; ප්‍රමාදයට විරුද්ධ සිහියෙන් වෙන්වීමේ නොවීමේ ලක්‍ෂණයෙන් යුක්තයෝයි. අඛිලා යනු; චෙතොඛිල පසින් රහිතයෝ. හිරිවිරියෙහුපාගතා යනු; කාය දුශ්චරිතාදියෙන් ලජ්ජිත වේ නුයි හිරි නමි. මෙය ලජ්ජාවට නාමයකි. වීර්යයාගේ බව වීර්යයයි. එය උත්සාහ ලක්‍ෂණකොට ඇත්තේය. එම හිරි වීර්යවලින් යුක්ත වූ සහිත වූ භව්‍ය පුද්ගලයෝ. තෙ යනු; මෙය පළමු අනියම උද්දෙසයෙහි නියම උද්දෙසසයි. නැවත තෙ යනු; කී ආකාර ගුණරුවන් විශේෂ ඇති ඒ පුද්ගලයෝ. ආදියන්ති; ලබති. සාක්‍ෂාත් කරති යන අර්ථයි. සියල්ල වනාහි සුමන බුදුහු දහම්බෙරය වයා දහම්නුවර මවා මෙකී නයින් පළමුවම කෙළලක්‍ෂයකට අවබෝධ කරවූහ. එයින් කියන ලදි-

“එවමෙතෙන යොගෙන, උද‍්ධරන‍්තො මහාජනං; බොධෙසි පඨමං සත්‍ථා, කොටිසතසහස‍්සියො”ති.

එවමෙතෙන යොගෙන උද්ධරන්තො මහාජනං බොධෙසි පඨමං සත්‍ථා කොටිසතසහස්සියොති

තත්‍ථ උද‍්ධරන‍්තොති සංසාරසාගරතො අරියමග‍්ගනාවාය සමුද‍්ධරන‍්තො. කොටිසතසහස‍්සියොති සතසහස‍්සකොටියොති අත්‍ථො. විපරියායෙන නිද‍්දිට‍්ඨං.

එහි උද්ධරන්තො යනු; සසර සයුරෙන් අරිමහ නැවෙන් එගොඩ කරන්නේ. කොටිසතසහස්සියො යනු; කෝටි ලක්‍ෂයක් යන අර්ථයි. විපර්යාස වශයෙන් දක්වන ලදි.

යදා පන සුමනො ලොකනායකො සුනන්‍දවතීනගරෙ අම‍්බරුක‍්ඛමූලෙ තිත්‍ථියමදමානමද‍්දනං යමකපාටිහාරියං කත්‍වා සත‍්තානං කොටිසහස‍්සං ධම‍්මාමතං පායෙසි. අයං දුතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්දා වනාහි සුමන ලෝකනායකයාණෝ සුනන්‍දවතී නුවර අඹරුක් මුල්හි තිර්ථක මදමාන මර්දනය කරන යමක ප්‍රාතිහාර්යය කොට කෙළදහසක් සත්ත්වයන් දහම්අමා පෙවූ සේක්ද මෙය දෙවන අභිසමය විය. එයින් කියන ලදි-

“යම‍්හි කාලෙ මහාවීරො, ඔවදී තිත්‍ථියෙ ගණෙ; කොටිසහස‍්සා භිසමිංසු, දුතියෙ ධම‍්මදෙසනෙ”ති.

යම්හි කාලෙ මහාවීරො ඔවදි තිත්‍ථියෙ ගණෙ කොටි සහස්සාභිසමිංසු දුතියෙ ධම්මදෙසන්තෙ

තත්‍ථ තිත්‍ථියෙ ගණෙති තිත්‍ථියභූතෙ ගණෙ, තිත්‍ථියානං ගණෙ වා “තිත්‍ථියෙ අභිමද‍්දන‍්තො, බුද‍්ධො ධම‍්මමදෙසයී”ති පඨන‍්ති කෙචි.

එහි තිත්‍ථියගණෙ යනු; තීර්ථක වූවන්ගේ සමූහයෙහි තීර්ථකයන්ගේ සමූහයෙහි කියාද තිත්‍ථියෙ අභිමද්දන්තො බුද්ධො ධම්මම දෙසයි ද සමහරු කියති,

යදා පන දසසු චක‍්කවාළසහස‍්සෙසු දෙවතා ඉමස‍්මිං චක‍්කවාළෙ සන‍්නිපතිත්‍වා මනුස‍්සා ච නිරොධකථං සමුට‍්ඨාපෙසුං – “කථං නිරොධං සමාපජ‍්ජන‍්ති, කථං නිරොධසමාපන‍්නා හොන‍්ති, කථං නිරොධා වුට‍්ඨහන‍්තී”ති? එවං සමාපජ‍්ජනඅධිට‍්ඨානවුට‍්ඨානාදීසු විනිච‍්ඡයං කාතුං අසක‍්කොන‍්තා සහ මනුස‍්සෙහි ඡසු කාමාවචරදෙවලොකෙසු දෙවා ච නවසු බ්‍රහ‍්මලොකෙසු බ්‍රහ‍්මානො ච ද‍්වෙළ‍්හකජාතා ද‍්විධා අහෙසුං. තතො නරසුන්‍දරෙන අරින්‍දමෙන නාම රඤ‍්ඤා සද‍්ධිං සායන‍්හසමයෙ සුමනදසබලං සබ‍්බලොකනාථං උපසඞ‍්කමිංසු; උපසඞ‍්කමිත්‍වා අරින්‍දමො රාජා භගවන‍්තං නිරොධපඤ‍්හං පුච‍්ඡි. තතො භගවතා නිරොධපඤ‍්හෙ විස‍්සජ‍්ජිතෙ නවුතිපාණකොටිසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්දාක දසදහසක් සක්වළ දේවතාවෝ මේ සක්වළට රැස්ව මිනිස්සු ද නිරෝධය පිළිබඳ කථාවක් ඉපදවූහ. නිරෝධයට කෙසේද සමවදිත්ද? කෙසේ නිරෝධයට සමවන්නාහු වෙත්ද? කෙසේ නිරෝධයෙන් නැගීසිටිත්දැයි මෙසේ සමාපජ්ජන අධිට්ඨාන උට්ඨාන ආදියෙහි විනිශ්චය කිරීමට නොහැකි වූවාහු මිනිසුන් සමග කාමාවචර සදෙව්ලෙව්හි දෙවියෝ ද නව බඹලොව බඹහු ද ව්‍යාකූලව දෙපක්‍ෂයක් වූහ. ඉක්බිති නර සුන්දර අරින්දම රජු සමග සවස් වේලෙහි ලෝකනාථ වූ සුමන දසබලයන් වහන්සේ වෙත ගියහ. ගොස් අරින්දම රජ භාග්‍යවතුන් වහන්සේගෙන් නිරෝධ ප්‍රශ්නය විචාළේය. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝධ පැන විසඳුමෙන් අනූ කෙළදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ විය. මෙය තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“යදා දෙවා මනුස‍්සා ච, සමග‍්ගා එකමානසා; නිරොධපඤ‍්හං පුච‍්ඡිංසු, සංසයං චාපි මානසං.

යදා දෙවා මනුස්සා ච සමග්ගා එකමානසා නිරොධපඤ්හං පුච්ඡිංසු සංසයඤ්චාපි මානසො

“තදාපි ධම‍්මදෙසනෙ, නිරොධපරිදීපනෙ; නවුතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

තදාපි ධම්මං දෙසෙන්තෙ නිරොධ පරිදීපනං නවුතිකොටි සහස්සානං ධම්මාභිසමයො අහූති

තස‍්ස පන සුමනස‍්ස භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. තත්‍ථ පඨමසන‍්නිපාතෙ මෙඛලනගරං උපනිස‍්සාය වස‍්සං වසිත්‍වා පඨමපවාරණාය අරහන‍්තානං කොටිසහස‍්සෙන එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතෙන සද‍්ධිං භගවා පවාරෙසි, අයං පඨමො සන‍්නිපාතො අහොසි. අථාපරෙන සමයෙන සඞ‍්කස‍්සනගරස‍්සාවිදූරෙ අරින්‍දමරාජකුසලබලනිබ‍්බත‍්තෙ යොජනප‍්පමාණෙ කනකපබ‍්බතෙ නිසින‍්නො සරදසමයරුචිරකරනිකරො දිවසකරො විය යුගන්‍ධරපබ‍්බතෙ මුනිවරදිවසකරො අරින්‍දමරාජානං පරිවාරෙත්‍වා ආගතානං පුරිසානං නවුතිකොටිසහස‍්සානි දමෙත්‍වා සබ‍්බෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බාජෙත්‍වා තස‍්මිංයෙව දිවසෙ අරහත‍්තං පත‍්තෙහි භික‍්ඛූහි පරිවුතො චතුරඞ‍්ගසමන‍්නාගතෙ සන‍්නිපාතෙ පාතිමොක‍්ඛං උද‍්දිසි. අයං දුතියො සන‍්නිපාතො අහොසි. යදා පන සක‍්කො දෙවරාජා සුගතදස‍්සනත්‍ථාය උපසඞ‍්කමි, තදා සුමනො භගවා අසීතියා අරහන‍්තකොටිසහස‍්සෙහි පරිවුතො පාතිමොක‍්ඛං උද‍්දිසි, අයං තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

ඒ සුමන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය. එහි පළමු සන්නිපාතයෙහි මේඛල නුවර ඇසුරෙහි වස්වැස පළමු පවාරණයෙහි එහි භික්‍ෂුභාවයෙන් පැවිදි වූ කෙළලක්‍ෂයක් රහතුන් සමග භාග්‍යවතුන් වහන්සේ නිවාරණ කළ සේක. මෙය පළමු සන්නිපාතය විය. ඉක්බිති පසු කාලයෙහි සංඛස්ස පුරයට නුදුරුව අරින්දම රජුගේ පින් බෙලෙන් නිපන් යොදුනක් පමණ රන් පර්වතයක වැඩහිඳ සරාකල රුසිරුරස් ඇති යුගඳුරු මුදුනෙහි දිවාකරයා මෙන් මුනිදිවාකරයාණෝ අරින්දම රජු පිරිවරා ආ අනූකෙළ දහසක් පුරුෂයන් දමනය කොට සියල්ලන් ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි කොට එදිනම රහත් වූවන් පිරිවරා සතරඟින් යුත් රැස්වීමෙහි පාමොක් උදෙසූහ. මෙය දෙවන සන්නිපාතය විය. එකල්හි සක්දෙව්රජ බුදුන් දැකීම පිණිස ආයේය. සුමන භාග්‍යවතුන් වහන්සේ එදින රහතුන් අසූකෙළ දහසක් පිරිවරා පාමොක් උදෙසූහ. මේ තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, සුමනස‍්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං සුමනස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“වස‍්සංවුට‍්ඨස‍්ස භගවතො, අභිඝුට‍්ඨෙ පවාරණෙ; කොටිසතසහස‍්සෙහි, පවාරෙසි තථාගතො.

වස්සං වුත්‍ථස්ස භගවතො අභිඝුට්ඨෙ පවාරණෙ කොටිසතසහස්සෙහි පවාරෙසි තථාගතො

“තතො පරං සන‍්නිපාතෙ, විමලෙ කඤ‍්චනපබ‍්බතෙ; නවුතිකොටිසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

තතොපරං සන්නිපාතෙ විමලෙ කඤ්චනපබ්බතෙ නවුති කොටිසහස්සානං දුතියො ආසි සමාගමො

“යදා සක‍්කො දෙවරාජා, බුද‍්ධදස‍්සනුපාගමි; අසීතිකොටිසහස‍්සානං, තතියො ආසි සමාගමො”ති.

යදා සක්කො දෙවරාජා බුද්ධදස්සනුපාගමි අසීති කොටිසහස්සානං තතියෙං ආසි සමාගමොති

තත්‍ථ අභිඝුට‍්ඨෙ පවාරණෙති ලිඞ‍්ගවිපල‍්ලාසො දට‍්ඨබ‍්බො, අභිඝුට‍්ඨාය පවාරණායාති අත්‍ථො. තතොපරන‍්ති තතො අපරභාගෙ. කඤ‍්චනපබ‍්බතෙති කනකමයෙ පබ‍්බතෙ. බුද‍්ධදස‍්සනුපාගමීති බුද‍්ධදස‍්සනත්‍ථමුපාගමි. තදා කිර අම‍්හාකං බොධිසත‍්තො අතුලො නාම නාගරාජා අහොසි මහිද‍්ධිකො මහානුභාවො. සො “ලොකෙ බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා ඤාතිගණපරිවුතො සකභවනා නික‍්ඛමිත්‍වා කොටිසතසහස‍්සභික‍්ඛුපරිවාරස‍්ස සුමනස‍්ස භගවතො දිබ‍්බෙහි තුරියෙහි උපහාරං කාරෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පච‍්චෙකදුස‍්සයුගානි දත්‍වා සරණෙසු පතිට‍්ඨාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එහි අභිඝුට්ඨෙ පවාරණෙ යනු; ලිංගවිපර්යාශය දතයුතුයි. පවාරණය ප්‍රකාශ කළ කල්හි යන අර්ථයි. තතො පරං යනු; එයින් මෑත භාගයෙහි. කඤ්චනපබ්බතෙ යනු; රන්මුවා පර්වතයෙහි. බුද්ධදස්සනුපාගමි යනු; බුදුන් දැකීමට පැමිණියේය. එකල වනාහි අප බෝසත්හු මහර්ධිමත් මහානුභාව ඇති අතුලනම් නාරජාණ කෙනෙක් වූහ. ඔහු ලොව බුදුන් උපන් බව අසා නෑගණ පිරිවරා සිය භවනයෙන් නික්ම කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවැරූ සුමන භාග්‍යවතුන් වහන්සේට දිව්‍යතූර්යයෙන් උපහාර කරවා මහදන් දී එක් එක් සළුසඟළ පුදා සරණ පිහිටියහ. ඒ ශාස්තෘන් වහන්සේ ද ඔහු මතු බුදුවන්නාහයි ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, නාගරාජා මහිද‍්ධිකො; අතුලො නාම නාමෙන, උස‍්සන‍්නකුසලසඤ‍්චයො.

අහං තෙන සමයෙන නාගරාජා මහිද්ධිකො අතුලො නාම නාමෙන උස්සන්තකුසල සඤ්චයො

“තදාහං නාගභවනා, නික‍්ඛමිත්‍වා සඤාතිභි; නාගානං දිබ‍්බතුරියෙහි, සසඞ‍්ඝං ජිනමුපට‍්ඨහිං.

තදාහං නාගභවනා නික්‍ඛමිත්‍වා සඤාතිහි නාගානං දිබ්බතුරියෙහි සසංඝ ජිනමුපට්ඨහිං

“කොටිසතසහස‍්සානං , අන‍්නපානෙන තප‍්පයිං; පච‍්චෙකදුස‍්සයුගං දත්‍වා, සරණං තමුපාගමිං.

කොටිසතසහස්සානං අන්නපානෙන කප්පයිං පච්චෙකදුස්සයුගං දත්‍වා සරණං තමුපාගමිං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, සුමනො ලොකනායකො; අපරිමෙය්‍යිතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොසි මං බුද්ධො ව්‍යාකාසි සුමනො ලොකනායකො අපරිමෙය්‍ය ඉතො කප්පෙ අයං බුද්ධො භවස්සති

“පධානං පදහිත්‍වාන…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං”. යථා කොණ‍්ඩඤ‍්ඤබුද‍්ධවංසෙ, එවං අට‍්ඨ ගාථා විත්‍ථාරෙතබ‍්බාති.

පධානං පදභිත්‍වාන -පෙ- භෙස්සාම සම්මුඛා ඉමං කොණ්ඩඤ්ඤ බුද්ධවංසයෙහි ආ පරිද්දෙන් මෙසේ ගාථා අට විස්තර කළ යුතුය.

“තස‍්සාපි වචනං සුත්‍වා, භිය්‍යො චිත‍්තං පසාදයිං; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාපි වචනං සුත්‍වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියාති

තස‍්ස පන සුමනස‍්ස භගවතො මෙඛලං නාම නගරං අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, සිරිමා නාම දෙවී මාතා, සරණො ච භාවිතත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, උදෙනො නාමුපට‍්ඨාකො, සොණා ච උපසොණා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, නවුතිහත්‍ථුබ‍්බෙධං සරීරං, නවුතියෙව වස‍්සසහස‍්සානි ආයුප‍්පමාණං අහොසි, වටංසිකා නාමස‍්ස මහෙසී දෙවී, අනූපමො නාම පුත‍්තො අහොසි, හත්‍ථියානෙන නික‍්ඛමි. උපට‍්ඨාකො අඞ‍්ගරාජා. අඞ‍්ගාරාමෙ වසීති. තෙන වුත‍්තං –

ඒ සුමන භාග්‍යවතුන් වහන්සේගේ නගරය මේඛල නම් විය. පියා සුදත්ත නමි. මව සිරිමා නමි. සරණ භාවිතත්ත දෙනම අග්‍රාශ්‍රාවකයෝය. උපස්ථායක උදේන නමි. සොණා උපසොණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. බොධිය නාග වෘක්‍ෂයයි. ශරීරය අනූරියන් උසය. ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසක් විය. උන්වහන්සේගේ දේවිය වටංසකා නමි. පුත්‍රයා අනුපම නම් විය. ඇත්යානයෙන් නික්මුණහ. උපස්ථායක අංග රජය. අංග රාමයෙහි විසූ සේක. එයින් කියන ලදි-

“නගරං මෙඛලං නාම, සුදත‍්තො නාම ඛත‍්තියො; සිරිමා නාම ජනිකා, සුමනස‍්ස මහෙසිනො.

නගරං මෙඛලං නාම සුදත්තො නාම ඛත්තියො සිරිමා නාම ජනිකා සුමනස්ස මහෙසිනො

“නවවස‍්සසහස‍්සානි, අගාරං අජ‍්ඣ සො වසි; චන්‍දො සුචන්‍දො වටංසො ච, තයො පාසාදමුත‍්තමා.

නවවස්සසහස්සානි අගාරමජ්ඣෙ සො වසි චන්‍දො සුචන්‍දො වටංසොච තයො පාසාදමුත්තමං

“තෙසට‍්ඨිසතසහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; වටංසිකා නාම නාරී, අනූපමො නාම අත්‍රජො.

තෙසට්ඨිසහස්සානි නාරියො සමලංකතා වටංසකා නාම නාරි අනුපමො නාම අත්‍රජො

“නිමිත‍්තෙ චතුරො දිස‍්වා, හත්‍ථියානෙන නික‍්ඛමි; අනූනදසමාසානි, පධානං පදහී ජිනො.

නිමිත්තෙ චතුරො දිස්වා හත්‍ථියානෙන නික්‍ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො

“බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො, සුමනො ලොකනායකො; වත‍්ති චක‍්කං මහාවීරො, මෙඛලෙ පුරමුත‍්තමෙ.

බ්‍රහ්මුණා යාචිතො සන්තො සුමනො ලොකනායකො වත්ති චක්කං මහාවීරො මෙඛලෙ පුරවරුත්තමෙ

“සරණො භාවිතත‍්තො ච, අහෙසුං අග‍්ගසාවකා; උදෙනො නාමුපට‍්ඨාකො, සුමනස‍්ස මහෙසිනො.

සරණො භාවිතත්තො ච අහෙසුං අග්ගසාවකා උදෙන්ත නාමපට්ඨානො සුමනස්ස මහෙසිනො

“සොණා ච උපසොණා ච, අහෙසුං අග‍්ගසාවිකා; සොපි බුද‍්ධො අමිතයසො, නාගමූලෙ අබුජ‍්ඣථ.

සොණාච උපසොණා ච අහෙසුං අග්ගසාවීකා සොපි බුද්ධො අමිතයසො නාගමූලෙ අබුජ්ඣ ථ

“වරුණො චෙව සරණො ච, අහෙසුං අග‍්ගුපට‍්ඨකා; චාලා ච උපචාලා ච, අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

වරුණො ච සරණෙ ච අහෙසුං අග්ගුපට්ඨතා චාලා ච උපචාලා ච අහෙසුං අග්ගුපට්ඨිකා

“උච‍්චත‍්තනෙන සො බුද‍්ධො, නවුතිහත්‍ථමුග‍්ගතො; කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො, දසසහස‍්සී විරොචති.

උච්චත්තනෙන සො බුද්ධො නවුතිහත්‍ථ සමුග්ගතො කඤ්චනගසියසංකාසෙ දසසහස්සී විරොචති

“නවුතිවස‍්සසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානොසො තාරෙසි ජනතංබහුං

“තාරණීයෙ තාරයිත්‍වා, බොධනීයෙ ච බොධයි; පරිනිබ‍්බායි සම‍්බුද‍්ධො, උළුරාජාව අත්‍ථමි.

කාරණීයෙ කාරයිත්‍වා බොධනීයෙ ච බොධයී පරිනිබ්බායි සම්බුද්ධො උලුරාජාව අත්‍ථමි

“තෙ ච ඛීණාසවා භික‍්ඛූ, සො ච බුද‍්ධො අසාදිසො; අතුලප‍්පභං දස‍්සයිත්‍වා, නිබ‍්බුතා තෙ මහායසා.

තෙ ච ඛීණාසවා භික්‍ඛු සො ච බුද්ධො අසාදිසො අතුලං පහං දස්සයිත්‍වා නිබ්බුතා තෙ මහායසා

“තඤ‍්ච ඤාණං අතුලියං, තානි ච අතුලානි රතනානි; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

තඤ්ච ඤාණං අතුලියං තානි ච අතුලියානි රතනානි සබ්බං සමතන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරා

“සුමනො යසධරො බුද‍්ධො, අඞ‍්ගාරාමම‍්හි නිබ‍්බුතො; තත්‍ථෙව තස‍්ස ජිනථූපො, චතුයොජනමුග‍්ගතො”ති.

සුමනො යසධරො බුද්ධො අංගාරාම්මහි නිබ්බුතො තත්‍ථෙව තස්ස ජිනථු පො චතුයොජනමුග්ග තොති

තත්‍ථ කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසොති විවිධරතනවිචිත‍්තකඤ‍්චනමයග‍්ඝිකසදිසරූපසොභො. දසසහස‍්සී විරොචතීති තස‍්ස පභාය දසසහස‍්සීපි ලොකධාතු විරොචතීති අත්‍ථො. තාරණීයෙති තාරයිතබ‍්බෙ, තාරයිතුං වුත‍්තෙ සබ‍්බෙ බුද‍්ධවෙනෙය්‍යෙති අත්‍ථො. උළුරාජාවාති චන්‍දො විය. අත්‍ථමීති අත්‍ථඞ‍්ගතො. කෙචි “අත්‍ථං ගතො”ති පඨන‍්ති. අසාදිසොති අසදිසො. මහායසාති මහාකිත‍්තිසද‍්දා මහාපරිවාරා ච. තඤ‍්ච ඤාණන‍්ති තං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්ච. අතුලියන‍්ති අතුල්‍යං අසදිසං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි කඤ්චනග්ඝිය සංකාසො යනු; නන්රුවනින් විසිතුරු රන්මුවා ඇගෑයක් සමාන රූපශෝභා ඇත්තේ. දසසහස්සී විරොචති යනු; උන්වහන්සේගේ ප්‍රභායෙන් දසසහස්‍රී ලෝකධාතුව බබළයි. විරාජිත වෙයි යන අර්ථයි. තාරණීයෙ යනු; තරණය කරවිය යුත්තන්. සියලු බුද්ධ වෙනෙය්‍යයන් යන අර්ථයි. උලුරාජාව යනු; චන්‍ද්‍රයා මෙන්. අත්‍ථමී යනු; අස්තංගත වූහ. අත්‍ථං ගතො යි සමහරු කියති. අසාදිසො යනු; අසමාන. මහායසා යනු; මහත් කිතුගොස ඇත්තාහු. තංච ඤාණං යනු; ඒ සර්වඥතා ඥානය. අතුලං යනු; අතුල්‍ය, අසමාන, සෙස්ස පැහැදිලිමය.

සුමනබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

සුමන බුද්ධවංස වර්ණනය නිමි.

නිට‍්ඨිතො චතුත්‍ථො බුද‍්ධවංසො.

සතරවන බුද්ධවංසය සමාප්තයි.