3. මඞ්ගලබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
3. මඞ්ගලබුද්ධවංසවණ්ණනා
3. මංගල බුද්ධවංස වර්ණනාව
කොණ්ඩඤ්ඤෙ කිර සත්ථරි පරිනිබ්බුතෙ තස්ස සාසනං වස්සසතසහස්සං පවත්තිත්ථ. බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන සාසනමස්ස අන්තරධායි. කොණ්ඩඤ්ඤස්ස පන අපරභාගෙ එකමසඞ්ඛ්යෙය්යමතික්කමිත්වා එකස්මිංයෙව කප්පෙ චත්තාරො බුද්ධා නිබ්බත්තිංසු මඞ්ගලො, සුමනො, රෙවතො, සොභිතොති. තත්ථ මඞ්ගලො පන ලොකනායකො කප්පසතසහස්සාධිකානි සොළස අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං ඨත්වා පඤ්චසු පුබ්බනිමිත්තෙසු උප්පන්නෙසු බුද්ධකොලාහලං නාම උදපාදි, තදා දසසහස්සචක්කවාළෙ දෙවතායො එකස්මිං චක්කවාළෙ සන්නිපතිත්වා ආයාචන්ති –
කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ලක්ෂයක් අවුරුදු පැවැත්තේය. බුද්ධ අනුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් උන්වහන්සේගේ සසුන අතුරුදහන් විය. කොණ්ඩඤ්ඤ බුදුන්ට පසුකාලයෙහි එක් අසංඛ්‍ය කපක් ගෙවී එකම කපක සතර බුදු කෙනෙක් උපන්හ. මංගල සුමන රේවත සෝභිත කියායි. එහි මංගල ලෝකනායකයාණෝ කප්ලක්ෂයක් අධික සොළසාසංඛ්‍යයක් පාරමී පුරා තුසීපුර ඉපිද එහි ආයු තාක් සිට පස්පෙරනිමිති උපන්කල බුද්ධ කෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. එකල්හි දසදහසක් සක්වළ දෙවියෝ රැස්ව ...
“කාලො ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67);
මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මව්කුස උපත මැනව. දෙවියන් සහිත ලෝකයා එතෙර කරවමින් අමා පදය අවබෝධ කරනු මැනව කියා ආයාචනා කරති.
එවං දෙවෙහි ආයාචිතො කතපඤ්චවිලොකනො තුසිතා කායා චවිත්වා සබ්බනගරුත්තමෙ උත්තරනගරෙ අනුත්තරස්ස උත්තරස්ස නාම රඤ්ඤො කුලෙ උත්තරාය නාම දෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. තදා අනෙකානි පාටිහාරියානි පාතුරහුං. තානි දීපඞ්කරබුද්ධවංසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි. තස්සා උත්තරාය කිර මහාදෙවියා කුච්ඡිස්මිං සබ්බලොකමඞ්ගලස්ස මඞ්ගලස්ස මහාසත්තස්ස පටිසන්ධිග්ගහණතො පට්ඨාය සරීරප්පභා රත්තින්දිවං අසීතිහත්ථප්පමාණං පදෙසං ඵරිත්වා චන්දාලොකසූරියාලොකෙහි අනභිභවනීයා හුත්වා අට්ඨාසි. සා ච අඤ්ඤෙනාලොකෙන විනා අත්තනො සරීරප්පභාසමුදයෙනෙව අන්ධකාරං විධමිත්වා අට්ඨසට්ඨියා ධාතීහි පරිචාරියමානා විචරති.
මෙසේ අයදනා ලදුව පස්මහ බැලුම් ඇතිව තුසීපුරෙන් සැව හැමනුවරින් උතුරු උතුරු නුවර අනුත්තර උතුරු නම් නිරිඳුකුල උතුරු නම් මෙහෙසි කුස පිළිසිඳ ගත්හ. එකල නන් පෙළහර පහළවිය. ඒවා දීපංකර බුද්ධවංසයෙහි කී නියායෙන් දතයුතු. සකලලෝක මංගල මහසතුන් උත්තරා මෙහෙසි කුස පිළිසිඳ ගැනීමෙහි පටන් දිවා රෑ ශරීරාලෝකය අසූරියන් පමණ තැන් පැතිර සඳ එළියෙන්, ඉරු එළියෙන් නොමැඩිය හැකි සේ සිටියේය. ඕ තොමෝ ද අන් ආලෝකයක් නැතිව ශරීරාලෝකයෙන්ම අඳුරු දුරු කොට අටසැටක් කිරිමවුන් විසින් උවටැන් කරන ලද්දී වාසය කළාය.
සා කිර දෙවතාහි කතාරක්ඛා දසන්නං මාසානං අච්චයෙන පරමසුරභිකුසුමඵලධරසාඛාවිටපෙ කමලකුවලයසමලඞ්කතෙ රුරු-සීහ-බ්යග්ඝ-ගජ-ගවය-මහිංසපසදවිවිධමිගගණවිචරිතෙ පරමරමණීයෙ උත්තරමධුරුය්යානෙ නාම මඞ්ගලුය්යානෙ මඞ්ගලමහාපුරිසං විජායි . සො ජාතමත්තොව මහාසත්තො සබ්බා දිසා විලොකෙත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගන්ත්වා ආසභිං වාචං නිච්ඡාරෙසි. තස්මිඤ්ච ඛණෙ සකලදසසහස්සිලොකධාතූසු දෙවතා දිස්සමානසරීරා දිබ්බමාලාදීහි සමලඞ්කතගත්තා තත්ථ තත්ථ ඨත්වා ජයමඞ්ගලථුතිවචනානි සම්පවත්තෙසුං. පාටිහාරියානි වුත්තනයානෙව. නාමග්ගහණදිවසෙ පනස්ස ලක්ඛණපාඨකා සබ්බමඞ්ගලසම්පත්තියා ජාතොති “මඞ්ගලකුමාරො” ත්වෙව නාමං කරිංසු.
දෙවි රැකවරණ ලද ඕතොමෝ දසමස් ගෙවීමෙන් උත්තරමධුර උයන්හි මංගල මහපුරිස් ප්‍රසූත කළාය. ඒ මහපුරුෂයාණෝ උපන් කෙණෙහිම සියලු දික් බලා උත්තර දිශාභිමුඛව සත් පියවරින් ගොස් අභීතනාද කළහ. එකෙණෙහි සියලු දසදහසක් ලෝවාසි දෙවියෝ දෘශ්‍යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරහී එහි සිට මඟුල් තුති වදන් පැවැත්වූහ. පෙළහරද කී පරිදිමය. උන්වහන්සේට නම් තබන දිනයෙහි ලකුණු කියන්නෝ සියලු මඟුල් සම්පත් හටගත්තේ යයි මංගල කුමාර කියාම නම් කළහ.
තස්ස කිර යසවා රුචිමා සිරිමාති තයො පාසාදා අහෙසුං. යසවතීදෙවිප්පමුඛානි තිංසනාටකිත්ථිසහස්සානි අහෙසුං. තත්ථ මහාසත්තො නවවස්සසහස්සානි දිබ්බසුඛසදිසං සුඛං අනුභවිත්වා යසවතියා අග්ගමහෙසියා කුච්ඡිස්මිං සීලවං නාම පුත්තං ලභිත්වා චත්තාරි නිමිත්තානි දිස්වා අලඞ්කතං පණ්ඩරං නාම සුන්දරතුරඞ්ගවරමාරුය්හ මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පබ්බජි. තං පන පබ්බජන්තං තිස්සො මනුස්සකොටියො අනුපබ්බජිංසු. තෙහි පරිවුතො මහාපුරිසො අට්ඨ මාසෙ පධානචරියමචරි.
උන්වහන්සේට යස වා සුචිමා සිරිමා නම් තුන් පහයක් විය. යසවතී දේවිය ප්රමුඛ තිස්දහසක් නළඟනෝ වූහ. මහසත්හු එහි නවදහසක් හවුරුදු දෙව්සැප බඳු සැපවිඳිමින් යසවතී අගමෙහෙසිය කුස සීලව නම් පුතු ලැබ සතර නිමිති දැක සැරසූ පඩෙර නම් චරතුරඟු නැඟී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. පැවිදිවන උන්වහන්සේ අනුව තෙකෙළක් මිනිස්සු පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහපුරුෂයාණෝ අටමසක් වීර්යයෙහි යෙදී
තතො විසාඛපුණ්ණමාය උත්තරගාමෙ උත්තරසෙට්ඨිනො ධීතාය උත්තරාය නාම දින්නං පක්ඛිත්තදිබ්බොජං මධුපායාසං පරිභුඤ්ජිත්වා සුරභිකුසුමාලඞ්කතෙ නීලොභාසෙ මනොරමෙ සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්වා උත්තරෙන නාම ආජීවකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා අසිතඤ්ජනගිරිසඞ්කාසං අක්කන්තවරකනකජාලකූටංව සීතච්ඡායං විවිධමිගගණසම්පාතවිරහිතං මන්දමාලුතෙරිතාය ඝනසාඛාය සමලඞ්කතං නච්චන්තමිව පීතියා විරොචමානං නාගබොධිං උපසඞ්කමිත්වා මත්තවරනාගගාමී නාගබොධිං පදක්ඛිණං කත්වා පුබ්බුත්තරපස්සෙ ඨත්වා අට්ඨපණ්ණාසහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා තත්ථ පල්ලඞ්කං ආභුජිත්වා චතුරඞ්ගසමන්නාගතං වීරියං අධිට්ඨහිත්වා සබලං මාරබලං විද්ධංසෙත්වා පුබ්බෙනිවාසදිබ්බචක්ඛුඤාණානි පටිලභිත්වා පච්චයාකාරසම්මසනං කත්වා ඛන්ධෙසු අනිච්චාදිවසෙන අභිනිවිසිත්වා අනුක්කමෙන අනුත්තරං සම්මාසම්බොධිං පත්වා –
ඉක්බිති වෙසක් පසළොස්වක් දින උත්තරගම උත්තර සිටුහුගේ දූ උත්තරා දුන් දිවඕජා බහාලූ මී කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර ගෙවා උත්තර ආජීවක දුන් අට තණමිට ගෙන මතැත් ගමනින් නාබෝධිය පැදකුණු කොට ගිනිකොණ සිට අටපනස් රියන් තණ ඇතිරි අතුරා එහි පර්යංකය වැළඳ චතුරංගසමන්නාගත වීර්යය ඉටා සබල මාරබල විධමා පුබ්බෙනිවාස දිබ්බචක්ඛු ඤාණ ලබා ප්‍රත්‍යයාකාර මෙනෙහි කිරිම්කොට ස්කන්ධයන්හි අනිත්‍යාදීන් පිවිස අනුක්රමයෙන් අභිසම්බෝධියට පැමිණ ...
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
අනේකජාති සංසාරං -පෙ- යි
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154) –
උදානං උදානෙසි.
උදන් ඇනූහ.
මඞ්ගලස්ස පන සම්මාසම්බුද්ධස්ස අඤ්ඤෙහි බුද්ධෙහි අධිකතරා සරීරප්පභා අහොසි. යථා පන අඤ්ඤෙසං සම්මාසම්බුද්ධානං සමන්තා අසීතිහත්ථප්පමාණා වා බ්යාමප්පමාණා වා සරීරප්පභා අහොසි, න එවං තස්ස. තස්ස පන භගවතො සරීරප්පභා නිච්චකාලං දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි. තරුගිරිඝරපාකාරඝටකවාටාදයො සුවණ්ණපට්ටපරියොනද්ධා විය අහෙසුං. නවුතිවස්සසතසහස්සානි ආයු තස්ස අහොසි. එත්තකං කාලං චන්දසූරියතාරකාදීනං පභා නත්ථි. රත්තින්දිවපරිච්ඡෙදො න පඤ්ඤායිත්ථ. දිවා සූරියාලොකෙන විය සත්තා නිච්චං බුද්ධාලොකෙනෙව සබ්බකම්මානි කරොන්තා විචරිංසු. සායං පුප්ඵනකකුසුමානං පාතො ච රවනකසකුණාදීනඤ්ච වසෙන ලොකො රත්තින්දිවපරිච්ඡෙදං සල්ලක්ඛෙසි.
මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාව වනාහි වෙනත් බුදුවරයන් වහන්සේලාගේ ශරීර ප්රභාවට වඩා අධිකතර විය. අන් බුදුවරයන්ගේ වනාහි අසූ රියන් පමණ හෝ බඹයක් පමණ හෝ ශරීරප්‍රභාව වෙයි. උන්වහන්සේගේ එසේ නොවෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය නිබඳ දසදහසක් ලෝකධාතුවෙහි පැතුරුනේ විය. අනූ ලක්ෂයක් අවුරුදු ආයු විය. එතෙක් කල් සඳ හිරු තරුවල ආලෝකය හෝ රෑ දාවල් සීමා හෝ නොපෙනිණ. දවල් ඉරු එළියෙන් මෙන් සත්ත්වයෝ නිතර බුද්ධාලෝකයෙන් සියලු වැඩ කරමින් විසූහ. සවස පිපෙන මලින් උදය නාද කරන කුරුල්ලන් නිසා ලෝකය රෑ දාවල් සීමා දත්හ.
කිං පන අඤ්ඤෙසං බුද්ධානං අයමානුභාවො නත්ථීති? නො නත්ථි. තෙපි හි ආකඞ්ඛමානා දසසහස්සිලොකධාතුං තතො වා භිය්යො ආභාය ඵරෙය්යුං. මඞ්ගලස්ස පන භගවතො පුබ්බපත්ථනාවසෙන අඤ්ඤෙසං බ්යාමප්පභා විය සරීරප්පභා නිච්චමෙව දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි. සො කිර බොධිසත්තකාලෙ වෙස්සන්තරත්තභාවසදිසෙ අත්තභාවෙ සපුත්තදාරො වඞ්කපබ්බතසදිසෙ පබ්බතෙ වසි. අථෙකො සබ්බජනවිහෙඨකො ඛරදාඨිකො නාම මනුස්සභක්ඛො මහෙසක්ඛො යක්ඛො මහාපුරිසස්ස දානජ්ඣාසයතං සුත්වා බ්රාහ්මණවණ්ණෙන උපසඞ්කමිත්වා මහාසත්තං ද්වෙ දාරකෙ යාචි. මහාසත්තො “දදාමි බ්රාහ්මණස්ස පුත්තකෙ”ති හට්ඨපහට්ඨො උදකපරියන්තං පථවිං කම්පෙන්තො ද්වෙ දාරකෙ අදාසි. අථ ඛො යක්ඛො තස්ස පස්සන්තස්සෙව මහාපුරිසස්ස තං බ්රාහ්මණවණ්ණං පහාය අනලජාලපිඞ්ගලවිරූපනයනො විසමවිරූපකුටිලභීමදාඨො චිපිටකවිරූපනාසො කපිලඵරුසදීඝකෙසො නවදඩ්ඪතාලක්ඛන්ධසදිසකායො හුත්වා තෙ දාරකෙ මුළාලකලාපං විය ගහෙත්වා ඛාදි. මහාපුරිසස්ස යක්ඛං ඔලොකෙත්වා මුඛෙ විවටමත්තෙ අග්ගිජාලං විය ලොහිතධාරං උග්ගිරන්තං තස්ස මුඛං දිස්වාපි කෙසග්ගමත්තම්පි දොමනස්සං න උප්පජ්ජි. “සුදින්නං වත මෙ දාන”න්ති චින්තයතො පනස්ස සරීරෙ මහන්තං පීතිසොමනස්සං උදපාදි. සො “ඉමස්ස මෙ නිස්සන්දෙන අනාගතෙ ඉමිනා නීහාරෙන රස්මියො නික්ඛමන්තූ”ති පත්ථනමකාසි. තස්ස තං පත්ථනං නිස්සාය බුද්ධභූතස්ස සරීරතො රස්මියො නික්ඛමිත්වා එත්තකං ඨානං ඵරිංසු.
කිම අන් බුදුවරුන්ට මේ අනුහස නැත්තේ ද? නැත්තේ නොවේ. උන්වහන්සේලාද කැමති නම් දසදහස් ලෝකධාතුව හෝ ඊට වැඩිය ආලෝකය පතුරුවන්නාහ. මංගල භාග්‍යවතුන් වහන්සේගේ පෙරපැතුම් වශයෙන් අන්‍යයන්ගේ ව්‍යාමප්‍රභාව මෙන් ශරීර ප්‍රභාව නිබඳව දසදහස් ලෝකධාතුවෙහි පැතිර සිටියේය. උන්වහන්සේ බෝසත් කල වෙසතුරු අත්බැව සමාන අත්බැවක අඹුදරුවන් සමග වංකගිරි සම පර්වතයක විසූහ. ඉක්බිති එක සකලජන හිංසක මහබල ඇති මිනීකන ඛරදාඨික නම් යකෙක් විය. මහාපුරුෂයන්ගේ දාන අදහස් දැන බමුණු වෙසින් පැමිණ මහසතුන්ගෙන් දෙදරුවන් ඉල්වීය. මහපුරිස්හු බමුණාට දෙදරුවන් දෙමියි තුටු පහටුව දියහිම් පොළොව කම්පාකොට දෙදරුවන් දුන්හ. ඉක්බිති යක්ෂයා උන්වහන්සේ බලා සිටියදීම බමුණු වෙස හැර දමා ගිනිදැල් බඳු පිඟුවන් ඇස් ඇති විසම විරූප වකුටු දළ ඇති බුන් විරූපී නාසා ඇති තඹරළු දික් කෙහෙ ඇති නවදැලි තල්කඳක් වැනි සිරුරු ඇති යක්වෙස් ඇත්තේ ඒ දරුවන් නෙළුම් අල මිටියක් සේ ගෙන කෑවේය. මහසතාණන්ට යක්ෂයා දෙස බලා කට විවර කළවිටම ගිනිදැල් මෙන් උණු ලේ ධාරා වැගිරෙනු මුඛය දැකීමෙනුත් මඳ දොම්නසක් වත් නොහටගත්තේය. මා විසින් මනා දනක් දෙනලදැයි සිතන උන්වහන්සේට මහත් සතුටු සොම්නසක් ඇති විය. උන්වහන්සේ මේ කුසල විපාකයෙන් අනාගතයෙහි මේ අයුරින්ම රැස් නික්මේවායි පැතූහ. උන්වහන්සේගේ ඒ පැතුම නිසා බුදුවූ උන්වහන්සේගේ සිරුරින් රස් නික්ම මෙතෙක් තැන් පැතිරුණේය.
අපරම්පි පුබ්බචරියං තස්ස අත්ථි. අයං කිර බොධිසත්තකාලෙ එකස්ස බුද්ධස්ස චෙතියං දිස්වා – “ඉමස්ස බුද්ධස්ස මම ජීවිතං පරිච්චජිතුං වට්ටතී”ති දණ්ඩදීපිකාවෙඨනනියාමෙන සකලසරීරං වෙඨාපෙත්වා රතනමත්තමකුළං සතසහස්සග්ඝනිකං සුවණ්ණපාතිං සුගන්ධසප්පිස්ස පූරාපෙත්වා තත්ථ සහස්සවට්ටියො ජාලෙත්වා තං සීසෙනාදාය සකලසරීරං ජාලාපෙත්වා ජිනචෙතියං පදක්ඛිණං කරොන්තො සකලරත්තිං වීතිනාමෙසි. එවං යාව අරුණුග්ගමනා වායමන්තස්ස ලොමකූපමත්තම්පි උසුමං න ගණ්හි. පදුමගබ්භං පවිට්ඨකාලො විය අහොසි. ධම්මො හි නාමෙස අත්තානං රක්ඛන්තං රක්ඛති. තෙනාහ භගවා –
තවද උන්වහන්සේගේ පෙර චරිතයක් ඇත. උන්වහන්සේ බෝසත් කල එක් බුදුකෙනකුන්ගේ චෛත්‍යයක් දැක මම මෙයට ජීවිත පරිත්‍යාග කළයුතුයයි දඬුවැට පහනක් වෙළන පරිද්දෙන් මුළු සිරුර වෙළා රියනක් පමණ ලක්ෂයක් අගනා රන් බඳුනක් සුවඳ ගිතෙලින් පුරවා එහි දහසක් වැටි දල්වා එය හිස තබාගෙන මුළු සිරුර දල්වා සෑය පැදකුණු කරමින් මුළු රැය පහන් කළහ. මෙසේ අරුණෝදය දක්වා වෑයම් කරන උන්වහන්සේගේ ලෝමකූපයක් වත් රත් නොවීය. පියුම් ගැබකට පිවිසි කලක් මෙන් විය. මේ ධර්මය නම් තමන් රක්නවුත් රක්නේමය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති; එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102; 1.15.385);
ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරියා ආරක්ෂා කරයි. ප්‍රගුණ කළ ධර්මය සුව ගෙනදෙයි. ආචීර්ණ ධර්මයෙහි ආනිශංසය මෙයයි. ධර්මචාරී තෙම දුගතියට නොයයි.
ඉමස්සාපි කම්මස්ස නිස්සන්දෙන තස්ස සරීරොභාසො දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි (ධ· ස· අට්ඨ· නිදානකථා). තෙන වුත්තං –
මේ කර්මයෙහි විපාකයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ආලෝකය දසසහස්‍රී ලෝකධාතුවෙහි පැතිර සිටියේය. එයින් කියන ලදි.
“කොණ්ඩඤ්ඤස්ස අපරෙන, මඞ්ගලො නාම නායකො; තමං ලොකෙ නිහන්ත්වාන, ධම්මොක්කමභිධාරයි.
කොණ්ඩඤ්ඤස්ස අපරෙන මංගලො නාම නායකො තමං ලොකෙ නිහනත්වාන ධම්මොක්කමභිධාරයී
“අතුලාසි පභා තස්ස, ජිනෙහඤ්ඤෙහි උත්තරිං; චන්දසූරියප්පභං හන්ත්වා, දසසහස්සී විරොචතී”ති.
අතුලාසි පභා තස්ස ජීනෙහඤ්ඤෙහි උත්තරිං චන්දසුරියප්පභං භනත්වා දසසහස්සී විරොචතීති
තත්ථ තමන්ති ලොකන්ධකාරඤ්ච හදයතමඤ්ච. නිහන්ත්වානාති අභිභවිත්වා. ධම්මොක්කන්ති එත්ථ අයං පන උක්කා-සද්දො සුවණ්ණකාරමූසාදීසු අනෙකෙසු අත්ථෙසු දිස්සති. තථාහි “සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපෙය්යා”ති (ම· නි· 3.360) ආගතට්ඨානෙ සුවණ්ණකාරානං මූසා “උක්කා”ති වෙදිතබ්බා. “උක්කං බන්ධෙය්ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්යා”ති ආගතට්ඨානෙ කම්මාරානං අඞ්ගාරකපල්ලං. “කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහී”ති (ජා· 2.22.649) ආගතට්ඨානෙ කම්මාරුද්ධනං. “එවංවිපාකො උක්කාපාතො භවිස්සතී”ති (දී· නි· 1.24, 208) ආගතට්ඨානෙ වායුවෙගො “උක්කා”ති වුච්චති. “උක්කාසු ධාරියමානාසූ”ති (දී· නි· 1.159) ආගතට්ඨානෙ දීපිකා “උක්කා”ති වුච්චති. ඉධාපි දීපිකා උක්කාති අධිප්පෙතා (ම· නි· අට්ඨ· 1.76 ආදයො). තස්මා ඉධ ධම්මමයං උක්කං අභිධාරයි, අවිජ්ජන්ධකාරපටිච්ඡන්නස්ස අවිජ්ජන්ධකාරාභිභූතස්ස ලොකස්ස ධම්මමයං උක්කං ධාරෙසීති අත්ථො.
එහි තමං යනු; ලෝකාන්ධකාරය සහ හෘදයතමසයි. නිහනත්වා යනු; මැඩ. ධම්මොක්කං යනු; මේ උක්කාශබ්දය රන්කරුවාගේ කෝවය ආදි නොඑක් අර්ථවල දැක්වෙයි. කී අයුරු - සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපති ආ තැන ලෝකුරුවන්ගේ කෝවය උක්කායි දතයුතුය. උක්කං බන්ධෙය්ය උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්ය යි තැන කඹුරන්නේ අඟුරුවළයි. කම්මාරානං යථා උක්කං ඇතුළත දැවෙයි. පිටත නොවෙයි. යන තැන කඹුරන්ගේ උදුනයි. එවං විපාකො උක්කාපාතො භවීස්සති යි ආ තැන වාතවෙගය උක්කායි දතයුතු. උක්කාසු ධාරියමානාසු යන තැන පන්දම් උක්කයි දතයුතු. මෙහිද පන්දම් උක්කා නමින් අදහස් කරන ලදි. එහෙයින් මෙහි ධර්මමය ප්‍රදීපය දැරූහ. අවිදු අඳුරෙන් වැසූහ. අවිදු අඳුරෙන් මැඩුණු ලෝකයට ධර්මමය ප්‍රදීපය දැරූහ යන අර්ථයි.
අතුලාසීති අතුල්යා ආසි. අයමෙව වා පාඨො, අඤ්ඤෙහි බුද්ධෙහි අසදිසා අහොසීති අත්ථො. ජිනෙහඤ්ඤෙහීති ජිනෙහි අඤ්ඤෙහි . චන්දසූරියප්පභං හන්ත්වාති චන්දසූරියානං පභං අභිහන්ත්වා. දසසහස්සී විරොචතීති චන්දසූරියාලොකං විනා බුද්ධාලොකෙනෙව දසසහස්සී විරොචතීති අත්ථො.
අතුලාසි යනු; අතුල්‍යය විය. අතුල්යාසි යන්නම හෝ පාඨයි. අන් බුදුවරුන් හා අසම වූහ ය න අර්ථයි. ජිනෙ හඤ්ඤෙහි යනු; අන් ජිනයන් වහන්සේලා හා. හනත්වා යනු; සඳහිරුගේ ආලෝකය නසා දසසහස්සී විරොචති යනු; සඳහිරු ආලෝකයෙන් තොරව බුද්ධාලෝකයෙන්ම දසසහස්රිය බබළයි යන අර්ථයි.
මඞ්ගලසම්මාසම්බුද්ධො පන අධිගතබොධිඤාණො බොධිමූලෙයෙව සත්තසත්තාහානි වීතිනාමෙත්වා බ්රහ්මුනො ධම්මායාචනං සම්පටිච්ඡිත්වා – “කස්ස නු ඛො අහං ඉමං ධම්මං දෙසෙය්ය”න්ති (ම· නි· 1.284; 2.341; මහාව· 10) උපධාරෙන්තො අත්තනා සහ පබ්බජිතානං භික්ඛූනං තිස්සො කොටියො උපනිස්සයසම්පන්නං අද්දස. අථස්ස එතදහොසි – “ඉමෙ කුලපුත්තා මං පබ්බජන්තං අනුපබ්බජිතා උපනිස්සයසම්පන්නා ච, තෙ මයා විසාඛපුණ්ණමාය විවෙකත්ථිකෙන විස්සජ්ජිතා සිරිවඩ්ඪනනගරං උපනිස්සාය සිරිවනගහනං ගන්ත්වා විහරන්ති, හන්දාහං තත්ථ ගන්ත්වා ධම්මං තෙසං දෙසෙස්සාමී”ති අත්තනො පත්තචීවරං ගහෙත්වා හංසරාජා විය ගගනතලමබ්භුග්ගන්ත්වා සිරිවනගහනෙ පච්චුට්ඨාසි. තෙ ච භික්ඛූ භගවන්තං වන්දිත්වා අන්තෙවාසිකවත්තං දස්සෙත්වා භගවන්තං පරිවාරෙත්වා නිසීදිංසු. තෙසං භගවා සබ්බබුද්ධනිසෙවිතං ධම්මචක්කප්පවත්තනසුත්තන්තං කථෙසි. තතො තිස්සො භික්ඛුකොටියො අරහත්තං පාපුණිංසු. දෙවමනුස්සානං කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහොසි. තෙන වුත්තං –
මංගල බුදුහු බුදුව බෝමුලම සත්සති ගෙවා බඹහුගේ ධර්මාරාධනය පිළිගෙන කාහට මම මේ දහම පළමුව දෙසන්නෙම්දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ හේතුසම්පන්න තුන්කෙළක් භික්ෂූන් දුටහ. මේ කුලපුත්‍රයෝ පැවිදි වූ මා අනුව පැවිද්ද ගත් හේතු සම්පන්නයෝය. වෙසක් පුන්පොහෝදින විවේකකාමීව පිටත්කොට හරින ලද්දාහු සිරිවඩ්ඪන නුවර ළඟ සිරිවන ගහණයෙහි වසන්නාහ. එහි ගොස් ඔවුන්ට දහම් දෙසීම මැනවැයි සිතා තමන් වහන්සේගේ පාසිවුරු ගෙන හසරජකු මෙන් අහසට නැග සිරිවන ගහණයෙහි එළඹ සිටියහ. ඒ භික්ෂූහු බුදුන් වැඳ අතවැසි වත් සපයා බුදුන් පිරිවරා හුන්හ. බුදුහු උන්වහන්සේලාට හැම බුදුවරුන් සෙවුනා ලද දම්සක් පැවතුම් සුතුර දෙසූහ. එවිට ඒ තිස්කෝටිය රහත් වූහ. ලක්ෂකෝටියක් දෙවි මිනිසුන්ට ධර්මාවබෝධ විය. එහෙයින් කියන ලදි-
“සොපි බුද්ධො පකාසෙසි, චතුරො සච්චවරුත්තමෙ; තෙ තෙ සච්චරසං පීත්වා, විනොදෙන්ති මහාතමං.
සොපි බුද්ධො පකාසෙසි චතුරො සච්චවරුත්තමෙ තෙ තෙ සච්චරසං පීත්වා විනොදෙන්ති මහාතවං
“පත්වාන බොධිමතුලං, පඨමෙ ධම්මදෙසනෙ; කොටිසතසහස්සානං, ධම්මාභිසමයො අහූ”ති.
පත්වාන බොධිමතුලං පඨමෙ ධම්මදෙසනෙ කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
තත්ථ චතුරොති චත්තාරි. සච්චවරුත්තමෙති සච්චානි ච වරානි ච සච්චවරානි, සච්චානි උත්තමානීති අත්ථො. “චත්තාරො සච්චවරුත්තමෙ”තිපි පාඨො, තස්ස චත්තාරි සච්චවරානි උත්තමානීති අත්ථො. තෙ තෙති තෙ තෙ දෙවමනුස්සා බුද්ධෙන භගවතා විනීතා. සච්චරසන්ති චතුසච්චපටිවෙධාමතරසං පිවිත්වා. විනොදෙන්ති මහාතමන්ති තෙන තෙන මග්ගෙන පහාතබ්බං මොහතමං විනොදෙන්ති, විද්ධංසෙන්තීති අත්ථො. පත්වානාති පටිවිජ්ඣිත්වා. බොධින්ති එත්ථ පනායං බොධි-සද්දො –
එහි චතුරො සච්චවරුත්තමෙ යනු; සතර සත්‍යයයි. උතුම් භාග්‍යවතුන් වහන්සේ උතුම් යන අර්ථයි. චත්තාරො සච්චවරුත්තමො යනු ද පාඨයි. එහි සතර සත්යයවර නම් උත්තම යන අර්ථයි. ඒ දිව්‍යමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් හික්මවන ලදහ. සච්චරසං යනු; චතුස්සත්‍ය ප්රතිවෙධාමෘතරසය. පීත්වා විනොදෙන්ත මහාතත්වං යනු; ඒ මගින් පහකළ යුතු මොහඳුර දුරලති. නසාලති යන අර්ථයි. පත්වාන යනු; ප්‍රතිවේධ කොට බොධිං යනු;
“මග්ගෙ ඵලෙ ච නිබ්බානෙ, රුක්ඛෙ පඤ්ඤත්තියං තථා; සබ්බඤ්ඤුතෙ ච ඤාණස්මිං, බොධිසද්දො පනාගතො”.
මග්ගෙ ඵලෙ ච නිබ්බානෙ රුක්ඛෙ පණ්ණත්තියං තථා සබ්බඤ්ඤුතෙ ච ඤාණස්මිං බොධිසද්දො පනාගතො
තථා හි පනෙස – “බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණ”න්තිආදීසු (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) මග්ගෙ ආගතො. “උපසමාය අභිඤ්ඤාය සම්බොධාය සංවත්තතී”ති (ම· නි· 1.33; 3.323; මහාව· 13; සං· නි· 5.1081; පටි· ම· 2.30) එත්ථ ඵලෙ. “පත්වාන බොධිං අමතං අසඞ්ඛත”න්ති එත්ථ නිබ්බානෙ. “අන්තරා ච ගයං අන්තරා ච බොධි”න්ති (ම· නි· 1.285; 2.341; මහාව· 11) එත්ථ අස්සත්ථරුක්ඛෙ. “බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දතී”ති එත්ථ (ම· නි· 2.324; චූළව· 268) පඤ්ඤත්තියං. “පප්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) එත්ථ සබ්බඤ්ඤුතඤ්ඤාණෙ. ඉධාපි සබ්බඤ්ඤුතඤ්ඤාණෙ දට්ඨබ්බො. අරහත්තමග්ගඤාණෙපි වට්ටති (ම· නි· අට්ඨ· 1.13; උදා· අට්ඨ· 1; පාරා· අට්ඨ· 1.11; චරියා· අට්ඨ· නිදානකථා). අතුලන්ති තුලරහිතං පමාණාතීතං, අප්පමාණන්ති අත්ථො. සම්බොධිං පත්වා ධම්මං දෙසෙන්තස්ස තස්ස භගවතො පඨමෙ ධම්මදෙසනෙති අත්ථො ගහෙතබ්බො.
එසේමැයි. බොධිවුච්චති චතුසු මග්ගෙසු ඤාණං ආදියෙහි මාර්ගයෙහි ආයේය. උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සවෙත්තති යන මෙහි ඵලයෙහිය. පත්වාන බොධිං අමතං අසංඛතං මෙහි නිර්වාණයෙහිය. අන්තරාච බොධිං අන්තරා ච ගයං මෙහි ඇසතු වෘක්ෂයෙහිය. බොධිරාජකුමාරො භගවතො පාදෙ වන්දි යන මෙහි ප්රඥන්තියෙහිය. පප්පොහි බොධිං වරභූරිමෙධසො මෙහි සර්වඥතා ඥානයෙහිය. මෙහිදී සර්වඥතාඥානයෙහි යයි දතයුතුය. අර්හත් මාර්ග ඥානයෙහි ද සුදුසුය. අතුලං යනු ප්රමාණාතීත, අප්‍රමාණ යන අර්ථයි. සම්බෝධියට පැමිණ ධර්මදේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙහි යයි අරුත් ගතයුතුය.
යදා පන චිත්තං නාම නගරං උපනිස්සාය විහරන්තො චම්පකරුක්ඛමූලෙ කණ්ඩම්බරුක්ඛමූලෙ අම්හාකං භගවා විය තිත්ථියානං මානමද්දනං යමකපාටිහාරියං කත්වා සුරාසුරයුවතිරතිසම්භවනෙ රුචිරනවකනකරජතමයවරභවනෙ තාවතිංසභවනෙ පාරිච්ඡත්තකරුක්ඛමූලෙ පණ්ඩුකම්බලසිලාතලෙ නිසීදිත්වා අභිධම්මං කථෙසි, තදා කොටිසතසහස්සානං දෙවතානං ධම්මාභිසමයො අහොසි, අයං දුතියො අභිසමයො. යදා පන සුනන්දො නාම චක්කවත්තිරාජා සුරභිනගරෙ පූරිතචක්කවත්තිවත්තො හුත්වා චක්කරතනං පටිලභි. තං කිර මඞ්ගලදසබලෙ ලොකෙ උප්පන්නෙ චක්කරතනං ඨානා ඔසක්කිතං දිස්වා සුනන්දො රාජා විගතානන්දො බ්රාහ්මණෙ පරිපුච්ඡි – “ඉමං චක්කරතනං මම කුසලෙන නිබ්බත්තං, කස්මා ඨානා ඔසක්කිත”න්ති? තතො තෙ තස්ස රඤ්ඤො ඔසක්කනකාරණං බ්යාකරිංසු. “චක්කවත්තිරඤ්ඤො ආයුක්ඛයෙන වා පබ්බජ්ජූපගමනෙන වා බුද්ධපාතුභාවෙන වා චක්කරතනං ඨානා ඔසක්කතීති වත්වා තුය්හං පන, මහාරාජ, ආයුක්ඛයො නත්ථි, අතිදීඝායුකො ත්වං, මඞ්ගලො පන සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො, තෙන තෙ චක්කරතනං ඔසක්කිත”න්ති. තං සුත්වා සුනන්දො චක්කවත්තිරාජා සපරිජනො තං චක්කරතනං සිරසා වන්දිත්වා ආයාචි – “යාවාහං තවානුභාවෙන මඞ්ගලදසබලං සක්කරිස්සාමි, තාව ත්වං මා අන්තරධායස්සූ”ති. අථ නං චක්කරතනං යථාඨානෙයෙව අට්ඨාසි.
යම් දිනක වනාහි චිත්ත නම් නුවර සමීපයෙහි වසමින් සපුරුක් මූල ගණ්ඩබ්බ මූල අප බුදුරදුන් මෙන් තීර්ථකයන්ගේ මදමාන මඩින යමක ප්රාතිහාර්යය කොට සුරාසුර යුවතිරති දනවන සුන්දර නවරන් රිදීමුවා භවන සැදි තව්තිසා භවනයෙහි පඹඇඹුල් සලසුන්හි වැඩහිඳ විජම් දෙසූහු ද එදා කෙළලක්ෂයක් දෙවියන්ට ධර්මාවබෝධ විය. මේ දෙවන අභිසමයයි. යම්දාක සුනන්ද නම් සක්විති රජ සුරභි නුවර සපිරූ සක්විතිවත් ඇත්තේ සක්රුවන ලැබීද එය මංගල බුදුන් ලොව පහළ වූ කල සැලෙනු දැක සුනන්ද රජ නොසතුටුව බමුණන් විමසීය. මාගේ කුසල බලයෙන් ජනිත මේ සක්රුවන කුමක් හෙයින් සැලිණිද කියායි. ඔවුහු ඒ රජුට සැලුණ හේතු පැවසූහ. සක්විති රජුගේ ආයු ගෙවීමෙන් හෝ පැවිදිවීමෙන් හෝ බුදු කෙනකුන් පහළවීමෙන් හෝ සක්රුවන තැනින් සැලේ යයි කියා මහරජ, ඔබගේ ආයු ගෙවීමක් නැත. ඔබ ඉතා දික් ආයු ඇත්තාහ. මංගල බුදුහු ලොව උපන්හ. එයින් ඔබගේ සක්රුවන සැලිණ කියායි. එයසා සුනන්ද සක්විති රජ පිරිවර ජනයා සහිතව සක්රුවන වැඳ ආයාචනා කළේය. යම්තාක් මම ඔබගේ අනුහසින් මංගල දසබලයන් වහන්සේට උවටැන් කරන්නෙම් ද ඔබ එතෙක් අතුරුදන් නොවුව මැනව කියායි. එවිට සක්රුවන නිසි තැනම පිහිටියේය.
තතො සමුපාගතානන්දො සුනන්දො චක්කවත්තිරාජා ඡත්තිංසයොජනපරිමණ්ඩලාය පරිසාය පරිවුතො සබ්බලොකමඞ්ගලං මඞ්ගලදසබලං උපසඞ්කමිත්වා සසාවකසඞ්ඝං සත්ථාරං මහාදානෙන සන්තප්පෙත්වා අරහන්තානං කොටිසතසහස්සානං කාසිකවත්ථානි දත්වා තථාගතස්ස සබ්බපරික්ඛාරෙ දත්වා සකලලොකවිම්හයකරං භගවතො පූජං කත්වා මඞ්ගලං සබ්බලොකනාථං උපසඞ්කමිත්වා දසනඛසමොධානසමුජ්ජලං විමලකමලමකුළසමමඤ්ජලිං සිරසි කත්වා වන්දිත්වා ධම්මස්සවනත්ථාය එකමන්තං නිසීදි. පුත්තොපි තස්ස අනුරාජකුමාරො නාම තථෙව නිසීදි.
එවිට හටගත් සොම්නස් ඇති සුනන්ද සක්විති රජ සතිස් යොදුන් පිරිමඩුලු ඇති පිරිස් පිරිවරා සකලලෝකමංගල දසලබලයාණන් වෙත ගොස් ශ්‍රාවක සංඝයා සහිත ශාස්තෘන් වහන්සේ මහදනින් සතප්වා කෙළ ලක්ෂයක් රහතුන්ට කසීසළු පුදා තථාගතයන් වහන්සේට සියලු පිරිකර පුදා මුළුලොව විස්මය කරවන බුදුපුද කොට මංගල ලෝකනායකයාණන් වෙත එළඹ දසනඛසමොධානයෙන් බබළන විමල කමල කැකුළු වන් අඤ්ජලි හිස තබා වැඳ බණ ඇසීමට පසෙක හිඳගත්තේය. ඔහුගේ පුත් අනුරාජකුමාර ද හිඳගත්තේය.
තදා සුනන්දචක්කවත්තිරාජප්පමුඛානං තෙසං භගවා අනුපුබ්බිකථං කථෙසි. සුනන්දො චක්කවත්තී සද්ධිං පරිසාය සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අථ සත්ථා තෙසං පුබ්බචරියං ඔලොකෙන්තො ඉද්ධිමයපත්තචීවරස්ස උපනිස්සයං දිස්වා චක්කජාලසමලඞ්කතං දක්ඛිණහත්ථං පසාරෙත්වා – “එථ, භික්ඛවො”ති ආහ. සබ්බෙ තඞ්ඛණංයෙව දුවඞ්ගුලකෙසා ඉද්ධිමයපත්තචීවරධරා වස්සසට්ඨිකත්ථෙරා විය ආකප්පසම්පන්නා හුත්වා භගවන්තං පරිවාරයිංසු. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
එකල්හි සුනන්ද සක්විති රජු ප්‍රධාන ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළ සේක. සුනන්ද රජ සහපිරිවරින් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ පෙර සිරිත් බලන්නාහු ඍද්ධිමය පා සිවුරු සම්පත් දැක සක්දැලින් සුසැදි දකුණත දිගුකොට මහණෙනි, එව්හි වදාළහ. එකෙණෙහි සියල්ලෝ දෑඟුල් කෙස් ඇති පාසිවුරුධර සියවස්ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරා ගත්හ. මේ තෙවන අභිසමය විය. එයින් කියන ලදි-
“සුරින්දදෙවභවනෙ, බුද්ධො ධම්මමදෙසයි; කොටිසතසහස්සානං, දුතියාභිසමයො අහු.
සුරින්දදෙව භවනෙ බුද්ධො ධම්මමදෙසයි නවකොටි සහස්සානං දුතියාභිසමයො අහු
“යදා සුනන්දො චක්කවත්තී, සම්බුද්ධං උපසඞ්කමි; තදා ආහනි සම්බුද්ධො, ධම්මභෙරිං වරුත්තමං.
යදා සුනන්දො චක්කවත්ති සම්බුද්ධමුපසංකමි තදා අහනි සම්බුද්ධො ධම්මභෙරිං වරුත්තමං
“සුනන්දස්සානුචරා ජනතා, තදාසුං නවුතිකොටියො; සබ්බෙපි තෙ නිරවසෙසා, අහෙසුං එහිභික්ඛුකා”ති.
සුනන්දස්සානුචරා ජනතා තදාසුං නවුතිකොටියො සබ්බෙව තෙ නිරවස්සො අහෙසුං එහි භික්ඛුකාති
තත්ථ සුරින්දදෙවභවනෙති පුන දෙවින්දභවනෙති අත්ථො. ධම්මන්ති අභිධම්මං. ආහනීති අභිහනි. වරුත්තමන්ති වරො භගවා උත්තමං ධම්මභෙරින්ති අත්ථො. අනුචරාති නිබද්ධචරා සෙවකා. ආසුන්ති අහෙසුං. “තදාසි නවුතිකොටියො”තිපි පාඨො. තස්ස ජනතා ආසි, සා ජනතා කිත්තකාති චෙ, නවුතිකොටියොති අත්ථො.
එහි සුරින්ද දෙවභවනෙ යනු; නැවත ශක්‍ර භවනයෙහි යන අර්ථයි. ධම්මං යනු අභිධර්මයි. අහනි යනු; තැලූහ. වරුත්තමං යනු; ශ්‍රේෂ්ඨ භාග්‍යවත් උතුමාණෝ. ධර්මභෙරිය යන අර්ථයි. අනචරා යනු; බැඳී හැසිරෙන සේවකයෝ ආසුං යනු; වූහ. තදාසි නවුති කොටියො කියාත් පාඨයි. උන්වහන්සේගේ ජනතාව වූහ. ජනතාව කොපමණද නව කෝටියකි යන අර්ථයි.
අථ මඞ්ගලෙ කිර ලොකනාථෙ මෙඛලෙ පුරෙ විහරන්තෙ තස්මිංයෙව පුරෙ සුදෙවො ච ධම්මසෙනො ච මාණවකා මාණවකසහස්සපරිවාරා තස්ස භගවතො සන්තිකෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිංසු . මාඝපුණ්ණමාය ද්වීසු අග්ගසාවකෙසු සපරිවාරෙසු අරහත්තං පත්තෙසු සත්ථා කොටිසතසහස්සභික්ඛුගණමජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, අයං පඨමො සන්නිපාතො අහොසි. පුන උත්තරාරාමෙ නාම අනුත්තරෙ ඤාතිසමාගමෙ පබ්බජිතානං කොටිසතසහස්සානං සමාගමෙ පාතිමොක්ඛං උද්දිසි, අයං දුතියො සන්නිපාතො අහොසි. සුනන්දචක්කවත්තිභික්ඛුගණසමාගමෙ නවුතිකොටිසහස්සානං භික්ඛූනං මජ්ඣෙ පාතිමොක්ඛං උද්දිසි, අයං තතියො සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
ඉක්බිති මංගල ලෝකනාථයාණෝ මේඛල නුවර වසන්නාහු දසදහසක් තරුණයන් පිරිවැරූ සුදේවද ධම්මසේනද බුදුන් වෙත ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූහ. මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මධ්‍යයෙහි පාමොක් දෙසූහ. මේ දෙවන සන්නිපාතය විය. සුනන්ද සක්විති සමාගමයෙහි අනූකෝටිලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් උදෙසූහ. මෙය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
“සන්නිපාතා තයො ආසුං, මඞ්ගලස්ස මහෙසිනො; කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
සන්නිපාතා තයො ආසුං මංගලස්ස මහෙසිනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො
“දුතියො කොටිසතසහස්සානං, තතියො නවුතිකොටිනං; ඛීණාසවානං විමලානං, තදා ආසි සමාගමො”ති.
දුතියො කොටිසහස්සානං තතියො නවුතිකොටියො ඛීණාසවානං විමලානං තදා ආසි සමාගමො
තදා අම්හාකං බොධිසත්තො සුරුචිබ්රාහ්මණගාමෙ සුරුචි නාම බ්රාහ්මණො හුත්වා තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො අහොසි. සො සත්ථාරං උපසඞ්කමිත්වා දසබලස්ස මධුරධම්මකථං සුත්වා භගවති පසීදිත්වා සරණං ගන්ත්වා – “ස්වෙ මය්හං භික්ඛං ගණ්හථා”ති සසාවකසඞ්ඝං භගවන්තං නිමන්තෙසි. සො භගවතා “බ්‍රාහ්මණ, කිත්තකෙහි භික්ඛූහි තෙ අත්ථො”ති වුත්තො – “කිත්තකා පන වො, භන්තෙ, පරිවාරා භික්ඛූ”ති ආහ. තදා පඨමසන්නිපාතොව හොති, තස්මා “කොටිසතසහස්ස”න්ති වුත්තෙ – “යදි එවං, භන්තෙ, සබ්බෙහිපි සද්ධිං මය්හං භික්ඛං ගණ්හථා”ති නිමන්තෙසි. සත්ථා අධිවාසෙසි.
එකල අප බෝසත්හු සුරුචි බමුණුගම සුරුචි බමුණුගම නිඝණ්ඩු කේටුභ සහිත ත්‍රිවේද පාරගත ඉතිහාසය පස්වනු කොට ඇති අක්ෂරභේද සහිත පද දත් වියරණ දත් ලෝකායන මහාපුරුෂ ලක්ෂණයන්හි අද්විතීය වූ. හෙතෙම බුදුන් කරා එළඹ බණ අසා පැහැද සරණ පිහිටා හෙට මාගේ දානය පිළිගනු මැනවැයි සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේය. බමුණ, කෙතෙක් භික්ෂූන් දැයි උන්වහන්සේ විසින් විමසන ලද හෙතෙම ස්වාමීනි, ශ්‍රාවක පිරිස කොපමණදැයි විචාළේය. එවිට ප්‍රථම සන්නිපාතය සිදුවූයේ විය. එහෙයින් කෙළ ලක්ෂයකැයි වදාළහ. එසේ නම් ස්වාමීනි, සියලු භික්ෂූන් සමග මාගේ දානය පිළිගනු මැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන් වහන්සේ පිළිගත්හ.
බ්රාහ්මණො භගවන්තං ස්වාතනාය නිමන්තෙත්වා අත්තනො ඝරං ගච්ඡන්තො චින්තෙසි – “අහං එත්තකානං භික්ඛූනං යාගුභත්තවත්ථාදීනි දාතුං සක්කොමි, නිසීදනට්ඨානං පන කථං භවිස්සතී”ති. තස්ස කිර සා චින්තනා චතුරාසීතියොජනසහස්සප්පමාණෙ මෙරුමත්ථකෙ ඨිතස්ස දෙවරාජස්ස දසසතනයනස්ස පණ්ඩුකම්බලසිලාසනස්ස උණ්හාකාරං ජනෙසි. අථ සක්කො දෙවරාජා ආසනස්ස උණ්හභාවං දිස්වා – “කො නු ඛො මං ඉමම්හා ඨානා චාවෙතුකාමො”ති සමුප්පන්නපරිවිතක්කො දිබ්බෙන චක්ඛුනා මනුස්සලොකං ඔලොකෙන්තො මහාපුරිසං දිස්වා – “අයං මහාසත්තො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා තස්ස නිසීදනත්ථාය චින්තෙසි, මයාපි තත්ථ ගන්ත්වා පුඤ්ඤකොට්ඨාසං ගහෙතුං වට්ටතී”ති වඩ්ඪකීවණ්ණං නිම්මිනිත්වා වාසිඵරසුහත්ථො මහාපුරිසස්ස පුරතො පාතුරහොසි. සො “අත්ථි නු ඛො කස්සචි භතියා කත්තබ්බකම්ම”න්ති ආහ.
බමුණ සෙටට බුදුරදුන්ට ආරාධනා කොට ගෙට යන්නේ මෙසේ සිතීය. මම මෙතෙක් භික්ෂූන්ට කැඳබත් දීමට සමත් වෙමි. හිඳිනා තැන් කෙසේද කියායි. ඔහුගේ එම සිතුවිල්ල අසූසාර දහසක් යොදුන් මෙරමත ඇති දහසක් නුවන් ඇති සක්දෙව් රජුගේ පඬුඇඹුල්සල අසුන උණුසුම් විය. සක්දෙව් රජ අසුනෙහි උණුසුම් බව දැක කවරෙක් නම් මා මෙතනින් පහකරනු කැමැත්තේදැයි සිතන්නේ දිවැසින් මිනිස් ලොව බලා මහාපුරුෂයන් දැක මේ මහාපුරුෂයාණෝ බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට හිඳිනා තැන් සිතති. මා ද එහි ගොස් පින් කොටසක් ගැනීම වටනේ යයි වඩු වෙසක් මවාගෙන නෑ පොරෝ ගත් අතැතිව මහසතුන් ඉදිරියෙහි පෙනී සිටියේය. හෙතෙම කාගේ හෝ බැළ සඳහා වඩුවැඩක් ඇද්දැයි විමසීය.
මහාසත්තො දිස්වා “කිං කම්මං කාතුං සක්ඛිස්සසී”ති ආහ. “මම අජානනසිප්පං නාම නත්ථි, යො යො යං යං ඉච්ඡති මණ්ඩපං වා පාසාදං වා අඤ්ඤං වා කිඤ්චි නිවෙසනාදිකං, තස්ස තස්ස තං තං කාතුං සමත්ථොම්හී”ති. “තෙන හි මය්හං කම්මං අත්ථී”ති. “කිං, අය්යා”ති? “ස්වාතනාය මයා කොටිසතසහස්සභික්ඛූ නිමන්තිතා, තෙසං නිසීදනමණ්ඩපං කරිස්සසී”ති? “අහං නාම කරෙය්යං, සචෙ මෙ භතිං දාතුං සක්ඛිස්සථා”ති. “සක්ඛිස්සාමි, තාතා”ති. “යදි එවං, සාධු, කරිස්සාමී”ති වත්වා එකං පදෙසං ඔලොකෙසි. සො ද්වාදසයොජනප්පමාණො පදෙසො කසිණමණ්ඩලං විය සමතලො පරමරමණීයො අහොසි. පුන සො “එත්තකෙ ඨානෙ සත්තරතනමයො දට්ඨබ්බසාරමණ්ඩො මණ්ඩපො උට්ඨහතූ”ති චින්තෙත්වා ඔලොකෙසි. තතො තාවදෙව මණ්ඩපසදිසො පථවිතලං භින්දිත්වා මණ්ඩපො උට්ඨහි. තස්ස සොවණ්ණමයෙසු ථම්භෙසු රජතමයා ඝටකා අහෙසුං, රජතමයෙසු ථම්භෙසු සොවණ්ණමයා ඝටකා, මණිත්ථම්භෙසු පවාළමයා ඝටකා, පවාළමයෙසු ථම්භෙසු මණිමයා ඝටකා, සත්තරතනමයෙසු ථම්භෙසු සත්තරතනමයා ඝටකා අහෙසුං.
මා දන්නා යම් යම් ශිල්පයකැයි නැත. යමෙක් යමෙක් යමක් යමක් කැමති වෙයිද මණ්ඩපයක් හෝ ප්‍රාසාදයක් හෝ වෙන කිසියම් නිවාසයක් හෝ කැමති වෙයිද ඔහුගේ ඒ ඒ කටයුත්ත කිරීමට සමත් වෙමියි කීය. එසේ නම් මාගේ වැඩක් තිබේ. ආර්යය කුමක්ද? හෙට දිනට කෙළලක්ෂයක් භික්ෂූන්ට ආරාධනා කළෙමි. උන්වහන්සේලාට හිඳිනා මඩුවක් කරව. මට වැටුප් දිය හැකිනම් කරන්නෙමියි කීය. හැකිවෙමියි කීය. එසේ නම් කරන්නෙමියි කියා එක් ප්‍රදේශයක් බැලීය. ඒ දොළොස් යොදුන් ප්‍රමාණ ප්‍රදේශය කසිණ මණ්ඩලයක් මෙන් සමතල පරමරම විය. නැවත හෙතෙම මෙපමණ තැන දැකුම්කළු සත්රුවන්මුවා මඩුවක් නැගේවායි සිතා බැලීය. එවිට දිවමඩුවක් බඳුව පොළෝතලය බිඳගෙන මඩුවක් නැගී ගියේය. එහි රන්මුවා ටැම්වල රිදීමුවා ඝටක විය. රිදීමුවා ටැම්වල රුවන්මුවා මිණිටැම්වල පබළුමුවා පබළුමුවා ටැම්වල මිණිමුවා සත් රුවන්මුවා ටැම්වල සත්රුවන්මුවා ඝටක විය.
තතො මණ්ඩපස්ස අන්තරන්තරාපි කිඞ්කිණිකජාලා ඔලම්බතූ”ති ඔලොකෙසි, සහ ඔලොකනෙන කිඞ්කිණිකජාලා ඔලම්බි, යස්ස මන්දවාතෙරිතස්ස පඤ්චඞ්ගිකස්සෙව තුරියස්ස පරමමනොරමො මධුරො සද්දො නිච්ඡරති, දිබ්බසඞ්ගීතිවත්තනකාලො විය අහොසි. “අන්තරන්තරා දිබ්බගන්ධදාමපුප්ඵදාමපත්තදාමසත්තරතනදාමානි ඔලම්බන්තූ”ති චින්තෙසි, සහ චින්තාය දාමානි ඔලම්බිංසු. “කොටිසතසහස්සසඞ්ඛානං භික්ඛූනං ආසනානි ච කප්පියමහග්ඝපච්චත්ථරණානි ආධාරකානි ච පථවිං භින්දිත්වා උට්ඨහන්තූ”ති චින්තෙසි, තාවදෙව උට්ඨහිංසු. “කොණෙ කොණෙ එකෙකා උදකචාටි උට්ඨහතූ”ති චින්තෙසි, තඞ්ඛණංයෙව උදකචාටියො පරමසීතලෙන මධුරෙන සුවිසුද්ධසුගන්ධකප්පියවාරිනා පුණ්ණා කදලිපණ්ණපිහිතමුඛා උට්ඨහිංසු. සො දසසතනයනො එත්තකං මාපෙත්වා බ්රාහ්මණස්ස සන්තිකං ගන්ත්වා – “එහි, අය්ය, තව මණ්ඩපං දිස්වා මය්හං භතිං දෙහී”ති ආහ. මහාපුරිසො ගන්ත්වා තං මණ්ඩපං ඔලොකෙසි. තස්ස ඔලොකෙන්තස්සෙව සකලසරීරං පඤ්චවණ්ණාය පීතියා නිරන්තරං ඵුටං අහොසි.
මණ්ඩපය ඇතුළත කිකිණිදැල් එල්බේවායි බැලීය. බැලූ විගසින් කිකිණිදැල් එල්බිණ. එයින් සුළගේ සැලෙනවිට පසඟතුරුවලින් මෙන් පරම මනරම් මිහිරි නද විහිදෙයි. දිව සංගීත පවත්නා කලෙක මෙන් විය. අතරතුර දිවගඳදම් දිවමල්දම් දිවපත්දම් දිවරුවන්දම් එල්බේවායි සිතීය. සිතනු සමගම එල්බිණ. කෙළලක්ෂයක් පමණ සඟනට ආසන කැප ඇතිරි පසතුරුණු ආධාරක පොළව පළාගෙන නැගේවායි සිතීය. එකෙණෙහිම පැනනැගිණ. කොණෙහි කොණෙහි එකිනෙක දියසැළි නැගේවායි සිතීය. එකෙණෙහිම පරම සිහිල් මිහිරි සුපිරිසිදු කැප සුවඳ පැන් පිරි කෙසෙල් වැසූ මුව ඇති සැළි පහළ විය. ඒ දහසක් නුවන් ඇති ශක්‍රයා මෙතෙක් දෑ මවා බමුණානන් වෙත ගොස් ආර්යය, එන්න. ඔබේ මඩුව බලා මාගේ බැළය දුන මැනවැයි කීය. බෝසත්හු ගොස් ඒ මඩුව බැලූහ. බලද්දීම උන්වහන්සේගේ සකල ශරිරය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය.
අථස්ස මණ්ඩපං ඔලොකයතො එතදහොසි – “නායං මණ්ඩපො මනුස්සභූතෙන කතො, මය්හං අජ්ඣාසයං මය්හං ගුණං ආගම්ම අද්ධා සක්කස්ස දෙවරඤ්ඤො භවනං උණ්හං අහොසි, තතො සක්කෙන දෙවානමින්දෙන අයං මණ්ඩපො නිම්මිතො”ති. “න ඛො පන මෙ යුත්තං එවරූපෙ මණ්ඩපෙ එකදිවසංයෙව දානං දාතුං, සත්තාහං දස්සාමී”ති චින්තෙසි. බාහිරකදානං නාම තත්තකම්පි සමානං බොධිසත්තානං හදයං තුට්ඨිං කාතුං න සක්කොති, අලඞ්කතසීසං වා ඡින්දිත්වා අඤ්ජිතානි වා අක්ඛීනි උප්පාටෙත්වා හදයමංසං වා උබ්බට්ටෙත්වා දින්නකාලෙ බොධිසත්තානං චාගං නිස්සාය තුට්ඨි නාම හොති. අම්හාකං බොධිසත්තස්ස හි සිවිජාතකෙ (ජා· 1.15.52 ආදයො) දෙවසිකං පඤ්චකහාපණසතසහස්සානි විස්සජ්ජෙත්වා චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙති පඤ්චසු ඨානෙසු දානං දෙන්තස්ස තං දානං චාගතුට්ඨිං උප්පාදෙතුං නාසක්ඛි. යදා පනස්ස බ්රාහ්මණවණ්ණෙන ආගන්ත්වා සක්කො දෙවරාජා අක්ඛීනි යාචි, තදා සො තානි චක්ඛූනි උප්පාටෙත්වා අදාසි, දදමානස්සෙව හාසො උප්පජ්ජි, කෙසග්ගමත්තම්පි චිත්තස්ස අඤ්ඤථත්තං නාහොසි. එවං සබ්බඤ්ඤුබොධිසත්තානං බාහිරදානං නිස්සාය තිත්ති නාම නත්ථි. තස්මා සොපි මහාපුරිසො – “මයා කොටිසතසහස්සසඞ්ඛානං භික්ඛූනං දානං දාතුං වට්ටතී”ති චින්තෙත්වා තස්මිං මණ්ඩපෙ නිසීදාපෙත්වා සත්තාහං ගවපානං නාම දානං අදාසි.
මණ්ඩප බලන උන්වහන්සේට මෙසේ සිතිණ. මෙය මිනිසෙකු විසින් කරන ලද්දක් නම් නොවේ. මාගේ අදහස මාගේ දණ දැන ඒකාන්තයෙන් සක්දෙව් රජුගේ භවන උණු වන්නට ඇත. එනිසා සක්දෙවිඳු මේ මණ්ඩපය කළේ වන කියායි. මෙවැනි මඩුවක එක් දිනක් දන්දීම මට නොසෑහෙයි. සතියක් දෙමියි සිතීය. බාහිර දානය කෙතෙක් වුවත් බෝසත්වරුන්ගේ හදවත සතුටු කිරීමට අසමත් වෙයි. සැරසූ හිස සිඳ දීමෙන් බෝසත්වරුන් ත්‍යාගය නිසා සතුටක් උපදී. අප බෝසතුන්ට සිවි ජාතකයෙහි දිනපතා කහවනු පන්ලක්ෂයක් වියදම් කොට සතර දොරටුවෙහිද නගර මධ්‍යයෙහිද දන් දෙන්නාහු නමුත් ඒ දානය ත්‍යාග සන්තුෂ්ටිය ඉපදවීමට අපොහොසත් විය. යම්දාක වනාහි බමුණු වෙසින් පැමිනි සක්දෙව්රජ ඇස් ඉල්වූයේද එදින ලොවට එකම ඇසක් වූ උන්වහන්සේ ඇස් උපුටා දුන් සේක්ද? දෙන්නාවූම උන්වහන්සේට ප්‍රීතිය උපන්නේය. කෙසගක් පමණ හෝ සිතේ වෙනසක් නොවීය. මෙසේ බෝසත්වරුන්ට දානයෙහි සෑහීමක් නම් නැත. එහෙයින් ඒ මහා පුරුෂයාණෝ ද මා විසින් කෙළලක්ෂයක් භික්ෂූන්ට දන්දීම වටනේයයි සිතා ඒ මණ්ඩපයෙහි වඩා හිඳුවා සතියක් ගවපාන නම් දනක් දුන්හ.
එත්ථ ගවපානන්ති මහන්තෙ මහන්තෙ කොලම්බෙ ඛීරස්ස පූරෙත්වා උද්ධනෙසු ආරොපෙත්වා ඝනපාකපක්කෙ ඛීරෙ ථොකථොකෙ තණ්ඩුලෙ පක්ඛිපිත්වා පක්කමධුසක්ඛරචුණ්ණසප්පීහි අභිසඞ්ඛතභොජනං වුච්චති. ඉදමෙව චතුමධුරභොජනන්තිපි වුච්චති. මනුස්සායෙව පන පරිවිසිතුං නාසක්ඛිංසු. දෙවාපි එකන්තරිකා හුත්වා පරිවිසිංසු. ද්වාදසයොජනප්පමාණම්පි තං ඨානං තෙ භික්ඛූ ගණ්හිතුං නප්පහොසියෙව, තෙ පන භික්ඛූ අත්තනො අත්තනො අනුභාවෙන නිසීදිංසු. පරියොසානදිවසෙ සබ්බෙසං භික්ඛූනං පත්තෙ ධොවාපෙත්වා භෙසජ්ජත්ථාය සප්පිනවනීතමධුඵාණිතාදීනං පූරෙත්වා තිචීවරෙහි සද්ධිං අදාසි. තත්ථ සඞ්ඝනවකභික්ඛුනා ලද්ධචීවරසාටකා සතසහස්සග්ඝනිකා අහෙසුං.
ගවපාන යනු මහසැළිවල කිරි පුරවා ළිප තබා ඝන වනතුරු පැසවා කිරිවලට සහල් ටික ටික දමා සහල් පිස පැසවූ මීසකුරු කුඩු ගිතෙලින් සකස් කළ භෝජනයයි කියැවේ. මෙයම චතුමධුර භෝජනයයි කියනු ලැබේ. මිනිසුන්ට පමණක් වැළඳවිය නොහැකි විය. දෙවියෝ ද මුසුව වැළඳවූහ. දොළොස් යොදුන් පමණ වූ ඒ ස්ථානය ඒ භික්ෂූන්ට ප්‍රමාණවත් නොවීය. ඒ භික්ෂූහු තමන්ගේ ආනුභාවයෙන් වැඩහුන්හ. අවසන් දින සියලු භික්ෂූන්ගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු මීපැණි ආදිය පුරවා තුන්සිවුරු සමග පිදූහ. එහිදී හැමට බාල භික්ෂුව ලබන ලද සිවුරුපිළිය ලක්ෂයක් වටනේ විය.
අථ සත්ථා අනුමොදනං කරොන්තො – “අයං මහාපුරිසො එවරූපං මහාදානං අදාසි, කො නු ඛො භවිස්සතී”ති උපධාරෙන්තො – “අනාගතෙ කප්පසතසහස්සාධිකානං ද්වින්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති දිස්වා තතො මහාසත්තං ආමන්තෙත්වා – “ත්වං එත්තකං නාම කාලං අතික්කමිත්වා ගොතමො නාම බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි. අථ මහාපුරිසො භගවතො බ්‍යාකරණං සුත්වා පමුදිතහදයො – “අහං කිර බුද්ධො භවිස්සාමි, න මෙ ඝරාවාසෙන අත්ථො, පබ්බජිස්සාමී”ති චින්තෙත්වා තථාරූපං සම්පත්තිං ඛෙළපිණ්ඩං විය පහාය සත්ථු සන්තිකෙ පබ්බජිත්වා බුද්ධවචනං උග්ගණ්හිත්වා අභිඤ්ඤා ච අට්ඨ සමාපත්තියො ච නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො යාවතායුකං ඨත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකෙ නිබ්බත්ති. තෙන වුත්තං –
ශාස්තෘන් වහන්සේ අනුමෝදනා කරන සේක් මෙතෙම මෙවන් මහදනක් පිදීය. කවරෙක් නම් වන්නේදෝයි බලන සේක් මතු දෙයාසංඛ්‍ය කප්ලක්ෂයකින් ගෞතම නම් බුදුවරයා යයි දැක මහසතුන් අමතා ඔබ මෙතෙක් කල් ගෙවා ගොතම නම් බුදුවන්නාහයි ප්‍රකාශ කළ සේක. එවිට මහපුරිස්හි භාග්‍යවතුන් වහන්සේගේ විවරණ අසා ප්‍රමුදිත සිතින් මම බුදු වන්නෙමි. මට ගිහිගෙයි විසීමෙන් කම් නැත. පැවිදි වෙමියි සිතා ඒසා සම්පත් කෙළපිඩක් සේ හැර දමා බුදුන් වෙත පැවිදි වූ බුදුවදන් ඉගෙන අභිඥා ද අටසමවත් ද උපදවා නොපිරිහුණු දැහැනින් ආයු තාක් සිට බඹලොව උපන්හ. එයින් කියන ලදි.
“අහං තෙන සමයෙන, සුරුචී නාම බ්රාහ්මණො; අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ.
අහං තෙන සමයෙන සුරුචි නාම බ්රාහ්මණො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගු
“තමහං උපසඞ්කම්ම, සරණං ගන්ත්වාන සත්ථුනො; සම්බුද්ධප්පමුඛං සඞ්ඝං, ගන්ධමාලෙන පූජයිං; පූජෙත්වා ගන්ධමාලෙන, ගවපානෙන තප්පයිං.
තම්හං උපසංකම්ම සරණං ගනත්‍වාන සත්ථු නො සම්බුද්ධ පමුඛං සංඝං ගන්ධමාලෙන පූජයිං පූජෙත්වා ගන්ධමාලෙන ගවපානෙන තප්පයිං
“සොපි මං බුද්ධො බ්යාකාසි, මඞ්ගලො ද්විපදුත්තමො; අපරිමෙය්යිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි බුද්ධො වියාකාසි මංගලො දිපදුත්තමො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති
“පධානං පදහිත්වාන…පෙ… හෙස්සාම සම්මුඛා ඉම”න්ති. –
පධානං පදභිත්වාන -පෙ- භෙස්සාම සම්මුඛා ඉමං
අට්ඨ ගාථා විත්ථාරෙතබ්බා.
අට්ඨගාථා විත්ථාරෙතබ්බා ගාථා අට විස්තර කළ යුතුය.
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා.
තස්සාපි වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමි පුරිසා
“තදා පීතිමනුබ්රූහන්තො, සම්බොධිවරපත්තියා; බුද්ධෙ දත්වාන මං ගෙහං, පබ්බජිං තස්ස සන්තිකෙ.
තදා පීතිමනුබ්රෑහන්තො සම්බොධිවර පත්තියා බුද්ධෙ දත්වාන මං ගෙහං පබ්බජිං තස්ස සත්තිකෙ
“සුත්තන්තං විනයං චාපි, නවඞ්ගං සත්ථුසාසනං; සබ්බං පරියාපුණිත්වා, සොභයිං ජිනසාසනං.
සුත්තන්තං විනයඤ්චාපි නවංගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං
“තත්ථප්පමත්තො විහරන්තො, බ්රහ්මං භාවෙත්ව භාවනං; අභිඤ්ඤාපාරමිං ගන්ත්වා, බ්රහ්මලොකමගඤ්ඡහ”න්ති.
තත්ථප්පමත්තො විහරන්තෙ බ්රහ්මං භාවෙත්ථ භාවනං අභිඤ්ඤාසු පාරමිං ගනත්වා බ්‍රහ්ම ලොකමගඤ්ජහං
තත්ථ ගන්ධමාලෙනාති ගන්ධෙහි චෙව මාලෙහි ච. ගවපානෙනාති ඉදං වුත්තමෙව. “ඝතපානෙනා”තිපි කෙචි පඨන්ති. තප්පයින්ති තප්පෙසිං. උත්තරිං වතමධිට්ඨාසින්ති භිය්යොපි වතමධිට්ඨාසිං. දසපාරමිපූරියාති දසන්නං පාරමීනං පූරණත්ථාය. පීතින්ති හදයතුට්ඨිං. අනුබ්රූහන්තොති වඩ්ඪෙන්තො. සම්බොධිවරපත්තියාති බුද්ධත්තප්පත්තියා. බුද්ධෙ දත්වානාති බුද්ධස්ස පරිච්චජිත්වා . මං ගෙහන්ති මම ගෙහං, සබ්බං සාපතෙය්යං චතුපච්චයත්ථාය බුද්ධස්ස භගවතො පරිච්චජිත්වාති අත්ථො. තත්ථාති තස්මිං බුද්ධසාසනෙ. බ්රහ්මන්ති බ්රහ්මවිහාරභාවනං භාවෙත්වා.
එහි ගන්ධමාලෙන යනු; ගඳින් මෙන්ම මලින් ද. ගවපානෙන යනු; මෙය කියන ලද්දේමය. සමහරු ඝතපාන කියාත් කියති. තප්පයිං යනු; සැතැප්වීමි. උත්තරිං වත මධිට්ඨාසිං යනු; වඩාත් ඒකාන්තයෙන් අධිෂ්ඨාන කළෙමි. දසපාරමී පූරියා යනු; දසපාරමිතා පූරණය පිණිස. පීතිං යනු; හදසතුට. අනුබ්රෑහෙන්තො යනු; වඩන්නේ. සබ්බො විවරපත්තියා යනු; බුද්ධත්ව ප්‍රාප්තිය පිණිස. බුද්ධො දත්වාන යනු; බුදුන්ට පුදා. මං ගෙහං යනු මාගේ ගෘහය. සියලු සැපත් සිවුපසය පිණිස භාග්‍යවත් බුදුන්ට පුදා යන අර්ථයි. තත්ථ යනු; ඒ බුදුසසුනෙහි. බ්රහ්මං යනු; බ්‍රහ්මවිහාර භාවනා වඩා.
මඞ්ගලස්ස පන භගවතො නගරං උත්තරං නාම අහොසි, පිතාපිස්ස උත්තරො නාම රාජා ඛත්තියො, මාතාපි උත්තරා නාම, සුදෙවො ච ධම්මසෙනො ච ද්වෙ අග්ගසාවකා, පාලිතො නාම උපට්ඨාකො, සීවලා ච අසොකා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛො බොධි, අට්ඨාසීතිහත්ථුබ්බෙධං සරීරං අහොසි, නවුතිවස්සසහස්සං ආයුපරිමාණං, භරියා පනස්ස යසවතී නාම, සීවලො නාම පුත්තො, අස්සයානෙන නික්ඛමි. උත්තරාරාමෙ වසි. උත්තරො නාම උපට්ඨාකො, තස්මිං පන නවුතිවස්සසහස්සානි ඨත්වා පරිනිබ්බුතෙ භගවති එකප්පහාරෙනෙව දසචක්කවාළසහස්සානි එකන්ධකාරානි අහෙසුං. සබ්බචක්කවාළෙසු මනුස්සානං මහන්තං ආරොදනපරිදෙවනං අහොසි. තෙන වුත්තං –
මංගල භාග්‍යවතුන් වහන්සේගේ නගරය උත්තර නම් විය. උන්වහන්සේගේ පියා උත්තර නම් ක්ෂත්රිය රජ විය. මව ද උත්තරා නම් වූවාය. සුදේව ධම්මසෙන දෙනම අගසව්වෝය. උපස්ථායක පාලිත නමි. සීවලා අසෝකා දෙනම අග්රශ්රාවිකාවෝය. නාරුක බෝධියයි. ශරීරය අටඅසූ රියන් විය. ආයුෂ අවුරුදු අනූ දහසකි. යසවතී නම් භාර්යාව වූවාය. සීලව නම් පුත්‍රයාය. අස් යානයෙන් නික්මියහ. උත්තරාරාමයෙහි විසූහ. උපස්ථායක උත්තර නමි. වසර අනූදහසක් ගෙවා පිරිනිවි කල්හි එකපැහැර දසදහසක් සක්වළ ඒකාන්ධකාර විය. සකල සක්වළ මිනිසුන්ගේ මහත් ඇඬීම් වැලපීම් විය. එයින් කියන ලදි-
“උත්තරං නාම නගරං, උත්තරො නාම ඛත්තියො; උත්තරා නාම ජනිකා, මඞ්ගලස්ස මහෙසිනො.
නගරං උත්තරං නාම උත්තරො නාම ඛත්තියො උත්තරානාම ජනිකා මංගලසෙ මහෙසිනො
“සුදෙවො ධම්මසෙනො ච, අහෙසුං අග්ගසාවකා; පාලිතො නාමුපට්ඨාකො, මඞ්ගලස්ස මහෙසිනො.
සුදෙවො ධම්මසෙනො ච අහෙසුං අග්ගසාවකා පාලිතො නාමුපට්ඨංකො මංගලස්ස මහෙසිනො
“සීවලා ච අසොකා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, නාගරුක්ඛොති වුච්චති.
සීවලා ච අසොකා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො නාගරුක්ඛොති වුච්චති
“අට්ඨාසීති රතනානි, අච්චුග්ගතො මහාමුනි; තතො නිද්ධාවතී රංසී, අනෙකසතසහස්සියො.
අට්ඨාසීති රතනානි අච්චුග්ගතො මහාමුනි තතො නිද්ධාවතිරංසි අනෙක සතසහස්සිසො
“නවුතිවස්සසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං
“යථාපි සාගරෙ ඌමී, න සක්කා තා ගණෙතුයෙ; තථෙව සාවකා තස්ස, න සක්කා තෙ ගණෙතුයෙ.
යථාපි සාගරෙ ඌමි න සක්කා තෙ ගණෙ තුයෙ තථෙච සාවකා තස්සෙ න සක්කා තෙ ගණෙතු යෙ
“යාව අට්ඨාසි සම්බුද්ධො, මඞ්ගලො ලොකනායකො; න තස්ස සාසනෙ අත්ථි, සකිලෙසමරණං තදා.
යංව අඨාසි සම්බුද්ධො මංගලො ලොක නායකො න තස්ස සාසනෙ අත්ථි සංකිලෙස මරණං තදා
“ධම්මොක්කං ධාරයිත්වාන, සන්තාරෙත්වා මහාජනං; ජලිත්වා ධුමකෙතූව, නිබ්බුතො සො මහායසො.
ධම්මොක්කං ධාරයිත්වාන සන්තාරෙත්වා මහාජනං ජලිත්වා ධූමකෙතුව නිබ්බුතො සො මහායසො
“සඞ්ඛාරානං සභාවත්තං, දස්සයිත්වා සදෙවකෙ; ජලිත්වා අග්ගික්ඛන්ධොව, සූරියො අත්ථඞ්ගතො යථා”ති.
සංඛාරානං සභාවතං දස්සයිත්වා සදෙවකෙ ජලිත්වං අග්ගිකන්ධොව සුරියො අත්ථංගතො යථාති
තත්ථ තතොති තස්ස මඞ්ගලස්ස සරීරතො. නිද්ධාවතීති නිද්ධාවන්ති, වචනවිපරියායො දට්ඨබ්බො. රංසීති රස්මියො. අනෙකසතසහස්සියොති අනෙකසතසහස්සා. ඌමීති වීචියො තරඞ්ගා. ගණෙතුයෙති ගණෙතුං සඞ්ඛාතුං. එත්තකා සාගරෙ ඌමියොති යථා න සක්කා ගණෙතුං, එවං තස්ස භගවතො සාවකාපි න සක්කා ගණෙතුං, අථ ඛො ගණනපථං වීතිවත්තාති අත්ථො. යාවාති යාවතකං කාලං. සකිලෙසමරණං තදාති සහ කිලෙසෙහි සකිලෙසො, සකිලෙසස්ස මරණං සකිලෙසමරණං, තං නත්ථි. තදා කිර තස්ස භගවතො සාසනෙ සාවකා සබ්බෙ අරහත්තං පත්වායෙව පරිනිබ්බායිංසු. පුථුජ්ජනා වා සොතාපන්නාදයො වා හුත්වා න කාලමකංසූති අත්ථො. කෙචි “සම්මොහමාරණං තදා”ති පඨන්ති.
එහි තතො යනු; ඒ මංගල බුදුබඳින් නිද්ධාවති යනු; දිවෙති. වචන විපර්යාසයයි. රංසි යනු රශ්මීහු. අනෙක සතසහස්සියො යනු; නොඑක් ලක්ෂගණන්. ඌමි යනු විචීහු. තරංගයෝ. ගණෙතුයෙ යනු; ගිනීමට, සංඛ්‍යා කිරීමට. සාගරයෙහි තරංග මෙපමණ යයි ගණන් කිරීමට නොහැක්කා සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙපමණයයි ගණන් කිරීමට නොහැකිය. එහෙයින් ගණන සීමා ඉක්මවීය යන අර්ථයි. යාව යනු යම්තාක් කල්. සංකිලෙසමරණං තදා යනු; කෙලෙසුන් සහිත වූයේ සංකිලෙසයි. කෙලෙස් සහිතයන්ගේ මරණය සංකිලෙස මරණයි. එය නැත. එකල ඒ බුදුසසුනෙහි සියලු ශ්‍රාවකයෝ රහත්වම පිරිනිවියහ. පුහුදුන්ව හෝ සෝවාන් වූවන්ව නොමළහ යන අර්ථයි. සම්මොහමරණං තදායි සමහරු හදාරති.
ධම්මොක්කන්ති ධම්මදීපකං. ධූමකෙතූති අග්ගි වුච්චති, ඉධ පන පදීපො දට්ඨබ්බො තස්මා පදීපො විය ජලිත්වා නිබ්බුතොති අත්ථො. මහායසොති මහාපරිවාරො . කෙචි “නිබ්බුතො සො සසාවකො”ති පඨන්ති. සඞ්ඛාරානන්ති සඞ්ඛාතධම්මානං සප්පච්චයධම්මානං. සභාවත්තන්ති අනිච්චාදිසාමඤ්ඤලක්ඛණං. සූරියො අත්ථඞ්ගතො යථාති යථා සහස්සකිරණො දිවසකරො සබ්බං තමගණං විධමිත්වා සබ්බඤ්ච ලොකං ඔභාසෙත්වා අත්ථමුපගච්ඡති, එවං මඞ්ගලදිවසකරොපි වෙනෙය්යකමලවනවිකසනකරො සබ්බං අජ්ඣත්තිකබාහිරලොකතමං විධමිත්වා අත්තනො සරීරප්පභාය ජලිත්වා අත්ථඞ්ගතොති අත්ථො. සෙසගාථා සබ්බත්ථ උත්තානා එවාති.
ධම්මොක්කං යනු; ධර්මප්රදීපයයි. ධූමකෙත යනු; ගින්න කියැවේ. මෙහි ප්රදීපයයි දතයුතුය. පහනක් මෙන් දිලී නිවියේය යන අර්ථයි. මහායසො යනු; මහපිරිවර ඇත්තාහ. සමහරු නිබ්බුතො සො සාවකො යි කියති. සංඛාරානං යනු; සංඛත ධර්මයන්ගේ ප්‍රත්‍යය සහිත ධර්මයන්ගේ. සභාවකං යනු; අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ. සුරියො අත්ථංගතො යථා යනු; යම්සේ දහසක් කිරණ ඇති දිනකර සකලාන්ධකාර නසා මුළු ලොව බබුළුවා දිලිසී අස්තයට යයි ද මෙසේ මංගල දිවාකරයාණෝ ද විනෙකමලවන පුබුදුවන දිවාකර බඳුව ආධ්‍යාත්මික බාහිර ලෝකාන්ධකාර දුරුකොට සිය සිරුරු ආලෝකයෙන් දිලී අසතංගත වූහ යන අර්ථයි. සෙසු ගාථා හැමතන්හිම පැහැදිලිමය.
මඞ්ගලබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
මංගල බුද්ධවංස වර්ණනාව නිමියේයි.
නිට්ඨිතො තතියො බුද්ධවංසො.
තෙවන බුද්ධවංසය සමාප්තයි.