යෙදුමෙන් කියවන්න

3. මඞ‍්ගල බුද‍්ධවංසො

3. මඞ‍්ගල බුද‍්ධවංසො

3. මඞ්ගල බුද්ධවංශය

1. කොණ‍්ඩඤ‍්ඤස‍්ස අපරෙන මඞ‍්ගලො නාම නායකො, තමං ලොකෙ නිහන‍්ත්‍වාන, ධම‍්මුක‍්ක’මභිධාරයි.

1. කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුනට මෑත භාගයෙහි මඞ්ගල නම් බුදුහු ලොව අවිඅඳුර නසා දහම් නැමැති දඬවැටපහන දැරූහ.

2. අතුලා’සි පභා තස‍්ස, ජිනෙහ’ඤ‍්ඤෙහි උත‍්තරිං, චන්‍ද සුරියප‍්පභං හන‍්ත්‍වා දස සහස‍්සී විරොචති.

2. අන් බුදුවරුන් කෙරෙන් අධිකව ඒ මඞ්ගල බුදුන්ගේ අසදෘස වූ ප්‍රභායෙක් විය. සඳහිරු කැලුම් නසා දසදහසක් සක්වළ බැබැළවී.

3. සො’පි බුද‍්ධො පකාසෙසි, චතුරො සච‍්චවරුත‍්තමෙ තෙ තෙ සච‍්ච රසං පීත්‍වා, විනොදෙන‍්ති මහාතමං.

3. ඒ බුදුහු ද ඉතා උතුම් සතර සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දිව්‍යමනුෂ්‍යාදි ඒ ඒ සත්ත්‍වයෝ සත්‍යරසය පානය කොට අවිද්‍යාන්‍ධකාරය දුරු කෙරෙති.

4. පත්‍වාන බොධි’මතුලං, පඨමෙ ධම‍්මදෙසනෙ, කොටිසතසහස‍්සානං, පඨමා’භිසමයො අහු.

4. අතුල වූ සම්බෝධියට පැමිණ කළ ප්‍රථම ධර්‍මදේශනායෙහි දී කෙළලක්‍ෂයක් සත්ත්‍වයනට ප්‍රථමාභිසමය වී යැ.

5. සුරින්‍දදෙවභවනෙ බුද‍්ධො ධම‍්මමදෙසයි, නවකොටිසහස‍්සානං, දුතියා’භිසමයො අහු.

5. සර්‍වඥයන් වහන්සේ ශක්‍රභවනයෙහි දී දහම් දෙසූසේක. නවකෙළදහසක් ප්‍රාණීන්ට දෙවැනි වූ ධර්‍මාභිසමය වී යැ.

6. යදා සුනන්‍දො චක‍්කවත‍්ති, සම‍්බුද‍්ධං උපසඞ‍්කමි, තදා අහනි සම‍්බුද‍්ධො, ධම‍්මභෙරිං වරුත‍්තමං.

6. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ සම්බුදුන් කරා එළඹියේ ද එකල්හි සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ දහම්බෙරය පහළාහ.

7. සුනන්‍දස‍්සා’නුචරා ජනතා, තදා’සුං නවුතිකොටියො, සබ‍්බෙ’පි තෙ නිරවසෙසා, අහෙසුං එහිභික‍්ඛුකා.

7. එකල්හි සුනන්‍ද සක්විතිහට පරිවාරජනතාව අනූදහසක් විය. එ හැමදෙන නිරවශේෂ වැ ඒහිභික්‍ෂූ වූහ.

8. සන‍්නිපාතා තයො ආසුං, මඞ‍්ගලස‍්ස මහෙසිනො, කොටිසත සහස‍්සානං, පඨමො ආසි සමාගමො.

8. මඞ්ගල සම්මාසම්බුදුනට ශ්‍රාවකසන්නිපාතයෝ තිදෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සන්නිපාතය විය.

9. දුතියො කොටිසහස‍්සානං, තතියො නවුති කොටිනං, ඛීණාසවානං විමලානං, තදා ආසි සමාගමො.

9. ද්වීතිය සන්නිපාතය කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ද තෘතීය සන්නිපාතය අනූකෝටියක් ශ්‍රාවකයන්ගේ දැ යි එකල්හි පහවූ රාගාදිමල ඇති රහතුන්ගේ සමාගමය වී යැ.

10. අහං තෙන සමයෙන සුරුචී නාම බ්‍රාහ‍්මණො, අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානං පාරගූ.

10. එසමයෙහි මම් සුරුචි නම් බ්‍රාහ්මණ වැ මන්ත්‍ර හදාරවනුයෙම් මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූයෙම් වීමි.

11. තමහං උපසඞ‍්කම‍්ම, සරණං ගන‍්ත්‍වාන සත්‍ථුනො, සම‍්බුද‍්ධපමුඛං සඞ‍්ඝං ගන්‍ධමාලෙන පූජයිං පූජෙත්‍වා ගන්‍ධමාලෙන ගවපානෙන තප‍්පයිං.

11. මම් ඒ මඞ්ගල බුදුන් කරා එළැඹ බුදුන් සරණ ගොස් බුදුපාමොක් මහසඟන ගඳින් මලින් පිදුයෙමි. ගඳින් මලින් පුදා ගවපාන භොජනයෙන් සැතැපීමි.

12. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි මඞ‍්ගලො දිපදුත‍්තමො අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

12. ද්වීපදෝත්තම වූ ඒ මඞ්ගල බුදුහු ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙම බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළහ.

13. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

14. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.

15. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතු බෝරුක වෙත එළැඹෙයි.

16. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.

17. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.

18. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමු පට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

18. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.

19. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො, අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

19. ඛේමා ද උප්පලවණ්ණා ද යන දෙදෙන අග්‍රශාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.

20. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍ද මාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨිකා ආයු වස‍්ස සතං තස‍්ස, ගොතමස‍්ස යසස‍්සිනො.

20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අගඋවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.

21. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධ බීජඞ‍්කුරො අයං.

21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–

22. උක‍්කුට‍්ඨි සද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දස‍්සසහස‍්සී සදෙවකා.

22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

23. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්පි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

24. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු නම් ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරදැයට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

25. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වම්හ යි.

26. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දස පාරමි පූරියා.

26. මම් ඒ බුදුන්ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය (පාරමී) අධිෂ්ඨාන කෙළෙමි.

27. තදා පීති මනුබ්‍රූහන‍්තො සම‍්බොධිවර පත‍්තියා බුද‍්ධෙ දත්‍වාන මං ගෙහං පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

27. එකල්හි උතුම් වූ බුද්ධත්‍වයට පැමිණෙනු පිණිස ප්‍රීති වර්ධනය කෙරෙමින් මාගේ ගෘහය බුදුන් කෙරෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.

28. සුත‍්තන‍්තං විනයඤ‍්චා’පි නවඞ‍්ගං සත්‍ථුසාසනං සබ‍්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං.

28. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ගශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගමාධිගමයෙන) බුදුසසුන හෙබැවීමි.

29. තත්‍ථප‍්පමත‍්තො විහරන‍්තො බ්‍රහ‍්මං භාවෙත්‍ව භාවනං අභිඤ‍්ඤා පාරමිං ගන‍්ත්‍වා බ්‍රහ‍්මලොකමගච‍්ඡහං.

29. මම් ඒ බුදුසසුන්හි අප්‍රමාද වැ වාසය කරන්නෙම් බ්‍රහ්මවිහාර භාවනා වඩා අභිඤාපාරයට ගොස් බඹලොවට ගියෙමි.

30. නගරං උත‍්තරං නාම උත‍්තරො නාම ඛත‍්තියො, උත‍්තරා නාම ජනිකා මඞ‍්ගලස‍්ස මහෙසිනො.

30. මඞ්ගල නම් මහර්ෂීන්ගේ නගරය උත්තර නම් විය උත්තර නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ උත්තරා නම් වූ යැ.

31. නව වස‍්සසහස‍්සානි අගාර මජ‍්ඣෙ සො වසි යසවා සුචිමා සිරිමා’ තයො පාසාදමුත‍්තමා.

31. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) යසවත් යැ ශුචිමත් යැ ශ්‍රීමත් යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.

32. සමතිංස සහස‍්සානි’ නාරියො සමලඞ‍්කතා යසවතී නාම නාරී සීවලො නාම අත්‍රජො.

32. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තිස් දහසක් වූහ. යසවතී නම් අගබිසොවක් වූ යැ. පුත්‍ර තෙමේ සීවල නම් වී.

33. නිමිත‍්තෙ චතුරො දිස‍්වා අස‍්ස යානෙන නික‍්ඛමි, අනූනකං අට‍්ඨමාසං පධානං පදහී ජිනො.

33. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් අටමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.

34. බ්‍රහ‍්මුනා යාචිතො සත‍්තො මඞ‍්ගලො ලොකනායකො වත‍්ති චක‍්කං මහාවීරො වනෙ සිරි වරුත‍්තමෙ.

34. මහත් වූ වීර්‍ය්‍ය ඇති මඞ්ගල නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ ශ්‍රීවනයෙහි දී දම්සක් පැවැත්වූහ.

35. සුදෙවො ධම‍්මසෙනො ච අහෙසුං අග‍්ගසාවකා, පාලිතො නාමුපට‍්ඨාකො මඞ‍්ගලස‍්ස මහෙසිනො.

35. මහර්ෂීවූ මඞ්ගල නම් බුදුන්ට සුදේව යැ ධර්‍මසේන යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. පාලිත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

36. සීවලා ච අසොකා ච අහෙසුං අග‍්ගසාවිකා, බොධි තස‍්ස භගවතො නාගරුක‍්ඛොති වුච‍්චති.

36. සීවලා යැ අශෝකා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය නාගවෘක්‍ෂයෙකැ’යි කියනු ලැබේ.

37. නන්‍දො චෙව විසාඛො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා, අනුලා චෙව සුතනා ච අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

37. නන්‍ද යැ විශාඛා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. අනුලා යැ සුතනා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.

38. අට‍්ඨාසීති රතනානි අච‍්චුග‍්ගතො මහාමුනී, තතො නිද‍්ධාවන‍්ති රංසී අනෙකසතසහස‍්සියො.

38. ඒ මහාමුනීහු අටඅසූරියනක් උස් වූහ. ඒ බුදුන් කෙරෙන් නොයෙක් සුවහස් ගණන් රශ්මීහු නික්මෙත්.

39. නවුතිවස‍්සසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

39. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි ඒ තාක් කල් සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහය (සසරින්) තරණය කළහ.

40. යථා’පි සාගරෙ ඌමි න සක‍්කා තා ගණෙතුයෙ, තථෙ’ව සාවකා තස‍්ස න සක‍්කා තෙ ගණෙතුයෙ.

40. යම්සේ සාගරයෙහි තරඞ්ගයෝ ගණනට නො හැක්කාහු ද එසෙයින් මැ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ ගණනට නො හැක්කාහ.

41. යාව අට‍්ඨාසි සම‍්බුද‍්ධො මඞ‍්ගලො ලොකනායකො, න තස‍්ස සාසනෙ අත්‍ථි සංකිලෙස මරණං තදා.

41. ලෝකනායක වූ මඞ්ගල නම් සම්මා සම්බුදුහු යම්තාක් සිටියාහු ද එකල්හි ඔබගේ සංක්ලේශමරණයෙක් නැති.

42. ධම‍්මුක‍්කං ධාරයිත්‍වාන සන‍්තාරෙත්‍වා මහාජනං, ජලිත්‍වා ධුමකෙතූව නිබ‍්බුතො සො මහායසො.

42. මහායශස් ඇති ඒ සම්මා සම්බුදු දහම් නැමැති දඬුවැටපහන ධරා මහදනා සසරින් තරණය කරවා දුම්කෙහෙල්ලක් සෙයින් දිලියී පිරිනිවියහ.

43. සඞ‍්ඛාරානං සහාවන‍්තං දස‍්සයිත්‍වා සදෙවකෙ, ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධො’ව සුරියො අත්‍ථංගතො යථා.

43. සංස්කාරයන්ගේ ස්වභාවය දෙවියන් සහිත ලෝවැසියාට දක්වා ගිනිකඳක් සෙයින් දිලියී අස්තඞ්ගතසූර්‍ය්‍යයා සෙයින්–

44. උය්‍යානෙ වෙස‍්සරෙ නාම බුද‍්ධො නිබ‍්බායි මඞ‍්ගලො, තත්‍ථෙ’ව තස‍්ස ජිනථූපො තිංස යොජනමුග‍්ගතො’ති.

44. වෙස්සර නම් උයන්හි දී මඞ්ගල බුදුහු පිරිනිවියහ. එහි මැ (බඳවනලද) ඒ බුදුන්ගේ ස්තූපය තිස් යොදුනක් උස් වූයේ යි.

මඞ‍්ගල බුද‍්ධවංසො තතියො.

තුන්වැනි වූ මඞ්ගල බුද්ධවංශ යි.