යෙදුමෙන් කියවන්න

2. කොණ‍්ඩඤ‍්ඤ බුද‍්ධවංසො

2. කොණ‍්ඩඤ‍්ඤ බුද‍්ධවංසො

2. කොණ්ඩඤ්ඤ බුද්ධවංශය

1. දීපඞ‍්කරස‍්ස අපරෙන කොණ‍්ඩඤ‍්ඤො නාම නායකො අනන‍්තතෙජො අමිතයසො අප‍්පමෙය්‍යො දුරාසදො

1. දීපඞ්කර සර්‍වඥයන් වහන්සේට මෑතභාගයෙහි අපරිමිත ලෝක ධාතුයෙහි පතළ ශීලගුණතේජස් ඇති අනන්ත වූ පරිවාර හා ගුණකීර්ති ඇති ගුණගණපරිමාණ විසින් අප්‍රමේය වූ අනභිභවනීය වූ කොණ්ඩඤ්ඤ නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේක.

2. ධරණුපමො ඛමනෙන සීලෙන සාගරූපමො සමාධිනා මෙරූසමො ඤාණෙන ගගනූපමො.

2. ඒ බුදුහු ක්‍ෂාන්තියෙන් පෘථිවිය හා සම වූහ, ශීලසංවරයෙන් සාගරය හා සම වූහ. සමාධියෙන් මේරුපර්‍වතය හා සමවූහ. (අනන්ත වූ) ඥානයෙන් ගගනූපම වූහ.

3. ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ග - මග‍්ගසච‍්චප‍්පකාසනං පකාසෙසි සදා බුද‍්ධො හිතාය සබ‍්බපාණිනං

3. ඒ බුදුහු හැම කල්හි සියලු සත්නට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග මාර්‍ග සත්‍යප්‍රකාශක වූ (සත්තතිංස බෝධිපක්ඛිය) ධර්‍මය ප්‍රකාශ කළහ.

4. ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ කොණ‍්ඩඤ‍්ඤෙ ලොකනායකෙ කොටිසතසහස‍්සානං පඨමාභිසමයො අහු.

4. කොණ්ඩඤ්ඤ නම් ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළසියදහසක් සත්නට ධර්‍මාභිසමය වී,

5. තතො පරම‍්පි දෙසෙන‍්තෙ නරමරූනං සමාගමෙ නවුතිකොටිසහස‍්සානං දුතියාභිසමයො අහු.

5. එයින් අපරභාගයෙහි දු දෙවිමිනිසුන් ගේ (මහාමඞ්ගල) සමාගමයෙහි අනූකෙළදහසක් සත්නට ද්විතීයධර්‍මාභිසමය විය.

6. තිත්‍ථියෙ අභිමද‍්දන‍්තො යදා ධම‍්මමදෙසයි අසීතිකොටිසහස‍්සානං ධම‍්මාභිසමයො අහූ.

6. යම් කලෙක (යමාමහපෙළහර පෑ) තීර්‍ත්‍ථකයන් අභිමර්දනය කෙරෙමින් දහම් දෙසූ සේක් ද, (එකල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි) ධර්‍මාභිසමය වී.

7. සන‍්නිපාතා තයො ආසුං කොණ‍්ඩඤ‍්ඤස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තාන තාදිනං.

7. මහර්ෂී වූ කොණ්ඩඤ්ඤ සර්‍වඥයන් වහන්සේට විගතරාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.

8. කොටිසතසහස‍්සානං පඨමො ආසි සමාගමො දුතියො කොටිසහස‍්සානං තතියො නවුතිකොටිනං.

8. කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.

9. අහං තෙන සමයෙන විජිතාවී නාම ඛත‍්තියො සමුද‍්දං අන‍්තමන‍්තෙන ඉස‍්සරියං වත‍්තයාමහං.

9. මම් එසමයෙහි විජිතාවී නම් සක්විතිරජ වීමි. මම් සක්වළගල හිමි කොට ඇති මහසයුර ඇතුළු කොට ආධිපත්‍යය පැවැත්වීමි.

10. කොටිසතසහස‍්සානං විමලානං මහෙසිනං සහ ලොකග‍්ගානාථෙන පරමන‍්නෙන තප‍්පයිං.

10. ලෝකාග්‍රනාථ වූ සර්‍වඥයන් වහන්සේ සමග මහර්ෂී වූ කෙළසියදහසක් රහතුන් වහන්සේ මධුර වූ ආහාරයෙන් සන්තර්‍පණය කෙළෙමි.

11. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි කොණ‍්ඩඤ‍්ඤො ලොකනායකො අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

11. ලෝකනායක වූ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ද මෙයින් අපරිමේය කල්පයෙහි (මේ තෙමේ) ලොවැ බුදුවන්නේ යයි මට විවරණ දුන් සේක.

12. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

12. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් මූ මනරම් නුවරින් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–

13. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

13. තථාගත වූ බෝසත් අජපල් නම් රුක්මුලැ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙන්නේ ය–

14. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

14. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා ගංතෙර හිඳ පායාසය වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බොධිමූලයට පැමිණෙන්නාහ.

15. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

15. ඉක්බිති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසතු රුක්මුලැ හිඳ බුදුවන්නේ යැ.

16. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

16. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා වන්නී ය, පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගෞතම නම් වන්නේ ය–

17. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

17. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙමේ ඒ බුදුන් උපස්ථාන කරන්නේ යැ–

18. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

18. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ, ඒ භාග්‍යවත්හු ගේ බෝධිය අස්සත්‍ථ යයි කියනු ලැබේ–

19. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගාහෙස‍්සන‍්තුපට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තුපට‍්ඨිකා. ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍ර–උපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍ර– උපස්ථායිකා වන්නාහ, ඒ ගෞතම යශස්වීන්ට හවුරුදු සියයක් ආයු වන්නේ යයි.

20. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

20. අසම වූ ඒ කොණ්ඩඤ්ඤ මහර්ෂීන්ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.–

21. උක‍්කුට‍්ඨීසද‍්දා වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

21. ඔල්වරසන් පැවැත්වූහ, අත්පොළසන් දුන්හ, සිනහසුනාහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත වූවාහු කළ ඇඳිලි ඇති ව නමස්කාර කළහ.

22. යදිමස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

22. ඉදින් මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදමෝ නම්, අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ–

23. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

23. යම්සේ නදියක් තරණය කරන මනුෂ්‍යයෝ හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ලා ගෙන මහානදිය තරණය කෙරෙත් ද–

24. එවමෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමිමං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

24. එසෙයින් මැ ඇපි හැම දෙනමෝ මේ කොණ්ඩඤ්ඤ නම් බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ’යි.

25. තස‍්සාහං වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං තමෙව අත්‍ථං සාධෙන‍්තො මහාරජ‍්ජං ජිනෙ අදං මහාරජ‍්ජං චජිත්‍වාන පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

25. මම් ඒ බුදුන් ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි, එ මැ බුද්ධකාරකකාර්‍ත්‍ථය වූ දානපාරමිතාව සිද්ධ කරනුයෙම් (පුරනුයෙම්) සක්විතිරජය බුදුන් විෂයෙහි පිදුයෙමි. මහාරාජ්‍යය පරිත්‍යාග කොට ඔබ සමීපයෙහි පැවිදි වීමි.

26. සුත‍්තන‍්තං විනයඤ‍්චා’පි නවඞ‍්ගං සත්‍ථුසාසනං සබ‍්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං.

26. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ග ශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගාමාධිගමයෙන්) බුදුසසුන හෙබැවීමි.

27. තත්‍ථප‍්පමත‍්තො විහරන‍්තො නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා බ්‍රහ‍්මලොකමගච‍්ඡහං.

27. මම් ඒ බුදුසස්නෙහි හිඳීම් සිටීම් සක්මනෙහි ස්මෘති–අවිප්‍රවාස වැ වසනුයෙම් පඤ්චාභිඥයෙහි පරතෙරට පැමිණ (පිළිසඳ විසින්) බඹ ලොවට ගියෙමි.

28. නගරං රම‍්මවතී නාම සුනන්‍දො නාම ඛත‍්තියො සුජාතා නාම ජනිකා කොණ‍්ඩඤ‍්ඤස‍්ස මහෙසිනො.

28. කොණ්ඩඤ්ඤ නම් මහර්ෂීන් ගේ නගරය රම්මවතී නම් විය. සුනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ සුජාතා නම් වූ ය.

29. දසවස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣ සො වසී සුචි සුරුචි සුභො ච තයො පාසාදමුත‍්තමා

29. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) සුචි යැ සුරුචි යැ සුභ යැ යන උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.

30. තීණි සතසහස‍්සානි නාරියො සමලඞ‍්කතා රුචිදෙවී නාම නාරී විජිතසෙනො නාම අත්‍රජො.

30. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තුන්ලක්‍ෂයක් වූහ, රුචිදේවී නම් අගබිසොවක් වූ ය, පුත්‍ර තෙමේ විජිතසේන නම් වී,

31. නිමිත‍්තෙ චතුරො දිස‍්වා රථයානෙන නික‍්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.

31. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ රථයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ, පිරිපුන් දසමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.

32. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො කොණ‍්ඩඤ‍්ඤෙ දීපදුත‍්තමො වත‍්ති චක‍්කං මහාවීරො දෙවානං නගරුත‍්තමෙ.

32. මහත් වූ වීර්‍ය්‍යය ඇති කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනාලදහු දෙවියන්ගේ නගරවරයෙහි දී දම්සක් පැවැත්වූහ.

33. භද‍්දො චෙව සුභද‍්දො ච අහෙසුං අග‍්ගසාවකා අනුරුද‍්ධො නාමුපට‍්ඨාකො කොණ‍්ඩඤ‍්ඤස‍්ස මහෙසිනො.

33. කොණ්ඩඤ්ඤ නම් බුදුනට භද්‍ර ද සුභද්‍ර ද යන අග්‍රශ්‍රාවකයෝ වූහ. අනුරුද්ධ නම් (තෙර කෙනෙක්) උපස්ථායක වූහ.

34. තිස‍්සා ච උපතිස‍්සා ච අහෙසුං අග‍්ගසාවිකා සාලකල්‍යාණිකො බොධි කොණ‍්ඩඤ‍්ඤස‍්ස මහෙසිනො.

34. කොණ්ඩඤ්ඤ නම් බුදුනට තිස්සා ද උපතිස්සා ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ නම් බෝධිවෘක්‍ෂයෙක් වී යැ.

35. සොණො ච උපසොණො ච අහෙසුං අග‍්ගුපට‍්ඨකා නන්‍දා චෙව සිරිමා ච අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

35. සෝණ ද උපසොණ ද යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. නන්‍දා ද සිරිමා ද යන දෙදෙන අග්‍ර උපස්ථායිකා වූහ.

36. සො අට‍්ඨාසීති හත්‍ථානි අච‍්චුග‍්ගතො මහාමුනී සොභති උළුරාජාව සුරියො මජ‍්ඣන‍්තිකෙ යථා.

36. අටඅසූරියනක් උස්වූ ඒ මහාමුනීහු චන්‍ද්‍රයා සෙයින් ද මධ්‍යාහ්නසමයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද හොබිති.

37. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

37. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ තාක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජන සමූහයා (සසරසයුරින්) තරණය කළහ.

38. ඛීණාසවෙහි විමලෙහි විචිත‍්තා ආසි මෙදිනී යථාහි ගගනං උළුහි එවං සො උපසොභථ.

38. පෘථිවි තොමෝ පහවූ රාගාදි මල ඇති රහතුන් කරණ කොට විචිත්‍ර වූ යැ. තාරකාවන්ගෙන් ගුවන්තලය යම්සේ හොබී නම් එසෙයින් උන් වහන්සේ ශෝභමාන වූහ.

39. තෙපි නාගා අප‍්පමෙය්‍යා අසංඛොභා දුරාසදා විජ‍්ජුපාතංච දස‍්සෙත්‍වා නිබ‍්බුතා තෙ මහායසා.

39. ගුණපමණ විසින් නො මිනිය හැකි ලෝදමින් නො කැළැඹෙන මෙරමා විසින් අභිභවනය නො කට හැකි වූ මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද විදුලිය හෙළීමක් මෙන් දක්වා පිරිනිවියාහ.

40. සා ච අතුලියා ජිනස‍්ස ඉද‍්ධිඤාණපරිභාවිතො ච සමාධි සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා’ති.

40. බුදුන්ගේ ඒ අතුල්‍ය වූ ඍද්ධිය ද ඥානයෙන් පරිභාවිත (වඩනාලද) වූ සමාධිය ද යන සියල්ල අතුරුදහන් විය. හැම සංස්කාරයෝ සිස් වූවාහු නො.

41. කොණ‍්ඩඤ‍්ඤො පවරො බුද‍්ධො චන්‍දාරාමම‍්හි නිබ‍්බුතො තත්‍ථෙව චෙතියො චිත‍්තො සත‍්තයොජනමුස‍්සිතො’ති.

41. උත්තම වූ කොණ්ඩඤ්ඤ නම් බුදුහු චන්‍දාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ විසිතුරු සෑයෙක් සත් යොදුන් උස්කොට බඳවන ලද්දේ යි.

කොණ‍්ඩඤ‍්ඤ බුද‍්ධවංසො දුතියො.

දෙවැනි වූ කොණ්ඩඤ්ඤ බුද්ධවංශ යි.