1. දීපඞ්කර බුද්ධවංසො
1. දීපඞ්කර බුද්ධවංසො
1. දීපඞ්කර බුද්ධවංශය
1. තදා තෙ භොජයිත්වාන සසඞ්ඝං ලොකනායකං උපගඤ්ඡුං සරණං තස්ස දීපඞ්කරස්ස සත්ථුනො.
1. එකල්හි ඒ රඹගම් වැසියෝ සඞ්ඝයා සහිත වූ ලෝකනායකයන් වහන්සේ වළඳවා ඒ දිවකුරු බුදුන් සරණ ගියාහු ය.
2. සරණාගමනෙ කඤ්චි නිවෙසෙති තථාගතො කඤ්චි පඤ්චසු සීලෙසු සීලෙ දසවිධෙ පරං
2. තථාගතයන් වහන්සේ කිසිවක්හු සරණාගමනයෙහි ද, කිසිවක්හු පන්සිල්හි ද, සමහරුන් දශවිධ ශීලයෙහි ද, පිහිටුවූහ.
3. කස්සචි දෙති සාමඤ්ඤං චතුරො ඵලමුත්තමෙ කස්සචි අසමෙ ධම්මෙ දෙති සො පටිසම්භිදා.
3. ඒ දිවකුරු බුදුහු කිසිවක්හට සතර ශ්‍රාමණ්‍ය සඞ්ඛ්‍යාත මාර්ගය ද, උතුම් වූ සතර ආර්‍ය්‍යඵලය ද දුන්හ, කිසිවක්හට අසම වූ සිව්පිළිසැඹියා දහම් දුන්හ.
4. කස්සචි වරසමාපත්තියො අට්ඨ දෙති නරාසභො තිස්සො කස්සචි විජ්ජායො ඡළභිඤ්ඤා පවෙච්ඡති.
4. නරශ්‍රේෂ්ඨ වු සර්වඥයන් වහන්සේ කිසිවක්හට උතුම් වූ අටසමවත් දුන්හ. කිසිවක්හට ත්‍රිවිද්‍යා ද ෂඩභිඥාවන් ද දුන්හ.
5. තෙන යොගෙන ජනකායං ඔවදි සො මහාමුනි තෙන විත්ථාරිකං ආසි ලොකනාථස්ස සාසනං
5. ඒ මහාමුනි වු සර්වඥයන් වහන්සේ ඒ නයින් ජනසමූහයාට අවවාද කළහ. ඒ අවවාදයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනය පතළේ වී.
6. මහාහනූසභක්ඛන්ධො දීපඞ්කරසනාමකො. බහූ ජනෙ තාරයති පරිමොචෙති දුග්ගතිං.
6. මහත් වූ (සිංහසදෘස වූ පිරිපුන්) හනු ඇති වෘෂභසදෘස වූ (සමවෘත්ත මනෝඥ) ස්කන්ධ ඇති දීපඞ්කර නම් වූ සර්වඥයන් වහන්සේ (බුද්ධ වෛනෙය වූ) බොහෝ ජනයන් (සසරින්) තැරැවූහ. දුගතයෙන් මුදාලූහ.
7. බොධනෙය්යං ජනං දිස්වා සතසහස්සෙපි යොජනෙ ඛණෙන උපගන්ත්වාන බොධෙති තං මහාමුනි.
7. මහාමුනි වූ සර්වඥයන් වහන්සේ සියදහස්යොදුන්හි පවා සිටි සත්‍යාවබෝධයට නිසි වූ ප්‍රජාව දැක ඇසිල්ලෙකින් සමීපයට එළැඹ ඒ ප්‍රජාවට සත්‍යාවබෝධය කැරැවූහ.
8. පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයි දුතියාභිසමයෙ නාථො නවුතිකොටිමබොධයී.
8. දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ප්රථමධර්මාභිසමයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ. ලෝකස්වාමී වූ බුදුහු ද්විතීය ධර්මාභිසමයෙහි (නාරදකූටයෙහි දී) අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ.
9. යදා ච දෙවභවනම්හි බුද්ධො ධම්මමදෙසයි නවුතිකොටිසහස්සානං තතියාභිසමයො අහු.
9. තවද යම් කලෙක බුදුහු දේවභවනයෙහි වැඩසිට දහම් දෙසූසේක් ද ( එකල්හි) අනූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්මාභිසමය වී.
10. සන්නිපාතා තයො ආසුං දීපඞ්කරස්ස සත්ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
10. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී, කෙළසියදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
11. පුන නාරදකූටම්හි පවිවෙකගතෙ ජිනෙ ඛීණාසවා වීතමලා සමිංසු සතකොටියො.
11. යලි ජිතපඤ්චමාර වූ සර්වඥයන් වහන්සේ නාරදකූටයෙහි විවෙක සඳහා වැඩි කල්හි විගත වූ (රාගාදි) මල ඇති සියකෙළක් රහත්හු රැස්වූහ.
12. යම්හි කාලෙ මහාවීරො සුදස්සනසිලුච්චයෙ නවුතිකොටිසහස්සෙහි පවාරෙසි මහාමුනි.
12. මහාවීර වූ සර්වඥයන් වහන්සේ යම් කලෙක්හි සුදර්ශනකූටයෙහි විසූ සේක් ද, (එකල්හි) මහාමුනි වූ බුදුහු අනූකෙළදහසක් (භික්ෂූන්) සමග පවාරණය කළ සේක.
13. [අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො අන්තලික්ඛම්හි චරණෙ පඤ්චාභිඤ්ඤාසු පාරගූ.]
13. (මම් එ සමයෙහි දළමඬුලු ඇති උග්‍ර වූ තපස් ඇති අහස්හි හැසිරෙනසුලු පඤ්චාභිඥාවන්හි තෙරපත් තවුස් වීමි.)
14. දසවීසසහස්සානං ධම්මාභිසමයො අහු එකද්වින්නං අභිසමයා ගණනාතො අසඞ්ඛියා.
14. දස – විසිදහසුන්ගේ ද ධර්මාභිසමය විය. එක්–දෙ–(තුන්) දෙනකුන්ගේ අභිසමය ගණන් විසින් නො ගිණිය හැක්ක.
15. විත්ථාරිකං බාහුජඤ්ඤං ඉද්ධං ඵීතං අහූ තදා දීපඞ්කරස්ස භගවතො සාසනං සුවිසොධිතං.
15. එකල්හි දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය (එ බුදුන් විසින්) මොනොවට විශෝධිත වූයේ මහත්ත්වයට පැමිණියේ බොහෝ දේවමනුෂ්‍යයන් විසින් නෛර්ය්යාණිකත්වයෙන් දන්නා ලදුයේ (අධිශීලශික්ෂාදියෙන්) සමෘද්ධ වූයේ (ස්මෘති සමාධි ආදියෙන්) වැඩුණේ ද වී.
16. චත්තාරිසතසහස්සානි ඡළභිඤ්ඤා මහිද්ධිකා දීපඞ්කරං ලොකවිදුං පරිවාරෙන්ති සබ්බදා.
16. ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සාරලක්ෂයක් ක්ෂීණාස්රව භික්ෂූහු හැම කල්හි දීපඞ්කර බුදුන් පිරිවරා වෙසෙත්,
17. යෙ කෙචි තෙන සමයෙන ජහන්ති මානුසං භවං අප්පත්තමානසා සෙඛා ගරහිතා ව භවන්ති තෙ.
17. එසමයෙහි යම් කිසි කෙනෙක් නොපත් අර්හත්වය ඇති වැ ශෛක්ෂ වූවාහු මිනිස් බව පියත් ද, ඔහු ගර්හිත වූවාහු මැ වෙත්.
18. සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි උපසොභති සබ්බදා
18. (අභිඥා කුසුමයෙන්) සුපිපි ප්රවචනශාසනය ලෝදහම්හි තාදී වූ ක්ෂීණාස්රව වූ විගත රාගාදි මල ඇති රහතුන් විසින් හැම කල්හි සෝභිත වී.
19. නගරං රම්මවතී නාම සුදෙවො නාම ඛත්තියො සුමෙධා නාම ජානිකා දීපඞ්කරස්ස සත්ථුනො.
19. දීපඞ්කර ශාස්තෲන් වහන්සේ ගේ ජාතනගරය රම්මවතී නම් විය, ක්ෂත්රිය වූ සුදේව නම් රජ පිතෘ විය. මවු තොමෝ සුමේධා නම් වූ.
20. දසවස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී හංසා කොඤ්චා මයූරා ච තයො පාසාදමුත්තමා.
20. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. හංසා යැ කොඤ්චා යැ මයූරා යැ යි උත්තම වූ තුන් ප්‍රාසාදයෝ වූහ.
21. තීණි සතසහානි නාරියො සමලඞ්කතා පදුමා නාම සා නාරී උසභක්ඛන්ධො නාම අත්රජො.
21. මොනොවට සැරැසුණු තුන් ලක්ෂයක් පරිවාර ස්ත්‍රීහු වූහ, පදුමා නම් ප්‍රසිද්ධ අගබිසෝ වූ උසභක්ඛන්ධ නම් කුමාර පුත්‍ර වී.
22. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අනූනදසමාසානි පධානං පදහි ජිනො.
22. ජින වූ දීපඞ්කර බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් අභිනිෂ්ක්‍රමණ කළහ. අනූන වූ දසමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
23. පධානචාරං චරිත්වාන අබුජ්ඣි මානසං මුනි බ්රහ්මුනා යාචිතො සන්නො දීපඞ්කරො මහාමුනි.
23-24. ඒ මුනිහු ප්‍රධන්වීර්‍ය්‍යය කොට අර්හත්ඵලය අවබෝධ කළහ. මහාවීර වූ දීපඞ්කර මහාමුනිහු මහබඹහු විසින් අයදනා ලද්දාහු ලක්ෂ්මී වාස වූ නන්දාරාමයෙහි දම්සක් පැවැත්වූහ. මහරි රුක්මුල්හි වැඩහිඳ තීර්ත්ථක මර්දනය කළහ.
24. වත්ති චක්කං මහාවීරො නන්දාමෙ සිරීඝරෙ නිසින්නො සිරීසමූලම්හි අකා තිත්ථියමද්දනං.
25. සුමඞ්ගලො ච තිස්සො ච අහෙසුං අග්ගසාවකා සාගතො නාමුපට්ඨාකො දීපඞ්කරස්ස සත්ථුනො
25. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට සුමඞ්ගල යැ තිස්ස යැ යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. සාගත නම් තෙර උපස්ථායක වී.
26. නන්දා චෙව සුනන්දා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පිප්ඵලීති පවුච්චති.
26. නන්දා යැ සුනන්දා යැයි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ, ඒ භාග්‍යවත්හුගේ බෝධිය පළොල් යයි කියනු ලැබේ.
27. තපුස්ස භල්ලිකා නාම අහෙසුං අග්ගූපට්ඨකා සිරිමා සොණා උපට්ඨිකා දීපඞ්කරස්ස සත්ථුනො.
27. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තපුස්ස යැ භල්ලික යැ යන නම් ඇති අග්‍ර–උපස්ථායකයෝ වූහ. සිරිමා යැ සෝණා යැ (යන උපාසිකාවෝ) උපස්ථායිකා වූහ.
28. අසීති හත්ථමුබ්බෙධො දීපඞ්කරො මහාමුනි සොභති දීපරුක්ඛො’ව සාලරාජා’ව ඵුල්ලිතො
28. මහාමුනි වූ දීපඞ්කර සර්වඥයන් වහන්සේ අසූරියන් උස ඇති සේක් (නැඟූ) පහන්රුකක් සෙයින් ද පිපිණු සල්රුකක් සෙයින් ද හොබනා සේක.
29. සතවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
29. ඒ මහර්ෂී සර්වඥයන් වහන්සේට හවුරුදු සියදහසක් ආයු විය. එතෙක් හවුරුදු වැඩ සිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර කතරින්) එතෙර කැරැවූහ.
30. ජොතයිත්වාන සද්ධම්මං සන්තාරෙත්වා මහාජනං ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො
30. සද්ධර්මය බබුළුවා මහාජනයා තරණය කරවා ශ්‍රාවකයන් සහිත වූ ඒ සර්වඥයන් වහන්සේ ගිනිකඳක් සෙයින් දිලියෙමින් සිට පිරිනිවි සේක.
31. සා ච ඉද්ධි සො ච යසො තානි ච පාදෙසු චක්කරතනානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරාති.
31. ඒ අනුභාවසම්පත් ද ඒ පරිවාරයශස් ද පා සඟුළුවන්හි වූ ඒ සක්රුවන් ලකුණු ද යන සියල්ල අතුරුදහන් වී. සියලු සංස්කාරධර්මයෝ තුච්ඡ වූවාහු නො වෙද්ද. (සියලු සඞ්ඛතයෝ අනිත්‍ය වූහ’යි සේ යි).
32. දීපඞ්කරො ජිනො සත්ථා නන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙව තස්ස ජිනථූපො ඡත්තිංසුබ්බෙධයොජනොති.
32. පස්මරුන් දිනූ දීපඞ්කර ශාස්තෲන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවිසේක. එහි මැ උන්වහන්සේ ගේ සර්වඥධාතු ස්තූපය සතිස් යොදුන් උස්වූයේ වී යයි.
දීපඞ්කරබුද්ධවංසො පඨමො.
පළමුවන දීපංකර බුද්ධවංශ නිමි.