යෙදුමෙන් කියවන්න

1. දීපඞ‍්කරබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

1. දීපඞ‍්කරබුද‍්ධවංසවණ‍්ණනා

1. දීපංකර බුද්ධවංස වර්ණනාව

රම‍්මනගරවාසිනොපි තෙ උපාසකා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පුන භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං මාලාගන්‍ධාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා දානානුමොදනං සොතුකාමා උපනිසීදිංසු. අථ සත්‍ථා තෙසං පරමමධුරං හදයඞ‍්ගමං දානානුමොදනමකාසි –

මෙම නුවර වැසි උපාසකවරු බුදුපාමොක් බික්සඟනට මහදන් දී වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේට මල්ගඳ ආදියෙන් පුදා වැඳ දානානුමෝදනා අසනු පිණිස වාඩිවූහ. එවිට ශාස්තෘන් වහන්සේ ඔවුන්ට පරම මධුර හෘදයංගම අනුමෝදනාවක් කළ සේක.

“දානං නාම සුඛාදීනං, නිදානං පරමං මතං; නිබ‍්බානං පන සොපානං, පතිට‍්ඨාති පවුච‍්චති.

දානය නම් සැප ආදියට පරම නිදානයයි දන්නා ලදි. දෙව්ලොවට හිණයි. පිහිටයයි කියනු ලැබේ.

“දානං තාණං මනුස‍්සානං, දානං බන්‍ධු පරායනං; දානං දුක‍්ඛාධිපන‍්නානං, සත‍්තානං පරමා ගති.

දානය මිනිසුන්ට ආරක්‍ෂාවයි. දානය එකම නෑයාය. දුකට පත් සතුටන් එකම ගමනයි.

“දුක‍්ඛනිත්‍ථරණට‍්ඨෙන , දානං නාවාති දීපිතං; භයරක‍්ඛණතො දානං, නගරන‍්ති ච වණ‍්ණිතං.

දුක් තරණය කිරීම් අර්ථයෙන් දානය නැවක් යයි දක්වන ලදි. භයෙන් ආරක්‍ෂා කරන හෙයින් දානය නගරයකැයි වර්ණනා කරන ලදි.

“දානං දුරාසදට‍්ඨෙන, වුත‍්තමාසිවිසොති ච; දානං ලොභමලාදීහි, පදුමං අනුපලිත‍්තතො.

ළංවීමට අපහසු හෙයින් දානය සර්පයෙකැයි කියන ලදි. දානය ලෝභකිලිටි සමඟ නොතැවරෙන හෙයින් පියුමකි.

“නත්‍ථි දානසමො ලොකෙ, පුරිසස‍්ස අවස‍්සයො; පටිපජ‍්ජථ තස‍්මා තං, කිරියාජ‍්ඣාසයෙන ච.

ලොව මිනිසාට දානය මෙන් අවශ්‍ය දෙයක් නැත. එබැවින් ක්‍රියාත්මක අදහසින් එය පිළිපදිම්.

“සග‍්ගලොකනිදානානි, දානානි මතිමා ඉධ; කො හි නාම නරො ලොකෙ, න දදෙය්‍ය හිතෙ රතො.

දානය ස්වර්ග ලෝකයට නිදානයයි. එබැවින් මෙලොව කවර නම් නැණවතෙක් හිතකාමීව දන් නොදෙයිද?

“සුත්‍වා දෙවෙසු සම‍්පත‍්තිං, කො නරො දානසම‍්භවං; න දජ‍්ජා සුඛප‍්පදං දානං, දානං චිත‍්තප‍්පමොදනං.

දානයෙන් හටගන්නා දෙව්සැප අසා කවරනම් මිනිසෙක් සැප ගෙන දෙන සිත තොස්වන දන් නොදෙන්නේද?

“දානෙන පටිපන‍්නෙන, අච‍්ඡරාපරිවාරිතො; රමතෙ සුචිරං කාලං, නන්‍දනෙ සුරනන්‍දනෙ.

දනට පිළිපන්නහු විසින් අප්සරාවන් පිරිවරා සුරනන්දන වූ නඳුනුයන්හි බොහෝ කල් වාසය කරනු ලැබේ.

“පීතිමුළාරං වින්‍දති දාතා, ගාරවමස‍්මිං ගච‍්ඡති ලොකෙ; කිත‍්තිමනන‍්තං යාති ච දාතා, විස‍්සසනීයො හොති ච දාතා.

දන්දෙන්නා උදාර ප්‍රීතියෙක් විදී. ලොව ගෞරවයට පාත්‍ර වෙයි. දෙන්නා අනන්ත ප්‍රසිද්ධියට පත්වෙයි. දෙන්නා විශ්වසනීයයෙක්ද වන්නේය.

“දත්‍වා දානං යාති නරො සො, භොගසමිද‍්ධිං දීඝඤ‍්චායු; සුස‍්සරතම‍්පි ච වින්‍දති රූපං, සග‍්ගෙ සද‍්ධිං කීළති දෙවෙහි; විමානෙසු ඨත්‍වා නානා, මත‍්තමයූරාභිරුතෙසු.

ඔහු දන් දී භෝග සමෘද්ධියටත් දීර්ඝායුෂයටත් පැමිණෙයි. දෙවියන් සමඟ දෙව්ලොව මිහිරි රූප ශබ්ද ද මත් මොනර නදින් පිරි විමානවල සිට විඳී.

“චොරාරිරාජොදකපාවකානං, ධනං අසාධාරණමෙව දානං; දදාති තං සාවකඤාණභූමිං, පච‍්චෙකභූමිං පන බුද‍්ධභූමි”න‍්ති. –

සොර සතුරු රජ ජල ගිනිවලට දානය අසාධාරණය. එබැවින් ශ්‍රාවකඤාණභූමිය පච්චෙකබුද්ධභූමිය බුද්ධභූමිය පතා දන් දෙයි.

එවමාදිනා නයෙන දානානුමොදනං කත්‍වා දානානිසංසං පකාසෙත්‍වා තදනන‍්තරං සීලකථං කථෙසි. සීලං නාමෙතං ඉධලොකපරලොකසම‍්පත‍්තීනං මූලං.

මේ ආදි විසින් දානානුමෝදනා කොට දානානිසංස පවසා අනතුරුව සීලකථා දෙසූහ. මේ සීලය නම් මෙලොව පරලොව සැපතට මුලයි.

“සීලං සුඛානං පරමං නිදානං, සීලෙන සීලී තිදිවං පයාති; සීලඤ‍්හි සංසාරමුපාගතස‍්ස, තාණඤ‍්ච ලෙණඤ‍්ච පරායනඤ‍්ච.

ශීලය සැපවලට පරම නිදානයයි. ශීලයෙන් සංවර පුද්ගලයා දෙව්ලොව යයි. සසරගත සත්වයාව ශීලය ත්‍රාණ ලෙණ පරායණය වෙයි.

“අවස‍්සයො සීලසමො ජනානං, කුතො පනඤ‍්ඤො ඉධ වා පරත්‍ථ; සීලං ගුණානං පරමා පතිට‍්ඨා, යථා ධරා ථාවරජඞ‍්ගමානං.

ජනයාට ශීලය වැනි අවශ්‍යයෙක් මෙලොව හෝ පරලොව වෙන කොයින්ද? ගුණයනට පරම ප්‍රතිෂ්ඨාව ශීලයයි. ස්ථාවර ජංගම සියල්ලට මහපොළව මෙනි.

“සීලං කිරෙව කල්‍යාණං, සීලං ලොකෙ අනුත‍්තරං; අරියවුත‍්තිසමාචාරො, යෙන වුච‍්චති සීලවා”. (ජා· 1.3.118);

ශීලයම යහපතයි. ශීලයම ලොව අනුත්තරයි. ශීලයෙන්ම ආර්ය වෘත්තියෙහි හැසිරෙන්නේ යයි කියනු ලැබේ.

සීලාලඞ‍්කාරසමො අලඞ‍්කාරො නත්‍ථි, සීලගන්‍ධසමො ගන්‍ධො නත්‍ථි, සීලසමං කිලෙසමලවිසොධනං නත්‍ථි, සීලසමං පරිළාහූපසමං නත්‍ථි, සීලසමං කිත‍්තිජනනං නත්‍ථි, සීලසමං සග‍්ගාරොහණසොපානං නත්‍ථි, නිබ‍්බානනගරප‍්පවෙසනෙ ච සීලසමං ද‍්වාරං නත්‍ථි. යථාහ –

ශීලාලංකාරයට සම අලංකාරයක් නැත. සිල්සුවඳට සමාන සුවඳක් නැත. කෙලෙස්මල සේදීමට ශීලය සමාන දෙයක් නැත. ශීලය සමාන දාහ සංසිඳුවන්නක් නැත. ශීලය වැනි කීර්ති උපදවන්නක් නැත. ශීලය වැනි දෙව්ලොවට නගින ගින්නක් නැත. නිවන් නුවරට වැදීමට ශීලයට සමාන දොරටුවක් නැත. කී පරිදි-

“සොභන‍්තෙවං න රාජානො, මුත‍්තාමණිවිභූසිතා; යථා සොභන‍්ති යතිනො, සීලභූසනභූසිතා.

සිල් අබරණින් සැරසුණ යතිවරුන් මෙන් මිණිමුතුවලින් සැරසුණ රජවරු ශෝභමාන නොවෙති.

“සීලගන්‍ධසමො ගන්‍ධො, කුතො නාම භවිස‍්සති; යො සමං අනුවාතෙ ච, පටිවාතෙ ච වායති. (විසුද‍්ධි· 1.9); “න පුප‍්ඵගන්‍ධො පටිවාතමෙති, න චන්‍දනං තග‍්ගරමල‍්ලිකා වා; සතඤ‍්ච ගන්‍ධො පටිවාතමෙති, සබ‍්බා දිසා සප‍්පුරිසො පවායති.

සිල්සුවඳ වැනි සුවඳක් කොහි නම් ඇත්තේද? එය යටිසුළඟෙහි මෙන්ම උඩු සුළඟෙහිද එකසේ හමයි. මල්සුවඳ සඳුන් තුවරලා හෝ දෑසමන් උඩුසුළඟට හමායයි. සත්පුරුෂ සුවඳ නම් උඩුසුළඟට යයි. සත්පුරුෂයා හැම දිශාවෙහිම හමායයි.

“චන්‍දනං තගරං වාපි, උප‍්පලං අථ වස‍්සිකී; එතෙසං ගන්‍ධජාතානං, සීලගන්‍ධො අනුත‍්තරො. (ධ· ප· 54-55; මි· ප· 5.4.1);

සඳුන් තුවරලා හෝ උපුල් ඉද්ද යන මේ සුවඳ අතුරෙන් සිල්සුවඳම අනුත්තරය.

“න ගඞ‍්ගා යමුනා චාපි, සරභූ වා සරස‍්වතී; නින‍්නගා වාචිරවතී, මහී වාපි මහානදී.

ගංගා යමුනා හෝ සරභූ සරස්වතී හෝ අචිරවතී මහී හෝ මහාගංගා ජලය මෙලොව මිනිසුන්ගේ කෙලෙස් මල සෝදාහැරිමට සමත් නොවෙයි. සිල් ජලයම ඒ මල සෝදා හරි.

“සක‍්කුණන‍්ති විසොධෙතුං, තං මලං ඉධ පාණිනං; විසොධයති සත‍්තානං, යං වෙ සීලජලං මලං.

“න තං සජලදා වාතා, න චාපි හරිචන්‍දනං; නෙව හාරා න මණයො, න චන්‍දකිරණඞ‍්කුරා.

ඒ ජලවාෂ්ප මුසු සුළඟ හෝ සුදු සඳුන් හෝ මුතුහර හෝ මැණික් හෝ සඳකිරණ හෝ සත්ත්වයන්ගේ කෙලෙස් දාහ සමනය නොකරයි. අත්‍යන්ත සිසිල් වූ මේ ආර්ය ශීලයම මේ දාහ සන්සිඳුවයි. අත්තානුවාදාදි බිය හැමදා නැති කරයි. හැමකල සිල්වතාගේ ශීලය කීර්තියත් සිසිලත් ඇති කරයි.

“සමයන‍්තීධ සත‍්තානං, පරිළාහං සුරක‍්ඛිතං; යං සමෙති ඉදං අරියං, සීලං අච‍්චන‍්තසීතලං.

“අත‍්තානුවාදාදිභයං, විද‍්ධංසයති සබ‍්බදා; ජනෙති කිත‍්තිහාසඤ‍්ච, සීලං සීලවතො සදා.

“සග‍්ගාරොහණසොපානං, අඤ‍්ඤං සීලසමං කුතො; ද‍්වාරං වා පන නිබ‍්බාන, නගරස‍්ස පවෙසනෙ.

ස්වර්ගාරෝහණ හිණක් ශීලය හැර වෙන කොයින්ද? නිවන්පුර පිවිසෙන වෙන දොරටුවක් කොයින්ද?

“ගුණානං මූලභූතස‍්ස, දොසානං බලඝාතිනො; ඉති සීලස‍්ස ජානාථ, ආනිසංසමනුත‍්තර”න‍්ති. (විසුද‍්ධි· 1.9);

ගුණයන්ට මුල්වූ දොස බලඝාතයක් වූ ශීලයෙහි අනුත්තර අනුසස් මෙසේ දනිව්.

එවං භගවා සීලානිසංසං දස‍්සෙත්‍වා – “ඉදං පන සීලං නිස‍්සාය අයං සග‍්ගො ලභතී”ති දස‍්සනත්‍ථං තදනන‍්තරං සග‍්ගකථං කථෙසි. අයං සග‍්ගො නාම ඉට‍්ඨො කන‍්තො මනාපො එකන‍්තසුඛො නිච‍්චමෙත්‍ථ කීළා නිච‍්චං සම‍්පත‍්තියො ලභන‍්ති. චාතුමහාරාජිකා දෙවා නවුතිවස‍්සසතසහස‍්සානි දිබ‍්බසුඛං දිබ‍්බසම‍්පත‍්තිං පටිලභන‍්ති. තාවතිංසා තිස‍්සො වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානීති එවමාදිසග‍්ගගුණපටිසංයුත‍්තකථං කථෙසි. එවං සග‍්ගකථාය පලොභෙත්‍වා පුන – “අයම‍්පි සග‍්ගො අනිච‍්චො අධුවො න තත්‍ථ ඡන්‍දරාගො කාතබ‍්බො”ති කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක‍්ඛම‍්මෙ ආනිසංසඤ‍්ච පකාසෙත්‍වා අමතපරියොසානං ධම‍්මකථං කථෙසි. එවං තස‍්ස මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා එකච‍්චෙ සරණෙසු ච එකච‍්චෙ පඤ‍්චසීලෙසු ච එකච‍්චෙ සොතාපත‍්තිඵලෙ ච එකච‍්චෙ සකදාගාමිඵලෙ එකච‍්චෙ අනාගාමිඵලෙ එකච‍්චෙ චතූසුපි ඵලෙසු එකච‍්චෙ තීසු විජ‍්ජාසු එකච‍්චෙ ඡසු අභිඤ‍්ඤාසු එකච‍්චෙ අට‍්ඨසු සමාපත‍්තීසු පතිට‍්ඨාපෙත්‍වා උට‍්ඨායාසනා රම‍්මනගරතො නික‍්ඛමිත්‍වා සුදස‍්සනමහාවිහාරමෙව පාවිසි. තෙන වුත‍්තං –

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශීලානිශංස දක්වා මේ ශීලය නිසා ස්වර්ගය ලැබේයයි දැක්වීම පිණිස ස්වර්ග කථාව දෙසූහ. මේ ස්වර්ගය නම් ඉෂ්ටය. කාන්තය. මනාපය. ඒකාන්තයෙන් සැපය. එහි නිරන්තරවම ක්‍රීඩා සම්පත් ලැබෙයි. චාතුර්මහාරාජික දෙවියෝ අනූලක්‍ෂයක් අවුරුදු දෙව්සැප දෙව්සම්පත් ලබති. තාවතිංසයෝ වසර තුන්කෝටි හැට ලක්‍ෂයක් වෙයි. මෙසේ සඟගුණ මුසු බණකථා වදාළහ. මෙසේ ස්වර්ග කථාවෙන් පොළඹවා නැවත මේ ස්වර්ගයද අනිත්‍යය අස්ථිරය. මෙහිද ආලය නොකළ යුතුයයි කාමයන්ගේ ආදීනව පහත් බව සකිළිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශකොට නිවන කෙළවර කොට ඇති ධර්මකථා වදාළහ. මෙසේ ඒ මහජනයාට දහම් දෙසා කිසිවෙකු සරණයෙහි ද කිසිවෙකු ශීලයෙහි ද කිසිවෙකු සෝවාන් ඵලයෙහි ද කිසිවෙකු සකෘදාගාමි ඵලයෙහි ද කිසිවෙකු අනාගාමි ඵලයෙහි ද කිසිවෙකු සතර ඵලයෙහි කිසිවෙකු ත්‍රිවිද්‍යාවෙහි කිසිවෙකු ෂඩ්භිඥාවෙහි කිසිවෙකු අටසමවත්හි පිහිටුවා අසුනින් නැගිට රම්ම නුවරින් නික්ම සුදසුන් වෙහෙරටම පිවිසි සේක. එහෙයින් කියන ලදි-

“තදා තෙ භොජයිත්‍වාන, සසඞ‍්ඝං ලොකනායකං; උපගච‍්ඡුං සරණං තස‍්ස, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

එදින ඔවුහු සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේ වළඳවා ඒ දීපංකර ශාස්තෘන් වහන්සේ සරණ ගියහ.

“සරණාගමනෙ කඤ‍්චි, නිවෙසෙති තථාගතො; කඤ‍්චි පඤ‍්චසු සීලෙසු, සීලෙ දසවිධෙ පරං.

කිසිවෙකු සරණාගමනයෙහිද කිසිවෙකු පන්සල්හිද කිසිවෙකු දසශීලයෙහිද තථාගතයන් වහන්සේ පිහිටවූහ.

“කස‍්සචි දෙති සාමඤ‍්ඤං, චතුරො ඵලමුත‍්තමෙ; කස‍්සචි අසමෙ ධම‍්මෙ, දෙති සො පටිසම‍්භිදා.

කිසිවෙකුට උතුම් සතරශ්‍රමණ පල ද කිසිවෙකුට අසම පිළිසිඹියා දහම් ද දුන් සේක.

“කස‍්සචි වරසමාපත‍්තියො, අට‍්ඨ දෙති නරාසභො; තිස‍්සො කස‍්සචි විජ‍්ජායො, ඡළභිඤ‍්ඤා පවෙච‍්ඡති.

නරාසයන් වහන්සේ කිසිවෙකුට අට සමවත් දුන්හ. කිසිවෙකුට ත්‍රිවිද්‍යාවද ෂඩභිඥාද දුන්හ.

“තෙන යොගෙන ජනකායං, ඔවදති මහාමුනි; තෙන විත්‍ථාරිකං ආසි, ලොකනාථස‍්ස සාසනං.

ඒ මහාමුනීන්ද්‍රයන් වහන්සේ එහිදී මහජනකායට අවවාද කළ සේක. එයින් ලෝකනායකයාණන්ගේ සසුන පැතිර ගියේය.

“මහාහනුසභක‍්ඛන්‍ධො , දීපඞ‍්කරසනාමකො; බහූ ජනෙ තාරයති, පරිමොචෙති දුග‍්ගතිං.

මහාහනු උසභක්‍ඛන්‍ධ දීපංකර සර්වඥයන් වහන්සේ බොහෝ දෙන සසරින් එතෙර කළහ. දුගතියෙන් මිදූහ.

“බොධනෙය්‍යං ජනං දිස‍්වා, සතසහස‍්සෙපි යොජනෙ; ඛණෙන උපගන‍්ත්‍වාන, බොධෙති තං මහාමුනී”ති.

ඒ මහමුනිවරයාණෝ අවබෝධ කරවිය යුතු ජනයා දැක යොදුන් ලක්‍ෂයක් වුව සැණින් වැඩමවා අවබෝධ කරවූ සේක.

තත්‍ථ තෙති රම‍්මනගරවාසිනො උපාසකා. සරණන‍්ති එත්‍ථ සරණං සරණගමනං සරණස‍්ස ගන‍්තා ච වෙදිතබ‍්බා. සරති හිංසති විනාසෙතීති සරණං, කිං තං? රතනත‍්තයං. තං පන සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන‍්තාසං දුක‍්ඛං දුග‍්ගතිං පරික‍්කිලෙසං හනති හිංසති විනාසෙතීති සරණන‍්ති වුච‍්චතීති. වුත‍්තඤ‍්හෙතං –

එහි තෙ යනු; ඒ රම්ම නුවරවැසි උපාසකවරු. සරණං යනු; මෙහි සරණය සරණ ගමනය ද සරණ යන්නහු ද දතයුතුය. හැසිරෙයි. නසයි. වනසයිනුයි සරණයි. ඒ කුමක් ද? රතනත්‍රයයි. එය සරණ ගියවුන්ගේ ඒ සරණගමනයෙන් භය සන්ත්‍රාසය දුක දුගතිය පරික්ලේශය නසයි වනසයි යනු සරණ යයි කියනු ලැබේ.

“යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

යමෙක් බුදුන් සරණ ගියාහු වෙත්ද ඔවුහු දුගතියට නොයති. මිනිස් සිරුර හැර දෙව්ලොව සපුරාලති.

“යෙ කෙචි ධම‍්මං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

දහම් සරණ ගියාහු ද සඟුන් සරණ ගියාහු ද -පෙ- දෙව්ලොව සපුරති.

“යෙ කෙචි සඞ‍්ඝං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්තී”ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

සරණගමනං නාම රතනත‍්තයපරායනාකාරප‍්පවත‍්තො චිත‍්තුප‍්පාදො. සරණස‍්ස ගන‍්තා නාම තංසමඞ‍්ගීපුග‍්ගලො. එවං තාව සරණං සරණගමනං සරණස‍්ස ගන‍්තා චාති ඉදං තයං වෙදිතබ‍්බං.

සරණාගමනය නම් තෙරුවන පිහිටකොට පවත්නා සිත් ඉපදවීමයි. සරණ යන්නහු නම් ඒ සිතින් යුත් පුද්ගලයායි. මෙසේ වනාහි සරණ සරණාගමන සරණාගත යන මේ තෙකරුණ දතයුතුය.

තස‍්සාති තං දීපඞ‍්කරං, උපයොගත්‍ථෙ සාමිවචනං දට‍්ඨබ‍්බං. “උපගච‍්ඡුං සරණං තත්‍ථා”තිපි පාඨො. සත්‍ථුනොති සත්‍ථාරං. සරණාගමනෙ කඤ‍්චීති කඤ‍්චි පුග‍්ගලං සරණගමනෙ නිවෙසෙතීති අත්‍ථො. කිඤ‍්චාපි පච‍්චුප‍්පන‍්නවසෙන වුත‍්තං, අතීතකාලවසෙන පන අත්‍ථො ගහෙතබ‍්බො. එස නයො සෙසෙසුපි. “කස‍්සචි සරණාගමනෙ”තිපි පාඨො, තස‍්සපි සොයෙවත්‍ථො. කඤ‍්චි පඤ‍්චසු සීලෙසූති කඤ‍්චි පුග‍්ගලං පඤ‍්චසු විරතිසීලෙසු නිවෙසෙසීති අත්‍ථො. “කස‍්සචි පඤ‍්චසු සීලෙසූ”තිපි පාඨො, සොයෙවත්‍ථො. සීලෙ දසවිධෙ පරන‍්ති අපරං පුග‍්ගලං දසවිධෙ සීලෙ නිවෙසෙසීති අත්‍ථො. “කස‍්සචි කුසලෙ දසා”තිපි පාඨො, තස‍්ස කඤ‍්චි පුග‍්ගලං දස කුසලධම‍්මෙ සමාදපෙසීති අත්‍ථො. කස‍්සචි දෙති සාමඤ‍්ඤන‍්ති එත්‍ථ පරමත්‍ථතො සාමඤ‍්ඤන‍්ති මග‍්ගො වුච‍්චති. යථාහ –

තස්ස යනු; ඒ දිවකුරු බුදුන්. කර්මාර්ථ සම්බන්‍ධ විභත්ති යයි දතයුතු. උපගඤ්ජුං සරණං කත්‍ථ යනු ද පාඨයි. සත්‍ථුනො යනු; ශාස්තෘන් වහන්සේ සරණාගමනෙ කඤ්චි යනු; කිසි පුද්ගලයන් සරණගමනයෙහි පිහිටවූහ යන අර්ථයි. වර්තමාන කාලයෙන් දැක්වුවද අතීතකාල වශයෙන් අර්ථ ගතයුතුය. සෙසු තන්හි ද මේ ක්‍රමයයි. කස්සචි සරණාගමනෙ යනු ද පාඨයි. මෙයම අර්ථයයි. කඤ්චි පඤ්චසු සීලෙසු යනු; කිසි පුද්ගලයකු පස්විරති ශීලයෙහි පිහිටවූහ යන අර්ථයි. සීලෙ දසවිධෙ පරං යනු; තවත් පුද්ගලයකු දසවිධ සීලයෙහි පිහිටවූහ යන අර්ථයි. කස්සචි කුසලෙ දසාතීපි කියාත් පාඨයි. කිසි පුද්ගලයකු දසකුසල ධර්මයෙහි යනු එහි අර්ථයයි. කස්සචි දෙති සාමඤ්ඤං යනු; මෙහි පරමාර්ථ වශයෙන් සාමඤ්ඤං යනු මාර්ගය කියනු ලැබේ. කී පරිදි - කතමඤ්ඤං යනු මාර්ගය කියනු ලැබේ. කී පරිදි -

“කතමඤ‍්ච, භික‍්ඛවෙ, සාමඤ‍්ඤං? අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං – සම‍්මාදිට‍්ඨි…පෙ… සම‍්මාසමාධි. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, සාමඤ‍්ඤ”න‍්ති (සං· නි· 5.36).

කතමඤ්ච භික්‍ඛවෙ සාමඤ්ඤං. අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං, සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධීති. ඉදං වුච්චති භික්‍ඛවෙ සාමඤ්ඤන්ති.

චතුරො ඵලමුත‍්තමෙති චත‍්තාරි උත‍්තමානි ඵලානීති අත්‍ථො. ම-කාරො පදසන්‍ධිකරො. ලිඞ‍්ගවිපරියාසෙන වුත‍්තං. යථොපනිස‍්සයං චත‍්තාරො මග‍්ගෙ චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි කස‍්සචි අදාසීති අත්‍ථො. කස‍්සචි අසමෙ ධම‍්මෙති කස‍්සචි අසදිසෙ චත‍්තාරො පටිසම‍්භිදාධම‍්මෙ අදාසි.

චතුරො ඵලමුත්තමෙ යනු; උතුම් සතරඵල යන අර්ථයි. මකාරය පදසන්‍ධි කාරකයි. ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. කිසිවෙකුට හේතුසම්පත් වශයෙන් සතරමඟ සතර ශ්‍රමණඵල දුන්හ යන අර්ථයි. කස්සචි අසමෙ ධම්මෙ යනු; කිසිවෙකුට අසමාන සිවුපිළිසිඹියා දහම් දුන්හ.

කස‍්සචි වරසමාපත‍්තියොති කස‍්සචි පන නීවරණවිගමෙන පධානභූතා අට‍්ඨ සමාපත‍්තියො අදාසි. තිස‍්සො කස‍්සචි විජ‍්ජායොති කස‍්සචි පුග‍්ගලස‍්ස උපනිස‍්සයවසෙන දිබ‍්බචක‍්ඛුඤාණපුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණආසවක‍්ඛයඤාණානං වසෙන තිස‍්සො විජ‍්ජායො. ඡළභිඤ‍්ඤා පවෙච‍්ඡතීති ඡ අභිඤ‍්ඤායො කස‍්සචි අදාසි.

කස්සචි වර සමාපත්තියො යනු; කිසිවෙකුට වනාහි නීවරණ දුරුකිරිමට ප්‍රධාන වූ අටසමවත් දුන්හ. තිස්සො කස්සමි විජ්ජායො යනු; කිසි පුද්ගලයෙකුට උපනිශ්‍රය වශයෙන් දිවැස, පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ හා ආශ්‍රව ක්‍ෂය කිරීමේ නුවණ යන ත්‍රිවිද්‍යාව. ඡළභිඤ්ඤා පවෙච්ඡති යනු; කිසිවෙකුට ෂඩභිඥා දුන්හ.

තෙන යොගෙනාති තෙන නයෙන තෙනානුක‍්කමෙන ච. ජනකායන‍්ති ජනසමූහං. ඔවදතීති ඔවදි. කාලවිපරියාසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉතො උපරිපි ඊදිසෙසු වචනෙසු අතීතකාලවසෙනෙව අත්‍ථො ගහෙතබ‍්බො . තෙන විත්‍ථාරිකං ආසීති තෙන දීපඞ‍්කරස‍්ස භගවතො ඔවාදෙන අනුසාසනියා විත්‍ථාරිකං විත්‍ථතං විසාලීභූතං සාසනං අහොසි.

තෙන යොගෙන යනු; ඒ ක්‍රමයෙන් ඒ අනුක්‍රමයෙන්. ජනකායං යනු; ජනසමූහය. ඔවදති යනු; අවවාද කළහ. කාලවිපර්යාස කොට කියන ලදැයි දතයුතුය. මින් මතුද මෙවැනි වචනවල අතීත කාල වශයෙන්ම අර්ථය ගතයුතුය. තෙන විත්‍ථාරිතං ආසි යනු; ඒ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙන් අනුශාසනයෙන් විස්තෘත විය. පැතිරිණ. සසුන විශාල විය.

මහාහනූති මහාපුරිසානං කිර ද‍්වෙපි හනූනි පරිපුණ‍්ණානි ද‍්වාදසියා පක‍්ඛස‍්ස චන්‍දසදිසාකාරානි හොන‍්තීති මහන‍්තානි හනූනි යස‍්ස සො මහාහනු, සීහහනූති වුත‍්තං හොති. උසභක‍්ඛන්‍ධොති උසභස‍්සෙව ඛන්‍ධො යස‍්ස භවති, සො උසභක‍්ඛන්‍ධො. සුවට‍්ටිතසුවණ‍්ණාලිඞ‍්ගසදිසරුචිරක‍්ඛන්‍ධො සමවට‍්ටචාරුක‍්ඛන්‍ධොති අත්‍ථො. දීපඞ‍්කරසනාමකොති දීපඞ‍්කරසනාමො . බහූ ජනෙ තාරයතීති බහූ බුද‍්ධවෙනෙය්‍යෙ ජනෙ තාරෙසි. පරිමොචෙතීති පරිමොචෙසි. දුග‍්ගතින‍්ති දුග‍්ගතිතො. නිස‍්සක‍්කත්‍ථෙ උපයොගවචනං.

මහාහන යනු; මහාපුරුෂයන්ගේ වනාහි පිරිපුන් දෙහනු දොළොස්වක සඳ හා සමාන වෙයි. මහත් හනු යමෙකුට ද හේ මහාගනු නමි. සීහහනු යි කියන ලදි. උසභක්‍ඛන්‍ධො යනු; වෘෂභයකුගේ මෙන් කඳ යමෙකුට ඇත්තේ ද හේ උසභක්‍ඛන්‍ධයි. මනාව වැඩුණු රන් වැනි සුන්‍දර රුසිරු කඳක් ඇත්තේ. සමවට සොඳුරු සිරුරු ඇත්තේ යන අර්ථයි. දීපංකර සනාමකො යනු; දීපංකර නම් ඇති. බහූජනෙ තාරයති යනු; බොහෝ බුද්ධවෙනෙය්‍ය ජනයන් තරණය කරවූහ. පරිමොචෙති යනු මිදවූහ. දුග්ගතිං යනු; දුගතියෙන්. අපාදානයෙහි කර්මපදයි.

ඉදානි තාරණපරිමොචනකරණාකාරදස‍්සනත්‍ථං “බොධනෙය්‍යං ජන”න‍්ති ගාථා වුත‍්තා. තත්‍ථ බොධනෙය්‍යං ජනන‍්ති බොධනෙය්‍යං පජං, අයමෙව වා පාඨො. දිස‍්වාති බුද‍්ධචක‍්ඛුනා වා සමන‍්තචක‍්ඛුනා වා දිස‍්වා. සතසහස‍්සෙපි යොජනෙති අනෙකසතසහස‍්සෙපි යොජනෙ ඨිතං. ඉදං පන දසසහස‍්සියංයෙව සන්‍ධාය වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං.

තරණය මුදවන ආකාරය දැක්වීමට දැන් බොධනෙය්‍ය ප්‍රජාව. මෙයම හෝ පාඨයි. දිස්වා යනු; බුදු ඇසින් හෝ සමතැසින් දැක. සතසහස්සෙපි යොජනෙ යනු; නොයෙක් ලක්‍ෂගණන් යොදුන්හි සිටි. මේ දසසහස්සී ලෝකධාතුව සඳහාම කියන ලදැයි දතයුතුයි.

දීපඞ‍්කරො කිර සත්‍ථා බුද‍්ධත‍්තං පත්‍වා බොධිමූලෙ සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා අට‍්ඨමෙ සත‍්තාහෙ මහාබ්‍රහ‍්මුනො ධම‍්මජ‍්ඣෙසනං පටිඤ‍්ඤාය සුනන්‍දාරාමෙ ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා කොටිසතං දෙවමනුස‍්සානං ධම‍්මාමතං පායෙසි. අයං පඨමො අභිසමයො අහොසි.

දීපංකර ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයට පත්ව බෝමුල සත්සත් ගෙවා අටවන සතියෙහි මහබඹහුගේ ධර්මදේශනා ප්‍රතිඥාවෙන් සුනන්‍දාරාමයෙහි දම්සක් පවත්වා සියකෝටියක් දෙවිමිනිසුන්ට දහම් අමා පෙවූහ. මෙය පළමු ධර්මාවබෝධ කිරීම විය.

අථ සත්‍ථා අත‍්තනො පුත‍්තස‍්ස සමවට‍්ටක‍්ඛන්‍ධස‍්ස උසභක‍්ඛන්‍ධස‍්ස නාම ඤාණපරිපාකං ඤත්‍වා තං අත්‍රජං පමුඛං කත්‍වා රාහුලොවාදසදිසං ධම‍්මං දෙසෙත්‍වා දෙවමනුස‍්සානං නවුතිකොටියො ධම‍්මාමතං පායෙසි. අයං දුතියො අභිසමයො අහොසි.

ඉක්බිති ශාස්තෘන් වහන්සේ සමවත්තක්‍ඛන්‍ධ නම් සිය පුතණුවන්ගේ ඤාණ මේරීම දැන ඒ පුතු ප්‍රමුඛ කොට රාහුලොවාද සමාන දහම් දෙසා නවකෙළක් දෙවිමිනිසුන්ට අමා පැන් පෙවූහ. මේ දෙවන ධර්මාභිසමයයි.

පුන භගවා අමරවතීනගරද‍්වාරෙ මහාසිරීසරුක‍්ඛමූලෙ යමකපාටිහාරියං කත්‍වා මහාජනස‍්ස බන්‍ධනාමොක‍්ඛං කත්‍වා දෙවගණපරිවුතො දිවසකරාතිරෙකජුතිවිසරභවනෙ තාවතිංසභවනෙ පාරිච‍්ඡත‍්තකමූලෙ පරමසීතලෙ පණ‍්ඩුකම‍්බලසිලාතලෙ නිසීදිත්‍වා සබ‍්බදෙවගණපීතිසඤ‍්ජනනිං අත‍්තනො ජනනිං සුමෙධාදෙවිං පමුඛං කත්‍වා සබ‍්බලොකවිදිතවිසුද‍්ධිදෙවො දෙවදෙවො දීපඞ‍්කරො භගවා සබ‍්බසත‍්තහිතකරං පරමාතිරෙකගම‍්භීරසුඛුමං බුද‍්ධිවිසදකරං සත‍්තප‍්පකරණං අභිධම‍්මපිටකං දෙසෙත්‍වා නවුතිදෙවකොටිසහස‍්සානං ධම‍්මාමතං පායෙසි. අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

නැවත අමරවතී නුවරදොර මහාසීරිස රුක්මුල යමාමහ පෙළහර කොට මහජනයා සසර බැම්මෙන් මුදා දෙව්ගණ පිරිවරා අතිරේක දිවාකරා ලෝකයක් මෙන් දෙව්භවන වූ තව්තිසා භවනයෙහි පරසතු රුක්මුල්හි පරමසීතල පඬුඇඹුල් සලසුන්හි හිඳ සියලු දෙව්ගණ හට ප්‍රීති සංජනනය කරවන සිය මෑණි සුමේධා දේවිය ප්‍රමුඛ කොට සර්වප්‍රකාරයෙන් ලෝ දත් විසුද්ධිදේව වූ දෙවියන්ට දෙවි වූ දීපංකර බුදුහු සප්තප්‍රකරණ අභිධර්ම පිටකය දෙසා නවකෙළ ලක්‍ෂයක් දෙවියන්ට දහම් අමා පෙවූහ. මේ තෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-

“පඨමාභිසමයෙ බුද‍්ධො, කොටිසතමබොධයි; දුතියාභිසමයෙ නාථො, නවුතිකොටිමබොධයි.

පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයි දුතියාභිසමයෙනාථො නවුතිකොටිමබොධයී

“යදා ච දෙවභවනම‍්හි, බුද‍්ධො ධම‍්මමදෙසයි; නවුතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

යදා ච දෙවභවනම්හි බුද්ධො ධම්මමදෙසයි නවුති කොටිසහස්සානං තාතියාභිසමයො අහූ

දීපඞ‍්කරස‍්ස පන භගවතො තයො සාවකසන‍්නිපාතා අහෙසුං. තත්‍ථ සුනන්‍දාරාමෙ කොටිසතසහස‍්සානං පඨමො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

දිවකුරු බුදුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ඉන් සුනන්‍දාරාමයෙහි ප්‍රථම සන්නිපාතය කෙළලක්‍ෂයක් විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො; කොටිසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො”ති.

සන්නිපාතා තයො ආයුං දීපංකරස්ස සත්‍ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො

අථාපරෙන සමයෙන දසබලො චතූහි භික‍්ඛුසතසහස‍්සෙහි පරිවුතො ගාමනිගමනගරපටිපාටියා මහාජනානුග‍්ගහං කරොන‍්තො චාරිකං චරමානො අනුක‍්කමෙන එකස‍්මිං පදෙසෙ මහාජනකතසක‍්කාරං සබ‍්බලොකවිස‍්සුතං අමනුස‍්සපරිග‍්ගහිතං අතිභයානකං ඔලම‍්බාම‍්බුධරපරිචුම‍්බිතකූටං විවිධසුරභිතරුකුසුමවාසිතකූටං නානාමිගගණවිචරිතකූටං නාරදකූටං නාම පරමරමණීයං පබ‍්බතං සම‍්පාපුණි. සො කිර පබ‍්බතො නාරදෙන නාම යක‍්ඛෙන පරිග‍්ගහිතො අහොසි. තත්‍ථ පන තස‍්ස යක‍්ඛස‍්ස අනුසංවච‍්ඡරං මහාජනො මනුස‍්සබලිං උපසංහරති.

පසුකලෙක දසබලයන් වහන්සේ සාරදහසක් සඟුන් පිරිවරා ගම්නියම්ගම් රාජධානි පිළිවෙලින් අනුග්‍රහයෙහි යෙදෙන්නාහු චාරිකාවෙහි යෙදෙමින් එක් පෙදෙසක මහජනයා විසින් කරන ලද සත්කාර ඇති ලෝකප්‍රකට නොමිනිසුන් අරක්ගත් අතිභයානක එල්බෙන වලාකුළු සිපගන්නා විවිධ සුවඳමල් පිරිගසින් සුවඳවත් මුදුන් ඇති නන්මුවගණන් හැසිරෙන නාරදකූට නම් පරමරමණීය පර්වතයට වැඩිසේක. ඒ පර්වතය වනාහි නරද නම් යක්‍ෂයකු විසින් අධිගෘහිත විය. ඒ යක්‍ෂයාට අවුරුදු පතා මහජනයා මිනිස්බලි එළවති.

අථ දීපඞ‍්කරො කිර භගවා තස‍්ස මහාජනස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා තතො භික‍්ඛුසඞ‍්ඝං චාතුද‍්දිසං පෙසෙත්‍වා අදුතියො අසහායො මහාකරුණාබලවසඞ‍්ගතහදයො තඤ‍්ච යක‍්ඛං විනෙතුං තං නාරදපබ‍්බතං අභිරුහි. අථ සො මනුස‍්සභක‍්ඛො සකහිතනිරපෙක‍්ඛො පරවධදක‍්ඛො යක‍්ඛො මක‍්ඛං අසහමානො කොධපරෙතමානසො දසබලං භිංසාපෙත්‍වා පලාපෙතුකාමො තං පබ‍්බතං චාලෙසි. සො කිර පබ‍්බතො තෙන චාලියමානො භගවතො ආනුභාවෙන තස‍්සෙව මත්‍ථකෙ පතමානො විය අහොසි.

ඉක්බිති දීපංකර භාග්‍යවතුන් වහන්සේ ඒ මහජනයාගේ හේතු සම්පත් දැක එතැනින් භික්‍ෂු සංඝයා සිවුදිගට පිටත්කොට තනිව අසහායව බලවත් කරුණාව පිරි හදින් ඒ යකු හික්මවීමට නාරද පර්වතයට නැංගහ. ඉක්බිති ඒ මිනීකන තම යහපත නොදත් පරවධයෙහි දක්‍ෂ යක්‍ෂයා මතු බැවින් නොඉවසමින් වෛරපිරි මනසින් දසබලයන් බියකොට පලවාහරිනු කැමතිව ඒ පර්වතය සෙල්වීය. පර්වතය ඔහු සොලවද්දී බුදු අනුහසින් ඔහුගේ හිසමත වැටෙන්නාක් මෙන් විය.

තතො සො භීතො – “හන්‍ද නං අග‍්ගිනා ඣාපෙස‍්සාමී”ති මහන‍්තං අතිභීමදස‍්සනං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බත‍්තෙසි. සො අග‍්ගික‍්ඛන්‍ධො පටිවාතෙ ඛිත‍්තො විය අත‍්තනොව දුක‍්ඛං ජනෙසි, න පන භගවතො චීවරෙ අංසුමත‍්තම‍්පි දඩ‍්ඪුං සමත්‍ථො අහොසි. යක‍්ඛො පන “සමණො දඩ‍්ඪො, න දඩ‍්ඪො”ති ඔලොකෙන‍්තො දසබලං සරදසමයවිමලකරනිකරං සබ‍්බජනරතිකරං රජනිකරමිව සීතලජලතලගතකමලකණ‍්ණිකාය නිසින‍්නං විය භගවන‍්තං දිස‍්වා චින‍්තෙසි – “අහො අයං සමණො මහානුභාවො, යං යං ඉමස‍්සාහං අනත්‍ථං කරොමි, සො සො මමූපරියෙව පතති, ඉමං පන සමණං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං මෙ පටිසරණං පරායනං නත්‍ථි, පථවියං උපක‍්ඛලිතා පථවිංයෙව නිස‍්සාය උට‍්ඨහන‍්ති, හන්‍දාහං ඉමංයෙව සමණං සරණං ගමිස‍්සාමී”ති.

ඉන් බියවූ හෙතෙම දැන් මොහු ගින්නෙන් දවමියි අතිබිහිසුණු මහගිනිකඳක් ඇති කළේය. ඒ ගිනිකඳ උඩු සුළඟට හැරී තමහටම දුක් ඉපදවීය. බුදුරදුන්ගේ සිවුරෙහි අංශුමාත්‍රයක්වත් දැවීමට අසමත් විය. යක්‍ෂයා ශ්‍රමණයා දැවුණේයයි බලන්නේ සරාකල සුපිරිසිදු සියලු දනමන අලවන සඳමඬල වන් සිහිල් ජලතලගත පියුම් කෙමියෙක්හි හුන්නාක් වැනි තථාගතයන් වහන්සේ දැක සිතීය. පුදුමයි, මේ ශ්‍රමණතෙම මහානුභාවය. මොහුට මා කරන යම් යම් අනර්ථයක් වෙයිද එය මා මතම වැටෙයි. මේ ශ්‍රමණයා හැර මට වෙනත් පිළිසරණක් පිහිටක් නැත. පොළොවෙහි ගැසුණාහු පොළව නිසාම නැගිටිති. මම මේ ශ්‍රමණයන්ගේම සරණ යමි කියායි.

අථෙවං පන සො චින‍්තෙත්‍වා භගවතො චක‍්කාලඞ‍්කතතලෙසු පාදෙසු සිරසා නිපතිත්‍වා – “අච‍්චයො මං, භන‍්තෙ, අච‍්චගමා”ති වත්‍වා භගවන‍්තං සරණමගමාසි. අථස‍්ස භගවා අනුපුබ‍්බිකථං කථෙසි. සො දෙසනාපරියොසානෙ දසහි යක‍්ඛසහස‍්සෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තස‍්මිං කිර දිවසෙ සකලජම‍්බුදීපතලවාසිනො මනුස‍්සා තස‍්ස බලිකම‍්මත්‍ථං එකෙකගාමතො එකෙකං පුරිසං ආහරිංසු. අඤ‍්ඤඤ‍්ච බහුතිලතණ‍්ඩුලකුලත්‍ථමුග‍්ගමාසාදිං සප‍්පිනවනීතතෙලමධුඵාණිතාදිඤ‍්ච ආහරිංසු. අථ සො යක‍්ඛො තං දිවසං ආභතතණ‍්ඩුලාදිකං සබ‍්බං තෙසංයෙව දත්‍වා තෙ බලිකම‍්මත්‍ථාය ආනීතමනුස‍්සෙ දසබලස‍්ස නිය්‍යාතෙසි.

ඉක්බිති මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේගේ සක්ලකුණින් හෙබි පාමුල සිරසින් වැටී ස්වාමීනි, වරද මා ඉක්මවීයයි කියා බුදුන් සරණ ගියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට පිළිවෙල කතාව වදාළහ. දේශනා කෙළවර ඔහු යකුන් දසදහසක් සමග සෝවාන් පෙලෙහි පිහිටියේය. එදා මුළු දඹදිව් වැසි මිනිස්සු ඔහුට බිලි පිණිස එකෙකි ගමින් එක් එක් මිනිසෙකු ගෙන ආහ. වෙනත් බොහෝ තල සහල් උඳු මුං මෑ ආදිය ද ගිතෙල් වෙඬරු තෙල් මී පැණි ආදිය ද ගෙනාහ. එවිට ඒ යක්ෂයා එදින ගෙන ආ තල සහල් ආදි සියල්ල ඔවුන්ටම දී බිලියම් පිණිස ගෙනා මිනිසුන් දසබලයන් වහන්සේම භාර කළේය.

අථ සත්‍ථා තෙ මනුස‍්සෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බාජෙත්‍වා අන‍්තොසත‍්තාහෙයෙව සබ‍්බෙ අරහත‍්තෙ පතිට‍්ඨාපෙත්‍වා මාඝපුණ‍්ණමාය කොටිසතභික‍්ඛුමජ‍්ඣගතො චතුරඞ‍්ගසමන‍්නාගතෙ සන‍්නිපාතෙ පාතිමොක‍්ඛමුද‍්දිසි. චතුරඞ‍්ගානි නාම සබ‍්බෙව එහිභික‍්ඛූ හොන‍්ති, සබ‍්බෙ ඡළභිඤ‍්ඤා හොන‍්ති, සබ‍්බෙ අනාමන‍්තිතාව ආගතා, පන‍්නරසූපොසථදිවසො චාති ඉමානි චත‍්තාරි අඞ‍්ගානි නාම. අයං දුතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් ඒහි භික්‍ඛු පැවිද්දෙන් පැවිදිකොට සතියක් තුළම රහත් කරවා නවම්පුන් පොහෝදා කෙළසියක් භික්‍ෂූන් මැදපත්ව සතරඟ සන්නිපාතයෙහි පාමොක් උදෙසූහ. සතරඟ නම් සියල්ලෝ ඒහිභික්‍ෂුහුම වෙති. සියල්ලෝ ෂඩභිඥා වෙති. සියල්ලෝ නොඅමතා ආවාහු වෙති. පසළොස්වක පෙහෙවස් දිනයද වෙයි යන මේ අංග සතරයි. මේ දෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-

“පුන නාරදකූටම‍්හි, පවිවෙකගතෙ ජිනෙ; ඛීණාසවා වීතමලා, සමිංසු සතකොටියො”ති.

පුන නාරදකුටම්හි පවිවෙකගතෙ ජිනෙ ඛීණාසවා වීතමලා සමිංසු සතකොටියො

තත්‍ථ පවිවෙකගතෙති ගණං පහාය ගතෙ. සමිංසූති සන‍්නිපතිංසු.

එහි පවිවෙකගතෙ යනු; ගණයා හැර ගිය කල්හි. සමිංසු යනු; රැස්වූහ.

යදා පන දීපඞ‍්කරො ලොකනායකො සුදස‍්සනනාමකෙ පබ‍්බතෙ වස‍්සාවාසමුපගඤ‍්ඡි, තදා කිර ජම‍්බුදීපවාසිනො මනුස‍්සා අනුසංවච‍්ඡරං ගිරග‍්ගසමජ‍්ජං කරොන‍්ති. තස‍්මිං කිර සමජ‍්ජෙ සන‍්නිපතිතා මනුස‍්සා දසබලං දිස‍්වා ධම‍්මකථං සුත්‍වා තත්‍ර පසීදිත්‍වා පබ‍්බජිංසු. මහාපවාරණදිවසෙ සත්‍ථා තෙසං අජ‍්ඣාසයානුකූලං විපස‍්සනාකථං කථෙසි. තං සුත්‍වා තෙ සබ‍්බෙ සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා විපස‍්සනානුපුබ‍්බෙන මග‍්ගානුපුබ‍්බෙන ච අරහත‍්තං පාපුණිංසු. අථ සත්‍ථා නවුතිකොටිසහස‍්සෙහි සද‍්ධිං පවාරෙසි. අයං තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යම්දිනක දීපංකර ලෝක නායකයාණෝ සුදසුන් නම් පව්වෙහි වස් එළඹි සේක්ද එකල දඹදිව් වැසි මිනිස්සු අවුරුදු පතා ගිරග්ග සමජ්ජ නම් උත්සවයක් කරති. ඒ උත්සවයෙහි රැස්වූ මිනිස්සු බුදුන් දැක බණ අසා එහි පැහැද පැවිදි වූහ. මහා පවාරණ දින බුදුහු ඔවුන්ගේ අදහසට අනුරූප විවසුන් කතා දෙසූහ. ඒ සියල්ලෝ එයසා සංස්කාර මෙනෙහිකොට විදර්ශනානු පිළිවෙලින් මාර්ග අනුපිළිවෙලින් රහත් වූහ. බුදුහු නවකෙළ දහසක් සමග පවාරණය කළහ. මෙය තෙවන සන්නිපාතයයි. එයින් කියන ලදි-

“යම‍්හි කාලෙ මහාවීරො, සුදස‍්සනසිලුච‍්චයෙ; නවුතිකොටිසහස‍්සෙහි, පවාරෙසි මහාමුනි.

යම්හිකාලෙ මහාවීරො සුදස්සනසිලුච්චයෙ නවුතිකොටිසහස්සෙහ පවාරෙසි මහාමුනි

“අහං තෙන සමයෙන, ජටිලො උග‍්ගතාපනො; අන‍්තලික‍්ඛම‍්හි චරණො, පඤ‍්චාභිඤ‍්ඤාසු පාරගූ”ති. (ධ· ස· අට‍්ඨ· නිදානකථා);

අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො අන්තළික්‍ඛම්හි චරණෙ පඤ්චාභිඤ්ඤාසු පාරගූති

අයං ගාථා අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථාය නිදානවණ‍්ණනාය දීපඞ‍්කරබුද‍්ධවංසෙ ලිඛිතා. ඉමස‍්මිං පන බුද‍්ධවංසෙ නත්‍ථි. නත්‍ථිභාවොයෙව පනස‍්සා යුත‍්තතරො. කස‍්මාති චෙ? හෙට‍්ඨා සුමෙධකථාසු කථිතත‍්තාති.

මේ ගාථා අත්‍ථසාලිනී ධම්මසංගණී අටුවාවෙහි නිදානකථා දීපංකර බුද්ධවංසයෙහි ලියන ලදි. මේ බුද්ධවංසයෙහි එය නොමැති බවම යුක්තිතරය. කුමක් නිසාද යත්- යට සුමේධ කථාවෙහි කියන ලද හෙයිනි.

දීපඞ‍්කරෙ කිර භගවති ධම‍්මං දෙසෙන‍්තෙ දසසහස‍්සානඤ‍්ච වීසතිසහස‍්සානඤ‍්ච ධම‍්මාභිසමයො අහොසියෙව. එකස‍්ස පන ද‍්වින‍්නං තිණ‍්ණං චතුන‍්නන‍්ති ච ආදිවසෙන අභිසමයානං අන‍්තො නත්‍ථි. තස‍්මා දීපඞ‍්කරස‍්ස භගවතො සාසනං විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං අහොසි. තෙන වුත‍්තං –

දිවකුරු භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසද්දී දසදහසකට ද විසිදහසකට ද ධර්මාවබෝධය වූයේමය. එකෙකුට දෙදෙනෙකුට තිදෙනෙකුට සතර දෙනෙකුට ආදි වශයෙන් අවබෝධ වීමෙහි නිමක් නැත. එබැවින් දිවකුරු බුදු සමය විස්තෘත ද බොහෝදෙනා අත පත්වීම ද විය. එයින් කියන ලදි-

“දසවීසසහස‍්සානං , ධම‍්මාභිසමයො අහු; එකද‍්වින‍්නං අභිසමයා, ගණනාතො අසඞ‍්ඛියා”ති.

දසවීස සහස්සානං ධම්මාභිසමයො අහු එකද්වින්නං අභිසමයං ගණනාතො අසංඛියාති

තත්‍ථ දසවීසසහස‍්සානන‍්ති දසසහස‍්සානං වීසතිසහස‍්සානඤ‍්ච. ධම‍්මාභිසමයොති චතුසච‍්චධම‍්මප‍්පටිවෙධො. එකද‍්වින‍්නන‍්ති එකස‍්ස චෙව ද‍්වින‍්නඤ‍්ච , තිණ‍්ණං චතුන‍්නං…පෙ… දසන‍්නන‍්තිආදිනා නයෙන අසඞ‍්ඛ්‍යෙය්‍යාති අත්‍ථො. එවං අසඞ‍්ඛ්‍යෙය්‍යාභිසමයත‍්තා ච විත්‍ථාරිකං මහන‍්තප‍්පත‍්තං බහූහි පණ‍්ඩිතෙහි දෙවමනුස‍්සෙහි නිය්‍යානිකන‍්ති ජඤ‍්ඤං ජානිතබ‍්බං අධිසීලසික‍්ඛාදීහි ඉද‍්ධඤ‍්ච සමාධිආදීහි ඵීතඤ‍්ච අහොසි. තෙන වුත‍්තං –

එහි දසවීසසහස්සානං යනු; දසදහසකට විසි දහසකට ද. ධම්මාභිසමයො යනු; චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රතිවේධය. එතද්වින්නං යනු; එකෙකුට දෙන්නකුට තුන්දෙනෙකුට සිව්දෙනෙකුට දසයකට ආදි වශයෙන් අසංඛ්‍යය යන අර්ථයි. මෙසේ අසංඛ්‍ය ප්‍රතිවේධය නිසා විස්තෘත මහත්වයට පත් බවද බොහෝ පණ්ඩිත දෙව්මිනිසුන් විසින් නෛර්යාණික බැවින් දන්නා ලද්දේ ද අධිශීල ශික්‍ෂාදියෙන් සමෘද්ධිමත් ද සති සමාධි ආදියෙන් පරිපූර්ණ වූයේද විය. එයින් කියන ලදි-

“විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං, ඉද‍්ධං ඵීතං අහූ තදා; දීපඞ‍්කරස‍්ස භගවතො, සාසනං සුවිසොධිත”න‍්ති.

විත්‍ථාරිකං බාහුජඤ්ඤං ඉද්ධං වීතං අහූ තදා දීපංකරස්ස භගවතො සාසනං සුචි සොධිතන්ති

තත්‍ථ සුවිසොධිතන‍්ති සුට‍්ඨු භගවතා සොධිතං විසුද‍්ධං කතං. දීපඞ‍්කරං කිර සත්‍ථාරං සබ‍්බකාලං ඡළභිඤ‍්ඤානං මහිද‍්ධිකානං භික‍්ඛූනං චත‍්තාරි සතසහස‍්සානි පරිවාරෙන‍්ති. තෙන ච සමයෙන යෙ සෙක‍්ඛා කාලකිරියං කරොන‍්ති, තෙ ගරහිතා භවන‍්ති, සබ‍්බෙ ඛීණාසවා හුත්‍වාව පරිනිබ‍්බායන‍්තීති අධිප‍්පායො. තස‍්මා හි තස‍්ස භගවතො සාසනං සුපුප‍්ඵිතං සුසමිද‍්ධං ඛීණාසවෙහි භික‍්ඛූහි අතිවිය සොභිත්‍ථ. තෙන වුත‍්තං –

එහි සුචිසොධිතං යනු; මනාව භාග්‍යවතුන් වහන්සේ විසින් සුද්ධ කරන ලද, පිරිසිදු කරන ලද, දීපංකර සර්වඥයන් වහන්සේගේ හැමකල ෂඩභිඥා මහර්ධිමත් සාරලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරන ලදහ. එකල යම් සේඛයෝ කළුරිය කරත්ද ඔවුහු ගර්හිත වෙති. සියල්ලෝ රහත්වම පිරිනිවෙති යනු අදහසයි. එයින් ඒ බුදුරදුන්ගේ ශාසනය සුපුෂ්පිතව සමෘද්ධව ක්‍ෂීණාස්‍රව භික්‍ෂූන්ගෙන් ඉතාමත් ශෝභාසම්පන්න විය. එයින් කියන ලදි.

“චත‍්තාරි සතසහස‍්සානි, ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා; දීපඞ‍්කරං ලොකවිදුං, පරිවාරෙන‍්ති සබ‍්බදා.

චත්තාරිසතසහස්සානි ඡළභිඤ්ඤා මහිද්ධිකා දීපංකරං ලොකනාථං පරිවාරෙන්ති සබ්බදා

“යෙ කෙචි තෙන සමයෙන, ජහන‍්ති මානුසං භවං; අප‍්පත‍්තමානසා සෙඛා, ගරහිතා භවන‍්ති තෙ.

යෙ කෙචි තෙන සමයෙන ජහාති මානුසං භවං අප්පත්තමානසා සෙඛා ගරහිතාච භවන්ති තෙ

“සුපුප‍්ඵිතං පාවචනං, අරහන‍්තෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, උපසොභති සබ‍්බදා”ති.

සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි උපසොභති සබ්බදාති

තත්‍ථ චත‍්තාරි සතසහස‍්සානීති ගණනාය දස‍්සිතා එවං දස‍්සිතගණනා ඉමෙ භික‍්ඛූති දස‍්සනත්‍ථං “ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා”ති වුත‍්තන‍්ති එවමත්‍ථො ගහෙතබ‍්බො. අථ වා ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකාති ඡළභිඤ‍්ඤානං මහිද‍්ධිකානන‍්ති සාමිඅත්‍ථෙ පච‍්චත‍්තවචනං දට‍්ඨබ‍්බං. පරිවාරෙන‍්ති සබ‍්බදාති නිච‍්චකාලං දසබලං පරිවාරෙන‍්ති, භගවන‍්තං මුඤ‍්චිත්‍වා කත්‍ථචි න ගච‍්ඡන‍්තීති අධිප‍්පායො. තෙන සමයෙනාති තස‍්මිං සමයෙ. අයං පන සමය-සද‍්දො සමවායාදීසු නවසු අත්‍ථෙසු දිස‍්සති. යථාහ –

එහි චත්තාරිසක සහස්සානි යනු; ගණනින් දක්වන ලදි. මෙසේ දක්වන ලද මේ භික්‍ෂූහු යයි දැක්වීම පිණිස ඡළභිඤ්ඤා මහිද්ධිකා යයි කියන ලදැයි මෙසේ අර්ථය ගතයුතුයි. නොහොත් ඡළභිඤ්ඤානං මහිද්ධිකානං යි සංඛාර්ථයෙහි ප්‍රථමායයි දතයුතුයි. සබ්බදා යනු; හැමකල්හි භාග්‍යවතුන් වහන්සේ පිරිවරති. භාග්‍යවතුන් වහන්සේ අතහැර කිසිතැන නොයති යන අදහසයි. තෙන සමයෙන යනු; එසමයෙහි. මේ සමය ශබ්දය වනාහි සමවාය ආදි අර්ථ නවයෙක්හි දක්නා ලැබේ. කී පරිදි-

“සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට‍්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස‍්සතී”ති. (දී· නි· අට‍්ඨ· 1.1; ම· නි· අට‍්ඨ· 1.මූලපරියායසුත‍්තවණ‍්ණනා; සං· නි· අට‍්ඨ· 1.1.1; අ· නි· අට‍්ඨ· 1.1.1; ධ· ස· අට‍්ඨ· 1 කාමාවචරකුසලපදභාජනීය; ඛු· පා· අට‍්ඨ· මංගලසුත‍්තවණ‍්ණනා, එවමිච‍්චාදිපාඨවණ‍්ණනා; පටි· ම· අට‍්ඨ· 2.1.184);

එක්තැන්වීම ඇසිල්ල කාලය සමූහය හේතු දෘෂ්ටි ප්‍රතිලාභ ප්‍රහාණ ප්‍රතිවේධ යන අර්ථවල දක්නා ලැබේ.

ඉධ සො කාලෙ දට‍්ඨබ‍්බො; තස‍්මිං කාලෙති අත්‍ථො. මානුසං භවන‍්ති මනුස‍්සභාවං. අප‍්පත‍්තමානසාති අප‍්පත‍්තං අනධිගතං මානසං යෙහි තෙ අප‍්පත‍්තමානසා. මානසන‍්ති රාගස‍්ස ච චිත‍්තස‍්ස ච අරහත‍්තස‍්ස ච අධිවචනං. “අන‍්තලික‍්ඛචරො පාසො, ය‍්වායං චරති මානසො”ති (සං· නි· 1.151; මහාව· 33) හි එත්‍ථ පන රාගො “මානසො”ති වුත‍්තො. “චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩර”න‍්ති (ධ· ස· 6; විභ· 184; මහානි· 1; චූළනි· පාරායනානුගීතිගාථානිද‍්දෙස 114) එත්‍ථ චිත‍්තං. “අප‍්පත‍්තමානසො සෙඛො, කාලං කයිරා ජනෙසුතා”ති (සං· නි· 1.159) එත්‍ථ අරහත‍්තං. ඉධාපි අරහත‍්තමෙව අධිප‍්පෙතං (ධ· ස· අට‍්ඨ· 5 කාමාවචරකුසලනිද‍්දෙසවාරකථා; මහානි· අට‍්ඨ· 1). තස‍්මා අප‍්පත‍්තඅරහත‍්තඵලාති අත්‍ථො. සෙඛාති කෙනට‍්ඨෙන සෙඛා? සෙඛධම‍්මපටිලාභට‍්ඨෙන සෙඛා. වුත‍්තඤ‍්හෙතං – “කිත‍්තාවතා නු ඛො, භන‍්තෙ, සෙඛො හොතීති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සෙඛාය සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො හොති…පෙ… සෙඛෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො හොති. එත‍්තාවතා ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු සෙඛො හොතී”ති (සං· නි· 5.13). අපි ච සික‍්ඛන‍්තීති සෙඛා. වුත‍්තඤ‍්හෙතං – “සික‍්ඛති, සික‍්ඛතීති ඛො, භික‍්ඛු, තස‍්මා සෙඛොති වුච‍්චති. කිඤ‍්ච සික‍්ඛති? අධිසීලම‍්පි සික‍්ඛති අධිචිත‍්තම‍්පි අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛතීති ඛො, භික‍්ඛු, තස‍්මා සෙඛොති වුච‍්චතී”ති (අ· නි· 3.86).

මෙහි එය කාලාර්ථයෙහි දැකිය යුතුය. ඒ කාලයෙහි යන අර්ථයි. මානුසං භවං යනු; මිනිස් බව. අප්පත්තමානසා යනු; නොපැමිණි අනධිගත මනස් ඇත්තේ යමකු විසින් ද ඔවුහු අප්පත්තමානසා යි. මානසං යනු; රාගයට ද සිතට ද අර්හත්වයට ද අධිවචනයි කී පරිදි - අන්තලික්‍ඛචරො පාසො යමායං චරති මානසො යි. මෙහි රාගය මානසයි කියන ලදි. චිත්තං මනො මානසං හදයං පණ්ඩරං යි මෙහි සිතයි. අප්පත්තමානසො සෙඛො කාලං කයිරා ජනෙසුතා යි මෙහි අර්හත්වයයි. මෙහිද අර්හත්වය මැයි අදහසයි. එබැවින් නොපත් රහත්පල ඇත්තේ යන අර්ථයි. සෙඛා යනු; කවර අර්ථයෙන් සේඛද? සේඛධර්ම ලැබීම් අර්ථයෙන් සේඛයෝයි. මෙය කියන ලදි. ස්වාමීනි, කොපමණකින් සේඛ නම් වෙයිද? මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂුනම සෙඛ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙයිද -පෙ- සෙඛ සම්මාසමාධියෙන් යුක්ත වෙයිද මෙපමණකින් මහණෙනි, භික්‍ෂුනම සෙඛ නම් වෙයි. තවද හික්මෙත්නුයි සෙඛයි. මෙය කියන ලදි. සික්‍ඛතීති ඛො භික්‍ඛු තස්මා සෙඛොති වුච්චති. කිඤ්ච සික්‍ඛති, අධිසීලම්පි සික්‍ඛති අධිචිත්තම්පි අධිපඤ්ඤම්පි සික්‍ඛති සික්‍ඛති සික්‍ඛතීති ඛො භික්‍ඛු තස්මං සෙඛොති වුච්චතීති

සුපුප‍්ඵිතන‍්ති සුට‍්ඨු විකසිතං. පාවචනන‍්ති පසත්‍ථං වචනං, වුද‍්ධිප‍්පත‍්තං වා වචනං පවචනං, පවචනමෙව පාවචනං, සාසනන‍්ති අත්‍ථො. උපසොභතීති අභිරාජති අතිවිරොචති. සබ‍්බදාති සබ‍්බකාලං. “උපසොභති සදෙවකෙ”තිපි පාඨො.

සුපුත්‍ථිතං යනු; මනාව විකසිත වූ. පාවචනං යනු; ප්‍රවචනයම පාවචනයි සාසනය යන අර්ථයි. උපසොභති යනු; අභිරාජික වෙයි. අතිශයින් බබළයි. සබ්බදා යනු; හැමකල්හි උපසොභති සදෙවකෙ යනු ද පාඨයි.

තස‍්ස දීපඞ‍්කරස‍්ස භගවතො රම‍්මවතී නාම නගරං අහොසි, සුදෙවො නාම ඛත‍්තියො පිතා, සුමෙධා නාම දෙවී මාතා, සුමඞ‍්ගලො ච තිස‍්සො චාති ද‍්වෙ අග‍්ගසාවකා, සාගතො නාම උපට‍්ඨාකො, නන්‍දා ච සුනන්‍දා චාති ද‍්වෙ අග‍්ගසාවිකා, බොධි තස‍්ස භගවතො පිප‍්ඵලිරුක‍්ඛො අහොසි, අසීතිහත්‍ථුබ‍්බෙධො, සතසහස‍්සවස‍්සානි ආයූති. කිං පනිමෙසං ජාතනගරාදීනං දස‍්සනෙ පයොජනන‍්ති චෙ? වුච‍්චතෙ – යස‍්ස යදි නෙව ජාතනගරං න පිතා න මාතා පඤ‍්ඤායෙය්‍ය, ඉමස‍්ස පන නෙව ජාතනගරං න පිතා න මාතා පඤ‍්ඤායති, දෙවො වා සක‍්කො වා යක‍්ඛො වා මාරො වා බ්‍රහ‍්මා වා එස මඤ‍්ඤෙ, දෙවානම‍්පි ඊදිසං පාටිහාරියං අනච‍්ඡරියන‍්ති මඤ‍්ඤමානා න සොතබ‍්බං න සද‍්දහිතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං, තතො අභිසමයො න භවෙය්‍ය, අසති අභිසමයෙ නිරත්‍ථකො බුද‍්ධුප‍්පාදො භවෙය්‍ය, අනිය්‍යානිකං සාසනං. තස‍්මා සබ‍්බබුද‍්ධානං ජාතනගරාදිකො පරිච‍්ඡෙදො දස‍්සෙතබ‍්බො. තෙන වුත‍්තං –

ඒ දිවකුරු භාග්‍යවතුන් වහන්සේගේ රම්ම නම් නගරයයි. සුදේව නම් රජ පියාණෝය. මව සුමේධා නමි. සුමංගල තිස්ස දෙනම අගසව්වෝය. උපස්ථායක සාගත නමි. නන්‍දා සුනන්‍දා දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය පුලිල රුකයි. අසූරියන් උසය. ආයු වසර ලක්‍ෂයකි. මේ උපන් නගරාදිය දැක්වීමෙහි ප්‍රයෝජනය කුමක්ද? කියනු ලැබේ. ඉඳින් යමෙකුගේ ජාතනගරය නොදනීද මව නොදනීද පියා නොදනී නම් මේ දෙවියෙක් ද ශක්‍රයෙක් ද යකෙක් ද මාරයෙක් ද බ්‍රහ්මයෙක් ද අන් දෙවියන්ටත් මෙවැනි ප්‍රාතිහාර්ය ආශ්චර්ය මෙබඳු යයි හඟනාහු ඇහුම්කන් දිය යුතුයයි නොසිතති. එයින් ධර්මාවබෝධය නොවන්නේය. අභිසමය නැතිවිට බුද්ධොත්පාදය නිරර්ථක වෙයි. නෛර්යාණික නොවෙයි. එබැවින් සියලු බුදුවරුන්ගේ ජාතනගරාදි පරිච්ඡේදය දැක්විය යුතුය. එයින් කියන ලදි-

“නගරං රම‍්මවතී නාම, සුදෙවො නාම ඛත‍්තියො; සුමෙධා නාම ජනිකා, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

නගරං රම්මවතී නාම සුදෙවො නාම ඛත්තියො සුමෙධා නාම ජනිතා දීපංකරස්ස සත්‍ථුනො

“සුමඞ‍්ගලො ච තිස‍්සො ච, අහෙසුං අග‍්ගසාවකා; සාගතො නාමුපට‍්ඨාකො, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

සුමංගලො ච තිස්සො ව අහෙසුං අග්ගසාවකා සාගතො නාමුපට්ඨාකො දීපංකරස්ස සත්‍ථුනො

“නන්‍දා චෙව සුනන්‍දා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, පිප‍්ඵලීති පවුච‍්චති.

නන්‍දා චෙව සුනන්‍දාව අහෙසුං අග්ගසාවිකා බෝධි තස්ස භගවතො පිප්ඵලීති පවුච්චති

“අසීතිහත්‍ථමුබ‍්බෙධො, දීපඞ‍්කරො මහාමුනි; සොභති දීපරුක‍්ඛොව, සාලරාජාව ඵුල‍්ලිතො.

අසීති හත්‍ථුබ්බෙධො දීපංකරො මහාමුනි සොභති දීපරුකෙඛාව සාලරාජාව ඵුල්ලිතො

“සතසහස‍්සවස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

සතසහස්සවස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජානතංබහුං

“ජොතයිත්‍වාන සද‍්ධම‍්මං, සන‍්තාරෙත්‍වා මහාජනං; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධොව, නිබ‍්බුතො සො සසාවකො.

ජොතයිත්‍වාන සද්ධම්මං සන්තාරෙත්‍වා මහාජනං ජලිත්‍වා අග්ගික්‍ඛන්‍ධොව නිබ්බුතො සො සසාවකො

“සා ච ඉද‍්ධි සො ච යසො, තානි ච පාදෙසු චක‍්කරතනානි; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

සා ච ඉද්ධි සො ච යසො තානි ච පාදෙසු චක්තරතනානි සබ්බං සමාතරහිතං තනු රිත්තා සබ්බසංඛාරාති

තත්‍ථ සුදෙවො නාම ඛත‍්තියොති සුදෙවො නාමස‍්ස ඛත‍්තියො පිතා අහොසීති අත්‍ථො. ජනිකාති ජනෙත‍්ති. පිප‍්ඵලීති පිලක‍්ඛකපීතනරුක‍්ඛො බොධි. අසීතිහත්‍ථමුබ‍්බෙධොති අසීතිහත්‍ථං උච‍්චග‍්ගතො. දීපරුක‍්ඛො වාති සම‍්පජ‍්ජලිතදීපමාලාකුලො දීපරුක‍්ඛො විය ආරොහපරිණාහසණ‍්ඨානපාරිපූරිසම‍්පන‍්නො ද‍්වත‍්තිංසවරලක‍්ඛණානුබ්‍යඤ‍්ජනසමලඞ‍්කතසරීරො විප‍්ඵුරිතරංසිජාලාවිසරතාරාගණසමුජ‍්ජලමිව ගගනතලං භගවා ධරමානකාලෙ සොභතීති සොභිත්‍ථ. සාලරාජාව ඵුල‍්ලිතොති පුප‍්ඵිතො සබ‍්බඵාලිඵුල‍්ලො සාලරාජරුක‍්ඛො විය ච සබ‍්බඵාලිඵුල‍්ලො යොජනසතුබ‍්බෙධො පාරිච‍්ඡත‍්තො විය ච අසීතිහත්‍ථුබ‍්බෙධො භගවා අතිවිය සොභති.

එහි සුදෙවො නාම ඛත්තියො යනු; සුදේව නම් ක්‍ෂත්‍රිය රජ උන්වහන්සේගේ පියා විය යන අර්ථයි. ජනිතා යනු; මෑණියෝය. පිප්ඵලී යනු, පුලිල වෘක්‍ෂය බෝධියයි. අසීතිහත්‍ථුබ්බෙධො යනු; අසූරියන් උස් වූවෝය. දීපරූකෙඛාව යනු; දැල්වුණ ප්‍රදීපමාලාවෙන් ගැවසී ගත් පහන් ගසක් මෙන් ආරෝහපරිණාහ සම්පන්න දෙතිසක් වර ලකුණින් අනූ ලකුණින් අලංකාර ශරීර ඇති පැතිරෙන රස්දැල් සමූහයෙන් තරු රැසින් බබළන අහස්තලය මෙන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයෙහි සොභත්‍ථ යනු; බැබළි සේක. සාලරාජාවසොභිතො යනු; පිපුණ මුලපටන් අගතෙක් පිපි සල්රුකක් මෙන් මුලසිට අගට පිපි සියක් යොදුන් උස පරසතුරුක මෙන් ද අසූරියන් උස භාග්‍යවතුන් වහන්සේ අතිශයින් ශෝභමාන වෙති.

සතසහස‍්සවස‍්සානීති වස‍්සසතසහස‍්සානි තස‍්ස ආයූති අත්‍ථො. තාවතා තිට‍්ඨමානොති තාවතකං කාලං තිට‍්ඨමානො. ජනතන‍්ති ජනසමූහං. සන‍්තාරෙත්‍වා මහාජනන‍්ති තාරයිත්‍වා මහාජනං. “සන‍්තාරෙත්‍වා සදෙවක”න‍්තිපි පාඨො, තස‍්ස සදෙවකං ලොකන‍්ති අත්‍ථො. සා ච ඉද‍්ධීති සා ච සම‍්පත‍්ති ආනුභාවො. සො ච යසොති සො ච පරිවාරො. සබ‍්බං තමන‍්තරහිතන‍්ති තං සබ‍්බං වුත‍්තප‍්පකාරං සම‍්පත‍්තිජාතං අන‍්තරහිතං අපගතන‍්ති අත්‍ථො. නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරාති සබ‍්බෙ පන සඞ‍්ඛතධම‍්මා නනු රිත‍්තා තුච‍්ඡා, නිච‍්චසාරාදිරහිතාති අත්‍ථො.

සතසහස්සවස්සානි යනු; වර්ෂ ලක්‍ෂයක් උන්වහන්ගේ ආයුෂය යන අර්ථයි. තාවතා තිට්ඨමානො යනු; එතෙක් කල් සිටිනාහු. ජනතං යනු; ජන සමූහය. සන්තාරෙත්‍වා මහාජනං යනු; මහජනයා තරණය කරවා. සන්තාරෙත්‍වා සදෙවකං යනු ද පාඨයි. සදෙවක ලෝකය යනු එහි අර්ථයි. යා ච ඉද්ධි යනු; ඒ සම්පත, ඒ ආනුභාවය. යසො යනු; පරිවාරය. සබ්බංසමත්ත රහිතං යනු; කී ආකාර සම්පත් අතුරුදහන් විය. පහවිය යන අර්ථයි. නනු රිත්තා සබ්බසංඛාරා යනු; සියලු සංඛතධර්ම ඒකාන්තයෙන් හිස්ය. තුච්ඡය. නිති සාර රහිතය යන අර්ථයි.

එත්‍ථ පන නගරාදිපරිච‍්ඡෙදො පාළියමාගතොව. සම‍්බහුලවාරො පන නාගතො, සො ආනෙත්‍වා දීපෙතබ‍්බො. සෙය්‍යථිදං – පුත‍්තපරිච‍්ඡෙදො, භරියාපරිච‍්ඡෙදො, පාසාදපරිච‍්ඡෙදො, අගාරවාසපරිච‍්ඡෙදො, නාටකිත්‍ථිපරිච‍්ඡෙදො, අභිනික‍්ඛමනපරිච‍්ඡෙදො, පධානපරිච‍්ඡෙදො, විහාරපරිච‍්ඡෙදො, උපට‍්ඨාකපරිච‍්ඡෙදොති. එතෙසම‍්පි දීපනෙ කාරණං හෙට‍්ඨා වුත‍්තමෙව. තස‍්ස පන දීපඞ‍්කරස‍්ස භරියානං තිසතසහස‍්සං අහොසි. තස‍්ස අග‍්ගමහෙසී පදුමා නාම, තස‍්ස පන පුත‍්තො උසභක‍්ඛන්‍ධො නාම. තෙන වුත‍්තං –

මෙහි වනාහි නගරාදි පරිච්ඡේදය පාලියෙහි ආයේමය. සමාහුලවාරය නොසඳහනි. එය ගෙනහැර දැක්විය යුතුය. ඒ මෙසේය. පුත්ත පරිච්ඡේද, භරියා පරිච්ඡේද, පාසා පරිඡේද, ඝරාවාස පරිච්ඡේද, විහාර පරිච්ඡේද, උපට්ඨාක පරිච්ඡේද යනුයි. මේවා දැක්වීමෙහි හේතුද යට දක්වන ලදි. ඒ දිවකුරු කුමරුට භාර්යාවෝ ලක්‍ෂයක් වූහ. ඔවුන්ගෙන් අගමෙහෙසිය පදුමා නමි. ඔහුගේ පුත්‍රයා උසභක්‍ඛන්‍ධ නමි. එයින් කියන ලදි-

“භරියා පදුමා නාම, විබුද‍්ධපදුමානනා; අත්‍රජො උසභක‍්ඛන්‍ධො, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

භරියා පදුමා නාම විබුද්ධපදුමානනා අත්‍රජො උසභක්‍ඛන්‍ධො දීපංකරස්ස සත්‍ථුනො

“හංසා කොඤ‍්චා මයූරාඛ්‍යා, පාසාදාපි තයො මතා; දසවස‍්සසහස‍්සානි, අගාරං අවසී කිර.

හංසො කොඤ්චා මයූරාඛ්‍යා පාසාදාපිතයොමතා දසවස්සසහස්සානි අගාරං ආවසී කිර

“හත්‍ථියානෙන නික‍්ඛන‍්තො, නන්‍දාරාමෙ ජිනො වසී; නන්‍දො නාමස‍්සුපට‍්ඨාකො, ලොකානන්‍දකරො කිරා”ති.

හත්‍ථියානෙන නික්‍ඛන්තො නන්‍දාරාමෙ ජිනො වසී නන්‍දොනාමස්සුලට්ඨාකො ලොකනන්‍දකරො කිර.

සබ‍්බබුද‍්ධානං පන පඤ‍්ච වෙමත‍්තානි හොන‍්ති ආයුවෙමත‍්තං පමාණවෙමත‍්තං කුලවෙමත‍්තං පධානවෙමත‍්තං රස‍්මිවෙමත‍්තන‍්ති. තත්‍ථ ආයුවෙමත‍්තං නාම කෙචි දීඝායුකා හොන‍්ති කෙචි අප‍්පායුකා. තථා හි දීපඞ‍්කරස‍්ස පන භගවතො වස‍්සසතසහස‍්සං ආයුප‍්පමාණං අහොසි, අම‍්හාකං භගවතො වස‍්සසතං.

සියලු බුදුවරයන් වහන්සේලාගේ වෙනස්කම් පසෙක් වෙයි. ආයු ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රස්මි වෙනස යනුවෙනි. එහි ආයු වෙනස නම් සමහරු දීර්ඝායුෂ්ක වෙති. සමහරු අල්පායුෂ්ක වෙති. දිවකුරු භාග්‍යවතුන් වහන්සේගේ වර්ෂ ලක්‍ෂයක් ආයු ප්‍රමාණ විය. අප භාග්‍යවතුන් වහන්සේගේ වර්ෂ සියයකි.

පමාණවෙමත‍්තං නාම කෙචි දීඝා හොන‍්ති කෙචි රස‍්සා. තථා හි දීපඞ‍්කරො අසීතිහත්‍ථප‍්පමාණො අහොසි, අම‍්හාකං පන භගවා අට‍්ඨාරසහත්‍ථප‍්පමාණො.

ප්‍රමාණ වෙනස නම් සමහරු උසය. සමහරු මිටිය. දිවකුරු බුදුහු අසූරියන් පමණ වූහ. අප බුදුහු අටළොස් රියන් පමණි.

කුලවෙමත‍්තං නාම කෙචි ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තන‍්ති කෙචි බ්‍රාහ‍්මණකුලෙ. තථා හි දීපඞ‍්කරාදයො ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තිංසු, කකුසන්‍ධකොණාගමනාදයො බ්‍රාහ‍්මණකුලෙ.

කුල වෙනස නම් සමහරු කැත් කුලයෙහි උපදිති. සමහරු බ්‍රාහ්මණ කුලයෙහිය. දීපංකරාදි බුදුවරු කැත් කුලෙහි උපන්හ. කකුසඳ කෝනාගමනාදි බුදුවරු බමුණු කුලයෙහිය.

පධානවෙමත‍්තං නාම කෙසඤ‍්චි පධානං ඉත‍්තරමෙව හොති යථා කස‍්සපස‍්ස භගවතො , කෙසඤ‍්චි අද‍්ධනියං අම‍්හාකං භගවතො විය.

ප්‍රධන් වෙනස නම් සමහරුන්ගේ ප්‍රධන් වැඩීම ටිකය. කසුප් බුදුන්ගේ මෙනි. සමහරුන්ගේ දිගුකලකි. අප බුදුරදුන්ගේ මෙනි.

රස‍්මිවෙමත‍්තං නාම මඞ‍්ගලස‍්ස භගවතො සරීරස‍්මි දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි, අම‍්හාකං භගවතො බ්‍යාමමත‍්තං. තත්‍ර රස‍්මිවෙමත‍්තං අජ‍්ඣාසයපටිබද‍්ධං හොති. යො යත‍්තකං ඉච‍්ඡසි, තස‍්ස තත‍්තකං සරීරප‍්පභා ඵරති. මඞ‍්ගලස‍්ස පන “දසසහස‍්සිලොකධාතුං ඵරතූ”ති අජ‍්ඣාසයො අහොසි. පටිවිද‍්ධගුණෙසු පන කස‍්සචි වෙමත‍්තං නාම නත්‍ථි (දී· නි· අට‍්ඨ· 2.12 ආදයො).

රස්මි වෙනස නම් මංගල බුදුරදුන්ගේ රස්මිය දසසහස්‍රී ලෝකධාතුවෙහි පැතිර සිටියේය. අප බුදුරදුන්ගේ බඹයක් පමණකි. එහි රශ්මි වෙනස අදහස හා බැඳී පවතී. යමෙක් යම් පමණ කැමති වෙත්ද උන්වහන්සේගේ ශරීර ප්‍රභාව එපමණ පවතී. මංගල බුදුරදුන්ට දසසහස්‍රී ලෝකධාතුවෙහි පැතිරේවායි අදහස විය. ප්‍රතිවේධ කළ ගුණයන්හි කිසි කෙනකුගේ වෙනසක් නැත.

තථා සබ‍්බබුද‍්ධානං චත‍්තාරි අවිජහිතට‍්ඨානානි නාම හොන‍්ති. බොධිපල‍්ලඞ‍්කො අවිජහිතො එකස‍්මිංයෙව ඨානෙ හොති. ධම‍්මචක‍්කප‍්පවත‍්තනට‍්ඨානං ඉසිපතනෙ මිගදායෙ අවිජහිතමෙව හොති. දෙවොරොහණකාලෙ සඞ‍්කස‍්සනගරද‍්වාරෙ පඨමපාදක‍්කමො අවිජහිතොව හොති. ජෙතවනෙ ගන්‍ධකුටියා චත‍්තාරි මඤ‍්චපාදට‍්ඨානානි අවිජහිතානෙව හොන‍්ති. විහාරොපි අවිජහිතොව. සො පන ඛුද‍්දකො වා මහන‍්තො වා හොති.

සෑම බුදුකෙනකුන් හටම අවිජහිතස්ථාන සතරකි. බෝධිපර්යංකය අවිජහිත ස්ථානයකි. එකම තැන පිහිටයි. ධර්මචක්‍ර ප්‍රවර්තනය ඉසිපතන මිගදායෙහිය. එය අවිජහිත ස්ථානයකි. දෙවොරොහණයෙහි සකස්පුර දොර පළමු පා තැබීම අවිජරහිතම වෙයි. දෙව්රම් ගඳකිළියෙහි ඇඳ පා පිහිටි තැන් සතර අවිජහිත වෙයි. විහාරය ද අවිජහිතය. එය කුඩා හෝ ලොකු හෝ වෙයි.

අපරං පන අම‍්හාකංයෙව භගවතො සහජාතපරිච‍්ඡෙදඤ‍්ච නක‍්ඛත‍්තපරිච‍්ඡෙදඤ‍්ච විසෙසං. අම‍්හාකං සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තෙන කිර සද‍්ධිං රාහුලමාතා ආනන්‍දත්‍ථෙරො ඡන‍්නො කණ‍්ඩකො අස‍්සරාජා නිධිකුම‍්භා මහාබොධිරුක‍්ඛො කාළුදායීති ඉමානි සත සහජාතානි. මහාපුරිසො කිර උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙනෙව මාතුකුච‍්ඡිං ඔක‍්කමි, මහාභිනික‍්ඛමනං නික‍්ඛමි , ධම‍්මචක‍්කං පවත‍්තෙසි, යමකපාටිහාරියං අකාසි. විසාඛනක‍්ඛත‍්තෙන ජාතො ච අභිසම‍්බුද‍්ධො ච පරිනිබ‍්බුතො ච, මාඝනක‍්ඛත‍්තෙන තස‍්ස සාවකසන‍්නිපාතො චෙව ආයුසඞ‍්ඛාරවොසජ‍්ජනඤ‍්ච අහොසි, අස‍්සයුජනක‍්ඛත‍්තෙන දෙවොරොහණන‍්ති එත‍්තකං ආහරිත්‍වා දීපෙතබ‍්බං. අයං සම‍්බහුලවාරපරිච‍්ඡෙදො. සෙසගාථා සඋත‍්තානා එවාති.

තවද අප භාග්‍යවතුන් වහන්සේගේ වනාහි සහජාත පරිච්ඡේදයද නක්‍ඛත්තපරිච්ඡේදය ද විශේෂ වෙයි. අපගේ සර්වඥ බෝසතුන් සමග රහල්මව, අනඳ තෙර, ඡන්න, කන්‍ථක, නිදන් සැළි, බෝධි වෘක්‍ෂය, කාළුදායී යන මේ සත් සහජාතයෝය. මහසත්හු වනාහි උතුරුසල නකතින්ම මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමක ප්‍රාතිහාර්යය කළහ. විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ. මාඝ නැකතින් උන්වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය ද ආයුසංස්කාර අත්හැරීම ද සිදුවිය. අස්විද නැකතින් දේවොරෝහණය දැයි මෙතේ දෑ ගෙනහැර දැක්විය යුතුය. මේ සමබහුලවාර පරිච්ඡේදයයි. සෙසු ගාථා ප්‍රකටය.

ඉති භගවා දීපඞ‍්කරො යාවතායුකං ඨත්‍වා සබ‍්බබුද‍්ධකිච‍්චං කත්‍වා අනුක‍්කමෙන අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

මෙසේ දීපංකර භාග්‍යවතුන් වහන්සේ සියලු බුදුකිස නිමවා අනුක්‍රමයෙන් අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක.

යස‍්මිං කිර කප‍්පෙ දීපඞ‍්කරදසබලො උදපාදි, තස‍්මිං අඤ‍්ඤෙපි තණ‍්හඞ‍්කරො, මෙධඞ‍්කරො, සරණඞ‍්කරොති තයො බුද‍්ධා අහෙසුං. තෙසං සන‍්තිකෙ බොධිසත‍්තස‍්ස බ්‍යාකරණං නත්‍ථි. තස‍්මා තෙ ඉධ න දස‍්සිතා. අට‍්ඨකථායං පන තම‍්හා කප‍්පා ආදිතො පට‍්ඨායුප‍්පන‍්නුප‍්පන‍්නෙ සබ‍්බබුද‍්ධෙ දස‍්සෙතුං ඉදං වුත‍්තං –

දීපංකර සර්වඥයන් වහන්සේ යම් කල්පයෙක පහළ වූ සේක්ද එම කප තණ්හංකර මේධංකර සරණංකර නම් තවත් තුන් බුදු කෙනෙක් වූහ. උන්වහන්සේලා වෙත බෝසතුන්ගේ විවරණයක් නැත. එහෙයින් උන්වහන්සේලා මෙහි නොදක්වන ලදහ. අටුවාවෙහි වනාහි ඒ කල්පයෙහි මුලපටන් උපන් බුදුවරයන් වහන්සේලා දැක්වීමට මෙය කියන ලදි-

“තණ‍්හඞ‍්කරො මෙධඞ‍්කරො, අථොපි සරණඞ‍්කරො; දීපඞ‍්කරො ච සම‍්බුද‍්ධො, කොණ‍්ඩඤ‍්ඤො ද‍්විපදුත‍්තමො.

තණ්හංකරො මෙධංකරො අථොපි සරණංකරො දීපංකරොච සම්බුද්ධො කොණ්ඩඤ්ඤො දිපදුත්තමො

“මඞ‍්ගලො ච සුමනො ච, රෙවතො සොභිතො මුනි; අනොමදස‍්සී පදුමො, නාරදො පදුමුත‍්තරො.

මංගලො ච සුමනො ච රෙවතො සොභිතො මුනි අනොමදස්සී පදුමො නාරදො පදුමුත්තරො

“සුමෙධො ච සුජාතො ච, පියදස‍්සී මහායසො; අත්‍ථදස‍්සී ධම‍්මදස‍්සී, සිද‍්ධත්‍ථො ලොකනායකො.

සුමෙධො ච සුජාතොච පියදස්සි මහයසො අත්‍ථ දස්සී ධම්මදස්සී සිද්ධත්‍ථො ලොකනායකො

“තිස‍්සො ඵුස‍්සො ච සම‍්බුද‍්ධො, විපස‍්සී සිඛි වෙස‍්සභූ; කකුසන්‍ධො කොණාගමනො, කස‍්සපො චාපි නායකො.

තිස්සො ඵුස්සො ච සම්බුද්ධො විපස්සී සිඛී වෙස්සභූ කතුසන්‍ධො කොනාගමනො කස්සපොචාපි නායකො

“එතෙ අහෙසුං සම‍්බුද‍්ධා, වීතරාගා සමාහිතා; සතරංසීව උප‍්පන‍්නා, මහාතමවිනොදනා; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධාව, නිබ‍්බුතා තෙ සසාවකා”ති. (අප· අට‍්ඨ· 1.දූරෙනිදානකථා; චරියා· අට‍්ඨ· නිදානකථා; ජා· අට‍්ඨ· 1.දූරෙනිදානකථා);

එතෙ අහෙසුං සම්බුද්ධා වීතරාගා සමාහිතා සතරංසීව උප්පන්නා මහාතම විනොදනා ජලිත්‍වා අග්ගක්‍ඛන්‍ධාච නිබ්බුතා තෙ සසාවකාති

එත‍්තාවතා නාතිසඞ‍්ඛෙපවිත්‍ථාරවසෙන කතාය

මෙපමණකින් ඉතා සංක්‍ෂප ද විස්තාර ද නොවූ

මධුරත්‍ථවිලාසිනියා බුද‍්ධවංස-අට‍්ඨකථාය

මධුරත්‍ථ විලාසිනී බුද්ධවංස අර්ථකථාවෙහි

දීපඞ‍්කරබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

දීපංකර බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො පඨමො බුද‍්ධවංසො.

ප්‍රථම බුද්ධවංසය නිමියේය.