යෙදුමෙන් කියවන්න

සුමෙධපත්‍ථනාකථාවණ‍්ණනා අට‍්ඨකථා

සුමෙධපත්‍ථනාකථාවණ‍්ණනා

සුමේධ කථාව

ඉදානි –

දැන්:-

“කප‍්පෙ ච සතසහස‍්සෙ, චතුරො ච අසඞ‍්ඛියෙ; අමරං නාම නගරං, දස‍්සනෙය්‍යං මනොරම”න‍්ති. –

කප්පෙ ච සතසහස්ස චතුරො ච අසංඛියෙ අමරං නාම නගරං දස්සනෙය්‍යං මනොරමංති.

ආදිනයප‍්පවත‍්තාය බුද‍්ධවංසවණ‍්ණනාය ඔකාසො අනුප‍්පත‍්තො. සා පනෙසා බුද‍්ධවංසවණ‍්ණනා යස‍්මා සුත‍්තනික‍්ඛෙපං විචාරෙත්‍වා වුච‍්චමානා පාකටා හොති, තස‍්මා සුත‍්තනික‍්ඛෙපවිචාරණා තාව වෙදිතබ‍්බා. චත‍්තාරො හි සුත‍්තනික‍්ඛෙපා අත‍්තජ‍්ඣාසයො පරජ‍්ඣාසයො පුච‍්ඡාවසිකො අට‍්ඨුප‍්පත‍්තිකොති. තත්‍ථ යානි සුත‍්තානි භගවා පරෙහි අනජ‍්ඣිට‍්ඨො කෙවලං අත‍්තනො අජ‍්ඣාසයෙන කථෙසි. සෙය්‍යථිදං – ආකඞ‍්ඛෙය්‍යසුත‍්තං (ම· නි· 1.64 ආදයො) වත්‍ථසුත‍්තන‍්ති (ම· නි· 1.70 ආදයො) එවමාදීනි, තෙසං අත‍්තජ‍්ඣාසයො නික‍්ඛෙපො.

ආදි නයින් පවත්නා බුද්ධවංස වර්ණනයට අවස්ථාව ආයේය. එම බුද්ධවංස වර්ණනය යම්හෙයකින් සූත්‍රනික්‍ෂේපය විචරකොට කීමෙන් පැහැදිලි වන්නේද එහෙයින් පළමුකොට සූත්‍රනික්‍ෂෙප විවරණය දතයුතුය. අත්තජ්ඣාස, පරජ්ඣාස ,පුච්ඡාවසික, අට්ඨුප්පත්තිකයයි සූත්‍ර දේසනා සිවුවැදෑරුම් වෙයි. එහි යම් සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුන් විසින් ආරාධනා නොකරන ලදුව හුදෙක් තමන්වහන්සේගේ අදහස අනුව දේශනා කළ සේක්ද, එනම් ආකංඛෙය්‍ය සුත්ත වත්‍ථ සූත්‍රාන්තාදිය මෙනි. එහි ආත්මාධ්‍යාශය බහාලූහ.

යානි වා පන “පරිපක‍්කා ඛො රාහුලස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා, යංනූනාහං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙය්‍ය”න‍්ති (සං· නි· 4.121) එවං පරෙසං අජ‍්ඣාසයං ඛන‍්තිං මනං බුජ‍්ඣනකභාවඤ‍්ච ඔලොකෙත්‍වා පරජ‍්ඣාසයවසෙන කථිතානි. සෙය්‍යථිදං – රාහුලොවාදසුත‍්තං ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්ති (සං· නි· 5.1081; මහාව· 13 ආදයො; පටි· ම· 2.30) එවමාදීනි, තෙසං පරජ‍්ඣාසයො නික‍්ඛෙපො.

යම් සූත්‍ර “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයාධම්මා යන්නූනාහං රාහුලං උත්තරි ආසවානං ඛයෙ විනෙය්‍යං”යි මෙසේ අනුන්ගේ අදහස ඉවසීම සිත අවබෝධ කරන බව බලා පරාධ්‍යාශ වශයෙන් රාහුලෝවාද සුත්ත ධම්මචක්කප්පවත්තන සූත්‍රාදිය මෙන් දෙසූ සූත්‍රාන්තවල අනුන්ගේ අදහස බහාලූහ.

භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා තෙ තෙ දෙවමනුස‍්සා පඤ‍්හං පුච‍්ඡන‍්ති. එවං පුට‍්ඨෙන පන භගවතා යානි කථිතානි දෙවතාසංයුත‍්ත (සං· නි· 1.1 ආදයො) බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තාදීනි (සං· නි· 5.182 ආදයො) තෙසං පුච‍්ඡාවසිකො නික‍්ඛෙපො.

බුදුන් කරා එළඹ ඒ ඒ දෙව්මිනිස්සු ප්‍රශ්න අසති. මෙසේ විමසීමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේවතා සංයුත්ත බොජ්ඣංග සංයුත්තාදි වශයෙන් යමක් දේශනා කරන ලදද එහි පුච්ඡාවසික බව බහාලූහ.

යානි වා පන උප‍්පන‍්නං කාරණං පටිච‍්ච දෙසිතානි ධම‍්මදායාද- (ම· නි· 1.29 ආදයො) පුත‍්තමංසූපමාදීනි (සං· නි· 2.63), තෙසං අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො. එවමෙතෙසු චතූසු සුත‍්තනික‍්ඛෙපෙසු ඉමස‍්ස බුද‍්ධවංසස‍්ස පුච‍්ඡාවසිකො නික‍්ඛෙපො. පුච‍්ඡාවසෙන හි භගවතා අයං නික‍්ඛිත‍්තො. කස‍්ස පුච‍්ඡාවසෙන? ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස. වුත‍්තඤ‍්හෙතං අස‍්මිං නිදානස‍්මිං එව –

ධම්මදායාද පුත්තමංසූපමාදි උපන් කරුණක් නිසා යමක් දේශනා කරන ලදද එහි අර්ථොත්පත්තිය බහාලූහ. මෙසේ මේ සතර සූත්‍ර නික්‍ෂෙපයන්හි මේ බුද්ධවංස දේශනාව පුච්ඡාවසික නික්‍ෂෙපයෙහි ඇතුළත් වෙයි. පුච්ඡා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය තබන ලදි. කවරහුගේ ප්‍රශ්න කිරීමක් වශයෙන් ද? ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේය. මේ නිදානයෙහි මෙය කියන ලදි:-

“සාරිපුත‍්තො මහාපඤ‍්ඤො, සමාධිජ‍්ඣානකොවිදො; පඤ‍්ඤාය පාරමිප‍්පත‍්තො, පුච‍්ඡති ලොකනායකං; කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත‍්තමා”ති. (බු· වං· 1.74-75) –

සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣාන කොවිදො පඤ්ඤාය පාරමිප්පත්තො පුච්ඡති ලොකනායකං කීදිසො තෙ මහාවීර අභිනීහාරො නරුත්තමාති

ආදි. තෙනෙසා බුද‍්ධවංසදෙසනා පුච‍්ඡාවසිකාති වෙදිතබ‍්බා.

ආදියයි. එබැවින් මේ බුද්ධවංස දේසනාව පුච්ඡාවසික යයි දතයුතු.

තත්‍ථ කප‍්පෙ ච සතසහස‍්සෙති එත්‍ථ කප‍්ප-සද‍්දො පනායං අභිසද‍්දහනවොහාරකාලපඤ‍්ඤත‍්තිඡෙදනවිකප‍්පනලෙසසමන‍්තභාවආයුකප‍්පමහාකප‍්පාදීසු දිස‍්සති. තථා හි “ඔකප‍්පනීයමෙතං භොතො ගොතමස‍්ස. යථා තං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”තිආදීසු (ම· නි· 1.387) අභිසද‍්දහනෙ දිස‍්සති. “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතු”න‍්ති එවමාදීසු (චූළව· 250) වොහාරෙ. “යෙන සුදං නිච‍්චකප‍්පං විහරාමී”තිආදීසු (ම· නි· 1.387) කාලෙ. “ඉච‍්චායස‍්මා කප‍්පො”ති (සු· නි· 1098; චූළනි· කප‍්පමාණවපුච‍්ඡා 117; කප‍්පමාණවපුච‍්ඡානිද‍්දෙස 61) ච, “නිග්‍රොධකප‍්පො ඉති තස‍්ස නාමං, තයා කතං භගවා බ්‍රාහ‍්මණස‍්සා”ති ච එවමාදීසු (සු· නි· 346) පඤ‍්ඤත‍්තියං. “අලඞ‍්කතො කප‍්පිතකෙසමස‍්සූ”ති එවමාදීසු (ජා· 2.22.1368) ඡෙදනෙ. “කප‍්පති ද‍්වඞ‍්ගුලකප‍්පො”තිආදීසු (චූළව· 446) විකප‍්පෙ. “අත්‍ථි කප‍්පො නිපජ‍්ජිතු”න‍්තිආදීසු (අ· නි· 8.80) ලෙසෙ. “කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා”තිආදීසු සමන‍්තභාවෙ. “තිට‍්ඨතු, භන‍්තෙ, භගවා කප‍්පං, තිට‍්ඨතු සුගතො කප‍්ප”න‍්ති (දී· නි· 2.178; උදා· 51) එත්‍ථ ආයුකප‍්පෙ. “කීව දීඝො නු ඛො, භන‍්තෙ, කප‍්පො”ති (සං· නි· 2.128-129) එත්‍ථ මහාකප‍්පෙ. ආදිසද‍්දෙන “සත්‍ථුකප‍්පෙන වත කිර, භො, මයං සාවකෙන සද‍්ධිං මන‍්තයමානා න ජානිම‍්හා”ති (ම· නි· 1.260) එත්‍ථ පටිභාගෙ. “කප‍්පො නට‍්ඨො හොති. කප‍්පකතොකාසො ජිණ‍්ණො හොතී”ති (පාචි· 371) එත්‍ථ විනයකප‍්පෙ. ඉධ පන මහාකප‍්පෙ දට‍්ඨබ‍්බො. තස‍්මා කප‍්පෙ ච සතසහස‍්සෙති මහාකප‍්පානං සතසහස‍්සානන‍්ති අත්‍ථො (දී· නි· අට‍්ඨ· 1.29; 3.275; සං· නි· අට‍්ඨ· 1.1.1; අ· නි· අට‍්ඨ· 2.3.128; ඛු· පා· අට‍්ඨ· 5.මඞ‍්ගලසුත‍්ත, එවමිච‍්චාදිපාඨවණ‍්ණනා; සු· නි· අට‍්ඨ· 2.මඞ‍්ගලසුත‍්තවණ‍්ණනා; චරියා· අට‍්ඨ· නිදානකථා.1; චූළනි· අට‍්ඨ· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා). චතුරො ච අසඞ‍්ඛියෙති “චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ”ති වචනසෙසො දට‍්ඨබ‍්බො. කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙති අත්‍ථො. අමරං නාම නගරන‍්ති “අමර”න‍්ති ච “අමරවතී”ති ච ලද‍්ධනාමං නගරං අහොසි. කෙචි පනෙත්‍ථ අඤ‍්ඤෙනාපි පකාරෙන වණ‍්ණයන‍්ති, කිං තෙහි, නාමමත‍්තං පනෙතං තස‍්ස නගරස‍්ස. දස‍්සනෙය්‍යන‍්ති සුවිභත‍්තවිචිත්‍ර-චච‍්චරද‍්වාර-චතුක‍්කසිඞ‍්ඝාටික-පාකාර-පරික‍්ඛෙපපාසාද- හම‍්මිය-භවන-සමලඞ‍්කතත‍්තා දස‍්සනීයං. මනොරමන‍්ති සමසුචිපරමරමණීයභූමිභාගත‍්තා ඡායූදකසම‍්පන‍්නත‍්තා සුලභාහාරත‍්තා සබ‍්බොපකරණයුත‍්තත‍්තා ච සමිද‍්ධත‍්තා දෙවමනුස‍්සාදීනං මනො රමයතීති මනොරමං.

එහි කප්පෙ ච සතසහස්සෙ යනු; මෙහි මේ කප්ප ශබ්දය වනාහි අභිසද්දහන වොහාර කාල පඤ්ඤත්ති ඡෙදන විකප්ප ලෙස සමන්තභාව ආයුකප්ප මහාකප්ප ආදියෙහි පැනේ. ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සමබුද්ධස්ස ආදියෙහි අභිසද්දහනයෙහි පෙනේ. අනුජානාමි භික්‍ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං මේ ආදියෙහි ව්‍යවහාරයෙහිය. යෙන සුදං නිච්චකප්පං විරහංති ආදියෙහි කාලයෙහිය. ඉච්චායස්මා කප්පො යනු ද නිග්‍රොධ කප්පො ඉති තස්ස නාමං තයා කතං භගවා බ්‍රාහ්මණස්ස යි මෙ ආදියෙහි ප්‍රඥප්තියෙහිය. අලංකත කප්පිත කෙසමස්සු ආදියෙහි ඡෙදනයෙහිය. කප්පති ද්වංගුලකපප්පො ආදියෙහි විකල්පයෙහිය. අත්‍ථි කප්පො නිපජ්ජිතුං ආදියෙහි ස්වල්පයෙහිය. කෙවල කප්පං ජේතවනං ඔභාසෙත්‍වා ආදියෙහි හාත්පස බවෙහිය. තිට්ඨතු භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං මෙහි ආයු කල්පයෙහිය. කීදිසො නු ඛො භන්තෙ කප්පො මෙහි මහා කල්පයෙහිය. ආදී ශබ්දයෙන් සත්තුකප්පෙන වාත භොමයං සාවකෙන සද්ධිං මන්තයමානා නජානිම්හ මෙහි සමානතාවෙහිය. කප්පො නට්ඨො හොති කප්පකතොකාසො ජිණ්ණෙහොති මෙහි විනය කල්පයෙහිය. මෙහි වනාහි මහා කල්පයෙහි දතයුතුය. එහෙයින් කප්පෙ ච සතසහස්සෙ යනු මහාකල්ප ලක්‍ෂයක යන අර්ථයි. චතුරො ච අසංඛියෙ යනු; සතර අසංඛ්‍යෙයකින් මත්තෙහි යයි වචනශේෂය දතයුතුයි. කල්ප ලක්‍ෂයක් අධික සාරාසංඛ්‍ය කල්පයකින් මත්තෙහි යන අර්ථයි. අමරං නාම නගරං යනු; අමරං කියා ද අමරවතී කියා ද ලබන ලද නම් ඇති නගරයක් විය. සමහරු අන් අයුරකින් ද වර්ණනා කරති. ඉන් කම් නැත. ඒ නගර නාමයයි. දස්සනෙය්‍යං යනු; මනාව බෙදූ විචිත්‍ර සිවුමං සන්‍ධි දොරටු සිවුරැස් සන්‍ධි ප්‍රාකාරයෙන් වටකරන ලද ප්‍රාසාද මන්දිර භවනාදියෙන් සමලංකෘත හෙයින් දර්ශනීය. මනොරමං යනු; සම පිවිතුරු පරම රමණීය භූමිභාග හෙයින් ද ඡායා උදක සම්පන්න බැවින් ද සුලභ අහර පැන් ඇති හෙයින් ද සියලු උපකරණ පිරුණු හෙයින් ද සමෘද්ධියෙන් යුක්ත හෙයින් ද දෙව්මිනිසුන්ගේ සිත් අලවන බැවින් මනරම්

දසහි සද‍්දෙහි අවිවිත‍්තන‍්ති හත්‍ථිසද‍්දෙන අස‍්සසද‍්දෙන රථසද‍්දෙන භෙරිසද‍්දෙන සඞ‍්ඛසද‍්දෙන මුදිඞ‍්ගසද‍්දෙන වීණාසද‍්දෙන ගීතසද‍්දෙන සම‍්මතාළසද‍්දෙන “භුඤ‍්ජථ පිවථ ඛාදථා”ති දසමෙන සද‍්දෙනාති; ඉමෙහි දසහි සද‍්දෙහි අවිවිත‍්තං අහොසි, සබ‍්බකාලං අනුපමුස‍්සවසමජ‍්ජනාටකා කීළන‍්තීති අත්‍ථො. අන‍්නපානසමායුතන‍්ති අන‍්නෙන චතුබ‍්බිධෙනාහාරෙන ච පානෙන ච සුට‍්ඨු ආයුතං අන‍්නපානසමායුතං, ඉමිනා සුභික‍්ඛතා දස‍්සිතා, බහුඅන‍්නපානසමායුතන‍්ති අත්‍ථො.

දසහි සද්දෙහි අවිවිත්තං යනු හස්ති ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, සක් ශබ්දයෙන්, බෙර ශබ්දයෙන්, වීණා ශබ්දයෙන්, ගීත ශබ්දයෙන්, කයිතාලම් ශබ්දයෙන්, තාල ශබ්දයෙන් කව බොව යන දස ශබ්දයෙන් නොතොර වූයේය. නිරන්තරව නැටුම් කෙළි සහිත විය යන අර්ථයි. ආනාපාන සමායුතං යනු; අහරින් ද සිවුවැදෑරුම් අහරින් ද පානයෙන් ද මනාව පිරුණේනුයි අන්නපානසමායුතං යනුයි. මෙයින් සුභික්‍ෂතාව දක්වන ලදි. බොහෝ අහරපැන් සහිතය යන අර්ථයි.

ඉදානි තෙ දස සද‍්දෙ වත්‍ථුතො දස‍්සනත්‍ථං –

දැන් දස ශබ්දය වස්තු විසින් දැක්වීම පිණිස:-

“හත්‍ථිසද‍්දං අස‍්සසද‍්දං, භෙරිසඞ‍්ඛරථානි ච; ඛාදථ පිවථ චෙව, අන‍්නපානෙන ඝොසිත”න‍්ති. – වුත‍්තං;

හත්‍ථිසද්දං අස්සසද්දං භෙරිසංඛරථානිච ඛාදථ පිචථ චෙ ච අන්නපානෙන ඝොසිතන්ති කියන ලදි.

තත්‍ථ හත්‍ථිසද‍්දන‍්ති හත්‍ථීනං කොඤ‍්චනාදසද‍්දෙන, කරණත්‍ථෙ උපයොගවචනං දට‍්ඨබ‍්බං. එස නයො සෙසපදෙසුපි. භෙරිසඞ‍්ඛරථානි චාති භෙරිසද‍්දෙන ච සඞ‍්ඛසද‍්දෙන ච රථසද‍්දෙන චාති අත්‍ථො. ලිඞ‍්ගවිපරියාසෙන වුත‍්තං, ‘ඛාදථ පිවථා’ති එවමාදිනයප‍්පවත‍්තෙන අන‍්නපානපටිසංයුත‍්තෙන ඝොසිතං අභිනාදිතන‍්ති අත්‍ථො. එත්‍ථාහ – තෙසං පන සද‍්දානං එකදෙසොව දස‍්සිතො, න සකලොති? න එකදෙසො සකලො දසවිධො දස‍්සිතොව. කථං? භෙරිසද‍්දෙන මුදිඞ‍්ගසද‍්දො සඞ‍්ගහිතො, සඞ‍්ඛසද‍්දෙන වීණාගීතසම‍්මතාළසද‍්දා සඞ‍්ගහිතාති දසෙව දස‍්සිතා.

එහි හත්‍ථිසද්දං යනු; ඇතුගේ කුඤ්චනාදයෙන් කරණාර්ථයෙහි උපයෝග වචනයයි දතයුතුය. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. භෙරිසංඛරථානිච යනු; බෙර හඬින් ද සක් හඬින් ද රියහඬින් ද යන ද අර්ථයි. ලිංග විපර්යාසයෙන් කියන ලදි. ඛාදථ පිචථා යනු; මේ ආදි ක්‍රමයෙන් පැවති අහර පැන් පිළිබඳ ඝෝෂා කිරීම අභිනාද කිරීම යන අර්ථයි. මෙහි ඒ ශබ්දයන්ගේ එක දේශයක් පමණක් දක්වන ලදි. සියල් නොවේ යයි කියයි. එක දේශයක් නොවේ. සියලු දශවිධ ශබ්දම කියන ලදි. කෙසේද? භෙරි ශබ්දයෙන් මුතිංග ශබ්දය සංගෘහිත වෙයි. සබ්බ ශබ්දයෙන් වීණා ගීත කයිතාලම් ශබ්ද සංගෘහිතය. දසයම දක්වන ලදි.

එවං එකෙන පරියායෙන නගරසම‍්පත‍්තිං වණ‍්ණෙත්‍වා පුන තමෙව දස‍්සෙතුං –

මෙසේ එකම ක්‍රමයකින් නගර සම්පත් වර්ණනා කොට නැවත එයම දැක්වීමට:-

“නගරං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං, සබ‍්බකම‍්මමුපාගතං, සත‍්තරතනසම‍්පන‍්නං, නානාජනසමාකුලං; සමිද‍්ධං දෙවනගරංව, ආවාසං පුඤ‍්ඤකම‍්මින”න‍්ති. – වුත‍්තං;

නගරං සබ්බංගසම්පන්නං සබ්බකම්ම මුපාගතං සත්තරතන සම්පන්නං නානා ජනසමාකුලං සමිද්ධං දෙවනගරංච අවාසාං පුඤ්ඤකම්මිනන්ති - කියන ලදි.

තත්‍ථ සබ‍්බඞ‍්ගසම‍්පන‍්නන‍්ති පාකාරගොපුරට‍්ටාලකාදිසබ‍්බනගරාවයවසම‍්පන‍්නං, පරිපුණ‍්ණසබ‍්බවිත‍්තූපකරණධනධඤ‍්ඤතිණකට‍්ඨොදකන‍්ති වා අත්‍ථො. සබ‍්බකම‍්මමුපාගතන‍්ති සබ‍්බකම‍්මන‍්තෙන උපගතං, සමුපගතසබ‍්බකම‍්මන‍්තන‍්ති අත්‍ථො. සත‍්තරතනසම‍්පන‍්නන‍්ති පරිපුණ‍්ණමුත‍්තාදිසත‍්තරතනං, චක‍්කවත‍්තිනිවාසභූමිතො වා හත්‍ථිරතනාදීහි සත‍්තරතනෙහි සම‍්පන‍්නං. නානාජනසමාකුලන‍්ති නානාවිධදෙසභාසෙහි ජනෙහි සමාකුලං. සමිද‍්ධන‍්ති මනුස‍්සොපභොගසබ‍්බොපකරණෙහි සමිද‍්ධං ඵීතං. දෙවනගරං වාති දෙවනගරං විය ආලකමන්‍දා විය අමරවතී සමිද‍්ධන‍්ති වුත‍්තං හොති. ආවාසං පුඤ‍්ඤකම‍්මිනන‍්ති ආවසන‍්ති එත්‍ථ පුඤ‍්ඤකම‍්මිනො ජනාති ආවාසො. “ආවාසො”ති වත‍්තබ‍්බෙ “ආවාස”න‍්ති ලිඞ‍්ගභෙදං කත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. පඤ‍්ඤායති තෙනාති පුඤ‍්ඤං, කුලරූපමහාභොගිස‍්සරියවසෙන පඤ‍්ඤායතීති අත්‍ථො. පුනාතීති වා පුඤ‍්ඤං. සබ‍්බකුසලමලරජාපවාහකත‍්තා පුඤ‍්ඤං කම‍්මං යෙසං අත්‍ථි තෙ පුඤ‍්ඤකම‍්මිනො, තෙසං පුඤ‍්ඤකම‍්මිනං ආවාසභූතන‍්ති අත්‍ථො.

එහි සබ්බංගසම්පන්නං යනු; ගෝපුර ශාලාදි සියලු නගරාංගයෙන් යුත්, සියලු සම්පත් උපකරණයෙන් ධනධාන්‍ය තණ දර දිය ආදියෙන් පිරිපුන් යන අර්ථයි. සබ්බකම්මමුපාගතං යනු; සියලු කර්මාන්තයෙන් යුත්, එක්රැස් වූ කර්මාන්ත ඇති යන අර්ථයි. සත්තරතනසම්පන්නං යනු; පිරිපුන් මුතු ආදි සත්රුවන්, සක්විති නිවාසභූමි හෙයින් හස්ති ආදි සත්රුවනින් හෝ පිරිපුන් නානාජනසමාකුලං යනු; නානා දේස වේස භාෂා ඇති ජනයා ගැවසීගත්. සමිද්ධං යනු; මිනිස් පරිභොගාර්හ සියලු උපකරණයෙන් සමෘද්ධ පිරුණු. දේවනගරංච යනු; දෙව් පුරයක් මෙන් ආලකමන්දාව මෙන් අමරවතිය සමෘද්ධයයි කියන ලද්දේය. අවාසං පුඤ්ඤකම්මානං යනු; මෙහි පින් කැමැත්තෝ වසත්නුයි ආවාස නමි. ආවාසො යි කිවයුතු තැන ආවාසං යි ලිංගභේද කොට කියන ලදැයි දතයුතු. මෙයින් පැනේනුයි පුඤ්ඤ නමි. කුල රූප ඓශ්වර්යය ප්‍රඥා සම්පත් වශයෙන් ප්‍රකට වෙයි යන අර්ථයි. පිනා යේනුයි පුඤ්ඤ නමි. සියලු අකුසල කිලිටි රජස් පා කරන හෙයින් පුඤ්ඤ නමි. කර්මයයි. එය යමෙකුට ඇත්තේ ද ඔවුහු පුඤ්ඤකම්මි නො නම් වෙති. ඒ පුණ්‍යකාමීන්ට ආවාස වූ යන අර්ථයි.

තත්‍ථ සුමෙධො නාම බ්‍රාහ‍්මණො පටිවසති උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා කුලපරිවට‍්ටා අක‍්ඛිත‍්තො අනුපකුට‍්ඨො ජාතිවාදෙන, අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො, සො තිණ‍්ණං වෙදානං පාරගූ අහොසි සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො අනවයො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු. තස‍්ස පන දහරකාලෙයෙව මාතාපිතරො කාලමකංසු. අථස‍්ස රාසිවඩ‍්ඪකො අමච‍්චො ආයපොත්‍ථකං ආහරිත්‍වා සුවණ‍්ණරජතමණිමුත‍්තාදිවිවිධරතනභරිතෙ ගබ‍්භෙ විවරිත්‍වා – “එත්‍ථකං තෙ, කුමාර, මාතු සන‍්තකං, එත්‍ථකං පිතු සන‍්තකං, එත්‍ථකං අය්‍යකපය්‍යකාන”න‍්ති යාව සත‍්තමා කුලපරිවට‍්ටා ධනං ආචික‍්ඛිත්‍වා – “එතං පටිපජ‍්ජාහී”ති නිය්‍යාතෙසි. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා පුඤ‍්ඤානි කරොන‍්තො අගාරං අජ‍්ඣාවසි. තෙන වුත‍්තං –

එහි සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වාසය කරයි. මවු පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාතය. සුපිරිසිදුය. ජාතිවාදයෙන් අචින්‍දිතය. හත්වන කුල පරම්පරාව තෙක් නොහෙළන ලද්දේය. සුන්දර රූ ඇත්තේය. දැකුම්කළුයි. පහදිනසුළුය. පරම වර්ණ සෞන්දර්යයෙන් යුක්තය. නිඝණ්ඩු කෙටුභ සහිත අක්‍ෂර ප්‍රභේද සහිත ඉතිහාසය පස්වෙනි කොට ඇති පදත් වියරණ දත් ලෝකායත මහාපුරිස ලක්‍ෂණයන්හි අනින්‍දිත හෙතෙම ත්‍රිවේද පාරගත විය. ඔහු දහර කල්හිම මවුපියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ භාණ්ඩාගාරික ඇමතියා අය පොත් ගෙනවුත් රන් රිදී මිණිමුතු ආදි නන් රුවනින් පිරි ගබඩා හැර කුමාරය, මෙපමණක් ඔබගේ මෑණියන් සතුය. මෙපමණක් පියාණන් සතුය. මෙපමණක් මුතුන් මීමුතුන් සතුයයි සත්වන කුලපරපුර තෙක් ධනය කියා මෙය පරිහරණය කරන්නැයි භාර කළේය. හෙතෙම මැනවැයි පිළිගෙන පින් කරමින් ගිහිගෙයි වාසය කළේය. එහෙයින් කියන ලදි.

“නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්‍රාහ‍්මණො; අනෙකකොටිසන‍්නිචයො, පහූතධනධඤ‍්ඤවා.

නගරෙ අමරවතියා සුමෙධො නාම බ්‍රාහ්මණො අනෙකකොටි සන්නිචයො පහූත ධනධඤ්ඤවා

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; ලක‍්ඛණෙ ඉතිහාසෙ ච, සධම‍්මෙ පාරමිං ගතො”ති.

අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගු ලක්‍ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ පාරමිංගතොති

තත්‍ථ නගරෙ අමරවතියාති අමරවතීසඞ‍්ඛාතෙ නගරෙ. සුමෙධො නාමාති එත්‍ථ “මෙධා”ති පඤ‍්ඤා වුච‍්චති. සා තස‍්ස සුන්‍දරා පසත්‍ථාති සුමෙධොති පඤ‍්ඤායිත්‍ථ. බ්‍රාහ‍්මණොති බ්‍රහ‍්මං අණති සික‍්ඛතීති බ්‍රාහ‍්මණො, මන‍්තෙ සජ‍්ඣායතීති අත්‍ථො . අක‍්ඛරචින‍්තකා පන “බ්‍රහ‍්මුනො අපච‍්චං බ්‍රාහ‍්මණො”ති වදන‍්ති. අරියා පන බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණාති. අනෙකකොටිසන‍්නිචයොති කොටීනං සන‍්නිචයො කොටිසන‍්නිචයො, අනෙකො කොටිසන‍්නිචයො යස‍්ස සොයං අනෙකකොටිසන‍්නිචයො, අනෙකකොටි ධනසන‍්නිචයොති අත්‍ථො. පහූතධනධඤ‍්ඤවාති බහුලධනධඤ‍්ඤවා. පුරිමං භූමිගතගබ‍්භගතධනධඤ‍්ඤවසෙන වුත‍්තං, ඉදං නිච‍්චපරිභොගූපගතධනධඤ‍්ඤවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි නගරෙ අමරවතියා යනු; අමරවතී නම් නුවර, සුමෙධො නාම යනු; මෙහි මෙධා යනු ප්‍රඥාව කියනු ලැබේ. ඒ ඔහුගේ ප්‍රඥාව සුන්‍දරය ප්‍රශස්තනුයි සුමේධ කියා ප්‍රකට විය. බ්‍රාහ්මණො යනු; බ්‍රහ්ම අණතියි බ්‍රාහ්මණයි. මන්ත්‍ර සජ්ඣායනය කරයි යන අර්ථයි. අක්‍ෂර චින්තකයෝ වනාහි බඹහුගේ පුත්‍ර බ්‍රාහ්මණයයි කියති. ආර්යයෝ වනාහි පවු බැහැර කළ බැවින් බ්‍රාහ්මණයයි කියති. අනෙකකෝටි සන්නිචයෙං යනු; කෝටීන්ගේ රැස්කිරීම කෝටි සාකච්චයයි. අනෙක කෝටි රැස්කිරීම් ඇත්තේ යමෙකුට ද හේ අනෙකකෝටිසන්තිචය නමි. නොඑක් ධන කෝටි රාශි ඇති යන අර්ථයි. පහූතධනධඤ්ඤවා යනු; භූමිගත ගබඩාගත ධනධාන්‍ය වශයෙන් කියන ලදි. මෙය නිති පරිභෝගයට පත් ධනධාන්‍ය වශයෙන් කියන ලදියයි දතයුතු.

අජ‍්ඣායකොති න ඣායතීති අජ‍්ඣායකො, ඣානභාවනාරහිතොති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං – “න දානිමෙ ඣායන‍්තීති. න දානිමෙ ඣායන‍්තීති ඛො, වාසෙට‍්ඨ, ‘අජ‍්ඣායකා අජ‍්ඣායකා’ ත්‍වෙව තතියං අක‍්ඛරං උපනිබ‍්බත‍්ත”න‍්ති (දී· නි· 3.132) එවං පඨමකප‍්පිකකාලෙ ඣානවිරහිතානං බ්‍රාහ‍්මණානං ගරහවචනං උප‍්පන‍්නං. ඉදානි මන‍්තං ඣායතීති අජ‍්ඣායකො, මන‍්තෙ පරිවත‍්තෙතීති ඉමිනා අත්‍ථෙන පසංසවචනං කත්‍වා වොහරන‍්ති. මන‍්තෙ ධාරෙතීති මන‍්තධරො. තිණ‍්ණං වෙදානන‍්ති ඉරුවෙදයජුවෙදසාමවෙදානං තිණ‍්ණං වෙදානං. අයං පන වෙද-සද‍්දො ඤාණසොමනස‍්සගන්‍ථෙසු දිස‍්සති. තථා හෙස – “යං බ්‍රාහ‍්මණං වෙදගුමාභිජඤ‍්ඤා, අකිඤ‍්චනං කාමභවෙ අසත‍්ත”න‍්තිආදීසු (සු· නි· 1065) ඤාණෙ දිස‍්සති. “යෙ වෙදජාතා විචරන‍්ති ලොකෙ”තිආදීසු (අ· නි· 4.57) සොමනස‍්සෙ. “තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභාන”න‍්තිආදීසු (දී· නි· 1.256) ගන්‍ථෙ. ඉධාපි ගන්‍ථෙ (ම· නි· අට‍්ඨ· 1.75). පාරගූති තිණ‍්ණං වෙදානං ඔට‍්ඨපහතකරණමත‍්තෙන පාරං ගතොති පාරගූ. ලක‍්ඛණෙති ඉත්‍ථිලක‍්ඛණපුරිසලක‍්ඛණමහාපුරිසලක‍්ඛණාදිකෙ ලක‍්ඛණෙ. ඉතිහාසෙති ඉතිහ ආස, ඉතිහ ආසාති ඊදිසවචනපටිසංයුත‍්තෙ පුරාණසඞ‍්ඛාතෙ ගන්‍ථවිසෙසෙ. සධම‍්මෙති බ්‍රාහ‍්මණානං සකෙ ධම‍්මෙ, සකෙ ආචරියකෙ වා. පාරමිං ගතොති පාරං ගතො, දිසාපාමොක‍්ඛො ආචරියො අහොසීති අත්‍ථො.

අජ්ඣායකො යනු; ධ්‍යාන නොකරන්නේ අජ්ඣායක යි. ධ්‍යානභාවනා රහිත යන අර්ථයි. මෙය කියන ලදි. න ඉදානි මෙ ඣායාති න ඉදානි මෙ ඣායන්තිති ඛො වාසෙට්ඨා අජ්ඣායකාත්‍වෙ දුතියං අක්‍ඛරං උපනිබ්බත්තන්තිතියි. මෙසේ ආදිකල්පික කාලයෙහි ධ්‍යාන විරහිත බමුණන්ට ගර්හාවචන උපන්නේය. දැන් එය උගනී යයි අජ්ඣායකො මන්ත්‍ර ජපකරන්නුයි මේ අර්ථයෙන් ප්‍රශංසා වචනයෙන් ව්‍යවහාර කරති. මන්ත්‍ර දරත්නුයි මන්තධරා. තිණ්ණං වෙදානං යනු; ඍග්වේද යජුර්වේද සාමවේදයි. මේ වේද ශබ්දය ඤාණ සෝමනස්ස ග්‍රන්‍ථයන්හි දැක්වේ. එසේම මෙය යං බ්‍රාහ්මණං වෙදගුමද්දසාමි අකිඤ්චනං කාම භවෙ අස්තකං ආදී තැන ඤාණයෙහි දක්නා ලැබේ. මෙය වෙදජාතා විචරන්ති ලොකෙ ආදියෙහි සොමනස්සයෙහි දක්නා ලැබේ. තිණ්ණං වෙදානං පාරගු සනිඝණ්ඩුකෙටුභානං යන තන්හි ග්‍රන්‍ථයෙහිය. මෙහිද ග්‍රන්‍ථයෙහිය. පාරගු යනු; ත්‍රිවේදය තොලගෑ පමණින් පරතෙර ගියේ පාරගු නමි. ලක්‍ඛණෙ යනු, ස්ත්‍රී ලක්‍ෂණ පුරුෂ ලක්‍ෂණ මහාපුරිස ලක්‍ෂණාදි ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි. ඉතිහාසෙ යනු; ඉතිඉභ ආස යන මෙබඳු වචන ප්‍රතිසංයුක්ත පුරාණ සංඛ්‍යාත ග්‍රන්‍ථ විශේෂයෙහි. සධම්මෙ යනු; බමුණන්ගේ ස්වකීය ධර්මයෙහි ස්වකීය ආචාර්යවාදයෙහි හෝ වේ. පාරමිං ගතො යනු; පාරගත දිසාපාමොක් ඇදුරු විය යන අර්ථයි.

අථෙකදිවසං සො දසගුණගණාරාධිතපණ‍්ඩිතො සුමෙධපණ‍්ඩිතො උපරිපාසාදවරතලෙ රහොගතො හුත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නො චින‍්තෙසි – “පුනබ‍්භවෙ පටිසන්‍ධිග‍්ගහණං නාම දුක‍්ඛං, තථා නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරභෙදනං, අහඤ‍්ච ජාතිධම‍්මො, ජරාධම‍්මො, බ්‍යාධිධම‍්මො, මරණධම‍්මො, එවංභූතෙන මයා අජාතිං අජරං අබ්‍යාධිං අමරණං සුඛං සිවං නිබ‍්බානං පරියෙසිතුං වට‍්ටති, අවස‍්සං භවචාරකතො මුච‍්චිත්‍වා නිබ‍්බානගාමිනා එකෙන මග‍්ගෙන භවිතබ‍්බ”න‍්ති. තෙන වුත‍්තං –

ඉක්බිති දිනක් දසගුණාරාධිත පණ්ඩිත සුමේධ පණ්ඩිත මතුමහල් තලයෙහි විවේකීව පර්යංකයෙන් හිඳ මෙසේ සිතීය. පුනර්භවයෙහි පිළිසිඳ ගැනීම දුකෙකි. එසේම උපනුපන්තැන ශරීරය බිඳීයාම ද දුකෙකි. මම ද ජාතිස්වභාව ඇත්තෙමි. ජරා ස්වභාව ඇත්තෙමි. ව්‍යාධි ස්වභාව කොට ඇත්තෙමි. මරණ ස්වභාවකොට ඇත්තෙමි. මෙබඳු මා විසින් ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සැප ඇති සිහිල් වූ නිවන සෙවීම වටනේය. භවසරණයෙන් අවශ්‍යයෙන් මිදී යන කිසියම් මාර්ගයක් විය යුතුය කියායි. එහෙයින් කියන ලදි:-

“රහොගතො නිසීදිත්‍වා, එවං චින‍්තෙසහං තදා; දුක‍්ඛො පුනබ‍්භවො නාම, සරීරස‍්ස ච භෙදනං.

රහොගතො නිසීදිත්‍වා එවං වින්තෙසහං තදා දුක්‍ඛො පුනබ්භවො නාම සරීරස්ස ච භෙදනං

“ජාතිධම‍්මො ජරාධම‍්මො, බ්‍යාධිධම‍්මො සහං තදා; අජරං අමරං ඛෙමං, පරියෙසිස‍්සාමි නිබ‍්බුතිං.

ජාතිධම්මො ජරාධම්මො ව්‍යාධිධම්මො චහං තදා අජරං අමරං ඛෙමං පරියෙසිස්සාමි නිබ්බුතිං

“යංනූනිමං පූතිකායං, නානාකුණපපූරිතං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං, අනපෙක‍්ඛො අනත්‍ථිකො.

යන්නූනිමං පූතිකායං නානාකුණප පූරිතං ජඩ්ඩයිත්‍වාන ගච්ඡෙය්‍ය අනපෙක්‍ඛො අනත්‍ථිකො

“අත්‍ථි හෙහිති සො මග‍්ගො, න සො සක‍්කා න හෙතුයෙ; පරියෙසිස‍්සාමි තං මග‍්ගං, භවතො පරිමුත‍්තියා”ති.

අත්‍ථි හෙහීති සො මග්ගො න සො සක්කා න හෙතුයෙ පරියෙසිස්සාමි තං මග්ගං භවතො පරිමුත්තියාති

එත්‍ථ පන ගාථාසම‍්බන්‍ධඤ‍්ච අනුත‍්තානපදානමත්‍ථඤ‍්ච වත්‍වාව ගමිස‍්සාම. තත්‍ථ රහොගතොති රහසි ගතො, රහසි ඨානෙ නිසින‍්නො. එවං චින‍්තෙසහන‍්ති එවං චින‍්තෙසිං අහං. එවන‍්ති ඉමිනා චින‍්තනාකාරං දස‍්සෙති. තදාති තස‍්මිං සුමෙධපණ‍්ඩිතකාලෙ. “එවං චින‍්තෙසහ”න‍්ති භගවා ඉමිනා අත‍්තනා සද‍්ධිං සුමෙධපණ‍්ඩිතං එකත‍්තං කරොති. තස‍්මා තදා සො සුමෙධො අහමෙවාති පකාසෙන‍්තො “එවං චින‍්තෙසහං තදා”ති භගවා උත‍්තමපුරිසවසෙනාහ. ජාතිධම‍්මොති ජාතිසභාවො. එස නයො සෙසපදෙසුපි. නිබ‍්බුතින‍්ති නිබ‍්බානං.

එහි ගාථා සම්බන්‍ධයක් නොකී පදවල අර්ථත් දක්වමින්ම යමි. එහි රහොගතො යනු; රහසිගතව. එවං චිනෙතසහං යනු; මම මෙසේ සිතීමියි සිතූ ආකාරය දක්වයි. තදා යනු; ඒ සුමේධ පණ්ඩිත කාලයෙහි. එවං චින්තෙසහං යි මෙයින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සමග සුමේධ පණ්ඩිතයන් ඒකාත්ම කරන සේක. එහෙයින් එදා ඒ සුමේධ මම යයි ප්‍රකාශ කරමින් ඒවා චිනෙතසභං තදා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ උත්තමපුරිස වශයෙන් වදාළහ. ජාතිධම්මො යනු; ජාතිය ස්වභාව කොට ඇත්තෙමි. සෙසු පදයන්හිද මේ ක්‍රමයයි. නිබ්බුතිං යනු; නිවනයි.

යංනූනාති පරිවිතක‍්කනත්‍ථෙ නිපාතො, යදි පනාහන‍්ති අත්‍ථො. පූතිකායන‍්ති පූතිභූතං කායං. නානාකුණපපූරිතන‍්ති මුත‍්ත-කරීස-පුබ‍්බලොහිත-පිත‍්ත-සෙම‍්හ-ඛෙළසිඞ‍්ඝාණිකාදිඅනෙකකුණපපූරිතං. අනපෙක‍්ඛොති අනාලයො. අත්‍ථීති අවස‍්සං උපලබ‍්භති. හෙහිතීති භවිස‍්සති, පරිවිතක‍්කනවචනමිදං. න සො සක‍්කා න හෙතුයෙති තෙන මග‍්ගෙන න සක‍්කා න භවිතුං. සො පන මග‍්ගො හෙතුයෙති හෙතුභාවාය න න හොති, හෙතුයෙවාති අත්‍ථො. භවතො පරිමුත‍්තියාති භවබන්‍ධනවිමුත‍්තියාති අත්‍ථො.

යන්නූන යනු; පරිවිතර්කනයෙහි නිපාතයි. යදිපන අහං ඉඳින් වනාහි මම යන අර්ථයි. නානාකුණප පූරිතං යනු; මුත්‍ර මළ සැරව ලේ පිත සෙම කෙළ සොටු ආදි නොඑක් කුණප භරිත. අනෙපෙක්‍ඛො යනු; ආලය රහිතව. අත්‍ථි යනු; අවශ්‍යයෙන් ලැබෙයි. භෙභීති යනු; වෙයි. මෙය පරිවිතර්ක වචනයකි. න සො සක්කා න හෙතුයෙ යනු; එකම මගකින් වනාහි නොවිය හැකිය. ඒ මග වනාහි- හෙතුයෙ යනු; හේතුරහිතව නොවේ. හේතුවෙන්ම යන අර්ථයි. භවතො පරිමුත්තියා යනු; සසර බැම්මෙන් මිදීමට යන අර්ථයි.

ඉදානි අත‍්තනා පරිවිතක‍්කිතමත්‍ථං සම‍්පාදයිතුං “යථාපී”ති ආදිමාහ. යථා හි ලොකෙ දුක‍්ඛස‍්ස පටිපක‍්ඛභූතං සුඛං නාම අත්‍ථි, එවං භවෙ සති තප‍්පටිපක‍්ඛෙන විභවෙනාපි භවිතබ‍්බං , යථා ච උණ‍්හෙ සති තස‍්ස වූපසමභූතං සීතලම‍්පි අත්‍ථි, එවං රාගාදිඅග‍්ගීනං වූපසමෙන නිබ‍්බානෙන භවිතබ‍්බං. යථා ච පාපස‍්ස ලාමකස‍්ස ධම‍්මස‍්ස පටිපක‍්ඛභූතො කල්‍යාණො අනවජ‍්ජධම‍්මොපි අත්‍ථියෙව, එවමෙව පාපිකාය ජාතියා සති සබ‍්බජාතිඛෙපනතො අජාතිසඞ‍්ඛාතෙන නිබ‍්බානෙනාපි භවිතබ‍්බමෙවාති. තෙන වුත‍්තං –

දැන් තමන් විසින් විතර්කනය කරන ලද අර්ථය සම්පාදනය කිරීම පිණිස යථාපි ආදිය කීහ. යම්සේ වනාහි ලොව දුකට විරුද්ධ වූ සැපයක් ඇත්තේ ද එසේම භවය ඇති කල ඊට විරුද්ධ විභවයක් ද විය යුතුය. යම්සේ උෂ්ණය ඇති කල්හි එය සන්සිඳුවන සීතලක් ද ඇත්තේය. එසේම රාගාදි ගිනි නිවන නිවනක් ද විය යුතුය. යම්සේ වනාහි පවිටු ලාමක ධර්මවලට විරුද්ධ යහපත් නිවරද දැක්මක් ද ඇත්තේය. එසේම පවිටු පරතිය ඇති කල්හි සියලු ජාති ක්‍ෂය කිරීමෙන් අජාති සංඛ්‍යාත නිවනක් ද පැවතිය යුතුමය. එහෙයින් කියන ලදි.

“යථාපි දුක‍්ඛෙ විජ‍්ජන‍්තෙ, සුඛං නාමපි විජ‍්ජති; එවං භවෙ විජ‍්ජමානෙ, විභවොපිච‍්ඡිතබ‍්බකො.

යථාපි දුක්‍ඛෙ විජ්ජන්තෙ සුඛං නාම්පි විජ්ජති එවං භවෙ විජ්ජමානෙ විභවොපි ඉච්ඡිතබ්බකො

“යථාපි උණ‍්හෙ විජ‍්ජන‍්තෙ, අපරං විජ‍්ජති සීතලං; එවං තිවිධග‍්ගි විජ‍්ජන‍්තෙ, නිබ‍්බානං ඉච‍්ඡිතබ‍්බකං.

යථාපි උණ්හෙ විජ්ජමානත අපරං විජ්ජති සීතලං එවං තිවිධග්ගි විජ්ජන්තෙ නිබ්බානා ඉච්ඡිතබ්බකන්ති

“යථාපි පාපෙ විජ‍්ජන‍්තෙ, කල්‍යාණමපි විජ‍්ජති; එවමෙව ජාති විජ‍්ජන‍්තෙ, අජාතිපිච‍්ඡිතබ‍්බක”න‍්ති.

[missing]

තත්‍ථ යථාපීති ඔපම‍්මත්‍ථෙ නිපාතො. සුඛන‍්ති කායිකචෙතසිකසුඛං, සුට‍්ඨු දුක‍්ඛං ඛණතීති සුඛං. භවෙති ජනනෙ. විභවොති අජනනං, ජනනෙ විජ‍්ජමානෙ අජනනධම‍්මොපි ඉච‍්ඡිතබ‍්බො. තිවිධග‍්ගි විජ‍්ජන‍්තෙති තිවිධෙ රාගාදිකෙ අග‍්ගිම‍්හි විජ‍්ජමානෙති අත්‍ථො. නිබ‍්බානන‍්ති තස‍්ස තිවිධස‍්ස රාගාදිඅග‍්ගිස‍්ස නිබ‍්බාපනං උපසමනං නිබ‍්බානඤ‍්ච ඉච‍්ඡිතබ‍්බං. පාපෙති අකුසලෙ ලාමකෙ. කල්‍යාණමපීති කුසලමපි. එවමෙවාති එවමෙවං. ජාති විජ‍්ජන‍්තෙති ජාතියා විජ‍්ජමානායාති අත්‍ථො. ලිඞ‍්ගභෙදඤ‍්ච විභත‍්තිලොපඤ‍්ච කත්‍වා වුත‍්තං. අජාතිපීති ජාතිඛෙපනං අජාතිනිබ‍්බානම‍්පි ඉච‍්ඡිතබ‍්බං.

එහි යථා යනු; උපමාර්ථයෙහි නිපාතයි. සුඛං යනු; කායික චෛතසික දුක් මනාව සාරාදමානුයි සුඛ නමි. භවෙ යනු; උපදවන විභවො යනු. නොඋපදවීම. උපත ඇති කල නොඉපදෙන ධර්මයක් ද කැමති විය යුතුය. තිවිධග්ගි විජ්ජන්තෙ යනු; රාගාදි තෙවැදෑරුම් ගිනි ඇති කල්හි යන අර්ථයි. නිබ්බානං යනු ඒ තෙවැදෑරුම් රාගාදි ගිනි නිවන සමනය කරන නිවන ද කැමති විය යුතුය. පාපකෙ යනු; අකුසල ලාමක කල්‍යාණම්පි යනු; කුසලය ද. එවම්පි යනු; එසේම. ජාති විජ්ජමාන යනු; ජාතිය ඇති කල්හි යන අර්ථයි. ලිංග භේදයත් විභත්ති ලෝපයත් කොට කියන ලදි. අජාතාපි යනු; ජාතිය ක්‍ෂය කරන අජාති සංඛතික නිවන කැමති විය යුතුය.

අථාහං පරම‍්පි චින‍්තෙසිං – “යථා නාම ගූථරාසිම‍්හි නිමුග‍්ගෙන පුරිසෙන දූරතොව කමලකුවලයපුණ‍්ඩරීකසණ‍්ඩමණ‍්ඩිතං විමලසලිලං තළාකං දිස‍්වා – ‘කතරෙන නු ඛො මග‍්ගෙන තත්‍ථ ගන‍්තබ‍්බ’න‍්ති තළාකං ගවෙසිතුං යුත‍්තං. යං තස‍්ස අගවෙසනං, න සො තස‍්ස තළාකස‍්ස දොසො, තස‍්ස පුරිසස‍්සෙව දොසො. එවමෙව කිලෙසමලධොවනෙ අමතමහාතළාකෙ විජ‍්ජමානෙ යං තස‍්ස අගවෙසනං, න සො අමතසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානමහාතළාකස‍්ස දොසො, පුරිසස‍්සෙව දොසො. යථා පන චොරෙහි සංපරිවාරිතො පුරිසො පලායනමග‍්ගෙ විජ‍්ජමානෙපි සචෙ සො න පලායති, න සො තස‍්ස මග‍්ගස‍්ස දොසො, තස‍්ස පුරිසස‍්සෙව දොසො. එවමෙව කිලෙසචොරෙහි පරිවාරෙත්‍වා ගහිතස‍්ස පුරිසස‍්ස විජ‍්ජමානෙයෙව නිබ‍්බානමහානගරගාමිම‍්හි සිවෙ මහාමග‍්ගෙ තස‍්ස මග‍්ගස‍්ස අගවෙසනං නාම න මග‍්ගස‍්ස දොසො, පුරිසස‍්සෙව දොසො. යථා බ්‍යාධිපීළිතො පුරිසො විජ‍්ජමානෙ බ්‍යාධිතිකිච‍්ඡකෙ වෙජ‍්ජෙ සචෙ තං වෙජ‍්ජං ගවෙසිත්‍වා තං බ්‍යාධිං න තිකිච‍්ඡාපෙති, න සො වෙජ‍්ජස‍්ස දොසො, තස‍්ස පුරිසස‍්සෙව දොසො. එවමෙව පන යො කිලෙසබ්‍යාධිපරිපීළිතො කිලෙසවූපසමමග‍්ගකොවිදං විජ‍්ජමානමෙව ආචරියං න ගවෙසති, තස‍්සෙව දොසො, න කිලෙසබ්‍යාධිවිනායකස‍්ස ආචරියස‍්ස දොසො”ති. තෙන වුත‍්තං –

ඉක්බිති මම අනෙකක් ද සිතුවෙමි. යම් පරිදි අසූචි රාශියක ගිලුණු පුරුෂයෙක් දුරින්ම නෙළුම් මානෙල් පියුම් ගොමු ගැවසීගත් පිරිසිදු විලක් දැක කිනම් මගකින් මෙහි යායුතුදැයි ඒ විල සෙවිය යුතුය. එය නොසෙවීම විලෙහි දෝෂයක් නොවේ. පුරුෂයාගේම දෝෂයකි. එසේ කෙලෙස් කිළුටු සේදීමක් ඇති විටම අමාමහවිල නොසෙවීම ඒ අමාමහ නිවන් විලෙහි දොසක් නොවේ. ඒ පුරුෂයාගේම දෙසයි. එසේම කෙලෙස් මහසොරුන් විසින් ගන්නා ලද පුරුෂයෙක් පලායන මගක් තිබෙද්දීත් ඉඳින් ඔහු පැන නොයයි ද එය මාර්ගයෙහි දොසක් නොවේ. ඒ පුරුෂයාගේම දෝසයයි. එමෙන් කෙලෙස් සොරුන් විසින් පිරිවරා ගත් පුරුෂයෙක් නිවන් මහනුවරට යන සුවපත් මහමග නොසෙවීම ඒ මාවතෙහි දොසක් නොවේ. ඒ පුරුෂයාගේම දොසයි. යම්සේ ලෙසින් පෙළෙන මිනිසෙක් ලෙඩට පිළියම් කරන වෙදකු සිටියදී ඉඳින් ඒ වෙදා සොයා ඒ රෝගයට පිළියම් නොකරයි නම් එය වෙදාගේ දොසක් නොවේ. ඒ මිනිසාගේම දොසයි. එසේ කෙලෙස් ලෙසින් පෙළෙන යම් මිනිසෙක් කෙලෙස් සංසිඳුවන මග පිළිබඳ දක්‍ෂයකු සිටියදී නොසොයයි නම් එය කෙලෙස් ලෙඩ සංසිඳුවන ඇදුරාගේ දොසෙක් නොවේ. ඔහුගේම දොසයි. එහෙයින් කියන ලදි:-

“යථා ගූථගතො පුරිසො, තළාකං දිස‍්වාන පූරිතං; න ගවෙසති තං තළාකං, න දොසො තළාකස‍්ස සො.

යථා ගූථගතො පුරිසො තළාකං දිස්වාන පුරිකං න ගවෙසතිතංතළාකං නදොසො තළාකස්ස සො

“එවං කිලෙසමලධොවං, විජ‍්ජන‍්තෙ අමතන‍්තළෙ; න ගවෙසති තං තළාකං, න දොසො අමතන‍්තළෙ.

එවං කිලෙස මලධොවං විජ්ජමාන අමතන්ත ලෙ න භවෙසති තං කළාකං නදොසො අමතන්තලෙ

“යථා අරීහි පරිරුද‍්ධො, විජ‍්ජන‍්තෙ ගමනම‍්පථෙ; න පලායති සො පුරිසො, න දොසො අඤ‍්ජසස‍්ස සො.

යථා අගීහි පරිරුද්ධො විජ්ජනෙක ගමනම්ප ථෙ න ජලායකි සො පුරිසො න දොසො අඤ්ජ්‍යස්සසො

“එවං කිලෙසපරිරුද‍්ධො, විජ‍්ජමානෙ සිවෙ පථෙ; න ගවෙසති තං මග‍්ගං, න දොසො සිවමඤ‍්ජසෙ.

එවං කිලෙසපරිරුද්ධො විජ්ජමානෙ සිවෙ පථෙ නග වෙසති තංමග්ගං න දොසො සිවමඤ්ජසෙ

“යථාපි බ්‍යාධිතො පුරිසො, විජ‍්ජමානෙ තිකිච‍්ඡකෙ; න තිකිච‍්ඡාපෙති තං බ්‍යාධිං, න දොසො සො තිකිච‍්ඡකෙ.

යථා හි බ්‍යාධිතො පුරිසො විජ්ජමානෙ තිකිච්ඡකෙ න තිකිච්ඡාපෙති තං ව්‍යාධිං නසො දොසො තිකිච්ඡකෙ

“එවං කිලෙසබ්‍යාධීහි, දුක‍්ඛිතො පතිපීළිතො; න ගවෙසති තං ආචරියං, න දොසො සො විනායකෙ”ති.

එවං කිලෙසව්‍යාධීහි දුක්‍ඛතො පතිපීළිතො නගවෙසති තං ආචරියං න සො දොසො විනායකෙ ති

තත්‍ථ ගූථගතොති ගූථකූපගතො, ගූථෙන ගතො මක‍්ඛිතො වා. කිලෙසමලධොවන‍්ති කිලෙසමලසොධනෙ, භුම‍්මත්‍ථෙ පච‍්චත‍්තවචනං. අමතන‍්තළෙති අමතසඞ‍්ඛාතස‍්ස තළාකස‍්ස, සාමිඅත්‍ථෙ භුම‍්මවචනං දට‍්ඨබ‍්බං, අනුස‍්සරං පක‍්ඛිපිත්‍වා වුත‍්තං. අරීහීති පච‍්චත්‍ථිකෙහි. පරිරුද‍්ධොති සමන‍්තතො නිරුද‍්ධො. ගමනම‍්පථෙති ගමනපථෙ. ඡන්‍දාවිනාසත්‍ථං අනුස‍්සරාගමනං කත්‍වා වුත‍්තං. න පලායතීති යදි න පලායෙය්‍ය. සො පුරිසොති සො චොරෙහි පරිරුද‍්ධො පුරිසො. අඤ‍්ජසස‍්සාති මග‍්ගස‍්ස. මග‍්ගස‍්ස හි –

එහි ගූථගතො යනු; ගූථකූපයකට පත් ගූථයෙන් තැවරුන හෝය. කිලෙසම ලධොවං යනු; කෙලෙස් මල දෙවීමෙහි. භූම්‍යර්ථයෙහි ප්‍රත්‍යාතම වචනයි. අමතන්තලෙ යනු; අමෘත සංඛ්‍යාත තටාකය හෝ සාමි අර්ථයෙහි භුම්ම වචනයි දතයුතුය. අනුස්වාරය යොදා කියන ලදි. පරිරුද්ධො යනු; හාත්පසින් ආවරණය කළ. අරීහි යනු; සතුරන් විසින් ගමනං පථෙ යනු; ගමන් මගෙහි ඡන්‍දස නොනැසීම සඳහා අනුස්මාර ආගමය කොට කියන ලදි. නපලායති යනු; ඉදින් පැන නොයයිද සො පුරිසො යනු; සොරුන් පිරිවැරූ පුරුෂයා අඤ්ජස්සසා මාර්ගයාගේ මග්ගස්ස වනාහි:-

“මග‍්ගො පන්‍ථො පථො පජ‍්ජො, අඤ‍්ජසං වටුමායනං; නාවා උත‍්තරසෙතු ච, කුල‍්ලො ච භිසි සඞ‍්කමො”ති. (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 101) –

මග්ගො පන්‍ථො පථො පජ්ජො අඤ්ජසං වටු මායනං නාවා උත්තර සෙතුච කුල්ලෙච භිසි සංකමොති

බහූනි නාමානි. ස‍්වායමිධ අඤ‍්ජසනාමෙන වුත‍්තො. සිවෙති සබ‍්බුපද‍්දවාභාවතො සිවෙ. සිවමඤ‍්ජසෙති සිවස‍්ස අඤ‍්ජසස‍්සාති අත්‍ථො. තිකිච‍්ඡකෙති වෙජ‍්ජෙ. න තිකිච‍්ඡාපෙතීති න තිකිච‍්ඡාපෙය්‍ය. න දොසො සො තිකිච‍්ඡකෙති තිකිච‍්ඡකස‍්ස දොසො නත්‍ථි, බ්‍යාධිතස‍්සෙව දොසොති අත්‍ථො. දුක‍්ඛිතොති සඤ‍්ජාතකායිකචෙතසිකදුක‍්ඛො. ආචරියන‍්ති මොක‍්ඛමග‍්ගාචරියං. විනායකෙති ආචරියස‍්ස.

යි බොහෝ නම් වෙයි. එය මෙහි අඤ්ජස නමින් දක්වන ලදි. සිවෙ යනු; දියලු උවදුරු අභාවයෙන් සම වූ. සිවමඤ්ජසෙ යනු; උවදුරු රහිත මාර්ගයට යන අර්ථයි. තිකිච්ඡකෙ යනු; වෙදකු. න තිකිච්ඡාපෙත යනු; පිළියම් නොකරවයිද. න සො දොසො තිකිච්ඡකෙ යනු; වෙදාගේ දොසක් නැත. ලෙඩාගේම දෝසය යන අර්ථයි. දුක්‍ඛිතො යනු; හටගත් කායික චෛතසික දුක් ඇත්තේ ආචරියං යනු; මොක්‍ෂමාර්ග ආචාර්යවරයායි. විනායකෙ යනු; ආචාර්යවරයාගේ.

එවං පනාහං චින‍්තෙත්‍වා උත‍්තරිම‍්පි එවං චින‍්තෙසිං – “යථාපි මණ‍්ඩනකජාතිකො පුරිසො කණ‍්ඨෙ ආසත‍්තං කුණපං ඡඩ‍්ඩෙත්‍වා සුඛී ගච‍්ඡෙය්‍ය, එවං මයාපි ඉමං පූතිකායං ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛෙන නිබ‍්බානමහානගරං පවිසිතබ‍්බං. යථා ච නරනාරියො උක‍්කාරභූමියං උච‍්චාරපස‍්සාවං කත්‍වා න තං උච‍්ඡඞ‍්ගෙන වා ආදාය දසන‍්තෙ වා වෙඨෙත්‍වා ආදාය ගච‍්ඡන‍්ති, අථ ඛො ජිගුච‍්ඡමානා ඔලොකෙතුම‍්පි අනිච‍්ඡන‍්තා අනපෙක‍්ඛා ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති, එවං මයාපි ඉමං පූතිකායං අනපෙක‍්ඛෙන ඡඩ‍්ඩෙත්‍වා අමතං නිබ‍්බානනගරං පවිසිතුං වට‍්ටති. යථා ච නාවිකා නාම ජජ‍්ජරං නාවං උදකගාහිනිං ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛාව ගච‍්ඡන‍්ති, එවමහම‍්පි ඉමං නවහි වණමුඛෙහි පග‍්ඝරන‍්තං කායං ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛො නිබ‍්බානමහානගරං පවිසිස‍්සාමි . යථා ච කොචි පුරිසො මුත‍්තාමණිවෙළුරියාදීනි නානාවිධානි රතනානි ආදාය චොරෙහි සද‍්ධිං මග‍්ගං ගච‍්ඡන‍්තො අත‍්තනො රතනවිනාසභයෙන තෙ චොරෙ ඡඩ‍්ඩෙත්‍වා ඛෙමං මග‍්ගං ගණ‍්හාති, එවමයම‍්පි පූතිකායො රතනවිලොපකචොරසදිසො. සචාහං එත්‍ථ තණ‍්හං කරිස‍්සාමි, අරියමග‍්ගකුසලධම‍්මරතනානි මෙ නස‍්සිස‍්සන‍්ති, තස‍්මා මයා ඉමං මහාචොරසදිසං කරජකායං ඡඩ‍්ඩෙත්‍වා නිබ‍්බානමහානගරං පවිසිතුං වට‍්ටතී”ති. තෙන වුත‍්තං –

මම මෙසේ සිතා මත්තෙහි මෙසේත් සිතුවෙමි. යම්සේ සැරසෙන කැමති මිනිසෙක් ගෙලබැඳි කුණපයක් හැරදමා සුවසේ යන්නේ ද එසේ මා විසිනුත් මේ කුණුශරීරය හැර දමා අනපේක්‍ෂිතව නිවන් මහනුවරට පිවිසිය යුතුය. යම්සේ ගැහැණු මිනිස්සු මළලන භූමියෙහි මළමුත්‍ර කොට එය ඔඩොක්කුවෙහි හෝ දමාගෙන රෙදිකොණෙන් හෝ වෙළාගෙන නොයන්නාහු ද පිළිකුල් කරමින් බැලීමටවත් නොසිතා අනපේක්‍ෂිතව හැර දමා යන්නාහු ද එසේ මා විසිනුදු මේ කුණු ශරීරය අනපේක්‍ෂකවම හැරදමා අමා නිවන් පුරයට පිවිසිය යුතුය. යම්සේ නැවියෙක් දිරූ දිය කාන්දුවන නැව හැර දමා බලාපොරොත්තු නොතබා යෙද්ද එසේ මම ද මේ වණමුඛ නවයකින් වැගිරෙන සිරුර හැර දමා බලාපොරොත්තු රහිතවම නිවන් පුරයට පිවිසෙමි. යම්සේ කිසි මිනිසෙක් මුතු මැණික් තරම් මිණි ආදි නන් වැදෑරුම් රුවන් ගෙන සොරුන් සමග මග යන්නේ තමාගේ රුවන් නැසෙන බියෙන් සුරක්‍ෂිත මාර්ගයක් ගන්නේ ද එමෙන් මේ කුණුකයද රුවන් පැහැර ගන්නා සොරෙකු බඳුය. ඉඳින් මම මෙහි තණ්හා කරන්නෙම් නම් ආරිය මාර්ග කුශලධර්ම රත්නයෙන් මම නැතිව යයි. එබැවින් මා සිතින් මේ මහසොරකු බඳු කුණු සිරුර හැර දමා නිවන් මහනුවරට පිවිසීම වටනේයි. එහෙයින් කියන ලදි:-

“යථාපි කුණපං පුරිසො, කණ‍්ඨෙ බද‍්ධං ජිගුච‍්ඡිය; මොචයිත්‍වාන ගච‍්ඡෙය්‍ය, සුඛී සෙරී සයංවසී.

යථාපි කුණපං පුරිසො කණ්ඨෙ බද්ධං පිරුච්ඡිය මොත්‍වයිත්‍වාන ගච්ඡෙය්‍ය සුඛී සෙවී සයං වසී

“තථෙවිමං පූතිකායං, නානාකුණපසඤ‍්චයං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං, අනපෙක‍්ඛො අනත්‍ථිකො.

තථෙවිමං පූකිකායං නානා කුණප සඤ්චයං ඡඩ්ඩයිත්‍වාන ගච්ඡෙය්‍යං අනපෙඛො අනත්‍ථිකො

“යථා උච‍්චාරට‍්ඨානම‍්හි, කරීසං නරනාරියො; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡන‍්ති, අනපෙක‍්ඛා අනත්‍ථිකා.

යථා උච්චාරඨානම්හි කරීසං නරනාරියො ඡඩ්ඩයිත්‍වාන ගච්ඡන්ති අනපෙක්‍ඛා අනත්‍ථිකා

“එවමෙවාහං ඉමං කායං, නානාකුණපපූරිතං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං, වච‍්චං කත්‍වා යථා කුටිං.

එවමෙවාහං ඉමං තායං නානා කුණප පුරිකං ඡඩ්ඩයිත්‍වාන ගච්ඡෙය්‍යං වච්චං කත්‍වා යථා කුටිං

“යථාපි ජජ‍්ජරං නාවං, පලුග‍්ගං උදගාහිනිං; සාමී ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති, අනපෙක‍්ඛා අනත්‍ථිකා.

යථාපි ජජ්ජරං නාවං පලුග්ගං උදකගාහිණිං සාමි ජඩ්ඩෙත්‍වා ගච්ඡන්ති අනපෙක්‍ඛා අනත්‍ථිකා

“එවමෙවාහං ඉමං කායං, නවච‍්ඡිද‍්දං ධුවස‍්සවං; ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං, ජිණ‍්ණනාවංව සාමිකා.

එවමෙවාහං ඉමං කායං නවච්ඡිද්දං ධුවස්සවං ඡඩ්ඩයිත්‍වාන ගච්ඡිස්සං ජිණ්ණ නාවංච සාමිකා

“යථාපි පුරිසො චොරෙහි, ගච‍්ඡන‍්තො භණ‍්ඩමාදිය; භණ‍්ඩච‍්ඡෙදභයං දිස‍්වා, ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡති.

යථාපි පුරිසො චොරෙහි ගච්ඡන්තො භණ්ඩමාදිය භණ්ඩච්ඡෙදභයං දිස්වා ඡඩ්ඩයිත්‍වාන ගච්ඡති

“එවමෙව ඉමං කායො, මහාචොරසමො විය; පහායිමං ගමිස‍්සාමි, කුසලච‍්ඡෙදනාභයා”ති.

එවමෙවමයං කායො මහාචොරසමො විය පහායිමං ගමිස්සාමි කුසලච්ඡෙදනා භයාති

තත්‍ථ යථාපි කුණපං පුරිසොති යථාපි දහරො යුවා මණ‍්ඩනකජාතිකො පුරිසො අහිකුණපෙන වා කුක‍්කුරකුණපෙන වා මනුස‍්සකුණපෙන වා කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයිත්‍වා හරායිත්‍වා ජිගුච‍්ඡිත්‍වා තං කුණපං මොචෙත්‍වා ගච‍්ඡෙය්‍ය. සුඛීති සුඛිතො. සෙරීති යථිච‍්ඡකවිහාරී. නානාකුණපසඤ‍්චයන‍්ති අනෙකවිධකුණපරාසිභූතං “නානාකුණපපූරිත”න‍්තිපි පාඨො.

එහි යථාපි කුණපං පුරිසො යනු; යම්සේ දහර තරුණයෙක් සැරසනු කැමති මිනිසෙක් ගෙලෙහි එල්ලෙන සර්ප කුණකින් හෝ බලු කුණකින් හෝ මිනී කුණකින් කලබල වී ලජ්ජා වී පිළිකුලට පත්ව ඒ කුණ ලිහාදමා යන්නේද. සුඛී යනු; සුවපත්ව. සෙරී යනු; කැමති පරිදි වසන. නානාකුණප සඤ්චයං යනු; නානාවිධ කුණු රැස්වූ. නානාකුණප පූරිතං යනු ද පාඨයකි.

උච‍්චාරට‍්ඨානම‍්හීති උච‍්චාරෙන‍්ති වච‍්චං කරොන‍්ති එත්‍ථාති උච‍්චාරො, උච‍්චාරො ච සො ඨානං චෙති උච‍්චාරට‍්ඨානං. අථ වා උස‍්සාසිය්‍යතීති උස‍්සාසො, වච‍්චස‍්සෙතං නාමං, තස‍්ස ඨානං උස‍්සාසට‍්ඨානං, තස‍්මිං උස‍්සාසට‍්ඨානම‍්හි, උක‍්කාරට‍්ඨානෙති අත්‍ථො. වච‍්චං කත්‍වා යථා කුටින‍්ති වච‍්චං කත්‍වා කුටිං නරනාරියො වියාති අත්‍ථො.

උච්චාරට්ඨානං යනු මෙහි උච්චාර කරති. වර්චස් කරතිනුයි උච්චාර නමි. උච්චාරය ද එම ස්ථානයදැයි උච්චාරට්ඨානයි. නොහොත් උත්ස්‍රාව කෙරේනුයි උස්සාසයි. මෙය වර්චසට නාමයකි. එහි තැන උස්සාසට්ඨානයි. ඒ උච්චාර ස්ථානයෙහි, උක්කාරට්ඨානයෙහි යන අර්ථයි. වච්චං කත්‍වා යථා කුටිං යනු ගැහැණු මිනිස්සු වර්චස් කළ කුටිය මෙන් යන අර්ථයි.

ජජ‍්ජරන‍්ති ජිණ‍්ණං. පලුග‍්ගන‍්ති පලුජ‍්ජන‍්තිං, විකිරන‍්තින‍්ති අත්‍ථො. උදගාහිනින‍්ති උදකගාහිනිං . සාමීති නාවාසාමිකා. නවච‍්ඡිද‍්දන‍්ති චක‍්ඛුසොතාදීහි නවහි වණමුඛෙහි ඡිද‍්දාවච‍්ඡිද‍්දෙහි යුත‍්තත‍්තා නවච‍්ඡිද‍්දං. ධුවස‍්සවන‍්ති ධුවනිස‍්සන්‍දං, නිච‍්චං පග‍්ඝරණාසුචින‍්ති අත්‍ථො.

ජජ්ජරං යනු; දිය පිරෙන. සාමි යනු; නැව් හිමියා. නචච්ඡිද්දං යනු; ඇස කන ආදි වණමුඛෙහි යනු; සිදුරුවලින් යුත් නිසා නව සිදුරුයි. ධුවස්සවං යනු; නිති වැගිරෙන නිරන්තර වැගිරෙන අසූචි යන අර්ථයි.

භණ‍්ඩමාදියාති යංකිඤ‍්චි රතනාදිකං භණ‍්ඩං ආදිය. භණ‍්ඩච‍්ඡෙදභයං දිස‍්වාති භණ‍්ඩස‍්ස අච‍්ඡින්‍දනෙන භයං දිස‍්වාති අත්‍ථො. එවමෙවාති සො භණ‍්ඩමාදාය ගච‍්ඡන‍්තො පුරිසො විය. අයං කායොති අයං පන කුච‍්ඡිතානං පරමජෙගුච‍්ඡානං ආයොති කායො. ආයොති උපත‍්තිට‍්ඨානං. ආයන‍්ති තතොති ආයො, කුච‍්ඡිතා කෙසාදයො. ඉති කුච‍්ඡිතානං කෙසාදීනං ආයොති කායො. මහාචොරසමො වියාති චක‍්ඛුආදීහි රූපාදීසු පියරූපෙසු සාරජ‍්ජනාදිවසෙන පාණාතිපාතාදින‍්නාදානාදිචොරො හුත්‍වා සබ‍්බකුසලං විලුම‍්පතීති මහාචොරසමො. තස‍්මා යථා සො රතනභණ‍්ඩමාදාය චොරෙහි සද‍්ධිං ගච‍්ඡන‍්තො පුරිසො තෙ චොරෙ පහාය ගච‍්ඡති, එවමෙවාහම‍්පි ඉමං මහාචොරසමං කායං පහාය අත‍්තනො සොත්‍ථිභාවකරං මග‍්ගං ගවෙසිතුං ගමිස‍්සාමීති අත්‍ථසම‍්බන්‍ධො වෙදිතබ‍්බො. කුසලච‍්ඡෙදනාභයාති කුසලධම‍්මවිලොපනභයෙනාති අත්‍ථො.

භාණ්ඩමාදිය යනු; යම්කිසි රුවන් ආදි බඩු ගෙන භයං දිස්වා යනු; බඩු පැහැර ගැනීමෙන් බිය දැක යන අර්ථයි. අයං කායො යනු; මෙම පිළිකුල් කටයුතු ජුගුප්සාජනක දේපල රාශියයි කාය නමි. මහා චොර සමො විය යනු; චක්‍ෂුරාදියෙන් රූපාදි ප්‍රිය රූපවල ඇලීමාදි වශයෙන් ප්‍රාණඝාත අදත්තාදානාදියෙහි යෙදී සියලු කුසල් පැහැරගනීනුයි මහසොරකු සමානය. එහෙයින් රුවන්බඩු ආදිය ගෙන සොරුන් සමග යන ඒ මිනිසා සොරුන් මඟහැර යයි. එමෙන් මමද මේ මහසොරකු වන් මේ කය හැර තමන්ගේ සුවපත් බව කරන මාර්ගය සෙවීමට යන්නෙමි යන අර්ථ සම්බන්‍ධය ගතයුතුය. කුසලාච්ඡෙදනා භයා යනු; කුසල් දහම් පැහැර ගැනීමේ බියෙන් යන අර්ථයි.

අථෙවං සුමෙධපණ‍්ඩිතො නානාවිධාහි උපමාහි නෙක‍්ඛම‍්මකාරණං චින‍්තෙත්‍වා පුනපි චින‍්තෙසි – “ඉමං මහාධනරාසිං සංහරිත්‍වා මය‍්හං පිතුපිතාමහාදයො පරලොකං ගච‍්ඡන‍්තා එකකහාපණම‍්පි ගහෙත්‍වා න ගතා, මයා පන ගහෙත්‍වා ගමනකාරණං කාතුං වට‍්ටතී”ති ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි – “අහං, මහාරාජ, ජාතිජරාදීහි උපද‍්දුතහදයො අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සාමි, මය‍්හං අනෙකකොටිසතසහස‍්සං ධනං අත්‍ථි, තං දෙවො පටිපජ‍්ජතූ”ති. රාජා ආහ – “න මය‍්හං තෙ ධනෙන අත්‍ථො, ත්‍වංයෙව යථිච‍්ඡකං කරොහී”ති.

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ නොඑක් උපමායෙන් නෛෂ්ක්‍රම්‍යයට කරුණු සිතන්නාහු නැවත ද සිතූහ. මේ මහාධන රාශිය කැටිකොට මාගේ පිය මීමුත්හු පරලොව යන්නාහු එක කහවනුවකුත් රැගෙන නොගියහ. මා විසින් රැගෙන යාමට කරුණු කළ යුතුයයි ගොස් රජුට දැන්වූහ. මහරජ, මම ජාතිජරාදියෙන් පීඩිත හදින් ගිහිගෙන් නික්ම අනගාරික පැවිදි වෙමි. මාගේ කෙළ ලක්‍ෂ ගණන් ධනය ඇත. එය දේවයන් වහන්සේ පරිහරණය කළ මැනව කියායි. රජ මට ඔබගේ ධනයෙන් කම් නැත. ඔබම කැමැත්තක් කරන්නැයි කීය.

සො ච “සාධු දෙවා”ති නගරෙ භෙරිං චරාපෙත්‍වා මහාජනස‍්ස දානං දත්‍වා වත්‍ථුකාමෙ ච කිලෙසකාමෙ ච පහාය අමරවරනගරසදිසතො අමරනගරතො නික‍්ඛමිත්‍වා එකකොව නානාමිගගණවන‍්තෙ හිමවන‍්තෙ ධම‍්මිකං නාම පබ‍්බතං නිස‍්සාය අස‍්සමං කත්‍වා තත්‍ථ පණ‍්ණසාලං කත්‍වා පඤ‍්චදොසවිවජ‍්ජිතං චඞ‍්කමං මාපෙත්‍වා අට‍්ඨගුණසමුපෙතං අභිඤ‍්ඤාබලං සමාහරිතුං නවදොසසමන‍්නාගතං සාටකං පජහිත්‍වා ද‍්වාදසගුණමුපාගතං වාකචීරං නිවාසෙත්‍වා පබ‍්බජි. එවං පන සො පබ‍්බජිතො අට‍්ඨදොසසමාකිණ‍්ණං පණ‍්ණසාලං පහාය දසගුණසමන‍්නාගතං රුක‍්ඛමූලං උපගන‍්ත්‍වා සබ‍්බධඤ‍්ඤවිකතිං පහාය පවත‍්තඵලභොජනො හුත්‍වා නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමනවසෙන පධානං පදහන‍්තො සත‍්තාහබ‍්භන‍්තරෙයෙව අට‍්ඨන‍්නං සමාපත‍්තීනං පඤ‍්චන‍්නඤ‍්ච අභිඤ‍්ඤානං ලාභී අහොසි. තෙන වුත‍්තං –

ඔහු යහපත දේවයිනියි නුවර බෙර ලවා මහජනයාට දන් දී වස්තුකාම ක්ලේශකාමයන් හැර උතුම් දෙව්පුරය වන් අමර නුවරින් නික්ම තනිවම නන්මුවගණ යුත් හිමවත ධම්මක නම් පර්වතය ඇසුරෙහි ආශ්‍රමයක් කොට එහි පන්සලක් මවා පස්ඉසින් තොර සක්මනක් මවා අටගුණයෙන් යුත් අභිඥාබල ලැබීමට නවදොසින් යුත් සළුව බැහැරකොට දොළොස් ගුණ ඇති වැහැරි සිවුරු හැඳ පැවිදි විය. මෙසේ පැවිදි වූ හෙතෙම අටදොසින් ගහණ පන්සල අතහැර දසගුණ යුත් රුක්මුලකට පැමිණ සියලු ධාන්‍ය විකෘති හැර පවත්තඵල භොජීව හිඳීම් කිරීම් සක්මන් වශයෙන්ම ප්‍රධන් වඩන්නේ සතියක් තුළම අෂ්ට සමාපත්ති පංචාභිඥාලාභී වූයේය. එහෙයින් කියන ලදි:-

“එවාහං චින‍්තයිත්‍වාන, නෙකකොටිසතං ධනං; නාථානාථානං දත්‍වාන, හිමවන‍්තමුපාගමිං.

එවාහං චින්තයත්‍වාන නෙකකොටිසතං ධනං නාථාගාථානං දත්‍වාන හිමවන්තමුපාගමි.

“හිමවන‍්තස‍්සාවිදූරෙ, ධම‍්මිකො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා.

හිමවන්තස්ස අවිදූරෙ ධම්මකො නාම පබ්බතො අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුධාපිතා

“චඞ‍්කමං තත්‍ථ මාපෙසිං, පඤ‍්චදොසවිවජ‍්ජිතං. අට‍්ඨගුණසමුපෙතං, අභිඤ‍්ඤාබලමාහරිං.

චංකමං තත්‍ථ මාපෙසිං පඤ්චදොසවිවජ්ජතං අට්ඨගුණ සමුපෙතං අභිඤ්ඤාබල මාහ්රිං

“සාටකං පජහිං තත්‍ථ, නවදොසමුපාගතං; වාකචීරං නිවාසෙසිං, ද‍්වාදසගුණමුපාගතං.

සාටකං පජහිං තත්‍ථ නවදොස මුපාගතං වාකචීරං නිවාසෙසිං ද්වාදසගුණ මුපාගතං

“අට‍්ඨදොසසමාකිණ‍්ණං, පජහිං පණ‍්ණසාලකං; උපාගමිං රුක‍්ඛමූලං, ගුණෙ දසහුපාගතං.

අට්ඨදොස සමාකිණ්ණං පජ හිං පණ්ණසාලකං උපාගමං රුක්‍ඛමූලං ගුණේ දසහුපාගතං

“වාපිතං රොපිතං ධඤ‍්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම‍්පන‍්නං, පවත‍්තඵලමාදියිං.

වාපිකං රොපිකං ධඤ්ඤං පජහිං නිරවසෙ සතො අනෙක ගුණසම්පන්නං පවත්තඵලමාදිතිං

“තත්‍ථප‍්පධානං පදහිං, නිස‍්සජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අබ‍්භන‍්තරම‍්හි සත‍්තාහෙ, අභිඤ‍්ඤාබලපාපුණි”න‍්ති.

තත්‍ථප්පධානං පදභිං නිසජ්ජට්ඨාන චංකමෙ අබ්භන්තරම්හි සාසනෙ අභිඤ්ඤාබල පාපුණින්ති

තත්‍ථ එවාහන‍්ති එවං අහං, හෙට‍්ඨා වුත‍්තප‍්පකාරෙන චින‍්තෙත්‍වාති අත්‍ථො. නාථානාථානන‍්ති සනාථානමනාථානඤ‍්ච අඩ‍්ඪානඤ‍්චෙව දලිද‍්දානඤ‍්ච “අත්‍ථිකා ගණ‍්හන‍්තූ”ති සහ කොට‍්ඨාගාරෙහි දත්‍වාති අත්‍ථො. හිමවන‍්තස‍්සාවිදූරෙති හිමවන‍්තපබ‍්බතරාජස‍්ස අවිදූරෙ සමීපෙ. ධම‍්මිකො නාම පබ‍්බතොති එවංනාමකො පබ‍්බතො. කස‍්මා පනායං ධම‍්මිකොති? යෙභුය්‍යෙන පන බොධිසත‍්තා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තං පබ‍්බතං උපනිස‍්සාය අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා සමණධම‍්මං අකංසු. තස‍්මා සමණධම‍්මස‍්ස නිස‍්සයභූතත‍්තා “ධම‍්මිකො”ත්‍වෙව පාකටො අහොසි. අස‍්සමො සුකතො මය‍්හන‍්තිආදිනා සුමෙධපණ‍්ඩිතෙන අස‍්සමපණ‍්ණසාලා චඞ‍්කමා සහත්‍ථා මාපිතා විය වුත‍්තා, න ච පන සහත්‍ථා මාපිතා, කින‍්තු සක‍්කෙන දෙවෙන පෙසිතෙ විස‍්සකම‍්මුනා දෙවපුත‍්තෙන නිම‍්මිතා. භගවා පන තදා අත‍්තනො පුඤ‍්ඤානුභාවෙන නිබ‍්බත‍්තං තං සම‍්පදං සන්‍ධාය – “සාරිපුත‍්ත, තස‍්මිං පබ‍්බතෙ –

එහි එවාහං යනු; මෙසේ මම යට කී පරිදි සිතා යන අර්ථයි. නාථානාථානං යනු; සනාථයන්ට හා අනාථයන්ට අත්‍ථ්‍යයන්ට හා දරිද්‍රයන්ට. පල ඇත්තෝ ගනිත්වායි කොටුගුළු සහිතව දී යනු අර්ථයි. හිමවන්තස්ස අවිදූරෙ යනු; හිමවත් පව්ව නුදුරෙහි සමීපයෙහි. ධම්මකො නාම පබ්බතො යනු; එනම් පව්ව කුමක් නිසා මේ පර්වතය ධම්මක නම් වීද? බොහෝ සෙයින් බෝසත්වරු ඍෂි පැවිද්දෙන් පැවිදිව ඒ පර්වතය නිසා අභිඥා උපදවා මහණදම් පිරූහ. එසේ මහණදමට උපකාරක බැවින් ධම්මක කියාම ප්‍රකට විය. අස්සමො සුකතො මය්හං යනු ආදියෙන් සුමේධ පණ්ඩිතයන් විසින් අසපු පන්සල් සක්මන් ආදිය සියතින් මවන ලද මෙන් කීවද සියතින් නොමවන ලදි. නමුත් ශක්‍රයාගේ පණිවුඩයෙන් විස්කම් දෙව්පුත් විසින් නිමවන ලදි. භාග්‍යවතුන් වහන්සේ එකල සිය පින් තෙදින් පහළ වූ බව සඳහා ශාරිපුත්‍රය, ඒ ධම්මක පර්වතයෙහි:-

‘අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා; චඞ‍්කමං තත්‍ථ මාපෙසිං, පඤ‍්චදොසවිවජ‍්ජිත’”න‍්ති. – ආදිමාහ;

අස්සමො සූකතො මය්හං පණ්ණසාලා සුමාපිතා චංකමං තත්‍ථ මාපෙසිං පඤ්ච දොසවිවජ්ජිතං - ආදිය වදාළහ.

තත්‍ථ පණ‍්ණසාලාති පණ‍්ණඡදනසාලා. තත්‍ථාති තස‍්මිං අස‍්සමපදෙ. පඤ‍්චදොසවිවජ‍්ජිතන‍්ති පඤ‍්චහි චඞ‍්කමදොසෙහි විවජ‍්ජිතං. කතමෙ පඤ‍්ච චඞ‍්කමදොසා නාම? ථද‍්ධවිසමතා, අන‍්තොරුක‍්ඛතා, ගහනච‍්ඡන‍්නතා, අතිසම‍්බාධතා, අතිවිසාලතාති ඉමෙහි පඤ‍්චහි දොසෙහි විවජ‍්ජිතං. උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන දීඝතො සට‍්ඨිරතනො විත්‍ථාරතො දියඩ‍්ඪරතනො චඞ‍්කමො වුත‍්තො. අථ වා පඤ‍්චදොසවිවජ‍්ජිතන‍්ති පඤ‍්චහි නීවරණදොසෙහි විවජ‍්ජිතං පරිහීනං අභිඤ‍්ඤාබලමාහරින‍්ති ඉමිනා උත‍්තරපදෙන සම‍්බන්‍ධො දට‍්ඨබ‍්බො (ධ· ස· අට‍්ඨ· නිදානකථා, සුමෙධකථා). අට‍්ඨගුණසමුපෙතන‍්ති “එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ”ති එවං වුත‍්තෙහි අට‍්ඨගුණෙහි (දී· නි· 1.244-245; ම· නි· 1.384-386, 431-433; පාරා· 12-14) සමන‍්නාගතං අභිඤ‍්ඤාබලං ආහරිං ආනෙසින‍්ති අත්‍ථො.

එහි පණ්ණසාලා යනු තණවහල ඇති ශාලාව. තත්‍ථ යනු ඒ අසපු පියසෙහි. පඤ්ච දොස විවජ්ජිකං යනු; පස් සක්මන් දොසින් තොර සක්මනෙහි පස් දොස කුමක් ද? තදවිසම බව, ඇතුළත ගස් ඇති බව, ගොමුවෙන් වැසුණු බව, බොහෝ සම්බාධ සහිත බව, අතිවිශාල බව යන මේ පස්දොසින් තොර බවයි. උඩත් පිරිසෙයින් දිගින් සැටරියන් පළලින් රියන් එකහමාරක් වූ සක්මන කියන ලදි. නොහොත් පස්දොසින් දුරු යනු පඤ්ච නීවරණ දෝෂයෙන් තොර, අභිඤ්ඤාබල මාහරිං යනු; මෙසේ මේ අග පෑයෙන් සම්බන්‍ධය ගතයුතුය. අට්ඨගුණසෙමු පෙතං යනු; එවං සමාහිතො චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනංගණේ විගතු පක්කලෙස මුදුභූතෙ කංකමනියෙ ඨිතෙ අනෙජ්ජප්පත්තෙ යි කී පරිදි අටගුණයෙන් යුත් අභිඥාබල ඉපදවීම් යන අර්ථයි.

කෙචි පන “අට‍්ඨහි සමණසුඛෙහි උපෙතං, අට‍්ඨිමානි සමණසුඛානි නාම ධනධඤ‍්ඤපරිග‍්ගහාභාවො, අනවජ‍්ජපිණ‍්ඩපාතපරියෙසනභාවො, නිබ‍්බුතපිණ‍්ඩභුඤ‍්ජනභාවො, රට‍්ඨං පීළෙත්‍වා ධනධඤ‍්ඤාදීසු ගණ‍්හන‍්තෙසු රාජපුරිසෙසු රට‍්ඨපීළනකිලෙසාභාවො, උපකරණෙසු නිච‍්ඡන්‍දරාගභාවො, චොරවිලොපනෙ නිබ‍්භයභාවො, රාජරාජමහාමත‍්තෙහි අසංසට‍්ඨභාවො, චතූසු දිසාසු අප‍්පටිහතභාවොති ඉමෙහි අට‍්ඨහි සමණසුඛෙහි (අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා; ධ· ස· අට‍්ඨ· නිදානකථා) උපෙතං සමුපෙතං අස‍්සමං මාපෙසි”න‍්ති අස‍්සමෙන සම‍්බන්‍ධං කත්‍වා වදන‍්ති, තං පාළියා න සමෙති.

සමහරු වනාහි අටවැදෑරුම් ශ්‍රමණ සුඛයෙන් යුත්යි කියති. ශ්‍රමණසුඛ අටනම් ධනධාන්‍ය පිළිගැනීම් රහිත බව, නිවැරදි පිඬු සෙවීම් බව, සිසිල් පිඬු බුදින බව, රට පෙළා ධන ධාන්‍ය ගැනීමෙන් රාජපුරුෂයන් මෙන් රට නොපෙළන බව, උපකරණ ආශා රහිත බව, සොර උවදුරින් නිර්භය බව, රාජරාජමහාමාත්‍යයන් සමග නොඇලෙන බව, සිවුදිග නිදහස් බව යන මෙකී ශ්‍රමණ සැප අටෙන් උපෙත සමුපෙත අසපුව මැවීමියි ආශ්‍රමය හා සම්බන්‍ධ කොට කියති. එය පෙළත් සමඟ සම නොවෙයි.

සාටකන‍්ති වත්‍ථං. තත්‍ථාති තස‍්මිං අස‍්සමෙ. නවදොසමුපාගතන‍්ති, සාරිපුත‍්ත, තත්‍ථ වසන‍්තො අත‍්තනො නිවත්‍ථපාරුතං මහග‍්ඝසාටකං පජහිං පරිච‍්චජිං. සාටකං පජහන‍්තො ච තත්‍ථ නව දොසෙ දිස‍්වා පජහින‍්ති දීපෙති. තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිතානඤ‍්හි සාටකස‍්මිං නව දොසා පකාසිතා. කතමෙ නව? සාටකස‍්ස මහග‍්ඝභාවො, පරපටිබද‍්ධභාවො, පරිභොගෙන ලහුකං කිලිස‍්සනභාවො, කිලිට‍්ඨො ච ධොවිතබ‍්බො පුන රජිතබ‍්බො ච හොති පරිභොගෙන ජීරණභාවො, ජිණ‍්ණස‍්ස පුන තුන‍්නකරණං වා අග‍්ගළදානං වා කාතබ‍්බං හොති පුන පරියෙසනාය දුරභිසම‍්භවභාවො, තාපසපබ‍්බජ‍්ජාය අනනුච‍්ඡවිකභාවො, පච‍්චත්‍ථිකානං සාධාරණභාවො, යථා නං න පච‍්චත්‍ථිකා ගණ‍්හන‍්ති, එවං ගොපෙතබ‍්බො හොති පරිදහතො විභූසනට‍්ඨානභාවො, ගහෙත්‍වා චරන‍්තස‍්ස මහිච‍්ඡභාවොති එතෙහි නවහි දොසෙහි (අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා) උපගතං සාටකං පහාය වාකචීරං නිවාසෙසින‍්ති දීපෙති. වාකචීරන‍්ති මුඤ‍්ජතිණං හීරාහීරං කත්‍වා ගන්‍ථෙත්‍වා කතං වාකමයචීරං නිවාසනපාරුපනත්‍ථාය ආදියින‍්ති අත්‍ථො. ද‍්වාදසගුණමුපාගතන‍්ති ද‍්වාදසහි ආනිසංසෙහි උපෙතං. එත්‍ථ ගුණ-සද‍්දො ආනිසංසට‍්ඨො “සතගුණා දක‍්ඛිණා පාටිකඞ‍්ඛිතබ‍්බා”තිආදීසු (ම· නි· 3.379) විය. ම-කාරො පදසන්‍ධිකරො. වාකචීරස‍්මිං ද‍්වාදසානිසංසා අප‍්පග‍්ඝතා, අපරායත‍්තතා, සහත්‍ථා කාතුං සක‍්කුණෙය්‍යතා, පරිභොගෙන ජිණ‍්ණෙපි සිබ‍්බිතබ‍්බාභාවො, චොරභයාභාවො පරියෙසන‍්තස‍්ස සුඛෙන කරණභාවො, තාපසපබ‍්බජ‍්ජාය සාරුප‍්පභාවො, සෙවමානස‍්ස විභූසනට‍්ඨානාභාවො, චීවරප‍්පච‍්චයෙ අප‍්පිච‍්ඡභාවො , පරිභොගසුඛභාවො, වාකුප‍්පත‍්තියා සුලභභාවො, වාකචීරෙ නට‍්ඨෙපි අනපෙක‍්ඛභාවොති ඉමෙහි ද‍්වාදසහි ගුණෙහි සම‍්පන‍්නං (අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා; ධ· ස· අට‍්ඨ· නිදානකථා).

සාටකං යනු; වස්ත්‍රයයි. තත්‍ථ යනු; ඒ අසපුවෙහි නවදොස මුපාගතං යනු; ශාරිපුත්‍රය, එහි වසන්නේ තමන්ගේ හන් පෙරෙවි මාහැඟි වස්ත්‍ර. පජහිං යනු අත්හළෙමි. වස්ත්‍රය හැරදමමින්ම එහි නවදොසක් දැක අත්හළෙමි යි දක්වයි. තවුස් පැවිදි වූවන්ට වස්ත්‍රයෙහි දොස් නවයක් දක්වන ලදී. නවය කුමක්ද? සළුවෙහි මාහැඟි බව, අනුන් හා බැඳුණු බව, පරිහරණයේදී කිලිටිවන බව, කිලිටි වූ කළ සේදිය යුතු බව, නැවත පාට ගැන්විය යුතු බව, පරිභෝගයෙන් දිරන බව, දිරූ කල මැසීම් අණ්ඩ දැමීම් කළයුතුය. නැවත සෙවිය යුතු වීමෙන් දුෂ්කර බව තවුස් පැවිද්දට නොගැළපෙන බව, සතුරන්ට සාධාරණ බව, සතුරන්ට නොගත හැකි පරිදි සුරක්‍ෂිත කළයුතු බව. පරිහරණයෙන් අලංකාර වන බව, ගෙන හැසිරෙන්නහුගේ මහිච්ඡතා බව යන මේ නව දොසින් යුත් සාටකය හැර දැමීමි. ඉවත් කළෙමි. වස්ත්‍රය බැහැර කරමින් එහි දොස් දැක වැහැරි සිවුරු හැඳගතිමි’යි දක්වයි. චාකචීරං යනු; මුදුතණ තීරු තීරු කොටගෙන කරන ලද කෙඳිමුවා සිවුරු හැඳීම් පෙරවීම් පිණිස ගතිමි යන අර්ථයි. ද්වාද සගුණමුපංගතං යනු; දොළොස් ආනිසංසයකින් යුතු. මෙහි ගුණ ශබ්දය ආනිසංස අර්ථ ඇත්තේය. සතගුණ ආනිසංසා පාටිකංඛා ආදියෙහි මෙනි. මකාරය පදසන්‍ධිකාරකයි. වැහැර සිවුරෙහි දොළොස් අනුසස් නම් - මඳ අගය ඇති බව. අනුන් අයත් නොවන බව, සියතින් කළ හැකි බව, පරිහරණයෙන් දිරුවද නොමැසිය යුතු බව, සොර බිය නැති බව, පහසුවෙන් සොයාගත හැකි බව, තවුස් බවට සරුප් බව, හැඳීමෙන් සැරසීමක් නොවන බව, චීවර ප්‍රත්‍යයෙහි අල්පේච්ඡ බව, පරිභෝගයෙහි සුවදායක බව, වැහැරි හටගැනීම, සුලභ බව, වැහැරි සිවුර විනාශ වුවත් අනපෙක්‍ෂ බව යන මේ දොළොස් ගුණයෙන් යුත්.

අථ සුමෙධපණ‍්ඩිතො තත්‍ථ පණ‍්ණසාලායං විහරන‍්තො පච‍්චූසසමයෙ පච‍්චුට‍්ඨාය අත‍්තනො නික‍්ඛමනකාරණං පච‍්චවෙක‍්ඛමානො එවං කිර චින‍්තෙසි – “අහං පන නවකනකකටකනූපුරාදිසඞ‍්ඝට‍්ටනසද‍්දසම‍්මිස‍්සිත-මධුරහසිතකථිතගෙහජනරමණීයං උළාරවිභවසොභිතං සුරවරභවනාකාරමගාරං ඛෙළපිණ‍්ඩං විය පහාය විවෙකාරාමතාය සබ‍්බජනපාපපවාහනං තපොවනං පවිට‍්ඨොස‍්මි, ඉධ පන මෙ පණ‍්ණසාලාය වාසො දුතියො ඝරාවාසො විය හොති, හන්‍දාහං රුක‍්ඛමූලෙ වසෙය්‍ය”න‍්ති. තෙන වුත‍්තං –

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ ඒ පන්සලෙහි වසන්නාහු පාන්දර නැගිට තම නික්මීමට කරුණු සිතන්නාහු මෙසේ සිතූහ. මම වනාහි නවරන් නූපුරාදිය ගැටෙන හඬමුසු මිහිරි සිනා කියුම් හා ජනරමණීය මහසම්පතින් ශෝභමාන දෙව්විමනක් වැනි ගෙය කෙළපිඬක් මෙන් හැර දමා විවේකාමීව සියලු ජනයාගේ පවු පාකොට හරින තපෝ වනයට පිවිසියෙමි. මෙහි පන්සලෙහි විසීම වනාහි දෙවැනි ගෘහවාසයක් වැනිය. දැන් මම රුක්මුලෙක වාසය කරමි කියායි. එබැවින් කියන ලදි:-

“අට‍්ඨදොසසමාකිණ‍්ණං, පජහිං පණ‍්ණසාලක”න‍්ති.

අට්ඨදොස සමාකිණ්ණං පජහිං පණ්ණසාලකං යි.

තත්‍ථ අට‍්ඨදොසසමාකිණ‍්ණන‍්ති අට‍්ඨහි දොසෙහි සමාකිණ‍්ණං සංයුත‍්තං. කතමෙහි අට‍්ඨහි? මහාසම‍්භාරෙහි නිප‍්ඵාදනීයතා, තිණපණ‍්ණමත‍්තිකාදීහි නිච‍්චං පටිජග‍්ගනීයතා, සෙනාසනං නාම මහල‍්ලකස‍්ස පාපුණාතීති අවෙලාය වුට‍්ඨාපියමානස‍්ස චිත‍්තෙකග‍්ගතා න හොතීති වුට‍්ඨාපනීයභාවො, සීතුණ‍්හස‍්ස පටිඝාතෙන කායස‍්ස සුඛුමාලකරණභාවො, ඝරං පවිට‍්ඨෙන යං කිඤ‍්චි පාපං සක‍්කා කාතුන‍්ති ගරහපටිච‍්ඡාදනකරණභාවො, “මය‍්හමිද”න‍්ති සපරිග‍්ගහභාවො, ගෙහස‍්ස අත්‍ථිභාවො සදුතියකවාසො, ඌකාමඞ‍්ගුලඝරගොළිකාදීනං සාධාරණතාය බහුසාධාරණභාවොති ඉති ඉමෙ අට‍්ඨ ආදීනවෙ (අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා) දිස‍්වා මහාසත‍්තො පණ‍්ණසාලං පජහිං.

එහි අට්ඨ දොස සමාකිණ්ණං යනු; අටදොසකින් යුත්, කවර අටකින් ද? මහාරාශියකින් නිපදවිය යුතු බව, තණ පරණ මැටි ආදියෙන් නිතර පිළියම් කළයුතු බව, සෙනසුන නම් මහල්ලාට පැමිණේයයි අවේලාවෙහි නැගිටුවීමෙන් සිතේ එකඟ බව කැඩෙන බැවින් උට්ඨාපනීය බව ඇත්තේය. ශීත, උෂ්ණ වැළකීමෙන් කය සියුමැලි බවට පැමිණවීම ඇති බව, ගෙට වැදුණහුට කවර හෝ පවක් කළහැකි බැවින් ගර්හා සැඟවිය හැකි බව, මෙය මාගේය කියා පරිග්‍රහ ඇති බව, ගෙයක් ඇති බව, දෙවැන්නකු සමග වාසය ඇති උකුණු මකුණු සුහුණු ආදීන්ට සාධාරණ බැවින් බහුසාධාරණතා බව යන මේ ආදීනව අට දැක මහසත්හු පන්සල අත්හළහ.

ගුණෙ දසහුපාගතන‍්ති ඡන‍්නං පටික‍්ඛිපිත්‍වා දසහි ගුණෙහි උපෙතං, රුක‍්ඛමූලං උපගතොස‍්මීති අත්‍ථො. කතමෙහි දසහි? අප‍්පසමාරම‍්භතා, උපගමනමත‍්තමෙවෙත්‍ථ හොතීති සුලභානවජ‍්ජතා, අභිණ‍්හං තරුපණ‍්ණවිකාරදස‍්සනෙන අනිච‍්චසඤ‍්ඤාසමුට‍්ඨාපනතා, සෙනාසනමච‍්ඡෙරාභාවො, තත්‍ථ හි පාපං කරොන‍්තො ලජ‍්ජතීති පාපකරණාරහාභාවො, පරිග‍්ගහකරණාභාවො, දෙවතාහි සහ වාසො, ඡන‍්නපටික‍්ඛෙපො, පරිභොගසුඛතා, රුක‍්ඛමූලසෙනාසනස‍්ස ගතගතට‍්ඨානෙ සුලභතාය අනපෙක‍්ඛභාවොති ඉති ඉමෙ දස ගුණෙ (අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා) දිස‍්වා රුක‍්ඛමූලං උපගතොස‍්මීති වදති. ආහ ච –

ගුණෙදසහුපාගතං යනු; ආවරණය ප්‍රතික්‍ෂේප කොට දසගුණයක් රුක්මුලට පැමිණියෙමි යන අර්ථයි. කවර දසගුණයකින් ද? මෙහි ළඟට යාම පමණක් ඇති බැවින් මඳ ආරම්භය පමණක් වන බව, නිරවද්‍යතා බහුල බව, නිතර ගහකොළ විකාර දැක්මෙන් අනිත්‍ය සංඥාව ඉපදවිය හැකි බව, සෙනසුන් මසුරුකම නැති බව, පව් කිරීමෙහි ලජ්ජා සහිත බව නිසා පව් කිරිමෙහි රහස්‍යතාවක් නොමැති බව, පරිග්‍රහය නොමැති බව, දෙවියන් සමග එක්ව විසීම, ආවරණ ප්‍රතික්‍ෂේපය. පරිහරණ සුවය, රුක්මුල් සෙනසුන් ගිය ගිය තැන සුලභ හෙයින් අනපෙක්‍ෂික බව යන මේ දසගුණය දැක රුක්මුලට එළඹියෙමියි කියයි. කීයේද වෙයි.

“වණ‍්ණිතො බුද‍්ධසෙට‍්ඨෙන, නිස‍්සයොති ච භාසිතො; නිවාසො පවිවිත‍්තස‍්ස, රුක‍්ඛමූලසමො කුතො.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් විසින් වර්ණනා කරන ලදි. නිශ්‍රය බවද වදාරන ලදි. විවේකකාමීන්ට රුක්මුල් හා සම නිවාසයක් නැත.

“ආවාසමච‍්ඡෙරහරෙ, දෙවතාපරිපාලිතෙ; පවිවිත‍්තෙ වසන‍්තො හි, රුක‍්ඛමූලම‍්හි සුබ‍්බතො.

මහාව්‍රත ඇතිව ගසමුල්හි විවේකව වසන්නා ආවාස මසුරුකම් දුරලයි. දෙවියන් විසින් ආරක්‍ෂා කරනු ලබයි.

“අභිරත‍්තානි නීලානි, පණ‍්ඩූනි පතිතානි ච; පස‍්සන‍්තො තරුපණ‍්ණානි, නිච‍්චසඤ‍්ඤං පනූදති.

රතු නිල් කහ තරුණ මහලු කොළ දක්නාහුගේ නිත්‍ය සංඥා දුරු කෙරේ.

“තස‍්මා හි බුද‍්ධදායජ‍්ජං, භාවනාභිරතාලයං; විවිත‍්තං නාතිමඤ‍්ඤෙය්‍ය, රුක‍්ඛමූලං විචක‍්ඛණො”ති. (විසුද‍්ධි· 1.32);

එබැවින් නුවණැත්තේ භාවනාවෙහි ඇලුණාහුට නිවාස වූ බුද්ධදායාද වූ විවේක සෙනසුන් වූ රුක්මල් නොඉක්මවන්නෝය.

අථ සුමෙධපණ‍්ඩිතො පණ‍්ණසාලාය දිට‍්ඨදොසො හුත්‍වා රුක‍්ඛමූලසෙනාසනෙ ලද‍්ධානිසංසො විහරන‍්තො උත‍්තරිපි චින‍්තෙසි – “ආහාරත්‍ථාය මෙ ගාමගමනං ආහාරපරියෙසනදුක‍්ඛං, නාහං කෙනචි පාරිජුඤ‍්ඤෙන නික‍්ඛමිත්‍වා ආහාරත්‍ථාය පබ‍්බජිතො, ආහාරපරියෙසනමූලස‍්ස ච දුක‍්ඛස‍්ස පමාණං නත්‍ථි, යංනූනාහං පවත‍්තඵලෙන යාපෙය්‍ය”න‍්ති. ඉමං පන අත්‍ථවිසෙසං දීපෙන‍්තො –

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ පන්සලෙහි දොස් දැක වෘක්‍ෂමූලානිසංස දකිමින් වසන්නාහු තවදුරටත් සිතූහ. අහර පිණිස යන එන මට අහර සෙවීම දුකකි. මම කිසි පිරික්සීමකින් පැමිණ අහර පිණිස මහණ නුවූයෙමි. අහර සෙවීමේ දුක අපමණය. මම පවත්තඵලයෙන් යැපෙන්නෙම් නම් යෙහෙකි කියායි. මේ විශේෂාර්ථය දක්වමින්:-

“වාපිතං රොපිතං ධඤ‍්ඤං, පජහිං නිරවසෙසතො. අනෙකගුණසම‍්පන‍්නං, පවත‍්තඵලමාදියි”න‍්ති. – ආදිමාහ;

වාපිකං රොපිතං ධඤ්ඤං පජහිං නිරවස්සෙකො අනෙක ගුණසම්පන්නං පවත්ත ඵලමාදියින්ති - ආදිය කීය.

තත්‍ථ වාපිතන‍්ති වපිත්‍වා නිප‍්ඵන‍්නං. රොපිතන‍්ති රොපිත්‍වා නිප‍්ඵන‍්නං, වපනරොපනවසෙන දුවිධාව සස‍්සනිප‍්ඵත‍්ති, තං දුවිධම‍්පි අත‍්තනො අප‍්පිච‍්ඡතාය පහාය පවත‍්තඵලෙන යාපෙසිං. පවත‍්තඵලන‍්ති සයමෙව පතිතඵලං. ආදියින‍්ති පරිභුඤ‍්ජිං.

එහි වාපිතං යනු; වපුරා නිපන් රොපිතං යනු; රෝපණය කොට නිපන්, සශ්‍ය නිෂ්පත්තිය වැපිරීම් සිටුවීම් වශයෙන් දෙයාකාරය. ඒ දෙයාකාරයම තම අල්පෙච්ඡතාවෙන් අතහැර පවත්තඵලයෙන් යැපීමි. පවත්ත ඵලං යනු; තෙමේම වැටුණු ගෙඩියයි. ආදියිං යනු; අනුභව කළෙමි.

“පවත‍්තඵලසන‍්තුට‍්ඨො, අපරායත‍්තජීවිකො; පහීනාහාරලොලුප‍්පො, හොති චාතුද‍්දිසො මුනි.

වැටුණු ගෙඩියෙන් සතුටුවන අනුන් සතු ජීවිකාර හිත අහර ලොල්බව ප්‍රහීණ කළ මුනිවරයා සිවුදිගට අයත් වෙයි.

“ජහාති රසතණ‍්හඤ‍්ච, ආජීවො තස‍්ස සුජ‍්ඣති; තස‍්මා හි නාතිමඤ‍්ඤෙය්‍ය, පවත‍්තඵලභොජන”න‍්ති. (විසුද‍්ධි· 1.26 ථොකං විසදිසං) –

රසතණ්හාව ද හැර දමයි. ඔහුගේ ආජීවය පිරිසිදුය. එබැවින් පවත්තඵල භෝජනය නොඉක්මවන්නේය.

එවං පවත‍්තමානො සුමෙධපණ‍්ඩිතො නචිරස‍්සෙව අන‍්තොසත‍්තාහෙ අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච අභිඤ‍්ඤායො ච පාපුණි. ඉමමත්‍ථං පකාසෙන‍්තෙන “තත්‍ථප‍්පධානං පදහි”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ තත්‍ථාති තස‍්මිං අස‍්සමෙ. පධානන‍්ති වීරියං, වීරියඤ‍්හි පදහිතබ‍්බතො පධානභාවකරණතො වා “පධාන”න‍්ති වුච‍්චති. පදහින‍්ති වීරියමාරභිං. නිස‍්සජ‍්ජට‍්ඨානචඞ‍්කමෙති නිසජ‍්ජාය ච ඨානෙන ච චඞ‍්කමෙන ච.

මෙසේ වසන සුමේධ පණ්ඩිතයෝ නොබෝ කලකින්ම සතියක් තුළ පංචාභිඥා අෂ්ට සමාපත්ති ලැබූහ. මේ කරුණ පවසමින් තත්‍ථප්පධානං පදහිං ආදිය කියන ලදි. එහි තත්‍ථ යනු; ඒ අසපුවෙහි පධානං යනු; [missing trans] වීර්යාරම්භ කළෙමි. නිසජ්ජට්ඨාන චංකමෙ යනු; හිඳීමෙන් ද සිටීමෙන්ද සක්මනින් ද

සුමෙධපණ‍්ඩිතො පන සෙය්‍යං පටික‍්ඛිපිත්‍වා නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙහෙව රත‍්තින්‍දිවං වීතිනාමෙත්‍වා සත‍්තාහබ‍්භන‍්තරෙයෙව අභිඤ‍්ඤාබලං පාපුණි. එවං පන අභිඤ‍්ඤාබලං පත්‍වා සුමෙධතාපසෙ සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තෙ තදා සබ‍්බජනසඞ‍්ගහකරො මාරබලභයංකරො ඤාණදීපඞ‍්කරො දීපඞ‍්කරො නාම සත්‍ථා ලොකෙ උදපාදි.

සුමේධ පණ්ඩිතයෝ වනාහි සයනය ප්‍රතික්‍ෂේප කොට හිඳීම් කිරීම් සක්මන් කිරීමෙන්ම රෑදාවල් ගෙවා සතියක් තුළම අභිඥා බලයට පත්වූහ. මෙසේ අභිඥා බල පත්ව සුමේධ තවුසන් සමවත් සුවයෙන් පසුවෙද්දී සර්වජන සංග්‍රහකර මාරබල භයංකර ඥානප්‍රදීපකාර දීපංකර ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ.

සඞ‍්ඛෙපෙනෙව තස‍්සායමානුපුබ‍්බිකථා – අයං කිර දීපඞ‍්කරො නාම මහාසත‍්තො සමත‍්තිංස පාරමියො පූරෙත්‍වා වෙස‍්සන‍්තරත‍්තභාවසදිසෙ අත‍්තභාවෙ ඨිතො පථවිකම‍්පනාදීනි මහාදානානි දත්‍වා ආයුපරියොසානෙ තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා දසසහස‍්සචක‍්කවාළදෙවතාහි සන‍්නිපතිත්‍වා –

කෙටියෙන් උන්වහන්සේගේ මේ පිළිවෙල කථාවයි. මේ දීපංකර මහසත්හු සමතිස් පෙරුම්පුරා වෙසතුරු අත්බැව් සම අත්බැව්හි සිට පොළෝ කම්පා කිරීමාදි මහදන් දී ආයු කෙළවර තුසීපුර ඉපිද ආයු තෙක් එහි වැස දසදහසක් සක්වළ දෙවියන් රැස්ව -

“කාලො ඛො තෙ මහාවීර, උප‍්පජ‍්ජ මාතුකුච‍්ඡියං; සදෙවකං තාරයන‍්තො, බුජ‍්ඣස‍්සු අමතං පද”න‍්ති. (බු· වං· 1.67) –

‘මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මවුකුස උපදිනු මැනව. දෙවියන් සහිත මිනිසුන් සසර සයුරින් එතෙර කරමින් අමාපදය අවබෝධ කරනු මැනවැ’යි

වුත‍්තෙ තතො සො දෙවතානං වචනං සුත්‍වා ච පඤ‍්ච මහාවිලොකනානි විලොකෙත්‍වා තතො චුතො රම‍්මවතීනගරෙ අත‍්තනො යසවිභූතියා විජිතවාසුදෙවස‍්ස නරදෙවස‍්ස සුදෙවස‍්ස නාම රඤ‍්ඤො කුලෙ සුමෙධාය දෙවියා කුච‍්ඡිස‍්මිං ආසාළ‍්හිපුණ‍්ණමියා උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙන පටිසන්‍ධිං ගහෙත්‍වා මහතා පරිවාරෙන පරිහරියමානො මහාදෙවියා කුච‍්ඡිම‍්හි මණිකූටගතො විය කෙනචි අසුචිනා අමක‍්ඛිතො දස මාසෙ වසිත්‍වා සලිලධරවිවරගතො සරදකාලචන්‍දො විය තස‍්සා උදරතො නික‍්ඛමි.

කී කල උන්වහන්සේ දෙවියන්ගේ බස් අසා පස්මහ බැලුම් බලා එයින් චුතව රම්මවතී නුවර සියලු යස සම්පතින් දිනූ වාසුදේව නරදේව සුදේව නම් රජකුලෙහි සුමේධා දේවිය කුස ඇසළ පුරපසළොස්වක උතුරු සල නකතින් පිළිසිඳගෙන මහ පෙරහරින් උපහාර ලබමින් මහදේවියගේ කුස මිණිකුළක මෙන් කිසි අසූචියෙකින් නොතැවරී දසමසක් වැස මේකුළු විවරගත සරාසඳ මෙන් ඇගේ කුසින් බිහිවූහ.

ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි

තස‍්ස පන දීපඞ‍්කරකුමාරස‍්ස පටිසන්‍ධික‍්ඛණෙපි විජාතක‍්ඛණෙපි ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාටිහාරියානි පාතුරහෙසුං. සබ‍්බසබ‍්බඤ‍්ඤුබොධිසත‍්තෙසු මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තෙසු නික‍්ඛමන‍්තෙසු සම‍්බුජ‍්ඣන‍්තෙසු ධම‍්මචක‍්කං පවත‍්තන‍්තෙසූති ඉමෙසු චතූසු ඨානෙසු ද‍්වත‍්තිංස පාටිහාරියානි පවත‍්තන‍්තෙව. තස‍්මා මයා පාකටත‍්තා දීපඞ‍්කරකුමාරස‍්ස ජාතියං දස‍්සිතානි –

ඒ දීපංකර කුමරාගේ පිළිසිඳ ගැනීමේ මොහොතෙහි උපන් කෙණෙහි දෙතිස් පෙරනිමිති පෙළහර පහළ විය. සියලු බුදු බෝසත්වරුන් මවුකුස පිළිසිඳීමෙහි නික්මීමෙහි බුදුවීමෙහි දම්සක් පැවැත්වීමෙහි යන මේ සතර තන්හි දෙතිස් පෙළහර පවත්නේමය. එහෙයින් ප්‍රකට නිසා මා විසින් දීපංකර කුමාරෝත්පත්තියෙහි දක්වන ලදී:-

“දීපඞ‍්කරෙ චාරුකරෙ කුමාරෙ, සිවංකරෙ සන‍්තිකරෙව ජාතෙ; පකම‍්පි සඞ‍්කම‍්පි තදා සමන‍්තා, සහස‍්සසඞ‍්ඛ්‍යා දසලොකධාතු.

සොඳුරු ශාන්ති ශිවංකර දිවකුරු කුමරු උපන්කල හාත්පස දසදහසක් සක්වළ කම්පිත ප්‍රකම්පිත විය.

“චක‍්කවාළසහස‍්සෙසු, දසසහස‍්සෙව දෙවතා; එකස‍්මිං චක‍්කවාළස‍්මිං, තදා සන‍්නිපතිංසු තා.

දසදහසක් සක්වළ දෙවියෝ එදා එක් සක්වළෙක එක්රැස් වූහ.

“බොධිසත‍්තං මහාසත‍්තං, ජාතමත‍්තන‍්තු දෙවතා; පඨමං පටිග‍්ගණ‍්හිංසු, පච‍්ඡා තං මනුජා පන.

බෝසත් මහසතුන් උපන් කෙණෙහි පළමුව දෙවියෝ පිළිගත්හ. පසුව මිනිස්සු පිළිගත්හ.

“අවාදිතා කෙනචි චම‍්මනද‍්ධා, සුපොක‍්ඛරා දුන්‍දුභියො ච වීණා; අඝට‍්ටිතානාභරණානි තස‍්මිං, ඛණෙ සමන‍්තා මධුරං රවිංසු.

කිසිවකු විසිනුත් නොවැයූ සම්බැඳි බෙර දවුල් වීණා නොගැටූ අබරණ එකෙණෙහි හාත්පස මිහිරි රැලි නැංවීය.

“ඡිජ‍්ජිංසු සබ‍්බත්‍ථ ච බන්‍ධනානි, සයං විගච‍්ඡිංසු ච සබ‍්බරොගා; රූපානි පස‍්සිංසු ච ජාතිඅන්‍ධා, සද‍්දං සමන‍්තා බධිරා සුණිංසු.

හැම තැන බැමි සිඳී ගියේය. සියලු රෝග ඉබේම පහවිය. ජාති අන්‍ධයෝ රූප දුටහ. බිහිරෝ හාත්පස ශබ්ද ඇසූහ.

“අනුස‍්සතිං ජාතිජළා මනුස‍්සා, ලභිංසු යානං පදසාව පඞ‍්ගුලා; විදෙසයාතා සයමෙව නාවා, සපට‍්ටනං සීඝමුපාගමිංසු.

ජාති මූඪයෝ සිහි ලැබූහ. පිල්ලු පයින් ගමන්කළහ. විදෙස්ගත නැව් සිය තොටවලට වහා පැමිණියේය.

“ආකාසට‍්ඨං භූමිගතඤ‍්ච සබ‍්බං, සයං සමන‍්තා රතනං විරොචි; නිබ‍්බායි ඝොරෙ නිරයෙ හුතාසො, නදීසු තොයම‍්පි ච නප‍්පවත‍්ති.

අහස්ගත පොළෝගත සියලු රුවන් හාත්පසින් ඉබේම බැබළුණේය. ගෝර නිරාගිනි නිවියේය. නදී දියද නිසල විය.

“ලොකන‍්තරෙ දුක‍්ඛනිරන‍්තරෙපි, පභා උළාරා විපුලා අහොසි; තථා තදා සන‍්තතරඞ‍්ගමාලො, මහාසමුද‍්දො මධුරොදකොයං.

දුකින් නිතොර ලෝකාන්තරිකයෙහිද මහත් විපුල ආලෝකය විය. එදා ශාන්ත රළපෙළ ඇති සාගර ජලය මිහිරි විය.

“න වායි වාතො ඵරුසො ඛරො වා, සම‍්ඵුල‍්ලපුප‍්ඵා තරවො අහෙසුං; විරොචි චන්‍දො අධිකං සතාරො, න චාපි උණ‍්හො සූරියො අහොසි.

රළුපරළු සුළං නොගැටීය. සියලු ගස් පිපුණු මල් ඇතිවිය. තරු සහිත සඳ අධිකව බැබළිණ. ඉර අධික උණුසුම් නැත්තේ විය.

“ඛගා නභම‍්හාපි ච රුක‍්ඛතො ච, හට‍්ඨාව හෙට‍්ඨා පථවිං භජිංසු; මහාචතුද‍්දීපගතො ච මෙඝො, පවස‍්සි තොයං මධුරං සමන‍්තා.

පක්‍ෂීහු ගසින් අහසින් බැස තුටුපහටුව තුරුයට පොළවෙහි සිටියහ. සතර දිවයින්ගත මහවැසි මිහිරි දිය වැස්සවීය.

“ඨත්‍වාව දිබ‍්බෙ භවනෙ සකස‍්මිං, පසන‍්නචිත‍්තා පන දෙවතායො; නච‍්චිංසු ගායිංසු ච වාදයිංසු, සෙළිංසු තා කෙළිමකංසු චෙව.

පහන්සිත් ඇති දෙවිවරු සිය දිව විමන්හි නැටූහ. ගැයූහ. වැයූහ. කොඩි දැමූහ. ඔවුහු ක්‍රීඩා කළහ.

“සයං කිර ද‍්වාරමහාකවාටා, ඛණෙව තස‍්මිං විවටා අහෙසුං; මහාජනෙ නෙව ඛුදා පිපාසා, පීළෙසි ලොකං කිර කඤ‍්චි කඤ‍්චි.

එකෙණෙහි දොර මහකවුළු තෙමේම විවරවිය. මහජනයා සා පවස් රහිත වූහ. ලෝකය කිසිසේත් කිසි දුකකට නොපත් විය.

“යෙ නිච‍්චවෙරා පන පාණිසඞ‍්ඝා, තෙ මෙත‍්තචිත‍්තං පරමං ලභිංසු; කාකා උලූකෙහි චරිංසු සද‍්ධිං, කොණා වරාහෙහි අකංසු කෙළිං.

නිත්‍ය වෛරී සත්ත්වයෝ පරම මෛත්‍රී සිත ලැබූහ. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණහ. බල්ලෝ ඌරන් සමග සෙල්ලම් කළහ.

“ඝොරාපි සප‍්පානමුඛාපි සප‍්පා, කීළිංසු කාමං නකුලෙහි සද‍්ධිං; ගණ‍්හිංසු මජ‍්ජාරසිරෙසු යූකා, විස‍්සත්‍ථචිත‍්තා ඝරමූසිකාපි.

විසඝෝර සත්හු මුගටින් සමග කැමති පරිදි ක්‍රීඩා කළහ. ගෙවලමීයෝ විස්වස් සිතින් බළලුන්ගේ හිසෙහි උකුණන් ගත්හ.

“බුද‍්ධන‍්තරෙනාපි අලද‍්ධතොයෙ, පිසාචලොකෙ විගතා පිපාසා; ඛුජ‍්ජා අහෙසුං සමචාරුකායා, මූගා ච වාචං මධුරං ලපිංසු.

බුද්ධාන්තරයකුත් දියත්තක් නොලත් ප්‍රේත ලෝකයෙහි පිපාසා පහවිය. කුදුහු සෘජු ශරීර ඇත්තෝ වූහ. ගොළුවෝ මිහිරිවදන් තෙපලූහ.

“පසන‍්නචිත‍්තා පන පාණිසඞ‍්ඝා, තදඤ‍්ඤමඤ‍්ඤං පියමාලපිංසු; අස‍්සා ච හෙසිංසු පහට‍්ඨචිත‍්තා, ගජ‍්ජිංසු මත‍්තා වරවාරණාපි.

පහන් සිත් ලත් සත්ත්වයෝ උනුන් ප්‍රියවදන් බිණූහ. සතුටු සිතින් අශ්වයෝ හේෂාරව කළහ. මත්වර ඇතුන් කුඤ්චනාද කළහ.

“සුරභිචන්‍දනචුණ‍්ණසමාකුලා , කුසුමකුඞ‍්කුමධූපසුගන්‍ධිනී; විවිධචාරුමහද‍්ධජමාලිනී, දසසහස‍්සි අහොසි සමන‍්තතො”ති.

හාත්පස දසදහසක් සක්වළ සුවඳ සඳුන් සුණින් ආකූල විය. කුසුම කුංකුම දුමින් සුවඳවත් විය. විවිධ ධජ පෙළින් ගැවසී ගත්තේය.

තත්‍ර හිස‍්ස දසසහස‍්සිලොකධාතුකම‍්පො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, දෙවතානං එකචක‍්කවාළෙ සන‍්නිපාතො ධම‍්මචක‍්කප‍්පවත‍්තනකාලෙ එකප‍්පහාරෙනෙව සන‍්නිපතිත්‍වා ධම‍්මපටිග‍්ගහණස‍්ස පුබ‍්බනිමිත‍්තං, පඨමං දෙවතානං පටිග‍්ගහණං චතුන‍්නං රූපාවචරජ‍්ඣානානං පටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, පච‍්ඡා මනුස‍්සානං පටිග‍්ගහණං චතුන‍්නං අරූපාවචරජ‍්ඣානානං පටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, චම‍්මනද‍්ධදුන්‍දුභීනං සයමෙව වජ‍්ජනං මහන‍්තියා ධම‍්මභෙරියා අනුසාවනස‍්ස පුබ‍්බනිමිත‍්තං, වීණාභරණානං සයමෙව වජ‍්ජනං අනුපුබ‍්බවිහාරපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, බන්‍ධනානං සයමෙව ඡෙදො අස‍්මිමානසමුච‍්ඡෙදස‍්ස පුබ‍්බනිමිත‍්තං, මහාජනස‍්ස සබ‍්බරොගවිගමො චතුසච‍්චඵලපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, ජච‍්චන්‍ධානං රූපදස‍්සනං දිබ‍්බචක‍්ඛුපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, බධිරානං සද‍්දස‍්සවනං දිබ‍්බසොතධාතුපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං.

එහි දසසහස්‍රී ලෝකධාතුව කම්පාවීම සර්වඥතාඥාන ප්‍රතිලාභයට පෙර නිමිත්තය. දෙවියන්ගේ එක්සත්ව ලෙස ඒකරාශිවීම දම්සක් පවත්වන කල එකපැහැර රැස්ව දහම් පිළිගැනීමට පෙරනිමිත්තකි. පළමුව දෙවියන්ගේ පිළිගැනීම සතර රූපාවචරධ්‍යාන පිළිලැබීමට පෙරනිමිත්තයි. පසුව මිනිසුන්ගේ පිළිගැනීම සතර අරූපාවචරධ්‍යාන ලාභයට පෙරනිමිත්තයි. සම්බැඳි බෙර තෙමේ වාදනය වීම දහම්බෙර ඇස්වීමට පෙරනිමිත්තයි. වීණාභරණාදිය වාදනයවීම අනුපූර්ව විහාරයට පෙරනිමිත්තයි. බන්‍ධන ඉබේ සිඳීයාම අසම්මාන ඡේදයට පෙරනිමිත්තයි. මහජනයාගේ රෝග පහවීම සිවුසස් ලාභයට පෙරනිමිත්තයි. ජාත්‍යන්‍ධයන් රූප දැකීම දිවැස් ලැබීමට, බිහිරන් ශබ්ද ඇසීම දිවකන ලැබීමට...

ජාතිජළානං අනුස‍්සතුප‍්පාදො චතුසතිපට‍්ඨානපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, පඞ‍්ගුලානං පදසා ගමනං චතුරිද‍්ධිපාදපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, විදෙසගතානං නාවානං සපට‍්ටනාගමනං චතුපටිසම‍්භිදාධිගමස‍්ස, රතනානං සයමෙව විරොචනං ධම‍්මොභාසපටිලාභස‍්ස, නිරයෙ අග‍්ගිනිබ‍්බායනං එකාදසග‍්ගිනිබ‍්බායනස‍්ස, නදීසු තොයස‍්ස නප‍්පවත‍්තනං චතුවෙසාරජ‍්ජපටිලාභස‍්ස, ලොකන‍්තරෙ ආලොකො අවිජ‍්ජන්‍ධකාරං විධමෙත්‍වා ඤාණලොකදස‍්සනස‍්ස, මහාසමුද‍්දස‍්ස මධුරොදකතා නිබ‍්බානරසෙන එකරසභාවස‍්ස, වාතස‍්ස අවායනං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතභෙදනස‍්ස, තරූනං පුප‍්ඵිතභාවො විමුත‍්තිපුප‍්ඵෙහි පුප‍්ඵිතභාවස‍්ස පුබ‍්බනිමිත‍්තං.

ජාතිමූඪයන් අනුස්සති ඉපිදවීම සතිපට්ඨාන ප්‍රතිලාභයට පිළුන්ගේ පාගමන් චතුරිද්ධිපාද ලාභයට විදෙස්ගත නැව් සුපුටුන් වෙත පැමිණීම සිවුපිළිසිඹියා අධිගමයට රුවන් තෙමේම බැබළීම දහම් බැබළීමට නිරාගිනි නිවීම එකොළොස් කෙලෙස්ගිනි නිවීමට ගංගා ජලගලා නොයාම සිවුවෙසරද ලැබීමට ලෝකාන්තරාවලෝකය අවිදු අඳුර නසා ඥානාලෝකදර්ශනයට සයුරුදිය මිහිර නිවන් රසයෙන් එකරසවීමට සුළං නොහැමීම දෙසැට දිටුගති භේදනයට තුරු සුපිපි බව විමුත්ති කුසුමින් සුපිපි බවට...

චන්‍දස‍්ස අතිවිරොචනං බහුජනකන‍්තතාය පුබ‍්බනිමිත‍්තං, සූරියස‍්ස නාතිඋණ‍්හවිමලභාවො කායිකචෙතසිකසුඛුප‍්පත‍්තියා, ඛගානං නගාදීහි පථවිගමනං ඔවාදං සුත්‍වා මහාජනස‍්ස පාණෙහි සරණගමනස‍්ස, මහතො චතුද‍්දීපගතමෙඝස‍්ස පවස‍්සනං මහතො ධම‍්මවස‍්සස‍්ස, දෙවතානං සකසකභවනෙස‍්වෙව ඨත්‍වා නච‍්චාදීහි කීළනං බුද‍්ධභාවං පත්‍වා උදානුදානස‍්ස, ද‍්වාරකවාටානං සයමෙව විවරණං අට‍්ඨඞ‍්ගිකමග‍්ගද‍්වාරවිවරණස‍්ස, ඛුදාපීළනස‍්ස අභාවො විමුත‍්තිසුඛෙන සුඛිතභාවස‍්ස, වෙරීනං මෙත‍්තචිත‍්තපටිලාභො චතුබ්‍රහ‍්මවිහාරපටිලාභස‍්ස, දසසහස‍්සිලොකධාතුයා එකධජමාලිතා අරියධජමාලිතාය පුබ‍්බනිමිත‍්තං, සෙසවිසෙසා පන සෙසබුද‍්ධගුණපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තානීති වෙදිතබ‍්බා.

සදෙහි වඩා බැබලීම බහුජන කැමැත්තට ඉර අධික උණුසුම් නොවීම හා නිර්මල බව කායික මානසික සුවයට පක්‍ෂීන්ගේ පොළෝගමන ඔවා අසා මහජනයාගේ දිවිහිම් සරණාගමනයට සතරමහ දිවයින් වැස්ස මහා ධර්ම වර්ෂාවට දෙවියන් සිය භවනවලම ක්‍රීඩා කිරීම බුදුව උදම් අනන බවට දොරකවුළු විවරවීම අටඟිමඟ දොර විවරවීමට සා පීඩා නැතිවීම කායගතාසතියෙන් නිවන් ලැබීමට පිපාස පීඩා නොවීම විමුක්ති සුවයෙන් සුවපත් වීමට වෛරීන්ගේ මෛත්‍රීලාභය සිවුබඹවිහරණ ලැබීමට දසසහස්‍රී ලෝකධාතුව ධජමාලායෙන් යුතුවීම අරියධජමාලා ඇති බවට පෙරනිමිතිය. සෙසු විශේෂතා සෙසු බුදුගුණ ලැබීමට පෙරනිමිති බව දතයුතුය.

අථ දීපඞ‍්කරකුමාරො මහතියා සම‍්පත‍්තියා පරිචාරියමානො අනුක‍්කමෙන භද‍්දං යොබ‍්බනං පත්‍වා තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙසු තීසු පාසාදෙසු දෙවලොකසිරිං විය රජ‍්ජසිරිමනුභවන‍්තො උය්‍යානකීළාය ගමනසමයෙ අනුක‍්කමෙන ජිණ‍්ණබ්‍යාධිමතසඞ‍්ඛාතෙ තයො දෙවදූතෙ දිස‍්වා සඤ‍්ජාතසංවෙගො නිවත‍්තිත්‍වා සුදස‍්සනනගරසදිසවිභවසොභං රම‍්මවතී නාම නගරං පාවිසි. නගරං පවිසිත්‍වා පුන චතුත්‍ථවාරෙ හත්‍ථාචරියං පක‍්කොසාපෙත්‍වා එතදවොච – “අහං, තාත, උය්‍යානදස‍්සනත්‍ථාය නික‍්ඛමිස‍්සාමි හත්‍ථියානානි කප‍්පාපෙහී”ති. සො “සාධු, දෙවා”ති පටිසුණිත්‍වා චතුරාසීතිහත්‍ථිසහස‍්සානි කප‍්පාපෙසි. අථ විස‍්සකම‍්මො නාම දෙවපුත‍්තො බොධිසත‍්තං නානාවිරාගවසනනිවාසනං ආමුක‍්කමුත‍්තාහාරකෙයූරං රුචිරනවකනකකටකමකුටකුණ‍්ඩලධරං පරමසුරභිකුසුමමාලසමලඞ‍්කතසිරොරුහං සමලඞ‍්කරි කිර. අථ දීපඞ‍්කරකුමාරො දෙවකුමාරො විය චතුරාසීතියා හත්‍ථිසහස‍්සෙහි පරිවුතො හත්‍ථික‍්ඛන්‍ධවරගතො මහතා බලකායෙන පරිවුතො රතිජනනං උය්‍යානං පවිසිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ තං උය්‍යානමනුසඤ‍්චරිත්‍වා පරමරුචිරදස‍්සනෙ සකහදයසීතලෙ සිලාතලෙ නිසීදිත්‍වා පබ‍්බජ‍්ජාය චිත‍්තං උප‍්පාදෙසි . තඞ‍්ඛණඤ‍්ඤෙව සුද‍්ධාවාසඛීණාසවො මහාබ්‍රහ‍්මා අට‍්ඨ සමණපරික‍්ඛාරෙ ආදාය මහාපුරිසස‍්ස චක‍්ඛුපථෙ පාතුරහොසි.

ඉක්බිති දිවකුරු කුමරා මහ සැපතින් සංග්‍රහ ලබමින් ක්‍රමයෙන් සොඳුරු යෞවනයට පැමිණ තුන් සෘතුවට හොබනා තුන්පහයක දෙව්ලෝ සිරිවන් රජසිරි වළඳමින් උයන්කෙළි සඳහා යන අවස්ථාවෙහි ක්‍රමයෙන් ජීර්ණ ව්‍යාධි මතක සංඛ්‍යාත තුන්දේවදූතයන් දැක හටගත් සංවේග ඇත්තේ ආපසු පැමිණ සුදසුන් නුවර එක් සම්පතින් බබළන රම්මවතී නුවරට පිවිසියේය. නැවත සිව්වන වර ඇත්රුවා කැඳවා මෙසේ කීය. දරුව, මම උයන බැලීමට යන්නෙමි. ඇත්යානා සරසව කියායි. ඔහු මැනව දේවයිනියි පිළිතුරු දී ඇතුන් සුවාසූ දහසක් සරසවනේය. ඉක්බිති විස්කම් දෙව්පුත් නන්පැහැ වතින් හැඳින් බෝසතුන් මුතු එබූ කෙයූරාභරණ පළඳවා සුන්‍දර කනකකටක මකුට කණ්ඩලබර කොට සුවඳ කුසුමින් මාලායෙන් කොණ්ඩය සරසාලීය. දිවකුරු කුමර දෙව්කුමරකු මෙන් සුවාසූදහසක් ඇතුන් පිරිවැරූ උතුම් මඟුලට අරා මහබලයෙන් පිරිවරා යතිජන සනසන උයනට පිවිස ඇතුපිටින් බැස උයන සැරිසරා පරම සොඳුරු දැකුම් ඇති සියනද සේ සිහිල් සිලාතලයෙහි හිඳ පැවිද්දට සිත ඉපිදවීය. එකෙණෙහිම සදවැසි ක්‍ෂීණාස්‍රව මහබඹහු අෂ්ට පරිෂ්කාර ගෙන මහසතුන් ඇස් හමුයෙහි පහල විය.

මහාපුරිසො තං දිස‍්වා – “කිමිද”න‍්ති පුච‍්ඡිත්‍වා, “සමණපරික‍්ඛාරො”ති සුත්‍වා අලඞ‍්කාරභණ‍්ඩං ඔමුඤ‍්චිත්‍වා පසාධනභණ‍්ඩාගාරිකස‍්ස හත්‍ථෙ දත්‍වා මඞ‍්ගලඛග‍්ගමාදාය සද‍්ධිං මකුටෙන කෙසෙ ඡින්‍දිත්‍වා අන‍්තලික‍්ඛෙ ආකාසෙ උක‍්ඛිපි. අථ සක‍්කො දෙවරාජා සුවණ‍්ණචඞ‍්කොටකෙන තං කෙසමකුටං ආදාය සිනෙරුමුද‍්ධනි තියොජනප‍්පමාණං ඉන්‍දනීලමණිමයං මකුටචෙතියං නාම අකාසි. අථ මහාපුරිසො දෙවදත‍්තියං අරහත‍්තධජං කාසාවං පරිදහිත්‍වා සාටකයුගං ආකාසෙ ඛිපි. තං බ්‍රහ‍්මා පටිග‍්ගහෙත්‍වා බ්‍රහ‍්මලොකෙ ද‍්වාදසයොජනිකං සබ‍්බරතනමයං චෙතියමකාසි. දීපඞ‍්කරකුමාරං පන පබ‍්බජන‍්තං එකා පුරිසකොටි අනුපබ‍්බජි. තාය පන පරිසාය පරිවුතො බොධිසත‍්තො දස මාසෙ පධානචරියං අචරි. අථ විසාඛපුණ‍්ණමාය අඤ‍්ඤතරං නගරං පිණ‍්ඩාය පාවිසි.

මහාපුරිස්හු ඔහු දැක මේ කිමැයි විමසා ශ්‍රමණ පරිෂ්කාරයයි අසා අබරණ බඩු මුදා පළඳනා භාණ්ඩාගාරිකයා හට දී මඟුල්කඩුව ගෙන මකුටය සහිත කෙස් සිඳ අන්තරීක්‍ෂ ආකාශයට දැමූහ. එවිට සක්දෙව්රජ රන්සුමුඟින් ඒ කේශමකූටය පිළිගෙන සිනෙරු මුදුනෙහි තුන්යොදුන් පමණැති ඉඳුනිල්මිණිමුව මකුට චේතිය කළේය. එවිට මහපුරිස්හු දෙවියන් දුන් අරහත්ධජ කසාවත් දරා සළුසඟළ අහසට දැමූහ. එය බඹහු පිළිගෙන බඹලොව දොළොස් යොදුන් සර්වරත්නමය චෛත්‍යයක් කළේය. පැවිදි වූ දිවකුරු කුමරුන් අනුව පුරිසකෝටියක් පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහසත්හු දසමස් ප්‍රධන්වීර්යය කළහ. අනතුරුව වෙසක් පුන්පොහෝ දින එක්තරා නුවරකට පිඬු පිණිස ගියහ.

තස‍්මිං කිර නගරෙ තංදිවසං දෙවතානං බලිකරණත්‍ථාය නිරුදකපායාසං පචිංසු. තස‍්ස පන මහාසත‍්තස‍්ස සපරිසස‍්ස පිණ‍්ඩාය පවිට‍්ඨස‍්ස මනුස‍්සා අදංසු. තං කිර සබ‍්බෙසං කොටිසඞ‍්ඛ්‍යායානං භික‍්ඛූනං පරියත‍්තං අහොසි. මහාපුරිසස‍්ස පන පත‍්තෙ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපිංසු. තං පරිභුඤ‍්ජිත්‍වා තත්‍ථෙව සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ පටිසල‍්ලානා වුට‍්ඨාය ගණං විස‍්සජ‍්ජෙත්‍වා සුනන්‍දෙන නාමාජීවකෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා පිප‍්ඵලිබොධිරුක‍්ඛමූලං ගන‍්ත්‍වා තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා නවුතිහත්‍ථං බොධික‍්ඛන්‍ධං පිට‍්ඨිතො කත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨහිත්‍වා බොධිරුක‍්ඛමූලෙ නිසීදි.

එදා ඒ නුවර දෙවියන්ට බලි පිණිස පැන් නුමුසු කිරිබත් පිසූහ. මිනිස්සු පිරිස් සහිත පිඬු පිණිස පිවිසි බෝසතුන්ට ඒ කිරිබත් පිදූහ. එය කෝටි සංඛ්‍යාත සියලු භික්‍ෂූන්ට ප්‍රමාණවත් විය. මහසතුන්ගේ පාත්‍රයෙහි දෙවියෝ දිවඕජා බහාලූහ. එය වළඳා එම සල්උයන්හිම දාවල් දවස ගෙවා සවස විවේකයෙන් නැගී පිරිස පිටත්කොට සුනන්‍ද නම් ආජීවක දුන් අටතණමිට ගෙන පළොල් රුක් බෝධිය වෙත ගොස් තණ ඇතිරි අතුරා අනූරියන් බෝකඳ පිටුපස කොට පර්යංකයෙන් හිඳ චතුරංග වීර්යය ඉටා බෝමුල වැඩහුන්හ.

තතො මාරබලං විධමිත්‍වා රත‍්තියා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමෙ අනුලොමපටිලොමවසෙන පච‍්චයාකාරං සම‍්මසිත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය පඤ‍්චසු ඛන්‍ධෙසු අභිනිවිසිත්‍වා උදයබ‍්බයවසෙන සමපඤ‍්ඤාස ලක‍්ඛණානි දිස‍්වා යාව ගොත්‍රභුඤාණං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරුණොදයෙ අරියමග‍්ගෙන සකලබුද‍්ධගුණෙ පටිවිජ‍්ඣිත්‍වා බුද‍්ධසීහනාදං නදිත්‍වා සත‍්තසත‍්තාහං බොධිසමීපෙයෙව වීතිනාමෙත්‍වා බ්‍රහ‍්මුනො ධම‍්මදෙසනං පටිඤ‍්ඤාය සුනන්‍දාරාමෙ ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා කොටිසතානං දෙවමනුස‍්සානං ධම‍්මාමතං පායෙත්‍වා චතුද‍්දීපිකමහාමෙඝො විය ධම‍්මවස‍්සං වස‍්සෙන‍්තො මහාජනස‍්ස බන්‍ධනමොක‍්ඛං කරොන‍්තො ජනපදචාරිකං විචරි.

ඉක්බිති මාරබල බිඳ රාත්‍රී පෙරයම පෙරවිසීම් සිහිකොට මැදියම දිවැස පිරිසිදුකොට අලුයම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රත්‍යයාකාරය මෙනෙහිකොට ආනාපාන චතුත්ථධ්‍යානයට සමවැද එයින් නැගී පංචස්කන්‍ධයෙහි බැස උදයව්‍යය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඤාණය තෙක් විදර්ශනා වඩා අරුණෝදයෙහි ආර්ය මාර්ගයෙන් සියලු බුදුගුණ ප්‍රතිවේධ කොට බුද්ධ සිංහනාද කොට සත් සතියක් බෝධි සමීපයෙහිම කල්ගෙවා බඹහුගේ ධර්මදේශනා ප්‍රතිඥායෙන් සුනන්‍දාරාමයෙහි දම්සක් පවත්වා කළ සියයක් දෙව්මිනිසුන්ට ධර්මාමෘතය පොවා චාතුර්ද්වීපික මහා මේඝයක් සේ දහම්වැසි වස්වමින් මහජනයාගේ සසරබැමි සිඳමින් ජනපද චාරිකාවෙහි යෙදුණහ.

තදා කිර සුමෙධපණ‍්ඩිතො සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො නෙව පථවිකම‍්පනමද‍්දස න තානි නිමිත‍්තානි. තෙන වුත‍්තං –

එකල සුමේධ පණ්ඩිත සමවත් සුවයෙන් කල් ගෙවන්නාහු පොළොව කම්පාව නොදුටහ. ඒ නිමිති ද නොදුටුවාහුය. එයින් කියන ලදි:-

“එවං මෙ සිද‍්ධිප‍්පත‍්තස‍්ස, වසීභූතස‍්ස සාසනෙ; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො.

එවම්මෙ සිද්ධිප්පත්තස්ස වසීභූතස්ස සාසනෙ දීපංකරො නාම ජිනො උප්පජ්ජි ලොකනායකො

“උප‍්පජ‍්ජන‍්තෙ ච ජායන‍්තෙ, බුජ‍්ඣන‍්තෙ ධම‍්මදෙසනෙ; චතුරො නිමිත‍්තෙ නාද‍්දසං, ඣානරතිසමප‍්පිතො”ති.

උප්පජ්ජන්තෙ ච ජායනෙක බුජ්ඣනෙතධම්මදෙසනෙ චතුරො නිමිත්තෙ නාද්දසං ඣානරතිසමප්පිතොති

තත්‍ථ එවන‍්ති ඉදානි වත‍්තබ‍්බං නිදස‍්සෙති. මෙති මම. සිද‍්ධිප‍්පත‍්තස‍්සාති පඤ‍්චාභිඤ‍්ඤාසිද‍්ධිප‍්පත‍්තස‍්ස. වසීභූතස‍්සාති භූතවසිස‍්ස, චිණ‍්ණවසීභාවමුපගතස‍්සාති අත්‍ථො. සාසනෙති විවෙකමානසානං සාසනෙ, අනාදරලක‍්ඛණෙ සාමිවචනං දට‍්ඨබ‍්බං. ජිනොති කිලෙසාරිජයනෙන ජිනො.

එහි එවං යනු; දැන් කිවයුත්ත දක්වයි. මෙ යනු; මගේ සිද්ධිප්පත්තස්සෙ යනු; පංචාභිඥා සිද්ධිප්‍රාප්ත වූවහුගේ වසීභූතස්ස යනු; වසීභූත වූවහුගේ චිත්තවසීභාවයට පත්වූවහුගේ යන අර්ථයි. සාසනෙ යනු; වෙනස් මනස් ඇති තවුසන්ගේ සසුනෙහි අනාදර ලක්‍ෂණයෙහි හෙබි වචනයි. දතයුතුය. ජිනො යනු; කෙලෙස් සතුරන් දිනුයෙන් ජින නමි

උප‍්පජ‍්ජන‍්තෙති පටිසන්‍ධිග‍්ගහණෙ. ජායන‍්තෙති මාතුකුච‍්ඡිතො නික‍්ඛමනෙ. බුජ‍්ඣන‍්තෙති අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣන‍්තෙ. ධම‍්මදෙසනෙති ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ. චතුරො නිමිත‍්තෙති චත‍්තාරි නිමිත‍්තානි. දීපඞ‍්කරස‍්ස දසබලස‍්ස පටිසන්‍ධි-ජාති-බොධි-ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙසු චතූසු ඨානෙසු දසසහස‍්සිලොකධාතුකම‍්පනාදීනි නිමිත‍්තානීති අත්‍ථො. එත්‍ථාහ – තානි පන බහූනි නිමිත‍්තානි, කස‍්මා “චතුරො නිමිත‍්තෙ”ති වුත‍්තං, අයුත‍්තං නනූති? නායුත‍්තං, යදිපි එතානි බහූනි නිමිත‍්තානි, චතූසු ඨානෙසු පන පවත‍්තත‍්තා “චතුරො නිමිත‍්තෙ”ති වුත‍්තං. නාද‍්දසන‍්ති නාද‍්දසිං. ඉදානි තෙසං චතුන‍්නං නිමිත‍්තානං අදස‍්සනෙ කාරණං නිද‍්දිසන‍්තො “ඣානරතිසමප‍්පිතො”ති ආහ. ඣානරතීති සමාපත‍්තිසුඛස‍්සෙතං අධිවචනං. ඣානරතියා සමප‍්පිතත‍්තා සමඞ‍්ගීභූතත‍්තා තානි නිමිත‍්තානි නාද‍්දසන‍්ති අත්‍ථො.

උප්පජ්ජන්තෙ නම්; පිළිසිඳ ගැනීමෙහි ජායන්තෙ යනු; මව්කුසින් නික්මීමෙහි. බුජ්ඣන්තෙ යනු: අනුත්තර සම්මාසම්බොධිය අවබෝධ කිරීමෙනි. චතුරො නිමිත්තෙ යනු; සතර නිමිති. දිවකුරු දසබලයන්ගේ පිළිසිඳීම, උපත, බුදුවීම, දම්සක් දෙසීම යන සතර තැන දසසහස්‍රී ලෝකධාතු කම්පනාදි නිමිති යන අර්ථයි. මෙහි කීය:- එහි බොහෝ වූ නිමිති කුමක් නිසා චතුරො නිමිත්තෙ සතර නිමිති යයි කියන ලදද? අයුක්ති නොවන්නෝද? අයුක්ති නොවේ. මේ බොහෝ වූ නිමිති ස්ථාන හතරක සිදුවූ බැවින් සතර නිමිති යයි කියන ලදි. නාද්දසං යනු; නොදුටිමි. දැන් ඒ සතර නිමිති නොදැකීමෙහි කරුණු දක්වමින් ඣානරතිසමප්පිතො යි කීය. ඣානරති යනු සමවත් සුවයට මෙය නමකි. ධ්‍යාන සුවයෙහි සමාහිත වූ බැවින් එක්වූ බැවින් ඒ නිමිති නොදිටිමි යන අර්ථයි.

අථ තස‍්මිං කාලෙ දීපඞ‍්කරදසබලො චතූහි ඛීණාසවසතසහස‍්සෙහි පරිවුතො අනුපුබ‍්බෙන චාරිකං චරමානො පරමරම‍්මං රම‍්මං නාම නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති. රම‍්මනගරවාසිනො “දීපඞ‍්කරො කිර දසබලො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන චාරිකං චරමානො රම‍්මනගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසතී”ති සුත්‍වා සප‍්පිආදීනි භෙසජ‍්ජානි ගහෙත්‍වා භුත‍්තපාතරාසා සුද‍්ධුත‍්තරාසඞ‍්ගා පුප‍්ඵධූපගන්‍ධහත්‍ථා යෙන බුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පුප‍්ඵාදීහි පූජෙත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා අතිමධුරං ධම‍්මකථං සුත්‍වා ස‍්වාතනාය භගවන‍්තං නිමන‍්තෙත්‍වා උට‍්ඨායාසනා දසබලං පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු.

ඉක්බිති එකල දීපංකර දසබලයන් වහන්සේ සාරලක්‍ෂයක් රහතුන් පිරිවරා පිළිවෙළින් චාරිකා කරන සේක් පරම රමණීය රම්ම නගරයට පැමිණ සුදර්ශන මහාවිහාරයෙහි වසන සේක. මෙම නුවරු දිවකුරු බුදුහු උතුම් බුදුබවට පැමිණ උතුම් දම්සක් පවත්වා ක්‍රමයෙන් චාරිකා කරන සේක් මෙම නුවරට පැමිණ සුදසුන් මහවෙහෙර වසතී අසා ගිතෙල් වෙඬරු ද බෙහෙත් ද ගෙන හීල අනුභව කොට උතුරුසළු සහිතව මල් ගඳදුම් ගත් අතැතිව බුදුන් කරා එළඹ බුදුන් වැඳ පුෂ්පාදියෙන් පුදා සුමධුර බණකතා අසා සෙට දිනට භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට අසුනින් නැගී දසබලයන් පැදකුණු කොට ගියහ.

තෙ පුනදිවසෙ අසදිසමහාදානං සජ‍්ජෙත්‍වා මණ‍්ඩපං කාරෙත්‍වා විමලකොමලෙහි නීලුප‍්පලෙහි ඡාදෙත්‍වා චතුජ‍්ජාතිගන්‍ධෙන පරිභණ‍්ඩං කාරෙත්‍වා ලාජපඤ‍්චමානි සුරභිකුසුමානි විකිරිත්‍වා මණ‍්ඩපස‍්ස චතූසු කොණෙසු සීතලමධුරවාරිපුණ‍්ණා චාටියො ඨපෙත්‍වා කදලිපණ‍්ණෙහි පිදහිත්‍වා මණ‍්ඩපොපරි ජයසුමනකුසුමසදිසං පරමරුචිරදස‍්සනං චෙලවිතානං බන්‍ධිත්‍වා සුවණ‍්ණමණිරජතතාරකාහි රචයිත්‍වා තත්‍ථ ගන්‍ධදාමපුප‍්ඵදාමපත‍්තදාමරතනදාමානි ඔලම‍්බෙත්‍වා ධූපෙහි දුද‍්දිනං කත්‍වා සකලඤ‍්ච තං රම‍්මං රම‍්මනගරං සම‍්මට‍්ඨං සඵලකදලියො ච පුප‍්ඵසමලඞ‍්කතෙ පුණ‍්ණඝටෙ ච ඨපාපෙත්‍වා නානාවිරාගා ධජපටාකායො ච සමුස‍්සාපෙත්‍වා මහාවීථියා උභොසු පස‍්සෙසු සාණිපාකාරෙහි පරික‍්ඛිපිත්‍වා දීපඞ‍්කරදසබලස‍්ස ආගමනමග‍්ගං අලඞ‍්කරොන‍්තා උදකපරිභින‍්නට‍්ඨානෙසු පංසුං පක‍්ඛිපිත්‍වා චික‍්ඛල‍්ලකම‍්පි පථවිං අසමං සමං කත්‍වා මුත‍්තාසදිසාහි වාලුකාහි ආකිරන‍්ති, ලාජපඤ‍්චමෙහි ච පුප‍්ඵෙහි ආකිරන‍්ති, සඵලකදලිකමුකෙ ච පතිට‍්ඨාපෙන‍්ති.

ඔවුහු පසුදින අසදෘශ මහදන් සරහා මඩුවක් තනා විමල කෝමල කිලුපුලින් සෙවිලි කොට සිවුදෑගඳින් පිරිබඩකොට ලදපස්මල් සුවඳ කුසුම් විසුරුවා මඩුවෙහි සිවුකොණ සිසිල් දිය පිරූ සැළි තබ්බවා කෙසෙල්පතින් වසා මණ්ඩපය මත දෑසමන්මල් සම පරම සුන්දර දැකුම් ඇති සෙල්වියන් බැඳ රන් රිදී මිණි කාරකයෙන් සරසා එහි ගඳදුම් මල්දම් පත්දම් රුවන්දම් එල්වා දුමින් දුර්දිනයක් කොට ඒ මුළුමහත් රම්‍ය වූ රම්ම නගරය කැන් සහිත කෙසෙල්ද මලින් සැරසූ පූර්ණඝට ද තබා නන්වන් ධජපතාකාදිය ඔසවා මහාවීදිය දෙපස තිරපවුරින් වටකොට දිවකුරු බුදුන් වඩනා මඟ අලංකාර කරන්නාහු දියෙන් බිඳී ගිය තැන් පස් දමා විසම සමකොට මුතුවන් වැලි විසුරුවති. ලදපස්මල් ඉසිති. කැන් සහිත කෙසෙල් පුවක්ගස් පිහිටුවති.

අථ තස‍්මිං කාලෙ සුමෙධතාපසො අත‍්තනො අස‍්සමපදතො උග‍්ගන‍්ත්‍වා රම‍්මනගරවාසීනං තෙසං මනුස‍්සානං උපරිභාගෙන ආකාසෙන ගච‍්ඡන‍්තො තෙ හට‍්ඨපහට‍්ඨෙ මග‍්ගං සොධෙන‍්තෙ ච අලඞ‍්කරොන‍්තෙ ච දිස‍්වා – “කිං නු ඛො කාරණ”න‍්ති චින‍්තෙත්‍වා සබ‍්බෙසං පස‍්සන‍්තානඤ‍්ඤෙව ආකාසතො ඔරුය‍්හ එකමන‍්තෙ ඨත්‍වා තෙ මනුස‍්සෙ පුච‍්ඡි – “අම‍්භො! කස‍්සත්‍ථාය තුම‍්හෙ ඉමං මග‍්ගං සොධෙථා”ති? තෙන වුත‍්තං –

එකල සුමේධ තාපස සිය අසපුයෙන් නැගී රම්මනුවරවාසී ඒ මිනිසුන්ට ඉහළ අහසින් යන්නේ ඒ තුටුපහටුව මඟ පිරිසිදු කරන සරසන මිනිසුන් දැක කවර කරුණක්දැයි සිතා සියල්ලක් බලා සිටිද්දීම අහසින් බැස පසෙක සිට මිනිසුන්ගෙන් විමසීය. භවත්නි, කාහට මේ මඟ සරහනාහුද? කියායි. එයින් කියන ලදි:-

“පච‍්චන‍්තදෙසවිසයෙ, නිමන‍්තෙත්‍වා තථාගතං; තස‍්ස ආගමනං මග‍්ගං, සොධෙන‍්ති තුට‍්ඨමානසා.

පච්චන්ත දෙසවිසයෙ නිමන්තෙත්‍වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා

“අහං තෙන සමයෙන, නික‍්ඛමිත්‍වා සකස‍්සමා; ධුනන‍්තො වාකචීරානි, ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

අහං තෙන සමයෙන නික්‍ඛමිත්‍වා සකස්සමා ධුනන්තො වාකචීරානි ගච්ඡාමි අම්බරෙ තදා

“වෙදජාතං ජනං දිස‍්වා, තුට‍්ඨහට‍්ඨං පමොදිතං; ඔරොහිත්‍වාන ගගනා, මනුස‍්සෙ පුච‍්ඡි තාවදෙ.

වෙදජාතං ජනං දිස්වා තුට්ඨහට්ඨං පමොදිතං ඔරොහිත්‍වාන ගගනා මානුසෙ පුච්ඡි තාවදෙ

“තුට‍්ඨහට‍්ඨො පමුදිතො, වෙදජාතො මහාජනො; කස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායන”න‍්ති.

තුට්ඨහට්ඨො පමුදිතො වෙදජාතො මහාජනො කස්ස සොධීයතී මග්ගො අඤ්ජසං වටුමායන්නති

තත්‍ථ පච‍්චන‍්තදෙසවිසයෙති මජ‍්ඣිමදෙසස‍්සෙව එකපස‍්සෙ පච‍්චන‍්තදෙසසඤ‍්ඤිතෙ ජනපදෙ. තස‍්ස ආගමනං මග‍්ගන‍්ති තෙන ආගන‍්තබ‍්බං මග‍්ගන‍්ති අත්‍ථො. අහං තෙන සමයෙනාති අහං තස‍්මිං සමයෙ, භුම‍්මත්‍ථෙ චෙතං කරණවචනං දට‍්ඨබ‍්බං. සකස‍්සමාති අත‍්තනො අස‍්සමපදතො නික‍්ඛමිත්‍වා. ධුනන‍්තොති ඔධුනන‍්තො. “තෙන සමයෙන” ච, “තදා” චාති ඉමෙසං ද‍්වින‍්නං පදානං එකත්‍ථත‍්තා පුරිමස‍්ස නික‍්ඛමනකිරියාය පච‍්ඡිමස‍්ස ච ගමනකිරියාය සද‍්ධිං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො, ඉතරථා පුනරුත‍්තිදොසා න මුච‍්චති. තදාති තස‍්මිං සමයෙ.

එහි පච්චන්ත දෙසවිසයෙ යනු; මධ්‍යම දේශයෙහිම එක් පැත්තක ප්‍රත්‍යන්තදේශ නම් වූ. තස්ස ආගමනං මග්ගං යනු උන්වහන්සේ විසින් පැමිණිය යුතු මාර්ගය යන අර්ථයි. අහං තෙන සමයෙන යනු; මම එකල්හි මෙය භූම්‍යර්ථයෙහි කරණ වචනයි. දතයුතුය. සකස්සමා යනු; තම අසපුවෙන් නික්ම. ධුනන්තො යනු; සලමින්. තෙන සමයෙන යනු ද තදා යනු ද මේ දෙක්හි එකාර්ථවන්ය. නික්‍ඛමන ක්‍රියාව ද දෙවැන්න ගමන ක්‍රියාවද සමග සම්බන්‍ධය කොට දතයුතුය. අන් අයුරින් පුනරුත් දොසින් නොමිලේ තදා යනු; එකල.

වෙදජාතන‍්ති සඤ‍්ජාතසොමනස‍්සං. තුට‍්ඨහට‍්ඨං පමොදිතන‍්ති ඉමානි තීණි පදානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අත්‍ථදීපනානි. අථ වා සුඛෙන තුට‍්ඨං, පීතියා හට‍්ඨං, පාමොජ‍්ජෙන පමුදිතං. ඔරොහිත්‍වානාති ඔතරිත්‍වා. මනුස‍්සෙ පුච‍්ඡීති මානුසෙ පුච‍්ඡි. අයමෙව වා පාඨො. තාවදෙති තදා, තඞ‍්ඛණෙයෙවාති අත්‍ථො. ඉදානි පුච‍්ඡිතමත්‍ථං දස‍්සෙන‍්තෙන “තුට‍්ඨහට‍්ඨො පමුදිතො”තිආදි වුත‍්තං. තත්‍ථ අයං මහාජනො තුට‍්ඨහට‍්ඨො පමොදිතහදයො හුත්‍වා මග‍්ගං සොධෙති, කිං කාරණා සොධෙති, කස‍්සත්‍ථාය වා සොධෙතීති? එවං “සොධෙති” සද‍්දං ආහරිත්‍වා අත්‍ථො දට‍්ඨබ‍්බො, ඉතරථා න යුජ‍්ජති. සොධීයතීති සුද‍්ධභාවො කරීයති. මග‍්ගො අඤ‍්ජසං වටුමායනන‍්ති මග‍්ගස‍්සෙවෙතානි වෙවචනානි.

වෙදජාතං යනු; හටගත් සොම්නස්ස. හට්ඨතුට්ඨං පමොදිතං යනු; මේ තුන්පදය අන්‍යොන්‍ය පර්යාය වචනයි. අන්‍යොන්‍ය අර්ථදීපනය කරයි. නැතහොත් සැපයෙන් සතුට, ප්‍රීතියෙන් ප්‍රහර්ෂය, ප්‍රමෝදයෙන් ප්‍රමුදිතයයි. ඔරොහිත්‍වාන යනු; බැස. මානුසෙ පුච්ඡි යනු; මිනිසුන් විමසීමි. මෙයම හෝ පාඨයයි. තාවදෙ; යනු එදා එකෙණෙහි යන අර්ථයි. දැන් එම අර්ථය දක්වමින් තුට්ඨ නට්ඨො පමුදිතො යනාදිය කියන ලදි. එහි මේ මහජනයා තුටු පහටු ප්‍රමුදිත හදින් මඟ පිරිසිදු කරති. කුමකට සුද්ධ කරත් ද? කවරකු සඳහා පිරිසිදු කරත් ද යනුයි. මෙසේ සොධෙති පදය ගෙන අර්ථය ගතයුතුය. අන් පරිදි නොගැළපේ. සොධීයති සුද්ධ බව කරවයි. මග්ගො අඤ්ජසං වටුමායනං යනු; මේවා මාර්ග යන්නට පර්යාය වචනයි.

එවං තෙන සුමෙධතාපසෙන පුට‍්ඨා තෙ මනුස‍්සා ආහංසු – “භන‍්තෙ සුමෙධ, කිං න ජානාථ දීපඞ‍්කරො නාම බුද‍්ධො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො ජනපදචාරිකං චරමානො අනුක‍්කමෙන අම‍්හාකං නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති, මයං තං භගවන‍්තං නිමන‍්තයිත්‍වා තස‍්සෙව බුද‍්ධස‍්ස භගවතො ආගමනමග‍්ගං සොධෙමා”ති. තතො තං සුත්‍වා සුමෙධපණ‍්ඩිතො චින‍්තෙසි – “බුද‍්ධොති ඛො පනෙස ඝොසොපි දුල‍්ලභො, පගෙව බුද‍්ධුප‍්පාදො, තෙන හි මයාපි ඉමෙහි මනුස‍්සෙහි සද‍්ධිං දසබලස‍්ස ආගමනමග‍්ගං සොධෙතුං වට‍්ටතී”ති. සො තෙ මනුස‍්සෙ ආහ – “සචෙ, භො, තුම‍්හෙ ඉමං මග‍්ගං බුද‍්ධස‍්ස සොධෙථ, මය‍්හම‍්පි එකං ඔකාසං දෙථ, අහම‍්පි තුම‍්හෙහි සද‍්ධිං බුද‍්ධස‍්ස මග‍්ගං සොධෙස‍්සාමී”ති. තතො තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා – “අයං සුමෙධපණ‍්ඩිතො මහිද‍්ධිකො මහානුභාවො”ති ජානමානා දුබ‍්බිසොධනං උදකසම‍්භින‍්නං අතිවිය විසමං එකං ඔකාසං සල‍්ලක‍්ඛෙත්‍වා – “ඉමං ඔකාසං තුම‍්හෙ සොධෙථ අලඞ‍්කරොථ චා”ති අදංසු. තතො සුමෙධපණ‍්ඩිතො බුද‍්ධාරම‍්මණං පීතිං උප‍්පාදෙත්‍වා චින‍්තෙසි – “අහං පන ඉමං ඔකාසං ඉද‍්ධියා පරමදස‍්සනීයං කාතුං පහොමි, එවං කතෙ පන මං න පරිතොසෙස‍්සති. අජ‍්ජ පන මයා කායවෙය්‍යාවච‍්චං කාතුං වට‍්ටතී”ති පංසුං ආහරිත්‍වා තං පදෙසං පූරෙති.

මෙසේ සුමේධ තාපසයන් විසින් විමසන ලද මිනිස්සු මෙසේ කීහ. සුමේධ ස්වාමීනි, ඔබ නොදන්නහුද? දීපංකර බුදුහු අනුන්තර සම්මා සම්බෝධියට පැමිණ දම්සක් පවත්වා ජනපද චාරිකාවෙහි යෙදෙන්නාහු ක්‍රමයෙන් අපේ නුවරට පැමිණ සුදසුන් මහවෙහෙර වසති. අපි උන්වහන්සේට ආරාධනා කළෙමු. මේ ඒ භාග්‍යවත් බුදුරදුන් වැඩමවන මාර්ගය පිරිසිදු කරමු කියායි. එයසා සුමේධ තාපසයෝ මෙසේ සිතූහ. බුද්ධ යන මේ ශබ්දය ද දුර්ලභය. බුදුඋපත ගැන කියනුම කවරේද? එබැවින් මා විසින් ද මේ මිනිසුන් සමග බුදුන් වඩින මග පිරිසිදු කළ යුතුය. එතුමා ඒ මිනිසුන්ට මෙසේ කීය. භවත්නි, ඔබලා මේ මඟ භාග්‍යවතුන් වහන්සේට පිරිසිදු කරන්නාහු නම් මටත් ඉඩක් දෙව්. මමත් ඔබලා සමග බුදුන් වඩින මඟ සුද්ධ කරමි කියායි. ඉක්බිති ඔවුහු මැනවැයි පිළිගෙන මේ සුමේධ පණ්ඩිතයෝ මහත් සෘද්ධි ඇත්තාහ. මහානුභාව ඇත්තාහයි දැන පිරිසිදු කිරිමට අසීරු දියෙන් බිඳුණු අතිවිසම එක් පෙදෙසක් සලකා මේ කොටස ඔබ සුද්ධකොට සරසනු මැනවැයි දුන්හ. ඉක්බිති ඒ සුමේධ පණ්ඩිතයෝ බුද්ධාරම්මණ ප්‍රීති උපදවා සිතූහ. මේ කොටස ඍද්ධියෙන් පරම දර්ශනීය කිරීමට මම සමත් වෙමි. එසේ කළ කල්හි මට සතුටක් නැත. අද මා කායික වතාවත් කිරීම වටනේයයි පස් දමා ඒ කොටස පුරවති.

තස‍්ස පන තස‍්මිං පදෙසෙ අසොධිතෙ විප‍්පකතෙයෙව රම‍්මනගරවාසිනො මනුස‍්සා භගවතො කාලමාරොචෙසුං – “නිට‍්ඨිතං, භන‍්තෙ, භත‍්ත”න‍්ති. එවං තෙහි කාලෙ ආරොචිතෙ දසබලො ජයසුමනකුසුමසදිසවණ‍්ණං දුපට‍්ටචීවරං තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙත්‍වා නිවාසෙත්‍වා තස‍්සුපරි සුවණ‍්ණපාමඞ‍්ගෙන ජයසුමනකුසුමකලාපං පරික‍්ඛිපන‍්තො විය විජ‍්ජුලතාසස‍්සිරිකං කායබන්‍ධනං බන්‍ධිත්‍වා කනකගිරිසිඛරමත්‍ථකෙ ලාඛාරසං පරිසිඤ‍්චන‍්තො විය සුවණ‍්ණචෙතියං පවාළජාලෙන පරික‍්ඛිපන‍්තො විය ච සුවණ‍්ණග‍්ඝිකං රත‍්තකම‍්බලෙන පටිමුඤ‍්චන‍්තො විය ච සරදසමයරජනිකරං රත‍්තවලාහකෙන පටිච‍්ඡාදෙන‍්තො විය ච ලාඛාරසෙන තින‍්තකිංසුකකුසුමසදිසවණ‍්ණං රත‍්තවරපංසුකූලචීවරං පාරුපිත්‍වා ගන්‍ධකුටිද‍්වාරතො කඤ‍්චනගුහතො සීහො විය නික‍්ඛමිත්‍වා ගන්‍ධකුටිපමුඛෙ අට‍්ඨාසි. අථ සබ‍්බෙ භික‍්ඛූ අත‍්තනො අත‍්තනො පත‍්තචීවරමාදාය භගවන‍්තං පරිවාරයිංසු. තෙ පන පරිවාරෙත්‍වා ඨිතා භික‍්ඛූ එවරූපා අහෙසුං –

එතුමන්ගේ ඒ කොටස පිරිසිදු කිරීමට මත්තෙන් විප්‍රකෘතිව තිබියදීම රම්මනුවරු භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, දැන් සූදානම් යයි කල් සැලකළහ. මෙසේ ඔවුන් කල්දැන්වූ පසු බුදුහු බඳුවදමල් පැහැති දෙපට සිවුර තිමඬුලු වසා හැඳ ඒ මත රන්පමුදමකින් මල්කළඹක් වටකරන්නෙක් මෙන් විදුලියක් වන් සශ්‍රීක කායබන්ධනය බැඳ රන්ගිරි කුළක් මත ලාරස ඉසින්නාක් මෙන් රන්සෑයක් පබළු දැලකින් වසන්නාක් මෙන්ද රන් ඇගෑයක් රත්කම්බිලියකින් පළඳවන්නාක් මෙන්ද සරාසඳ, රත්වලායෙකින් වසන්නාක් මෙන්ද ලාරසින් තෙත් කෑලමල සම පැහැති උතුම් රතු පාංශුකූල චීවරය පෙරවා ගඳකිළි දොරෙන් රන්ගුහාවකින් සිංහයකු මෙන් නික්ම ගඳකිළි ඉදිරියෙහි සිටියහ. එවිට සියලු භික්‍ෂූහු තම පාසිවුරු ගෙන බුදුන් පිරිවැරූහ. පිරිවරාගත් ඒ භික්‍ෂූහු මෙබඳු වූහ:-

“අප‍්පිච‍්ඡා පන සන‍්තුට‍්ඨා, වත‍්තාරො වචනක‍්ඛමා; පවිවිත‍්තා අසංසට‍්ඨා, විනීතා පාපගරහිනො.

අල්පෙච්ඡ වූහ සන්තුෂ්ටයහ. වක්තෘහ. වචනක්‍ෂමයහ. ප්‍රවිචිගතයහ. අසංසට්ඨයහ. වීනීකයහ. පගර්හිතයහ.

“සබ‍්බෙපි සීලසම‍්පන‍්නා, සමාධිජ‍්ඣානකොවිදා; පඤ‍්ඤාවිමුත‍්තිසම‍්පන‍්නා, තිපඤ‍්චචරණායුතා.

සියල්ලෝම සීලසම්පන්න වෙති. සමාධියෙහි ධ්‍යානයෙහි දක්‍ෂවූවෝ වෙති. ප්‍රඥාවිමුක්තියෙන් යුක්ත වෙති. චරණයෙන් යුක්ත වූවෝ වෙති.

“ඛීණාසවා වසිප‍්පත‍්තා, ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො; සන‍්තින්‍ද්‍රියා දමප‍්පත‍්තා, සුද‍්ධා ඛීණපුනබ‍්භවා”ති.

ක්‍ෂීණාස්‍රවයෝය. වසීප්‍රාප්තයහ. ඍද්ධිමත්හුය. යසස් ඇත්තෝය. ශාන්ත ඉන්‍ද්‍රිය ඇත්තෝය. දමනයට පත්වූවෝය. පුනර්භවය ක්‍ෂය කළාහුය.

ඉති භගවා සයං වීතරාගො වීතරාගෙහි වීතදොසො වීතදොසෙහි වීතමොහො වීතමොහෙහි පරිවුතො අතිවිය විරොචිත්‍ථ. අථ සත්‍ථා මහානුභාවානං ඛීණාසවානං ඡළභිඤ‍්ඤානං චතූහි සතසහස‍්සෙහි පරිවුතො මරුගණපරිවුතො දසසතනයනො විය බ්‍රහ‍්මගණපරිවුතො හාරිතමහාබ්‍රහ‍්මා විය ච අපරිමිතසමයසමුපචිතකුසලබලජනිතාය අනොපමාය බුද‍්ධලීළාය තාරාගණපරිවුතො සරදසමයරජනිකරො විය ච ගගනතලං තං මග‍්ගං අලඞ‍්කතපටියත‍්තං පටිපජ‍්ජි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ වීතරාගව වීතරාගීන් සමග වීතදෝසීව වීතදෝසීන් සමග වීතමෝහීව වීතමෝහීන් සමග ඔවුන් පිරිවරන ලදුව අතිශයින් බැබළි සේක. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ෂඩභිඥාලාභී ක්‍ෂීණාස්‍රවයන් හාරලක්‍ෂයක් පිරිවරා දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ මහබඹු මෙන් අපමණ කල්හි රැස්කළ පින් බෙලෙන් උපන් අනූපම බුද්ධ ලීලාවෙන් තරුගණ පිරිවැරූ සරාසඳ ගුවන්තලය මෙන් සරසා පිළියෙල කළ ඒ මගට පිළිපන් සේක.

“සුවණ‍්ණවණ‍්ණාය පභාය ධීරො, සුවණ‍්ණවණ‍්ණෙ කිර මග‍්ගරුක‍්ඛෙ; සුවණ‍්ණවණ‍්ණෙ කුසුමෙ කරොන‍්තො, සුවණ‍්ණවණ‍්ණො පටිපජ‍්ජි මග‍්ගං”.

රන්වන් පැහැයෙන් රන්වන් මඟරුක් රන්වන් පැහැයට සම කරමින් රන්වන් වීරයන්වහන්සේ මඟට පිළිපන්හ.

සුමෙධතාපසොපි තෙන අලඞ‍්කතපටියත‍්තෙන මග‍්ගෙන ආගච‍්ඡන‍්තස‍්ස දීපඞ‍්කරස‍්ස භගවතො ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං අසීතියා අනුබ්‍යඤ‍්ජනෙහි අනුරඤ‍්ජිතං බ්‍යාමප‍්පභාය පරික‍්ඛෙපං සස‍්සිරිකං ඉන්‍දනීලමණිසදිසං ආකාසෙ නානප‍්පකාරා විජ‍්ජුලතා විය ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තං රූපසොභග‍්ගප‍්පත‍්තං අත‍්තභාවං අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකෙත්‍වා – “අජ‍්ජ මයා දසබලස‍්ස ජීවිතපරිච‍්චාගං කාතුං වට‍්ටතී”ති, “මා භගවා කලලෙ අක‍්කමි, මණිමයඵලකසෙතුං අක‍්කමන‍්තො විය සද‍්ධිං චතූහි ඛීණාසවසතසහස‍්සෙහි මම පිට‍්ඨිං අක‍්කමන‍්තො ගච‍්ඡතු, තං මෙ භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති කෙසෙ මොචෙත්‍වා අජිනජටාවාකචීරානි කාළවණ‍්ණෙ කලලෙ පත්‍ථරිත්‍වා තත්‍ථෙව කලලපිට‍්ඨෙ නිපජ‍්ජි. තෙන වුත‍්තං –

සුමේධ තාපසයෝ ද ඒ සරසා පිළියෙල කළ මඟින් වඩින දිවකුරු භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස්වර ලකුණින් හෙබි අසූ අනූලකුණින් අනුරඤ්ජිත ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් සශ්‍රීක වූ ඉඳුනිල්මිණි වන් අහසෙහි නන්බඳු විදුලිය මෙන් සවනක් බුදුරස් විහිදුවන රුවින් අගපත් බුදුබඳ ඇස් දල්වා බලා අද මා විසින් දසබලයන් වහන්සේට ජීවිත පරිත්‍යාග කරන්ට වටනේ යයි භාග්‍යවතුන් වහන්සේ මඩ නොමඩින සේක්වා. මිණිපෝරු හෙයක් මඩින්නාක් මෙන් සාර ලක්‍ෂයක් රහතුන් සමග මාගේ පිට මඩිමින් වඩින සේක්වා. එය මට දිගුකල් හිතසුව පිණිස මෙය කියා කෙස් මුදා අඳුන් දිවිසම් ජටාමඬුලු වැහැරි සිවුරු කළුමඩෙහි පතුරුවා එහිම මඩ මත හොත්හ. එහෙයින් කියන ලදි:-

“තෙ මෙ පුට‍්ඨා වියාකංසු, බුද‍්ධො ලොකෙ අනුත‍්තරො; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො; තස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායනං.

තෙ මෙ පුට්ඨා බ්‍යාකරිංසු බුද්ධො ලොකෙ අනුත්තරො දීපංකරො නාම ජිනෙ උප්පජ්ජි ලොකනායකො තස්ස සොධීයත්ත මග්ගො අඤ්ජසං වටුමායනං

“බුද‍්ධොති වචනං සුත්‍වාන, පීති උප‍්පජ‍්ජි තාවදෙ; බුද‍්ධො බුද‍්ධොති කථයන‍්තො, සොමනස‍්සං පවෙදයිං.

බුද්ධොති මම සත්‍වාන පීති උප්පජ්ජි තංවදෙ බුද්ධො බුද්ධොති කථයන්තො සොමනස්සං පවෙදයිං

“තත්‍ථ ඨත්‍වා විචින‍්තෙසිං, තුට‍්ඨො සංවිග‍්ගමානසො; ඉධ බීජානි රොපිස‍්සං, ඛණො වෙ මා උපච‍්චගා.

තත්‍ථ ඨත්‍වා විචින්තෙසිං තුට්ඨො සංවිග්ගමානසො ඉධ බීජානි රොපිස්සං ඛණෙ වෙ මං උපච්චගා

“යදි බුද‍්ධස‍්ස සොධෙථ, එකොකාසං දදාථ මෙ; අහම‍්පි සොධයිස‍්සාමි, අඤ‍්ජසං වටුමායනං.

යදි බුද්ධස්ස සොධෙථ එකොකාසං දදාථ චෙ අහං ච සොධයිස්සාමි අඤ්ජසං වටුමායනං

“අදංසු තෙ මමොකාසං, සොධෙතුං අඤ‍්ජසං තදා; බුද‍්ධො බුද‍්ධොති චින‍්තෙන‍්තො, මග‍්ගං සොධෙමහං තදා.

අදං සු තෙ මමොකාසං සොධෙතුං අඤ්ජසං තදා බුද්ධො බුද්ධොති වින්තෙන්තො මග්ගං සොධෙමහංතදා

“අනිට‍්ඨිතෙ මමොකාසෙ, දීපඞ‍්කරො මහාමුනි; චතූහි සතසහස‍්සෙහි, ඡළභිඤ‍්ඤෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, පටිපජ‍්ජි අඤ‍්ජසං ජිනො.

අනිට්ඨිතෙ මමොකාසෙ දීපංකරො මහාමුනි චතුහි සතසහ්සෙහි ඡළභිඤ්ඤෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි පටිපජ්ජි අඤ්ජසං ජිනො

“පච‍්චුග‍්ගමනා වත‍්තන‍්ති, වජ‍්ජන‍්ති භෙරියො බහූ; ආමොදිතා නරමරූ, සාධුකාරං පවත‍්තයුං.

පච්චුග්ගමනා චත්තන්ති වජ්ජන්ති භෙරියො බහූ ආමොදිකා නරමරූ සාධුකාරං පවත්තයුං

“දෙවා මනුස‍්සෙ පස‍්සන‍්ති, මනුස‍්සාපි ච දෙවතා; උභොපි තෙ පඤ‍්ජලිකා, අනුයන‍්ති තථාගතං.

දෙවා මනුස්සෙ පස්සන්ති මානුසා පිච දෙවතා උභොපි තෙ පඤ්ජලිකා අනුයන්ති තථාගතං

“දෙවා දිබ‍්බෙහි තුරියෙහි, මනුස‍්සා මානුසෙහි ච; උභොපි තෙ වජ‍්ජයන‍්තා, අනුයන‍්ති තථාගතං.

දෙවා දිබ්බෙහි තුරියෙහි මනුස්සා මානුසෙහි ච උභොපි තෙ වජ්ජයන්තා අනුයන්ති තථාගතං

“දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං, පදුමං පාරිඡත‍්තකං; දිසොදිසං ඔකිරන‍්ති, ආකාසනභගතා මරූ.

දිබ්බං මන්‍දාරචං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං දිසො දිසං ඔකිරන්ති ආකාස නභගතා මරූ

“දිබ‍්බං චන්‍දනචුණ‍්ණඤ‍්ච, වරගන්‍ධඤ‍්ච කෙවලං; දිසොදිසං ඔකිරන‍්ති, ආකාසනභගතා මරූ.

[missing]

“චම‍්පකං සරලං නීපං, නාගපුන‍්නාගකෙතලං; දිසොදිසං උක‍්ඛිපන‍්ති, භූමිතලගතා නරා.

චම්පකං සල්ලං නීපං නාග පුන්න කෙතකං දිසො දිසං උක්‍ඛිපන්ති භූමිතලගතා නරා

“කෙසෙ මුඤ‍්චිත්‍වාහං තත්‍ථ, වාකචීරඤ‍්ච චම‍්මකං; කලලෙ පත්‍ථරිත්‍වාන, අවකුජ‍්ජො නිපජ‍්ජහං.

කෙසෙ මුඤ්චිත්‍වහං තත්‍ථ වාකචීරං ච චම්මතං කලලෙ පත්‍ථරිත්‍වාන අවකුජ්ජො නිපජ්ජහං

“අක‍්කමිත්‍වාන මං බුද‍්ධො, සහ සිස‍්සෙහි ගච‍්ඡතු; මා නං කලලෙ අක‍්කමිත්‍ථ, හිතාය මෙ භවිස‍්සතී”ති.

අක්කමිත්‍වාන මං බුද්ධො සහ සස්සෙහි ගච්ඡතු මා නං කලලෙ අක්කමිත්‍ථො හිතාය මෙ භවිස්සතීති

තත්‍ථ වියාකංසූති බ්‍යාකරිංසු. “දීපඞ‍්කරො නාම ජිනො, තස‍්ස සොධීයති පථො”තිපි පාඨො. සොමනස‍්සං පවෙදයින‍්ති සොමනස‍්සමනුභවින‍්ති අත්‍ථො. තත්‍ථ ඨත්‍වාති යස‍්මිං පදෙසෙ ආකාසතො ඔතරි, තත්‍ථෙව ඨත්‍වා. සංවිග‍්ගමානසොති පීතිවිම‍්හිතමානසො. ඉධාති ඉමස‍්මිං දීපඞ‍්කරෙ පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ. බීජානීති කුසලබීජානි. රොපිස‍්සන‍්ති රොපිස‍්සාමි. ඛණොති අට‍්ඨක‍්ඛණවිරහිතො නවමො ඛණසන‍්නිපාතො. අතිදුල‍්ලභො සො මයා පටිලද‍්ධො. වෙති නිපාතමත‍්තං. මා උපච‍්චගාති සො මා අච‍්චගමා, මා අතික‍්කමීති අත්‍ථො. දදාථාති දෙථ. තෙති යෙ මෙ පුට‍්ඨා මනුස‍්සා, තෙති අත්‍ථො. සොධෙමහං තදාති සොධෙමි අහං තදා. අනිට‍්ඨිතෙති අපරියොසිතෙ විප‍්පකතෙ. ඛීණාසවෙහීති එත්‍ථ චත‍්තාරො ආසවා – කාමාසවො, භවාසවො, දිට‍්ඨාසවො, අවිජ‍්ජාසවොති (චූළනි· ජතුකණ‍්ණිමාණවපුච‍්ඡානිද‍්දෙස 69) ඉමෙ චත‍්තාරො ආසවා යෙසං ඛීණා පහීනා සමුච‍්ඡින‍්නා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, තෙ ඛීණාසවා, තෙහි ඛීණාසවෙහි. ඛීණාසවත‍්තායෙව විමලෙහි.

එහි බ්‍යාකරිංසු යනු; ප්‍රකාශ කළහ. දීපංකරො ‘නාම ජිනො තස්ස සොධීයතී පථො කියා ද පාඨයකි. සොමනස්සං පවෙදයිං යනු; සොම්නස අනුභව කළෙමි යන අර්ථයි. කත්‍ථ ඨත්‍වා යනු; යම් පෙදෙසක අහසින් බැස්සේ ද එහිම සිට. සංවිග්ගමානසො යනු; ප්‍රීතියෙන් විස්මිත මනස් ඇතිව. ඉධාපි යනු; මේ දිවකුරු පින්කෙත්හි බීජානි යනු; කුසල් බීජ. රොපෙස්සං යනු; රෝපණය කරමි. ඛණො යනු; අෂ්ට ක්‍ෂණ රහිත නවවැනි ක්‍ෂණ සන්නිපාතය. ඒ අත්දුර්ලභ සමය මා විසින් ලබන ලදි. වෙ යනු; නිපාත මාත්‍රයකි. මා උපච්චගා යනු; එය බැහැර නොවේවා නොඉක්මයේවා යන අර්ථයි. දදාථ යනු; දෙව්. තෙ යනු; මා විචාළ මිනිස්සු යමෙක්ද ඔවුහු යන අර්ථයි. සොධොමහං තදා යනු; එකල්හි මම පිරිසිදු කරමි. අනිට්ඨතෙ යනු; පිරිසිදු නොකළ කල්හි අඩාල වූ කල්හි. ඛීණංසවෙහි යනු; මෙහි ආසව සතරකි. කාමාසව, භවාසව, දිට්ඨාසව අවිජ්ජාසවයි. මේ සතර ආසව යමෙකුගේ ක්‍ෂීණ ද ප්‍රහීණ ද මුලිනුපුටන ලදද සංසිඳුණාහුහ ඉපදීමට අභව්‍ය වූවාහු ද ඥානාග්නියෙන් දවන ලදද ඔවුහු ක්‍ෂීණාස්‍රව වෙති. ඔවුන් විසින් ක්‍ෂීණාස්‍රව හෙයින්ම නිර්මල වූවන්.

දෙවා මනුස‍්සෙ පස‍්සන‍්තීති එත්‍ථ දෙවානං මනුස‍්සදස‍්සනෙ වත‍්තබ‍්බං නත්‍ථි, පකතිදස‍්සනවසෙන පන යථා මනුස‍්සා ඉධ ඨත්‍වා පස‍්සන‍්ති, එවං දෙවාපි මනුස‍්සෙ පස‍්සන‍්තීති අත්‍ථො. දෙවතාති දෙවෙ. උභොපීති උභො දෙවමනුස‍්සා. පඤ‍්ජලිකාති කතපඤ‍්ජලිකා, උභොපි හත්‍ථෙ සිරසි පතිට‍්ඨාපෙත්‍වාති අත්‍ථො. අනුයන‍්ති තථාගතන‍්ති තථාගතස‍්ස පච‍්ඡතො යන‍්ති, අනුයොගෙ සති සාමිඅත්‍ථෙ උපයොගවචනං හොතීති ලක‍්ඛණං. තෙන වුත‍්තං “අනුයන‍්ති තථාගත”න‍්ති. වජ‍්ජයන‍්තාති වාදෙන‍්තා.

දෙවා මනුස්සෙ පස්සන්ති යනු; මෙහි දෙවියන්ගේ මිනිස් දර්ශනයෙහි කිවයුත්තක් නැත. ස්වභාව දැකීම් වශයෙන් මිනිස්සු යම්සේ මෙහි සිට දකිත්ද එසේ දෙවියෝ ද මිනිසුන් දකිති යන අර්ථයි. දේවතා යනු දෙවියන්. උභොපි යනු; දෙව් මිනිස් දෙගොල්ල. පඤ්ජලිකා යනු; කරන ලද ඇඳිලි ඇතිව, දැක හිසෙහි තබා යන අර්ථයි. අනුයන්ති තථාගතං යනු; තථාගතයන් පිටුපසින් යති. අනුයෝගය ඇතිවිට සාම්‍යර්ථයෙහි උපයෝග පදය වෙයි යනු ලක්‍ෂණයි. එයින් කියන ලදි. අනුයන්ත තථාගතං යි. වජ්ජයන්තා යනු;

මන්‍දාරවන‍්ති මන්‍දාරවපුප‍්ඵං. දිසොදිසන‍්ති දිසතො දිසතො. ඔකිරන‍්තීති අවකිරන‍්ති. ආකාසනභගතාති ආකාසසඞ‍්ඛාතෙ නභසි ගතා. අථ වා ආකාසං ගතා සග‍්ගගතාව. “නභො”ති හි සග‍්ගො වුච‍්චති. මරූති අමරා. සරලන‍්ති සරලතරුකුසුමං. නීපන‍්ති කදම‍්බපුප‍්ඵං. නාගපුන‍්නාගකෙතකන‍්ති නාගපුන‍්නාගකෙතකපුප‍්ඵානි ච. භූමිතලගතාති භූමිගතා.

[missing trans] දිශාවෙන් දිශාවෙන්. ආකාසනභගතා යනු; අහස් සංඛ්‍යාත නභස්හිගත. නොහොත් අහසට ගියාහු. ස්වර්ගගත. නභො යනු; ස්වර්ගයයි. මරූ යනු; දෙවියෝයි. සල ලං යනු; හොරගස්වල මල් නීපං යනු; මිදෙල්ල මල්, නාමල්, පුවක් දොඹ මල්, වැටකේ මල්. භූමිතලාගත යනු; භූමිගත.

කෙසෙ මුඤ‍්චිත්‍වාහන‍්ති අහං කෙසෙ බද‍්ධා කලාපකුටිලජටා මුඤ‍්චිත්‍වා, විප‍්පකිරිත්‍වාති අත්‍ථො. තත්‍ථාති මය‍්හං දින‍්නෙ ඔකාසෙ. චම‍්මකන‍්ති චම‍්මක‍්ඛණ‍්ඩං. කලලෙති චික‍්ඛල‍්ලකද‍්දමෙ. අවකුජ‍්ජොති අධොමුඛො හුත්‍වා. නිපජ‍්ජහන‍්ති නිපජ‍්ජිං අහං. මා නන‍්ති එත්‍ථ මාති පටිසෙධත්‍ථෙ නිපාතො. නන‍්ති පදපූරණත්‍ථෙ නිපාතො, බුද‍්ධො කලලෙ මා අක‍්කමිත්‍ථාති අත්‍ථො. හිතාය මෙ භවිස‍්සතීති තං කලලෙ අනක‍්කමනං දීඝරත‍්තං මම හිතත්‍ථාය භවිස‍්සතීති. “සුඛාය මෙ භවිස‍්සතී”තිපි පාඨො.

කෙසෙ මුඤ්චිත්‍වහං යනු; මම කේශයෙහි බැඳි නිල්රන්වන් වක් ජටාව මුදා විසුරුවා යන අර්ථයි. තත්‍ථ යනු; මට දුන් ඉඩෙහි. චම්මකං යනු සම්කඩ. කලලෙ යනු; ගොහොරු මඩෙහි. අවකුජ්ජොති යනු මුනින්තළා වී. නිපජ්ජහං යනු; මම වැතිරගතිමි. මා නං යනු; මා යනු ප්‍රතිෂෙධාර්ථයෙහිය. නං යනු පදපූරණාර්ථයෙහි නිපාතයි. බුදුහු මඩ නොපාගත්වා යන අර්ථයි. හිතාය මෙ භවිස්සති යනු; ඒ මඩ නොපෑගීම දිගුකල් හිත පිණිස වන්නේය. සුඛාය මෙ භවිස්සති කියා ද පාඨයි.

තතො සුමෙධපණ‍්ඩිතො කලලපිට‍්ඨෙ නිපන‍්නො එවං චින‍්තෙසි – “සචාහං ඉච‍්ඡෙය්‍යං සබ‍්බකිලෙසෙ ඣාපෙත්‍වා සඞ‍්ඝනවකො හුත්‍වා රම‍්මනගරං පවිසෙය්‍යං, අඤ‍්ඤාතකවෙසෙන පන මෙ කිලෙසෙ ඣාපෙත්‍වා නිබ‍්බානප‍්පත‍්තියා කිච‍්චං නත්‍ථි, යංනූනාහං දීපඞ‍්කරදසබලො විය පරමාභිසම‍්බොධිං පත්‍වා ධම‍්මනාවං ආරොපෙත්‍වා මහාජනං සංසාරසාගරා උත‍්තාරෙත්‍වා පච‍්ඡා පරිනිබ‍්බායෙය්‍යං, ඉදං මෙ පතිරූප”න‍්ති. තතො අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි. තෙන වුත‍්තං –

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ මඩ මත හොත්තාහු මෙසේ සිතූහ. ඉඳින් මම කැමති වන්නෙම් නම් සියලු කෙලෙස් නසා සංඝ නවකව (අළුත් මහණෙක්ව) මෙම නුවරට පිවිසෙමි. අප්‍රකට වේශයෙන් මගේ කෙලෙස් දවා නිවන් පැමිණීමෙන් වැඩෙක් නැත. මම දීපංකර දසබලයන් වහන්සේ මෙන් උතුම් බුදුබවට පැමිණ මහජනයා දහම් නැවට නංවා සසර සයුරෙන් එතෙර කොට පිරිනිවන් පාන්නෙම් නම් මැනවි. මෙය මට සුදුසුය කියායි. ඉක්බිති අටදහම් ගළපා බුදුබව සඳහා දැඩි අධිෂ්ඨාන කොට වැදහොත්තාහ. එහෙයින් කියන ලදි:-

“පථවියං නිපන‍්නස‍්ස, එවං මෙ ආසි චෙතසො; ඉච‍්ඡමානො අහං අජ‍්ජ, කිලෙසෙ ඣාපයෙ මම.

පඨවියං නිපන්නස්ස එවම්මෙ ආසි චෙතසො ඉච්ඡමානො අහං අජ්ජ කිලෙසෙ ඣාපයෙ මම

“කිං මෙ අඤ‍්ඤාතවෙසෙන, ධම‍්මං සච‍්ඡිකතෙනිධ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, බුද‍්ධො හෙස‍්සං සදෙවකෙ.

කිම්මෙ අඤ්ඤාතවෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ [missing]

“කිං මෙ එකෙන තිණ‍්ණෙන, පුරිසෙන ථාමදස‍්සිනා; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, සන‍්තාරෙස‍්සං සදෙවකං.

“ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත‍්තමෙ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, තාරෙමි ජනතං බහුං.

[missing] සබ්බඤ්ඤුතං පාපුණාමි තාරෙමි ජනතං බහුං

“සංසාරසොතං ඡින්‍දිත්‍වා, විද‍්ධංසෙත්‍වා තයො භවෙ; ධම‍්මනාවං සමාරුය‍්හ, සන‍්තාරෙස‍්සං සදෙවක”න‍්ති.

සංසාරසොතං ඡින්‍දිත්‍වා විද්ධංසෙත්‍වා තයො භවෙ ධම්මනාවං සමාරුය්හ සන්තාරෙස්සං සදේවකෙ

තත්‍ථ පථවියං නිපන‍්නස‍්සාති පුථවියා නිපන‍්නස‍්ස. අයමෙව වා පාඨො. චෙතසොති චෙතසො පරිවිතක‍්කො අහොසීති අත්‍ථො. “එවං මෙ ආසි චෙතනා”තිපි පාඨො. ඉච‍්ඡමානොති ආකඞ‍්ඛමානො. කිලෙසෙති කිලිස‍්සන‍්ති උපතාපෙන‍්තීති කිලෙසා, රාගාදයො දස. ඣාපයෙති ඣාපෙය්‍යං, මම කිලෙසෙ ඣාපයෙ අහන‍්ති අත්‍ථො.

එහි පඨවියං නිපන්නස්ස යනු; පොළොවෙහි වැදහොත්, පාඨය මෙයම හෝයි. චෙතසො යනු; චිත්ත පරිවිතර්කයක් විය යන අර්ථයි. එවං මෙ ආසි චේතනා යි ද පාඨයි. ඉච්ඡමානො යනු; කැමති වෙමින්. කිලෙසෙ යනු; කිලිටි කරති, උප්තාපනය කරතිනුයි ක්ලේශයෝයි. රාගාදි දසයයි. ඣාපයෙ යනු; දවන්නෙමි. මාගේ කෙලෙස් මම දවන්නෙමි යන අර්ථයි.

කින‍්ති පටික‍්ඛෙපවචනං. අඤ‍්ඤාතවෙසෙනාති අපාකටවෙසෙන, අවිඤ‍්ඤාතෙන පටිච‍්ඡන‍්නෙන. ඉධ පන භික‍්ඛූ විය ආසවක‍්ඛයං කත්‍වා කිං, බුද‍්ධකරෙ ධම‍්මෙ පූරෙත්‍වා පටිසන්‍ධිජාතිබොධිධම‍්මචක‍්කප‍්පවත‍්තනෙසු මහාපථවිකම‍්පනං කත්‍වා බුද‍්ධො බොධෙතා, තිණ‍්ණො තාරෙතා, මුත‍්තො මොචෙතා භවෙය්‍යන‍්ති අධිප‍්පායො. සදෙවකෙති සදෙවකෙ ලොකෙ.

කිං යනු; ප්‍රතික්‍ෂේප වචනයි. අඤ්ඤාත වෙසෙන යනු; අප්‍රකට වේශයෙන්, නොදන්නා සැඟවුණු මෙහි වනාහි භික්‍ෂුවක් මෙන් ආස්‍රව නැසීමෙන් කිම? බුදුකුරු දහම් පුරා ප්‍රතිසන්‍ධි ජාති බොධි ධම්මචක්කනයන්හි පොළොව කම්පාකොට බුදුව අවබෝධ කරවන්නෙක් එතෙරව එතෙර කරවන්නෙක් මිදී මුදවන්නෙක් වන්නෙමි යන අදහසයි. සදෙවකෙ යනු; දෙවියන් සහිත ලෝකයෙහි

ථාමදස‍්සිනාති අත‍්තනො ථාමබලං පස‍්සමානෙන. සන‍්තාරෙස‍්සන‍්ති සන‍්තාරෙස‍්සාමි. සදෙවකන‍්ති සදෙවකං සත‍්තනිකායං, සදෙවකං ලොකං වා. අධිකාරෙනාති අධිවිසිට‍්ඨෙන කාරෙන, බුද‍්ධස‍්ස මම ජීවිතං පරිච‍්චජිත්‍වා කලලපිට‍්ඨෙ සයනෙනාධිකාරෙනාති අත්‍ථො.

ථාමදස්සිනා යනු; තමන්ගේ ථාමබලය දක්නහු විසින් සන්තාරෙස්සං යනු; එතෙර කරවන්නෙමි. සදෙවකෙ යනු; දෙවියන් සහිත සත්ත්වයන් අතර, දෙවියන් සහිත ලෝකයෙහි හෝ ය. අධිකාරෙන යනු; අති විශිෂ්ට කාර්යයෙන්, බුදුන්ට මාගේ ජීවිතය පුදා කලල්මත වැතිරෙන අති විශිෂ්ට කාර්යයෙන් යන අර්ථයි.

සංසාරසොතන‍්ති කම‍්මකිලෙසවසෙන යොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිනවසත‍්තාවාසෙසු ඉතො චිතො ච සංසරණං සංසාරො. යථාහ –

සංසාර සොතං යනු; කර්ම ක්ලේශ වශයෙන් යෝනි ගති විඤ්ඤාණස්ථිති නව සත්ත්වාවාසයන්හි ඔබිනොබ සංසරණය සංසාරයයි. කී පරිදි:-

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනානඤ‍්ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතී”ති. (විසුද‍්ධි· 2.619; දී· නි· අට‍්ඨ· 2.95 අපසාදනාවණ‍්ණනා; සං· නි· අට‍්ඨ· 2.2.60; අ· නි· අට‍්ඨ· 2.4.199; ධ· ස· අට‍්ඨ· නිදානකථා; විභ· අට‍්ඨ· 226 සඞ‍්ඛාපදනිද‍්දෙස; සු· නි· අට‍්ඨ· 2.523; උදා· අට‍්ඨ· 39; ඉතිවු· අට‍්ඨ· 14, 58; ථෙරගා· අට‍්ඨ· 1.67, 99; චූළනි· අට‍්ඨ· 6; පටි· ම· අට‍්ඨ· 2.1.117);

ස්කන්ධයන්ගේ පිළිවෙළ මෙන්ම ධාතු ආයතනයන් නොසිඳ පැවැත්ම සංසාරයයි කියනු ලැබේ.

සංසාරො ච සො සොතං චෙති සංසාරසොතං, තං සංසාරසොතං. අථ වා සංසාරස‍්ස සොතං සංසාරසොතං, සංසාරකාරණං තණ‍්හාසොතං ඡින්‍දිත්‍වාති අත්‍ථො. තයො භවෙති කාමරූපාරූපභවෙ. තිභවනිබ‍්බත‍්තකකම‍්මකිලෙසා තයො භවාති අධිප‍්පෙතා. ධම‍්මනාවන‍්ති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං. සො හි චතුරොඝුත‍්තරණට‍්ඨෙන “ධම‍්මනාවා”ති වුච‍්චති. සමාරුය‍්හාති ආරුය‍්හ. සන‍්තාරෙස‍්සන‍්ති සන‍්තාරෙස‍්සාමි. යස‍්මා පන බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස –

සංසාරය ද එම සෝතය ද සංසාරසේක නමි. ඒ සංසාරසොතය. නොහොත් සංසාරයාගේ සෝතය සංසාරසොතයි. ඒ සංසාර කාරණය තණ්හා සොතය සිඳ යන අර්ථයි. තයො භවෙ යනු; කාම රූප අරූප භවයෙහි භවය උපදවන කර්ම ක්ලේශ තයො භවා යි අභිප්‍රේතයි. ධම්මනාවා යනු; අරි අටඟි මගයි. එය සතර ඕඝයන් තරණය කිරීම් අර්ථයෙන් ධම්මනාවා යි කියනු ලැබේ. සමාරුය්හ යනු; නැගී සන්තාරෙස්සං යනු; එගොඩ කරවන්නෙමි. යම් හෙයකින් වනාහි බුදුබව පතන්නහුගේ:-

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣති”.

මනුස්සත්තං ලිංගසම්පත්ති හෙතු සත්‍ථාරදස්සනං පබ්බජ්ජා ගුණසම්පත්ති අධිකාරො ච ඡන්‍දතා අට්ඨධම්මසමොධානා අභිනීහාරො සමිජ්ඣතීති

තත්‍ථ මනුස‍්සත‍්තන‍්ති මනුස‍්සත‍්තභාවෙයෙව ඨත්‍වා බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, න නාගජාතිආදීසු ඨිතානං. කස‍්මාති චෙ? අහෙතුකභාවතො.

එහි මනුස්සත්තං යනු; මිනිසත් බැව්හිම සිට බුදුබව පතන්නහුගේ දැකීම සම්බන්‍ධ වෙයි. නාගජාති ආදියෙහි සිටියවුන්ට නොවෙයි. කුමක් නිසාද යත්:- අහේතුකබව නිසාය.

ලිඞ‍්ගසම‍්පත‍්තීති මනුස‍්සත‍්තභාවෙ වත‍්තමානස‍්සාපි පුරිසලිඞ‍්ගෙ ඨිතස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, න ඉත්‍ථියා වා පණ‍්ඩකනපුංසකඋභතොබ්‍යඤ‍්ජනකානං වා සමිජ‍්ඣති . කස‍්මාති චෙ? ලක‍්ඛණපාරිපූරියා අභාවතො. වුත‍්තඤ‍්හෙතං – “අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං ඉත්‍ථී අරහං අස‍්ස සම‍්මාසම‍්බුද‍්ධො”ති (ම· නි· 3.130; අ· නි· 1.279; විභ· 809) විත්‍ථාරො. තස‍්මා ඉත්‍ථිලිඞ‍්ගෙ ඨිතස‍්ස මනුස‍්සජාතිකස‍්සාපි පත්‍ථනා න සමිජ‍්ඣති.

මිනිසත් බැව්හි සිටින්නහුට ද පුරුෂ ලිංගයෙහි සිටියහුගේම පැතීම සඵල වෙයි. ස්ත්‍රියට හෝ පණ්ඩක නපුංසක උභතොබ්‍යංජකයන්ට සඵල නොවෙයි. කුමක් නිසාද යත්:- ලක්‍ෂණ පරිපූර්ණය නොමැති හෙයිනි. මෙය කියන ලදි. “මහණෙනි, ස්ත්‍රියක් අර්හත් සම්‍යක් සම්බුද්ධ වන්නේය යන යමක් ඇද්ද මෙය නොසිදුවන්නකි. ඊට අවකාශ නැත.”යි විස්තරයි. එහෙයින් ස්ත්‍රීලිංගයෙහි සිටි මිනිස් ජාතිකයෙකුගේ ද පැතුම ඉටු නොවෙයි.

හෙතූති පුරිසස‍්සාපි තස‍්මිං අත‍්තභාවෙ අරහත‍්තප‍්පත‍්තියා හෙතුසම‍්පන‍්නස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, නො ඉතරස‍්ස.

හේතු යනු; පිරිමියකු වුව එම අත්බැව්හි රහත්වීමට හේතු ඇත්තකුගේම පැතුම සඵල වෙයි. අනිකකුට නොවෙයි.

සත්‍ථාරදස‍්සනන‍්ති සචෙ ජීවමානකබුද‍්ධස‍්සෙව සන‍්තිකෙ පත්‍ථෙති පත්‍ථනා සමිජ‍්ඣති. පරිනිබ‍්බුතෙ භගවති චෙතියස‍්ස සන‍්තිකෙ වා බොධිරුක‍්ඛමූලෙ වා පටිමාය වා පච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං වා සන‍්තිකෙ පත්‍ථනා න සමිජ‍්ඣති. කස‍්මා? භබ‍්බාභබ‍්බකෙ ඤත්‍වා කම‍්මවිපාකපරිච‍්ඡෙදකඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා බ්‍යාකාතුං අසමත්‍ථත‍්තා. තස‍්මා බුද‍්ධස‍්ස සන‍්තිකෙයෙව පත්‍ථනා සමිජ‍්ඣති.

සත්‍ථාරදස්සනං යනු; ඉඳින් ජීවමාන බුදුකෙනෙකුගේම හමුවෙහි පතයි නම් පැතුම සඵල වෙයි. බුදුන් පිරිනිවි පසු චෛත්‍යය ළඟ හෝ බෝරුක්මුලෙක හෝ ප්‍රතිමාවක් වෙත හෝ පසේබුදු බුදුසව්වන් වෙත හෝ පැතුම ඉටු නොවෙයි. කුමක් හෙයින්ද? භව්‍ය අභව්‍යයන් දැන කර්ම විපාක පිරිසිඳ දන්නා නුවණින් පිරිසිඳ දැන ප්‍රකාශ කිරීමට අසමත් බැවින් බුදුන් වෙත කරන පැතුමම ඉටුවෙයි.

පබ‍්බජ‍්ජාති බුද‍්ධස‍්ස භගවතො සන‍්තිකෙ පත්‍ථෙන‍්තස‍්සාපි කම‍්මකිරියවාදීසු තාපසෙසු වා භික‍්ඛූසු වා පබ‍්බජිතස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, නො ගිහිලිඞ‍්ගෙ ඨිතස‍්ස. කස‍්මා? පබ‍්බජිතායෙව හි බොධිසත‍්තා සම‍්බොධිං අධිගච‍්ඡන‍්ති, න ගහට‍්ඨා. තස‍්මා ආදිම‍්හි පණිධානකාලෙපි පබ‍්බජිතෙනෙව භවිතබ‍්බං.

පබ්බජ්ජා යනු; බුදුන් වෙත පතන්නහුට ද කර්ම ක්‍රියාවාදී තාපසයන් අතර හෝ භික්‍ෂූන් අතර හෝ පැවිදි වූවහුටම පැතුම සඵල වෙයි. ගිහිබැව්හි සිටියහුට නොවේ. කුමක් නිසාද? පැවිදිවූම බෝසත්හු සම්බෝධිය ප්‍රතිවේධ කරති. ගිහියෝ නොවෙති. එබැවින් ආදියෙහි ප්‍රතිධන් කාලයෙහිද පැවිද්දකු විය යුතුය.

ගුණසම‍්පත‍්තීති පබ‍්බජිතස‍්සාපි අට‍්ඨසමාපත‍්තිලාභිනො පඤ‍්චාභිඤ‍්ඤස‍්සෙව සමිජ‍්ඣති, න පන ඉමාය ගුණසම‍්පත‍්තියා විරහිතස‍්ස. කස‍්මා? නිග‍්ගුණස‍්ස තදභාවතො.

ගුණසම්පත්ති යනු; පඤ්චාභිඥා අෂ්ටසමාපත්තිලාභී පැවිද්දන්ගේම පැතුම සඵල වෙයි. මේ ගුණ සම්පත්වලින් තොරවූවහුගේ පැතුම ඉටු නොවෙයි. කුමක් නිසාද? නිර්ගුණ වූවහුට එය නොවන හෙයිනි.

අධිකාරොති ගුණසම‍්පන‍්නෙනාපි යෙන අත‍්තනො ජීවිතං බුද‍්ධානං පරිච‍්චත‍්තං හොති, තස‍්ස ඉමිනා අධිකාරෙන සම‍්පන‍්නස‍්සෙව සමිජ‍්ඣති, න ඉතරස‍්ස.

අධිකාරො යනු; ගුණසම්පන්නව යමකු විසින් සිය ජීවිතය බුදුවරුන්ට පුදන ලද්දේ වේද ඔහුට මේ අධිකාරයෙන් යුක්ත වූවහුටම සමෘද්ධ වේ. සෙස්සන්ට නොවේ.

ඡන්‍දතාති අභිනීහාරසම‍්පන‍්නස‍්සාපි යස‍්ස බුද‍්ධකාරකධම‍්මානං අත්‍ථාය මහන‍්තො ඡන්‍දො වායාමො ච උස‍්සාහො ච පරියෙට‍්ඨි ච, තස‍්සෙව සමිජ‍්ඣති, න ඉතරස‍්ස. තත්‍රිදං ඡන්‍දමහන‍්තතාය ඔපම‍්මං – සචෙ හි එවමස‍්ස, “යො පන සකලචක‍්කවාළගබ‍්භං එකොදකීභූතං අත‍්තනො බාහුබලෙන උත‍්තරිත්‍වා පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො පනිමං අත‍්තනො දුක‍්කරං න මඤ‍්ඤති ‘අහං ඉමං උත‍්තරිත්‍වා පාරං ගමිස‍්සාමී’”ති එවං මහතා ඡන්‍දෙන උස‍්සාහෙන සමන‍්නාගතො හොති, තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, න ඉතරස‍්ස (සු· නි· අට‍්ඨ· 1.ඛග‍්ගවිසාණසුත‍්තවණ‍්ණනා; අප· අට‍්ඨ· 1.දූරෙනිදාන, සුමෙධකථා; චරියා· අට‍්ඨ· පකිණ‍්ණකකථා).

එහිලා මේ ඡන්‍දමහත්වයට උපමාවයි. ඉදින් මෙසේ වෙයි නම්- යමෙක් එකම ජලාසයක් බවට පත්වේ. මුළු සක්වළ ගැබ තම බාහුබලයෙන් තරණය කොට එගොඩ යාමට සමත් වෙයි නම් ඔහු බුදුබවට පැමිණෙයි. යනුයි. යමෙක් මෙය තමාට දුෂ්කරයයි නොහඟී. මම මෙය තරණය කොට පරතෙරට යන්නෙමියි මහත් කැමැත්තෙන් උත්සාහයෙන් යුක්ත වෙයි. ඔහුගේ ප්‍රාර්ථනය සමෘද්ධ වෙයි. අනිකෙකුට නොවෙයි.

සුමෙධපණ‍්ඩිතො පන ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වාව බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි. දීපඞ‍්කරොපි භගවා ආගන‍්ත්‍වා සුමෙධපණ‍්ඩිතස‍්ස සීසභාගෙ ඨත්‍වා කලලපිට‍්ඨෙ නිපන‍්නං සුමෙධතාපසං දිස‍්වා – “අයං තාපසො බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, ඉජ‍්ඣිස‍්සති නු ඛො එතස‍්ස පත්‍ථනා, උදාහු නො”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා උපධාරෙන‍්තො – “ඉතො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා ඨිතකොව පරිසමජ‍්ඣෙ බ්‍යාකාසි – “පස‍්සථ නො, තුම‍්හෙ භික‍්ඛවෙ, ඉමං උග‍්ගතපං තාපසං කලලපිට‍්ඨෙ නිපන‍්න”න‍්ති. “එවං, භන‍්තෙ”ති. අයං බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, සමිජ‍්ඣිස‍්සති ඉමස‍්ස තාපසස‍්ස පත්‍ථනා, අයඤ‍්හි ඉතො කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො ලොකෙ භවිස‍්සති. තස‍්මිං පනස‍්ස අත‍්තභාවෙ කපිලවත්‍ථු නාම නගරං නිවාසො භවිස‍්සති, මහාමායා නාම දෙවී මාතා, සුද‍්ධොදනො නාම රාජා පිතා, උපතිස‍්සො ච කොලිතො ච ද‍්වෙ අග‍්ගසාවකා, ආනන්‍දො නාම උපට‍්ඨාකො, ඛෙමා ච උප‍්පලවණ‍්ණා ච ද‍්වෙ අග‍්ගසාවිකා භවිස‍්සන‍්ති . අයං පරිපක‍්කඤාණො හුත්‍වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා මහාපධානං පදහිත්‍වා නිග්‍රොධමූලෙ සුජාතාය නාම කුමාරියා දින‍්නං පායාසං පටිග‍්ගහෙත්‍වා නෙරඤ‍්ජරාය තීරෙ පරිභුඤ‍්ජිත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ අස‍්සත්‍ථරුක‍්ඛමූලෙ අභිසම‍්බුජ‍්ඣිස‍්සතීති. තෙන වුත‍්තං –

සුමේධ පණ්ඩිතයෝ වනාහි මේ අටදහම ගළපා බුදුබව සඳහා දැඩි අධිෂ්ඨානකොට වැදහොත්හ. දීපංකර භාග්‍යවතුන් වහන්සේ පැමිණ සුමේධ පණ්ඩිතයන්ගේ හිස පැත්තෙන් සිට කලල් මත සිටි සුමේධ තාපසයන් දැක මේ තාපසයෝ බුදුබව පතා අධිෂ්ඨාන කොට හොවිති. මොහුගේ ප්‍රාර්ථනය සිද්ධවෙයිදෝ නොවේදෝයි අනාගතංස ඤාණය යොදා සලකන සේක් මෙයින් සිව්අසංඛ්‍ය කප් ලක්‍ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදුවෙතියි දැන හිටිවනම පිරිස් මැද ප්‍රකාශ කළහ. මහණෙනි, ඔබලා මේ කලල් මත හෝනා උග්‍ර තපස් ඇති මේ තාපසයා දක්නහුද? කියායි. ස්වාමීනි එසේය. මෙතෙම බුදුබව පිණිස ප්‍රාර්ථනා කොට හොත්තාහ. මොහුගේ ප්‍රාර්ථනය සමෘද්ධ වන්නේය. මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදුවන්නාහ. එම අත්බැව්හි කපිලවත්‍ථු නම් නුවර නිවාස වෙයි. මහාමායා නම් දේවිය මෑණියෝය. සුද්ධෝදන නම් රජ පියාණෝය. උපතිස්ස ද කෝලිත ද දෙඅගසව් වෙති. උපස්ථායක ආනන්‍ද නම් වෙයි. ඛේමා ද උප්පලවණ්ණා ද අග්‍රශ්‍රාවිකා දෙනම වෙති. මොහු ඤාණ මුහුකුරුවා මහබිනික්මන් නික්ම මහාප්‍රධන් කොට නුගරුක්මල සුජාතාව දුන් කිරිබත් පිළිගෙන නෙරඤ්ජරා ගංතෙර වළඳා බෝමැඩට නැගී ඇසතු රුක්මුල්හි බුදුවන්නාහ. එයින් කියන ලදි:-

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; උස‍්සීසකෙ මං ඨත්‍වාන, ඉදං වචනමබ්‍රවි.

දීපංකරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො උස්සීසකෙ මං ඨත්‍වාන ඉදං වචනමබ්‍රැමී

“පස‍්සථ ඉමං තාපසං, ජටිලං උග‍්ගතාපනං; අපරිමෙය්‍යිතො කප‍්පෙ, බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

පස්සථ ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමෙය්‍ය ඉතො කප්පෙ බුද්ධො ලොකෙ භවිස්සති

“අහූ කපිලව‍්හයා රම‍්මා, නික‍්ඛමිත්‍වා තථාගතො; පධානං පදහිත්‍වාන, කත්‍වා දුක‍්කරකාරිකං.

අහූ කපිලව්හයා රම්මා නික්‍ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක්‍ඛරකාරිකං

“අජපාලරුක‍්ඛමූලස‍්මිං, නිසීදිත්‍වා තථාගතො; තත්‍ථ පායාසං පග‍්ගය‍්හ, නෙරඤ‍්ජරමුපෙහිති.

අජපාලරුක්‍ඛමූලස්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති

“නෙරඤ‍්ජරාය තීරම‍්හි, පායාසං අද සො ජිනො; පටියත‍්තවරමග‍්ගෙන, බොධිමූලමුපෙහිති.

නෙරඤ්ජරාය තිරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලං හි එහිති

“තතො පදක‍්ඛිණං කත්‍වා, බොධිමණ‍්ඩං අනුත‍්තරො; අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි, බුජ‍්ඣිස‍්සති මහායසො.

තතො පදක්‍ඛිණං කත්‍වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්‍ථ රුක්‍ඛමූලම්හි බුජ්ඣස්සති මහායසො

“ඉමස‍්ස ජනිකා මාතා, මායා නාම භවිස‍්සති; පිතා සුද‍්ධොදනො නාම, අයං හෙස‍්සති ගොතමො.

ඉමස්ස ජනිතා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො

“අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා; කොලිතො උපතිස‍්සො ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා;

අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා භෙස්සන්ති සාවකා

ආනන්‍දො නාමුපට‍්ඨාකො, උපට‍්ඨිස‍්සතිමං ජිනං. “ඛෙමා උප‍්පලවණ‍්ණා ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා;

ආනන්‍දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා

අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා. “බොධි තස‍්ස භගවතො, අස‍්සත්‍ථොති පවුච‍්චති;

අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්‍ථොති පවුච්චති

චිත‍්තො ච හත්‍ථාළවකො, අග‍්ගා හෙස‍්සන‍්තුපට‍්ඨකා; උත‍්තරා නන්‍දමාතා ච, අග‍්ගා හෙස‍්සන‍්තුපට‍්ඨිකා”ති.

චිත්තොච හත්‍ථාළවකො අග්ගා භෙස්සන්තුපට්ඨකා උත්තරා නන්‍දමාතා ච අග්ගා භෙස්සන්තුපට්ඨිකාති

තත්‍ථ ලොකවිදූති සබ‍්බථා විදිතලොකත‍්තා පන ලොකවිදූ. භගවා හි සභාවතො සමුදයතො නිරොධතො නිරොධූපායතොති සබ‍්බථාපි ලොකං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. තස‍්මා ලොකවිදූති වුච‍්චති. යථාහ –

එහි ලෝකවිදු යනු; සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති බැවින් ලෝකවිදූයි. භාග්‍යවතුන් වහන්සේ ස්වභාව වශයෙන් සමුදය වශයෙන් නිරෝධ වශයෙන් නිරෝධ උපාය වශයෙන් සර්වප්‍රකාරයෙන් ලෝකය වටහා ගත්හ. දැනගන්න. අවබෝධ කළහ. එහෙයින් ලෝකවිදූ යයි කියනු ලැබේ. කී අයුරු:-

“තස‍්මා හවෙ ලොකවිදූ සුමෙධො, ලොකන‍්තගූ වූසිතබ්‍රහ‍්මචරියො; ලොකස‍්ස අන‍්තං සමිතාවි ඤත්‍වා, නාසීසතී ලොකමිමං පරඤ‍්චා”ති. (සං· නි· 1.107; අ· නි· 4.46);

සුමේධ වූ ලෝකාන්ත ගත විසූ බඹසර ඇති කෙලෙස් සංසිඳ වූ භාග්‍යවතුන් වහන්සේ ලෝකාන්තය දැන මේ ලෝකයත් පරලෝකයත් නොකැමති වෙති. එහෙයින් ඒකාන්තයෙන් ලෝකවිදූ වන සේක.

අපි ච තයො ලොකා – සඞ‍්ඛාරලොකො, සත‍්තලොකො, ඔකාසලොකොති. තත්‍ථ සඞ‍්ඛාරලොකො නාම පටිච‍්චසමුප‍්පන‍්නා පථවිආදයො ධම‍්මා. සත‍්තලොකො නාම සඤ‍්ඤිනො අසඤ‍්ඤිනො නෙවසඤ‍්ඤිනාසඤ‍්ඤිනො ච සත‍්තා. ඔකාසලොකො නාම සත‍්තානං නිවාසට‍්ඨානං. ඉමෙ පන තයොපි ලොකා භගවතා යථාසභාවතො විදිතා, තස‍්මා ලොකවිදූති වුච‍්චති. ආහුතීනං පටිග‍්ගහොති දානානං පටිග‍්ගහෙතුං අරහත‍්තා දක‍්ඛිණෙය්‍යත‍්තා ආහුතීනං පටිග‍්ගහො. උස‍්සීසකෙ මං ඨත්‍වානාති මම සීසසමීපෙ ඨත්‍වා. ඉදං ඉදානි වත‍්තබ‍්බං වචනං අබ්‍රවීති අත්‍ථො. ජටිලන‍්ති ජටා අස‍්ස සන‍්තීති ජටිලො, තං ජටිලං. උග‍්ගතාපනන‍්ති උග‍්ගතාපසං. අහූති අහනි, අථාති අත්‍ථො. අයමෙව වා පාඨො. කපිලව‍්හයාති කපිලඅව‍්හයා අභිධානා. රම‍්මාති රමණීයතො. පධානන‍්ති වීරියං. එහිතීති එස‍්සති ගමිස‍්සති. සෙසගාථාසු උත‍්තානමෙවාති.

තවද ලෝක තුනකි. සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක යනුවෙනි. එහි සංස්කාර ලෝකය නම් ප්‍රත්‍යයෙන් උපන් පෘථුවි ආදි ධර්මයි. සත්ත්‍වලෝක නම් සංඥී අසංඥී නේවසංඥී නාසංඥීහුය. අවකාශලෝක නම් සත්ත්වයන්ගේ නිවාසස්ථානයි. මේ තුන් ලෝකය ද භාග්‍යවතුන් වහන්සේ යථා ස්වභාවයෙන් දන්නා සේක. එහෙයින් ලෝකවිදූ යයි කියනු ලැබේ. ආහුතීනං පටිග්ගහො යනු; දන් පිළිගැනීමට සුදුසු හෙයින් දක්‍ෂණීය බැවින් ආහුතීනං පටිග්ගහො නමි. උස්සීසකෙ මං ඨත්‍වාන යනු; මාගේ හිස සමීපයෙහි සිට. ඉදං දැන් කිවයුතු වචනය වදාළහ යන අර්ථයි. ජටිලං යනු; ජටා ඔහුට ඇත්තේනුයි ජටිලයි. ඒ ජටිලයා. උග්ගතාපනං යනු; උග්‍ර තපස්. අහුනී යනු; අහනි, අථ යන අර්ථයි. මෙයම හෝ පාඨයි. කපිලව්හයා යනු; කපිල නම්, රම්මා යනු; රමණීයතාවෙන්. පධානං යනු; වීර්යයි. මහිතී යනු; එළඹෙති. සෙසු ගාථාවන්හි අර්ථ පැහැදිලිය.

තතො සුමෙධපණ‍්ඩිතො – “මය‍්හං කිර පත්‍ථනා සමිජ‍්ඣිස‍්සතී”ති සඤ‍්ජාතසොමනස‍්සො අහොසි. මහාජනො දීපඞ‍්කරදසබලස‍්ස වචනං සුත්‍වා – “සුමෙධතාපසො කිර බුද‍්ධබීජඞ‍්කුරො”ති හට‍්ඨතුට‍්ඨො අහොසි. එවඤ‍්චස‍්ස අහොසි – “යථා නාම පුරිසො නදිං තරන‍්තො උජුකෙන තිත්‍ථෙන තරිතුං අසක‍්කොන‍්තො හෙට‍්ඨාතිත්‍ථෙන උත‍්තරති, එවමෙව මයං දීපඞ‍්කරදසබලස‍්ස සාසනෙ මග‍්ගඵලං අලභමානා අනාගතෙ යදා ත්‍වං බුද‍්ධො භවිස‍්සසි, තදා තව සම‍්මුඛා මග‍්ගඵලං සච‍්ඡිකාතුං සමත්‍ථා භවෙය්‍යාමා”ති පත්‍ථනං අකංසු. දීපඞ‍්කරදසබලො බොධිසත‍්තං මහාසත‍්තං පසංසිත්‍වා අට‍්ඨහි පුප‍්ඵමුට‍්ඨීහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. තෙපි චතුසතසහස‍්සා ඛීණාසවා බොධිසත‍්තං පුප‍්ඵෙහි ච ගන්‍ධෙහි ච පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු. දෙවමනුස‍්සා පන තථෙව පූජෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කමිංසු.

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ මාගේ ප්‍රාර්ථනය සමෘද්ධ වන්නේයයි හටගත් සොම්නස් ඇත්තෝ වූහ. මහජනයා දිවකුරු බුදුරදුන්ගේ බස් අසා සුමේධ තාපසයෝ වනාහි බුද්ධබීජංකුරයකැයි තුටු පහටු වූහ. මෙසේද සිතූහ. යම්සේ ගඟින් එගොඩවන මිනිසෙක් ඍජු තොටින් එගොඩවිය නොහැක්කේ යට තොටකින් එගොඩ වන්නේද එමෙන් අපි දිවකුරු දසබල සසුනෙහි මඟපල නොලබන්න මෙන් නම් අනාගතයෙහි යම්දාක ඔබ බුදුවන සේක්ද එකල ඔබවහන්සේ තුමුවෙහි මඟපල පසක් කිරිමට සමත් වෙම්වායි පැතූහ. දිවකුරු දසබලයාණෝ ද බෝසත් මහසතුන් පසසා මල් අටමිටකින් පුදා පැදකුණු කොට වැඩි සේක. සාර ලක්‍ෂයක් රහත්හුද බෝසතුන් මලින් ගඳින් පුදා පැදකුණු කොට වැඩියහ. දෙවියන් සහිත මිනිස්සු ද වැඳ පුදා පැදකුණු කොට ගියහ.

අථ සබ‍්බලොකමතිදීපඞ‍්කරො දීපඞ‍්කරො භගවා චතූහි ඛීණාසවසතසහස‍්සෙහි පරිවුතො රම‍්මනගරවාසීහි පූජියමානො දෙවතාහි අභිවන්‍දියමානො සඤ‍්ඣාප‍්පභානුරඤ‍්ජිතවරකනකගිරිසිඛරො විය ජඞ‍්ගමමානො අනෙකෙසු පාටිහාරියෙසු වත‍්තමානෙසු තෙන අලඞ‍්කතපටියත‍්තෙන මග‍්ගෙන ගන‍්ත්‍වා නානාසුරභිකුසුමගන්‍ධවාසිතං චුණ‍්ණසම‍්මොදගන්‍ධං සමුස‍්සිතධජපටාකං ගන්‍ධානුබද‍්ධහදයෙහි භමරගණෙහි ගුම‍්බගුම‍්බායමානං ධූපන්‍ධකාරං අමරපුරසදිසසොභං අභිරම‍්මං රම‍්මනගරං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තෙ මහාරහෙ බුද‍්ධාසනෙ යුගන්‍ධරමත්‍ථකෙ සරදසමයරුචිරකරරජනිකරො තිමිරනිකරනිධනකරො කමලවනවිකසනකරො දිවසකරො විය දසබලදිවසකරො නිසීදි. භික‍්ඛුසඞ‍්ඝොපි පටිපාටියා අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදි. රම‍්මනගරවාසිනො පන උපාසකා සද‍්ධාදිගුණසම‍්පන‍්නා නානාවිධඛජ‍්ජාදීහි සමලඞ‍්කතං වණ‍්ණගන්‍ධරසසම‍්පන‍්නං අසදිසං සුඛනිදානං දානං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදංසු.

ඉක්බිති සකලලෝක අතිදීපංකර දීපංකර බුදුහු සත්ලක්ෂයක් රහතන් පිරිවරා රම්මනගර වැසියන්ගේ පුදසත්කාර ලබමින් දෙවියන්ගේ අභිනන්‍දන සහිතව සන්‍ධ්‍යා කාන්ති වළඳන ලද උතුම් රන්ගිරිකුළක් මෙන් මල්සුවඳ සුවඳසුණු සුවඳින් සුගන්‍ධවත් ධජපතාකා නංවන ලද සුවඳ බැඳි හදින් බඹරගණ ගුමු ගුමු නද ගන්වන ලද දුමින් අඳුරු වූ දෙව්පුරයක් මෙන් හොබනා අතිරමණීය රම්මනුවරට පිවිස පනවන ලද මාහැඟි බුද්ධාසනයෙහි යුගඳුරු මුදුනෙහි සරාකල රුචිර සඳ මෙන්ද ගනඳුරු දුරලන කමලවන පුබුදු කරන දිවාකරයා මෙන් බුද්ධදිවාකරයාණෝ වැඩහුන් සේක. බික්සඟන ද පිළිවෙලින් තම තමන්ට පැමිණි ආසනවල හුන්හ. රඹගම් නුවරවැසි උපාසකවරු ශ්‍රද්ධාදිගුණ අසදෘශ සැප නිදාන වූ දානය බුදුපාමොක් බික්සඟනට පුදකළහ.

අථ ඛො බොධිසත‍්තො දසබලස‍්ස බ්‍යාකරණං සුත්‍වා බුද‍්ධභාවං කරතලගතමිව මඤ‍්ඤමානො පමුදිතහදයො සබ‍්බෙසු පටික‍්කන‍්තෙසු සයනා වුට‍්ඨාය – “පාරමියො විචිනිස‍්සාමී”ති පුප‍්ඵරාසිමත්‍ථකෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. එවං නිසින‍්නෙ මහාසත‍්තෙ සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා සාධුකාරං දත්‍වා – “අය්‍ය සුමෙධතාපස, පොරාණකබොධිසත‍්තානං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා – ‘පාරමියො විචිනිස‍්සාමී’ති නිසින‍්නකාලෙ යානි පුබ‍්බනිමිත‍්තානි නාම පඤ‍්ඤායන‍්ති, තානි සබ‍්බානිපි අජ‍්ජ පාතුභූතානි නිස‍්සංසයෙන ත්‍වං බුද‍්ධො භවිස‍්සසි, මයමෙතං ජානාම – ‘යස‍්සෙතානි නිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, සො එකන‍්තෙනෙව බුද‍්ධො භවිස‍්සති’ තස‍්මා ත්‍වං අත‍්තනො වීරියං දළ‍්හං කත්‍වා පග‍්ගණ‍්හා”ති බොධිසත‍්තං නානප‍්පකාරාහි ථුතීහි අභිත්‍ථවිංසු. තෙන වුත‍්තං –

ඉක්බිති බෝසතාණෝ දසබල ව්‍යාකරණය අසා බුදුබව අත්පත් වූවක් මෙන් හඟිමින් ප්‍රමුදිත හදින් සියල්ලන් නික්මගිය පසු සයනයෙන් නැගිට පාරමී පරීක්‍ෂා කරමියි මල්රැස මත පර්යංකයෙන් හිඳගත්හ. බෝසතුන් මෙසේ හුන් කල්හි සියලු දසදහසක් සක්වළ දෙවියෝ සාධුකාර දී ආර්ය සුමේධ තාපසයෙනි, පෙර බෝසතුන් පාරමී පරීක්‍ෂා කරමියි පර්යංකයෙන් හුන් කල්හි යම් පෙරනිමිති පහළවිණි නම් ඒ සියල්ලම අද පහළ විය. නිසැකයෙන් ඔබ බුදුවන්නාහුය. මෙය අපි දනිමු. යමෙකුට මේ නිමිති පහළ වෙයිද ඔහු ඒකාන්තයෙන්ම බුදු වෙති. එහෙයින් ඔබ තම වීර්යය දැඩිකොට ගනු මැනවැයි බෝසතුන් නන් ආකාර ස්තූතියෙන් ස්තුති කළහ. එහෙයින් කියන ලදි.

“ඉදං සුත්‍වාන වචනං, අසමස‍්ස මහෙසිනො; ආමොදිතා නරමරූ, බුද‍්ධබීජං කිර අයං.

ඉදං සුත්‍වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිකා නරමරූ බුද්ධබීජංකුරො අයං

“උක‍්කුට‍්ඨිසද‍්දා වත‍්තන‍්ති, අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච; කතඤ‍්ජලී නමස‍්සන‍්ති, දසසහස‍්සී සදෙවකා.

උක්කුට්ඨිසද්දා වත්තන්ති අත්‍ථොඨෙන්ති හසන්තිච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා

“යදිමස‍්ස ලොකනාථස‍්ස, විරජ‍්ඣිස‍්සාම සාසනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධාකා භෙස්සා සම්මුබා ඉමං

“යථා මනුස‍්සා නදිං තරන‍්තා, පටිතිත්‍ථං විරජ‍්ඣිය; හෙට‍්ඨාතිත්‍ථෙ ගහෙත්‍වාන, උත‍්තරන‍්ති මහානදිං.

යථා මනුස්සා නදිං තරන්තා පටිකිත්‍ථං විරජ්ඣිය භෙට්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත්තරන්ති මහානදිං

“එවමෙව මයං සබ‍්බෙ, යදි මුඤ‍්චාමිමං ජිනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

එවමෙව මයං සබ්බෙ යදි මුඤ්චාමිමං ජිනං අනාගතම්හි අද්ධානා භෙස්සාම සම්මුඛා ඉමං

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම කම‍්මං පකිත‍්තෙත්‍වා, දක‍්ඛිණං පාදමුද‍්ධරි.

දීපංකරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො මම කම්මං පතිතෙත්‍වා දක්‍ඛිණං පදමුදධිරි

“යෙ තත්‍ථාසුං ජිනපුත‍්තා, පදක‍්ඛිණමකංසු මං; දෙවා මනුස‍්සා අසුරා ච, අභිවාදෙත්‍වාන පක‍්කමුං.

යෙ තත්‍ථාසුං ජිනපුත්තා පදක්‍ඛිණාමකංසු මං දෙවා මනුස්සා අසුරාච අභිවාදෙත්‍වාන පක්කමුං

“දස‍්සනං මෙ අතික‍්කන‍්තෙ, සසඞ‍්ඝෙ ලොකනායකෙ; සයනා වුට‍්ඨහිත්‍වාන, පල‍්ලඞ‍්කං ආභුජිං තදා.

දස්සනං මෙ අතක්කන්තෙ සසංඝෙ ලොකනායකෙ සයනා උට්ඨිහිත්‍වාන පල්ලංකමාභුජිං තදා

“සුඛෙන සුඛිතො හොමි, පාමොජ‍්ජෙන පමොදිතො; පීතියා ච අභිස‍්සන‍්නො, පල‍්ලඞ‍්කං ආභුජිං තදා.

සුඛෙන සුඛිතො හොමි පාමොජ්ජෙන පමොදිතො පීතියා ච අභිස්සන්තො පල්ලංකං ආභුජිං තදා

“පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා, එවං චින‍්තෙසහං තදා; වසීභූතො අහං ඣානෙ, අභිඤ‍්ඤාසු පාරමිං ගතො.

පල්ලංකෙන නිසීදිත්‍වා එවං චින්තෙසහං තදා වසීභූතො අහං ඣානෙ අභිඤ්ඤාපාරමිං ගතො

“සහස‍්සියම‍්හි ලොකම‍්හි, ඉසයො නත්‍ථි මෙ සමා; අසමො ඉද‍්ධිධම‍්මෙසු, අලභිං ඊදිසං සුඛං.

සහස්සියම්හි ලොකම්හි ඉසයො නත්‍ථි මෙ සමා අස මො ඉද්ධිධම්මෙසු අලභිං ඊදිසං සුඛං

“පල‍්ලඞ‍්කාභුජනෙ මය‍්හං, දසසහස‍්සාධිවාසිනො; මහානාදං පවත‍්තෙසුං, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

පල්ලංකාභුජනෙ මය්හං දසසහස්සාධිවාසිනො මහානාදං පවත්තෙසු ධුවං බුද්ධො භවිස්සසි

“යා පුබ‍්බෙ බොධිසත‍්තානං, පල‍්ලඞ‍්කවරමාභුජෙ; නිමිත‍්තානි පදිස‍්සන‍්ති, තානි අජ‍්ජ පදිස‍්සරෙ.

යා පුබ්බෙ බොධිසත්තානං පල්ලංකවරමංභුජෙ නිමිත්තානි පස්සන්ති තානි අජ්ජ පදිස්ස රෙ

“සීතං බ්‍යපගතං හොති, උණ‍්හඤ‍්ච උපසම‍්මති; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සීතං ව්‍යපගතං හොති උණ්හඤ්ච උපසම්මති තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“දසසහස‍්සී ලොකධාතු, නිස‍්සද‍්දා හොන‍්ති නිරාකුලා; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

දසසහස්සී ලොකධාතු නිස්සද්දා හොති නිරාකුලා තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සති

“මහාවාතා න වායන‍්ති, න සන්‍දන‍්ති සවන‍්තියො; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මහාවාතා න වායන්ති න සන්‍දන්ති සවන්තියො තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“ථලජා දකජා පුප‍්ඵා, සබ‍්බෙ පුප‍්ඵන‍්ති තාවදෙ; තෙපජ‍්ජ පුප‍්ඵිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ථලජා දකජා පුප්ඵං සබ්බෙ පුප්ඵන්ති තාවදෙ තෙපජ්ජ පුප්ඵිතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි

“ලතා වා යදි වා රුක‍්ඛා, ඵලභාරා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ ඵලිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ලතා වා යදි වා රුක්‍ඛා ඵලභාරා හොන්ති තාවදෙ තෙ පජ්ජඵලිතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි

“ආකාසට‍්ඨා ච භූමට‍්ඨා, රතනා ජොතන‍්ති තාවදෙ; තෙපජ‍්ජ රතනා ජොතන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ආකාසට්ඨා ච භූම්මට්ඨා රතනා ජොතන්ති තාවදෙ තෙ පජ්ජ රතනා ජොතන්ති ධුවං බුද්ධො භවිස්සසි

“මානුස‍්සකා ච දිබ‍්බා ච, තුරියා වජ‍්ජන‍්ති තාවදෙ; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මානුසකා ච දිබ්බා ච තූරියා වජ්ජන්ති තාවදෙ තෙ පජ්ජුභො අභිරවන්ති ධුවං බුද්ධො භවිස්සසි

“විචිත‍්තපුප‍්ඵා ගගනා, අභිවස‍්සන‍්ති තාවදෙ; තෙපි අජ‍්ජ පවස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

විචිත්තපුප්ඵා ගගනා අභිවස්සන්ති තාවදෙ තෙපි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“මහාසමුද‍්දො ආභුජති, දසසහස‍්සී පකම‍්පති; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මහාසමුද්දො ආභුජති දසසහස්සී පකම්පති තෙ පජ්ජුභො අභිරවන්ති ධුවං බුද්ධො භවිස්සසි

“නිරයෙපි දසසහස‍්සෙ, අග‍්ගී නිබ‍්බන‍්ති තාවදෙ; තෙපජ‍්ජ නිබ‍්බුතා අග‍්ගී, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

නිරයෙසු දසසහස්සීයු අග්ගී නිබ්බන්ති තාවදෙ තෙපජ්ජ නිබ්බුතා අග්ගි ධුවං බුද්ධො භවිස්සසි

“විමලො හොති සූරියො, සබ‍්බා දිස‍්සන‍්ති තාරකා; තෙපි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

විමලො හොති සුරියො සබ්බා දිස්සන්ති තාරකා තෙපි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“අනොවට‍්ඨෙන උදකං, මහියා උබ‍්භිජ‍්ජි තාවදෙ; තම‍්පජ‍්ජුබ‍්භිජ‍්ජතෙ මහියා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අනොවට්ඨෙන උදකෙන මහියා උබ්භිජ්ජ තාවදෙ තම්පජ්ජුබහිජ්ජතෙ මහියා ධුවං බුද්ධො භවිස්සසි

“තාරාගණා විරොචන‍්ති, නක‍්ඛත‍්තා ගගනමණ‍්ඩලෙ; විසාඛා චන්‍දිමායුත‍්තා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

තාරගණා විරොචන්ති නක්‍ඛත්තා ගගන මණ්ඩලෙ විසාඛා චන්‍දිමයුත්තා ධුවං බුද්ධො භවිස්සසි

“බිලාසයා දරීසයා, නික‍්ඛමන‍්ති සකාසයා; තෙපජ‍්ජ ආසයා ඡුද‍්ධා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ඛිලාසයා දරීසයා නික්‍ඛමන්ති සකාසයා තෙපජ්ජ ආසයා ඡුද්ධා ධුවං බුද්ධො භවිස්සසි

“න හොන‍්ති අරතී සත‍්තානං, සන‍්තුට‍්ඨා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ සන‍්තුට‍්ඨා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

න හොති අරති සත්තානං සන්තුට්ඨා හොන්ති තාවදෙ තෙපජ්ජ සබ්බෙ සන්තුට්ඨා ධුවං බුද්ධො භවිස්සසි

“රොගා තදුපසම‍්මන‍්ති, ජිඝච‍්ඡා ච විනස‍්සසි; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

රොගා තදුපසම්මන්ති ජිඝච්ඡා ච විනස්සති තෙපජ්ජ විගතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි

“රොගා තදා තනු හොති, දොසො මොහො විනස‍්සසි; තෙපජ‍්ජ විගතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

රාගො තදා තනු හොති දොසො මොහො විනස්සති නෙපජ්ජ විගතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි

“භයං තදා න භවති, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

භයං තදා න භවති අජ්ජපෙතං පදිස්සති තෙන ලිංගෙන ජානාම ධුවං බුද්ධො භවිස්සසි

“රජොනුද‍්ධංසතී උද‍්ධං, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

රජො නුද්ධංසති උදයං අජ්ජපෙතං පදිස්සති තෙන ලිංගෙන ජානාම ධුවං බුද්ධො භවිස්සසි

“අනිට‍්ඨගන්‍ධො පක‍්කමති, දිබ‍්බගන්‍ධො පවායති; සොපජ‍්ජ වායතී ගන්‍ධො, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අනිට්ඨගන්‍ධො පත්තමති දිබ්බගන්‍ධො පවායති සොපජ්ජ වායති ගබ්බො ධුවං බුද්ධො භවිස්සසි

“සබ‍්බෙ දෙවා පදිස‍්සන‍්ති, ඨපයිත්‍වා අරූපිනො; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සබ්බෙ දෙවා පදිස්සන්ති ඨපයිත්‍වා අරූපිනො තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“යාවතා නිරයා නාම, සබ‍්බෙ දිස‍්සන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

යාවතා නිරයා නාම සබ්බෙ දිස්සන්ති තාවදෙ තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි

“කුට‍්ටා කවාටා සෙලා ච, න හොන‍්තාවරණා තදා; ආකාසභූතා තෙපජ‍්ජ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

කුඩ්ඩා කවාටා සෙලා ච න ගොන්තාවරණ තදා ආකාසභූතා තෙපජ්ජ ධුවං බුද්ධො භවිස්සසි

“චුතී ච උපපත‍්තී ච, ඛණෙ තස‍්මිං න විජ‍්ජති; තානිපජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

චුතී ච උප්පත්තීච ඛණෙ තස්මිං න විජ්ජති තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සතී

“දළ‍්හං පග‍්ගණ‍්හ වීරියං, මා නිවත‍්ත අභික‍්කම; මයම‍්පෙතං විජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසී”ති.

දළ්හං පග්ගණ්හ විරියං මා නිවත්ති අභික්කම මයම්පෙතං පජානාම ධුවං බුද්ධො භවිස්සතීති

තත්‍ථ ඉදං සුත්‍වාන වචනන‍්ති ඉදං දීපඞ‍්කරස‍්ස භගවතො බොධිසත‍්තස‍්ස බ්‍යාකරණවචනං සුත්‍වා. අසමස‍්සාති සමස‍්ස සදිසස‍්ස අභාවතො අසමස‍්ස. යථාහ –

එහි ඉදං සුත්‍වාන වචනං යනු; මේ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ බෝසතුන්ට ප්‍රකාශ කළ වදන් අසා. අසමස්ස යනු; සමසදෘශ කෙනෙකු නැති බැවින් අසමයන්ට කී පරිදි:-

“න මෙ ආචරියො අත්‍ථි, සදිසො මෙ න විජ‍්ජති; සදෙවකස‍්මිං ලොකස‍්මිං, නත්‍ථි මෙ පටිපුග‍්ගලො”ති. (ම· නි· 1.285; 2.341; මහාව· 11; කථා· 405; මි· ප· 4.5.11);

මට ආචාර්යවරයෙක් නැත්තේය. මට සමානයෙක් ද විද්‍යමාන නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රතිපුද්ගලයෙක් නැත්තේය යනුයි.

මහෙසිනොති මහන‍්තෙ සීලසමාධිපඤ‍්ඤාක‍්ඛන්‍ධෙ එසි ගවෙසීති මහෙසී, තස‍්ස මහෙසිනො. නරමරූති නරා ච අමරා ච, උක‍්කට‍්ඨනිද‍්දෙසො පනායං සබ‍්බෙපි දසසහස‍්සිලොකධාතුයා නාගසුපණ‍්ණයක‍්ඛාදයොපි ආමොදිතාව. බුද‍්ධබීජං කිර අයන‍්ති අයං කිර බුද‍්ධඞ‍්කුරො උප‍්පන‍්නොති ආමොදිතාති අත්‍ථො.

මහෙසිනො යනු; මහත්වූ ශීල සමාධි ප්‍රඥා ස්කන්ධයන් සොයයි. ගවේෂණය කරයි යනු මහෙසීයි. ඒ මහර්ෂීන්ගේ නරමරූ යනු; මිනිස්සු ද දෙවියෝ ද, මේ වනාහි උත්කෘෂ්ට නිර්දේශයි. සියලු දසදහසක් ලෝකධාතුවෙහි නාග යක්‍ෂ ආදීහුද ප්‍රමෝද වූහ. බුද්ධබීජංකුරො අයං යනු; මේ වනාහි බුද්ධාංකුරයෝ උපන්හයි ප්‍රමෝද වූහ යන අර්ථයි.

උක‍්කුට‍්ඨිසද‍්දාති උන‍්නාදසද‍්දා වත‍්තන‍්ති. අප‍්ඵොටෙන‍්තීති හත්‍ථෙහි බාහා අභිහනන‍්ති. දසසහස‍්සීති දසසහස‍්සිලොකධාතුයො. සදෙවකාති සහ දෙවෙහි සදෙවකා දසසහස‍්සී නමස‍්සන‍්තීති අත්‍ථො. යදිමස‍්සාති යදි ඉමස‍්ස, අයමෙව වා පාඨො. විරජ‍්ඣිස‍්සාමාති යදි න සම‍්පාපුණිස‍්සාම. අනාගතම‍්හි අද‍්ධානෙති අනාගතෙ කාලෙ. හෙස‍්සාමාති භවිස‍්සාම. සම‍්මුඛාති සම‍්මුඛීභූතා. ඉමන‍්ති ඉමස‍්ස, සාමිඅත්‍ථෙ උපයොගවචනං.

උක්කුට්ඨිසද්දා යනු; මහත් නාද පවතී. අප්ඵොඨෙන්ති යනු; අත්වලින් බාහුවලට ගසති. දසසහස්සී යනු; දසසහස්‍රී ලෝකධාතුව. සදෙවකා යනු; දෙවියන් සමග දසදහසක් ලෝකධාතුව නමස්කාර කරති යන අර්ථය. යදිමස්ස යනු; යදි ඉමස්සයි. මෙයම පාඨයි. විරජ්ඣිස්සාම යනු; ඉදින් නොපැමිණෙන්නමෝ නම්, අනාගතම්හි අද්ධානෙ යනු; අනාගත කාලයෙහි. භෙස්සාම යනු; වන්නෙමු. සම්මුඛා ඉමං යනු; මුන්වහන්සේ හමුව. සාම්‍යර්ථයෙහි උපයෝග වචනයි.

නදිං තරන‍්තාති නදීතරණකා, “නදිතරන‍්තා”තිපි පාඨො. පටිතිත්‍ථන‍්ති පටිමුඛතිත්‍ථං. විරජ‍්ඣියාති විරජ‍්ඣිත්‍වා. යදි මුඤ‍්චාමාති යදි ඉමං භගවන‍්තං මුඤ‍්චිත්‍වා අකතකිච‍්චා ගමිස‍්සාමාති අත්‍ථො. මම කම‍්මං පකිත‍්තෙත්‍වාති මම භාවිතමත්‍ථං බ්‍යාකරිත්‍වා. දක‍්ඛිණං පාදමුද‍්ධරීති දක‍්ඛිණං පාදං උක‍්ඛිපි, “කතපදක‍්ඛිණො”තිපි පාඨො.

නදිං තරන්තා යනු; ගඟ තරණය කරන්නාහු. නදිත්රන්තා යනු ද පාඨයි. පටිතිත්‍ථං යනු; ප්‍රතිමුඛ තීර්ථය. විරජත්‍වය යනු; විරජ්ඣියාති වරදවා. යදි මුඤ්චාම යනු; ඉදින් මේ භාග්‍යවතුන් වහන්සේ මඟහැර කළයුතු කිස නොනිමවූවෝ වෙමු නම් යන අර්ථයි. මම කම්මං පකිත්තෙත්‍වා යනු; මාගේ භාවිතාර්ථ ප්‍රකාශ කොට. දක්‍ඛිණං පදං මුද්ධරිං යනු දකුණු පය එසවූහ. කතපදක්‍ඛිණො යි ද පාඨයි.

ජිනපුත‍්තාති දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො සාවකා. දෙවා මනුස‍්සා අසුරා ච, අභිවාදෙත්‍වාන පක‍්කමුන‍්ති දෙවාදයො සබ‍්බෙපි ඉමෙ මං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා පුප‍්ඵාදීහි පූජෙත්‍වා සුප‍්පතිට‍්ඨිතපඤ‍්චඞ‍්ගා වන්‍දිත්‍වා නිවත‍්තිත්‍වා පුනප‍්පුනං ඔලොකෙත්‍වා මධුරත්‍ථබ්‍යඤ‍්ජනාහි නානප‍්පකාරාහි ථුතීහි වණ‍්ණෙන‍්තා පක‍්කමිංසු. “නරා නාගා ච ගන්‍ධබ‍්බා, අභිවාදෙත්‍වාන පක‍්කමු”න‍්තිපි පාඨො.

ජිනපුත්තා යනු, දීපංකර ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. දෙවාමනුස්සා අසුරා ච අභිවාදෙත්‍වාන පක්කමුං යනු; දෙවාදි මේ සියල්ලෝම මට තෙවරක් පැදකුණු කොට පුෂ්පාදියෙන් පූජා කොට මනාව පසඟ පිහිටුවා වැඳ ආපසු හැරී නැවත නැවත බලමින් මිහිරි අර්ථව්‍යඤ්ජනයෙන් යුත් නානා ප්‍රකාර ස්තුතියෙන් වර්ණනා කරමින් ගියහ. නරා නාගාචගන්‍ධබ්බා අභිවාදෙත්‍වාන පක්කමුං යනු ද පාඨයි.

දස‍්සනං මෙ අතික‍්කන‍්තෙති මම දස‍්සනවිසයං භගවති අතික‍්කන‍්තෙ. “ජහිතෙ දස‍්සනූපචාරෙ”තිපි පාඨො. සසඞ‍්ඝෙති සද‍්ධිං සඞ‍්ඝෙන සසඞ‍්ඝො, තස‍්මිං සසඞ‍්ඝෙ. සයනා වුට‍්ඨහිත්‍වානාති නිපන‍්නට‍්ඨානතො කලලතො උට‍්ඨහිත්‍වා. පල‍්ලඞ‍්කං ආභුජින‍්ති කතපල‍්ලඞ‍්කො හුත්‍වා පුප‍්ඵරාසිම‍්හි නිසීදින‍්ති අත්‍ථො. “හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන, ආසනා වුට‍්ඨහිං තදා”තිපි පාඨො, සො උත‍්තානත්‍ථොව.

දස්සනං මෙ අතික්කන්තෙ යනු; භාග්‍යවතුන් වහන්සේ මාගේ දර්ශන විෂය ඉක්ම වූ කල්හි. ජහිතෙ දස්සනූපචාරෙ කියා ද පාඨයි. සසංඝෙ යනු; සංඝයා සමඟින් යනුයි. සයනා උට්ඨහිත්‍වාන යනු; හොත් තැනින් කලලින් නැගී. පල්ලංකං ආභුජිත්‍වා යනු; කළ පර්යංක ඇතිව මල්ගොඩෙහි වාඩිවීමි යන අර්ථයි. හට්ඨො හට්ඨෙන චිත්තෙන ආසනා උට්ඨහිං තදා යි ද පාඨයි. එය ප්‍රකට අර්ථ ඇත්තේමය.

පීතියා ච අභිස‍්සන‍්නොති පීතිපරිප‍්ඵුටො. වසීභූතොති වසීභාවප‍්පත‍්තො. ඣානෙති රූපාවචරාරූපාවචරඣානෙසු. සහස‍්සියම‍්හීති දසසහස‍්සියං. ලොකම‍්හීති ලොකධාතුයා. මෙ සමාති මයා සදිසා. අවිසෙසෙන “මෙ සමා නත්‍ථී”ති වත්‍වා ඉදානි තමෙව නියමෙන‍්තො “අසමො ඉද‍්ධිධම‍්මෙසූ”ති ආහ. තත්‍ථ ඉද‍්ධිධම‍්මෙසූති පඤ‍්චසු ඉද‍්ධිධම‍්මෙසූති අත්‍ථො. අලභින‍්ති පටිලභිං. ඊදිසං සුඛන‍්ති ඊදිසං සොමනස‍්සං.

පීති යා ච අභිස්සන්නො යනු; ප්‍රීතියෙන් පිනාගියේ. වසී භූතො යනු; වසීභාවයට පැමිණියේ. ඣානෙ යනු; රූපාවචර අරූපාවචනධ්‍යානයන්හි. සහස්සියම්හි යනු; දසසහස්‍රියෙහි. ලොකම්හි යනු; ලොකධාතුවෙහි. මෙ සමො යනු; මා වැන්නෙක්. අවිශේෂයෙන් මෙ සමො නිත්‍ථි යි කියා දැන් එයම නියමයෙන් අසමො ඉද්ධිධම්මෙසු යයි කීය. එහි ඉද්ධිධම්මෙසු යනු පස් ඍද්ධියෙහි යන අර්ථයි. අලභිං යනු; ලැබුවෙමි. ඊදිසං සුඛං යනු; මෙබඳු සොම්නසක්.

අථ සුමෙධතාපසො දසබලස‍්ස බ්‍යාකරණං සුත්‍වා බුද‍්ධභාවං කරතලගතකාලමිව මඤ‍්ඤමානො පමුදිතහදයො දසසු ලොකධාතුසහස‍්සෙසු සුද‍්ධාවාසමහාබ්‍රහ‍්මානො අතීතබුද‍්ධදස‍්සාවිනො නියතබොධිසත‍්තානං බ්‍යාකරණෙ උප‍්පජ‍්ජමානපාටිහාරියදස‍්සනෙන තථාගතවචනස‍්ස අවිතථතං පකාසෙන‍්තො මං පරිතොසයන‍්තා ඉමා ගාථායො ආහංසූති දස‍්සෙන‍්තො භගවා “පල‍්ලඞ‍්කාභුජනෙ මය‍්හ”න‍්තිආදිමාහ.

ඉක්බිති සුමේධ තාපසයාණන් දසබලයන් වහන්සේගේ ප්‍රකාශය අසා බුදුබව අත්පත් වූවාක් මෙන් හඟනාහු ප්‍රමුදිත හදින් දසදහසක් ලෝධාහි සුද්ධාවාස මහබඹහු අතීත බුදුවරුන් දැකීමෙන් බෝසත්වරුන්ගේ නියත විවරණයෙහි උපදනා ප්‍රාතිහාර්ය දැකීමෙන් තථාගත වදනෙහි නොවෙනස් බව ප්‍රකාශ කරන්නාහු මා සතුටු කරවමින් මේ ගාථා කීහයි දක්වමින් පල්ලංකාභුජනෙ මය්හං යන ආදිය කීහ.

තත්‍ථ පල‍්ලඞ‍්කාභුජනෙ මය‍්හන‍්ති මම පල‍්ලඞ‍්කාභුජනෙ. අයමෙව වා පාඨො. දසසහස‍්සාධිවාසිනොති දසසහස‍්සිවාසිනො මහාබ්‍රහ‍්මානො. යා පුබ‍්බෙති යානි පුබ‍්බෙ, විභත‍්තිලොපං කත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. පල‍්ලඞ‍්කවරමාභුජෙති වරපල‍්ලඞ‍්කාභුජනෙ. නිමිත‍්තානි පදිස‍්සන‍්තීති නිමිත‍්තානි පදිස‍්සිංසූති අත්‍ථො. අතීතවචනෙ වත‍්තබ‍්බෙ වත‍්තමානවචනං වුත‍්තං. කිඤ‍්චාපි වුත‍්තං, අතීතවසෙන අත්‍ථො ගහෙතබ‍්බො. තානි අජ‍්ජ පදිස‍්සරෙති පුබ‍්බෙපි නියතබොධිසත‍්තානං පල‍්ලඞ‍්කාභුජනෙ යානි නිමිත‍්තානි උප‍්පජ‍්ජිංසු, තානි නිමිත‍්තානි අජ‍්ජ පදිස‍්සරෙ. තස‍්මා ත්‍වං ධුවමෙව බුද‍්ධො භවිස‍්සසීති අත්‍ථො. න පන තානියෙව නිමිත‍්තානි උප‍්පජ‍්ජිංසු, තංසදිසත‍්තා “තානි අජ‍්ජ පදිස‍්සරෙ”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි පල්ලංකාභුජනෙ මය්හං යනු; මාගේ පර්යංක වැළඳ ගැනීමෙහි. මෙයම හෝ පාඨයි. දසසහස්සාධිවාසිනො යනු; දසසහස්‍රිවාසී බ්‍රහ්මයෝ. යා පුබ්බෙ යනු; යම් පෙර. විභත්ති ලොපය කොට කියන ලදැයි දතයුතුය. පල්ලංකවරමාභුජෙ යනු; පර්යංකය වැළඳගැන්මෙහි. නිමිත්තානි පදිස්සන්ත යනු; නිමිති ප්‍රදර්ශනය විය යන අර්ථයි. අතීත පදය කිවයුතු තැන වර්තමාන පදය කියන ලදි. කීවද අතීත වශයෙන් අර්ථය ගත යුතුය. තානි අජ්ජ පදිසරෙ යනු; පෙර ද නියත බෝසතුන්ගේ පලඟ බැඳීමෙහි යම් නිමිති පහළ වීද ඒ නිමිති අදද දක්නට ලැබේ. එබැවින් ඔබ නිසැකවම බුදුවන්නහුය යන අර්ථයි. එම නිමිති උපන්නේ නොවේ. ඊට සමාන බැවින් ඒවා අදද දක්නට ලැබේයි කී බව දතයුතුය.

සීතන‍්ති සීතත‍්තං. බ්‍යපගතන‍්ති ගතං විගතං. තානීති සීතවිගමනඋණ‍්හුපසමනානීති අත්‍ථො. නිස‍්සද‍්දාති අසද‍්දා අනිග‍්ඝොසා. නිරාකුලාති අනාකුලා, අයමෙව වා පාඨො. න සන්‍දන‍්තීති න වහන‍්ති නප‍්පවත‍්තන‍්ති. සවන‍්තියොති නදියො. තානීති අවායනඅසන්‍දනානි. ථලජාති පථවිතලපබ‍්බතරුක‍්ඛෙසු ජාතානි. දකජාති ඔදකානි පුප‍්ඵානි. පුප‍්ඵන‍්තීති පුබ‍්බෙ බොධිසත‍්තානං පුප‍්ඵිංසු, අතීතත්‍ථෙ වත‍්තමානවචනං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. තෙපජ‍්ජ පුප‍්ඵිතානීති තානි පුප‍්ඵානි අජ‍්ජ පුප‍්ඵිතානීති අත්‍ථො.

සීතං යනු; සීතත්‍වයයි. බ්‍යපගතං යනු; පහවිය. තානි යනු සීත පහවීම උෂ්ණ සමනය යන අර්ථයි. නිස්සද්දා යනු; අශබ්ද, අනිර්ඝොස, නිරාකුලා යනු: අනාකුල මෙයම හෝ පාඨයි. නසන්‍දන්ති යනු; ගලා නොබසී. නොපෙරළයි. සවන්තියෝ යනු, ගංගාවෝ. තානි යනු; නොහැමීම් ගලා නොබැසීම්. ථලජා යනු; පෘථිවිතලයෙහි පර්වත වෘක්‍ෂාදියෙහි හටගත්, අකජා යනු උදක පුෂ්පයි. පුෂ්ඵන්ති යනු; පෙර බෝසතුට පිපුණේය. අතීතාර්ථයෙහි වර්තමාන පදයයි දතයුතුය. තෙපජ්ජ පුපර්වතාන යනු; ඒ මල් අදද පිපී ඇත යන අර්ථයි.

ඵලභාරාති ඵලධරා. තෙපජ‍්ජාති තෙපි අජ‍්ජ, පුල‍්ලිඞ‍්ගවසෙන “තෙපී”ති වුත‍්තං, “ලතා වා රුක‍්ඛා වා”ති වුත‍්තත‍්තා. ඵලිතාති සඤ‍්ජාතඵලා. ආකාසට‍්ඨා ච භූමට‍්ඨා චාති ආකාසගතා ච භූමිගතා ච රතනානීති මුත‍්තාදීනි රතනානි. ජොතන‍්තීති ඔභාසන‍්ති. මානුස‍්සකාති මනුස‍්සානං සන‍්තකා මානුස‍්සකා. දිබ‍්බාති දෙවානං සන‍්තකා දිබ‍්බා. තුරියාති ආතතං විතතං ආතතවිතතං සුසිරං ඝනන‍්ති පඤ‍්ච තුරියානි. තත්‍ථ ආතතං නාම චම‍්මපරියොනද‍්ධෙසු භෙරිආදීසු එකතලතුරියං. විතතං නාම උභයතලං. ආතතවිතතං නාම සබ‍්බතො පරියොනද‍්ධං මහතිවල‍්ලකිආදිකං. සුසිරං නාම වංසාදිකං. ඝනං නාම සම‍්මතාළාදිකං. වජ‍්ජන‍්තීති හෙට‍්ඨා වුත‍්තනයෙන වජ‍්ජිංසු, අතීතත්‍ථෙ වත‍්තමානවචනං වෙදිතබ‍්බං. එස නයො උපරි ඊදිසෙසු වචනෙසුපි. අභිරවන‍්තීති තත්‍ර තත්‍ර කුසලෙහි සුමුඤ‍්චිතා සුප‍්පතාළිතා සුවාදිතා විය අභිරවන‍්ති, අභිනදන‍්තීති අත්‍ථො.

ඵලහාරා යනු; ඵලධර වූ. තෙපජ්ජ යනු; ඒවා ද අද. පුල්ලිංග වශයෙන් තෙපි යි කියන ලදි. ලතා ච රුක්‍ඛා ච යි කී හෙයිනි. ඵලිතා යනු; හටගත් ඵල ඇති. ආකාසට්ඨා ච භුම්මට්ඨා ච යනු; අහස්ගත වූ ද පොළෝගත වූ ද. රතනාදීනි යනු; මුතු ආදි රත්න. ජොතන්ති යනු; බබළති. මානුසකා යනු; මිනිසුන් සන්තක වූයේ මානුසකයි. දිබ්බා යනු; දෙවියන් සතු වූයේ දිබ්බායි. තුරියා යනු; ආතත, විතත, විතතාත, සුසිර, ඝන යයි තුර්ය පසකි. ආතත නම් සම්බැඳි බෙර ආදියෙහි එක්තලයක් ඇති තූර්යයකි. විතත නම් තල දෙකක් ඇති මුළුමනින්ම වසන ලද මහවීණාදියයි. සුසිර නම් වස්දඬු ආදියයි. ඝන නම් කයිතාලම් ආදියයි. වජ්ජන්ති යනු; යට කී අයුරින් වාදනය කළහ. අතීතාර්ථයෙන වර්තමාන ක්‍රියාපදයයි. මතු මෙවැනි වචනද මෙබඳුය. අභිරමන්ති යනු; එහි දක්‍ෂයන් විසින් මුදන ලදුව මනාතාල ඇති මනාව වාදනය කරන ලදුව නාද කරයි. මනාව හඬ නංවයි යන අර්ථයි.

විචිත‍්තපුප‍්ඵාති විචිත්‍රානි නානාගන්‍ධවණ‍්ණානි පුප‍්ඵානි. අභිවස‍්සන‍්තීති අභිවස‍්සිංසු, නිපතිංසූති අත්‍ථො. තෙපීති තානිපි විචිත්‍රපුප‍්ඵානි අභිවස‍්සන‍්තානි පදිස‍්සන‍්ති, දෙවබ්‍රහ‍්මගණෙහි ඔකිරියමානානීති අධිප‍්පායො. ආභුජතීති ඔසක‍්කති. තෙපජ‍්ජුභොති තෙපි අජ‍්ජ උභො මහාසමුද‍්දදසසහස‍්සියො. අභිරවන‍්තීති අභිනදන‍්ති. නිරයෙති නිරයෙසු. දසසහස‍්සාති අනෙකදසසහස‍්සා. නිබ‍්බන‍්තීති සම‍්මන‍්ති, සන‍්තිං උපෙන‍්තීති අත්‍ථො. තාරකාති නක‍්ඛත‍්තානි . තෙපි අජ‍්ජ පදිස‍්සන‍්තීති තෙපි සූරියස‍්ස විමලභාවා තාරකා අජ‍්ජ දිවා දිස‍්සන‍්ති.

[missing trans] අභිවස්සන්ති යනු අභිවසසිංසු යනුයි. වැටුණහ යන අර්ථයි. කෙපි යනු; ඒ විසිතුරු මල්වැටෙනු පෙනේ. දෙව්බඹගණ විසින් වගුරුවනු ලබන යන අදහසයි. ආභුජති යනු; වැළඳ ගනී. තෙපජ්ජුභො යනු; අද ඒ මහාසමුද්‍ර දසදහසක් ලොව යන දෙක. අභිරචන්ති යනු; අභිනාද කරති. නිරයෙස දසසහස්සා යනු; නොයෙක් දසදහස්. නිබ්බන්ති යනු, ශාන්තියට පැමිණෙති යන අර්ථයි. තාරකාන යනු; නක්‍ෂත්‍ර. තෙපි අජ්ජ පදිස්සන්ති යනු; සූර්යයාගේ නිර්මල භාවයෙන් අද දාවල්හිද තාරකා දක්නා ලැබේ.

අනොවට‍්ඨෙනාති අනොවට‍්ඨෙ, භුම‍්මත්‍ථෙ කරණවචනං. අථ වා අනොවට‍්ඨෙති අනභිවට‍්ඨෙපි. නාති නිපාතමත‍්තං “සුත්‍වා න දූතවචන”න‍්තිආදීසු විය. තම‍්පජ‍්ජුබ‍්භිජ‍්ජතෙති තම‍්පි උදකං අජ‍්ජ උබ‍්භිජ‍්ජති, උබ‍්භිජ‍්ජිත්‍වා උට‍්ඨහතීති අත්‍ථො. මහියාති පථවියා, නිස‍්සක‍්කවචනං. තාරාගණාති ගහනක‍්ඛත‍්තාදයො සබ‍්බෙ තාරගණා. නක‍්ඛත‍්තාති නක‍්ඛත‍්තතාරකා ච. ගගනමණ‍්ඩලෙති සකලගගනමණ‍්ඩලං විරොචන‍්තීති අත්‍ථො. බිලාසයාති බිලාසයා අහිනකුලකුම‍්භීලගොධාදයො. දරීසයාති ඣරාසයා. අයමෙව වා පාඨො. නික‍්ඛමන‍්තීති නික‍්ඛමිංසු. සකාසයාති අත‍්තනො අත‍්තනො ආසයතො. “තදාසයා”තිපි පාඨො. තස‍්ස තදා තස‍්මිං කාලෙ, ආසයතො, බිලතොති අත්‍ථො. ඡුද‍්ධාති සුඡුද‍්ධා සුවුද‍්ධාරිතා, නික‍්ඛන‍්තාති අත්‍ථො.

අනොවට්ඨෙන යනු; නොවස්නා ලද. භූම්‍යර්ථයෙහි කරණ වචනයි දතයුතුයි. නොහොත් අනෙවට්ඨෙ යනු; අනභිවට්ඨෙපි යනුයි. නා යනු නිපාතමාත්‍රයි. සුත්‍වාන දූතවචනං ආදියෙහි මෙනි. තම්පජ්ජුබ්භිජ්ජතෙ යනු; ඒ ජලය ද අද උඩට බිඳගෙන නැගී සිටී යන අර්ථයි. මහියා යනු; පොළවෙහි නිස්සක්ක පදයි. තාරගණා යනු; ග්‍රහ නක්‍ෂත්‍ර ආදි සියලු තරු සමූහය. නක්‍ඛත්තං යනු; නැකැත් තරු ද. ගගනමණ්ඩලෙ යනු; සියලු ගගන මණ්ඩලය බබළයි යන අර්ථයි. බිලාසයා යනු; බිල්හි වසන සර්ප මුගටි කිඹුල් ගොයි ආදීහුය. දරිසයා යනු; ඣාරාසයා යි. මෙයම හෝ පාඨයි. පර්වත විවරයි. සකාසයා යනු; තමන්ගේ වාසස්ථානයෙන් තදාසයා යනු ද පාඨයි. එහි එකල බිලයෙන් නික්ම යන අර්ථයි. නික්‍ඛමන්ති යනු; නික්‍ඛමිංසු යාමුයි. ජුද්ධා යනු සුජුද්ධං යනුයි. මනාව උදුරන ලද යන අර්ථයි.

අරතීති උක‍්කණ‍්ඨා. සන‍්තුට‍්ඨාති පරමෙන සන‍්තුට‍්ඨෙන සන‍්තුට‍්ඨා. විනස‍්සතීති විගච‍්ඡති. රාගොති කාමරාගො. තදා තනු හොතීති ඔරමත‍්තකො හොති, ඉමිනා පරියුට‍්ඨානාභාවං දීපෙති. විහතාති විනට‍්ඨා. තදාති පුබ‍්බෙ, බොධිසත‍්තානං පල‍්ලඞ‍්කාභුජනෙති අත්‍ථො. න භවතීති න හොති. අජ‍්ජපෙතන‍්ති අජ‍්ජ තව පල‍්ලඞ‍්කාභුජනෙපි එතං භයං න හොතෙවාති අත්‍ථො. තෙන ලිඞ‍්ගෙන ජානාමාති තෙන කාරණෙන සබ‍්බෙව මයං ජානාම, යං ත්‍වං බුද‍්ධො භවිස‍්සසීති අත්‍ථො.

අරති යනු; උත්කණ්ඨාවයි. සන්තුට්ඨා යනු; පරම සතුටින් සතුටු වූවාහු. විනස්සන්ති යනු; පහවෙත්. රාගො යනු; කාමරාගය. තදා තනු යනු; පහත් මට්ටමක වෙයි. මෙයින් අවසන් බවක් නොදක්වයි. විභතා යනු; විනාශ කළ. තදා යනු; පෙර බෝසතුන්ගේ පර්යංක බැඳීමෙහි යන අර්ථයි. න භවති යනු; නොවෙයි. අජ්ජපෙතං යනු; අද ඔබගේ පර්යංකයෙන් සිටීමෙහි ද යන අර්ථයි. මේ භය නොවෙයි. තෙන ලිංගෙන ජානාම යනු; ඒ තරුණින් අපි හැමදෙනම දනිමු. ඔබ බුදුවන්නහුය යන යමක් ඇදද එයයි යන අර්ථයි.

අනුද‍්ධංසතීති න උග‍්ගච‍්ඡති. අනිට‍්ඨගන්‍ධොති දුග‍්ගන්‍ධො. පක‍්කමතීති පක‍්කමි විගච‍්ඡි. පවායතීති පවායි. සොපජ‍්ජාති සොපි දිබ‍්බගන්‍ධො අජ‍්ජ. පදිස‍්සන‍්තීති පදිස‍්සිංසු. තෙපජ‍්ජාති තෙපි සබ‍්බෙ දෙවා අජ‍්ජ. යාවතාති පරිච‍්ඡෙදනත්‍ථෙ නිපාතො, යත‍්තකාති අත්‍ථො. කුට‍්ටාති පාකාරා. න හොන‍්තාවරණාති ආවරණකරා න අහෙසුං. තදාති පුබ‍්බෙ. ආකාසභූතාති තෙ කුට‍්ටකවාටපබ‍්බතා ආවරණං තිරොකරණං කාතුං අසක‍්කොන‍්තා, අජටාකාසභූතාති අත්‍ථො. චුතීති මරණං. උපපත‍්තීති පටිසන්‍ධිග‍්ගහණං. ඛණෙති පුබ‍්බෙ බොධිසත‍්තානං පල‍්ලඞ‍්කාභුජනක‍්ඛණෙ. න විජ‍්ජතීති නාහොසි. තානිපජ‍්ජාති තානිපි අජ‍්ජ චවනභවනානීති අත්‍ථො. මා නිවත‍්තීති මා පටික‍්කමි. අභික‍්කමාති පරක‍්කම. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

අනුද්ධං සති යනු; උඩ නොයයි. නොවෙයි. නොසිදුවෙයි. අනිට්ඨගන්‍ධො යනු; දුගඳයි. පක්කමති යනු; වෙන්ව යයි. පචායති යනු; හැමීය. සොපජ්ජ යනු; අද ඒ දිවසුවඳ ද පදිස්සන්ති යනු; දිටිමු. තෙපජ්ජා යනු; අද ඒ සියලු දෙවියෝ. යාවතා යනු; පරිචේඡෙදාර්ථයෙහි නිපාතයි. යම්තාක් ද යන අර්ථයි. කුඩ්ඩා යනු; ප්‍රාකාර. න භොන්තාවරණ යනු; ආවරණකර නොවීය. තදා යනු; පෙර. ආකාසභූතා යනු; ඒ ප්‍රාකාර කවාට පර්වත ආවරණය කිරිමට හරස් කිරීමට නොහැකිව අජටාකාශ විය යන අර්ථයි. චුති යනු; මරණයයි. උපපත්ති යනු; පිළිසිඳගැන්ම හටගැන්ම. ඛණෙ යනු; පෙර බෝසතුන්ගේ පලඟ බැඳීම් ක්‍ෂණයෙහි. න විජ්ජති යනු; නොවීය. තානිපජ්ජ යනු; අද ඒවාද මරණ උපත් ආදිය යන අර්ථයි. මා නිවත්ති යනු; ආපසු නොයව. අභික්කම යනු; පරාක්‍රමවත් වන්නමෙහි සෙස්ස කියන ලදමැයි.

තතො සුමෙධපණ‍්ඩිතො දීපඞ‍්කරස‍්ස දසබලස‍්ස ච දසසහස‍්සචක‍්කවාළදෙවතානඤ‍්ච වචනං සුත්‍වා භිය්‍යොසොමත‍්තාය සඤ‍්ජාතුස‍්සාහො හුත්‍වා චින‍්තෙසි – “බුද‍්ධා නාම අමොඝවචනා, නත්‍ථි බුද‍්ධානං කථාය අඤ‍්ඤථත‍්තං. යථා හි ආකාසෙ ඛිත‍්තස‍්ස ලෙඩ‍්ඩුස‍්ස පතනං ධුවං, ජාතස‍්ස මරණං, අරුණෙ උග‍්ගතෙ සූරියස‍්ස අබ‍්භුග‍්ගමනං, ආසයා නික‍්ඛන‍්තස‍්ස සීහස‍්ස සීහනාදනදනං, ගරුගබ‍්භාය ඉත්‍ථියා භාරමොරොපනං ධුවං අවස‍්සම‍්භාවී, එවමෙව බුද‍්ධානං වචනං නාම ධුවං අමොඝං, අද‍්ධා අහං බුද‍්ධො භවිස‍්සාමීති. තෙන වුත‍්තං –

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ දිවකුරු බුදුන්ගේ ද දෙවියන්ගේ ද වදන් අසා වඩාත් උත්සාහවත්ව සිතූහ. බුදුවරු නම් හිස් වදන් නැත්තෝය. බුදුවරුන්ගේ කතාවෙහි වෙනසක් නැත. අහසට දැමූ ගලක් වැටීම උපන්නහුගේ මරණය උදිත සූර්යයාගේ නැගීම ගුහාවෙන් නික්මුණු සිංහයාගේ සිංහනාද කිරීම ගැබ්බර ගැහැනියකගේ වැදීම මෙන් ඒකාන්තය. අවශ්‍යයෙන්ම සිදුවෙයි. එමෙන් බුදුවදන් ඒකාන්තය. නොසිස්ය. ඒකාන්තයෙන් මම බුදුවෙමි කියායි. එයින් කියන ලදි.

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, දසසහස‍්සීනචූභයං; තුට‍්ඨහට‍්ඨො පමුදිතො, එවං චින‍්තෙසහං තදා.

බුද්ධස්ස වචනං සුත්‍වා දසසහස්සීන චූභයං තුට්ඨ හට්ඨො පමුදිතො එවං වින්තෙසහං තදා

“අද‍්වෙජ‍්ඣවචනා බුද‍්ධා, අමොඝවචනා ජිනා; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

අදෙවජ්ඣවචනා බුද්ධා අමොඝවචනා ජිනා විතථං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

“යථා ඛිත‍්තං නභෙ ලෙඩ‍්ඩු, ධුවං පතති භූමියං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

යථා ඛිත්තං නභෙ ලෙඩ්ඩු ධුවං පත ති භුමියං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුව සස්සතං විථකං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

“යථාපි සබ‍්බසත‍්තානං, මරණං ධුවසස‍්සතං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

යථාපි සබ්බසත්තානං මරණං ධුව සස්සතං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුව සස්සතං විතථං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

“යථා රත‍්තික‍්ඛයෙ පත‍්තෙ, සූරියුග‍්ගමනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

යථා රත්තික්‍ඛයෙ පත්තෙ සුරියුග්ගමනං ධුවං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුව සස්සතං විතථං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

“යථා නික‍්ඛන‍්තසයනස‍්ස, සීහස‍්ස නදනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

යථා නික්‍ඛන්ත සයනස්ස සීහස්ස නදනං ධුවං තථෙව බුද්ධසෙට්ඨානං වචනංධුව සස්සතං විතථං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

“යථා ආපන‍්නසත‍්තානං, භාරමොරොපනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහ”න‍්ති.

යථා ආපන්නසත්තානං භාරමොරොපනංධුවං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුව සස්සතං විතථං නත්‍ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං

තත්‍ථ බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, දසසහස‍්සී න චූභයන‍්ති දීපඞ‍්කරසම‍්මාසම‍්බුද‍්ධස‍්ස ච දසසහස‍්සචක‍්කවාළදෙවතානඤ‍්ච වචනං සුත්‍වා. උභයන‍්ති උභයෙසං, සාමිඅත්‍ථෙ පච‍්චත‍්තවචනං, උභයවචනං වා. එවං චින‍්තෙසහන‍්ති එවං චින‍්තෙසිං අහං.

එහි බුද්ධස්ස වචනං සුත්‍වා දසසහස්සී චූභයං යනු; දිවකුරු සම්බුදු රදුන්ගේද දසදහසක් සක්වළ දෙවියන්ගේද වචනය අසා. උභයං යනු; දෙගොල්ලන්ගේ. සාම්‍යර්ථයෙහි ප්‍රථමා විභක්තියයි. දෙක යනු හෝ වෙයි. එවං චින්තෙසහං යනු; මම මෙසේ සිතීමි.

අද‍්වෙජ‍්ඣවචනාති ද‍්වෙධා අප‍්පවත‍්තවචනා, එකංසවචනාති අත්‍ථො. “අච‍්ඡිද‍්දවචනා”තිපි පාඨො, තස‍්ස නිද‍්දොසවචනාති අත්‍ථො. අමොඝවචනාති අවිතථවචනා. විතථන‍්ති විතථවචනං නත්‍ථීති අත්‍ථො. ධුවං බුද‍්ධො භවාමහන‍්ති අහං එකංසෙනෙව බුද‍්ධො භවිස‍්සාමීති නියතවසෙන අවස‍්සම‍්භාවිවසෙන ච වත‍්තමානවචනං කතන‍්ති වෙදිතබ‍්බං.

අදෙවජ්ඣවචනා යනු; දෙයාකාරව පවත්නා වදන් නැත්තෝය. ඒකාන්ත වචන ඇත්තෝය යන අර්ථයි. අච්ඡිද්දවචනා යනු ද පාඨයි. අමොඝවචනා යනු; සත්‍ය වචන ඇත්තෝය. විකථං යනු; අසත්‍ය වචන නැත යන අර්ථයි. ධුවං බුද්ධො භවාමහං යනු; ඒකාන්තයෙන්ම බුදුවෙමියි නියත වශයෙන් අවශ්‍යයෙන් වීම් වශයෙන් වර්තමාන පදය කරන ලදැයි දතයුතුයි.

සූරියුග‍්ගමනන‍්ති සූරියස‍්ස උදයනං, අයමෙව වා පාඨො. ධුවසස‍්සතන‍්ති එකංසභාවී චෙව සස‍්සතඤ‍්ච. නික‍්ඛන‍්තසයනස‍්සාති සයනතො නික‍්ඛන‍්තස‍්ස. ආපන‍්නසත‍්තානන‍්ති ගරුගබ‍්භානං, ගබ‍්භිනීනන‍්ති අත්‍ථො. භාරමොරොපනන‍්ති භාරඔරොපනං, ගබ‍්භස‍්ස ඔරොපනන‍්ති අත්‍ථො. ම-කාරො පදසන්‍ධිකරො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

සුරියස්සුග්ගමනං යනු; සූර්යයාගේ උදාවීමයි. මෙයම හෝ පාඨයි. ධුවසස්සතං යනු; ඒකානික භාවී ද ශාස්වත ද වෙයි. නික්‍ඛන්තසයනස්ස යනු; සයනයෙන් නික්මුණහුගේ. ආපන්නසත්තානං යනු; ගැබ්බර ඇතියවුන්ගේ, ගර්භිනීන්ගේ යන අර්ථයි. භාරමොරොපනං යනු; බර බහාලීම ගැබ්බහාලීම යන අර්ථයි. මකාරය පදසන්‍ධිකාරකයි. මෙහි සෙස්ස ද ප්‍රකටමය.

“ස‍්වාහං අද‍්ධා බුද‍්ධො භවිස‍්සාමී”ති එවං කතසන‍්නිට‍්ඨානො බුද‍්ධකාරකෙ ධම‍්මෙ උපධාරෙතුං – “කහං නු ඛො බුද‍්ධකාරකා ධම‍්මා”ති, උද‍්ධං අධො දිසාසු විදිසාසූති අනුක‍්කමෙන සකලං ධම‍්මධාතුං විචිනන‍්තො පුබ‍්බෙ පොරාණකෙහි බොධිසත‍්තෙහි ආසෙවිතනිසෙවිතං පඨමං දානපාරමිං දිස‍්වා එවං අත‍්තානං ඔවදි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඨමං දානපාරමිං පූරෙය්‍යාසි. යථා හි නිකුජ‍්ජිතො උදකකුම‍්භො නිස‍්සෙසං කත්‍වා උදකං වමතියෙව න පච‍්චාහරති, එවමෙව ධනං වා යසං වා පුත‍්තදාරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං වා අනොලොකෙත්‍වා සබ‍්බත්‍ථ යාචකානං සබ‍්බං ඉච‍්ඡිතිච‍්ඡිතං නිස‍්සෙසං කත්‍වා දදමානො බොධිමූලෙ නිසීදිත්‍වා බුද‍්ධො භවිස‍්සසී”ති පඨමං දානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඒ මම ඒකාන්තයෙන් මම බුදුවෙමියි මෙසේ කළ සනිටුහන් ඇතිව බුද්ධකාරක ධර්ම සෙවීමට බුද්ධකාරක කොහිද? උඩ යට දිසා විදිසාව ලදැයි සියලු ධර්ම ධාතුව පරීක්‍ෂා කරන්නාහු පෙර බෝසතුන් විසින් සෙවුනා ලද ඇසුරු කරන ලද පළමු දාන පාරමිතාව දැක මෙසේ තමහට අවවාද කළහ. සුමේධ පණ්ඩිතයෙනි, ඔබ මෙවක් පටන් ප්‍රථම දාන පාරමිතාව පුරන්නෙහිය. යම්සේ යටිකුරු කළ දියකළය වතුර ඉතිරි නොකොටම වගුරුවමුද? ආපසු නොගනීද එසේ ධනය හෝ පිරිවර හෝ අඹුදරුවන් හෝ අඟපසඟ හෝ නොබලා හැම සැපත් යදියනට කැමති කැමති දේය ඉතිරි නොකොට දෙන්නාහු බෝමුල හිඳ බුදුවන්නේයයි පළමු දාන පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළහ. එයින් කියන ලදි:-

“හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො; උද‍්ධං අධො දස දිසා, යාවතා ධම‍්මධාතුයා.

හන්‍ද බුද්ධකරෙ ධම්මෙ විචිනාමි ඉතොචිතො උද්ධං අධො දසදිසා යාවතා ධම්මධාතුයා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, පඨමං දානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, අනුචිණ‍්ණං මහාපථං.

විචිනන්තො තදාද්දක්‍ඛිං පඨමං දානපාරමිං පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණං මහාපථං

“ඉමං ත්‍වං පඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; දානපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං පඨමං තාව දළ්හං කත්‍වා සමාදිය දානපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡාසි

“යථාපි කුම‍්භො සම‍්පුණ‍්ණො, යස‍්ස කස‍්සචි අධො කතො; වමතෙවුදකං නිස‍්සෙසං, න තත්‍ථ පරිරක‍්ඛති.

යථාපි කුම්හො සම්පුණ්ණො පස්ස කස්සචි අධොකතො වමතෙ උදකං නිස්සෙතං න තත්‍ථ පරිරක්‍ඛති

“තථෙව යාචකෙ දිස‍්වා, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; දදාහි දානං නිස‍්සෙසං, කුම‍්භො විය අධො කතො”ති.

තථෙව යාචකෙ දිස්වා හීනමුක්කට්ඨ මජ්ඣිමෙ දදාභි දානං නිස්සෙසං කුම්භෙ විය අධොකතං

තත්‍ථ හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. බුද‍්ධකරෙ ධම‍්මෙති බුද‍්ධත‍්තකරෙ ධම‍්මෙ. බුද‍්ධත‍්තකරා නාම ධම‍්මා දානපාරමිතාදයො දස ධම‍්මා. විචිනාමීති විචිනිස‍්සාමි, වීමංසිස‍්සාමි උපපරික‍්ඛිස‍්සාමීති අත්‍ථො. ඉතො චිතොති ඉතො ඉතො, අයමෙව වා පාඨො. තත්‍ථ තත්‍ථ විචිනාමීති අත්‍ථො. උද‍්ධන‍්ති දෙවලොකෙ. අධොති මනුස‍්සලොකෙ. දස දිසාති දසසු දිසාසු; කත්‍ථ නු ඛො තෙ බුද‍්ධකාරකධම‍්මා උද‍්ධං අධො තිරියං දිසාසු විදිසාසූති අධිප‍්පායො. යාවතා ධම‍්මධාතුයාති එත්‍ථ යාවතාති පරිච‍්ඡෙදවචනං. ධම‍්මධාතුයාති සභාවධම‍්මස‍්ස, පවත‍්තනීති වචනසෙසො දට‍්ඨබ‍්බො. කිං වුත‍්තං හොති? යාවතිකා සභාවධම‍්මානං කාමරූපාරූපධම‍්මානං පවත‍්ති, තාවතිකං විචිනිස‍්සාමීති වුත‍්තං හොති.

එහි හන්‍ද යනු; ව්‍යවසර්ගාර්ථයෙහි නිපාතයි. බුද්ධකරෙ ධම්මෙ යනු; බුද්ධත්වය සිදුකරන ධර්ම. බුද්ධත්‍වකාරක ධර්ම නම් දානපාරමිතාදි දසධර්මයි. විචිනාමි යනු; සොයන්නෙමි. පරීක්‍ෂා කරන්නෙමි යන අර්ථයි. ඉතො චිතො යනු; මෙයින් මෙයම හෝ පාඨයි. ඒ ඒ තන්හි සොයමි යන අර්ථයි. උද්ධං යනු; දෙව්ලොව, අධො යනු; මිනිස් ලොව. දසදිසා යනු; දස දිසාවෙහි. ඒ බුද්ධකාරක ධර්ම දෙව්ලොව මනුලොව සරස දිසා විදිසාවල කොතැනක ද යන අදහසයි. යාවතා ධම්මධාතුයා යනු; මෙහි යාතො යනු සීමා වචනයයි. ධම්මධාතුයා යනු; සභාවධම්මස්ස පවත්තනී යයි වචන ශේෂය දතයුතුය. කුමක් කියන ලදද? ස්වභාව ධර්මයන්ගේ නාම රූප අරූප ධර්මයන්ගේ පැවැත්ම යම් පමණ ද එපමණ තන්හි සොයන්නෙමි යන අර්ථයයි.

විචිනන‍්තොති වීමංසන‍්තො උපපරික‍්ඛන‍්තො. පුබ‍්බකෙහීති පොරාණෙහි බොධිසත‍්තෙහි. අනුචිණ‍්ණන‍්ති අජ‍්ඣාචිණ‍්ණං ආසෙවිතං. සමාදියාති සමාදියනං කරොහි, අජ‍්ජ පට‍්ඨාය අයං පඨමං දානපාරමී පූරෙතබ‍්බා මයාති එවං සමාදියාති අත්‍ථො. දානපාරමිතං ගච‍්ඡාති දානපාරමිං ගච‍්ඡ, පූරයාති අත්‍ථො. යදි බොධිං පත‍්තුමිච‍්ඡසීති බොධිමූලමුපගන‍්ත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං පත‍්තුං ඉච‍්ඡසි චෙ. යස‍්ස කස‍්සචීති උදකස‍්ස වා ඛීරස‍්ස වා යස‍්ස කස‍්සචි සම‍්පුණ‍්ණො. සම‍්පුණ‍්ණසද‍්දයොගෙ සති සාමිවචනං ඉච‍්ඡන‍්ති සද‍්දවිදූ. කරණත්‍ථෙ වා සාමිවචනං, යෙන කෙනචීති අත්‍ථො. අධො කතොති හෙට‍්ඨාමුඛීකතො. න තත්‍ථ පරිරක‍්ඛතීති තස‍්මිං වමනෙ න පරිරක‍්ඛති, නිස‍්සෙසං උදකං වමතෙවාති අත්‍ථො. හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙති හීනමජ‍්ඣිමපණීතෙ. ම-කාරො පදසන්‍ධිකරො. කුම‍්භො විය අධො කතොති හෙට‍්ඨාමුඛීකතො විය කුම‍්භො. යාචකෙ උපගතෙ දිස‍්වා – “ත්‍වං, සුමෙධ, අත‍්තනො අනවසෙසෙත්‍වා සබ‍්බධනපරිච‍්චාගෙන දානපාරමිං, අඞ‍්ගපරිච‍්චාගෙන උපපාරමිං, ජීවිතපරිච‍්චාගෙන පරමත්‍ථපාරමිඤ‍්ච පූරෙහී”ති එවං අත‍්තනාව අත‍්තානං ඔවදි.

විචිනන්තො යනු; විමසන්නේ පරීක්‍ෂා කරන්නේ. පුබ්බතෙහි යනු; පුරාණ බෝසතුන් විසින්. අනුචිණ්ණං යනු; පුරුදු කළ ඇසුර කළ. සමාදිය යනු; සමාදන්වීම කරව. මා විසින් අද පටන් මේ දාන පාරමිතාව පිරිය යුතුය යන අර්ථයි. දානපාරමිතං ගච්ඡ යනු; දාන පාරමිතාවට යව. පූර්ව යන අර්ථයි. යදි බොධිං පත්තු මිච්ඡස යනු; ඉදින් බෝමුලට පැමිණ අනුත්තර සම්බෝධියට පැමිණීමට කැමැත්තෙහි නම්. යස්ස කස්සමි යනු; දියෙහි හෝ කිරෙහි හෝ යම් කිසිවක. සම්පූර්ණ ශබ්දයෝගය ඇතිවිට ශබ්ද විද්‍යාඥයෝ සම්බන්‍ධ විභත්තිය කැමති වෙති. කරණාර්ථයෙහි සම්බන්‍ධ විභක්තිය හෝ ය. යෙන කෙනචි යම් කිසිවකු විසින් යන අර්ථයි. අධොකතො යනු; මුව යටට හරවන ලද්දේ. න තත්‍ථි පරීරක්‍ඛති යනු නොරැඳෙයි. වමතෙ ව යනු; නිරවශේෂව දිය වැගිරෙයි යන අර්ථයි. හීන මුක්කට්ඨමජ්ඣිමෙ යනු; පහත් මැදහත් උසස්. මකාරය පදසන්‍ධිකාරකයි. කුම්භො විය. අධොකතො යනු; කට යටට හැරවූ. වෙත පත් යදියන් දැක සුමේධය, ඔබ තමහට නොතබා සියලු ධන පරිත්‍යාගයෙන් දාන පාරමිතාව අංග පරිත්‍යාගයෙන් උපපාරමිතාව ජීවිත පරිත්‍යාගයෙන් පරමාර්ථ පාරමිතාව පුරවයි මෙසේ තෙමේ තමහට අවවාද කළේය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකෙහි ධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො දුතියං සීලපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සීලපාරමිං පූරෙය්‍යාසි. යථා චමරී මිගො නාම ජීවිතම‍්පි අනොලොකෙත්‍වා අත‍්තනො වාලමෙව රක‍්ඛති, එවං ත්‍වම‍්පි ඉතො පට‍්ඨාය ජීවිතම‍්පි අනොලොකෙත්‍වා සීලමෙව රක‍්ඛන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති දුතියං සීලපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුද්ධකාරක ධර්ම මෙපමණක්ව නොවිය හැකියයි මත්තෙහි ද පරීක්‍ෂා කළ උන්වහන්සේ දෙවැනි සීල පාරමිතාව දැක මෙසේ සිතූහ. සුමේධ පණ්ඩිතයෙනි, ඔබ මෙවක් පටන් සීල පාරමිතාව පුරන්නෙහිය. යම්සේ සෙමෙර මුවා ජීවිතය ද නොබලා සිය වලග රක්නා මෙන් ද මෙසේ ඔබ ද මෙතැන් පටන් ජීවිතය ද නොබලා සීලයම රකිමින් බුදුවෙමියි දෙවැනි ශීල පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළහ. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙධම්මා බොධිපාචනා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, දුතියං සීලපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචිනන්තො තදාදදක්‍ඛිං දුතියං සීලපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං දුතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; සීලපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං දුතියං තාම දළ්හං කත්‍වා සමාදිය සීලපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි

“යථාපි චමරී වාලං, කිස‍්මිඤ‍්චි පටිලග‍්ගිතං; උපෙති මරණං තත්‍ථ, න විකොපෙති වාලධිං.

තථාපි චමරී වාළං කිස්මිඤ්චි පාතිලග්ගිතං උසෙති මරණං තත්‍ථ න චිකොපෙති වාළධිං

“තථෙව ත්‍වං චතූසු භූමීසු, සීලානි පරිපූරය; පරිරක‍්ඛ සබ‍්බදා සීලං, චමරී විය වාලධි”න‍්ති.

තථෙව චතුසු භූමිසු සීලානි පරිපූරය පරිරක්‍ඛ සබ්බදාසීලං චමරී විය වාළධින්ති

තත්‍ථ න හෙතෙති න හි එතෙයෙව. බොධිපාචනාති මග‍්ගපරිපාචනා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපරිපාචනා වා. දුතියං සීලපාරමින‍්ති සීලං නාම සබ‍්බෙසං කුසලධම‍්මානං පතිට‍්ඨා, සීලෙ පතිට‍්ඨිතො කුසලධම‍්මෙහි න පරිහායති, සබ‍්බෙපි ලොකියලොකුත‍්තරගුණෙ පටිලභති. තස‍්මා සීලපාරමී පූරෙතබ‍්බාති දුතියං සීලපාරමිං අද‍්දක‍්ඛින‍්ති අත්‍ථො.

එහි නභතෙ යනු; මෙපමණක්ම නොවේ. බොධිපාචනා යනු; මාර්ගය මෝරවන. සර්වඥතාඥානය මෝරවන හෝ. දුතියං සීලපාරමිං යනු; සීලය නම් සියලු කුසල් දහම්වලට පිහිටයි. සීලයෙහි පිහිටා කුසල් දහමින් නොපිරිහෙයි. සියලු ලොවී ලොවුතුරා ගුණ ලබයි. එහෙයින් සීල පාරමිතාව පිරිය යුතුය. දෙවැනි සීල පාරමිතාව දුටුවේය යන අර්ථයි.

ආසෙවිතනිසෙවිතන‍්ති භාවිතඤ‍්චෙව බහුලීකතඤ‍්ච. චමරීති චමරී මිගො. කිස‍්මිඤ‍්චීති යත්‍ථ කත්‍ථචි රුක‍්ඛලතාකණ‍්ටකාදීසු අඤ‍්ඤතරස‍්මිං. පටිලග‍්ගිතන‍්ති පටිවිලග‍්ගිතං. තත්‍ථාති යත්‍ථ විලග‍්ගිතං, තත්‍ථෙව ඨත්‍වා මරණං උපගච‍්ඡති. න විකොපෙතීති න ඡින්‍දති. වාලධින‍්ති වාලං ඡින්‍දිත්‍වා න ගච‍්ඡති, තත්‍ථෙව මරණං උපෙතීති අත්‍ථො.

ආසෙවිත නිසෙවිතං යනු; ඇසුරු කළ මෙන්ම බහුලද කළ. චමරී යනු; චමරි මුවාය. කිස්මිඤ්චි යනු; යම්කිසි ගස්වැල් කටු ආදි කිසිවක. පතිවිලග්ගිතං යනු; පැටලුණු. තත්‍ථ යනු; යම් තැනෙක පැටලුණේද එහිම සිට මරණයට පත්වෙයි. නා විකොපෙති යනු; නොසිඳියි. වාලධිං යනු; වලග කඩාගෙන නොයයි. එහිම මරණයට පත්වෙයි යන අර්ථයි.

චතූසු භූමීසු සීලානීති චතූසු ඨානෙසු විභත‍්තසීලානි, පාතිමොක‍්ඛසංවරඉන්‍ද්‍රියසංවරආජීවපාරිසුද‍්ධිපච‍්චයසන‍්නිස‍්සිතවසෙනාති අත්‍ථො. භූමිවසෙන පන ද‍්වීසුයෙව භූමීසු පරියාපන‍්නං තම‍්පි චතුසීලමෙවාති. පරිපූරයාති ඛණ‍්ඩඡිද‍්දසබලාදිඅභාවෙන පරිපූරය. සබ‍්බදාති සබ‍්බකාලං. චමරී වියාති චමරී මිගො විය. සෙසමෙත්‍ථාපි උත‍්තානත්‍ථමෙවාති.

චතුසු භූමිසු සීලං යනු; සතර ස්ථානයෙක්හි බෙදන ලද සීලය. පාතිමොක්‍ඛ සංවර ඉන්‍ද්‍රිය සංවර ආජීව පාරිසුද්ධි පච්චය සන්නිස්සිත වශයෙන් යන අර්ථයි. භූමි වශයෙන් වනාහි භූමි දෙකෙක්හි සීමාවෙයි. එයද කුසල්මය. පරිපූරය යනු; කඩ සිදුරු කබර ආදිය රහිත සපුරව. සබ්බදා යනු; හැමකල්හි. චමරී විය යනු; සෙමරකු මෙන්. මෙහි සෙස්ස ද පැහැදිලිමය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකෙහි ධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො තතියං නෙක‍්ඛම‍්මපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය නෙක‍්ඛම‍්මපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථාපි සුචිරං බන්‍ධනාගාරෙ වසමානො පුරිසො න තත්‍ථ සිනෙහං කරොති, අථ ඛො උක‍්කණ‍්ඨිතො අවසිතුකාමො හොති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බභවෙ බන්‍ධනාගාරසදිසෙ කත්‍වා පස‍්ස, සබ‍්බභවෙහි උක‍්කණ‍්ඨිතො මුච‍්චිතුකාමො හුත්‍වා නෙක‍්ඛම‍්මාභිමුඛොව හොති, එවං බුද‍්ධො භවිස‍්සසී”ති තතියං නෙක‍්ඛම‍්මපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුදුකුරු දහම් මෙපමණක් නොවෙතැයි මත්තෙහි ද සලකන උන්වහන්සේට තෙවැනි නෙක්‍ඛම්ම පාරමිතාව දැක මෙසේ සිතිණ. සුමේධ පණ්ඩිතයෙනි, ඔබ මෙතැන් පටන් නෙක්‍ඛම්ම පාරමිතාව පිරිය යුතුය. යම්සේ බොහෝකල් බන්‍ධනාගාරයෙහි වසන මිනිසෙක් එයට සෙනෙහෙ නොකරයි ද එසේම කලකිරී නොවසනු කැමති වෙයිද එමෙන් ඔබද සියලු භවයන් බන්‍ධනාගාර කොට සිතන්න. සියලු භාවයෙන් කලකිරී මිදෙනු කැමතිව නෛෂ්ක්‍රම්‍යයටම අභිමුඛ වන්න. මෙසේ බුදුවන්නෙහි යයි තෙවන නෙක්‍ඛම්ම පාරමිතාව දැඩිකොට ඉටාගත්හ. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න භෙතෙ එත්තකා යෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, තතියං නෙක‍්ඛම‍්මපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචිනන්තො තදාද්දක්‍ඛිං තතියං නෙක්‍ඛම්ම පාරමිං පුබ්බකෙ හි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං තතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; නෙක‍්ඛම‍්මපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං තතියං තාම දළ්හං කත්‍වා සමාදිය නෙක්‍ඛම්මපාරමිං ගච්ඡ යදි බොධිං පත්ත මිච්ඡසි

“යථා අන්‍දුඝරෙ පුරිසො, චිරවුට‍්ඨො දුඛට‍්ටිතො; න තත්‍ථ රාගං ජනෙති, මුත‍්තිංයෙව ගවෙසති.

යථා අන්‍දුඝරෙ පුරිසො චිර වුත්‍ථො දුඛද්දිතො න තත්‍ථ රාගං අභිජනෙති මුත්තිං යෙව ගවෙසති

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පස‍්ස අන්‍දුඝරෙ විය; නෙක‍්ඛම‍්මාභිමුඛො හොති, භවතො පරිමුත‍්තියා”ති.

තථෙව ත්‍වං සබ්බභවෙ පස්ස අන්‍දුඝරෙ විය නෙක්‍ඛම්මාභිමුඛො හොහි භවතො පරිමුත්තියානි

තත්‍ථ අන්‍දුඝරෙති බන්‍ධනාගාරෙ. චිරවුට‍්ඨොති චිරකාලං වුට‍්ඨො. දුඛට‍්ටිතොති දුක‍්ඛපීළිතො. න තත්‍ථ රාගං ජනෙතීති තත්‍ථ අන්‍දුඝරෙ රාගං සිනෙහං න ජනෙති න උප‍්පාදෙති. “ඉමං අන්‍දුඝරං මුඤ‍්චිත්‍වා නාහං අඤ‍්ඤත්‍ථ ගමිස‍්සාමී”ති එවං තත්‍ථ රාගං න ජනෙති, කින‍්තු මුත‍්තිංයෙව මොක‍්ඛමෙව ගවෙසතීති අධිප‍්පායො. නෙක‍්ඛම‍්මාභිමුඛොති නික‍්ඛමනාභිමුඛො හොති. භවතොති සබ‍්බභවෙහි. පරිමුත‍්තියාති පරිමොචනත්‍ථාය. නෙක‍්ඛම‍්මාභිමුඛො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”තිපි පාඨො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

එහි අන්‍දුඝරෙ යනු; බන්‍ධනාගාරයෙහි. වීර වුත්‍ථො යනු; බොහෝ කල් විසූ. දුඛද්දිතො දුකින් පීඩිත. තත්‍ථ යනු; අන්‍දුසරයෙහි. රාගං යනු; ස්නෙහය. න ජනෙති යනු; නොඋපදවති. මේ සිරගෙය හැරදමාම මම වෙන තැනක යෙමියි මෙසේ එහි ඇල්මක් නොඋපදවයි. කුමක් කරයිද? මුත්තිං යෙව ගවෙසති යනු; මුක්තියම මෝක්‍ෂයම සොයයි යන අදහසයි. නෙක්‍ඛම්මාභිමුඛො යනු; නික්මීමටම අභිමුඛ වෙව. භවතො යනු; සියලු භවයෙන්. පරිමුත්තියා යනු; මිදීම පිණිස, නෙක්‍ඛම්මාභිමුඛො හුත්‍වා සම්බොධිං පාපුණිස්සති කියා ද පාඨයි. මෙහි සෙස්ස ද පැහැදිලිමය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඤ‍්ඤාපාරමිම‍්පි පූරෙය්‍යාසි. හීනමජ‍්ඣිමුක‍්කට‍්ඨෙසු කඤ‍්චි අවජ‍්ජෙත්‍වා සබ‍්බෙපි පණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡෙය්‍යාසි. යථාපි පිණ‍්ඩචාරිකො භික‍්ඛු හීනාදිභෙදෙසු කුලෙසු කිඤ‍්චි කුලං අවිවජ‍්ජෙත්‍වා පටිපාටියා පිණ‍්ඩාය චරන‍්තො ඛිප‍්පං යාපනමත‍්තං ලභති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බෙ පණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුද්ධකාරක ධර්ම මෙපමණක්ම නොවිය යුතුයයි සලකන උන්වහන්සේට සතරවන ප්‍රඥා පාරමිතාව දැක මෙසේ සිතිණ. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට ප්‍රඥා පාරමිතාව පුරන්නෙහිය. පහත් මැදහත් උසස් සියලු පණ්ඩිතයන් වෙත කිසිවකු අත නොහැර ගොස් ප්‍රශ්න අසන්න. යම්සේ පිණ්ඩපාතික භික්‍ෂුව හීනාදිභේද ඇති කුලයන්හි කිසිවක් අතනොහැර පිළිවෙලින් පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේ වහා යැපීම් ප්‍රමාණය ලබන්නේ ද එසේ ඔබද සියලු පණ්ඩිතයන් වෙත ගොස් අසන්නාහු බුදුවන්නාහයි සතරවන ප්‍රඥා පාරමිතාව දැඩිව අධිෂ්ඨාන කළහ. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකානෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචිනන්කො තදාද්දක්‍ඛිං චතුත්‍ථං පඤ්ඤාපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං චතුත්‍ථං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; පඤ‍්ඤාපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං චතුත්‍ථං තාව දළ්හං කත්‍වා සමාදිය පඤ්ඤාය පාරමිං ගච්ඡ යදි බොධිං පත්තු මිච්ඡසි

“යථා හි භික‍්ඛු භික‍්ඛන‍්තො, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; කුලානි න විවජ‍්ජෙන‍්තො, එවං ලභති යාපනං.

යථා හි භික්‍ඛු භික්‍ඛන්තො හීනමුක්කට්ඨ මජ්ඣිමං කුලානි න විවජ්ජන්කො එවං ලභති යාපනං

“තථෙව ත්‍වං සබ‍්බකාලං, පරිපුච‍්ඡං බුධං ජනං; පඤ‍්ඤාය පාරමිං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වං සබ්බකාලං පරිපුච්ඡන්තො බුධං ජනං පඤ්ඤාය පාරමි ගනත්‍වා සම්බොධි පාපුණිස්සසීති

තත්‍ථ භික‍්ඛන‍්තොති පිණ‍්ඩාය චරන‍්තො. හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙති හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමානි කුලානීති අත්‍ථො. ලිඞ‍්ගවිපරියාසො කතො. න විවජ‍්ජෙන‍්තොති න පරිහරන‍්තො, ඝරපටිපාටිං මුඤ‍්චිත්‍වා චරන‍්තො විවජ‍්ජෙති නාම, එවමකත්‍වාති අත්‍ථො. යාපනන‍්ති යාපනමත‍්තං පාණධාරණං ආහාරං ලභතීති අත්‍ථො. පරිපුච‍්ඡන‍්ති – “කිං, භන‍්තෙ, කුසලං, කිං අකුසලං; කිං සාවජ‍්ජං, කිං අනවජ‍්ජ”න‍්තිආදිනා (දී· නි· 3.84, 216) නයෙන තත්‍ථ තත්‍ථ අභිඤ‍්ඤාතෙ පණ‍්ඩිතෙ ජනෙ උපසඞ‍්කමිත්‍වා පරිපුච‍්ඡන‍්තොති අත්‍ථො. බුධං ජනන‍්ති පණ‍්ඩිතං ජනං. “බුධෙ ජනෙ”තිපි පාඨො. පඤ‍්ඤාය පාරමින‍්ති පඤ‍්ඤාය පාරං. “පඤ‍්ඤාපාරමිතං ගන‍්ත්‍වා”තිපි පාඨො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

එහි භික්‍ඛන්තො යනු; පිඬු පිණිස හැසිරෙන්නේ. හීනමුක්කට්ඨ මජ්ඣිමෙ යනු; හීන උත්කෘෂ්ට මධ්‍යම කුල යන අර්ථයි. ලිංග විපර්යාසය කරන ලදි. න විවජ්ජන්තො යනු; අත නොහරින්නේ. ගෙපිළිවෙල හැර හැසිරීම විවර්ජනය නමි. එසේ නොකොට යන අර්ථයි. යාපනං යනු; යැපීම් මාත්‍රය. පණ රැඳවීම් ආහාර ලබයි යන අර්ථයි. පරිපුච්ඡන්කො යනු; ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? සාවද්‍යය කුමක්ද? නිරවද්‍යය කුමක්ද? ආදි ක්‍රමයෙන් ඒ ඒ තැන ප්‍රකට පණ්ඩිත ජනයා වෙත එළඹ විමසන්නේ යන අර්ථයි. බුධං ජනං යනු; පණ්ඩිත ජනයා. බුධෙ ජනෙ යනුද පාඨයි. පඤ්ඤාය පාරමී යනුයෙහි පඤ්ඤා පාරමිතං ගනත්‍වා යිද පාඨයි. මෙහිද සෙස්ස ප්‍රකටය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො පඤ‍්චමං වීරියපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය වීරියපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථාපි සීහො මිගරාජා සබ‍්බඉරියාපථෙසු දළ‍්හවීරියො හොති, එවං ත්‍වම‍්පි සබ‍්බභවෙසු සබ‍්බඉරියාපථෙසු දළ‍්හවීරියො අනොලීනවීරියො සමානො බුද‍්ධො භවිස‍්සසී”ති පඤ‍්චමං වීරියපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුදුකුරු දහම් මෙවිතරක්ම නොවිය යුතුයයි විමසන උන්වහන්සේට පස්වන විරිය පාරමිතාව දැක මෙසේ සිතිණ. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් විරිය පාරමිතාව පුරන්නෙහිය. යම්සේ මෘගරාජ සිංහයා සියලු ඉරියව්හි දැඩි වීර්යය ඇත්තේ වෙයිද එසේ ඔබද සියලු භවයන්හි සියලු ඉරියව්වල නොපසුබට වීර්යය ඇතිවම බුදුවන්නෙහි යයි පස්වන විරිය පාරමිතාව දැඩිකොට ඉටා ගත්තේය. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකා යෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, පඤ‍්චමං වීරියපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචිනන්තො තදාද්දක්‍ඛිං පඤ්චමං විරියපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං පඤ‍්චමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; වීරියපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං පඤ්චමං තාම දළ්හං කත්‍වා සමාදිය විරිය පාරමිතං ගච්ඡ යදි බොධි සඤ්චිච්ඡසි

“යථාපි සීහො මිගරාජා, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අලීනවීරියො හොති, පග‍්ගහිතමනො සදා.

යථාපි සීහො මිගරාජා නිසජ්ජට්ඨාන චංකමෙ අලීනවිරියො හොති පග්ගහිතමනො සදා

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පග‍්ගණ‍්හ වීරියං දළ‍්හං; වීරියපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වං සබ්බභවෙ පග්ගණ්හ විරියං දළ්හං විරිය පාරමිතං ගනත්‍වා සබ්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ අලීනවීරියොති අනොලීනවීරියො. සබ‍්බභවෙති ජාතජාතභවෙ, සබ‍්බෙසු භවෙසූති අත්‍ථො. ආරද‍්ධවීරියො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසීතිපි පාඨො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

එහි අලීනවිරියො යනු; පසුබට නොවූ වීර්යයයි. සබ්බභවෙ යනු; උපනුපන් භවයෙහි. සියලු භවයන්හි යන අර්ථයි. ආරද්ධවිරියො හුත්‍වා සම්බොධිං පාපුණිස්සසී කියා ද පාඨයි. මෙහිද සෙස්ස ප්‍රකටමය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය ඛන‍්තිපාරමිං පරිපූරෙය්‍යාසි, සම‍්මානනෙපි අවමානනෙපි ඛමොව භවෙය්‍යාසි. යථා හි පථවියං නාම සුචිම‍්පි පක‍්ඛිපන‍්ති අසුචිම‍්පි, න ච තෙන පථවී සිනෙහං වා පටිඝං වා කරොති, ඛමති සහති අධිවාසෙතියෙව, එවමෙව ත්‍වම‍්පි සබ‍්බෙසං සම‍්මානනාවමානනෙසු ඛමො සමානො බුද‍්ධො භවිස‍්සසී”ති ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුදුකුරු දහම් මෙපමණක් නොවෙතැයි මත්තෙහි විමසන උන්වහන්සේට සවන ඛන්ති පාරමිතාව දැක මෙසේ සිත්විය. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට ක්‍ෂාන්ති පාරමිතාව පුරව. සම්මානයෙහිද අවමානයෙහි ද ඉවසන්නෙක්ම වන්න. යම්සේ පොළොවෙහි පිරිසිදු දේත් දමයි. අපිරිසිදු දේත් දමයි. එයින් පොළව ස්නේහත් නොකරයි. වයිරත් නොකරයි. ඉවසයි. පිළිගනියි. දරාසිටින්නේමය. එසේ ඔබද සියලු සම්මාන අවමානවල ක්‍ෂමා ඇතියෙක්වම බුදුවන්නෙහි යයි ක්‍ෂාන්ති පාරමිතාව දැඩිව ඉටාගත්තේය. එයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකා යෙව බුද්ධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙධම්මා බොධිපාචනා

“විචිනන‍්තො තදා දක‍්ඛිං, ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචින්නෙතං තදාද්දක්‍ඛිං ඡට්ඨමං ඛන්තිපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං ඡට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣමානසො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

ඉමං ත්‍වං ඡට්ඨමං තාව දළ්හං කත්‍වා සමාදිය තත්‍ථ අද්වෙඡ්ඣමනසො සම්බොධිං පාපුණිස්සයි

“යථාපි පථවී නාම, සුචිම‍්පි අසුචිම‍්පි ච; සබ‍්බං සහති නික‍්ඛෙපං, න කරොති පටිඝං තයා.

යථාපි පඨවී නාම සුචිම්පි අසුචිම්පිච සබ්බං සහති නික්‍ඛෙපං න කරොති පටිඝං තයා

“තථෙව ත්‍වම‍්පි සබ‍්බෙසං, සම‍්මානාවමානක‍්ඛමො; ඛන‍්තිපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව කිම්පි සබ්බෙසං සම්මාන්නාවමාන්නක්‍ඛමො ඛන්ති පාරමිතං ගනත්‍වා සම්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ තත්‍ථාති තස‍්සං ඛන‍්තිපාරමියං. අද‍්වෙජ‍්ඣමානසොති එකංසමානසො. සුචිම‍්පීති චන්‍දනකුඞ‍්කුමගන්‍ධමාලාදිසුචිම‍්පි. අසුචිම‍්පීති අහිකුක‍්කුරමනුස‍්සකුණපගූථමුත‍්තඛෙළසිඞ‍්ඝාණිකාදිඅසුචිම‍්පි. සහතීති ඛමති, අධිවාසෙති. නික‍්ඛෙපන‍්ති නික‍්ඛිත‍්තං. පටිඝන‍්ති කොධං. තයාති තාය වුත‍්තියා, තාය නික‍්ඛිත‍්තතාය වා. “පටිඝං දය”න‍්තිපි පාඨො, තස‍්ස තෙන නික‍්ඛෙපෙන පටිඝානුරොධං න කරොතීති අත්‍ථො. සම‍්මානාවමානක‍්ඛමොති සබ‍්බෙසං සම‍්මානනාවමානනසහො ත්‍වම‍්පි භවාති අත්‍ථො. “තථෙව ත්‍වම‍්පි සබ‍්බභවෙ, සම‍්මානනවිමානක‍්ඛමො”තිපි පඨන‍්ති. “ඛන‍්තියා පාරමිං ගන‍්ත්‍වා”තිපි පාඨො, තස‍්සා ඛන‍්තියා පාරමිපූරණවසෙන ගන‍්ත්‍වාති අත්‍ථො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති. ඉතො පරං එත‍්තකම‍්පි අවත්‍වා යත්‍ථ යත්‍ථ විසෙසො අත්‍ථි, තං තමෙව වත්‍වා පාඨන‍්තරං දස‍්සෙත්‍වා ගමිස‍්සාමාති.

[missing trans] එහි අදෙවජ්ඣමනසො යනු; ඒකාන්ත මනස් ඇත්තේ. සුචිම්පි යනු; සඳුන් කොකුම් ගඳමල් ආදි පිරිසිදු දෙය ද අසුචිම්පි යනු; සර්ප බලු මිනිස් කුණප මළමුත්‍ර කෙළ සොටු ආදි අපිරිසිදු දෙයද. සහති යනු; ක්‍ෂමා කරයි. ඉවසයි. නික්ඛෙපං යනු; දමන ලද්ද. පටිඝං යනු; ක්‍රෝධයයි. තයා යනු; ඒ වෘත්තියෙන් ඒ ඉවසීමෙන්. පටිඝං දයා යනු ද පාඨයි. එහි අර්ථය ඒ බහාලීමෙන් තරහක් අනුකූලතාවක් නොකරයි යනුයි. සම්මාන්නාව මාන්නක්‍ඛමො යනු; ඔබද සියලුම සම්මාන්නාවමාන්න ඉවසන්නෙක් වෙව යන අර්ථයි. තථෙවත්‍වම්පි සබ්බදාවෙ සම්මාන්න විමානක්‍ඛමො කියාද පාඨයි. ක්‍ෂාන්ති පාරමී පිරීම් වශයෙන් ගොස් යන අර්ථයි. මෙහි සෙස්ස ද ප්‍රකටය. මින් පසු මෙපමණකුදු නොකියා යම් යම් තැනෙක විශේෂයක් වෙයි නම් එය එයම කියා පාඨාන්තර දක්වා යන්නෙමු.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො සත‍්තමං සච‍්චපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සච‍්චපාරමිම‍්පි පූරෙය්‍යාසි, අසනියා මත්‍ථකෙ පතමානායපි ධනාදීනං අත්‍ථාය ඡන්‍දාදීනං වසෙන සම‍්පජානමුසාවාදං නාම මා භාසි. යථාපි ඔසධීතාරකා නාම සබ‍්බඋතූසු අත‍්තනො ගමනවීථිං විජහිත්‍වා අඤ‍්ඤාය වීථියා න ගච‍්ඡති, සකවීථියාව ගච‍්ඡති, එවමෙව ත්‍වම‍්පි සච‍්චං පහාය මුසාවාදං නාම අවදන‍්තොයෙව බුද‍්ධො භවිස‍්සසී”ති සත‍්තමං සච‍්චපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුද්ධකාරක ධර්ම මෙපමණක්ම නොවෙතැයි මත්තෙහි සලකන උන්වහන්සේට සත්‍ය පාරමිතාව දැක මෙසේ සිතිණ. සුමේධ පණ්ඩිතයෙනි, ඔබ මෙතැන් සිට සත්‍ය පාරමිතාව පුරන්නෙහිය. හිසට හෙණ වැටෙද්දී වුව ධනාදිය සඳහා ඡන්‍දාදි වශයෙන් දැන දැන බොරු නොකියව. ඔෂධී තරුව සියලු ඍතුවල සිය ගමන්මඟ වෙනස් කොට අන්මඟක නොගොස් තම මඟෙහිම යන්නා සේ ඔබද සත්‍යය හැර මුසාවාදයක් නම් නොකියමින්ම බුදුවන්නෙහි යයි සත්වන සත්‍යය පාරමිතාව දැඩි සේ අධිෂ්ඨාන කළහ. එයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකා යෙව -පෙ-

“විචිනන‍්තො තදා දක‍්ඛිං, සත‍්තමං සච‍්චපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචින්නකො තදාද්දක්‍ඛිං සත්තමං සච්චපාරමිං පුබ්බතෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං සත‍්තමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣවචනො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

ඉමං ත්‍වං සත්තමං තාව දළ්හං කත්‍වා සමාදිය තත්‍ථ අද්වෙජ්ඣවචනො සම්බොධිං පාපුණිස්සසි

“යථාපි ඔසධී නාම, තුලාභූතා සදෙවකෙ; සමයෙ උතුවස‍්සෙ වා, න වොක‍්කමති වීථිතො.

යථාපි ඔසධී නාම තුලාභූතා සදෙවකෙ සමයෙ උතුමස්සෙ වා නෙවොකත්මති වීථිතො

“තථෙව ත්‍වම‍්පි සච‍්චෙසු, මා වොක‍්කම හි වීථිතො; සච‍්චපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වම්පි සච්චෙසු මා වොක්කම්හි වීථිතො සච්චපාරමිතං ගනත්‍වා සම්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ තත්‍ථාති සච‍්චපාරමියං. අද‍්වෙජ‍්ඣවචනොති අවිතථවචනො. ඔසධී නාමාති ඔසධීතාරකා, ඔසධගහණෙ ඔසධීතාරකං උදිතං දිස‍්වා ඔසධං ගණ‍්හන‍්ති. තස‍්මා “ඔසධීතාරකා”ති වුච‍්චති. තුලාභූතාති පමාණභූතා. සදෙවකෙති සදෙවකස‍්ස ලොකස‍්ස. සමයෙති වස‍්සසමයෙ. උතුවස‍්සෙති හෙමන‍්තගිම‍්හෙසු. “සමයෙ උතුවට‍්ටෙ”තිපි පාඨො. තස‍්ස සමයෙති ගිම‍්හෙ. උතුවට‍්ටෙති හෙමන‍්තෙ ච වස‍්සානෙ චාති අත්‍ථො. න වොක‍්කමති වීථිතොති තං තං උතුම‍්හි අත‍්තනො ගමනවීථිතො න වොක‍්කමති න විගච‍්ඡති, ඡ මාසෙ පච‍්ඡිමං දිසං ගච‍්ඡති, ඡ මාසෙ පුබ‍්බං දිසං ගච‍්ඡතීති. අථ වා ඔසධී නාමාති සිඞ‍්ගිවෙරපිප‍්ඵලිමරිචාදිකං ඔසධං. න වොක‍්කමතීති යං යං ඵලදානසමත්‍ථං ඔසධං, තං තං ඵලදානං ඔක‍්කම‍්ම අත‍්තනො ඵලං අදත්‍වා න නිවත‍්තති. වීථිතොති ගමනවීථිතො, පිත‍්තහරො පිත‍්තං හරතෙව, වාතහරො වාතං හරතෙව, සෙම‍්හහරො සෙම‍්හං හරතෙවාති අත්‍ථො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

එහි තත්‍ථ යනු; සත්‍ය පාරමිතාවෙහි. අද්වෙජ්ඣ වචනො යනු; නොවෙනස් වදන් ඇත්තේ. ඔසධී නාම යනු; ඔසධී තාරකාව. ඖෂධ ගැනීමෙහි ඔෂධී තරු උදාව බලා ඖෂධ ගනිති. එහෙයින් ඔසධීකාරකායි කියන ලදි. තුලාභූතා යනු; ප්‍රමාණභූතව. සදෙවකෙ යනු; දෙවියන් සහිත ලෝකයට. සමයෙ යනු; වර්ෂා සමයෙහි. උතුවස්සෙ යනු; හේමන්ත ගිම්හ ඍතුවල සමසෙ උතුවට්ටෙ කියා ද පාඨයි. එහි සමයෙ යනු ගිම්හයෙහි. උතුවත්‍ථෙ යනු; හේමන්තයෙහි සහ වස්සානයෙහි යන අර්ථයි. නෙවොක්කමෙකි වීථිතො යනු; ඒ ඒ සෘතුවෙහි තමන්ගේ ගමන් මාර්ගයෙන් ඉඩක් නොවෙයි. වෙනස් නොවෙයි. යම් යම් පල දෙන ඖෂධ ඇද්ද ඒ ඒ පල දීමෙන් සමසක් නැගෙනහිරට යයි. සමසක් බටහිර දෙසට යයි. නැතහොත් ඔසධීනාම යනු; ඖෂධයි. ඉඟුරු තිප්පිලි ගම්මිරිස් ආදියයි. නෙවොක්කමති යනු; වෙන්ම තමන්ගේ පල නොදී නොනවතී. වීථිකො යනු; ගමන් මගින්. පිත නසන දෙය පිත නසාමැයි. වාතය නසන දෙය වාතය නසත්වායි. සෙම නසන දෙය සෙම නසන්නේමය යන අර්ථයි. මෙහි සෙස්ස ප්‍රකටය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය අධිට‍්ඨානපාරමිම‍්පි පූරෙය්‍යාසි, යං අධිට‍්ඨාසි, තස‍්මිං අධිට‍්ඨානෙ නිච‍්චලො භවෙය්‍යාසි, යථා පබ‍්බතො නාම සබ‍්බදිසාසු වාතෙ පහරන‍්තෙපි න කම‍්පති න චලති, අත‍්තනො ඨානෙයෙව තිට‍්ඨති, එවමෙව ත්‍වම‍්පි අත‍්තනො අධිට‍්ඨානෙ නිච‍්චලො හොන‍්තොව බුද‍්ධො භවිස‍්සසී”ති අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසීති. තෙන වුත‍්තං –

ඉක්බිති බුද්ධකාරක ධර්ම මෙපමණක් නොවෙතැයි ඉදිරියටත් සිතන උන්වහන්සේට අටවන අධිෂ්ඨාන පාරමිතාව දැක මෙසේ අදහස් විය. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් සිට අධිෂ්ඨාන පාරමිතාව ද පිරිය යුතුය. යමක් ඉටන්නෙහිද එහි නිශ්චල විය යුතුය. යම්සේ පර්වතය හැම දිසාවෙන් සුළං හමද්දීත් කම්පා නොවෙයි ද නො සැලෙයි ද තම ස්ථානයෙහිම සිටීද එමෙන් ඔබද තම අධිෂ්ඨානයෙහි නිශ්චල වෙමින්ම බුදුවන්නෙහිය. අටවන අධිෂ්ඨාන පාරමිතාව දැඩිව ඉටාගත්හ. එයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකා යෙව -පෙ-

“විචිනන‍්තො තදා දක‍්ඛිං, අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචිනන්තොද්දක්‍ඛිං අට්ඨමං අධිට්ඨානපාරමිං පුබ්බකෙහි මහෙසීහි අසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං අට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ ත්‍වං අචලො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

ඉමං ත්‍වං අට්ඨමං තාව දළං කත්‍වා සමාදිය තත්‍ථ ත්‍වං අචලො සුත්‍වා සම්බොධි පාපුණිස්සසි

“යථාපි පබ‍්බතො සෙලො, අචලො සුප‍්පතිට‍්ඨිතො; න කම‍්පති භුසවාතෙහි, සකට‍්ඨානෙව තිට‍්ඨති.

යථාපි පබ්බතො සෙලො අචලො සුප්පට්ඨිතො න කම්පති භුස්වාතෙහි සතට්ඨානොව තිට්ඨති

“තත්‍ථෙව ත්‍වම‍්පි අධිට‍්ඨානෙ, සබ‍්බදා අචලො භව; අධිට‍්ඨානපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වම්පි සබ්බදා අචලො භව අධිට්ඨානපාරමිං ගනත්‍වා සම්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ සෙලොති සිලාමයො. අචලොති නිච‍්චලො සුප‍්පතිට‍්ඨිතොති අචලත‍්තාව සුට‍්ඨු පතිට‍්ඨිතො. “යථාපි පබ‍්බතො අචලො, නිඛාතො සුප‍්පතිට‍්ඨිතො”තිපි පාඨො. භුසවාතෙහීති බලවවාතෙහි. සකට‍්ඨානෙවාති අත‍්තනො ඨානෙයෙව, යථාඨිතට‍්ඨානෙයෙවාති අත්‍ථො. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

එහි සෙලො යනු; සෙල්මුවා. අචලො යනු; නිසල සුප්පතිට්ඨිතො යනු; අචලත්වයෙන් මනාව පිහිටි. යථාපි පබ්බතො අචලො නිඛාකො යනු ද පාඨයි. භුස්මා තෙහි යනු; බල වත් වාතයෙන්. සකට්ඨානො යෙව යනු; තම ස්ථානයෙහිම, සිටි ස්ථානයෙහිම යන අර්ථයි. මෙහි සෙස්ස පැහැදිලිය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො නවමං මෙත‍්තාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය මෙත‍්තාපාරමිං පූරෙය්‍යාසි, හිතෙසුපි අහිතෙසුපි එකචිත‍්තොව භවෙය්‍යාසි. යථාපි උදකං නාම පාපජනස‍්සපි කල්‍යාණජනස‍්සපි සීතභාවං එකසදිසං කත්‍වා ඵරති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බසත‍්තෙසු මෙත‍්තචිත‍්තෙන එකචිත‍්තොව හුත්‍වා බුද‍්ධො භවිස‍්සසී”ති නවමං මෙත‍්තාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසීති. තෙන වුත‍්තං –

අනතුරුව බුද්ධකර්ම මෙපමණක් නොවිය හැක්කේ යයි වැඩිදුරටත් විමසන උන්වහන්සේට නවවන මෙත්තා පාරමිතාව දැක මෙසේ සිත් විය. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් මෙත්තා පාරමිතාව පුරව. හිතයන් කෙරෙහිද අහිතයන් කෙරෙහිද එකම යන ඇත්තෙක් වන්න. යම්සේ ජලය පාපී ජනයාට ද කල්‍යාණ ජනයාට ද සිහිල් බව සමානව පතුරුවයිද එමෙන් ඔබද සියලු සතුන් කෙරෙහි මෙත්සිතින් එක්සිත්ව බුදුබව ලබන්නෙහියයි නමවන මෙත්තා පාරමිතාව දැඩිව අධිෂ්ඨාන කළහ. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකා යෙව -පෙ-

“විචිනන‍්තො තදා දක‍්ඛිං, නවමං මෙත‍්තාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචින්නතො තදාද්දක්‍ඛිං නවමං මෙත්තා පාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං නවමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; මෙත‍්තාය අසමො හොති, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉමං ත්‍වං නවමං තාව දළ්හං කත්‍වා සමාදිය මෙත්තාය අසමො හොහි යදි බොධිං පත්තු මිච්ඡසි

“යථාපි උදකං නාම, කල්‍යාණෙ පාපකෙ ජනෙ; සමං ඵරති සීතෙන, පවාහෙති රජොමලං.

යථාපි උදකං නාම කල්‍යාණෙ පාපකෙ ජනෙ සමං එරති සීතෙන පවාහෙති රජො චලං

“තථෙව ත්‍වං හිතාහිතෙ, සමං මෙත‍්තාය භාවය; මෙත‍්තාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වම්පි අභිතහිතෙ සමං මෙත්තායභාවය මෙත්තා පාරමිතං ගනත්‍වා සම්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ අසමො හොහීති මෙත‍්තාභාවනාය අසදිසො හොහි. තත්‍ථ “ත්‍වං සමසමො හොහී”තිපි පාඨො, සො උත‍්තානත්‍ථොව. සමන‍්ති තුල්‍යං. ඵරතීති ඵුසති. පවාහෙතීති විසොධෙති. රජොති ආගන‍්තුකරජං. මලන‍්ති සරීරෙ උට‍්ඨිතං සෙදමලාදිං. “රජමල”න‍්තිපි පාඨො, සොයෙවත්‍ථො. හිතාහිතෙති හිතෙ ච අහිතෙ ච, මිත‍්තෙ ච අමිත‍්තෙ චාති අත්‍ථො. මෙත‍්තාය භාවයාති මෙත‍්තං භාවය වඩ‍්ඪෙහි. සෙසමෙත්‍ථාපි උත‍්තානමෙවාති.

එහි අසමො හොහි යනු; මෛත්‍රී භාවනාවෙන් අසමානයෙක් වන්න. තත්‍ථ ත්‍වං සමසොම හොහි යනු ද පාඨයි. එය ප්‍රකට අර්ථ ඇත්තේය. සමයං යනු; තුල්‍යයි. එරති යනු; ස්පර්ශ කරයි. පවාහෙති යනු; පිරිසිදු කරයි. රජො යනු; ආගන්තුක රජස්මි. මලං යනු; ශරීරයෙන් නැගුණ බහදිය කුණු ආදියයි. රජමලං යි ද පාඨයි. එම අර්ථයමැයි. අහිත හිත යනු; අහිතයන් ද හිතයන් ද මිතුරන් ද සතුරන්ද යන අර්ථයි. මෙත්තාය භවය යනු; මෛත්‍රිය දියුණු කරව. වඩව මෙහි සෙස්ස ප්‍රකටය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො දසමං උපෙක‍්ඛාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය උපෙක‍්ඛාපාරමිං පරිපූරෙය්‍යාසි, සුඛෙපි දුක‍්ඛෙපි මජ‍්ඣත‍්තොව භවෙය්‍යාසි. යථාපි පථවී නාම සුචිම‍්පි අසුචිම‍්පි ච පක‍්ඛිපමානෙ මජ‍්ඣත‍්තාව හොති, එවමෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙසු මජ‍්ඣත‍්තොව හොන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති දසමං උපෙක‍්ඛාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

අනතුරුව බුද්ධකාරක ධර්ම මෙතුවක් නොවෙතැයි මතු ද පරීක්‍ෂා කරන උන්වහන්සේට දසවැනි උපෙක්‍ෂා පාරමිතාව දැක මෙසේ සිත් විය. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් උපෙක්‍ෂා පාරමිතාව පුරන්න. සැපයෙහි ද දුකෙහි ද මධ්‍යස්ථයෙක් වන්න. යම්සේ පොළොව සුචි දේත් අසූචි දේත් දමන කල මධ්‍යස්ථව ගියද එමෙන් ඔබද සුවදුක් දෙක්හි මධ්‍යස්ථම වෙමින් බුදුබව ලබන්නෙමැයි දස උපෙක්‍ෂා පාරමිතාව දැඩිව ඉටූහ. එහෙයින් කියන ලදි:-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

න හෙතෙ එත්තකායෙව -පෙ-

“විචිනන‍්තො තදා දක‍්ඛිං, දසමං උපෙක‍්ඛාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

විචින්නකො තදාද්දක්‍ඛිං දසමං උපෙක්‍ඛාපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිත නිසෙවිතං

“ඉමං ත්‍වං දසමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තුලාභූතො දළ‍්හො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

ඉමං කං දසමං තාව දළ්හං කත්‍වා සමාදිය තුලාභූතො දළ්හො හුත්‍වා සම්බොධිං පාපුණිස්සසි

“යථාපි පථවී නාම, නික‍්ඛිත‍්තං අසුචිං සුචිං; උපෙක‍්ඛති උභොපෙතෙ, කොපානුනයවජ‍්ජිතා.

යථාපි පඨවී නාම නික්‍ඛිත්තං අසුචිං සුචීං උපෙක්‍ඛති උභොපෙතෙ කොපානුනය වජ්ජිතා

“තථෙව ත්‍වං සුඛදුක‍්ඛෙ, තුලාභූතො සදා භව; උපෙක‍්ඛාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති.

තථෙව ත්‍වම්පි සුඛදුක්‍ඛෙ තුලාභූතො සදා භව උපෙක්‍ඛා පාරමිං ගනත්‍වා සම්බොධිං පාපුණිස්සසීති

තත්‍ථ තුලාභූතොති මජ‍්ඣත‍්තභාවෙ ඨිතො යථා තුලාය දණ‍්ඩො සමං තුලිතො සමං තිට‍්ඨති, න නමති න උන‍්නමති, එවමෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙසු තුලාසදිසො හුත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි. කොපානුනයවජ‍්ජිතාති පටිඝානුරොධවජ‍්ජිතා. “දයාකොපවිවජ‍්ජිතා”තිපි පාඨො, සොයෙවත්‍ථො. සෙසං ඛන‍්තිපාරමියං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එහි තුලාභූතො යනු; මධ්‍යස්ථ භාවයෙන් සිටියේ තුලාදණ්ඩ මෙනි. තුලිකව සමව සිටී. පහත් නොවෙයි. ඉහළ ද නොයයි. එමෙන් ඔබද සුවදුක්හි තරාදියක් වෙන්වී බුදුබවට පැමිණෙන්න. කොපානුනය වජ්ජිතා යනු; වෛරය හෝ අනුරාග නැතිව. දයාකොප විවජ්ජිතා යි ද පාඨයි. එයම අර්ථයි. සෙස්ස ක්‍ෂාන්ති පාරමිතාවෙහි කීනයින් දතයුතු.

තතො සුමෙධපණ‍්ඩිතො ඉමෙ දස පාරමිධම‍්මෙ විචිනිත්‍වා තතො පරං චින‍්තෙසි – “ඉමස‍්මිං ලොකෙ බොධිසත‍්තෙහි පරිපූරෙතබ‍්බා බොධිපාචනා බුද‍්ධත‍්තකරා ධම‍්මා එත‍්තකායෙව, න ඉතො භිය්‍යො, ඉමා පන පාරමියො උද‍්ධං ආකාසෙපි නත්‍ථි, න හෙට‍්ඨා පථවියම‍්පි, න පුරත්‍ථිමාදීසු දිසාසුපි අත්‍ථි, මය‍්හංයෙව පන හදයමංසන‍්තරෙයෙව පතිට‍්ඨිතා”ති. එවං තාසං අත‍්තනො හදයෙ පතිට‍්ඨිතභාවං දිස‍්වා සබ‍්බාපි තා දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය පුනප‍්පුනං සම‍්මසන‍්තො අනුලොමපටිලොමං සම‍්මසි, පරියන‍්තෙ ගහෙත්‍වා ආදිම‍්හි පාපෙසි, ආදිම‍්හි ගහෙත්‍වා පරියන‍්තෙ ඨපෙසි, මජ‍්ඣෙ ගහෙත්‍වා උභතො ඔසාපෙසි, උභතො කොටීසු ගහෙත්‍වා මජ‍්ඣෙ ඔසාපෙසි. බාහිරභණ‍්ඩපරිච‍්චාගො පාරමියො නාම, අඞ‍්ගපරිච‍්චාගො උපපාරමියො නාම, ජීවිතපරිච‍්චාගො පරමත්‍ථපාරමියො නාමාති දස පාරමියො දස උපපාරමියො දස පරමත්‍ථපාරමියොති සමත‍්තිංස පාරමියො යමකතෙලං විනිවට‍්ටෙන‍්තො විය සම‍්මසි. තස‍්ස දස පාරමියො සම‍්මසන‍්තස‍්ස ධම‍්මතෙජෙන චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා විපුලා අයං මහාපථවී හත්‍ථිනා අක‍්කන‍්තනළකලාපො විය උප‍්පීළියමානං උච‍්ඡුයන‍්තං විය ච මහාවිරවං විරවමානා සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි. කුලාලචක‍්කං විය තෙලයන‍්තචක‍්කං විය ච පරිබ‍්භමි. තෙන වුත‍්තං –

ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ මේ දසපාරමී ධර්ම විමසා අනතුරුව සිතූහ. මෙලොව බෝසතුන් විසින් පිරිය යුතු බෝධිය මුහුකුරුවන බුද්ධකාරක ධර්ම මෙපමණක්මය. මෙයින් වැඩි නැත. මේ බුද්ධකාරක ධර්ම උඩ අහසෙහි නැත. යට පොළෙවෙහිත් නැත. නැගෙනහිර ආදි දිශාවලත් නැත. මාගේ හදවත් අතරම පිහිටියේය. එය සිය හදවතෙහි පිහිටි බව දැක ඒ සියල්ල දැඩිකොට ඉටා යළියළිත් මෙනෙහි කරන්නාහු අනුලොම් පිළිලොම් වශයෙන් මෙනෙහි කළහ. අගින් ගෙන මුලට පැමිණවූහ. මුලින් ගෙන අගට පැමිණවූහ. මැදින් ගෙන දෙපසින් අවසන් කරති. දෙපසින් ගෙන මැදින් අවසන් කරති. බාහිර වස්තු පරිත්‍යාගය පාරමිතා නමි. අංග පරිත්‍යාගය උපපාරමිතා නමි. ජීවිත පරිත්‍යාගය පරමත්‍ථ පාරමිතා නමි. දසපාරමී දස උපපාරමී දසපරමත්‍ථ පාරමී යුගල කාලයක් වෙන්කරන්නාක් මෙන් මෙනෙහි කළහ. දසපාරමී මෙනෙහි කරන උන්වහන්සේගේ ධර්ම තේජසින් නහුත සතරකින් හා දෙලක්‍ෂයක් යොදුනින් බහල විපුල මේ මහපොළොව ඇතකු විසින් මඩනා ලද නලකලාපයක් මෙන්ද ඉපිළෙන උක් යන්ත්‍රයක් මෙන් ද මහාරාව නංවමින් කම්පා විය. ප්‍රකම්පා විය. වෙවුලා ගියේය. කුඹල් සකක් මෙන්ද තෙල් යන්ත්‍රයක් මෙන්ද පරිභ්‍රමණය විය. එහෙයින් කියන ලදි.

“එත‍්තකායෙව තෙ ලොකෙ, යෙ ධම‍්මා බොධිපාචනා; තතුද‍්ධං නත්‍ථි අඤ‍්ඤත්‍ර, දළ‍්හං තත්‍ථ පතිට‍්ඨහ.

ඵත්තකා යෙව තෙ ලොකෙ යෙධම්මා බොධිපාචනා තකුද්ධං නත්‍ථි අඤ්ඤත්‍ර දළ්හං තත්‍ථ පතිමට්ඨහ

“ඉමෙ ධම‍්මෙ සම‍්මසතො, සභාවසරසලක‍්ඛණෙ; ධම‍්මතෙජෙන වසුධා, දසසහස‍්සී පකම‍්පථ.

ඉමෙ ධම්මෙ සම්මසතො සභාවසරස ලක්‍ඛණෙ ධම්මතෙජෙන වසුධා දසසහස්සී පකම්පථ

“චලතී රවතී පථවී, උච‍්ඡුයන‍්තංව පීළිතං; තෙලයන‍්තෙ යථා චක‍්කං, එවං කම‍්පති මෙදනී”ති.

චලති රචතී පුථුවී උච්ඡුයන්තංව පීළිතං තෙලයන්තෙ යථා චක්කං එවං කම්පති මෙදිනී

තත්‍ථ එත‍්තකායෙවාති නිද‍්දිට‍්ඨානං දසන‍්නං පාරමිතානං අනූනාධිකභාවස‍්ස දස‍්සනත්‍ථං වුත‍්තං. තතුද‍්ධන‍්ති තතො දසපාරමීහි උද‍්ධං නත්‍ථි. අඤ‍්ඤත්‍රාති අඤ‍්ඤං, ලක‍්ඛණං සද‍්දසත්‍ථතො ගහෙතබ‍්බං. තතො දසපාරමිතො අඤ‍්ඤො බුද‍්ධකාරකධම‍්මො නත්‍ථීති අත්‍ථො. තත්‍ථාති තාසු දසසු පාරමීසු. පතිට‍්ඨහාති පතිට‍්ඨ, පරිපූරෙන‍්තො තිට‍්ඨාති අත්‍ථො.

එහි එත්තකා යෙව යනු; දක්වන ලද දස පාරමිතාවල නොඅඩු නොවැඩි බව දැක්වීම පිණිස කියන ලදි. තතුද්ධ යනු; ඒ දස පාරමිතාවට වැඩි. නත්‍ථි අඤ්ඤත්‍ර යනු; අඤ්ඤත්‍ර ලක්‍ෂණ ශබ්දශාස්ත්‍රයෙන් ගතයුතුය. ඒ දස පාරමිතාවෙන් අන්‍ය බුද්ධකාරක ධර්මයක් නැතැයි යන අර්ථයි. තත්‍ථ යනු; ඒ දසපාරමිතාවල. පතිට්ඨහ යනු; සිටුව. පුරමින් සිටුව යන අර්ථයි.

ඉමෙ ධම‍්මෙති පාරමිධම‍්මෙ. සම‍්මසතොති උපපරික‍්ඛන‍්තස‍්ස, අනාදරත්‍ථෙ සාමිවචනං දට‍්ඨබ‍්බං. සභාවසරසලක‍්ඛණෙති සභාවසඞ‍්ඛාතෙන සරසලක‍්ඛණෙන සම‍්මසන‍්තස‍්සාති අත්‍ථො. ධම‍්මතෙජෙනාති පාරමිපවිචයඤාණතෙජෙන. වසුධාති වසූති රතනං වුච‍්චති, තං ධාරෙති ධීයති වා එත්‍ථාති වසුධා . කා සා? මෙදනී. පකම‍්පථාති පකම‍්පිත්‍ථ. සුමෙධපණ‍්ඩිතෙ පන පාරමියො විචිනන‍්තෙ තස‍්ස ඤාණතෙජෙන දසසහස‍්සී පකම‍්පිත්‍ථාති අත්‍ථො.

ඉමෙ ධම්මෙ යනු; පාරමී ධර්මයන්හි. සමෙසකො යනු; පරීක්‍ෂා කරන්නහුගේ අනාදාර්ථයෙහි සම්බන්‍ධ පදයි දතයුතුයි. සභාව සරස ලක්‍ඛණෙ යනු; ස්වභාව සංඛ්‍යාත සරස ලක්‍ෂණ වශයෙන් මෙනෙහි කරන්නහුගේ යන අර්ථයි. ධම්මතෙජෙන යනු; පාරමී පරිචය ඤාණ තේජසින්. වසුධා යනු; වසු යයි රුවන් කියනු ලැබේ. එය දරානුයි පිහිටානුයි හෝ වසුධා නමි. පොළවයි. පකම්පථ යනු; කම්පා විය. සුමේධ පණ්ඩිතයන් පාරමිතා පරීක්‍ෂා කරද්දී උන්වහන්සේගේ ඥානතේජසින් දසසහස්‍රී ලෝකධාතුව ප්‍රකම්පා විය යන අර්ථයි.

චලතීති ඡප‍්පකාරා කම‍්පි. රවතීති නදති විකූජති. උච‍්ඡුයන‍්තංව පීළිතන‍්ති නිප‍්පීළිතං උච‍්ඡුයන‍්තං විය. “ගුළයන‍්තංව පීළිත”න‍්තිපි පාඨො, සොයෙවත්‍ථො. තෙලයන‍්තෙති තෙලපීළනයන‍්තෙ. යථා චක‍්කන‍්ති චක‍්කිකානං මහාචක‍්කයන‍්තං විය. එවන‍්ති යථා තෙලපීළනචක‍්කයන‍්තං පරිබ‍්භමති කම‍්පති, එවං අයං මෙදනී කම‍්පතීති අත්‍ථො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

චලති යනු; චක්‍රාකාරව කම්පා විය. රවති යනු; නාදවෙයි. කෑගසයි. උච්ඡුයන්තංව පීළිතං යනු; නෙරපන ලද උක් යන්ත්‍රයක් මෙන්. ගුළයන්තංව පිළිතං යනුද පාඨයි. එම අර්ථය මැයි. තෙලයන්තෙ යනු; තෙල්මඩින යන්ත්‍රයෙහි. යථා චක්කං යනු; චක්‍රයන්ගේ මහාචක්‍ර යන්ත්‍රයක් මෙන්. එවං යනු; තෙල්මඩින චක්‍රයක් කරකැවෙන්නාක් මෙන් කැරකෙයි. කම්පා වෙයි. එසේ මේ පොළොව කම්පා වෙයි යන අර්ථයි. මෙහි සෙස්ස පැහැදිලිය.

එවං මහාපථවියා කම‍්පමානාය රම‍්මනගරවාසිනො මනුස‍්සා භගවන‍්තං පරිවිසයමානා සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා යුගන්‍ධරවාතබ‍්භාහතා මහාසාලා විය මුච‍්ඡිතා පපතිංසු. ඝටාදීනි කුලාලභණ‍්ඩානි පවට‍්ටෙන‍්තානි අඤ‍්ඤමඤ‍්ඤං පහරන‍්තානි චුණ‍්ණවිචුණ‍්ණානි අහෙසුං. මහාජනො භීතතසිතො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා – “කිං නු ඛො භගවා ‘නාගාවට‍්ටො අයං, භූතයක‍්ඛදෙවතාසු අඤ‍්ඤතරාවට‍්ටො වා’ති න හි මයං එතං ජානාම. අපි ච ඛො සබ‍්බොපි අයං මහාජනො භයෙන උපද‍්දුතො, කිං නු ඛො ඉමස‍්ස ලොකස‍්ස පාපකං භවිස‍්සති, උදාහු කල්‍යාණං, කථෙථ නො එතං කාරණ”න‍්ති පුච‍්ඡිංසු.

මෙසේ පොළොව කම්පා වෙද්දී රටම නුවරවැසි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වළඳවන්නාහු සිටිය නොහැකිව කල්පාන්ත වාතයෙන් පවරන ලද මහසල්ගසක් මෙන් මුසපත්ව වැටුණහ. කළ ආදි කුඹල්බඩු පෙරළෙමින් එකිනෙක හැපෙමින් සුණුවිසුණු විය. මහජනයා බියෙන් තැතිගෙන ශාස්තෘන් වහන්සේ කරා ගොස් කිමෙක්ද භාග්‍යවතුන් වහන්ස, මෙය නානාවර්තයක්ද? භූත යක්‍ෂ දේවතාවන් අතර කිසියම් ආවර්තයක්ද? අපි මෙය නොදනිමු. එහෙත් මේ සියලු මහජනයා උපදාතය. කිමෙක්ද මේ ලෝකයට අයහපතක් වෙයිද. යහපතක් වෙයිද? අපට මීට කාරණා වදාළ මැනවැයි කීහ.

අථ සත්‍ථා තෙසං කථං සුත්‍වා – “තුම‍්හෙ මා භායිත්‍ථ, මා ඛො චින‍්තයිත්‍ථ, නත්‍ථි වො ඉතොනිදානං භයං, යො සො මයා අජ‍්ජ සුමෙධපණ‍්ඩිතො ‘අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී’ති බ්‍යාකතො, සො ඉදානි පාරමියො සම‍්මසති, තස‍්ස සම‍්මසන‍්තස‍්ස ධම‍්මතෙජෙන සකලදසසහස‍්සී ලොකධාතු එකප‍්පහාරෙන කම‍්පති චෙව විරවති චා”ති ආහ. තෙන වුත‍්තං –

ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔවුන්ගේ බස් අසා ඔබලා බිය නොවව්. නොසිතව්. මේ හේතුවෙන් ඔබලාට බියක් නැත. සුමේධ පණ්ඩිත අනාගතයෙහි ගෞතම නම් බුදුවන්නේ යයි අද මා විසින් යමක් පවසන ලදද හෙතෙම දැන් පාරමිතා මෙනෙහි කරයි. මෙනෙහි කරන ඔහුගේ ධර්ම තේජසින් සියලු දසදහස් ලෝදා එකවර කම්පා වෙයි. නාදකරයි. එහෙයින් කියන ලදි.

“යාවතා පරිසා ආසි, බුද‍්ධස‍්ස පරිවෙසනෙ; පවෙධමානා සා තත්‍ථ, මුච‍්ඡිතා සෙති භූමියං.

යාවතා පරිසා ආසි බුද්ධස්ස පරිවෙසනෙ පවෙධමානා සාතත්‍ථ මුච්ඡිතා සෙති භූමියං

“ඝටානෙකසහස‍්සානි, කුම‍්භීනඤ‍්ච සතා බහූ; සඤ‍්චුණ‍්ණමථිතා තත්‍ථ, අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටිතා.

ඝටා නෙ කසහස්සානි කුම්හීනඤ්ච සතා බහු සඤ්චුණ්ණා මථිකා තත්‍ථ අඤ්ඤමඤ්ඤං පඝට්ටිකා

“උබ‍්බිග‍්ගා තසිතා භීතා, භන‍්තා බ්‍යථිතමානසා; මහාජනා සමාගම‍්ම, දීපඞ‍්කරමුපාගමුං.

උබ්බිග්ගා තසිතා සීතා භන්තා බ්‍යධිතමානසා මහාජනා සමාගම්ම දීපංකරමුපාගමුං

“කිං භවිස‍්සති ලොකස‍්ස, කල්‍යාණමථ පාපකං; සබ‍්බො උපද‍්දුතො ලොකො, තං විනොදෙහි චක‍්ඛුම.

කිං භවිස්සති ලොකස්ස කල්‍යාණමථ පාපකං සබ්බො උපදදුතො ලොකො තං විනොදෙහි චක්‍ඛුම

“තෙසං තදා සඤ‍්ඤාපෙසි, දීපඞ‍්කරො මහාමුනි; විස‍්සත්‍ථා හොථ මා භාථ, ඉමස‍්මිං පථවිකම‍්පනෙ.

තෙසං තදා සඤ්ඤපෙසි දීපංකරො මහාමුනි විස්සත්‍ථා හොථ මාභාථ ඉමස්මිං පඨවිකම්පනෙ

“යමහං අජ‍්ජ බ්‍යාකාසිං, බුද‍්ධො ලොකෙ භවිස‍්සති; එසො සම‍්මසතී ධම‍්මං, පුබ‍්බකං ජිනසෙවිතං.

යමහං අජ්ජ ව්‍යාකාසිං බුද්ධො ලොකෙ භවිස්සති එසො සම්මසතිධම්මං පුබ්බකං ජිනසෙවිතං

“තස‍්ස සම‍්මසතො ධම‍්මං, බුද‍්ධභූමිං අසෙසතො; තෙනායං කම‍්පිතා පථවී, දසසහස‍්සී සදෙවකෙ”ති.

තස්ස සම්මසතො ධම්මං බුද්ධභූමිං අස්සෙතො තෙනායං කම්පිතා පුථුවි දසසහස්සී සදෙවතෙති

තත්‍ථ යාවතාති යාවතිකා. ආසීති අහොසි. “යා තදා පරිසා ආසී”තිපි පාඨො, තස‍්ස යා තත්‍ථ පරිසා ඨිතා ආසීති අත්‍ථො. පවෙධමානාති කම‍්පමානා. සාති සා පරිසා. තත්‍ථාති තස‍්මිං පරිවෙසනට‍්ඨානෙ. සෙතීති සයිත්‍ථ.

එහි යාවතා යනු; යම්තාක්. ආසි යනු; විය. සාතදා පරිසා ආස කියාද පාඨයි. එහි යම් පිරිසක් සිටියේ වීද යන අර්ථයි. පවෙධමානා යනු; කම්පාවන්නාසු. සා යනු; ඒ පිරිසයි. තත්‍ථ යනු; ඒ වළඳවන තන්හි. සෙති යනු; සයනය කළහ.

ඝටාති ඝටානං, සාමිඅත්‍ථෙ පච‍්චත‍්තවචනං, ඝටානං නෙකසහස‍්සානීති අත්‍ථො. සඤ‍්චුණ‍්ණමථිතාති චුණ‍්ණා චෙව මථිතා ච, මථිතසඤ‍්චුණ‍්ණාති අත්‍ථො. අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටිතාති අඤ‍්ඤමඤ‍්ඤං පහටා. උබ‍්බිග‍්ගාති උත්‍රාසහදයා. තසිතාති සඤ‍්ජාතතාසා. භීතාති භයභීතා. භන‍්තාති ඵන්‍දනමානසා, විබ‍්භන‍්තචිත‍්තාති අත්‍ථො. සබ‍්බානි පනෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි. සමාගම‍්මාති සමාගන‍්ත්‍වා. අයමෙව වා පාඨො.

සමා යනු; කළවල. සම්බන්‍ධාර්ථයෙහි ප්‍රථමායි. නොඑක් දහස් ගණන් කළ යන අර්ථයි. සංචුණ්ණා මථිතා යනු; කුඩුවූයේද මථනය වූයේද. මථිත සංචූර්ණ වූ යන අර්ථයි. අඤ්ඤමඤ්ඤං පඝට්ටිතා යනු; එකිනෙක ගැටුණාහු. උබ්බිග්ගා යනු; උත්‍රාසයට පත් හදඇත්තාහු. තසිතා යනු; හටගත් ත්‍රාස ඇත්තාහු. භීතා යනු; භයභීත වූවාහු. භන්තා යනු; භ්‍රාන්ත සිතැත්තාහු, විභ්‍රාන්ත සිත් ඇත්තාහු යන අර්ථයි. මේ සියල්ල පර්යාය වචනයි. සමාගම්ම යනු එක්රැස්ව. මෙයම හෝ පාඨයි.

උපද‍්දුතොති උපහතො. තං විනොදෙහීති තං උපද‍්දුතභයං විනොදෙහි, විනාසයාති අත්‍ථො. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුම. තෙසං තදාති තෙ ජනෙ තදා, උපයොගත්‍ථෙ සාමිවචනං. සඤ‍්ඤාපෙසීති ඤාපෙසි බොධෙසි. විසත්‍ථාති විස‍්සත්‍ථචිත‍්තා. මා භාථාති මා භායථ. යමහන‍්ති යං අහං සුමෙධපණ‍්ඩිතං. ධම‍්මන‍්ති පාරමිධම‍්මං. පුබ‍්බකන‍්ති පොරාණං. ජිනසෙවිතන‍්ති ජිනෙහි බොධිසත‍්තකාලෙ සෙවිතන‍්ති අත්‍ථො. බුද‍්ධභූමින‍්ති පාරමිධම‍්මං. තෙනාති තෙන සම‍්මසනකාරණෙන. කම‍්පිතාති චලිතා. සදෙවකෙති සදෙවකෙ ලොකෙ.

උපද්දුතො යනු; උපහත වූ, රෝගී වූ. තං විනොදෙහි යනු; ඒ උවදුරු බිය පහකරනු මැනව. නසනු මැනව යන අර්ථයි. චක්‍ඛුම යනු; පසැසින් චක්‍ෂුර්මත් වූ තෙසං තදා යනු; ඒ ජනයා එදා. උපයොගාර්ථ සම්බන්‍ධ විභත්තිපදයි. සඤ්ඤපෙසි යනු; ඇඟවීය. අවබෝධ කරවීය. විසසත්‍ථා. විස්වස් සිත් ඇත්තාහු. මා භාථ යනු; බිය නොවව්. යම්හං යනු; මම යම් සුමේධ පණ්ඩිතයකු. ධම්මං යනු; පාරමී ධර්ම. පුබ්බකං යනු; පෞරාණික ජිනසෙවිතං යනු; ජිනයන් විසින් බෝසත් කල සෙවුනා ලද යන අර්ථයි. බුද්ධභූමිං යනු; බුද්ධපාරමී කෙන යනු; ඒ සම්මර්ශන හේතුවෙන් කම්පිතා යනු; සැලුණු. සදෙවකෙ යනු; සදෙවක ලෝකයෙහි.

තතො මහාජනො තථාගතස‍්ස වචනං සුත්‍වා හට‍්ඨතුට‍්ඨො මාලාගන්‍ධවිලෙපනාදීනි ආදාය රම‍්මනගරතො නික‍්ඛමිත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා මාලාගන්‍ධාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා රම‍්මනගරමෙව පාවිසි. අථ ඛො බොධිසත‍්තො දස පාරමියො සම‍්මසිත්‍වා වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය නිසින‍්නාසනා වුට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති මහජනයා තථාගත වචනය අසා තුටු පහටුව මල්ගඳ විලවුන් ආදිය ගෙන රම්ම නුවරින් නික්ම බෝසතුන් වෙත එළඹ මාලාදියෙන් පුදා වැඳ පැදකුණු කොට රම්ම නුවරටම පිවිසියහ. අනතුරුව බෝසත්හු දසපාරමී මෙනෙහි කොට දැඩිව ඉටා හුනස්නෙන් නැගිටියහ. එයින් කියන ලදි.

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, මනො නිබ‍්බායි තාවදෙ; සබ‍්බෙ මං උපසඞ‍්කම‍්ම, පුනාපි මං අභිවන්‍දිසුං.

බුද්ධස්ස වචනං සුත්‍වා මනො නිබ්බායි තාවදෙ සබ්බෙමං උපසංකම්ම පුනසි මං අභිවන්‍දයුං

“සමාදියිත්‍වා බුද‍්ධගුණං, දළ‍්හං කත්‍වාන මානසං; දීපඞ‍්කරං නමස‍්සිත්‍වා, ආසනා වුට‍්ඨහිං තදා”ති.

සමාදියිත්‍වා බුද්ධගුණං දළ්හං කත්‍වාන මානසං දීපංකරං නමස්සිත්‍වා ආසනා උට්ඨහිං තදාති

තත්‍ථ මනො නිබ‍්බායීති මහාජනස‍්ස පථවිකම‍්පනෙ උබ‍්බිග‍්ගහදයස‍්ස තත්‍ථ කාරණං සුත්‍වා මනො නිබ‍්බායි, සන‍්තිං අගමාසීති අත්‍ථො. “ජනො නිබ‍්බායී”තිපි පාඨො, සො උත‍්තානොයෙව. සමාදියිත්‍වාති සම‍්මා ආදියිත්‍වා, සමාදායාති අත්‍ථො. බුද‍්ධගුණන‍්ති පාරමියො. සෙසං උත‍්තානමෙව.

එහි මනො නිබ්බායි යනු; මහජනයාගේ පොළොව කම්පාවෙන් උද්වේගයට පත් සිත් එහි හේතු ඇසීමෙන් නිවී ගියේය. ශාන්තියට පත්විය යන අර්ථයි. ජනො නිබ්බායි කියාද පාඨයි. එය පැහැදිලිමය. සමාදියිත්‍වා යනු; මනාව ගෙනා සමාදන්ව යන අර්ථයි. බුද්ධගුණං යනු; පාරමිතායි. සෙස්ස ප්‍රකටය.

අථ ඛො බොධිසත‍්තං දයිතසබ‍්බසත‍්තං ආසනා වුට‍්ඨහන‍්තං සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා දිබ‍්බෙහි මාලාගන්‍ධාදීහි පූජෙත්‍වා – “අය්‍ය සුමෙධතාපස, තයා අජ‍්ජ දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලෙ මහති පත්‍ථනා පත්‍ථිතා, සා තෙ අනන‍්තරායෙන සමිජ‍්ඣතු, මා තෙ තත්‍ථ භයං වා ඡම‍්භිතත‍්තං වා අහොසි. සරීරෙ තෙ අප‍්පමත‍්තකොපි රොගො මා උප‍්පජ‍්ජතු, ඛිප‍්පං පාරමියො පූරෙත්‍වා සම‍්මාසම‍්බොධිං පටිවිජ‍්ඣ. යථා පුප‍්ඵූපගඵලූපගා රුක‍්ඛා සමයෙ පුප‍්ඵන‍්ති චෙව ඵලන‍්ති ච, තථෙව ත්‍වම‍්පි තං සමයං අනතික‍්කමිත්‍වා ඛිප‍්පං සම‍්බොධිං ඵුසස‍්සූ”තිආදීනි ථුතිමඞ‍්ගලානි පයිරුදාහංසු, එවං පයිරුදාහිත්‍වා බොධිසත‍්තං අභිවාදෙත්‍වා අත‍්තනො අත‍්තනො දෙවට‍්ඨානමෙව අගමංසු. බොධිසත‍්තොපි දෙවතාහි අභිත්‍ථුතො – “අහං දස පාරමියො පූරෙත්‍වා කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සාමී”ති වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය ආකාසමබ‍්භුග‍්ගන‍්ත්‍වා ඉසිගණවන‍්තං හිමවන‍්තං අගමාසි. තෙන වුත‍්තං –

ඉක්බිති අසුනින් නැගිටින සියලු සතුන් වෙත දයා ඇති බෝසතුන් සියලු දසදහසක් සක්වළ දෙවියෝ එක්රැස්ව දිවගඳමල් ආදියෙන් පුදා ආර්ය සුමේධ තාපසයෙනි, ඔබ අද දිවතුරු බුදුපාමුල මහා ප්‍රාර්ථනාවක් පතන ලදි. ඔබගේ ඒ පැතුම අන්තරාය රහිතව ඉටුවේවා. එහිලා ඔබට බියක් හෝ තැති ගැනීමක් නොවේවා. ඔබ සිරුරෙහි යම්තම් රෝගයක් හෝ නොම උපදීවා. වහා පැරුම් පුරා සම්මා සම්බෝධිය ප්‍රතිවේධ කරන සේක්වා. මල්ගන්නා, ගෙඩිගන්නා ගස්වැල් කලට මල් පිපෙන්නා සේ ගෙඩි හටගන්නා සේ ඔබවහන්සේද ඒ සමය ඉක්මවා වහා සම්බෝධිය සාක්‍ෂාත් කරන සේක්වා ආදි තුති මඟුල් පැවසූහ. මෙසේ ස්තුති කොට බෝසතුන් වැඳ තම තමන්ගේ දෙව්මැදුරුවලටම ගියහ. දෙවියන් විසින් ස්තුති කරන ලද බෝසතාණෝ මම දසපාරමී පුරා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතු බුදුවෙමියි වීර්යය දැඩිකොට ඉටා අහසට නැග ඉසිගණ ඇති හිමවතකටම ගියහ. එහෙයින් කියන ලදි.

“දිබ‍්බං මානුසකං පුප‍්ඵං, දෙවා මානුසකා උභො; සමොකිරන‍්ති පුප‍්ඵෙහි, වුට‍්ඨහන‍්තස‍්ස ආසනා.

දිබ්බං මානසුකං පුප්ඵං දෙවා මානුසකා උභො සමොකිරාති පුප්ඵෙහි වුට්ඨභන්තස්ස ආසනා

“වෙදයන‍්ති ච තෙ සොත්‍ථිං, දෙවා මානුසකා උභො; මහන‍්තං පත්‍ථිතං තුය‍්හං, තං ලභස‍්සු යථිච‍්ඡිතං.

වෙදයන්ති ච තෙ සොත්‍ථිං දෙවා මානුසකා උභො මහන්තං පත්‍ථිතං තුය්හං තං ලභස්සු යථිච්ඡිතං

“සබ‍්බීතියො විවජ‍්ජන‍්තු, සොකො රොගො විනස‍්සතු; මා තෙ භවන‍්ත්‍වන‍්තරායා, ඵුස ඛිප‍්පං බොධිමුත‍්තමං.

සබ්බීතියො විවජ්ජන්තු සොකො රොගො විනස්සතු මා තෙ භවත්‍වන්තරායො ඵුස ඛිප්පං බොධිමුත්තමං

“යථාපි සමයෙ පත‍්තෙ, පුප‍්ඵන‍්ති පුප‍්ඵිනො දුමා; තථෙව ත්‍වං මහාවීර, බුද‍්ධඤාණෙහි පුප‍්ඵසු.

යථාපි සමයෙ සම්පත්තෙ පුප්ඵන්ති පුප්ඵිනො දුමා තථෙව ත්‍වං මහාවීර බුද්ධඤාණෙන පුප්ඵසි

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, පූරයුං දසපාරමී; තථෙව ත්‍වං මහාවීර, පූරය දසපාරමී.

යථා යෙ කෙචි සම්බුද්ධා පූරයුං දසපාරමී තථෙව ත්‍වං මහාවීර පූරය දසපාරමී

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, බොධිමණ‍්ඩම‍්හි බුජ‍්ඣරෙ; තථෙව ත්‍වං මහාවීර, බුජ‍්ඣස‍්සු ජිනබොධියං.

යථා යෙ කෙචි සම්බුද්ධා බොධිමණ්ඩම්හි ඛුජ්ඣරෙ තථෙව ත්‍වං මහාවීර බුජ්ඣස්සු ජිනබොධියං

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, ධම‍්මචක‍්කං පවත‍්තයුං; තථෙව ත්‍වං මහාවීර, ධම‍්මචක‍්කං පවත‍්තය.

යථා යෙ කෙචි සම්බුද්ධා ධම්මචක්කං පවත්තයුං තථෙව ත්‍වං මහාවීර ධම්මචක්කං පවත්තය

“පුණ‍්ණමායෙ යථා චන්‍දො, පරිසුද‍්ධො විරොචති; තථෙව ත්‍වං පුණ‍්ණමනො, විරොච දසසහස‍්සියං.

පුණ්ණමාසෙ යථා චන්‍දො පරිසුද්ධො විරොචති තථෙව ත්‍වං පුණ්ණමනො විරොච දසසහස්සියං

“රාහුමුත‍්තො යථා සූරියො, තාපෙන අතිරොචති; තථෙව ලොකා මුච‍්චිත්‍වා, විරොච සිරියා තුවං.

රාහුමුත්තො යථා සුරියො තාපෙන අතිරොචති තථෙව ලොකා මුචචිත්‍වා විරොච සිරියා තුවං

“යථා යා කාචි නදියො, ඔසරන‍්ති මහොදධිං; එවං සදෙවකා ලොකා, ඔසරන‍්තු තවන‍්තිකෙ.

යථා යා කාචි නදියො ඔසරන්ති මහොද්ධිං එවං සදෙවකා ලොකා ඔසරන්තු තවන්තිකෙ

“තෙහි ථුතප‍්පසත්‍ථො සො, දස ධම‍්මෙ සමාදිය; තෙ ධම‍්මෙ පරිපූරෙන‍්තො, පවනං පාවිසී තදා”ති.

තෙහි ථුතප්පසත්‍ථො සො දසධම්මෙ සමාදිය තෙ ධම්මෙ පරිපූරෙන්තෙ ජවනං පාවිසී තදා

තත්‍ථ දිබ‍්බන‍්ති මන්‍දාරවපාරිච‍්ඡත‍්තකසන‍්තානකුසෙසයාදිකං දිබ‍්බකුසුමං දෙවා මානුසකා ච මානුසපුප‍්ඵං ගහෙත්‍වාති අත්‍ථො. සමොකිරන‍්තීති මමොපරි සමොකිරිංසූති අත්‍ථො. වුට‍්ඨහන‍්තස‍්සාති වුට‍්ඨහතො. වෙදයන‍්තීති නිවෙදයිංසු සඤ‍්ඤාපෙසුං. සොත්‍ථින‍්ති සොත්‍ථිභාවං. ඉදානි වෙදයිතාකාරදස‍්සනත්‍ථං “මහන‍්තං පත්‍ථිතං තුය‍්හ”න‍්තිආදි වුත‍්තං. තයා පන, සුමෙධපණ‍්ඩිත, මහන‍්තං ඨානං පත්‍ථිතං, තං යථාපත්‍ථිතං ලභස‍්සූති අත්‍ථො.

එහි දිබ්බං යනු; මදාරා පරසතු. දෙවියෝ දිව කුසුම් මිනිස්සු මිනිසුන්ගේ කුසුම් ගෙන යන අර්ථයි. සමො කිරන්කි යනු; මා මත විසිර වූහ යන අර්ථයි. වුට්ඨහන්තස්ස යනු; නැගිටින්නහුට. වෙදයන්ත යනු: නිවෙදනය කළහ. දැන්වුව. සොත්‍ථිං යනු, සුවපත් බව. දැන් දැන්වූ අයුරු දැක්වීමට - මහන්තං පත්‍ථිතං තුය්හං යනු ආදිය කියන ලදි. සුමේධ පණ්ඩිතයෙනි, ඔබ විසින් මහත් කරුණක් ප්‍රාර්ථනා කරන ලදි. පැතූ අයුරින් ලබනු මැනව යන අර්ථයි.

සබ‍්බීතියොති එන‍්තීති ඊතියො, සබ‍්බා ඊතියො සබ‍්බීතියො, උපද‍්දවා. විවජ‍්ජන‍්තූති මා හොන‍්තු. සොකො රොගො විනස‍්සතූති සොචනසඞ‍්ඛාතො සොකො රුජනසඞ‍්ඛාතො රොගො ච විනස‍්සතු. තෙති තව. මා භවන‍්ත්‍වන‍්තරායාති මා භවන‍්තු අන‍්තරායා. ඵුසාති අධිගච‍්ඡ පාපුණාහි. බොධින‍්ති අරහත‍්තමග‍්ගඤාණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණම‍්පි වට‍්ටති. උත‍්තමන‍්ති සෙට‍්ඨං සබ‍්බබුද‍්ධගුණදායකත‍්තා අරහත‍්තමග‍්ගඤාණං “උත‍්තම”න‍්ති වුත‍්තං.

සබ්බීතියො යනු එතීති ඊති සබ්බං ඊතියො උපද්‍රවයි. විමජ්ජන්තු යනු නොවේවා. සොකො රොගො විනස්සත යනු; ශෝක කිරීම් සංඛ්‍යාත ශෝක ද රිදීම් සංඛ්‍යාත රෝග ද විනාශ වේවා. තෙ යනු; ඔබගේ මා භවත්‍වන්තරායො යනු; අනතුරු නොවේවා. ඵුස යනු සාක්‍ෂාත් කළ මැනව. පැමිණෙනු මැනව. බොධිං යනු අර්හත්ව මාර්ගඥානයයි. සර්වඥතාඥානය ද වටනේය. උත්තමං යනු; ශ්‍රේෂ්ඨ.

සමයෙති තස‍්ස තස‍්ස රුක‍්ඛස‍්ස පුප‍්ඵනසමයෙ සම‍්පත‍්තෙති අත්‍ථො. පුප‍්ඵිනොති පුප‍්ඵනකා. බුද‍්ධඤාණෙහීති අට‍්ඨාරසහි බුද‍්ධඤාණෙහි. පුප‍්ඵසූති පුප‍්ඵස‍්සු. පූරයුන‍්ති පූරයිංසු. පූරයාති පරිපූරය. බුජ‍්ඣරෙති බුජ‍්ඣිංසු. ජිනබොධියන‍්ති ජිනානං බුද‍්ධානං බොධියා, සබ‍්බඤ‍්ඤුබොධිමූලෙති අත්‍ථො. පුණ‍්ණමායෙති පුණ‍්ණමාසියං. පුණ‍්ණමනොති පරිපුණ‍්ණමනොරථො.

සමයෙ යනු; ඒ ඒ ගස පිපෙන කාලය පැමිණි කල්හි යන අර්ථයි. පුප්ඵිනො යනු; පිපෙන්නා වූ. බුද්ධඤාණෙහි යනු; අටළොස් බුදුනුවණින්. පුප්ඵසි යනු; පිපේවා. පූරයං යනු; පිරවූහ. පුරය යනු; සපුරාලනු මැනව. බුජ්ඣරෙ යනු; අවබෝධ කළහ. ජිනබෝධියං යනු; ජිනබොධියං යනු; ජිනයන්ගේ බුදුවරයන් වහන්සේලාගේ බෝධියෙහි, සර්වඥ බෝධි මූලයෙහි. පුණ්ණමාසෙ යනු; පූර්ණ මාසයෙහි. පුණ්ණමත්තෙ යනු; පරිපූර්ණ මනදොල.

රාහුමුත‍්තොති රාහුනා සොබ‍්භානුනා මුත‍්තො. තාපෙනාති පතාපෙන, ආලොකෙන. ලොකා මුච‍්චිත්‍වාති ලොකධම‍්මෙහි අලිත‍්තො හුත්‍වාති අත්‍ථො. විරොචාති විරාජ. සිරියාති බුද‍්ධසිරියා. ඔසරන‍්තීති මහාසමුද‍්දං පවිසන‍්ති. ඔසරන‍්තූති උපගච‍්ඡන‍්තු. තවන‍්තිකෙති තව සන‍්තිකං. තෙහීති දෙවෙහි. ථුතප‍්පසත්‍ථොති ථුතො චෙව පසත්‍ථො ච, ථුතෙහි වා දීපඞ‍්කරාදීහි පසත්‍ථොති ථුතප‍්පසත්‍ථො. දස ධම‍්මෙති දස පාරමිධම‍්මෙ. පවනන‍්ති මහාවනං, ධම‍්මිකපබ‍්බතෙ මහාවනං පාවිසීති අත්‍ථො. සෙසගාථා සුඋත‍්තානා එවාති.

රාහුමුත්තො යනු; රාහු වලාකුළු දූවිලිවලින් මිදුණු. තාපෙන යනු; ප්‍රතාපයෙන් ආලෝකයෙන්. ලොකා මුච්චිත්‍වා යනු; ලෝකධර්මයන්ගෙන් නො තැවරී යන අර්ථයි. සිරියා යනු; බුද්ධශ්‍රීයෙන් ඔසරන්ති යනු; මහා සමුද්‍රයට පිවිසෙති. ඔසරන්තු යනු; එළඹෙන සේක්වා. කචන්තිකෙ යනු; ඔබ වෙත. තෙහි යනු; දෙවියන් විසින්. ථුතප්පසත්‍ථො යනු, ස්තුති කරන ලද්දේද පසසන ලද්දේද. ස්තුති ආදියෙන් හෝ දීපංකරාදි බුදුවරයින් වහන්සේ විසින් පසසන ලද. දසධම්මෙ පර්වත මහාවනයට පිවිසියේය යන අර්ථය. මෙහි සෙස්ස මනාව ප්‍රකටමය.

ඉති මධුරත්‍ථවිලාසිනියා බුද‍්ධවංස-අට‍්ඨකථාය

මධුරත්‍ථවිලාසිනියෙහි බුද්ධවංස කථාවෙහි

සුමෙධපත්‍ථනාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුමේධ කථාව නිමියේය.