යෙදුමෙන් කියවන්න

සුමෙධ කථා

සුමෙධ කථා

සුමේධ කථා

1. කප‍්පෙ ච සතසහස‍්සෙ ච චතුරො ච අසඞ‍්ඛියෙ අමරං නාම නගරං දස‍්සනෙය්‍යං මනොරමං.

1. සාරාසැකි කප්සුවහස් මතුයෙහි දැකුම්කලු මනහර වූ අමර නම් නුවරෙක් වී.

2. දසහි සද‍්දෙහි අවිවිත‍්තං අන‍්නපානසමායුතං හත්‍ථිසද‍්දං අස‍්සසද‍්දං භෙරිසඞ‍්ඛරථානි ච ඛාදථ පිවථ චෙව අන‍්නපානෙන ඝොසිතං.

2. ආහාරපානයෙන් යුක්ත වූ ඇතුන්ගේ කුඤ්චනාදය අසුන්ගේ හේසාරවය බෙර සක් රිය හඬින් ද (වීණා ගිත සම්මතාල ශබ්දයෙන් ද) කව පොව ආදි වූ ආහාරපාන පිළිබඳ ශබ්දයෙන් ඝෝෂා කරන ලද දස වැදෑරුම් ශබ්දයෙන් නො වෙන් වූ,

3. නගරං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං සබ‍්බකම‍්මමුපාගතං සත‍්තරතනසම‍්පන‍්නං නානාජනසමාකුලං සමිද‍්ධං දෙවනගරංව ආවාසං පුඤ‍්ඤකම‍්මිනං.

3. සියලු නගරාඞ්ගයෙන් සම්පූර්‍ණ වූ සියලු කර්‍මාන්තයෙන් යුක්ත වූ සත්රුවනින් සමෘද්ධ වූ නානා ජනයා විසින් ගැවැසිගත් එනුවර සමෘද්ධ වූ (ආලකමන්‍දා) දෙව්නුවර සෙයින් පින්කම් කළ ජනයන්ට ආවාස වී.

4. නගරෙ අමරවතියා සුමෙධො නාම බ්‍රාහ‍්මණො අනෙකකොටිනිචයො පහූතධනධඤ‍්ඤවා.

4-5. ඒ අමරවතී නගරයෙහි රැස්කළ නොයෙක් කෙළ ගණන් බොහෝ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයාගේ පරතෙරට ගිය ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද පරතෙරට ගිය සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වී.

5. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානපාරගූ ලක‍්ඛණෙ ඉතිහාසෙ ච සධම‍්මෙ පාරමිං ගතො.

6. රහොගතො නිසීදිත්‍වා එවං චින‍්තෙසහං තදා දුක‍්ඛො පුනබ‍්භවො නාම සරීරස‍්ස ච භෙදනං (සම‍්මොහමරණං දුක‍්ඛං ජරාය අභිමද‍්දනං.)

6. එකල්හි සුමේධපණ්ඩිත නම් වූ මම් එකලා වැ හිඳ මෙසේ සිතීමි: පුනර්‍භවය නම් දුකෙකි, ශරීරභෙදන සඞ්ඛ්‍යාත මරණය ද දුකෙකි.

7. ජාතිධම‍්මො ජරාධම‍්මො ව්‍යාධිධම‍්මො ච’හං සදා අජරං අමරං ඛෙමං පරියෙසිස‍්සාමි නිබ‍්බුතිං.

7. ඒ සුමේධපණ්ඩිත සමයෙහි මම ඉපදීම ස්වභාව කොට ඇත්තෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එහෙයින් ජරා රහිත වූ මරණ රහිත වූ නිර්‍භය වූ නිර්‍වාණය සොයන්නෙමි.

8. යන‍්නූනිමං පූතිකායං නානා කුණපපූරිතං ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං අනපෙඛො අනත්‍ථිකො.

8. නානා කුණපයෙන් පිරුණු මේ කුණු කය හැර දමා නිරාලය වූයෙම් අර්ත්‍ථී නො වූයෙම් යන්නෙම් නම් යෙහෙකැ යි.

9. අත්‍ථි හෙහිති සො මග‍්ගො න සො සක‍්කා න හෙතුයෙ පරියෙසිස‍්සාමි තං මග‍්ගං භවතො පරිමුත‍්තියා.

9. (යම් මාර්‍ගයෙකින් නිවනට යෙම් ද) ඒ මඟ අවශ්‍යයෙන් ඇත, වන්නේ යැ, ඒ මඟ හේතු නො වන්නට නො හැකි, භවයෙන් මිදීම පිණිස ඒ මඟ සොයන්නෙමි.

10. යථා’පි දුක‍්ඛෙ විජ‍්ජන‍්තෙ සුඛං නාම’පි විජ‍්ජතී එවං භවෙ විජ‍්ජමානෙ විභවො’පි ඉච‍්ඡිතබ‍්බකො.

10. යම්සේ දුක ඇති කල්හි සුවයෙකුදු ඇද්ද එසෙයින් භවය ඇති කල්හි විභවයෙකුදු කැමැති වියයුතු යැ.

11. යථා’පි උණ‍්හෙ විජ‍්ජන‍්තෙ අපරං විජ‍්ජති සීතලං එවං තිවිධග‍්ගි විජ‍්ජන‍්තෙ නිබ‍්බානං ඉච‍්ඡිතබ‍්බකං.

11. යම්සේ උෂ්ණය ඇති කල්හි අන්‍ය ශීතයෙකුදු ඇද්ද එසෙයින් (රාගාදි) තුන් ගිනි ඇති කල්හි නිවනෙක් කැමැති වියයුතු යැ.

12. යථා’පි පාපෙ විජ‍්ජන‍්තෙ කල්‍යාණම‍්පි විජ‍්ජති එවමෙව ජාති විජ‍්ජන‍්තෙ අජාතිපිච‍්ඡිතබ‍්බකා

12. යම්සේ පාපය ඇති කල්හි කුශලයෙකුදු ඇද්ද, එසෙයින් ජාතිය ඇති කල්හි නො ඉපැද්මකුදු කැමැති වියයුතු යැ.

13. යථා ගූථගතො පුරිසො තළාකං දිස‍්වාන පූරිතං න ගවෙසති තං තළාකං න දොසො තළාකස‍්ස සො.

13. යම්සේ මල වැකුණු මිනිසෙක් දිය පිරුණු තඩාගයක් දැක ඒ තඩාගය නො සොයා ද ඒ තඩාගයාගේ දෝෂයෙක් නො වේ.

14. එවං කිලෙසමලධොවං විජ‍්ජන‍්තෙ අමතන‍්තළෙ න ගවෙසති තං තළාකං න දොසො අමතන‍්තළෙ.

14. එසෙයින් කෙලෙස්මල දෙවීමෙහි පොහොසත් අමාවිල ඇති කල්හි ඒ අමාවිල නො සොයා නම් අමෘත සඞ්ඛ්‍යාත තඩාගයාගේ දොසෙක් නො වේ.

15. යථා අරීහි පරිරුද‍්ධො විජ‍්ජන‍්තෙ ගමනංපථෙ. න පලායති සො පුරිසො න දොසො අඤ‍්ජසස‍්ස සො.

15. යම්සේ සතුරන් විසින් අවුරන ලදුයෙක් ගමනට නිසි මඟ ඇති කල්හි ඒ පුරුෂ තෙමේ නො පලායේ නම් ඒ මාර්‍ගයාගේ දොසෙක් නො වේ.

16. එවං කිලෙසපරිරුද‍්ධො විජ‍්ජමානෙ සිවෙ පථෙ න ගවෙසති තං මග‍්ගං න දොසො සිවමඤ‍්ජසෙ.

16. එසෙයින් කෙලෙසුන් විසින් හාත්පසින් අවුරන ලදුයේ නිවන් මඟ ඇති කල්හි ඒ මඟ නො සොයා නම් ඒ නිර්‍වාණමාර්‍ගයාගේ දොසෙක් නො වේ.

17. යථ’පි බ්‍යාධිතො පුරිසො විජ‍්ජමානෙ තිකිච‍්ඡකෙ න තිකිච‍්ඡාපෙති තං ව්‍යාධිං න සො දොසො තිකිච‍්ඡකෙ.

17. යම්සේ හටගත් ව්‍යාධි ඇති මිනිසෙක් පිළියම් කරන වෙදකු ඇති කල්හි ඒ ව්‍යාධියට පිළියම් නො කරවා නම් ඒ වෛද්‍යයාගේ දොසෙක් නො වේ.

18. එවං කිලෙසව්‍යාධීහි දුක‍්ඛිතො පරිපීළිතො. න ගවෙසති තං ආචරියං න සො දොසො. විනායකෙ.

18. එසෙයින් ක්ලේශ නමැති ව්‍යාධීන් විසින් දුකට පැමිණියේ හාත්පසින් පෙළෙන ලදුයේ ඒ මෝක්‍ෂාචාර්‍ය්‍යයා නො සොයා නම් ඒ විනේතෘ වූ ආචාර්‍ය්‍යයාගේ දොසෙක් නො වේ.

19. යථා’පි කුණපං පුරිසො කණ‍්ඨෙ බද‍්ධං ජිගුච‍්ඡිය මොචයිත්‍වාන ගච‍්ඡෙය්‍ය සුඛී සෙරී සයං වසී.

19. යම්සේ මිනිසෙක් ගෙලෙහි බද කුණපය ජුගුප්සා කොට හැරපියා සුඛිත වූයේ ස්වෛරී වූයේ ස්වයංවශී වූයේ නික්ම යේ ද,

20. තථෙ’විමං පූතිකායං නානා කුණපසඤ‍්චයං ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡෙය්‍යං අනපෙඛො අනත්‍ථිකො.

20. එසෙයින් ම අනේකවිධ කුණපයන් රැස් වූ මේ කුණුකය හැරපියා අපේක්‍ෂා රහිතයෙම් අනර්ත්‍ථී වූයෙම් යන්නෙමි.

21. යථා උච‍්චාරඨානම‍්හි කරීසං නරනාරියො ඡඩ‍්ඩයිත්‍ථාන ගච‍්ඡන‍්ති අනපෙඛා අනත්‍ථිකා.

21. යම්සේ ස්ත්‍රීපුරුෂයෝ ඔවස් කිළියෙහි කරීස (මල) ය අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථික වූවාහු හැරපියා යෙද්ද,

22. එවමෙවා’හං ඉමං කායං නානා කුණපපූරිතං ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං වච‍්චං කත්‍වා යථා කුටිං.

22. එසෙයින් මම නන් වැදෑරුම් කුණපයෙන් පිරුණු මේ කය (ස්ත්‍රීපුරුෂයන්) සිරුරුකිස කොට (හැරපියා) යන කුටියා සෙයින් හැරපියා යන්නෙමි.

23. යථා’පි ජජ‍්ජරං නාවං පලුග‍්ගං උදකගාහිනිං සාමී ඡඩ‍්ඩෙත්‍ව ගච‍්ඡන‍්ති අනපෙඛා අනත්‍ථිකා.

23. යම්සේ නැව්හිමියෝ දැදුරු වූ දිය වෑහෙන බිඳුණු නැව අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථී වූවාහු හැරපියා යෙද්ද,

24. එවමෙවාහං ඉමං කායං නවච‍්ඡිද‍්දං ධුවස‍්සවං ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡිස‍්සං ඡින‍්නනාවං’ව සාමිකා.

24. එසෙයින් මම නව සිදුරු ඇති නිරතුරු මල වැගිරෙන මේ කය නැව්හිමියන් දිරාගිය නැවක් මෙන් හැරපියා යන්නෙමි.

25. යථා’පි පුරිසො චොරෙහි ගච‍්ඡන‍්තො භණ‍්ඩමාදිය භණ‍්ඩච‍්ඡෙදභයං දිස‍්වා ඡඩ‍්ඩයිත්‍වාන ගච‍්ඡති.

25. යම්සේ මිනිසෙක් රත්නාදි භාණ්ඩ ගෙන සොරුන් සමග යනුයේ භාණ්ඩ අසිඳ ගැනීමෙන් වන බිය දැක හැරපියා යෙත් ද,

26. එවමෙවමයං කායො මහාචොරසමො විය පහායිමං ගමිස‍්සාමි කුසලච‍්ඡෙදනා භයා.

26. එසෙයින් මැ මේ කය මහසොරකු වැන්න. කුසල්දහම් වොලොගන්නා බියෙන් මේ කය හැරපියා යන්නෙමි.

27. එවා’හං චින‍්තයිත්‍වාන නෙකකොටිසතං ධනං නාථානාථානං දත්‍වාන හිමවන‍්තමුපාගමිං.

27. මම් මෙසේ සිතා නොයෙක් කෙළගණන් ධනය නාථානාථයනට දී හිමවත කරා එළැඹියෙමි.

28. හිමවන‍්තස‍්ස අවිදූරෙ ධම‍්මකො නාම පබ‍්බතො අස‍්සමො සුකතො මය‍්හං පණ‍්ණසාලා සුමාපිතා.

28. හිමවතට නුදුරු තැන ධම්මක නම් පර්‍වතයෙක් වෙයි. (එහි) මට අසපුයෙක් මොනොවට මවන ලද. පන්සලෙකුදු මොනොවට මවන ලදි.

29. චඞ‍්කමං තත්‍ථ මාපෙසි පඤ‍්චදොසවිවජ‍්ජිතං අට‍්ඨගුණසමුපෙතං අභිඤ‍්ඤාබලමාහරිං.

29. ඒ අසපුයෙහි පස්වැදෑරුම් (සක්මන්) දොසින් තොර වූ සක්මනක් මැවී. නොහොත් පඤ්චනීවරණ දෝෂයෙන් තොර වූ (පරිශුද්ධතාදි) අෂ්ට ගුණයෙන් යුක්ත වූ අභිඥාබලය ලැබීමි.

30. සාටකං පජහිං තත්‍ථ නවදොසමුපාගතං වාකචීරං නිවාසෙසිං ද‍්වාදසගුණමුපාගතං

30. එහි දි නව දොසෙකින් යුක්ත වූ (ඇඳි) සළුව හැරපීමි. දොළොස් අනුසසෙකින් යුක්ත වූ වැහැරි සිවුරු හැන්දෙමි.

31. අට‍්ඨදොසසමාකිණ‍්ණං පජහිං පණ‍්ණසාලකං උපාගමිං රුක‍්ඛමූලං ගුණෙදසහුපාගතං.

31. අටදොසෙකින් ගැවැසිගත් පන්සල හැරපිමි. දසගුණයෙකින් යුක්ත වූ රුක්මුලට එළැඹියෙමි.

32. වාපිතං රොපිතං ධඤ‍්ඤං පජහිං නිරවසෙසතො අනෙකගුණසම‍්පන‍්නං පවත‍්තඵලමාදියිං.

32. වපුට නිපන් රෝපණය කොට නිපන් ධ්‍යානය නිරවශේෂයෙන් හළිමි. නොයෙක් ගුණයෙන් යුක්ත වූ, තුවටුයෙන් ගිලිහී වැටුණු ඵල වැළඳීමි.

33. තත්‍ථ පධානං පදහිං නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ අබ‍්භන‍්තරම‍්හි සත‍්තාහෙ අභිඤ‍්ඤාබලමපාපුණිං

33. ඒ අසපුවෙහි හිඳීම් සිටීම් සක්මනින් ප්‍රධන් – වීර්‍ය්‍යය කෙළෙමි. සතියක් ඇතුළත අභිඥාබලයට පැමිණියෙමි.

34. එවං මෙ සිද‍්ධිප‍්පත‍්තස‍්ස වසීභූතස‍්ස සාසනෙ දීපඞ‍්කරො නාම ජිනො උප‍්පජ‍්ජි ලොකනායකො.

34. මෙසෙයින් තාපසශාසනයෙහි වශී වූ මා අභිඥා සිද්ධියට පැමිණි කල්හි ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාරයන් වහන්සේ උපන්සේක.

35. උප‍්පජ‍්ජන‍්තෙ ච ජායන‍්තෙ බුජ‍්ඣන‍්තෙ ධම‍්මදෙසනෙ චතුරො නිමිත‍්තෙ නාද‍්දසං ඣානරතිසමප‍්පිතො.

35. (ඔබ) පිළිසිඳගන්නා කල්හි ද මව්කුසින් නික්මෙන කල්හි ද බුදු වන කල්හි ද දම්සක් පවත්වන කල්හි ද (මම්) ධ්‍යානරතියෙහි ඇලුනෙම් සතර තැන්හි දෙතිස් පෙරනිමිති නො දිටිමි.

36. පච‍්චන‍්තදෙසවිසයෙ නිමන‍්තෙත්‍වා තථාගතං තස‍්ස ආගමනං මග‍්ගං සොධෙන‍්ති තුට‍්ඨමානසා.

36. පසල් දනවියෙහි ජනයෝ තථාගතයන් පවරා තුටුසිත් ඇත්තාහු ඔබ වඩනා මඟ ශුද්ධ කෙරෙති.

37. අහං තෙන සමයෙන නික‍්ඛමිත්‍වා සකස‍්සමා ධුනන‍්තො වාකචීරානි ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

37. එකල්හි මම් සිය අසපුයෙන් නික්ම එදවස් වැහැරි සලමින් අහස්හි යෙමි.

38. වෙදජාතං ජනං දිස‍්වා තුට‍්ඨහට‍්ඨං පමොදිතං ඔරොහිත්‍වාන ගගනා මානුසෙ පුච‍්ඡිං තාවදෙ.

38. හටගත් සොම්නස් ඇති තුටුපහටු වූ ප්‍රමුදිත වූ ජනයා දැක එකෙණෙහිම අහසින් බැස මිනිසුන් විචාළෙමි.

39. තුට‍්ඨහට‍්ඨො පමුදිතො “වෙදජාතො මහාජනො කස‍්ස සොධීයති මග‍්ගො අඤ‍්ජසං වටුමායනං.

39. තුටුපහටු වූ ප්‍රමුදිත වූ හටගත් සොම්නස් ඇති මහාජන තෙමේ (මාර්‍ගය ශුද්ධ කෙරෙයි. තොප විසින්) අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත වූ මාර්‍ගය කවරක්හට ශුද්ධ කරනු ලැබේ ද?

40. තෙ මෙ පුට‍්ඨා බ්‍යාකරිංසු බුද‍්ධො ලොකෙ අනුත‍්තරො දීපඞ‍්කරො නාම ජිනො උප‍්පජ‍්ජී ලොකනායකො. තස‍්ස සොධීයතො මග‍්ගො අඤ‍්ජසං වටුමායනං.

40. මා විසින් පුළුවුස්නා ලද ඔහු මෙසේ පැවැසූහ: ලොවැ අනුත්තර වූ සම්‍යක්සම්බුද්ධ වූ ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාර වූ බුදුහු උපන්හ, ඔබට අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරනු ලැබේ’ යයි.

41. බුද‍්ධො’ති මම සුත්‍වාන පීති උප‍්පජ‍්ජි තාවදෙ ‘බුද‍්ධො බුද‍්ධො’ති කථයන‍්තො සොමනස‍්සං පවෙදයිං.

41. ‘බුද්ධ’ යනු අසා එකෙණෙහි මට ප්‍රීති උපන. ‘බුද්ධෝ බුද්ධෝ’ යි කියමින් සොම්නස් වින්දෙමි.

42. තත්‍ථ ඨත්‍වා විචින‍්තෙසිං තුට‍්ඨො සංවිග‍්ගමානසො ඉධ බීජානි රොපිස‍්සං ඛණො චෙ මා උපච‍්චගා.

42. එහි සිට සතුටු වූයෙම් ප්‍රීතියෙන් විස්මිත සිත් ඇතියෙම් මෙසේ සිතීමි: මේ දීපඞ්කර පින්කෙත්හි කුසල්බිජුවට රෝපණය කරන්නෙමි. ක්‍ෂණසම්පත් නහමක් ඉක්මැ යේවයි.

43. යදි බුද‍්ධස‍්ස සොධෙථ එකොකාසං දදාථ මෙ අහම‍්පි සොධයිස‍්සාමි අඤ‍්ජසං වටුමායනං.

43. ඉදින් බුදුනට මඟ ශුද්ධ කරවු නම් මට එක් අවකාශයක් දෙව මම ද වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරන්නෙමි.

44. අදංසු තෙ මමොකාසං සොධෙතුං අඤ‍්ජසං තදා ‘බුද‍්ධො බුද‍්ධො’ති චින‍්තෙන‍්තො මග‍්ගං සොධෙමහං තදා.

44. එකල්හි ඔහු මට මඟ ශුද්ධ කරනු සඳහා එක් පෙදෙසක් දුන්හු. එකල්හි මම් ‘බුද්ධෝ බුද්ධෝ’ යි සිතමින් මඟ ශුද්ධ කෙරෙමි.

45. අනිට‍්ඨිතෙ මමොකාසෙ දීපඞ‍්කරො මහාමුනි චතූහි සතසහස‍්සෙහි ඡළභිඤ‍්ඤෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි පටිපජ‍්ජි අඤ‍්ජසං ජිනො.

45. මාගේ මාර්‍ග කොට්ඨාශය කොට නො නිමි කල්හි මහාමුනි වූ පස්මරුන් දිනූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ ෂඩභිඥ වූ තාදී ගුණ ඇති පහවූ රාගාදි මල ඇති සාරලක්‍ෂයක් රහතුන් සමග මඟට පිළිපන් සේක.

46. පච‍්චුග‍්ගමනා වත‍්තන‍්ති වජ‍්ජන‍්ති භෙරියො බහු අමොදිතා නරමරූ සාධුකාරං පවත‍්තයුං.

46. සතුටු වූ දේවමනුෂ්‍යයෝ පෙරගමන් කෙරෙති, බොහෝ බෙර වයති, සාධුකාර පවත්වති.

47. දෙවා මනුස‍්සෙ පස‍්සන‍්ති මනුස‍්සාපි ච දෙවතා උභො’පි තෙ පඤ‍්ජලිකා අනුයන‍්ති තථාගතං.

47. දෙවියෝ මිනිසුන් දකිති, මනුෂ්‍යයෝත් දෙවියන් දකිති, එ දෙව් මිනිස් දෙපස මැ ඇඳිලි බැඳ තථාගතයන් පසුපස්හි යෙති.

48. දෙවා දිබ‍්බෙහි තුරියෙහි මනුස‍්සා මානුසෙහි ච උභො’පි තෙ වජ‍්ජයන‍්තා අනුයන‍්තී තථාගතං.

48. දෙවියෝ දිව්‍යතූර්‍ය්‍යයෙන් ද මනුෂ්‍යයෝ මානුෂක තූර්‍ය්‍යයෙන් ද ඒ දෙපක්‍ෂයෙහි වූවෝ වාදනය කෙරෙමින් තථාගතයන් පසුපස්හි යෙති.

49. දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං පදුමං පාරිච‍්ඡත‍්තකං දිසො දිසං ඔකිරන‍්ති ආකාසනභගතා මරූ.

49. ආකාශ සඞ්ඛ්‍යාත නහස්හි නොහොත් අහස්හි ද දෙව්ලොව්හි ද වූ දෙවියෝ දිව මදාරා මල් ද පියුම් ද පරසතු මල් ද ඒ ඒ දෙසින් විසුරුවත්.

50. චම‍්පකං සලලං නීපං නාගපුන‍්නාගකෙතකං දිසො දිසං උක‍්ඛිපන‍්ති භූමිතලගතා නරා.

50. පොළෝ තෙලෙහි වූ මනුෂ්‍යයෝ සපුමල් ද සරල (හොර) කුසුම් ද කොළොම්මල් ද නා– දොඹ– වැටකේ මල් ද ඒ ඒ දෙසින් නඟත්.

51. කෙසෙ මුඤ‍්චිත්‍වහං තත්‍ථ වාකචීරඤ‍්ච චම‍්මකං කලලෙ පත්‍ථරිත්‍ථාන අවකුජ‍්ජො නිපජ‍්ජහං.

51. මම එහි හිසකෙස් මුදා වැහැරි සම්කඩ ද කලල්මත වතුරුවා අධෝමුඛ යැ හොත්මි.

52. අක‍්කමිත්‍වාන මං බුද‍්ධො සහ සිස‍්සෙහි ගච‍්ඡතු මා නං කලලෙ අක‍්කමිත්‍ථො හිතාය මෙ භවිස‍්සති.

52. බුදුහු මා ඇක්මගෙන අතැවැසියන් සමග වඩනාසේක්වා. නහමක් කලල්හි ඇක්මෙත්වා, ඒ මට බොහෝ කලක් හිත පිණිස වන්නේ යැ.

53. පඨවියං නිපන‍්නස‍්ස එවං මෙ ආසි චෙතසො ඉච‍්ඡමානො අහං අජ‍්ජ කිලෙසෙ ඣාපයෙ මමං

53. පෘථිවියෙහි හොත් මට මෙබඳු වූ චිත්ත පරිවිතර්‍කයෙක් වී: මම අද කැමැති වූයෙම් නම් මාගේ රාගාදි කෙලෙසුන් දවන්නෙමි.

54. කිං මෙ අඤ‍්ඤාතවෙසෙන ධම‍්මං සච‍්ඡිකතෙනිධ සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා බුද‍්ධො හෙස‍්සං සදෙවකෙ.

54. මෙ අත්බැව්හි අප්‍රකට වේශයෙන් දහම් පසක් කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැ බුදු වන්නෙමි.

55. කිං මෙ එකෙන තිණ‍්ණෙන පුරිසෙන ථාමදස‍්සිනා සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා සන‍්තාරෙස‍්සං සදෙවකෙ.

55. තමාගේ බල දක්නා වූ පිරිනිම්යක් වැ එකලා වැ තරණය කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද? සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැසියන් තරණය කරවන්නෙම්.

56. ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත‍්තමෙ සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා තාරෙමි ජනතං බහු.

56. පුරුෂෝත්තම වූ බුදුන් කෙරෙහි කරන ලද මාගේ මේ අධික සත්කාරයෙන් සර්‍වඥතාඥානයට පැමිණ බොහෝ ජන සමූහයා (සසරින්) තරවමි.

57. සංසාරසොතං ඡින්‍දිත්‍වා විද‍්ධංසෙත්‍වා තයො භවෙ ධම‍්මනාවං සමාරුය‍්හ සන‍්තාරෙස‍්සං සදෙවකෙ.

57. සංසාර නමැති ශ්‍රෝතස සිඳ පියා තුන් භවය නසා දහම් නැවට නැඟී දෙවියන් සහිත ලෝකයා තරවන්නෙම්.

58. මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති හෙතු සත්‍ථාරදස‍්සනං පබ‍්බජ‍්ජාගුණසම‍්පත‍්ති අධිකාරො ච ඡන්‍දතා අට‍්ඨධම‍්මසමොධානා අභිනීහාරො සමිජ‍්ඣති.

58. මිනිසත් බව යැ ලිඞ්ගසම්පත් යැ (අර්‍හත්‍වයට) හේතුසම්පන්න බව යැ දිවමන් බුදුන් දැකීම යැ පැවිද්ද යැ අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත ගුණසම්පත් යැ ජීවිතපරිත්‍යාග සඞ්ඛ්‍යාත අධිකාර යැ (බුදුකුරුදහම්හි කළ) කුශලච්ඡන්‍ද ඇති බව යැ යන අට දහමුන් එක්වීම හේතු කොට ගෙන,

59. දීපඞ‍්කරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො උස‍්සීසකෙ මං ඨත්‍වාන ඉදං වචනමබ්‍රුවි.

59. දක්‍ෂිණේය හෙයින් දන් පිළිගන්නා වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මා හිස්දොර වැඩ සිට මෙවදන් වදාළහ.

60. පස‍්සථ ඉමං තාපසං ජටිලං උග‍්ගතාපනං අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

60. ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති මේ තවුස්හු බලවු. මෙයින් අප්‍රමේය කල්පයෙහි ලො වැ බුදු වෙයි.

61. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං

61. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් සිත්කලු වූ පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

62. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති

62. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙයි.

63. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලං හි එහිති.

63. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.

64. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

64. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.

65. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

65. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යැ.

66. අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා.

66. අනාස්‍රව වූ විගතරාග ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ සිත් ඇති කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ.

67. ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා.

67. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උවටැන් කෙරෙයි, ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ.

68. අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

68. ඔවුහු අනාස්‍රව වූවාහු වීතරාග වූවාහු සන්හුන් සිත් ඇත්තාහු සමාහිත වූවාහු වෙති. ඒ භගවත්හුගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.

69. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තූපට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තුපට‍්ඨිකා. ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

69. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්.

70. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

70. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දේවමනුෂ්‍යයෝ සතුටු වූවාහු–

71. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

71. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

72. යදිමස‍්ස ලොනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

72. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.

73. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

73. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද්ද,

74. එවමෙව මයං සබ‍්බෙ යදිමුඤ‍්චාමිමං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

74. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වම්හ.

75. දීපඞ‍්කරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො මම කම‍්මං පකිත‍්තෙත්‍වා දක‍්ඛිණං පදමුද‍්ධරි.

75. පූජා පිළිගන්නා වූ දීපඞ්කර නම් බුදුහු මාගේ කර්‍මය ප්‍රකාශ කොට දකුණු පිය නැඟූහ.

76. යෙ තත්‍ථාසුං ජිනපුත‍්තා පදක‍්ඛීණමකංසු මං දෙවා මනුස‍්සා අසුරා ච අභිවාදෙත්‍වාන පක‍්කමුං.

76. එහි යම් බුද්ධ පුත්‍ර කෙනෙක් වූවාහු ද ඔහු මා පැදකුණු කළාහු යැ දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද මා අභිවාදන කොට නික්ම ගියාහු යැ.

77. දස‍්සනං මෙ අතික‍්කන‍්තෙ සසඞ‍්ඝෙ ලොකනායකෙ සයනා වුට‍්ඨහිත්‍වාන පල‍්ලඞ‍්කමාභුජිං තදා.

77. සඞ්ඝයා සහිත වූ ලෝකස්වාමීන් මාගේ දර්‍ශනය ඉක්ම වූ කල්හි ශයනයෙන් නැඟී සිට එකල්හි පලක් බැඳ හුන්මි.

78. සුඛෙන සුඛිතො හොමි පාමොජ‍්ජෙන පමොදිතො පීතියා ච අභිස‍්සන‍්තො පල‍්ලඞ‍්කං ආභුජිං තදා.

78. එකල්හි කායික චෛතසික සුඛයෙන් සුඛිතයෙම් වෙමි, ප්‍රාමෝද්‍යයෙන් ප්‍රමුදිතයෙමි, ප්‍රීතියෙන් පැතුරුණෙම් පලක් බැඳ හුන්මි.

79. පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා එවං චින‍්තෙසහං තදා වසීභූතො අහං ඣානෙ අභිඤ‍්ඤාපාරමිං ගතො.

79. එකල්හි මම් පලගින් හිඳ මෙසේ සිතීමි: ‘මම් ධ්‍යානයෙහි වශී වූයෙමි, පඤ්චාභිඥායෙහි පරතෙරට ගියෙමි.

80. සහස‍්සියම‍්හි ලොකම‍්හි ඉසයො නත්‍ථි මෙ සමා අසමො ඉද‍්ධිධම‍්මෙසු අලභිං ඊදිසං සුඛං.

80. දශසහශ්‍රීලෝකධාතුයෙහි මා හා සම වූ ඍෂිහු නැතැ’යි (පඤ්චවිධ) ඍද්ධිධර්‍මයන්හි අචල වූයෙම් මෙබඳු වූ සොම්නස් ලදිමි.

81. පල‍්ලඞ‍්කාභූජෙන මය‍්හං දසසහස‍්සාධිවාසිනො මහානාදං පවත‍්තෙසුං ධුවං බුද‍්ධො භවිස‍්සසි.

81. මාගේ පලග බැඳීමෙහි ලා දශසහශ්‍රීලෝකධාතු වැසි (මහාබ්‍රාහ්ම) යෝ ‘තෙපි ඒකාන්තයෙන් බුදු වව’යි මහානාද පැවැත්වූහ.

82. යා පුබ‍්බෙ බොධිසත‍්තානං පල‍්ලඞ‍්කවරමාභුජෙ නිමිත‍්තානි පදිස‍්සන‍්ති තානි අජ‍්ජ පදීස‍්සරෙ.

82. පෙර බෝසතුන්ගේ උතුම් පලග බැඳුමෙහි යම් නිමිති කෙනෙක් පැනුණාහු ද අද ඒ නිමිතිහු දක්නා ලැබෙත්.

83. සීතං ව්‍යපගතං හොති උණ‍්හඤ‍්ච උපසම‍්මති තානි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

83. (පෙර බෝසතුන් කලැ) සිහිල් බව පහවැ ගියේ වන, උණුසුම ද සන්හිණ, දැන් ඒ නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදුවන්නවු යැ.

84. දසසහස‍්සී ලොකධාතු නිස‍්සද‍්දා හොති නිරුකුලා තානි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

84. (පෙර බෝසතුන් කෙරෙහි) දසදහසක් සක්වළ නිශ්ශබ්ද වූවා නිරාකූල වී. ඒ පෙරනිමිත්හු අද දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

85. මහාවාතා න වායන‍්ති න සන්‍දන‍්ති සවන‍්තියො තානි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

85. (පෙර බෝසතුන් කලැ) මහපවන්හු නො හැමූහ, නදීහු නො ගැළූහ. අද ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

86. ථලජා දකජා පුප‍්ඵා සබ‍්බෙ පුප‍්ඵන‍්ති තාවදෙ තෙපජ‍්ජ පුප‍්ඵිතා සබ‍්බෙ ධුවං බුද‍්ධො භවිස‍්සසි.

86. ගොඩ උපදනාවූ ද දියෙහි උපදනාවූ ද හැම මල්හු එකෙණෙහි පිපුණාහ. දැනුදු එ හැම කුසුමයෝ පිපුණාහු. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

87. ලතා වා යදි වා රුක‍්ඛා ඵලභාරා හොන‍්ති තාවදෙ තෙපජ‍්ජ ඵලිතා සබ‍්බෙ ධුවං බුද‍්ධො භවිස‍්සසි.

87. ලියහු ද රුක්හු ද එකෙණෙහි පලබර වූහ. දැනුදු එ හැම ලියරුක්හු හටගත් ඵල ඇති වූහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

88. ආකාසට‍්ඨා ච භුම‍්මට‍්ඨා රතනා ජොතන‍්ති තාවදෙ තෙපජ‍්ජ රතනා ජොතන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

88. අහස්ගත වූ ද භූමිගත වූ ද (මුතු මැණික් ඈ) රුවන්හු එකෙණෙහි බැබැළූහ. දැනුදු ඒ රුවන්හු බබලති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

89. මානුසකා ච දිබ‍්බා ච තුරියා වජ‍්ජන‍්ති තාවදෙ තෙපජ‍්ජුභො අභිරවන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

89. මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද (ආතත–විතතාදි) තූර්‍ය්‍යයෝ එකෙණෙහි වාදනය වූහ. දැනුදු ඒ උභය තූර්‍ය්‍යයයෝ මැනැවින් නාද වෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

90. විචිත‍්තපුප‍්ඵා ගගනා අභිවස‍්සන‍්ති තාවදෙ තෙපි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

90. විසිතුරු පැහැති සුවඳ කුසුම්හු එකෙණෙහි අහසින් වටහ, දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

91. මහාසමුද‍්දො ආභුජති දසසහස‍්සී පකම‍්පති තෙපජ‍්ජුභො අභිරවන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

91. (පෙර බෝසතුන් කලැ) මහමුහුද හැකිළිණ, දසදහස් ලෝධා සැලිණ, දැනුදු ඒ මුහුදු ලෝකධාතු යන දෙකින් අතිශයින් නාද කෙරෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

92. නිරයෙසු දසසහස‍්සී අග‍්ගී නිබ‍්බන‍්ති තාවදෙ තෙපජ‍්ජ නිබ‍්බුතා අග‍්ගී ධුවං බුද‍්ධො භවිස‍්සසි.

92. දස දහසක් ලෝධාහි නිරැවලැ එකෙණෙහි ගිනි නිවිණ, දැනුදු එගිනි නිවීගියේ වන, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

93. විමලො හොති සුරියො සබ‍්බා දිස‍්සන‍්ති තාරකා තෙ’පි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

93. හිරු නිර්‍මල විය. හැම නකත්තරු පෙනුණාහ. දැනුදු එ පෙර නිමිත්හු දක්නා ලැබෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

94. අනොවට‍්ඨෙන උදකං මහියා උබ‍්හිජ‍්ජි තාවදෙ තම‍්පජ‍්ජුබ‍්හිජ‍්ජතෙ මහියා ධුවං බුද‍්ධො භවිස‍්සසි.

94. නො වට කල්හි මැ එකෙණෙහි මැ පොළොවින් දිය පැන නැඟිණි. දැනුදු එ දිය පොළොවින් පැන නැඟෙයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

95. තාරාගණා විරොචන‍්ති නක‍්ඛත‍්තා ගගනමණ‍්ඩලෙ විසාඛා චන්‍දිමයුත‍්තා ධුවං බුද‍්ධො භවිස‍්සසි.

95. තාරකා සමූහයෝ ද නකත් තරු ද සියලු ගගනමණ්ඩලය ද සඳු හා සමග යෙදුණු විසා නකත් ද බබළති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

96. බිලාසයා දරීසයා නික‍්ඛමන‍්ති සකාසයා තෙපජ‍්ජ ආසයා ඡුද‍්ධා ධුවං බුද‍්ධො භවිස‍්සසි.

96. බිලයෙහි හෝනා සත්හු ද ගුහායෙහි හෝනා සත්හු ද ස්වකීය ආසයස්ථානයෙන් නික්මුණාහ. දැනුදු ඔහු ආසයෙන් නික්මුණාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

97. න හොති අරති සත‍්තානං සන‍්තුට‍්ඨා හොන‍්ති තාවදෙ. තෙපජ‍්ජ සබ‍්බෙ සන‍්තුට‍්ඨා ධුවං බුද‍්ධො භවිස‍්සසි.

97. එකෙණෙහි සත්නට උකටලි නො වී යැ. (හැම සත්හු) සතුටු වූහ. දැනුදු එ සියල්ලෝ සතුටු වූවාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

98. රොගා තදුපසම‍්මන‍්ති ජිගච‍්ඡා ච විනස‍්සති තානි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

98. ඒ පෙර බෝසතුන් කල රෝගයෝ සන්හුන්හ, සාගිනි ද නැසිණ. දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදු වන්නවු යැ.

99. රාගො තදා තනු හොති දොසො මොහො විනස‍්සති තෙ’ පජ‍්ජ විගතා සබ‍්බෙ ධුවං බුද‍්ධො භවිස‍්සසි.

99. එකල්හි කාමරාගය තුනී (පරියුට්ඨාන රහිත) විය. ද්වේෂය ද මෝහය ද නැසිණ. දැනුදු එ සියල්ලෝ ද පහවගියාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

100. භයං තදා න භවති අජ‍්ජපෙතං පදිස‍්සති තෙන ලිඞ‍්ගෙන ජානාම ධුවං බුද‍්ධො භවිස‍්සසි.

100. ඒ පෙර බෝසතුන් දවස (සත්නට) බියෙක් නො වී. දැනුදු තෙල බිය රහිත බව දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

101. රජොනුද‍්ධංසති උද‍්ධං අජ‍්ජපෙතං පදිස‍්සති තෙන ලිඞ‍්ගෙන ජානාම ධුවං බුද‍්ධො භවිස‍්සසි.

101. (පෙර බෝසතුන් කල) රජස් උඩට නොනැඟිණ. දැනුදු තෙල නිමිති දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

102. අනිට‍්ඨගන්‍ධො පක‍්කමති දිබ‍්බගන්‍ධෙ පවායති සොපජ‍්ජ වායති ගන්‍ධො ධුවං බුද‍්ධො භවිස‍්සසි.

102. (පෙර බෝසතුන් කලැ) අනිටුගඳ පහවගියේ යැ. දිවසුවඳ හැමී යැ දැනුදු එ දිවසුවඳ හමයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

103. සබ‍්බෙ දෙවා පදිස‍්සන‍්ති ඨපයිත්‍වා අරූපිනො තෙ’පජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

103. (පෙර බෝසතුන් කලැ) අරූතල වැසි දෙවියන් තබා හැම දෙවියෝ පැණුනාහ. දැනුදු එ හැම දෙවියෝ පැනෙති (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

104. යාවතා නිරයා නාම සබ‍්බෙ දිස‍්සන‍්ති තාවදෙ තෙ’පජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

104. යම් පමණ නිරයෝ නම් වෙත් ද එ හැම එකෙණෙහි පැනුණාහ දැනුදු එ හැම නරකයෝ දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

105. කුඩ‍්ඩා කවාටා සෙලා ච න හොන‍්තාවරණා තදා ආකාසභූතා තෙ’ පජ‍්ජ ධුවං බුද‍්ධො භවිස‍්සසි.

105. ඒ පෙර බෝසතුන් කල්හි පවුරු ද දොර කවුළු ද පර්‍වත ද ආවරණ නො වීය. දැනුදු ඔහු නිරාවරණ වෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

106. චුතී ච උපපත‍්ති ච ඛණෙ තස‍්මිං න විජ‍්ජති තානි අජ‍්ජ පදිස‍්සන‍්ති ධුවං බුද‍්ධො භවිස‍්සසි.

106. එකෙණෙහි මරණ ද ඉපැත්ම ද නො වී. දැන් ඒ පෙර නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

107. දළ‍්හං පග‍්ගණ‍්හ විරියං මා නිවත‍්ති අභික‍්කම මයම‍්පෙතං පජානාම ධුවං බුද‍්ධො භවිස‍්සසීති.

107. වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, නහමක් නවත්ව, පෙරට යව, ඇපිදු තෙල කරුණු දනුම්හ. (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.

108. බුද‍්ධස‍්ස වචනං සුත්‍වා දසසහස‍්සීන චූභයං තුට‍්ඨහට‍්ඨො පමුදිතො එවං චින‍්තෙසහං තදා.

108. දිවකුරු බුදුන්ගේ ද දසදහසක් සක්වළ දෙවියන්ගේ ද යන දෙපක්‍ෂයෙහි වදන් අසා එකල්හි මම හටු පහටු වූයෙම් සතුටු සිත් ඇත්තෙම් මෙසේ සිතීමි.

109. අද‍්වෙජ‍්ඣාවචනා බුද‍්ධා අමොඝවචනා ජිනා විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං

109. බුදුවරයෝ ඒකාන්ත වචන ඇත්තාහ. ජින වූ සර්‍වඥයෝ නො සිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, මම් ඒකාන්තයෙන් බුදු වෙමි.

110. යථා ඛිත‍්තං නභෙ ලෙඩ‍්ඩු ධුවං පතති භූමියං තථෙ’ව බුද‍්ධසෙට‍්ඨානං වචනං ධුවසස‍්සතං විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං

110. යම්සේ අහස්හි දමන ලද කැටක් ඒකාන්තයෙන් බිම වැටේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්තයෙන් වනසුලු ද ශාශ්වවත ද වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.

111. යථා’පි සබ‍්බසත‍්තානං මරණං ධුවසස‍්සතං තථෙ’ව බුද‍්ධසෙට‍්ඨානං වචනං ධුවසස‍්සතං විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං.

111. යම්සේ සියලු සත්නට මරණය ඒකාන්ත ශාශ්වත ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ බස ද ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. නියතයෙන් මම් බුදු වෙමි.

112. යථා රත‍්තික‍්ඛයෙ පත‍්තෙ සුරියස‍්සුග‍්ගමනං ධුවං තථෙ’ව බුද‍්ධසෙට‍්ඨානං වචනං ධුවසස‍්සතං විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං.

112. යම්සේ රැය ගෙවීම පැමිණි කල්හි හිරු උදාවීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුදුවරයන්ගේ වචනය ශාශ්වත වෙයි, බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.

113. යථා නික‍්ඛන‍්තසයනස‍්ස සීහස‍්ස නදනං ධුවං තථෙව බුද‍්ධසෙට‍්ඨානං වචනං ධුවසස‍්සතං විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං.

113. මෙසේ ශයනයෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන් ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.

114. යථා ආපන‍්නසත‍්තානං භාරමොරොනං ධුවං තථෙව බුද‍්ධසෙට‍්ඨානං වචනං ධුවසස‍්සතං විතථං නත්‍ථි බුද‍්ධානං ධුවං බුද‍්ධො භවාමහං

114. යම්සේ ආපන්නසත්ත්‍ව (ගැබිනි) යන්ගේ ප්‍රසූතිය ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. (එයින්) මම් නියතයෙන් බුදුවෙමි.

115. හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ විවිනාමි ඉතො චිතො උද‍්ධං අධො දසදිසා යාවතා ධම‍්මධාතුයා,

115. උඩ දෙව්ලොව යැ යට මිනිස්ලොව යැ දශදිශායෙහි යැ යන ධර්‍මධාතුව හිම් කොට ඔබිනොබ බුදුකුරු දහම් සොයම් නම් මැනැවි.

116. විචිනන‍්තො තදා දක‍්ඛිං පඨමං දානපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි අනුචිණ‍්ණං මහාපථං.

116. එකල්හි (බුදුකුරු දහම්) විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝසතුන් විසින් ඇසුරු කළ (සම්බෝධියට) මහාමාර්‍ග වූ පළමු වන දානපාරමීතාව දිටිමි.

117. ඉමං ත්‍වං පඨමං තාව දළ‍්හං කත්‍වා සමාදිය දානපාරමිතං ගච‍්ඡ යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

117. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පළමු කොට මේ දානපාරමිතාව දැඩි කොට සමාදන් වැ දානපාරාමිතාව පූරණය කරව. හෙවත් දානයාගේ පරතෙරට යව.

118. යථා’පි කුම‍්භො සම‍්පුණ‍්ණො යස‍්ස කස‍්සචි අධොකතො වමතෙ උදකං නිස‍්සෙසං න තත්‍ථ පරිරක‍්ඛති

118. යම්සේ (දිය කිරි ඈ) යම් කිසිවකින් පරිපූර්‍ණ වූ කුම්භයෙක් යටිහුරු කරන ලදුයේ දිය නිරවශේෂ කොට වගුරුවා ද, එහි නො රැඳේ ද,

119. තථෙව යාචකෙ දිස‍්වා හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ දදාහි දානං නිස‍්සෙසං කුම‍්භො විය අධොකතො

119. එසෙයින් මැ හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යාචකයන් දැක යටිහුරු කළ කළයක් සෙයින් නිරවශේෂ කොට දන් දෙව.

120. න හෙ තෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා

120. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

121. විචිනන‍්තො තදාදක‍්ඛිං දුතියං සීලපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි අසෙවිතනිසෙවිතං.

121. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දෙවැනි ශීලපාරමිතාව දිටිමි.

122. ඉමං ත්‍වං දුතියං තාව දළ‍්හං කත්‍වා සමාදිය සීලපාරමිතං ගච‍්ඡ යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

122. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් දෙ වැනි වූ මේ ශීලපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් ශීලයාගේ පරතෙරට යව.

123. යථාපි චමරී වාලං කිස‍්මිචි පතිලග‍්ගිතං උපෙති මරණං තත්‍ථ න විකොපෙති වාලධිං.

123. යම්සේ සෙමෙරමුව තෙමේ වලක් කිසිවෙක්හි ලැගුණේ වාලධිය නො සිඳී ද එහි මැ මරණයට පැමිණේ ද–

124. තථෙව ත්‍වං චතුසු භූමිසු සීලානි පරිපූරය පරිරක‍්ඛ සබ‍්බදා සීලං චමරී විය වාලධිං.

124. එ සෙයින් මැ තෙපි (ප්‍රාතිමෝක්‍ෂ සංවරාදි) සිව් බිම්හි සිල් පුරව, සෙමෙරමුව වාලධිය සෙයින් හැම කල්හි ශීලය රක්‍ෂා කරව.

125. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

125. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

126. විචිනන‍්තො තදා දක‍්ඛිං තතියං නෙක‍්ඛම‍්මපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

126. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පෙර බෝසතුන් විසින් භාවිත බහුලීකෘත වූ තුන් වැනි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දිටිමි.

127. ඉමං ත්‍වං තතියං තාව දළ‍්හං කත්‍වා සමාදිය නෙක‍්ඛම‍්මපාරමි ගච‍්ඡ යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

127. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියෙවු නම් තුන්වැනි වූ මේ නෛෂ්ක්‍රම්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් නෛෂ්ක්‍රම්‍යයාගේ පරතෙරට යව.

128. යථා අන්‍දුඝරෙ පුරිසො චිරවුත්‍ථො දුඛද‍්දිතො ත තත්‍ථ රාගං අභිජනෙති මුත‍්තිං යෙව ගවෙසති.

128. යම්සේ බන්‍ධනාගාරයෙහි බොහෝ කල් විසූ දුකින් පීඩිත වූ පුරුෂයෙක් එහි ඇලුම් නූපදවා ද මිදීම මැ සොයා ද–

129. තථෙව ත්‍වං සබ‍්බභවෙ පස‍්ස අන්‍දුඝරෙ විය නෙක‍්ඛම‍්මාභිමුඛො හොහි භවතො පරිමුත‍්තියා.

129. එසෙයින් මැ තෙපි කාමාදි සියලු භවයන් බන්‍ධනාගාරයන් සෙයින් දක්ව, භවයෙන් මිදීම සඳහා නෛෂ්ක්‍රම්‍යයට අභිමුඛ වව.

130. න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

130. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

131. විචිනන‍්තො තදා දක‍්ඛිං චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

131. විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ප්‍රඥාපාරමිතාව දිටිමි.

132. ඉමං ත්‍වං චතුත්‍ථං තාව දළ‍්හං කත්‍වා සමාදිය පඤ‍්ඤාපාරමිතං ගච‍්ඡ යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

132. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් සතර වැනි වූ මේ ප්‍රඥාමිතාව දැඩිකොට සමාදන් වැ ප්‍රඥාපාරමිතාව පුරව.

133. යථා’පි භික‍්ඛු භික‍්ඛන‍්තො හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ කුලානි න විවජ‍්ජෙන‍්තො එවං ලභති යාපනං.

133. යම්සේ මහණ පිඬුසිඟා යනුයේ හීනෝත්කෘෂ්ට මධ්‍යම වූ කුලයන් නො හරනේ මෙසේ යැපෙන පමණ අහර ලබා ද,

134. තථෙව ත්‍වං සබ‍්බකාලං පරිපුච‍්ඡන‍්තො බුධං ජනං පඤ‍්ඤාපාරමිතං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

134. එසෙයින් මැ තෙපි හැම කල්හි පණ්ඩිත ජනයා පුළුවුස්නහු ප්‍රඥා පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

135. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

135. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

136. විචිනන‍්තො තදා දක‍්ඛිං පඤ‍්චමිං විරිය පාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

136. එකල්හි විමසනුයෙම් පෙර මහර්ෂී වූ බෝධිසත්ත්‍වයන් විසින් ආදරයෙන් සෙවුනා ලද නිරතුරු සෙවුනා ලද පස් වැනි වූ වීර්‍ය්‍ය පාරමිතාව දිටිමි.

137. ඉමං ත්‍වං පඤ‍්චමං තාව දළ‍්හං කත්‍වා සමාදිය විරිය පාරමිතං ගච‍්ඡ යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

137. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පස් වැනි වූ මේ වීර්‍ය්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ වීර්‍ය්‍යපාරමිතාව සම්පූර්‍ණ කරව.

138. යථා’පි සීහො මිගරාජා නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ අලීනචිරියො හොති පග‍්ගහිතමනො තදා

138. යම්සේ සිංහමෘගරාජතෙමේ හිඳීම් – සිටීම් – සක්මන්හි නො පසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ දැඩි කොට ගන්නා ලද සිත් ඇත්තේ වේ ද.

139. තථෙව ත්‍වං සබ‍්බභවෙ පග‍්ගණ‍්හ විරියං දළ‍්හං විරියපාරමිතං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

139. එසෙයින් මැ තෙපි (උපනුපන්) හැම භවයෙහි වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, වීර්‍ය්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

140. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

140. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

141. විචිනන‍්තො තදා දක‍්ඛිං ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

141. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ස වැනි ක්‍ෂාන්තිපාරමිතාව දිටිමි.

142. ඉමං ත්‍වං ඡට‍්ඨමං තාව දළ‍්හං කත්‍වා සමාදිය තත්‍ථ අද‍්වෙජ‍්ඣමනසො සම‍්බොධිං පාපුණිස‍්සසි.

142. තෙපි මේ සවැනි ක්‍ෂාන්තිපාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ ක්‍ෂාන්තියෙහි ඒකාන්ත සිත් ඇතියහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

143. යථා’පි පඨවී නාම සුචිම‍්පි අසුචිම‍්පි ච සබ‍්බං සහති නික‍්ඛෙපං න කරොති පටිඝං දයං

143. යම්සේ පෘථිවිය නම් බහාලන ලද සඳුන් ආදි පවිත්‍රය ද කුණපාදි අපවිත්‍රය ද යන සියල්ල ඉවසා ද (ඒ සුචි අසුචි නික්‍ෂේපයෙන්) කෝප ස්නේහ නො කෙරේ ද.

144. තථෙ’ව ත්‍වම‍්පි සබ‍්බෙසං සම‍්මානාවමානක‍්ඛමො ඛන‍්තිපාරමිතං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

144. එ සෙයින් මැ තෙපිදු සියල්ලන්ගේ බුහුමන් අවමන් ඉවසනුවහු ක්‍ෂාන්තිපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

145. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

145. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

146. විචිනන‍්තො තදා දක‍්ඛිං සත‍්තමං සච‍්චපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

146. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ සත් වැනි සත්‍යපාරමිතාව දිටිමි.

147. ඉමං ත්‍වං සත‍්තමං තාව දළ‍්හං කත්‍වා සමාදිය තත්‍ථ අද‍්වෙජ‍්ඣවචනො සම‍්බොධිං පාපුණිස‍්සසි.

147. තෙපි මේ සත් වැනි සත්‍යපාරමිතාව දැඩිකොට සමාදන් වැ ගෙන ඒ සත්‍යපාරමිතායෙහි අතථ්‍යවචන රහිත වූවහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

148. යථා’පි ඔසධී නාම තුලාභූතා සදෙවකෙ සමයෙ උතුවස‍්සෙ වා නෙවොක‍්කමති වීථිතො.

148. යම්සේ ඕසධීතාරකා නම් සදේවක ලෝකයාහට තුලා සදෘශ වූවා වැසි කල්හිදු හිමත් ගිමන් කල්හිදු ගමන වීථියෙන් ඉවත් වැ නො යේ ද නොහොත් සදේවකලෝකයාහට ප්‍රාණාරක්‍ෂායෙහි ප්‍රමාණ වූ සිඟුරු මිරිස් ආදිය ඵලදාන සමයෙහි තත් තත් රෝගෝපශම විධියෙන් නො ඉක්මැ පවතී ද,

149. තථෙ’ව ත්‍වම‍්පි සච‍්චෙසු මා ඔක‍්කමි හි වීථිතො සච‍්චපාරමිතං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

149. එසෙයින් තෙපිදු සත්‍යයෙහි වීථියෙන් නො ඉක්මෙව. සත්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

150. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

150. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක්මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරුදහම් සොයන්නෙමි.

151. විචිනන‍්තො තදා දක‍්ඛිං අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

151. එකල්හි විමසනුයෙම් මහර්ෂී පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ අටවැනි අධිෂ්ඨානපාරමිතාව දිටිමි.

152. ඉමං ත්‍වං අට‍්ඨමං තාව දළ‍්හං කත්‍වා සමාදිය තත්‍ථ ත්‍වං අචලො හුත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

152. තෙපි මේ අටවැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ අධිෂ්ඨානපාරමිතායෙහි නිශ්චල වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

153. යථා’පි පබ‍්බතො සෙලො අචලො සුප‍්පතිට‍්ඨිතො න කම‍්පති භුසවාතෙහි සකට‍්ඨානෙ’ව තිට‍්ඨති.

153. යම්සේ ශෛලපර්‍වතයෙක් අචල වූයේ එහෙයින් මැ මොනොවට පිහිටියේ සැඬ පවනින් නො සැලේ ද තමා සිටිතැන්හි මැ සිටී ද,

154. තථෙ’ච ත්‍වම‍්පි අධිට‍්ඨානෙ සබ‍්බදා අචලො භව අධිට‍්ඨානපාරමිං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

154. එසෙයින් මැ තෙපි අධිෂ්ඨානයෙහි හැම කල්හි නිශ්චල වව. අධිෂ්ඨානපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

155. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

155. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

156. විචිනන‍්තො තදා දක‍්ඛිං නවමං මෙත‍්තාපාරමිං පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

156. එකල්හි විමසනුයෙම් මහාර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ නව වැනි මෛත්‍රීපාරමිතාව දිටිමි.

157. ඉමං ත්‍වං නවමං තාව දළ‍්හං කත්‍වා සමාදිය මෙත‍්තාය අසමො හොහි යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

157. තෙපි මේ නව වැනි මෙත්‍රී පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඉදින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු රිසියවු නම් මෛත්‍රීභාවනායෙහි අසම වව.

158. යථා’පි උදකං නාම කල්‍යාණෙ පාපකෙ ජනෙ සමං ඵරති සීතෙන පවාහෙති රජොමලං.

158. යම්සේ ජලය නම් කල්‍යාණ වූ ද පාපක වූ ද ජනයන් සිහිල් ගුණයෙන් සම වැ ස්පර්‍ශ කෙරේ ද රජස්මල ආදිය පවිත්‍ර කෙරේ ද–

159. තථෙ’ව ත්‍වම‍්පි හිතාහිතෙ සමං මෙත‍්තාය භාවය මෙත‍්තාපාරමිතං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

159. එසෙයින් මැ තෙපි දු හිතාහිතයන් කෙරෙහි මෙත්තාභාවනාව සම කොට වඩව. මෛත්‍රීපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

160. න හෙතෙ එත‍්තකායෙව බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ අඤ‍්ඤෙ’පි විචිනිස‍්සාමි යෙ ධම‍්මා බොධිපාචනා.

160. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.

161. විචිනන‍්තො තදා දක‍්ඛිං දසමං උපෙක‍්ඛාපාරමිං. පුබ‍්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.

161. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දසවැනි උපේක්‍ෂාපාරමිතාව දිටිමි.

162. ඉමං ත්‍වං අසමං තාව දළ‍්හං කත්‍වා සමාදිය තුලාභූතො දළ‍්හො හුත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

162. තෙපි මේ දස වැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන තුලා (තරාදිය) සදෘස වූවහු දැඩි වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.

163. යථා’පි පඨවී නාම නික‍්ඛිත‍්තං අසුචිං සුචිං උපෙක‍්ඛති උභොපෙතෙ කොපානුනයවජ‍්ජිතා.

163. යම් සේ පෘථිවිය නම් බහාලනලද අපවිත්‍රය ද පවිත්‍රය ද යන මෙ දෙක කෝප ය අනුනය යන දෙකින් තොර වැ උපේක්‍ෂා කෙරේ ද–

164. තථෙ’ව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙ තුලාභූතො සදා භව උපෙක‍්ඛාපාරමිං ගන‍්ත්‍වා සම‍්බොධිං පාපුණිස‍්සසි.

164. එසෙයින් මැ තෙපිදු හැම කල්හි සුඛදුඃඛයෙහි තුලා සදෘස වව. උපේක්‍ෂාපාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්නවු යැ.

165. එත‍්තකායෙ’ව තෙ ලොකෙ යෙ ධම‍්මා බොධිපාචනා තතුද‍්ධං නත්‍ථි අඤ‍්ඤත්‍ර දළ‍්හං තත්‍ථ පතිට‍්ඨහ.

165. ලෝකයෙහි යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඔහු මෙතෙක් මැ යි. ඒ දශපාමීරන් හැර මත්තෙහි අන්‍ය බුද්ධකාරකධර්‍මයෙක් නැති. එහි දැඩිසේ සිටුව.

166. ඉමෙ ධම‍්මෙ සම‍්මසතො සභාවසරසලක‍්ඛණා. ධම‍්මතෙජෙන වසුධා දසසහස‍්සී පකම‍්පථ.

166. මේ පාරමීධර්‍මයන් ස්වභාව සඞ්ඛ්‍යාත සරසලක්‍ෂණ හෙයින් සම්මර්‍ශනය කරන්නහුගේ දහම් තෙදින් දසදහසක් සක්වළ පෘථිවිය කම්පා වූ යැ.

167. චලති රවති පඨවී උච‍්ඡුයන‍්තං ව පීළිතං තෙලයන‍්තෙ යථා චක‍්කං එවං කම‍්පති මෙදිනී.

167. මහපොළොව පෙළනලද උක්යතක් සෙයින් සැලිණ, ගුගුළා ය. මේදිනී තොමෝ තෙලියතෙක සකක් සෙයින් කම්පා වූ ය.

168. යාවතා පරිසා ආසී බුද‍්ධස‍්ස පරිවෙසනෙ පවෙධමානා සා තත්‍ථ මුච‍්ඡිතා සෙති භූමියං.

168. දීපඞ්කර බුදුරදුන් (වළඳවන) දන්හල්හි යම් පමණ පිරිස් කෙනෙක් වූවාහු ද, එහු කම්පා වෙමින් මුසපත් වැ එතැන් හි බිමැ වැතිරැගත්හ.

169. ඝටානෙකසහස‍්සානි කුම‍්භීනඤ‍්ච සතා බහූ සඤ‍්චුණ‍්ණා මථිතා තත්‍ථ අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටිතා.

169. නේසුවහස් ගණන් කළ ද බොහෝ සියගණන් සැළ ද එකිනෙක ගැටුණාහු ඇලැළ සුණුවිසුණු වැ ගියහ.

170. උබ‍්බිග‍්ගා තසිතා භීතා භන‍්තා බ්‍යාධිතමානසා මහාජනා සමාගම‍්ම දීපඞ‍්කරමුපාගමුං.

170. තැතිගත් සිතැති (එහෙයින්) තැවුණු බියපත් වූ භ්‍රාන්ත වූ පීඩිත සිත් ඇති මහාජනයෝ රැස්වැගෙන දීපඞ්කර බුදුන් කරා එළැඹියාහ.

171. කිං භවිස‍්සති ලොකස‍්ස කල්‍යාණමථ පාපකං සබ‍්බො උපද‍්දුතො ලොකො තං විනොදෙහි චක‍්ඛුම.

171. කිමැ (වහන්ස,) ලොවට කල්‍යාණයෙක් හෝ යලි පාපයෙක් හෝ වන්නේ ද, හැම වැසි තෙමෙ උපද්‍රැත විය. පසැස් වූ භාග්‍යවතුන් වහන්ස, ඒ දුරුකළ මැනැව.

172. තෙසං තදා සඤ‍්ඤපෙසි දීපඞ‍්කරො මහාමුනි විස‍්සත්‍ථා හොථ මා භාථ ඉමස‍්මිං පඨවිකම‍්පනෙ.

172. එකල්හි මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මේ පෘථිවි කම්පනයෙහි (තෙපි) විශ්වස්ත වවු, නහමක් බියපත් වව’යි ඒ ජනයනට මෙසේ හඟවාලූ සේක:

173. යමහං අජ‍්ජ බ්‍යාකාසිං බුද‍්ධො ලොකෙ භවිස‍්සති එසො සම‍්මසති ධම‍්මං පුබ‍්බකං ජිනසෙවිතං

173. ‘මේ තෙමේ මතු ලොවැ බුදු වේ’යයි මම් අද යමක්හට ප්‍රකාශ කෙළෙම් ද, ඒ සුමේධ තවුස් පෙර බුදුවරයන් බෝසත් කලැ සෙවුනා ලද පැරුම් දම් සම්මර්‍ශන කෙරෙයි.

174. තස‍්ස සම‍්මසතො ධම‍්මං බුද‍්ධභූමිං අසෙසතො තෙනා’යං කම‍්පිතා පඨවී දසසහස‍්සී සදෙවකෙ.

174. බුදුබවට කාරණ වූ පැරුම්දම් නිරවසෙස්නෙන් සිමිදුනා ඔහුට එකරුණෙන් දෙව්ලෝ සහිත දසදහසක් සක්වළැ මේ පෘථිවිය කම්පා වී යයි.

175. බුද‍්ධස‍්ස වචනං සුත්‍වා මනො නිබ‍්බායි තාවදෙ සබ‍්බෙ මං උපසඞ‍්කම‍්ම පුනාපි අභිවාදයුං

175. බුදුරදුන්ගේ බස් අසා එ කෙණෙහි (ඔවුන්ගේ) සිත නිවිණ. යළිදු ඔහු සියල්ලෝ මා වෙත පැමිණ මට අභිවාදනය කළාහුය.

176. සමාදියිත්‍වා බුද‍්ධගුණං දළ‍්හං කත්‍වාන මානසං දීපඞ‍්කරං නමස‍්සිත්‍වා ආසනා උට‍්ඨහිං තදා.

176. එකල්හි සිත තරකොට බුදුගුණ (–පැරුම්දම්) සමාදන් ව දිවකුරු බුදුරදුන් වැඳ හුනස්නෙන් නැඟී සිටියෙමි.

177. දිබ‍්බං මාසුසකං පුප‍්ඵං දෙවා මානුසකා උභො සමොකිරන‍්ති පුප‍්ඵෙහි වුට‍්ඨාහන‍්තස‍්ස ආසනා.

177. දෙවියෝ ද මනුෂ්‍යයෝ ද යන දෙපක්‍ෂය (මදාරාදි) දිවමල් ද මිනිස් ලොවැ මල් ද ගෙන ආසනයෙන් නැඟීසිටුනා මා මතුයෙහි මල් වගුරුවාලූහ.

178. වෙදයන‍්ති ච තෙ සොත්‍ථිං දෙවා මානුසකා. උභො මහන‍්තං පත්‍ථිතං තුය‍්හං තං ලභස‍්සු යථිච‍්ඡිතං.

178. ඒ දෙවිමිනිස් යන දෙ පක්‍ෂය “තොප විසින් මහත් වූ තනතුරක් පතන ලද, ඒ තනතුර රිසි සේ ලබව’යි ස්වස්තිභාවය ප්‍රකාශ කළාහු ය.

179. සබ‍්බීතියො විවජ‍්ජන‍්තු සොකො රොගො විනස‍්සතු මා තෙ භවත්‍ථවන‍්තරායො ඵුස ඛිප‍්පං බොධිමුත‍්තමං.

179. සියලු උවදුරු දුරු වැ සෙත් වේවා ශෝක රෝග නැසීයේවා තොපට අන්තරායෙක් නහම් වේවා, උතුම් වූ සම්‍යක්සම්බෝධිය වහා අවබෝධ කරව’යි.

180. යථා’පි සමයෙ පත‍්තෙ පුප‍්ඵන‍්ති පුප‍්ඵිනො දුමා තථෙව ත්‍වං බුද‍්ධවීර බුද‍්ධඤාණෙන පුප‍්ඵසි.

180. යම්සේ ඒ ඒ ගස මල් ගන්නා කාලය පැමිණි කල්හි මල් හට ගන්නා වෘක්‍ෂයෝ විකසිත වෙත් ද, මහාවීරයන් වහන්ස, එසෙයිනි තෙපි දු බුද්ධඥානයෙන් ප්‍රබෝධ වෙව.

181. යථා යෙ කෙචි සම‍්බුද‍්ධා පූරයුං දසපාරමී තථෙව ත්‍වං මහාවීර පූරය දසපාරමී.

181. යම්සේ යම් කිසි බුදු කෙනෙක් දසපැරුම් පිරුවාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින්ම තෙපි දසපැරුම් පුරව.

182. යථා යෙ කෙචි සම‍්බුද‍්ධා බොධිමණ‍්ඩම‍්හි බුජ‍්ඣරෙ තථෙව ත්‍වං මහාවීර බුජ‍්ඣස‍්සු ජිනබොධියං.

182. යම්සේ යම් කිසි සම්බුදු කෙනෙක් බෝමැඩ වැඩහිඳ (සර්‍වඥතාඥානය) අවබෝධ කළාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින් තෙපිදු බුද්ධබෝධියෙන් නොහොත් සර්‍වඥ බෝධිමූලයෙහි (සිව්සස්) අවාබොධ කළ මැනැව.

183. යථා යෙ කෙචි සම‍්බුද‍්ධා ධම‍්මචක‍්කං පවත‍්තයුං තථෙව ත්‍වං මහාවීර ධම‍්මචක‍්කං පවත‍්තය.

183. යම්සේ යම්කිසි සම්බුදු කෙනෙක් දම්සක් පැවැත්වූවාහු ද, මහා වීරයන් වහන්ස, එහෙයින් තෙපි දු දම්සක් පවත්වාලුව මැනැව.

184. පුණ‍්ණමාසෙ යථා චන්‍දො පරිසුද‍්ධො විරොචති තථෙව ත්‍වං පුණ‍්ණමනො විරොච දසසහස‍්සියං.

184. යම්සේ පණුරැසිපොහොයෙහි (උපද්‍රවාපගමයෙන්) පරිශුද්ධ වූ සඳු බබළා ද එසෙයින් තෙපි දු පිරිපුන් මනදොළ ඇතියහු දසදහසක් සක්වළැ බැබැළුණ මැනැව.

185. රාහුමුත‍්තො යථා සුරියො තාපෙන අභිරොචති තථෙව ලොකා මුඤ‍්චිත්‍වා විරොච සිරියා තුවං.

185. යම්සේ රාහු ග්‍රහයා කෙරෙන් මිදුණු හිරු තෙදින් දිලියේ ද එසෙයින් මැ තෙපි දු ලෝ දහම් හා අලිප්ත වැ බුදුසිරින් බබළනු මැනැව.

186. යථා යා කාචි නදියො ඔසරන‍්ති මහොදධිං එවං සදෙවකා ලොකා ඔසරන‍්තු තවන‍්තිකෙ.

186. යම්සේ යම් කිසි නදී කෙනෙක් (වෙත් නම් ඔහු) මහසයුර කරා ගලාබසිත් ද, එසෙයින් දෙවියන් සහිත ලෝවැසියෝ තොප සමීපයට එළැඹෙත්වා.

187. තෙහි ථුතප‍්පසත්‍ථො සො දසධම‍්මෙ සමාදිය තෙ ධම‍්මෙ පරිපූරෙන‍්තො පවනං පාවිසී තදාති.

187. ඒ දෙවියන් විසින් ස්තූතප්‍රශස්ත වූ ඒ සුමේධ තවුස්හු දස පැරුම් දම් සමාදන් වැ ගෙන එකල්හි ඒ පැරුම්දම් පුරමින් ධම්මක පර්‍වතයෙහි මහවනයට පිවිසියාහ’යි.

සුමෙධකථා නිට‍්ඨිතා

සුමේධකථා නිමි.