රතනචඞ්කමනකණ්ඩවණ්ණනා අට්ඨකථා
රතනචඞ්කමනකණ්ඩවණ්ණනා
රතනචංකමන කාණ්ඩ වර්ණනාව
ඉදානි පන –
දැන් වනාහි;
“බ්රහ්මා ච ලොකාධිපතී සහම්පතී, කතඤ්ජලී අනධිවරං අයාචථ; සන්තීධ සත්තාප්පරජක්ඛජාතිකා, දෙසෙහි ධම්මං අනුකම්පිමං පජ”න්ති. –
ලෝකාධිපති සහම්පති බ්‍රහ්මයා ද ඇඳිලිබැඳ “මෙහි අල්පරජස්ක සත්ත්වයෝ සිටිති. ධර්මය දේශනා කරනු මැනවි. මේ ප්‍රජාවට අනුකම්පා කරනු මැනවි” කියා බුදුරජාණන් වහන්සේට ආයාචනා කළේය.
ආදිනයප්පවත්තස්ස අබ්භන්තරනිදානස්ස අත්ථවණ්ණනා හොති.
ආදි නයින් පවත්නා අභ්‍යන්තර නිදානයෙහි අර්ථ වර්ණනය වෙයි.
එත්ථ “එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ”තිආදිසුත්තන්තෙසු විය – “එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං බුද්ධවංසං අපුච්ඡී”ති එවමාදිනා නයෙන නිදානං අවත්වා කස්මා “බ්රහ්මා ච ලොකාධිපතී සහම්පතී, කතඤ්ජලී අනධිවරං අයාචථා”තිආදිනා නයෙන නිදානං වුත්තන්ති? වුච්චතෙ – භගවතො සබ්බධම්මදෙසනාකාරණභූතාය බ්රහ්මුනො ධම්මදෙසනායාචනාය සන්දස්සනත්ථං වුත්තන්ති.
එහි එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කලන්දකනිවාප නම් වේළුවනයෙහි වසන සේක යන ආදී සූත්රාන්තවල මෙන් එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නගරය අසල නිග්‍රෝධාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් බුද්ධවංසය විචාළහයි මේ ආදි නයින් නිදානය නොකියා කුමක් හෙයින් “ලෝකාධිපති සහම්පති බ්‍රහ්මයා ද ඇඳිලිබැඳ බුදුරජාණන් වහන්සේට ආයාචනා කළේයයි ආදි නයින් නිදානය කියන ලද්දේද? යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ධර්මදේශනාවලට කාරණ වූ බඹහුගේ ධර්මදේශනා ආයාචනය දැක්වීම පිණිස කියන ලදි.
“කදායං ධම්මදෙසනත්ථං, අජ්ඣිට්ඨො බ්රහ්මුනා ජිනො; කදා කත්ථ ච කෙනායං, ගාථා හි සමුදීරිතා”ති.
කවරදා මේ ධර්මදේශනාව සඳහා බඹහු විසින් ජිනයන් වහන්සේට ආරාධනා කරන ලදද? කවදා කොහිදී කවුරුන් විසින් මේ ගාථාව කියන ලදද?
වුච්චතෙ – බුද්ධභූතස්ස පන භගවතො අට්ඨමෙ සත්තාහෙ සත්ථා ධම්මදෙසනත්ථාය බ්රහ්මුනා අජ්ඣිට්ඨො ආයාචිතො. තත්රායං අනුපුබ්බිකථා – මහාපුරිසො කිර කතාභිනීහාරො මහාභිනික්ඛමනදිවසෙ විවටපාකටබීභච්ඡසයනාසනචෙටිකා නාටකිත්ථියො දිස්වා අතීව සංවිග්ගහදයො පටෙකදෙසාවච්ඡන්නං ඡන්නං ආමන්තෙත්වා – “අරිනරවරමන්ථකං කණ්ඩකං නාම තුරඞ්ගවරමාහරා”ති කණ්ඩකං ආහරාපෙත්වා ඡන්නසහායො වරතුරඞ්ගමාරුය්හ නගරද්වාරෙ අධිවත්ථාය දෙවතාය නගරද්වාරෙ විවටෙ නගරතො නික්ඛමිත්වා තීණි රජ්ජානි තෙන රත්තාවසෙසෙන අතික්කමිත්වා අනොමසත්තො අනොමාය නාම නදියා තීරෙ ඨත්වා ඡන්නමෙවමාහ – “ඡන්න, ත්වං මම ඉමානි අඤ්ඤෙහි අසාධාරණානි ආභරණානි කණ්ඩකඤ්ච වරතුරඞ්ගමාදාය කපිලපුරං ගච්ඡාහී”ති ඡන්නං විස්සජ්ජෙත්වා අසිතොරගනීලුප්පලසදිසෙනාසිනා සකෙසමකුටං ඡින්දිත්වා ආකාසෙ උක්ඛිපිත්වා දෙවදත්තියං පත්තචීවරං ගහෙත්වා සයමෙව පබ්බජිත්වා අනුපුබ්බෙන චාරිකං චරමානො අනිලබලසමුද්ධුතතරඞ්ගභඞ්ගං අසඞ්ගං ගඞ්ගං නදිං උත්තරිත්වා මණිගණරංසිජාලවිජ්ජොතිතරාජගහං රාජගහං නාම නගරං පවිසිත්වා තත්ථ ඉස්සරියමදමත්තං ජනං පරිහාසෙන්තො විය ච උද්ධතවෙසස්ස ජනස්ස ලජ්ජමුප්පාදයමානො විය ච වයකන්තීහි නාගරජනහදයානි අත්තනි බන්ධන්තො විය ච ද්වතිංසවරමහාපුරිසලක්ඛණවිරාජිතාය රූපසිරියා සබ්බජනනයනානි විලුම්පමානො විය ච රූපීපාදසඤ්චරො පුඤ්ඤසඤ්චයො විය ච පබ්බතො විය ච ගමනෙන නිස්සඞ්ගො සන්තින්ද්රියො සන්තමානසො යුගමත්තං පෙක්ඛමානො රාජගහං පිණ්ඩාය චරිත්වා යාපනමත්තං භත්තං ගහෙත්වා නගරතො නික්ඛමිත්වා පණ්ඩවපබ්බතපස්සෙ ඡායූදකසම්පන්නෙ සුචිභූමිභාගෙ පරමරමණීයෙ පවිවිත්තෙ ඔකාසෙ නිසීදිත්වා පටිසඞ්ඛානබලෙන මිස්සකභත්තං පරිභුඤ්ජිත්වා පණ්ඩවගිරානුසාරෙන බිම්බිසාරෙන මගධමහාරාජෙන මහාපුරිසස්ස සන්තිකං ගන්ත්වා නාමගොත්තං පුච්ඡිත්වා තෙන පමුදිතහදයෙන “මම රජ්ජභාගං ගණ්හාහී”ති රජ්ජෙන නිමන්තියමානො – “අලං, මහාරාජ, න මය්හං රජ්ජෙනත්ථො අහං රජ්ජං පහාය ලොකහිතත්ථාය පධානමනුයුඤ්ජිත්වා ලොකෙ විවටච්ඡදො බුද්ධො භවිස්සාමීති නික්ඛන්තො”ති වත්වා තෙන ච “බුද්ධො හුත්වා සබ්බපඨමං මම විජිතං ඔසරෙය්යාථා”ති වුත්තො ‘සාධූ’ති තස්ස පටිඤ්ඤං දත්වා ආළාරඤ්ච උදකඤ්ච උපසඞ්කමිත්වා තෙසං ධම්මදෙසනාය සාරං අවින්දන්තො තතො පක්කමිත්වා උරුවෙලායං ඡබ්බස්සානි දුක්කරකාරිකං කරොන්තොපි අමතං අධිගන්තුං අසක්කොන්තො ඔළාරිකාහාරපටිසෙවනෙන සරීරං සන්තප්පෙසි.
කියනු ලැබේ. බුදුවූ භාග්‍යවතුන් වහන්සේට අටවන සතියෙහි දහම් දෙසීම පිණිස බඹහු විසින් ආරාධනා කරන ලදි. ආයාචනා කරන ලදි. මේ එහි පිළිවෙළ කථාවයි. කරන ලද අභිනීහාර ඇති මහාපුරුෂයාණෝ මහබිනික්මන් දිනයෙහි විවෘත ප්‍රකට පිළිකුල් සහගත නිදන තරුණ නළඟනන් දැක අතිශයින්ම සංවේගයට පත් හදින් වෙනම තැනක රැඳී සිටි ඡන්න අමතා සතුරු රජුන් මථනය කරන කන්ථක නම් උතුම් අසු ගෙනෙවයි ගෙන්වාගෙන ඡන්න සමගින් වරතුරඟු පිට නැගී නුවර දොර අධිගෘහිත දේවතාවා විසින් නුවර දොර විවර කළ කල්හි නුවරින් නික්ම එම රාත්‍රියෙහිම තුන් රජයක් පසුකොට උතුම් සත්වයාණෝ අනෝමා නම් ගංතෙර සිට ඡන්නට මෙසේ කීහ. ඡන්නය, තෙපි මාගේ මේ අන්‍යයන් විසින් නොදැරිය හැකි අබරණ ද කන්ථක වරතුරඟු ද ගෙන කපිලපුරයට යව් කියායි. ඡන්න පිටත්කොට කාලසර්ප නීලොත්පල වන් අසිපතින් කෙහෙ සහිත මෞලිය සිඳ අහසට දමා දෙවියන් දුන් පාසිවුරු ගෙන තෙමේම පැවිදිව පිළිවෙළින් චාරිකාවෙහි යෙදෙමින් වාත වේගයෙන් උඩනැගෙන රළබිඳුම් ඇති නො ඇලෙන ගංගා නදිය තරණය කොට මිණිගණරස්දැලින් දිදුලන රජගෙවලින් යුත් රජගහ නුවරට පිවිස එහි ඉසුරුමදමත් ජනයාට නිගාදෙමින් මෙන් උඩඟු ජනයාට ලජ්ජා උපදවමින් මෙන්ද රස්දහරින් නුවර දන හට තමන් වෙත බැඳගන්නාක් මෙන්ද දෙතිස් මහපුරිස් ලකුණින් බබළන රූසිරින් සියලු දනනුවන් කළඹන්නාක් මෙන්ද රූපී ඇවිදිනා පින්පිඬක් මෙන් අහස නොගැටෙන පර්වතයක් මෙන් ද ශාන්ත ඉඳුරන් ඇතිව ශාන්ත මනසින් වියදඬු පමණ දුර බලමින් රජගහ නුවර පිණ්ඩපාතයෙහි හැසිර යැපෙන පමණ අහර ගෙන නුවරින් නික්ම පණ්ඩව පව් පසෙක සෙවණ පැන් ඇති මහා බිම්කඩෙක පරම රමණීය විවේක ස්ථානයක හිඳ පස්විකුම් බෙලෙන් මිශ්‍ර බත් වළඳා මන්දාරගිර මෙන් සාර නරසාර බිම්බිසාර මගධ මහරජු මහාපුරුෂයන් කරා ගොස් නම්ගොත් විමසා එයින් පුබුදින සිතින් මාගේ රාජ්‍යයෙන් කොටසක් ගනු මැනවැයි රාජ්‍යයෙන් ආරාධනා කරද්දී මහරජ, මට රාජ්‍යයෙන් කම් නැත. මම රාජ්‍යය අත්හැර ලෝකාභිතාර්ථය සඳහා ප්‍රධන් වීර්යයෙහි යෙදී ලොව කෙලෙස් පහකොට බුදුවන්නෙමි’යි කියා නික්මුණෙමියි පවසා, එසේ නම් බුදුව හැමට පළමු මාගේ විජිතයට වැඩිය මැනවැයි කී කල්හි මැනවැයි ඔහුට ප්‍රතිඥා දී ආළාර වෙත ද, උද්දක වෙත ද පැමිණ ඔවුන්ගේ ධර්ම දේශනාවල හරයක් නොදැක එතැනින් නික්ම උරුවේලාවෙහි සමසක් දුෂ්කරක්‍රියා කොටත් නිවන් අවබෝධ කළ නොහැකිව ඔළාරික අහර ගැනීමෙන් සිරුර සැතැප්වූහ.
තදා පන උරුවෙලායං සෙනානිගමෙ සෙනානිගමකුටුම්බිකස්ස ධීතා සුජාතා නාම දාරිකා වයප්පත්තා එකස්මිං නිග්රොධරුක්ඛෙ පත්ථනමකාසි – “සචාහං සමජාතිකං කුලඝරං ගන්ත්වා පඨමගබ්භෙ පුත්තං ලභිස්සාමි, බලිකම්මං කරිස්සාමී”ති. තස්සා සා පත්ථනා සමිජ්ඣි. සා වෙසාඛපුණ්ණමදිවසෙ “අජ්ජ බලිකම්මං කරිස්සාමී”ති පාතොව පායාසං අනායාසං පරමමධුරං සම්පටිපාදෙසි. බොධිසත්තොපි තදහෙව කතසරීරපටිජග්ගනො භික්ඛාචාරකාලං ආගමයමානො පාතොව ගන්ත්වා තස්මිං නිග්රොධරුක්ඛමූලෙ නිසීදි. අථ ඛො පුණ්ණා නාම දාසී තස්සා ධාතී රුක්ඛමූලසොධනත්ථාය ගතා බොධිසත්තං පාචීනලොකධාතුං ඔලොකයමානං නිසින්නං සඤ්ඣාප්පභානුරඤ්ජිතවරකනකගිරිසිඛරසදිසසරීරසොභං තිමිරනිකරනිධානකරං කමලවනවිකසනකරං ඝනවිවරමුපගතං දිවසකරමිව තරුවරමුපගතං මුනිදිවසකරමද්දස. සරීරතො චස්ස නික්ඛන්තාහි පභාහි සකලඤ්ච තං රුක්ඛං සුවණ්ණවණ්ණං දිස්වා තස්සා එතදහොසි – “අජ්ජ අම්හාකං දෙවතා රුක්ඛතො ඔරුය්හ සහත්ථෙනෙව බලිං පටිග්ගහෙතුකාමා හුත්වා නිසින්නා”ති. සා වෙගෙන ගන්ත්වා සුජාතාය එතමත්ථං ආරොචෙසි.
එකල වනාහි උරුවෙලාවෙහි සේනානි ග්‍රාමයෙහි සේනානි කෙළෙඹි දූ සුජාතා දැරිය වියපත්ව එක් නුග රුකෙක්හි ප්‍රාර්ථනයක් කළාය. ඉදින් මම සමජාතික කුලගෙයකට ගොස් පළමුගැබ පුතකු ලදිම් නම් බිලියම් කරමි කියායි. ඇගේ එම පැතුම ඉටුවිය. ඕතොමෝ වෙසක් පුන්පොහෝ දින අද බිලියම් කරමියි පාන්දරම අනායාස පරමමධුර පායාසය පිළියෙළ කළාය. බෝසත්හුද එදිනම සිරුරු පිළිදැඟුම් කොට පිණ්ඩපාත වේලාව අපේක්ෂාවෙන් පාන්දරම ගොස් ඒ නුගරුකමුල හුන්හ. ඉක්බිති ඇගේ කිරිමව පුණ්ණා නම් දස්ස ගසමුල පිරිසිදු කිරීමට ගොස් නැගෙනහිර දිශාව බලා වැඩහුන් සන්ධ්යාකාන්ති රැඳි උතුම් රන්ගිරිකුළක් වන් ශරීර ශෝභා ඇති අඳුරුකඳ නසන පියුම්වන පොබයන මේඝ විවරගත දිව්යකරයා බඳු රුක්මුල්හි හුන් මුනිදිවාකරයන් දුටුවාය. උන්වහන්සේගේ සිරුරින් නිකුත් කාන්තියෙන් රන්වන් වූ ඒ වෘක්ෂය ද දැක ඇයට මෙසේ සිත් විය. අද අපගේ දේවතාවා ගසින් බැස සියතින්ම බලි පිළිගනු කැමතිව සිටුනේය කියාය. ඕ වහා ගොස් සුජාතාවන්ට ඒ බව කීවාය.
තතො සුජාතා සඤ්ජාතසද්ධා හුත්වා සබ්බාලඞ්කාරෙන අලඞ්කරිත්වා සතසහස්සග්ඝනිකං සුවණ්ණපාතිං පරමමධුරස්ස මධුපායාසස්ස පූරෙත්වා අපරාය සුවණ්ණපාතියා පිදහිත්වා සීසෙනාදාය නිග්රොධරුක්ඛාභිමුඛී අගමාසි. සා ගච්ඡන්තී දූරතොව තං බොධිසත්තං රුක්ඛදෙවතමිව සකලං තං රුක්ඛං සරීරප්පභාය සුවණ්ණවණ්ණං කත්වා පුඤ්ඤසඤ්චයමිව රූපවන්තං නිසින්නං දිස්වා පීතිසොමනස්සජාතා සුජාතා “රුක්ඛදෙවතා”ති සඤ්ඤාය දිට්ඨට්ඨානතො පට්ඨාය ඔනතොනතා ගන්ත්වා සීසතො තං සුවණ්ණපාතිං ඔතාරෙත්වා මහාසත්තස්ස හත්ථෙ ඨපෙත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා – “යථා මම මනොරථො නිප්ඵන්නො, එවං තුම්හාකම්පි නිප්ඵජ්ජතූ”ති වත්වා පක්කාමි.
ඉක්බිති සුජාතා හටගත් සැදැහැයෙන් සර්වාලංකාරයෙන් සැරහී ලක්ෂයක් අගනා රන්තලිය පරම මධුර මීකිරිබතින් පුරවා තවත් රන්තලියකින් වසා හිසින් ගෙන නුගරුක බලා ගියාය. යන්නා වූ ඕතොමෝ දුරදීම ඒ මුළුමහත් රුක ශරීරාලෝකයෙන් රන්වන් කරමින් රූපවත් පින්පිඬක් වන් වෘක්ෂ දේවතාවා මෙන් වැඩහුන් ඒ බෝසතුන් දැක සතුටු සොම්නස් සිතින් වෘක්ෂ දේවතාය යන හැඟීමෙන් දුටු තැන් පටන් නැමි නැමී ගොස් හිසින් රන් පාත්‍රය බහා මහසතුන් අත තබා පසඟ පිහිටුවා වැඳ මාගේ මනදොළ පිරුණු පරිද්දෙන් ඔබගේ මනදොළ ද සපිරේවායි කියා ගියාය.
අථ ඛො බොධිසත්තොපි සුවණ්ණපාතිං ගහෙත්වා නෙරඤ්ජරාය නදියා තීරං ගන්ත්වා සුප්පතිට්ඨිතස්ස නාම තිත්ථස්ස තීරෙ සුවණ්ණපාතිං ඨපෙත්වා න්හත්වා පච්චුත්තරිත්වා එකූනපඤ්ඤාසපිණ්ඩෙ කරොන්තො තං පායාසං පරිභුඤ්ජිත්වා – “සචාහං අජ්ජ බුද්ධො භවිස්සාමි, අයං සුවණ්ණපාති පටිසොතං ගච්ඡතූ”ති ඛිපි. සා පාති පටිසොතං ගන්ත්වා කාළස්ස නාම නාගරාජස්ස භවනං පවිසිත්වා තිණ්ණං බුද්ධානං ථාලකානි උක්ඛිපිත්වා තෙසං හෙට්ඨා අට්ඨාසි.
ඉක්බිති බෝසත්හු ද රන්තලිය ගෙන නේරඤ්ජරා ගංතෙරට පැමිණ සුප්රතිෂ්ඨිත නම් තොටුපළ අද්දර රන්තලිය තබා ස්නානය කොට ගොඩනැගී එකුන්පනස් පිඬක් කොට ඒ කිරිබත් වළඳා ඉඳින් අද මම බුදුවන්නෙම් නම් මේ රන්තලිය උඩුගං බලා යේවායි දැමූහ. ඒ පාත්‍රය උඩුගං බලා ගොස් කාළ නම් නාරජුගේ භවනයට පිවිස තුන් බුදුවරුන්ගේ තළි ඔසවා ඒ යටින් පිහිටියේය.
මහාසත්තො තත්ථෙව වනසණ්ඩෙ දිවාවිහාරං වීතිනාමෙත්වා සායන්හසමයෙ සොත්ථියෙන නාම තිණහාරකෙන මහාපුරිසස්ස ආකාරං ඤත්වා දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා බොධිමණ්ඩමාරුය්හ දක්ඛිණදිසාභාගෙ අට්ඨාසි. සො පන පදෙසො පදුමිනිපත්තෙ උදකබින්දු විය අකම්පිත්ථ. මහාපුරිසො – “අයං පදෙසො මම ගුණං ධාරෙතුං අසමත්ථො”ති පච්ඡිමදිසාභාගමගමාසි. සොපි තථෙව කම්පිත්ථ. පුන උත්තරදිසාභාගමගමාසි. සොපි තථෙව කම්පිත්ථ. පුන පුරත්ථිමදිසාභාගමගමාසි. තත්ථ පල්ලඞ්කප්පමාණට්ඨානං නිච්චලං අහොසි. මහාපුරිසො – “ඉදං ඨානං කිලෙසවිද්ධංසනට්ඨාන”න්ති සන්නිට්ඨානං කත්වා තානි තිණානි අග්ගෙ ගහෙත්වා චාලෙසි. තානි තූලිකග්ගෙන පරිච්ඡින්නානි විය අහෙසුං. බොධිසත්තො – “බොධිං අපත්වාව ඉමං පල්ලඞ්කං න භින්දිස්සාමී”ති චතුරඞ්ගවීරියං අධිට්ඨහිත්වා පල්ලඞ්කං ආභුජිත්වා බොධික්ඛන්ධං පිට්ඨිතො කත්වා පුරත්ථාභිමුඛො නිසීදි.
මහසත්හු එහිම වන ළැහැබ්හි දිවාවිහාර කොට සවස් කල්හි සොත්ථිය නම් තණ ගෙනයන්නකු විසින් මහසතුන්ගේ ආකාර දැන දෙන ලද අට තණමිට ගෙන බෝමැඩට නැග දකුණු දිශාභාගයෙහි සිටියහ. ඒ ප්‍රදේශය පියුම්පත දියබිඳු මෙන් කම්පා විය. බෝසත්හු මෙතැන මාගේ ගුණ දැරීමට අසමත් යයි පශ්චිම දිශාභාගයට ගියහ. එදිගද එසේම කම්පා විය. නැවත උතුරුදිශා භාගයට ගියහ. එදිගද එසේම කම්පා විය. නැවත පූර්ව දිශාභාගයට ගියහ. එහි පර්යංකය පමණ තැන් නිශ්චල විය. බෝසත්හු මේ කෙලෙසුන් සුන් කරන තැනයි සනිටුහන් කොට ඒ තණ අගින් අල්වා සෙලවූහ. ඒවා තෙලිතුඩකින් වට කළාක් වැනි විය. බෝසත්හු බෝධියට නොපැමිණ මේ පලඟ අත නොහැරිමියි චතුරංග වීර්යාධිෂ්ඨාන කොට පර්යංකගතව බෝකඳට පිට ලා නැගෙනහිර බලා වැඩහුන්හ.
තඞ්ඛණඤ්ඤෙව සබ්බලොකාභිහාරො මාරො බාහුසහස්සං මාපෙත්වා දියඩ්ඪයොජනසතිකං හිමගිරිසිඛරසදිසං ගිරිමෙඛලං නාම අරිවරවාරණං වරවාරණං අභිරුය්හ නවයොජනිකෙන ධනුඅසිඵරසුසරසත්තිසබලෙනාතිබහලෙන මාරබලෙන සම්පරිවුතො සමන්තා පබ්බතො විය අජ්ඣොත්ථරන්තො මහාසපත්තං විය මහාසත්තං සමුපාගමි. මහාපුරිසො සූරියෙ ධරන්තෙයෙව අතිතුමූලං මාරබලං විධමිත්වා විකසිතජයසුමනකුසුමසදිසස්ස චීවරස්ස උපරි පතමානෙහි රත්තපවාලඞ්කුරසදිසරුචිරදස්සනෙහි බොධිරුක්ඛඞ්කුරෙහි පීතියා විය පූජියමානො එව පඨමයාමෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණං ලභිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුඤාණං විසොධෙත්වා පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙත්වා වට්ටවිවට්ටං සම්මසන්තො අරුණොදයෙ බුද්ධො හුත්වා –
එකෙණෙහිම මුළු ලොව පැහැරගන්නා මාරයා බාහු දහසක් මවාගෙන හිමගිරිකුළ වන එක්සිය පනස් යොදුන් සතුරු ඇතුන් මඩින ගිරිමේඛලා නම් චරවාරණාරූඪව නව යොදුනෙක වූ දුනු කඩු පොරෝ හී සැත් ගත් බලවත් මහබල පිරිවරා හාත්පසින් පර්වතයක් මෙන් වසා පැතිරෙමින් මහසතුරකු මෙන් මහසතුන් වෙත පැමිණියේය. මහපුරිස්හු හිරු අවරට නොයාදීම සුවිසල් මරබල පරදවා සුපිපි දෑසමන් කුසුම් බඳු සිවුර මත පතිත රන්පබළු පැළවන් රුචිර දර්ශනීය බෝරුක් දලුයෙන් ප්‍රීතියෙන් පුදද්දී මෙන් පළමු යාමයෙහි පුබ්බේනිවාසානුස්සති ඤාණයද මැදියම දිබ්බචක්ඛු ඤාණය ද පිරිසිදු කොට අලුයම පටිච්චසමුප්පාදයෙහි ඤාණය යොදා වට්ට විවට්ය මෙනෙහි කරන සේක් අරුණෝදයෙහි බුදු වී,
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් සංසාර මන්දිරය තනන වඩුවා සොයමින් ඔහු දක්නා නුවණ නොලමින් සසර නොඑක් ජාතිවල ඔබ මොබ ඇවිද්දෙමි.
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154) –
වඩුව, මම ඔබ දිටිමි. නැවත ගෙය තැනිය නොහැකිය. ඔබගේ සියලු පරාළ බිඳින ලදි. කැණිමඬලද කඩාබිඳ දමන ලදි. සිත නිවනට පැමිණියේය. රහත්බව ලදිමි.
ඉමං උදානං උදානෙත්වා සත්තාහං විමුත්තිසුඛපටිසෙවනෙන වීතිනාමෙත්වා අට්ඨමෙ දිවසෙ සමාපත්තිතො වුට්ඨාය දෙවතානං කඞ්ඛං ඤත්වා තාසං කඞ්ඛාවිධමනත්ථං ආකාසෙ උප්පතිත්වා යමකපාටිහාරියං දස්සෙත්වා තාසං කඞ්ඛං විධමිත්වා පල්ලඞ්කතො ඊසකං පාචීනනිස්සිතෙ උත්තරදිසාභාගෙ ඨත්වා – “ඉමස්මිං වත මෙ පල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිද්ධ”න්ති චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතානං පාරමීනං ඵලාධිගමට්ඨානං පල්ලඞ්කඤ්චෙව බොධිරුක්ඛඤ්ච අනිමිසෙහි අක්ඛීහි ඔලොකයමානො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං.
යන මේ උදානය පවත්වමින් සතියක් විමුක්ති සුව විඳිමින් ගතකොට අටවන දවස්හි සමවතින් නැගී දෙවියන්ගේ සැක දැන ඔවුන්ගේ සැක නසනු පිණිස අහසට නැග යමාමහ පෙළහර දක්වා ඔවුන්ගේ සැක දුරුකොට පර්යංකයෙන් මඳක් නැගෙනහිර උතුරු දිශාභාගයෙහි සිට මාගේ මේ පර්යංකයෙහි සර්වඥතාඥාන ප්‍රතිවේධ කළෙමි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඵලය සාක්ෂාත් කළ ස්ථානයයි කියා පර්යංකයත් බෝරුකක් අනිමිස ලෝචනයෙන් බලමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය අනිමිස චෛත්‍යය නම් විය. ඉක්බිති පර්යංකයටත් සිටි තැනටත් අතර පෙර පසු දෙසින් දික් රුවන් සක්මනෙක්හි සක්මන් කරමින් සතියක් ගෙවූහ. ඒ ස්ථානය රුවන් සක්මන් චෛත්‍යය නම් විය.
අථ පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරෙ පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං. තතො පච්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං නාම මාපෙසුං, තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විසෙසතො චෙත්ථ අනන්තනයසමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං. එවං බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි; තත්ථාපි ධම්මං විචිනන්තොයෙව විමුත්තිසුඛඤ්ච පටිසංවෙදෙන්තො අජපාලනිග්රොධෙ සත්තාහං වීතිනාමෙසි.
අනතුරුව පැසුළු දික්හි දේවතාවෝ රුවන් ගෙයක් මැවූහ. එහි පර්යංකයෙන් හිඳ අභිධර්ම පිටකය විශේෂයෙන් මෙහි අනන්තනය සමන්ත පට්ඨානය විමසමින් සතියක් කල්ගෙවූහ. ඒ ස්ථානය රතනඝර චෛත්‍යය නම් විය. මෙසේ බෝධි සමීපයෙහිම සතර සතියක් ගෙවා පස්වන සතියෙහි බෝරුක සමීපයෙහි අජපාල නුගරුක වෙත එළඹියහ. එහිද ධර්මය විමසමින්ම විමුක්තිසුව විඳිමින් සතියක් ගෙවූහ. [missing trans]
එවං අපරං සත්තාහං මුචලින්දෙ නිසීදි. තස්ස නිසින්නමත්තස්සෙව භගවතො සකලචක්කවාළගබ්භං පූරෙන්තො මහාඅකාලමෙඝො උදපාදි. තස්මිං පන උප්පන්නෙ මුචලින්දො නාගරාජා චින්තෙසි – “අයං මහාමෙඝො සත්ථරි මය්හං භවනං පවිට්ඨමත්තෙ උප්පන්නො වාසාගාරමස්ස ලද්ධුං වට්ටතී”ති. සො සත්තරතනමයං දෙවවිමානසදිසං දිබ්බවිමානං නිම්මිනිතුං සමත්ථොපි එවං කතෙ – “න මය්හං මහප්ඵලං භවිස්සති, දසබලස්ස කායවෙය්යාවච්චං කරිස්සාමී”ති අතිමහන්තං අත්තභාවං කත්වා සත්ථාරං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මහන්තං ඵණං කත්වා අට්ඨාසි. අථ භගවා පරික්ඛෙපස්ස අන්තොව මහති ඔකාසෙ සබ්බරතනමයෙ පච්චග්ඝපල්ලඞ්කෙ උපරි විනිග්ගලන්තවිවිධසුරභිකුසුමදාමවිතානෙ විවිධසුරභිගන්ධවාසිතෙ ගන්ධකුටියං විහරන්තො විය විහාසි. එවං භගවා තං සත්තාහං තත්ථ වීතිනාමෙත්වා තතො අපරං සත්තාහං රාජායතනෙ නිසීදි. තත්ථාපි විමුත්තිසුඛපටිසංවෙදියෙව. එත්තාවතා සත්තසත්තාහානි පරිපුණ්ණානි අහෙසුං. එත්ථන්තරෙ භගවා ඣානසුඛෙන ඵලසුඛෙන ච වීතිනාමෙසි.
මෙසේ අනිත් සතිය මුචලින්දයෙහි වැඩහුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හිම සියලු සක්වළ ගැබ පුරන්නාක් මෙන් මහා වැස්සක් ඇති විය. එය හටගත් කල මුචලින්ද නාරජ මෙසේ සිතීය. “මේ මහවැස්ස ශාස්තෘන් වහන්සේ මාගේ ගෙට පිවිසෙත්ම ඇති විය. උන්වහන්සේට වසන ගෙයක් තිබිය යුතුය” කියයි. ඔහු දෙව්විමනක් වැනි සත්රුවන්මුවා විමනක් මැවීමට සමත් නමුත් “එසේ කිරීම මට මහත්ඵල නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට කායික වතාවත් කරන්නෙමි”යි අතිමහත් ආත්මභාවයක් කොට ශාස්තෘන්වහන්සේ සත්දරන පටකින් වටකොට මත්තෙහි මහපෙනය කොට සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වටරවුම ඇතුළත මහ අවකාශයෙහි සර්වරත්න මණ්ඩපයක් තුළ පලඟක් මත්තෙහි එල්ලෙන නානා සුවඳමල් වියන් ඇති නානා සුවඳ මල්සුවඳ පිරි ගඳකිළියක මෙන් විසූහ. මෙසේ බුදුහු ඒ සතිය එහි වැස ඉන්පසු සතිය රාජායතනයෙහි හුන්හ. එහිදු විමුක්ති සුවයම වින්දහ. මෙපමණකින් සත්සතිය සම්පූර්ණ විය. මේ අතර භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන සැපයෙන් ඵල සැපයෙන් ද කල් ගෙවූ සේක.
අථස්ස සත්තසත්තාහාතික්කමෙ – “මුඛං ධොවිස්සාමී”ති චිත්තං උප්පජ්ජි. සක්කො දෙවානමින්දො අගදහරීතකං ආහරිත්වා අදාසි. අථස්ස සක්කො නාගලතාදන්තකට්ඨඤ්ච මුඛධොවනඋදකඤ්ච අදාසි. තතො භගවා දන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තදහොදකෙන මුඛං ධොවිත්වා රාජායතනමූලෙ නිසීදි. තස්මිං සමයෙ චතූහි ලොකපාලෙහි උපනීතෙ පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ තපුස්සභල්ලිකානං වාණිජානං මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච පටිග්ගහෙත්වා පරිභුඤ්ජිත්වා පච්චාගන්ත්වා අජපාලනිග්රොධරුක්ඛමූලෙ නිසීදි. අථස්ස තත්ථ නිසින්නමත්තස්සෙව අත්තනා අධිගතස්ස ධම්මස්ස ගම්භීරභාවං පච්චවෙක්ඛන්තස්ස සබ්බබුද්ධානං ආචිණ්ණො – “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො”ති (ම· නි· 2.281; සං· නි· 1.172; මහාව· 7) පරෙසං ධම්මං අදෙසෙතුකාමතාකාරප්පත්තො පරිවිතක්කො උදපාදි.
සත්සති ගෙවීමෙන් උන්වහන්සේට මුව දොවමියි සිත් විය. සක්දෙවිඳු බෙහෙත් අරළු ගෙනවිත් පිළිගැන්වීය. ඉක්බිති ශක්‍රයා උන්වහන්සේට නාලිය දැවටි ද මුවදෝනා දිය ද පිළිගැන්වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැහැටි වළඳා අනෝතත්විල දියෙන් මුව දොවා රාජායතන මූලයෙහි හුන් සේක. එවේලෙහි සතර ලෝකපාලයන් පිරිනැමූ අගනා සෙල්මුවා පාත්‍රයෙන් තපස්සු භල්ලිකයන්ගේ අත්සුණු මීපිඬු පිළිගෙන වළඳා ආපසු පැමිණ අජපල් නුගරුක් මුල හුන්හ. එහි හුන්විටම උන්වහන්සේට තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කරත්ම සියලු බුදුවරුන්ට ආචීර්ණ “මා විසින් අවබෝධ කරන ලද මේ ධර්මය ගැඹුරුය. දැකීමට අපහසුය. අවබෝධ කිරීමට අසීරුය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් නොගත හැකිය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දතයුත්තේය” යන අනුන්ට ධර්මදේශනා නොකරන ආකාරයට පත් චිත්ත පරිවිතර්කයක් පහළවිය.
අථ බ්රහ්මා සහම්පති දසබලස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය – “නස්සති වත, භො, ලොකො, විනස්සති වත, භො, ලොකො”ති (සං· නි· 1.172; ම· නි· 1.282; මහාව· 8) වාචං නිච්ඡාරෙන්තො දසසහස්සචක්කවාළබ්රහ්මගණපරිවුතො සක්කසුයාමසන්තුසිතපරනිම්මිතවසවත්තීහි අනුගතො ආගන්ත්වා භගවතො පුරතො පාතුරහොසි. සො අත්තනො පතිට්ඨානත්ථාය පථවිං නිම්මිනිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පථවියං නිහන්ත්වා ජලජාමලාවිකලකමලමකුලසදිසං දසනඛසමොධානසමුජ්ජලමඤ්ජලිං සිරස්මිං කත්වා – “දෙසෙතු, භන්තෙ , භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති (සං· නි· 1.172; මහාව· 8) –
ඉක්බිති සහම්පති බ්‍රහ්ම සිතින් දශබලයන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැන “භවත්නි, ලොව ඒකාන්තයෙන් නැසෙයි”යි වදන් පවසමින් දසදහසක් සක්වළ බඹගණ පිරිවරා ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිතවසවර්ති ආදීන් අග්රායත කොට ගනිමින් අවුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පෙනී ගියේය. හෙතෙම තමහට සිටීමට පොළව සකසා ගෙන දකුණු දණමඬල බිම ඇන සුදිලෙන නිර්මල නිකැලැල් නෙළුම් කැකුළක් බඳු දසනඛ සමෝධානයෙන් බබළනු ඇඳිලි හිත තබා “භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා, සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා, අල්පරජස්ක වූ සත්වයෝ සිටිති. ධර්මය නොඇසීමෙන් පිරිහෙති. ධර්මය දැනගන්නෝ වෙති.” කියායි.
“පාතුරහොසි මගධෙසු පුබ්බෙ, ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො; අපාපුරෙතං අමතස්ස ද්වාරං, සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
පෙර මගධයෙහි කෙලෙස් කිළුටින් යුක්තයන් විසින් සිතන ලද අසුද්ධ ධර්මයක් පහළ විය. අමාදොර විවර කරනු මැනව. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය අසත්වා.
“සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො, යථාපි පස්සෙ ජනතං සමන්තතො; තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු; සොකාවතිණ්ණං ජනතමපෙතසොකො, අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං.
ශෛල පර්වත මුදුනක සිටියෙක් යම් සේ හාත්පස ජනතාව යම්සේ දක්නේද සමතැස් ඇති සුමේධයාණනි, එවැනි උපමා ඇති ධර්මමය ප්‍රාසාදයට නැග ජාති ජරාවෙන් මැඩුණු ජනතාව දකිනු මැනව ශෝතාවතීර්ණ ජනතාවගේ ශෝකය දුරලනු මැනව.
“උට්ඨෙහි වීර විජිතසඞ්ගාම, සත්ථවාහ අනණ විචර ලොකෙ; දෙසස්සු භගවා ධම්මං, අඤ්ඤාතාරො භවිස්සන්තී”ති. (ම· නි· 1.282; සං· නි· 1.172; මහාව· 8) –
දිනූ සංග්රාම ඇති වීරයාණනි, නැගී සිටිනු මැනව, ණය නැති සාන්තු නායකයාණනි, ලොව හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. අවබෝධ කරන්නෝ සිටිති.
“නනු තුම්හෙහි ‘බුද්ධො බොධෙය්යං තිණ්ණො තාරෙය්යං මුත්තො මොචෙය්ය’”න්ති –
ඇයි ඔබවහන්සේ “බුදුව අවබෝධ කරවන්නෙමි, සසර තරණය කොට තරණය කරවන්නෙමි. මිදී මුදවන්නෙමි”යි
“කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරයිස්සං සදෙවක”න්ති. (බු· වං· 2.55) –
මෙහි අප්‍රසිද්ධ වේශයෙන් ධර්මය සාක්ෂාත් කිරීමෙන් මට කවර ඵලයක් ද? සර්වඥ බවට පත්ව දෙවියන් සහිත ලෝකය එගොඩ කරවන්නෙමි කියා
පත්ථනං කත්වා පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුභාවං පත්තොති ච, “තුම්හෙහි ධම්මෙ අදෙසියමානෙ කො හි නාම අඤ්ඤො ධම්මං දෙසෙස්සති, කිමඤ්ඤං ලොකස්ස සරණං තාණං ලෙණං පරායන”න්ති ච එවමාදීහි අනෙකෙහි නයෙහි භගවන්තං ධම්මදෙසනත්ථං අයාචි. තෙන වුත්තං – “බුද්ධභූතස්ස පන භගවතො අට්ඨමෙ සත්තාහෙ සත්ථා ධම්මදෙසනත්ථාය බ්රහ්මුනා ආයාචිතො”ති.
ප්‍රාර්ථනා කොට සර්වඥ බවට පත්වූහයි කියාද ඔබවහන්සේ ධර්ම දේශනා නොකරත් නම් අන් කවරෙක් ධර්මය දෙසන්නේ ද ලෝකයට අන් කවර සරණක් ද? මාත්රාණයක්ද ලෙණයක්ද පරායණයක්දැයි මේ ආදී නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව පිණිස ආයාචනා කළේය. එහෙයින් කියන ලදි. බුදුවූ භාග්‍යවතුන් වහන්සේට අටවන සතියෙහි ධර්මදේශනය පිණිස බ්‍රහ්මයා විසින් අයදින ලදියි.
ඉදානි “කදා කත්ථ ච කෙනායං, ගාථා හි සමුදීරිතා”ති ඉමෙසං පඤ්හානං විස්සජ්ජනාය ඔකාසො අනුප්පත්තො. තත්ථ කදා වුත්තාති? පඨමමහාසඞ්ගීතිකාලෙ වුත්තා. පඨමමහාසඞ්ගීති නාමෙසා සඞ්ගීතික්ඛන්ධෙ (චූළව· 437) වුත්තනයෙනෙව වෙදිතබ්බා. කත්ථ කෙන වුත්තාති? භගවති කිර පරිනිබ්බුතෙ රාජගහනගරෙ වෙභාරපබ්බතපස්සෙ සත්තපණ්ණිගුහාද්වාරෙ විජිතසබ්බසත්තුනා අජාතසත්තුනා මගධමහාරාජෙන ධම්මසඞ්ගායනත්ථං කාරිතෙ පරිපුණ්ණචන්දමණ්ඩලසඞ්කාසෙ දට්ඨබ්බසාරමණ්ඩෙ මණ්ඩපෙ ධම්මාසනගතෙනායස්මතා ආනන්දත්ථෙරෙන “බ්රහ්මා ච ලොකාධිපතී”ති අයං ගාථා වුත්තාති වෙදිතබ්බා. අයමෙත්ථ ගාථාසම්බන්ධො.
දැන් කවදා කොහිදී කවුරුන් විසින් මේ ගාථා ප්‍රකාශ කරන ලදදැයි යන මේ ප්‍රශ්න විසඳීමට අවස්ථාව පැමිණියේය. එහි කවදා කියන ලදද යනු, ප්‍රථම මහාසංගීති අවස්ථාවෙහි කියන ලදි. ප්‍රථම මහාසංගීතිය නම් මෙය සංගීතිකඛන්ධකයෙහි කියන ලද පරිදි දතයුතුය. එහි කවුරුන් විසින් කියන ලදද යනු බුදුන් පිරිනිවි කල්හි රජගහ නුවර වෙහාර පර්වත පාර්ශ්වයෙහි සප්තපර්ණි ගුහා දොරටුයෙහි දිනු සියලු සතුරන් ඇති අජාතශත්‍රැ මගධ මහාරාජයා විසින් ධර්ම සංගීතය සඳහා කරවන ලද පුන්සඳ මඬල බඳු දර්ශන සාරමණ්ඩයක් වූ මණ්ඩපයෙහි ධර්මාසනගත ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් බ්රහ්මා ච ලෝකාධිපතී යන ගාථාව කියන ලදැයි දතයුතු
එත්තාවතා –
මෙපමණකින්
“කදායං ධම්මදෙසනත්ථං, අජ්ඣිට්ඨො බ්රහ්මුනා ජිනො; කදා කත්ථ ච කෙනායං, ගාථා හි සමුදීරිතා”ති. –
කදායං ධම්මදෙසනත්ථං අජ්ඣිට්ඨො බ්රහ්මුණා ජිනො කදා කත්ථ ච කෙනායං ගාථා හි සමුදීරිතා ති
අයම්පි ගාථා වුත්තත්ථා හොති. එවං ඉමිනා සම්බන්ධෙන වුත්තාය පනස්සා අනුත්තානපදවණ්ණනං කරිස්සාම.
යන මේ ගාථාව ද කියන ලද අර්ථ ඇත්තේ වෙයි. මෙසේ මේ සම්බන්ධයෙන් කියන ලද ඒ ගාථාවේ නොදක්වන ලද පද වර්ණනාව කරමි.
තත්ථ බ්‍රහ්මාති බ්රූහිතො තෙහි තෙහි ගුණවිසෙසෙහීති බ්රහ්මා. අයං පන බ්‍රහ්ම-සද්දො මහාබ්රහ්මබ්රාහ්මණතථාගතමාතාපිතුසෙට්ඨාදීසු දිස්සති. තථා හි “ද්විසහස්සො බ්රහ්මා”තිආදීසු (ම· නි· 3.166) මහාබ්රහ්මාති අධිප්පෙතො.
එහි බ්රහ්මා යනු ඒ ඒ ගුණ විශේෂයන්ගෙන් කියන ලද්දේනුයි බ්රහ්මා නමි. මේ බ්‍රහ්ම ශබ්දය වනාහි මහාබ්‍රහ්ම, බ්‍රාහ්මණ තථාගත මවුපිය ශ්‍රේෂ්ඨ ආදියෙහි දක්නට ලැබේ. එසේමැයි, සහස්සො බ්රහ්මා යන ආදියෙහි මහාබ්‍රහ්ම තෙම බ්‍රහ්ම යන්නෙන් අභිප්‍රේතය.
“තමොනුදො බුද්ධො සමන්තචක්ඛු, ලොකන්තගූ සබ්බභවාතිවත්තො; අනාසවො සබ්බදුක්ඛප්පහීනො, සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ”ති. (සු· නි· 1139) –
තමො නුදො බුද්ධො සමන්තචක්ඛු ලොකනතගු සබ්බභවාතිවත්තො අනාසවො සබ්බ දුක්ඛප්පහීනො සච්චවහයො බ්රහ්මෙ උපාසිකො මෙති
එත්ථ බ්රාහ්මණො. “බ්‍රහ්මාති ඛො, භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචන”න්ති එත්ථ තථාගතො. “බ්‍රහ්මාති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ”ති (අ· නි· 3.31; 4.63; ඉතිවු· 106; ජා· 2.20.181) එත්ථ මාතාපිතරො. “බ්රහ්මචක්කං පවත්තෙතී”ති (ම· නි· 1.148; සං· නි· 2.21; අ· නි· 4.8; 5.11; පටි· ම· 2.44) එත්ථ සෙට්ඨො අධිප්පෙතො. ඉධ පන පඨමජ්ඣානං පණීතං භාවෙත්වා පඨමජ්ඣානභූමියං නිබ්බත්තො කප්පායුකො මහාබ්රහ්මා අධිප්පෙතො (ම· නි· අට්ඨ· 1.3). ච-සද්දො සම්පිණ්ඩනත්ථො, බ්රහ්මා ච අඤ්ඤෙ ච දසසු චක්කවාළසහස්සෙසු බ්රහ්මානො චාති අත්ථො, පදපූරණමත්තො වා. ලොකාධිපතීති එත්ථ ලොකොති සඞ්ඛාරලොකො සත්තලොකො ඔකාසලොකොති තයො ලොකා. තෙසු ඉධ සත්තලොකො අධිප්පෙතො. තස්ස ඉස්සරො අධිපතීති ලොකාධිපති, ලොකෙකදෙසස්සාපි අධිපති ලොකාධිපතීති වුච්චති දෙවාධිපති නරාධිපති විය.
මෙහි බ්‍රාහ්මණ යන්නෙහිය. බ්‍රහ්මාති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවාචනං යි මෙහි තථාගතයන් කෙරෙහිය. බ්‍රහ්මාති මාතාපිතරො පබ්බාචරියාති වුච්චරෙ යි මෙහි මවුපියන් කෙරෙහිය. බ්රහ්මචක්කං පචත්තෙති යි මෙහි ශ්රේෂ්ඨාර්ථයෙහි අභිප්‍රේතය. මෙහි වනාහි ප්‍රථම ධ්‍යානය ප්රණීතව වඩා ප්‍රථම ධ්‍යාන භූමියෙහි උපන් කල්පායුෂ්ක මහාබ්‍රහ්මය අභිප්‍රේතය. ච ශබ්දය සම්පිණ්ඩනාර්ථයි. බ්‍රහ්මයා ද අනිකුත් දසදහසක් සක්වළ බ්‍රහ්මයෝ ද යන අර්ථයි. පද පූර්ණ මාත්‍රය හෝ වෙයි. ලෝකාධිපතී යනු, මෙහි ලොකො යනු සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකයයි ලෝක තුනකි. එයින් මෙහි සත්ව ලෝකය අභිප්‍රේතය. එහි ඊශ්වර අධිපතිනුයි ලෝකාධිපතිය. ලෝකයෙහි කොටසක අධිපති වුවත් ලෝකාධිපති නමි. දේවාධිපති නරාධිපති මෙනි.
සහම්පතීති සො කිර කස්සපස්ස භගවතො සාසනෙ සහකො නාම ථෙරො පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො ජීවිතපරියොසානෙ පඨමජ්ඣානභූමියං කප්පායුකමහාබ්රහ්මා හුත්වා නිබ්බත්තො, තත්ර පන නං “සහම්පති බ්රහ්මා”ති සඤ්ජානන්ති. “සහකපතී”ති වත්තබ්බෙ අනුස්සරාගමං කත්වා රුළ්හීවසෙන “සහම්පතී”ති වදන්ති. කතඤ්ජලීති කතඤ්ජලිකො, අඤ්ජලිපුටං සිරසි කත්වාති අත්ථො. අනධිවරන්ති අච්චන්තවරො අධිවරො නාස්ස අත්ථීති අනධිවරො, න තතො අධිකො වරො අත්ථීති වා අනධිවරො, අනුත්තරොති අත්ථො, තං අනධිවරං. අයාචථාති අයාචිත්ථ අජ්ඣෙසි.
සහම්පති යනු, හෙතෙම වනාහි කාශ්‍යප බුද්ධශාසනයෙහි සහක නම් තෙර කෙනෙකි. පළමු දැහැන උපදවා නොපිරිහුණු දැහැනින් දිවි කෙළවර ප්‍රථම ධ්‍යාන භූමියෙහි කල්පායුෂ්ක මහාබ්‍රහ්ම වී උපන්නේය. එහි වනාහි ඔහු සහම්පති බ්‍රහ්මයායි හඳුනති. සහකපතීයි කිවයුතු තැන අනුස්වාරාගමය කොට රූඪී වශයෙන් සහම්පතීයි කියති. කතඤ්ජලී යනු; කරන ලද ඇඳිලි ඇත්තේ, ඇඳිලි පුටය හිසෙහි කොට යන අර්ථයි. අනධිවරං යනු; අත්‍යන්තයෙන් ශ්‍රේෂ්ඨයා. ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත්තේයි අනධිවරයි. ඉන් අධික ශ්‍රේෂ්ඨයෙක් නැත්තේනුයි හෝ අනධිවරයි. අනුත්තර යන අර්ථයි. ඒ අනධිවරයන් අයාචථා යනු: ආයාචනා කළේය. ආරාධනා කළේය.
ඉදානි යස්සත්ථාය සො භගවන්තං අයාචි, තමත්ථං දස්සෙතුං “සන්තීධ සත්තා”තිආදි වුත්තං. තත්ථ සන්තීති සංවිජ්ජන්ති උපලබ්භන්ති, බුද්ධචක්ඛුස්ස ආපාථං ආගච්ඡන්තා අත්ථීති අත්ථො. ඉධාති අයං දෙසාපදෙසෙ නිපාතො . ස්වායං කත්ථචි සාසනං උපාදාය වුච්චති. යථාහ – “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී”ති (ම· නි· 1.139; දී· නි· 2.214; අ· නි· 4.241). කත්ථචි ඔකාසං, යථාහ –
දැන් යමක් සඳහා හෙතෙම භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේද ඒ අර්ථය දැක්වීමට “සන්තීධ සත්තා” ආදිය කියන ලදි. එහි සන්ති යනු විද්‍යාමාන වෙති. ලැබෙති. බුදු ඇසට යොමුවන්නෝ සිටිති යන අර්ථයි. ඉධ යනු; දේශය දැක්වීමේ නිපාතයි. එය කිසිතැනෙක සසුන සඳහා කියැවේ. මෙසේය - “ඉධෙව භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො ඉධ තතියො සමණො ඉධ චතුත්ථො සමණො සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ යි.” කිසි තැනෙක්හි අවකාශයෙහි, කියන ලදී -
“ඉධෙව තිට්ඨමානස්ස, දෙවභූතස්ස මෙ සතො; පුනරායු ච මෙ ලද්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369) –
ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සකො පුනරායු ච මෙ ලද්ධො එවං ජානාහිමාරිස යි.
කත්ථචි පදපූරණමත්තමෙව හොති. යථාහ – “ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො”ති (ම· නි· 1.30). කත්ථචි ලොකං උපාදාය, යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛායා”ති (අ· නි· 1.170). ඉධාපි ලොකමෙව උපාදාය වුත්තොති වෙදිතබ්බො. තස්මා ඉමස්මිං සත්තලොකෙති අත්ථො. සත්තාති රූපාදීසු ඛන්ධෙසු ඡන්දරාගෙන සත්තා විසත්තා ආසත්තා ලග්ගා ලගිතාති සත්තා, සත්තාති පාණිනො වුච්චන්ති. රුළ්හීසද්දෙන පන වීතරාගෙසුපි අයං වොහාරො වත්තතියෙව.
කිසිතැනෙක පද පූරණියෙහි පමණක් වෙයි කියන ලදි. ඉධාහං භික්ඛවෙ භූත්තාවී අස්සං පවාරිතො යි. කිසි තැනෙක ලෝකය සඳහාය. කියන ලදි ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය කියායි. මෙහිදී ද ලෝකය සඳහාම කියන ලදැයි දතයුතු. එබැවින් මේ සත්ව ලෝකයෙහි යන අර්ථයි. සත්තා යනු; රූපාදි ස්කන්ධයන්හි ඡන්දරාගයෙන් ඇලුණාහු. විශේෂයෙන් ඇලුණාහු ආසක්ත වූවාහු ලග්න වූවාහු බැඳුණාහු පැමිණියාහු සම්ප්‍රාප්ත වූවාහු. ප්‍රාණීහු කියති රූඪී ශබ්දයෙන් වනාහි වීතරාගීන් කෙරෙහි ද මේ ව්‍යවහාරය පවත්නේය.
අප්පරජක්ඛජාතිකාති පඤ්ඤාමයෙ අක්ඛිම්හි අප්පං පරිත්තං රාගදොසමොහරජං එතෙසං එවංසභාවා ච තෙති අප්පරජක්ඛජාතිකා, අප්පං රාගාදිරජමෙව වා යෙසං තෙ අප්පරජක්ඛා, තෙ අප්පරජක්ඛසභාවා අප්පරජක්ඛජාතිකාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. තෙසං අප්පරජක්ඛජාතිකානං. “සත්තාන”න්ති විභත්තිවිපරිණාමං කත්වා – “දෙසෙහි ධම්ම”න්ති ඉමිනා සම්බන්ධං කත්වා අත්ථො දට්ඨබ්බො. දෙසෙහීති ආයාචනවචනමෙතං, දෙසෙහි කථෙහි උපදිසාති අත්ථො. ධම්මන්ති එත්ථ අයං ධම්ම-සද්දො පරියත්තිසමාධිපඤ්ඤාපකතිසභාවසුඤ්ඤතාපුඤ්ඤආපත්තිඤෙය්යචතුසච්චධම්මාදීසු දිස්සති. තථා හි – “ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං…පෙ… වෙදල්ල”න්තිආදීසු (ම· නි· 1.239; අ· නි· 4.102) පරියත්තියං දිස්සති. “එවංධම්මා තෙ භගවන්තො අහෙසු”න්තිආදීසු සමාධිම්හි.
අප්පරජක්ඛජාතිකා යනු: ප්‍රඥාමය ඇසෙහි අල්ප මඳ රාග දෝස මෝහ රජස් ඇත්තේය. මෙබඳු ස්වභාව ඇති ඔවුහු අප්පරක්ඛජාතික වෙති. අල්ප වූ රාගාදි රජස් ඇත්තේ යමෙක් හට ද ඔවුහු අල්ප රජස්කයෝය. අල්ප රජස්ක ස්වභාව ඇත්තෝ අල්ප රජස්ක ජාතිකයෝය. ඒ අල්පරජස්ක ජාතිකයන්ට, සත්වයන්ට විභක්ත විපරිණාම කොට දෙසෙහි ධම්මං කියා මේ හා සම්බන්ධ කොට අර්ථය ගතයුතුය. දෙසෙහි යනු: මෙය ආයාචනා වචනයි. දෙසනු මැනව. කියනු මැනව. දක්වනු මැනව යන අර්ථයි. ධම්මං යනු; මෙහි මේ ධම්ම ශබ්දය පර්යාප්ති සමාධි ප්‍රඥා ප්‍රකෘති ස්වභාව ශුන්‍යතා පුණ්‍ය ආපත්ති ඤෙය්‍ය චතුස්සත්‍ය ධර්මාදියෙහි දක්නා ලැබේ. එසේමැයි - “ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං චෙය්යාකරණං -පෙ- වෙදල්ලන්ති” ආදියෙහි පර්යාප්තියෙහි දක්නා ලැබේ. එවං ධම්මා තෙ භගවන්තො අහෙසුං යනාදියෙහි සමාධියෙහිය.
“යස්සෙතෙ චතුරො ධම්මා, වානරින්ද යථා තව; සච්චං ධම්මො ධිති චාගො, දිට්ඨං සො අතිවත්තතී”ති. –
යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථාතව සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතීවත්තතී
ආදීසු (ජා· 1.2.147) පඤ්ඤාය. “ජාතිධම්මා ජරාධම්මා, අථො මරණධම්මිනො”තිආදීසු (අ· නි· 3.39) පකතියං. “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්යාකතා ධම්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා) සභාවෙ. “තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්තී”තිආදීසු (ධ· ස· 121) සුඤ්ඤතායං. “ධම්මො සුචිණ්ණො සුඛමාවහාතී”තිආදීසු (සු· නි· 184; ථෙරගා· 303; ජා· 1.10.102; 1.15.385) පුඤ්ඤෙ. “ද්වෙ අනියතා ධම්මා”තිආදීසු ආපත්තියං. “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්තී”තිආදීසු (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) ඤෙය්යෙ. “දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො”තිආදීසු (දී· නි· 1.299; මහාව· 27, 57) චතුසච්චධම්මෙ. ඉධාපි චතුසච්චධම්මෙ දට්ඨබ්බො (ම· නි· අට්ඨ· 1.සුත්තනික්ඛෙපවණ්ණනා; ධ· ස· අට්ඨ· චිත්තුප්පාදකණ්ඩ 1). අනුකම්පාති අනුකම්පං අනුද්දයං කරොහි. ඉමන්ති පජං නිද්දිසන්තො ආහ. පජන්ති පජාතත්තා පජා, තං පජං, සත්තනිකායං සංසාරදුක්ඛතො මොචෙහීති අධිප්පායො. කෙචි පන –
ආදියෙහි ප්රඥායෙහිය. ජාති ධම්මා ජරාධම්මා අථො මරණධම්මිනො ආදියෙහි ස්වභාවයෙහිය. [missing trans] තස්මිං ඛොපනං සමයෙ ධම්මා හොන්ති ආදියෙහි ශුන්යතාවෙහිය. ධම්මො සුචිණ්ණො සුඛමාවහාති ආදියෙහි පිනෙහිය. දෙව අනියතා ධම්මා ආදියෙහි ආපත්තියෙහිය. සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණපථෙ ආපාථං ආගන්ති ආදියෙහි [missing trans] චතුරාර්ය සත්‍ය ධර්මයෙහිය. මෙහිද චතුරාර්ය ධර්මයයි දතයුතු. අනුකම්පා යනු අනුකම්පාව අනුද්දයාව කරනු මැනව. ඉමං යනු: ප්‍රජාව දක්වමින් කීය. පජං යනු: ප්රජානත්වයෙන් පජා නමි. ඒ ප්‍රජාව-සත්ව වර්ගයා සසර දුකින් මුදවනු මැනව යන අභිප්‍රායයි. සමහරු වනාහි-
“භගවාති ලොකාධිපතී නරුත්තමො, කතඤ්ජලී බ්රහ්මගණෙහි යාචිතො”ති. –
භගවාති ලොකාධිපතී නරුත්තමො කතඤ්ජලී බ්රහ්මගණෙහි යාචිතො
පඨන්ති. එත්තාවතා සබ්බසො අයං ගාථා වුත්තත්ථා හොති.
කියා හදාරති. මෙපමණකින් සර්වප්රකාරයෙන් මේ ගාථාව කියන ලද අර්ථ ඇත්තේ වෙයි.
අථ භගවතො තං බ්රහ්මුනො සහම්පතිස්ස ආයාචනවචනං සුත්වා අපරිමිතසමයසමුදිතකරුණාබලස්ස දසබලස්ස පරහිතකරණනිපුණමතිචාරස්ස සබ්බසත්තෙසු ඔකාසකරණමත්තෙන මහාකරුණා උදපාදි. තං පන භගවතො කරුණුප්පත්තිං දස්සෙන්තෙහි සඞ්ගීතිකාලෙ සඞ්ගීතිකාරකෙහි –
ඉක්බිති සහම්පති බඹහුගේ ඒ ආයාචනා වචනය අසා අපමණ කල්හි හටගත් කරුණා බල යුත් දසබල වූ පරහිත සෑදීමෛහි නිපුණ ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේට සත්ත්වයන් විෂයෙහි ඉඩ සලසා දීම් වශයෙන් මහා කරුණාව පහළ විය. භාග්‍යවතුන් වහන්සේගේ කරුණා ඉපදවීම දක්වන සංගීතිකාරකයන් විසින් සංගායනා අවස්ථාවෙහි-
“සම්පන්නවිජ්ජාචරණස්ස තාදිනො, ජුතින්ධරස්සන්තිමදෙහධාරිනො; තථාගතස්සප්පටිපුග්ගලස්ස, උප්පජ්ජි කාරුඤ්ඤතා සබ්බසත්තෙ”ති. –
විද්‍යාවෙන් හා චරණයෙන් යුත් තාදිගුණ ඇති ප්‍රභාසම්පන්න අන්තිම දේහධාරි වූ අප්‍රතිපුද්ගල වූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්වයන් වෙත මහාකරුණාව ඇතිවිය.
අයං ගාථා ඨපිතා.
යන ගාථාව තබන ලදි.
තත්ථ සම්පන්නවිජ්ජාචරණස්සාති සම්පන්නං නාම තිවිධං පරිපුණ්ණසමඞ්ගිමධුරවසෙන. තත්ථ –
එහි සම්පන්න විජ්ජාචරණස්ස යනු; සම්පන්නතාව නම් ත්‍රිවිධය. පූර්ණ, සාමග්රි, මධුර වශයෙනි. එහි-
“සම්පන්නං සාලිකෙදාරං, සුවා භුඤ්ජන්ති කොසිය; පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නං වාරෙතුමුස්සහෙ”ති. (ජා· 1.14.1) –
සම්පන්නං සාලිකෙදාරං සුවා භුඤ්ජන්ති කොසිය පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නං වාරෙතුමුස්සහෙ
ඉදං පරිපුණ්ණසම්පන්නං නාම. “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතො”ති (විභ· 511) ඉදං සමඞ්ගිසම්පන්නං නාම. “ඉමිස්සා, භන්තෙ, මහාපථවියා හෙට්ඨිමතලං සම්පන්නං, සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං, එවමස්සාද”න්ති (පාරා· 18) ඉදං මධුරසම්පන්නං නාම. ඉධ පරිපුණ්ණසම්පන්නම්පි සමඞ්ගිසම්පන්නම්පි යුජ්ජති (ම· නි· අට්ඨ· 1.64). විජ්ජාති පටිපක්ඛධම්මෙ විජ්ඣනට්ඨෙන විදිතකරණට්ඨෙන වින්දිතබ්බට්ඨෙන ච විජ්ජා. තා පන තිස්සොපි විජ්ජා අට්ඨපි විජ්ජා. තිස්සො විජ්ජා භයභෙරවසුත්තෙ (ම· නි· 1.50 ආදයො) ආගතනයෙනෙව වෙදිතබ්බා, අට්ඨ අම්බට්ඨසුත්තෙ (දී· නි· 1.278 ආදයො). තත්ර හි විපස්සනාඤාණෙන මනොමයිද්ධියා ච සහ ඡ අභිඤ්ඤා පරිග්ගහෙත්වා අට්ඨ විජ්ජා වුත්තා. චරණන්ති සීලසංවරො ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සද්ධා හිරී ඔත්තප්පං බාහුසච්චං ආරද්ධවීරියතා උපට්ඨිතස්සතිතා පඤ්ඤාසම්පන්නතා චත්තාරි රූපාවචරජ්ඣානානීති ඉමෙ පන්නරස ධම්මා වෙදිතබ්බා. ඉමෙයෙව හි පන්නරස ධම්මා යස්මා එතෙහි චරති අරියසාවකො ගච්ඡති අමතං දිසං, තස්මා “චරණ”න්ති වුත්තා. යථාහ – “ඉධ, මහානාම, අරියසාවකො සීලවා හොතී”ති (ම· නි· 2.24) සබ්බං මජ්ඣිමපණ්ණාසකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. විජ්ජා ච චරණඤ්ච විජ්ජාචරණානි, සම්පන්නානි පරිපුණ්ණානි විජ්ජාචරණානි යස්ස සොයං සම්පන්නවිජ්ජාචරණො, විජ්ජාචරණෙහි සම්පන්නො සමඞ්ගීභූතො, සමන්නාගතොති වා සම්පන්නවිජ්ජාචරණො. උභයථාපි අත්ථො යුජ්ජතෙව, තස්ස සම්පන්නවිජ්ජාචරණස්ස (පාරා· අට්ඨ· 1.1 වෙරඤ්ජකණ්ඩවණ්ණනා).
පරිපුණ්ණ සම්පන්න නම් මෙයයි. ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙකො හොති සමුපෙතො සම්පන්නො සමන්නාගතො යන මෙය සමංගි සම්පන්න නමි. ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්යථාපි නාම ඛුද්දමධුං අනීලකං එවමස්සන්දං යන මෙය මධුර සම්පන්න නමි. මෙහි පරිපූර්ණ සම්පන්න බව ද සමංගි සම්පන්න බව ද යෙදේ. විජ්ජා යනු ප්රතිපක්ෂ ධර්ම විදින අර්ථයෙන් ද විඳිය යුතු අර්ථයෙන් ද විජ්ජා යි. ඒවා ත්‍රිවිද්‍යා ෂට්විද්යා අෂ්ට විද්‍යායි. සෙස්ස භයභෙරව සූත්‍රයෙහි ආ නයින්ම දතයුතු. අෂ්ටවිද්‍යා අම්බට්ඨ සූත්‍රයෙහිය. එහි වනාහි විදර්ශනා ඥානයත් මනෝමය ඍද්ධියත් සමග ෂඞ්භිඥා ගෙන අෂ්ටවිද්‍යාව කියන ලදි. චරණ යනු සීලසංවරයයි. ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇති බව, බොජුනෙහි පමණ දන්නා බව, නිදිවැරීමෙහි යෙදීම, ශ්‍රද්ධා හිරිඔත්තප්ප, බහුශ්‍රැත බව, අරඹන ලද වෙර ඇති බව, එළඹ සිටි සිහි ඇති බව, ප්රඥාසම්පන්නතාව, සතර රූපාවචර ධ්‍යාන යන මේ පසළොස් ධර්මයන් දතයුතුය. මේ පසළොස් ධර්මයන්ම යම්හෙයින් මෙයින් ආර්ය ශ්රාවකයා හැසිරෙයි. නිවන දෙසට ගමන් කරයිද එහෙයින් චරණයයි කියන ලදි. මෙසේය. ඉධ මහානාම අරිය සාවකො සීලවා හොති යයි සියල්ල මජ්ඣිම පණ්ණාසකයෙහි කී නයින් දතයුතුය. විජ්ජා ද චරණ ද විජ්ජාචරණයි. සම්පන්න වූ පරිපූර්ණ වූ විජ්ජාචරණ යමෙකුටද හෙතෙම සම්පන්නවිජ්ජාචරණයි. විජ්ජාචරණයෙන් සම්පන්න සමංගිභූත සමන්නාගත වූයේ විජ්ජාචරණ සම්පන්න නමි. දෙපරිද්දෙන්ම අර්ථය යෝග්‍ය වේමය. ඒ විජ්ජාචරණ සම්පන්න වූවහුට
තාදිනොති “ඉට්ඨෙපි තාදී අනිට්ඨෙපි තාදී”තිආදිනා නයෙන මහානිද්දෙසෙ (මහානි· 38, 192) ආගතතාදිලක්ඛණෙන තාදිනො, ඉට්ඨානිට්ඨාදීසු අවිකාරස්ස තාදිසස්සාති අත්ථො. ජුතින්ධරස්සාති ජුතිමතො, යුගන්ධරෙ සරදසමයෙ සමුදිතදිවසකරාතිරෙකතරසස්සිරිකසරීරජුතිවිසරධරස්සාති අත්ථො. “පඤ්ඤාපජ්ජොතධරස්සා”ති වා වත්තුං වට්ටති. වුත්තඤ්හෙතං –
තාදිනො යනු, ඉෂ්ටයෙහිද තාදි අනිෂ්ටයෙහිද තාදි ආදි විසින් මහානිද්දේසයෙහි ආ තාදී ලක්ෂණයෙන් තාදිනො, ඉෂ්ටානිෂ්ටාදියෙහි විකාර නුවූ එබඳු තැනැත්තහුට යන අර්ථය. ජුතින්ධරස්ස යනු; බබළන්නහුට කල්පාන්තයෙහි උදාවූ හිරුටත් වැඩි ශරීරාලෝක පතුරුවන්නහුට යන අර්ථයි, ප්‍රඥා ප්‍රදීපය දරන්නහුටද කීමටත් වටනේය. මෙය කියන ලදි-
“චත්තාරො ලොකෙ පජ්ජොතා, පඤ්චමෙත්ථ න විජ්ජති; දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා.
ලොව බබළන වස්තු සතරකි. මෙහි පස්වැන්නක් නැත. හිරු දාවල බබළයි. චන්ද්‍රයා රාත්‍රියෙහි බබළයි. ඉක්බිති ගින්න දිවාරාත්‍රි ඒ ඒ තැන බබළයි. බබළන්නවුන් අතර සම්බුදුහු ශ්‍රේෂ්ඨ වෙති. මේ අනුත්තර ආලෝකයයි.
“අථ අග්ගි දිවාරත්තිං, තත්ථ තත්ථ පභාසති; සම්බුද්ධො තපතං සෙට්ඨො, එසා ආභා අනුත්තරා”ති. (සං· නි· 1.26, 85);
තස්මා උභයථාපි සරීරපඤ්ඤාජුතිවිසරධරස්සාති අත්ථො. අන්තිමදෙහධාරිනොති සබ්බපච්ඡිමසරීරධාරිනො, අපුනබ්භවස්සාති අත්ථො.
එහෙයින් ශරීර ප්‍රඥා දෙපසින්ම ආලෝක රාශි දරන්නවුන්ට යන අර්ථයි. අන්තිම දේහධාරිනො යනු; හැමට පැසුම් දේහධාරීන් හට, පුනර්භවයක් නැත්තවුන්ට යන අර්ථයි.
තථාගතස්සාති එත්ථ අට්ඨහි කාරණෙහි භගවා “තථාගතො”ති වුච්චති. කතමෙහි අට්ඨහි? තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
තථාගතස්ස යනු; අට කරුණකින් භාග්‍යවතුන් වහන්සේ තථාගතයයි කියනු ලැබේ. කවර අටකින් ද? එසේ ආයේනුයි තථාගතයි. එසේ ගියේනුයි තථාගතයි. තථ ලක්ෂණ දත් හෙයින් තථාගතයි. තථධර්ම ඇති සැටියෙන් අවබෝධ කළ හෙයින් තථාගතයි. තථදර්ශී හෙයින් තථාගතයි. තථවාදී හෙයින් තථාගතයි. එසේ කළ හෙයින් තථාගතයි. අභිභවනාර්ථයෙන් තථාගතයි.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා යෙන අභිනීහාරෙන දානපාරමිං පූරෙත්වා සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තුපෙක්ඛාපාරමිං පූරෙත්වා ඉමා දස පාරමියො දස උපපාරමියො දස පරමත්ථපාරමියොති සමත්තිංස පාරමියො පූරෙත්වා අඞ්ගපරිච්චාගං ජීවිතපරිච්චාගං ධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා යථා විපස්සිආදයො සම්මාසම්බුද්ධා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතොති තථාගතො. යථාහ –
භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් එසේ ආසේනුයි තථාගත වෙත්ද? යම්සේ යම් අභිනීහාරයකින් දාන පාරමිතාව පුරා සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා, පාරමී පුරා මේ දසපාරමිතා, දස උපපාරමිතා, දස පරමාර්ථ පාරමිතා යන සමතිස් පැරුම් පුරා අවයව පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග, ධන රාජ්‍ය, අඹුදරු පරිත්‍යාග යන මේ පස්මහ පරිත්‍යාග කොට විපස්සි ආදි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා යම්සේ පැමිණිසේක්ද එසේ අප භාග්‍යවතුන් වහන්සේ ද පැමිණි සේකැයි තථාගත නම් වෙති කීහ.
“යථෙව ලොකම්හි විපස්සිආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති.
ලොව විපස්සි ආදී මුනිවරු බුදු බවට යම්සේ පැමිණියාහු ද එසේ මේ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ ද පැමිණියහ. එසේ හෙයින් පසැස් ඇති උන්වහන්සේ තථාගතයයි කියනු ලැබේ.
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතා විපස්සිආදයො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛා සත්තපදවීතිහාරෙන ගතා, තථා අම්හාකම්පි භගවා ගතොති තථාගතො. යථාහ –
කෙසේ නම් එසේ ගියේනුයි තථාගත නම් වෙත්ද? යම් සේ විපස්සි ආදි බුදුවරු උපන් කෙණෙහි සමපයින් පොළොවෙහි පිහිටා උතුරු දෙස බලා සත්පිය ඉක්මවමින් ගිය සේක්ද එසේ අප භාග්‍යවතුන් වහන්සේ ද ගිය සේකැයි තථාගත වෙති. කීහ-
“මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්තපදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
යම්සේ උපන් මොහොතෙහිම ගවම්පතීහු සම පාදයෙන් පොළොව ස්පර්ශ කළාහු ද එසේම ඒ ගෞතමයන් වහන්සේ සත් පියවරක් ඉක්මවූහ. දෙවියෝ සේසත දැරූහ.
“ගන්ත්වාන සො සත්තපදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයී, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති.
ඒ ගෞතමයාණෝ සත් පියවරක් ගොස් එකෙණහි හාත්පස දිශාවන් බැලූහ. පර්වත මුදුනක සිටි සිංහයකු මෙන් අටඟින් යුත් වදන් පැවසූහ.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො? සබ්බෙසං රූපාරූපධම්මානං සලක්ඛණං සාමඤ්ඤලක්ඛණඤ්ච තථං අවිතථං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුබුද්ධොති තථාගතො.
කෙසේ නම් තථ ලක්ෂණ අවබෝධ කළේනුයි තථාගත වෙත් ද? සියලු රූපාරූප ධර්මයන් ඇති සැටියෙන් ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ද තත් වූ පරිදි නොවෙනස්ව ඤාණගතියෙන් අවබෝධ කළහ. නොවරදවා අවබෝධ කළහ. අනබෝධ කළහයි තථාගත වෙති.
“සබ්බෙසං පන ධම්මානං, සකසාමඤ්ඤලක්ඛණං; තථමෙවාගතො යස්මා, තස්මා සත්ථා තථාගතො”ති.
යම්සේ සියලු ධර්මයන්ගේ ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ තථ්යචම අවබෝධ කළාහුද එහෙයින් ශාස්තෘන් වහන්සේ තථාගත වෙති.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ – “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මා තථානං අභිසම්බුද්ධත්තා “තථාගතො”ති වුච්චති. අභිසම්බුද්ධත්ථො හි එත්ථ ගතසද්දො.
තථ ධර්මයන් තත්වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වූහුද? තථ ධර්ම නම් සතර සත්‍ය ධර්මයෝය. වදාළහ. මහණෙනි, මේ තථ්‍ය වූ අවිතථ වූ වෙනස් නොවන්නා වූ ධර්ම සතරකි. කවර සතරද? මහණෙනි, මේ දුකය යනු මෙය තථ්‍යය. අවිතථය. වෙනස් නොවන්නේයි විස්තර කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ ඒවා අවබෝධ කළහ. එසේ ඒවා අවබෝධ කළ හෙයින් තථාගතයයි කියනු ලැබේ. මෙහි ගත ශබ්දය අභිසම්බෝධාර්ථයි.
“තථනාමානි සච්චානි, අභිසම්බුජ්ඣි නායකො; තස්මා තථානං සච්චානං, සම්බුද්ධත්තා තථාගතො”.
තථ නම් වූ සත්‍යයන් නායකයන් වහන්සේ අවබෝධ කළ සේක. එහෙයින් තථ නම් වූ සත්‍යය අවබෝධ කළ හෙයින් තථාගත වෙති.
කථං තථදස්සිතාය තථාගතො? භගවා හි අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුසොතඝාණජිව්හාකායමනොද්වාරෙසු ආපාථං ආගච්ඡන්තං රූපසද්දගන්ධරසඵොට්ඨබ්බධම්මාරම්මණං තථාගතො සබ්බාකාරතො ජානාති පස්සතීති, එවං තථදස්සිතාය තථාගතො. අථ වා යං ලොකෙ තථං, තං ලොකස්ස තථෙව දස්සෙති. තතොපි භගවා තථාගතො. එත්ථ තථදස්සිඅත්ථෙ “තථාගතො”ති පදසම්භවො වෙදිතබ්බො.
තථ දර්ශිත හෙයින් තථාගත වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ ලෝකධාතුවල අප්‍රමාණ සත්ත්වයන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන දොරටුවලට යොමුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ්වය ධර්ම අරමුණු තථාගතයන් වහන්සේ සර්වාකාරයෙන් දනිති. දකිති. මෙසේ තථදර්ශී බැවින් තථාගත වෙති. නොහොත් ලෝකයෙහි තථ්‍යය කුමක්ද එය ලෝකයට එසේම දක්වති. එයිනුත් භාග්‍යවතුන් වහන්සේ තථාගත වෙති. මෙහි තථදර්ශී අර්ථයෙහි තථාගතයයි පද සම්භවය දතයුතුයි.
“තථාකාරෙන යො ධම්මෙ, ජානාති අනුපස්සති; තථදස්සීති සම්බුද්ධො, තස්මා වුත්තො තථාගතො”.
යමෙක් තත් ආකාරයෙන් ධර්මයන් දකීද දනීද එහෙයින් තථාදර්ශී සම්බුදුහු තථාගත යයි කියන ලදි.
කථං තථවාදිතාය තථාගතො? යඤ්ච අභිසම්බොධියා පරිනිබ්බානස්ස ච අන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණකාලෙ සුත්තාදිනවඞ්ගසඞ්ගහිතං භාසිතං ලපිතං තථාගතෙන, සබ්බං තං එකතුලාය තුලිතං විය තථමෙව අවිතථමෙව හොති. තෙනෙවාහ –
තත්වූ පරිදි වාදී වූ හෙයින් තථාගත වන්නේ කෙසේ ද? තථාගතයන් වහන්සේ අභිසම්බෝධියෙහි පටන් පිරිනිවන් පෑමත් අතර පන්සාලිස් වසක් පමණ කාලයෙහි සූත්‍රාදි වශයෙන් යම් නවාංග සංග්‍රහයෙන් දෙසන ලදද තෙපලන ලදද ඒ සියල්ල එකම තුලාවක තුලිත වූවක් මෙන් තත්වූ පරිදිම නොවෙනස් වූයේම වෙයි. එහෙයින් වදාළහ -
“යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති.
චුන්ද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර සම්බෝධිය අවබෝධ කරන සේක්ද, යම් රාත්‍රියක අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන සේක්ද මෙදාතුර යමක් කියන සේක් නම් තෙපලන සේක් නම් ඒ සියල්ල එසේම වෙයි. අන් ලෙසකින් නොවෙයි. එහෙයින් තථාගත නම් වෙති කියනු ලැබේ.
එත්ථ පන ගදඅත්ථො හි ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො. ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති තථාගතො. ද-කාරස්ස ත-කාරං කත්වා වුත්තො.
මෙහි වනාහි ගද අර්ථයෙහි ගත ශබ්දයයි. තථා වාදිකාය තථා ගතො යනු මෙසේය. ආගදනය ආගදයි. වචනය යන අර්ථයි. තථ්‍ය වූ අවිපරීත වූ වදන් උන්වහන්සේට ඇත්තේනුයි. තථාගත නම් වෙති. දකාරයට තකාරාදේශ කොට කියන ලදි.
“තථාවාදී ජිනො යස්මා, තථධම්මප්පකාසකො; තථාමාගදනඤ්චස්ස, තස්මා බුද්ධො තථාගතො”.
යම් හෙයකින් ජීනයන් වහන්සේ තථාවාදී වෙත්ද තථ ධර්මප්රකාශක වෙත්ද උන්වහන්සේගේ තථවදන් ඇත්තේ ද එබැවින් බුදුහු තථාගත නම් වෙති.
කථං තථාකාරිතාය තථාගතො? භගවා හි යං යං වාචං අභාසි, තං තං එව කායෙන කරොති, වාචාය කායො අනුලොමෙති, කායස්සපි වාචා. තෙනෙවාහ –
එසේ කරන ලද හෙයින් කෙසේ තථාගත වෙත්ද? භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් කියත් ද එයම කයින් කරති. වචනයට කය අනුලෝමය. කයට වචනයද අනුලෝමය. එහෙයින් දෙසන ලදි -
“යථා වාදී, භික්ඛවෙ, තථාගතො තථා කාරී, යථා කාරී තථා වාදී…පෙ… තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23; චූළනි· පොසාලමාණවපුච්ඡානිද්දෙස 83).
මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ කියත් ද එසේ කරන්නාහ. යම්සේ කරත්ද එසේ කියන්නාහ. මෙසේ කියන පරිදි කරති. කරන පරිදි කියති. එහෙයින් තථාගත වෙති කියායි.
යථා ච වාචා ගතා, කායොපි තථා ගතො, යථා කායො ගතො, වාචාපි තථා ගතා. එවං තථාකාරිතාය තථාගතො.
වදන යම්සේ ගියේද කයත් එසේම ගියේය. කය ගියේ යම් සේද වචනයද එසේ ගියේය. එසේ කළ බැවින් තථාගත නම් මෙසේය.
“යථා වාචා ගතා තස්ස, තථා කායො ගතො යතො; තථාවාදිතාය සම්බුද්ධො, සත්ථා තස්මා තථාගතො”.
උන්වහන්සේගේ වචනය ගියේ යම්සේද කයද එසේ ගියේය. ශාස්තෘ සම්බුදුහු තථාවාදිකාවෙන් තථාගත වෙති.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි විමුත්තිඤාණදස්සනෙනපි, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අථ ඛො අතුලො අප්පමෙය්යො අනුත්තරො. තෙනෙවාහ –
අභිභවනාර්ථයෙන් තථාගත වන්නේ කෙසේද? උඩින් භවාග්‍රය, යටින් අවීචිය හිම් කොට සරසින් අප්‍රමාණ ලෝකධාතුවල සියලු සත්ත්වයන් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥානාදර්ශනායෙන් අභිභවනය කරති. උන්වහන්සේට සම වූ හෝ ප්‍රමාණ වූයෙක් නැත. එබැවින් අතුල්‍ය අප්‍රමෙය අනුත්තර වෙති. එයින් වදාළහ -
“සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 1.23; පොසාලමාණවපුච්ඡානිද්දෙස 83).
මහණෙනි, දෙවියන් සහිත ලෝකය තථාගතයන් වහන්සේ මැඩ පවත්වති. නොමඬන ලද්දාහු වෙති. ඒකාන්තදර්ශී වෙති. වසඟයෙහි පවත්වති. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.
තත්රෙවං පදසිද්ධි වෙදිතබ්බා – අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති, ඉති සබ්බලොකාභිභවනතො අවිපරීතො දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච අගදො අස්සාති ද-කාරස්ස ත-කාරං කත්වා “තථාගතො”ති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
එහි පදසිද්ධිය මෙසේ දතයුතුය. බෙහෙතක් වැනි අංගදනයයි. මේ කවරෙක්ද? දේශනා විලාසය සහ පුණ්‍ය විලාසයයි. එහෙයින් මේ මහානුභාව ඇති වෛද්‍යවරයා දිවබෙහෙතකින් සර්පයන් මෙන් සියලු පරවාදීන් දෙවියන් සහිත ලෝකය මැඩලති. මෙසේ මුළු ලොව මැඩීමෙන් දේශනා විලාසමය වූද, පුණ්‍යමය වූද පැමිණීම් උන්වහන්සේට ඇත්නුයි දකාරයට තකාරය කොට තථාගත නම් වූහයි දතයුතුය. මෙසේ අභිභවනාර්ථයෙන් තථාගත වෙති.
“තථො අවිපරීතො ච, අගදො යස්ස සත්ථුනො; වසවත්තීති සො තෙන, හොති සත්ථා තථාගතො”.
තථ්‍ය අවිපරීත වූ වදන් යම් ශාස්තෘ කෙනෙකුන්ට ඇද්ද උන්වහන්සේ එයින් වසයෙහි පවත්වන්නාහු වෙති. ශාස්තෘන් වහන්සේ තථාගත වෙති.
අප්පටිපුග්ගලස්සාති පටිපුග්ගලවිරහිතස්ස, අඤ්ඤො කොචි “අහං බුද්ධො”ති එවං පටිඤ්ඤං දාතුං සමත්ථො නාමස්ස පුග්ගලො, නත්ථීති අප්පටිපුග්ගලො, තස්ස අප්පටිපුග්ගලස්ස. උප්පජ්ජීති උප්පන්නො උදපාදි. කාරුඤ්ඤතාති කරුණාය භාවො කාරුඤ්ඤතා. සබ්බසත්තෙති නිරවසෙසසත්තපරියාදානවචනං, සකලෙ සත්තනිකායෙති අත්ථො. එත්තාවතා අයම්පි ගාථා වුත්තත්ථා හොති.
අප්පටිපුග්ගලස්ස යනු; ප්‍රතිපුද්ගලයන් විරහිතයාණන්ට, උන්වහන්සේලාට මම බුද්ධ වෙමි කියා මෙබඳු ප්‍රතිඥාවක් දීමට සමත් අන් කිසි පුද්ගලයෙක් නැත්තේනුයි අප්පටිපුග්ගල නමි. ඒ අප්‍රති පුද්ගලයාණන්ට. උප්පජ්ජි යනු උපන්නේය. පහළවිය. කාරුඤ්ඤතා යනු; කරුණාභාවය කාරුඤ්ඤතාවයි. සබ්බසත්තෙ යනු, නිරවශේෂ සත්ත්වයන් ගැනීමේ වචනයයි. සියලු සත්ත්ව නිකායයන් යන අර්ථයි. මෙපමණකින් මේ ගාථාවද කියන ලද අර්ථ ඇත්තෝයි.
අථ භගවා බ්රහ්මුනා ධම්මදෙසනත්ථාය ආයාචිතො සත්තෙසු කාරුඤ්ඤතං උප්පාදෙත්වා ධම්මං දෙසෙතුකාමො මහාබ්රහ්මානං ගාථාය අජ්ඣභාසි –
බ්‍රහ්මයා විසින් ද අයදින ලද භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි කරුණා උපදවා ධර්මය දේශනා කරනු කැමතිව මහාබ්‍රහ්මයාට ගාථාවකින් වදාළහ.
“අපාරුතා තෙසං අමතස්ස ද්වාරා, යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං; විහිංසසඤ්ඤී පගුණං න භාසිං, ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ”ති. (ම· නි· 1.283; දී· නි· 2.71; සං· නි· 1.172; මහාව· 9);
ඔවුන්ට අමාදොර හරින ලදි යමෙක් අසනු කැමැත්තාහුද ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසකැයි හැඟීමෙන් ප්‍රණීත ප්‍රගුණ ධර්මය මිනිසුන් අතර නොදෙසීමි.
අථ ඛො බ්රහ්මා සහම්පති “කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා”ති ඤත්වා දසනඛසමොධානසමුජ්ජලං අඤ්ජලිං සිරසි කත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා බ්රහ්මගණපරිවුතො පක්කාමි. අථ සත්ථා තස්ස බ්රහ්මුනො පටිඤ්ඤං දත්වා – “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති (ම· නි· 1.283; මහාව· 10) චින්තෙන්තො – “ආළාරො පණ්ඩිතො සො ඉමං ධම්මං ඛිප්පං ආජානිස්සතී”ති චිත්තං උප්පාදෙත්වා පුන ඔලොකෙන්තො තස්ස සත්තාහං කාලඞ්කතභාවං ඤත්වා උදකස්ස ච අභිදොසකාලඞ්කතභාවං ඤත්වා පුන – “කහං නු ඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී”ති පඤ්චවග්ගියෙ ආවජ්ජෙන්තො “බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ”ති ඤත්වා ආසාළ්හියං පභාතාය රත්තියා කාලස්සෙව පත්තචීවරමාදාය අට්ඨාරසයොජනිකං මග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උපකං නාම ආජීවකං දිස්වා තස්ස අත්තනො බුද්ධභාවමාවිකත්වා තංදිවසමෙව සායන්හසමයෙ ඉසිපතනමගමාසි. තත්ථ පඤ්චවග්ගියානං අත්තනො බුද්ධභාවං පකාසෙත්වා පඤ්ඤත්තවරබුද්ධාසනගතො පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙත්වා ධම්මචක්කප්පවත්තනසුත්තන්තං (සං· නි· 5.1081; මහාව· 13 ආදයො; පටි· ම· 2.30) දෙසෙසි.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාවට අවකාශ කරනු ලැබුයෙමි කියා දසනිය එකතුවෙන් බබළන අඤ්ජලිය හිස තබා බුදුන් වැඳ පැදකුණු කොට බඹගණ පිරිවරා ගියේය. ඉක්බිති ශාස්තෘහු ඒ බ්‍රහ්මයාට ප්‍රතිඥා දී මම කවරෙකුට පළමුව දහම් දෙසන්නෙම්දැයි සිතන්නාහු ආළාර පණ්ඩිතය. හෙතෙම මේ දහම වහා දැනගනී කියා සිත් උපදවා නැවත බලන්නාහු ඔහු කළුරිය කොට සතියක් බවද, උද්දක අළුයම කළුරිය කළ බවද දැන නැවත මෙකල පස්වග භික්ෂූහු කොහි වෙසෙත්දැයි මෙනෙහි කරන සේක් බරණැස මිගදායෙහි යයි දැන ඇසළ පොහෝදින පාන්දර කලින්ම පාසිවුරු ගෙන අටළොස් යොදුන් මගට පිළිපන්නාහු අතරමඟ උපක නම් ආජීවක දැක ඔහුට තමන් වහන්සේගේ බුදුබව පවසා එදිනම සවස ඉසිපතනයට වැඩි සේක. එහිදීද පංචවර්ගීයයන් හට තමන් වහන්සේගේ බුදුබව ප්‍රකාශ කොට පනවන ලද උතුම් බුද්ධාසනගතව පංචවර්ගීයයන් අමතා ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තය දේශනා කළ සේක.
තෙසු අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරො දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සුත්තපරියොසානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සත්ථා තත්ථෙව වස්සං උපගන්ත්වා පුනදිවසෙ වප්පත්ථෙරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙසි. එතෙනෙව උපායෙන සබ්බෙ තෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා පුන පඤ්චමියං පක්ඛස්ස පඤ්චපි තෙ ථෙරෙ සන්නිපාතෙත්වා අනත්තලක්ඛණසුත්තන්තං (සං· නි· 3.59; මහාව· 20 ආදයො) දෙසෙසි, දෙසනාපරියොසානෙ පඤ්චපි ථෙරා අරහත්තෙ පතිට්ඨහිංසු.
උන්වහන්සේලාගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරහු දේශනානුසාරයෙන් නුවණ මෙහෙයවා සූත්රාවසානයෙහි අටළොස් කෙළක් බඹුන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියහ. ශාස්තෘන් වහන්සේ එහිම වස් එළඹ දෙවන දවසේ වප්ප තෙරුන් සෝවාන් පෙලෙහි පිහිට වූහ. මේ අයුරින් ඒ සියලු තෙරුන් සෝවාන් ඵලයෙහි පිහිටුවා නැවත පක්ෂයෙහි පස්වන දින තෙරවරුන් රැස්කරවා අනන්තලක්ඛණ සූත්‍රය දෙසූහ. දේශනා කෙළවර තෙරුන් පස්දෙනම අර්හත්වයෙහි පිහිටියහ.
අථ සත්ථා තත්ථෙව යසස්ස කුලපුත්තස්ස උපනිස්සයං දිස්වා ගෙහං පහාය නික්ඛන්තං දිස්වා – “එහි යසා”ති (මහාව· 26) පක්කොසිත්‍වා තස්මිඤ්ඤෙව රත්තිභාගෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා පුනදිවසෙ අරහත්තෙ ච පතිට්ඨාපෙත්වා අපරෙපි තස්ස සහායකෙ චතුපණ්ණාසජනෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා අරහත්තෙ පතිට්ඨාපෙසි. එවං ලොකෙ එකසට්ඨියා අරහන්තෙසු ජාතෙසු සත්ථා වුට්ඨවස්සො පවාරෙත්වා භික්ඛූ ආමන්තෙත්වා එතදවොච –
ඉක්බිති ශාස්තෘන් වහන්සේ එහිම යස කුලපුතුන්ගේ හේතුසම්පත් දැක ගෙය හැර නික්මුණවුන් යස, එන්නැයි කැඳවා එම රාත්‍රී කාලයෙහිම සෝවාන් පෙලෙහි ද දෙවන දින රහත් බැව්හිද පිහිටුවා තවත් ඔහුගේ යහළුවන් පනස්හතර දෙනකු එම මහණ පැවිද්දෙන් පැවිදි කරවා රහත්බැව්හි පිහිටවූහ. මෙසේ ලොව රහතන් එක්සැටක් වූ කල්හි බුදුහු වස්වැස පවරා භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.
“පරත්ථං චත්තනො අත්ථං, කරොන්තා පථවිං ඉමං; බ්යාහරන්තා මනුස්සානං, ධම්මං චරථ භික්ඛවො.
මහණෙනි, මේ පොළොවෙහි ආත්මාර්ථයත් පරාර්ථයත් ඉටු කරමින් මිනිසුන්ට ධර්මය දේශනා කරමින් හැසිරෙව්.
“විහරථ විවිත්තෙසු, පබ්බතෙසු වනෙසු ච; පකාසයන්තා සද්ධම්මං, ලොකස්ස සතතං මම.
ලොවට නිරන්තරයෙන් මාගේ සද්ධර්මය ප්‍රකාශ කරමින් විවේක සෙනසුන්හි වනාන්තරවල පර්වතවල වාසය කරව්.
“කරොන්තා ධම්මදූතෙය්‍යං, විඛ්යාපයථ භික්ඛවො; සන්ති අත්ථාය සත්තානං, සුබ්බතා වචනං මම.
මහණෙනි, ධර්මදූත සේවාවෙහි යෙදෙමින් යහපත් පැවැත්මෙන් සත්ත්ව ශාන්තිය පිණිස මාගේ ධර්මය පතුරුවා හරිව්.
“සබ්බං පිදහථ ද්වාරං, අපායානමනාසවා; සග්ගමොක්ඛස්ස මග්ගස්ස, ද්වාරං විවරථාසමා.
සියලු අපාය දොරටු වසා දමව්. ආශ්‍රව රහිතව අසමව ස්වර්ගමෝක්ෂ මාර්ගයට දොර විවර කරව්.
“දෙසනාපටිපත්තීහි, කරුණාදිගුණාලයා; බුද්ධිං සද්ධඤ්ච ලොකස්ස, අභිවඩ්ඪෙථ සබ්බසො.
දේශනා ප්‍රතිපත්ති කරුණාදි ගුණ නිවාසව ලෝකයාගේ ශ්රද්ධාවත් ප්‍රඥාවත් සර්වප්රකාරයෙන් අභිවර්ධනය කරව්.
“ගිහීනමුපකරොන්තානං, නිච්චමාමිසදානතො; කරොථ ධම්මදානෙන, තෙසං පච්චූපකාරකං.
නිතර ආමිස දානයෙන් උපකාර කරන ගිහියන්ට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරව්.
“සමුස්සයථ සද්ධම්මං, දෙසයන්තා ඉසිද්ධජං; කතකත්තබ්බකම්මන්තා, පරත්ථං පටිපජ්ජථා”ති.
සද්ධර්මය දේශනා කරමින් අර්හත්ධජය ඔසවව්. කෘත කෘත්‍ය ඇතිව පරාර්ථයෙහි හැසිරෙව්.
එවඤ්ච පන වත්වා භගවා තෙ භික්ඛූ දිසාසු විස්සජ්ජෙත්වා සයං උරුවෙලං ගච්ඡන්තො අන්තරාමග්ගෙ කප්පාසිකවනසණ්ඩෙ තිංස භද්දවග්ගියකුමාරෙ විනෙසි. තෙසු යො සබ්බපච්ඡිමකො, සො සොතාපන්නො, සබ්බසෙට්ඨො අනාගාමී, එකොපි අරහා වා පුථුජ්ජනො වා නාහොසි. තෙපි සබ්බෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා දිසාසු පෙසෙත්වා සයං උරුවෙලං ගන්ත්වා අඩ්ඪුඩ්ඪානි පාටිහාරියසහස්සානි දස්සෙත්වා උරුවෙලකස්සපාදයො සහස්සජටිලපරිවාරෙ තෙභාතිකජටිලෙ දමෙත්වා එහිභික්ඛුභාවෙන පබ්බාජෙත්වා ගයාසීසෙ නිසීදාපෙත්වා ආදිත්තපරියායදෙසනාය (සං· නි· 4.28; මහාව· 54) අරහත්තෙ පතිට්ඨාපෙත්වා තෙන අරහන්තසහස්සෙන භගවා පරිවුතො “බිම්බිසාරස්ස රඤ්ඤො පටිඤ්ඤං මොචෙස්සාමී”ති රාජගහනගරූපචාරෙ ලට්ඨිවනුය්යානං නාම අගමාසි. තතො උය්යානපාලකො රඤ්ඤො ආරොචෙසි. රාජා – “සත්ථා ආගතො”ති සුත්වා ද්වාදසනහුතෙහි බ්රාහ්මණගහපතිකෙහි පරිවුතො දසබලං ඝනවිවරගතමිව දිවසකරං වනවිවරගතං මුනිවරදිවසකරං උපසඞ්කමිත්වා චක්කාලඞ්කතතලෙසු ජලජාමලාවිකලකමලකොමලෙසු දසබලස්ස පාදෙසු මකුටමණිජුතිවිසරවිජ්ජොතිනා සිරසා නිපතිත්වා එකමන්තං නිසීදි සද්ධිං පරිසාය.
මෙසේ වදාරා භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් දිශාවන්හි පිටත්කොට යවා තමන් වහන්සේ උරුවේලාවට වඩනා සේක් අතරමඟ කප්පාසිය වනළැහැබ්හි භද්‍රවර්ගීය කුමාරවරුන් තිස්දෙන හික්මවූහ. ඔවුන්ගෙන් හැමට බාලයා සෝවාන් විය. හැමට වැඩිමලා අනාගාමි විය. එකෙක්වත් රහත් හෝ පුහුදුන් නොවීය. ඒ සියල්ලන්ම එව මහණ පැවිද්දෙන් පැවිදි කරවා තමන් වහන්සේ උරුවේලාවට වැඩ තුන්දහස් පන්සියයක් පෙළහර දක්වා උරුවෙල් කසුප් ආදි දහසක් පිරිවර ඇති තුන්බෑ ජටිලයන් දමනය කොට එව මහණ පැවිද්දෙන් පැවිදි කොට ගයා හිස හිඳුවා ආදිත්ත පරියාය දේශනාවෙන් රහත් බැව්හි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ ඒ රහත් දහස පිරිවරා බිම්සර රජුගේ ප්‍රතිඥාව මුදන්නෙමි’යි රජගහ නුවර අසල ලට්ඨවන නම් උයනට වැඩි සේක. ඉක්බිති උයන්පල් රජුට දැන්වීය. රජ ශාස්තෘන් වහන්සේ වැඩිසේකැයි අසා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතියන් පිරිවරා වලාවිවරගත දිවාකරයා මෙන් වනගැබ වන් මුනිවර දිවාකරයන් කරා ගොස් සත්ලකුණින් හෙබි නිමල විකසිත ජලජ පියුමක් බඳු කොමල දසබල සිරිපා ඔටුනු මිණිරසින් බබළන සිරසින් වැඳ පසෙක පිරිස සමගින් හුන්නේය.
අථ ඛො තෙසං බ්රාහ්මණගහපතිකානං එතදහොසි – “කිං නු ඛො මහාසමණො උරුවෙලකස්සපෙ බ්රහ්මචරියං චරති, උදාහු උරුවෙලකස්සපො මහාසමණෙ”ති? අථ ඛො භගවා තෙසං චෙතොපරිවිතක්කමඤ්ඤාය ථෙරං ගාථාය අජ්ඣභාසි –
එවිට ඒ බමුණු ගැහැවියනට මෙසේ සිත්විය. කිම මහාශ්රමණයෝ උරුවෙල් කසුප් වෙත බඹසර හැසිරෙත්ද? නැතහොත් උරුවෙල් කසුප් මහා ශ්රමණයන් වෙත හැසිරෙන්නේද? කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චිත්තපරිවිතර්කය දැන තෙරුන්ට ගාථාවකින් වදාළහ.
“කිමෙව දිස්වා උරුවෙලවාසි, පහාසි අග්ගිං කිසකොවදානො; පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පහීනං තව අග්ගිහුත්ත”න්ති. (මහාව· 55);
උරුවෙලවාසී කාශ්‍යපයිනි කුමක් දැක ගින්න අත්හැරියෙහි ද? අනුශාසකයා කවරෙක් ද? කාශ්‍යපය මේ කරුණු තොපගෙන් අසමි. තොපගේ ගිනි දෙවියන් පිදීම කෙසේ ප්‍රහීණ වීද?
ථෙරො භගවතො අධිප්පායං විදිත්වා –
තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය දැන -
“රූපෙ ච සද්දෙ ච අථො රසෙ ච, කාමිත්ථියො චාභිවදන්ති යඤ්ඤා; එතං මලන්තී උපධීසු ඤත්වා, තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති. (මහාව· 55) –
රූප ද ශබ්ද ද එසේම රසයන් ද කාමී ස්ත්‍රීන් ද යන මේ පංචකාම සම්පත් යඥයයි කියනු ලැබේ. උපධි විභයෙහි මෙය කිළුටකැයි දැන එහෙයින් යඥයෙහිද ගිනි පිදීමෙහි ද නොඇලුණෙමියි කියා.
ඉමං ගාථං වත්වා අත්තනො සාවකභාවප්පකාසනත්ථං තථාගතස්ස පාදෙසු සිරසා නිපතිත්වා – “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති වත්වා එකතාලද්විතාල…පෙ… සත්තතාලප්පමාණං වෙහාසං සත්තක්ඛත්තුං අබ්භුග්ගන්ත්වා පාටිහාරියං කත්වා ආකාසතො ඔරුය්හ භගවන්තං වන්දිත්වා එකමන්තං නිසීදි.
මේ ගාථාව පවසා තම ශ්‍රාවක බව ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි සිරසින් වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය. මම ශ්‍රාවක වෙමියි උඩනැගී සක්තල් ගසක් පමණ අහසට සත්වරක් පැන නැගී පෙළහර කොට අහසින් බැස භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ.
අථ ඛො මහාජනො තස්ස තං පාටිහාරියං දිස්වා – “අහො මහානුභාවා බුද්ධා නාම, එවං ථාමගතදිට්ඨිකො අත්තානං ‘අරහා අහ’න්ති මඤ්ඤමානො උරුවෙලකස්සපොපි දිට්ඨිජාලං භින්දිත්වා තථාගතෙන දමිතො”ති දසබලස්ස ගුණකථං කථෙසි. තං සුත්වා සත්ථා – “නාහමිදානියෙව ඉමං උරුවෙලකස්සපං දමෙමි, අතීතෙපි එස මයා දමිතොයෙවා”ති ආහ. අථ ඛො සො මහාජනො උට්ඨායාසනා භගවන්තං වන්දිත්වා සිරසි අඤ්ජලිං පග්ගහෙත්වා එවමාහ – “භන්තෙ, ඉදානි අම්හෙහි එස දමිතො දිට්ඨො, කථං පනෙස අතීතෙ භගවතා දමිතො”ති. තතො සත්ථා තෙන මහාජනෙන යාචිතො භවන්තරෙන පටිච්ඡන්නං මහානාරදකස්සපජාතකං (ජා· 2.22.1153) කථෙත්වා චත්තාරි අරියසච්චානි පකාසෙසි. තතො සත්ථු ධම්මකථං සුත්වා රාජා බිම්බිසාරො එකාදසනහුතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, එකනහුතං උපාසකත්තං පටිවෙදෙසි. රාජා සරණං ගන්ත්වා ස්වාතනාය භගවන්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන නිමන්තෙත්වා භගවන්තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා වන්දිත්වා පක්කාමි.
එවිට මහජනයා උන්වහන්සේගේ පෙළහර දැක ‘අපොයි, බුදුවරු නම් මහානුභාව වෙති. මෙබඳු දැඩි දෘෂ්ටිගත මම රහත්මියි සිතන උරුවෙල කාශ්‍යප ද දෘෂ්ටිජාල බිඳ තථාගතයන් වහන්සේ විසින් දමනය කරන ලදැයි’ දශබලයන් වහන්සේගේ ගුණකථා කීහ. එයසා භාග්‍යවතුන් වහන්සේ දැන් පමණක් මම මොහු දමනය නොකෙළෙමි. පෙරත් මා විසින් මොහු දමනය කරන ලදැයි වදාළහ. ඉක්බිති ඒ මහජනයා හුනස්නෙන් නැගිට බුදුන් වැඳ හිසෙහි ඇඳිලි බැඳ මෙසේ කීහ. ස්වාමීනි, අපි දමනය කළ මොහු දිටිමු. අතීතයෙහි භාග්‍යවතුන් වහන්සේ මොහු කෙසේ දමනය කළසේක්ද? කියායි. මහජනයා විසින් අස්වන ලද ශාස්තෘන්වහන්සේ භවාන්තරයෙන් වැසී ගිය මහානාරද කාශ්‍යප ජාතකය දෙසා චතුස්සත්‍යය ප්‍රකාශ කළහ. ශාස්තෘන් වහන්සේගේ ධර්ම කථාව අසා බිම්සර රජ එකොළොස් නහුතයක් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසක බව දැක්වූහ. රජ සරණ ගොස් භික්ෂු සංඝයා සමග සෙටදිනට භාග්‍යවතුන් වහන්සේ ආරාධනාකොට තෙවරක් බුදුන් පැදකුණු කොට වැඳ ගියේය.
පුනදිවසෙ භගවා භික්ඛුසහස්සපරිවුතො මරුගණපරිවුතො විය දසසතනයනො දෙවරාජා, බ්රහ්මගණපරිවුතො විය මහාබ්රහ්මා රාජගහං පාවිසි. රාජා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා භොජනපරියොසානෙ භගවන්තං එතදවොච – “අහං, භන්තෙ, තීණි රතනානි විනා වසිතුං න සක්ඛිස්සාමි, වෙලාය වා අවෙලාය වා භගවතො සන්තිකං ආගමිස්සාමි, ලට්ඨිවනං නාම අතිදූරෙ, ඉදං පන අම්හාකං වෙළුවනං නාම උය්යානං පවිවෙකකාමානං නාතිදූරං නච්චාසන්නං ගමනාගමනසම්පන්නං නිජ්ජනසම්බාධං පවිවෙකසුඛං ඡායූදකසම්පන්නං සීතලසිලාතලසමලඞ්කතං පරමරමණීයභූමිභාගං සුරභිකුසුමතරුවරනිරන්තරං රමණීයපාසාදහම්මියවිමානවිහාරඩ්ඪුයොගමණ්ඩපාදිපටිමණ්ඩිතං. ඉදං මෙ, භන්තෙ, භගවා පටිග්ගණ්හාතු නවතපනඞ්ගාරසඞ්කාසෙන සුවණ්ණභිඞ්ගාරෙන සුරභිකුසුමවාසිතං මණිවණ්ණඋදකං ගහෙත්වා වෙළුවනාරාමං පරිච්චජන්තො දසබලස්ස හත්ථෙ උදකං පාතෙසි. තස්මිං ආරාමපටිග්ගහණෙ “බුද්ධසාසනස්ස මූලානි ඔතිණ්ණානී”ති පීතිවසං ගතා නච්චන්තී විය අයං මහාපථවී කම්පි. ජම්බුදීපෙ පන ඨපෙත්වා වෙළුවනමහාවිහාරං අඤ්ඤං පථවිං කම්පෙත්වා ගහිතසෙනාසනං නාම නත්ථි. අථ සත්ථා වෙළුවනාරාමං පටිග්ගහෙත්වා රඤ්ඤො විහාරදානානුමොදනමකාසි –
දෙවන දින බුදුහු දෙවිගණ පිරිවැරූ සහසැස් දෙව්රජු මෙන් බඹගණ පිරිවැරූ මහා බ්‍රහ්මයා මෙන් බික්සඟන පිරිවරා රජගහ නුවරට පිවිසියහ. රජ බුදුපාමොක් බික්සඟන දන් පුදා බොජුන් කෙළවර මෙසේ කීය. ස්වාමීනි, මට තෙරුවනින් වෙන්ව සිටිය නොහැකිය. වෙලාවෙහි හෝ ආවේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එමි. ලට්ඨිවනය නම් ඉතා දුරය. මේ අපගේ වෙළුවනය නම් උයන විවේකාමීන්ට ඉතා ළඟත් නොවේ. ඉතා දුරත් නොවේ ගමනාගමනයට පහසුය ජනසම්බන්ධ රහිතය. විවේක සැප සහිතය. සෙවණපැන් සහිතය. සිහිල් ගල් තලායෙන් සමලංකෘත රමණීය භූමි භාගයකි. සුවඳ කුසුමින් හා උතුම් වෘක්ෂයෙන් ගැවසී ගත්තේය. රමණීය ප්‍රාසාද හම්මිය. විමාන විහාර අඩ්ඪයෝග මණ්ඩපාදියෙන් යුක්තය. මාගේ මේ උයන භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වායි දිලෙන ගිනිඅඟුරු වැනි රන්කෙණ්ඩියෙන් සුවඳ කුසුම් වැනි මිණිවන් දිය ගෙන වේළුවනාරාමය පුදන්නේ දසබලයන් වහන්සේගේ අතෙහි පැන් වැඩීය. ඒ ආරාම පිළිගැන්මෙහි බුද්ධශාසනයාගේ මුල්බැස ගත්තේ යයි ප්‍රීතියට පත්ව නටන්නාක් මෙන් මේ මහා පොළොව කම්පා විය. දඹදිව වේළුවන මහාවිහාරය හැර පොළොව කම්පාකොට පිළිගත් වෙනත් සෙනසුනක් නම් නැත. ඉක්බිති ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමය පිළිගෙන රජුට විහාරදානානුමෝදනාව කළ සේක.
“ආවාසදානස්ස පනානිසංසං, කො නාම වත්තුං, පුරිසො සමත්ථො; අඤ්ඤත්ර බුද්ධා පන ලොකනාථා, යුත්තො මුඛානං නහුතෙන චාපි.
ලෝකනාථ බුදුවරයන් වහන්සේලා හැර ආවාස දානයෙහි අනුසස් කියන්ට කටවල් දහසකින් යුක්ත වූද අන් කවර නම් පුරුෂයෙක් සමර්ථ වේ ද?
“ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච, වරං පසත්ථං පටිභානමෙව; දදාති නාමාති පවුච්චතෙ සො, යො දෙති සඞ්ඝස්ස නරො විහාරං.
යම් මිනිසෙක් සංඝයාට විහාරයක් දෙයිද ඔහු ආයුෂය ද වර්ණය ද සැපය ද බලය ද ප්රශස්ත උතුම් ප්‍රතිභානය ද දෙන්නේ යයි කියනු ලැබේ.
“දාතා නිවාසස්ස නිවාරණස්ස, සීතාදිනො ජීවිතුපද්දවස්ස; පාලෙති ආයුං පන තස්ස යස්මා, ආයුප්පදො හොති තමාහු සන්තො.
ශීතාදි ජීවිත උවදුරු දුරලන නිවාස දෙන තැනැත්තේ ඔහුගේ ආයු පාලනය කරයි. එහෙයින් එය සත්පුරුෂයෝ ආයු දීමකැයි කියති.
“අච්චුණ්හසීතෙ වසතො නිවාසෙ, බලඤ්ච වණ්ණො පටිභා න හොති; තස්මා හි සො දෙති විහාරදාතා, බලඤ්ච වණ්ණං පටිභානමෙව.
අතිඋෂ්ණ අතිශීත නුවූ නිවසක වසන්නාගේ බලවර්ණ ප්‍රතිභා ඇති වෙයි. එබැවින් විහාර පුදන්නා වූ හෙතෙම බලවර්ණ ප්රතිභානයම දෙයි.
“දුක්ඛස්ස සීතුණ්හසරීසපා ච, වාතාතපාදිප්පභවස්ස ලොකෙ; නිවාරණා නෙකවිධස්ස නිච්චං, සුඛප්පදො හොති විහාරදාතා.
විහාර පුදන්නා ශීත උෂ්ණ සර්ප අව්වැසි ආදියෙන් හටගන්නා අනේකවිධ දුක් නිවාරණය කරන සැපයම පුද කරන්නෝ වෙයි.
“සීතුණ්හවාතාතපඩංසවුට්ඨි , සරීසපාවාළමිගාදිදුක්ඛං; යස්මා නිවාරෙති විහාරදාතා, තස්මා සුඛං වින්දති සො පරත්ථ.
ශීත උෂ්ණ අව් වැසි සුලං මැසිමදුරු සර්ප වනසතුන්ගෙන් සිදුවන සියලු උවදුරු නිවාස දෙන්නා වළක්වයි. එහෙයින් ඔහු පරලොව සැප විඳී.
“පසන්නචිත්තො භවභොගහෙතුං, මනොභිරාමං මුදිතො විහාරං; යො දෙති සීලාදිගුණොදිතානං, සබ්බං දදො නාම පවුච්චතෙ සො.
යමෙක් පහන් සිතින් සතුටුව ශීලාදි ගුණ ඇත්තවුන්ට භවභෝග සම්පතට හේතුවන මනරම් විහාර පුදයිද හෙතෙම සියල්ල පුදන්නෙකැයි කියනු ලැබේ.
“පහාය මච්ඡෙරමලං සලොභං, ගුණාලයානං නිලයං දදාති; ඛිත්තොව සො තත්ථ පරෙහි සග්ගෙ, යථාභතං ජායති වීතසොකො.
ලෝභ සහිත මසුරුමල අතහැර ගුණවතුන්ට නිවාස පුදයි නම් ඔහු අනුන් විසින් ඔසවා දැමුවාක් මෙන් ගෙනා දෙයක් කඩන්නාක් මෙන් ශෝක රහිතව ස්වර්ගයෙහි උපදී.
“වරෙ චාරුරූපෙ විහාරෙ උළාරෙ, නරො කාරයෙ වාසයෙ තත්ථ භික්ඛූ; දදෙය්යන්නපානඤ්ච වත්ථඤ්ච නෙසං, පසන්නෙන චිත්තෙන සක්කච්ච නිච්චං.
උතුම් දැකුම්කළු මහාවිහාර මිනිසා කරවන්නෝය. එහි භික්ෂූන් වාසය කරවන්නේය. ආහාරපාන වස්ත්‍ර උන්වහන්සේලාට පහන් සිතින් නිබඳ පුදන්නේය.
“තස්මා මහාරාජ භවෙසු භොගෙ, මනොරමෙ පච්චනුභුය්ය භිය්යො; විහාරදානස්ස ඵලෙන සන්තං, සුඛං අසොකං අධිගච්ඡ පච්ඡා”ති.
එහෙයින් මහරජ, සසර මනහර භෝග සම්පත් බෙහෙවින් අනුභව කොට විහාරදාන ඵලයෙන් පසුව අශෝකී ශාන්තපදය අවබෝධ කරව.
ඉච්චෙවං මුනිරාජා නරරාජස්ස බිම්බිසාරස්ස විහාරදානානුමොදනං කත්වා උට්ඨායාසනා භික්ඛුසඞ්ඝපරිවුතො පරමදස්සනීයාය අත්තනො සරීරප්පභාය සුවණ්ණරසසෙකපිඤ්ඡරානි විය නගරවනවිමානාදීනි කුරුමානො අනොපමාය බුද්ධලීළාය අනන්තාය බුද්ධසිරියා වෙළුවනමහාවිහාරමෙව පාවිසීති.
මෙසේ මුනිරජාණෝ නරරාජ බිම්බිසාරට විහාර දානානුමෝදනාව කොට අසුනින් නැගිට බික්සඟන පිරිවරා තමන්වහන්සේගේ පරම දර්ශනීය ශරීර ප්‍රභායෙන් රන්දියරින් ඉසින ලද්දාක් මෙන් නගරවන විමානාදිය රත්පැහැ ගන්වමින් අනුපම බුද්ධලීලාවෙන් අනන්ත බුදුසිරින් වේළුවන මහාවිහාරයට පිවිසි සේක.
“අකීළනෙ වෙළුවනෙ විහාරෙ, තථාගතො තත්ථ මනොභිරාමෙ; නානාවිහාරෙන විහාසි ධීරො, වෙනෙය්යකානං සමුදික්ඛමානො”.
තථාගතයන් වහන්සේ එහි මනොභිරාම වූ වේළුවන විහාරයෙහි විනයෙ ජනයන් බලමින් නානා විහාරයෙන් විසූ සේක.
අථෙවං භගවති තස්මිං විහරන්තෙ සුද්ධොදනමහාරාජා “පුත්තො මෙ ඡබ්බස්සානි දුක්කරකාරිකං කත්වා පරමාභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො රාජගහං පත්වා වෙළුවනමහාවිහාරෙ විහරතී”ති සුත්වා අඤ්ඤතරං මහාමච්චං ආමන්තෙසි – “එහි, භණෙ, පුරිසසහස්සපරිවාරො රාජගහං ගන්ත්වා මම වචනෙන ‘පිතා වො සුද්ධොදනමහාරාජා තං දට්ඨුකාමො’ති වත්වා පුත්තං මෙ ගණ්හිත්වා එහී”ති. සො “සාධු, දෙවා”ති රඤ්ඤො පටිස්සුණිත්වා පුරිසසහස්සපරිවාරො සට්ඨියොජනමග්ගං ගන්ත්වා ධම්මදෙසනවෙලාය විහාරං පාවිසි. සො “තිට්ඨතු තාව රඤ්ඤා පහිතසාසන”න්ති පරිසපරියන්තෙ ඨිතො සත්ථු ධම්මදෙසනං සුත්වා යථාඨිතොව සද්ධිං පුරිසසහස්සෙන අරහත්තං පත්වා පබ්බජ්ජං යාචි. භගවා – “එථ, භික්ඛවො”ති හත්ථං පසාරෙසි. තෙ සබ්බෙ තඞ්ඛණඤ්ඤෙව ඉද්ධිමයපත්තචීවරධරා වස්සසට්ඨිකත්ථෙරා විය ආකප්පසම්පන්නා හුත්වා භගවන්තං පරිවාරෙසුං. රාජා “නෙව ගතො ආගච්ඡති, න ච සාසනං සුය්යතී”ති චින්තෙත්වා තෙනෙව නීහාරෙන නවක්ඛත්තුං අමච්චෙ පෙසෙසි. තෙසු නවසු පුරිසසහස්සෙසු එකොපි රඤ්ඤො නාරොචෙසි, න සාසනං වා පහිණි. සබ්බෙ අරහත්තං පත්වාව පබ්බජිංසු.
ඉක්බිති මෙසේ භාග්‍යවතුන් වහන්සේ එහි වසද්දී සුද්ධෝදන මහරජ තම පුත්‍රයා සවසක් දුෂ්කර ක්‍රියා කොට පරමාභි සම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දහම් සක් ඇතිව රජගහ නුවරට පැමිණ වේළුවන මහාවිහාරයෙහි වාසය කරතියි අසා එක්තරා ඇමතියකු ඇමතීය. දරුව එන්න, මිනිසුන් දහසක් පිරිවරා රජගහ නුවරට ගොස් මාගේ වචනයෙන් ඔබවහන්සේගේ පිය සුදොවුන් මහරජ දකිනු කැමැත්තේය කිය මපුත් කැඳවාගෙන එවයි කීය. හෙතෙම මැනව දේවයනියි දහසක් පුරුෂයන් පිරිවරා සැටයොදුන් මඟ ගෙවා බණ දෙසන වේලෙහි විහාරයට පිවිසියේය. ඔහු රජුගේ පණිවිඩය තිබේවායි කෙළවර සිට ශාස්තෘ ධර්ම දේශනය අසා සිටිවනම මිනිසුන් දහස සමගින් රහත්ව පැවිද්ද ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එව් කියා අත දිගුකළහ. ඒ සියල්ලෝ එකෙණෙහිම ඍද්ධිමය පාසිවුරු ධර්ම සියවස් ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරා ගත්හ. රජ ගිය තැනැත්තේ නොඑයි, පණිවිඩයකුත් නොඅස්වයි කියා ඒ ක්‍රමයෙන් නවවරෙක ඇමතියන් යැවීය. ඒ නවදහසක් පුරුෂයන්ගෙන් කිසිවෙක් රජුට නොදැන්වූහ. පණිවිඩ නොයැවූහ. සියල්ලෝ රහත්ව පැවිදිවූහ.
අථ රාජා චින්තෙසි – “කො නු ඛො මම වචනං කරිස්සතී”ති සබ්බරාජබලං ඔලොකෙන්තො උදායිං අද්දස. සො කිර රඤ්ඤො සබ්බත්ථසාධකො අමච්චො අබ්භන්තරිකො අතිවිස්සාසිකො බොධිසත්තෙන සද්ධිං එකදිවසෙයෙව ජාතො සහපංසුකීළිතො සහායො. අථ නං රාජා ආමන්තෙසි – “තාත උදායි, අහං මම පුත්තං දට්ඨුකාමො නවපුරිසසහස්සානි පෙසෙසිං, එකපුරිසොපි ආගන්ත්වා සාසනමත්තම්පි ආරොචෙතා නත්ථි, දුජ්ජානො ඛො පන මෙ ජීවිතන්තරායො, අහං ජීවමානොව පුත්තං දට්ඨුමිච්ඡාමි. සක්ඛිස්සසි මෙ පුත්තං දස්සෙතු”න්ති? සො “සක්ඛිස්සාමි, දෙව, සචෙ පබ්බජිතුං ලභිස්සාමී”ති ආහ. “තාත, ත්වං පබ්බජිත්වා වා අපබ්බජිත්වා වා මය්හං පුත්තං දස්සෙහී”ති. සො “සාධු, දෙවා”ති රඤ්ඤො සාසනං ආදාය රාජගහං ගන්ත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා සද්ධිං පුරිසසහස්සෙන අරහත්තං පත්වා එහිභික්ඛුභාවෙ පතිට්ඨාය ඵග්ගුනීපුණ්ණමාසියං චින්තෙසි – “අතික්කන්තො හෙමන්තො, වසන්තසමයො අනුප්පත්තො, සුපුප්ඵිතා වනසණ්ඩා, පටිපජ්ජනක්ඛමො මග්ගො, කාලො දසබලස්ස ඤාතිසඞ්ගහං කාතු”න්ති චින්තෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා සට්ඨිමත්තාහි ගාථාහි භගවතො කුලනගරං ගමනත්ථාය ගමනවණ්ණං වණ්ණෙසි –
රජ ගියාහු මාගේ වචනය නොකරන්නා යයි සිතීය. සියලු රාජ බලය බලන්නේ උදායි දුටුවේය. හෙතෙම වනාහි රජුගේ සර්වාර්ථසාධක අභ්‍යන්තරික අතිශය විශ්වාස ඇමතියෙක් වෙයි. බෝසතුන් සමග එකදා උපන්නේය. වැලිකෙළියෙහි පටන් යහළුය. රජ ඔහු ඇමතීය. දරුව උදායි, මට මපුත් දකිනු රිසිව නව දහසක් පුරුෂයන් යැවීමි. එක් පුරුෂයෙක්වත් පැමිණ පණිවිඩයක් තරම් හෝ දන්වන්නෙක් නැත. ජීවිතාන්තරාය නොදනිමි. මා ජීවත්වෙද්දී පුතු දකිනු කැමැත්තෙමි. මට පුතු පෙන්විය හැක්කෙහි ද කියායි. දේවයිනි, පැවිදිවන්ට ලැබෙයි නම් හැක්කෙමි’යි කීය. දරුව, ඔබ පැවිදිව හෝ නොපැවිදිව මපුත් දක්වවයි කීය. ඔහු ‘මැනවි දේවයිනි’ කියා රජුගේ පණිවුඩය ගෙන රජගහ නුවරට ගොස් ශාස්තෘන් වහන්සේගේ බණ අසා දහසක් පුරුෂයන් සමග රහත්ව ඒහි භික්‍ෂුභාවයෙහි පිහිටා මැදින්මස පසළොස්වක් දින සිතීය. හේමන්තය ගෙවිණ. වසන්ත සමය පැමිණියේය. වනලැහැබ් සුපුෂ්පිතය. මඟට බැසිය හැකිය. දසබලයන් වහන්සේට ඤාති සංග්‍රහ කිරීමට සුදුසු කාලයයි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ -
“අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය; තෙ අච්චිමන්තොව පභාසයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
ස්වාමීනි, ගෙඩි කැමති ගස් අතුවල කොළ හැලී ගිනිදැල් සෙයින් බබළ බබළ මලින් පිරී ඇත. මහාවීරයන් වහන්ස, භගීරථයන්ට සංග්‍රහ කිරීමට සුදුසු කාලයයි.
“දුමා විචිත්තා සුවිරාජමානා, රත්තඞ්කුරෙහෙව ච පල්ලවෙහි; රතනුජ්ජලමණ්ඩපසන්නිභාසා, සමයො මහාවීර අඞ්ගීරසානං.
[missing trans]
“සුපුප්ඵිතග්ගා කුසුමෙහි භූසිතා, මනුඤ්ඤභූතා සුචිසාධුගන්ධා; රුක්ඛා විරොචන්ති උභොසු පස්සෙසු, සමයො මහාවීර අඞ්ගීරසානං.
“ඵලෙහිනෙකෙහි සමිද්ධිභූතා, විචිත්තරුක්ඛා උභතොවකාසෙ; ඛුද්දං පිපාසම්පි විනොදයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්තමාලා සුචිපල්ලවෙහි, සුසජ්ජිතා මොරකලාපසන්නිභා; රුක්ඛා විරොචන්ති උභොසු පස්සෙසු, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විරොචමානා ඵලපල්ලවෙහි, සුසජ්ජිතා වාසනිවාසභූතා; තොසෙන්ති අද්ධානකිලන්තසත්තෙ, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුඵුල්ලිතග්ගා වනගුම්බනිස්සිතා, ලතා අනෙකා සුවිරාජමානා; තොසෙන්ති සත්තෙ මණිමණ්ඩපාව, සමයො මහාවීර අඞ්ගීරසානං.
“ලතා අනෙකා දුමනිස්සිතාව, පියෙහි සද්ධිං සහිතා වධූව; පලොභයන්තී හි සුගන්ධගන්ධා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්තනීලාදිමනුඤ්ඤවණ්ණා , දිජා සමන්තා අභිකූජමානා; තොසෙන්ති මඤ්ජුස්සරතා රතීහි, සමයො මහාවීර අඞ්ගීරසානං.
“මිගා ච නානා සුවිරාජමානා, උත්තුඞ්ගකණ්ණා ච මනුඤ්ඤනෙත්තා; දිසා සමන්තා මභිධාවයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“මනුඤ්ඤභූතා ච මහී සමන්තා, විරාජමානා හරිතාව සද්දලා; සුපුප්ඵිරුක්ඛා මොළිනිවලඞ්කතා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුසජ්ජිතා මුත්තමයාව වාලුකා, සුසණ්ඨිතා චාරුසුඵස්සදාතා; විරොචයන්තෙව දිසා සමන්තා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සමං සුඵස්සං සුචිභූමිභාගං, මනුඤ්ඤපුප්ඵොදයගන්ධවාසිතං; විරාජමානං සුචිමඤ්ච සොභං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුසජ්ජිතං නන්දනකානනංව, විචිත්තනානාදුමසණ්ඩමණ්ඩිතං; සුගන්ධභූතං පවනං සුරම්මං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සරා විචිත්තා විවිධා මනොරමා, සුසජ්ජිතා පඞ්කජපුණ්ඩරීකා; පසන්නසීතොදකචාරුපුණ්ණා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුඵුල්ලනානාවිධපඞ්කජෙහි , විරාජමානා සුචිගන්ධගන්ධා; පමොදයන්තෙව නරාමරානං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුඵුල්ලපඞ්කෙරුහසන්නිසින්නා, දිජා සමන්තා මභිනාදයන්තා; මොදන්ති භරියාහි සමඞ්ගිනො තෙ, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුඵුල්ලපුප්ඵෙහි රජං ගහෙත්වා, අලී විධාවන්ති විකූජමානා; මධුම්හි ගන්ධො විදිසං පවායති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“අභින්නනාදා මදවාරණා ච, ගිරීහි ධාවන්ති ච වාරිධාරා; සවන්ති නජ්ජො සුවිරාජිතාව සමයො මහාවීර අඞ්ගීරසානං.
“ගිරී සමන්තාව පදිස්සමානා, මයූරගීවා ඉව නීලවණ්ණා; දිසා රජින්දාව විරොචයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“මයූරසඞ්ඝා ගිරිමුද්ධනස්මිං, නච්චන්ති නාරීහි සමඞ්ගිභූතා; කූජන්ති නානාමධුරස්සරෙහි, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුවාදිකා නෙකදිජා මනුඤ්ඤා, විචිත්තපත්තෙහි විරාජමානා; ගිරිම්හි ඨත්වා අභිනාදයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුඵුල්ලපුප්ඵාකරමාභිකිණ්ණා , සුගන්ධනානාදලලඞ්කතා ච; ගිරී විරොචන්ති දිසා සමන්තා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“ජලාසයා නෙකසුගන්ධගන්ධා, සුරින්දඋය්යානජලාසයාව; සවන්ති නජ්ජො සුවිරාජමානා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්තතිත්ථෙහි අලඞ්කතා ච, මනුඤ්ඤනානාමිගපක්ඛිපාසා; නජ්ජො විරොචන්ති සුසන්දමානා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“උභොසු පස්සෙසු ජලාසයෙසු, සුපුප්ඵිතා චාරුසුගන්ධරුක්ඛා; විභූසිතග්ගා සුරසුන්දරී ච, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුගන්ධනානාදුමජාලකිණ්ණං , වනං විචිත්තං සුරනන්දනංව; මනොභිරාමං සතතං ගතීනං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සම්පන්නනානාසුචිඅන්නපානා, සබ්යඤ්ජනා සාදුරසෙන යුත්තා; පථෙසු ගාමෙ සුලභා මනුඤ්ඤා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විරාජිතා ආසි මහී සමන්තා, විචිත්තවණ්ණා කුසුමාසනස්ස; රත්තින්දගොපෙහි අලඞ්කතාව සමයො මහාවීර අඞ්ගීරසානං.
“විසුද්ධසද්ධාදිගුණෙහි යුත්තා, සම්බුද්ධරාජං අභිපත්ථයන්තා; බහූහි තත්ථෙව ජනා සමන්තා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්රආරාමසුපොක්ඛරඤ්ඤො, විචිත්රනානාපදුමෙහි ඡන්නා; භිසෙහි ඛීරංව රසං පවායති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්රනීලච්ඡදනෙනලඞ්කතා, මනුඤ්ඤරුක්ඛා උභතොවකාසෙ; සමුග්ගතා සත්තසමූහභූතා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්රනීලබ්භමිවායතං වනං, සුරින්දලොකෙ ඉව නන්දනං වනං; සබ්බොතුකං සාධුසුගන්ධපුප්ඵං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුභඤ්ජසං යොජනයොජනෙසු, සුභික්ඛගාමා සුලභා මනුඤ්ඤා; ජනාභිකිණ්ණා සුලභන්නපානා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“පහූතඡායූදකරම්මභූතා, නිවාසිනං සබ්බසුඛප්පදාතා; විසාලසාලා ච සභා ච බහූ, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්තනානාදුමසණ්ඩමණ්ඩිතා, මනුඤ්ඤඋය්යානසුපොක්ඛරඤ්ඤො; සුමාපිතා සාධුසුගන්ධගන්ධා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“වාතො මුදූසීතලසාධුරූපො, නභා ච අබ්භා විගතා සමන්තා; දිසා ච සබ්බාව විරොචයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“පථෙ රජොනුග්ගමනත්ථමෙව, රත්තිං පවස්සන්ති ච මන්දවුට්ඨී; නභෙ ච සූරො මුදුකොව තාපො, සමයො මහාවීර අඞ්ගීරසානං.
“මදප්පබාහා මදහත්ථිසඞ්ඝා, කරෙණුසඞ්ඝෙහි සුකීළයන්ති; දිසා විධාවන්ති ච ගජ්ජයන්තා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“වනං සුනීලං අභිදස්සනීයං, නීලබ්භකූටං ඉව රම්මභූතං; විලොකිතානං අතිවිම්හනීයං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විසුද්ධමබ්භං ගගනං සුරම්මං, මණිමයෙහි සමලඞ්කතාව; දිසා ච සබ්බා අතිරොචයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“ගන්ධබ්බවිජ්ජාධරකින්නරා ච, සුගීතියන්තා මධුරස්සරෙන; චරන්ති තස්මිං පවනෙ සුරම්මෙ, සමයො මහාවීර අඞ්ගීරසානං.
“කිලෙසසඞ්ඝස්ස භිතාසකෙහි, තපස්සිසඞ්ඝෙහි නිසෙවිතං වනං; විහාරආරාමසමිද්ධිභූතං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සමිද්ධිනානාඵලිනො වනන්තා, අනාකුලා නිච්චමනොභිරම්මා; සමාධිපීතිං අභිවඩ්ඪයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“නිසෙවිතං නෙකදිජෙහි නිච්චං, ගාමෙන ගාමං සතතං වසන්තා; පුරෙ පුරෙ ගාමවරා ච සන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“වත්ථන්නපානං සයනාසනඤ්ච, ගන්ධඤ්ච මාලඤ්ච විලෙපනඤ්ච; තහිං සමිද්ධා ජනතා බහූ ච, සමයො මහාවීර අඞ්ගීරසානං.
“පුඤ්ඤිද්ධියා සබ්බයසග්ගපත්තා, ජනා ච තස්මිං සුඛිතා සමිද්ධා; පහූතභොගා විවිධා වසන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“නභෙ ච අබ්භා සුවිසුද්ධවණ්ණා, දිසා ච චන්දො සුවිරාජිතොව; රත්තිඤ්ච වාතො මුදුසීතලො ච, සමයො මහාවීර අඞ්ගීරසානං.
“චන්දුග්ගමෙ සබ්බජනා පහට්ඨා, සකඞ්ගණෙ චිත්රකථා වදන්තා; පියෙහි සද්ධිං අභිමොදයන්ති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“චන්දස්ස රංසීහි නභං විරොචි, මහී ච සංසුද්ධමනුඤ්ඤවණ්ණා; දිසා ච සබ්බා පරිසුද්ධරූපා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“දූරෙ ච දිස්වා වරචන්දරංසිං, පුප්ඵිංසු පුප්ඵානි මහීතලස්මිං; සමන්තතො ගන්ධගුණත්ථිකානං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“චන්දස්ස රංසීහි විලිම්පිතාව, මහී සමන්තා කුසුමෙනලඞ්කතා; විරොචි සබ්බඞ්ගසුමාලිනීව, සමයො මහාවීර අඞ්ගීරසානං.
“කුචන්ති හත්ථීපි මදෙන මත්තා, විචිත්තපිඤ්ඡා ච දිජා සමන්තා; කරොන්ති නාදං පවනෙ සුරම්මෙ, සමයො මහාවීර අඞ්ගීරසානං.
“පථඤ්ච සබ්බං පටිපජ්ජනක්ඛමං, ඉද්ධඤ්ච රට්ඨං සධනං සභොගං; සබ්බත්ථුතං සබ්බසුඛප්පදානං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“වනඤ්ච සබ්බං සුවිචිත්තරූපං, සුමාපිතං නන්දනකානනංව; යතීන පීතිං සතතං ජනෙති, සමයො මහාවීර අඞ්ගීරසානං.
“අලඞ්කතං දෙවපුරංව රම්මං, කපීලවත්ථුං ඉති නාමධෙය්යං; කුලනගරං ඉධ සස්සිරිකං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“මනුඤ්ඤඅට්ටාලවිචිත්තරූපං, සුඵුල්ලපඞ්කෙරුහසණ්ඩමණ්ඩිතං; විචිත්තපරිඛාහි පුරං සුරම්මං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“විචිත්තපාකාරඤ්ච තොරණඤ්ච, සුභඞ්ගණං දෙවනිවාසභූතං; මනුඤ්ඤවීථි සුරලොකසන්නිභං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“අලඞ්කතා සාකියරාජපුත්තා, විරාජමානා වරභූසනෙහි; සුරින්දලොකෙ ඉව දෙවපුත්තා, සමයො මහාවීර අඞ්ගීරසානං.
“සුද්ධොදනො මුනිවරං අභිදස්සනාය, අමච්චපුත්තෙ දසධා අපෙසයි; බලෙන සද්ධිං මහතා මුනින්ද, සමයො මහාවීර අඞ්ගීරසානං.
“නෙවාගතං පස්සති නෙව වාචං, සොකාභිභූතං නරවීරසෙට්ඨං; තොසෙතුමිච්ඡාමි නරාධිපත්තං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“තංදස්සනෙනබ්භුතපීතිරාසි, උදික්ඛමානං ද්විපදානමින්දං; තොසෙහි තං මුනින්ද ගුණසෙට්ඨං, සමයො මහාවීර අඞ්ගීරසානං.
“ආසාය කස්සතෙ ඛෙත්තං, බීජං ආසාය වප්පති; ආසාය වාණිජා යන්ති, සමුද්දං ධනහාරකා; යාය ආසාය තිට්ඨාමි, සා මෙ ආසා සමිජ්ඣතු.
[missing trans]
“නාතිසීතං නාතිඋණ්හං, නාතිදුබ්භික්ඛඡාතකං; සද්දලා හරිතා භූමි, එස කාලො මහාමුනී”ති.
අති ශීතලක් නැති. අති උෂ්ණයක් නැත. සාදුක් දුබ්බික් දුකක් ද නැත. තෙත්වන් පොළොව නිල්වන්ය. මහාමුනීන්ද්රයන් වහන්ස, මේ සුදුසු කාලයයි. කියා සැටක් පමණ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේට කුලනගරයට වැඩමවීම පිණිස ගමන් වර්ණනාව වර්ණනා කළේය.
අථ නං සත්ථා – “කිං නු ඛො, උදායි, ගමනවණ්ණං වණ්ණෙසී”ති ආහ. “භන්තෙ, තුම්හාකං පිතා සුද්ධොදනමහාරාජා දට්ඨුකාමො, කරොථ ඤාතකානං සඞ්ගහ”න්ති ආහ. “සාධු, උදායි, කරිස්සාමි ඤාතිසඞ්ගහං, තෙන හි භික්ඛුසඞ්ඝස්ස ආරොචෙහි , ගමියවත්තං පූරෙස්සන්තී”ති ආහ. “සාධු, භන්තෙ”ති ථෙරො භික්ඛුසඞ්ඝස්ස ආරොචෙසි.
එවිට ශාස්තෘන් වහන්සේ උදායි තෙරුන්ට ‘කිම උදායි, ගමන් වර්ණනා කරන්නෙහිදැ’යි විමසූහ. ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පිය සුදොවුන් මහරජ දකිනු කැමැත්තේය. නෑයන්ට සංග්‍රහ කරනු මැනව.’ ‘හොඳයි උදායි, ඤාතිසංග්රහ කරමි. එසේ නම් භික්ෂු සංඝයාට දන්වන්න. ගමිකවත් සපුරන්නාහ.’ ‘එසේය ස්වාමීනි’යි තෙර භික්ෂූන්ට දැන්වීය.
සත්ථා අඞ්ගමගධවාසීනං කුලපුත්තානං දසහි සහස්සෙහි, කපිලවත්ථුවාසීනං දසහි සහස්සෙහීති සබ්බෙහෙව වීසතියා ඛීණාසවභික්ඛුසහස්සෙහි පරිවුතො රාජගහා නික්ඛමිත්වා දිවසෙ දිවසෙ යොජනං යොජනං ගච්ඡන්තො ද්වීහි මාසෙහි කපිලවත්ථුපුරං සම්පාපුණි. සාකියාපි අනුප්පත්තෙයෙව භගවති – “අම්හාකං ඤාතිසෙට්ඨං පස්සිස්සාමා”ති භගවතො වසනට්ඨානං වීමංසමානා “නිග්රොධසක්කස්සාරාමො රමණීයො”ති සල්ලක්ඛෙත්වා සබ්බං පටිජග්ගනවිධිං කාරෙත්වා ගන්ධපුප්ඵහත්ථා පච්චුග්ගමනං කරොන්තා සබ්බාලඞ්කාරෙහි සමලඞ්කතගත්තා ගන්ධපුප්ඵචුණ්ණාදීහි පූජයමානා භගවන්තං පුරක්ඛත්වා නිග්රොධාරාමමෙව අගමංසු.
ශාස්තෘන් වහන්සේ අඟුමගධ වැසි කුලපුතුන් දසදහසක් ද කිඹුල්වත් පුරවාසී දසදහසක් දැයි සියලු ක්ෂීණාස්රව භික්ෂූන් විසිදහසක් පිරිවරා රජගහ නුවරින් පිටත්ව දවස දවස යොදුන යොදුන වඩිමින් දෙමසකින් කපිලපුරට සම්ප්‍රාප්ත වූහ. ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හිම අපගේ ඤාති ශ්‍රේෂ්ඨයා දක්නෙමුයි භාග්‍යවතුන් වහන්සේට වසන තැනක් පරීක්ෂා කරන්නාහු න්යග්රොධශාක්යාරාමය රමණීය යයි සලකා සියලු පිළිදැගුම් විධි කරවා සුවඳමල් අතැතිව පෙරගමන් කොට සර්වාලංකාරයෙන් සැරසුණු ගතින් ගඳ මල් සුණු ආදියෙන් පුදන්නාහු බුදුන් පෙරටු කොට නිග්‍රොධාරාමයට ගියහ.
තත්ර භගවා වීසතියා ඛීණාසවසහස්සෙහි පරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. සාකියා පන මානජාතිකා මානත්ථද්ධා, “සිද්ධත්ථකුමාරො අම්හෙහි දහරතරො, අම්හාකං කනිට්ඨො භාතා, පුත්තො, භාගිනෙය්යො, නත්තා”ති චින්තෙත්වා දහරදහරෙ රාජකුමාරෙ ආහංසු – “තුම්හෙ වන්දථ, මයං තුම්හාකං පිට්ඨිතො පිට්ඨිතො නිසීදිස්සාමා”ති. තෙස්වෙවං නිසින්නෙසු භගවා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා – “ඉමෙ ඤාතකා අත්තනො මොඝජිණ්ණභාවෙන න මං වන්දන්ති, න පනෙතෙ ජානන්ති ‘බුද්ධො නාම කීදිසො, බුද්ධබලං නාම කීදිස’න්ති වා, ‘බුද්ධො නාම එදිසො, බුද්ධබලං නාම එදිස’න්ති වා, හන්දාහං අත්තනො බුද්ධබලං ඉද්ධිබලඤ්ච දස්සෙන්තො පාටිහාරියඤ්ච කරෙය්යං, ආකාසෙ දසසහස්සචක්කවාළවිත්ථතං සබ්බරතනමයං චඞ්කමං මාපෙත්වා තත්ථ චඞ්කමන්තො මහාජනස්ස අජ්ඣාසයං ඔලොකෙත්වා ධම්මඤ්ච දෙසෙය්ය”න්ති චින්තෙසි. තෙන වුත්තං සඞ්ගීතිකාරකෙහි භගවතො පරිවිතක්කදස්සනත්ථං –
එහි බුදුහු විසිදහසක් රහතුන් පිරිවරා පැනවූ බුද්ධාසනයෙහි වැඩහුන්හ. ශාක්‍යයෝ වනාහි මානජාතිකව මානයෙන් තදව සිදුහත් කුමරා අපට බොහෝ බාලය. අපගේ මලණුවෝය. සහෝදරයාය. බෑනාය. මුණුබුරාය. පුත්‍රයාය කියා සිතා බාල බාල රජ කුමරුන්ට තෙපි වඳිව්. අපි තොපගේ පිටුපසින් වාඩිවෙමුයි කීහ. ඔවුන් මෙසේ හුන්කල්හි බුදුහු ඔවුන්ගේ අදහස් දැන මේ නෑයෝ ඔවුන්ගේ හිස් මහලු බව නිසා නොවඳිති. බුදුරදුන් කෙබඳුදැයි නොදනිති. බුදුන් නම් මෙබඳුය. බුද්ධ බලය කෙබඳුදැයි නොදනිති. බුදුන් නම් මෙබඳුය. බුදු බලය මෙබඳුය කියා නොදනිති. දැන් මම අහසෙහි සර්වරත්නමය සක්වළ පුරා පැතුරුණු සක්මනක් මවා සිය ඍද්ධිබලයත් බුද්ධ බලයත් දක්වමින් ප්රාතිහාර්ය කරමි. එහි සක්මන් කරමින් මහජනයාගේ අදහස් බලා දහමුත් දෙසමි’යි සිතූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ පරිවිතර්කය දැක්වීම පිණිස සංගීතිකාරකයන් විසින් කියන ලදි.
“න හෙතෙ ජානන්ති සදෙවමානුසා, බුද්ධො අයං කීදිසකො නරුත්තමො; ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච කීදිසං, බුද්ධබලං ලොකහිතස්ස කීදිසං.
රජුන් සහිත මනුෂ්‍යයෝ මේ නරොත්තම බුදුරජාණන් වහන්සේ කෙබඳුදැයි නොදනිති. සෘද්ධි බලය ප්‍රඥාබලය කෙබඳුද? ලෝකහිතයන් වහන්සේගේ බුද්ධ බලය කෙබඳුද නොදනිති.
“න හෙතෙ ජානන්ති සදෙවමානුසා, බුද්ධො අයං එදිසකො නරුත්තමො; ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච එදිසං, බුද්ධබලං ලොකහිතස්ස එදිසං.
රජුන් සහිත මේ මිනිස්සු නරෝත්තම බුදුරජාණන් වහන්සේ මෙබඳුය. ඍද්ධිබලය, ප්‍රඥාබලය මෙබඳුය. ලෝකහිතයන් වහන්සේගේ බුද්ධබලය මෙබඳුයයි නොදනිති.
“හන්දාහං දස්සයිස්සාමි, බුද්ධබලමනුත්තරං; චඞ්කමං මාපයිස්සාමි, නභෙ රතනමණ්ඩිත”න්ති.
දැන් මම අහස්හි රත්නයෙන් සැරසූ සක්මනක් මවමි. අනුත්තර බුද්ධ බලය දක්වමි.
තත්ථ න හෙතෙ ජානන්තීති න හි එතෙ ජානන්ති. න-කාරො පටිසෙධත්ථො. හි-කාරො කාරණත්ථෙ නිපාතො. යස්මා පනෙතෙ මම ඤාතිආදයො දෙවමනුස්සා මයා බුද්ධබලෙ ච ඉද්ධිබලෙ ච අනාවිකතෙ න ජානන්ති “එදිසො බුද්ධො, එදිසං ඉද්ධිබල”න්ති, තස්මා අහං මම බුද්ධබලඤ්ච ඉද්ධිබලඤ්ච දස්සෙය්යන්ති අත්ථො. සදෙවමානුසාති එත්ථ දෙවාති උපපත්තිදෙවා අධිප්පෙතා. සහ දෙවෙහීති සදෙවා. කෙ තෙ? මානුසා, සදෙවා එව මානුසා සදෙවමානුසා. අථ වා දෙවොති සම්මුතිදෙවො, සුද්ධොදනො රාජා අධිප්පෙතො. සහ දෙවෙන රඤ්ඤා සුද්ධොදනෙනාති සදෙවා. මානුසාති ඤාතිමානුසා, සදෙවා සසුද්ධොදනා මානුසා සදෙවමානුසා සරාජානො වා එතෙ මම ඤාතිමානුසා මම බලං න විජානන්තීති අත්ථො. සෙසදෙවාපි සඞ්ගහං ගච්ඡන්තියෙව. සබ්බෙපි දෙවා දෙවනට්ඨෙන “දෙවා”ති වුච්චන්ති. දෙවනං නාම ධාතුඅත්ථො කීළාදි. අථ වා දෙවා ච මානුසා ච දෙවමානුසා, සහ දෙවමානුසෙහි සදෙවමානුසා. කෙ තෙ? ලොකාති වචනසෙසො දට්ඨබ්බො. බුද්ධොති චතුසච්චධම්මෙ බුද්ධො අනුබුද්ධොති බුද්ධො. යථාහ –
එහි නහෙතෙ ජානන්ති යනු; න හි එතෙ ජානන්ති යනුයි. නකාරය ප්රතිෂෙධාර්ථයෙහිය. හිකාරය කාරණාර්ථයෙහි නිපාතයි. යම් හෙයකින් වනාහි මාගේ ඤාති ආදීහු දෙව්මිනිස්සු මා විසින් සෘද්ධි බලද බුද්ධ බලද ප්‍රකට නොකළ කල්හි බුදුහු මෙබඳුය. බුද්ධ බලය මෙබඳුය කියා නොදනිති. එබැවින් මම මාගේ සෘද්ධි බලයත් බුද්ධ බලයත් දක්වන්නෙමි යන අර්ථයි. සදේවමනුසා යනු; මෙහි දේවා යනු උත්පත්ති දෙවියන් අභිප්‍රේතයි. දෙවියන් සමගින් යනු සදේවාය. ඔවුහු කවරහුද? මිනිස්සුය. දෙවියන් සහිත මිනිස්සු සදේවමානුසා යි. නැතහොත් දේවො යනු සම්මුති දේවය. සුදොවුන් රජ අභිප්‍රේතය. දෙවියන් සමඟ සුදොවුන් රජු සමග යනු සදේවයි. මානුසා යනු, ඤාති මනුෂ්‍යයෝ ය. සදේවා සුද්ධෝදන රජු සමග මනුෂ්‍යයෝ සදේව මනුස්සායි. රජු සහිත මේ මාගේ ඤාති මිනිස්සු මාගේ බලය නොදනිත් යන අර්ථය. සෙසු දෙවියෝ ද සංග්‍රහ වෙයි. සියලු දෙවියෝ දෙවන අර්ථයෙන් දේවයි කියනු ලැබේ. දෙවන යනු ධාත්වර්ය යි. ක්රීඩාදියයි. නැතහොත් දෙවාච-මානුසාච දේවමානුසායි. දේවමානුසා සහ දේවමානුසෙහි සදේවමානුසා යි. ඔවුහු කවරහුද? ලෝකයා යයි වචනශේෂය දැකිය යුතුය. බුද්ධො යනු චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කළහ. සාක්ෂාත් කළහය බුද්ධ නමි. කියන ලදි -
“අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං; පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා”ති. (ම· නි· 2.399; සු· නි· 563);
දතයුත්ත දැනගන්නා ලදි. වැඩිය යුත්ත වඩන ලදි. පහකළ යුත්ත ප්‍රහීණ කරන ලදි. බ්‍රාහ්මණය එබැවින් බුද්ධ නම් වෙමි.
ඉධ පන කත්තුකාරකෙ බුද්ධසද්දසිද්ධි දට්ඨබ්බා. අධිගතවිසෙසෙහි දෙවමනුස්සෙහි “සම්මාසම්බුද්ධො වත සො භගවා”ති එවං බුද්ධත්තා ඤාතත්තා බුද්ධො. ඉධ කම්මකාරකෙ බුද්ධසද්දසිද්ධි දට්ඨබ්බා. බුද්ධමස්ස අත්ථීති වා බුද්ධො, බුද්ධවන්තොති අත්ථො. තං සබ්බං සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බං. කීදිසකොති කීදිසො කිංසරික්ඛකො කිංසදිසො කිංවණ්ණො කිංසණ්ඨානො දීඝො වා රස්සො වාති අත්ථො.
මෙහි වනාහි කර්තෘකාරකයෙහි බුද්ධ ශබ්දය දැක්විය යුතුය. අධිගත විශේෂ ඇති නිසා දෙව්මිනිසුන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධ යයි මෙසේ අවබෝධ කළ බැවින් දත් බැවින් බුද්ධ නම් වෙති. මෙහි කර්මකාරකයෙහි බුද්ධශබ්ද සිද්ධිය දැක්විය යුතුය. අවබෝධය උන්වහන්සේට ඇත්නුයි බුද්ධ නමි. බුද්ධන්ත යන අර්ථයි. ඒ සියල්ල ශබ්දශාස්ත්රානුසාරයෙන් දතයුතුය. කීදිසකො යනු; කෙබන්දෙක් කුමකට සමානයෙක් කුමකට සාදෘශයෙක් කුමන වර්ණයෙක් කුමන සටහන් ඇත්තෙක් උසද මිටි ද යන අර්ථයි.
නරුත්තමොති නරානං නරෙසු වා උත්තමො පවරො සෙට්ඨොති නරුත්තමො. ඉද්ධිබලන්ති එත්ථ ඉජ්ඣනං ඉද්ධි නිප්ඵත්තිඅත්ථෙන පටිලාභට්ඨෙන ච ඉද්ධි. අථ වා ඉජ්ඣන්ති තාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉද්ධි. සා පන දසවිධා හොති. යථාහ –
නරුත්තමො යනු නරයන්ගේ හෝ නරයන් අතර උත්තම ශ්‍රේෂ්ඨ වූයේ නරුත්තමයි. ඉද්ධිබලං යනු; මෙහි ඉජ්ඣනය සෘද්ධි නිෂ්පත්ති අර්ථයෙන් ලැබීම් අර්ථයෙන් ඉද්ධි නමි. නැතහොත් සෘද්ධි කරත්. මාගේ සත්ත්වයන්ගේ සමෘද්ධව වෘද්ධව උසස් ගතියට පත්වෙතියි ඉද්ධි නමි. එය දසවැදෑරුම් වෙයි. කියන ලදි -
“ඉද්ධියොති දස ඉද්ධියො. කතමා දස? අධිට්ඨානා ඉද්ධි, විකුබ්බනා ඉද්ධි, මනොමයා ඉද්ධි, ඤාණවිප්ඵාරා ඉද්ධි, සමාධිවිප්ඵාරා ඉද්ධි, අරියා ඉද්ධි, කම්මවිපාකජා ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයා ඉද්ධි, තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධී”ති (පටි· ම· 3.10).
ඍද්ධි දසයකි. දසය කුමක් ද? අධිෂ්ඨාන ඍද්ධි, විකුර්වණ ඍද්ධි, මනොමය ඉද්ධි, ඤාණවිප්ඵාර, සමාධි විප්ඵාර, ඍද්ධි, ආර්ය සෘද්ධි, කර්මවිපාකජ ඍද්ධි, පුණ්‍යවන්තයන්ගේ ඍද්ධි, විජ්ජාමය ඍද්ධි කියායි. ඒ ඒ තන්හි යහපත් ප්‍රයෝග හේතුවෙන් සද්ධර්ම අර්ථයෙන් සෘද්ධි නමි.
තාසං ඉදං නානත්තං – පකතියා එකො බහුකං ආවජ්ජෙති, සතං වා සහස්සං වා ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති “බහුකො හොමී”ති (පටි· ම· 3.10) එවං විභජිත්වා දස්සිතා ඉද්ධි අධිට්ඨානවසෙන නිප්ඵන්නත්තා අධිට්ඨානා ඉද්ධි නාම. තස්සායමත්ථො – අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය සචෙ සතං ඉච්ඡති “සතං හොමි, සතං හොමී”ති කාමාවචරපරිකම්මචිත්තෙහි පරිකම්මං කත්වා පුන අභිඤ්ඤාපාදකං ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය පුන ආවජ්ජිත්වා අධිට්ඨාති, අධිට්ඨානචිත්තෙන සහෙව සතං හොති. සහස්සාදීසුපි එසෙව නයො.
ඔවුන්ගේ නානාත්වය මෙයයි. ප්‍රකෘතියෙන් එකෙක් බහුත්වය මෙනෙහි කරයි. සියයක් හෝ දහසක් හෝ මෙනෙහිකොට නුවණින් බොහෝ වෙමි’යි අධිෂ්ඨාන කරයි. මෙසේ බෙදා දක්වන ලද ඍද්ධිය අධිෂ්ඨාන වශයෙන් නිපන් බැවින් අධිෂ්ඨාන ඍද්ධි නමි. එහි මේ අර්ථයයි. අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී ඉදින් සියයක් කැමති නම් සියයක් වෙමි. සියයක් වෙමියි කාමාවචර පරිකර්ම සිත්වලින් පරිකර්ම කොට නැවත අභිඥාපාදක ධ්‍යානයට සමවැද ඉන් නැගී නැවත ආවර්ජනා කොට අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨාන සිතත් සමගම සියයක් වෙයි. සහස්රාදියෙහි ද ක්‍රමයයි.
තත්ථ පාදකජ්ඣානචිත්තං නිමිත්තාරම්මණං පරිකම්මචිත්තානි සතාරම්මණානි වා සහස්සාදීසු අඤ්ඤතරාරම්මණානි වා, තානි ච ඛො වණ්ණවසෙන, නො පණ්ණත්තිවසෙන. අධිට්ඨානචිත්තම්පි සතාරම්මණමෙව, තං පන අප්පනාචිත්තං විය ගොත්රභුඅනන්තරමෙව උප්පජ්ජති රූපාවචරචතුත්ථඣානිකං . සො පන පකතිවණ්ණං විජහිත්වා කුමාරවණ්ණං වා දස්සෙති නාගවණ්ණං වා දස්සෙති. සුපණ්ණවණ්ණං වා…පෙ… විවිධම්පි සෙනාබ්යූහං වා දස්සෙතීති (පටි· ම· 3.13) එවං ආගතා ඉද්ධි පකතිවණ්ණවිජහනවිකාරවසෙන පවත්තත්තා විකුබ්බනිද්ධි නාම.
එහි පාදකධ්‍යාන සිත නිමිත්තකාරම්මණයි. පරිකර්ම සිත් සතාරම්මණ හෝ සහස්රාදියෙහි අන්‍යතර අරමුණු හෝ වෙයි. ඒවා වර්ණ වශයෙනි. ප්රඥප්ති වශයෙන් නොවේ. අධිෂ්ඨාන සිත ද සතාරම්මණමය. ඒ වනාහි අර්පණා සිත මෙන් රූපාවචර චතුර්ථධ්යානික ගොත්රභූ සිතට අනතුරුවම උපදී. එය වනාහි ප්‍රකෘති වර්ණය හැර කුමාර වර්ණය හෝ පෙන්වයි. නාගවර්ණය හෝ දක්වයි. සුපර්ණ වර්ණය හෝ -පෙ- විවිධ සේනාව්යුහ දකියි. මෙසේ ආවා වූ ප්‍රකෘති වර්ණය හැර දමන විකාර වශයෙන් පවත්නා බැවින් විකුවර්ණ සමෘද්ධි නමි.
“ඉධ භික්ඛු ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රිය”න්ති (පටි· ම· 3.14) ඉමිනා නයෙන ආගතා ඉද්ධි සරීරස්සෙව අබ්භන්තරෙ අඤ්ඤස්ස මනොමයස්ස සරීරස්ස නිප්ඵත්තිවසෙන පවත්තත්තා මනොමයිද්ධි නාම.
මෙහි භික්ෂුව මේ ශරීරයෙන් වෙනත් රූපී මනෝමය සියලු අඟපසඟ ඇති විශිෂ්ට ඉන්ද්‍රියන් ඇති වෙනත් කයක් මවයි. මේ ආකාරයෙන් ආ සෘද්ධිය ශරීරාභ්‍යන්තරයෙහි ද අනුන්ගේ මනෝමය ශරීර නිෂ්පත්තිය වශයෙන් පවත්නා බැවින් මනෝමය ඍද්ධි නමි.
ඤාණුප්පත්තිතො පුබ්බෙ වා පච්ඡා වා තඞ්ඛණෙ වා තෙන අත්තභාවෙන පටිලභිතබ්බඅරහත්තඤාණානුභාවෙන නිබ්බත්තො විසෙසො ඤාණවිප්ඵාරො ඉද්ධි නාම. ආයස්මතො බාකුලස්ස ච ආයස්මතො සංකිච්චස්ස ච ඤාණවිප්ඵාරා ඉද්ධි, තෙසං වත්ථු චෙත්ථ කථෙතබ්බං (අ· නි· අට්ඨ· 1.1.226).
ඤාණෝත්පත්තියෙන් පෙර හෝ පසු හෝ එකෙණෙහි හෝ වෙයි. ඒ ආත්මභාවයෙන් ලැබිය යුතු අර්හත් ඤාණානුභාවයෙන් නිපන් විශේෂය ඤාණවිප්ඵාර ඍද්ධි නමි. ආයුෂ්මත් බක්කුල තෙරුන්ගේ ද සංකිච්ච තෙරුන්ගේ ද ඤාණ විප්ඵාරා ඍද්ධියයි. උන්වහන්සේලාගේ වස්තු මෙහි දැක්විය යුතුය.
සමාධිතො පුබ්බෙ වා පච්ඡා වා තඞ්ඛණෙ වා සමථානුභාවෙන නිබ්බත්තො විසෙසො සමාධිවිප්ඵාරා ඉද්ධි නාම. ආයස්මතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි (උදා· 34), ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි (ම· නි· 1.507), ආයස්මතො ඛාණුකොණ්ඩඤ්ඤස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි (ධ· ප· අට්ඨ· 1.ඛාණුකොණ්ඩඤ්ඤත්ථෙරවත්ථු), උත්තරාය උපාසිකාය සමාධිවිප්ඵාරා ඉද්ධි (ධ· ප· අට්ඨ· 2.උත්තරාඋපාසිකාවත්ථු; අ· නි· අට්ඨ· 1.1.262), සාමාවතියා උපාසිකාය සමාධිවිප්ඵාරා ඉද්ධීති (ධ· ප· අට්ඨ· 1.සාමාවතීවත්ථු; අ· නි· අට්ඨ· 1.1.260-261) තෙසං වත්ථූනෙත්ථ කථෙතබ්බානි, ගන්ථවිත්ථාරදොසපරිහාරත්ථං පන මයා න විත්ථාරිතානි.
සමාධියෙන් පෙර හෝ පසු හෝ එකෙණෙහි සමථානුභාවයෙන් නිපන් විශේෂය සමාධි විප්ඵාරා ඍද්ධියයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේගේ සඤ්ජීව තෙරුන්ගේ ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ [missing trans] සාමාවතී උපාසිකාවගේ සමාධිවිප්ඵාරා ඍද්ධියයි. උන්වහන්සේලාගේ කථා මෙහි දැක්විය යුතුයි. ග්රන්ථ විස්තාර දෝෂ මඟහැරීමට මා විසින් විස්තර නොදක්වන ලදි.
කතමා අරියා ඉද්ධි? ඉධ භික්ඛු සචෙ ආකඞ්ඛති “පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය”න්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති, සචෙ ආකඞ්ඛති “අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය”න්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති…පෙ… උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානොති (පටි· ම· 3.17). අයඤ්හි චෙතොවසිප්පත්තානං අරියානංයෙව සම්භවතො අරියා ඉද්ධි නාම.
ආර්ය සෘද්ධිය කුමක්ද? මෙහි භික්ෂුව පිළිකුලෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කිරීමට ඉඳින් කැමති නම් නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරයි. නොපිළිකුලෙහි පිළිකුල් සංඥා ඇතිව ඉඳින් වාසය කිරීමට කැමති නම් නොපිළිකුලෙහි පිළිකුල් සංඥා ඇතිව වාසය කරයි. සිහි ඇතිව, ප්‍රඥා ඇතිව එහි උපේක්ෂකව වාසය කරයි. මෙය චිත්ත වසිතාප්රාප්ත ආර්යයන්ටම ලැබෙන හෙයින් ආර්ය ඍද්ධි නමි.
කතමා කම්මවිපාකජා ඉද්ධි? සබ්බෙසං පක්ඛීනං සබ්බෙසං දෙවානං පඨමකප්පිකානං මනුස්සානං එකච්චානඤ්ච විනිපාතිකානං වෙහාසගමනාදිකා කම්මවිපාකජා ඉද්ධි නාම. කතමා පුඤ්ඤවතො ඉද්ධි? රාජා චක්කවත්තී වෙහාසං ගච්ඡති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. ජටිලකස්ස ගහපතිස්ස අසීතිහත්ථො සුවණ්ණපබ්බතො නිබ්බත්ති. අයං පුඤ්ඤවතො ඉද්ධි නාම. ඝොසකස්ස ගහපතිනො (ධ· ප· අට්ඨ· 1.කුම්භඝොසකසෙට්ඨිවත්ථු) සත්තසු ඨානෙසු මාරණත්ථාය උපක්කමෙ කතෙපි අරොගභාවො පුඤ්ඤවතො ඉද්ධි. මෙණ්ඩකසෙට්ඨිස්ස (ධ· ප· අට්ඨ· 2.මෙණ්ඩකසෙට්ඨිවත්ථු) අට්ඨකරීසමත්තෙ පදෙසෙ සත්තරතනමයානං මෙණ්ඩකානං පාතුභාවො පුඤ්ඤවතො ඉද්ධි.
කර්මවිපාකජ ඍද්ධිය කුමක්ද? සියලු පක්ෂීන්ගේ සියලු දෙවියන්ගේ ආදිකල්පික මිනිසුන්ගේ සමහර විනිපාතිකයන්ගේ අහසේ ගමන් ආදිය කම්මවිපාකජ ඍද්ධි නමි. පුඤ්ඤවතො ඉද්ධි කුමක්ද? සක්විතිරජ සිව්රඟසෙන් සමග අහසින් යයි. ජටිලක ගෘහපති හට අසූරියන් රන් පර්වතයක් ලැබිණ. මේ පුඤ්ඤවතො ඉද්ධියයි. ඝෝෂිත ගෘහපති සත්තැනෙක මරණ උපක්රමයන් කරද්දී බේරීම පුඤ්ඤවතො ඉද්ධියයි. මෙණ්ඩක සිටාණන්ට අටකිරියක් පමණ කුඹුරෙහි සත්රුවන්මුවා බැටළුවන් පහළවීම පිනැතියන්ගේ ඍද්ධියයි.
කතමා විජ්ජාමයා ඉද්ධි? විජ්ජාධරා විජ්ජං පරිජප්පිත්වා වෙහාසං ගච්ඡන්ති, ආකාසෙ අන්තලික්ඛෙ හත්ථිම්පි දස්සෙන්ති…පෙ… විවිධම්පි සෙනාබ්යූහං දස්සෙන්තීති (පටි· ම· 3.18). ආදිනයප්පවත්තා විජ්ජාමයා ඉද්ධි නාම. තං තං කම්මං කත්වා නිබ්බත්තො විසෙසො ‘සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධී’ති අයං තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි නාම. ඉමිස්සා දසවිධාය ඉද්ධියා බලං ඉද්ධිබලං නාම, ඉදං මය්හං ඉද්ධිබලං න ජානන්තීති අත්ථො (විසුද්ධි· 2.375 ආදයො).
විජ්ජාමය ඍද්ධිය කුමක් ද? විද්‍යාධරයෝ මන්ත්‍ර ජපකොට අහසින් යති. අහසෙහි ඇතුන් දක්වති -පෙ- විවිධ සේනාවාහන දක්වති. මේ ආදි ක්‍රමයෙන් දක්වනුයේ විද්‍යාමය ඍද්ධිය. ඒ ඒ ක්‍රියා කොට නිපන් ක්‍රියා විශේෂ සම්පයෝගපච්චය සෘද්ධි නමි. මේ දසවැදෑරුම් ඍද්ධීන්ගේ බලය ඍද්ධිබල නමි. මාගේ මේ ඍද්ධිබල නොදනිති යන අර්ථයි.
පඤ්ඤාබලන්ති සබ්බලොකියලොකුත්තරගුණවිසෙසදායකං අරහත්තමග්ගපඤ්ඤාබලං අධිප්පෙතං, තම්පි එතෙ න ජානන්ති. කෙචි “ඡන්නං අසාධාරණඤාණානමෙතං අධිවචනං පඤ්ඤාබල”න්ති වදන්ති. බුද්ධබලන්ති එත්ථ බුද්ධබලං නාම බුද්ධානුභාවො, දසබලඤාණානි වා. තත්ථ දසබලඤාණානි නාම ඨානාට්ඨානඤාණං, අතීතානාගතපච්චුප්පන්නකම්මවිපාකජානනඤාණං, සබ්බත්ථගාමිනිපටිපදාඤාණං, අනෙකධාතුනානාධාතුලොකජානනඤාණං, නානාධිමුත්තිකඤාණං, ආසයානුසයඤාණං, ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසවොදානවුට්ඨානෙසු යථාභූතඤාණං, පුබ්බෙනිවාසානුස්සතිඤාණං, චුතූපපාතඤාණං, ආසවක්ඛයඤාණන්ති ඉමානි දස. ඉමෙසං දසන්නං ඤාණානං අධිවචනං බුද්ධබලන්ති. එදිසන්ති ඊදිසං, අයමෙව වා පාඨො.
පඤ්ඤාබලං යනු; ලොවී ලොවුතුරු ගුණවිශේෂ දෙන අර්හත් මාර්ග ප්‍රඥාබලය අභිප්‍රේතයි. එයද නොදනිති. සමහරු ෂඩ්අසාධාරණ ඥානවලට මෙය විශේෂණයකැයි කියති. බුද්ධබලං යනු; මෙහි බුද්ධබල නම් බුද්ධානුභාවයයි. දසබලඤාණය හෝ වෙයි. එහි දසබලඤාණ නම් ඨානාඨාන ඤාණය අතීත අනාගත වර්තමාන කර්ම විපාක දන්නා නුවණ. සර්වත්රගාමිණී පටිපදා ඤාණය අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ නානාධිමුත්තික නුවණ, ආසයානු සයඤාණය ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලෙ ස මොදාන උට්ඨානාදියෙහි යථාභූතඤාණය පුබ්බේනිවාසානුස්සති ඤාණ, චුතූපපාත ඤාණ, අනාවරණ ඤාණ යන දසයයි. මේ දසවිධ ඤාණයට බුද්ධබල යනු නාමයි. එදිසං යනු ඊදිසං යනුයි. අයමෙව කියාද පාඨයි.
හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො. අහන්ති අත්තානං නිද්දිසති. කිං වුත්තං හොති? යස්මා පනෙතෙ මම ඤාතකා බුද්ධබලං වා බුද්ධගුණෙ වා න ජානන්ති, කෙවලං අත්තනො මොඝජිණ්ණභාවං නිස්සාය මානවසෙන සබ්බලොකජෙට්ඨසෙට්ඨං මං න වන්දන්ති. තස්මා තෙසං මානකෙතු අත්ථි, තං භඤ්ජිත්වා වන්දනත්ථං බුද්ධබලං දස්සෙය්යන්ති වුත්තං හොති. දස්සයිස්සාමීති දස්සෙය්යං. “දස්සෙස්සාමී”ති ච පාඨො, සොයෙවත්ථො. බුද්ධබලන්ති බුද්ධානුභාවං, බුද්ධඤාණවිසෙසං වා. අනුත්තරන්ති නිරුත්තරං. චඞ්කමන්ති චඞ්කමිතබ්බට්ඨානං වුච්චති. මාපයිස්සාමීති මාපෙය්යං. “චඞ්කමනං මාපෙස්සාමී”ති ච පාඨො, සොයෙවත්ථො. නභෙති ආකාසෙ. සබ්බරතනමණ්ඩිතන්ති සබ්බෙහි රතිජනනට්ඨෙන රතනෙහි මුත්තා-මණි-වෙළුරිය-සඞ්ඛ-සිලා-පවාළ-රජත-සුවණ්ණ-මසාරගල්ල-ලොහිතඞ්කෙහි දසහි දසහි මණ්ඩිතො අලඞ්කතො සබ්බරතනමණ්ඩිතො, තං සබ්බරතනමණ්ඩිතං. “නභෙ රතනමණ්ඩිත”න්ති පඨන්ති කෙචි.
හන්ද යනු; ව්යවසර්ගාර්ථ නිපාතයකි. අහං යනු, තමන්වහන්සේ නිදර්ශිතයි. කුමක් කියන ලද ද? යම් හෙයකින් මේ මාගේ නෑයෝ බුද්ධ බලය හෝ බුද්ධ ගුණය නොදනිත්ද හුදෙක් තමන්ගේ හිස්මහලු බව නිසා මාන වශයෙන් සකලලෝක ජ්‍යෙෂ්ඨ වූ මා නොවඳිත්ද එහෙයින් මම ඔවුන්ගේ මාන කොඩි ඇති බව බිඳ වැන්දවීම පිණිස බුද්ධ බලය දක්වන්නෙමියි කියන ලදි. දස්සයිස්සාමිය; දක්වමි. දස්සෙස්සාමි කියා හෝ පාඨයි. එම අර්ථසමය. බුද්ධබලං යනු බුද්ධානුභාවයයි. බුද්ධඤාණ විශේෂ හෝ වෙයි. අනුත්තරං යනු; නිරුත්තරයි. චංකමං යනු; සක්මන් කළයුතු තැනයි. මාපයිස්සාමි යනු; මවන්නෙමි. චංකමනං මාපයාමි යනුද පාඨයි. එම අර්ථයමැයි. නභො යනු; ආකාශයෙහි යනුයි. සබ්බරතනමණ්ඩිතං යනු; සියලු රතිජනනාර්ථයෙන් රුවනින් මුතුමැණික් වෛඪූර්ය සක් සිලා පබළු රිදී ස්වර්ණ මැසිරිගල් ලොහිතංක යන දසයෙන් යුත් අලංකෘත, ඒ සියලු රත්නයෙන් මණ්ඩිත නමි. සමහරු නභෙරත්තමණ්ඩිතයයි හදාරති.
අථෙවං භගවතා චින්තිතමත්තෙ දසසහස්සචක්කවාළවාසිනො භුම්මාදයො දෙවා පමුදිතහදයා සාධුකාරමදංසු. තමත්ථං පකාසෙන්තෙහි සඞ්ගීතිකාරකෙහි –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතත්ම දසදහසක් සක්වළවැසි බූමාටු ආදි දෙවියෝ ප්‍රමුදිතව සාධුකාර දුන්හ. ඒ බව ප්‍රකාශ කරන සංගීතිකාරකයන් විසින්:-
“භුම්මා මහාරාජිකා තාවතිංසා, යාමා ච දෙවා තුසිතා ච නිම්මිතා; පරනිම්මිතා යෙපි ච බ්රහ්මකායිකා, ආනන්දිතා විපුලමකංසු ඝොස”න්ති. –
බූමාටු මහාරාජික තාවතිංසයාම දෙවියෝ ද තුසිත නිම්මිත පරනිම්මිත දෙවියෝ ද යම් ඒ බ්‍රහ්මකායික දෙවියෝ වෙත්ද සියල්ලෝ සතුටු වූවාහු මහත් ඝෝෂා කළහ.
ආදිගාථායො ඨපිතාති වෙදිතබ්බා.
ආදි ගාථා තබන ලදැයි දතයුතු.
තත්ථ භුම්මාති භුම්මට්ඨා, පාසාණපබ්බතවනරුක්ඛාදීසු ඨිතා. මහාරාජිකාති මහාරාජපක්ඛිකා. භුම්මට්ඨානං දෙවතානං සද්දං සුත්වා ආකාසට්ඨකදෙවතා, තතො අබ්භවලාහකා දෙවතා, තතො උණ්හවලාහකා දෙවතා, තතො සීතවලාහකා දෙවතා, තතො වස්සවලාහකා දෙවතා, තතො වාතවලාහකා දෙවතා, තතො චත්තාරො මහාරාජානො, තතො තාවතිංසා, තතො යාමා, තතො තුසිතා, තතො නිම්මානරතී, තතො පරනිම්මිතවසවත්තී, තතො බ්රහ්මකායිකා, තතො බ්රහ්මපුරොහිතා, තතො මහාබ්රහ්මානො, තතො පරිත්තාභා, තතො අප්පමාණාභා, තතො ආභස්සරා, තතො පරිත්තසුභා, තතො අප්පමාණසුභා, තතො සුභකිණ්හා, තතො වෙහප්ඵලා, තතො අවිහා, තතො අතප්පා, තතො සුදස්සා, තතො සුදස්සී, තතො අකනිට්ඨා දෙවතා සද්දං සුත්වා මහන්තං සද්දං අකංසු. අසඤ්ඤිනො ච අරූපාවචරසත්තෙ ච ඨපෙත්වා සොතායතනපවත්තිට්ඨානෙ සබ්බෙ දෙවමනුස්සනාගාදයො පීතිවසං ගතහදයා උක්කුට්ඨිසද්දමකංසූති අත්ථො. ආනන්දිතාති පමුදිතහදයා, සඤ්ජාතපීතිසොමනස්සා හුත්වාති අත්ථො. විපුලන්ති පුථුලං.
එහි භුම්මා යනු; භූම්යස්ථයෝය. ප්‍රාසාද පර්වත වන වෘක්ෂාදියෙහි වසන්නෝය. මහාරාජිකා යනු; මහාරාජ පාක්ෂිකයෝය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා ආකාසස්ථ දෙවියෝ අභ්‍රවලාහක දෙවියෝ එයින් උණ්හවලාහක දෙවියෝ එයින් සීතවලාහක දෙවියෝ එයින් වස්සවලාහක දෙවියෝ එයින් සතරවරම් රජවරු එයින් තව්තිසා වැසි දෙවියෝ එයින් යාම දෙවියෝ එයින් තුසිත දෙවියෝ එයින් නිම්මාණරති දෙවියෝ එයින් පරනිම්මිත වසවත්ති දෙවියෝ එයින් බ්රහ්මකායිකයෝ එයින් බ්‍රහ්ම පුරෝහිතයෝ එයින් මහාබ්‍රහ්මයා එයින් පරිත්තාභා දෙවියෝ එයින් අප්පමාණ්හා දෙවියෝ එයින් ආභස්සර දෙවියෝ එයින් පරිත්තසුභ දෙවියෝ එයින් සුභකිණ්ණක දෙවියෝ එයින් වේහප්ඵල දෙවියෝ එයින් අවිහ දෙවියෝ එයින් අතප්පා දෙවියෝ එයින් සුදස්ස දෙවියෝ එයින් සුදස්සී දෙවියෝ එයින් අකනිට්ඨක දෙවියෝ ශබ්ද අසා මහා ශබ්ද කළහ. අසංඥී සත්ත්වයන්ද අරූපාවචර සත්ත්වයන්ද හැර සොතායතනය පැවති තන්හි සියලු දෙව්මිනිස් නාගාදීහු ප්‍රීති වසඟයට පත් හදින් මහත් ශබ්ද කළහ යන අර්ථයි. ආනන්දිකා යනු; ප්‍රමුදිත සිත් ඇත්තාහුය. හටගත් ප්‍රීති සොම්නස් ඇත්තාහු යන අර්ථයි. විපුලං යනු; මහත්වූ.
අථ සත්ථා චින්තිතසමනන්තරමෙව ඔදාතකසිණසමාපත්තිං සමාපජ්ජිත්වා – “දසසු චක්කවාළසහස්සෙසු ආලොකො හොතූ”ති අධිට්ඨාසි. තෙන අධිට්ඨානචිත්තෙන සහෙව ආලොකො අහොසි පථවිතො පට්ඨාය යාව අකනිට්ඨභවනා. තෙන වුත්තං –
ඉක්බිති ශාස්තෘන් වහන්සේගේ සිතීමත් සමගම ඔදාතකසිණ සමාපත්තියට සමවැද දසදහසක් සක්වළ ආලෝක වේවායි අධිෂ්ඨාන කළහ. ඒ අදිටන් සිතත් සමගම පොළව පටන් අකනිටා භවනය තෙක් ආලෝක විය. එයින් කියන ලදි:-
“ඔභාසිතා ච පථවී සදෙවකා, පුථූ ච ලොකන්තරිකා අසංවුතා; තමො ච තිබ්බො විහතො තදා අහු, දිස්වාන අච්ඡෙරකං පාටිහීර”න්ති.
ආශ්චර්යමත් ප්රාතිහාර්යය දැක එදා දෙව්ලෝ සහිත පෘථුවිය ආලෝකමත් විය. බොහෝවූ ලෝකාන්තරික ද අසංවෘත විය. එදා තියුණු අන්ධකාරය නැතිවිය.
තත්ථ ඔභාසිතාති පකාසිතා. පථවීති එත්ථායං පථවී චතුබ්බිධා – කක්ඛළපථවී, සසම්භාරපථවී, නිමිත්තපථවී, සම්මුතිපථවීති. තාසු “කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගත”න්තිආදීසු (විභ· 173) වුත්තා අයං කක්ඛළපථවී නාම. “යො පන භික්ඛු පථවිං ඛණෙය්ය වා ඛණාපෙය්ය වා”තිආදීසු (පාචි· 85) වුත්තා සසම්භාරපථවී, යෙ ච කෙසාදයො වීසති කොට්ඨාසා, අයොලොහාදයො ච බාහිරා; සාපි වණ්ණාදීහි සම්භාරෙහි සද්ධිං පථවීති සසම්භාරපථවී නාම. “පථවීකසිණමෙකො සඤ්ජානාතී”තිආදීසු (දී· නි· 3.360) නිමිත්තපථවී “ආරම්මණපථවී”තිපි වුච්චති. පථවීකසිණඣානලාභී දෙවලොකෙ නිබ්බත්තො ආගමනවසෙන “පථවීදෙවො”ති නාමං ලභති. වුත්තඤ්හෙතං – “ආපො ච දෙවා පථවී”තිආදීසු (දී· නි· 2.340) අයං සම්මුතිපථවී, පඤ්ඤත්තිපථවී නාමාති වෙදිතබ්බා. ඉධ පන සසම්භාරපථවී අධිප්පෙතා (ම· නි· අට්ඨ· 1.2 පථවීවාරවණ්ණනා).
එහි ඔභාසිතා යනු; ආලෝකවත් විය. පඨවි යනු; මෙහි මේ පෘථුවිය ලක්ඛණපඨවි ස සම්හාර පඨවි නිමිත්ත පඨවි සම්මුති පඨවි කියා සිව්වැදෑරුම් වෙයි. එයින් ඇවැත්නි, ආධ්‍යාත්මික පඨවිධාතුව කුමක් ද? ආධ්‍යාත්මික ප්රත්යාත්මික කර්කශ රළු යමක් ආදියෙහි කියන ලද මෙය ලක්ෂණ පඨවියයි. යම් භික්ෂුවක් පෘථුවිය සාරයි ද සාරවයි ද ආදියෙහි කියන ලද්දා වූ ද යම් කේශාදි විසි කොටස් අයශ් ලෝහාදිය බාහිර වර්ණාදි සම්භාර සමගින් මෙය සසම්භාර පඨවියයි. පඨවිකසිණමෙකො සඤ්ජානාති යන ආදියෙහි නිමිත්තපඨවියයි. ආරම්මණපඨවි කියාද කියයි. පඨවිකසිණ ධ්‍යානලාභී දෙව්ලොව උපන් තැනැත්තා ද පැමිණීම් වශයෙන් පඨවිදේවයයි නම් ලබයි. ආපෝ ච දේවා පඨවී ච ආදියෙහි මෙය කියන ලදි. මෙය සම්මුති පඨවි පඤ්ඤත්තිපඨවි නමැයි දත යුතුය. මෙහි වනාහි ස සම්හාර පඨවිට අභිප්‍රේතයි.
සදෙවකාති සදෙවලොකා. “සදෙවතා”තිපි පාඨො අත්ථි චෙ සුන්දරතරං, සදෙවකො මනුස්සලොකො ඔභාසිතොති අත්ථො. පුථූති බහූ. ලොකන්තරිකාති අසුරකායනරකානමෙතං අධිවචනං, තා පන තිණ්ණං චක්කවාළානං අන්තරා එකා ලොකන්තරිකා හොති, තිණ්ණං සකටචක්කානං අඤ්ඤමඤ්ඤං ආහච්ච ඨිතානං මජ්ඣෙ ඔකාසො විය එකෙකො ලොකන්තරිකනිරයො, පරිමාණතො අට්ඨයොජනසහස්සො හොති. අසංවුතාති හෙට්ඨා අප්පතිට්ඨා. තමො චාති අන්ධකාරො. තිබ්බොති බහලො ඝනො. චන්දිමසූරියාලොකාභාවතො නිච්චන්ධකාරොව හොති. විහතොති විද්ධස්තො. තදාති යදා පන භගවා සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච පාටිහාරියකරණත්ථං ආලොකං ඵරි, තදා සො තමො තිබ්බො ලොකන්තරිකාසු ඨිතො, විහතො විද්ධස්තො අහොසීති අත්ථො.
සදේවකා යනු; දිව්‍යලෝක සහිත යනුයි. සදේවතා කියාද පාඨයි. සුන්දරතර දිව්‍යලෝක සහිත මනුෂ්‍ය ලෝකය ආලෝකමත්ව ඇත යන අර්ථයි. පුථ යනු; බොයි. ලෝකස්සරිකා යනු; මෙය අසුරකාය නිරයවලට නමකි. ඒ වනාහි තුන්සක්වළක් අතර එක් ලෝකාන්තරිකයක් වෙයි. තුන් ගැල් සකක් එකිනෙක හැපෙන සේ තැබූ විට මැද අවකාශය මෙනි. එක් එක් ලොකාන්තරිකය ප්‍රමාණයෙන් යොදුන් අටදහසක් වෙයි. සංවුතා යනු; යට නොපිහිටි. තමොචර යනු අන්ධකාරයයි. තිබ්බො යනු; ඝන බහල යනුයි. විභතො යනු; නැති විය. තදා යනු, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් වෙත කරුණාවෙන් පෙළහර කිරීම පිණිස ආලෝකය පැතිරවූහ. එකල්හි ලෝකාන්තරිකවල පැවති ඝණ අඳුර පහවිය. විනාශ විය යන අර්ථයි.
අච්ඡෙරකන්ති අච්ඡරාපහරණයොග්ගං, විම්හයවසෙන අඞ්ගුලීහි පහරණයොග්ගන්ති අත්ථො. පාටිහීරන්ති පටිපක්ඛහරණතො පාටිහීරං. පටිහරති සත්තානං දිට්ඨිමානොපගතානි චිත්තානීති වා පාටිහීරං, අප්පසන්නානං සත්තානං පසාදං පටිආහරතීති වා පාටිහීරං. “පාටිහෙර”න්තිපි පාඨො, සොයෙවත්ථො. එත්ථ ආලොකවිධානවිසෙසස්සෙතං අධිවචනං. දිස්වාන අච්ඡෙරකං පාටිහීරන්ති එත්ථ දෙවා ච මනුස්සා ච ලොකන්තරිකාසු නිබ්බත්තසත්තාපි ච තං භගවතො පාටිහාරියං දිස්වා පරමප්පීතිසොමනස්සං අගමංසූති ඉදං වචනං ආහරිත්වා අත්ථො දට්ඨබ්බො, ඉතරථා න පුබ්බෙන වා පරං, න පරෙන වා පුබ්බං යුජ්ජති.
අංඛඡරකය යනු අසුර ගැසීමට යෝග්‍ය, විස්මය වශයෙන් ඇඟිලි පැහැරීමට යෝග්‍ය යන අර්ථයි. පාටිහීරං යනු; ප්රතිපක්ෂ කරණයෙන් පාටීහීරයි. සත්ත්වයන්ගේ දිට්ඨිමානගත සිත් ඇදගනීනුයි හෝ පාටිහීරයි. නොපහන් සත්ත්වයන්ගේ ප්‍රසාදය නැවත ගෙනස්නුයි හෝ පාටිහීරයි. පාටිහෙරං යනු ද පාඨයි. එම අර්ථයමැයි. මෙහි ආලෝක පැතිරවීම් විශේෂයට මේ නාමයකි. දිස්වාන අච්ඡෙරකං පාටිහීරං යනු; මෙහි දෙව් මිනිස් හා ලෝකාන්තරිකවල උපන් සත්ත්වයෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ඒ ප්රාතිහාර්යය දැක පරම ප්‍රීති සොම්නසට පැමිණියහ යන මේ වචනය රැගෙන අර්ථය දැක්විය යුතුය. අණ පරිදි පූර්වයෙන් අපරය හෝ අපරයෙන් පූර්වය හෝ නොගැළපේ.
ඉදානි න කෙවලං මනුස්සලොකෙසුයෙව ආලොකො අත්ථි, සබ්බත්ථ තිවිධෙපි සඞ්ඛාරසත්තොකාසසඞ්ඛාතෙ ලොකෙ ආලොකොයෙවාති දස්සනත්ථං –
දැන් ආලෝකය හුදෙක් මනුෂ්‍ය දිව්‍ය ලෝකවල පමණක් නොව හැමතැන සංඛාර සත්ත්ව අවකාශ සංඛ්‍යාත ලෝකයෙහි ආලෝකයට දැක්වීමට:-
“සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසෙ, ආභා උළාරා විපුලා අජායථ; ඉමස්මිං ලොකෙ පරස්මිඤ්චොභයස්මිං, අධො ච උද්ධං තිරියඤ්ච විත්ථත”න්ති. – අයං ගාථා වුත්තා;
සදෙව ගනධබ්බ මනුස්සරක්ඛසෙ ආභා උළාරා බහුලා අජායථ ඉමස්මිං ලොකෙ පරස්මිං චොභයෙ අධොපි උද්ධං කිරියං ච විත්ථතන්ති - යන මේ ගාථාව කියන ලදි.
තත්ථ දෙවාති සම්මුතිදෙවා උපපත්තිදෙවා විසුද්ධිදෙවාති සබ්බෙපි දෙවා ඉධ සඞ්ගහිතා. දෙවා ච ගන්ධබ්බා ච මනුස්සා ච රක්ඛසා ච දෙවගන්ධබ්බමනුස්සරක්ඛසා. සහ දෙවගන්ධබ්බමනුස්සරක්ඛසෙහීති සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසො. කො පන සො? ලොකො, තස්මිං සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසෙ ලොකෙ. ආභාති ආලොකො. උළාරාති එත්ථායං උළාර-සද්දො මධුරසෙට්ඨවිපුලාදීසු දිස්සති. තථා හෙස “උළාරානි ඛාදනීයභොජනීයානි ඛාදන්ති භුඤ්ජන්තී”තිආදීසු (ම· නි· 1.366) මධුරෙ දිස්සති. “උළාරාය ඛො පන භවං වච්ඡායනො පසංසාය සමණං ගොතමං පසංසතී”තිආදීසු (ම· නි· 1.288) සෙට්ඨෙ. “අතික්කම්ම දෙවානං දෙවානුභාවං අප්පමාණො උළාරො ඔභාසො”තිආදීසු (දී· නි· 2.32; ම· නි· 3.201) විපුලෙ. ස්වායං ඉධ සෙට්ඨෙ දට්ඨබ්බො (දී· නි· අට්ඨ· 3.142; වි· ව· අට්ඨ· 1). විපුලාති අප්පමාණා. අජායථාති උප්පජ්ජි උදපාදි පවත්තිත්ථ. ඉමස්මිං ලොකෙ පරස්මිඤ්චාති ඉමස්මිං මනුස්සලොකෙ ච පරස්මිං දෙවලොකෙ චාති අත්ථො. උභයස්මින්ති තදුභයස්මිං, අජ්ඣත්තබහිද්ධාදීසු විය දට්ඨබ්බං. අධො චාති අවීචිආදීසු නිරයෙසු. උද්ධන්ති භවග්ගතොපි උද්ධං අජටාකාසෙපි. තිරියඤ්චාති තිරියතොපි දසසු චක්කවාළසහස්සෙසු. විත්ථතන්ති විසටං. අන්ධකාරං විධමිත්වා වුත්තප්පකාරං ලොකඤ්ච පදෙසඤ්ච අජ්ඣොත්ථරිත්වා ආභා පවත්තිත්ථාති අත්ථො. අථ වා තිරියඤ්ච විත්ථතන්ති තිරියතො විත්ථතං මහන්තං, අප්පමාණං පදෙසං ආභා ඵරිත්වා අට්ඨාසීති අත්ථො.
එහි දේවා යනු; සම්මුති දේව උප්පත්ති දේව විසුද්ධි දේව යන සියලු දෙවියෝම මෙහි සංගෘහිතය. දේවා ච ගන්ධබ්බා ච මනුස්සා ච රක්ඛසා ච දෙව ගන්ධබ්බ මනුස්සරක්ඛසො යි. ඔහු කවරෙක් ද? ලෝකයයි. ඒ දෙවියන් ගන්ධර්වයන් මිනිසුන් රකුසන් සහිත ලෝකයෙහි. ආභා යනු; ආලෝකයයි. උළාරා යනු; මෙහි මෙම උළාර ශබ්දය මධුර ශ්‍රේෂ්ඨ ප්‍රමාණ විපුල ආදියෙහි දක්නා ලැබේ. එසේමැයි. මෙය උළාරානි උළාරානි ඛාදනීයානි භොජනී යානි ඛාදන්ති භුඤ්ජන්ති ආදියෙහි මධුරයෙහි දැක්වේ. උළාරාය ඛො පන භවං වච්ඡායනො පසංසාය සමණං ගොතමං පසංසති යන ආදියෙහි ශ්රේෂ්ඨයෙහිය. අතික්කමං දේවානං දේවානුභාවං අප්පමාණො උළාරො ඔභාසො යන ආදියෙහි විපුලාර්ථයෙහිය. එය මෙහි ශ්රේෂ්ඨාර්ථයෙහි දැකිය යුතුය. විපුලා යනු; අප්‍රමාණය. අජායථ යනු; උපන්නේය. පහළ විය. පැවැත්තේය. ඉමස්මිං ලොකෙ පරස්මිං යනු; මේ මිනිස්ලොව පරස්මිං දෙව්ලොව ද යන අර්ථයි. ආධ්‍යාත්ම බාහිර දෙපක්ෂයෙහි යන්නෙහි මෙන් දතයුතුයි. අධොප යනු; අවීචි ආදි නිරයන්හි. උද්ධං යනු; භවාග්රයෙනුත් උඩ අජටාකාශයෙහිත්. තිරියංච යනු; සරසින් දසදහසක් සක්වළ. විත්ථතං යනු; සරසින් පැතිරුණු මහත් අපමණ පෙදෙසක ආලෝකය පැතිර පැවැත්තේය යන අර්ථයි.
අථ භගවා දසසහස්සචක්කවාළෙසු ආලොකඵරණං කත්වා අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය ආවජ්ජිත්වා අධිට්ඨානචිත්තෙන ආකාසමබ්භුග්ගන්ත්වා තෙසං ඤාතීනං සීසෙසු පාදපංසුං ඔකිරමානො විය මහතියා දෙවමනුස්සපරිසාය මජ්ඣෙ යමකපාටිහාරියං දස්සෙති. තං පන පාළිතො එවං වෙදිතබ්බං (පටි· ම· 1.116) –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දසදහසක් සක්වළ ආලෝකය පතුරුවා අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැද ඉන් නැගී ආවර්ජනා කොට අධිෂ්ඨාන සිතින් අහසට පැන නැගී ඒ නෑයන්ගේ හිස්හි පාදූලි ඉසින්නාක් මෙන් මහත් දෙව්මිනිස් පිරිස් මැද යමක ප්රාතිහාර්යය දැක්වූ සේක. එය පාළියෙන් මෙසේ දතයුතුය.
“කතමං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං? ඉධ තථාගතො යමකපාටිහීරං කරොති අසාධාරණං සාවකෙහි උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති. හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තති…පෙ… පුරත්ථිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පච්ඡිමකායතො උදකධාරා පවත්තති. පච්ඡිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පුරත්ථිමකායතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණඅක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමඅක්ඛිතො උදකධාරා පවත්තති. වාමඅක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණඅක්ඛිතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණකණ්ණසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමකණ්ණසොතතො උදකධාරා පවත්තති. වාමකණ්ණසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණකණ්ණසොතතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමනාසිකාසොතතො උදකධාරා පවත්තති. වාමනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණනාසිකාසොතතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණඅංසකූටතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමඅංසකූටතො උදකධාරා පවත්තති. වාමඅංසකූටතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණඅංසකූටතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමහත්ථතො උදකධාරා පවත්තති. වාමහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණහත්ථතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණපස්සතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපස්සතො උදකධාරා පවත්තති. වාමපස්සතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණපස්සතො උදකධාරා පවත්තති…පෙ… දක්ඛිණපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපාදතො උදකධාරා පවත්තති. වාමපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණපාදතො උදකධාරා පවත්තති…පෙ… අඞ්ගුලඞ්ගුලෙහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලන්තරිකාහි උදකධාරා පවත්තති. අඞ්ගුලන්තරිකාහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලඞ්ගුලෙහි උදකධාරා පවත්තති…පෙ… එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තති. ලොමකූපතො ලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, ලොමකූපතො ලොමකූපතො උදකධාරා පවත්තති – ඡන්නං වණ්ණානං නීලානං පීතකානං ලොහිතකානං ඔදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං.
තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යයෙහි ඤාණය කුමක්ද? මෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණ වූ යමක ප්රාතිහාර්යය කරති. උඩුකයින් ගිනිකඳ පවත්වති. යටිකයින් දියකඳ පවත්වති. යටිකඳින් ගිනිකඳ පවත්වති. උඩුකඳින් දියකඳ පවත්වති. පෙරකයින්-පෙ- පසුකයින් දකුණින් වටින් වමැසින් දකුණැසින් දකුණුකන් සිදුරෙන් වම් කන් සිදුරෙන් වම් කන් සිදුරෙන් දකුණු කන් සිදුරෙන් දකුණු නාසා පුටයෙන් වම් නාසා පුටයෙන් දකුණු නාසා පුටයෙන් දකුණු ආසකූටයෙන් වම් ආසකූටයෙන් දකුණතින් වමතින් වමතින් දකුණතින් දකුණු පසින් වම්පසින් වම්පසින් දකුණු පසින් දකුණු පසින් වම් පසින් වම්පසින් දකුණු පසින් ඇඟිල්ලෙන් ඇඟිල්ල ඇඟිලි අතරින් එක් එක් ලෝමයෙන් ලෝමකූපයෙන් ගිනිකඳ පවත්වති. දියකඳ පවත්වති. නීල, පීත, ලෝහිත, ඕදාත, මඤ්ජෙට්ඨ සහස්සර යන රැස් විහිදුවති.
“භගවා චඞ්කමති, නිම්මිතො තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. භගවා තිට්ඨති, නිම්මිතො චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. භගවා නිසීදති, නිම්මිතො චඞ්කමති වා තිට්ඨති වා සෙය්යං වා කප්පෙති. භගවා සෙය්යං කප්පෙති, නිම්මිතො චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා. නිම්මිතො චඞ්කමති, භගවා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. නිම්මිතො තිට්ඨති, භගවා චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. නිම්මිතො නිසීදති, භගවා චඞ්කමති වා තිට්ඨති වා සෙය්යං වා කප්පෙති. නිම්මිතො සෙය්යං කප්පෙති, භගවා චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා, ඉදං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණන්ති වෙදිතබ්බං”.
භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරති. නිර්මිත බුදුහු සිටිති හෝ හිඳිති. සැතපෙන්නේ හෝ වෙති. නිර්මිත බුදුහු සැතපෙති. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරති. හිඳිති. සිටුනේ හෝ වෙති. මෙය තථාගතයන් වහන්සේ යමක ප්‍රාතිහාර්යයෙහි ඤාණයයි.
තස්ස පන භගවතො තෙජොකසිණසමාපත්තිවසෙන උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති. ආපොකසිණසමාපත්තිවසෙන හෙට්ඨිමකායතො උදකධාරා පවත්තතීති පුන උදකධාරාය පවත්තට්ඨානතො අග්ගික්ඛන්ධො පවත්තති, අග්ගික්ඛන්ධස්ස පවත්තට්ඨානතො උදකධාරා පවත්තතීති දස්සෙතුං, “හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තතී”ති වුත්තන්ති වෙදිතබ්බා. එසෙව නයො සෙසපදෙසුපි. අග්ගික්ඛන්ධො පනෙත්ථ උදකධාරාය අසම්මිස්සොව අහොසි. තථා උදකධාරා අග්ගික්ඛන්ධෙන. රස්මීසු පන දුතියා දුතියා රස්මි පුරිමාය පුරිමාය යමකා විය එකක්ඛණෙ පවත්තති. ද්වින්නඤ්ච චිත්තානං එකක්ඛණෙ පවත්ති නාම නත්ථි, බුද්ධානං පන භවඞ්ගපරිවාසස්ස ලහුකතාය පඤ්චහාකාරෙහි චිණ්ණවසිතාය එතා රස්මියො එකක්ඛණෙ විය පවත්තන්ති, තස්සා පන රස්මියා ආවජ්ජනපරිකම්මාධිට්ඨානානි විසුංයෙව. නීලරස්මිඅත්ථාය හි භගවා නීලකසිණං සමාපජ්ජති. පීතරස්මිආදීනං අත්ථාය පීතකසිණාදීනි සමාපජ්ජති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ තේජෝකසිණ සමාපත්ති වශයෙන් උඩුකයින් ගිනිකඳ පවත්වති. ආපෝකසිණ සමාපත්ති වශයෙන් යටිකයින් උදකධාරා පවත්වති. නැවත දියදහරා පැවති තැනින් ගිනිකඳ පවතී. ගිනිකඳ පැවති තැනින් දියදහරා පවත්වති. දක්වන්නට යටිකයින් ගිනිකඳ උඩුකයින් උදකදහරා පවත්වතී කියන ලදැයි දතයුතු. සෙසු පදවලද මේ ක්‍රමයයි. මෙහි ගිනිකඳ දියදහර හා නොමුසුම විය. දියදහර ගිනිකඳ සමඟ ද එසේය. රශ්මිවල දෙවන දෙවන රශ්මි පළමු පළමු රශ්මි සමග යුගල මෙන් එක් සැණයෙහිම පවතී. දෙසිතක් එකවිට පැවැත්මක් නම් නැත. බුදුවරුන්ගේ වනාහි භවංග පරිවාසයෙහි ලඝුබව නිසා පස් අයුරකින් චිණ්ණවසතාව නිසා මේ රශ්මි එක්සැණයෙහි මෙන් පවතීති. ඒ රශ්මියෙහි ආවර්ජනා පරිකර්ම අධිෂ්ඨාන වෙනස්මය. නීලරශ්මිය පිණිස බුදුහු නීලකසිණයට සමවදිති. පීතරශ්මි ආදිය සඳහා පීතකසිණාදියට සමවදිති.
එවං භගවතො යමකපාටිහීරෙ කයිරමානෙ සකලස්සාපි දසසහස්සචක්කවාළස්ස අලඞ්කාරකරණකාලො විය අහොසි. තෙන වුත්තං –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ යමක ප්රාතිහාර්යය කරද්දී සියලු දසදහසක් සක්වළම සරසන කලක් මෙන් විය. එහෙයින් කියන ලදි:-
“සත්තුත්තමො අනධිවරො විනායකො, සත්ථා අහූ දෙවමනුස්සපූජිතො; මහානුභාවො සතපුඤ්ඤලක්ඛණො, දස්සෙසි අච්ඡෙරකං පාටිහීර”න්ති.
සත්තුතමො අනධිවරො විනායකො සත්ථා අහූ දෙව මනුස්සපූජිතො මහානුභාවො සතපුඤ්ඤ ලක්ඛණො දස්සෙසි අච්ඡෙරකං පාටිහීරංති
තත්ථ සත්තුත්තමොති අත්තනො සීලාදීහි ගුණෙහි සබ්බෙසු සත්තෙසු උත්තමො පවරො සෙට්ඨොති සත්තුත්තමො, සත්තානං වා උත්තමො සත්තුත්තමො. සත්තන්ති හි ඤාණස්ස නාමං, තෙන දසබලචතුවෙසාරජ්ජඡඅසාධාරණඤාණසඞ්ඛාතෙන සත්තෙන සෙට්ඨො උත්තමොති සත්තුත්තමො, සමානාධිකරණවසෙන සත්තො උත්තමොති වා සත්තුත්තමො. යදි එවං “උත්තමසත්තො”ති වත්තබ්බං උත්තම-සද්දස්ස පුබ්බනිපාතපාඨතො. න පනෙස භෙදො අනියමතො බහුලවචනතො ච නරුත්තමපුරිසුත්තමනරවරාදි-සද්දා විය දට්ඨබ්බො. අථ වා සත්තං උත්තමං යස්ස සො සත්තුත්තමො, ඉධාපි ච උත්තම-සද්දස්ස පුබ්බනිපාතො භවති. උත්තමසත්තොති විසෙසනස්ස පුබ්බනිපාතපාඨතො “චිත්තගූ පද්ධගූ”ති එත්ථ වියාති නායං දොසො. උභයවිසෙසනතො වා ආහිතග්ගිආදිපාඨො විය දට්ඨබ්බො. විනායකොති බහූහි විනයනූපායෙහි සත්තෙ විනෙති දමෙතීති විනායකො. සත්ථාති දිට්ඨධම්මිකසම්පරායිකත්ථෙහි යථාරහං සත්තෙ අනුසාසතීති සත්ථා. අහූති අහොසි. දෙවමනුස්සපූජිතොති දිබ්බෙහි පඤ්චකාමගුණෙහි දිබ්බන්ති කීළන්තීති දෙවා. මනස්ස උස්සන්නත්තා මනුස්සා, දෙවා ච මනුස්සා ච දෙවමනුස්සා, දෙවමනුස්සෙහි පූජිතො දෙවමනුස්සපූජිතො. පුප්ඵාදිපූජාය ච පච්චයපූජාය ච පූජිතො, අපචිතොති අත්ථො. කස්මා පන දෙවමනුස්සානමෙව ගහණං කතං, නනු භගවා තිරච්ඡානගතෙහිපි ආරවාළකාළාපලාලධනපාලපාලිලෙය්යකනාගාදීහි සාතාගිරාළවකහෙමවතසූචිලොමඛරලොමයක්ඛාදීහි විනිපාතගතෙහිපි පූජිතොයෙවාති? සච්චමෙවෙතං, උක්කට්ඨපරිච්ඡෙදවසෙන සබ්බපුග්ගලපරිච්ඡෙදවසෙන චෙතං වුත්තන්ති වෙදිතබ්බං. මහානුභාවොති මහතා බුද්ධානුභාවෙන සමන්නාගතො. සතපුඤ්ඤලක්ඛණොති අනන්තෙසු චක්කවාළෙසු සබ්බෙ සත්තා එකෙකං පුඤ්ඤකම්මං සතක්ඛත්තුං කරෙය්යුං එත්තකෙහි ජනෙහි කතකම්මං බොධිසත්තො සයමෙව එකකො සතගුණං කත්වා නිබ්බත්තො. තස්මා “සතපුඤ්ඤලක්ඛණො”ති වුච්චති. කෙචි පන “සතෙන සතෙන පුඤ්ඤකම්මෙන නිබ්බත්තඑකෙකලක්ඛණො”ති වදන්ති. “එවං සන්තෙ යො කොචි බුද්ධො භවෙය්යා”ති තං අට්ඨකථාසු පටික්ඛිත්තං. දස්සෙසීති සබ්බෙසං දෙවමනුස්සානං අතිවිම්හයකරං යමකපාටිහාරියං දස්සෙසි.
එහි සත්තුත්තමො යනු; ශීලාදි ගුණවලින් සියලු සත්ත්වයන් විෂයෙහි උතුම් පවර ශ්‍රේෂ්ඨයයි සත්තුත්තම යි. සත්තං යනු විඤ්ඤාණයට ද නමකි. එහෙයින් දසබල චතුර් වෛශාරද්‍ය අසාධාරණ ඤාණ සංඛ්‍යාත විඤ්ඤාණයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයා යි. සත්තුත්තම වෙයි. සත්තො උත්තමො සත්තුත්තමො යනු සමානාධිකරණ වශයෙනි. ඉඳින් මෙසේ උත්තමසත්තො යි කිවයුත්ත උත්තම ශබ්දය පූර්වයෙන් යොදා කීමෙන් මෙය දොසෙක් නොවේ. අනියමින් බාහුල්‍ය කථනයෙන් නරුත්තම පුරිසුත්තම නරවර ආදි ශබ්ද මෙන් දතයුතුය. නැතහොත් සත්ත උත්තමං යස්ස සො සත්තුත්තමො, මෙහිද උත්තම ශබ්දයාගේ මුලින් යෙදීම වෙයි. උත්තමසත්තො යි විශේෂණය මුලින් යොදා කීමෙන් චිත්තගු පංචගු යන තන්හි මෙනැයි මෙය දොසක් නොවේ. උභය විශේෂණ විසින් හෝ ආහිතග්ගි ආදි පාඨ මෙන් දතයුතුයි. විනායකො යනු; බොහෝ වූ විනය, උපායවලින් සත්ත්වයන් හික්මවති. දමනය කරතී විනායක නමි. සත්ථා යනු; මෙලොව පරලොව අර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයන්ට අනුශාසනා කරන්නේ සත්ථායි. අහූ යනු; විය. දේවමනුස්සපූජිතො යනු; පස්කම් ගුණයෙන් විනෝද වෙති, ක්‍රීඩා කෙරෙතියි දෙවියෝය. මනසෙහි උස්සන්නතාවෙන් මනුෂ්‍යයි. දේවා ච මනුස්සාච දෙව්මිනිසුන් විසින් පුදන ලද්දේ දෙවමනුස්සපූජිතො යි පුෂ්පාදි පූජාවෙන් ද ප්‍රත්‍ය පූජාවෙන් ද පුදන ලද්දේ බුහුමන් කරන ලද්දේ යන අර්ථයයි. කුමක් නිසා දෙව්මිනිසුන් පමණක් ගන්නා ලදද? කිම? භාග්‍යවතුන් වහන්සේ තිරිසන්ගතයන් විසින් ද ආරවාල, අපලාල, ධනපාල, පාරිලෙය්‍යක ඇතුන් විසින් ද සාතාගිරි, ආලවක, සූචිලොම, ඛරලොම යක්ෂාදීන් විසින් ද පුදන ලද්දාහු වෙත්මය. උත්කෘෂ්ට සීමා වශයෙන් ද භව්‍ය පුද්ගල වශයෙන් ද මෙය කියන ලදැයි දතයුතුය. මහානුභාවො යනු; මහත් බුද්ධානුභාවයෙන් යුක්ත වූවාහුයි. සතපුඤ්ඤලක්ඛණො යනු; අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්ඛණයයි කියනු ලැබේ. සමහරු වනාහි සියය සියය පින්කම්වලින් නිපන් එක් එක් ලක්ෂණ ඇත්තාහයි කියති. මෙසේ ඇති කළ යම් කිසිවෙක් බුදුවන්නාහයි අර්ථ කථාවල යොදන ලදි. දස්සෙසි යනු; සියලු දෙව්මිනිස් ආදීන්ට අතිශයින් විස්මය ජනක යමක ප්රාතිහාර්යය දැක්වූහ.
අථ සත්ථා ආකාසෙ පාටිහාරියං කත්වා මහාජනස්ස චිත්තාචාරං ඔලොකෙත්වා තස්ස අජ්ඣාසයානුකූලං ධම්මකථං චඞ්කමන්තො කථෙතුකාමො ආකාසෙ දසසහස්සචක්කවාළවිත්ථතං සබ්බරතනමයං රතනචඞ්කමං මාපෙසි. තෙන වුත්තං –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහස්හි යමක ප්රාතිහාර්යය කොට මහජනයාගේ සිත්හසර බලන්නාහු ඔවුන්ගේ අදහසට අනුකූල ධර්ම කථාවක් සක්මන් කරනු කැමතිව අහස දසදහසක් සක්වළ පැතිරි සර්වරත්නමය සක්මනක් මැවූහ. එයින් කියන ලදි:-
“සො යාචිතො දෙවවරෙන චක්ඛුමා, අත්ථං සමෙක්ඛිත්වා තදා නරුත්තමො; චඞ්කමං මාපයි ලොකනායකො, සුනිට්ඨිතං සබ්බරතනනිම්මිත”න්ති.
යො යාචිතො දෙවචරෙන චක්ඛුමා අත්ථං සමෙකඛිත්ව තදා නරුත්තමො චංකමං තත්ථ මාපයි ලොකනායකො සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතන්ති
තත්ථ සොති සො සත්ථා. යාචිතොති පඨමමෙව අට්ඨමෙ සත්තාහෙ ධම්මදෙසනාය යාචිතොති අත්ථො. දෙවවරෙනාති සහම්පතිබ්රහ්මුනා. චක්ඛුමාති එත්ථ චක්ඛතීති චක්ඛු, සමවිසමං විභාවයතීති අත්ථො. තං පන චක්ඛු දුවිධං – ඤාණචක්ඛු, මංසචක්ඛූති. තත්ථ ඤාණචක්ඛු පඤ්චවිධං – බුද්ධචක්ඛු, ධම්මචක්ඛු, සමන්තචක්ඛු, දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛූති. තෙසු බුද්ධචක්ඛු නාම ආසයානුසයඤාණඤ්චෙව ඉන්ද්රියපරොපරියත්තඤාණඤ්ච, යං “බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො”ති (දී· නි· 2.69; ම· නි· 1.283; 2.339; සං· නි· 1.172; මහාව· 9) ආගතං. ධම්මචක්ඛු නාම හෙට්ඨිමා තයො මග්ගා තීණි ච ඵලානි, යං “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී”ති (දී· නි· 1.355; සං· නි· 5.1081; මහාව· 16; පටි· ම· 2.30) ආගතං. සමන්තචක්ඛු නාම සබ්බඤ්ඤුතඤ්ඤාණං , යං “තථූපමං ධම්මමයං, සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛූ”ති (දී· නි· 2.70; ම· නි· 1.282; 2.338; සං· නි· 1.172; මහාව· 8) ආගතං. දිබ්බචක්ඛු නාම ආලොකවඩ්ඪනෙන උප්පන්නාභිඤ්ඤාචිත්තෙන සම්පයුත්තඤාණං, යං “දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙනා”ති (ම· නි· 1.148, 284, 385, 432; 2.341; 3.82, 261; මහාව· 10) ආගතං. පඤ්ඤාචක්ඛු නාම “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදී”ති (සං· නි· 5.1082; මහාව· 15; කථා· 405; පටි· ම· 2.30) එත්ථ පුබ්බෙනිවාසාදිඤාණං පඤ්ඤාචක්ඛූති ආගතං.
එහි සො යනු; ඒ ශාස්තෘන් වහන්සේ. යාචකො යනු; පළමුවෙන්ම අටවැනි සතියෙහි ධර්මදේශනය සඳහා අයදනා ලද්දේ යන අර්ථයි. දෙවවරෙන යනු; සහම්පතී බඹහු විසින්, චක්ඛුමා යනු; මෙහි චක්ඛතීති චක්ඛු සම විසම විභාවනය කරයි යන අර්ථයි. ඒ චක්ෂුස ද්විවිධය නැණැස මසැස කියායි. එහි නැණැස පස්වැදෑරුම්ය. බද්ධචක්ඛු ධම්මචක්ඛු සමන්තචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු යනුවෙනි. එයින් බුද්ධචක්ඛු නම් ආසයානුසය ඤාණයක් ඉන්ද්රිපරොපරියත්ති ඤාණයක්ය. යමක් බුද්ධචක්ඛු නා ලොකං ඔලොකෙති කියා ආයේද එයයි. ධම්මචක්ඛු නම් යටත් පිරිසෙයින් තුන්මහ තුන් ඵලයයි. යං විරජං වීතමලං ධම්ම-ධම්මචක්ඛු යන තැන ආයේ ද එයයි. සමන්තචක්ඛු නම් සබ්බඤ්ඤුත ඤාණයයි. යං තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමාතචක්ෂුයි ආයේ ද එයයි. දිබ්බචක්ඛු නම් ආලෝක වර්ධනයෙන් උපන් අභිඥා සිතෙන් සම්ප්‍රයුක්ත ඤාණයයි. යමක් දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන යනුවෙන් ආයේද එයයි. පඤ්ඤාචක්ඛු නම් චක්ඛුං උදපාදි ඤාණං උදපාදි යන මෙහි පුබ්බෙනිවාසාදි ඤාණය පඤ්ඤාචක්ඛු ආයේය.
මංසචක්ඛු නාම “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චා”ති (ම· නි· 1.204, 400; 3.421, 425-426; සං· නි· 2.43; 4.60; කථා· 465, 467) එත්ථ පසාදමංසචක්ඛු වුත්තං (දී· නි· අට්ඨ· 1.213). තං පන දුවිධං – සසම්භාරචක්ඛු පසාදචක්ඛූති. තෙසු ය්වායං අක්ඛිකූපකෙ අක්ඛිපත්තකෙහි පරිවාරිතො මංසපිණ්ඩො යත්ථ චතස්සො ධාතුයො වණ්ණගන්ධරසොජා සම්භවො ජීවිතං භාවො චක්ඛුපසාදො කායපසාදොති සඞ්ඛෙපතො තෙරස සම්භාරා හොන්ති. විත්ථාරතො පන සම්භවමානානි චතුසමුට්ඨානානි ඡත්තිංස ජීවිතං භාවො චක්ඛුපසාදො කායපසාදොති ඉමෙ කම්මසමුට්ඨානා චත්තාරො චාති සසම්භාරා හොන්ති, ඉදං සසම්භාරචක්ඛු නාම. යං පන සෙතමණ්ඩලපරිච්ඡින්නෙන කණ්හමණ්ඩලෙන පරිවාරිතෙ දිට්ඨමණ්ඩලෙ සන්නිවිට්ඨං රූපදස්සනසමත්ථං පසාදමත්තං, ඉදං පසාදචක්ඛු නාම. සබ්බානි පනෙතානි එකවිධානි අනිච්චතො සඞ්ඛතතො, දුවිධානි සාසවානාසවතො ලොකියලොකුත්තරතො, තිවිධානි භූමිතො උපාදිණ්ණත්තිකතො, චතුබ්බිධානි එකන්තපරිත්තඅප්පමාණානියතාරම්මණතො, පඤ්චවිධානි රූපනිබ්බානාරූපසබ්බාරම්මණානාරම්මණවසෙන, ඡබ්බිධානි හොන්ති බුද්ධචක්ඛාදිවසෙන. ඉච්චෙවමෙතානි වුත්තප්පකාරානි චක්ඛූනි අස්ස භගවතො සන්තීති භගවා චක්ඛුමාති වුච්චති. අත්ථං සමෙක්ඛිත්වාති චඞ්කමං මාපෙත්වා, ධම්මදෙසනානිමිත්තං දෙවමනුස්සානං හිතත්ථං උපපරික්ඛිත්වා උපධාරෙත්වාති අධිප්පායො. මාපයීති මාපෙසි. ලොකනායකොති සග්ගමොක්ඛාභිමුඛං ලොකං නයතීති ලොකනායකො. සුනිට්ඨිතන්ති සුට්ඨු නිට්ඨිතං, පරියොසිතන්ති අත්ථො. සබ්බරතනනිම්මිතන්ති දසවිධරතනමයං.
මංස චක්ඛු නම් චක්ඛුං ච පටිච්ච රූපෙච ය මෙහි මංසචක්ඛු කියන ලදි. එහි යම් මේ අක්ෂිකූපයෙහි ඇසිපිහාටුවලින් පිරිවරන ලද මස් පිඬුවයි. යම් තැනෙක්හි ධාතුසතර වර්ණ, ගන්ධ, රස, ඕජා සමඟම ජීවිත භාව චක්ඛුප්පසාද කායප්පසාද යයි තෙලෙස් සම්භාරයෙන් වෙති. විස්තර වශයෙන් සම්භව සමුට්ඨාන සතිසය ජීවිත භාව චක්ඛුප්පසාද කායප්පසාද යන කර්ම සතරද යන සතලිස් සම්භාරයෝ වෙති. මේ වනාහි සසම්භාර චක්ෂුසයි. යම් ඒ ශ්වෙත මණ්ඩලයෙන් සීමාවූ කෘෂ්ණ මණ්ඩලය පිරිවැරූ දෘෂ්ටි මණ්ඩලයෙහි පිවිසි රූප දැක්මට සමත් ප්‍රසාද මාත්‍රයක් වේද මෙය ප්‍රසාද චක්ෂුස නමි. මේ සියල්ල ඒකවිධය. අනිත්‍ය වශයෙන් සංඛත වශයෙන් එකාකාරය. සාස්‍රව අනාස්‍රව වශයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම්ය. භූමි වශයෙන් උපාදන්නත්තික වශයෙන් තෙවැදෑරුම්ය. එකන්ත පරිත්ත අප්පමාණ අනියත ආරම්මණ වශයෙන් සිව්වැදෑරුම්ය. රූප නිබ්බාන, අරූප සබ්බාරම්මණ නානාරම්මණ වශයෙන් පස්වැදෑරුම්ය. බුද්ධචක්ඛු ආදි වශයෙන් සවැදෑරුම් වෙයි. මෙසේ කියූ පරිදි මේ ඇස් බුදුරදුන්ට ඇත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ චක්ඛුමායි වෙති. මාපධි යනු; මැවූහ. ලෝකනායකො යනු; ලෝකය ස්වර්ග මෝක්ෂාභිමුඛයට ගෙන යන සේක්නුයි නායක නමි. සුනිට්ඨිතං යනු; මනාව නිමවන ලදි. අවසන් කළේය යන අර්ථයි. සබ්බරතනනිම්මිතං යනු; දසවිධ රත්නමය.
ඉදානි භගවතො තිවිධපාටිහාරියසම්පත්තිදස්සනත්ථං –
දැන් භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ ප්රාතිහාර්ය සම්පත්තිය දැක්වීම පිණිස:-
“ඉද්ධී ච ආදෙසනානුසාසනී, තිපාටිහීරෙ භගවා වසී අහු; චඞ්කමං මාපයි ලොකනායකො, සුනිට්ඨිතං සබ්බරතනනිම්මිත”න්ති. – වුත්තං;
ඉද්ධී ච ආදෙසනානු සාසනී තිපාධිහාරෙ භගවා වභී අහු චංකමං මාපයි ලොකනායකො සුනිට්ඨිතං සබ්බරතන නිම්මිතයන්ති - කියන ලදි.
තත්ථ ඉද්ධීති ඉද්ධිවිධං ඉද්ධිපාටිහාරියං නාම. තං පන එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොතීතිආදිනයප්පවත්තං (දී· නි· 1.239; ම· නි· 1.147; පටි· ම· 3.10). ආදෙසනාති පරස්ස චිත්තාචාරං ඤත්වා කථනං ආදෙසනාපාටිහාරියං, තං සාවකානඤ්ච බුද්ධානඤ්ච සතතධම්මදෙසනා. අනුසාසනීති අනුසාසනිපාටිහාරියං, තස්ස තස්ස අජ්ඣාසයානුකූලමොවාදොති අත්ථො. ඉති එතානි තීණි පාටිහාරියානි. තත්ථ ඉද්ධිපාටිහාරියෙන අනුසාසනිපාටිහාරියං මහාමොග්ගල්ලානස්ස ආචිණ්ණං, ආදෙසනාපාටිහාරියෙන අනුසාසනිපාටිහාරියං ධම්මසෙනාපතිස්ස, අනුසාසනිපාටිහාරියං පන බුද්ධානං සතතධම්මදෙසනා. තිපාටිහීරෙති එතෙසු තීසු පාටිහාරියෙසූති අත්ථො. භගවාති ඉදං ගුණවිසිට්ඨසත්තුත්තමගරුගාරවාධිවචනං. වුත්තඤ්හෙතං පොරාණෙහි –
එහි ඉද්ධි යනු; ඉද්ධිවිධයි. සෘද්ධි ප්‍රාතිහාර්යයි. එනම් එකෙක්ව බොහෝ වෙයි. බොහෝ වී එකෙක් වෙයි ආදි වශයෙන් පැවැතීමයි. ආදෙසනා යනු; අනුන්ගේ හිත් හතර දැන කීම ආදේසනා ප්‍රාතිහාර්යයි. එය බුදුවරුන්ගේ ද ශ්‍රාවකයන්ගේ ද නිරන්තර ධර්ම දේශනාවයි. අනුසාසනී යනු; අනුසාසනී ප්‍රාතිහාර්යයි. ඒ ඒ අයගේ අදහසට අනුකූල අවවාදය යන අර්ථයි. මෙසේ මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයි. එහි සාඕ ප්‍රතිහාර්යයෙන් අනුසාසනී ප්රාතිහාර්යය මහමුගලන් තෙරුන්ට ආචීර්ණය. ආදේසනා ප්‍රාතිහාර්යයෙන් අනුශාසනී ප්‍රාතිහාර්යයි. දම්සෙනෙවි සැරියුත් තෙරුන්ට ආචීර්ණය. අනුශාසනී ප්රාතිහාර්යය නොහි බුදුවරුන්ගේ නිරන්තර ධර්ම දේශනාවයි. තිපාටිහීරෙ යනු; මේ තුන් පෙළහරෙහි යන අර්ථයි. භගවා යනු; මේ වනාහි ගුණ විශිෂ්ට සත්වෝත්තම ගරුගාරව නාමයකි. පොරාණයින් විසින් මෙය කියන ලදි:-
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරුගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති. (විසුද්ධි· 1.142; ම· නි· අට්ඨ· 1.මූලපරියායසුත්තවණ්ණනා; පාරා· අට්ඨ· 1.1 වෙරඤ්ජකණ්ඩවණ්ණනා; ඉතිවු· අට්ඨ· නිදානවණ්ණනා; මහානි· අට්ඨ· 50);
භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං ගරුගාරවයුත්තො සො භගවා තෙන පවුච්චතීති
වසීති එතස්මිං තිවිධෙපි පාටිහාරියෙ වසිප්පත්තො, චිණ්ණවසීති අත්ථො. වසියො නාම පඤ්ච වසියො – ආවජ්ජනසමාපජ්ජනඅධිට්ඨානවුට්ඨානපච්චවෙක්ඛණසඞ්ඛාතා. තත්ර යං යං ඣානං යථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති ආවජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති සීඝං ආවජ්ජෙතුං සමත්ථතා ආවජ්ජනවසී නාම. තථා යං යං ඣානං යථිච්ඡකං…පෙ… සමාපජ්ජති සමාපජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති සීඝං සමාපජ්ජනසමත්ථතා සමාපජ්ජනවසී නාම. දීඝං කාලං ඨපෙතුං සමත්ථතා අධිට්ඨානවසී නාම. තථෙව ලහුං වුට්ඨාතුං සමත්ථතා වුට්ඨානවසී නාම. පච්චවෙක්ඛණවසී පන පච්චවෙක්ඛණජවනානෙව හොන්ති තානි ආවජ්ජනානන්තරානෙව හුත්වා උප්පජ්ජන්තීති ආවජ්ජනවසියා එව වුත්තානි. ඉති ඉමාසු පඤ්චසු වසීසු චිණ්ණවසිතා වසී නාම හොති. තෙන වුත්තං – “තිපාටිහීරෙ භගවා වසී අහූ”ති.
වසී යනු; මේ තෙවැදෑරුම් ප්‍රාතිහාර්යයෙහි වශීප්රාපක චිණ්ණවශී වූවාහු යන අර්ථයි. වසීහ නම් පසෙකි. ආවජ්ජන සමාපජ්ජන අධිට්ඨාන වුට්ඨාන පච්චවෙක්ඛන වශයෙනි. එහි යම් යම් ධ්‍යානයක් කැමති සේ කැමති පරිදි කැමති තාක් ආවර්ජනා කරයි ද ආවර්ජනයෙහි පසුබෑමක් නැත. වහා ආවර්ජනා කිරීමේ සමර්තතාව ආවර්ජන වසිතායි. එසේම යම් යම් ධ්‍යානයක් කැමති පරිදි -පෙ- සමවදී. සමවැදී මෙහි මුළාබවක් නොවෙයි. වහා සමවැදීමෙහි සමර්ථතාව සමාපජ්ජනවසිතාවයි. දිගුකලක් තබා ගැනීමට සමර්ථතාව අධිට්ඨානවසිතාවයි. වහා නැගී සිටීමට සමර්ථතාව වුට්ඨානවසිතාව නමි. පච්චවෙක්ඛණවසිතාව වනාහි පච්චවෙක්ඛණ ජවනයෝමය. ඒවා ආවර්ජනයට අනතුරුවම උපදී යයි ආවජ්ජනවසියෙහිම කියන ලදි. මේ පස්වසියෙහි චිණ්ණවසිතාව වසි නම් වෙයි. එහෙයින් තිපාටිහීරෙ භගවා වසී අහූ යි කියන ලදි.
ඉදානි තස්ස රතනචඞ්කමස්ස නිම්මිතවිධානස්ස දස්සනත්ථං –
දැන් ඒ රුවන් සක්මනෙහි නිර්මාණවිධානය දැක්වීම පිණිස:-
“දසසහස්සීලොකධාතුයා, සිනෙරුපබ්බතුත්තමෙ; ථම්භෙව දස්සෙසි පටිපාටියා, චඞ්කමෙ රතනාමයෙ”ති. – ආදිගාථායො වුත්තා;
දසසහස්සී ලොකධාතුයා සිනෙරුපබ්බතුත්තමෙ ථම්හෙව දස්සෙසි පටිපාටියා චංකමෙ රතනාමයෙති. - ආදි ගාථා කියන ලදි.
තත්ථ දසසහස්සීලොකධාතුයාති දසසු චක්කවාළසහස්සෙසු. සිනෙරුපබ්බතුත්තමෙති මහාමෙරුසඞ්ඛාතෙ සෙට්ඨපබ්බතෙ. ථම්භෙවාති ථම්භෙ විය දසචක්කවාළසහස්සෙසු යෙ සිනෙරුපබ්බතා, තෙ පටිපාටියා ඨිතෙ සුවණ්ණථම්භෙ විය කත්වා තෙසං උපරි චඞ්කමං මාපෙත්වා දස්සෙසීති අත්ථො. රතනාමයෙති රතනමයෙ.
එහි දසසහස්සී ලෝකධාතුයා යනු; දසදහසක් සක්වළෙහි. සිනෙරුපබ්බතුත්තමෙ යනු, පිළිවෙළින් සිටි ස්වර්ණස්ටම්භ මෙන් කොට ඒ මත සක්මන මවා දැක්වූහ යන අර්ථයි. රතනාමයෙ යනු, රුවන්මුහයි
දසසහස්සී අතික්කම්මාති රතනචඞ්කමං පන භගවා මාපෙන්තො තස්ස එකං කොටිං සබ්බපරියන්තං පාචීනචක්කවාළමුඛවට්ටිං එකං කොටිං පච්ඡිමචක්කවාළමුඛවට්ටිං අතික්කමිත්වා ඨිතං කත්වා මාපෙසි. තෙන වුත්තං –
දසදහස්සී අතික්කම්ම යනු, භාග්‍යවතුන් වහන්සේ රුවන් සක්මන මවන්නාහු එක් කෙළවරක් නැගෙනහිර සක්වළ මුවවිට ද එක් කෙළවරක් බටහිර සක්වළ මුවවිට ද ඉක්මවා සිටින සේ මැවූහ. එයින් කීහ.
“දසසහස්සී අතික්කම්ම, චඞ්කමං මාපයී ජිනො; සබ්බසොණ්ණමයා පස්සෙ, චඞ්කමෙ රතනාමයෙ”ති.
දසසහස්සී අතික්කම්ම චංකමං මාපයී ජිනො සබ්බසොවණ්ණමයා පස්සෙ චංකමෙ රතනාමයෙකි.
තත්ථ ජිනොති කිලෙසාරිජයනතො ජිනො. සබ්බසොණ්ණමයා පස්සෙති තස්ස පන එවං නිම්මිතස්ස චඞ්කමස්ස උභයපස්සෙසු සුවණ්ණමයා පරමරමණීයා මරියාදභූමි අහොසි, මජ්ඣෙ මණිමයාති අධිප්පායො.
එහි ජිනො යනු; කෙලෙස් සතුරන් දිනන බැවින් ජින නමි. සබ්බ සොවණ්ණමයා පස්සෙ යනු; මෙසේ මැවූ සක්මන දෙපස රන්මුවා පරම රමණීය සීමාබිම විය. මැද මිණිමුවා යන අභිප්‍රායයි.
තුලාසඞ්ඝාටාති තුලායුගළා, තා නානාරතනමයාති වෙදිතබ්බා. අනුවග්ගාති අනුරූපා. සොවණ්ණඵලකත්ථතාති සොවණ්ණමයෙහි ඵලකෙහි අත්ථතා, තුලාසඞ්ඝාතානං උපරි සුවණ්ණමයො පදරච්ඡදොති අත්ථො. වෙදිකා සබ්බසොවණ්ණාති වෙදිකා පන සබ්බාපි සුවණ්ණමයා, යා පනෙසා චඞ්කමනපරික්ඛෙපවෙදිකා, සා එකාව අඤ්ඤෙහි රතනෙහි අසම්මිස්සාති අත්ථො. දුභතො පස්සෙසු නිම්මිතාති උභොසු පස්සෙසු නිම්මිතා. ද-කාරො පදසන්ධිකරො.
තුලාසංඝාට යනු; ඒ තුලා යුගය නන්රුවන් මුවායයි දතයුතුයි. අනුවග්ගා යනු: අනුරූප යනුයි. සොවණ්ණඵලකත්ථනා යනු; රන්පුවරුවලින් අතුරන ලද, තුලා යුගලය මත රන්මුවා පදරයෙන් වසන ලදි යන අර්ථයි. වෙදිකා සබ්බ සොවණ්ණ යනු; වෙදිකාව සම්පූර්ණ රන්මුවාය. යම් මේ සක්මන වට කරන ලද සම්පූර්ණයෙන්ම රුවනින් අසම්මිශ්රය යන අර්ථයි. දුභකො පස්සෙසු නිම්මිතා යනු; දෙපස නිර්මිත යනුයි. දකාරය පදසන්ධිකාරකය
මණිමුත්තාවාලුකාකිණ්ණාති මණිමුත්තාමයවාලුකාකිණ්ණා. අථ වා මණයො ච මුත්තා ච වාලුකා ච මණිමුත්තාවාලුකා. තාහි මණිමුත්තාවාලුකාහි ආකිණ්ණා සන්ථතාති මණිමුත්තාවාලුකාකිණ්ණා. නිම්මිතොති ඉමිනාකාරෙන නිම්මිතො කතො. රතනාමයොති සබ්බරතනමයො, චඞ්කමොති අත්ථො. ඔභාසෙති දිසා සබ්බාති සබ්බාපි දස දිසා ඔභාසෙති පකාසෙති. සතරංසීවාති සහස්සරංසිආදිච්චො විය. උග්ගතොති උදිතො. යථා පන අබ්භුග්ගතො සහස්සරංසි සබ්බාපි දස දිසා ඔභාසෙති, එවමෙව එසොපි සබ්බරතනමයො චඞ්කමො ඔභාසෙතීති අත්ථො.
මණිමුක්තා වාලිකාකිණ්ණ යනු; මිණිමුතුමුවා වැල්ලෙන් ආකීර්ණය නොහොත් මණයොච මුක්තා ච වාලිකා ච මණිමුත්තාවාලිකා. ඒ මිණිමුතු වැලිවලින් ආකීර්ණ, අතුරන ලද. නිම්මිතා යනු; මේ ක්‍රමයෙන් නිර්මිත කරන ලදි. රතනාමයා යනු; සර්වරත්නමය චංක්‍රමණය යන අර්ථයි. ඔභාසෙති දිසා සබ්බා යනු, සියරැස් ඇත්තහු මෙන්, ඉර මෙන්, උග්ගතො යනු; උදාවිය යනුයි. යම්සේ උදාවූ සූර්යයා සියලු දසදිසා බබුළුවයිද එසේ මේ රුවන්මුවා සක්මන බබළුවයි යන අර්ථය,
ඉදානි පන නිට්ඨිතෙ චඞ්කමෙ තත්ථ භගවතො පවත්තිදස්සනත්ථං –
දැන් නිමවන ලද ඒ සක්මනෙහි බුදුරදුන්ගේ පැවැත්ම දැක්වීම සඳහා
“තස්මිං චඞ්කමනෙ ධීරො, ද්වත්තිංසවරලක්ඛණො; විරොචමානො සම්බුද්ධො, චඞ්කමෙ චඞ්කමී ජිනො.
තස්මිං චංකමනෙ ධීරො [missing trans] යන ගාථාව කීය.
“දිබ්බං මන්දාරවං පුප්ඵං, පදුමං පාරිඡත්තකං; චඞ්කමනෙ ඔකිරන්ති, සබ්බෙ දෙවා සමාගතා.
“පස්සන්ති තං දෙවසඞ්ඝා, දසසහස්සී පමොදිතා; නමස්සමානා නිපතන්ති, තුට්ඨහට්ඨා පමොදිතා”ති. – ගාථායො වුත්තා;
තත්ථ ධීරොති ධිතියුත්තො. ද්වත්තිංසවරලක්ඛණොති සුප්පතිට්ඨිතපාදතලාදීහි ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතොති අත්ථො. දිබ්බන්ති දෙවලොකෙ භවං ජාතං දිබ්බං. පාරිඡත්තකන්ති දෙවානං තාවතිංසානං කොවිළාරරුක්ඛස්ස නිස්සන්දෙන සමන්තා යොජනසතපරිමාණො පරමදස්සනීයො පාරිච්ඡත්තකරුක්ඛො නිබ්බත්ති. යස්මිං පුප්ඵිතෙ සකලං දෙවනගරං එකසුරභිගන්ධවාසිතං හොති, තස්ස කුසුමරෙණුඔකිණ්ණානි නවකනකවිමානානි පිඤ්ජරානි හුත්වා ඛායන්ති. ඉමස්ස පන පාරිච්ඡත්තකරුක්ඛස්ස පුප්ඵඤ්ච පාරිච්ඡත්තකන්ති වුත්තං. චඞ්කමෙ ඔකිරන්තීති තස්මිං රතනචඞ්කමෙ අවකිරන්ති, තෙන වුත්තප්පකාරෙන පුප්ඵෙන තස්මිං චඞ්කමෙ චඞ්කමමානං භගවන්තං පූජෙන්තීති අත්ථො. සබ්බෙ දෙවාති කාමාවචරදෙවාදයො දෙවා. තෙනාහ “පස්සන්ති තං දෙවසඞ්ඝා”ති. තං භගවන්තං රතනචඞ්කමනෙ චඞ්කමන්තං සකෙසු ආලයෙසුපි පස්සන්තීති අත්ථො. දසසහස්සීති භුම්මත්ථෙ පච්චත්තවචනං, දසසහස්සියං දෙවසඞ්ඝා තං පස්සන්තීති අත්ථො. පමොදිතාති පමුදිතා. නිපතන්තීති සන්නිපතන්ති. තුට්ඨහට්ඨාති පීතිවසෙන තුට්ඨහට්ඨා. පමොදිතාති ඉදානි වත්තබ්බෙහි තාවතිංසාදිදෙවෙහි සද්ධින්ති සම්බන්ධො දට්ඨබ්බො, ඉතරථා පුනරුත්තිදොසතො න මුච්චති. අථ වා පමොදිතා තං භගවන්තං පස්සන්ති, තුට්ඨහට්ඨා පමොදිතා තහිං තහිං සන්නිපතන්තීති අත්ථො.
එහි ධීරො යනු; සුප්රතිෂ්ඨිත පාදකලාදි තෙදිස් මහා පුරිස් ලකුණින් යුක්තය යන අර්ථයි. දිබ්බං යනු, දෙව්ලොව වූ හටගත්. පාරිච්ඡත්තකං යනු; තාවතිංස දෙවියන්ගේ පිනෙන් කොබෝලීල ගසෙහි හාත්පස යොදුන් සියයක් වූ පරිමණ්ඩල ඇති පරම දර්ශනීය පරසතු රුක උපන්නේය. එය පිපුණු කල මුළු දෙවිනුවර එකම සුරභි සුවඳ පැතිරෙයි. ඒ මල් රේණු වැටුණු නව රන්විමන් පිඤ්ජරිතව පෙනේ. මේ පරසතු ගසේ මල්ද පාරිච්ඡත්තක යයි කියනු ලැබේ. රතනචංකමනෙ චංකිරන්ති යනු; ඒ රුවන් සක්මනෙහි වගුරුවකි. ඒ කී ආකාර මලින් ඒ සක්මනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේට පුදති යන අර්ථයි. සකො දේවා යනු; කාමාවචරාදී දෙවියෝයි. එහෙයින් කීහ. පසෙන්ති තං දේවසංඝයායි. රුවන් සක්මනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ සිය භවන වලද දකිති යන අර්ථයි. දසසහස්සී යනු, භූම්යර්ථයෙහි ප්‍රථමායි. දස සක්වළෙහි දෙවියෝ දකිති යන අර්ථයි. පමොදිතා යනු; ප්‍රමුදිත වූවාහු. නිපතන්ති යනුද රැස්වෙති. තුට්ඨහට්ඨා යනු; ප්‍රීති වශයෙන් තුටු පහටු වූවාහු. පමොදිතා යනු; දැන් කිවයුතු තාවතිංසාදි දෙවියන් සමග සම්බන්ධය දතයුතුය. අන් අයුරකින් පුනරුක්ත දෝෂය නොහැරේ. නැතහොත් ප්‍රමුදිතව ඒ භාග්‍යවතුන් වහන්සේ බලති. තුටු පහටුව ඒ ඒ තැන රැස්වෙති කියා හෝ අර්ථයි.
ඉදානි යෙ පස්සිංසු යෙ සන්නිපතිංසු, තෙ සරූපතො දස්සෙතුං –
දැන් යමෙක් දුටුවාහුද ඔවුහු රැස් වූහ. ඔවුන් ස්වරූප වශයෙන් දැක්වීමට -
“තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා; නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො; උදග්ගචිත්තා සුමනා, පස්සන්ති ලොකනායකං.
තාවතිංසාච යාමාච [missing trans] ආදී ගාථාව කියන ලදි.
“සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසා , නාගා සුපණ්ණා අථ වාපි කින්නරා; පස්සන්ති තං ලොකහිතානුකම්පකං, නභෙව අච්චුග්ගතචන්දමණ්ඩලං.
“ආභස්සරා සුභකිණ්හා, වෙහප්ඵලා අකනිට්ඨා ච දෙවතා; සුසුද්ධසුක්කවත්ථවසනා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
“මුඤ්චන්ති පුප්ඵං පන පඤ්චවණ්ණිකං, මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං; භමෙන්ති චෙලානි ච අම්බරෙ තදා, අහො ජිනො ලොකහිතානුකම්පකො”ති. – ඉමා ගාථායො වුත්තා.
තත්ථ උදග්ගචිත්තාති පීතිසොමනස්සවසෙන උදග්ගචිත්තා. සුමනාති උදග්ගචිත්තත්තා එව සුමනා. ලොකහිතානුකම්පකන්ති ලොකහිතඤ්ච ලොකානුකම්පකඤ්ච. ලොකහිතෙන වා අනුකම්පකං ලොකහිතානුකම්පකං. නභෙව අච්චුග්ගතචන්දමණ්ඩලන්ති එත්ථ ආකාසෙ අභිනවොදිතං පරිපුණ්ණං සබ්බොපද්දවවිනිමුත්තං සරදසමයෙ චන්දමණ්ඩලං විය බුද්ධසිරියා විරොචමානං නයනානන්දකරං පස්සන්තීති අත්ථො.
එහි උදග්ගචිත්තා යනු ප්‍රීති සොම්නස් වශයෙන් උද්ගත සිතින් සුමනා යනු; උද්ගත සිත් ඇත්තාහුම සුමනා යනුයි. ලෝකහිතානුකම්පකං යනු; ලෝකහිතය ද ලෝකානුකම්පාවද, ලෝකහිතයෙන් අනුකම්පාව හෝ ලෝකහිතානුකම්පක ය. නභෙ ච අච්චුග්ගත මණ්ඩලං යනු; මෙහි අහස අභිනවයෙන් උදා වූ පිරිපුන් සියලු උවදුරෙන් මිදුණු සරාකල සඳමඬල මෙන් බුදුසිරිත් බබළන නයනානන්දකර ප්රභාපත්තිය යන අර්ථයි.
ආභස්සරාති උක්කට්ඨපරිච්ඡෙදවසෙන වුත්තං. පරිත්තාභඅප්පමාණාභආභස්සරාපරිත්තමජ්ඣිමපණීතභෙදෙන දුතියජ්ඣානෙනාභිනිබ්බත්තා සබ්බෙව ගහිතාති වෙදිතබ්බා. සුභකිණ්හාති ඉදං උක්කට්ඨපරිච්ඡෙදවසෙනෙව වුත්තං, තස්මා පරිත්තසුභඅප්පමාණසුභසුභකිණ්හාපරිත්තාදිභෙදෙන තතියජ්ඣානෙන නිබ්බත්තා සබ්බෙව ගහිතාති වෙදිතබ්බා. වෙහප්ඵලාති විපුලා ඵලාති වෙහප්ඵලා. තෙ චතුත්ථජ්ඣානනිබ්බත්තා අසඤ්ඤසත්තෙහි එකතලවාසිනො. හෙට්ඨා පන පඨමජ්ඣානනිබ්බත්තා බ්රහ්මකායිකාදයො දස්සිතා. තස්මා ඉධ න දස්සිතා. චක්ඛුසොතානමභාවතො අසඤ්ඤසත්තා ච අරූපිනො ච ඉධ න උද්දිට්ඨා. අකනිට්ඨා ච දෙවතාති ඉධාපි උක්කට්ඨපරිච්ඡෙදවසෙනෙව වුත්තං. තස්මා අවිහාතප්පසුදස්සාසුදස්සිඅකනිට්ඨසඞ්ඛාතා පඤ්චපි සුද්ධාවාසා ගහිතාති වෙදිතබ්බා. සුසුද්ධසුක්කවත්ථවසනාති සුට්ඨු සුද්ධානි සුසුද්ධානි සුක්කානි ඔදාතානි. සුසුද්ධානි සුක්කානි වත්ථානි නිවත්ථානි චෙව පාරුතානි ච යෙහි තෙ සුසුද්ධසුක්කවත්ථවසනා, පරිදහිතපරිසුද්ධපණ්ඩරවත්ථාති අත්ථො. “සුසුද්ධසුක්කවසනා”තිපි පාඨො. පඤ්ජලීකතාති කතපඤ්ජලිකා කමලමකුලසදිසං අඤ්ජලිං සිරසි කත්වා තිට්ඨන්ති.
ආභස්සරා යනු; උත්කෘෂ්ට පරිච්ඡේද වශයන් කියන ලදි. පරිත්තාභ අප්පමාණභා ආභස්සරා කුඩා මධ්‍යම ප්රතීත භේදයෙන් ද්විතීය ධ්‍යානයෙන් උපන් සියල්ලෝම ගන්නා ලදැයි දතයුතු. සුභකිණ්ණ යනු: මෙහිද උත්කෘෂ්ට පරිච්ඡේදයෙන්ම කියන ලදි. පරිත්තසුභ අප්පමාණ සුභ සුභතිණ්හ පරිතකන්දි භේදයෙන් තෘතීය ධ්‍යානයෙන් උපන් සියල්ලෝම ගන්නා ලදැයි දතයුතුය. වෙහප්ඵලා යනු; විපුල ඵල ඇත්තෝ යනුයි. චතුර්ථධ්‍යානයෙන් උපන් ඔවුහු අසඤ්ඤ සත්ත්වයන්ගෙන් එක් තලයක වාසීහුය. යට ප්‍රථම ධ්‍යානයෙන් උපන් බ්රහ්මකායිකාදීහු දක්වන ලද්දාහ. එහෙයින් මෙහි නොදක්වන ලදි. ඇස් කන් ආදිය නැති බැවින් අසඤ්ඤ සත්ත්වයෝද අරූපීහු ද මෙහි නොදක්වන ලදි. අකනිට්ඨා ච දේවා යනු; මෙහිද උත්කෘෂ්ට සීමා වශයෙන්ම කියන ලදි. එහෙයින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක සංඛ්‍යාත සුද්ධාවාස පසම ගන්නා ලදැයි දතයුතුය. සුසුද්ධසුක්කවත්ථවසනා යනු; මනාව පිරිසිදු සුදෝසුදු හඳන ලද්දාහු පෙරවන ලද්දාහු යමක්හු විසින් ද ඔවුහු සුසුද්ධ සුක්කවසන නම් වෙති. හදින ලද පිරිසිදු පඬෙර වස්ත්‍ර යන අර්ථයි. සුසුද්ධ සුක්තවසනායිද පාඨයි. පඤ්ජලිකා යනු; කරන ලද ඇඳිලි ඇත්තාහු, පියුම් කැකුළු සම ඇඳිලි හිසෙහි කොට සිටිති.
මුඤ්චන්තීති ඔකිරන්ති. පුප්ඵං පනාති කුසුමං පන. “පුප්ඵානි වා”තිපි පාඨො, වචනවිපරියාසො දට්ඨබ්බො, අත්ථො පනස්ස සොයෙව. පඤ්චවණ්ණිකන්ති පඤ්චවණ්ණං – නීලපීතලොහිතොදාතමඤ්ජිට්ඨකවණ්ණවසෙන පඤ්චවණ්ණං. චන්දනචුණ්ණමිස්සිතන්ති චන්දනචුණ්ණෙන මිස්සිතං. භමෙන්ති චෙලානීති භමයන්ති වත්ථානි. අහො ජිනො ලොකහිතානුකම්පකොති “අහො ජිනො ලොකහිතො අහො ච ලොකහිතානුකම්පකො අහො කාරුණිකො”ති එවමාදීනි ථුතිවචනානි උග්ගිරන්තා. මුඤ්චන්ති පුප්ඵං භමයන්ති චෙලානීති සම්බන්ධො.
මුඤ්චන්ති යනු වගුරුවති. පුප්ඵං පන යනු; කුසුමං පන යනුයි. පුප්ඵානිවා කියාත් පාඨයි. වචන විපර්යාස යයි දතයුතුයි. අර්ථය එයමය. පඤ්චවණ්ණිතං යනු; පංචවර්ණයි. නිල්, කහ, රතු, සුදු, මදටිය වර්ණ වශයෙන් පංචවර්ණයයි. චන්දන වුණ්ණාමිස්සිතං යනු, සඳුන් සුණුවලින් මිශ්‍රිත වූ. භමෙන්ති චෙලානි යනු; වස්ත්‍ර කරකවති. අහො ජිනො ලොකහිතානු කම්පකො යනු; අහො ලෝකානුකම්පාකො අහෝ කාරුණිකොයි මේ ආදී තුතිවදන් කියන්නාහු. මුඤ්චන්ති සුත්ථං භමයන්ති චෙලානි යනු හා සම්බන්ධයි.
ඉදානි තෙහි පයුත්තානි ථුතිවචනානි දස්සෙතුං ඉමා ගාථායො වුත්තා –
දැන් ඔවුන් පැවසූ තුති වදන් දැක්වීම සඳහා පහත ගාථා කියන ලදි. :-
“තුවං සත්ථා ච කෙතූ ච, ධජො යූපො ච පාණිනං; පරායනො පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තමො.
තුවං සත්ථා ච කෙතු ච ධජො යුපො ච පාණිනං පරායණො පතිට්ඨා ච දීපො ච දිපදුත්තමොති
“දසසහස්සීලොකධාතුයා, දෙවතායො මහිද්ධිකා; පරිවාරෙත්වා නමස්සන්ති, තුට්ඨහට්ඨා පමොදිතා.
[missing trans]
“දෙවතා දෙවකඤ්ඤා ච, පසන්නා තුට්ඨමානසා; පඤ්චවණ්ණිකපුප්ඵෙහි, පූජයන්ති නරාසභං.
“පස්සන්ති තං දෙවසඞ්ඝා, පසන්නා තුට්ඨමානසා; පඤ්චවණ්ණිකපුප්ඵෙහි, පූජයන්ති නරාසභං.
“අහො අච්ඡරියං ලොකෙ, අබ්භුතං ලොමහංසනං; න මෙදිසං භූතපුබ්බං, අච්ඡෙරං ලොමහංසනං.
“සකසකම්හි භවනෙ, නිසීදිත්වාන දෙවතා; හසන්ති තා මහාහසිතං, දිස්වානච්ඡෙරකං නභෙ.
“ආකාසට්ඨා ච භූමට්ඨා, තිණපන්ථනිවාසිනො; කතඤ්ජලී නමස්සන්ති, තුට්ඨහට්ඨා පමොදිතා.
“යෙපි දීඝායුකා නාගා, පුඤ්ඤවන්තො මහිද්ධිකො; පමොදිතා නමස්සන්ති, පූජයන්ති නරුත්තමං.
“සඞ්ගීතියො පවත්තෙන්ති, අම්බරෙ අනිලඤ්ජසෙ; චම්මනද්ධානි වාදෙන්ති, දිස්වානච්ඡෙරකං නභෙ.
“සඞ්ඛා ච පණවා චෙව, අථොපි ඩිණ්ඩිමා බහූ; අන්තලික්ඛස්මිං වජ්ජන්ති, දිස්වානච්ඡෙරකං නභෙ.
“අබ්භුතො වත නො අජ්ජ, උප්පජ්ජි ලොමහංසනො; ධුවමත්ථසිද්ධිං ලභාම, ඛණො නො පටිපාදිතො.
“බුද්ධොති තෙසං සුත්වාන, පීති උප්පජ්ජි තාවදෙ; බුද්ධො බුද්ධොති කථයන්තා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
“හිඞ්කාරා සාධුකාරා ච, උක්කුට්ඨි සම්පහංසනං; පජා ච විවිධා ගගනෙ, වත්තන්ති පඤ්ජලීකතා.
“ගායන්ති සෙළෙන්ති ච වාදයන්ති ච, භුජානි පොථෙන්ති ච නච්චයන්ති ච; මුඤ්චන්ති පුප්ඵං පන පඤ්චවණ්ණිකං, මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං.
“යථා තුය්හං මහාවීර, පාදෙසු චක්කලක්ඛණං; ධජවජිරපටාකා, වඩ්ඪමානඞ්කුසාචිත”න්ති.
තත්ථ ඉධලොකපරලොකහිතත්ථං සාසතීති සත්ථා. කෙතූති කෙතුනො අපචිතිකාතබ්බට්ඨෙන කෙතු වියාති කෙතු. ධජොති ඉන්දධජො සමුස්සයට්ඨෙන දස්සනීයට්ඨෙන ච තුවං ධජො වියාති ධජොති. අථ වා යථා හි ලොකෙ යස්ස කස්සචි ධජං දිස්වාව – “අයං ධජො ඉත්ථන්නාමස්සා”ති ධජවා ධජීති පඤ්ඤායති, එවමෙව භගවා පඤ්ඤානිබ්බානාධිගමාය භගවන්තං දිස්වාව නිබ්බානාධිගමො පඤ්ඤායති. තෙන වුත්තං – “ධජො යූපො චා”ති. කූටදන්තසුත්තෙ වුත්තානං දානාදිආසවක්ඛයඤාණපරියොසානානං සබ්බයාගානං යජනත්ථාය සමුස්සිතො යූපො තුවන්ති අත්ථො. පරායනොති පටිසරණං. පතිට්ඨාති යථා මහාපථවී සබ්බපාණීනං ආධාරභාවෙන පතිට්ඨා නිස්සයභූතා, එවං තුවම්පි පතිට්ඨාභූතා. දීපො චාති පදීපො. යථා චතුරඞ්ගෙ තමසි වත්තමානානං සත්තානං ආරොපිතො පදීපො රූපසන්දස්සනො හොති. එවං අවිජ්ජන්ධකාරෙ වත්තමානානං සත්තානං පරමත්ථසන්දස්සනො පදීපො තුවන්ති අත්ථො. අථ වා මහාසමුද්දෙ භින්නනාවානං සත්තානං සමුද්දදීපො යථා පතිට්ඨා හොති, එවං තුවම්පි සංසාරසාගරෙ අලබ්භනෙය්යපතිට්ඨෙ ඔසීදන්තානං පාණීනං දීපො වියාති දීපොති අත්ථො.
මෙහි මෙලොව පරලොව හිතාර්ථය පිණිස අනුශාසනා කරත්නුයි සත්ථායි. කෙතු යනු; කේතුවට බුහුමන් කළයුතුය යන අර්ථයෙන් කොඩියක් වැනිනුයි කේතුයි. තුවං ධජො ඉන්ද්රධජය එසවී අර්ථයෙන් දර්ශනීයාර්ථයෙන් ඉන්ද්රධජය මෙනැයි ධජ නම් වෙයි. නැතහොත් ලෝ යම් කිසිවෙකුගේ කොඩිය දැකීමෙන්ම මේ ධජය අසවලාගේ ධජය හෝ ධජහිමියා සඳහන් වෙයි. එමෙන් භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන්ම ප්‍රඥාව නිර්වාණාධිගමය පැනෙයි. එකුජන ධජයයි කියන ලදි. යූපො ච යනු; කූටදන්ත සූත්‍රයෙහි කියන ලද දානාදි ආසවක්ඛයඤාණය අවසන් කොට ඇති සියලු යාග පැවැත්වීමට නංවන ලද යූපය ඔබවහන්සේය යන අර්ථයි. පරායණො යනු; පිළිසරණ යනුයි. පතිට්ඨා යනු; යම්සේ මහපොළව සියලු ප්‍රාණීන්ට ආධාර බැවින් පිහිට ද නිශ්‍රය ද එසේ ඔබවහන්සේ ප්‍රතිෂ්ඨාවයි. දීපො ච යනු, ප්‍රදීපයකි. යම්සේ චතුරංග අන්ධකාරයෙහි සිටින සතුන්ට නංවන ලද ප්‍රදීපය රූප දැක්වීම කරන්නේද එසේ අවිදු අඳුරෙහි වෙසෙන සතුන්ට පරමාර්ථ දර්ශනය කරවන ප්‍රදීපය ඔබවහන්සේය යන අර්ථයි නැතහොත් මහමුහුදෙහි බිඳුණු නැවත මිනිසුන්ට සමුද්‍ර ප්‍රදීපය යම්සේ පිහිට වෙයිද එසේ ඔබවහන්සේද සසර සයුරෙහි පිහිටක් නොලබා ගිලෙන ප්‍රාණීන්ට ද්වීපයක් වැනි යයි දීප යන අර්ථයි,
ද්විපදුත්තමොති ද්විපදානං උත්තමො ද්විපදුත්තමො, එත්ථ පන නිද්ධාරණලක්ඛණස්ස අභාවතො ඡට්ඨීසමාසස්ස පටිසෙධො නත්ථි, නිද්ධාරණලක්ඛණාය ඡට්ඨියා සමාසො පටිසිද්ධො. සම්මාසම්බුද්ධො පන අපදානං ද්විපදානං චතුප්පදානං බහුප්පදානං රූපීනං අරූපීනං සඤ්ඤීනං අසඤ්ඤීනං නෙවසඤ්ඤීනාසඤ්ඤීනං උත්තමොව. කස්මා පනිධ “ද්විපදුත්තමො”ති වුත්තොති චෙ? සෙට්ඨතරවසෙන. ඉමස්මිඤ්හි ලොකෙ සෙට්ඨො නාම උප්පජ්ජමානො අපදචතුප්පදබහුප්පදෙසුපි නුප්පජ්ජති. අයං ද්විපදෙසුයෙව උප්පජ්ජති. කතරද්විපදෙසූති? මනුස්සෙසු චෙව දෙවෙසු ච. මනුස්සෙසු උප්පජ්ජමානො තිසහස්සිමහාසහස්සිලොකධාතු වසෙ කත්තුං සමත්ථො බුද්ධො හුත්වා නිබ්බත්තති. දෙවෙසු උප්පජ්ජමානො දසසහස්සිලොකධාතු වසවත්තී මහාබ්රහ්මා හුත්වා නිබ්බත්තති. සො තස්ස කප්පියකාරකො වා ආරාමිකො වා සම්පජ්ජති. ඉති තතොපි සෙට්ඨතරවසෙන “ද්විපදුත්තමො”ති වුත්තො.
දිපදුත්තමො යනු; දෙපා ඇත්තන්ට උතුම් වූයේ දිපදුත්තමයි. මෙහි නිර්ධාරණ ලක්ෂණය නැති හෙයින් ඡට්ඨ සමාසයාගේ ප්‍රතිෂේධයක් නැත්නුයි. නිර්ධාරණ ලක්ෂණ ඡට්ඨියෙහි සමාසං සිද්ධමැයි. සම්මා සම්බුදුහු අපාද දිපාද චතුප්පාද බහුප්පාද රූපී අරූපී සංඥී අසංඥී නෙවසංඥීනාසංඥී සියල්ලන්ම උතුම් වූවාහුමය. කුමක් නිසා මෙහි දිපදුත්තමයයි කියන ලදද? ශ්‍රේෂ්ඨතර වශයෙනි. මෙලොව වනාහි ශ්‍රේෂ්ඨයෙක් උපදින්නේ අපද චතුප්පද බහුප්පදයන් අතර නූපදී. දිපදයන් අතරම උපදී. කිනම් දිපදයන් අතරද? මිනිසුන් අතර සහ දෙවියන් අතරය. මිනිසුන් අතර උපදනේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතු වසයෙහි පැවැත්වීමට සමත් බුදුව උපදී. දෙවියන් අතර උපදනෝ දසසහස්‍රී ලෝකධාතුව වසයෙහි පවත්වන මහාබ්රහ්මව උපදී. හෙතෙම එහි කැපකරුව හෝ ආරාජිකව මහාබ්රහ්මව උපදී. හෙතෙම එහි කැපකරුව හෝ ආරාජිකව පැමිණෙයි. ඊටත් ශ්‍රේෂ්ඨතර වශයෙන් දිපදුත්තමයි කියන ලදි.
දසසහස්සිලොකධාතුයාති දසසහස්සිසඞ්ඛාතාය ලොකධාතුයා. මහිද්ධිකාති මහතියා ඉද්ධියා යුත්තා, මහානුභාවාති අත්ථො. පරිවාරෙත්වාති භගවන්තං සමන්තතො පරික්ඛිපිත්වා. පසන්නාති සඤ්ජාතසද්ධා. නරාසභන්ති නරපුඞ්ගවං. අහො අච්ඡරියන්ති එත්ථ අන්ධස්ස පබ්බතාරොහනං විය නිච්චං න හොතීති අච්ඡරියං, අච්ඡරායොග්ගන්ති වා අච්ඡරියං, “අහො, ඉදං විම්හය”න්ති අච්ඡරං පහරිතුං යුත්තන්ති අත්ථො. අබ්භුතන්ති අභූතපුබ්බං අභූතන්ති අබ්භුතං. උභයම්පෙතං විම්හයාවහස්සාධිවචනං. ලොමහංසනන්ති ලොමානං උද්ධග්ගභාවකරණං. න මෙදිසං භූතපුබ්බන්ති න මයා ඊදිසං භූතපුබ්බං, අබ්භුතං දිට්ඨන්ති අත්ථො. දිට්ඨන්ති වචනං ආහරිත්වා ගහෙතබ්බං. අච්ඡෙරන්ති අච්ඡරියං.
දසසහස්සිලෝකධාතුයා යනු; දසසහස්‍රී සංඛ්‍යාත ලෝකධාතුවයි. මහිද්ධිකා යනු; මහත් ඍද්ධියෙන් යුක්ත මහානුභාව යන අර්ථයි. පරිවාරෙත්වා යනු, භාග්‍යවතුන් වහන්සේ හාත්පසින් වටකොටගෙන පසන්නා යනු; හටගත් ශ්‍රද්ධා ඇත්තාහු. නරාසං යනු; නර පුංගව යනුයි. අහො අච්ඡරියං යනු; මෙහි අන්ධයාගේ කඳුනැගීම මෙන් නිතර නොවේනුයි අච්ඡරිය නමි. ආශ්චර්ය යෝග්‍යයයි හෝ අච්ඡරියයි. අහො මෙය විස්මයයි අසුරු ගැසීමට යුක්තය යන අර්ථයි. අබ්භූතං යනු; අභූත පූර්වයි. මේ දෙකම විස්මයාවහ පදයි. ලෝමහංසනං යනු; ලොම් උඩු අක්කරනා න මෙදිසං භූතපුබ්බං යනු; මා විසින් පෙර වූ මෙවන් පුදුමයක් නොදක්නා ලදැයි පද ගෙන කිවයුතුයි. අච්ඡෙරං යනු; ආශ්චර්යයි.
සකසකම්හි භවනෙති අත්තනො අත්තනො භවනෙ. නිසීදිත්වානාති උපවිස්ස. දෙවතාති ඉදං පන වචනං දෙවානම්පි දෙවධීතානම්පි සාධාරණවචනන්ති වෙදිතබ්බං. හසන්තිතාති තා දෙවතා මහාහසිතං හසන්ති, පීතිවසං ගතහදයතාය මිහිතමත්තං අකත්වා අට්ටහාසං හසන්තීති අත්ථො. නභෙති ආකාසෙ.
සකං සකම්හි භවනෙ යනු; තම තමන්ගේ භවනයෙහි. නිසීදිත්වාන යනු; හිඳ. දේවතා යනු මේ වචනය දේවතාවන්ට දේව දියණියන්ටද සාධාරණ වචනයකින් දතයුතු. හසන්තිතා යනු; ඒ දෙවියෝ මහහඬින් සිනාසුණහ. ප්රීතිමසඟ හදින් මඳ සිනා නොකොට මහසිනාපාති යන අර්ථයි. නභෙ යනු; අහසෙහි
ආකාසට්ඨාති ආකාසෙ විමානාදීසු ඨිතා, එසෙව නයො භූමට්ඨෙසුපි. තිණපන්ථනිවාසිනොති තිණග්ගෙසු චෙව පන්ථෙසු ච නිවාසිනො. පුඤ්ඤවන්තොති මහාපුඤ්ඤා. මහිද්ධිකාති මහානුභාවා. සඞ්ගීතියො පවත්තෙන්තීති දෙවනාටකසඞ්ගීතියො පවත්තෙන්ති, තථාගතං පූජනත්ථාය පයුජ්ජන්තීති අත්ථො. අම්බරෙති ආකාසෙ. අනිලඤ්ජසෙති අනිලපථෙ, අම්බරස්ස අනෙකත්ථත්තා “අනිලඤ්ජසෙ”ති වුත්තං, පුරිමස්සෙව වෙවචනං. චම්මනද්ධානීති චම්මවිනද්ධානි. අයමෙව වා පාඨො, දෙවදුන්දුභියොති අත්ථො. වාදෙන්තීති වාදයන්ති දෙවතා.
ආකාසට්ඨා යනු; අහස් විමානාදියෙහි සිටියාහු, භුම්මට්ඨෙසු ආදියෙහි ද මේ ක්‍රමයයි. තිණපන්ථ නිවාසිනො යනු; තණඅග්හි ද මාර්ගයන්හි ද වසන්නාහු. පුඤ්ඤවන්තා යනු; මහ පිනැත්තෝ. මහිද්ධිකා යනු; මහානුභාව ඇත්තෝ. සංගීතියො පවත්තහති යනු; දෙව්නළු සංගීත පවත්වති. තථාගතයන් වහන්සේට පුද පිණිස යොදති යන අර්ථයි. අම්බරෙ යනු; අහසෙහි අනිලඤ්ජසෙ යනු; ගුවනෙහි, ආකාශයට අනෙකාර්ථ වශයෙන් අනිලඤ්ජයෙ යි කියන ලදි. පළමුවැන්නටම පර්යායයි. චම්මාචනදධානි යනු; සම් බඳින ලද, මෙයම පාඨයයි. දෙව්බෙර යන අර්ථයි. වාදෙන්ති යනු; වයත්
සඞ්ඛාති ධමනසඞ්ඛා. පණවාති තනුමජ්ඣතුරියවිසෙසා. ඩිණ්ඩිමාති තිණවාඛුද්දකභෙරියො වුච්චන්ති. වජ්ජන්තීති වාදයන්ති. අබ්භුතො වත නොති අච්ඡරියො වත නු. උප්පජ්ජීති උප්පන්නො. ලොමහංසනොති ලොමහංසනකරො. ධුවන්ති යස්මා පන අබ්භුතො අයං සත්ථා ලොකෙ උප්පන්නො, තස්මා ධුවං අවස්සං අත්ථසිද්ධිං ලභාමාති අධිප්පායො. ලභාමාති ලභිස්සාම. ඛණොති අට්ඨක්ඛණවිරහිතො නවමො ඛණොති අත්ථො. නොති අම්හාකං. පටිපාදිතොති පටිලද්ධො.
සංඛානි යනු; පුඹුනා සක්. පණවා යනු තනුමධ්ය තූර්ය විශේෂයකි. දෙණ්ඩිමා යනු, තිණාව නම් කුඩාබෙර කියැවේ. වජ්ජයන්ති යනු; වයති. අබ්භූතො වත නො යනු; ඒකාන්තයෙන් ආශ්චර්යය නොවේද. උප්පජ්ජි යනු; උපන්නේය. ලෝමහංසනො යනු; ලොමුඩැහැගන්වන ධුවං යනු යම් හෙයකින් මේ ශාස්තෘහු උපන්නාහුද එහෙයින් අවශ්‍යයෙන් අර්ථසිද්ධිය ලබන්නෙමුයි යන අභිප්‍රායයි. ලභාම යනු; ලබන්නෙමු. ඛණො යනු; අෂ්ටක්ෂණ රහිත නවවැනි ක්ෂණයයි යන අර්ථයි. නො යනු, අපගේ පටිපාදිතො යනු; ලබන ලද
බුද්ධොති තෙසං සුත්වානාති බුද්ධොති ඉදං වචනං සුත්වා තෙසං දෙවානං පඤ්චවණ්ණා පීති උදපාදීති අත්ථො. තාවදෙති තස්මිං කාලෙ. හිඞ්කාරාති හිඞ්කාරසද්දා, හිංහින්ති යක්ඛාදයො පහට්ඨකාලෙ කරොන්ති. සාධුකාරාති සාධුකාරසද්දා ච පවත්තන්ති. උක්කුට්ඨීති උක්කුට්ඨිසද්දො ච උන්නාදසද්දො චාති අත්ථො. පජාති දෙවාදයො අධිප්පෙතා. කෙචි “පටාකා විවිධා ගගනෙ වත්තන්තී”ති පඨන්ති. ගායන්තීති බුද්ධගුණපටිසංයුත්තං ගීතං ගායන්ති.
බුද්ධොති තෙසං සත්වාන යනු; බුද්ධො යන මෙවදන් අසා ඒ දෙවියන්ට පස්වනක් ප්‍රීතිය පහළවිය යන අර්ථයි. තාවදෙ යනු. එකල්හි. හිංකාරං යනු; හිංකාර ශබ්දය හිහී ආදි යම් ශබ්ද පහරන ලද කල්හි කරත් ද එයයි. සාධුකාර යනු; සාධුකං ශබ්දද පවත්වති. උක්කුට්ඨි යනු මහත් ඝෝෂාවද උන්නාදයද යන අර්ථයි. පණ යනු; දේවාදීන් අභිප්‍රේතයි. සමහරු පටාකා විවිධා ගගනෙ වත්තන්ති යයි කියති. ගායන්ති යනු, බුදුගුණ මුසු ගී ගයති.
සෙළෙන්තීති මුඛෙන සෙළිතසද්දං කරොන්ති. වාදයන්තීති මහතී විපඤ්චිකාමකරමුඛාදයො වීණා ච තුරියානි ච තථාගතස්ස පූජනත්ථාය වාදෙන්ති පයොජෙන්ති. භුජානි පොථෙන්තීති භුජෙ අප්ඵොටෙන්ති. ලිඞ්ගවිපරියාසො දට්ඨබ්බො. නච්චන්ති චාති අඤ්ඤෙ ච නච්චාපෙන්ති සයඤ්ච නච්චන්ති.
සෙලෙන්ති යනු; මුවෙන් සෙලිතශබ්ද කරති. වාදෙන්ති යනු; මහත් විපඤ්චිකා මකරමුඛ ආදි වීණා ද තූර්යයන් ද තථාගතයන් හට පුද පිණිස වාදනය කරයි. ප්‍රයෝග කරති. භුජානි පොඨෙන්ති යනු; අපොළති. ලිංගවිපර්යාශය දතයුතුය. නච්චයන්ති යනු; අනුන් නටවති. තුමූ ද නටති.
යථා තුය්හං මහාවීර, පාදෙසු චක්කලක්ඛණන්ති එත්ථ යෙන පකාරෙන යථා. මහාවීරියෙන යොගතො මහාවීරො. පාදෙසු චක්කලක්ඛණන්ති තව උභොසු පාදතලෙසු සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං චක්කලක්ඛණං සොභතීති අත්ථො. චක්ක-සද්දො පනායං සම්පත්තිරථඞ්ගඉරියාපථදානරතනධම්මඛුරචක්කලක්ඛණාදීසු දිස්සති. “චත්තාරිමානි, භික්ඛවෙ, චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සාන”න්තිආදීසු (අ· නි· 4.31) සම්පත්තියං දිස්සති. “චක්කංව වහතො පද”න්තිආදීසු (ධ· ප· 1) රථඞ්ගෙ. “චතුචක්කං නවද්වාර”න්තිආදීසු (සං· නි· 1.29) ඉරියාපථෙ. “දදං භුඤ්ජ ච මා ච පමාදො, චක්කං වත්තය සබ්බපාණින”න්ති (ජා· 1.7.149) එත්ථ දානෙ. “දිබ්බං චක්කරතනං පාතුභූත”න්ති (දී· නි· 2.243; 3.85; ම· නි· 3.256) එත්ථ රතනචක්කෙ. “මයා පවත්තිතං චක්ක”න්ති (සු· නි· 562; බු· වං· 28.17) එත්ථ පන ධම්මචක්කෙ. “ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ”ති (ජා· 1.1.104; 1.5.103) එත්ථ ඛුරචක්කෙ, පහරණචක්කෙති අත්ථො. “පාදතලෙසු චක්කානි ජාතානී”ති (දී· නි· 2.35; 3.200, 204; ම· නි· 2.386) එත්ථ ලක්ඛණෙ. ඉධාපි ලක්ඛණචක්කෙ දට්ඨබ්බො (ම· නි· අට්ඨ· 1.148; අ· නි· අට්ඨ· 1.1.187; 2.4.8; පටි· ම· අට්ඨ· 2.2.44). ධජවජිරපටාකා, වඩ්ඪමානඞ්කුසාචිතන්ති ධජෙන ච වජිරෙන ච පටාකාය ච වඩ්ඪමානෙන ච අඞ්කුසෙන ච ආචිතං අලඞ්කතං පරිවාරිතං පාදෙසු චක්කලක්ඛණන්ති අත්ථො. චක්කලක්ඛණෙ පන ගහිතෙ සෙසලක්ඛණානි ගහිතානෙව හොන්ති. තථා අසීති අනුබ්යඤ්ජනානි බ්යාමප්පභා ච. තස්මා තෙහි ද්වත්තිංසමහාපුරිසලක්ඛණාසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාහි සමලඞ්කතො භගවතො කායො සබ්බඵාලිඵුල්ලො විය පාරිච්ඡත්තකො විකසිතපදුමං විය කමලවනං විවිධරතනවිචිත්තං විය නවකනකතොරණං තාරාමරීචිවිරාජිතමිව ගගනතලං ඉතො චිතො ච විධාවමානා විප්ඵන්දමානා ඡබ්බණ්ණබුද්ධරස්මියො මුඤ්චමානො අතිවිය සොභති.
යථා තුය්හං මහාවීර පාදෙසු චක්කලක්ඛණං යනු; මෙහි යම් අයුරකින් යම්සේ මහත් වීර්යයෙන් යෙදීමෙන් මහා වීරයාණනි, පාදෙසු චක්කලක්ඛණං යනු; ඔබගේ දෙපාතලවල අර දහසක් ඇති නොමි සහිත නාභිසහිත සර්වාකාරයෙන් පිරිපුන් චක්‍ර ලක්ෂණය හොබනේය යන අර්ථයි. මේ චක්ක ශබ්දය සම්පත්ති රථාංග ඉරියාපථ දාන රතන ධම්ම උරචක්‍ර ලක්ෂණාදියෙහි දක්නට ලැබේ. චත්තාරිමානි භික්ඛවෙ චක්කානියෙහි සමන්නාගතානං දෙවමනුස්සානං යන ආදියෙහි සම්පත්තියෙහි දක්නට ලැබේ. චක්කංව වහතො පදං යනාදියෙහි රථාංගයෙහිය. චතුචක්කං නවද්වාරං මෙහි ඉරියවුවෙහිය දදභුඤ්ජච මා ච පමාදො චක්කං වත්තය සබ්බපාණිනං මෙහි දානයෙහිය. දිබ්බං චක්කරතනං පාතුභූතං මෙහි රතනචක්රයෙහිය. මයා පවත්තිතං චක්කං යන මෙහි ධර්මචක්රයෙහිය. ඉච්ඡා හතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙ මෙහි උර චක්‍රයෙහි ප්‍රහාර චක්‍රයෙහි යන අර්ථයි. පාදතලෙසු චක්කානි ජාතානි යන මෙහි ලක්ෂණයෙහිය. මෙහිද ලක්ෂණ චක්‍රය දත යුතුය. ධජවජිර පටාකා වඩ්ඪමානංකුසාචිතං යනු; ධජයෙන් වජ්රයෙන් පතාකයෙන් වර්ධමානයෙන් අංකුසයෙන් සැරසූ අලංකෘත වූ පිරිවැරූ පාවල චක්රලක්ෂණ යන අර්ථයි. චක්‍ර ලක්ෂණ ගත්කල සෙසු ලක්ෂණ ගත්තේම වෙයි. අසීති අනුබ්‍යඤ්ජන ව්යාමප්රභාද එසේය. එහෙයින් දෙතිස් මහපුරිස් ලකුණු අසූවක් අනුලකුණු ව්‍යාමප්‍රභායෙන් සමලංකෘත භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මුළුමනින් සුපිපි පරසතුරුක මෙන් සුපිපි පියුම් වනයක් මෙන් නන් රුවන් විසිතුරු නවරන් තොරණක් මෙන් තරු කිරණින් විසිතුරු අහසක් මෙන් ඔබමොබ දිවෙන දිදුලන සවනක් රස් මුදමින් අතිශයින් ශෝභමානය.
ඉදානි භගවතො රූපකායධම්මකායසම්පත්තිදස්සනත්ථං –
දැන් භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය ධර්මකාය සම්පත් දැක්වීම පිණිස:-
“රූපෙ සීලෙ සමාධිම්හි, පඤ්ඤාය ච අසාදිසො; විමුත්තියා අසමසමො, ධම්මචක්කප්පවත්තනෙ”ති. – අයං ගාථා වුත්තා;
රූපෙ සීලෙ සමාධිම්හි පඤ්ඤායච අසාදිසො විමුක්තියා අසමසමො ධම්මචක්කප්පවත්තනෙති - ආදිය කියන ලදි.
තත්ථ රූපෙති අයං රූප-සද්දො ඛන්ධභවනිමිත්තපච්චයසරීරවණ්ණසණ්ඨානාදීසු දිස්සති. යථාහ – “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්ති (ම· නි· 1.361; 3.86, 89; විභ· 2; මහාව· 22) එත්ථ රූපක්ඛන්ධෙ දිස්සති. “රූපූපපත්තියා මග්ගං භාවෙතී”ති (ධ· ස· 160-161; විභ· 624) එත්ථ රූපභවෙ. “අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සතී”ති (දී· නි· 3.338; ම· නි· 2.249; අ· නි· 1.435-442; ධ· ස· 204-205) එත්ථ කසිණනිමිත්තෙ. “සරූපා, භික්ඛවෙ, උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අරූපා”ති (අ· නි· 2.83) එත්ථ පච්චයෙ. “ආකාසො පරිවාරිතො රූපන්ත්වෙව සඞ්ඛං ගච්ඡතී”ති (ම· නි· 1.306) එත්ථ සරීරෙ. “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති (ම· නි· 1.204, 400; 3.421, 425-426; සං· නි· 4.60; කථා· 465) එත්ථ වණ්ණෙ. “රූපප්පමාණො රූපප්පසන්නො”ති (අ· නි· 4.65) එත්ථ සණ්ඨානෙ. ඉධාපි සණ්ඨානෙ දට්ඨබ්බො (අ· නි· අට්ඨ· 1.1.1 රූපාදිවග්ගවණ්ණනා). සීලෙති චතුබ්බිධෙ සීලෙ. සමාධිම්හීති තිවිධෙපි සමාධිම්හි. පඤ්ඤායාති ලොකියලොකුත්තරාය පඤ්ඤාය. අසාදිසොති අසදිසො අනුපමො. විමුත්තියාති ඵලවිමුත්තියා . අසමසමොති අසමා අතීතා බුද්ධා තෙහි අසමෙහි බුද්ධෙහි සීලාදීහි සමොති අසමසමො. එත්තාවතා භගවතො රූපකායසම්පත්ති දස්සිතා.
එහි රූපෙ යනු; මේ රූප ශබ්දයද ස්කන්ධ භව නිමිත්ත පච්චය ශරීර වර්ණ සණ්ඨානාදියෙහි දැක්වේ. මෙසේ කියන ලදි. යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නය යන මෙහි රූපස්කන්ධයෙහි දැක්වේ. රූපුප්පත්තියං මග්ගං භාවෙති මෙහි රූප භවයෙහිය. අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති මෙහි කසිණ නිමිත්තයෙහිය. සරූපා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලාධම්මා නො අරූපා මෙහි ප්රත්යයෙහිය. ආකාසො පරිවාරිතො රූපනෙත්ථව සබ්බං ගච්ඡති මෙහි ශරීරයෙහිය. චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං මෙහි වර්ණයෙහිය. රූපප්පමාණො රූපප්පසන්නො මෙහි සණ්ඨානයෙහිය. මෙහිද සණ්ඨානයෙහිය. සීලෙ යනු; සතර වැදෑරුම් ශීලයෙහි සමාධිම්හි යු සමාධියෙහි, පඤ්ඤාය යනු ලොව්තුරු ප්‍රඥාවෙහි. අසදිසො යනු; අසදෘශ ආනුපම. විමුක්තියා යනු; ඵලවිමුක්තියෙහි අසමසමො යනු අතීත බුදුවරු අසම වෙති. උන්වහන්සේලා සමග ශීලාදියෙන් සම වෙති. මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය ධර්මකාය සම්පත් දක්වන ලදි.
ඉදානි භගවතො කායබලාදිං දස්සෙතුං –
දැන් භාග්‍යවතුන් වහන්සේගේ කායබලාදිය දැක්වීමට:-
“දසනාගබලං කායෙ, තුය්හං පාකතිකං බලං; ඉද්ධිබලෙන අසමො, ධම්මචක්කප්පවත්තනෙ”ති. – වුත්තං;
දසනාගබලං කායෙ තුය්හං පාකතකං බලං ඉද්ධිබලෙන අසමො ධම්මචක්කප්පවත්තනෙ’යි - කියන ලදි.
තත්ථ දසනාගබලන්ති දසඡද්දන්තනාගබලං. දුවිධඤ්හි තථාගතස්ස බලං – කායබලං, ඤාණබලඤ්චාති. තත්ථ කායබලං හත්ථිකුලානුසාරෙන වෙදිතබ්බං. කථං?
එහි දසනාගබලං යනු; ඡද්දන්ත ඇත්බල දසයකි. කායබල ඤාණ බලයයි තථාගතබල දෙපරිදිය. එහි කායබලය ඇත්කූල අනුසාරයෙන් දතයුතුය. කෙසේද?
“කාළාවකඤ්ච ගඞ්ගෙය්යං, පණ්ඩරං තම්බපිඞ්ගලං; ගන්ධමඞ්ගලහෙමඤ්ච, උපොසථඡද්දන්තිමෙ දසා”ති.(ම· නි· අට්ඨ· 1.148; සං· නි· අට්ඨ· 2.2.22; අ· නි· අට්ඨ· 3.10.21; දී· නි· අට්ඨ· 2.198; විභ· අට්ඨ· 760; උදා· අට්ඨ· 75; චූළනි· අට්ඨ· 81; පටි· ම· අට්ඨ· 2.2.44) –
කාලාවකඤ්ච ගංගෙය්‍යං පණ්ඩරං තම්බ පිංගලං ගන්ධ මංගල හෙමඤ්ච උපොසථ ඡද්දන්තිමෙ දසාති
ඉමානි දස හත්ථිකුලානි වෙදිතබ්බානි. කාළාවකොති පකතිහත්ථිකුලං. යං දසන්නං පුරිසානං කායබලං, තං එකස්ස කාළාවකස්ස හත්ථිනො බලං. යං දසන්නං කාළාවකානං බලං, තං එකස්ස ගඞ්ගෙය්යස්සාති එතෙනෙව උපායෙන යාව ඡද්දන්තබලං නෙතබ්බන්ති. යං දසන්නං ඡද්දන්තානං බලං, තං එකස්ස තථාගතස්ස බලං, නාරායනබලං වජිරබලන්ති ඉදමෙව වුච්චති. තදෙතං පකතිහත්ථිගණනාය හත්ථිකොටිසහස්සානං බලං, පුරිසගණනාය දසන්නං පුරිසකොටිසහස්සානං බලං හොති. ඉදං තාව තථාගතස්ස පකතිකායබලං, ඤාණබලං පන අප්පමෙය්යං දසබලඤාණං චතුවෙසාරජ්ජඤාණං අට්ඨසු පරිසාසු අකම්පනඤාණං චතුයොනිපරිච්ඡෙදකඤාණං පඤ්චගතිපරිච්ඡෙදකඤාණං චුද්දස බුද්ධඤාණානීති එවමාදිකං ඤාණබලං. ඉධ පන කායබලං අධිප්පෙතං. කායෙ, තුය්හං පාකතිකං බලන්ති තඤ්ච පන තව කායෙ පාකතිකබලන්ති අත්ථො. තස්මා “දසනාගබල”න්ති දසඡද්දන්තනාගබලන්ති අත්ථො.
මේ දස ඇත්කුලය දතයුතුය. කාලාවකො යනු; ප්‍රකෘති ඇත්කුලයයි. පුරිසයන් දස දෙනෙකුගේ යං බලයක් වෙයිද එය එක් කාලාවක ඇතකුගේ බලයයි. කාලාවකයන් දසදෙනකුගේ බලය යමක් ද එය එක් ගංගෙය්යයකුගේ බලයයි. මේ ක්‍රමයෙන්ම ඡද්දන්තයන් තෙක් පැමිණවිය යුතුය. ඡද්දන්තයන් දසදෙනෙකුගේ යම් බලයක් වෙයිද එය එකම තථාගත බලයයි. මෙයම නාරායන බලය වජ්රබලයයි කියනු ලැබේ. එය පියෙවි ඇත් ගණනින් ඇත්කෙළ දහසක බලයයි. පුරුෂ ගණනින් දසකෙළක් පුරුෂයන්ගේ බලයයි. මේ වනාහි තථාගත කාය බලයයි. ඤාණ බලය වනාහි අප්‍රමෙය දසබලඥානය, චතුර්වෛශාරදසඥානය අටපිරිස්හි ආත්මපසඥානය චතුර්යොනිපරිච්ඡේදක ඥානය පංචගති පරිච්ඡෙදක ඥානය තුදුස් බුද්ධ ඥානය යන මේ ආදිය ඥානබල නමි. මෙහි වනාහි කායබලය අභිප්‍රේතයි. කායෙ තුය්හං පාකතිකං බලං යනු; එයද වනාහි ඔබගේ ශරීරයෙහි ප්රාකෘතික බලයයි යන අර්ථයි. එහෙයින් දසනාගබලං යනු; සදැත් ඇතුන් දසදෙනකුගේ බලය යන අර්ථයි.
ඉදානි ඤාණබලං දස්සෙන්තො “ඉද්ධිබලෙන අසමො, ධම්මචක්කප්පවත්තනෙ”ති ආහ. තත්ථ ඉද්ධිබලෙන අසමොති විකුබ්බනාධිට්ඨානාදිනා ඉද්ධිබලෙන අසමො අසදිසො අනුපමො. ධම්මචක්කප්පවත්තනෙති දෙසනාඤාණෙපි අසමොති අත්ථො.
දැන් ඤාණබල දක්වන්නාහු විසින් ඉද්ධිබලෙන අසමො ධම්මචක්කප්පවත්තනෙ යනු කියන ලදි. ඉද්ධිබලෙන අසමො යනු; විතුර්වණ අධිෂ්ඨානාධි සෘද්ධි බලයෙන් අසමො අසදෘශය අනුපමය. ධම්මචක්කප්පවත්තනෙ යනු; දේශනා ඥානයෙහි ද අසමය යන අර්ථයි.
ඉදානි “යො එවමාදිගුණසමන්නාගතො සත්ථා, සො සබ්බලොකෙකනායකො, තං සත්ථාරං නමස්සථා”ති තථාගතස්ස පණාමනෙ නියොගදස්සනත්ථං –
දැන් යම් ශාස්තෘවරයාණන් කෙනෙක් මේ ආදි ගුණ සමන්නාගත වෙත්ද උන්වහන්සේ සර්වලොකෛකනායක වෙති. ඒ ශාස්තෘන් වහන්සේ නමස්කාර කරමි කියා තථාගත ප්‍රණාමයෙහි නියෝග දැක්වීමට:-
“එවං සබ්බගුණූපෙතං, සබ්බඞ්ගසමුපාගතං; මහාමුනිං කාරුණිකං, ලොකනාථං නමස්සථා”ති. – වුත්තං;
එවං සබ්බගුණොපෙතං සබ්බංගසමුපාගතං මහාමුනිං කාරුණිකං ලොකනාථං නමස්සථාති - කියන ලදි.
තත්ථ එවන්ති වුත්තප්පකාරනිදස්සනෙ නිපාතො. සබ්බගුණූපෙතන්ති එත්ථ සබ්බොති අයං නිරවසෙසවාචී. ගුණොති අයං ගුණ-සද්දො අනෙකෙසු අත්ථෙසු දිස්සති. තථා හෙස – “අනුජානාමි, භික්ඛවෙ, අහතානං වත්ථානං දිගුණං සඞ්ඝාටි”න්ති (දී· නි· අට්ඨ· 1.546; මහාව· 348) එත්ථ පටලත්ථෙ දිස්සති. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො, වයොගුණා අනුපුබ්බං ජහන්තී”ති (සං· නි· 1.4) එත්ථ රාසත්ථෙ. “සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා”ති (ම· නි· 3.379) එත්ථ ආනිසංසත්ථෙ. “අන්තං අන්තගුණං” (දී· නි· 2.377; ම· නි· 1.110, 302; 2.114; 3.154, 349; ඛු· පා· 3.ද්වත්තිංසාකාර) “කයිරා මාලාගුණෙ බහූ”ති (ධ· ප· 53) එත්ථ බන්ධනත්ථෙ. “අට්ඨගුණසමුපෙතං, අභිඤ්ඤාබලමාහරි”න්ති (බු· වං· 2.29) එත්ථ සම්පත්තිඅත්ථෙ. ඉධාපි සම්පත්තිඅත්ථෙ දට්ඨබ්බො (දී· නි· අට්ඨ· 1.546; ම· නි· අට්ඨ· 1.166; චූළනි· අට්ඨ· 136). තස්මා සබ්බෙහි ලොකියලොකුත්තරෙහි ගුණෙහි සබ්බසම්පත්තීහි උපෙතං සමන්නාගතන්ති අත්ථො. සබ්බඞ්ගසමුපාගතන්ති සබ්බෙහි බුද්ධගුණෙහි ගුණඞ්ගෙහි වා සමුපාගතං සමන්නාගතං. මහාමුනින්ති අඤ්ඤෙහි පච්චෙකබුද්ධාදීහි මුනීහි අධිකභාවතො මහන්තො මුනීති වුච්චති මහාමුනි. කාරුණිකන්ති කරුණාගුණයොගතො කාරුණිකං. ලොකනාථන්ති සබ්බලොකෙකනාථං, සබ්බලොකෙහි “අයං නො දුක්ඛොපතාපස්ස ආහන්තා සමෙතා”ති එවමාසීසීයතීති අත්ථො.
එහි එවං යනු; උක්ත ප්‍රකාර නිදර්ශනයෙහි නිපාතයි. සබ්බගුණොපෙතං යනු; සබ්බො යනු නිරවශේෂවාචීය. ගුණො යනු; ගුණ ශබ්දය නොඑක් අර්ථවල දක්නා ලැබේ. මෙය අනුජානාමි භික්ඛවෙ අහතානං වත්ථානං දිගුණං සංඝාටිං යන තැන පටලාර්ථයෙහිය. අච්චෙන්ති කාලං තරයන්ති රත්තියො වයො ගුණ අනුපුබ්බං ජහන්ති මෙහි සමූහාර්ථයෙහිය. සතගුණා දක්ඛිණා. පාටික්ඛංකිතබ්බා යන මෙහි ආනිසංසාර්ථයෙහිය. අන්තගුණං කයිරමාලා ගුණෙ බහු යන මෙහි බන්ධනාර්ථයෙහිය. අට්ඨගුණ සමුපෙතං අභිඤ්ඤා බලමාහරිං මෙහි සම්පත්ති අර්ථයෙහිය. මෙහිදී සම්පත්ති අර්ථය දතයුතුය. එබැවින් සියලු ලොවීලොවුතුරා ගුණයෙන් සියලු සම්පතින් උපේතය, සමන්නාගතයයි අර්ථයි. සබ්බංගසමුපාගතං යනු සියලු බුද්ධගුණයෙන් ගුණාංගයෙන් සමුපාගත සමන්නාගතයි. මහාමුනිං යනු; අනෙකුත් පසේ බුදු මුනිවරයන්ගෙන් මහත් මුනිවරයාණන් බැවින් මහාමුනියයි කියනු ලැබේ. කාරුණිකං යනු; කරුණා ගුණ යුත් හෙයින් කාරුණික. ලෝකනාථං යනු; මුළු ලොවට එකම නායක. සියල් ලෝවැස්සන් විසින් දුකට පත් අපගේ දුක් නසන්නාහයි මෙසේ ආශිංසනය කරනු ලැබේ යන අර්ථයි.
ඉදානි දසබලස්ස සබ්බනිපච්චාකාරස්ස අරහභාවදස්සනත්ථං –
දැන් පරම නිපත්යකාර දසබලයන් වහන්සේගේ අර්හභාවය දක්වනු පිණිස:-
“අභිවාදනං ථොමනඤ්ච, වන්දනඤ්ච පසංසනං; නමස්සනඤ්ච පූජඤ්ච, සබ්බං අරහසී තුවං.
අභිවාදනං ථොමනඤ්ච වන්දනං ච පසංසනං නමස්සනඤ්ච පූජං ච සබ්බං අරහසී තුවන්ති
“යෙ කෙචි ලොකෙ වන්දනෙය්යා, වන්දනං අරහන්ති යෙ; සබ්බසෙට්ඨො මහාවීර, සදිසො තෙ න විජ්ජතී”ති. – වුත්තං;
[missing trans] ආදි ගාථා කියන ලදි.
තත්ථ අභිවාදනන්ති අඤ්ඤෙහි අත්තනො අභිවාදනකාරාපනං. ථොමනන්ති පරම්මුඛතො ථුති. වන්දනන්ති පණාමනං. පසංසනන්ති සම්මුඛතො පසංසනං. නමස්සනන්ති අඤ්ජලිකරණං, මනසා නමස්සනං වා. පූජනන්ති මාලාගන්ධවිලෙපනාදීහි පූජනඤ්ච. සබ්බන්ති සබ්බම්පි තං වුත්තප්පකාරං සක්කාරවිසෙසං තුවං අරහසි යුත්තොති අත්ථො. යෙ කෙචි ලොකෙ වන්දනෙය්යාති යෙ කෙචි ලොකෙ වන්දිතබ්බා වන්දනීයා වන්දනං අරහන්ති. යෙති යෙ පන ලොකෙ වන්දනං අරහන්ති. ඉදං පන පුරිමපදස්සෙව වෙවචනං. සබ්බසෙට්ඨොති සබ්බෙසං තෙසං සෙට්ඨො උත්තමො, ත්වං මහාවීර සදිසො තෙ ලොකෙ කොචි න විජ්ජතීති අත්ථො.
එහි අභිවාදනං යනු; තමන්වහන්සේට අභිවාදන කරවීම. ථොමනං යනු; අනභිමුඛයෙහි ස්තූතියයි. වන්දනං යනු; ප්රණාමනයයි. පසංසනං යනු; ඉදියෙහි ප්‍රශංසාවයි. නමස්සනං යනු; අඤ්ජලිකරණයයි. සිතින් නමස්කාර කිරීම හෝ වෙයි. පූජනං යනු; මල් ගඳ විලෙවුන් ආදියෙන් පිදීම. සබ්බං යනු මේ සියල්ල කියන ලද ආකාර සත්කාර විශේෂයට ඔබවහන්සේ සුදුසු වෙති. යෝග්‍ය වෙත යන අර්ථයි. යෙ කෙචි ලොකෙ වන්දනෙය්යා යනු, යමෙක් ලොව වැඳිය යුත්තාහු වන්දනීය වූවාහු වැඳීමට සුදුසු වෙත්ද යෙ යනු; යමෙක් ලොව වන්දනයට සුදුසු වෙත්ද. මෙය පළමු පදයට පර්යංයයි. සබ්බසෙට්ඨො යනු; ඒ සියල්ලන්ට ශ්‍රේෂ්ඨ උත්තම මහාවීරයන් වහන්ස ඔබම වෙති. ඔබවහන්සේට සමාන කිසිවෙක් නැත යන අර්ථයි.
අථ භගවති යමකපාටිහාරියං දස්සෙත්වා රතනචඞ්කමං මාපෙත්වා තත්ර චඞ්කමමානෙ ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ පඤ්චහි පරිවාරභික්ඛුසතෙහි. අථ ථෙරො භගවන්තං ඔලොකෙන්තො අද්දස කපිලපුරෙ ආකාසෙ රතනචඞ්කමෙ චඞ්කමමානං. තෙන වුත්තං –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යමකප්රාතිහාර්යය දක්වා රුවන් සක්මන මවා එහි සක්මන් කරද්දී ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ පන්සියයක් පිරිවර භික්ෂූන් සමග රජගහ නුවර අසල ගිජුකුළු පව්වෙහි වසති. ඉක්බිති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ බලන්නාහු කපිලපුර අහසෙහි රුවන් සක්මනෙහි සක්මන් කරන්නවුන් දුටහ. එයින් කියන ලදි:-
“සාරිපුත්තො මහාපඤ්ඤො, සමාධිජ්ඣානකොවිදො; ගිජ්ඣකූටෙ ඨිතොයෙව, පස්සති ලොකනායක”න්ති. – ආදි;
සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣාන කොවිදො ගිජ්ඣකූටෙ ඨිතොයෙව පස්සති ලොකනායකන්ති
තත්ථ සාරිපුත්තොති රූපසාරියා නාම බ්රාහ්මණියා පුත්තොති සාරිපුත්තො. මහාපඤ්ඤොති මහතියා සොළසවිධාය පඤ්ඤාය සමන්නාගතොති මහාපඤ්ඤො. සමාධිජ්ඣානකොවිදොති එත්ථ සමාධීති චිත්තං සමං ආදහති ආරම්මණෙ ඨපෙතීති සමාධි. සො තිවිධො හොති සවිතක්කසවිචාරො අවිතක්කවිචාරමත්තො අවිතක්කඅවිචාරො සමාධීති. ඣානන්ති පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානන්ති ඉමෙහි පඨමජ්ඣානාදීහි මෙත්තාඣානාදීනිපි සඞ්ගහිතානෙව හොන්ති, ඣානම්පි දුවිධං හොති ලක්ඛණූපනිජ්ඣානං ආරම්මණූපනිජ්ඣානන්ති. තත්ථ අනිච්චාදිලක්ඛණං උපනිජ්ඣායතීති විපස්සනාඤාණං “ලක්ඛණූපනිජ්ඣාන”න්ති වුච්චති. පඨමජ්ඣානාදිකං පන ආරම්මණූපනිජ්ඣානතො පච්චනීකඣාපනතො වා ඣානන්ති වුච්චති. සමාධීසු ච ඣානෙසු ච කොවිදොති සමාධිජ්ඣානකොවිදො, සමාධිජ්ඣානකුසලොති අත්ථො. ගිජ්ඣකූටෙති එවංනාමකෙ පබ්බතෙ ඨිතොයෙව පස්සතීති පස්සි.
එහි සාරිපුත්තතො යනු; ශාරි බැමිණියගේ පුත්නුයි සාරිපුත්ත නමි. මහාපඤ්ඤො යනු; මහත් සොළොස් ප්‍රඥාවෙන් යුත් හෙයින් මහාප්‍රාඥ. සමාධිජ්ඣාන කොවිදො යනු; මෙහි සමාධි යනු සිත එකවිට තබයි. අරමුණෙහි තබයිනුයි සමාධි නමි. එය තෙවැදෑරුම්ය. සචිතක්ක සවිචාර අවිතක්කවිචාර මත්ත අවිතක්ක අවීචාර වශයෙනි. ඣානං යනු; පඨමජ්ඣාන දුතියජ්ඣාන තතියජ්ඣාන චතුත්ථජ්ඣාන යනුයි. මේ ප්‍රථම ධ්‍යානාදියෙන් මෙත්තා ධ්‍යානාදිය ද සංගෘහීත වෙයි. ධ්‍යානයද දෙපරිදිය. ලක්ඛණූපනිජ්ඣාන ආරම්මණූපනිජ්ඣාන කියායි. එහි අනිත්‍යාදි ලක්ෂණ නැවත නැවත හිතානුයි විදර්ශනා ඥානය ලක්ඛණූපනිජ්ඣාන නමි. ප්‍රථමධ්‍යානාදිය අරමුණ නැවත නැවත සිතන බැවින් පටිනිජ්ඣාපන බැවින් හෝ ධ්‍යානයයි කියනු ලැබේ. සමාධිවලද ධ්‍යානවලද දක්ෂ වූයේ සමාධිජ්ඣාන කොවිදො නමි. සමාධිධ්යානකුසල යන අර්ථයි. ගිජ්ඣකූටෙ යනු; එනම් පර්වතයෙහි සිටියාහුම පස්සති යනු; දුටහ.
සුඵුල්ලං සාලරාජං වාති සමවට්ටක්ඛන්ධං සමුග්ගතවිපුලකොමලඵලපල්ලවඞ්කුරසමලඞ්කතසාඛං සබ්බඵාලිඵුල්ලං සාලරාජං විය සීලමූලං සමාධික්ඛන්ධං පඤ්ඤාසාඛං අභිඤ්ඤාපුප්ඵං විමුත්තිඵලං දසබලසාලරාජං ඔලොකෙසීති එවං ඔලොකපදෙන සම්බන්ධො. චන්දංව ගගනෙ යථාති අබ්භාහිමධූමරජොරාහුපසග්ගවිනිමුත්තං තාරගණපරිවුතං සරදසමයෙ පරිපුණ්ණං විය රජනිකරං සබ්බකිලෙසතිමිරවිධමනකරං වෙනෙය්යජනකුමුදවනවිකසනකරං මුනිවරරජනිකරං ඔලොකෙතීති අත්ථො. යථාති නිපාතමත්තං. මජ්ඣන්හිකෙව සූරියන්ති මජ්ඣන්හිකසමයෙ සිරියා පටුතරකිරණමාලිනං අංසුමාලිනමිව විරොචමානං. නරාසභන්ති නරවසභං.
සුඵුල්ලසාලරාජංච යනු; සමවට තදින් නැගුණු විසල් කොමල පලපලු අංකුරයෙන් අලංකෘත ශාඛා ඇති මුලපටන් අගට පිපි සල්රුකක් මෙන් සිල්මුල් ද සමාධිකඳ ද ප්‍රඥා ශාඛා ද අභිඥා කුසුමයන් ද විමුක්ති ඵල ද ඇති දසබලසාල රාජයන් වහන්සේ. උල්ලොකෙති යනු; මෙසේ උල්ලොක පදය සමගින් සම්බන්ධයි. චන්දංවග්ගනෙ යථා යනු වලා මීදුම් ගුලි දූලි රාහු උවදුරෙන් දුරු තරුගණ පිරිවැරූ සදාකල්හි පිරිපුන් සඳමඬල වැනි සියලු කෙලෙස් ගනඳුරු දුරලන විනොදන කුමුදුවන පුබුදුවන මුනිවර රජනිකරයන් බලයි යන අර්ථයි. යථා යනු; නිපාත මාත්‍රයකි. මජ්ඣන්තිකංච සුරියං යනු; මද්දහන් වේලෙහි තියුණු කිරණ මාලා ඇති හිරමඬල මෙන් බබළන. නරාසභං යනු; නරවරයාණන්
ජලන්තන්ති දද්දළ්හමානං, සරදසමයං පරිපුණ්ණචන්දසස්සිරිකචාරුවදනසොභං ලක්ඛණානුබ්යඤ්ජනසමලඞ්කතවරසරීරං පරමාය බුද්ධසිරියා විරොචමානන්ති අත්ථො. දීපරුක්ඛං වාති ආරොපිතදීපං දීපරුක්ඛමිව. තරුණසූරියංව උග්ගතන්ති අභිනවොදිතාදිච්චමිව, සොම්මභාවෙන ජලන්තන්ති අත්ථො. සූරියස්ස තරුණභාවො පන උදයං පටිච්ච වුච්චති. න හි චන්දස්ස විය හානිවුද්ධියො අත්ථි. බ්යාමප්පභානුරඤ්ජිතන්ති බ්යාමප්පභාය අනුරඤ්ජිතං. ධීරං පස්සති ලොකනායකන්ති සබ්බලොකෙකධීරං පස්සති නායකන්ති අත්ථො.
ජලන්තං යනු; දිදුලන. සරාකල පුන්සඳ වන් සුන්දරතර මුව ශෝභා ඇති ලක්ෂණ අනුව්‍යඤ්ජනයෙන් සමලංකෘත පරම බුදුසිරිත් බබළන උතුම් ශරීරය යන අර්ථයි. දීපරුක්ඛංව යනු; එසවූ ප්‍රදීප වෘක්ෂයක් වැනි කරුණා සුරියංව උග්ගතං යනු. අභිනව උදාහිරු වැනි සොමි බැවින් බබළන යන අර්ථයි. සූර්යයාගේ තරුණ බව උදය සඳහා කියනු ලැබේ. සඳෙහි මෙන් අඩුවැඩි නැත්තේය. ඛ්යාමප්පභානුරඤ්ජිතං යනු; ඛ්යාමප්රභායෙන් රැඳුණු. ධීරං පස්සති නායකං යනු; ලොව එකම ධීරයාණන් දකී. නායක යන අර්ථයි.
අථායස්මා ධම්මසෙනාපති අතිසීතලසලිලධරනිකරපරිචුම්බිතකූටෙ නානාවිධසුරභිතරුකුසුමවාසිතකූටෙ පරමරුචිරචිත්තකූටෙ ගිජ්ඣකූටෙ පබ්බතෙ ඨත්වාව දසහි චක්කවාළසහස්සෙහි ආගතෙහි දෙවබ්රහ්මගණෙහි පරිවුතං භගවන්තං අනුත්තරාය බුද්ධසිරියා අනොපමාය බුද්ධලීළාය සබ්බරතනමයෙ චඞ්කමෙ චඞ්කමමානං දිස්වා – “හන්දාහං භගවන්තං උපසඞ්කමිත්වා බුද්ධගුණපරිදීපනං බුද්ධවංසදෙසනං යාචෙය්ය”න්ති චින්තෙත්වා අත්තනා සද්ධිං වසමානානි පඤ්ච භික්ඛුසතානි සන්නිපාතෙසි. තෙන වුත්තං –
ඉක්බිති ආයුෂ්මත් ධම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ නිල්මේකුළු සමූහයෙන් සිපගන්නා ලද නන් සුවඳ කුසුම්තුරු සුවඳින් සුවඳවත් වූ පරම සුන්දර සිත තුළ වන් ගිජුකුළු පව්වෙහි සිට දසදහසක් සක්වළින් පැමිණි දෙව්බඹගණ පිරිවැරූ අනුත්තර බුදුසිරිත් අනුපම බුදුලීලායෙන් සම්රුවන්මුවා සක්මනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දැක දැන් මම භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් බුදුගුණ පැවසෙන බුද්ධවංසය දේශනාවට ආයාචනා කරන්නෙමි සිතා තමන් වහන්සේ සමග වසන පන්සියයක් භික්ෂූන් රැස්කරවූහ. එයින් කියන ලදි:-
“පඤ්චන්නං භික්ඛුසතානං, කතකිච්චාන තාදිනං; ඛීණාසවානං විමලානං, ඛණෙන සන්නිපාතයී”ති.
පඤ්චානං භික්ඛුසතානං කතකිච්චාන භාදිනං ඛීණාසවානං විමලානං ඛණෙන සන්නිපාතයී’යි
තත්ථ පඤ්චන්නං භික්ඛුසතානන්ති පඤ්ච භික්ඛුසතානි, උපයොගත්ථෙ සාමිවචනං දට්ඨබ්බං. කතකිච්චානන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියභාවනාවසෙන පරිනිට්ඨිතසොළසකිච්චානන්ති අත්ථො. ඛීණාසවානන්ති පරික්ඛීණචතුරාසවානං. විමලානන්ති විගතමලානං , ඛීණාසවත්තා වා විමලානං පරමපරිසුද්ධචිත්තසන්තානානන්ති අත්ථො. ඛණෙනාති ඛණෙයෙව. සන්නිපාතයීති සන්නිපාතෙසි.
එහි පඤ්චන්නං භික්ඛුසතානං යනු; පන්සියයක් භික්ෂූන් උපයෝගාර්ථයෙහි ජට්ඨි පදයි. කතකිච්චානං යනු සතර කටයුත්තෙහි සිවුමගින් පරිඥා ප්‍රහාණ සාක්ෂාත් කිරීම භාවනා වශයෙන් නිමකල සොළොස් කිස ඇත්තවුන්ගේ යනු අර්ථයි. ඛීණා සවානං යනු; ප්‍රහීණ කළ චතුරාශ්‍රව ඇති. විමලානං යනු; පහකළ කෙලෙස්මල ඇති ක්ෂීණාශ්රව හෙයින් නිර්මල වූ පරම පිරිසිදු චිත්ත සන්තාන ඇත්තවුන්ගේ යනු අර්ථයි ඛණෙන යනු; ක්ෂණයෙන්ම සන්නිපාතයි යනු; රැස්කරවීය.
ඉදානි තෙසං භික්ඛූනං සන්නිපාතෙ ගමනෙ ච කාරණං දස්සනත්ථං –
දැන් ඒ භික්ෂූන්ගේ රැස්වීමෙහි ගමනෙහි කරුණු දැක්වීම පිණිස:-
“ලොකප්පසාදනං නාම, පාටිහීරං නිදස්සයි; අම්හෙපි තත්ථ ගන්ත්වාන, වන්දිස්සාම මයං ජිනං.
ලොකප්පසාදකං නාම පාටිහීරං නිදස්සයි අම්හෙපි තත්ථ ගනත්‍වාන වන්දිස්සාම මයං ජිනං
“එථ සබ්බෙ ගමිස්සාම, තුච්ඡිස්සාම මයං ජිනං; කඞ්ඛං විනොදයිස්සාම, පස්සිත්වා ලොකනායක”න්ති. – ඉමා ගාථායො වුත්තා;
එථ සබ්බෙ ගමිස්සාම පුච්ඡිස්සාම මයං ජිනං කංඛං විනොදයිස්සාම දසසිත්වා ලොකනායකංති - කියන ලදි.
තත්ථ ලොකප්පසාදනං නාමාති ලොකස්ස පසාදකරණතො ලොකප්පසාදනං පාටිහීරං වුච්චති. “උල්ලොකප්පසාදනං නාමාතිපි පාඨො, තස්ස ලොකවිවරණපාටිහාරියන්ති අත්ථො. තං පන උද්ධං අකනිට්ඨභවනතො හෙට්ඨා යාව අවීචි එත්ථන්තරෙ එකාලොකං කත්වා එත්ථන්තරෙ සබ්බෙසම්පි සත්තානං අඤ්ඤමඤ්ඤං දස්සනකරණාධිට්ඨානන්ති වුච්චති. නිදස්සයීති දස්සෙසි. අම්හෙපීති මයම්පි. තත්ථාති යත්ථ භගවා, තත්ථ ගන්ත්වානාති අත්ථො. වන්දිස්සාමාති මයං භගවතො පාදෙ සිරසා වන්දිස්සාම. එත්ථ පන අම්හෙපි, මයන්ති ඉමෙසං ද්වින්නං සද්දානං පුරිමස්ස ගමනකිරියාය සම්බන්ධො දට්ඨබ්බො, පච්ඡිමස්ස වන්දනකිරියාය. ඉතරථා හි පුනරුත්තිදොසතො න මුච්චති.
ලොකප්පසාදකං නාම යනු; ලොකයාගේ ප්‍රසාදය ඇතිකරන නිසා ලොකප්රසාදක ප්‍රාතිහාර්යයි කියනු ලැබේ. ලොකප්පසාදනං නාම යි ද පාඨයි. එය ලෝකවිවරණ ප්රාතිහාර්යය යයිද අර්ථයි. එය උඩින් භවාග්‍රය යටින් අවීචිය යන මෙදෑතුර ඒකාලෝක කොට සියලු සතුන්ට උනුනු දර්ශනය කරවන අධිෂ්ඨාන යයි කියනු ලැබේ. නිදස්සය යනු; දැක්වීය යනුයි. අම්හෙපි යනු; අපි යනුයි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගොස් යන අර්ථයි. වන්දිස්සාම යනු; අපි භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් වඳිමු. මෙහි වනාහි අම්හෙ මයං යන දෙපදයෙන් පළමු පදයෙහි ගමන ක්‍රියාවෙන් සම්බන්ධය දතයුතුය. පසුපදයෙන් වන්දන ක්‍රියාවෙහිය. අන් විදියකින් පුනරුත් දොසින් නොමිදේ.
එථාති ආගච්ඡථ. කඞ්ඛං විනොදයිස්සාමාති එත්ථාහ – ඛීණාසවානං පන කඞ්ඛා නාම කාචිපි නත්ථි, කස්මා ථෙරො එවමාහාති? සච්චමෙවෙතං, පඨමමග්ගෙනෙව සමුච්ඡෙදං ගතා. යථාහ –
එථ යනු; ආගච්ඡථ එව්, කංඛං විනොදයිස්සාම යනු; මෙහි ක්‍ෂීණාස්‍රවයන්ගේ කවර හෝ සැකයක් නම් නැත. කුමක් නිසා තෙරණුවෝ මෙසේ කීහුද? සත්‍යයෙන්ම ප්‍රථම මාර්ගයෙන්ම සහමුලින් වැසී ගියේය කියන ලදි.
“කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බාති? චත්තාරො දිට්ඨිගතසම්පයුත්තචිත්තුප්පාදා විචිකිච්ඡාසහගතො චිත්තුප්පාදො අපායගමනීයො ලොභො දොසො මොහො මානො තදෙකට්ඨා ච කිලෙසා”ති (ධ· ස· 1405 ථොකං විසදිසං).
කවර නම් ධර්ම දර්ශනයෙන් පහකළ යුතුද? දිට්ඨිගත සම්පයුත්ත චිත්තොත්පාද සතරය විචිකිච්ඡා සහගත චිත්තොත්පාදය අපායගාමිනී ලෝභ, දෝස, මෝහ, මාන ඒ හා බැඳුණ කෙලෙස්ය.
න පනෙසා විචිකිච්ඡාසඞ්ඛාතා කඞ්ඛාති, කින්තු පඤ්ඤත්තිඅජානනං නාම. ථෙරො පන භගවන්තං බුද්ධවංසං පුච්ඡිතුකාමො, සො පන බුද්ධානංයෙව විසයො, න පච්චෙකබුද්ධබුද්ධසාවකානං, තස්මා ථෙරො අවිසයත්තා එවමාහාති වෙදිතබ්බං. විනොදයිස්සාමාති විනොදෙස්සාම.
මෙය විචිකිච්ඡා සංඛ්‍යාත සැකය නොවේ. නමුත් ප්‍රඥප්තියකි. නොදැන්ම නමි. තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් බුද්ධවංසය අසනු කැමැත්තාහ. එය බුදුවරුන්ට විෂය වෙයි. පසේබුදුවරුන්ට හෝ ශ්‍රාවකයන්ට විෂය නොවෙයි. එහෙයින් තෙරනු අවිෂය බැවින් මෙසේ කීහයි දතයුතු. විනොදයිස්සාම යනු දුරු කරන්නෙමු.
අථ ඛො තෙ භික්ඛූ ථෙරස්ස වචනං සුත්වා අත්තනො අත්තනො පත්තචීවරමාදාය සුවම්මිතා විය මහානාගා පභින්නකිලෙසා ඡින්නබන්ධනා අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසම්පන්නා තරමානා සන්නිපත්තිංසු. තෙන වුත්තං –
එවිට තෙරුන්ගේ බස් අසා තම තමන්ගේ පාසිවුරු ගෙන මනාව සන්නාහගත ඇතුන් මෙන් සුන් කෙලෙස් ඇති බුන් බව බැඳුම් ඇති අල්පෙච්ඡ සන්තුෂ්ටම ප්රවිචේකව අසංඍෂ්ටව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදර්ශන සම්පන්න ඒ භික්ෂූහු වහ වහා රැස් වූහ. කියන ලදි:-
“සාධූති තෙ පටිස්සුත්වා, නිපකා සංවුතින්ද්රියා; පත්තචීවරමාදාය, තරමානා උපාගමු”න්ති.
සාධූති තෙ පටිස්සුත්වා නිපකා සංවුතින්ද්රියා පත්නචීවරමාදාය තරමානා මුපාගමුන්ති
තත්ථ සාධූති අයං සාධු-සද්දො ආයාචනසම්පටිච්ඡනසම්පහංසනසුන්දරාදීසු දිස්සති. තථා හෙස – “සාධු මෙ, භන්තෙ භගවා, සංඛිත්තෙන ධම්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.95; 5.382; අ· නි· 4.257) ආයාචනෙ දිස්සති. “සාධු, භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා”තිආදීසු (ම· නි· 3.86) සම්පටිච්ඡනෙ. “සාධු සාධු, සාරිපුත්තා”තිආදීසු (දී· නි· 3.349) සම්පහංසනෙ.
එහි සාධු යනු; මේ සාධු ශබ්දය ආයාචන සම්පටිච්ඡන සම්පහංසන සුන්දරාදියෙහි දක්නා ලැබේ. මෙය සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු ආදියෙහි ආයාචනයෙහි දැක්වේ. සාධු භන්තෙකි ඛො තෙ භික්ඛු භගවකො භාසිකං අභිනන්දිත්වා අනුමොදිත්වා ආදියෙහි පිළිගැනීමෙහිය. සාධු සාධු සාරිපුත්ත ආදියෙහි සම්ප්රහර්ෂයෙහිය.
“සාධු ධම්මරුචි රාජා, සාධු පඤ්ඤාණවා නරො; සාධු මිත්තානමද්දුබ්භො, පාපස්සාකරණං සුඛ”න්ති. –
සාධු ධම්මරුචි රාජා සාධු පඤ්ඤාණවා නරො සාධු මිත්තානමදුභො පාපස්ස අකරණං සුඛන්ති
ආදීසු (ජා· 2.18.101) සුන්දරෙ. ඉධ සම්පටිච්ඡනෙ. තස්මා සාධු සුට්ඨූති ථෙරස්ස වචනං සම්පටිච්ඡිත්වාති අත්ථො (දී· නි· අට්ඨ· 1.189; ම· නි· අට්ඨ· 1.1 සුත්තනික්ඛෙපවණ්ණනා; සං· නි· අට්ඨ· 1.115 අග්ගිකභාරද්වාජසුත්තවණ්ණනා). නිපකාති පණ්ඩිතා පඤ්ඤවන්තා. සංවුතින්ද්රියාති ඉන්ද්රියෙසු ගුත්තද්වාරා, ඉන්ද්රියසංවරසමන්නාගතාති අත්ථො. තරමානාති තුරිතා. උපාගමුන්ති ථෙරං උපසඞ්කමිංසු.
ආදියෙහි සුන්දරත්වයෙහිය. මෙහි පිළිගැනීමෙහිය, එහෙයින් මැනව යහපතැයි තෙරුන්ගේ වචනය අසා පිළිගෙන යන අර්ථයි. නිපකා යනු; පණ්ඩිතයෝ ප්‍රඥාවන්තයෝ. සංවුතින්ද්රියා යනු; ඉඳුරන්හි ගෝපිත ද්වාර වූවෝ, ඉන්ද්රිය සංවරයෙන් යුක්තයෝ යන අර්ථයි. තරමානා යනු; යුහුසුලු වූවාහු. උපාගමුං යනු; තෙරුන් වෙත එළඹියහ.
ඉදානි ධම්මසෙනාපතිස්ස පවත්තිං දස්සෙන්තෙහි සඞ්ගීතිකාරකෙහි “ඛීණාසවෙහි විමලෙහී”තිආදිගාථායො වුත්තා තත්ථ දන්තෙහීති කායෙන ච චිත්තෙන ච දන්තෙහි. උත්තමෙ දමෙති අරහත්තෙ, නිමිත්තත්ථෙ භුම්මං දට්ඨබ්බං. තෙහි භික්ඛූහීති පඤ්චහි භික්ඛුසතෙහි. මහාගණීති සීලාදීහි ච සඞ්ඛ්යාවසෙන ච මහන්තො ගණො අස්ස අත්ථීති මහාගණී, නානාපදවසෙන වා සීලාදීහි ගුණෙහි මහන්තො ගණොති මහාගණො, මහාගණො අස්ස අත්ථීති මහාගණී. ලළන්තො දෙවොව ගගනෙති ඉද්ධිවිලාසෙන විලාසෙන්තො දෙවො විය ගගනතලෙ භගවන්තං උපසඞ්කමීති අත්ථො.
දැන් ධම්සෙනෙවි තෙරුන්ගේ පවත් දක්වන සංගීතිකාරකයන් විසින් ඛීණාසවෙහි විමලෙහි ආදී ගාථා කියන ලදි. එහි දන්තෙහි යනු; කයින් ද සිතින් ද දමනය වූ උත්තමෙ දමෙ යනු; අර්හත්වයෙහි. නිමිත්තාර්ථ භුම්මය (සත්තමී) දතයුතුය. තෙහි භික්ඛූහි යනු; පන්සියයක් භික්ෂූන් මහාගණී යනු; සීලාදියෙන් ද සංඛ්‍යා වශයෙන් ද මහාගණයක් ඔහුට ඇත්තේනුයි මහාගණීයි. නානා පද විසින් සීලාදි ගුණයෙන් මහත් වූ ගණය මහාගණයි. ඒ ගණය ඔහුට ඇත්තේයි මහාගණී වෙයි. ජලන්කො දේවො ගගනෙවා යනු; ඍද්ධි විලාසයෙන් බබළන දෙවියකු මෙන් අහස් තලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ යන අර්ථයි.
ඉදානි “තෙ ඉත්ථම්භූතා උපසඞ්කමිංසූ”ති උපසඞ්කමවිධානදස්සනත්ථං “උක්කාසිතඤ්ච ඛිපිත”න්තිආදි ආරද්ධං. තත්ථ උක්කාසිතඤ්චාති උක්කාසිතසද්දඤ්ච. ඛිපිතන්ති ඛිපිතසද්දඤ්ච. අජ්ඣුපෙක්ඛියාති උපෙක්ඛිත්වා, තං උභයං අකත්වාති අධිප්පායො. සුබ්බතාති සුවිමලධුතගුණා. සප්පතිස්සාති සහපතිස්සයා, නීචවුත්තිනොති අත්ථො.
දැන් ඔවුහු මෙසේ වී එළඹියහයි එළඹි අයුරු දැක්වීම පිණිස උක්කාසිතං ච ඛිපිකංච ආදිය අරඹන ලදි. එහි උක්කාසිකං ච යනු; කාරන හඬද ඛිපිතං ච යනු, කිවිසින හඬ ද අජ්ඣූපෙක්ඛිත්වා යනු; උපේක්ෂකව ඒ දෙක නොකොට යන අර්ථයි. සුබ්බතා යනු; සුනිර්මල ධුතගුණ ඇත්තාහු. සප්පකිස්සා යනු; නීචවෘත්ති ඇත්තාහු යන අර්ථයි.
සයම්භුන්ති සයමෙව අඤ්ඤාපදෙසං විනා පාරමියො පූරෙත්වා අධිගතබුද්ධභාවන්ති අත්ථො. අච්චුග්ගතන්ති අභිනවොදිතං. චන්දං වාති චන්දං විය, නභෙ ජලන්තං භගවන්තං ගගනෙ චන්දං විය පස්සන්තීති එවං පදසම්බන්ධො දට්ඨබ්බො. ඉධාපි යථා-සද්දො නිපාතමත්තොව.
සයම්භුං යනු; තමන්ම පරෝපදේශ රහිතව පාරමී පුරා අවබෝධ කරන ලද බුදුබව යන අර්ථයි. අච්චුග්ගතං යනු; අභිනවයෙන් උදාවූ; චන්දං වා යනු; සඳ මෙන් අහස බබළන භාග්‍යවතුන් වහන්සේ අහසෙහි සඳ මෙන් දකිති. නිපාත මාත්‍රයකි.
විජ්ජුං වාති විජ්ජුඝනං විය. යදි චිරට්ඨිතිකා අචිරප්පභා අස්ස තාදිසන්ති අත්ථො. ගගනෙ යථාති ආකාසෙ යථා, ඉධාපි යථා-සද්දො නිපාතමත්තොව. ඉතො පරම්පි ඊදිසෙසු ඨානෙසු යථා-සද්දො නිපාතමත්තොති දට්ඨබ්බො.
විජ්ජුංවා යනු; චිරස්ථිතික විදුලිය මේඝය මෙන් අචිරප්රභා ඇත්තේද එබඳුය යන අර්ථයි. ගගනෙ යථා යනු අහසෙහි යම්සේද, මෙහිද යථා ශබ්දය නිපාත මාත්රමය, මින් පසුද මෙවැනි තන්හි යථා ශබ්දය නිපාත මාත්‍රයක් බව දතයුතුය.
රහදමිව විප්පසන්නන්ති අතිගම්භීරවිත්ථතං මහාරහදං විය අනාවිලං විප්පසන්නං සලිලං. සුඵුල්ලං පදුමං යථාති සුවිකසිතපදුමවනං රහදමිවාති අත්ථො දට්ඨබ්බො. “සුඵුල්ලං කමලං යථා”තිපි පාඨො, තස්ස කමනීයභාවෙන සුඵුල්ලං කමලවනමිවාති අත්ථො.
රහදමිව විප්පසන්නං යනු; ඉතා ගැඹුරු පළල් මහ ජලාශයක් නොකැළඹුණු අතිශයින් පහන් මහ ජලාශයක් මෙනි. සලිලං සුඵුල්ලපදුමං යථා යනු; සුපිපි පියුම් වනයක් වූ විලක් මෙනි යන අර්ථයි. සුඵුල්ලං පදුමං යථා යනුද පාඨයි. එහි කමනීය බව නිසා සුපිපි කමල වනයක් මෙනැයි යන අර්ථයි.
අථ තෙ භික්ඛූ ධම්මසෙනාපතිප්පමුඛා අඤ්ජලිං සිරසි කත්වා දසබලස්ස චක්කාලඞ්කතතලෙසු පාදෙසු නිපතිංසූති අත්ථො. තෙන වුත්තං – “අඤ්ජලිං පග්ගහෙත්වාන, තුට්ඨහට්ඨා පමොදිතා”තිආදි. තත්ථ නිපතන්තීති නිපතිංසු, වන්දිංසූති අත්ථො. චක්කලක්ඛණෙති චක්කං ලක්ඛණං යස්මිං පාදෙ සො පාදො චක්කලක්ඛණො, තස්මිං චක්කලක්ඛණෙ. ජාතිවසෙන “පාදෙ”ති වුත්තං, සත්ථුනො චක්කාලඞ්කතතලෙසු පාදෙසු නිපතිංසූති අත්ථො.
ඉක්බිති ඒ ධම්මසේනාපතීන් ප්රමුඛ භික්ෂූහු හිසෙහි ඇඳිලි තබා දසබලයන් වහන්සේගේ සක්ලකුණින් බබළන පාදයෙහි වන්දනා කළහ යන අර්ථයි. එහෙයින් අඤ්ජලිං පග්ගහෙත්වාන හට්ඨතුට්ඨා පමොදිතා ආදිය කියන ලදි. එහි නිපතන්ති යනු, වැන්දහ යන අර්ථයි. චක්ක ලක්ඛණො යනු; චක්‍ර ලක්ෂණය යම් පාදයක ද ඒ පාදය චක්කලක්ඛණ. ඒ චක්රලක්ෂණ යුත්, ජාති වශයෙන් පාදෙයි කියන ලදි. ශාස්තෘන් වහන්සේගේ චක්රාලංකෘතතල ඇති පාදයන්හි නමස්කාර කළහ යන අර්ථයි.
ඉදානි තෙසං කෙසඤ්චි ථෙරානං නාමං දස්සෙන්තෙහි “සාරිපුත්තො මහාපඤ්ඤො, කොරණ්ඩසමසාදිසො”තිආදි ගාථායො වුත්තා. තත්ථ කොරණ්ඩසමසාදිසොති කොරණ්ඩකුසුමසදිසවණ්ණො, යදි එවං “කොරණ්ඩසමො”ති වා, “කොරණ්ඩසදිසො”ති වා වත්තබ්බං, කිං ද්වික්ඛත්තුං “සමසාදිසො”ති වුත්තන්ති චෙ? නායං දොසො, තාදිසො කොරණ්ඩසමත්තා කොරණ්ඩසදිසභාවෙනෙව කොරණ්ඩසමසාදිසො. න පනාධිකවචනවසෙනාති අධිප්පායො. සමාධිජ්ඣානකුසලොති එත්ථ අයං කුසල-සද්දො තාව අරොග්යානවජ්ජඡෙකසුඛවිපාකාදීසු දිස්සති. අයඤ්හි “කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමය”න්තිආදීසු (ජා· 1.15.146; 2.20.129) ආරොග්යෙ දිස්සති. “කතමො පන, භන්තෙ, කායසමාචාරො කුසලො ? යො ඛො, මහාරාජ, කායසමාචාරො අනවජ්ජො”ති (ම· නි· 2.361) එවමාදීසු අනවජ්ජෙ. “කුසලො ත්වං රථස්ස අඞ්ගපච්චඞ්ගාන”න්තිආදීසු (ම· නි· 2.87) ඡෙකෙ. “කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා”තිආදීසු (ධ· ස· 431 ආදයො) සුඛවිපාකෙ. ඉධ පන ඡෙකෙ දට්ඨබ්බො. වන්දතෙති වන්දිත්ථ.
දැන් උන්වහන්සේලාගෙන් කිසිතෙර කෙනකුන් නම් වශයෙන් දක්වන්නාවුන් විසින් සාරිපුත්තො මහාපඤ්ඤො කොරණ්ඩසමසාදිසො ආදී ගාථා කියන ලදි. එහි කොරණ්ඩ සමසංදිසො යනු; කොරණ්ඩ මලකට සමාන පැහැ ඇති, එසේ නම් කොරණ්ඩසමො කියා හෝ කොරණ්ඩසදිසො කියා හෝ කිව යුතුය. කුමක් නිසා දෙවරක් සමසාදිසංයි කියන ලදද? මෙය දොසක් නොවේ. එබඳු කොරණ්ඩ සමබැවින් කොරණ්ඩය හා සමාන බැවින්ම කොරණ්ඩසමසාදිසයි. අධික පදයක් වශයෙන් නොවේ යන අභිප්‍රායයි. සමාධිජ්ඣානකුසලො යනු මෙහි මේ කුසල ශබ්දය ආරොග්‍ය අනවද්‍ය දක්ෂ සුඛවිපාකාදියෙහි දක්නා ලැබේ. මේ වනාහි කච්චිනු භොතො කුසලං කච්චිනු හොතො අනාමයං ආදියෙහි ආරොග්යයෙහිය. කතවො පන භන්තෙ කායසමාචාරො කුසලා යො ඛො මහාරාජ කායසමාචාරො අනවජ්ජො යනාදියෙහි නිරවද්යයෙහිය. කුසලොසිත්වං රථස්ස අංගපච්චංගානං ආදිය දක්ෂතාවෙහිය. කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ආදියෙහි සැපවිපාකයෙහිය. මෙහි වනාහි දක්ෂතාවෙහි දැකිය යුතුය.
ගජ්ජිතාති ගජ්ජන්තීති ගජ්ජිතා. කාලමෙඝො වාති නීලසලිලධරො විය ගජ්ජිතා ඉද්ධිවිසයෙති අධිප්පායො. නීලුප්පලසමසාදිසොති නීලකුවලයසදිසවණ්ණො. හෙට්ඨා වුත්තනයෙනෙවෙත්ථාපි අත්ථො වෙදිතබ්බො. මොග්ගල්ලානොති එවං ගොත්තවසෙන ලද්ධනාමො කොලිතො.
ගජ්ජති යනු; නිල් මේකුළක් මෙන් ගර්ජනා කරයි. ඉද්ධිවිසයෙ යනු අභිප්‍රායයි නීලුප්පලසමසාදිසො යනු; නිලුපුල් සම වර්ණ ඇත්තේ. යට කී පරිදි මෙහිද අර්ථය දතයුතුය. මොග්ගල්ලානො යනු; මෙසේ ගොත්‍ර විසින් නම් ලද කෝලිතයි.
මහාකස්සපොපි චාති උරුවෙලකස්සපනදීකස්සපගයාකස්සපකුමාරකස්සපෙ ඛුද්දානුඛුද්දකෙ ථෙරෙ උපාදාය අයං මහා, තස්මා “මහාකස්සපො”ති වුත්තො. පි චාති සම්භාවනසම්පිණ්ඩනත්ථො. උත්තත්තකනකසන්නිභොති සන්තත්තසුවණ්ණසදිසඡවිවණ්ණො. ධුතගුණෙති එත්ථ කිලෙසධුනනතො ධම්මො ධුතො නාම, ධුතගුණො නාම ධුතධම්මො. කතමො පන ධුතධම්මො නාම? අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලෙඛතා, පවිවෙකතා, ඉදමට්ඨිකතාති ඉමෙ ධුතඞ්ගචෙතනාය පරිවාරභූතා පඤ්ච ධම්මා “අප්පිච්ඡංයෙව නිස්සායා”තිආදිවචනතො ධුතධම්මා නාම. අථ වා කිලෙසෙ ධුනනතො ඤාණං ධුතං නාම, තස්මිං ධුතගුණෙ. අග්ගනික්ඛිත්තොති අග්ගො සෙට්ඨො කොටිභූතොති ඨපිතො. “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං මහාකස්සපො”ති (අ· නි· 1.188, 191) ඨානන්තරෙ ඨපිතොති අත්ථො. අයං පන අග්ග-සද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨාදීසු දිස්සති. තථා හෙස – “අජ්ජතග්ගෙ, සම්ම දොවාරික , ආවරාමි දාරං නිගණ්ඨානං නිගණ්ඨීන”න්තිආදීසු (ම· නි· 2.70) ආදිම්හි දිස්සති. “තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය” (කථා· 441), “උච්ඡග්ගං වෙළග්ග”න්තිආදීසු කොටියං. “අම්බිලග්ගං වා මධුරග්ගං වා” (සං· නි· 5.374) “අනුජානාමි, භික්ඛවෙ, විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්තිආදීසු (චූළව· 318) කොට්ඨාසෙ. “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදීසු (අ· නි· 4.34) සෙට්ඨෙ. ස්වායමිධ සෙට්ඨෙ දට්ඨබ්බො. කොටියම්පි වත්තති. ථෙරො අත්තනො ඨානෙ සෙට්ඨො චෙව කොටිභූතො ච. තෙන වුත්තං – “අග්ගනික්ඛිත්තො”ති, අග්ගො සෙට්ඨො කොටිභූතොති අත්ථො (දී· නි· අට්ඨ· 1.250 සරණගමනකථා; පාරා· අට්ඨ· 1.15). ථොමිතොති පසංසිතො දෙවමනුස්සාදීහි. සත්ථු වණ්ණිතොති සත්ථාරා වණ්ණිතො ථුතො, “කස්සපො, භික්ඛවෙ, චන්දූපමො කුලානි උපසඞ්කමති අපකස්සෙව කායං අපකස්ස චිත්තං නිච්චනවකො කුලෙසු අප්පගබ්භො”ති එවමාදීහි අනෙකෙහි සුත්තනයෙහි (සං· නි· 2.146) වණ්ණිතො පසත්ථො, සොපි භගවන්තං වන්දතීති අත්ථො.
මහාකස්සපොපීච යනු; උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප, කුමාර කස්සප යන කුඩා අනුකුඩා තෙරුන් නිසා මුන්වහන්සේ මහා වෙති. එබැවින් මහාකස්සප යයි කියන ලද්දාහ. පිඩ යනු; සම්භාවන සම්පිණ්ඩන අර්ථයි. උතතත්තකනකසන්නිභො යනු; උණුකළ රන් වැනි ඡවිවර්ණ ඇත්තේ ධුතගුණො යනු; මෙහි කෙලෙස් ධුනනය කරන හෙයින් ඒ ධර්මය ධුත නමි. ධුතගුණය නම් ධුත ධර්මයයි. ධුතධර්මය නම් කුමක් ද? අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලෙඛතා පචිවෙක්කා ඉදමත්ථිකතා යන මේ ධුතංග චේතනාවට පිරිවර වූ පස්ධර්ම අල්පෙච්ඡතාව නිසා යයි කීමෙන් ධුතධම්ම නමි. නැතහොත් කෙලෙස් ධුනනය කරන හෙයින් ඤාණය ධුත නමි. ඒ ධුත ගුණයෙහි. අග්ගිනික්ඛිත්තො යනු; අග්‍රයි. ශ්‍රේෂ්ටයි. කෙළවරයි තබන ලදි. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං ධුතවාදානං භික්ඛූනං යදිදං මහාකස්සපොයි ඨානාන්තරයෙහි තබන ලදි යන අර්ථයි. මේ අග්ග ශබ්දය ආදි කොටි කොට්ඨාස සෙට්ඨ ආදියෙහි දක්නා ලැබේ. මෙය අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං යන තන්හි ආදියෙහි දක්නා ලැබේ. කෙනෙව අංගුලග්ගෙන තං අංගුලග්ගං පරාමසෙය්ය උච්ඡග්ගං වෙලග්ගං ආදියෙහි කෙළවරයි. අනුජානාමි භික්ඛවෙ අම්බිලග්ගං වා මධුරග්ගංවා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙනවා භාජෙතුං ආදියෙහි කොටසෙහිය. යාවතා භික්ඛවෙ සත්තා අපදාවා දිපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති ආදියෙහි ශ්රේෂ්ඨාර්ථයෙහිය. එය මෙහි ශ්රේෂ්ඨාර්ථයෙහි දතයුතු. කෙළවරෙහිද වටී. එහෙයින් අග්ගනික්ඛිත්තොය කියන ලදි. අග්‍රව ශ්‍රේෂ්ඨව කෙළවර තබන ලදි යන අර්ථයි. ථොමිකො යනු; දෙව්මිනිසුන් විසින් පසස්නා ලදි. සත්ථුවණ්ණිතො යනු; ශාස්තෘන් වහන්සේ විසින් වර්ණනා කරන ලදි. ස්තූති කරන ලදි. කස්ස පො භික්ඛවෙ චන්දූපමො කුලානි උපසමංකම්ති අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං නිච්චනවකො කුලෙසු අපගබ්භො මේ ආදි නොයෙක් සූත්‍රයන්හි වර්ණනා කරන ලදි. ප්‍රශංසා කරන ලදි. උන්වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළහ යන අර්ථයි.
දිබ්බචක්ඛූනන්ති දිබ්බං චක්ඛු යෙසං අත්ථි තෙ දිබ්බචක්ඛූ, තෙසං දිබ්බචක්ඛූනං භික්ඛූනං අග්ගො සෙට්ඨොති අත්ථො. යථාහ – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං දිබ්බචක්‍ඛුකානං යදිදං අනුරුද්ධො”ති (අ· නි· 1.188, 192). අනුරුද්ධත්ථෙරො භගවතො චූළපිතුනො අමිතොදනස්ස නාම සක්කස්ස පුත්තො මහානාමස්ස කනිට්ඨභාතා මහාපුඤ්ඤො පරමසුඛුමාලො, සො අත්තසත්තමො නික්ඛමිත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො, තස්ස පබ්බජ්ජානුක්කමො සඞ්ඝභෙදකක්ඛන්ධකෙ (චූළව· 330 ආදයො) ආගතොව. අවිදූරෙ වාති භගවතො සන්තිකෙයෙව.
දිබ්බචක්‍ඛුකානං යනු; දිව, ඇස යම් කෙනෙකුන්ට වෙයිද ඒ දිවැස් ඇති භික්ෂූන්ට අග්‍රය. ශ්‍රේෂ්ඨය යන අර්ථයි. කියන ලදි - එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං දිබ්බචක්‍ඛුකානං යදිදං අනුරුද්ධො යි. අනුරුද්ධ තෙර භාග්‍යවතුන් වහසේ සුළුපිය අමිතෝදන නම් ශාක්‍යයාගේ පුත්‍රයාය. මහානාමගේ බාල සොහොයුරාය. මහ පිනැත්තේය. පරම සිවුමැලිය. හෙතෙම තමා සත්වැනිකොට ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි විය. උන්වහන්සේගේ පැවිදිවීමේ ක්‍රමය සංඝභෙදක්ඛන්ධයෙහි ආයේමය. අවිදූරෙ වා යනු; භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිමය.
ආපත්තිඅනාපත්තියාති ආපත්තියඤ්ච අනාපත්තියඤ්ච කොවිදො. සතෙකිච්ඡායාති සප්පටිකම්මායපි අප්පටිකම්මායපි චාති අත්ථො. තත්ථ සප්පටිකම්මා සා ඡබ්බිධා හොති, අප්පටිකම්මා සා පාරාජිකාපත්ති. “ආපත්තිඅනාපත්තියා, සතෙකිච්ඡාය කොවිදො”තිපි පාඨො, සොයෙව අත්ථො. විනයෙති විනයපිටකෙ. අග්ගනික්ඛිත්තොති “එතදග්ගං, භික්ඛවෙ , මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං, උපාලී”ති (අ· නි· 1.219, 228) එතදග්ගට්ඨානෙ ඨපිතොති අත්ථො. උපාලීති උපාලිත්ථෙරො. සත්ථු වණ්ණිතොති සත්ථාරා වණ්ණිතො පසත්ථො. ථෙරො කිර තථාගතස්සෙව සන්තිකෙ විනයපිටකං උග්ගණ්හිත්වා භාරුකච්ඡකවත්ථුං (පාරා· 78), අජ්ජුකවත්ථුං (පාරා· 158), කුමාරකස්සපවත්ථුන්ති (ම· නි· 1.249) ඉමානි තීණි වත්ථූනි සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දිත්වා කථෙසි. තස්මා ථෙරො විනයධරානං අග්ගොති එවමාදිනා නයෙන සත්ථාරා වණ්ණිතොති වුත්තො.
ආපත්ති අනාසත්තියා යනු; ඇවතෙහි ද නොඇවතෙහි ද. කොවිදො සත්තෙච්ඡාය යනු; ප්‍රතිකර්ම සහිතයෙහි ද ප්‍රතිකර්ම රහිතයෙහි ද යන අර්ථයි. එහි සප්පටිකර්ම සවැදෑරුම්ය. අප්පටිකම්ම පාරාජිකා පත්තියයි. ආපත්ති අනාපත්තියා සතිකිච්ඡාය කොවිදො කියා ද පාඨයි. එම අර්ථයමැයි. විනයෙ යනු; විනය පිටකයෙහි. අග්ගනික්ඛිත්තො යනු. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං උපාලි යයි ඒතදග්‍රස්ථානයෙහි තබන ලදි යන අර්ථයි. උපාලි යනු; උපාලි තෙර. සත්ථුවණ්ණිකො යනු; ශාස්තෘන් වහන්සේ විසින් වර්ණිතය. ප්‍රශංසිතය. තෙරුන් වහන්සේ වනාහි තථාගතයන් වහන්සේ වෙතම විනය හදාරා භරුකච්ඡවත්ථු, අජ්ජුකවත්ථු, කුමාරස්සපවත්ථු යන මේ තුන් වස්තුව සර්වඥතාඥානය සමග සසඳා ප්‍රකාශ කළහ. එහෙයින් තෙරණුවෝ විනයධරයන්ගෙන් අග්‍රවෙති. මේ ආදි නයින් ශාස්තෘන් වහන්සේ විසින් වර්ණිතයයි කියන ලදී.
සුඛුමනිපුණත්ථපටිවිද්ධොති පටිවිද්ධසුඛුමනිපුණත්ථො, පටිවිද්ධදුද්දසනිපුණත්ථොති අත්ථො. කථිකානං පවරොති ධම්මකථිකානං සෙට්ඨො. “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ධම්මකථිකානං යදිදං පුණ්ණො මන්තාණිපුත්තො”ති (අ· නි· 1.188, 196) එතදග්ගපාළියං ආරොපිතො. තෙන වුත්තං “කථිකානං පවරො”ති. ගණීති සසඞ්ඝො. ථෙරස්ස කිර සන්තිකෙ පබ්බජිතා කුලපුත්තා පඤ්චසතා අහෙසුං. සබ්බෙපි තෙ දසබලස්ස ජාතභූමිකා ජාතරට්ඨවාසිනො සබ්බෙව ඛීණාසවා සබ්බෙව දසකථාවත්ථුලාභිනො. තෙන වුත්තං “ගණී”ති. ඉසීති එසති ගවෙසති කුසලෙ ධම්මෙති ඉසි. මන්තාණියා පුත්තොති මන්තාණියා නාම බ්රාහ්මණියා පුත්තො. පුණ්ණොති තස්ස නාමං. විස්සුතොති අත්තනො අප්පිච්ඡතාදීහි ගුණෙහි විස්සුතො.
සුඛුම නිපුණත්ථපටිවිද්ධො යනු; ප්‍රතිවෙධ කළ සියුම් නිපුණ අර්ථ ඇත්තේ අවබෝධ කළ දැකීමට අපහසු සියුම් අර්ථ ඇත්තේ. කථිකානං පවරො යනු; ධර්මකථිකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූයේ. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං යදිදං පුණ්ණො මන්තානිපුත්තො යි එතදග්‍ර පාළියෙහි නංවන ලදි. එහෙයින් කථිකානං පවරොයි කියන ලදි. ගණී යනු; සමූහ සහිත තෙරුන් ළඟ පැවිදි වූ කුලපුත්‍රයෝ පන්සියයක් වූහ. ඒ සියල්ලෝම දසබලයන් වහන්සේගේ ජාතභූමිකයෝය. උපන් රටවැස්සෝය. ක්ෂීණාස්රවයෝය. දසකථාවස්තු ලාභීහුය. එහෙයින් ගණී යයි කියන ලදි. ඉසී යනු; සොයයි කුශල ධර්මයන් ගවේෂණය කරයිනුයි ඉසි නමි. මන්තානියා පුත්තො යනු; මන්තානි නම් බැමිණියගේ පුත් පුණ්ණ යනු ඔහුගේ නාමයයි. විස්සු තො යනු; තමාගේ අල්පෙච්ඡතාදි ගුණයෙන් ප්‍රකට වූයේ
අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරො පන සත්ථරි අභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුපුබ්බෙන ආගන්ත්වා රාජගහං උපනිස්සාය විහරන්තෙ කපිලවත්ථුං ආගන්ත්වා අත්තනො භාගිනෙය්‍යං පුණ්ණං නාම මාණවං පබ්බාජෙත්වා භගවන්තං වන්දිත්වා ආපුච්ඡිත්වා නිවාසත්ථාය සයං ඡද්දන්තදහං ගතො. පුණ්ණො පන භගවන්තං දස්සනාය ථෙරෙන සද්ධිං ආගන්ත්වා – “මය්හං පබ්බජිතකිච්චං මත්ථකං පාපෙත්වාව දසබලස්ස සන්තිකං ගමිස්සාමී”ති කපිලපුරෙයෙව ඔහීනො, සො යොනිසොමනසිකාරං කරොන්තො නචිරස්සෙව අරහත්තං පත්වා භගවන්තං උපසඞ්කමි. එත්ථ පන අනුරුද්ධත්ථෙරො ච උපාලිත්ථෙරො ච ඉමෙ ද්වෙ ථෙරා භගවතො කපිලවත්ථුපුරං පවිසිත්වා ඤාතිසමාගමදිවසෙ පබ්බජිතා විය දස්සිතා, තං පන ඛන්ධකපාළියා අට්ඨකථාය ච න සමෙති. වීමංසිත්වා ගහෙතබ්බං.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙර වනාහි ශාස්තෘන් වහන්සේ බුදුව දම්සක් පවත්වා පිළිවෙළින් පැමිණ රජගහ නුවර ඇසුරෙහි වාසය කරද්දී කපිලවස්තුවට පැමිණ සිය බෑණ පුණ්ණ තරුණයා මහණකොට බුදුන් වැඳ දන්වා වාසය පිණිස ඡද්දන්ත විලට ගියේය. පුණ්ණ වනාහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස තෙරුන් සමග පැමිණ මාගේ පැවිදි කිස මුදුන් පමුණුවාම දසබලයන් වහන්සේ වෙත යමි කියා කපිල පුරයෙහිම රැඳුණෝය. ඉක්බිති හෙතෙම යොනිසො මනසිකාර කරමින් නොබෝ කලකින්ම රහත්ව බුදුන් වෙත ගියේය. මෙහි අනුරුද්ධ තෙරුන් ද උපාලි තෙරුන් ද යන මේ දෙනම බුදුන් කපිලපුරයට වැඩ ඤාතිසමාගමය දවසෙහි පැවිදි වූවන් මෙන් දක්වන ලදි. එය ඛන්ධක පාළියෙහි හෝ අටුවායෙහි නොදැක්වේ. විමසාගත යුතුය.
අථ සත්ථා සාරිපුත්තත්ථෙරාදීනං පඤ්චන්නං භික්ඛුසතානං චිත්තාචාරමඤ්ඤාය අත්තනො ගුණෙ කථෙතුමාරභි. තෙන වුත්තං –
ඉක්බිති ශාස්තෘහු සැරියුත් තෙරුන් ආදි පන්සියයක් භික්ෂූන්ගේ සිත්හසර දැන තමන්ගේ ගුණ කියන්ට පටන්ගත්හ. එහෙයින් කියන ලදි.
“එතෙසං චිත්තමඤ්ඤාය, ඔපම්මකුසලො මුනි; කඞ්ඛච්ඡෙදො මහාවීරො, කථෙසි අත්තනො ගුණ”න්ති.
එතෙසං චිත්තමඤ්ඤාය ඔපම්මකුසලො මුනි කංඛච්ඡෙදො මහාවීරො කථෙසි අත්තනො ගුණන්ති
තත්ථ ඔපම්මකුසලොති උපමාය කුසලො. කඞ්ඛච්ඡෙදොති සබ්බසත්තානං සංසයච්ඡෙදකො.
එහි ඔපම්මකුසලො යනු; උපමායෙහි කුසලක්ඛතච්ඡෙදො යනු; සියලු සතුන්ගේ සැක සිඳලන.
ඉදානි තෙ අත්තනො ගුණෙ කථෙසි, තෙ දස්සෙතුං –
දැන් තමන්ගේ යම් ගුණ දැක්වූවාහුද ඒවා කීමට:-
“චත්තාරො තෙ අසඞ්ඛ්යෙය්යා, කොටි යෙසං න නායති; සත්තකායො ච ආකාසො, චක්කවාළා චනන්තකා; බුද්ධඤාණං අප්පමෙය්යං, න සක්කා එතෙ විජානිතු”න්ති. – වුත්තං;
චත්තාරො කෙ අසංඛෙය්‍යා කොටිභෙසං නඤායති සත්ත කායො ච ආකාසො චක්කවාළා චනන්තකා බුද්ධඤාණං අප්පමෙය්යං න සක්කා එතෙ විජානිතුන්ති - කියන ලදි.
තත්ථ චත්තාරොති ගණනපරිච්ඡෙදො. එතෙති ඉදානි වත්තබ්බෙ අත්ථෙ නිදස්සෙති. අසඞ්ඛ්යෙය්යාති සඞ්ඛ්යාතුමසක්කුණෙය්යත්තා අසඞ්ඛ්යෙය්යා, ගණනපථං වීතිවත්තාති අත්ථො. කොටීතිආදි වා අන්තො වා මරියාදා. යෙසන්ති යෙසං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං. න නායතීති න පඤ්ඤායති. ඉදානි තෙ වුත්තප්පකාරෙ චත්තාරො අසඞ්ඛ්යෙය්යෙ දස්සෙතුං “සත්තකායො”තිආදි වුත්තං. සත්තකායොති සත්තසමූහො, සත්තකායො අනන්තො අපරිමාණො අප්පමෙය්යො. තථා ආකාසො ආකාසස්සාපි අන්තො නත්ථි. තථා චක්කවාළානි අනන්තානි එව. බුද්ධඤාණං සබ්බඤ්ඤුතඤ්ඤාණං අප්පමෙය්යං. න සක්කා එතෙ විජානිතුන්ති යස්මා පනෙතෙ අනන්තා, තස්මා න සක්කා විජානිතුං.
චත්තාරො යනු, ගණන සීමාවයි. එතෙ යනු; දැන් කිවයුතු අර්ථයන් දක්වයි. අසංඛෙය්‍යා යනු; සංඛ්‍යා දැක්වීමට නොහැකි බැවින් අසංඛ්යයි. ගණන පටය ඉක්මවනු ලද යන අර්ථයි. කොටි යනු; ආදි හෝ අන්ත හෝ සීමාවයි. සෙසං යනු; යම් සාරාසංඛ්යයක න පඤ්ඤයති යනු; නො පැනේ. දැන් ඒ කී ආකාර සාරාසංඛ්‍යය දැක්වීම පිණිස - සත්තකායො ආදිය කීහ. සත්තකායො යනු; සත්ත්ව සමූහය. සත්ත්ව සමූහය අනන්තය. අප්‍රමාණය, පමණ කළ නොහැකිය. ආකාශය ද එසේය. ආකාශයෙහිද අන්තයක් නැත. එසේම සක්වළවල් ද අනන්තමය. බුද්ධඥානය, සර්වඥතාඥානය අප්රමේයය. නසක්කා එතෙ විජානිතුං යනු; මේවා යම් හෙයින් අනන්ත ද එහෙයින් දත නොහැකිය.
ඉදානි සත්ථා අත්තනො ඉද්ධිවිකුබ්බනෙ සඤ්ජාතච්ඡරියබ්භුතානං දෙවමනුස්සාදීනං කින්නාමෙතං අච්ඡරියං, ඉතොපි විසිට්ඨතරං අච්ඡරියං අබ්භුතං අත්ථි, මම තං සුණාථාති ධම්මදෙසනං වඩ්ඪෙන්තො –
දැන් ශාස්තෘහු සිය ඍද්ධි විකුර්වණයෙහි හටගත් ආශ්චර්ය අද්භූත ඇති දෙව්මිනිස් ආදීන්ට මෙය කවර ආශ්චර්යයක් ද? මීටත් වඩා විශිෂ්ටතර ආශ්චර්ය අද්භූත ඇත්තේය. මාගේ ඒ වචනයට ඇහුම්කන් දෙව් යි ධර්මදේශනය වඩමින්:-
“කිමෙතං අච්ඡරියං ලොකෙ, යං මෙ ඉද්ධිවිකුබ්බනං; අඤ්ඤෙ බහූ අච්ඡරියා, අබ්භුතා ලොමහංසනා”ති. – ආදිමාහ;
කිමෙතං අච්ඡරියං ලොකෙ යං මෙ ඉද්ධිවිතුබ්බණං අඤ්ඤෙ බහූ අච්ඡරියා අබ්භූතා ලොමහංසනාති - ආදිය වදාළහ.
තත්ථ කින්ති පටික්ඛෙපවචනං.එතන්ති ඉදං ඉද්ධිවිකුබ්බනං සන්ධායාහ. යන්ති අයං යං-සද්දො “යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො, අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහී”තිආදීසු (සු· නි· 1058; මහානි· 110; චූළනි· මෙත්තගූමාණවපුච්ඡා 77) උපයොගවචනෙ දිස්සති . “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො; යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා”ති (අ· නි· 1.277; විභ· 809; මි· ප· 5.1.1) එත්ථ කාරණවචනෙ. “යං විපස්සී භගවා කප්පෙ උදපාදී”ති (දී· නි· 2.4) එත්ථ භුම්මෙ. “යං ඛො මෙ, භන්තෙ, දෙවානං තාවතිංසානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, ආරොචෙමි තං භගවතො”තිආදීසු (දී· නි· 2.293) පච්චත්තවචනෙ. ඉධාපි පච්චත්තවචනෙ දට්ඨබ්බො (දී· නි· අට්ඨ· 2.4). අඤ්ඤෙ බහූ මම අච්ඡරියා අබ්භුතවිසෙසා සන්තීති දීපෙති.
එහි කිං යනු; ප්රතික්ෂෙප වචනයි. එතං යනු; මෙය විකුර්වණය සඳහා කියන ලදි. යං යනු; මේ යං ශබ්දය යං තං අපුච්ඡිම්හ අකිත්තයි නො අඤ්ඤං තං පුච්ඡාම තදිංඝ බුදහි ආදි තැන උපයෝග වචනයෙහි දක්නා ලැබේ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකා සො යං එකිස්සා ලොකධාතුයා දේව අරහන්තො සම්මා සම්බුද්ධා මෙහි කාරණ වචනයෙහිය. යං විපස්සි භගවා කප්පෙ උදපාදි මෙහි භුම්මයෙහිය. යම්මෙ භන්තෙ දෙවානං තාවතිංසානං සම්මුඛා පටිග්ගහිතං ආරොචෙමි තං භන්තෙ භගවතො ආදියෙහි ප්රත්යාතම වචනයෙහිය. මෙහිද ප්රත්යාතවයෙහි දතයුතුය. මාගේ වෙනත් බොහෝ ආශ්චර්ය අද්භූත ඇත්තේ යයි දක්වති.
ඉදානි තෙ අච්ඡරියෙ දස්සෙන්තො –
දැන් ඒ ආශ්චර්ය දක්වමින්:-
“යදාහං තුසිතෙ කායෙ, සන්තුසිතො නාමහං තදා; දසසහස්සී සමාගම්ම, යාචන්ති පඤ්ජලී මම”න්ති. – ආදිමාහ;
යදාහං තුසිතෙ කායෙ සන්තුසිතො නාමහං තදා දසසහස්සී සමාගම්ම යාචන්තිපඤ්ජලී මෙන්ති - ආදිය කීය.
තත්ථ යදාති යස්මිං කාලෙ. අහන්ති අත්තානං නිද්දිසති. තුසිතෙ කායෙති තුසිතසඞ්ඛාතෙ දෙවනිකායෙ. යදා පනාහං සමත්තිංසපාරමියො පූරෙත්වා පඤ්චමහාපරිච්චාගෙ පරිච්චජිත්වා ඤාතත්ථචරියලොකත්ථචරියබුද්ධත්ථචරියානං කොටිං පත්වා සත්තසතකමහාදානානි දත්වා සත්තක්ඛත්තුං පථවිං කම්පෙත්වා වෙස්සන්තරත්තභාවතො චවිත්වා දුතියෙ චිත්තවාරෙ තුසිතභවනෙ නිබ්බත්තො තදාපි සන්තුසිතො නාම දෙවරාජා අහොසිං. දසසහස්සී සමාගම්මාති දසසහස්සචක්කවාළෙසු දෙවතා සන්නිපතිත්වාති අත්ථො. යාචන්ති පඤ්ජලී මමන්ති මං උපසඞ්කමිත්වා, “මාරිස, තයා දස පාරමියො පූරෙන්තෙන න සක්කසම්පත්තිං න මාර න බ්‍රහ්ම න චක්කවත්තිසම්පත්තිං පත්ථෙන්තෙන පූරිතා, ලොකනිත්ථරණත්ථාය පන බුද්ධත්තං පත්ථයමානෙන පූරිතා, සො තව කාලො, මාරිස, බුද්ධත්තාය සමයො , මාරිස, බුද්ධත්තායා”ති (ජා· අට්ඨ· 1.නිදානකථා, අවිදූරෙනිදානකථා) යාචන්ති මමන්ති. තෙන වුත්තං –
එහි යදා යනු; යම්කලෙක අහං යනු; තමා දක්වයි. තුසිතෙ තායෙ යනු; තුසිත නම් දේවනිකායෙහි, යම්කලෙක මම සමතිස් පැරුම් පුරා පංචමහාපරිත්යාග කොට ඥාත්යර්ථචර්යා ලෝකාර්ථචර්යා බුද්ධිචර්යාවන්හි කෙළ පැමිණ සත්තසතක මහදන් දී සත්වරක් පොළොව කම්පාකොට වෙසතුරු අත්බැවින් චුතව දෙවන චිත්තවාරයෙහි තුසිත භවනයෙහි උපන්මි. එහිද සන්තුසිත නම් දෙව්රජ වීමි. දසසහස්සී සමාගම්ම යනු දසදහසක් සක්වළ දෙවියෝ රැස්ව යන අර්ථයි. යාවන්ති පඤ්ජලීම්මං යනු; මං වෙත පැමිණ නිදුකාණනි, දසපාරමී පුරන ඔබවහන්සේ විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සක්විති සම්පත් පතා නොපුරන ලදි. ලෝකය එතෙර කරවනු පිණිස බුද්ධත්වය පතාම පුරන ලදි. නිදුකාණනි, අයදිති. එහෙයින් කියන ලදි:-
“කාලො ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති.
කාලොයං තෙ මහාවීර උප්පජ්ජ මාතුකුච්ඡියං සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදන්ති
තත්ථ කාලො තෙති කාලො තව, අයමෙව වා පාඨො. උප්පජ්ජාති පටිසන්ධිං ගණ්හ, “ඔක්කමා”තිපි පාඨො. සදෙවකන්ති සදෙවකං ලොකන්ති අත්ථො. තාරයන්තොති එත්ථ පාරමියො පූරෙන්තොපි තාරයති නාම, පාරමියො මත්ථකං පාපෙන්තොපි තාරයති නාම, වෙස්සන්තරත්තභාවතො චවිත්වා තුසිතපුරෙ පටිසන්ධිං ගහෙත්වා සට්ඨිවස්සසතසහස්සාධිකානි සත්තපණ්ණාසවස්සකොටියො තත්ථ තිට්ඨන්තොපි තාරයති නාම, දෙවතාහි යාචිතො පඤ්චවිධං මහාවිලොකිතං විලොකෙත්වා මහාමායාදෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හන්තොපි දසමාසෙ ගබ්භවාසං වසන්තොපි තාරයති නාම, එකූනතිංස වස්සානි අගාරමජ්ඣෙ තිට්ඨන්තොපි තාරයති නාම. රාහුලභද්දස්ස ජාතදිවසෙ ඡන්නසහායො කණ්ඩකං ආරුය්හ නික්ඛමන්තොපි තීණි රජ්ජානි අතික්කමිත්වා අනොමාය නාම නදියා තීරෙ පබ්බජන්තොපි තාරයති නාම, ඡබ්බස්සානි පධානං කරොන්තොපි විසාඛපුණ්ණමායං මහාබොධිමණ්ඩං ආරුය්හ මාරබලං විධමිත්වා පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා පච්ඡිමයාමෙ ද්වාදසඞ්ගං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමතො සම්මසිත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣන්තොපි තාරයති නාම, සොතාපත්තිඵලක්ඛණෙපි, සකදාගාමිමග්ගක්ඛණෙපි, සකදාගාමිඵලක්ඛණෙපි, අනාගාමිමග්ගක්ඛණෙපි, අනාගාමිඵලක්ඛණෙපි, අරහත්තමග්ගක්ඛණෙපි, අරහත්තඵලක්ඛණෙපි තාරයති නාම, යදා අට්ඨාරසදෙවතාකොටිසහස්සෙහි පඤ්චවග්ගියානං අමතපානං අදාසි, තතො පට්ඨාය තාරයි නාමාති වුච්චති. තෙන වුත්තං –
එහි කාලො තෙ යනු; ඔබට කාලයයි. මෙයම හෝ පාඨයි. උප්පජ්ජ යනු; පිළිසිඳ ගනු මැනව. ඔක්කම කියාද පාඨයි. සදේවකං යනු; දෙවියන් සහිත ලෝකය යන අර්ථයි. තාරයමානා යනු; මෙහි පාරමී පුරන්නේ ද තරණය කරවීමයි. පාරමී මස්තකප්රාප්ත කරන්නේද තරණය කරවීමයි. වෙසතුරු අත්බැවින් චුතව තුසිතපුරයෙහි පිළිසිඳ ගෙන වර්ෂ ලක්ෂ සැටකට අධික වසර සත්පනස් කෙළක් එහි වසන්නේ ද තරණය කරවීමයි. රාහුල භද්‍රයන් උපන්දින ජනන සහාය කොට කන්ථක අරා නික්මෙනුයේ ද තුන්රජය පසුකොට අනෝමා නම් ගං තෙර පැවිදි වන්නේ ද තරණය කරවීමයි. සවසක් ප්‍රධන් කරන්නේද වෙසක් පොහෝ දිනක බෝමැඩට නැගී මාරබල නසා පළමුයම පෙරවිසීම් සිහිකොට මැදියම දිවැස පිරිසිදු කොට අලුයම දොලොස් අඟින් යුත් පටිච්චසමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කොට සෝවාන්මග ප්‍රතිවේධ කරන්නේද තරණය කරවීමයි. සෝවාන් විලක්ෂණයෙහි ද -පෙ- සකෘදාගාමි මාර්ග ක්ෂණයෙහි සකෘදාගාමි ඵලක්ෂණයෙහි අනාගාමි මාර්ගක්ෂණයෙහි අනාගාමි ඵලක්ෂණයෙහි ද තරණය කරවීමයි. යම්දාක අටළොස් කෙළ ලක්ෂයක් දෙවියන් සහිත පංචවර්ගීයයන් අමාපැන් පෙවීද එදා පටන් තරණය කරවීයයි කියනු ලැබේ. එබැවින් කියන ලදි.
“සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති.
සදේවකං කාරයන්තො බුජ්ඣස්සු අමතං පදං
අථ මහාසත්තො දෙවතාහි යාචියමානොපි දෙවතානං පටිඤ්ඤං අදත්වාව කාලදීපදෙසකුලජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්චවිධං මහාවිලොකනං නාම විලොකෙසි. තත්ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්ථ වස්සසතසහස්සතො උද්ධං ආයුකාලො කාලො නාම න හොති. කස්මා? ජාතිජරාමරණාදීනං අපාකටත්තා, බුද්ධානඤ්ච ධම්මදෙසනා නාම තිලක්ඛණමුත්තා නාම නත්ථි, තෙසං අනිච්චං දුක්ඛමනත්තාති කථෙන්තානං “කින්නාමෙතෙ කථෙන්තී”ති න සද්දහන්ති, තතො අභිසමයො න හොති, තස්මිං අසති අනිය්යානිකං සාසනං හොති . තස්මා සො අකාලො. වස්සසතතො ඌනො ආයුකාලොපි කාලො න හොති. කස්මා? තදා සත්තා උස්සන්නකිලෙසා හොන්ති, උස්සන්නකිලෙසානඤ්ච දින්නො ඔවාදො ඔවාදට්ඨානෙ න තිට්ඨති, තස්මා සොපි අකාලො. වස්සසතසහස්සතො පට්ඨාය හෙට්ඨා වස්සසතතො පට්ඨාය උද්ධං ආයුකාලො කාලො නාම. ඉදානි වස්සසතායුකා මනුස්සාති අථ බොධිසත්තො “නිබ්බත්තිතබ්බකාලො”ති අද්දස.
ඉක්බිති මහසත්හු දෙවියන් විසින් අයදිනු ලබන්නාහු දෙවියන්ට ප්‍රතිඥා නොකොටම කාල දීප දේස කුල මෑණියන්ගේ ආයුකාල වශයෙන් පස්වැදෑරුම් මහාවිලෝකනය බැලූහ. එහිලා කල්ද නොකල්දැයි පළමුව කල්බැලූහ. වර්ෂ ලක්ෂයකින් උඩ ආයුකාලය කාල නම් නොවෙයි. කුමක් හෙයින්ද? ජරා මරණාදියෙහි අප්‍රකට බැවිනි. බුදුවරුන්ගේ ධර්මදේශනා නම් ත්රිලක්ෂණයෙන් මිදුණෝ නොවෙයි. අනිච්චං දුක්ඛං අනත්තායි කීවිට ඔවුන්ටද මේ කුමක් කියන්නේදැයි නොඅදහති. එයින් අවබෝධයක් නොවෙයි. එය නැතිවිට සසුන අනෛර්යානික වෙයි. එබැවින් එය අකාලයයි. අවුරුදු සියයෙන් අඩු ආයු කාලය ද කාලය නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙති. කෙලෙස් උත්සන්නයන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නොසිටී. එබැවින් එයද අකාලයයි. වර්ෂ ලක්ෂයෙහි පටන් යට වර්ෂ සියයෙහි පටන් උඩ ආයු කාලය කාල නමි. දැන් මිනිස්සු සියවස් ඇත්තෝය. එවිට බෝසත්හු ඉපදිය යුතු කාලයයි දුටහ.
තතො දීපං ඔලොකෙන්තො “ජම්බුදීපෙයෙව බුද්ධා නිබ්බත්තන්තී”ති දීපං පස්සි. තතො ජම්බුදීපො නාම මහා දසයොජනසහස්සපරිමාණො, කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති දෙසං විලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. තතො කුලං විලොකෙන්තො “බුද්ධා නාම ලොකසම්මතෙ කුලෙ නිබ්බත්තන්ති, ඉදානි ඛත්තියකුලං ලොකසම්මතං, තත්ථ නිබ්බත්තිස්සාමි, සුද්ධොදනො නාම මෙ රාජා පිතා භවිස්සතී”ති කුලං අද්දස. තතො මාතරං විලොකෙන්තො “බුද්ධමාතා නාම ලොලා සුරාධුත්තා න හොති, අඛණ්ඩපඤ්චසීලාති අයඤ්ච මහාමායා නාම දෙවී එදිසා, අයං මෙ මාතා භවිස්සතීති කිත්තකං අස්සා ආයූ”ති ආවජ්ජෙන්තො දසන්නං මාසානං උපරි සත්තදිවසානි පස්සි. ඉති ඉමං පඤ්චවිධවිලොකනං විලොකෙත්වා – “කාලො මෙ, මාරිස, බුද්ධභාවායා”ති දෙවතානං පටිඤ්ඤං දත්වා තත්ථ යාවතායුකං ඨත්වා තතො චවිත්වා සක්යරාජකුලෙ මායාදෙවියා කුච්ඡියං පටිසන්ධිං අග්ගහෙසි (ජා· අට්ඨ· 1.නිදානකථා, අවිදූරෙනිදානකථා; අප· අට්ඨ· 1.නිදානකථා, අවිදූරෙනිදානකථා). තෙන වුත්තං –
ඉක්බිති ද්වීපය බලන්නාහු දඹදිවට බුදුවරු උපදිතියි ද්වීපය දුටහ. ද්වීපය නම් දසදහසක් යොදුන් පරිමාණයයි. කවර නම් පෙදෙසක උපදනාහුදැයි දේශය බලන්නාහු මධ්‍යම දේහය දුටහ. ඉක්බිති කුලය බලන්නාහු බුදුවරු නම් ලෝකසම්මත කුලයෙහි උපදනාහ. මෙකල කැත්කුලය ලෝකසම්මතය. එහි උපන් සුද්ධෝදන නම් රජ මට පිය වෙයි කියා කුලය දුටහ. ඉක්බිති මෑණියන් බලන්නාහු බුද්ධමාතාව නම් ලොල් සුරාසොඬ නොවෙයි. නොකඩ පන්සිල් ඇත්තීය. මේ මහාමායා දේවිය ද එබඳුය. මෑ මාගේ මෑණි වෙති. ඇගේ ආයු කොපමණදැයි මෙනෙහි කරන්නාහු දසමසින් මතු සත් දිනැකැයි දුටහ. මේ පස්මහ බැලුම් බලා නිදුක්වරුනි, මේ මට බුදුබව කලැයි දෙවියන්ට ප්‍රතිඥා දී එහි ආයුතාක් වැස ශාක්‍ය රාජ කුලයෙහි මායාදේවිය කුස පිළිසිඳ ගත්හ. එයින් කියන ලදි:-
“තුසිතා කායා චවිත්වාන, යදා ඔක්කමි කුච්ඡියං; දසසහස්සීලොකධාතු, කම්පිත්ථ ධරණී තදා”ති. – ආදි;
තුසිතා කායා වචිත්වාන යදා ඔක්කමි කුච්ඡියං දසසහස්සී ලෝකධාතු කම්පත්ථ ධරණී තදාති.
තත්ථ ඔක්කමීති ඔක්කමිං පාවිසිං. කුච්ඡියන්ති මාතුකුච්ඡිම්හි. දසසහස්සීලොකධාතු, කම්පිත්ථාති සතො සම්පජානො පන බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කමන්තො එකූනවීසතියා පටිසන්ධිචිත්තෙසු මෙත්තාපුබ්බභාගස්ස සොමනස්සසහගතඤාණසම්පයුත්තඅසඞ්ඛාරිකකුසලචිත්තස්ස සදිස මහාවිපාකචිත්තෙන ආසාළ්හිපුණ්ණමායං උත්තරාසාළ්හනක්ඛත්තෙනෙව පටිසන්ධිං අග්ගහෙසි. තදා දසසහස්සීලොකධාතු සකලාපි කම්පි සඞ්කම්පි සම්පකම්පීති අත්ථො. ධරණීති ධාරෙති සබ්බෙ ථාවරජඞ්ගමෙති ධරණී, පථවී.
එහි ඔකක්මිං යනු; බැසගතිමි. පිවිසියෙමි. කුච්ඡියං යනු; මව්කුසෙහි. දසසහස්සී ලෝකධාතු කම්පිත්ථ යනු; ඉක්බිති බෝසත්හු සම්‍යක් ප්‍රඥාවෙන් මවුකුස පිවිසෙන්නාහු එකුන්විසි පටිසන්ධි සිත්වල මෛත්‍රී පූර්වභාග සොම්නස් සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික කුසල සිතට අනුරූප මහා විපාක සිතින් ඇසළ පසළොස්වක උතුරුසල නැකතින්ම පිළිසිඳ ගත්හ. එදා සියලු දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. ප්රකම්ප්යය යන අර්ථයි. ධරණී යනු; ස්ථාවර ජංගම සියල්ල දරානුයි ධරණී නමි. පෘථුවියයි.
සම්පජානොව නික්ඛමින්ති එත්ථ යදා පනාහං සතො සම්පජානොව මාතුකුච්ඡිතො ධම්මාසනතො ඔතරන්තො ධම්මකථිකො විය නිස්සෙණිතො ඔතරන්තො පුරිසො විය ච ද්වෙ හත්ථෙ ච පාදෙ ච පසාරෙත්වා ඨිතකොව මාතුකුච්ඡිසම්භවෙන කෙනචි අසුචිනා අමක්ඛිතොව නික්ඛමිං. සාධුකාරං පවත්තෙන්තීති සාධුකාරං පවත්තයන්ති, සාධුකාරං දෙන්තීති අත්ථො. පකම්පිත්ථාති කම්පිත්ථ, ඔක්කමනෙපි මාතුකුච්ඡිතො නික්ඛමනෙපි දසසහස්සී පකම්පිත්ථාති අත්ථො.
සම්පජා නොව නික්ඛමි යනු; මෙහි යම්දාක මම සිහි ඇතිව මනා නුවණ ඇතිව ධර්මාසනයකින් බසින ධර්ම කථිකයකු මෙන් හිණකින් බසින පුරුෂයකු මෙන් අත් පා දිග හැර හිටිවනම මවුකුසින් නික්මෙන්නෙම් මවුකුස හටගත් අසූචියක් නොතැවරීම නික්මුණෙමි. සාධුකාරං යනු; සාධුකාරයි. පවත්තෙන්ති යනු; සාධුකාර දෙති යන අර්ථයි. පකම්පිත්ථ යනු; කම්පා විය. මවුකුස පිළිසිඳීමෙහිද නික්මීමෙහිද දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය යන අර්ථයි.
අථ භගවා ගබ්භොක්කන්තිආදීසු අත්තනා සමසමං අදිස්වා ගබ්භොක්කන්තිආදීසු අත්තනො අච්ඡරියදස්සනත්ථං “ඔක්කන්ති මෙ සමො නත්ථී”ති ඉමං ගාථමාහ. තත්ථ ඔක්කන්තීති ගබ්භොක්කන්තියං, භුම්මත්ථෙ පච්චත්තවචනං, පටිසන්ධිග්ගහණෙති අත්ථො. මෙති මයා. සමොති සදිසො නත්ථි. ජාතිතොති එත්ථ ජායති එතාය මාතුයාති මාතා “ජාතී”ති වුච්චති, තතො ජාතිතො මාතුයාති අත්ථො. අභිනික්ඛමෙති මාතුකුච්ඡිතො අභිනික්ඛමනෙ පසවෙ සතීති අත්ථො. සම්බොධියන්ති එත්ථ පසත්ථා සුන්දරා බොධි සම්බොධි. අයං පන බොධි-සද්දො රුක්ඛමග්ගනිබ්බානසබ්බඤ්ඤුතඤ්ඤාණාදීසු දිස්සති – “බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො”ති (මහාව· 1; උදා· 1) ච, “අන්තරා ච ගයං අන්තරා ච බොධි”න්ති (ම· නි· 1.285; 2.341; මහාව· 11) ච ආගතට්ඨානෙ හි රුක්ඛො බොධීති වුච්චති. “බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණ”න්ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) ආගතට්ඨානෙ මග්ගො. “පත්වාන බොධිං අමතං අසඞ්ඛත”න්ති ආගතට්ඨානෙ නිබ්බානං. “පප්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) ආගතට්ඨානෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං. ඉධ පන භගවතො අරහත්තමග්ගඤාණං අධිප්පෙතං (ම· නි· අට්ඨ· 1.13; පාරා· අට්ඨ· 1.11; උදා· අට්ඨ· 20; චරියා· අට්ඨ· නිදානකථා). අපරෙ “සබ්බඤ්ඤුතඤ්ඤාණ”න්තිපි වදන්ති, තස්සං සම්බොධියං අහං සෙට්ඨොති අත්ථො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගර්භාවක්රාන්ති ආදියෙහි තමහට සමවූවෙක් නොදැක එහි ආශ්චර්ය දක්වනු පිණිස ඔක්කන්ති මෙ සමො නත්ථි යන මේ ගාථාව කීහ. එහි ඔක්කන්ති යනු; ගර්භාවක්රාන්තියෙහි භූම්යර්ථයෙහි ප්රත්යාතම වචනයි. පිළිසිඳ ගැනීමෙහි යන අර්ථයි. මෙ යනු; මා විසින් සමො යනු; සමානයෙක් නැත. පරනිතො යනු; මෙහි මේ මැණියන්ගෙන් උපදීනුයි මව ජානීයයි කියනු ලැබේ. ඒ ජානියගෙන්. මවගෙන් යන අර්ථයි. අභිනික්ඛමෙ යනු; මවුකුසින් නික්මීමෙහි. ප්රසවයෙහි යන අර්ථයි. සම්බෝධියං යනු; මෙහි ප්රශස්ත සුන්දර බෝධිය සම්බෝධියයි. මේ බෝධි ශබ්දය වනාහි වෘක්ෂ මාර්ග නිර්වාණ සර්වඥතා ඥාන ආදියෙහි දක්නට ලැබේ. බෝධිරුක්ඛමූලෙ පඨමාභි සම්බුද්ධෝ, යනුද අන්තරාච බෝධි අන්තරා ච ගයං කියා ද ආතන්හි වෘක්ෂය බෝධියයි කියැවේ. බෝධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං යි ආ තන්හි මාර්ගයයි. පත්වාන බෝධිං අමතං අසංඛතං යි ආ තන්හි නිර්වාණයයි. පප්පොති බොධිං වර භූරිමෙධසොයි ආ තන්හි සර්වඥතාඥානයයි. මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් මාර්ග ඥානය අභිප්‍රේතයි. අන් අය සර්වඥතා ඥානයයි කියති. එම සම්බෝධියෙහි මම ශ්‍රේෂ්ඨ වෙමි යන අර්ථයි.
කස්මා පන භගවා සම්බොධිං පටිච්ච අත්තානං පසංසතීති? සබ්බගුණදායකත්තා. භගවතො හි සම්බොධි සබ්බගුණදායිකා සබ්බෙපි නිරවසෙසෙ බුද්ධගුණෙ දදාති, න පන අඤ්ඤෙසං. අඤ්ඤෙසං පන කස්සචි අරහත්තමග්ගො අරහත්තඵලමෙව දෙති, කස්සචි තිස්සො විජ්ජා, කස්සචි ඡ අභිඤ්ඤා, කස්සචි චතස්සො පටිසම්භිදා, කස්සචි සාවකපාරමිඤාණං, පච්චෙකබුද්ධානං පච්චෙකබොධිඤාණමෙව දෙති. බුද්ධානං පන සබ්බගුණසම්පත්තිං දෙති. තස්මා භගවා සබ්බගුණදායකත්තා “සම්බොධියං අහං සෙට්ඨො”ති අත්තානං පසංසති. අපි ච භූමිං චාලෙත්වා සම්බොධිං පාපුණි, තස්මා “සම්බොධියං අහං සෙට්ඨො”ති වදති. ධම්මචක්කප්පවත්තනෙති එත්ථ ධම්මචක්කං පන දුවිධං හොති – පටිවෙධඤාණඤ්ච දෙසනාඤාණඤ්චාති. තත්ථ පඤ්ඤාපභාවිතං අත්තනො අරියඵලාවහං පටිවෙධඤාණං, කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. පටිවෙධඤාණං ලොකුත්තරං කුසලං උපෙක්ඛාසහගතං අවිතක්කඅවිචාරං, දෙසනාඤාණං ලොකියං අබ්යාකතං , උභයම්පි පනෙතං අඤ්ඤෙහි අසාධාරණං. ඉධ පන දෙසනාඤාණං අධිප්පෙතං (පටි· ම· අට්ඨ· 2.2.44).
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ සම්බෝධිය අරභයා තමන් පසසන සේක්ද? සර්වගුණදායී හෙයිනි. භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය සර්වගුණදායකය. සියලුම නිරවශේෂ බුදුගුණ දෙයි. අනුන්ගේ එසේ නොවේ. එනුන්ගේ වනාහි අර්හත්ව මාර්ගය අර්හත්ව ඵලයම දෙයි. කිසිවෙකුට ත්‍රිවිද්‍යාව කිසිවෙකුට අභිඥා කිසිවෙකුට සිව්පිළිසිඹියා කිසිවෙකුට ශ්රාවකපාරමී ඤාණය පච්චේක බෝධිඤාණය වෙයි. බුදුවරුන්ට වනාහි සියලු ගුණ සම්පත් දෙයි. එහෙයින් බුදුහු සියලු ගුණ දෙන බැවින් සම්බෝධියෙන් මම ශ්‍රේෂ්ඨ වෙමියි තමන් පසසති. එසේම පොළොව කම්පාකොට බුදුවූහ. එබැවින් සම්බෝධියෙන් මම ශ්‍රේෂ්ඨ වෙමියි පවසති. ධම්මචක්කප්පවත්තනෙ යනු; මෙහි ධර්ම චක්රප්රවර්තනය දෙපරිදි වෙයි. ප්‍රතිවේධ ඥානයත් දේශනා ඥානයත්ය. එහි ප්‍රඥාවෙන් පරිභාවිත තමන් වහන්සේගේ ආර්යඵල මගදෙන ඥානය ප්‍රතිවේධ ඥානයයි. කරුණා පරිභාවිත ශ්‍රාවකයන්ට මඟඵල ලබාදෙන ඥානය දේශනා ඥානයයි. පටිවේධඤාණය ලෝකාන්තරය කුසල උපේක්ෂා සහගතය. විතර්ක රහිතය. විචාර රහිතය. දේසනා ඤාණය ලෞකිකය. අව්යකෘතය. මේ දෙකම අන්‍යයන්ට අසාධාරණය. මෙහි වනාහි දේසනා ඤාණය අභිප්‍රේතය.
ඉදානි භගවතො ගබ්භොක්කමනෙව පථවිකම්පනාදිකං පවත්තිං සුත්වා “අහො අච්ඡරියං ලොකෙ”ති දෙවතාහි අයං ගාථා වුත්තා. තත්ථ බුද්ධානං ගුණමහන්තතාති අහො බුද්ධානං ගුණමහන්තභාවො, අහො බුද්ධානං මහානුභාවොති අත්ථො දසසහස්සීලොකධාතු, ඡප්පකාරං පකම්පථාති දසසු චක්කවාළසහස්සෙසු මහාපථවී ඡප්පකාරං පකම්පිත්ථ චලිත්ථ. කථං? පුරත්ථිමතො උන්නමති පච්ඡිමතො ඔනමති, පච්ඡිමතො උන්නමති පුරත්ථිමතො ඔනමති, උත්තරතො උන්නමති දක්ඛිණතො ඔනමති, දක්ඛිණතො උන්නමති උත්තරතො ඔනමති, මජ්ඣිමතො උන්නමති පරියන්තතො ඔනමති, පරියන්තතො උන්නමති මජ්ඣිමතො ඔනමතීති එවං ඡප්පකාරං අනිලබලචලිතජලතරඞ්ගභඞ්ගසඞ්ඝට්ටිතා විය නාවා චතුනහුතාධිකද්වියොජනසතසහස්සබහලා පථවිසන්ධාරකජලපරියන්තා අචෙතනාපි සමානා සචෙතනා විය අයං මහාපථවී පීතියා නච්චන්තී විය අකම්පිත්ථාති අත්ථො. ඔභාසො ච මහා ආසීති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං උළාරො ඔභාසො අහොසීති අත්ථො. අච්ඡෙරං ලොමහංසනන්ති අච්ඡෙරඤ්ච ලොමහංසනඤ්ච අහොසීති අත්ථො.
දැන් භාග්‍යවතුන් වහන්සේගේ ගර්භාවක්රාන්තියෙහි ද පොළෝ කම්පනාදි පුවත් අසා අහො අච්ඡරියං ලොකෙ යනුවෙන් දෙවියන් විසින් මේ ගාථාව කියන ලදි. එහි බුද්ධානං ගුණමහන්තතා යනු; අපොයි, බුදුවරුන්ගේ ගුණමහත් බව, අපොයි බුද්ධ මහානුභාවය යන අර්ථයි. දසසහස්සී ලෝකධාතු ඡප්පකාරං එකම්පථ යනු; දසදහසක් සක්වළ මහපොළව ෂඩාකාරයකින් කම්පා විය. සැලිණ. කෙසේද? නැගෙනහිරින් එසවෙයි. බටහිරින් පහත් වෙයි. බටහිරින් උස්වෙයි. නැගෙනහිරින් පහත් වෙයි. උතුරෙන් උස්වෙයි. දකුණින් පහත්වෙයි. දකුණින් උස්වෙයි. උතුරෙන් පහත්වෙයි. මැදින් උස්වෙයි. කෙළවරින් පහත් වෙයි. කෙළවරින් උස්වෙයි. මැදින් පහත් වෙයි. මෙසේ සයාකාරයකින් අනිල බලයෙන් සැලුණ ජලරල බිඳීමෙන් ගැටුණ නැවක් මෙන් සතර නුහුවක් අධික දෙයොදුන් ලක්ෂයක් බොල් පොළොව දරා සිටි ජල කෙළවර කොට සිටි සිත් නැත්තා වූද මේ මහපොළොව සිත් ඇත්තාක් මෙන් ප්‍රීතියෙන් නටන්නාක් මෙන් කම්පා විය යන අර්ථයි, ඔභාසො ච මහාආසි යනු; දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා මහත් වූ ආලෝකය වීය අර්ථයි. අච්ඡෙරං ලොමහංසනං යනු; ආශ්චර්යද ලොමුදැහැ ගැනීමද විය යනු අර්ථයි.
ඉදානි පථවිකම්පනාලොකපාතුභාවාදීසු අච්ඡරියෙසු වත්තමානෙසු භගවතො පවත්තිදස්සනත්ථං “භගවා තම්හි සමයෙ”තිආදිගාථායො වුත්තා. තත්ථ ලොකජෙට්ඨොති ලොකසෙට්ඨො. සදෙවකන්ති සදෙවකස්ස ලොකස්ස, සාමිඅත්ථෙ උපයොගවචනං දට්ඨබ්බං. දස්සයන්තොති පාටිහාරියං දස්සෙන්තො.
දැන් පොළොව කම්පාවීම ආලෝකය පහළවීමාදි ආශ්චර්ය පවතිද්දී භාග්‍යවතුන් වහන්සේගේ තතු දැක්වීමට භගවාච තම්හි සමයෙ ආදි ගාථා කීහ. එහි ලෝක ජෙට්ඨො යනු; ලෝක ශ්‍රේෂ්ඨයි. සදේවකං යනු; සදේවක ලෝකයට සාමි අර්ථයෙහි උපයෝග පදයි දතයුතුය. දස්සයන්තො යනු; ප්රාතිහාර්ය දක්වන්නාහු.
චඞ්කමන්තොවාති දසලොකධාතුසහස්සානි අජ්ඣොත්ථරිත්වා ඨිතෙ තස්මිං රතනමයෙ චඞ්කමෙ චඞ්කමමානොව කථෙසි. ලොකනායකොති අථ සත්ථා මනොසිලාතලෙ සීහනාදං නදන්තො සීහො විය ගජ්ජන්තො පාවුස්සකමෙඝො විය ච ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය ච අට්ඨඞ්ගසමන්නාගතෙන (දී· නි· 2.285, 301) සවනීයෙන කමනීයෙන බ්රහ්මස්සරෙන නානානයවිචිත්තං චතුසච්චපටිසංයුත්තං තිලක්ඛණාහතං මධුරධම්මකථං කථෙසීති අත්ථො.
චංකමන්කො ව යනු; දසදහසක් ලෝකධාතු වසා සිටි ඒ රුවන් සක්මනෙහි සක්මන් කරමින්ම කීහ. ලෝකනායකො යනු; ඉක්බිති ශාස්තෘන් වහන්සේ මනොසීලාතලයක සිංහනාද කරන සිංහයකු මෙන් ගර්ජනා කරමින් වසන මේඝයක් මෙන් අහස්ගඟ ගලා බසින්නාක් මෙන් අටඟින් යුත් ස්වකීය කමණීය බඹගොසින් තන්නය විසිතුරු සිවුසත් මුසු තිලකුණු ගෙන දෙන මිහිරි බණක් දෙසූහ යන අර්ථයි.
අන්තරා න නිවත්තෙති, චතුහත්ථෙ චඞ්කමෙ යථාති එත්ථ සත්ථාරා පන නිම්මිතස්ස තස්ස චඞ්කමස්ස එකා කොටි පාචීනචක්කවාළමුඛවට්ටියං එකා පච්ඡිමචක්කවාළමුඛවට්ටියං එවං ඨිතෙ තස්මිං රතනචඞ්කමෙ චඞ්කමමානො සත්ථා උභො කොටියො පත්වාව නිවත්තති, අන්තරා උභො කොටියො අපත්වා න නිවත්තති. යථා චතුහත්ථප්පමාණෙ චඞ්කමෙ චඞ්කමමානො උභො කොටියො සීඝමෙව පත්වා නිවත්තති, එවං අන්තරා න නිවත්තතීති අත්ථො. කිං පන භගවා දසසහස්සයොජනප්පමාණායාමං චඞ්කමං රස්සමකාසි , තාවමහන්තං වා අත්තභාවං නිම්මිනීති? න පනෙවමකාසි. අචින්තෙය්යො බුද්ධානං බුද්ධානුභාවො. අකනිට්ඨභවනතො පට්ඨාය යාව අවීචි, තාව එකඞ්ගණා අහොසි. තිරියතො ච දසචක්කවාළසහස්සානි එකඞ්ගණානි අහෙසුං. දෙවා මනුස්සෙ පස්සන්ති, මනුස්සාපි දෙවෙ පස්සන්ති. යථා සබ්බෙ දෙවමනුස්සා පකතියා චඞ්කමමානං පස්සන්ති, එවං භගවන්තං චඞ්කමමානං පස්සිංසූති. භගවා පන චඞ්කමන්තොව ධම්මං දෙසෙති අන්තරාසමාපත්තිඤ්ච සමාපජ්ජති.
අන්තරා න නිවත්තෙති චතුහත්ථෙ චංකමෙ යථා යනු; මෙහි ශාස්තෘන් වහන්සේ විසින් මවන ලද සක්මනෙහි එක් කෙළවරක් නැගෙනහිර සක්වළ මුවවිටෙහිය. එකක් බටහිර සක්වළ මුවවිටෙහිය. මෙසේ පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරන සේක් දෙකෙළවර පැමිණ හැරෙති. දෙකෙළවරට නොපැමිණ අතරමග නතර නොවන්නාහ. සතර රියන් සක්මනක සක්මන් කරමින් මහා කෙළවරට පැමිණ හැරෙන්නේ ද එසේ අතර නොනවත්නාහ යන අර්ථයි. කිම භාග්‍යවතුන් වහන්සේ දසදහසක් දික් සක්මන කෙටිකළ සේක්ද? එකෙක් මහත් ආත්මභාවයක් මැවූ සේක්ද? එසේ නොකළහ. බුදුවරුන්ගේ බුද්ධානුභාවය අචින්තනීයය. අකනිටා භවනය පටන් අවීචිය තෙක් එකම මිදුලක් විය. සරසින්ද දසදහසක් සක්වළ එකාංගණ විය. දෙවියෝ මිනිසුන් දකිති. සියලු දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රකෘතියෙන් සක්මන් කරනු දනිත් ද? එසේ සක්මන් කරන බුදුන් දුටහ. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් දහම් දෙසති. අතර සමවතට සමවදිති.
අථ ආයස්මා සාරිපුත්තො අපරිමිතසමයසමුපචිතකුසලබලජනිතද්වත්තිංසවරලක්ඛණොපසොභිතං අසීතානුබ්යඤ්ජනවිරාජිතං වරසරීරං සරදසමයෙ පරිපුණ්ණං විය රජනිකරං සබ්බඵාලිඵුල්ලං විය ච යොජනසතුබ්බෙධං පාරිච්ඡත්තකං අට්ඨාරසරතනුබ්බෙධං බ්යාමප්පභාපරික්ඛෙපසස්සිරිකං වරකනකගිරිමිව ජඞ්ගමං අනොපමාය බුද්ධලීළාය අනොපමෙන බුද්ධසිරිවිලාසෙන චඞ්කමන්තං දසසහස්සිදෙවගණපරිවුතං භගවන්තං අද්දස. දිස්වාන අයං පන සකලාපි දසසහස්සී ලොකධාතු සන්නිපතිතා, මහතියා පනෙත්ථ ධම්මදෙසනාය භවිතබ්බං, බුද්ධවංසදෙසනා පන බහූපකාරා භගවති පසාදාවහා, යංනූනාහං දසබලස්ස අභිනීහාරතො පට්ඨාය බුද්ධවංසං පරිපුච්ඡෙය්ය”න්ති චින්තෙත්වා එකංසං චීවරං කත්වා භගවන්තං උපසඞ්කමිත්වා දසනඛසමුජ්ජලං ජලජාමලාවිකල-කමල-මකුලසදිසං අඤ්ජලිං සිරසි කත්වා භගවන්තං “කීදිසො තෙ මහාවීරා”තිආදිකං පරිපුච්ඡි. තෙන වුත්තං –
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අපරිමිත කාලයෙහි රැස් කරන ලද කුසල බලයෙන් පර්වත දෙතිසක් මාර ලකුණින් කොඩි අසූවක් අනු ලකුණින් විරාජිත උතුම් දේහය සරාකල්හි පුන්සඳ මෙන් මුළුමනින් සුපිපිරි සියයක් යොදුන් උසැති පරසතු රුක මෙන් අටළොස් රියන් උස ව්‍යාමප්‍රභා පරික්‍ෂෙපයෙන් සශ්‍රීක ජංගම රන්ගිරක් මෙන් අනූපම බුද්ධ ලීලායෙන් සක්මන් කරන ලද දසසහස්‍රී දෙව්ගණ පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ දැක මේ දසසහස්‍රී සකල ලෝකයා රැස් වූහ. මෙහි මහාධර්ම දේශනාවක් විය යුතුය. බුද්ධවංස දේශනාව වනාහි බහූපකාරය. භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ප්‍රසාදය එළවන සුලුය. මම දසබලයන් වහන්සේගේ අභිනීහාරයෙහි පටන් බුද්ධ වංසය විමසන්නෙම් නම් මැනවැයි සිතා සිවුර එකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ජලජ නිමල අවිකල කමල කැකුළක් බඳු ඇඳිලි හිස තබා භාග්‍යවතුන් වහන්සේගෙන් කීදිසො තෙ මහාවීර ආදිය විමසූහ. එයින් කියන ලදි:-
“සාරිපුත්තො මහාපඤ්ඤො, සමාධිජ්ඣානකොවිදො; පඤ්ඤාය පාරමිප්පත්තො, පුච්ඡති ලොකනායකං.
සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣාන කොවිදො පඤ්ඤාය පාරමිප්පත්තො පුච්ඡති ලොකනායකං
“කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත්තම; කම්හි කාලෙ තයා ධීර, පත්ථිතා බොධිමුත්තමා”ති. – ආදි.
කීදිසො තෙ මහාවීර අභිනීහාරො නරුත්තම කම්හි කාලෙ තයා ධීර පත්ථිතා බොධි මුත්තමාති - ආදියයි.
කා නාමායං අනුසන්ධීති? පුච්ඡානුසන්ධි නාම. තිස්සො හි අනුසන්ධියො – පුච්ඡානුසන්ධි අජ්ඣාසයානුසන්ධි යථානුසන්ධීති. තත්ථ “එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච – “කිං නු ඛො, භන්තෙ, ඔරිමං තීරං කිං පාරිමං තීර”න්ති (සං· නි· 4.241) එවං පුච්ඡන්තානං භගවතා විස්සජ්ජිතසුත්තවසෙන පුච්ඡානුසන්ධි වෙදිතබ්බා.
මෙහි අනුසන්ධිය කුමක් ද? අනුසන්ධි තුනකි. පුච්ඡානුසන්ධිය, අජ්ඣාසයානුසන්ධිය, යථානුසන්ධියයි. එහි එවං වුත්තෙ නන්දො ගොපාලකො භගවන්තං එතදවොච කින්නු ඛො භන්තෙ ධරිමං තීරං කින්නු පාරිමං තීරං මෙසේ විමසන්නවුන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳන ලද සූත්‍ර වංශයෙන් පුච්ඡානසන්ධිය දතයුතුය.
“අථ ඛො අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි ‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තී’ති. අථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි – ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්යෙන චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය ‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තී’ති…පෙ… තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති (ම· නි· 3.90) එවං පරෙසං අජ්ඣාසයං විදිත්වා භගවතා වුත්තවසෙන අජ්ඣාසයානුසන්ධි වෙදිතබ්බා.
අථ ඛො අඤ්ඤතරණීය භික්ඛුනෙ එවං චෙතසො පරිවිතක්කො උදපාදි ඉතිකිරභො රූපං, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණං, අනත්තා. අනත්තකතානිකම්මානි කථාමත්තානං ඵුසිස්සනතීති. අථ ඛො භගවා කස්සෙ භික්ඛු නො චෙතො පරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි. තං කිංමඤ්ඤථ භික්ඛවෙ ඉධෙකච්චො මොඝපුරිසං අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්යෙන චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය ඉති කිර භො රූපං අනත්තා -පෙ- කථමත්තානං ඵුසිස්සනනීති තං කිංමඤ්ඤථ භික්ඛවෙ රූපං රූපං නිච්චං වා අනිච්චං වා යන තන්හි මෙන් අනුන්ගේ අදහස් දැන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සූත්‍ර වශයෙන් අජ්ඣාසායානුසන්ධිය දතයුතුය.
යෙන පන ධම්මෙන ආදිම්හි දෙසනා උට්ඨිතා, තස්ස ධම්මස්ස අනුරූපධම්මවසෙන වා පටික්ඛෙපවසෙන වා යෙසු සුත්තෙසු උපරිදෙසනා ආගච්ඡති, තෙසං වසෙන යථානුසන්ධි වෙදිතබ්බා. තෙන වුත්තං “පුච්ඡානුසන්ධී”ති.
[missing trans] එබැවින් පුච්ඡානුසන්ධියයි කියන ලදි.
තත්ථ පඤ්ඤාය පාරමිප්පත්තොති සාවකපාරමිඤාණස්ස මත්ථකං පත්තො. පුච්ඡතීති අපුච්ඡි. තත්ථ පුච්ඡා නාම අදිට්ඨජොතනාපුච්ඡා, දිට්ඨසංසන්දනාපුච්ඡා, විමතිච්ඡෙදනාපුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්යතාපුච්ඡාති පඤ්චවිධා හොති. තත්ථායං ථෙරස්ස කතමා පුච්ඡාති චෙ? යස්මා පනායං බුද්ධවංසො කප්පසතසහස්සාධිකඅසඞ්ඛ්යෙය්යොපචිතපුඤ්ඤසම්භාරානං පච්චෙකබුද්ධානං කප්පසතසහස්සාධිකඅසඞ්ඛ්යෙය්යොපචිතපුඤ්ඤසම්භාරානං ද්වින්නං අග්ගසාවකානඤ්ච කප්පසතසහස්සොපචිතපුඤ්ඤසම්භාරානං සෙසමහාසාවකානං වා අවිසයො, සබ්බඤ්ඤුබුද්ධානංයෙව විසයො, තස්මා ථෙරස්ස අදිට්ඨජොතනා පුච්ඡාති වෙදිතබ්බා.
එහි පඤ්ඤාය පාරමිප්පත්තො යනු; ශ්‍රාවක පාරමී ඤාණයෙහි මස්තකප්රාප්ත. පුච්ඡති යනු; පිළිසිඹියහ. එහි පුච්ඡා නම් අදිට්ඨපොතනා පුච්ඡා දිට්ඨසංසන්දනා පුච්ඡාවිමතිච්ඡෙදනා පුච්ඡා අනුමති පුච්ඡා කථෙතුකම්පකා පුච්ඡායි පස් ආකාරය. එකී තෙරණුවන්ගේ පුච්ඡාව කුමක්ද යත් යම් හෙයකින් මේ බුද්ධවංසය කල්ප ලක්ෂයක් අධික අසංඛ්යයෙක්හි රැස්කරන ලද පුණ්යසම්භාර ඇති පසේබුදුවරුන්ගේ කල්ප ලක්ෂයක් හා අසංඛ්යයෙක් රැස්කරන ලද පුණ්යසම්භාර ඇති දෑගසව්වන්ගේ ද කප්ලක්ෂයක් රැස්කළ පුණ්යසම්භාර ඇති මහා ශ්‍රාවකයන්ගේ හෝ විෂයට අයත් නොවූ සර්වඥ බුදුවරයන් වහන්සේලාටම විෂය වෙයි. එහෙයින් තෙරුන්ගේ අදිට්ඨජොතනා පුච්ඡාව යයි දතයුතු.
කීදිසොති පුච්ඡනාකාරො, කිංපකාරොති අත්ථො. තෙති තව. අභිනීහාරොති අභිනීහාරො නාම බුද්ධභාවත්ථං මානසං බන්ධිත්වා “බුද්ධබ්යාකරණං අලද්ධා න උට්ඨහිස්සාමී”ති වීරියමධිට්ඨාය නිපජ්ජනං. තෙන වුත්තං –
කීදිසො යනු; විමසන අයුරුයි. කවරාකාරද යන අර්ථයි. තෙ යනු; ඔබගේ අභිනීහාරො යනු; අභිනීහාර නම් බුදුබව සඳහා සිත් බැඳ බුද්ධව්යාකරණයක් නොලැබ නොනැගිටිමියි වීර්යාධිෂ්ඨාන කොට වැතිර ගැනීමයි. එහෙයින් කියන ලදි.
“කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත්තමා”ති.
කීදිසො තෙ මහාවීර අභිනීහාරො නරුත්තම යි.
කම්හි කාලෙති තස්මිං කාලෙ. පත්ථිතාති ඉච්ඡිතා අභිකඞ්ඛිතා, “බුද්ධො බොධෙය්යං මුත්තො මොචෙය්ය”න්තිආදිනා නයෙන බුද්ධභාවාය පණිධානං කදා කතන්ති අපුච්ඡි. බොධීති සම්මාසම්බොධි, අරහත්තමග්ගඤාණස්ස ච සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස චෙතං අධිවචනං. උත්තමාති සාවකබොධිපච්චෙකබොධීහි සෙට්ඨත්තා උත්තමාති වුත්තා. උභින්නමන්තරා ම-කාරො පදසන්ධිකරො.
එහි කම්හි කාලෙ යනු; කවර කල්හිද. පත්ථිතා යනු කැමතිවන ලද, බලාපොරොත්තු වන ලද. බුදුව අවබෝධ කරවමි. මිදී මුදවමි විමසූහ. බෝධි යනු; අර්හත් මාර්ග ඥානයට ද සර්වඥතාඥානයට ද මෙය නාමයකි. උත්තම යනු; ශ්‍රාවක බෝධියට ශ්‍රේෂ්ඨ බැවින් උත්තම යි කියන ලදි. දෙක අතර මකාරය පද සන්ධිකාරකයි.
ඉදානි බුද්ධභාවකාරකෙ ධම්මෙ පුච්ඡන්තො –
දැන් බුද්ධ කාරක ධර්ම විමසමින්:-
“දානං සීලඤ්ච නෙක්ඛම්මං, පඤ්ඤාවීරියඤ්ච කීදිසං; ඛන්තිසච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛා ච කීදිසා.
දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියං ච කීදිසං ඛන්ති සච්චමධිට්ඨානං මෙත්තු පෙක්ඛා ච කීදිසා
“දස පාරමී තයා ධීර, කීදිසී ලොකනායක; කථං උපපාරමී පුණ්ණා, පරමත්ථපාරමී කථ”න්ති. – ආහ;
දසපාරමී තයා ධීර කීදිසා ලොකනායක කථං උපපාරමි පුණ්ණා පරමත්ථපාරමී කථාන්ති’යි කීහ.
තත්ථ දානපාරමියං තාව බාහිරභණ්ඩපරිච්චාගො පාරමී නාම, අඞ්ගපරිච්චාගො උපපාරමී නාම, ජීවිතපරිච්චාගො පරමත්ථපාරමී නාමාති. එස නයො සෙසපාරමීසුපි. එවං දස පාරමියො දස උපපාරමියො දස පරමත්ථපාරමියොති සමත්තිංස පාරමියො හොන්ති. තත්ථ බොධිසත්තස්ස දානපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සසපණ්ඩිතජාතකෙ –
එහි දාන පාරමිතාවෙහි වනාහි අංග පරිත්‍යාගය පාරමී නමි. බාහිර බඩු පරිත්‍යාගය උපපාරමී නමි. ජීවිත පරිත්‍යාගය පරමාර්ථ පාරමිතා නමි. සෙසු පාරමීවලද මේ ක්‍රමයයි. මෙසේ දසපාරමී දසඋපපාරමී දසපාරමාර්ථපාරමී යැයි සමතිස් පාරමී වෙයි. එහි බෝසතුන්ගේ දාන පාරමිතාව පිරූ ආත්මභාවවල ප්‍රමාණයක් නැත. ඒකානික වශයෙන් සසපණ්ඩිත ජාතකයෙහි:-
“භික්ඛාය උපගතං දිස්වා, සකත්තානං පරිච්චජිං; දානෙන මෙ සමො නත්ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1.143 තස්සුද්දානං) –
භික්ෂාව සඳහා පැමිණියකු දැක සිය ජීවිතය පරිත්‍යාග කළෙමි. දානයෙන් මට සමවූවෙක් නැත. මේ මාගේ දාන පාරමිතාවයි.
එවං පරං ජීවිතපරිච්චාගං කරොන්තස්ස දානපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ මෙබඳු ජීවිත පුදන්නාහුගේ දාන පාරමිතාව පරමාර්ථ පාරමිතා නමි.
තථා සීලපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙනෙව පනස්ස සඞ්ඛපාලජාතකෙ –
එසේම සීල පාරමිතාව පිරූ ආත්ම භාවවල ප්‍රමාණයක් නැත. ඒකාන්තයෙන් සංඛපාල ජාතකයෙහි:-
“සූලෙහි විනිවිජ්ඣන්තෙ, කොට්ටයන්තෙපි සත්තිභි; භොජපුත්තෙ න කුප්පාමි, එසා මෙ සීලපාරමී”ති. (චරියා· 2.91) –
හුලින් විදින කල්හිද සැතින් කොටන කල්හිද භොජපුත්රයන් කෙරෙහි නොකිපියෙමි. මේ මාගේ සීලපාරමිතාවයි.
එවං අත්තපරිච්චාගං කරොන්තස්ස සීලපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ආත්ම පරිත්‍යාග කරන්නහුගේ සීලපාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
තථා මහාරජ්ජං පහාය නෙක්ඛම්මපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස චූළසුතසොමජාතකෙ –
එසේම මහරජකම හැර නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරූ ආත්මභාවවල ගණනක් නැත. ඒකාන්තයෙන් චුල්ලසුතසොම ජාතකයෙහි:-
“මහාරජ්ජං හත්ථගතං, ඛෙළපිණ්ඩංව ඡඩ්ඩයිං; චජතො න හොති ලග්ගනං, එසා මෙ නෙක්ඛම්මපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
අත්පත් මහාරාජ්‍යය කෙළපිඬක් සේ දැමීමි. හැරදමන මට ඇලීමක් නොවීය. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.
එවං නිස්සඞ්ගතාය රජ්ජං ඡඩ්ඩෙත්වා නික්ඛමන්තස්ස නෙක්ඛම්මපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ නොඇල්මෙන් රාජ්‍යය හැරදමා නික්මෙන්නහුගේ නෛෂ්ක්‍රම්‍යය පාරමිතා පරමාර්ථ පාරමී නම් විය.
තථා මහොසධපණ්ඩිතකාලාදීසු පඤ්ඤාපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සත්තුභත්තකපණ්ඩිතකාලෙ –
එසේම මහෞෂධ පණ්ඩිත කාලාදියෙහි ප්‍රඥා පාරමිතාව පිරූ ආත්මභාව ප්‍රමාණයක් නැත. සත්තුභන්තක පණ්ඩිත කාලයෙහි:-
“පඤ්ඤාය විචිනන්තොහං, බ්රාහ්මණං මොචයිං දුඛා; පඤ්ඤාය මෙ සමො නත්ථි, එසා මෙ පඤ්ඤාපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
ප්‍රඥාව සොයන මග බමුණකු දුකින් මිදුවෙමි. ප්‍රඥාවෙන් මට සමානයෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි.
අන්තොභස්තගතං සප්පං දස්සෙන්තස්ස පඤ්ඤාපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
පසුබිම්බිය තුළට පිවිසි සර්පයකු දක්වන්නහුගේ ප්‍රඥා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා වීරියපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස මහාජනකජාතකෙ –
එසේම වීර්ය පාරමිතාදිය පිරු ආත්මභාව ප්‍රමාණයක් නැත. ඒකාන්තයෙන් මහජනක ජාතකයෙහි:-
“අතීරදස්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා; චිත්තස්ස අඤ්ඤථා නත්ථි, එසා මෙ වීරියපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
තෙරක් නොදක්නා දියමැද සියලු මනුෂ්‍යයෝ නැසුණහ. සිතේ වෙනස් බවක් නැත. මේ මාගේ වීර්ය පාරමිතාවයි.
එවං මහාසමුද්දං තරන්තස්ස වීරියපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ මහමුහුද තරණය කරන්නහුගේ වීර්ය පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා ඛන්තිවාදිජාතකෙ –
එසේම ක්ෂාන්තිවාදී ජාතකයෙහි:-
“අචෙතනංව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං; කාසිරාජෙ න කුප්පාමි, එසා මෙ ඛන්තිපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
තියුණු පොරවෙන් මට කොටද්දී සිත් නැත්තකු මෙන් කසීරජුට නොකිපියෙමි. මේ මාගේ ක්ෂාන්ති පාරමිතාවයි.
එවං අචෙතනභාවෙන විය මහාදුක්ඛං අධිවාසෙන්තස්ස ඛන්තිපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ අචේතන භාවයෙන් මහදුක් ඉවසන්නහුගේ ක්ෂාන්ති පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
තථා මහාසුතසොමජාතකෙ –
මහාසුතසෝම ජාතකයෙහි:-
“සච්චවාචංනුරක්ඛන්තො, චජිත්වා මම ජීවිතං; මොචෙසිං එකසතං ඛත්තියෙ, එසා මෙ සච්චපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
සත්‍ය වචනය රකිමින් ජීවිත පරිත්‍යාග කොට සියයක් ක්ෂත්රියයන් මිදුවෙමි. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.
එවං ජීවිතං චජිත්වා සච්චං අනුරක්ඛන්තස්ස සච්චපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යය රක්නහුගේ සත්‍ය පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා මූගපක්ඛජාතකෙ –
මුගපක්ඛ ජාතකයෙහි:-
“මාතා පිතා න මෙ දෙස්සා, අත්තා මෙ න ච දෙස්සියො; සබ්බඤ්ඤුතං පියං මය්හං, තස්මා වතං අධිට්ඨහි”න්ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා; චරියා 3.65) –
මට මවුපියෝ ද්වෙෂ නොවූහ. මහයසස් මට ද්වෙෂ නොවීය. බුදුබව මට ප්‍රියය. එහෙයින් ඒකාන්තයෙන් අධිෂ්ඨාන කළෙමි.
එවං ජීවිතම්පි පරිච්චජිත්වා වතං අධිට්ඨහන්තස්ස අධිට්ඨානපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතයද ඒකාන්ත අධිෂ්ඨාන කරන්නහුගේ අධිෂ්ඨාන පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා සුවණ්ණසාමජාතකෙ –
එකරාජ ජාතකයෙහි:-
“න මං කොචි උත්තසති, නපි භායාමි කස්සචි; මෙත්තාබලෙනුපත්ථද්ධො, රමාමි පවනෙ තදා”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා; චරියා· 3.113) –
කිසිවෙක් මා බිය නොකරවති. මම කිසිවකු බිය නොකරවමි. මෛත්‍රී බලයෙන් උපස්තම්භතව හැමදා වනයෙහි ඇළෙමි.
එවං ජීවිතම්පි අනොලොකෙත්වා මෙත්තායන්තස්ස මෙත්තාපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය ද නොබලා මෛත්‍රිය වඩන්නහුගේ මෛත්‍රී පාරමිතාව පරමාර්ථ පාරමී නමි.
තතො ලොමහංසජාතකෙ –
ලෝමහංස ජාතකයෙහි:-
“සුසානෙ සෙය්යං කප්පෙමි, ඡවට්ඨිකං උපනිධායහං; ගාමණ්ඩලා උපගන්ත්වා, රූපං දස්සෙන්තිනප්පක”න්ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා; චරියා· 3.119) –
මිනී ඇට ගළපා සොහොනෙහි සයනය කරම්. මහාමණ්ඩලයට පැමිණ අපමණ රූප දක්වති.
එවං ගාමදාරකෙසු නිට්ඨුභනාදීහි චෙව මාලාගන්ධූපහාරාදීහි ච සුඛදුක්ඛං උප්පාදෙන්තෙසුපි උපෙක්ඛං අනතිවත්තන්තස්ස උපෙක්ඛාපාරමී පරමත්ථපාරමී නාම ජාතා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන චරියාපිටකතො ගහෙතබ්බො.
මෙසේ ගැමිදරුවන් විසින් කෙළගැසීම් ආදියෙන් ද මාලා ගන්ධාදි උපහාරයෙන් ද සුවදුක් උපදවද්දී උපේක්ෂාව නොඉක්මවන්නහුගේ උපේක්ෂා පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය. මේ මෙහි කෙටි අර්ථයයි. විස්තර චරියා පිටකයෙන් ගතයුතුය.
ඉදානි ථෙරෙන පුට්ඨස්ස භගවතො බ්‍යාකරණං දස්සෙන්තෙහි සඞ්ගීතිකාරකෙහි –
දැන් තෙරුන් විසින් විචාරන ලද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය දක්වන සංගීතිකාරකයන් විසින්:-
“තස්ස පුට්ඨො වියාකාසි, කරවීකමධුරගිරො; නිබ්බාපයන්තො හදයං, හාසයන්තො සදෙවකං.
තස්ස පුට්ඨො ව්යාකාසි කරවීකමධුරංගිරො නිබ්බාපයන්තො හදයං හාසයන්තො සදෙවකං
“අතීතබුද්ධානං ජිනානං දෙසිතං, නිකීලිතං බුද්ධපරම්පරාගතං; පුබ්බෙනිවාසානුගතාය බුද්ධියා, පකාසයී ලොකහිතං සදෙවකෙ”ති. – වුත්තං;
අතීතබුද්ධානං ජිනානං දෙසිතං නිකීළිතං බුද්ධපරම්පරාගතං පුබ්බෙනිවාසානුගතාය බොධියා පකාසයි ලොකහිතං සදෙවකෙති - කියන ලදී.
තත්ථ තස්ස පුට්ඨො වියාකාසීති තෙන ධම්මසෙනාපතිනා පුට්ඨො හුත්වා තස්ස බ්යාකාසි, අත්තනො අභිනීහාරතො පට්ඨාය අභිසම්බොධිපරියොසානං සබ්බං බුද්ධවංසං කථෙසීති අත්ථො. කරවීකමධුරගිරොති කරවීකසකුණස්ස විය මධුරා ගිරා යස්ස සො කරවීකමධුරගිරො, කරවීකමධුරමඤ්ජුස්සරොති අත්ථො. තත්රිදං කරවීකානං මධුරස්සරතා – කරවීකසකුණා කිර මධුරරසං අම්බපක්කං මුඛතුණ්ඩකෙන පහරිත්වා පග්ඝරිතං ඵලරසං පිවිත්වා පක්ඛෙන තාළං දත්වා විකූජමානෙ චතුප්පදා මදමත්තා විය ලළිතුං ආරභන්ති, ගොචරපසුතාපි චතුප්පදගණා මුඛගතානිපි තිණානි ඡඩ්ඩෙත්වා තං නාදං සුණන්ති, වාළමිගා ඛුද්දකමිගෙ අනුබන්ධමානා උක්ඛිත්තං පාදං අනික්ඛිපිත්වා චිත්තකතා විය තිට්ඨන්ති, අනුබන්ධමිගාපි මරණභයං හිත්වා තිට්ඨන්ති, ආකාසෙ පක්ඛන්දන්තා පක්ඛිනොපි පක්ඛෙ පසාරෙත්වා තිට්ඨන්ති, උදකෙ මච්ඡාපි කණ්ණපටලං අචාලෙන්තා තං සද්දං සුණමානා තිට්ඨන්ති. එවං මධුරස්සරා කරවීකා (දී· නි· අට්ඨ· 2.38; ම· නි· අට්ඨ· 2.386). නිබ්බාපයන්තො හදයන්ති කිලෙසග්ගිසන්තත්තසබ්බජනමානසං ධම්මකථාමතධාරාය සීතිභාවං ජනයන්තොති අත්ථො. හාසයන්තොති තොසයන්තො. සදෙවකන්ති සදෙවකං ලොකං.
එහි තස්ස පුට්ඨො ව්යකාසි යනු; ඒ ධම්සෙනෙවි සැරියුත් තෙරුන් විසින් විචාරන ලදුව උන්වහන්සේට ප්‍රකාශ කළ සේක. තමන් වහන්සේගේ අභිනීහාරයෙහි පටන් අභිසම්බෝධිය තෙක් සියලු බුද්ධවංසය දෙසූහ යන අර්ථයි. කරවීක මධුරංගිණෙ යනු. කරවීක පක්ෂියාට බඳු මිහිරි හඬ යමක්හට ද හේ මධුරංගිර නමි. කරවීක මධුරස්වර ඇත්තේ යන අර්ථයි. එහි කරවීකයන්ගේ මධුරස්වරතාවයි. කරවීක පක්ෂියා මිහිරි රසැති අඹගෙඩිය මුවතුඩින් ගසා පලරස බී පියාපත් සලා කූජනය කරන කල්හි සිවුපාවෝ මදමත්ව මෙන් ලීලා කිරීමට පටන් ගනිති. ගොදුරෙහි නියැලි සිවුපා සමූහයා ද කටට ගත් තණ ද ඉවතලා ඒ හඬ අසති. කුඩා සතුන් ලුහුබඳිමින් සිටි ව්යාලමෘගයෝ එසවූ පය නොතබා චිත්රගතව මෙන් සිටිති. මල බැඳුණු මුවෝද මරණභය පසෙකලා සිටිති. අහස පියාඹන පක්ෂීහු පියා විදාගෙන සිටිති. දියෙහි මාළුවෝ ද කන්පටල නොසොල්වා ඒ නඳ අසමින් සිටිති. කරවීකයෝ මෙවන් මධුරස්වර ඇත්තෝය. නිබ්බාපයන්තො හදයං; යනු කෙලෙස් ගින්නෙන් තැවුණු සියලු ජන මනස් දහම්කතා අමා දහරින් සිහිලසට පමුණුවමින්. හාසයන්තො යනු; සතුටු කරවමින් සදෙවකං යනු; සදෙවක ලෝකය.
අතීතබුද්ධානන්ති අතීතානං බුද්ධානං. අම්හාකං භගවතො අභිනීහාරස්ස පුරතො පන තණ්හඞ්කරො මෙධඞ්කරො සරණඞ්කරො දීපඞ්කරොති චත්තාරො බුද්ධා එකස්මිං කප්පෙ නිබ්බත්තිංසු. තෙසං අපරභාගෙ කොණ්ඩඤ්ඤාදයො තෙවීසති බුද්ධාති සබ්බෙ දීපඞ්කරාදයො චතුවීසති බුද්ධා ඉධ “අතීතබුද්ධා”ති අධිප්පෙතා, තෙසං අතීතබුද්ධානං. ජිනානන්ති තස්සෙව වෙවචනං. දෙසිතන්ති කථිතං. චතුවීසතියා බුද්ධානං චතුසච්චපටිසංයුත්තං ධම්මකථං. නිකීලිතන්ති තෙසං චරිතං කප්පජාතිගොත්තායුබොධිසාවකසන්නිපාතඋපට්ඨාකමාතාපිතුපුත්තභරියාපරිච්ඡෙදාදිකං නිකීලිතං නාම. බුද්ධපරම්පරාගතන්ති දීපඞ්කරදසබලතො පට්ඨාය යාව කස්සපපරම්පරතො ආගතං දෙසිතං නිකීලිතං වාති අත්ථො. පුබ්බෙනිවාසානුගතාය බුද්ධියාති එකම්පි ජාතිං ද්වෙපි ජාතියොති (ම· නි· 1.148, 384, 421; 2.233; 3.82; පාරා· 12) එවං විභත්තං පුබ්බෙ නිවුට්ඨක්ඛන්ධසන්තානසඞ්ඛාතං පුබ්බෙනිවාසං අනුගතා උපගතා තාය පුබ්බෙනිවාසානුගතාය බුද්ධියා, පුබ්බෙනිවාසානුස්සතිඤාණෙනාති අත්ථො. පකාසයීති බ්යාකාසි. ලොකහිතන්ති සබ්බලොකහිතං බුද්ධවංසං. සදෙවකෙති සදෙවකෙ ලොකෙති අත්ථො.
අතීතබුද්ධානං යනු; අප භාග්‍යවතුන් වහන්සේගේ අභිනීහාරයට පෙර තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන සිවුබුදු කෙනෙක් එකම කල්පයක උපන්හ. ඉන් මෑත භාගයෙහි කොණ්ඩඤ්ඤ ආදි බුදුවරුන්දැයි දීපංකරාදි සූවිසි බුදුකෙනෙක් මෙහි අතීත බුදුවරු වෙතැයි අභිප්‍රේතය. ඒ අතීත බුදුවරුන්ගේ ජිනානං යනු; එයටම පර්යායි. දෙසිතං යනු; කියන ලදි. සූවිසි බුදුවරුන්ගේ සිව්සස් මුසු ධර්ම කථාව. නිකීළිකං යනු; උන්වහන්සේලාගේ චරිත, කල්පජාති ගොත්‍ර ආයු බෝධි ශ්‍රාවක ශ්‍රාවිකා සන්නිපාත, උපස්ථායක මවුපිය අග්‍ර භාර්යා පරිච්ඡේදාදිය නිකීළික නමි. බුද්ධපරම්පරාගතං යනු; දීපංකර දසබලයන් වහන්සේගේ පටන් කසුප් බුදුන් තෙක් පරම්පරාවෙන් ආ දෙසන ලද නිකීළක යන අර්ථයි. පුබ්බෙනිවාසානුගතාය බුද්ධියා යනු; ජාති එකකුත් ජාති දෙකකුත් යි මෙසේ විභජනය කළ පෙර විසූ ස්කන්ධ සන්තාන සංඛ්‍යාත පරවිසීම් අනුගත උපත බුද්ධියෙන්. පුබ්බෙ නිවාසානුස්සති ඤාණයෙන් යන අර්ථයි. පකාසයි යනු; ප්‍රකාශ කළහ. ලොකහිතං යනු; මුළු ලොවට හිත බුද්ධවංසය. සදෙවකෙ යනු; සදේවක ලෝකයෙහි යන අර්ථයි.
අථ භගවා කරුණාසීතලෙන හදයෙන සදෙවකං ලොකං සවනෙ නියොජෙන්තො “පීතිපාමොජ්ජජනන”න්තිආදිමාහ. තත්ථ පීතිපාමොජ්ජජනනන්ති පීතිපාමොජ්ජකරං පීතියා පුබ්බභාගං පාමොජ්ජං, පඤ්චවණ්ණාය පීතියා ජනනන්ති අත්ථො. සොකසල්ලවිනොදනන්ති සොකසඞ්ඛාතානං සල්ලානං විනොදනං විද්ධංසනං. සබ්බසම්පත්තිපටිලාභන්ති සබ්බාපි දෙවමනුස්සසම්පත්තිආදයො සම්පත්තියො පටිලභන්ති එතෙනාති සබ්බසම්පත්තිපටිලාභො, තං සබ්බසම්පත්තිපටිලාභං බුද්ධවංසදෙසනන්ති අත්ථො. චිත්තීකත්වාති චිත්තෙ කත්වා, බුද්ධානුස්සතිං පුරක්ඛත්වාති අත්ථො. සුණාථාති නිසාමෙථ නිබොධථ. මෙති මම.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් සිහිල් වූ හදින් දෙවියන් සහිත ලෝකයාගේ කන්යොමු කරවමින් ප්රීතිමොජ්ජ ජන්නං ආදිය වදාළහ. එහි පීතිපාමොජ්ජන්නං යනු; ප්‍රීති ප්රමොදකර ප්‍රීතියට පූර්වභාගයෙහි ප්‍රමෝදයයි. පස්වනක් ප්‍රීතිය උපදවන සොකසෙල්ල විනොදනං යනු; ශෝක නැමති හුල් නසන, දුරුකරන. සබ්බසම්පත්ති පටිලාභං යනු; සියලු දෙව්මිනිස් සම්පත් ආදිය මෙයින් ලබනේනුයි සබ්බසම්පත්ති පටිලාභයි. ඒ සම්පත් ලබන බුද්ධවංස ධර්ම දේශනාව යන අර්ථයි. චිත්ති කත්වා යනු; සිතෙහි කොට බුද්ධානුස්සතිය පෙරදැරි කොට යන අර්ථයි. සුණොථ යනු; අසව්. අවබෝධ කරව්. මෙ යනු; මාගේ
මදනිම්මදනන්ති ජාතිමදාදීනං සබ්බමදානං නිම්මදනකරං. සොකනුදන්ති සොකො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස චිත්තසන්තාපො. කිඤ්චාපි අත්ථතො දොමනස්සමෙව හොති, එවං සන්තෙපි අන්තොනිජ්ඣානලක්ඛණො, චෙතසො පරිනිජ්ඣායනරසො, අනුසොචනපච්චුපට්ඨානො, තං සොකං නුදතීති සොකනුදො, තං සොකනුදං. සංසාරපරිමොචනන්ති සංසාරබන්ධනතො පරිමොචනකරං. “සංසාරසමතික්කම”න්තිපි පාඨො, තස්ස සංසාරසමතික්කමකරන්ති අත්ථො.
මදනීච්චදනං යනු; ජාතිමදාදි සියලු මද නිම්මද කරන. සොක්නුදං යනු; ශෝකය නම් ඤාතිව්යාසනාදියෙන් ස්පර්ශ කළහුගේ චිත්ත සන්තාපයයි. එහෙත් අර්ථ වශයෙන් දොම්නසමය. එසේවතුදු ඇතුළත පසුතැවිලි ලක්ෂණයෙන් සිතේ සන්තාපරසයි. අනුගොචන පර්යුපස්ථානයි. ඒ ශෝක දුරුකෙරේනුයි සොකනුදයි. සංසාර පරිමොචනං යනු; සසර බැම්මෙන් මිදීම කරන. සංසාර සමතිත්තමං යනුද පාඨයි. ඒ සසර ඉක්මවන යන අර්ථයි.
සබ්බදුක්ඛක්ඛයන්ති එත්ථ දුක්ඛ-සද්දො දුක්ඛවෙදනා-දුක්ඛවත්ථු-දුක්ඛාරම්මණ-දුක්ඛපච්චය-දුක්ඛට්ඨානාදීසු දිස්සති. අයඤ්හි “දුක්ඛස්ස ච පහානා”තිආදීසු (දී· නි· 1.232; ම· නි· 1.383, 430; පාරා· 11) දුක්ඛවෙදනායං දිස්සති. “ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා”තිආදීසු (දී· නි· 2.387; සං· නි· 5.1081) දුක්ඛවත්ථුස්මිං. “යස්මා ච ඛො, මහාලි, රූපං දුක්ඛං දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්ත”න්තිආදීසු (සං· නි· 3.60) දුක්ඛාරම්මණෙ. “දුක්ඛො පාපස්ස උච්චයො”තිආදීසු (ධ· ප· 117) දුක්ඛපච්චයෙ. “යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරා අක්ඛානෙන පාපුණිතං යාව දුක්ඛා නිරයා”තිආදීසු (ම· නි· 3.250) දුක්ඛට්ඨානෙ. ඉධ පනායං දුක්ඛවත්ථුස්මිං දුක්ඛපච්චයෙපි ච දට්ඨබ්බො. තස්මා ජාතිආදිසබ්බදුක්ඛක්ඛයකරන්ති අත්ථො (ධ· ස· අට්ඨ· 2 ආදයො). මග්ගන්ති එත්ථ කුසලත්ථිකෙහි මග්ගීයති, කිලෙසෙ වා මාරෙන්තො ගච්ඡතීති මග්ගොති බුද්ධවංසදෙසනා වුච්චති, තං නිබ්බානස්ස මග්ගභූතං බුද්ධවංසදෙසනං. සක්කච්චන්ති සක්කච්චං චිත්තීකත්වා, ඔහිතසොතා හුත්වාති අත්ථො. පටිපජ්ජථාති අධිතිට්ඨථ, සුණාථාති අත්ථො. අථ වා පීතිපාමොජ්ජජනනං සොකසල්ලවිනොදනං සබ්බසම්පත්තිපටිලාභහෙතුභූතං ඉමං බුද්ධවංසදෙසනං සුත්වා ඉදානි මදනිම්මදනාදිගුණවිසෙසාවහං සබ්බදුක්ඛක්ඛයං බුද්ධභාවමග්ගං පටිපජ්ජථාති සබ්බෙසං දෙවමනුස්සානං බුද්ධත්තං පණිධාය උස්සාහං ජනෙති. සෙසමෙත්ථ උත්තානමෙවාති.
සබ්බදුක්ඛක්ඛයං යනු; එහි මේ දුක්ඛ ශබ්දය දුක්ඛවේදනා දුක්ඛවත්ථු දුක්ඛාරම්මණ දුක්ඛසච්ච දුක්ඛ පච්චුපට්ඨානාදියෙහි දක්නට ලැබේ. අයං හි දුක්ඛප්පහාණා යනාදියෙහි දුක්ඛවේදනාවෙහි දැක්වෙයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදියෙහි දුක්ඛ වස්තුවෙහිය. යස්මා ච ඛො මහාලි රූපං දුක්ඛං දුක්ඛානුපතිතං දුක්ඛාචක්කන්තං ආදියෙහි දුක්ඛාරම්මණයෙහිය. දුක්ඛො පාපස්ස උච්චයො ආදියෙහි දුක්ඛප්රත්යයෙහිය. යාවඤ්චිදං භික්ඛවෙ න සුකරං අක්ඛාතෙන පාෂුණිතුං යාව දුක්ඛා නිරයා ආදියෙහි දුක්ඛප්රත්යුප ස්ථානයෙහිය. මෙහි වනාහි දුඃඛ වස්තුවෙහිය. දුක්ඛ ප්‍රත්‍යයෙහි ද දතයුතුයි. එහෙයින් ජාති ආදි සියලු දුක් නැතිකරන යන අර්ථයි. මග්ගං යනු; කුසලාර්ථීන් විසින් සොයනු ලබයි. කෙලෙස් හෝ නසමින් යෙත්නුයි. මාර්ගය යනු බුද්ධවංස දේශනාව යයි කියනු ලැබේ. ඒ නිවනට මාර්ගය වූ බුද්ධවංස දේශනාව. සක්කච්චං යනු; මනාව සිත්හිලා යොමු කළ කන් දැකීම යන අර්ථයි. පටිපජ්ජථ යනු; පිළිපදිව්. අසව් යන අර්ථයි. නොහොත් ප්‍රීති ප්‍රමෝද උපදවන සෙන් හුල් දුරුකරන සියලු සම්පත් ලැබීමට හේතු භූත වූ මේ බුද්ධවංස දේශනාව අසා දැන් මද නිච්චදතාදි ගුණ විශේෂ ලබා දෙන සියලු දුක් නසාලන බුදුමඟ පිළිපදිව් යයි සියලු දෙව් මිනිසුන්ට බුද්ධත්වය සඳහා උත්සාහය උපදවයි. මෙහි සෙස්ස දක්වන ලද අර්ථ ඇත්තේමය.
ඉති මධුරත්ථවිලාසිනියා බුද්ධවංස-අට්ඨකථාය
මෙතෙකින් මධුරත්ථවිලාසිනී බුද්ධවංස අර්ථ කථාවෙහි
රතනචඞ්කමනකණ්ඩවණ්ණනා නිට්ඨිතා.
රචනචංකම කාණ්ඩ වර්ණනාව නිමියේය.
නිට්ඨිතා ච සබ්බාකාරෙන අබ්භන්තරනිදානස්සත්ථවණ්ණනා.
සර්වප්රකාරයෙන් අභ්‍යන්තර නිදාන අර්ථ වර්ණනය නිමියේය.