යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ගන්ථාරම්භ කථා

අනන‍්තඤාණං කරුණාලයං ලයං, මලස‍්ස බුද‍්ධං සුසමාහිතං හිතං; නමාමි ධම‍්මං භවසංවරං වරං, ගුණාකරඤ‍්චෙව නිරඞ‍්ගණං ගණං.

අනන්තඤාණ වූ කරුණා නිවාස වූ කෙලෙස්මලට ප්‍රලය වූ සුසමාහිත වූ ලෝකහිත වූ බුදුරජාණන් වහන්සේට, උතුම් වූ සසර සංවර කාරක වූ ධර්මයට, ගුණසාර වූ, කෙලෙස් අංගණ රහිත වූ සංඝ සමූහයාට නමස්කාර කරමි.

පඤ‍්ඤාය සෙට‍්ඨො ජිනසාවකානං, යං ධම‍්මසෙනාපති ධම‍්මරාජං; අපුච‍්ඡි සත්‍ථාරමපාරපාරගුං, නිරඞ‍්ගණං ඤාතිගණස‍්ස මජ‍්ඣෙ.

ජිනශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ වූ දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ ධර්මරාජ වූ නිරංගණ වූ නිවන් පරතෙරට පත් ශාස්තෘන් වහන්සේගේන් නෑ සමූහයා මැද යමක් විමසූ සේක්ද,

සුබුද‍්ධවංසෙනිධ බුද‍්ධවංසො, විසුද‍්ධවංසෙන විනායකෙන; හතාවකාසෙන පකාසිතො යො, සමාධිවාසෙන තථාගතෙන.

විශුද්ධවංශ ඇති මනා බුද්ධවංශයෙන් පැමිණි කෙලෙස් අවකාශ නැසූ විනායක වූ බුදුකුරු දහම් සපුරන ලද තථාගතයන් වහන්සේ විසින් ඒ බුද්ධවංසය දේශනා කරන ලදි.

යාවජ‍්ජකාලා අවිනාසයන‍්තා, පාළික‍්කමඤ‍්චෙව ච පාළියත්‍ථං; කථානුසන්‍ධිං සුගතස‍්ස පුත‍්තා, යථාසුතංයෙව සමාහරිංසු.

(එය) අද දක්වා පාළි ක්‍රමය මෙන්ම පාළි අර්ථයක් කථානුසන්‍ධියත් නොනසා තථාගත පුත්‍රයන් වහන්සේලා ඇසූ පරිද්දෙන්ම පවත්වාගෙන ආහ.

තස‍්සෙව සම‍්බුද‍්ධවරන්‍වයස‍්ස, සදා ජනානං සවනාමතස‍්ස; පසාදපඤ‍්ඤාජනනස‍්ස යස‍්මා, සංවණ‍්ණනානුක‍්කමතො පවත‍්තා.

හැමදා ජනයාට කර්ණාමෘත වූ ශ්‍රද්ධා ප්‍රඥා උපදවන්නා වූ සංවර්ණනා පිළිවෙළින් පවත්නා වූ ඒ බුද්ධවංසයෙහි අර්ථ වර්ණානය මැනවින් සද්ධර්මයෙහි ඇලුණා වූ සීලාදි ගුණයෙන් උතුම් වූ බුද්ධසීහ තෙරුන් විසින් බොහෝකල් අයදනා ලද මම ආරම්භ කරමි.

සක‍්කච‍්චසද‍්ධම‍්මරතෙන බුද‍්ධසීහෙන සීලාදිගුණොදිතෙන; ආයාචිතොහං සුචිරම‍්පි කාලං, තස‍්මාස‍්ස සංවණ‍්ණනමාරභිස‍්සං.

සදා ජනානං කලිනාසනස‍්ස, චිරට‍්ඨිතත්‍ථං ජිනසාසනස‍්ස; මමාපි පුඤ‍්ඤොදයවුද‍්ධියත්‍ථං, පසාදනත්‍ථඤ‍්ච මහාජනස‍්ස.

සදාකල්හි ජනයාගේ කෙලෙස් කිලිටි නසන බුදුසසුන්හි චිරස්ථතිය පිණිස ද මාගේ පුණ්‍යභිවෘද්ධිය පිණිස ද ජනයාගේ ප්‍රසාදය සඳහා ද මහාවිහාරයෙහි ආ පාළි මාර්ගය ඇසුරු කළ සංකර දොසින් තොර මේ බුද්ධවංශ වර්ණනය සාරවත් ද සංක්‍ෂිප්ත ද වෙයි.

මහාවිහාරාගතපාළිමග‍්ගසන‍්නිස‍්සිතා සඞ‍්කරදොසහීනා; සමාසතොයං පන බුද‍්ධවංසසංවණ‍්ණනා හෙස‍්සති සාරභූතා.

සොතබ‍්බරූපං පන බුද‍්ධවංසකථාය අඤ‍්ඤං ඉධ නත්‍ථි යස‍්මා; පසාදනං බුද‍්ධගුණෙ රතානං, පවාහනං පාපමහාමලස‍්ස.

මෙහි ඇසිය යුතු බුද්ධවංස කථාවට වැඩි යමක් මෙහි නැති හෙයින් බුදුගුණය අඳුනවුන්ගේ පැහැදීමත් මහපව්මග දුරුකිරීමත් වන්නේද එහෙයින් මනා එකඟ සිතින් යුතුව වික්ෂේප දුරැර අනන්‍ය සිතින් මනාව වර්ණනය කරන බුද්ධවංශ වර්ණනය කන්යොමා මිහිරිකොට අසව්.

තස‍්මා හි සක‍්කච‍්චසමාධියුත‍්තා, විහාය වික‍්ඛෙපමනඤ‍්ඤචිත‍්තා; සංවණ‍්ණනං වණ‍්ණයතො සුවණ‍්ණං, නිධාය කණ‍්ණං මධුරං සුණාථ.

සබ‍්බම‍්පි හිත්‍වා පන කිච‍්චමඤ‍්ඤං, සක‍්කච‍්ච මච‍්චෙනිධ නිච‍්චකාලං; සොතුං කථෙතුම‍්පි බුධෙන යුත‍්තා, කථා පනායං අතිදුල‍්ලභාති.

අන් සියලු කටයුතු අතහැර මෙලොව පුද්ගලයා විසින් මැනවින් සදාකල්හි බුද්ධියෙන් යුතුව මේ අතිදුර්ලභ මේ කථාව ඇසීමටත් කීමටත් සුදුසු වෙයි.

තත්‍ථ “බුද‍්ධවංසසංවණ‍්ණනා හෙස‍්සති සාරභූතා”ති වුත‍්තත‍්තා බුද‍්ධවංසො තාව වවත්‍ථපෙතබ‍්බො. තත්‍රිදං වවත්‍ථානං – ඉතො හෙට‍්ඨා කප‍්පසතසහස‍්සාධිකෙසු චතූසු අසඞ‍්ඛ්‍යෙය්‍යෙසු උප‍්පන‍්නානං පඤ‍්චවීසතියා බුද‍්ධානං උප‍්පන‍්නකප‍්පාදිපරිච‍්ඡෙදවසෙන පවෙණිවිත්‍ථාරකථා “බුද‍්ධවංසො නාමා”ති වෙදිතබ‍්බො.

එහි “බුද්ධවංස සංචණණනා භෙස්සති සාරභූතායි” කී හෙයින් පළමුව බුද්ධවංස බෙදා දැක්විය යුතුය. එහි මේ ව්‍යවස්ථාපනයයි. මෙයින් යට කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති සාරාසංඛ්‍යයෙක්හි උපන් පස්විසි බුදුවරුන්ගේ උපන් කල්ප ආදි පරිච්ඡේද වශයෙන් පරම්පරා විස්තර කථාව බුද්ධවංසය නමැයි දතයුතු.

ස‍්වායං කප‍්පපරිච‍්ඡෙදො නාමපරිච‍්ඡෙදො ගොත‍්තපරිච‍්ඡෙදො ජාතිපරිච‍්ඡෙදො නගරපරිච‍්ඡෙදො පිතුපරිච‍්ඡෙදො මාතුපරිච‍්ඡෙදො බොධිරුක‍්ඛපරිච‍්ඡෙදො ධම‍්මචක‍්කප‍්පවත‍්තනපරිච‍්ඡෙදො අභිසමයපරිච‍්ඡෙදො සාවකසන‍්නිපාතපරිච‍්ඡෙදො අග‍්ගසාවකපරිච‍්ඡෙදො උපට‍්ඨාකපරිච‍්ඡෙදො අග‍්ගසාවිකාපරිච‍්ඡෙදො පරිවාරභික‍්ඛුපරිච‍්ඡෙදො රංසිපරිච‍්ඡෙදො සරීරප‍්පමාණපරිච‍්ඡෙදො බොධිසත‍්තාධිකාරපරිච‍්ඡෙදො බ්‍යාකරණපරිච‍්ඡෙදො බොධිසත‍්තපධානපරිච‍්ඡෙදො ආයුපරිච‍්ඡෙදො පරිනිබ‍්බානපරිච‍්ඡෙදොති ඉමෙහි පාළියා ආගතෙහි බාවීසතියා පරිච‍්ඡෙදෙහි පරිච‍්ඡින‍්නො වවත්‍ථිතො.

ඒ මේ කල්ප පරිච්ඡේදය නාම පරිච්ඡේදය, ගොත්ත පරිච්ඡේදය, ජාති පරිච්ඡේදය, නගර පරිච්ඡේදය, පීතෘ පරිච්ඡේදය, මාතෘ පරිච්ඡේදය, බෝධි පරිච්ඡේදය, ධම්මචක්කපවත්තන පරිච්ඡේදය, අභිසමය පරිච්ඡේදය, ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදය, අග්‍රශ්‍රාවක පරිච්ඡේදය, උපස්ථායක පරිච්ඡේදය, අග්‍රශ්‍රාවිකා පරිච්ඡේදය, පරිවාරභික්‍ෂු පරිච්ඡේදය, රශ්මි පරිච්ඡේදය, ශරීරප්‍රමාණ පරිච්ඡේදය, බෝධිසත්වාධිකාර පරිච්ඡේදය, ව්‍යාකරණ පරිච්ඡේදය, බෝධිසත්ත්වයන්ගේ ප්‍රධන් පරිච්ඡේදය, ආයු පරිච්ඡේදය, පරිනිර්වාණ පරිච්ඡේදයයි මෙසේ පාළියෙහි ආ දෙවිසි පරිච්ඡේදයකින් පිරිසිඳ දක්වන ලදි.

පාළිඅනාරුළ‍්හො පන සම‍්බහුලවාරොපෙත්‍ථ ආනෙතබ‍්බො. සො අගාරවාසපරිච‍්ඡෙදො පාසාදත‍්තයපරිච‍්ඡෙදො නාටකිත්‍ථිපරිච‍්ඡෙදො අග‍්ගමහෙසිපරිච‍්ඡෙදො පුත‍්තපරිච‍්ඡෙදො යානපරිච‍්ඡෙදො අභිනික‍්ඛමනපරිච‍්ඡෙදො පධානපරිච‍්ඡෙදො උපට‍්ඨාකපරිච‍්ඡෙදො විහාරපරිච‍්ඡෙදොති දසධා වවත්‍ථිතො හොති.

පෙළට නොනඟන ලද වාරයන් ද මෙහිලා දැක්විය යුතුය. එය අගාරවාස පරිච්ඡේදය, ප්‍රාසාදත්‍රය පරිච්ඡේදය, නාටක ස්ත්‍රී පරිච්ඡේදය, අග්‍රමහේෂි පරිච්ඡේදය, පුත්‍ර පරිච්ඡේදය, යාන පරිච්ඡේදය, අභිනිෂ්ක්‍රමණ පරිච්ඡේදය, ප්‍රධන් පරිච්ඡේදය, උපස්ථායක පරිච්ඡේදය, විහාර පරිච්ඡේදයයි දස ආකාරයෙන් වෙන් කරන ලද්දේ වෙයි.

තං සම‍්බහුලවාරම‍්පි, යථාට‍්ඨානෙ මයං පන; දස‍්සෙත්‍වාව ගමිස‍්සාම, තත්‍ථ තත්‍ථ සමාසතො.

ඒ සම්බහුල වාරය ද අපි යථාස්ථානයෙහි ඒ ඒ තැන කෙටියෙන් දක්වමින්ම වර්ණනා කරමු.

සො එවං වවත්‍ථිතො පන –

මෙසේ බෙදා දැක්වූ එය වනාහි:-

කෙනායං දෙසිතො කත්‍ථ, කස‍්සත්‍ථාය ච දෙසිතො; කිමත්‍ථාය කදා කස‍්ස, වචනං කෙන චාභතො.

මෙය කවරෙකු විසින් දෙසන ලදද? කොහිදී කවුරුන් සඳහා දෙසන ලදද? කවර අර්ථයක් සඳහා දෙසන ලදද? කවදා දෙසන ලදද? කාගේ වචනයක්ද? කවරකු විසින් ගෙන එන ලදද?

සබ‍්බමෙතං විධිං වත්‍වා, පුබ‍්බමෙව සමාසතො; පච‍්ඡාහං බුද‍්ධවංසස‍්ස, කරිස‍්සාමත්‍ථවණ‍්ණනන‍්ති.

පළමුව මේ සියලු විධි කෙටියෙන් කියා පසුව මම බුද්ධවංස අර්ථ වර්ණනාව කරන්නෙමි.

තත්‍ථ කෙනායං දෙසිතොති අයං බුද‍්ධවංසො කෙන දෙසිතො? සබ‍්බධම‍්මෙසු අප‍්පටිහතඤාණචාරෙන දසබලෙන චතුවෙසාරජ‍්ජවිසාරදෙන ධම‍්මරාජෙන ධම‍්මස‍්සාමිනා තථාගතෙන සබ‍්බඤ‍්ඤුනා සම‍්මාසම‍්බුද‍්ධෙන දෙසිතො.

එහි කෙනායා දෙසිතො යනු; මේ බුද්ධවංසය කවරකු විසින් දෙසන ලදද? සියලු ධර්මයන්හි අප්‍රතිහතඥාන හැසිරීම් ඇති දසබල චතුර්වෛශාරද්‍ය විශාරද ධර්මරාජ ධර්මස්වාමී තථාගත සර්වඥ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලදි.

කත්‍ථ දෙසිතොති? කපිලවත්‍ථුමහානගරෙ නිග්‍රොධාරාමමහාවිහාරෙ පරමරුචිරසන්‍දස‍්සනෙ දෙවමනුස‍්සනයනනිපාතභූතෙ රතනචඞ‍්කමෙ චඞ‍්කමන‍්තෙන දෙසිතො.

කත්‍ථ දෙසිතො යනු; කපිලවස්තු මහා නගරයෙහි න්‍යග්‍රොධාරාම මහා විහාරයෙහි පරම සුන්දර දැකුම්කළු දෙවිමිනිසුන් ඇසට යොමුවූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදි.

කස‍්සත්‍ථාය ච දෙසිතොති? ද‍්වාසීතියා ඤාතිසහස‍්සානං අනෙකකොටීනඤ‍්ච දෙවමනුස‍්සානං අත්‍ථාය දෙසිතො.

කස්සත්‍ථාය ච දෙසිතො යනු; දෙයාසූ දහසක් ඤාතීන්ට ද නොඑක් කෙළගණන් දෙවියන්ට ද වැඩ පිණිස දෙසන ලදි.

කිමත්‍ථාය දෙසිතොති? චතුරොඝනිත්‍ථරණත්‍ථාය දෙසිතො.

කිමත්‍ථාය දෙසිතො යනු; [missing trans]

කදා දෙසිතොති භගවා හි පඨමබොධියං වීසතිවස‍්සානි අනිබද‍්ධවාසො හුත්‍වා යත්‍ථ යත්‍ථ ඵාසුකං හොති, තත්‍ථ තත්‍ථෙව ගන‍්ත්‍වා වසි. කථං? පඨමං වස‍්සං ඉසිපතනෙ ධම‍්මචක‍්කං (සං· නි· 5.1081; මහාව· 13 ආදයො; පටි· ම· 2.30) පවත‍්තෙත්‍වා අට‍්ඨාරස බ්‍රහ‍්මකොටියො අමතපානං පායෙත්‍වා බාරාණසිං උපනිස‍්සාය ඉසිපතනෙ මිගදායෙ වසි. දුතියං වස‍්සං රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ මහාවිහාරෙ. තතියචතුත්‍ථානිපි තත්‍ථෙව. පඤ‍්චමං වෙසාලිං උපනිස‍්සාය මහාවනෙ කූටාගාරසාලායං. ඡට‍්ඨං මකුලපබ‍්බතෙ. සත‍්තමං තාවතිංසභවනෙ. අට‍්ඨමං භග‍්ගෙසු සංසුමාරගිරිං උපනිස‍්සාය භෙසකළාවනෙ. නවමං කොසම‍්බියං. දසමං පාලිලෙය්‍යකවනසණ‍්ඩෙ. එකාදසමං නාළායං බ්‍රාහ‍්මණගාමෙ. ද‍්වාදසමං වෙරඤ‍්ජායං. තෙරසමං චාලියපබ‍්බතෙ. චුද‍්දසමං ජෙතවනමහාවිහාරෙ. පඤ‍්චදසමං කපිලවත්‍ථුමහානගරෙ. සොළසමං ආළවකං දමෙත්‍වා චතුරාසීතිපාණසහස‍්සානි අමතපානං පායෙත්‍වා ආළවියං. සත‍්තරසමං රාජගහෙයෙව. අට‍්ඨාරසමං චාලියපබ‍්බතෙයෙව. තථා එකූනවීසතිමං වීසතිමං පන වස‍්සං රාජගහෙයෙව වසි. තෙන වුත‍්තං – “භගවා හි පඨමබොධියං වීසතිවස‍්සානි අනිබද‍්ධවාසො හුත්‍වා යත්‍ථ යත්‍ථ ඵාසුකං හොති, තත්‍ථ තත්‍ථෙව ගන‍්ත්‍වා වසී”ති. තතො පට‍්ඨාය පන සාවත්‍ථිංයෙව උපනිස‍්සාය ජෙතවනමහාවිහාරෙ ච පුබ‍්බාරාමෙ ච ධුවපරිභොගවසෙන වසි.

කදා දෙසිතො යනු; භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රථම බෝධියෙහි විසිවසක් නේවාසිකව යම් යම් තැනෙක පහසු ඇත්තේ ද ඒ ඒ තන්හි ගොස් විසූහ. කෙසේ ද? පළමු වස ඉසිපතනයෙහි ධම්සක් පවත්වා අටළොස් කෙළක් බඹුන් අමාපැන් පොවා බරණැස සමීපයෙහි ඉසිපතන මිගදායෙහි විසූහ. දෙවන වස රජගහ නුවර සමීපයෙහි වේළුවන මහා විහාරයෙහි ය. තෙවන සිවුවන වස් ද එහිමය. පස්වැන්න විසාලාව සමීපයෙහි මහාවන කුටාගාර ශාලාවෙහි ය. සවැන්න මකුල පර්වතයෙහි ය. සත්වැන්න තව්තිසා භවනයෙහි ය. අටවැන්න භගුරට සුංසුමාරගිර අසල භේසකලා වනයෙහි ය. නවවැන්න කෝසම්බියෙහි ය. දසවැන්න පාරිලෙය්‍ය වනළැහැබෙහිය. එකොළොස්-වැන්න නාලා බමුණු ගමෙහි ය. දොළොස්වැන්න වෙරඤ්ජාවෙහි ය. තෙලෙස්වැන්න චාලිය පර්වතයෙහි ය. තුදුස්වැන්න ජේතවන මහාවිහාරයෙහි ය. පසළොස්වැන්න කිඹුල්වත් මහනුවර ය. සොළොස්වන ආළවක දමනය කොට අසූහාරදහසක් ප්‍රාණීන් අමාපැන් පොවා අළව්නුවර ය. සතළොස් වැන්න රජගහ නුවරම ය. අටළොස් වැන්න චාළිය පර්වතයෙහිය. එසේම එකුන්විසිවැන්න ද එසේමය. විසිවැන්න වනාහි රජගහ නුවරම විසූහ. එහෙයින් කියන ලදි: “භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම බෝධියෙහි විසිවසක් අනිබද්ධවාසව යම් යම් තැන පහසුද ඒ ඒ තැන ගොස් විසූහයි.” එතැන් පටන් වනාහි සැවැත් නුවර ඇසුරෙහිම ජේතවන මහාවිහාරයෙහි ද පූර්වාරාමයෙහි ද නිත්‍ය පරිභෝග වසයෙන් විසූ සේක.

යදා පන සත්‍ථා බුද‍්ධො හුත්‍වා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ පඨමං වස‍්සං වසිත්‍වා වුට‍්ඨවස‍්සො පවාරෙත්‍වා උරුවෙලං ගන‍්ත්‍වා තත්‍ථ තයො මාසෙ වසන‍්තො තෙභාතිකජටිලෙ දමෙත්‍වා භික‍්ඛුසහස‍්සෙහි කතපරිවාරො ඵුස‍්සමාසපුණ‍්ණමායං රාජගහං ගන‍්ත්‍වා ද‍්වෙ මාසෙ තත්‍ථෙව වසි, තදා බාරාණසිතො නික‍්ඛන‍්තස‍්ස පනස‍්ස පඤ‍්ච මාසා ජාතා. සකලො හෙමන‍්තො අතික‍්කන‍්තො. උදායිත්‍ථෙරස‍්ස ආගතදිවසතො සත‍්තට‍්ඨදිවසා වීතිවත‍්තා. සො පන ඵග‍්ගුනීපුණ‍්ණමාසියං චින‍්තෙසි – “අතික‍්කන‍්තො හෙමන‍්තො, වසන‍්තකාලො අනුප‍්පත‍්තො, සමයො තථාගතස‍්ස කපිලපුරං ගන‍්තු”න‍්ති. සො එවං චින‍්තෙත්‍වා කුලනගරගමනත්‍ථාය සට‍්ඨිමත‍්තාහි ගාථාහි ගමනවණ‍්ණං වණ‍්ණෙසි. අථ සත්‍ථා චස‍්ස වචනං සුත්‍වා ඤාතිසඞ‍්ගහං කාතුකාමො හුත්‍වා අඞ‍්ගමගධවාසීනං කුලපුත‍්තානං දසහි සහස‍්සෙහි කපිලවත්‍ථුවාසීනං දසහි සහස‍්සෙහීති සබ‍්බෙහෙව වීසතියා ඛීණාසවසහස‍්සෙහි පරිවුතො රාජගහතො නික‍්ඛමිත්‍වා දිවසෙ දිවසෙ යොජනං ගච‍්ඡන‍්තො රාජගහතො සට‍්ඨියොජනං කපිලවත්‍ථුපුරං ද‍්වීහි මාසෙහි සම‍්පාපුණිත්‍වා තත්‍ථ ඤාතීනං වන්‍දාපනත්‍ථං යමකපාටිහාරියං අකාසි. තදායං බුද‍්ධවංසො දෙසිතො.

යම් කලෙක වනාහි ශාස්තෘන් වහන්සේ බුදුව බරණැස ඉසිපතන මිගදායෙහි පළමුවස වැස වස් පවරා උරුවෙලාවට වැඩ තෙමසක් වසමින් තුන්බෑ ජටිලයන් දමනය කොට දහසක් භික්‍ෂූන් පිරිවරන ලදුව දුරුතු මස පසළොස්වක්දා රජගහ නුවරට වැඩ දෙමසක් එහිම විසූහ. එවිට බරණැසින් නික්ම පස්මසක් විය. මුළු හේමන්තය අවසන් විය. උදායි තෙරුන්ගේ පැමිණීමෙන් සත්අට දිනක් ඉක්මිණ. උන්වහන්සේ මැදින් මස සිතූහ. “හේමන්තය ඉක්මිණ. වසන්ත කාලය පැමිණියේය. තථාගතයන් වහන්සේට කපිලපුර වැඩීම කාලයයි” කියායි. උන්වහන්සේ මෙසේ සිතමින් සැටක් පමණ ගාථායෙන් ගමන් වර්ණනා කළහ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ උන්වහන්සේගේ වදන් අසා ඥාති සංග්‍රහ කටැටිව අඟුමගධවාසී දසදහසක් ද කිඹුල්වත් වැසි දසදහසක්දැයි විසිදහසක් රහතුන් පිරිවරන ලදුව රජගහ නුවරින් නික්ම දවස දවස යොදුනක් වඩිමින් රජගහ නුවරින් සැට යොදුන් කපිල පුරයට දෙමසකින් පැමිණ එහි නෑයන් වැන්දවීම පිණිස යමක ප්‍රාතිහාර්යය කළ සේක. එකල්හි මෙම බුද්ධවංසය දෙසන ලදි.

කස‍්ස වචනන‍්ති? සාවකපච‍්චෙකබුද‍්ධානං අසාධාරණං සම‍්මාසම‍්බුද‍්ධස‍්සෙව වචනං.

කස්ස වචනං යනු; ශ්‍රාවක ප්‍රත්‍යෙක බුදුවරුන්ට අසාධාරණ සම්‍යක් සම්බුදුන්ගේ වචනයයි.

කෙනාභතොති? ආචරියපරම‍්පරාය ආභතො. අයඤ‍්හි සාරිපුත‍්තත්‍ථෙරො භද‍්දජී තිස‍්සො කොසියපුත‍්තො සිග‍්ගවො මොග‍්ගලිපුත‍්තො සුදත‍්තො ධම‍්මිකො දාසකො සොණකො රෙවතොති එවමාදීහි යාව තතියසඞ‍්ගීතිකාලා ආභතො, තතො උද‍්ධම‍්පි තෙසංයෙව සිස‍්සානුසිස‍්සෙහීති එවං තාව ආචරියපරම‍්පරාය යාවජ‍්ජකාලා ආභතොති වෙදිතබ‍්බො.

කෙන චාහතො යනු: ආචාර්ය පරම්පරාවෙන් ගෙන එන ලදද? මේ වනාහි ශාරිපුත්‍ර ස්ථවිරය. භදදජිතිස්ස කෝසියපුත්‍රය. සිග්ගව මොග්ගලිපුත්ත සුදත්ත ධම්මික දාසක සොණක රේවත යයි තෘතීය සංගීති කාලය තෙක් ගෙන එන ලදි. එයින් උඩ ද උන්වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍යයන් විසින් ගෙනෙන ලදී. මෙසේ වනාහි ආචාර්ය පරම්පරාවෙන් අද කාලය දක්වා ගෙනෙන ලදැයි දතයුතු.

එත‍්තාවතා –

මෙපමණකින්

“කෙනායං දෙසිතො කත්‍ථ, කස‍්සත්‍ථාය ච දෙසිතො; කිමත්‍ථාය කදා කස‍්ස, වචනං කෙන චාභතො”ති. –

කෙනායං දෙසිතො කත්‍ථ කස්සත්‍ථාය ච දෙසිකො කිමත්‍ථාය කදා කස්ස වචනං කෙන චාභතොති

අයං ගාථා වුත‍්තත්‍ථා හොති.

මේ ගාථාව කියන ලද අර්ථ ඇත්තේය.

නිදානකථා

බාහිරනිදානං

එවං ආභතස‍්ස පනස‍්ස ඉදානි අත්‍ථවණ‍්ණනා හොති, සා පනායං අත්‍ථවණ‍්ණනා යස‍්මා දූරෙනිදානං අවිදූරෙනිදානං සන‍්තිකෙනිදානන‍්ති, ඉමානි තීණි නිදානානි දස‍්සෙත්‍වාව වණ‍්ණිතා සුවණ‍්ණිතා නාම හොති. යෙ ච නං සුණන‍්ති, තෙහි සමුදාගමතො පට‍්ඨාය විඤ‍්ඤාතත‍්තා සුවිඤ‍්ඤාතාව හොති, තස‍්මා තානි නිදානානි දස‍්සෙත්‍වාව වණ‍්ණයිස‍්සාම.

මෙසේ ගෙන එන ලද්දෙහි අර්ථ වර්ණනය දැන් සිදුවෙයි. ඒ මේ අර්ථ වර්ණනාව යම් හෙයකින් දූරෙ නිදාන අවිදූරෙ නිදාන සන්තිකෙ නිදාන යයි මේ තුන් නිදානය දක්වා වර්ණනා කළ කල්හි මනාව වර්ණනා කළා නම් වෙයි. යමෙක් එය අසත්ද ඔවුහු ආරම්භයෙහි පටන් දත් හෙයින් සුවිඥාත වෙත්ද එහෙයින් ඒ නිදාන දක්වා වර්ණනා කරන්නෙමු.

තත්‍ථ ආදිතො පට‍්ඨාය තාව තෙසං නිදානානං පරිච‍්ඡෙදො වෙදිතබ‍්බො. තත්‍රායං සඞ‍්ඛෙපතො අත්‍ථදීපනා – දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලෙ කතාභිනීහාරස‍්ස මහාසත‍්තස‍්ස යාව වෙස‍්සන‍්තරත‍්තභාවා චවිත්‍වා තුසිතභවනෙ නිබ‍්බත‍්ති, තාව පවත‍්තා කථා දූරෙනිදානං නාම. තුසිතභවනතො චවිත්‍වා යාව බොධිමණ‍්ඩෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පත‍්ති, තාව පවත‍්තා කථා අවිදූරෙනිදානං නාම. “එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති ච, “රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ”ති ච, “වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය”න‍්ති ච එවං මහාබොධිමණ‍්ඩෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පත‍්තිතො යාව පරිනිබ‍්බානමඤ‍්චා එතස‍්මිං අන‍්තරෙ භගවා යත්‍ථ යත්‍ථ විහාසි, තං තං සන‍්තිකෙනිදානං නාමාති වෙදිතබ‍්බං. එත‍්තාවතා සඞ‍්ඛෙපෙනෙව තිණ‍්ණං දූරාවිදූරසන‍්තිකෙනිදානානං වසෙන බාහිරනිදානවණ‍්ණනා සමත‍්තා හොතීති.

එහි මුල පටන් ඒ නිදානයන්ගේ පරිච්ඡේදය පළමුව දත යුතුය. දිවකුරු දසබල පාමුල කරන ලද අභිනීහාර ඇති මහසතුන්ගේ වෙස්සන්තරාත්ම භාවයෙන් චුතව තුසිත භවනයෙහි උපත යම්තාක්ද ඒ තාක් පැවති කථාව දූරෙ නිදාන නමි. තුසිත භවනයෙන් චුතව බෝමැඩ සර්වඥතා ඥානයට පත්වීම යම්තාක්ද ඒතාක් පැවති කතාව අවිදූරෙ නිදාන නමි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල ජේතවනාරාමයෙහි වසන සේක කියාද රජගහ නුවර අසල කලන්දක නිවාප නම් වේළුවනාරාමයෙහි වාසය කරන සේක කියාද විසාලාවෙහි මහාවන කූටාගාර ශාලාවෙහි වසන සේක කියාද මෙසේ බෝමැඩ සර්වඥතාඥානයට පත්වීමෙහි පටන් පරිනිර්වාණය තෙක් මේ අතර භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙක විසූ සේක්ද ඒ ඒ පුවත සන්තිකෙ නිදාන නමැයි දතයුතුය. මෙපමණ සංක්‍ෂේප වශයෙන් දූර අවිදූර සන්තික යන තුන් නිදාන වශයෙන් බාහිර නිදාන වර්ණනය සමාප්ත වෙයි.

අබ‍්භන‍්තරනිදානං