යෙදුමෙන් කියවන්න

4. සුමන බුද‍්ධවංසො

4. සුමන බුද‍්ධවංසො

4. සුමන බුද්ධවංශය

1. මඞ‍්ගලස‍්ස අපරෙන සුමනො නාම නායකො සබ‍්බධම‍්මෙහි අසමො සබ‍්බසත‍්තාන’ මුත‍්තමො.

1. මඞ්ගල නම් සම්මාසම්බුදුන්ට මෑතභාගයෙහි (ශීලාදි) සියලු දහම්හි අසම වූ හැම සත්නට උතුම් වූ සුමන නම් බුදුහු (ලොව පහළ වූහ.)

2. සො’පි තදා අමතභෙරිං අහනී මෙඛලෙ පුරෙ, ධම‍්මසඞ‍්ඛසමායුත‍්තං නවඞ‍්ගං ජිනසාසනං.

2. එකල්හි ඒ සම්මාසම්බුදුහු ද මෙඛල නම් පුරයෙහි දී සිව්සස් දහම් නැමැති සක් හඬින් යුත් නවාඞ්ගශාස්තෘශාසන සඞ්ඛ්‍යාත අමා බෙරය පහළහ.

3. නිජ‍්ජිනිත්‍වා කිලෙසෙ සො පත්‍වා සම‍්බොධි’මුත‍්තමං මාපෙසි නගරං සත්‍ථා සද‍්ධම‍්මපුරවරුත‍්තමං.

3. ඒ සුමන බුදුහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බෝධියට පැමිණ පුරවරයන් කෙරෙහි උත්තම වූ සද්ධර්‍ම සඞ්ඛ්‍යාත නිර්‍වාණ නගරය මැවූ සේක.

4. නිරන‍්තරං අකුටිලං උජුං විපුල විත්‍ථතං මාපෙසි සො මහාවීථිං සතිපට‍්ඨානවරුත‍්තමං.

4. ඒ බුදුහු (කුශලජවනයාගේ සංචරණයට අනතුරු වැ උපදනා හෙයින්) නිරුතුරු වූ කුටිලභාවකාර දෝෂයන්ගේ විරහයෙන් අකුටිල වූ අකුටිල හෙයින් මැ ඍජු වූ අයම් විතරින් (ලෞකික ලෝකෝත්තර සතිපට්ඨාන වශයෙන්) දිගුපුළුල් වූ සතිපට්ඨාන සඞ්ඛ්‍යාත උතුම් වූ මහාවීථිය මැවූ සේක.

5. ඵලෙ චත‍්තාරි සාමඤ‍්ඤෙ චතස‍්සො පටිසම‍්භිදා ඡළභිඤ‍්ඤාට‍්ඨ සමාපත‍්ති පසාරෙසි තත්‍ථ වීථියං.

5. ඒ සතිපට්ඨානවීථියෙහි සතර ශ්‍රාමණ්‍යඵල යැ සතර ප්‍රතිසංවිද්ධර්‍ම යැ ෂඩභිඥා යැ අෂ්ටසමාපත්ති යැ යන මේ දහම් නමැති රුවන් අවුණු විදැහූසේක.

6. යෙ අප‍්පමත‍්තා අඛිලා හිරි විරියෙහු’පාගතා තෙ තෙ ඉමෙ ගුණවරෙ ආදියන‍්ති යථා සුඛං.

6. යම් කෙනෙක් අප්‍රමත්ත වූවාහු පඤ්ච චේතෝඛිල රහිත වූවාහු ලජ්ජා වීර්‍ය්‍ය දෙකින් යුක්ත වූවාහු වෙත් ද ඔවුහු යථෝක්ත වූ ඒ උතුම් ගුණරුවන් සිත් සේ ලබන්නාහ.

7. එවමෙතෙන යොගෙන උද‍්ධරන‍්තො මහාජනං බොධෙසි පඨමං සත්‍ථා කොටිසතසහස‍්සියො.

7. මෙසේ ඒ ශාස්තෲන් වහන්සේ මේ ක්‍රමයෙන් මහාජනයා නඟාසිටුවනසේක් පළමු කොට (ප්‍රථමාභිසමයෙහි) කෙළසියදහසක් සත්ත්‍වයන් ධර්‍මාවබෝධය කරවූ සේක.

8. යම‍්හි කාලෙ මහාවීරො ඔවදි තිත්‍ථියෙ ගණෙ කොටි සහස‍්සාභිසමිංසු දුතියෙ ධම‍්මදෙසනෙ.

8. මහාවීර වූ සුමන බුදුහු යම් කලෙක තීර්‍ත්‍ථකගණයාහට අවවාද කළසේක් ද ඒ දෙවන ධර්‍මදේශනයෙහි කෙළදහසක් ප්‍රාණීහු ධර්‍මාභිසමය කළාහු යැ.

9. යදා දෙවා මනුස‍්සා ච සමග‍්ගා එකමානසා නිරොධ පඤ‍්හං පුච‍්ඡිංසු සංසයඤ‍්චා’පි මානසං.

9. යම් කලෙක දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සමග්‍ර වැ එක්සිත් වූවාහු නිරෝධ ප්‍රශ්නයත් සිත්හි උපන් සැකයත් විචාළාහු ද–

10. තදා’පි ධම‍්මදෙසනෙ නිරොධ පරිදීපනෙ නවුති කොටි සහස‍්සානං තතියා’භිසමයො අහු.

10. එකල්හිදු නිරෝධය ප්‍රකාශ කරන්නා වූ දහම් දෙසුමෙහි නවකෙළදහසක් සත්නට ධර්‍මාභිසමය වී.

11. සන‍්නිපාතා තයො ආසුං සුමනස‍්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන‍්ත චිත‍්තාන තාදිනං.

11. මහර්ෂි වූ සුමන සර්‍වඥයන් වහන්සේට විගත රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධී වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.

12. වස‍්සං වුත්‍ථස‍්ස භගවතො අභිඝුට‍්ඨෙ පවාරණෙ කොටිසතසහස‍්සෙහි පවාරෙසි තථාගතො.

12. වස් වැස නිම වූ භාග්‍යවතුන් විසින් පවාරණය ඇස්වූ කල්හි තථාගතයන් වහන්සේ කෙළසුවහසක් ශ්‍රාවකයන් හා සමග පවාරණය කළසේක.

13. තතො පරං සන‍්නිපාතෙ විමලෙ කඤ‍්චන පබ‍්බතෙ නවුතිකොටිසහස‍්සානං දුතියො ආසි සමාගමො.

13. එයින් මෑත භාගයෙහි නිර්‍මල වූ කාඤ්චනපර්‍වතයෙහි අනූකෙළදහසක් ශ්‍රාවකයන්ගේ දෙවැනි සමාගමය වී යැ.

14. යදා සක‍්කො දෙවරාජා බුද‍්ධදස‍්සනු’පාගමි අසීතිකොටිසහස‍්සානං තතියො ආසි සමාගමො.

14. යම් කලෙක සක්දෙව්රජ බුදුන් දැක්මට පැමිණියේ ද එකල්හි අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වි යැ,

15. අහං තෙන සමයෙන නාගරාජා මහිද‍්ධිකො අතුලො නාම නාමෙන උස‍්සන‍්නකුසලසඤ‍්චයො.

15. එසමයෙහි මම් උත්සන්න වූ කුශල සඤ්චය ඇතියෙම් නමින් අතුල නම් වූ මහත් ඍද්ධි ඇති නාගරාජ වීමි.

16. තදා’හං නාගභවනා නික‍්ඛමිත්‍වා ස ඤාතිහි නාගානං දිබ‍්බතුරියෙහි සසඞ‍්ඝං ජිනමුපට‍්ඨහිං.

16. එකල්හි සිය නෑයන් හා සමග නාග භවනයෙන් නික්ම නාගයන්ගේ දිව්‍යතූර්‍ය්‍යයෙන් යුතු වැ සඟුන් සහිත ජිතපඤ්චමාරයන්ට උපස්ථාන කෙළෙමි.

17. කොටි සත සහස‍්සානං අන‍්නපානෙන තප‍්පයිං පච‍්චෙකං දුස‍්සයුගං දත්‍වා සරණං තං උපාගමිං.

17. කෙළසුවහසක් භික්‍ෂූන් ආහාරපානයෙන් සැතැපීමි. වෙන වෙන වස්ත්‍රසඟළක් පුදා උන් වහන්සේ සරණ කොට පැමිණියෙමි.

18. සොපි මං බුද‍්ධො ව්‍යාකාසි සුමනො ලොක නායකො අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

18. ඒ සුමන නම් සර්‍වඳයන් වහන්සේ ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.

19. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

19. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

20. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජර මුපෙහිති.

20. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.

21. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

21. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා. (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.

22. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථ රුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

22. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.

23. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

23. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.

24. කොලිතො උපතිස‍්සො ච අග‍්ගාහෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමු’පට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

24. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.

25. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

25. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යැ යි කියනුලැබේ.

26. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨිකා ආයු වස‍්ස සතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

26. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.

27. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධ බීජඞ‍්කුරො අයං.

27. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.

28. උක‍්කුට‍්ඨි සද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දස සහස‍්සී සදෙවකා.

28. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

29. යදි’මස‍්ස ලොක නාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

29. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.

30. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

30. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරනාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

31. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

31. එසෙයින් මැ අපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ යි.

32. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දසපාරමි පූරියා.

32. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.

33. මෙඛලං නාම නගරං සුදත‍්තො නාම ඛත‍්තියො සිරිමා නාම ජනිකා සුමනස‍්ස මහෙසිනො.

33. සුමන මහර්ෂීන් ගේ නගරය මෙඛල නම් විය, සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සිරිමා නම් වූ යැ.

34. නව වස‍්ස සහස‍්සානි අගාරමජ‍්ඣ සො වසී චන්‍දො සුචන්‍දො වටංසො ච තයො පාසාදමුත‍්තමා.

34. ඒ බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) චන්‍ද්‍ර යැ සුචන්‍ද්‍ර යැ චටංස යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.

35. තෙ සට‍්ඨිසහස‍්සානි නාරියො සමලඞ‍්කතා, වටංසිකා නාම නාරී අනුපමො නාම අත්‍රජො.

35. මොනොවට සැරැසුණු පරිවාර ස්ත්‍රීහු තෙසැටදහසක් වූහ. වටංසිකා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම අනුපම නම් වී.

36. නිමිත‍්තෙ චතුරො දිස‍්වා හත්‍ථියානෙන නික‍්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.

36. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

37. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො සුමනො ලොක නායකො වත‍්ති චක‍්කං මහාවීරො මෙඛලෙ පුරමුත‍්තමෙ.

37. මහත් වූ වීර්‍ය්‍යය ඇති සුමන නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ මෙබල නම් පුරයෙහි දී දම්සක් පැවැත්වූහ.

38. සරණො භාවිතත‍්තො ච අහෙසුං අග‍්ගසාවකා උදෙනො නාමු’පට‍්ඨාකො සුමනස‍්ස මහෙසිනො.

38. සුමන මහර්ෂීනට සරණ යැ භාවිතාත්ම යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවක වූහ. උදේන නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

39. සොණා ච උපසොණා ච අහෙසුං අග‍්ගසාවිකා සො’පි බුද‍්ධො අමිතයසො නාගමූලෙ අබුජ‍්ඣථ.

39. සෝණා යැ උපසෝණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අප්‍රමාණ වූ යශස් ඇති ඒ බුදුහුදු නාගවෘක්‍ෂමූලයෙහි බුද්ධත්‍වයට පැමිණියහ.

40. වරුණො ච සරණො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා චාලා ච උපචාලා ච අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

40. වරුණ යැ සරණ යැ යන දෙදෙන අග උවටු වූහ. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග උවට වූහ.

41. උච‍්චත‍්තනෙන සො බුද‍්ධො නවුතිහත්‍ථසමුග‍්ගතො කඤ‍්චනග‍්ඝිය සංකාසො දස සහස‍්සී විරොචති.

41. උසින් ඒ බුදුහු අනූ රියනක් උස් වූවාහු රන් ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළූහ.

42. නවුති වස‍්ස සහස‍්සානි ආයුවිජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

42. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් වොරඳමින් බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූහ.

43. තාරණීයෙ තාරයිත්‍වා බොධනීයෙ ච බොධයී පරිනිබ‍්බායි සම‍්බුද‍්ධො උළුරාජා’ච අත්‍ථමී.

43. තරවනු නිසියන් තරණය කරවා බෝධනීයයනට ධර්‍මාවබෝධ කළහ. සම්බුදුහු අස්තයට ගිය චන්‍ද්‍රයා සෙයින් පිරිනිවියහ.

44. තෙ’පි ඛීණාසවා භික‍්ඛු සො ච බුද‍්ධො අසාදිසො අතුලං පහං දස‍්සයිත්‍වා නිබ‍්බුතා තෙ මහායසා.

44. මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු ද අසදෘශ වූ ඒ බුදුහු ද අප්‍රමාණ වූ ප්‍රභා දක්වා පිරිනිවියහ.

45. තඤ‍්ච ඤාණං අතුලියං තානි චා’තුලියානි රතනානි සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

45. ඒ ඥානය ද අතුල්‍ය වී යැ. ඒ රත්නයෝ ද අතුල්‍ය වූහ. එහැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?

46. සුමනො යසධරො බුද‍්ධො අඞ‍්ගාරමම‍්හි නිබ‍්බුතො තත්‍වෙ’ව තස‍්ස ජිනථූපො චතුයොජන මුග‍්ගතො’ති.

46. යශස්ධර වූ සුමන බුදුහු අඞ්ගාරාමයෙහි පිරිනිවියහ. එහි මැ උන් වහන්සේගේ ජිනථූපය සිව්යොදුනක් උස් කොට බඳනා ලද යයි.

සුමන බුද‍්ධවංසො චතුත්‍ථො.

සතරවැනි සුමන බුද්ධවංශ යි.