7. අනොමදස්සී බුද්ධවංසො
7. අනොමදස්සී බුද්ධවංසො
7. අනෝමදස්සී බුද්ධවංශය
1. සොභිතස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො අනොමදස්සී අමිතයසො තෙජස්සී දුරතික්කමො.
1. සෝභිත නම් බුදුන්ට මෑතභාගයෙහි අපමණ වූ යසපිරිවර ඇති ශීලසමාධිප්රඥාතේජස් ඇති, කිසිවක්හු විසින් ඉක්මවිය නොහැකි ද්විපදෝත්තම වූ අනෝමදස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක.
2. සො ඡෙත්වා බන්ධනං සබ්බං විද්ධංසෙත්වා තයො භවෙ අනිවත්ති ගමනං මග්ගං දෙසෙසි දෙවමානුසෙ.
2. ඒ බුදුහු සියලු සංයෝජනයන් සිඳ තුන් භවය වනසා දෙවිමිනිසුන්ට නිවනට යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය දෙසූහ.
3. සාගරො’ව අසඞ්ඛොභො පබ්බතො’ව දුරාසදො ආකාසො’ව අනන්තො සො සාලරාජාව ඵුල්ලිතො.
3. ඒ අනෝමදස්සී බුදුහු මහසයුර සෙයින් නො කළඹාලියහැකි වූහ. පර්වතයක්හු සෙයින් නො ගැටියහැකි වූහ. ආකාශය සෙයින් අනන්තයහ. සුපිපි සල්රුකක් සෙයින් සෝභමාන වූහ.
4. දස්සනෙන’පි තං බුද්ධං තොසිතා හොන්ති පාණිනො ව්යාහරන්තං ගිරං සුත්වා අමතං පාපුණන්ති තෙ.
4. ප්‍රාණීහු ඒ බුදුන් දර්ශනයෙන් මැ සතුටු වෙති. ඔව්හු දේශනා කරන දහම් අසා නිවණට පැමිණෙති.
5. ධම්මාභිසමයො තස්ස ඉද්ධො ඵීතො තදා අහු කොටිසතානි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ.
5. එකල්හි ඔබගේ ධර්මාභිසමය සමෘද්ධ වූයේ බොහෝ ජනයාට හිත විසින් පරිපූර්ණ වී. ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළසියක් සත්ත්වයෝ ධර්මාභිසමය කළහ.
6. තතො පරම්හි සමයෙ වස්සන්තෙ ධම්මවුට්ඨියො අසීතිකොටියො අභිසමිංසු දුතියෙ ධම්මදෙසනෙ.
6. එයින් මෑතභාගයෙහි දෙවැනි ධර්‍මදේශනායෙහි (බුද්ධමහාමේඝය) දහම්වැසි වස්නා කල්හි අසූකෙළක් සත්ත්වයෝ ධර්මාභිසමය කළහ.
7. තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණිනං අට්ඨසත්තතිකොටීනං තතියා’භිසමයො අහු.
7. එයින් මෑතභාගයෙහිදු (දහම්වැසිදහර) වස්නා කල්හි (දහම්අමාවැස්සෙන්) සත්ත්වයන් පිනවන කල්හි අටසැත්තැකෙළක් ප්‍රාණීන්ට තෘතීයධර්මාභිසමය වී.
8. සන්නිපාතා තයො ආසුං තස්සාපි ච මහෙසිනො අභිඤ්ඤා බලප්පත්තානං පුප්ඵිතානං විමුත්තියා.
8. මහර්ෂි වූ ඒ අනෝමදස්සී බුදුන්ට ද ෂඩභිඥා බලයට පැමිණි අර්‍හත්ඵලවිමුක්තියෙන් සුපුෂ්පිත (ශෝභාවට පැමිණි) වූ ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
9. අට්ඨසතසහස්සානං සන්නිපාතො තදා අහු පහීනමදමොහානං සන්තචිත්තාන තාදිනං.
9. එකල්හි ප්‍රහීණ වූ මදමොහ ඇති ශාන්ත වූ සිත් ඇති තාදී ගුණ ඇති අට ලක්ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී.
10. සත්තසතසහස්සානං දුතියො ආසි සමාගමො අනඞ්ගණානං විරජානං උපසන්තාන තාදිනං.
10. කෙලෙස් අඞ්ගණ රහිත වූ විගත වූ කෙලෙස්රජස් ඇති උපශාන්ත වූ තාදීගුණ ඇති සත් ලක්ෂයක් රහතුන්ගේ දෙවැනි සන්නිපාතය වී.
11. ඡන්නං සතසහස්සානං තතියො ආසි සමාගමො අභිඤ්ඤාබලප්පත්තානං නිබ්බුතානං තපස්සිනං.
11. ෂඩභිඥාබලයට පැමිණි ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි ආර්ය්යමාර්ග සඞ්ඛ්‍යාත තපස් ඇති ස ලක්ෂයක් ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වී.
12. අහං තෙන සමයෙන යක්ඛො ආසිං මහිද්ධිකො නෙකානං යක්ඛකොටීනං වසවතතීමහිස්සරො.
12. එසමයෙහි මම් නොයෙක් කෙළගණන් යක්ෂයන් වසයෙහි පවත්වන මහේශ්වර වූ මහත් ඍද්ධි ඇති යක්ෂසෙනාධිපති වීමි.
13. තදා’පි තං බුද්ධවරං උපගන්ත්වා මහෙසිනං අන්නපානෙන තප්පෙසිං සසඞ්ඝං ලොකනායකං.
13. එකල්හි දු මහර්ෂි වූ ඒ උත්තම සම්බුද්ධයන් කරා එළැඹ සඟුන් සහිත, ලෝකනායකයන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්පණය කෙළෙමි.
14. සො’පි මං තදා ව්යාකාසි විසුද්ධනයනො මුනි අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
14. එකල්හි ඒ විශුද්ධ වූ ඇස් ඇති බුදුහු ‘මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
15. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
15. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
16. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
16. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
17. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
17. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතුබෝරුක වෙත එළැඹෙයි.
18. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
18. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතු බෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
19. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
19. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
20. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
20. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන (අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයෙක් ඒ පස්මරුන් දිනූ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
21. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
21. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
22. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා. ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
22. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
23. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
23. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
24. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
24. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
25. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
25. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
26. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
26. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟතරණය කෙරෙත් ද–
27. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
27. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
28. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වත මධිට්ඨාසිං දස පාරමිපූරියා.
28. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
29. නගරං චන්දවතී නාම යසවා නාම ඛත්තියො මාතා යසොධරා නාම අනොමදස්සිස්ස සත්ථුනො.
29. අනෝමදස්සී බුදුන්ගේ නගරය චන්ද්රවතී නම් වී යැ. යසවත් නම් ක්ෂත්රිය තෙම පියා විය. මව් තොමෝ යශෝධරා නමු.
30. දස වස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සිරි උපසිරිසිරිවඩ්ඪො තයො පාසාද මුත්තමා.
30. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සිරි යැ උපසිරි යැ සිරිවඩ්ඪ යැ යි උතුම් ප්‍රාසාද තුනෙක් වී.
31. තෙවීසතිසහස්සානි නාරියො සමලඞ්කතා සිරිමා නාම නාරී ච උපවානො නාම අත්රජො.
31. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සිරිමා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම උපවාන නම් වී.
32. නිමිත්තෙ චතුරො දිස්වා සිවිකායා’භිනික්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.
32. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පුරා දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
33. බ්රහ්මුනා යාචිතො සන්තො අනොමදස්සී මහාමුනි වත්තිවක්කං මහාවීරො උය්යානෙ සො සුදස්සනෙ.
33. ඒ මහත්වීර්‍ය්‍ය ඇති අනෝමදස්සී නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු සුදර්ශන නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
34. නිසභො ච අනොමො ච අහෙසුං අග්ගසාවකා වරුණො නාමු’පට්ඨාකො අනොමදස්සිස්ස සත්ථුනො.
34. අනෝමදස්සී නම් බුදුන්ට නිසභ යැ අනෝම යැ යන දෙදෙන අගසවු වූහ. වරුණ නම් තෙර කෙනෙක් අග උවටු වූහ.
35. සුන්දරී ච සුමනා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො අජ්ජුනො’ති පවුච්චති.
35. සුන්දරී යැ සුමනා යැ යන අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය අර්ජුන (කුඹුක්) යයි කියනුලැබෙයි.
36. නන්දිවඩ්ඪො සිරිවඩ්ඪො අහෙසුං අග්ගු’පට්ඨකා උප්පලා චෙව පදුමා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
36. නන්දිවඩ්ඨ යැ සිරිවඩ්ඨ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. උත්පලා යැ පද්මා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
37. අට්ඨපඤ්ඤාස රතනං අච්චුග්ගතො මහාමුනි පභා නිද්ධාවති තස්ස සතරංසී’ව උග්ගතො.
37. ඒ සම්මාසම්බුදුහු අටපනස්රියන් උස වූවහ, උදාවූ සූර්‍ය්‍යයා සෙයින් උන් වහන්සේගේ කැලුම් නික්ම යෙයි.
38. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
38. එකල්හි හවුරුදු ලක්ෂයක් ආයු පැනෙයි. ඒ අනෝමදස්සී බුදුහු එතෙක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
39. සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි වීතරාගෙහි විමලෙහි සොභිත්ථ ජිනසාසනං.
39. පහවූ රාග ඇති විගත රාගාදි මල ඇති තාදීගුණ ඇති රහතුන් කරණ කොට ගෙන සුපුෂ්පිත ප්‍රවචන ඇති බුදුසස්න බැබැළී.
40. සො ච සත්ථා අමිතයසො යුගානි තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
40. අප්‍රමාණ යසස් ඇති ඒ ශාස්තෲහු ද ඒ අතුල්‍ය වූ ශ්රාවකයුගලයෝ ද යන සියල්ල අතුරුදහන් විය හැම සංස්කාරයෝ සිස් වූවාහු නො?
41. අනොමදස්සී ජිනො සත්ථා ධම්මාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ජිනථූපො උබ්බෙධො පඤ්චවීසතී’ති.
41. පස්මරුන් දිනූ අනෝමදස්සී බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. එහි මැ ඒ බුදුන්ගේ ස්තූපය පස්විසියොත්නෙක් උස් වූයේ යි.
අනොමදස්සී බුද්ධවංසො සත්තමො.
සත් වැනි අනෝමදස්සී බුද්ධවංශ යි.