යෙදුමෙන් කියවන්න

8. පදුම බුද‍්ධවංසො

8. පදුම බුද‍්ධවංසො

8. පදුම බුද්ධවංශය

1. අනොම දස‍්සිස‍්ස අපරෙන සම‍්බුද‍්ධො දිපදුත‍්තමො පදුමො නාම නාමෙන අසමො අප‍්පටිපුග‍්ගලො.

1. ඒ අනෝමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.

2. තස‍්සා’පි අසමං සීලං සමාධි’පි අනන‍්තකො අසඞ‍්ඛෙය්‍යං ඤාණවරං විමුත‍්ති ච අනූපමා.

2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමේය යැ අර්‍හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.

3. තස‍්සා’පි අතුලතෙජස‍්ස ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ අභිසමයා තයො ආසුං මහාතමපවාහනා.

3. අතුල්‍ය වූ තේජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.

4. පඨමාභිසමයෙ බුද‍්ධො කොටිසතමබොධයී දුතියාභිසමයෙ ධීරො නවුතිකොටිමබොධයී.

4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කළහ.

5. යදා ච පදුමො බුද‍්ධො ඔවදී සකම’ත්‍රජං තදා අසීතිකොටීනං තතියා’භිසමයො අහු.

5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.

6. සන‍්නිපාතා තයො ආසුං පදුමස‍්ස මහෙසිනො, කොටිසතසහස‍්සානං පඨමො ආසි සමාගමො.

6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.

7. කඨිනත්‍ථාරසමයෙ උප‍්පන‍්නෙ කඨිනචීවරෙ ධම‍්මසෙනාපත’ත්‍ථාය භික‍්ඛු සිබ‍්බිංසු චීවරං.

7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.

8. තදා තෙ විමලා භික‍්ඛු ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා තීණි සතසහස‍්සානි සමිංසු අපරාජිතා.

8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් ඍද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්‍ෂයක් මහණහු රැස්වූහ.

9. පුනාපරං සො නරාසභො පවනෙ වාසං උපාගතො තදා සමාගමො ආසා ද‍්වින‍්නං සතසහස‍්සානං.

9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්‍ෂයක් රහතුන්ගේ සමාගමය වී.

10. අහං තෙන සමයෙන සීහො ආසිං මිගාධිභූ පවිවෙකමනුබ්‍රූහන‍්තං පවනෙ අද‍්දසං ජිනං.

10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.

11. වන්‍දිත්‍වා සිරසා පාදෙ කත්‍වාන තං පදක‍්ඛිණං තික‍්ඛත‍්තුං අභිනාදිත්‍වා. සත‍්තාහං ජිනමුපට‍්ඨහිං.

11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.

12. සත‍්තාහං වරසමාපත‍්තියා උට‍්ඨහිත්‍වා තථාගතො මනසා චින‍්තයිත්‍වාන කොටිභික‍්ඛු සමානයී.

12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා කෝටියක් භික්‍ෂූන් රැස්කළහ.

13. තදාපි සො මහාවීරො තෙසං මජ‍්ඣෙ වියාකරී අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්‍ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.

14. අහු කපිලම‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

15. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.

16. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලම‍්හි එහිති.

16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.

17. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.

18. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.

19. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.

20. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

21. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨිකා ආයු වස‍්ස සතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.

22. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–

23. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොඨෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.

24. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

24. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

25. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

26. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.

27. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දසපාරමි පූරියා.

27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.

28. චම‍්පකං නාම නගරං අසමො නාම ඛත‍්තියො අස‍්මා නාම ජනිකා පදුමස‍්ස මහෙසිනො.

28. මහර්ෂි වූ පදුම බුදුන්ට චම්පක නම් නගරය විය අසම නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය මව් තොමෝ අසමා නම් වූ.

29. දසවස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣසො වසි උත‍්තරවසුයසුත‍්තරා. තයො පාසාදමුත‍්තමා.

29. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර යැ වසුත්තර යැ යසුත්තර යැ යි උතුම් තුන් පහයෙක් වී.

30. තෙත‍්තිංස සතසහස‍්සානි නාරියො සමලඞ‍්කතා උත‍්තරා නාම සා නාරි රම‍්මො නාමා’සි අත්‍රජො.

30. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ උත්තරා නම් වූ පුත්‍ර තෙම රම්‍ය නම් වී.

31. නිමිත‍්තෙ චතුරො දිස‍්වා රථයානෙන නික‍්ඛමී අනූනඅට‍්ඨමාසානි පධානං පදහී ජිනො.

31. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අට මසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

32. බ්‍රහ‍්මුනා යාචිතො’සන‍්තො පදුමො ලොකනායකො වත‍්ති චක‍්කං මහාවීරො ධනඤ‍්ජයුය්‍යානමුත‍්තමෙ.

32. මහත්වීර්‍ය්‍ය ඇති පදුම නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.

33. සාලො ච උපසාලො ච අහෙසුං අග‍්ගසාවකා වරුණො නාමු’පට‍්ඨාකො පදුමස‍්ස මහෙසිනො.

33. පදුම බුදුන්ට සාල යැ උපසාල යැ යි අගසවු දෙදෙනෙක් වූහ. වරුණ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

34. රාධා චෙ’ව සුරාධා’ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො මහාසොණො’ති වුච‍්චති.

34. රාධා යැ සුරාධා යැ යි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහාසෝණ’ යැ යි කියනු ලැබෙයි.

35. භිය්‍යො චෙව අසමො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා රුචී ච නන්‍දරාමා ච අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

35. භිය්‍ය යැ අසම යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. රුචි යැ නන්‍දරාමා යැ යි අගඋවට දෙනමක් වූහ.

36. අට‍්ඨපඤ‍්ඤාසරතනං අච‍්චුග‍්ගතො මහාමුනී පභා නිද‍්ධාවති තස‍්ස අස‍්මා සබ‍්බතො දිසා.

36. ඒ පදුම බුදුහු අටපනස්රියන් උස් වූහ. උන් වහන්සේගේ යම වූ කැලුම් හැම දෙස නික්ම යෙයි.

37. චන්‍දප‍්පභා සුරියප‍්පභා රතනග‍්ගි-මණිප‍්පභා සබ‍්බා’පි තා හතා හොන‍්ති පත්‍වා ජිනපභුත‍්තමං.

37. සඳකැල්ම හිරුකැල්ම රුවන්ගිනි මිණිකැල්ම යන එහැම කැලුම්හු උතුම් වූ බුදුන්ගේ කැලුම් පැමිණ නටුවාහු වෙති.

38. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි, උන් වහන්සේ ඒතාක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.

39. පරිපක‍්කමානසෙ සත‍්තෙ බොධයිත්‍වා අසෙසතො සෙස’ඤ‍්ඤෙ අනුසාසිත්‍වා නිබ‍්බුතො සො සසාවකො.

39. පැසුණු ඉඳුරන් ඇති සත්ත්‍වයන් නිඃශේෂයෙන් අවබෝධ කරවා සෙස්සනට අනුශාසනා කොට ශ්‍රාවකයන් සහිත උන්වහන්සේ පිරිනිවියහ.

40. උරගොව තචං ජිණ‍්ණං වද‍්ධං පත‍්තං’ව පාදපො ජහිත්‍වා සබ‍්බසඞ‍්ඛාරෙ නිබ‍්බුතො සො යථා සිඛී.

40. සර්‍පයෙක් දිරූ සැව සෙයින් වෘක්‍ෂයෙක් පුරාණපත්‍රයක් සෙයින් හැම සංස්කාරයන් හැරපියා ඒ බුදුහු ගින්නක් සෙයින් පිරිනිවියහ.

41. පදුමො ජිනවරො සත්‍ථා ධම‍්මාරාමම‍්හි නිබ‍්බුතො ධාතුවිත්‍ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො.

41. ජිනවර වූ පදුම බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්හි ධාතූහු පතළහ.

පදුමබුද‍්ධවංසො අට‍්ඨමො.

අටවැනි වූ පදුම බුද්ධවංශ යි.