යෙදුමෙන් කියවන්න

13. පියදස‍්සී බුද‍්ධවංසො

13. පියදස‍්සී බුද‍්ධවංසො

13. ප්‍රියදර්ශී බුද්ධවංශය

1. සුජාතස‍්ස අපරෙන සයම‍්භූ ලොක නායකො දුරාසදො අසමස පියදස‍්සී මහායසො.

1. සුජාත නම් බුදුන්ට මෑතභාගයෙහි ස්වයම්ඟු (පරෝපදේශ රහිත වැ සියල්ල දත්තා) වූ ලෝකනායක වූ නො ගැටියහැකි වූ අසමසම වූ මහා යසස් ඇති ප්‍රියදර්ශී බුදුහු ලොව පහළ වූහ.

2. සො’පි බුද‍්ධො අමිතයසො ආදිච‍්චො’ව විරොචති නිහන‍්ත්‍වාන තමං සබ‍්බං ධම‍්මචක‍්කං පවත‍්තයී.

2. අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහු ද සූර්‍ය්‍යයා සෙයින් බබළති, ඔබ සියලු මොහඳුරු නසා දම්සක් පැවැත්වූහ.

3. තස‍්සා’පි අතුලතෙජස‍්ස අහෙසුං අභිසමයා තයො කොටිසතසහස‍්සානං පඨමා’භිසමයො අහු.

3. අතුල්‍ය වූ තේජස් ඇති උන්වහන්සේට ද අභිසමය තුනෙක් වී කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාහීසමය වී.

4. සුදස‍්සනො දෙවරාජා මිච‍්ඡාදිට‍්ඨිම’ රොචයී තස‍්ස දිට‍්ඨිං විනොදෙන‍්තො සත්‍ථා ධම‍්මම’දෙසයී.

4. සුදර්‍ශන නම් දෙව්රජ මිථ්‍යාදෘෂ්ටිය රුචි කෙළේ යැ, බුදුහු ඔහු ගේ දෘෂ්ටිය දුරු කෙරෙමින් දහම් දෙසූහ.

5. ජනසන‍්නිපාතො අතුලො මහාසන‍්නිපතී තදා නවුතිකොටිසහස‍්සානං දුතියාභිසමයො අහු.

5. යම් කලෙකැ අතුල වූ මහාජනසන්නිපාතයෙක් වී ද එකල්හි අනු කෙළදහසක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී.

6. යදා දොණමුඛං හත්‍ථිං විනෙසි නරසාරථි අසීතිකොටිසහස‍්සානං තතියා’භිසමයො අහු.

6. යම් කලෙකැ පුරුෂදම්‍යසාරථිහු ද්‍රෝණමුඛ නම් ඇත්රජ දමනය කළ සේක් ද, එකල්හි අසූ කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.

7. සන‍්නිපාතා තයො ආසුං තස‍්සා’පි පියදස‍්සිනො කොටිසතසහස‍්සානං පඨමො ආසි සමාගමො.

7. ඒ පියදස්සී බුදුනට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී, කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.

8. තතො පරං නවුතිකොටී සමිංසු එකතො මුනී තතියෙ සන‍්නිපාතම‍්හි අසීතිකොටියො අහු.

8. එයින් මතු අනූ කෙළක් මුනිහු එකට රැස්වූහ, තුන් වැනි සන්නිපාතයෙහි අසූ කෙළක් ශ්‍රාවකයෝ වූහ.

9. අහං තෙන සමයෙන කස‍්සපො නාම බ්‍රාහ‍්මණො අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානපාරගූ.

9. එසමයෙහි මම් වේද හදාරවනුයෙම් වේද මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරයට ගිය කාශ්‍යප නම් බ්‍රාහ්මණ වීමි.

10. තස‍්ස ධම‍්මං සුණිත්‍වාන පසාදං ජනයිං අහං කොටිසතසහස‍්සෙහි සඞ‍්ඝාරාමං අමාපයිං.

10. මම් ඒ බුදුන්ගේ දහම් අසා ප්‍රසාද දැනවීමි, කෙළලක්‍ෂයක් කහවුණුයෙන් සඞ්ඝාරාමයක් නිර්‍මාණය කෙළෙමි.

11. තස‍්ස දත්‍වාන ආරාමං හට‍්ඨො සංවිග‍්ගමානසො සරණෙ පඤ‍්චසීලෙ ච දළ‍්හං කත්‍වා සමාදියිං

11. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් අරම උන්වහන්සේට පුදා සරණ ද පන්සිල් ද දැඩි කොට සමාදන් වීමි.

12. සො’පි මං බුද‍්ධො ව්‍යාකාසි සඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිය අට‍්ඨාරසෙ කප‍්පසතෙ අයං බුද‍්ධො භවිස‍්සති.

12. ඒ සම්බුදුහු දු සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මෙයින් අටළොස් කප්සියක්හු ගේ ඇවෑමෙහි බුදුවන්නේ යැ’යි මට විවරණ දුන්සේක.

13. අහු කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

13. එකල්හි තථාගතයන් වහන්සේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–

14. අජපාලරුක‍්ඛමූලස‍්මිං නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජරමුපෙහිති.

14. තථාගතයෝ අජපල් නුගරුක්මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙති.

15. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං ආදාය සො ජිනො පටියත‍්තවරමග‍්ගෙන බොධිමූලං හි එහිති.

15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මගින් බෝමුල් කරා එළැඹෙති.

16. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං අනුත‍්තරො අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි බුජ‍්ඣිස‍්සති මහායසො.

16. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි බුදු වන්නාහ.

17. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.

18. කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමු’පට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

18. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ ජිතපඤ්චමාරයනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.

19. ඛෙමා උප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා. බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථො’ති පවුච‍්චති.

19. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

20. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.

21. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

21. අසම වූ මහර්ෂීන්ගේ මේ වදන් අසා ‘මේ බුද්ධ බීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙව්මිනිස්සු–

22. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙත්. දසදහසක් සක්වළ සදේවක ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.

23. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාල යෙහි මොවුන් හමු වන්නම්හ.

24. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨාතිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද් ද.

25. එවමෙ’ව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

26. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසි දසපාරමිපූරියා.

26. මම් ඒ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැද වීමි, මත්තෙහි දසපාරමීන් පුරන පිණිස ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.

27. සුධඤ‍්ඤං නාම නගරං සුදත‍්තො නාම ඛත‍්තියො සුචන්‍දා නාම ජනිකා පියදස‍්සිස‍්ස සත්‍ථුනො.

27. පියදස්සී නම් ශාස්තෲන් වහන්සේට ‘සුධඤ්ඤ’ නම් නුවරෙක්වීයැ, ‘සුදත්ත’ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ. මව් තොමෝ ‘සුචන්‍දා’ නම් වූ.

28. නව වස‍්ස සහස‍්සානි අගාරමජ‍්ඣසො වසී සුනිම‍්මලවිමලගිරිබ්‍රහා තයො පාසාදමුත‍්තමා.

28. උන් වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට සුනිම්මල යැ විමල යැ ගිරිබ්‍රහා යැ යි උතුම් තුන් පහයෙක් වී.

29. තෙත‍්තිංසතිසහස‍්සානි නාරියො සමලඞ‍්කතා විමලා නාම නාරී ච කඤ‍්චනාවෙලො නාම අත්‍රජො.

29. මොනොවට සරසන ලද තෙතිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, ‘විමලා’ නම් අගමෙහෙසියක් වූ, කඤ්චනාවේල නම් පුත්‍රයෙක් වී.

30. නිමිත‍්තෙ චතුරො දිස‍්වා රථයානෙන නික‍්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත‍්තමො.

30. පුරුෂෝත්තම තෙමේ සතර පෙර නිමිති දැක රථ යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ, සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.

31. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො පියදස‍්සී මහාමුනි වත‍්ති චක‍්කං මහාවීරො උසභුය්‍යානෙ මනොරමෙ

31. මහත් වීර්‍ය්‍ය ඇති පියදස්සී මහමුනිහු මහබඹහු විසින් අයදනාලදහු මනරම් වූ උසභ නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.

32. පාලිතො සබ‍්බදස‍්සී ච අහෙසුං අග‍්ගසාවකා සොභිතො නාමුපට‍්ඨාකො පියදස‍්සිස‍්ස සත්‍ථුනො.

32. ශාස්තෘ වූ පියදස්සී බුදුන්ට පාලිත යැ සබ්බදස්සී යැ යි අගසවු දෙනමක් වූහ, සෝභිත නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.

33. සුජාතා ධම‍්මදින‍්නා ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො කකුධො’ති පවුච‍්චති.

33. සුජාතා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුධ (කුඹුක්) යයි කියනු ලැබෙයි.

34. සන්‍ධකො ධම‍්මකො චෙව අහෙසුං අග‍්ගු’පට‍්ඨකා විසාඛා ධම‍්මදින‍්නා ච අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

34. සන්‍ධක යැ ධම්මක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. විසාඛා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහු.

35. සො’පි බුද‍්ධො අමිතයසො ද‍්වත‍්තිංසවරලක‍්ඛණො අසීතිහත්‍ථමුබ‍්බෙධො සාලරාජා’ව දිස‍්සති.

35. අප්‍රමාණ යසස් ඇති දෙතිස් මහපුරිස් ලකුණු ඇති ඒ බුදුහු ද අසූ රියන් උස් වූවා සුපිපි සල්රුකක් සෙයින් පැනෙති.

36. අග‍්ගීචන්‍ද සුරියානං නත්‍ථි තාදිසිකා පභා යථා අහු පභා තස‍්ස අසමස‍්ස මහෙසිනො.

36. ඒ අසම වූ මහර්ෂි වූ පියදස්සී බුදුන්ට යම්බඳු ප්‍රභාවක් වූ නම් එබඳු ප්‍රභාවක් අග්නි චන්‍ද්‍ර සූර්‍ය්‍ය යන මොවුන්ට නැති.

37. තස‍්සා’පි දෙවදෙවස‍්ස ආයු තාවතකං අහු නවුතිවස‍්සසහස‍්සානි ලොකෙ අට‍්ඨාසි චක‍්ඛුමා.

37. දෙවියනට දෙවි වූ ඒ පියදස්සී බුදුන්ට ද එතෙක් ආයු විය, චක්‍ෂුස්මත්හු අනූදහසක් හවුරුදු ලොවැ වැඩ සිටියහ.

38. සො’පි බුද‍්ධො අසමසමො යුගානි’පි තානි අතුලියානි සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

38. ඒ ප්‍රියදර්ශී බුදුහු ද අසමසම වූහ, ඒ ශ්‍රාවක යුග්මය ද අතුල්‍ය වී. එ හැම අතුරුදහන් වී, හැම සංස්කාරයෝ සිස් වූවාහු නො ද?

39. සො පියදස‍්සී මුනිවරො අස‍්සත්‍ථාරාමම‍්හි නිබ‍්බුතො තත්‍ථෙව තස‍්ස ජිනථූපො තීණි යොජන මුග‍්ගතො’ති.

39. ඒ පියදස්සී නම් බුදුහු ඇසැතු අරම්හි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ ස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවන ලදි.

පියදස‍්සී බුද‍්ධවංසො තෙරසමො.

තෙළෙස් වැනි ප්‍රියදර්ශී බුද්ධවංසය යි.