14. අත්ථදස්සී බුද්ධවංසො
14. අත්ථදස්සී බුද්ධවංසො
14. අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශය
1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි අත්ථදස්සී නරාසභො මහා තමං නිහන්ත්වාන පත්තො සම්බොධිමුත්තමං.
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි නරශ්‍රේෂ්ඨ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණියාහු.
2. බ්රහ්මුනා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයී අමතෙන තප්පයී ලොකං දසසහස්සී සදෙවකං.
2. මහබඹහු විසින් අයදනාලදහු දම්සක් පැවැත්වූහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා අමායෙන් සැතැප්වූ සේක.
3. තස්සා’පි ලොකනාථස්ස අහෙසුං අභිසමයා තයො කොටිසතසහස්සානං පඨමාභිසමයො අහු.
3. ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද ධර්මාවබෝධත්රයෙක් වී. කෙළලක්ෂයක් සත්නට පළමු වැනි ධර්මාවබෝධය වී.
4. යදා බුද්ධො අත්ථදස්සී චරති දෙවචාරිකං කොටිසතසහස්සානං දුතියා’භිසමයො අහු.
4. යම් කලෙකැ අර්‍ත්‍ථදර්ශී බුදුහු දෙව්ලොවැ චාරිකා කළසේක් ද, එකල්හි කෙළලක්ෂයක් සත්නට දෙවැනි ධර්මාවබෝධය වී.
5. පුනාපරං යදා බුද්ධො දෙසෙසි පිතුසන්තිකෙ කොටිසතසහස්සානං තතියා’භිසමයො අහු.
5. යළි යම් කලෙකැ බුදුහු පියරජ සමීපයෙහි දහම් දෙසූසේක් ද, එකල්හි කෙළලක්ෂයක් සත්නට තුන්වැනි ධර්මාභිසමය විය.
6. සන්නිපාතා තයො ආසුං තස්සා’පි ච මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
6. මහර්ෂී වූ ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ට ද විගත රාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී,
7. අට්ඨනවුතිසහස්සානං පඨමො ආසි සමාගමො අට්ඨාසීතිසහස්සානං දුතියො ආසි සමාගමො.
7. අටානූදහසක් රහතුන්ගේ ප්‍රථම සමාගමය වී, අටාසූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසමාගමය වී.
8. අට්ඨසත්තතිසහස්සානං තතියො ආසි සමාගමො අනුපාදාවිමුත්තානං විමලානං මහෙසිනං.
8. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහවූ රාගාදි මල ඇති මහර්ෂි වූ අට සැත්තෑදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වී.
9. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො සුසීමො නාම නාමෙන මහියා සෙට්ඨසම්මතො
9. එසමයෙහි මම් උග්‍ර වූ තපස් ඇති පෘථිවියෙහි ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමී.
10. දිබ්බං මන්දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං දෙවලොකා හරිත්වාන සම්බුද්ධං අභිපූජයිං.
10. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
11. සොපි මං බුද්ධො ව්යාකාසි අත්ථදස්සී මහාමුනි අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති.
11. මහාමුනි වූ ඒ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු ද ‘මේ තෙම මෙයින් අටළොස්සියක් වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
12. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
12. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
13. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
13. තථාගතයෝ අජපාල නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
14. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
14. පස්මරුන් දිනූ ඒ බුදුහු නිල්දලාහෝතෙර වැඩහිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මඟින් බෝමුල වෙත එළැඹෙන්නාහ.
15. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
15. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක්මුල්හි බුදු වන්නේ යි.
16. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
16. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
17. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නා’මුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
17. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුනට උපස්ථාන කරන්නාහ.
18. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
18. ඛේමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
19. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
19. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ යසස් ඇති ගොයුම් සම්බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
20. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
20. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුද්ධබීජාංකුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
21. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
21. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ සදේවක ලෝකයා කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරේ.
22. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
22. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
23. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨාතිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
23. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
24. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
24. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
25. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ ද බස් අසා සතුටු වූයෙම් සංවේ පත් සිත් ඇතියෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
26. සොභනං නාම නගරං සාගරො නාම ඛත්තියො සුදස්සනා නාම ජනිතා අත්ථදස්සිස්ස සත්ථුනො.
26. ශාස්තෘ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුන්ට ශෝභන නම් නුවරෙක් වී යැ’ පිය තෙම සාගර නම් ක්ෂත්රිය විය, මව් තොමෝ සුදස්සනනම් වූ.
27. දසවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී අමරගිරිසුරගිරිගිරිවාහනා තයො පාසාදමුත්තමා.
27. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) අමරගිරි යැ සුරගිරි යැ ගිරිවාහන යැ යි උතුම් තුන් පහා කෙනෙක් වූහ.
28. තෙත්තිංසතිසහස්සානි නාරියො සමලඞ්කතා විසාඛා නාම සා නාරී සෙලො නාමා’සි අත්රජො.
28. මොනොවට සරහනලද තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. විශාඛා නම් ස්ත්‍රියක් අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සෙල නම් වී.
29. නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමී අනූනඅට්ඨමාසානි පධානං පදහී ජිනො.
29. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
30. බ්රහ්මුනා යාචිතො සන්තො අත්ථදස්සී මහායසො වත්ති චක්කං මහාවීරො අනොමුය්යානෙ නරාසභො.
30. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ මහත් යසස් ඇති අර්‍ත්‍ථදර්ශී බුදුහු මහබඹහු විසින් අයදනාලදහු අනෝම නම් උයන්හි දී දම්සක් පැවැත් වූහ.
31. සන්තො ච උපසන්තො ච අහෙසුං අග්ගසාවකා අභයො නාමු’පට්ඨාකො අත්ථදස්සිස්ස සත්ථුනො.
31. අර්‍ත්‍ථදර්ශී සම්බුදුනට ශාන්ත යැ උපශාන්ත යැ යන දෙදෙන අගසවු වූහ. අභය නම් තෙර කෙනෙක් උපස්ථායක වූහු.
32. ධම්මා චෙ’ව සුධම්මා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො චම්පකො’ති පවුච්චති.
32. ධර්මා යැ සුධර්මා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුනට බෝධිය ‘සපු’ යයි කියනු ලැබේ.
33. නකුලො ච නිසභො ච අහෙසුං අග්ගු’පට්ඨකා මකිලා ච සුනන්දා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
33. නකුල යැ නිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. මකිලා යැ සුනන්දා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
34. සො’පි බුද්ධො අසමසමො අසීති රතනුග්ගතො සොභති සාලරාජා’ව උළුරාජා’ව පූරිතො.
34. අසමසම වූ අසූරියනක් උස් වූ ඒ බුදුහු ද සුපිපි සල්රුකක් සෙයින් ද පුන්සඳ සෙයින් ද බබළයි.
35. තස්ස පාකතිකා රංසී අනෙකසතකොටියො උද්ධං අධො දසදිසා ඵරන්ති යොජනං තදා.
35. එකල්හි ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ නොයෙක් කෙළසියගණන් පියවිරැස් උඩ යට දසදිග්හි හාත්පස්හි යොදනක් තැන් පැතිරෙයි.
36. සො’පි බුද්ධො නරාසභො සබ්බසත්තු’ත්තමො මුනි වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
36. නරශ්‍රේෂ්ඨ වූ හැම සත්නට උතුම් වූ මුනි වූ පසස් ඇති ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද ලක්ෂයක් හවුරුදු ලොවැ වැඩ විසූහ.
37. අතුලං දස්සෙත්වා ඔභාසං විරොචෙත්වා සදෙවකෙ සො’පි අනිච්චතං පත්තො යථ’ග්ගු’පාදානසඞ්ඛයා.
37. අතුල්‍ය වූ අවභාස දක්වා සදේවක ලෝකයෙහි බැබැළී ඉන්ධනක්ෂයෙන් අග්නිය සෙයින් ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද අනිත්‍යතාවට පැමිණිසේක.
38. අත්ථදස්සී ජිනවරො අනොමාරාමම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
38. ජිනෝත්තම වූ අර්‍ත්‍ථදර්ශී බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ පෙදෙස්හි පතළාහ යි.
අත්ථදස්සී බුද්ධවංසො චුද්දසමො.
තුදුස් වැනි අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශ යි.