15. ධම්මදස්සී බුද්ධවංසො
15. ධම්මදස්සී බුද්ධවංසො
15. ධර්මදර්ශී බුද්ධවංශය
1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි ධම්මදස්සී මහායසො තම’න්ධකාරං විධමෙත්වා අතිරොචති සදෙවකෙ.
1. එ මැ මණ්ඩ නම් කප්හි මහත් වූ යසස් ඇති ධර්මදර්ශී නම් බුදුහු මොහඳුරු නසා සදේවක ලෝකයෙහි අධික වැ බැබැළුණාහ.
2. තස්සා’පි අතුලතෙජස්ස ධම්මචක්කප්පවත්තනෙ කොටිසතසහස්සානං පඨමා’භි සමයො අහු.
2. අපමණ තේජස් ඇති ඒ ධර්මදර්ශී බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි දී කෙළලක්ෂයක් සත්නට ප්‍රථම ධර්මාවබෝධය වී.
3. යදා බුද්ධො ධම්මදස්සී විනෙසි සඤ්ජයං ඉසිං තදා නවුතිකොටීනං දුතියා’භිසමයො අහු.
3. යම් කලෙකැ ධර්මදර්ශී බුදුහු සඤ්ජය නම් රුසිහු දමනය කළ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට දෙ වැනි අභිසමය වී.
4. යදා සක්කො උපගඤ්ඡි සහපරිසො විනායකං තදා අසීති කොටීනං තතියා’භිසමයො අහු.
4. යම් කලෙකැ සක්දෙව්රජ පිරිස් සහිත වැ බුදුන් කරා එළඹියේ ද, එකල්හි අසූ කෙළක් සත්නට තුන් වැනි ධර්මාභිසමය වී.
5. තස්සා’පි දෙවදෙවස්ස සන්නිපාතා තයො අහු ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
5. දෙවියනට දෙවි වූ ඒ ධර්මදර්ශී බුදුනට ද පහවූ රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. යදා බුද්ධො ධම්මදස්සී සරණෙ වස්සං උපාගමී තදා කොටිසහස්සානං පඨමො ආසි සමාගමො.
6. යම් කලෙකැ ධම්මදස්සී බුදුහු සරණ නම් නගරයෙහි වස් එළැඹිසේක් ද, එකල්හි කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
7. පුනා’පරං යදා බුද්ධො දෙවතො එති මානුසං තදා’පි සතකොටීනං දුතියො ආසි සමාගමො.
7. යළි යම් කලෙකැ ධර්මදර්ශී බුදුහු දෙව්ලොවින් මිනිස්ලොවට වැඩිසේක් ද, එකල්හි දු කෙළසියක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
8. පුනා’පරං යදා බුද්ධො පකාසෙසි ධුතෙ ගුණෙ තදා අසීති කොටීනං තතියො ආසි සමාගමො.
8. යළි යම් කලෙකැ බුදුහු (සුදර්ශනාරාමයෙහි දී හාරිත නම් තෙරණුවන් අගසවු තැන්හි තබමින්) තෙළෙස් ධුතගුණයන් ප්‍රකාශ කළ සේක් ද එකල්හි අසූ කෙළක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
9. අහං තෙන සමයෙන සක්කො ආසිං පුරින්දදො දිබ්බෙන ගන්ධමාලෙන තුරියෙන අභිපූජයිං.
9. එසමයෙහි මම් පුරින්දද වූ සක්දෙව් රජ වීම්, දිව ගඳින් මලින් පසඟතුරුරැවින් බුදුන් පිදීමි.
10. සො’පි මං බුද්ධො ව්යාකාසි දෙවමජ්ඣෙ නිසීදිය අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති.
10. ඒ ධර්මදර්ශී නම් බුදුහු ද දෙව්පිරිස් මැද වැඩහිඳ මේ තෙම මෙයින් අටළොස් වන කප්සියෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන් සේක.
11. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
12. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
12. තථාගතයෝ අජපල් නම් රුක්මුල්හි හිඳ එහිදී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
13. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
13. පස්මරුන් දිනූ ඒ ධර්මදර්ශී බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු, වළඳා දෙවියන් පිළියෙල කළ උතුම්මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
14. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
14. ඉක්බිති මහත් යසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුල්හි බුදුවන්නේ යි.
15. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
15. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී’ යැ, පිය තෙම සුද්ධෝදන නම් වන්නේ’ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
16. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
17. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
18. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
19. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාංකුරයෙකැ’ යි සතුටු වූ දෙවිමිනිස්සු–
20. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
20. ඔල්වරසන් පවත්වති අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත මිනිස්සු කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
21. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්රතිමුඛ තීර්ත්ථයවැරැද යැටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
23. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාරයන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
24. ඒ ධර්මදර්ශී බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
25. සරණං නාම නගරං සරණො නාම ඛත්තියො සුනන්දා නාම ජනිකා ධම්මදස්සිස්ස සත්ථුනො.
25. ධර්මදර්ශී නම් ශාස්තෘන් වහන්සේගේ නගරය සරණ නම් විය, සරණ නම් ක්ෂත්රිය තෙම පිතෘ විය, මව් තොමෝ සුනන්දා නමු.
26. අට්ඨ වස්සසහස්සානි අගාරමජ්ඣසො වසී අරජො විරජො සුදස්සනො තයො පාසාදමුත්තමා.
26. උන්වහන්සේ අට දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට අරජයැ විරජ යැ සුදර්ශන යැ යි උතුම් තුන් පහයෙක් වී.
27. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා විචතොලී නාම නාරී අත්රජො පුඤ්ඤවඩ්ඪනො.
27. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, විචිතොලී නම් අගමෙහෙසියක් වූ, පුත්‍ර තෙම පුණ්‍යවර්ධන නම් වී.
28. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භිනික්ඛමි සත්තාහං පධානචාරං අචරී පුරිසුත්තමො.
28. පුරුෂෝත්තම වූ ධර්මදර්ශී බුදුහු සතර පෙරනිමිති දැක ප්‍රාසාදය හා සමග මහබිනික්මන් කළහ, සතියක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
29. බ්රහ්මුනා යාචිතො සන්තො ධම්මදස්සී නරාසභො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමෙ.
29. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ ධර්මදර්ශී සර්වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මුවළැව්හි දී දම්සක් පැවැත්වූහ.
30. පදුමො ඵුස්සදෙවො ච අහෙසුං අග්ගසාවකා සුනෙත්තො නාමු’පට්ඨාකො ධම්මදස්සිස්ස සත්ථුනො.
30. ධර්මදර්ශී නම් ශාස්තෘන් වහන්සේට පදුම යැ ඵුස්සදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සුනෙත්‍ර නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
31. ඛෙමා ච සච්චනාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො බිම්බිජාලො ති වුච්චති.
31. ඛේමා යැ සච්චනාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘රත්කරව්රුකැ’යි කියනුලැබේ,
32. සුභද්දො කටිසහො චෙව අහෙසුං අග්ගු’පට්ඨකා සාලියා ච වලියා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
32. සුභද්‍ර යැ කටිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ, සාලියා යැ වලියා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
33. සො’පි බුද්ධො අසමසමො අසීතිහත්ථමුග්ගතො අතිරොචති තෙජෙන දසසහස්සිම්හි ධාතුයා.
33. අසමසම වූ ඒ බුදුහු ද අසූරියනක් උස් වූවාහු දසදහසක් සක්වළ තේජසින් අධික වැ බැබැළූහ.
34. සුඵුල්ලො සාලරාජාව විජ්ජූ’ව ගගනෙ යථා මජ්ඣන්තිකෙ ව සුරියො එවං සො උපසොභථ
34. සුපිපි සල්රුකක් සෙයින් ද ගුවන්තෙලෙහි විදුලිය සෙයින් ද මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද උන් වහන්සේ ශෝභමාන වූහ.
35. තස්සා’පි අතුලතෙජස්ස සමකං ආසි ජීවිතං වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
35. අතුල වූ තේජස් ඇති ඒ ධර්මදර්ශී සර්වඥයන් වහන්සේගේ ද ජීවිතය සෙසුවන් හා සම විය, පසැස් ඇති බුදුහු හවුරුදු ලක්ෂයක් ලොවැ වැඩවිසූ සේක.
36. ඔභාසං දස්සයිත්වාන විමලං කත්වාන සාසනං රවිචන්දො ව ගගනෙ නිබ්බුතො සො සසාවකො’ති.
36. ඒ බුදුහු අවභාස දක්වා සස්න නිර්මල කොට ගුවන්තෙලෙහි සඳහිරු සෙයින් ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියහ.
37. ධම්මදස්සී මහාවීරො කෙසාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව’ස්ස ථූපවරො තියොජන සමුග්ගතොති.
37. මහත්වීර්‍ය්‍ය ඇති ධර්මදර්ශී සර්වඥයන් වහන්සේ කෙසාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ උත්තමස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවනලද්දේ යි.
ධම්මදස්සී බුද්ධවංසො පණ්ණරසමො.
පසළොස් වැනි ධර්මදර්ශී බුද්ධවංශය යි.