18. ඵුස්ස බුද්ධවංසො
18. ඵුස්ස බුද්ධවංසො
18. ඵුස්ස බුද්ධවංශය
1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි අහු සත්ථා අනුත්තරො අනුපමො අසදිසො ඵුස්සො ලොකග්ගනායකො.
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි අනුත්තර වූ අනුපම වූ අසදෘශ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෘ කෙනෙක් පහළ වූහ.
2. සො’පි සබ්බං තමං හන්ත්වා විජටෙත්වා මහාජටං සදෙවකං තප්පයන්තො අභිවස්සී අමතම්බුනා.
2. ඒ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ද සියලු අවිද්යාන්ධකාර නසා තෘෂ්ණාව හැරපියා සදේවක ලෝකයා අමෘත සඞ්ඛ්‍යාත දහම් කථා ජලයෙන් පිණවමින් දහම් වැසි වැස් වූහ.
3. ධම්මචක්කං පවත්තෙන්තෙ ඵුස්සෙ නක්ඛත්තමඞ්ගලෙ කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
3. නකත්මඟුල් දින ඵුස්ස බුදුන් දම්සක් පවත්වන කල්හි කෙළ ලක්ෂයක් සත්නට පළමු වන ධර්මාභිසමය වී.
4. නවුතිසතසහස්සානං දුතියා’භිසමයො අහු අසීතිසතසහස්සානං තතියා’භිසමයො අහු.
4. අනූලක්ෂයක් සත්නට දෙ වැනි ධර්මාභිසමය විය, අසූලක්ෂයක් සත්නට තුන්වැනි ධර්මාභිසමය වී.
5. සන්නිපාතා තයො ආසුං ඵුස්සස්ස’පි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
5. මහර්ෂි වූ ඵුස්ස බුදුනට ද විමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්ෂීණාස්රව ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. සට්ඨිසතසහස්සානං පඨමො ආසි සමාගමො පඤ්ඤාසසතසහස්සානං දුතියො ආසි සමාගමො.
6. සැට ලක්ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වීය, පනස්ලක්ෂයක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසන්නිපාතය වී.
7. චත්තාරීසසතසහස්සානං තතියො ආසි සමාගමො අනුපාදා විමුත්තානාං වොච්ඡින්නපටිසන්ධිනං.
7. උපාදා රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිඳහළ ප්රතිසන්ධි ඇති සතලිස් ලක්ෂයක් ශ්‍රාවකයන්ගේ තෘතීය සන්නිපාතය වී.
8. අහං තෙන සමයෙන විජිතාවි නාම ඛත්තියො ඡඩ්ඩයිත්වා මහාරජ්ජං පබ්බජිං තස්ස සන්තිකෙ.
8. එසමයෙහි මම් විජිතාවී නම් ක්ෂත්රිය වූයෙම් මහරජය හැරපියා ඒ ඵුස්ස බුදුන් වෙත පැවිදි වීමි.
9. සො’පි මං බුද්ධො ව්යාකාසි ඵුස්සො ලොකග්ගනායකො ඉතො ද්වෙ නවුති කප්පෙ අයං බුද්ධො භවිස්සති.
9. ලෝකාග්‍රනායක වූ ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ද ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
10. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
10. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිලවාස්තු නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
11. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
11. තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
12. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
12. ඒ ජින තෙම නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙල කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නේය.
13. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
13. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේය.
14. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
14. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
15. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
15. (ඔබට) කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් එ බුදුන්ට උවැටන් කරන්නාහ.
16. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
16. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
17. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
17. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස්වී වූ ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
18. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
18. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
19. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
19. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දසදහසක් සක්වළ සදේවකලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
20. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
20. ඉදින් අපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
21. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
21. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
22. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
22. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙබුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
23. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමිපූරියා.
23. එ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
24. සුත්තන්තං විනයඤ්චා’පි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
24. සූත්‍රාන්තපිටකය ද විනය ද නවාඞ්ගශාස්තෘශාසනය ද යන සියල්ල පිරිවහා බුදු සස්න හෙබැ වීමි.
25. තත්ථප්ප’මත්තො විහරන්තො බ්රහ්මං භාවෙත්ව භාවනං අභිඤ්ඤාසු පාරමිං ගන්ත්වා බ්‍රහ්මලොක’මගච්ඡ’හං.
25. මම් එසසුන්හි අප්‍රමාද වැ වාසය කරනුයෙම්. බ්‍රහ්මවිහාරභාවනා කොට අභිඥාවන්හි පාරප්රාප්ත වැ බඹලොවට ගියෙමි.
26. කාසිකං නාම නගරං ජයසෙනො නාම ඛත්තියො සිරිමා නාම ජනිකා ඵුස්ස’ස්සාපි මහෙසිනො.
26. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට ද නගරය කසී නම් විය, ජයසේන නම් ක්ෂත්රිය තෙම පිතෘ විය, මව්තොමෝ සිරිමා නමු.
27. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී ගරුළපක්ඛහංසසුවණ්ණහාරා තයො පාසාදමුත්තමා.
27. ඒ ඵුස්ස බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ගරුඩපක්ෂ යැ හංස යැ ස්වර්ණහාර යැයි උතුම් තුන්පහයෙක් වී.
28. තීණිදසසහස්සානි නාරියො සමලඞ්කතා කිසාගොතමී නාම නාරි අනුපමො නාම අත්රජො.
28. මොනොවට සරසනලද තිස්දහසක් පිරිවර අඟනෝ වූහ. කිසාගෝතමී නම් අගමෙහෙසියක් වූ යැ. අනුපම නම් පුත්‍රයෙක් වී.
29. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
29. පුරුෂෝත්තම ඵුස්ස බුදුහු සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කළහ. සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
30. බ්රහ්මුනා යාචිතො සන්තො ඵුස්සො ලොකග්ගනායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.
30. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂශ්‍රේෂ්ඨ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු ඉසිපතන නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
31. සුරක්ඛිතො ධම්මසෙනො ච අහෙසුං අග්ගසාවකා සභියො නාමු’පට්ඨාකො ඵුස්සස්ස ච මහෙසිනො.
31. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට සුරක්ෂිත යැ ධර්මසේන යැ යන දෙදෙන අගසවු වූහ. සභිය නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ,
32. චාලා ච උපචාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො ආමණ්ඩො’ති පවුච්චති.
32. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇඹලරුකැ’යි කියනු ලැබේ.
33. ධනඤ්ජයො විසාඛො ච අහෙසුං අග්ගු’පට්ඨකා පදුමා චෙ’ව නාගා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
33. ධනඤ්ජය යැ විශාඛ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. පද්මා යැ නාගා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
34. අට්ඨපඤ්ඤාසරතනං සො’පි අච්චුග්ගතො මුනි සොභති සතරංසීව උලුරාජාව පූරිතො.
34. ඒ ඵුස්ස මුනිහු ද අටපනස්රියන් උස්වූ සේක් දිවයුරු සෙයින් ද පුන්සඳ සෙයින් ද ශෝභමාන වූහ.
35. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
35. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි, උන්වහන්සේ එතෙක් වැඩසිටිමින් බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැවූ සේක.
36. ඔවදිත්වා බහූ සත්තෙ සන්තාරෙත්වා මහාජනෙ සො’පි සත්ථා අතුලයසො නිබ්බුතො’සො සසාවකො.
36. අතුල්‍ය වූ යසස් ඇති ඒ ඵුස්ස බුදුහු ද බොහෝ සත්නට ඔවා දී මහජනයා සසර කතරින් තරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
37. ඵුස්සො ජිනවරො සත්ථා සෙතාරාමම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතො’ති.
37. ජිනෝත්තම වූ ඵුස්ස බුදුහු ශ්වේතාරාමයෙහි පිරිනිවියාහ. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පතළේ යි.
ඵුස්ස බුද්ධවංසො අට්ඨාරසමො.
අටළොස් වැනි ඵුස්ස බුද්ධවංශය යි.