22. කකුසන්ධ බුද්ධවංසො
22. කකුසන්ධ බුද්ධවංසො
22. කකුසඳ බුද්ධවංශය
1. වෙස්සභුස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කකුසන්ධො නාම නාමෙන අප්පමෙය්යා දුරාසදො
1. වෙස්සභූ බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ අප්රමේයගුණ ඇති ළං විය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුද්ධයන් වහන්සේ–
2. උග්ඝාටෙත්වා සබ්බභවං චරියාපාරමිං ගතො සීහො’ච පඤ්ජරං භෙත්වා පත්තො සම්බොධිමුත්තමං.
2. සියලු පාරමිතාවන්ගේ කෙළවරට පැමිණියාහු සියලු (නවවිධ) භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් වූ සම්බෝධියට පැමිණියහ.
3. ධම්මචක්කං පවත්තෙන්තෙ කකුසන්ධෙ ලොකනායකෙ චත්තාළීස කොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
3. කකුසඳ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි සතලිස්කෙළදහසක් සත්නට පළමු වන ධර්මාභිසමය වී.
4. අන්තලික්ඛම්හි ආකාසෙ යමකං කත්වා විකුබ්බනං තිංසකොටිසහස්සානං බොධෙසි දෙවමානුසෙ.
4. අන්තරීක්ෂ ආකාශයෙහි යමාමහපෙළහර කොට තිස්කෙළදහසක් දෙවිමිනිසුනට ධර්මාවබෝධය කරවී.
5. නරදෙවස්ස යක්ඛස්ස චතුසච්චප්පකාසනෙ ධම්මා’භිසමයො තස්ස ගණනාතො අසඞ්ඛියො.
5. නරදේව නම් යක්ෂයාහට සිව්සස්දහම් දෙසීමෙහි දී උන් වහන්සේ ගේ (තුන් වැනි) ධර්මාභිසමය ගණනින් අසඞ්ඛෙය වී.
6. කකුසන්ධස්ස භගවතො එකො ආසිසමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං.
6. කකුසඳ භාග්‍යවතුන් වහන්සේට විගතමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
7. චත්තාළීසසහස්සානං තදා ආසි සමාගමො දන්ත භූමිමනුප්පත්තානං ආසවාරිගණක්ඛයා
7. එකල්හි ආස්‍රව නමැති සතුරුගණයා ක්ෂය කිරීමෙන් නිවනට පැමිණි සතලිස්දහසක් රහතුන්ගේ සමාගමය වී.
8. අහං තෙන සමයෙන ඛෙමො නාමාසිං ඛත්තියො තථාගතෙ ජිනපුත්තෙ ච දානං දත්වා අනප්පකං.
8. මම් එසමයෙහි ඛේම නම් වූ ක්ෂත්රිය වීමි. තථාගතයන් කෙරෙහි ද බුද්ධපුත්‍රයන් කෙරෙහි ද අනල්ප වූ දන් දී–
9. පත්තඤ්ච චීවරං දත්වා අඤ්ජනං මධුලට්ඨිකං ඉමෙතං පත්ථිතං සබ්බං පටියාදෙමි වරං වරං.
9. පාසිවුරු දී අඳුන් යැ වැල්මීකඬ යැ යන උතුම් උතුම් වූ මේ රිසියුණු සියල්ල පිළියෙළ කොට දිනිමි.
10. සො’පි මං මුනි ව්යාකාසි කකුසන්ධො ලොකනායකො ඉමම්හි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති.
10. ලෝකනායක වූ ඒ කකුසඳ බුදුහු ද ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්හ.
11. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
11. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
12. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
12. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුකමුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාගංතෙරට පැමිණෙන්නාහ.
13. නෙරඤ්ජරා නදීතීරෙ පායාසං ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූල’මුපෙහිති.
13. ඒ ජිතමාරපඤ්ච වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
14. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො.
14. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඬ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
15. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
15. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
16. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
16. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්තසිත් ඇති අර්හත් ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයෙක් එබුදුන්ට උපස්ථාන කරන්නේ යි.
17. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
17. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
18. චිත්ත යැ හත්ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.
19. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධ බීජඞ්කුරො අයං.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
20. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස්ලෝධාහි වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
21. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
21. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
22. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
23. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දස පාරමි පූරියා.
24. මම් ඔබගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
25. නගරං ඛෙමවතී නාම ඛෙමො නාමාස’හං තදා සබ්බඤ්ඤුතං ගවෙසන්තො පබ්බජිං තස්ස සන්තිකෙ.
25. එ කකුසඳබුදුන්ගේ නගරය ඛේමවතී නම් විය. එකල්හි මම් බෙම නම් වූයෙමි. සර්වඥතාඥානය සොයන්නෙම් එ කකුසඳබුදුන් වෙත පැවිදි වීමි.
26. බ්රාහ්මණො අග්ගිදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා විසාඛා නාම ජනිකා කුකුසන්ධස්ස මහෙසිනො.
26. මහර්ෂී වූ කකුසඳ නම් බුදුන්ට ඒ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියා විය. මවු තොමෝ විශාඛා නම් වූ.
27. වසති තත්ථ ඛෙමපුරෙ සම්බුද්ධස්ස මහාකුලං නරානං පවරං සෙට්ඨං ජාතිමන්තං මහායසං.
27. මිනිසුන් කෙරෙහි උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ උත්තමජාතී ඇති මහත් වූ, යශස් ඇති ඒ බුදුන්ගේ මහාඥාතිකුලය ඒ බෙම පුරයෙහි විසී.
28. චතුවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී රුචි සුරුචි රතිවද්ධනො තයො පාසාද මුත්තමා.
28. ඒ බුදුහු සාරදහසක් හවුරුදු ගිහිගෙයි වාසය කළහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවර්ධන යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.
29. සමතිංසසහස්සානි නාරියො සමලඞ්කතා විරොචමානා නාම නාරී උත්තරො නාම අත්රජො
29. ඒ බෝසත්හට මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු තිස්දහසක් වූහ. විරෝචමානා නම් බිරිඳක් වූ යැ. පුත්‍ර තෙමේ උත්තර නම් වී.
30. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමී අනූනකං අට්ඨමාසං පධානං පදහී ජිනො.
30. ඒ ජිතමාර තෙමේ සතර පෙරනිමිති දැක රියයානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. නො අඩු අටමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේයි.
31. බ්රහ්මුනා යාචිතො සන්තො කකුසන්ධො ලොකනායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.
31. මහාවීර වූ නරෝත්තම වූ කකුසඳ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
32. විධුරො සඤ්ජීවනාමො ච අහෙසුං අග්ගසාවකා බුද්ධිජො නාමු’පට්ඨාකො කකුසන්ධස්ස සත්ථුනො.
32. කකුසඳ ශාස්තෲන් වහන්සේට විධුර යැ සඤ්ජීව යැ යන නම් ඇති අගසවුදෙදෙනෙක් වූහ. බුද්ධිජ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
33. සාමා ච චම්පා නාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සිරීසො’ති පවුච්චති.
33. සාමා යැ චම්පා යැ යන නම් ඇති අගසැවි දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය මහරි නමැයි කියනු ලැබේ.
34. අච්චුතො ච සුමනො ච අහෙසුං අග්ගු’පට්ඨකා නන්දා චෙව සුනන්දා ච අහෙසුං අග්ගු’පට්ඨිකා
34. ඔබට අච්චුත යැ සුමන යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. නන්දා යැ සුනන්දා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
35. චත්තාළීස රතනානි අච්චුග්ගතො මහාමුනි කනකප්පභානිච්ඡරති සමන්තා දස යොජනං.
35. ඒ මහාමුනිහු සතලිස්රියන් උස්වූහ. හාත්පස දසයොදුන් තැන (සිරුරින්) රන්වන්පැහැ නික්මිණ.
36. චත්තාළීසවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
36. ඒ මහර්ෂී වූ බුදුන්ට සතලිස්දහසක් හවුරුදු ආයු විය. එතෙක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
37. ධම්මා’පණං පසාරෙත්වා නරනාරීනං සදෙවකෙ නදිත්වා සීහනාදංව නිබ්බුතො සො සසාවකො.
37. ඒ බුදුහු දෙවියන් සහිත ලොවැ ස්ත්රීපුරුෂයනට දහම් නමැති අවුණු විදහා සිංහනාද මෙන් අභයනාද කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවිසේක.
38. අට්ඨඞ්ගවචනසම්පන්නො අච්ඡිද්දානි නිරන්තරං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
38. ඒ බුදුහු අෂ්ටාඞ්ගසමුපේත ස්වර ඇතියහ, නිරතුරු අච්ඡිද්‍ර (සිදුරු නැති) වූ ශීලාදිය හෝ ශ්රාවකයුගලාදිය උන්වහන්සේට විය, ඒ සියල්ල අතුරුදහන් වී, හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
39. කකුසන්ධො ජිනවරො ඛෙමාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො ගාවුතනභමුග්ගතො.
39. ජිනවර වූ කකුසඳ බුදුහු ඛේමාරාමයෙහි පිරිනිවිසේක, ඔබගේ ස්තූපවරය එහි මැ ගව්වක් උස් කොට බඳවනලද්දේ වී යයි.
කකුසනන්ධ බුද්ධවංසො ද්වාවීසතිමො.
දෙවිසිවන කකුසඳ බුද්ධවංශ යි.