24. කස්සපබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
24. කස්සපබුද්ධවංසවණ්ණනා
24. කස්සප බුද්ධවංස වර්ණනාව
කොණාගමනස්ස පන භගවතො අපරභාගෙ තස්ස සාසනෙ ච අන්තරහිතෙ තිංසවස්සසහස්සායුකා සත්තා අනුපුබ්බෙන පරිහායිත්වා දසවස්සායුකා හුත්වා පුන වඩ්ඪිත්වා අපරිමිතායුකා හුත්වා පුන අනුපුබ්බෙන පරිහායිත්වා වීසතිවස්සසහස්සායුකෙසු සත්තෙසු ජාතෙසු අනෙකමනුස්සපො කස්සපො නාම සත්ථා ලොකෙ උදපාදි (සු· නි· අට්ඨ· ආමකගන්ධසුත්තවණ්ණනා). සො පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා බාරාණසීනගරෙ බ්රහ්මදත්තස්ස නාම බ්රාහ්මණස්ස විපුලගුණවතියා ධනවතියා නාම බ්රාහ්මණියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන ඉසිපතනෙ මිගදායෙ මාතුකුච්ඡිතො නික්ඛමි. ගොත්තවසෙන පනස්ස “කස්සපකුමාරො”ති නාමමකංසු. සො ද්වෙ වස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. හංසවා යසවා සිරිනන්දොති තස්ස තයො පාසාදා අහෙසුං. සුනන්දා නාම බ්රාහ්මණිප්පමුඛානි අට්ඨචත්තාලීස ඉත්ථිසහස්සානි පච්චුපට්ඨිතානි අහෙසුං.
කෝනාගමන භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ ශාසනයද අතුරුදන් වීමෙන් පසු තිස්දහසක් අවුරුදු ආයු ඇති සත්ත්වයෝ කෙමෙන් පිරිහී දසවස් ඇත්තෝව නැවත වැඩී අපමණ ආයුෂ ඇත්තෝ වූහ. යළි පිරිහී සත්ත්වයන් විසිදහසක් වස් ඇත්තන් වූ කල්හි නොඑක් මනුෂ්‍යයන්ට සදහම් පෙන්වන්නා වූ කස්සප නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළවූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද එයින් චුතව බරණැස් නුවර බඹදත් නම් බමුණහුගේ මහා ගුණැති ධනවතී නම් බැමිණිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහි මවුකුසින් බිහිවූහ. ගෝත්‍ර වශයෙන් උන්වහන්සේට කස්සප කුමාරයි නම් කළහ. උන්වහන්සේ අවුරුදු දෙදහසක් ගිහිගෙයි විසූහ. හංසවා යසවා සිරිනන්ද යයි උන්වහන්සේට තුන්පහයක් විය. සුනන්දා නම් බැමිණිය ප්රමුඛ අටසාළිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා සුනන්දාය බ්රාහ්මණියා විජිතසෙනෙ නාම පුත්තෙ උප්පන්නෙ උප්පන්නසංවෙගො “මහාභිනික්ඛමනං නික්ඛමිස්සාමී”ති චින්තෙසි. අථස්ස පරිවිතක්කසමනන්තරමෙව පාසාදො කුලාලචක්කමිව භමිත්වා ගගනතලමබ්භුග්ගන්ත්වා පරමරුචිරකරනිකරො සරදසමයරජනිකරො විය තාරාගණපරිවුතො අනෙකනරසතපරිවුතො ගගනතලමලඞ්කරොන්තො විය පුඤ්ඤානුභාවං පකාසෙන්තො විය ජනනයනහදයානි ආකඩ්ඪෙන්තො විය රුක්ඛග්ගානි පරං සොභයමානො විය ච ගන්ත්වා නිග්රොධබොධිං මජ්ඣෙකත්වා භූමියං පතිට්ඨහි. අථ බොධිසත්තො මහාසත්තො පථවියං පතිට්ඨහිත්වා දෙවදත්තං අරහත්තද්ධජමාදාය පබ්බජි. තස්ස නාටකිත්ථියො පාසාදා ඔතරිත්වා අඩ්ඪගාවුතං මග්ගං ගන්ත්වා සපරිවාරා සෙනාසන්නිවෙසං කත්වා නිසීදිංසු. තතො ඉත්ථිපරිචාරිකෙ ඨපෙත්වා සහාගතා සබ්බෙ පබ්බජිංසු.
උන්වහන්සේ සතර නිමිති දැක සුනන්දා බැමිණියට විජිතසේන නම් පුතු උපන් කල්හි උපන් සංවේග ඇත්තාහු මහබිනික්මන් නික්මෙතියි සිතූහ. උන්වහන්සේගේ පරිවිතර්කයත් සමගම ප්‍රාසාදය කුඹල් සකක් මෙන් කැරකී අහස්කුසට නැග තරුගණ පිරිවැරූ සඳ මෙන් නොඑක් සියගණන් මිනිසුන් පිරිවරා අහස්තලය අලංකාර කරන්නාක් මෙන් පින් අනුහස් ප්‍රකාශ කරන්නාක් මෙන් ජනනුවන් ඇදගන්නාක් මෙන් රුක් අග් පොළඹන්නාක් මෙන් ගොස් නිග්රොධ බෝධිය මැදිකොට බිම පිහිටියේය. එවිට මහසත් බෝසත්හු පොළොවෙහි පිහිටා දෙවියන් දුන් අර්හත් ධජ ගෙන පැවිදි වූහ. උන්වහන්සේගේ නාටක ස්ත්‍රීහු පහයෙන් බැස අඩගව්වක් මඟ ගොස් පිරිවර සහිතව සමූහව සිටියහ. ඉක්බිති පිරිවර ස්ත්‍රීන් හැර සමඟ ආ සියල්ලෝ මහණ වූහ.
මහාපුරිසො කිර සත්තාහං තෙහි පරිවුතො පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමාය සුනන්දාය නාම බ්රාහ්මණියා දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා ඛදිරවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ සොමෙන නාම යවපාලකෙන උපනීතා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා නිග්රොධබොධිං උපගන්ත්වා පඤ්චදසහත්ථායාමවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා තත්ථ නිසීදිත්වා අභිසම්බොධිං පාපුණිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති උදානං උදානෙත්වා සත්තසත්තාහං වීතිනාමෙත්වා අත්තනා සහ පබ්බජිතානං භික්ඛූනං කොටියා උපනිස්සයසම්පත්තිං දිස්වා ගගනතලෙන ගන්ත්වා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ ඔතරිත්වා තෙහි පරිවුතො තත්ථ ධම්මචක්කං පවත්තෙසි . තදා වීසතියා කොටිසහස්සානං පඨමො ධම්මාභිසමයො අහොසි. තෙන වුත්තං –
ඔවුන් විසින් පිරිවරන ලද මහසත්හු ප්‍රධන්හි යෙදී වෙසක් පුන් පොහෝදා සුනන්දා බැමිණිය පිදූ මීකිරිබත් වළඳා කිහිරිවෙනෙහි දිවාවිහාර කොට සවස සොම නම් ගවපාලක දුන් අටතණමිට ගෙන නුග බෝධිය වෙත පැමිණ පසළොස්රියන් තණ ඇතිරි අතුරා එහි වැඩහිඳ අභිසම්බෝධියට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්ෂූන්ගේ හේතුසම්පත් දැන අහසින් වැඩ බරණැස ඉසිපතන මිගදායෙහි බැස එහි ඔවුන් පිරිවරන ලදුව දම්සක් පැවැත්වූහ. එකල විසිකෙළ දහසක් දෙනාට ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
“කොණාගමනස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො; කස්සපො නාම ගොත්තෙන, ධම්මරාජා පභඞ්කරො.
කෝනාගමනස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කස්සපො නාම නාමෙන ධම්මරාජා පභංකරො
“සඤ්ඡඩ්ඩිතං කුලමූලං, බහ්වන්නපානභොජනං; දත්වාන යාචකෙ දානං, පූරයිත්වාන මානසං; උසභොව ආළකං භෙත්වා, පත්තො සම්බොධිමුත්තමං.
සංජඩ්ඩිනං කුලමූලං බවහන්නපානභොජනං දත්වාන යාචකෙ දානං පරයිත්වාන මානසං [missing pali]
“ධම්මචක්කං පවත්තෙන්තෙ, කස්සපෙ ලොකනායකෙ; වීසකොටිසහස්සානං, පඨමාභිසමයො අහූ”ති.
ධම්මචක්කප්පවත්තෙන්තෙ කස්සපෙ ලොකනායකෙ වීසතිකොටිසහස්සානං පඨමාභිසමයො අහූති
තත්ථ සඤ්ඡඩ්ඩිතන්ති ඡඩ්ඩිතං උජ්ඣිතං පරිච්චත්තං. කුලමූලන්ති කුලඝරං, අපරිමිතභොගක්ඛන්ධං අනෙකකොටිසහස්සධනසඤ්චයං දසසතනයනභවනසදිසභොගං අතිදුච්චජං තිණමිව ඡඩ්ඩිතන්ති අත්ථො. යාචකෙති යාචකානං දත්වා. ආළකන්ති ගොට්ඨං, යථා උසභො ගොට්ඨං භින්දිත්වා යථාසුඛං ඉච්ඡිතට්ඨානං පාපුණාති, එවං මහාපුරිසොපි ගෙහබන්ධනං භින්දිත්වා අභිසම්බොධිං පාපුණීති අත්ථො.
එහි සඤ්ජඩ්ඩිතං යනු; දමන ලද ඉවත් කරන ලද හැරදමන ලද. කුලමූලං යනු; කුලගෙය. අප්‍රමාණ භොගරාශිය නේකළ දහස් ධන රාශිය ශක්‍ර භවනය සමාන භවනය යන හැර දැමීමට අතිදුෂ්කර දේ කණපරචලනු සේ හැරදමන ලදි යන අර්ථයි. යාචකෙ යනු; යදියනට දී. අලකං යනු; ගාල. යම්සේ ඍෂභයා ගල බිඳගෙන සුවසේ කැමති තැනට යන්නේ ද මෙසේ මහපුරිස්හුද ගෘහබන්ධන කඩා අභිසම්බෝධියට පත්වූහ යන අර්ථයි.
පුන චතුමාසං ජනපදචාරිකං චරමානෙ සත්ථරි දසකොටිසහස්සානං දුතියො අභිසමයො අහොසි. යදා පන සුන්දරනගරද්වාරෙ අසනරුක්ඛමූලෙ යමකපාටිහාරියං කරොන්තො ධම්මං දෙසෙසි, තදා පඤ්චන්නං කොටිසහස්සානං තතියො අභිසමයො අහොසි. පුන යමකපාටිහාරියං කත්වා සුරරිපුදුරභිභවනෙ තාවතිංසභවනෙ සුධම්මා නාම දෙවසභා අත්ථි, තත්ථ නිසීදිත්වා අත්තනො මාතරං ධනවතීදෙවිං පමුඛං කත්වා දසසහස්සිලොකධාතුයා දෙවතානං අනුග්ගහකරණත්ථං සත්තප්පකරණං අභිධම්මපිටකං දෙසෙන්තො තීණි දෙවතාකොටිසහස්සානි ධම්මාමතං පායෙසි. තෙන වුත්තං –
නැවත සාරමසක් චාරිකාවෙහි හැසිරෙන කල්හි දසකෙළ දහසකට දෙවන ධර්මාවබෝධ විය. යම්කලෙක සුන්දර නුවර දොර පියාගසමුල යමක ප්රාතිහාර්ය කරනසේක් ධර්ම දේශනා කළාහු ද එකල පස්කෙළ දහසකට තෙවන ධර්මාවබෝධය විය. නැවත යමාමහ පෙළහර කොට අසුරයන් විසින් නොකැඩිය හැකි තව්තිසා භවනයෙහි සුධම්මා නම් දේව සභාවක් ඇත. එහි වැඩහිඳ දෙවියන්ට අනුග්‍රහ පිණිස සප්ත ප්රකරණ ඇති විජම් පිටකය දෙසන සේක් තෙකෙළ දහසක් දෙවියන්ට දහම් අමා පෙවූහ. එයින් කියන ලදි-
“චතුමාසං යදා බුද්ධො, ලොකෙ චරති චාරිකං; දසකොටිසහස්සානං, දුතියාභිසමයො අහු.
චතුමාසං යදා බුද්ධො ලොකෙ චරති චාරිකං දසකොටිසහස්සානං දුතියාභිසමයො අහූ
“යමකං විකුබ්බනං කත්වා, ඤාණධාතුං පකිත්තයි; පඤ්චකොටිසහස්සානං, තතියාභිසමයො අහු.
යමකං විතුබ්බණං කත්වා ඤාණධාතුං පකාසයි පඤ්චකොටිසහස්සානං තතියාභිසමයො අහූ
“සුධම්මා දෙවපුරෙ රම්මෙ, තත්ථ ධම්මං පකිත්තයි; තීණිකොටිසහස්සානං, දෙවානං බොධයී ජිනො.
සුධම්ම දෙවපුරෙ රම්මෙ තත්ථධම්මං පකාසයි තීනි කොටිසහස්සානි දෙවානං බොධයී ජිනො
“නරදෙවස්ස යක්ඛස්ස, අපරෙ ධම්මදෙසනෙ; එතෙසානං අභිසමයා, ගණනාතො අසඞ්ඛියා”ති.
නරදෙවස්ස යක්ඛස්ස අපරෙ ධම්මදෙසනො එතෙසානං අභිසමයා ගණනාතො අසංඛියාති
තත්ථ චතුමාසන්ති චාතුමාසෙ. අයමෙව වා පාඨො. චරතීති අචරි. යමකං විකුබ්බනං කත්වාති යමකපාටිහාරියං කත්වා. ඤාණධාතුන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණසභාවං. “සබ්බඤාණධාතු”න්තිපි වදන්ති. පකිත්තයීති මහාජනස්ස පකාසෙසි. සුධම්මාති තාවතිංසභවනෙ සුධම්මා නාම සභා අත්ථි, තත්ථ නිසීදිත්වාති අත්ථො. ධම්මන්ති අභිධම්මං.
එහි චතුමාසං යනු; චතුමාසෙ යන්නයි. පාඨය මෙයම හෝ වෙයි. සිවුමසෙක්හි. චරති යනු; හැසුරුණෝය. යමකං විකුබ්බණං කත්වා යනු; යමක ප්රාතිහාර්ය කොට. ඤාණධාතුං යනු; සර්වඥතාඥාන ස්වභාවය. සබ්බ ඤාණධාතු කියාත් කියති. පකිත්තයී යනු; මහජනයාට ප්‍රකාශ කළේය. සුධම්මා යනු; තව්තිසා භවනයෙහි සුධර්මා නම් සභාවක් ඇත. එහි වැඩහිඳ යන අර්ථයි. ධම්මං යනු; අභිධර්මයයි.
තදා කිර ආනුභාවවිජිතනරදෙවො නරදෙවො නාම මහෙසක්ඛො හෙට්ඨා වුත්තනරදෙවයක්ඛො විය මහිද්ධිකො යක්ඛො අහොසි. සො ජම්බුදීපෙ එකස්මිං නගරෙ රඤ්ඤො යාදිසං රූපං, තාදිසං රූපසණ්ඨානං සරකුත්තිං නිම්මිනිත්වා තං රාජානං මාරෙත්වා ඛාදිත්වා සහඅන්තෙපුරං රජ්ජං පටිපජ්ජිත්වා අපරිමිතමංසභොජනො අහොසි. සො කිර ඉත්ථිධුත්තො ච අහොසි. යදා පන තං කුසලා ඡෙකා ඉත්ථියො – “නායං අම්හාකං රාජා, අමනුස්සො එසො”ති ජානන්ති, තදා සො ලජ්ජිතො හුත්වා තා සබ්බා ඛාදිත්වා අඤ්ඤං නගරං පටිපජ්ජති. එවමෙව සො නරදෙවයක්ඛො මනුස්සෙ භක්ඛයන්තො යදා සුන්දරනගරාභිමුඛො අගමාසි, තදා තං දිස්වා නගරවාසිනො මනුස්සා මරණභයතජ්ජිතසන්තාසා සකනගරතො නික්ඛමිත්වා තතො තතො පලායිංසු. අථ තෙ මනුස්සෙ පලායමානෙ දිස්වා කස්සපදසබලො තස්ස නරදෙවස්ස යක්ඛස්ස පුරතො අට්ඨාසි. නරදෙවො එවං දෙවදෙවං ඨිතං දිස්වා විස්සරං ඝොරං නාදං නදිත්වා භගවතො භයං උප්පාදෙතුං අසක්කොන්තො තං සරණං ගන්ත්වා පඤ්හං පුච්ඡි. පඤ්හං විස්සජ්ජෙත්වා තං දමෙත්වා ධම්මෙ දෙසියමානෙ සම්පත්තානං නරමරානං ගණනපථාතීතානං අභිසමයො අහොසි. තෙන වුත්තං – “නරදෙවස්ස යක්ඛස්සා”තිආදි . තත්ථ අපරෙ ධම්මදෙසනෙති අපරස්මිං ධම්මදෙසනෙ. එතෙසානන්ති එතෙසං. අයමෙව වා පාඨො.
එකල අනුහසින් දිනන ලද නරදෙවියන් ඇති නරදේව නම් මහේශාක්‍ය යට කියන ලද නරදේව යක්ෂයා වැනි මහත් සෘද්ධි ඇති යක්ෂයෙක් විය. හෙතෙම දඹදිව එක්තරා නගරයක රජුට සමාන රූපය එබඳුම රූ සලකුණු හැසිරීම් ආකල්ප මවාගෙන ඒ රජු මරා කා ඇතොවුර සහිත රාජ්‍යය ලැබ අප්‍රමාණ මස් බුදින්නෙක් විය. යම්කලෙක ඔහු දක්ෂ කුසල ස්ත්‍රීහු මේ අපගේ රජ නොවේ යකෙකැයි දැනගනිත්ද එකල ඔහු ලජ්ජිතව ඒ සියල්ලන් කා දමා වෙනත් නගරයකට යයි. මෙසේ ඒ නරදේව යක්ෂයා මිනිසුන් කමින් යම්කලෙක සුනන්ද නගරය බලාගියේද එකල ඔහු දැක නුවරවැසි මිනිස්සු මරණ බයින් තැතිගත්තාහු සිය නුවරින් නික්ම ඒ ඒ අතින් පලාගියහ. එවිට පලායන ඒ මිනිසුන් දැක කස්සප දසබලයන් වහන්සේ ඒ නරදේව යක්ෂයා ඉදිරියෙන් සිටි සේක. නරදේව වැඩසිටි දේවදේවයන් වහන්සේ දැක ගොරනද දී භාග්‍යවතුන් වහන්සේට බිය ඉපිදවීමට නොහැකිව සරණ ගොස් ප්‍රශ්න ඇසීය. ප්‍රශ්න විසඳා ඔහු දමනය කොට උන්වහන්සේ ධර්ම දේශනා කරන කල පැමිණි ගණන් සීමා ඉක්මවූ දෙවි මිනිසුන්ට ධර්මාවබෝධ විය. එහෙයින් නර දේවස්ස යක්ඛස්ස ආදිය කියන ලදි. එහි අපරෙ ධම්මදෙසනො යනු; වෙනත් ධර්ම දේශනයෙක්හි. එතෙසානං යනු; එතෙසං යනුයි. මෙයම හෝ පාඨයි, මොවුන්ට.
තස්ස පන කස්සපභගවතො එකොව සාවකසන්නිපාතො අහොසි. බාරාණසීනගරෙ පුරොහිතපුත්තො තිස්සො නාම අහොසි. සො කස්සපස්ස බොධිසත්තස්ස සරීරෙ ලක්ඛණසම්පත්තිං දිස්වා පිතුනො භාසතො සුත්වා – “නිස්සංසයං එසො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා බුද්ධො භවිස්සති, එතස්සාහං සන්තිකෙ පබ්බජිත්වා සංසාරදුක්ඛතො මුච්චිස්සාමී”ති චින්තෙත්වා සුද්ධමුනිගණවන්තං හිමවන්තං ගන්ත්වා තාපසපබ්බජ්ජං පබ්බජි. තස්ස පරිවාරභූතානි වීසතිතාපසසහස්සානි අහෙසුං. සො අපරභාගෙ “කස්සපකුමාරො නික්ඛමිත්වා අභිසම්බොධිං අනුප්පත්තො”ති සුත්වා සපරිවාරො ආගන්ත්වා කස්සපස්ස භගවතො සන්තිකෙ සපරිවාරො එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බජිත්වා අරහත්තං පාපුණි. තස්මිං සමාගමෙ කස්සපො භගවා මාඝපුණ්ණමායං පාතිමොක්ඛං උද්දිසි. තෙන වුත්තං –
ඒ කස්සප භාග්‍යවතුන් වහන්සේට එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. බරණැස් නුවර තිස්ස නම් පුරෝහිත පුත්‍රයෙක් විය. ඔහු කස්සප බෝසතුන්ගේ ශරීරයෙහි ලක්ෂණ සම්පත් දැක පියාගේ වදන් අසා නිසැකයෙන් මෙතුමා මහබිනික්මන් නික්ම බුදුවන්නේයයි මම මුන්වහන්සේ වෙත පැවිදිව සසර දුකින් මිදෙන්නෙමියි සිතා පිරිසිදු මුනිගණ ඇති හිමවතට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි විය. උන්වහන්සේට පිරිවර වූ විසිදහසක් තාපසයෝ වූහ. උන්වහන්සේ පසුකලෙක කස්සප කුමරා නික්ම අභිසම්බෝධියට පැමිණියේ යයි අසා පිරිවර සහිතව අවුත් කස්සප භාග්‍යවතුන් වහන්සේ වෙත ඒහිභික්ඛු පැවිද්දෙන් පැවිදිව රහත් වූහ. කස්සප භාග්‍යවතුන් වහන්සේ නවම්පුන් පොහෝ දින ඒ සමාගමයෙහි පාමොක් දෙසූහ. එයින් කියන ලදි-
“තස්සාපි දෙවදෙවස්ස, එකො ආසි සමාගමො; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
තස්සාපි දෙවදෙවස්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්ත චිත්තාන තාදිනං
“වීසභික්ඛුසහස්සානං, තදා ආසි සමාගමො; අතික්කන්තභවන්තානං, හිරිසීලෙන තාදින”න්ති.
වීසති භික්ඛුසහස්සානං තදා ආසි සමාගමො අතික්කන්තරාගවන්තානං හිරිසීලෙන තාදිනෙති
තත්ථ අතික්කන්තභවන්තානන්ති අතික්කන්තපුථුජ්ජනසොතාපන්නාදීනං, සබ්බෙසං ඛීණාසවානමෙවාති අත්ථො. හිරිසීලෙන තාදිනන්ති හිරියා ච සීලෙන ච සදිසානං.
එහි අතික්කන්තරාගවන්තානං යනු; පුහුදුන් බව ඉක්මවූ සෝතාපන්නාදීන්ගේ, සියලු ක්‍ෂීණාස්‍රවයන්ගේ යන අර්ථයි. හිරිසීලෙනතාදිනං යනු; හිරියෙන් ද සීලයෙන් ද සහනයන්ගේ,
තදා අම්හාකං බොධිසත්තො ජොතිපාලො නාම මාණවො තිණ්ණං වෙදානං පාරගූ භූමියඤ්චෙව අන්තලික්ඛෙ ච පාකටො ඝටිකාරස්ස කුම්භකාරස්ස සහායො අහොසි. සො තෙන සද්ධිං සත්ථාරං උපසඞ්කමිත්වා තස්ස ධම්මකථං සුත්වා තස්ස සන්තිකෙ පබ්බජි. සො ආරද්ධවීරියො තීණි පිටකානි උග්ගහෙත්වා වත්තපටිපත්තියා බුද්ධසාසනං සොභෙසි. සොපි තං සත්ථා බ්යාකාසි. තෙන වුත්තං –
එකල බෝසත්හු ජොතිපාල නම් ත්‍රිවේදයෙහි පාරගත අහස පොළොව ප්‍රකට තරුණයෙක්ව ඝටීකාර තුම්භකාරගේ යහළුවෙක් වූහ. හෙතෙම ඔහු සමග ශාස්තෘන් වහන්සේ කරා ගොස් උන්වහන්සේ දහම් කතා අසා මහණ විය. උන්වහන්සේ ආරබ්ධවීර්යව තුන්පිටකය ඉගෙන වත්පිළිවෙතින් බුදුසසුන හෙබවූහ. උන්වහන්සේ ඒ ශාස්තෘන් වහන්සේ ද විවරණ දුන්හ. එයින් කියන ලදි-
“අහං තදා මාණවකො, ජොතිපාලොති විස්සුතො; අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ.
අහං තෙන සමයෙන ජොතිපාලොති විස්සුතො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ
“ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො; භූමන්තලික්ඛකුසලො, කතවිජ්ජො අනවයො.
ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ පාරමිං ගතො භූම්මන්තළික්ඛෙ කුසලො කතවිජ්ජො අනාමයො
“කස්සපස්ස භගවතො, ඝටිකාරො නාමුපට්ඨකො; සගාරවො සප්පතිස්සො, නිබ්බුතො තතියෙ ඵලෙ.
කස්සපසෙස භගවතො ඝටීකාරො නාමුපට්ඨාකො සගාරත්වා සප්පතිසෙසා නිබ්බුතො තතියෙ ඵලෙ
“ආදාය මං ඝටීකාරො, උපගඤ්ඡි කස්සපං ජිනං; තස්ස ධම්මං සුණිත්වාන, පබ්බජිං තස්ස සන්තිකෙ.
ආදාය මං ඝටීකාරො උපගඤ්ජි කස්සපං ජිනං තස්ස ධම්මං සුණිත්වාන පබ්බජි තස්ස සන්තිකෙ
“ආරද්ධවීරියො හුත්වා, වත්තාවත්තෙසු කොවිදො; න ක්වචි පරිහායාමි, පූරෙසිං ජිනසාසනං.
ආරද්ධවිරියො හුත්වාන චත්තාවත්තෙසු කොවිදො න ක්වචි පරිහායාමි පූරෙමි ජිනසාසනං
“යාවතා බුද්ධභණිතං, නවඞ්ගං ජිනසාසනං; සබ්බං පරියාපුණිත්වාන, සොභයිං ජිනසාසනං.
මම අච්ඡරියං දිස්වා සොපි බුද්ධො විසාකරි ඉමෙහි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති
“මම අච්ඡරියං දිස්වා, සොපි බුද්ධො වියාකරි; ඉමම්හි භද්දකෙ කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
අහූ කපිලව්හයෙ රම්මෙ -පෙ-
“අහු කපිලව්හයා රම්මා…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා.
තස්සාහං වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වතමයිට්ඨාසිං දසපාරමි පූරියා
“එවමහං සංසරිත්වා, පරිවජ්ජෙන්තො අනාචරං; දුක්කරඤ්ච කතං මය්හං, බොධියායෙව කාරණා”ති.
එවමහං සංසරිත්වා පරිවජ්ජෙන්තො අනාචාරං දුක්කටං ච කතං මය්හං බොධියා එවකාරණාති
තත්ථ භූමන්තලික්ඛකුසලොති භූමිසික්ඛාසු ච අන්තලික්ඛෙසු ච ජොතිචක්කාචාරෙ ජොතිවිජ්ජාය ච කුසලොති අත්ථො. උපට්ඨකොති උපට්ඨායකො. සප්පතිස්සොති සප්පතිස්සයො. නිබ්බුතොති විනීතො, විස්සුතො වා. තතියෙ ඵලෙති නිමිත්තසත්තමී, තතියඵලාධිගමහෙතු නිබ්බුතොති අත්ථො. ආදායාති මං ගහෙත්වා. වත්තාවත්තෙසූති ඛුද්දකවත්තමහාවත්තෙසු. කොවිදොති තෙසං පූරණෙ කුසලො. න ක්වචි පරිහායාමීති ක්වචිපි සීලෙසු වා සමාධිසමාපත්තිආදීසු වා කත්ථචි කුතොපි න පරිහායාමි, සබ්බත්ථ මෙ පරිහානි නාම න විජ්ජතීති දීපෙති. “න කොචි පරිහායාමී”තිපි පාඨො, සොයෙවත්ථො.
එහි භුම්මන්තළික්ඛෙ කුසලො යනු; බිම් පරීක්ෂාවෙහි ද ජ්‍යොතිෂ චක්රාචාරයෙහි ජ්‍යොතිර් විද්‍යාවෙහි ද දක්ෂ වූයේ යන අර්ථයයි. උපට්ඨාකො යනු; උපස්ථායක වූයේ. සප්පතිස්සො යනු; සප්පතිස්සයො යනුයි. ප්‍රධානියෙක්. නිබ්බුතො යනු; විනීත වූයේ හෝ ප්‍රකට වූයේ. තත්වයෙ ඵලෙ යනු; නිමිත්ත සත්තමියයි. තුන්වන ඵලය අවබෝධ කිරීම හේතුවෙන් නිවුණේ යන අර්ථයි. ආදාය යනු; ගෙන. වත්තාවකෙසු යනු; කුඩාවත් මහවත්හි. කොවිදො යනු; දක්ෂ වූයේ. ඒවා පිරීමෙහි දක්ෂ වූයේ. න ක්වචි පරිහායාමි යනු; යම්කිසි සීලයන්හි හෝ සමාධි සමාපත්ති ආදියෙහි හෝ කිසිතැනෙක කොතැනින් හෝ නොපිරිහෙමි. සැමතන්හි මාගේ පිරිහීමක් නම් නැතැයි දක්වයි. න කොචි පරිහායාමි කියා ද පාඨයි. අර්ථය එයමැයි.
යාවතාති පරිච්ඡෙදවචනමෙතං, යාවතකන්ති අත්ථො. බුද්ධභණිතන්ති බුද්ධවචනං. සොභයින්ති සොභෙසිං පකාසෙසිං. මම අච්ඡරියන්ති මම සම්මාපටිපත්තිං අඤ්ඤෙහි අසාධාරණං අච්ඡරියං අබ්භුතං කස්සපො භගවා දිස්වාති අත්ථො. සංසරිත්වාති සංසාරෙ සංසරිත්වා. අනාචරන්ති අනාචාරං අකත්තබ්බං, අකරණීයන්ති අත්ථො.
යාචතා යනු; මෙය සීමාවාචක පදයකි. යම්තාක් යන අර්ථයි. බුද්ධභණිතං යනු; බුද්ධවචනයයි. සොභයිං යනු; සොභාමත් කළෙමි. මම අච්ඡරියං යනු; මාගේ සම්‍යක් ප්‍රතිපදාව අන්යයට වඩා අසාධාරණ ආශ්චර්ය අද්භූතය. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ (මා) දැක යන අර්ථයි.
තස්ස පන කස්සපස්ස භගවතො ජාතනගරං බාරාණසී නාම අහොසි, බ්රහ්මදත්තො නාම බ්රාහ්මණො පිතා, පරමගුණවතී ධනවතී නාම බ්රාහ්මණී මාතා, තිස්සො ච භාරද්වාජො ච ද්වෙ අග්ගසාවකා, සබ්බමිත්තො නාමුපට්ඨාකො, අනුළා ච උරුවෙළා ච ද්වෙ අග්ගසාවිකා, නිග්රොධරුක්ඛො බොධි, සරීරං වීසතිහත්ථුබ්බෙධං අහොසි, වීසතිවස්සසහස්සානි ආයු, සුනන්දා නාමස්ස අග්ගමහෙසී, විජිතසෙනො නාම පුත්තො, පාසාදයානෙන නික්ඛමි. තෙන වුත්තං –
සංසරිත්වා යනු; සසර සැරිසරා. අනාධාරං යනු; අනාචාරය නොකළයුත්ත නොකටයුත්ත යන අර්ථයි. ඒ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ උපන් නුවර බාරාණසී නම්විය. බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ පියාණෝය. පරම ගුණවත් ධනවතී නම් බ්‍රාහ්මණිය මෑණියෝය. තිස්ස භාරද්වාජ දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සබ්බමිත්ත නමි. අනුලා උරුවෙලා දෙනම අග්රශ්රාවිකාවෝය. නිග්‍රෝධ රුක බෝධියයි. ශරීරය විසිරියන් උස්විය. ආයුෂ විසිවස් දහසකි. උන්වහන්ගේ අගමෙහෙසි බිරිඳ නන්දා නමි. පුත්‍රයා විජිතසේන නමි. ප්‍රාසාද යානයෙන් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-
“නගරං බාරාණසී නාම, කිකී නාමාසි ඛත්තියො; වසතෙ තත්ථ නගරෙ, සම්බුද්ධස්ස මහාකුලං.
නගරං බාරාණසී නාම කිකීනාමාසි ඛත්තියො වසති තත්ථ නගරෙ සම්බුද්ධස්ස මහාකුලං
“බ්රාහ්මණො බ්රහ්මදත්තොව, ආසි බුද්ධස්ස සො පිතා; ධනවතී නාම ජනිකා, කස්සපස්ස මහෙසිනො.
බ්රාහ්මණො බ්රහ්මදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා මාතා ධනවතී නාම කස්සපස්ස මහෙසිනො
“තිස්සො ච භාරද්වාජො ච, අහෙසුං අග්ගසාවකා; සබ්බමිත්තො නාමුපට්ඨාකො, කස්සපස්ස මහෙසිනො.
තිස්සො ච භාරද්වාජොච අහෙසුං අග්ගසාවකා සබ්බමිත්තො උපට්ඨාකො කස්සපස්ස මහෙසිනො
“අනුළා උරුවෙළා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, නිග්රොධොති පවුච්චති.
අනුලා ච උරුවෙලා ච අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො නිග්රොධොති පවුච්චති
“උච්චත්තනෙන සො බුද්ධො, වීසතිරතනුග්ගතො; විජ්ජුලට්ඨීව ආකාසෙ, චන්දොව ගහපූරිතො.
උච්චත්තනෙන සො බුද්ධො වීසතිරතනමුග්ගතො විජ්ජුලට්ඨිව ආකාසෙ චන්දොව ගහපූරිතො
“වීසතිවස්සසහස්සානි , ආයු තස්ස මහෙසිනො; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
වීසතිවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා කිට්ඨමානො සො කාරෙසි ජනතං බහුං
“ධම්මතළාකං මාපයිත්වා, සීලං දත්වා විලෙපනං; ධම්මදුස්සං නිවාසෙත්වා, ධම්මමාලං විභජ්ජිය.
ධම්මතළාකං මාපෙත්වා සීලං දත්වා විලෙපනං ධම්මදුස්සං නිවාසෙත්වා ධම්මමාලං විභජ්ජීය
“ධම්මවිමලමාදාසං , ඨපයිත්වා මහාජනෙ; කෙචි නිබ්බානං පත්ථෙන්තා, පස්සන්තු මෙ අලඞ්කරං.
ධම්මවිමලමාදාසං ඨපයිත්වා මහාජනෙ කෙචි නිබ්බාණං පත්ථෙන්තා පස්සන්තු මෙ අලංකරං
“සීලකඤ්චුකං දත්වාන, ඣානකවචවම්මිතං; ධම්මචම්මං පාරුපිත්වා, දත්වා සන්නාහමුත්තමං.
සීලකඤ්චුකං දත්වාන ඣානකවචවම්මිතං ධම්මචම්මං පාරුපිත්වා දත්වා සන්නාහමුත්තමං
“සතිඵලකං දත්වාන, තිඛිණං ඤාණකුන්තිමං; ධම්මඛග්ගවරං දත්වා, සීලසංසග්ගමද්දනං.
සතිඵලකං දත්වාන තිඛිණං ඤාණකුන්තිමං ධම්මඛග්ගවරං දත්වා සීලං සංසග්ගමද්දනං
“තෙවිජ්ජාභූසනං දත්වාන, ආවෙළං චතුරො ඵලෙ; ඡළභිඤ්ඤාභරණං දත්වා, ධම්මපුප්ඵපිළන්ධනං.
තෙවිජ්ජභූසනං දත්වා ආවෙලං චතුරො එලෙ ජළභිඤ්ඤාභරණං දත්වා ධම්මපුප්ඵපිළාන්ධනං
“සද්ධම්මපණ්ඩරච්ඡත්තං , දත්වා පාපනිවාරණං; මාපයිත්වාභයං පුප්ඵං, නිබ්බුතො සො සසාවකො.
සද්ධම්ම පණ්ඩරච්ඡත්තං දත්වා පාපනිවාරණං මාපයිත්වාභයං පුප්ඵං නිබ්බුතො සො සසාවකො
“එසො හි සම්මාසම්බුද්ධො, අප්පමෙය්යො දුරාසදො; එසො හි ධම්මරතනො, ස්වාක්ඛාතො එහිපස්සිකො.
එසො හි සම්මා සම්බුද්ධො අප්පමෙය්යො දුරසදො එසො හි ධම්මරතනො ස්වාක්ඛාතො එහිපස්සිකො
“එසො හි සඞ්ඝරතනො, සුප්පටිපන්නො අනුත්තරො; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
එසො හි සංඝරතනො සුප්පටිපන්නො අනුත්තරො සබ්බං සමන්තරහිතං නනුරිත්තා සබ්බසංඛාරාති
තත්ථ විජ්ජුලට්ඨීවාති ඝනභාවෙන සණ්ඨිතා විජ්ජුලතා විය. චන්දොව ගහපූරිතොති පරිවෙසගහපරික්ඛිතො පුණ්ණචන්දො විය. ධම්මතළාකං මාපයිත්වාති පරියත්තිධම්මතළාකං මාපයිත්වා. සීලං දත්වා විලෙපනන්ති චතුපාරිසුද්ධිසීලසඞ්ඛාතං චිත්තසන්තතිවිභූසනත්ථං විලෙපනං දත්වා . ධම්මදුස්සං නිවාසෙත්වාති හිරොත්තප්පධම්මසඞ්ඛාතං සාටකයුගං නිවාසෙත්වා. ධම්මමාලං විභජ්ජියාති සත්තත්තිංසබොධිපක්ඛියධම්මකුසුමමාලං විභජිත්වා. විදහිත්වාති අත්ථො.
එහි විජ්ජුලට්ඨිව යනු; මෙය භාවයෙන් සිටි විදුලියක් මෙන්. චන්දොව ගහපූරිතො යනු; පිරිවර ග්‍රහයන් වටකරන ලද සඳ මෙන්. ධම්මතළාකං මාපෙත්වා යනු; පර්යාප්තිධර්ම තටාකය මවා. සීලං දත්වා විලෙපනං යනු; චතුපාරිශුද්ධිශීල සංඛ්‍යාත චිත්තසන්තතිය සැරසීම පිණිස වූ විලෙපනයදී. ධම්මදුස්සං නිවාසොත්වා යනු; හිරි ඔත්තප්ප සංඛ්‍යාත සළුයුගල හඳවා. ධම්මමාලං විභජ්ජිය යනු; සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් කුසුමමාලාව බෙදා. සරසා යන අර්ථයි.
ධම්මවිමලමාදාසන්ති විමලං සොතාපත්තිමග්ගසඞ්ඛාතං ආදාසං සාවජ්ජානවජ්ජකුසලාකුසලධම්මසල්ලක්ඛණත්ථං මහාජනස්ස ධම්මතළාකතීරෙ ධම්මාදාසං ඨපෙත්වාති අත්ථො. මහාජනෙති මහාජනස්ස. කෙචීති යෙ කෙචි. නිබ්බානං පත්ථෙන්තාති සබ්බාකුසලමලවිලයකරං අමතමසඞ්ඛතමනීතිකං පරමසන්තං අච්චුතිරසං නිබ්බානං පත්ථෙන්තා විචරන්ති. තෙ ඉමං අලඞ්කාරං වුත්තප්පකාරං මයා දස්සිතං පස්සන්තූති අත්ථො. “නිබ්බානමභිපත්ථෙන්තා, පස්සන්තු මං අලඞ්කර”න්තිපි පාඨො, සොයෙවත්ථො. අලඞ්කරන්ති රස්සං කත්වා වුත්තං.
ධම්මවිමලමාදාසං යනු; නිර්මල වූ සෝවාන් මාර්ග සංඛ්‍යාත දර්පණතලය. සාවද්‍ය නිරවද්‍ය කුසල අකුසල ධර්ම සැලකීම පිණිස මහජනයාට ධර්මතටාක කෙරෙහි ධර්ම දර්පණය තබා යන අර්ථයි. මහාජනො යනු; මහජනයාට. කෙචි නිබ්බා නං පත්ථෙන්තා යනු; නිර්මල වූද සෝවාන්මග සියලු අකුසල කිලිටි නසා දමන අමෘත සංඛ්‍යාත අසංඛත අනීතික පරමශාන්ත අච්චුතිරස නිර්වාණය පතන්නාහු හැසිරෙති. ඔවුහු උක්තප්‍රකාර මා විසින් දක්වන ලද අලංකාරය දකිත්වා යන අර්ථයි. නිබ්බානම්භිපත්ථෙන්තො පසීයන්තුඛ අලංකරං යනු ද පාඨයි. අර්ථය එයමැයි. අලංකරං යයි හ්‍රස්ව කොට දක්වන ලදි.
සීලකඤ්චුකං දත්වානාති පඤ්චසීලදසසීලචතුපාරිසුද්ධිසීලමයං කඤ්චුකං දත්වා. ඣානකවචවම්මිතන්ති චතුක්කපඤ්චකජ්ඣානකවචබන්ධං බන්ධිත්වා. ධම්මචම්මං පාරුපිත්වාති සතිසම්පජඤ්ඤසඞ්ඛාතධම්මචම්මං පාරුපිත්වා. දත්වා සන්නාහමුත්තමන්ති උත්තමං චතුරඞ්ගසමන්නාගතං වීරියසන්නාහං දත්වාති අත්ථො. සතිඵලකං දත්වානාති රාගාදිදොසාරිපාපනිවාරණත්ථං චතුසතිපට්ඨානඵලකනිවාරණං දත්වා. තිඛිණං ඤාණකුන්තිමන්ති පටිවෙධසමත්ථං තිඛිණවිපස්සනාඤාණකුන්තවන්තං, විපස්සනාඤාණනිසිතකුන්තවරන්ති අත්ථො, කිලෙසබලනිධනකරසමත්ථං වා යොගාවචරයොධවරං ඨපෙත්වාති අත්ථො. ධම්මඛග්ගවරං දත්වාති තස්ස යොගාවචරස්ස වීරියුපලතලනිසිතධාරං මග්ගපඤ්ඤාවරඛග්ගං දත්වා. සීලසංසග්ගමද්දනන්ති අරියං ලොකුත්තරසීලං කිලෙසසංසග්ගමද්දනත්ථාය, කිලෙසනිඝාතනත්ථායාති අත්ථො.
සීලකඤ්චුකං යනු; පන්සිල් දසසිල් සිවුපිරිසිදු සිල්මවූ සැට්ටය. ඣානකවචවම්මිතං යනු; චතුෂ්ක පංචක ධ්‍යාන සන්නාහය බැඳ ධම්මචම්මං පාරූජිත්වා යනු; සතිසම්පජඤ්ඤ සංඛ්‍යාත සන්නාහය පෙරවා දත්වා සන්නාහමුත්තමං යනු; උතුම් චතුරංග සමන්නාගත වීර්යය නමැති සන්නාහය දී කොට යන අර්ථයි. සතිඵලකං දත්වාන යනු; රාගාදී දොස් නමැති සතුරන් වැළැක්වීම පිණිස සතර සතිපට්ඨාන නමැති පලිහ දී. තිඛිණං ඤාණකුන්තිමං යනු; ප්‍රතිවේධ සමර්ථතා ඇති තියුණු විදර්ශනාඥාන නමැති කුන්ත ඇති විදර්ශනාඥාන නමැති මුවහත් උතුම් කුන්තය යන අර්ථයි. කෙලෙස්බල නසන යෝගාවචරයා සිටුවා යන අර්ථයි. ධම්මඛග්ගවරං දත්වා යනු; වීර්යය නමැති ගලගා සියුම් මුවහත් කළ මාර්ගප්රඥා නමැති උතුම් කඩුව දී. සීලං සංසග්ගමද්දනං යනු; ආර්ය ලෝකෝත්තර ශීලය, කෙලෙස් සංසර්ග මර්දනය පිණිස, කෙලෙස් නැසීම පිණිස යන අර්ථයි.
තෙවිජ්ජාභූසනං දත්වාති තෙවිජ්ජාමයං විභූසනං දත්වා. ආවෙළං චතුරො ඵලෙති චත්තාරි ඵලානි වටංසකං කත්වා. ඡළභිඤ්ඤාභරණන්ති ආභරණත්ථාය අලඞ්කාරකරණත්ථාය ඡ අභිඤ්ඤායො දත්වා. ධම්මපුප්ඵපිළන්ධනන්ති නවලොකුත්තරධම්මසඞ්ඛාතං කුසුමමාලං කත්වා. සද්ධම්මපණ්ඩරච්ඡත්තං, දත්වා පාපනිවාරණන්ති අච්චන්තවිසුද්ධං විමුත්තිසෙතච්ඡත්තං සබ්බාකුසලාතපනිවාරණං දත්වා. මාපයිත්වාභයං පුප්ඵන්ති අභයපුරගාමිනං අට්ඨඞ්ගිකමග්ගං පුප්ඵං කත්වාති අත්ථො.
තෙවිජ්ජා භූසණං දත්වා යනු; ත්රිවිද්යාමය ආභරණ දී. ආවෙලං චතුරො එලෙ යනු; සතර ඵල මුදුන්මල්කඩ කොට. ඡළභිඤ්ඤා භරණං යනු; ආභරණ පිණිස සැරසිලි කිරීම පිණිස ෂඩභිඥාවන් දී. ධම්ම පුප්ඵපිළන්ධකං යනු; නවලෝකෝත්තර ධර්ම සංඛයාත කුසුම මාලා කොට. සද්ධම්ම පණ්ඩරච්ඡත්තං දත්වා පාප නිවාරණං යනු; සියලු අකුසල් නමැති අව්ව වැළැක්වීම පිණිස විමුක්ති නමැති සේසත දී. මාපධිත්වා භයං පුප්ඵං යනු; අභය පුරගාමී අෂ්ටාංගික මාර්ග විකසිත කොට යන අර්ථයි.
කස්සපො කිර භගවා කාසිරට්ඨෙ සෙතබ්යනගරෙ සෙතබ්යුය්යානෙ පරිනිබ්බායි. ධාතුයො කිරස්ස න විකිරිංසු. සකලජම්බුදීපවාසිනො මනුස්සා සන්නිපතිත්වා එකෙකං සුවණ්ණිට්ඨකං කොටිඅග්ඝනකං රතනවිචිත්තං බහිචිනනත්ථං එකෙකං අඩ්ඪකොටිඅග්ඝනකං අබ්භන්තරපූරණත්ථං මනොසිලාය මත්තිකාකිච්චං තෙලෙන උදකකිච්චං කරොන්තො යොජනුබ්බෙධං ථූපමකංසු.
කස්සප භාග්‍යවතුන් වහන්සේ කසීරට සේතව්‍ය නුවර සේතව්‍ය උයන්හි පිරිනිවි සේක. උන්වහන්සේගේ ධාතු නොවිසුරුණේය. සියලු දඹදිව් වැසි මිනිස්සු රැස්ව කෙළක් අගනා එක් එක් රන්ගඩොළුද පිටත සැරසිලි සඳහා රුවන් එබූ අඩකෙළක් අගනා එක් එක් ගඩොළු ද ඇතුළත පිරවීම සඳහා මනොසිලාමය මැටිකිසද උදක කෘත්‍යය සඳහා තෙල් ද ගෙන යොදුනක් උස ස්තූපයක් කළහ.
“කස්සපොපි භගවා කතකිච්චො, සබ්බසත්තහිතමෙව කරොන්තො; කාසිරාජනගරෙ මිගදායෙ, ලොකනන්දනකරො නිවසී”ති.
කළ කිස ඇති ලෝකානන්දකර කසුප් භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන්ට හිතවැඩම සලසමින් කාසිරාජ නගරයෙහි මිගදායෙහි විසූ සේක.
සෙසගාථාසු සබ්බත්ථ පාකටමෙවාති.
සෙසු ගාථාවල සියලු අර්ථ ප්රකටය.
ඉති මධුරත්ථවිලාසිනියා බුද්ධවංස-අට්ඨකථාය
මෙසේ මධුරත්ථ විලාසිනී බුද්ධවංස අට්ඨකථාවෙහි
කස්සපබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
කස්සප බුද්ධවංස වර්ණනාව නිමියේය.
එත්තාවතා චතුවීසතියා බුද්ධානං බුද්ධවංසවණ්ණනා සබ්බාකාරෙන නිට්ඨිතා.
මෙතෙකින් සූවිසි බුදුවරයන් වහන්සේලාගේ වර්ණනාව සියලු අයුරින් සමාප්තය.