යෙදුමෙන් කියවන්න

දූරෙනිදානකථා අට‍්ඨකථා

දූරෙනිදානකථා

දූරෙනිදානකථා

“ඉදානි යස‍්මා අම‍්හාකං, බුද‍්ධවංසස‍්ස වණ‍්ණනා; අනුක‍්කමෙන සම‍්පත‍්තා, තස‍්මායං තස‍්ස වණ‍්ණනා”.

දැන් අප බුදුරදුන්ගේ වංස වර්ණනාව ක්‍රමයෙන් පැමිණියේය. එහෙයින් මේ එහි වර්ණනාවයි.

තත්‍ථ අම‍්හාකං බොධිසත‍්තො දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ අධිකාරං කරොන‍්තො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි ආගතො. කස‍්සපස‍්ස පන භගවතො ඔරභාගෙ ඨපෙත්‍වා ඉමං සම‍්මාසම‍්බුද‍්ධං අඤ‍්ඤො බුද‍්ධො නාම නත්‍ථි. ඉති දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ ලද‍්ධබ්‍යාකරණො පන බොධිසත‍්තො යෙනෙන –

එහිලා අප බෝසතාණෝ දීපංකරාදි සූවිසි බුදුවරුන් හමුවෙහි ප්‍රාර්ථනා කරමින් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පැමිණියහ. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් පසුභාගයෙහි මේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හැර වෙනත් බුදුකෙනෙක් නම් නැත්තාහ, මෙසේ දීපංකරාදි සූවිසි බුදුවරුන් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ යම් ඒ

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59) –

මනුෂ්‍යත්‍වය ලිංගසම්පත්තිය හේතු ශාස්තෘන් වහන්සේ හමුව පැවිද්ද ගුණ සම්පත්තිය ප්‍රාර්ථනාව යන අටදහම ගැළපීමෙන් ප්‍රාර්ථනාව සපිරෙයි යන

ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරෙන “හන්‍ද, බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො”ති උස‍්සාහං කත්‍වා “විචිනන‍්තො තදාදක‍්ඛිං, පඨමං දානපාරමි”න‍්ති දානපාරමිතාදයො බුද‍්ධකාරකධම‍්මා දිට‍්ඨා, තෙ පූරෙන‍්තො යාව වෙස‍්සන‍්තරත‍්තභාවා ආගමි, ආගච‍්ඡන‍්තො ච යෙ තෙ කතාභිනීහාරානං බොධිසත‍්තානං ආනිසංසා සංවණ‍්ණිතා –

මේ අටදහම ගළපා දිවතුරු පාමුල්හි කරන ලද ප්‍රාර්ථනයෙන් ඒකාන්තයෙන් සැමතැන බුද්ධකාරක ධර්මයන් සොයමි. සොයන්නෙම් පළමු දාන පාරමිතාව දිටිමි’යි දාන පාරමිතාදී බුද්ධකාරක ධර්මයන් දුටහ. ඒවා පුරන්නාහු වෙස්සන්තරාත්මභාවය දක්වා පැමිණියහ. පැමිණෙන්නාහු කරන ලද යම් ඒ අභිනීහාරයන්හි ආනිසංස වර්ණනා කරන ලදි.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නා, බොධියා නියතා නරා; සංසරං දීඝමද‍්ධානං, කප‍්පකොටිසතෙහිපි.

මෙසේ සකලාංග සම්පූර්ණ බුදුබවට නියත පුද්ගලයෝ කල්පකෝටි සියගණන් දිග සසර සැරිසරන්නාහු නමුදු අවීචියෙහි නූපදිති. එසේම ලෝකාන්තරිකවල ද නූපදිති. නිජ්ඣාමතණ්හික ඛුප්පිපාස කාලකඤ්ජක නොවෙති. දුගතියෙහි ඉපදුනද ක්‍ෂුද්‍රප්‍රාණීහු නොවෙති. මිනිසුන් අතර උපදනා ඔවුහු ජාත්‍යන්‍ධයෝ නොවෙති.

“අවීචිම‍්හි නුප‍්පජ‍්ජන‍්ති, තථා ලොකන‍්තරෙසු ච; නිජ‍්ඣාමතණ‍්හා ඛුප‍්පිපාසා, න හොන‍්ති කාළකඤ‍්ජිකා.

“න හොන‍්ති ඛුද‍්දකා පාණා, උප‍්පජ‍්ජන‍්තාපි දුග‍්ගතිං; ජායමානා මනුස‍්සෙසු, ජච‍්චන්‍ධා න භවන‍්ති තෙ.

“සොතවෙකල‍්ලතා නත්‍ථි, න භවන‍්ති මූගපක‍්ඛිකා; ඉත්‍ථිභාවං න ගච‍්ඡන‍්ති, උභතොබ්‍යඤ‍්ජනපණ‍්ඩකා.

කර්ණ විකලතා නොවෙයි. ගොළු නොවෙති. ස්ත්‍රීත්‍වයට නොයති. උභතොඛ්‍යඤ්ජක පණ්ඩක නොවෙති.

“න භවන‍්ති පරියාපන‍්නා, බොධියා නියතා නරා; මුත‍්තා ආනන‍්තරිකෙහි, සබ‍්බත්‍ථ සුද‍්ධගොචරා.

බෝධියට නියත උතුමෝ පර්යාපන්න නොවෙති. ආනන්තරිකයන්ගෙන් වෙන්වූවාහු හැමතන්හි පිරිසිදු චර්යා ඇත්තෝ කර්මවාදී ක්‍රියාවාදී දර්ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිය ඇසුරු නොකරති. ස්වර්ගයෙහි සිටියත් අසංඥ තලයෙහි නූපදිති.

“මිච‍්ඡාදිට‍්ඨිං න සෙවන‍්ති, කම‍්මකිරියදස‍්සනා; වසමානාපි සග‍්ගෙසු, අසඤ‍්ඤං නූපපජ‍්ජරෙ.

“සුද‍්ධාවාසෙසු දෙවෙසු, හෙතු නාම න විජ‍්ජති; නෙක‍්ඛම‍්මනින‍්නා සප‍්පුරිසා, විසංයුත‍්තා භවාභවෙ; චරන‍්ති ලොකත්‍ථචරියායො, පූරෙන‍්ති සබ‍්බපාරමී”ති. (ධ· ස· අට‍්ඨ· නිදානකථා; අප· අට‍්ඨ· 1.දූරෙනිදානකථා; ජා· අට‍්ඨ· 1.දූරෙනිදානකථා; චරියා· අට‍්ඨ· පකිණ‍්ණකකථා);

සුදවැසි දෙවියන් අතර ඉපදීමට හේතුවක් නොවෙයි. නෛෂ්ක්‍රම්‍යයට නැමුණු සත්පුරුෂයෝ සසර නොඇලී සියලු පාරමී පුරන්නාහු ලෝකාර්ථචර්යාවෙහි හැසිරෙති.

තෙ ආනිසංසෙ අධිගන‍්ත්‍වාව ආගතො. එවං ආගච‍්ඡන‍්තො වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨිතො –

එම ආනිශංස ලබා පැමිණියහ. මෙසේ පැමිණෙන්නාහු වෙසතුරු අත්බැව්හි සිටියාහු.

“අචෙතනායං පථවී, අවිඤ‍්ඤාය සුඛං දුඛං; සාපි දානබලා මය‍්හං, සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථා”ති. (චරියා· 1.124) –

අචේතනව මේ පොළොව සුවදුක් නොදැන මාගේ දාන බලයෙන් සත්වරක් කම්පාවිය.

එවං මහාපථවිකම‍්පනාදීනි මහාපුඤ‍්ඤානි කත්‍වා ආයුපරියොසානෙ තතො චවිත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්ති.

මෙසේ මහපොළොව කම්පා කරවන මහපින් කොට ආයු කෙළවර එතැනින් චුතව තුසිත භවනයෙහි උපන්හ.