අවිදූරෙනිදානකථා අට්ඨකථා
අවිදූරෙනිදානකථා
අවිදූරෙනිදානකථා
තුසිතපුරෙ වසමානෙයෙව පන බොධිසත්තෙ බුද්ධකොලාහලං නාම උදපාදි. ලොකස්මිඤ්හි තීණි කොලාහලානි උප්පජ්ජන්ති. සෙය්යථිදං – කප්පකොලාහලං, බුද්ධකොලාහලං, චක්කවත්තිකොලාහලන්ති. තත්ථ “වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සතී”ති ලොකබ්යූහා නාම කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදමුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා මනුස්සපථෙ විචරන්තා එවං ආරොචෙන්ති – “මාරිසා, මාරිසා, ඉතො වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සති, අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දොපි උස්සුස්සිස්සති, අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උඩ්ඩය්හිස්සන්ති විනස්සිස්සන්ති, යාව බ්රහ්මලොකා ලොකවිනාසො භවිස්සති, මෙත්තං, මාරිසා, භාවෙථ, කරුණං මුදිතං උපෙක්ඛං, මාරිසා, භාවෙථ, මාතරං පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථා”ති. ඉදං කප්පකොලාහලං නාම.
බෝසතුන් තුසිත භවනයෙහි වසද්දී බුද්ධකෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. ලොව වනාහි තුන් කෝලාහලයක් උපදී. ඒ මෙසේයි. කල්ප කෝලාහලය බුද්ධ කෝලාහලය චක්‍රවර්ති කෝලාහලය කියායි. එහි වසර ලක්ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යයි ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදාගෙන කෙස් විසුරුවා ගෙන හැඬූ මුහුණින් අතින් කඳුළු පිසිමින් රතුපිළි හැඳ අතිශයින් විරූපවෙස් ඇතිව මිනිස් පියෙස්හි ගැවසෙමින් මෙසේ දැනුම් දෙති. නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් වසර ලක්ෂයක් ඇවෑමෙන් කප නැගීම වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් වියලෙයි. මේ මහපොළවත් මහාමෙරු පර්වත රාජයාත් දැවෙයි. වැනසෙයි. බූඹලොව දක්වා ලෝක විනාශය වෙයි. නිදුක්වරුනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩව්. මවට, පියාට උපස්ථාන කරව්. කුලදෙව් වන් පුදන්නෝ වව් කියායි. මෙය කල්ප කෝලාහලයයි.
“වස්සසහස්සස්ස අච්චයෙන පන සබ්බඤ්ඤුබුද්ධො ලොකෙ උපජ්ජිස්සතී”ති ලොකපාලදෙවතා – “ඉතො, මාරිසා, වස්සසහස්සස්ස අච්චයෙන බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තියො ආහිණ්ඩන්ති. ඉදං බුද්ධකොලාහලං නාම.
වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් සර්වඥ බුදුකෙනෙක් ලොව උපදනාහයි ලෝකපාල දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර ලක්ෂයක් ගියකල බුදුකෙනෙක් ලොව උපදනාහයි උද්ඝෝෂණය කරමින් ඇවිදිති. මෙය බුද්ධ කෝලාහල නමි.
“වස්සසතස්ස අච්චයෙන චක්කවත්තිරාජා උප්පජ්ජිස්සතී”ති දෙවතා – “ඉතො, මාරිසා, වස්සසතස්ස අච්චයෙන චක්කවත්තිරාජා උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තියො ආහිණ්ඩන්ති. ඉදං චක්කවත්තිකොලාහලං නාම (ඛු· පා· අට්ඨ· 5.මඞ්ගලපඤ්හසමුට්ඨානකථා; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා).
වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය චක්‍රවර්ති කෝලාහලය නමි.
තෙසු බුද්ධකොලාහලසද්දං සුත්වා සකලදසසහස්සචක්කවාළදෙවතා එකතො සන්නිපතිත්වා – “අසුකො නාම සත්තො බුද්ධො භවිස්සතී”ති ඤත්වා උපසඞ්කමිත්වා ආයාචන්ති, ආයාචමානා ච තස්ස පුබ්බනිමිත්තෙසු උප්පන්නෙසු ආයාචන්ති. තදා පන සබ්බාපි තා එකෙකචක්කවාළෙ චතුමහාරාජ-සක්ක-සුයාම-සන්තුසිත-සුනිම්මිත-වසවත්ති-මහාබ්රහ්මෙහි සද්ධිං එකචක්කවාළෙ සන්නිපතිත්වා තුසිතභවනෙ උප්පන්නචුතිනිමිත්තස්ස බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා – “මාරිස, තුම්හෙහි දස පාරමියො පූරිතා, පූරෙන්තෙහි ච න සක්කබ්රහ්මසම්පත්තිආදිකං සම්පත්තිං පත්ථෙන්තෙහි පූරිතා, ලොකනිත්ථරණත්ථාය පන වො සබ්බඤ්ඤුතං පත්ථෙන්තෙහි පරිපූරිතා බුද්ධත්තාය –
එයින් බුද්ධ කෝලාහලය අසා සියලු දසදහසක් සක්වළ දේවතාවෝ එකට රැස්ව අසවල් නම් සත්ත්වයා බුදුවන්නේ යයි දැන වෙත පැමිණ ආයාචනා කරති. ආයාචනා කරන්නාහු උන්වහන්සේගේ පෙරනිමිති උපන්කල්හි ආයාචනා කරති. එකල්හි වනාහි ඒ සියලුම එක් එක් සක්වළ චතුම්මහාරාජ ශක්‍ර සුයාම සන්තුසිත වසවර්ති මහාබ්‍රහ්මයන් සමග එක් සක්වළෙක රැස්ව තුසිත භවනයෙහි උපන් චුතිනිමිති ඇති බෝසතුන් වෙත ගොස් නිදුකාණනි, ඔබවහන්සේ විසින් දසපැරුම් පුරන ලදි. පුරද්දී ශක්‍ර බ්‍රහ්ම ආදි සම්පතක් පතමින් නොපුරන දි. ලෝකයා එතෛර කරනු පිණිසම බුද්ධත්වය පතාගෙන සපුරන ලදි. බුදුබව පිණිස-
“කාලො ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –
මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මවුකුස උපදිනු මැනවි. දෙවියන් සහිත ලෝකයා තරණය කරමින් අමාපදය අවබෝධ කරනු මැනවි.
යාචිංසු.
කියා ආයාචනා කළහ.
අථ මහාසත්තො දෙවතාහි එවං ආයාචියමානො දෙවතානං පටිඤ්ඤං අදත්වාව කාල-දීප-දෙස-කුල-ජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්ච මහාවිලොකනානි විලොකෙසි. තත්ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්ථ වස්සසතසහස්සතො උද්ධං වඩ්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස්මා? තදා හි සත්තානං ජාතිජරාමරණානි න පඤ්ඤායන්ති, බුද්ධානඤ්ච ධම්මදෙසනා තිලක්ඛණමුත්තා නාම නත්ථි, තෙසං “අනිච්චං දුක්ඛමනත්තා”ති කථෙන්තානං “කිං නාමෙතං කථෙන්තී”ති නෙව සොතබ්බං න සද්ධාතබ්බං මඤ්ඤන්ති, තතො අභිසමයො න හොති, තස්මිං අසති අනිය්යානිකං සාසනං හොති. තස්මා සො අකාලො. වස්සසතතො ඌනආයුකාලොපි කාලො න හොති. කස්මා? තදා සත්තා උස්සන්නකිලෙසා හොන්ති, උස්සන්නකිලෙසානඤ්ච දින්නොවාදො ඔවාදට්ඨානෙ න තිට්ඨති, උදකෙ දණ්ඩරාජි විය ඛිප්පං විගච්ඡති. තස්මා සොපි අකාලො. වස්සසතසහස්සතො පන පට්ඨාය හෙට්ඨා වස්සසතතො පට්ඨාය උද්ධං ආයුකාලො කාලො නාම. තදා පන වස්සසතකාලො අහොසි. අථ මහාසත්තො “නිබ්බත්තිතබ්බකාලො”ති කාලං පස්සි.
මෙසේ දෙවියන් විසින් අයදිනු ලබන්නාහු දෙවියන්ට ප්‍රතිඥාවක් නොදීම කාල දීප දේස කුල මවගේ ආයු පරිච්ඡේදය වශයෙන් පස්මහබැලුම් බැලූහ. එහි වර්ෂ ලක්ෂයකින් වැඩි ආයු කාලය කාලනම් නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නොවෙයි. බුදුවරුන්ගේ ධර්මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නොවෙයි. අනිච්ච දුක්ඛං අනත්තායි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේදැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නොහඟිති. එසේ ඇතිකල සසුන අනෛර්යානික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයන් අඩු ආයු කාලය ද කාලය නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙති. උත්සන්න කෙලෙස් ඇත්තවුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නොසිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එයද අකාලයයි. වර්ෂ ලක්ෂයෙහි පටන් යට වර්ෂා සියයෙහි පටන් උඩ ආයු කාලය කාල නමි. එකල වනාහි සියවස් ආයුකාලය විය. එවිට මහසත්හු ඉපදිය යුතු කාලයයි දුටහ.
තතො දීපං ඔලොකෙන්තො සපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා – “තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තී”ති දීපං පස්සි.
ඉක්බිති ද්වීපය බලන්නාහු පිරිවර සහිත සතර දිවයින් බලා තුන් දිවයිනක බුදුවරු නූපදිති. දඹදිවම උපදිතියි ද්වීපය දුටහ.
තතො “ජම්බුදීපො නාම මහා, දසයොජනසහස්සපරිමාණො. කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති ඔකාසං ඔලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. “කපිලවත්ථු නාම නගරං, තත්ථ මයා නිබ්බත්තිතබ්බ”න්ති නිට්ඨමගමාසි.
ඉක්බිති දඹදිව නම් දසදහස් යොදුන් පමණ විශාලය. කවර නම් පෙදෙසක බුදුවරු උපදිත්දැයි අවකාශ බලන්නාහු මධ්‍යමදේශය දුටහ. කපිලවත්ථු නගරයයි, මා එහි ඉපදිය යුතුයයි නිෂ්ටාවට පැමිණියහ.
තතො කුලං විලොකෙන්තො – “බුද්ධා නාම වෙස්සකුලෙ වා සුද්දකුලෙ වා න නිබ්බත්තන්ති. ලොකසම්මතෙ පන ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා නිබ්බත්තන්ති, එතරහි ඛත්තියකුලං ලොකසම්මතං, තත්ථ නිබ්බත්තිස්සාමි සුද්ධොදනො නාම රාජා පිතා මෙ භවිස්සතී”ති කුලං පස්සි.
ඉක්බිති කුලය බලන්නාහු බුදුවරු නම් වෛශ්‍ය කුලයෙහි හෝ ශුද්‍ර කුලයෙහි හෝ නූපදිති. ලෝක සම්මත කැත් කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදිති. මෙකල කැත් කුලය ලෝකසම්මතය. එහි උපදිමි. සුද්ධෝදන නම් රජ මාගේ පියා වෙතියි කියා කුලය දුටහ.
තතො මාතරං විලොකෙන්තො – “බුද්ධමාතා නාම ලොලා සුරාධුත්තා න හොති, කප්පසතසහස්සං පන පූරිතපාරමී ජාතිතො පට්ඨාය අඛණ්ඩපඤ්චසීලායෙව හොති. අයඤ්ච මහාමායා නාම දෙවී එදිසී, අයං මෙ මාතා භවිස්සති, කිත්තකං පනස්සා ආයූති, දසන්නං මාසානං උපරි සත්ත දිවසානී”ති පස්සි.
අනතුරුව මෑණියන් බලන්නාහු බුද්ධමාතාව නම් ලොල් සුරාසොඬ නොවන්නීය. කප්ලක්ෂයක් පුරන ලද පාරමී ඇති උපතෙහි පටන් නොකඩ පන්සිල් ඇත්තී වෙයි. මේ මහාමායා දේවිය නම් එබඳුය. ඕ මාගේ මෑණියෝ වෙති. ඇගේ ආයු කොපමණදැයි බලන්නාහු දසමසින් මතු සත්දිනකැයි දුටහ.
ඉති ඉමං පඤ්චවිධං මහාවිලොකනං විලොකෙත්වා – “කාලො මෙ, මාරිසා, බුද්ධභාවායා”ති දෙවානං පටිඤ්ඤං දත්වා – “ගච්ඡථ තුම්හෙ”ති තා දෙවතා උය්යොජෙත්වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්දනවනං පාවිසි. සබ්බදෙවලොකෙසු හි නන්දනවනං අත්ථියෙව. තත්ර නං දෙවතා – “ඉතො චුතො සුගතිං ගච්ඡා”ති පුබ්බෙ කතකුසලකම්මොකාසං සාරයමානා විචරන්ති. සො එවං තාහි දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්ර විචරන්තොව චවිත්වා මහාමායාය දෙවියා කුච්ඡිස්මිං උත්තරාසාළ්හනක්ඛත්තෙන පටිසන්ධිං ගණ්හි. මහාපුරිසස්ස පන මාතු කුච්ඡිස්මිං පටිසන්ධිග්ගණ්හනක්ඛණෙ එකප්පහාරෙනෙව සකලදසසහස්සිලොකධාතු සඞ්කම්පි. ද්වත්තිංස පුබ්බනිමිත්තානි පාතුරහෙසුං.
මෙසේ මේ පස්මහ බැලුම් බලා නිදුක්වරුනි, මට බුදුබව සඳහා කාලයයි දෙවියන්ට ප්‍රතිඥා දී තෙපි යව් කියා ඒ දෙවිවරුන් පිටත්කොට තුසිත දෙවිවරුන් පිරිවරන ලද්දාහු තුසීපුර නන්දන වනයට පිවිසියහ. සියලු දිව්‍යලෝකවල නන්දනවනය ඇත්තේය. එහි උන්වහන්සේට දෙවිවරු මෙයින් චුතව සුගතියට යවයි කියා පෙර කළ කුශල කර්මයන් සිහි කරවමින් ඇවිදිති. මෙසේ කුසලකර්ම සිහි ගන්වන දෙවියන් පිරිවරන ලද උන්වහන්සේ එහි හැසිරෙන්නාහු එයින් චුතව උතුරුසල නැකතින් මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්හ. මහසත්හු පිළිසිඳ ගත් සැණින් එකපැහැර දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. දෙතිස් පෙරනිමිති පහළ විය.
එවං ගහිතපටිසන්ධිකස්ස බොධිසත්තස්ස චෙව බොධිසත්තමාතුයා ච උපද්දවනිවාරණත්ථං ඛග්ගහත්ථා චත්තාරො දෙවපුත්තා ආරක්ඛං ගණ්හිංසු. බොධිසත්තස්ස මාතු පුරිසෙසු රාගචිත්තං නුප්පජ්ජි, ලාභග්ගයසග්ගප්පත්තා ච සා අහොසි සුඛිනී අකිලන්තකායා. බොධිසත්තඤ්ච අත්තනො කුච්ඡිගතං විප්පසන්නෙ මණිරතනෙ ආවුතපණ්ඩුසුත්තං විය පස්සති. යස්මා බොධිසත්තෙන වසිතකුච්ඡි නාම චෙතියගබ්භසදිසා හොති, න සක්කා අඤ්ඤෙන සත්තෙන ආවසිතුං වා පරිභුඤ්ජිතුං වා, තස්මා බොධිසත්තමාතා සත්තාහජාතෙ බොධිසත්තෙ කාලං කත්වා තුසිතපුරෙ නිබ්බත්ති. යථා පන අඤ්ඤා ඉත්ථියො දස මාසෙ අප්පත්වාපි අතික්කමිත්වාපි නිසින්නාපි නිපන්නාපි විජායන්ති, න එවං බොධිසත්තමාතා. බොධිසත්තමාතා පන බොධිසත්තං දස මාසෙ කුච්ඡිනා පරිහරිත්වා ඨිතාව විජායති. අයං බොධිසත්තමාතු ධම්මතා.
මෙසේ පිළිසිඳ ගත් බෝසතුන්ට ද බෝසත් මෑණියන්ට ද උවදුරු වළකනු පිණිස කඩු ගත් අත් ඇති දෙවිවරු සතර දෙන අරක් ගත්හ. බෝසතුන්ගේ මෑණියන්ට පුරුෂයන් කෙරෙහි රාග සිතක් නොවීය. ඕ ලාභයෙන් අගතැන්පත්ද වූවාය. සුවඇත්තී ක්ලාන්ත ශරීර ඇත්තී නුවූවාය. සිය කුස පත් බෝසතුන් ද පසන් මිණිරුවනක අවුනන ලද පඬුවන් සූත්‍රයක් මෙන් දක්නීය. යම් හෙයකින් බෝසතුන් විසූකුස සෑගැබක් මෙන් වන්නේ ද එහෙයින් අන් සත්ත්වයන්ගේ වාසයට හෝ පරිභෝගයට නොහැකි වන්නේය. එබැවින් බෝසත් මාතාව බෝසතුන් උපන් සත්දිනකින් කළුරිය කොට තුසිතපුරයෙහි උපදී. යම්සේ වෙනත් ස්ත්‍රීහු දසමස නොපැමිණ ද ඉක්මවාද හිඳගෙන ද වැදහෙව ද වදත් ද බෝසත් මාතාව එසේ නොවෙයි. ඕතොමෝ බෝසතුන් දසමස් කුසින් දරා හිටගෙනම ප්‍රසූත කරයි. මෙය බෝධිසත්ව මාතෘධර්මතාවයි.
මහාමායාපි දෙවී දස මාසෙ කුච්ඡිනා බොධිසත්තං පරිහරිත්වා පරිපුණ්ණගබ්භා ඤාතිඝරං ගන්තුකාමා සුද්ධොදනමහාරාජස්ස ආරොචෙසි – “ඉච්ඡාමහං, මහාරාජ, දෙවදහනගරං ගන්තු”න්ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා කපිලවත්ථුතො යාව දෙවදහනගරා අඤ්ජසං සමං කාරෙත්වා කදලිපුණ්ණඝටකමුකධජපටාකාදීහි අලඞ්කාරාපෙත්වා නවකනකසිවිකාය නිසීදාපෙත්වා මහතියා විභූතියා මහතා පරිවාරෙන පෙසෙසි. ද්වින්නං පන නගරානං අන්තරෙ උභයනගරවාසීනං පරිභොගාරහං ලුම්බිනීවනං නාම මඞ්ගලසාලවනං අත්ථි, තං තස්මිං සමයෙ මූලතො යාව අග්ගසාඛා සබ්බං එකඵාලිඵුල්ලං අහොසි. සාඛන්තරෙහි චෙව පුප්ඵන්තරෙහි ච පරමරතිකරමධුරමනොරමවිරුතාහි මදමුදිතාහි අනුභුත්තපඤ්චරාහි පරභතමධුකරවධූහි උපගීයමානසුරනන්දනනන්දනවනසදිසසොභං වනං දිස්වා දෙවියා සාලවනකීළමනුභවිතුං චිත්තමුප්පජ්ජි (අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා).
මහාමායා දේවිය දසමසක් බෝසතුන් කුසින් දරා පිරිපුන් ගැබ් ඇත්තී නෑ ගෙදරට යනු කැමතිව මහරජ, මම දෙව්දහ නුවරට යනු කැමැත්තෙමියි සැලකළාය. රජ යහපතැයි පිළිගෙන කපිල පුරයෙහි පටන් දෙව්දහ නුවර දක්වා මඟ සමකොට කෙසෙල් පුන්කුඹු පතාකාදියෙන් සරසවා දේවිය රන්සිවිගෙයක හිඳුවා මහත් සැපතින් මහත් පිරිවරින් පිටත් කළේය. දෙනුවර අතර දෙනුවර වැස්සන්ගේ පරිභෝගයට සුදුසු ලුම්බිණිවන නම් මංගල සල්වනයක් ඇත. එය එකල මුලපටන් අග දක්වා මුළුමනින් පිපී ගියේය. ශාඛා අතර ද මල් අතර ද පරම සිත් ගන්නා මදමත් නදින් යුත් සතුන් ගැවසීමෙන් මීමැස්සියන්ගේ මධුර නාදයෙන් දෙවියන් තුටුකරවන නන්දන වනය මෙන් ශෝභාසම්පන්න උයන දැක දේවියට සල්උයන්හි ක්‍රීඩා කිරීමට සිත් විය.
“විභූසිතා බාලජනාතිචාලිනී, විභූසිතඞ්ගී වනිතෙව මාලිනී; සදා ජනානං නයනාලිමාලිනී, විලුම්පිනීවාතිවිරොචි ලුම්බිනී”.
බාල ජනයින් අතිශයින් කුල්මත් කරන්නා වූ වූ මලින් සරසන ලද සිරුරු ඇති වනිතාවක මෙන් හැමදා ජනයාගේ නුවන් බිඟුදැල් කළඹමින් ලුම්බිණි සල්වනය අතිශයින් බැබළුණේය.
අමච්චා රඤ්ඤො ආරොචෙත්වා දෙවිං ගහෙත්වා තං ලුම්බිනීවනං පවිසිංසු. සා මඞ්ගලසාලමූලං ගන්ත්වා තස්ස උජුසමවට්ටක්ඛන්ධස්ස පුප්ඵඵලපල්ලවසමලඞ්කතස්ස යං සාඛං ගණ්හිතුකාමා අහොසි, සා සාලසාඛා අබලා ජනහදයලොලා සයමෙව විලම්බමානා හුත්වා තස්සා කරතලස්මිං සමුපගතා. අථ සා තං සාලසාඛං තම්බතුඞ්ගනඛුජ්ජලෙන කමලදලවත්තිවට්ටඞ්ගුලිනා නවකනකකටවලයසොභිනා දක්ඛිණෙන පරමරතිකරෙන කරෙන අග්ගහෙසි. සා තං සාලසාඛං ගහෙත්වා ඨිතා අසිතජලධරවිවරගතා බාලචන්දලෙඛා විය ච අචිරට්ඨිතිකා අච්චිපභා විය ච නන්දනවනජාතා දෙවී විය ච දෙවී විරොචිත්ථ. තාවදෙව චස්සා කම්මජවාතා චලිංසු. අථස්සා සාණිපාකාරං පරික්ඛිපිත්වා මහාජනො පටික්කමි. සා සාලසාඛං ගහෙත්වා තිට්ඨමානාය එව තස්සා ගබ්භවුට්ඨානං අහොසි.
ඇමතියෝ රජුට දන්වා දේවිය කැඳවා ගෙන ඒ ලුම්බිණි උයනට වන්හ. ඕතොමෝ මඟුල් සල්රුක මුලට ගොස් සමවට ඍජු කඳ ඇති ඒ සල්ගස්හි මල්පල දලුයුත් යම් ශාඛාවක් යනු කැමති වූවා ද ජනහද ලොල්වඩන අචල එම ශාඛාව තමාම නැමී ඇගේ අත්ලට පැමිණියේය. ඉක්බිති දේවිය ඒ සල්අත්ත තඹතුඟුනියෙන් බබළන පියුම් දලුවක් සේ වට ඇඟිලිවලින් නවකනක වළල්ලෙන් ශෝභමාන පරමරනිකර කරතලයෙන් ගත්තාය. ඕතොමෝ ඒ ශාලශාඛාව අල්වාගෙන සිටින්නී නිල්මේකුළු විවරගත නවසඳ රේඛාවක් මෙන්ද නොබෝ කල් පවත්නා ගිනිසිළු ආලෝකයක් මෙන්ද නඳුනුයන්හි ජනිත දෙවඟනක මෙන් ද බැබළුණාය. එකෙණෙහිම ඇයගේ කර්මජ වාතය සැලිණ. එවිට ඇයට වටතිරයක් අදවා කිරිමවුන් ඉදිරියෙහි සිටුවා මහජනයා නික්මුණාහ. සල්අත්ත අල්වාගෙන සිටින්නියගේම ගැබ්නැගීම සිදුවිය.
තඞ්ඛණංයෙව චත්තාරො විසුද්ධචිත්තා මහාබ්රහ්මානො සුවණ්ණජාලං ආදාය ආගන්ත්වා තෙන සුවණ්ණජාලෙන බොධිසත්තං සම්පටිච්ඡිත්වා මාතු පුරතො ඨපෙත්වා – “අත්තමනා, දෙවි, හොහි, මහෙසක්ඛො තෙ පුත්තො උප්පන්නො”ති ආහංසු. යථා පන අඤ්ඤෙ සත්තා මාතුකුච්ඡිතො නික්ඛමන්තා පටික්කූලෙන අසුචිනා මක්ඛිතා නික්ඛමන්ති, න එවං බොධිසත්තො. බොධිසත්තො පන ද්වෙ හත්ථෙ ද්වෙ පාදෙ පසාරෙත්වා ඨිතකොව මාතුකුච්ඡිසම්භවෙන කෙනචි අසුචිනා අමක්ඛිතොව සුද්ධො විසදො කාසිකවත්ථෙ නික්ඛිත්තමණිරතනං විය විරොචමානො මාතුකුච්ඡිතො නික්ඛමි. එවං සන්තෙපි බොධිසත්තස්ස ච බොධිසත්තමාතුයා ච සක්කාරත්ථං ආකාසතො ද්වෙ උදකධාරා නික්ඛමිත්වා බොධිසත්තස්ස ච මාතුයා ච සරීරෙ උතුං ගාහාපෙසුං.
එකණෙහිම මහාබ්‍රහ්මයෝ සතරදෙනෙක් රන්දැලක් ගෙන ගොස් ඒ රන්දැලින් බෝසතුන් පිළිගෙන මව ඉදිරියෙහි තබා දේවිනී, සතුටුවුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේ යයි කීහ. යම්සේ වනාහි වෙනත් සත්ත්වයෝ මවුකුසින් නික්මෙන්නාහු පිළිකුල් අසූචියෙන් තැවරීගෙන නික්මෙත්ද බෝසත්හු එසේ නොවෙති. උන්වහන්සේ වනාහි දෙඅත්පා දිගහැර හිටිවනම මවුකුස හටගත් කිසිදු අසූචියකින් නොතැවරීම පිරිසිදුව පැහැදිලිව කසීවතක තැබූ මිණිරුවනක් මෙන් බබළමින් මවුකුසින් නික්මුණහ. එසේ වුවද බෝසතුන්ට සහ බෝසත් මෑණියන්ට සත්කාර පිණිස අහසින් දෙදිය දහරක් නික්ම බෝසතුන්ගේ සහ මෑණියන්ගේ සිරුරු ඍතු ගැන්වීය.
අථ නං සුවණ්ණජාලෙන පටිග්ගහෙත්වා ඨිතානං බ්රහ්මානං හත්ථතො චත්තාරො මහාරාජානො මඞ්ගලසම්මතාය සුඛසම්ඵස්සාය අජිනප්පවෙණියා ගණ්හිංසු, තෙසං හත්ථතො මනුස්සා දුකූලචුම්බටකෙන ගණ්හිංසු, මනුස්සානං හත්ථතො මුච්චිත්වා පථවියං පතිට්ඨාය පුරත්ථිමං දිසං ඔලොකෙසි, අනෙකානි චක්කවාළසහස්සානි එකඞ්ගණානි අහෙසුං. තත්ථ දෙවමනුස්සා ගන්ධපුප්ඵමාලාදීහි පූජයමානා – “මහාපුරිස, තුම්හෙහි සදිසො එත්ථ නත්ථි, කුතො උත්තරිතරො”ති ආහංසු. එවං දස දිසා අනුවිලොකෙත්වා අත්තනා සදිසං අදිස්වා උත්තරදිසාභිමුඛො සත්තපදවීතිහාරෙන අගමාසි. ගච්ඡන්තො ච පථවියා එව ගතො, නාකාසෙන. අචෙලකොව ගතො, න සචෙලකො. දහරොව ගතො, න සොළසවස්සුද්දෙසිකො. මහාජනස්ස පන ආකාසෙන ගච්ඡන්තො විය අලඞ්කතපටියත්තො විය ච සොළසවස්සුද්දෙසිකො විය ච අහොසි. තතො සත්තමෙ පදෙ ඨත්වා “අග්ගොහමස්මි ලොකස්සා”තිආදිකං (දී· නි· 2.31; ම· නි· 3.207) ආසභිං වාචං නිච්ඡාරෙන්තො සීහනාදං නදි.
එවිට උන්වහන්සේ රන්දැලින් පිළිගෙන සිටි බඹුන්ගේ අතින් සිවුමහ රජවරු මංගල සම්මත සුවපහස් ඇති අඳුන් දිවිසම් ඇතිරියෙන් පිළිගත්හ. ඔවුන් අතින් මනුෂ්‍යයෝ දුහුල් සළුවකින් පිළිගත්හ. මිනිසුන් අතින් මිදී පොළොවෙහි පිහිටා නැගෙනහිර දිශාව බැලූහ. නොඑක් දහසක් සක්වල එකම මිදුලක් විය. එහි දෙවි මිනිස්සු ගඳමල්මාලාදියෙන් පුදන්නාහු මහාපුරුෂය, ඔබට සමානයෙක් මෙහි නැත. උත්තරීතරයෙක් කොයින්දැයි කීහ. මෙසේ දසදිසා බලා තමහට සමානයකු නොදැක උතුරුදිග බලා සත් පියවරින් ගියහ. යන්නාහු පොළවෙන්ම ගියාහ. අහසින් නොගියහ. සළු රහිතවම ගියහ. සළු සහිතව නොගියහ. ළපැටිවම ගියහ. සොළොස්වස් වූයේ නොගියහ. මහජනයාට වනාහි අහසින් යන්නාක් මෙන් ද අලංකාරයෙන් සැරසුණාක් මෙන් ද සොළොස්වස් ඇත්තකු මෙන් ද වූහ. ඉක්බිති සත්වන පියවරෙහි සිට ලොවට අග්රවෙමි ආදි උත්තම වදන් නිකුත් කරමින් සිංහනාද කළහ.
බොධිසත්තො හි තීසු අත්තභාවෙසු මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තොව වාචං නිච්ඡාරෙසි මහොසධත්තභාවෙ, වෙස්සන්තරත්තභාවෙ, ඉමස්මිං අත්තභාවෙති. මහොසධත්තභාවෙ කිරස්ස මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තස්සෙව සක්කො දෙවරාජා ආගන්ත්වා චන්දනසාරං හත්ථෙ ඨපෙත්වා ගතො, තං මුට්ඨියං කත්වාව නික්ඛන්තො. අථ නං මාතා – “තාත, ත්වං කිං ගහෙත්වා ආගතොසී”ති පුච්ඡි. “ඔසධං, අම්මා”ති. ඉති ඔසධං ගහෙත්වා ආගතත්තා “ඔසධකුමාරො”ත්වෙවස්ස නාමමකංසු.
බෝසතාණෝ තුන් ආත්මභාවයක මවුකුසින් නික්මුණු කෙණෙහිම වදන් පිටකළහ. මහෞෂධ අත්බැව්හි වෙසතුරු අත්බැව්හි සහ මෙම අත්බැව්හිය. මහෞෂධාත්ම භාවයෙහි මවුකුසින් නික්මුණු උන්වහන්සේ සක්දෙව්රජ අවුත් සඳුන් හරයක් අත තබා ගියේය. උන්වහන්සේ එය මිටෙහි තබාගෙනම බිහිවූහ. එවිට මැණියෝ උන්වහන්සේගෙන් දරුව, කුමක්ගෙන ආයෙහිදැයි විචාළහ. අම්මේ, ඔසුවකි. මෙසේ ඖෂධයක් ගෙන ආ බැවින් ඔසධ කුමාරයයි කියාම උන්වහන්සේ නම් කළහ.
වෙස්සන්තරත්තභාවෙ පන මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තොව දක්ඛිණහත්ථං පසාරෙත්වා – “අත්ථි නු ඛො, අම්ම, කිඤ්චි ගෙහස්මිං ධනං, දානං දස්සාමී”ති වදන්තො නික්ඛමි. අථස්ස මාතා – “සධනෙ කුලෙ නිබ්බත්තොසි, තාතා”ති පුත්තස්ස හත්ථං අත්තනො හත්ථතලෙ කත්වා සහස්සත්ථවිකං ඨපෙසි.
වෙස්සන්තරාත්ම භවයෙහි මවුකුසින් බිහිවත්ම දකුණත දිගුකොට අම්මේ, ගෙයි කිසිවක් තිබේද දන් දෙමියි කියමින් බිහිවූහ. එවිට මෑණියෝ දරුව, ධනවත් ගෙයක උපන්නෙහියයි පුතු අත සියතෙහි තබාගෙන දහසින් බැඳි පියල්ලක් තැබූහ.
ඉමස්මිං පන අත්තභාවෙ ඉමං සීහනාදං නදීති එවං බොධිසත්තො තීසු අත්තභාවෙසු මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තොව වාචං නිච්ඡාරෙසි. ජාතක්ඛණෙපිස්ස ද්වත්තිංස පුබ්බනිමිත්තානි පාතුරහෙසුං. යස්මිං පන සමයෙ අම්හාකං බොධිසත්තො ලුම්බිනීවනෙ ජාතො තස්මිංයෙව සමයෙ රාහුලමාතා දෙවී ආනන්දො ඡන්නො කාළුදායී අමච්චො කණ්ඩකො අස්සරාජා මහාබොධිරුක්ඛො චතස්සො නිධිකුම්භියො ච ජාතා, තත්ථ එකො ගාවුතප්පමාණො එකො අඩ්ඪයොජනප්පමාණො එකො තිගාවුතප්පමාණො එකො යොජනප්පමාණො අහොසි. ඉමෙ සත්ත සහජාතා නාම හොන්ති.
මේ අත්බැව්හි මේ සිංහනාදය කළහ. මෙසේ බෝසත්හු අත්බැව් තුනක මව්කුසින් බිහිවීමත් සමග බස් තෙපලූහ. උපන් මොහොතෙහි දෙතිස් පෙරනිමිති පහළ විය. යම්කලෙක අප බෝසතාණෝ ලුම්බිණි වනයෙහි උපන්නාහුද එසමයෙහි රාහුලමාතා දේවිය, ඡන්න කාළුදායි ඇමති, ආජානීය ඇත්රජ, කන්ථක අස්රජ, මහබෝරුක, නිධන් සැළි සත ද උපන්හ. ඉන් එකක් ගවුවක් පමණය. එකක් අඩයොදුන් පමණය. එකක් තුන්ගවු පමණය. එකක් යොදුනක් පමණ ද විය. මේ සත සහජාත නම් වෙයි.
උභයනගරවාසිනො මහාපුරිසං ගහෙත්වා කපිලවත්ථුපුරමෙව අගමංසු. තංදිවසමෙව – “කපිලවත්ථුනගරෙ සුද්ධොදනමහාරාජස්ස පුත්තො බොධිමූලෙ නිසීදිත්වා බුද්ධො භවිස්සතී”ති තාවතිංසභවනෙ හට්ඨතුට්ඨා දෙවසඞ්ඝා චෙලුක්ඛෙපාදීනි පවත්තෙන්තා කීළිංසු. තස්මිං සමයෙ සුද්ධොදනමහාරාජස්ස කුලූපකො අට්ඨසමාපත්තිලාභී කාළදෙවලො නාම තාපසො භත්තකිච්චං කත්වා දිවාවිහාරත්ථාය තාවතිංසභවනං ගන්ත්වා තත්ථ දිවාවිහාරං නිසින්නො තා දෙවතා තුට්ඨමානසා කීළන්තියො දිස්වා “කිංකාරණා තුට්ඨමානසා පමුදිතහදයා කීළථ, මය්හං තං කාරණං කථෙථා”ති පුච්ඡි. තතො දෙවතා ආහංසු – “මාරිස, සුද්ධොදනරඤ්ඤො පුත්තො ජාතො, සො බොධිමණ්ඩෙ නිසීදිත්වා බුද්ධො හුත්වා ධම්මචක්කං පවත්තෙස්සති, තස්ස ‘අනන්තරූපං බුද්ධලීළං පස්සිතුං ලභිස්සාමා’ති ඉමිනා කාරණෙන තුට්ඨම්හා”ති.
දෙනුවර වැස්සෝ මහාපුරුෂයන් ගෙන කිඹුල්වත් පුරයටම ගියහ. එදිනම සුදොවුන් රජුගේ පුත් බෝමුල හිඳ බුදුවන්නේයයි තව්තිසා භවනයෙහි තුටුපහටුවූ දෙව්සමූහයා පිළිසිසෑරීම් ආදිය පවත්වමින් ක්‍රීඩා කළහ. එකල සුදොවුන් රජුගේ කුලුපග අෂ්ටසමාපත්තිලාභී කාලදෙවල නම් තාපස අහර වළඳා දිවාවිහාරය පිණිස තව්තිසා භවනයට ගොස් එහි දිවාවිහාරයෙන් හුන්නේ සතුටු සිතින් ක්‍රීඩා කරන ඒ දෙවියන් දැක කුමක් නිසා සතුටු සිතින් ප්‍රමුදිත හදින් කෙළනාහුද? මට ඒ කරුණ කියවයි කීය. ඒ දෙවියෝ නිදුකාණනි, සුදොවුන් රජුට පුතෙක් උපන්නේය. උන්වහන්සේ බෝමැඩ හිඳ බුදුවී දම්සක් පවත්වන්නාහ. උන්වහන්සේගේ අනන්තරූප බුද්ධලීලාව දක්නට ලබන්නෙමු. මේ නිසා සන්තෝෂ වෙමුයි කීහ.
අථ තාපසො තාසං දෙවතානං වචනං සුත්වා පරමදස්සනීයරතනාවලොකතො දෙවලොකතො ඔරුය්හ නරපතිනිවෙසනං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. තතො කතපටිසන්ථාරං රාජානං – “පුත්තො කිර තෙ, මහාරාජ, ජාතො, තං පස්සිස්සාමා”ති ආහ. රාජා අලඞ්කතපටියත්තං තනයං ආහරාපෙත්වා දෙවලතාපසං වන්දාපෙතුං අභිහරි. මහාපුරිසස්ස පාදා පරිවත්තිත්වා විජ්ජුලතා විය අසිතජලධරකූටෙසු තාපසස්ස ජටාසු පතිට්ඨහිංසු. බොධිසත්තෙන හි තෙනත්තභාවෙන වන්දිතබ්බො නාම අඤ්ඤො නත්ථි. තතො තාපසො උට්ඨායාසනා බොධිසත්තස්ස අඤ්ජලිං පග්ගහෙසි. රාජා තං අච්ඡරියං දිස්වා අත්තනො පුත්තං වන්දි. තාපසො බොධිසත්තස්ස ලක්ඛණසම්පත්තිං දිස්වා – “භවිස්සති නු ඛො බුද්ධො, උදාහු න භවිස්සතී”ති ආවජ්ජෙත්වා උපධාරෙන්තො – “නිස්සංසයං බුද්ධො භවිස්සතී”ති අනාගතංසඤාණෙන ඤත්වා – “අච්ඡරියපුරිසො අය”න්ති සිතං අකාසි.
එවිට තාපස ඔවුන්ගේ බස් අසා පරම දර්ශනීය රත්නාවලෝක ඇති දෙව්ලොවින් බැස රජ මාලිගයට පිවිස පැනවූ අසුන්හි හිඳගත්තේය. අනතුරුව කරන ලද පිළිසඳර ඇති රජුට මහරජ, ඔබට පුතෙක් උපන්නේය. ඔහු දක්නට ලබමියි කීය. රජ මනාව සැරසූ පුතු ගෙන්වා තාපසයාට වැන්දවීමට යොමු කළේය. මහපුරුෂයන්ගේ පා කැරකී විදුලියක් මෙන් මේකුළුතටයක් වන් තාපසජටාවෙහි පිහිටියේය. බෝසතුන් විසින් එම අත්බැව්හි වැඳිය යුතු අනිකෙක් නම් නොවෙති. ඉක්බිති තාපස අසුනින් නැගිට බෝසතුන්ට ඇඳිලි බැන්දේය. රජ ඒ අසිරිය දැක සියපුතු වැන්දේය. තාපස තෙම බෝසතුන්ගේ ලක්ෂණ සම්පත් දැක බුදුවන්නේද නොවන්නේදැයි ආවර්ජනා කොට නිසැකයෙන් බුදුවන්නේ යයි අනාගත සඤ්ඤාණයෙන් දැන මේ ආශ්චර්ය පුරුෂයකැයි සිනාවිය.
තතො “අහං ඉමං බුද්ධභූතං දට්ඨුං ලභිස්සාමි නු ඛො, නො”ති උපධාරෙන්තො – “න ලභිස්සාමි, අන්තරායෙව කාලං කත්වා බුද්ධසතෙනපි බුද්ධසහස්සෙනපි ගන්ත්වා බොධෙතුං අසක්කුණෙය්යෙ අරූපභවෙ නිබ්බත්තිස්සාමී”ති දිස්වා – “එවරූපං නාම අච්ඡරියපුරිසං බුද්ධභූතං දට්ඨුං න ලභිස්සාමි, මහතී වත මෙ ජානි භවිස්සතී”ති පරොදි. මනුස්සා පන දිස්වා – “අම්හාකං අය්යො ඉදානෙව හසිත්වා පුන රොදිතුමාරභි, කිං නු ඛො, භන්තෙ, අම්හාකං අය්යපුත්තස්ස කොචි අන්තරායො භවිස්සතී”ති පුච්ඡිංසු. තාපසො ආහ – “නත්ථෙතස්ස අන්තරායො, නිස්සංසයෙන බුද්ධො භවිස්සතී”ති. “අථ කස්මා තුම්හෙ පරොදිත්ථා”ති? “එවරූපං අච්ඡරියපුරිසං බුද්ධභූතං දට්ඨුං න ලභිස්සාමි, මහතී වත මෙ ජානි භවිස්සතීති අත්තානං අනුසොචන්තො රොදාමී”ති ආහ.
ඉක්බිති මම බුදු වූ මුන්වහන්සේ දක්නට ලබන්නෙම් දෝයි සලකන්නාහු නොලබන්නෙමි. අතුරතුරම කළුරිය කොට දහසක් බුදුවරුන් වැඩමකොටත් අවබෝධ නොකළ හැකි අරූප භවයෙහි උපදින්නෙමියි දැක මෙබඳු ආශ්චර්ය පුරුෂයෙකු දක්නට නොලබන්නෙමි. මට මහත් හානියක් වන්නේ යයි නැවත හඬන්නට විය. මිනිස්සු ඒ දැක අප ආර්යයෝ දැන්ම සිනාසී නැවත හඬන්නට පටන්ගත්හ. කිමෙක්ද ස්වාමීනි, අපගේ ආර්ය පුත්‍රයන්ට කිසි අනතුරක් වන්නේදැයි විචාළහ. උන්වහන්සේට අනතුරක් නැත. නිසැකවම බුදුවෙතියි තාපසයෝ කීහ. එසේ නම් ඔබවහන්සේ කුමකට හැඬූහු ද? මෙවැනි ආශ්චර්ය පුද්ගලයකු බුදුව දක්නට නොලබමි. ඒකාන්තයෙන් මට මහත් හානියක් වන්නේ යයි තමන් ගැන ශෝක වෙමින් හඬමියි කීහ.
තතො බොධිසත්තං පඤ්චමෙ දිවසෙ සීසං න්හාපෙත්වා – “නාමං ගණ්හිස්සාමා”ති රාජභවනං චතුජ්ජාතිකගන්ධෙන උපලිම්පිත්වා ලාජපඤ්චමානි කුසුමානි විකිරිත්වා අසම්භින්නපායාසං පචාපෙත්වා තිණ්ණං වෙදානං පාරඞ්ගතෙ අට්ඨසතෙ බ්රාහ්මණෙ නිමන්තෙත්වා රාජභවනෙ නිසීදාපෙත්වා මධුපායාසං භොජෙත්වා සක්කාරං කත්වා – “කිං නු ඛො භවිස්සතී”ති ලක්ඛණානි පරිග්ගාහාපෙසුං. තෙසු රාමාදයො අට්ඨ බ්රාහ්මණපණ්ඩිතා ලක්ඛණපරිග්ගාහකා අහෙසුං. තෙසු සත්ත ජනා ද්වෙ අඞ්ගුලියො උක්ඛිපිත්වා ද්වෙධා බ්යාකරිංසු – “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතො අගාරං අජ්ඣාවසන්තො රාජා හොති චක්කවත්තී, පබ්බජමානො බුද්ධො”ති. තෙසං පන සබ්බදහරො ගොත්තෙන කොණ්ඩඤ්ඤො නාම බ්රාහ්මණො බොධිසත්තස්ස ලක්ඛණවරසම්පත්තිං දිස්වා – “එතස්ස අගාරමජ්ඣෙ ඨානකාරණං නත්ථි, එකන්තෙනෙව විවටච්ඡදො බුද්ධො භවිස්සතී”ති එකමෙව අඞ්ගුලිං උක්ඛිපිත්වා එකංසබ්යාකරණං බ්යාකාසි. අථස්ස නාමං ගණ්හන්තා සබ්බලොකත්ථසිද්ධිකරත්තා සිද්ධත්ථොති නාමමකංසු.
ඉක්බිති පස්වන දින බෝසතුන් හිසෙහි නහවා සත්කාර කොට නම් ගන්වමුයි රජමාලිගය සිවුදෑගඳින් පිරිබඩගන්නා ලදපස්මල් විසුරුවා නොකඩසහලින් කිරිබත් පිසවා ත්‍රිවේද පාරගත බමුණන්ට ආරාධනාකොට රජගෙයි හිඳුවා මීකිරිබත් වළඳවා සත්කාර කොට කවරෙක් වන්නාහුදැයි ලකුණු පරීක්ෂා කරවූහ. ඔවුනතරින් රාම ආදි බමුණෝ අටදෙනෙක් පරීක්ෂා කරන්නෝ වූහ. ඔවුන්ගෙන් සත්දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා මෙබඳු ලක්ෂණ යුක්තයෙක් ගිහිගෙයි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදි වන්නේ බුදුවෙයි කියා ප්‍රකාශ කළහ. ඔවුන්ගෙන් හැමට බාල කොණ්ඩඤ්ඤ නම් බ්‍රාහ්මණ බෝසතුන්ගේ වර ලකුණු සම්පත් බලා මුන්වහන්සේට ගිහිගෙයි විසීමට කරුණු නැත. ඒකාන්තයෙන් කෙලෙසුන් නසා බුදුවන්නාහු යයි එකම ඇඟිල්ලක් ඔසවා කීය. එවිට උන්වහන්සේට නම් ගන්වන්නාහු සර්ව ලෝකාර්ථ සිද්ධිකාරක හෙයින් සිද්ධත්ථ යයි නම් කළහ.
අථ තෙ බ්රාහ්මණා අත්තනො ඝරානි ගන්ත්වා පුත්තෙ ආමන්තෙත්වා එවමාහංසු – “අම්හෙ මහල්ලකා, සුද්ධොදනමහාරාජස්ස පුත්තං සබ්බඤ්ඤුතං පත්තං සම්භාවෙය්යාම වා නො වා, තුම්හෙ පන තස්මිං පබ්බජිත්වා සබ්බඤ්ඤුතං පත්තෙ තස්ස සාසනෙ පබ්බජථා”ති. තතො සත්තපි ජනා යාවතායුකං ඨත්වා යථාකම්මං ගතා. කොණ්ඩඤ්ඤමාණවො අරොගො අහොසි. තදා පන රාජා තෙසං වචනං සුත්වා – “කිං දිස්වා මම පුත්තො පබ්බජිස්සතී”ති තෙ පුච්ඡි. “චත්තාරි පුබ්බනිමිත්තානි, දෙවා”ති. “කතරඤ්ච කතරඤ්චා”ති? “ජිණ්ණං බ්යාධිතං මතං පබ්බජිත”න්ති. රාජා “ඉතො පට්ඨාය එවරූපානං මම පුත්තස්ස සන්තිකං ආගමිතුං මා අදත්ථා”ති වත්වා කුමාරස්ස චක්ඛුපථෙ ජිණ්ණපුරිසාදීනං ආගමනනිවාරණත්ථං චතූසු දිසාසු ගාවුතගාවුතට්ඨානෙ ආරක්ඛං ඨපෙසි. තංදිවසං මඞ්ගලට්ඨානෙ සන්නිපතිතෙසු අසීතියා ඤාතිකුලසහස්සෙසු එකමෙකො එකමෙකං පුත්තං පටිජානි – “අයං බුද්ධො වා හොතු රාජා වා, මයං එකමෙකං පුත්තං දස්සාම, සචෙ බුද්ධො භවිස්සති, ඛත්තියසමණෙහෙව පරිවුතො විචරිස්සති. සචෙ රාජා චක්කවත්තී භවිස්සති, ඛත්තියකුමාරෙහෙව පරිවුතො විචරිස්සතී”ති. අථ රාජා මහාපුරිසස්ස පරමරූපසම්පන්නා විගතසබ්බදොසා චතුසට්ඨි ධාතියො අදාසි. බොධිසත්තො අනන්තෙන පරිවාරෙන මහතා සිරිසමුදයෙන වඩ්ඪි.
අනතුරුව ඒ බමුණෝ සිය ගෙවලට ගොස් තමන්ගේ පුතුන් අමතා මෙසේ කීහ. අප මහල්ලෝ වෙමු. සුදොවුන් මහරජුගේ පුතු බුදු බවට පැමිණි කල්හි අපි දක්නමෝ හෝ නොදක්නමෝ වෙම්වා. තෙපි මහණව උන්වහන්සේ බුදු වූ කල්හි උන්වහන්සේගේ සසුනෙහි පැවිදිවව් කියායි. ඉක්බිති සත්දෙනම ආයු පමණින් සිට කම්වූ පරිදි මියගියහ. කොණ්ඩඤ්ඤ මාණවක නිරෝගි විය. එකල්හි ඒ රජ කුමක් දැක මාගේ පුත්‍රයා පැවිදි වන්නේදැයි ඔවුන්ගෙන් විමසීය. සතර පෙරනිමිති දැකීමෙනැයි කීහ. කුමක් කුමක්ද? මහල්ලකු, ගිලනකු, මළඑකකු, පැවිද්දකු යයි කීහ. රජ මෙවක් පටන් මෙබන්දන්ට මපුතු වෙත එළඹීමට නොදෙව් කියා කුමරාගේ ඇස්දුරට මහලු මිනිසුන් ආදීන්ගේ පැමිණීම වළකනු පිණිස සිවුදිග ගව්ව ගව්ව ආරක්ෂා තැබීය. එදින එතැන්හි රැස්වූ නෑකුල අසූදහසින් එක් එක්කෙනා එක එක පුතු පොරොන්දු වී මෙතෙම බුදු හෝ වේවා. රජ හෝ වේවා. අපි එක එක පුතු දෙන්නෙමු කියායි. ඉඳින් බුදුවුවහොත් ශ්‍රමණ ශාක්යයන්ම පිරිවරා හැසිරෙයි. ඉඳින් සක්විතිරජ වුවහොත් ශාක්යකුමරුන්ට පිරිවරා හැසිරෙයි කියායි. ඉක්බිති රජ මහාපුරුෂයාණන්ට පරමරූප සම්පන්න හැමදොස් රහිත කිරිමවුන් දුන්නේය. බෝසත්හු අනන්ත පිරිවරින් මහත් සිරිසැපතින් වැඩුණාහ.
අථෙකදිවසං රඤ්ඤො වප්පමඞ්ගලං නාම අහොසි. තංදිවසං රාජා මහතියා විභූතියා මහතා පරිවාරෙන නගරතො නික්ඛමන්තො පුත්තම්පි ගහෙත්වාව අගමාසි. කසිකම්මට්ඨානෙ එකො ජම්බුරුක්ඛො පරමරමණීයො ඝනසන්දච්ඡායො අහොසි. තස්ස හෙට්ඨා කුමාරස්ස සයනං පඤ්ඤාපෙත්වා උපරි වරකනකතාරාඛචිතං රත්තචෙලවිතානං බන්ධිත්වා සාණිපාකාරෙන පරික්ඛිපාපෙත්වා ආරක්ඛං ඨපෙත්වා රාජා සබ්බාලඞ්කාරං අලඞ්කරිත්වා අමච්චගණපරිවුතො නඞ්ගලකරණට්ඨානමගමාසි. තත්ථ රාජා පරමමඞ්ගලං සුවණ්ණනඞ්ගලං ගණ්හාති, අමච්චාදයො රජතනඞ්ගලාදීනි ගණ්හන්ති. තංදිවසං නඞ්ගලසහස්සං යොජීයති. බොධිසත්තං පරිවාරෙත්වා නිසින්නා ධාතියො – “රඤ්ඤො සම්පත්තිං පස්සිස්සාමා”ති අන්තොසාණිතො බහි නික්ඛන්තා.
අනතුරුව දිනක් රජුගේ වප්මඟුලක් විය. එදා රජ මහත් විභූතියෙන් මහපිරිවරින් වප්මඟුල් වප්කරන තැනට ගියේය. එහි රජ පරම මංගල රන්නගුල ගනී. ඇමති ආදීහු රිදී නගුල් ආදිය ගනිති. එදින නගුල් දහසක් යොදති. බෝසතුන් පිරිවරා සිටි කිරිමවුවරු රජුගේ සම්පත් බලමුයි තිරය ඇතුළෙන් පිටතට නික්මුණහ.
අථ බොධිසත්තො ඉතො චිතො ච ඔලොකෙන්තො කිඤ්චි අදිස්වා සහසා උට්ඨාය පල්ලඞ්කං ආභුජිත්වා ආනාපානෙ පරිග්ගහෙත්වා පඨමජ්ඣානං නිබ්බත්තෙසි. ධාතියො ඛජ්ජභොජ්ජන්තරෙ විචරන්තියො ථොකං චිරායිංසු. සෙසරුක්ඛානං ඡායා නිවත්තා, තස්ස පන ජම්බුරුක්ඛස්ස ඡායා පරිමණ්ඩලා හුත්වා තත්ථෙව අට්ඨාසි. ධාතිතො පනස්ස “අය්යපුත්තො එකකොවා”ති වෙගෙන සාණිපාකාරං උක්ඛිපිත්වා පරියෙසන්තියො සිරිසයනෙ පල්ලඞ්කෙන නිසින්නං තඤ්ච පාටිහාරියං දිස්වා ගන්ත්වා තං පවත්තිං රඤ්ඤො ආරොචෙසුං. රාජා වෙගෙන ආගන්ත්වා තං පාටිහාරියං දිස්වා – “අයං වො, තාත, දුතියවන්දනා”ති පුත්තං වන්දි.
එවිට බෝසත්හු වටපිට බලන්නාහු කිසිවකු නොදැක වහා නැගිට පලක් බැඳ ආනාපානසති වඩා ප්‍රථම ධ්‍යානය ඉපිදවූහ. කිරිමවුවරු කෑම් බීම් අතර ගැවසෙන්නාහු මඳක් පමාවූහ. සෙසු ගස්හි සෙවණැලි ආපසු හැරී ඒ දඹරුක්හි සෙවණ වටකොට එහිම පිහිටියේය. උන්වහන්සේගේ කිරිමවුවරු ආර්ය පුත්‍රයා තනිවමැයි වහා තිරපවුර ඔසවා බලන්නාහු සිරියහන්හි පලඟින් හුන්නහුද ඒ පෙළහරද දැක ගොස් රජුට සැල කළහ. රජ වහා ගොස් පුත, මේ ඔබට දෙවන වැඳීම යයි පුතු වැන්දේය.
අථ මහාපුරිසො අනුක්කමෙන සොළසවස්සුද්දෙසිකො අහොසි. රාජා බොධිසත්තස්ස තිණ්ණං උතූනං අනුච්ඡවිකෙ රම්ම-සුරම්ම-සුභනාමකෙ තයො පාසාදෙ කාරෙසි. එකං නවභූමිකං එකං සත්තභූමිකං එකං පඤ්චභූමිකං. තයොපි පාසාදා උබ්බෙධෙන සමප්පමාණා අහෙසුං. භූමිකාසු පන නානත්තං අහොසි.
බෝසත්හු අනුක්රමයෙන් සොළොස්විය පත්වූහ. රජතුමා බෝසතුන්ට තුන් සෘතුවට සුදුසු රම්ම, සුරම්ම, සුභ නම් තුන්පහයක් කරවීය. එකක් නවමහල්ය. එකක් සත්මහල්ය. එකක් පස්මහල්ය. ප්‍රාසාද තුනම උසින් සමප්රමාණය විය. මහල්හි වනාහි නානාත්වය විය.
අථ රාජා චින්තෙසි – “පුත්තො මෙ වයප්පත්තො ඡත්තමස්ස උස්සාපෙත්වා රජ්ජසිරිං පස්සිස්සාමී”ති. සො සාකියානං පණ්ණානි පහිණි “පුත්තො මෙ වයප්පත්තො, රජ්ජෙ නං පතිට්ඨාපෙස්සාමි, සබ්බෙ අත්තනො ගෙහෙසු වයප්පත්තා දාරිකා ඉමං ගෙහං පෙසෙන්තූ”ති. තෙ රඤ්ඤො සාසනං සුත්වා – “කුමාරො කෙවලං රූපසම්පන්නො, න කිඤ්චි සිප්පං ජානාති, දාරභරණං කාතුං න සක්ඛිස්සති, න මයං ධීතරො දස්සාමා”ති ආහංසු. රාජා තං පවත්තිං සුත්වා පුත්තස්ස සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසි. බොධිසත්තො – “කිං සිප්පං දස්සෙතුං වට්ටතී”ති ආහ. “සහස්සත්ථාමං ධනුං ආරොපෙතුං වට්ටති, තාතා”ති. “තෙන හි ආහරාපෙථා”ති ආහ. රාජා ආහරාපෙත්වා අදාසි. තං ධනුං පුරිසසහස්සං ආරොපෙති, පුරිසසහස්සං ඔරොපෙති. මහාපුරිසො තං සරාසනං ආහරාපෙත්වා පල්ලඞ්කෙන නිසින්නොව ජියං පාදඞ්ගුට්ඨකෙ වෙඨාපෙත්වා කඩ්ඪන්තො පාදඞ්ගුට්ඨකෙනෙව ධනුං ආරොපෙත්වා වාමෙන හත්ථෙන දණ්ඩෙ ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන කඩ්ඪිත්වා ජියං රොපෙසි. සකලනගරං උප්පත්තනාකාරප්පත්තං අහොසි . “කිං එසො සද්දො”ති ච වුත්තෙ “දෙවො ගජ්ජතී”ති ආහංසු. අථඤ්ඤෙ “තුම්හෙ න ජානාථ, න දෙවො ගජ්ජති, අඞ්ගීරසස්ස කුමාරස්ස සහස්සත්ථාමං ධනුං ආරොපෙත්වා ජියං පොඨෙන්තස්ස ජියප්පහාරසද්දො එසො”ති ආහංසු. සාකියා තං සුත්වා තාවතකෙනෙව ආරද්ධචිත්තා තුට්ඨමානසා අහෙසුං.
ඉක්බිති රජ සිතීය. මාගේ පුත්‍රයා නිසි වයස් පත් ඔහුට සේසත් නඟා රජසිරි බලමි කියායි. හෙතෙම ශාක්‍යයන්ට ලියුම් යැවීමි. මාගේ පුත්‍රයා නිසි වයස් විය. ඔහු රාජ්‍යයෙහි පිහිටුවමි. සියල්ලෝ සිය ගෙවල වියපත් දැරියන් මේ ගෘහයට එවත්වා කියයි. ඔවුහු රජුගේ හසුන් අසා කුමරා හුදෙක් රූපසම්පන්නය. කිසි ශිල්පයක් නොදනී. භාර්යා පෝෂණයක් නොකටහැකි වෙයි. අපි දියණියන් නොදෙමුයි කීහ. රජ එපවත් අසා පුතු ළඟට ගොස් ඒ බව කීය. බෝසතාණෝ කවර ශිල්පයක් දැක්විය යුතුදැයි කීහ. දරුව, දහසක් දෙන නගන දුන්න නැගිය යුතුයයි කීහ. එසේනම් ගෙන්වනු මැනව. රජ ගෙන්වා දුන්නේය. ඒ දුන්නා පුරුෂයෝ දහසක් නගති. පුරුෂයෝ දහසක් බහාලති. මහපුරිස්හු එය සරාසනයට ගෙන්වාගෙන පර්යංකයෙහි හිඳගෙනම දුනුදිය පාඇඟිල්ලෙන් වෙළවා අදින්නාහු පාඇඟිල්ලෙන්ම දුන්න නගා වමතින් දණ්ඩ ගෙන දකුණතින් ඇද දුනුදිය නැංවූහ. මුළු නුවර ඉපිළෙන්නාක් මෙන් විය. මේ කිනම් ශබ්දයෙක්දැයි කීකල්හි මේඝගර්ජනා කරතී කීහ. අනිකෙක් තෙපි නොදන්නාහුය. මේඝගර්ජනා නොවෙයි. දහසක් දෙන නගන දුන්න නගා දුනුදිය අපොළන දුනුදිය පහරෙහි ශබ්දයයි කීහ. ශාක්‍යයෝ ඒ අසා එපමණකින්ම සතුටුසිත් ඇත්තෝ වූහ.
අථ මහාපුරිසො – “කිං කාතුං වට්ටතී”ති ආහ. අට්ඨඞ්ගුලබහලං අයොපට්ටං කණ්ඩෙන විජ්ඣිතුං වට්ටතීති . තං විජ්ඣිත්වා – “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. චතුරඞ්ගුලබහලං අසනඵලකං විජ්ඣිතුං වට්ටතීති. තම්පි විජ්ඣිත්වා – “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. විදත්ථිබහලං උදුම්බරඵලකං විජ්ඣිතුං වට්ටතීති. තම්පි විජ්ඣිත්වා අඤ්ඤං කිං කාතුං වට්ටතීති. තතො “වාලුකසකටානී”ති ආහංසු. මහාසත්තො වාලුකසකටම්පි පලාලසකටම්පි විනිවිජ්ඣිත්වා උදකෙ එකූසභප්පමාණං කණ්ඩං පෙසෙසි ථලෙ අට්ඨඋසභප්පමාණං. අථ නං “වාතිඞ්ගණසඤ්ඤාය වාලං විජ්ඣිතුං වට්ටතී”ති ආහංසු. “තෙන හි යොජනමත්තං වාතිඞ්ගණං බන්ධාපෙථා”ති වත්වා යොජනමත්තකෙ වාතිඞ්ගණසඤ්ඤාය වාලං බන්ධාපෙත්වා රත්තන්ධකාරෙ මෙඝපටලෙහි ඡන්නාසු දිසාසු කණ්ඩං ඛිපි. තං ගන්ත්වා යොජනමත්තකෙ වාලං ඵාලෙත්වා පථවිං පාවිසි. න කෙවලං එත්තකමෙව, තංදිවසං මහාපුරිසො ලොකෙ වත්තමානං සිප්පං සබ්බමෙව දස්සෙසි.
එවිට මහපුරිස්සු කුමක් කළයුතුදැයි කීහ. අටඟුල් බොල ඇති යපට හීයෙන් විදිය යුතුයයි කීහ. එය විද තව කුමක් කටයුතුදැයි විමසූහ. සතරඟුල් ඝන ඊපලිහ විදිය යුතුයයි කීහ. එය විද වෙන කුමක් කළ යුතුදැයි ඇසූහ. වියතක් ඝන උදුම්බර පුවරුව විදිය යුතුයයි කීහ. එයද විනිවිද අනික් කුමක්දැයි ඇසූහ. වැලිගල ආදියයි කීහ. මහසත්හු වැලිගැල ද පිදුරුගැල ද විනිවිද ජලයෙහි එක් ඉස්බක් පමණ හීය යැවූහ. ගොඩ අට ඉස්බක් පමණ යැවූහ. ඉක්බිති උන්වහන්සේට එළබටුගෙඩියෙහි සලකුණින් අස්ලොම විදිය යුතුයයි කීහ. එසේනම් යොදුනක් ප්‍රමාණයෙහි බටුගෙඩිය බඳවව්යයි කියා යොදුනක් ප්‍රමාණයෙහි එළබටු ගෙඩියෙහි සලකුණින් අස්ලොම බඳවා රාත්‍රිය අන්ධකාරය මේඝපටලයෙන් වැසුණු දිශාවෙහි ඊය විද්දහ. එය ගොස් යොදුනක් දුර වූ අස්ලොම පලා පොළොවෙහි කිමිදියේය. මෙපමණක් නොවේ. එදින මහපුරිස්හු ලොව පවත්නා සියලු ශිල්ප දැක්වූහ.
අථ සාකියා අත්තනො ධීතරො අලඞ්කරිත්වා පෙසයිංසු. චත්තාලීසසහස්සා නාටකිත්ථියො අහෙසුං. රාහුලමාතා පන දෙවී අග්ගමහෙසී අහොසි. මහාපුරිසො දෙවකුමාරො විය සුරයුවතීහි පරිවුතො නරයුවතීහි පරිවුතො නිප්පුරිසෙහි තුරියෙහි පරිචාරියමානො මහාසම්පත්තිං අනුභවමානො උතුවාරෙන උතුවාරෙන තෙසු තීසු පාසාදෙසු විහරති. අථෙකදිවසං බොධිසත්තො උය්යානභූමිං ගන්තුකාමො සාරථිං ආමන්තෙත්වා – “රථං යොජෙහි උය්යානභූමිං පස්සිස්සාමී”ති ආහ. සො “සාධූ”ති පටිස්සුණිත්වා මහාරහං වරරුචිරථිරකුබ්බරවරත්තං ථිරතරනෙමිනාභිං වරකනකරජතමණිරතනඛචිතඊසාමුඛං නවකනකරජතතාරකඛචිතනෙමිපස්සං සමොසරිතවිවිධසුරභිකුසුමදාමසස්සිරිකං රවිරථසදිසදස්සනීයං වරරථං සමලඞ්කරිත්වා සසිකුමුදසදිසවණ්ණෙ අනිලගරුළජවෙ ආජානීයෙ චත්තාරො මඞ්ගලසින්ධවෙ යොජෙත්වා බොධිසත්තස්ස පටිවෙදෙසි. බොධිසත්තො දෙවවිමානසදිසං තං රථවරමාරුය්හ උය්යානාභිමුඛො පායාසි.
එවිට ශාක්‍යයෝ තමන්ගේ දූවරුන් සරසා පිටත් කළහ. සතළිස් දහසක් නළඟනෝ වූහ. රාහුලමාතා දේවිය අගමෙහෙසි වූවාය. මහපුරිස්හු සුරයුවතියන් පිරිවැරූ දෙව්කුමරකු මෙන් පිරිමින් රහිත තූර්යයෙන් පුද ලබන්නාහු මහසැප විඳිමින් සෘතුවෙන් ඍතුව ඒ තුන්පහයෙහි වසති. දිනක් බෝසතාණෝ උයනට යනු කැමතිව රියදුරු අමතා රථය සූදානම් කරව, උයන්බිම බලමී කීහ. හෙතෙම මැනවැයි අස්වා මහාර්ඝ උතුම් සොඳුරු තිර කුබර යුත් තිරසර නෙමි නාභි ඇති උතුම් රන් රිදී මිණි රුවනින් සරසන ලද එසාමුඛ ඇති නවරන් රිදී තාරකායෙන් සරසන ලද නෙමිපාර්ශ්ව යුත් දිගහරින ලද නන්සුවඳ කුසුම දාමයෙන් සශ්‍රීක වූ සූර්යරථය මෙන් දර්ශනීය වූ උතුම් රථය සරසා හඳ කුමුදු පැහැ ඇති අහස ගුරුළකුට බඳු පව් ඇති ආජානීය මංගල සෛන්ධවයන් සතර දෙනකු යොදා බෝසතුන්ට දැන්වීය. බෝසත්හු දෙව්විමනක් බඳු ඒ රියට නැඟ උයන බලා ගියහ.
අථ දෙවතා “සිද්ධත්ථකුමාරස්ස අභිසම්බුජ්ඣනකාලො ආසන්නො, පුබ්බනිමිත්තමස්ස දස්සෙස්සාමා”ති එකං දෙවපුත්තං ජරාජජ්ජරසරීරං ඛණ්ඩදන්තං පලිතකෙසං වඞ්කගත්තං දණ්ඩහත්ථං පවෙධමානං කත්වා දස්සෙසුං. තං බොධිසත්තො චෙව සාරථි ච පස්සන්ති. තතො බොධිසත්තො – “සාරථි කො නාමෙස පුරිසො කෙසාපිස්ස න යථා අඤ්ඤෙස”න්ති මහාපදානසුත්තෙ (දී· නි· 2.43 ආදයො) ආගතනයෙනෙව පුච්ඡිත්වා තස්ස වචනං සුත්වා – “ධිරත්ථු වත, භො, ජාති, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී”ති (දී· නි· 2.45, 47) සංවිග්ගහදයො තතොව පටිනිවත්තිත්වා පාසාදමෙව අභිරුහි.
එවිට දේවතාවෝ සිදුහත් කුමරුට බුදුවන කාලය ආසන්නය. උන්වහන්සේ පෙරනිමිති දක්වමුයි ජරාවෙන් දැදුරු සිරුරැති කඩදත් ඇති පැසුණු කෙස් ඇති නැමුණු සිරුරින් දඬුගත් අතින් වෙවුලමින් යන එක් දිව්‍යපුත්‍රයකු දැක්වූහ. ඔහු බෝසතාණෝත් රියැදුරාත් පමණක් දකිති. ඉක්බිති බෝසතාණෝ රියැදුරු, මේ මිනිසා කවරෙක්ද? ඔහුගේ කෙසුත් අන් අයගේ මෙන් නොවේ. මහාපනාද සූත්‍රයෙහි ආ නයින්ම විමසා ඔහුගේ වදන් අසා යම්තැනෙක්හි උපන්නහුගේ ජරාව පැනේනම් භවත්නි, ඇත්තෙන්ම ඒ ජාතියට නින්දා වේවායි සංවේග පත් හදින් එතැනින් හැරී ප්‍රාසාදයටම ගියහ.
රාජා “කිංකාරණා මම පුත්තො පටිනිවත්තී”ති පුච්ඡි. “ජිණ්ණපුරිසං දිස්වා, දෙවා”ති. තතො කම්පමානමානසො රාජා අඩ්ඪයොජනෙ ආරක්ඛං ඨපෙසි. පුනෙකදිවසං බොධිසත්තො උය්යානං ගච්ඡන්තො තාහි එව දෙවතාහි නිම්මිතං බ්යාධිතඤ්ච පුරිසං දිස්වා පුරිමනයෙනෙව පුච්ඡිත්වා සංවිග්ගහදයො නිවත්තිත්වා පාසාදමෙව අභිරුහි. රාජා පුච්ඡිත්වා නාටකානි විස්සජ්ජෙසි. “පබ්බජ්ජාය මානසං අස්ස භින්නං කරිස්ස”න්ති ආරක්ඛං වඩ්ඪෙත්වා සමන්තතො තිගාවුතප්පමාණෙ පදෙසෙ ආරක්ඛං ඨපෙසි.
රජ කුමක් නිසා මපුත් ආපසු ආයේදැයි විචාළේය. දේවයිනි, මහලු මිනිසකු දැකයයි කීය. ඉක්බිති රජ කම්පාවන හදින් අඩයොදනෙක රැකවල් තැබීය. නැවත දිනක් බෝසත්හු උයනට යන්නාහු ඒ දෙවියන් විසින්ම මවන ලද ගිලන් මිනිසකු දැක පෙර පරිදිම විමසා කලකිරුණු හදින් ආපසු හැරී මාලිගයටම ගොඩවූහ. රජ ඒ අසා ඔහුගේ පැවිද්ද වනසැයි නළඟනන් යැවීය. රැකවල් වඩා තුන්ගවු පමණ ප්‍රදේශයෙහි රකවල් තැබීය.
පුනපි බොධිසත්තො එකදිවසං උය්යානං ගච්ඡන්තො තථෙව දෙවතාහි නිම්මිතං කාලඞ්කතං දිස්වා පුරිමනයෙනෙව පුච්ඡිත්වා සංවිග්ගහදයො නිවත්තිත්වා පාසාදමභිරුහි. රාජා නිවත්තනකාරණං පුච්ඡිත්වා පුන ආරක්ඛං වඩ්ඪෙත්වා යොජනප්පමාණෙ පදෙසෙ ආරක්ඛං ඨපෙසි.
[missing trans]
පුනපි බොධිසත්තො එකදිවසං උය්යානං ගච්ඡන්තො තථෙව දෙවතාහි නිම්මිතං සුනිවත්ථං සුපාරුතං පබ්බජිතං දිස්වා – “කො නාමෙසො, සම්ම, සාරථී”ති සාරථිං පුච්ඡි. සාරථි කිඤ්චාපි බුද්ධුප්පාදස්ස අභාවා පබ්බජිතං වා පබ්බජිතගුණෙ වා න ජානාති, දෙවතානුභාවෙන පන “පබ්බජිතො නාමායං දෙවා”ති වත්වා පබ්බජ්ජාය ගුණං තස්ස වණ්ණෙසි.
බෝසතාණෝ තවත් දිනක උයනට යන්නාහු මනාව හැඳ මනාව පෙරව ගත් පැවිද්දකු දැක යහළු රියදුර, මේ කවරෙක්දැයි රියදුරාගෙන් විමසීය. රියැදුරා ද බුද්ධෝත්පාදයක් නොමැත්තෙන් පැවිද්දකු හෝ පැවිදිගුණ නොදනිතත් දේතානුභාවයෙන් දේවයිනි, මේ පැවිද්දෙකැයි කියා උන්වහන්සේට පැවිදි ගුණ වර්ණනා කළේය.
තතො බොධිසත්තො පබ්බජ්ජාය රුචිං උප්පාදෙත්වා තංදිවසං උය්යානං අගමාසි. දීඝායුකා බොධිසත්තා වස්සසතෙ වස්සසතෙ අතික්කන්තෙ ජිණ්ණාදීසු එකෙකං අද්දසංසු. අම්හාකං පන බොධිසත්තො අප්පායුකකාලෙ උප්පන්නත්තා චතුන්නං චතුන්නං මාසානං අච්චයෙන උය්යානං ගච්ඡන්තො අනුක්කමෙන එකෙකං අද්දස. දීඝභාණකා පනාහු – “චත්තාරි නිමිත්තානි එකදිවසෙනෙව දිස්වා අගමාසී”ති. තත්ථ දිවසභාගං කීළිත්වා උය්යානරසමනුභවිත්වා මඞ්ගලපොක්ඛරණියං න්හත්වා අත්ථඞ්ගතෙ සූරියෙ මඞ්ගලසිලාතලෙ නිසීදි අත්තානං අලඞ්කාරාපෙතුකාමො. අථස්ස චිත්තාචාරමඤ්ඤාය සක්කෙන දෙවානමින්දෙන ආණත්තො විස්සකම්මො නාම දෙවපුත්තො ආගන්ත්වා තස්සෙව කප්පකසදිසො හුත්වා දිබ්බෙහි අලඞ්කාරෙහි අලඞ්කරි. අථස්ස සබ්බාලඞ්කාරසමලඞ්කතස්ස සබ්බතාලාවචරෙසු සකානි සකානි පටිභානානි දස්සයන්තෙසු බ්රාහ්මණෙසු ච “ජය නන්දා”තිආදිවචනෙහි සුතමඞ්ගලිකාදීසු නානප්පකාරෙහි මඞ්ගලවචනත්ථුතිඝොසෙහි සම්භාවෙන්තෙසු සබ්බාලඞ්කාරසමලඞ්කතං රථවරං අභිරුහි. තස්මිං සමයෙ – “රාහුලමාතා පුත්තං විජාතා”ති සුත්වා සුද්ධොදනමහාරාජා – “පුත්තස්ස මෙ තුට්ඨිං නිවෙදෙථා”ති සාසනං පහිණි. බොධිසත්තො තං සුත්වා – “රාහු ජාතො, බන්ධනං ජාත”න්ති ආහ. රාජා – “කිං මෙ පුත්තො අවචා”ති පුච්ඡිත්වා තං වචනං සුත්වා “ඉතො පට්ඨාය මෙ නත්තා ‘රාහුලකුමාරො’ත්වෙව නාමං හොතූ”ති ආහ.
එයින් බෝසතාණෝ පැවිද්දෙහි රුචි උපදවා එදින උයනට ගියේය. දීර්ඝායුෂ්ක බෝසත්හු අවුරුදු සියය සියය ගියකල මහල්ලකු ආදි එක එක දකිති. අප බෝසත්හු වනාහි අල්පායුෂ්ක කාලයෙහි උපන් බැවින් සිවුමසක් ගතව උයනට යන්නාහු කෙමෙන් එක එක දුටහ. සතර නිමිති එක දිනයෙහි දැක ගියහයි දීඝභාණකයෝ කියති. එහි දිවාභාගය ක්‍රීඩා කොට උයන්රස විඳ මඟුල් පොකුණකින් නහා ඉර අස්තංගතවූ පසු තමන් සරසවා ගනු කැමැත්තාහු මඟුල් ගල්තෙලෙහි වාඩිවූහ. එවිට උන්වහන්සේගේ සිත්හසර දත් සක්දෙවිඳු විසින් එවන ලද විස්සකම්ම නම් දෙව්පුත් පැමිණ උන්වහන්සේගේම කපුවෙස් ගෙන දිව්‍යමය අලංකාරයෙන් අලංකාර කළේය. සර්වාලංකාරයෙන් සරසන ලද උන්වහන්සේට සියලු කාලාවචරයන් තම තමන්ගේ ප්රතිභාණයන් දක්වද්දී බමුණන් විසින් ජයවේවා ආදි වචනයෙන් සුතමංගලිකාදි නන් වැදෑරුම් තුතිවදන් ගොස අස්වද්දී සකලාලංකාරයෙන් සරහන ලද උතුම් රියට නැගුණහ. එවේලෙහි රාහුලමාතාව පුතකු වැදූයයි අසා සුදොවුන් රජ පුතුට සතුට පවසව්යි හසුන් යැවීය. බෝසත්හු එයසා රාහුලයෙක් උපන්නේය. බන්ධනයක් උපන්නේ යයි කීහ. රජ මපුත් කුමක් කීයේදැයි විමසා එවදන් අසා මෙවක් පටන් මාගේ මුනුපුරා රාහුල කුමාර නම් වන්නේ යයි කීය.
බොධිසත්තොපි තං රථවරමාරුය්හ මහතා පරිවාරෙන අතිමනොරමෙන සිරිසොභග්ගෙන නගරං පාවිසි. තස්මිං සමයෙ රූපසිරියා ගුණසම්පත්තියා ච අකිසා කිසාගොතමී නාම ඛත්තියකඤ්ඤා උපරිපාසාදවරතලගතා නගරං පවිසන්තස්ස බොධිසත්තස්ස රූපසිරිං දිස්වා සඤ්ජාතපීතිසොමනස්සා හුත්වා –
බෝසතාණෝ ද ඒ උතුම් රියට නැගී මහපිරිවරින් අතිශය මනහර සිරි ශෝභාවෙන් නුවරට පිවිසියහ. එකල රූසිරියෙන් ද ගුණසම්පත්තියෙන් ද නුකුඩා කිසාගෝතමී නම් කැත් කුමරිය උතුම් මතුමහල් පායෙහි සිට නුවරට පිවිසෙන බෝසතුන්ගේ රූසිරු දැක හටගත් සතුටු සොම්නස් ඇතිව-
“නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතො නූන සො පිතා; නිබ්බුතා නූන සා නාරී, යස්සායං ඊදිසො පතී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ධ· ප· අට්ඨ· 1.සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා) –
නියත වශයෙන්ම ඒ මව නිවුණාය. නියත වශයෙන්ම ඒ පියා නිවුණේය. නියත වශයෙන්ම යම් ස්ත්‍රියකට මෙබඳු සැමියෙක් ඇත්තේ ඕ නිවුණාය.
ඉමං උදානං උදානෙසි.
කියා මේ උදානය කීවාය.
බොධිසත්තො තං සුත්වා චින්තෙසි – “අයං මෙ සුස්සවනං වචනං සාවෙසි, අහඤ්හි නිබ්බානං ගවෙසන්තො විචරාමි, අජ්ජෙව මයා ඝරාවාසං ඡඩ්ඩෙත්වා නික්ඛම්ම පබ්බජිත්වා නිබ්බානං ගවෙසිතුං වට්ටතී”ති. “අයං ඉමිස්සා ආචරියභාගො හොතූ”ති මුත්තාහාරං කණ්ඨතො ඔමුඤ්චිත්වා කිසාගොතමියා සතසහස්සග්ඝනිකං පරමරතිකරං මුත්තාහාරං පෙසෙසි. සා “සිද්ධත්ථකුමාරො මයි පටිබද්ධහදයො හුත්වා පණ්ණාකාරං පෙසෙසී”ති සොමනස්සජාතා අහොසි.
බෝසත්හු එය අසාම මෝතොමෝ මට මනා ඇස්වීමක් ඇස්වූවාය. මම නිවන සොයමින් හැසිරෙමි. අදම මා ගෘහවාසය හැර දමා නිර්වාණය සෙවිය යුතුයයි මෙය මැයට ආචාර්ය භාගය වේවා කියා ලක්ෂයක් අගනා පරම සිත්කළු මුතුහර ගෙළෙන් මුදා යැවූහ. ඇය සිදුහත් කුමරා මා කෙරෙහි බැඳුණු සිතැතිව පඬුරු එවීයයි සොම්නස් ඇත්තී වූවාය.
බොධිසත්තොපි මහතා සිරිසමුදයෙන පරමරමණීයං පාසාදං අභිරුහිත්වා සිරිසයනෙ නිපජ්ජි. තාවදෙව නං පරිපුණ්ණරජනිකරසදිසරුචිරවරවදනා බිම්බඵලසදිසදසනවසනා සිතවිමලසමසංහිතාවිරළවරදසනා අසිතනයනකෙසපාසා සුජාතඤ්ජනාතිනීලකුටිලභමුකා සුජාතහංසසමසංහිතපයොධරා රතිකරනවකනකරජතවිරචිතවරමණිමෙඛලා පරිගතවිපුලඝනජඝනතටා කරිකරසන්නිභොරුයුගලා නච්චගීතවාදිතෙසු කුසලා සුරයුවතිසදිසරූපසොභා වරයුවතියො මධුරරවානි තුරියානි ගහෙත්වා මහාපුරිසං සම්පරිවාරෙත්වා රමාපයන්තියො නච්චගීතවාදිතානි පයොජයිංසු. බොධිසත්තො පන කිලෙසෙසු විරත්තචිත්තතාය නච්චගීතාදීසු අනභිරතො මුහුත්තං නිද්දං ඔක්කමි.
බෝසතාණෝ ද මහත් සිරිසැපතින් පරම රමණීය පහයට නැගි සිරියහන්හි හොත්හ. එකෙණෙහිම පිරිපුන් සඳමඬල වන් සොඳුරු වුවනින් යුත් බිඹුපලවන් තොලින් යුත් සුදෝසුදු මනාව ගැළපුණු අවිචර දසන් ඇති නිල්නුවන් හා කෙස්පාස ඇති මනාව හටගත් සුනිල් කුටිල බැවින් යුත් මනාව වැඩුණු හංසයව අසංගත පියොවුරින් යුත් රිත නවරන් රිදියෙන් සරසන ලද මිණිමෙවුල් ගත විසල් ඝනජසනකට ඇති ඇත් සොඬවන් දෙකළවා ඇති නැටුම් ගැයුම් වැයුම්හි කුසල සුරයුවතීන් බඳු රූපශෝභා ඇති වරයුවතීහු මිහිරි රැව් ඇති තූර්යයන් ගෙන මහපුරුෂයන් පිරිවරා සිත් අලවමින් නැටුම් ගැයුම් වැයුම් පැවැත්වූහ. බෝසත්හු කෙලෙසුන්හි නොඇලි සිත් ඇති බැවින් නෘත්‍ය ගීතාදියෙහි නොඇලුණාහු මොහොතක් නින්දට පැමිණියහ.
තා තං දිස්වා “යස්සත්ථාය නච්චාදීනි මයං පයොජෙම, සො නිද්දං උපගතො, ඉදානි කිමත්ථං කිලමාමා”ති ගහිතානි තුරියානි අජ්ඣොත්ථරිත්වා නිපජ්ජිංසු, ගන්ධතෙලප්පදීපා ච ඣායන්ති. බොධිසත්තො පබුජ්ඣිත්වා සයනපිට්ඨෙ පල්ලඞ්කෙන නිසින්නො අද්දස තා ඉත්ථියො තුරියභණ්ඩානි අවත්ථරිත්වා නිද්දායන්තියො පග්ඝරිතලාලා කිලින්නකපොලගත්තා, එකච්චා දන්තෙ ඛාදන්තියො, එකච්චා කාකච්ඡන්තියො, එකච්චා විප්පලපන්තියො, එකච්චා විවටමුඛා, එකච්චා අපගතවසනරසනා , පාකටබීභච්ඡසම්බාධට්ඨානා, එකච්චා විමුත්තාකුලසිරොරුහා සුසානරූපරූපං ධාරයමානා සයිංසු. මහාසත්තො තාසං තං විප්පකාරං දිස්වා භිය්යොසොමත්තාය කාමෙසු විරත්තචිත්තො අහොසි. තස්ස පන අලඞ්කතපටියත්තං දසසතනයනභවනසදිසං රුචිරසොභම්පි පාසාදවරතලං අපවිද්ධමතසරීරකුණපභරිතං ආමකසුසානමිව පරමපටික්කූලං උපට්ඨාසි. තයොපි භවා ආදිත්තභවනසදිසා හුත්වා උපට්ඨහිංසු. “උපද්දුතං වත, භො, උපස්සට්ඨං වත භො”ති ච වාචං පවත්තෙසි. අතිවිය පබ්බජ්ජාය චිත්තං නමි.
ඔවුහු උන්වහන්සේ දැක අපි යමෙකු සඳහා නැටුම් ආදිය පවත්වන්නමෝ නම් එතුමා නින්දට පැමිණියේය. දැන් කුමකට වෙහෙසෙමුදැයි ගත් තූර්ය භාණ්ඩ ඉවතලා නිදාගන්න. ගඳතෙල් පහන් දැල්වෙයි. බෝසතාණෝ පිබිද ඇඳ මත පලගින් සිටියාහු තූර්ය භාණ්ඩ ඉවතලා නිදන ඒ ස්ත්‍රීන් දුටහ. කෙළ වගුරුවමින් කිලිටි කොපුල් ගාත්‍ර ඇති දත්කන ඇතැමුන් ද දොඩවන සමහරුන් ද කටහයා ගත් සමහරුන් සළුමෙවුල් පහවූවන් පිළිකුල් සම්බන්ධ ස්ථාන දක්වන්නවුන් මුදා විසිරුණු කෙස් ඇත්තවුන් සොහොන් රූ වැනි රූ දරන්නවුන් මෙන් නිදා සිටියවුන් දුටහ. මහසත්හු ඔවුන්ගේ විප්‍රකාර දැක බෙහෙවින්ම කාමයන්හි නොඇලුණු සිත් ඇති වූහ. උන්වහන්සේට ශක්‍රභවනය සේ අලංකාරයෙන් සරසන ලද සොඳුරු ශෝභා ඇති උතුම් මාලිගය හැරදැමූ මළසිරුරු කුණප භරිත අමුසොහොනක් මෙන් පරම පිළිකුල් බව හැඟී ගියේය. තුන්භවය ගිනිගත් ගෙයක් සේ වැටහිණ. භවත්නි, ඒකාන්තයෙන් උපද්රැතය. ඒකාන්තයෙන් පීඩාකාරි යයි වචනත් පැවසූහ. සිත පැවිද්දට අතිශයින්ම නැමුණේය.
සො “අජ්ජෙව මයා මහාභිනික්ඛමනං නික්ඛමිතුං වට්ටතී”ති සිරිසයනතො උට්ඨාය ද්වාරසමීපං ගන්ත්වා – “කො එත්ථා”ති ආහ. උම්මාරෙ සීසං කත්වා නිපන්නො ඡන්නො ආහ – “අහං, අය්යපුත්ත, ඡන්නො”ති. අථ මහාපුරිසො – “අහං අජ්ජ මහාභිනික්ඛමනං නික්ඛමිතුකාමො, න කඤ්චි පටිවෙදිත්වා සීඝමෙකං අතිජයං සින්ධවං කප්පෙහී”ති. සො “සාධු, දෙවා”ති අස්සභණ්ඩකං ගහෙත්වා අස්සසාලං ගන්ත්වා ගන්ධතෙලප්පදීපෙසු ජලන්තෙසු සුමනපට්ටවිතානස්ස හෙට්ඨා පරමරමණීයෙ භූමිභාගෙ ඨිතං අරිමන්ථකං කණ්ඩකං තුරඞ්ගවරං දිස්වා – “අජ්ජ මයා අය්යපුත්තස්ස නික්ඛමනත්ථාය ඉමමෙව මඞ්ගලහයං කප්පෙතුං වට්ටතී”ති කණ්ඩකං කප්පෙසි. සො කප්පියමානොව අඤ්ඤාසි – “අයං කප්පනා අතිගාළ්හා, අඤ්ඤෙසු දිවසෙසු උය්යානකීළං ගමනකාලෙ කප්පනා විය න හොති. නිස්සංසයං අජ්ජෙව අය්යපුත්තො මහාභිනික්ඛමනං නික්ඛමිස්සතී”ති. තතො තුට්ඨමානසො මහාහසිතං හසි. සො නාදො තං සකලකපිලවත්ථුපුරං උන්නාදං කරෙය්ය, දෙවතා පන සන්නිරුම්භිත්වා න කස්සචි සොතුං අදංසු.
අදම මා විසින් මහබිනික්මන් නික්මිය යුතුයයි සිරියහනින් නැගී දොර ළඟට ගොස් මෙහි කවුදැයි කීහ. පඩිකඳෙහි හිස තබා නිදා සිටි ඡන්න ආර්ය පුත්‍රයිනි, මම ඡන්න යෙමියි කීය. අද මම මහබිනික්මන් නික්මෙනු කැමැත්තෙමි. කාහටත් නොකියා වහා එක් අතිජව සෛන්ධවයෙක් සරසවයි කීහ. හෙතෙම මැනව දේවයිනිය අස් බඩු ගෙන පහලට ගොස් ගඳතෙල් පහන් දල්වද්දී සමන්පට වියන් යට පරම රමණීය බිම්කඩෙක සිටි අරිමථනය කරන කන්ථක නම් වරතුරඟු දැක අද මවිසින් ආර්ය පුත්‍රයන්ට නික්මීම සඳහා මේ මඟුලසුම සැරසිය යුතුයයි කන්ථක සැරසීය. සරසන්නා වූම ඔහු මේ සැරසීම ඉතා බරපතළය. වෙනදා උයන් කෙළියට යන කල සැරසීම මෙන් නොවේ. නිසැකයෙන් අද ආර්ය පුත්‍රයෝ මහබිනික්මන් නික්මෙතියි දැනගත්තේය. එයින් සතුටු සිත් ඇත්තේ මහ හේෂාරවයක් කළේය. ඔහුගේ නාදය සකල කපිලපුරය මහහඬ ගන්වන්නේය. දෙවියෝ වනාහි වළකා කිසිවකුටත් ඇසෙන්නට නුදුන්හ.
බොධිසත්තො “පුත්තං තාව පස්සිස්සාමී”ති චින්තෙත්වා ඨිතට්ඨානතො උට්ඨාය රාහුලමාතුයා වසනට්ඨානං ගන්ත්වා ගබ්භද්වාරං විවරි. තස්මිං ඛණෙ අන්තොගබ්භෙ ගන්ධතෙලප්පදීපො ඣායති. රාහුලමාතා සුමනමල්ලිකාදීනං අම්බණමත්තෙන අත්තිප්පකිණ්ණෙ වරසයනෙ පුත්තස්ස මත්ථකෙ හත්ථං ඨපෙත්වා නිද්දායති. බොධිසත්තො උම්මාරෙ පාදං ඨපෙත්වා ඨිතකොව ඔලොකෙත්වා – “සචාහං දෙවියා හත්ථං අපනෙත්වා මම පුත්තං ගණ්හිස්සාමි, දෙවී පබුජ්ඣිස්සති, එවං මෙ අභිනික්ඛමනස්ස අන්තරායො භවිස්සති. බුද්ධො හුත්වාව ආගන්ත්වා පුත්තං පස්සිස්සාමී”ති චින්තෙත්වා පාසාදතලතො ඔතරිත්වා අස්සස්ස සමීපං ගන්ත්වා එවමාහ – “තාත කණ්ඩක, ත්වං අජ්ජ එකරත්තිං මං තාරය, අහං තං නිස්සාය බුද්ධො හුත්වා සදෙවකං ලොකං තාරෙස්සාමී”ති. තතො උල්ලඞ්ඝිත්වා කණ්ඩකස්ස පිට්ඨිං අභිරුහි. කණ්ඩකො ගීවතො පට්ඨාය ආයාමතො අට්ඨාරසහත්ථො හොති තදනුරූපෙන උබ්බෙධෙන සමන්නාගතො රූපග්ගජවබලසම්පන්නො සබ්බසෙතො ධොතසඞ්ඛසදිසදස්සනීයවණ්ණො. තතො බොධිසත්තො වරතුරඞ්ගපිට්ඨිගතො ඡන්නං අස්සස්ස වාලධිං ගාහාපෙත්වා අඩ්ඪරත්තසමයෙ නගරස්ස මහාද්වාරං සම්පත්තො.
බෝසත්හු පළමුව පුතු බලමියි සිතා සිටිතැනින් රහල්මව වසන තැනට ගොස් ගැබ්දොර විවර කළහ. එකෙණෙහි ගැබතුල ගඳතෙල් පහන දැල්වෙයි. රහල්මව සමන්මල් ආදිය අමුණක් පමණ අතුරන ලද උතුම් යහනාවෙහි පුතු මත අත තබා නිදන්නීය. බෝසත්හු එළිපතෙහි පා තබා සිටිවනම බලා ඉඳින් මම දේවියගේ අත ඉවත්කොට මපුතු ගනිම් නම් දේවිය පිබිදෙන්නීය. එයින් මාගේ මහබිනික්මනට අනතුරු වන්නේය. බුදුවම අවුත් පුතු බලමියි සිතා පහතලින් බැස අසු ළඟට ගොස් මෙසේ කීහ. දරුව කන්ථක, තෝ අද එක් රැයින් මා එතෙර කරව. මම තා නිසා බුදුව සදේවක ලෝකයා එතෙර කරවන්නෙමි කියායි. ඉක්බිති උඩපැන කන්ථක පිට නැගුණාහ. කන්ථක ග්‍රීවයෙහි පටන් දිගින් අටළොස් රියන් වෙයි. ඊට ගැළපෙන උසින් යුක්තය. රූපසම්පතින් ජවබලසම්පතින් යුක්තය. සේදූ සකක් මෙන් පැහැපත්ය. ඉක්බිති වරතුරඟු පිට නැගී ගත් බෝසත්හු කන්ථක අසුමලග ගන්වා මධ්‍යම රාත්‍රියෙහි නුවර මහදොර වෙත පැමිණියහ.
තදා පන රාජා පුබ්බෙව බොධිසත්තස්ස ගමනපටිසෙධනත්ථාය ද්වීසු ද්වාරකවාටෙසු එකෙකං පුරිසසහස්සෙන විවරිතබ්බං කාරෙත්වා තත්ථ බහුපුරිසෙ ආරක්ඛං ඨපෙසි. බොධිසත්තො කිර පුරිසගණනාය කොටිසතසහස්සස්ස බලං ධාරෙසි, හත්ථිගණනාය කොටිසහස්සස්ස. තස්මා සො චින්තෙසි – “යදි ද්වාරං න විවරීයති, අජ්ජ කණ්ඩකස්ස පිට්ඨෙ නිසින්නො ඡන්නං වාලධිං ගාහාපෙත්වා තෙන සද්ධිංයෙව කණ්ඩකං ඌරූහි නිප්පීළෙත්වා අට්ඨාරසහත්ථං පාකාරං උප්පතිත්වා අතික්කමෙය්ය”න්ති. ඡන්නො චින්තෙසි – “සචෙ ද්වාරං න උග්ඝාපයති, අහං අය්යපුත්තං ඛන්ධෙ කත්වා කණ්ඩකං දක්ඛිණහත්ථෙන පරික්ඛිපන්තො උපකච්ඡකෙ කත්වා උප්පතිත්වා පාකාරං අතික්කමිස්සාමී”ති. කණ්ඩකො චින්තෙසි – “අහං ද්වාරෙ අවිවරියමානෙ යථානිසින්නමෙව අය්යපුත්තං ගහිතවාලධිනා ඡන්නෙන සද්ධිං උප්පතිත්වා පාකාරස්ස පුරතො පතිට්ඨහිස්සාමී”ති. එවමෙව තයො පුරිසා චින්තයිංසු. ද්වාරෙ අධිවත්ථා දෙවතා මහාද්වාරං විවරිංසු.
එකල රජතුමා කල්තියාම බෝසතුන්ගේ ගමන වැළකීම පිණිස දොරපියන් දෙක්හි එක එක මිනිසුන් දහසක් විසින් විවර කළයුතු කොට එහි ආරක්ෂකයන් තැබුයේ විය. බෝසත්හු වනාහි මිනිස් ගණනින් කෙළලක්ෂයක් මිනිසුන්ගේ බල දරති. ඇත් ශක්තීන් ලක්ෂයක් ඇතුන්ගේ බල දරති. එහෙයින් උන්වහන්සේ ඉඳින් දොර නොහැරියහොත් අද කන්ථක පිට සිටම ඡන්න වාලධිය ගන්වා ඔහු සමග කන්ථක කළවායෙහි සංඥා කොට අටළොස් රියන් උස පවුර උඩපැන ඉක්මවන්නෙමියි සිතූහ. ඡන්න කන්ථක ද එසේ සිතූහ. දොරෙහි අධිගෘහිත දේවතාවෝ දොර ඇරියහ.
තස්මිං ඛණෙ මාරො පාපිමා “මහාසත්තං නිවත්තෙස්සාමී”ති ආගන්ත්වා ගගනතලෙ ඨත්වා ආහ –
එකෙණෙහි පාපී මාරයා බෝසතුන් වළකන්නෙමියි අවුත් අහස සිට කීය-
“මා නික්ඛම මහාවීර, ඉතො තෙ සත්තමෙ දිනෙ; දිබ්බං තු චක්කරතනං, අද්ධා පාතු භවිස්සති. –
මහාවීරය, නික්ම නොයනු මැනව. මෙයින් සත්වන දින ඔබවහන්සේ ඒකාන්තයෙන් දිවසක්රුවන පහළ වන්නේය.
ද්විසහස්සපරිත්තදීපපරිවාරානං චතුන්නං මහාදීපානං රජ්ජං කාරෙස්සසි, නිවත්ත, මාරිසා”ති. මහාපුරිසො ආහ “කොසි ත්ව”න්ති. අහං වසවත්තීති.
දෙදහසක් කොදෙව් පිරිවර ඇති සතර මහදිවයින්හි රාජ්‍යය කරනු මැනව. නිදුකාණනි, නවතිනු මැනව කියායි. තෝ කවරක්හිදැයි මහපුරිස්සු ඇසූහ. මම වසවර්ති වෙමියි කීය.
“ජානාමහං මහාරාජ, මය්හං චක්කස්ස සම්භවං; අනත්ථිකොහං රජ්ජෙන, ගච්ඡ ත්වං මාර මා ඉධ.
මහරජ, සක්රුවන පහළවන බව මම දනිමි. මට රාජ්‍යයෙන් පලක් නැත. මාරය, තෝ යව. මෙහි නොසිටුව.
“සකලං දසසහස්සම්පි, ලොකධාතුමහං පන; උන්නාදෙත්වා භවිස්සාමි, බුද්ධො ලොකෙ විනායකො”ති. –
මම සියලු දසසහස්‍රී ලෝකධාතුව කම්පාකොට ලොව හික්මවන්නා වූ බුදු වන්නෙමියි කීහ.
ආහ. සො තත්ථෙවන්තරධායි.
ඔහු එහිම අතුරුදහන් විය.
මහාසත්තො එකූනත්තිංසවස්සකාලෙ හත්ථගතං චක්කවත්තිරජ්ජං ඛෙළපිණ්ඩං විය අනපෙක්ඛො ඡඩ්ඩෙත්වා චක්කවත්තිසිරිනිවාසභූතා රාජභවනා නික්ඛමිත්වා ආසාළ්හිපුණ්ණමාය උත්තරාසාළ්හනක්ඛත්තෙ වත්තමානෙ නගරතො නික්ඛමිත්වා නගරං අපලොකෙතුකාමො අහොසි. විතක්කසමනන්තරමෙව චස්ස කුලාලචක්කං විය සො භූමිප්පදෙසො පරිවත්ති. යථාඨිතොව මහාසත්තො කපිලවත්ථුපුරං දිස්වා තස්සිං භූමිප්පදෙසෙ කණ්ඩකනිවත්තනං නාම චෙතියට්ඨානං දස්සෙත්වා ගන්තබ්බමගාභිමුඛංයෙව කණ්ඩකං කත්වා පායාසි මහතා සක්කාරෙන උළාරෙන සිරිසමුදයෙන. තදා මහාසත්තෙ ගච්ඡන්තෙ තස්ස පුරතො දෙවතා සට්ඨි උක්කාසතසහස්සානි ධාරයිංසු, තථා පච්ඡතො සට්ඨි දක්ඛිණතො සට්ඨි උක්කාසතසහස්සානි, තථා වාමපස්සතො. අපරා දෙවතා සුරභිකුසුමමාලාදාමචන්දනචුණ්ණචාමරධජපටාකාහි සක්කරොන්තියො පරිවාරෙත්වා අගමංසු. දිබ්බානි සඞ්ගීතානි අනෙකානි ච තුරියානි වජ්ජිංසු.
මහාසත්ත්වයෝ එකුන්තිස් වියෙහි අතපත් සක්විති රාජ්‍යය කෙළපිඩක් මෙන් අනපේක්ෂිතව හැර දමා සක්විති සිරි නිවන බඳු රජගෙයින් නික්ම ඇසළ පුන්පොහෝදින උතුරුසල නැකත පවතිද්දී නුවරින් නික්ම නුවර බලනු රිසි වූහ. සිතූ සැණින් කුඹල්සකක් මෙන් ඒ බිම්පියස කැරකිණ. මහසත්හු සිටි ලෙසින්ම කපිලපුර බලා ඒ බිම් පෙදෙසෙහි කන්ථක නිවත්තන චෙතිය ස්ථානය දක්වා යායුතු මඟට අභිමුඛව කන්ථක මෙහෙයවා ගියහ. මහත් සත්කාරයෙන් උදාර ශ්‍රී ශෝභාවෙන් බෝසතුන් යද්දී උන්වහන්සේ ඉදිරියෙන් දෙවියෝ සැට ලක්ෂයක් උල්කා දැරූහ. පසුපසින් දකුණු පසින් උල්කා ලක්ෂයකි. වම්පසින්ද එසේය. වෙනත් දෙවිවරු සුවඳකුසුම් මල්දම් සඳුන්සුණු චාමර ධජ පතාකායෙන් සත්කාර කරන්නාහු පිරිවරා ගමන් කළහ. දිව්‍යමය සංගීත ද නන් තුරු වාදනය ද කළහ.
ඉමිනා සිරිසමුදයෙන ගච්ඡන්තො බොධිසත්තො එකරත්තෙනෙව තීණි රජ්ජානි අතික්කම්ම තිංසයොජනිකං මග්ගං ගන්ත්වා අනොමානදීතීරං සම්පාපුණි. අථ බොධිසත්තො නදීතීරෙ ඨත්වා ඡන්නං පුච්ඡි – “කා නාමායං නදී”ති? “අනොමා නාම, දෙවා”ති. “අම්හාකම්පි පබ්බජ්ජා අනොමා භවිස්සතී”ති පණ්හියා අස්සං ඝට්ටෙන්තො අස්සස්ස සඤ්ඤං අදාසි. අස්සො උල්ලඞ්ඝිත්වා අට්ඨඋසභවිත්ථාරාය නදියා පාරිමතීරෙ අට්ඨාසි. බොධිසත්තො අස්සපිට්ඨිතො ඔරුය්හ මුත්තරාසිසදිසෙ වාලුකාපුලිනෙ ඨත්වා ඡන්නං ආමන්තෙසි – “සම්ම ඡන්න, ත්වං මය්හං ආභරණානි චෙව කණ්ඩකඤ්ච ආදාය ගච්ඡ, අහං පබ්බජිස්සාමී”ති. ඡන්නො, “අහම්පි, දෙව, පබ්බජිස්සාමී”ති. බොධිසත්තො ආහ – “න ලබ්භා තයා පබ්බජිතුං, ගච්ඡෙව ත්ව”න්ති තික්ඛත්තුං නිවාරෙත්වා ආභරණානි චෙව කණ්ඩකඤ්ච පටිච්ඡාපෙත්වා චින්තෙසි – “ඉමෙ මය්හං කෙසා සමණසාරුප්පා න හොන්ති, තෙ ඛග්ගෙන ඡින්දිස්සාමී”ති දක්ඛිණෙන හත්ථෙන පරමනිසිතමසිවරං ගහෙත්වා වාමහත්ථෙන මොළියා සද්ධිං චූළං ගහෙත්වා ඡින්දි, කෙසා ද්වඞ්ගුලමත්තා හුත්වා දක්ඛිණතො ආවට්ටමානා සීසෙ අල්ලීයිංසු. තෙසං පන කෙසානං යාවජීවං තදෙව පමාණං අහොසි, මස්සු ච තදනුරූපං, පුන කෙසමස්සුඔහාරණකිච්චම්පිස්ස නාහොසි. බොධිසත්තො සහ මොළියා චූළං ගහෙත්වා – “සචාහං බුද්ධො භවිස්සාමි, ආකාසෙ තිට්ඨතු, නො චෙ, භූමියං පතතූ”ති ආකාසෙ ඛිපි. තං චූළාමණිබන්ධනං යොජනප්පමාණං ඨානං ගන්ත්වා ආකාසෙ අට්ඨාසි.
මෙම සිරිසෞභාග්යයෙන් යන බෝසතාණෝ එක් රැයින්ම තුන් රාජ්‍යය පසුකොට තුන්යොදුන් මග ගෙවා අනෝමා ගංතෙරට පැමිණියහ. ඉක්බිති බෝසත්හු ගංතෙර සිට මේ කිනම් නදියක්දැයි ඡන්නගෙන් ඇසූහ. දේවයිනි, අනෝමා නමි. අපගේ පැවිද්දත් අනෝම වන්නේ යයි විළුබෙන් අසු ගටන්නාහු අසුට සංඥා කළහ. අශ්වයා උඩපැන අට ඉස්බක් පුළුල් ගඟ එගොඩ සිටියේය. බෝසත්හු අසුපිටින් බැස මුතුරැසක් වන් වැලිතෙලෙහි සිට ඡන්න ඇමතූහ යහළු ඡන්න, ඔබ මාගේ ආභරණත් කන්ථකත් ගෙන යන්න. මම පැවිදි වන්නෙමියි කීහ. ඡන්න, දේවයිනි මමත් පැවිදිවෙමියි කීය. ඔබට මහණවිය නොහැකියි. ඔබ යන්නමයි තෙවරක් වළකා ආභරණත් අශ්වයාත් පවරා දී මෙසේ සිතූහ. මගේ මේ කෙස් ශ්‍රමණ සාරුප්‍ය නොවෙයි. ඒවා කඩුවෙන් කපමි කියා දකුණතින් නොතියුණු උතුම් කඩුව ගෙන වමතින් මෞළිය සහිත කොණ්ඩය ගෙන සින්දහ. කෙස් දැඟුල්ව දකුණට කැරකී හිසෙහි ඇලී ගියේය. දිවිහිමියෙන් ඒ කෙස්වල ප්‍රමාණය එයම වෙයි. රැවුල එයටම අනුරූප විය. නැවත කෙස්රැවුල් කැපීමක් නොවීය. බෝසත්හු මෞලිය සහිත කොණ්ඩය ගෙන ඉදින් මම බුදුවන්නෙම් නම් අහසෙහි රැඳේවා. නොඑසේ නම් බිම වැටේවායි අහසට දැමූහ.
අථ සක්කො දෙවරාජා දිබ්බෙන චක්ඛුනා ඔලොකෙන්තො යොජනිකෙන රතනචඞ්කොටකෙන තං පටිග්ගහෙත්වා තාවතිංසභවනෙ තියොජනං සත්තරතනමයං චූළාමණිචෙතියං නාම පතිට්ඨාපෙසි. යථාහ –
එවිට සක්දෙව්රජ දිවැසින් බලන්නේ යොදුනක් පමණ රන්කරඬුවකින් එය පිළිගෙන තවුතිසා භවනයෙහි සිළුමිණි සෑය නම් සෑයක් පිහිටුවීය. කීයේමය-
“ඡෙත්වාන මොළිං වරගන්ධවාසිතං, වෙහායසං උක්ඛිපි අග්ගපුග්ගලො; සහස්සනෙත්තො සිරසා පටිග්ගහි, සුවණ්ණචඞ්කොටවරෙන වාසවො”ති. (ම· නි· අට්ඨ· 1.222; සං· නි· අට්ඨ· 2.2.12; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා);
අග්‍ර පුද්ගලයන් වහන්සේ උතුම් සුවඳ කැවූ මෞලිය සිඳ අහසට දැමූහ. වාසව නම් දහසක් නුවන් ඇත්තහු විසින් උතුම් රන්කරඬුවෙන් සිරසින් පිළිගන්නා ලදි.
පුන බොධිසත්තො චින්තෙසි – “ඉමානි කාසිකවත්ථානි මහග්ඝානි, න මය්හං සමණසාරුප්පානී”ති. අථස්ස කස්සපබුද්ධකාලෙ පුරාණසහායකො ඝටිකාරමහාබ්රහ්මා එකං බුද්ධන්තරං විනාසභාවාප්පත්තෙන මිත්තභාවෙන චින්තෙසි – “අජ්ජ මෙ සහායකො මහාභිනික්ඛමනං නික්ඛන්තො, සමණපරික්ඛාරමස්ස ගහෙත්වා ගච්ඡිස්සාමී”ති.
නැවත බෝසතාණෝ සිතූහ. මේ කසී සළු මාගේ පැවිද්දට නොගැළපෙයි. එවිට උන්වහන්සේගේ කාශ්‍යප බුදුන් සමයෙහි පැරණි යහළු වූ ඝටීකාර මහාබ්‍රහ්ම තෙම එක් බුද්ධාන්තරයක් විනාශයට පත් මිත්‍රභාවයෙන් මෙසේ සිතීය. අද මාගේ මිත්‍රයා මහබිනික්මන් කළේය. එතුමාට ශ්‍රමණ පරිෂ්කාර ගෙන යමි කියායි.
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනඤ්ච අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති. (දී· නි· අට්ඨ· 1.215; ම· නි· අට්ඨ· 1.294; 2.349; අ· නි· අට්ඨ· 2.4.198; පාරා· අට්ඨ· 1.45 පදභාජනීයවණ්ණනා; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; මහානි· අට්ඨ· 206) –
තුන්සිවුර ද පාත්‍රය ද කරය ද හිදිකටුව ද පෙරහන සහ කායබන්ධන ද යන මේ අට යෝගයෙහි යුක්ත භික්ෂුවගේ පිරිකරයි.
ඉමෙ අට්ඨ සමණපරික්ඛාරෙ ආහරිත්වා අදාසි. මහාපුරිසො අරහද්ධජං නිවාසෙත්වා උත්තමං පබ්බජ්ජාවෙසං ගහෙත්වා සාටකයුගලං ආකාසෙ ඛිපි. තං මහාබ්රහ්මා පටිග්ගහෙත්වා බ්රහ්මලොකෙ ද්වාදසයොජනිකං සබ්බරතනමයං චෙතියං කත්වා තං අන්තො පක්ඛිපිත්වා ඨපෙසි. අථ නං මහාසත්තො – “ඡන්න, මම වචනෙන මාතාපිතූනං ආරොග්යං වදෙහී”ති වත්වා උය්යොජෙසි. තතො ඡන්නො මහාපුරිසං වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. කණ්ඩකො පන ඡන්නෙන සද්ධිං මන්තයමානස්ස බොධිසත්තස්ස වචනං සුණන්තො ඨත්වා – “නත්ථි දානි මය්හං පුන සාමිනො දස්සන”න්ති චක්ඛුපථමස්ස විජහන්තො වියොගදුක්ඛමධිවාසෙතුං අසක්කොන්තො හදයෙන ඵලිතෙන කාලං කත්වා සුරරිපුදුරභිභවනෙ තාවතිංසභවනෙ කණ්ඩකො නාම දෙවපුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස උප්පත්ති විමලත්ථවිලාසිනියා විමානවත්ථුට්ඨකථාය ගහෙතබ්බා. ඡන්නස්ස පඨමං එකොව සොකො අහොසි. සො කණ්ඩකස්ස කාලකිරියාය දුතියෙන සොකෙන පීළියමානො රොදන්තො පරිදෙවන්තො දුක්ඛෙන අගමාසි.
මේ ශ්‍රමණ පිරිකර අට ගෙනවුත් දුන්නේය. මහපුරිස්හු අර්හත් ධජය පෙරවා උතුම් පැවිදි වෙස් ගෙනම ඡන්නය, මාගේ වචනයෙන් මවුපියන්ට නිරෝගබව කියවයි කියා පිටත් කළහ. ඉක්බිති ඡන්න බෝසතුන් වැඳ පැදකුණු කොට ගියේය. කන්ථක වනාහි ඡන්න සමග කතාකරන බෝසතුන්ගේ වදන් අසන්නේ දැන් ඉතින් මට සමීපයාගේ දැකීමක් මින්පසු නැතැයි පෙනෙන තෙක් මානයෙන් දුරුවීමත් සමගම වියෝදුක ඉවසනු නොහැකිව ළය පැළී මිය ගොස් සුරරිපුන් විසින් නොමැඩිය හැකි තවුතිසා භවනයෙහි කන්ථක නම් දිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ උපත විමලත්ථ විලාසිනී නම් විමානවත්ථු අටුවාවෙන් ගත යුතුය. ඡන්නට පළමුවෙන් එකම ශෝකයක් විය. එය කන්ථකගේ මරණයෙන් දෙවන ශෝකයකින් පෙළෙන්නේ හඬමින් වැලපෙමින් දුකින් ගියේය.
බොධිසත්තොපි පබ්බජිත්වා තස්මිංයෙව පදෙසෙ අනුපියං නාම අම්බවනං අත්ථි, තත්ථෙව සත්තාහං පබ්බජ්ජාසුඛෙන වීතිනාමෙත්වා තතො පච්ඡා සඤ්ඣාප්පභානුරඤ්ජිතසලිලධරසංවුතො සරදසමයෙ පරිපුණ්ණරජනිකරො විය කාසාවවරසංවුතො එකකොපි අනෙකජනපරිවුතො විය විරොචමානො තං වනවාසිමිගපක්ඛීනං නයනාමතපානමිව කරොන්තො එකචරො සීහො විය නරසීහො මත්තමාතඞ්ගවිලාසගාමී සමස්සාසෙන්තො විය වසුන්ධරං පාදතලෙහි එකදිවසෙනෙව තිංසයොජනිකං මග්ගං ගන්ත්වා උත්තුඞ්ගතරඞ්ගභඞ්ගං අසඞ්ගං ගඞ්ගං නදිං උත්තරිත්වා රතනජුතිවිසරවිරාජිතවරරුචිරරාජගහං රාජගහං නාම නගරං පාවිසි. පවිසිත්වා ච පන සපදානං පිණ්ඩාය චරි. සකලං පන තං නගරං බොධිසත්තස්ස රූපදස්සනෙන ධනපාලකෙ පවිට්ඨෙ තං නගරං විය අසුරින්දෙ පවිට්ඨෙ දෙවනගරං විය සඞ්ඛොභමගමාසි. පිණ්ඩාය චරන්තෙ මහාපුරිසෙ නගරවාසිනො මනුස්සා මහාසත්තස්ස රූපදස්සනෙන සඤ්ජාතපීතිසොමනස්සා ජාතවිම්හිතා බොධිසත්තස්ස රූපදස්සනාවජ්ජිතහදයා අහෙසුං.
බෝසතාණෝ ද පැවිදිව ඒ පෙදෙසෙහිම අනුපිය නම් අඹඋයනක් ඇත. එහි සතියක් පැවිදි සුවයෙන් කල්ගෙවා එයින් සන්ධ්යාප්රභායෙන් රැඳුණු වලාපිරිවැරූ සරාකල පුන්සඳ මෙන් උතුම් කසාවතින් සංවරවූයේ හුදකලාව ද නොඑක් දෙන පිරිවරන ලද මෙන් බබළන්නාහු. ඒ වනයෙහි මෘගපක්ෂීන්ට නයනාමෘතයක් කරන්නාහු මෙන් එකචාරී සිංහයකු මෙන් මත්මතඟ ගමනින් නරසිංහයාණෝ මිහිකත සනහන්නාක් මෙන් පා ගමනින් එක් දිනකින්ම තිස්යොදුන් මඟ ගෙවා උත්තුංග තරංග භංග යුත් ගල ගංගා නදිය තරණය කොට රක්නාලෝක සමූහයෙන් බබළන උතුම් සොඳුරු රජගහ නම් නුවරට පිවිසියහ. පිවිස ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසුරුණාහ. ඒ මුළු නුවර බෝසතුන්ගේ රූප දර්ශනයෙන් ධනපාල ඇතු පිවිසි කල ඒ නගරය මෙන් අසුරිඳු පිවිසි කල දෙව්නුවර මෙන් කැළඹීමට පත්විය. මහපුරුෂයාණන් පිඬු පිණිස හැසිරෙද්දී නුවර වැසි මිනිස්සු මහසතුන්ගේ රූප දර්ශනයෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇතිව විස්මය පත්ව බෝසත් දර්ශනයෙන් ආවර්ජිත සිත් ඇත්තෝ වූහ.
තෙසං මනුස්සානං අඤ්ඤතරො අඤ්ඤතරමෙවමාහ – “කින්නු යං, භො, රාහුභයෙන නිගූළ්හකිරණජාලො පුණ්ණචන්දො මනුස්සලොකමාගතො”ති. තමඤ්ඤො සිතං කත්වා එවමාහ – “කිං කථෙසි, සම්ම, කදා නාම තයා පුණ්ණචන්දො මනුස්සලොකමාගතො දිට්ඨපුබ්බො, නනු එස කුසුමකෙතුකාමදෙවො වෙසන්තරමාදාය අම්හාකං මහාරාජස්ස නාගරානඤ්ච පරමලීළාවිභූතිං දිස්වා කීළිතුමාගතො”ති. තමඤ්ඤො සිතං කත්වා එවමාහ – “කිං, භො, ත්වං උම්මත්තොසි, නනු කාමො ඉස්සරකොධහුතාසනපරිදඩ්ඪසරීරො සුරපතිදසසතනයනො එසො අමරපුරසඤ්ඤාය ඉධාගතො”ති! තමඤ්ඤො ඊසකං හසිත්වා – “කිං වදෙසි, භො, තෙ පුබ්බාපරවිරොධං, කුතො පනස්ස දසසතනයනානි, කුතො වජිරං, කුතො එරාවණො. අද්ධා බ්රහ්මා එස බ්රාහ්මණජනං පමත්තං ඤත්වා වෙදවෙදඞ්ගාදීසු නියොජනත්ථාය ආගතො”ති. තෙ සබ්බෙපි අපසාදෙත්වා අඤ්ඤො පණ්ඩිතජාතිකො එවමාහ – “නෙවායං පුණ්ණචන්දො , න ච කාමදෙවො, නාපි දසසතනයනො, න චාපි බ්රහ්මා, සබ්බලොකනායකො සත්ථා එස අච්ඡරියමනුස්සො”ති.
ඒ මිනිසුන්ගෙන් එකෙක් අනෙකාට මෙසේ කීය. කිමෙක්ද භවත, රාහුට බියෙන් සඟවා ගත් කිරණ ඇතිව මිනිස් ලොවට පැමිණි පුන්සඳ ද? ඔහුට තවකෙක් මෙසේ කීය. යහළුව, කුමක් කියන්නෙහිද? ඔබ කවදා නම් මිනිස් ලොවට පැමිණි පුන්සඳ පෙර දැක තිබේද? ඒකාන්තයෙන් මේ වෙනත් වෙසක් ගෙන අප මහරජුගේත් නුවරුන්ගේත් පරමලීලා සම්පත් දැක ක්‍රීඩා පිණිස පැමිණි කුසුම්සර කාමදේවයාය. අනිකෙක් ඔහුට සිනාසී භවත, ඇයි ඔබට පිස්සුද? ඇයි කාමයා ඊශ්වර ක්රෝධාග්නියෙන් දැවුණු සිරුරු ඇත්තෙකි. මේ සුරපුරය යන හැඟීමෙන් මෙහි පැමිණි ශක්රයාය කීය. අනිකෙක් ඔහුට සිනාසී භවත, මුල අග වරදා කුමක් කියන්නෙහිද? ඔහුගේ දහසක් නුවන් කොයින්ද? වජ්‍රය කොයින්ද? ඓරාවණයා කොයින්ද? ඒකාන්තයෙන් බ්‍රාහ්මණ ජනයාගේ ප්‍රමාද දැක වෙද වේදාංගයන්හි යෙදවීමට පැමිණි බ්‍රහ්මයායි. ඒ සියල්ලන්ම බැහැර කොට අනිකෙක් මෙසේ කීය. මේ පුන්සඳ නොවේ. කාමයා ද නොවෙයි. ශක්‍රයාත් නොවෙයි. බ්‍රහ්මයා ද නොවෙයි. මේ ආශ්චර්ය මනුෂ්‍යයා ලෝකනායක ශාස්තෘන් වහන්සේය.
එවං සල්ලපන්තෙසු එව නාගරෙසු රාජපුරිසා ගන්ත්වා තං පවත්තිං රඤ්ඤො බිම්බිසාරස්ස ආරොචෙසුං – “දෙව, දෙවො වා ගන්ධබ්බො වා උදාහු නාගරාජා වා යක්ඛො වා කො නු වා අම්හාකං නගරෙ පිණ්ඩාය චරතී”ති. රාජා තං සුත්වා උපරිපාසාදතලෙ ඨත්වා මහාපුරිසං දිස්වා අච්ඡරියබ්භුතචිත්තජාතො රාජපුරිසෙ ආණාපෙසි – “ගච්ඡථ, භණෙ, තං වීමංසථ, සචෙ අමනුස්සො භවිස්සති, නගරා නික්ඛමිත්වා අන්තරධායිස්සති, සචෙ දෙවතා භවිස්සති, ආකාසෙන ගමිස්සති, සචෙ නාගරාජා භවිස්සති, පථවියං නිමුජ්ජිත්වා ගමිස්සති, සචෙ මනුස්සො භවිස්සති, යථාලද්ධං භික්ඛං පරිභුඤ්ජිස්සතී”ති.
නුවර වැස්සෝ මෙසේ කතාකරද්දී රාජපුරුෂයෝ ගොස් බිම්බිසාර රජුට දැන්වූහ. දේවයිනි, දෙවියෙක් හෝ ගන්ධර්වයෙක් හෝ නැත්නම් නාරජෙක් හෝ යකෙක් හෝ අපගේ නුවර පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේය කියායි. එයසා රජ ප්‍රාසාද තලයෙහි සිට මහාපුරුෂයන් දැක ආශ්චර්ය අද්භූතව රාජපුරුෂයන්ට දරුවෙනි, යව්. විමසව්. ඉඳින් අමනුෂ්‍යයෙක් නම් නුවරින් නික්ම අතුරුදහන් වෙයි. ඉඳින් දේවතාවෙක් නම් අහසින් යයි. නාරජෙක් නම් පොළොවෙහි කිමිද යයි. ඉඳින් මිනිසෙක් නම් ලත් භික්ෂාව වළඳයි කියා අණ කළේය.
මහාපුරිසොපි සන්තින්ද්රියො සන්තමානසො රූපසොභාය මහාජනස්ස නයනානි ආකඩ්ඪෙන්තො විය යුගමත්තං පෙක්ඛමානො මිස්සකභත්තං යාපනමත්තං සංහරිත්වා පවිට්ඨද්වාරෙනෙව නගරා නික්ඛමිත්වා පණ්ඩවපබ්බතච්ඡායාය පුරත්ථාභිමුඛො නිසීදිත්වා ආහාරං පච්චවෙක්ඛිත්වා නිබ්බිකාරො පරිභුඤ්ජි. තතො රාජපුරිසා ගන්ත්වා තං පවත්තිං රඤ්ඤො ආරොචෙසුං. තතො දූතවචනං සුත්වා මගධාධිපති රාජා බාලජනෙහි දුරනුසාරො මෙරුමන්දාරසාරො සත්තසාරො බිම්බිසාරො බොධිසත්තස්ස ගුණස්සවනෙනෙව සඤ්ජාතදස්සනකුතූහලො වෙගෙන නගරතො නික්ඛමිත්වා පණ්ඩවපබ්බතාභිමුඛො ගන්ත්වා යානා ඔරුය්හ බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා තෙන කතානුඤ්ඤො බන්ධුජනසිනෙහසීතලෙ සිලාතලෙ නිසීදිත්වා බොධිසත්තස්ස ඉරියාපථෙ පසීදිත්වා කතපටිසන්ථාරො නාමගොත්තාදීනි පුච්ඡිත්වා බොධිසත්තස්ස සබ්බං ඉස්සරියං නිය්යාතෙසි. බොධිසත්තො – “මය්හං, මහාරාජ, වත්ථුකාමෙහි වා කිලෙසකාමෙහි වා අත්ථො නත්ථි. අහඤ්හි පරමාභිසම්බොධිං පත්ථයන්තො නික්ඛන්තො”ති ආහ. රාජා අනෙකප්පකාරෙන යාචන්තොපි තස්ස චිත්තං අලභිත්වා – “අද්ධා බුද්ධො භවිස්සති, බුද්ධභූතෙන පන තයා පඨමං මම විජිතං ආගන්තබ්බ”න්ති වත්වා නගරං පවිට්ඨො.
මහාපුරුෂයාණෝ ද ශාන්ත ඉන්ද්‍රියන් ඇතිව ශාන්ත මනසින් යුතුව රූප ශෝභාවෙන් මහජන නුවන් ඇදගන්නාක් මෙන් වියදඬු දුර බලන්නාහු යැපෙන පමණ මිශ්‍ර ආහාර ලබාගෙන පිවිසි දොරින් නුවරින් නික්ම පණ්ඩව පර්වත සෙවනෙහි පෙරදිග බලා හිඳ අහර ප්රත්යවෙක්ෂා කොට නිර්විතාරට වැළඳූහ. ඉක්බිති රාජපුරුෂයෝ ගොස් රජුට එපවත් දැන්වූහ. දූත වචන අසා මගධාධිපතිරාජබාලයන් විසින් දුරනුසාර මෙරුමන්දාර වන් සාර සත්වසාර බිම්බිසාර රජ බෝසතුන්ගේ ගුණ ඇසීමෙන්ම හටගත් දැකුම් කුහුලින් වහා නුවරින් නික්ම පණ්ඩව පර්වතය බලාගොස් යානයෙන් බැස බෝසතුන් වෙත ගොස් උන්වහන්සේ විසින් කරන ලද අනුඥා ඇත්තේ ඥාතිජන සෙනෙහෙ සිසිල් සිසිල්ගල් තෙලෙහි හිඳ බෝසතුන්ගේ ඉරියව්වෙහි පැහැද බෝසතුන්ට සියලු ඉසුරු පැවරීය. බෝසත්හු මහරජ, මට වස්තුකාමයෙන් හෝ ක්ලේශකාමයන්ගෙන් පලක් නැත. මම වනාහි උතුම් බුදු බව පතා නික්මියෙමියි කීහ. රජ නන් අයුරින් අයැදත් උන්වහන්සේගේ සිත නොලැබ ඒකාන්තයෙන් බුදුවන්නාහයි බුදුව ඔබවහන්සේ පළමුව මාගේ රටට පැමිණිය යුතුයයි කියා නුවරට ගියේය.
“අථ රාජගහං වරරාජගහං, නරරාජවරෙ නගරං තු ගතෙ; ගිරිරාජවරො මුනිරාජවරො, මිගරාජගතො සුගතොපි ගතො”.
උතුම් රාජගෘහ වූ රාජගහ නම් නගරයට රජු ගිය කල්හි ගිරිරාජයකු බඳු මුනිරාජයන් වහන්සේ මෘගරාජගමන් ඇති ශෝභන ගමනින් වැඩියහ.
අථ බොධිසත්තො අනුපුබ්බෙන චාරිකං චරමානො ආළාරඤ්ච කාලාමං උදකඤ්ච රාමපුත්තං උපසඞ්කමිත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා – “නායං මග්ගො බොධියා”ති තං සමාපත්තිභාවනං අනලඞ්කරිත්වා මහාපධානං පදහිතුකාමො උරුවෙලං ගන්ත්වා – “රමණීයො වතායං භූමිභාගො”ති තත්ථෙව වාසං උපගන්ත්වා මහාපධානං පදහි. ලක්ඛණපරිග්ගාහකබ්රාහ්මණානං චත්තාරො පුත්තා කොණ්ඩඤ්ඤො බ්රාහ්මණො චාති ඉමෙ පඤ්ච ජනා පඨමංයෙව පබ්බජිතා ගාමනිගමරාජධානීසු භික්ඛාචරියං චරන්තා තත්ථ බොධිසත්තං සම්පාපුණිංසු. අථ නං ඡබ්බස්සානි මහාපධානං පදහන්තං – “ඉදානි බුද්ධො භවිස්සති, ඉදානි බුද්ධො භවිස්සතී”ති පරිවෙණසම්මජ්ජනාදිකාය වත්තපටිපත්තියා උපට්ඨහමානා සන්තිකාවචරාවස්ස අහෙසුං. බොධිසත්තොපි – “කොටිප්පත්තං දුක්කරං කරිස්සාමී”ති එකතිලතණ්ඩුලාදීහි වීතිනාමෙසි. සබ්බසොපි ආහාරුපච්ඡෙදං අකාසි. දෙවතාපි ලොමකූපෙහි දිබ්බොජං උපහාරයමානා පක්ඛිපිංසු.
ඉක්බිති බෝසතාණෝ පිළිවෙළින් චාරිකා කරන සේක් ආළාරකාලාම ද උද්දකරාමපුත්ත ද වෙත ගොස් සමවත් උපදවා බෝධියට මඟ නොවැතයි ඒ සමවත් භාවනා ප්‍රතික්ෂේප කොට වීර්යය වඩනු කැමතිව උරුවෙලාවට වැඩ මේ බිම්පියෙස රමණීයයි. එහිම වාසයට පැමිණ මහාප්රධන් වැඩූහ. ලක්ෂණ පාඨක බමුණන්ගේ පුත්තු සතර දෙනෙක් ද කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ ද යන පස්පැවිද්දෝ ගම් නියම්ගම් රාජධානිවල පිණ්ඩපාතයෙහි යෙදෙන්නාහු එහි බෝසතුන් වෙත පැමිණියහ. එකල සවසක් ප්‍රධන් වඩන උන්වහන්සේ දැන් බුදුවෙති දැන් බුදුවෙතියි පිරිවෙන් හැම දීමාදි වත් පිළිවෙතින් උවටැන් කරන්නාහු උන්වහන්සේගේ සමීපාවචරයෝ වූහ. බෝසතාණෝද දුෂ්කර ක්‍රියාව කෙළ පමුණුවමියි එකල තල සහල් ඇටයෙන් කල්ගෙවති. සර්ව ප්‍රකාරයෙන් අහර ප්‍රතික්ෂේප කළහ. දෙවියෝ ලෝමකූපවලින් ඔජස් බහාලීම ද ප්‍රතික්ෂේප කළහ.
අථස්ස තාය නිරාහාරතාය පරමකිසභාවප්පත්තකායස්ස සුවණ්ණවණ්ණො කායො කාළවණ්ණො අහොසි, ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි පටිච්ඡන්නානි අහෙසුං. අථ බොධිසත්තො දුක්කරකාරිකාය අන්තං ගන්ත්වා – “නායං මග්ගො බොධියා”ති ඔළාරිකං ආහාරං ආහාරෙතුං ගාමනිගමෙසු පිණ්ඩාය චරිත්වා ආහාරං ආහරි. අථස්ස ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි පාකතිකානි අහෙසුං, කායො සුවණ්ණවණ්ණො අහොසි. අථ පඤ්චවග්ගියා භික්ඛූ තං දිස්වා – “අයං ඡබ්බස්සානි දුක්කරකාරිකං කරොන්තොපි සබ්බඤ්ඤුතං පටිවිජ්ඣිතුං නාසක්ඛි, ඉදානි ගාමනිගමරාජධානීසු පිණ්ඩාය චරිත්වා ඔළාරිකං ආහාරං ආහරියමානො කිං සක්ඛිස්සති, බාහුල්ලිකො එස පධානවිබ්භන්තො, කිං නො ඉමිනා”ති මහාපුරිසං පහාය බාරාණසියං ඉසිපතනං අගමංසු.
ඉක්බිති ඒ නිරාහාරතාවෙන් උන්වහන්සේගේ පරම කෘශභාවයට පත් ශරීරයේ රන්වන් බව කළුවන් විය. දෙතිස් මහා පුරිස ලක්ෂණ සැඟව ගියේය. ඉක්බිති බෝසතාණෝ දුෂ්කර ක්‍රියාවෙහි අන්තයට ගොස් මේ බුදු බවට මග නොවෙතැයි ඔළාරික අහර ගැනීමට ගම්නියම්ගම්වල පිඬු පිණිස හැසිර අහර ගත්හ. එවිට දෙතිස්වර ලකුණු ප්‍රකෘතියෙන් විය. කය රන්වන් විය. ඉක්බිති පස්වග භික්ෂූහු මෙතෙම සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කරන්නේ බුදුබව ලබන්නට නොහැකි විය. දැන් ගනියම්ගම් පිඬු පිණිස හැසිර ඔළාරික ආහාර ගන්නේ කෙසේ නම් සමත් වෙයිද? මෙතෙම බාහුලිකය. වෙර වැඩීමෙන් වෙන් විය. මොහුගෙන් අපට කම් කිම්දැයි බෝසතුන් හැරදමා බරණැස ඉසිපතනයට ගියහ.
අථ මහාපුරිසො විසාඛපුණ්ණමාය උරුවෙලායං සෙනානිගමෙ සෙනාකුටුම්බිකස්ස ගෙහෙ නිබ්බත්තා සුජාතා නාම දාරිකා අහොසි . තාය සම්පසාදනජාතාය දින්නං පක්ඛිත්තදිබ්බොජං මධුපායාසං පරිභුඤ්ජිත්වා සුවණ්ණපාතිං ගහෙත්වා නෙරඤ්ජරාය පටිසොතං ඛිපිත්වා කාළනාගරාජං සුපන්තං බොධෙසි. අථ බොධිසත්තො නෙරඤ්ජරාතීරෙ සුරභිකුසුමසමලඞ්කතෙ නීලොභාසෙ මනොරමෙ සාලවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ දෙවතාහි අලඞ්කතෙන මග්ගෙන බොධිරුක්ඛාභිමුඛො පායාසි. දෙවනාගයක්ඛසිද්ධාදයො දිබ්බෙහි මාලාගන්ධවිලෙපනෙහි පූජයිංසු. තස්මිං සමයෙ සොත්ථියො නාම තිණහාරකො තිණං ආදාය පටිපථෙ ආගච්ඡන්තො මහාපුරිසස්ස ආකාරං ඤත්වා අට්ඨ තිණමුට්ඨියො අදාසි. බොධිසත්තො තිණං ගහෙත්වා අසිතඤ්ජනගිරිසඞ්කාසං ආචරන්තමිව දිනකරජාලං සකහදයමිව කරුණාසීතලං සීතච්ඡායං විවිධවිහගගණසම්පාතවිරහිතං මන්දමාරුතෙරිතාය ඝනසාඛාය සමලඞ්කතං නච්චන්තමිව පීතියා රඤ්ජමානමිව ච තරුගණානං විරොචමානවිජයතරුමස්සත්ථබොධිරුක්ඛමූලමුපගන්ත්වා අස්සත්ථදුමරාජං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා පුබ්බුත්තරදිසාභාගෙ ඨිතො තානි තිණානි අග්ගෙ ගහෙත්වා චාලෙසි. තාවදෙව චුද්දසහත්ථො පල්ලඞ්කො අහොසි. තානි ච තිණානි චිත්තකාරෙන ලෙඛාගහිතානි විය අහෙසුං. බොධිසත්තො තත්ථ චුද්දසහත්ථෙ තිණසන්ථරෙ තිසන්ධිපල්ලඞ්කං ආභුජිත්වා චතුරඞ්ගසමන්නාගතවීරියං අධිට්ඨහිත්වා සුවණ්ණපීඨෙ ඨපිතරජතක්ඛන්ධං විය ච පඤ්ඤාසහත්ථං බොධික්ඛන්ධං පිට්ඨිතො කත්වා උපරි මණිඡත්තෙන විය බොධිසාඛාහි ධාරියමානො නිසීදි. සුවණ්ණවණ්ණෙ පනස්ස චීවරෙ බොධිඅඞ්කුරා පතමානා සුවණ්ණපට්ටෙ පවාළා විය නික්ඛිත්තා විරොචයිංසු.
ඉක්බිති බෝසතාණෝ වෙසක් පුන්පොහෝදින උරුවේලාවෙහි සේනානිගමයෙහි සේනානී කෙළෙඹියාගේ ගෙයි උපන් සුජාතා නම් දැරියක් වූවාය. හටගත් පැහැදීමෙන් ඇය විසින් පිදූ දිවඕජාවත් මීකිරිබත් වළඳා රන්පාත්‍රය ගෙන නෙරඤ්ජරා තීරයෙහි උඩුගං බලා යවා නිදිගත් කාලනාරජුට හැඟවූහ. අනතුරුව බෝසත්හු නේරඤ්ජරා තෙර සුවඳ කුසුමින් සැරසුණු නිල්වන් මනරම් සල්වනයෙහි දිවාවිහාර කොට සවස දෙවියන් සරසන ලද කයින් බෝරුක බලා ගියහ. දේව නාග යක්ෂ සිද්ධාදීන් දිව්‍යමය මල්ගඳ විලවුනෙන් පිදූහ. එකල සොත්ථිය නම් තෘණහාරක බ්‍රාහ්මණ තණ රැගෙන ඉදිරියෙන් එන්නේ මහාපුරුෂයන්ගේ ආකාරය දැන අටතණමිටක් දුන්නේය. බෝසතාණෝ හිරුරැස් දැලින් ආවරණය වන නිල්අඳුන් පර්වතයක් වන් කරුණාවෙන් සිසිල් සිය හදවත් සිහිල් සෙවණැති සම්ප්‍රාප්ත විවිධ විහඟ සමූහයාගේ විරුතයෙන් හා මඳ සුළඟින් සැලෙන ශාඛායෙන් සැදුම්ලත් ප්‍රීතියෙන් නටන්නාක් වැනි තුරු සමූහයෝ අතර විරාජමාන ඇසතු බෝරුක වෙත පැමිණ ඇසතු දුම්රද තෙවරක් පැදකුණු කොට ඊසාන දිශාවෙහි සිට ඒ තණ අගින් ගෙන සැලූහ. එවිටම තුදුස් රියන් පර්යංකය විය. ඒ තෘණ ද සිත්තරකු විසින් රේඛාගත කළාක් වැනි විය. බෝසතාණන් වහන්සේ එහි තුදුස්රියන් පමණ තණ ඇතිරියෙහි වැඩහිඳිනු සමගම වැටෙන බෝඅංකුර රන්පටක පබළු මෙන් වැටී බැබළුණේය.
බොධිසත්තෙ පන තත්ථ නිසින්නෙයෙව වසවත්තිමාරො දෙවපුත්තො – “සිද්ධත්ථකුමාරො මම විසයමතික්කමිතුකාමො, න දානාහමතික්කමිතුමස්ස දස්සාමී”ති මාරබලස්ස තමත්ථං ආරොචෙත්වා මාරබලමාදාය නික්ඛමි. සා කිර මාරසෙනා මාරස්ස පුරතො ද්වාදසයොජනා අහොසි, තථා දක්ඛිණතො ච වාමපස්සතො ච, පච්ඡතො පන චක්කවාළපරියන්තං කත්වා ඨිතා, උද්ධං නවයොජනුබ්බෙධා අහොසි. යස්සා පන උන්නදන්තියා සද්දො නවයොජනසහස්සතො පට්ඨාය පථවිඋන්ද්රියනසද්දො විය සුය්යති. තස්මිං සමයෙ සක්කො දෙවරාජා විජයුත්තරං නාම සඞ්ඛං ධමමානො අට්ඨාසි. සො කිර සඞ්ඛො වීසහත්ථසතිකො අහොසි. පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො තිගාවුතායතං බෙළුවපණ්ඩුවීණං ආදාය වාදයමානො මඞ්ගලයුත්තානි ගීතානි ගායමානො අට්ඨාසි. සුයාමො දෙවරාජා තිගාවුතායතං සරදසමයරජනිකරසස්සිරිකං දිබ්බචාමරං ගහෙත්වා මන්දං මන්දං බීජයමානො අට්ඨාසි. බ්රහ්මා ච සහම්පති තියොජනවිත්ථතං දුතියමිව පුණ්ණචන්දං සෙතච්ඡත්තං භගවතො උද්ධං ධාරෙත්වා අට්ඨාසි. මහාකාළොපි නාගරාජා අසීතියා නාගනාටකසහස්සෙහි පරිවුතො ථුතිසඞ්ගීතානි පවත්තෙන්තො මහාසත්තං නමස්සමානො අට්ඨාසි. දසසු චක්කවාළසහස්සෙසු දෙවතායො නානාවිධෙහි සුරභිකුසුමදාමධූපචුණ්ණාදීහි පූජයමානා සාධුකාරං පවත්තයමානා අට්ඨංසු.
බෝධිසත්ත්වයන් වහන්සේ එසේ වැඩහිඳීමත් සමග වසවත් මර දෙව්පුත් සිදුහත් කුමරා මාගේ විෂය ඉක්මවනු කැමැත්තේය. මම ඔහුට ඉක්මවීමට ඉඩ නොදෙමියි මාරබලයට ඒ බව දන්වා මාරබල ගෙන නික්මියේය. ඒ මාරසේනාව වනාහි මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුන් විය. දකුණින් ද වම්පසින් ද එසේය. පසුපසින් වනාහි සක්වළ අවසන දක්වා සිටියේය. උඩින් නවයොවුන් විය. දකුණින් ද වම්පසින්ද එසේය. පසුපසින් වනාහි සක්වළ අවසන දක්වා සිටියේය. උඩින් නවයොදුනක් උස්විය. ඝෝෂා කරන සේනාවේ ශබ්දය යොදුන් දහසේ සිට පොළොව ඉදිරි යන්නාක් මෙන් ඇසේ. එසඳ සක්දෙව්රජ විජයතුරාසක පිඹිමින් සිටියේය. ඒ සක රියන් දෙදහසක් විය. ගඳඹ දෙව්පුත් පන්සිළු තුන්ගවුදිය බෙළුව පණ්ඩුවීණාව ගෙන ව යමින් මඟුල්මුසු ගී ගයමින් සිටියේය. සුයාම දෙව්රජ තුන්ගවු දිග සරාකල සඳවන් සසරි දිවසෙමෙර ගෙන මඳ මඳව සලමින් සිටියේය. සහම්පති බ්‍රහ්ම තුන්යොදුන් පුළුලැති දෙවන පුන්සඳක් බඳු සේසත බුදුන් මුදුනට දරා සිටියේය. මහකෙළ නාරජද අසූදහසක් නළුවන් පිරිවරා සියගණන් තුති පවසමින් එහා සත්ත්වයන්ට නමස්කාර කරමින් සිටියේය. දසදහසක් සක්වළ දෙවියෝ නන්වැදෑරුම් සුවඳ මල්දම් දුම්සුණු ආදියෙන් පුදන්නාහු සාධුකාර පවත්වන්නාහු සිටියෝය.
අථ මාරො දෙවපුත්තො දියඩ්ඪයොජනසතිකං හිමගිරිසිඛරසදිසං පරමරුචිරදස්සනං ගිරිමෙඛලං නාම රතනඛචිතවරවාරණං අරිවාරණවාරණං අභිරුහිත්වා බාහුසහස්සං මාපෙත්වා අග්ගහිතග්ගහණෙන නානාවුධානි අග්ගහාපෙසි. මාරපරිසාපි අසිඵරසුසරසත්තිසබලා සමුස්සිතධනුමුසල-ඵාල-සඞ්කු-කුන්ත-තොමර-උපල-ලගුළ-වලය-කණය-කප්පණ-චක්කකටකධාරාරුරු- සීහ-ඛග්ග-සරභ-වරාහ-බ්යග්ඝ-වානරොරග-මජ්ජාරොලූකවදනා මහිංස-පසද-තුරඞ්ග-දිරදාදිවදනා ච නානාභීමවිරූපබීභච්ඡකායා මනුස්සයක්ඛපිසාචසදිසකායා ච මහාසත්තං බොධිසත්තං බොධිමූලෙ නිසින්නං අජ්ඣොත්ථරමානා ගන්ත්වා පරිවාරයිත්වා මාරස්ස සන්දෙසං සමුදික්ඛමානා අට්ඨාසි.
ඉක්බිති මර දෙව්පුත් එකසිය පනස් යොදුන් ගිරිසිඛරයක් බඳු පරම සොඳුරු දැකුම් ඇති ගිරි මේඛලා නම් රුවනින් සැරසූ උතුම් සතුරු ඇතුන් මඩින වරඇතු අරා දහසක් අත් මවා ගෙන නොගත් ගැන්මෙන් නානායුධ ගන්වා ගත්තේය. මර පිරිසද කඩු පොරෝ හී සැත් ආදියෙන් බලවත්ව ඔසවා ගත් දුනු මොහොල් හලි සංකු කුන්ත තෝමර උපල ලගුල වලය කප්පළකණය චක්‍ර කටක ධරව රූරුමෘග සිංහ කඟවේණ සරභමෘග ව්යාඝ්ර වානර උරග බළල් බකමුහුණු මුඛ ඇතිව ද මහිස පසද අශ්ව ඇත් මුහුණු ඇතිවද නන් බිහිසුණු පිළිකුල් ශරීර ඇතිව ද මනුෂ්‍ය යක්ෂ ප්‍රේතයන්ට සමසිරුරු ඇතිව ද බෝමුල වැඩහුන් බෝසත් මහසතුන් වටකරමින් ගොස් පිරිවරා මාරයාගේ පණිවුඩය අපේක්ෂාවෙන් සිටියහ.
තතො මාරබලෙ බොධිමණ්ඩමුපසඞ්කමන්තෙයෙව තෙසං සක්කාදීනං එකොපි ඨාතුං නාසක්ඛි. සම්මුඛසම්මුඛට්ඨානෙනෙව පලායිංසු. සක්කො පන දෙවරාජා තං විජයුත්තරසඞ්ඛං පිට්ඨියං කත්වා පලායිත්වා චක්කවාළමුඛවට්ටියං අට්ඨාසි. මහාබ්රහ්මා සෙතච්ඡත්තං චක්කවාළකොටියං ඨපෙත්වා බ්රහ්මලොකමෙව අගමාසි. කාළො නාගරාජා සබ්බනාටකානි ඡඩ්ඩෙත්වා පථවියං නිමුජ්ජිත්වා පඤ්චයොජනසතිකං මඤ්ජෙරිකනාගභවනං ගන්ත්වා හත්ථෙන මුඛං පිදහිත්වා නිපජ්ජි. එකදෙවතාපි තත්ථ ඨාතුං සමත්ථා නාම නාහොසි. මහාපුරිසො පන සුඤ්ඤවිමානෙ මහාබ්රහ්මා විය එකකොව නිසීදි. “ඉදානි මාරො ආගමිස්සතී”ති පඨමමෙව අනෙකරූපානි අනිට්ඨානි දුන්නිමිත්තානි පාතුරහෙසුං.
එවිට මරසෙනඟ බෝමුලට ළඟාවෙද්දීම ශක්රාදීන්ගෙන් එකෙකුටවත් සිටිය නොහැකි විය. හමුවූ හමුවූ තැනින්ම පලාගියහ. සක්දෙව්රජ ඒ විජයතුරා සකපිටෙහි ලාගෙන පලාගොස් සක්වළ මුවවිට සිටියේය. මහා බ්‍රහ්මතෙම සේසත සක්වළ කොණ තබා බඹලොවටම ගියේය. කාලනාරජ සියලු නළුවන් දමා පොළවෙහි කිමිද පස්යොදුන් මංජෙරික භවනයට ගොස් කට අතින් වසාගෙන වැදහොත්තේය. එකම දෙවියෙක් වත් එහි සිටීමට අසමත් විය. මහපුරිස්හි වනාහි ශුන්‍ය විමානයක මහබඹු මෙන් තනිවම වැඩහුන්හ. දැන් මාරයා එන්නේ යයි නානා රූපී අනිෂ්ට දුර්නිමිති පහළ විය.
“පමත්තබන්ධුස්ස ච යුද්ධකාලෙ, තිලොකබන්ධුස්ස ච වත්තමානෙ; උක්කා සමන්තා නිපතිංසු ඝොරා, ධූමන්ධකාරා ච දිසා අහෙසුං.
මාරයුද්ධ අවස්ථාවෙහි තුන්ලෝ බන්ධූන් වහන්සේ වැඩසිටියදී හාත්පසින් උල්කා වැටුණේය. සියලු දිශා ඝෝරවූ දුමින් අඳුරින් වැසී ගියේය.
“අචෙතනායම්පි සචෙතනා යථා, ගතා වියොගං පතිනෙව කාමිනී; ලතෙව වාතාභිහතා සසාගරා, පකම්පි නානාසධරා ධරා මහී.
අචේතන වුවද සචේතනාව මෙන් සැමියකුගෙන් වියෝවූ කාමිනියක මෙන්ද වාතයෙන් පවරන ලද ලතාවක මෙන් ද සාගර සහිත නානා පර්වත සහිත මහපොළව කම්පා විය.
“අහෙසුමුද්ධූතජලා සමුද්දා, වහිංසු නජ්ජො පටිලොමමෙව; කූටානි නානාතරුසඞ්ඝටානි, භෙත්වා ගිරීනං පථවිං භජිංසු.
සාගර ජලය උඩ නැග්ගේය. ගංගා උඩුගං බලා ගලා ගියේය. ගිරිකුළු ගස්මුදුන් බිඳගෙන පොළවෙහි ඇද වැටුණේය.
“පවායි වාතො ඵරුසො සමන්තා, නිඝට්ටසද්දො තුමුලො අහොසි; භජිත්ථ ඝොරං රවිරන්ධකාරං, කබන්ධරූපං ගගනෙ චරිත්ථ.
හාත්පස චණ්ඩමාරුතය හැමීය. ගැටුම් හඬ අතිවිශාල විය. ඝොර රාව අන්ධකාර පැතිර ගියේය. කවන්ධරූප අහසෙහි විසිර ගියේය.
“එවංපකාරං අසිවං අනිට්ඨං, ආකාසගං භූමිගතඤ්ච ඝොරං; අනෙකරූපං කිර දුන්නිමිත්තං, අහොසි මාරාගමනෙ සමන්තා.
මෙවැනි අනන්ත අනිෂ්ට අහස්ගත පොළෝගත ඝෝර නොඑක් රූප දුර්නිමිති මරාගමනයෙහි හාත්පස ඇතිවිය.
“තං දෙවදෙවං අභිහන්තුකාමං, කාමං තු දිස්වා පන දෙවසඞ්ඝා; හාහාති සද්දං අනුකම්පමානා, අකංසු සද්ධිං අමරඞ්ගනාහි.
දේව දේවයාණන් නසනු කැමති මාරයා දැක දෙව් සමූහයා දෙවඟනන් සමග සානුකම්පිතව හා හා කියා කෑගැසූහ.
“පච්ඡාපි පස්සිංසු සුදන්තරූපං, දිසාවිදිසාසු පලායමානං; සඅන්තකං තං සබලං අනෙකං, හත්ථෙ ච ථරූ ච පාතා තයිංසු.
[missing trans]
“විහඞ්ගමානං ගරුළොව මජ්ඣෙ, මජ්ඣෙ මිගානං පරමොව සීහො; මහායසො මාරබලස්ස මජ්ඣෙ, විසාරදො වීතභයො නිසීදි”.
පක්ෂීන් මැද ගුරුළකු මෙන් මුවන් මැද උතුම් සිහරජකු මෙන් මහායශසේවීන් වහන්සේ මරසෙන් මැද විශාරදව වීතභයව වැඩහුන්හ.
අථ මාරො – “සිද්ධත්ථං භිංසාපෙත්වා පලාපෙස්සාමී”ති වාතවස්සං පහරණවස්සං පාසාණවස්සං පුන අඞ්ගාරකුක්කුළවාලුකකලලන්ධකාරවුට්ඨීහි නවහි මාරඉද්ධීහි බොධිසත්තං පලාපෙතුං අසක්කොන්තො කුද්ධමානසො – “කිං, භණෙ, තිට්ඨථ, ඉමං සිද්ධත්ථමසිද්ධත්ථං කරොථ, ගණ්හථ හනථ ඡින්දථ බන්ධථ න මුඤ්චථ පලාපෙථා”ති මාරපරිසං ආණාපෙත්වා සයඤ්ච ගිරිමෙඛලස්ස ඛන්ධෙ නිසීදිත්වා එකෙන කරෙන සරං භමයන්තො බොධිසත්තං උපසඞ්කමිත්වා – “භො සිද්ධත්ථ, උට්ඨහ පල්ලඞ්කා”ති ආහ. මාරපරිසාපි මහාසත්තස්ස අතිඝොරං පීළමකාසි. අථ මහාපුරිසො – “කදා තෙ පූරිතා, මාර, පල්ලඞ්කත්ථාය පාරමී”තිආදීනි වචනානි වත්වා දක්ඛිණහත්ථං පථවිං නින්නාමෙසි. තඞ්ඛණඤ්ඤෙව චුද්දසසහස්සාධිකානි දසසතසහස්සයොජනබහලානි පථවිසන්ධාරකානි වාතුදකානි පඨමං කම්පෙත්වා තදන්තරං චතුනහුතාධිකද්වියොජනසතසහස්සබහලා අයං මහාපථවී ඡධා පකම්පිත්ථ. උපරි ආකාසෙ අනෙකසහස්සානි විජ්ජුලතා ච අසනී ච ඵලිංසු. අථ ගිරිමෙඛලදිරදො ජණ්ණුකෙන පති. මාරො ගිරිමෙඛලක්ඛන්ධෙ නිසින්නො භූමියං පති. මාරපරිසාපි දිසාවිදිසාසු භුසමුට්ඨි විය විකිරිංසු.
එවිට මාරයා සිද්ධාර්ථයන් බියගන්වා පලවා හරින්නෙමැයි වාත වර්ෂාවක් ආයුධ වර්ෂාවක් ගල වර්ෂාවක් නැවත අඟුරු හළු වැලි කලල් අන්ධකාර වැසි නවයකින් බෝසතුන් පලවා හැරීමට නොහැක්කේ ක්‍රෝධ මනසින් කොල්ලනි, කුමට බලා සිටින්නහුද? සිද්ධාර්ථ අසිද්ධාර්ථ කරව්. ගනිව්. සිඳිව්. බඳවු. එලවා දමව් යි මර පිරිසට අණ කොට තෙමේ ගිරිමෙවුල් මත හිඳ එක් අතකින් හීය කරකවමින් බෝසතුන් වෙත ගොස් භවත් සිද්ධාර්ථය, පර්යංකයෙන් නැගෙවයි කීය. මරපිරිසද මහසතුන්ට අතිශයින් පීඩා කළාහුය. [missing trans]
අථ මහාපුරිසොපි තං සමාරං මාරබලං ඛන්තිමෙත්තාවීරියපඤ්ඤාදීනං අත්තනො පාරමීනමානුභාවෙන විද්ධංසෙත්වා පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා පච්චූසසමයෙ සබ්බබුද්ධානං ආචිණ්ණෙ පච්චයාකාරෙ ඤාණං ඔතාරෙත්වා ආනාපානචතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා තමෙව පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා මග්ගපටිපාටියා අධිගතෙන චතුත්ථමග්ගෙන සබ්බකිලෙසෙ ඛෙපෙත්වා සබ්බබුද්ධගුණෙ පටිවිජ්ඣිත්වා සබ්බබුද්ධාචිණ්ණං –
බෝසත්හුද මාරයා සහිත මර පිරිස ක්ෂාන්ති මෛත්‍රී වීර්ය ප්‍රඥාදි තමන්වහන්සේ පාරමිතානුභාවයෙන් නසා පළමු යම පෙරවිසීම් සිහිකොට මැදියම දිවැස පිරිසිදු කොට අලුයම සියලු බුදුවරුන්ට ආචීර්ණ ප්‍රත්‍යයාකාරයෙහි ඤාණයට බැස ආනාපාන චතුර්ථ ධ්‍යානය උපදවා එයම පාදකකොට විදර්ශනා වඩන සේක් මගපිළිවෙලින් අවබෝධ කරන ලද සිවුවන මගින් සියලු කෙලෙසුන් ක්ෂය කොට සියලු බුදුගුණ පිළිවිද සියලු බුදුවරුන්ට ආචීර්ණ -
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
අනෙකජාති සංසාරං -පෙ- තණ්හානං ඛයමජ්ඣගා යන
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154) –
උදානං උදානෙසි.
උදන් ඇනූහ.