සන්තිකෙනිදානකථා අට්ඨකථා
සන්තිකෙනිදානකථා
සන්තිකෙනිදානකථා
උදානං උදානෙත්වා නිසින්නස්ස භගවතො එතදහොසි – “අහං කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි ඉමස්ස පල්ලඞ්කස්ස කාරණා සන්ධාවිං, අයං මෙ පල්ලඞ්කො විජයපල්ලඞ්කො මඞ්ගලපල්ලඞ්කො, එත්ථ මෙ නිසින්නස්ස යාව සඞ්කප්පො න පරිපුණ්ණො, න තාව ඉතො වුට්ඨහිස්සාමී”ති අනෙකකොටිසතසහස්සසඞ්ඛා සමාපත්තියො සමාපජ්ජන්තො සත්තාහං තත්ථෙව නිසීදි. යං සන්ධාය වුත්තං – “අථ ඛො භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී”ති (මහාව· 1).
උදන් අනා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිත් විය. මම සාරාසංඛ්‍ය කප් ලක්ෂයක් මේ පර්යංකය හේතුවෙන් සැරිසැරීමි. මාගේ මේ පර්යංකය වීරපර්යංකයි. මෙහි හුන් මට යම්තාක් මාගේ සංකල්ප නොපිරේද ඒතාක් මෙයින් නොනැගිටිමියි නොඑක් කෙළලක්ෂ ගණන් සමවතට සමවදිමින් සතියක් එහිම වැඩහුන් සේක. යමක් සඳහා අථ ඛො භගවා සත්තාහං එකපල්ලංකෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී යි කියන ලදද ඒ මේ සඳහායි.
අථෙකච්චානං දෙවතානං – “අජ්ජාපි තාව නූන සිද්ධත්ථස්ස කත්තබ්බකිච්චං අත්ථි. පල්ලඞ්කස්මිඤ්හි ආලයං න විජහතී”ති පරිවිතක්කො උදපාදි. අථ සත්ථා දෙවතානං විතක්කං ඤත්වා තාසං විතක්කූපසමනත්ථං වෙහාසං අබ්භුග්ගන්ත්වා යමකපාටිහාරියං දස්සෙසි. එවං ඉමිනා පාටිහාරියෙන දෙවතානං විතක්කං වූපසමෙත්වා පල්ලඞ්කතො ඊසකං පාචීනනිස්සිතෙ උත්තරදිසාභාගෙ ඨත්වා – “ඉමස්මිං වත මෙ පල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිද්ධ”න්ති චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතානං පාරමීනං ඵලාධිගමනට්ඨානං පල්ලඞ්කඤ්ච බොධිරුක්ඛඤ්ච අනිමිසෙහි අක්ඛීහි ඔලොකයමානො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං.
එවිට සමහර දේවතාවන්ට ඒකාන්තයෙන් අදත් සිද්ධාර්ථයන්ට කළයුතු කිස ඇත්තේය. සලගෙහි ඇල්ම අතනොරිතී කියා සිතිණ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දෙවියන්ගේ විතර්කය දැන ඔවුන්ගේ විතර්කය සංසිඳුවීම පිණිස අහසට නැග යමක ප්රාතිහාර්යය දැක්වූහ. මෙසේ මේ පෙළහරින් දෙවියන්ගේ විතර්කය සන්සිඳුවා පර්යංකයෙන් මදක් නැගෙනහිර නිශ්රිත උතුරුදිග සිට මම මේ පර්යංකයෙහි සර්වඥතාඥානය ප්‍රතිවේධ කළෙමි. සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් පුරා පිරූ පැරුම්හි ඵල අවබෝධ කළ තැනයයි පර්යංකය නිමේෂ රහිත ඇසින් බලන්නාහු සතියක් ගත කළහ. ඒ ස්ථානය අනිසම්චේතිය නම් විය.
අථ පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරා චඞ්කමං මාපෙත්වා පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං.
ඉක්බිති පර්යංකයටත් සිටි තැනටත් අතර සක්මනක් මවා නැගෙනහිරින් බටහිරින් දික්වූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රතනචේතිය නමි.
චතුත්ථෙ පන සත්තාහෙ බොධිතො පච්ඡිමුත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි, තං පන ඨානං රතනඝරචෙතියං නාම ජාතං.
සතරවන සතියෙහි බෝධියට වයඹ දෙස දෙවියෝ රුවන්ගෙය මැවූහ. එහි පලඟින් හිඳ විජම් පිටකය විමසමින් හුන්හ. ඒ ස්ථානය රතනඝර චේතිය නම් විය.
එවං භගවා බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි. තත්රාපි ධම්මං විචිනන්තො විමුත්තිසුඛඤ්ච පටිසංවෙදෙන්තො නිසීදි.
මෙසේ බෝධිය සමීපයෙහිම සතර සතියක් ගෙවා පස්වන සතියෙහි බෝරුක් මුලින් අජපල් නුගරුකමුලට පැමිණියහ. එහිද ධර්මය විමසමින් විමුක්ති සැප ද විඳිමින් වැඩහුන්හ.
සත්ථා තත්ථ සත්තාහං වීතිනාමෙත්වා මුචලින්දමූලං අගමාසි. තත්ථ සත්තාහවද්දලිකාය උප්පන්නාය සීතාදිපටිබාහනත්ථං මුචලින්දෙන නාගරාජෙන සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිත්තො අසම්බාධාය ගන්ධකුටියා විහරන්තො විය විමුත්තිසුඛං පටිසංවෙදියමානො තත්ථ සත්තාහං වීතිනාමෙත්වා රාජායතනමූලං උපසඞ්කමි. තත්ථපි විමුත්තිසුඛං පටිසංවෙදියමානොව සත්තාහං නිසීදි. එත්තාවතා සත්ත සත්තාහානි පරිපුණ්ණානි. එත්ථන්තරෙ භගවතො නෙව මුඛධොවනං න සරීරපටිජග්ගනං නාහාරකිච්චං අහොසි, ඵලසුඛෙනෙව වීතිවත්තෙසි. අථ සත්තසත්තාහමත්ථකෙ එකූනපඤ්ඤාසතිමෙ දිවසෙ සක්කෙන දෙවානමින්දෙන උපනීතෙන නාගලතාදන්තකට්ඨෙන ච අනොතත්තදහොදකෙන ච මුඛං ධොවිත්වා තත්ථෙව රාජායතනමූලෙ නිසීදි.
එහි සතියක් ගෙවා මුචලින්ද මූලයට වැඩියහ. එහි සත්තාහචද්දලි කා නම් වැසි උපන් කල සීතාදිය වැළැක්වීමට මුචලිඳු නාරජු විසින් සත් දරන පටකින් වටකරන ලද්දේ සම්බාධ රහිතව ගඳකිළියෙහි වසන්නාක් මෙන් විමුක්ති සුව විඳිමින් එහි සතියක් ගතකොට රාජායතනයට වැඩියහ. එහිද විමුක්ති සුව විඳිමින්ම සතියක් වැඩහුන්හ. මෙපමණකින් සත්සතිය සපිරිණ. මේ අතර භාග්‍යවතුන් වහන්සේට මුව දෙවීමක් නොවීය. සිරුරු පිළිදැඟීමක් නොවීය. ස්නාන කෘත්‍යයක් නොවීය. ඵල සුවයෙන්ම කල්ගෙවූ සේක. ඉක්බිති ශාස්තෘන් වහන්සේ සත්සති අග එකුන්පස්වන දින සක්දෙවිඳු විසින් එළවන ලද නාලිය දැහැටිවලින් ද අනෝතත්තවිල ජලයෙන් ද මුවදොවා එම රාජායතන මුල්හිම වැඩහුන්හ.
තස්මිං සමයෙ තපුස්සභල්ලිකා නාම ද්වෙ වාණිජා ඤාතිසාලොහිතාය දෙවතාය සත්ථු ආහාරදානෙ උස්සාහිතා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච ආදාය – “පටිග්ගණ්හාතු භගවා ඉමං ආහාරං අනුකම්පං උපාදායා”ති සත්ථාරං උපසඞ්කමිත්වා අට්ඨංසු. භගවා පායාසපටිග්ගහණදිවසෙයෙව දෙවදත්තියස්ස පත්තස්ස අන්තරහිතත්තා – “න ඛො තථාගතා හත්ථෙසු ආහාරං පටිග්ගණ්හන්ති, කිම්හි නු ඛො අහං ඉමං පටිග්ගණ්හෙය්ය”න්ති චින්තෙසි. අථස්ස භගවතො අජ්ඣාසයං විදිත්වා චතූහි දිසාහි චත්තාරො මහාරාජානො ඉන්දනීලමණිමයෙ චත්තාරො පත්තෙ උපනාමෙසුං. භගවා තෙ පටික්ඛිපි. පුන මුග්ගවණ්ණෙ සිලාමයෙ චත්තාරො පත්තෙ උපනාමෙසුං. භගවා තෙසං චතුන්නම්පි දෙවපුත්තානං අනුකම්පං උපාදාය පටිග්ගහෙත්වා එකීභාවං උපනෙත්වා තස්මිං පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ ආහාරං පටිග්ගහෙත්වා පරිභුඤ්ජිත්වා අනුමොදනමකාසි. තෙ ද්වෙ භාතරො වාණිජා බුද්ධඤ්ච ධම්මඤ්ච සරණං ගන්ත්වා ද්වෙවාචිකා උපාසකා අහෙසුං.
එකල තපස්සු භල්ලුක නම් වෙළඳුන් දෙදෙන සහලේ නෑ දෙවියන් විසින් ශාස්තෘන් වහන්සේට ආහාරදානයෙහි මෙහෙයවන ලද්දාහු අත්සුණු ද මීපිඬු ද ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මේ අහර පිළිගන්නා සේක්වායි ශාස්තෘන් වහන්සේ වෙත පැමිණ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ කිරිබත් පිළිගත් දවසෙහිම දෙවියන් දුන් පාත්‍රය අතුරුදන් වූ හෙයින් තථාගතයෝ අතින් නොපිළිගනිතියි මම කුමකින් මෙය පිළිගනිම්දැයි සිතූහ. එවිට භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන සිවුදිගින් සතරවරම් රජවරු ඉඳුනිල්මිණිමුවා පාත්‍ර සතරක් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළහ. නැවත මුංපැහැති සෙල්මුවා පා සතරක් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සතරදෙනාට අනුකම්පා පිණිස පිළිගෙන එකක් බවට පමුණුවා ඒ අගනා සෙල්මුවා පයින් අහර පිළිගෙන වළඳා අනුමෝදනා කළ සේක. ඒ දෙබෑ වෙළෙන්දෝ බුදුන් ද දහම් ද සරණ ගොස් ද්වේවාචික උපාසකයෝ වූහ.
අථ සත්ථා පුන අජපාලනිග්රොධමෙව ගන්ත්වා නිග්රොධමූලෙ නිසීදි. අථස්ස තත්ථ නිසින්නමත්තස්සෙව අධිගතස්ස ධම්මස්ස ගම්භීරතං පච්චවෙක්ඛන්තස්ස සබ්බබුද්ධානං ආචිණ්ණො – “අධිගතො ඛො ම්යායං ධම්මො”තිආදිනා (දී· නි· 2.64; ම· නි· 1.281; 2.337; සං· නි· 1.172; මහාව· 7) පරෙසං ධම්මං අදෙසෙතුකාමතාකාරප්පත්තො පරිවිතක්කො උදපාදි. අථ බ්රහ්මා සහම්පති “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො”ති (දී· නි· 2.66; ම· නි· 1.282; 2.338; සං· නි· 1.172; මහාව· 8) දසසු චක්කවාළසහස්සෙසු සක්කසුයාමසන්තුසිතනිම්මානරතිපරනිම්මිතවසවත්තිමහාබ්රහ්මානො ච ගහෙත්වා සත්ථු සන්තිකං ආගන්ත්වා – “දෙසෙතු, භන්තෙ, භගවා ධම්ම”න්තිආදිනා (දී· නි· 2.66; ම· නි· 1.282; 2.338; සං· නි· 1.172; මහාව· 8) නයෙන ධම්මදෙසනං ආයාචි.
ශාස්තෘන් වහන්සේ අජපාල නුගරුක කරා වැඩ නුගමුල වැඩහුන්හ. උන්වහන්සේ එහි වැඩහුන් කෙණෙහිම අවබෝධ කළ ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කරත්ම සියලු බුදුවරුන්ට ආචීර්ණ අධිගතො ඛොම්‍යායං ධම්මො ආදී වශයෙන් අනුන්ට ධර්මය නොදෙසනු කැමති ආකාරයට පත් පරිවිතර්කයක් ඇතිවිය. එවිට සහම්පති බ්‍රහ්මතෙම භවත්නි, ලොව ඒකාන්තයෙන් නස්නේ යයි දසදහසක් සක්වළ ශක්‍ර සුයාම සංතුසිත නිම්මානරති පරනිම්මිතවසවත්ති මහාබ්‍රහ්මයන් ගෙන ශාස්තෘන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වායි ආදි විසින් ධර්මදේශනාවට අයැදියේය.
අථ සත්ථා තස්ස පටිඤ්ඤං දත්වා – “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති චින්තෙන්තො ආළාරුදකානං කාලඞ්කතභාවං ඤත්වා – “බහූපකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ”ති පඤ්චවග්ගියෙ ආරබ්භ මනසිකාරං කත්වා – “කහං නු ඛො තෙ එතරහි විහරන්තී”ති ආවජ්ජෙන්තො – “බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ”ති ඤත්වා – “තත්ථ ගන්ත්වා ධම්මචක්කං පවත්තෙස්සාමී”ති කතිපාහං බොධිමණ්ඩසාමන්තෙයෙව පිණ්ඩාය චරන්තො විහරිත්වා ආසාළ්හිපුණ්ණමියං බාරාණසිං ගමිස්සාමී”ති පත්තචීවරමාදාය අට්ඨාරසයොජනමග්ගං පටිපජ්ජි. අන්තරාමග්ගෙ හට්ඨතුපගං උපකං නාම ආජීවකං දිස්වා තස්ස අත්තනො බුද්ධභාවං ආචික්ඛිත්වා තංදිවසංයෙව සායන්හසමයෙ ඉසිපතනං අගමාසි.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට ප්‍රතිඥා දී කාට නම් මම පළමුව දහම් දෙසන්නෙම්දැයි සිතන සේක් ආළාර උද්දකයන් මළබව දැන පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරකයයි පංචවර්ගීයයන් කෙරෙහි මෙනෙහි කොට දැන් කොහි වසත්දැයි ආවර්ජනා කරන සේක් බරණැස මිගදායෙහි යයි දැන එහි ගොස් දම්සක් පවත්වමියි කීපදිනක් බෝමැඩ හාත්පසපස්හිම පිඬු පිණිස හැසිරෙමින් වැස ඇසළ පුන් පොහෝදින බරණැසට යන්නෙමියි පාසිවුරු ගෙන අටළොස් යොදුන් මගට පිළිපන් සේක. අතරමඟ තුටු පහටු උපක නම් ආජීවක දැක ඔහුට තමන් වහන්සේ බුදු බව කියා එදිනම සවස් වේලෙහි ඉසිපතනයට වැඩියහ.
පඤ්චවග්ගියා පන තථාගතං දූරතොව ආගච්ඡන්තං දිස්වා – “අයං, ආවුසො, සමණො ගොතමො පච්චයබාහුල්ලාය ආවත්තො පරිපුණ්ණකායො පීණින්ද්රියො සුවණ්ණවණ්ණො හුත්වා ආගච්ඡති, ඉමස්ස අභිවාදනාදීනි න කරිස්සාම, ආසනමත්තං පන පඤ්ඤාපෙය්යාමා”ති කතිකං අකංසු. භගවා තෙසං චිත්තාචාරං ඤත්වා සබ්බසත්තෙසු අනොධිස්සකවසෙන ඵරණසමත්ථං මෙත්තචිත්තං සංඛිපිත්වා ඔධිස්සකවසෙන මෙත්තචිත්තෙන ඵරි. තෙ භගවතො මෙත්තචිත්තෙන ඵුට්ඨා තථාගතෙ උපසඞ්කමන්තෙ සකාය කතිකාය සණ්ඨාතුං අසක්කොන්තා අභිවාදනාදීනි සබ්බකිච්චානි අකංසු. විත්ථාරකථා විනයමහාවග්ගාදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බා.
පංචවග්ගීයයෝ වනාහි තථාගතයන් වහන්සේ දුරින්ම වඩිනු දැක ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමයෝ ප්‍රත්‍ය බහුලත්වයට පත්ව පිරිපුන් කය ඇතිව පිනා ගිය ඉඳුරන් ඇතිව රන්වන් වී එති. ඔහුට අභිවාදන නොකරමු. ආසනයක් පමණක් පනවමුයි කතිකා කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ සිත්හසර දැන නමනියමයක් නැතිව සියලු සත්ත්වයන් විෂයෙහි පැතිරවීමට සමත් මෛත්‍රී සිත කැටිකොට නියමයක් ඇතිව පැතිරවූ සේක. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් පතුරුවන ලද මෙත්සිත් පහස ලැබුවාහු තථාගතයන් වහන්සේ ළංවත් ළංවත්ම සිය කතිකාවෙහි නොසිටිය හැක්කහු අභිවාදනාදි සියලු කටයුතු කළහ. [missing trans]
අථ භගවා අත්තනො බුද්ධභාවං තෙ ඤාපෙත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදිත්වා උත්තරාසාළ්හනක්ඛත්තයොගෙ වත්තමානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි පරිවුතො පඤ්චවග්ගියෙ ථෙරෙ ආමන්තෙත්වා ධම්මචක්කප්පවත්තනසුත්තන්තං දෙසෙසි. තෙසු අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො දෙසනානුසාරෙන ඤාණං පෙසෙන්තො සුත්තපරියොසානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. තෙන වුත්තං –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුදුබව ඔවුන්ට දන්වා පැනවූ උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ උතුරුසල නකත පවතිද්දී අටළොස් කෙළක් බඹුන් පිරිවරන ලදුව පස්වග තෙරුන් අමතා ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තය දේශනා කළ සේක. උන්වහන්සේලාගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙර දේශනානුසාරයෙන් නුවණ මෙහෙයවා සූත්‍ර කෙළවර අටළොස් බඹුන් සමඟ සෝවාන් ඵලයන්හි පිහිටියේය. එයින් කියන ලදි-
“අහමෙතරහි සම්බුද්ධො, ගොතමො සක්යවඩ්ඪනො; පධානං පදහිත්වාන, පත්තො සම්බොධිමුත්තමං.
අහමෙකරහි සම්බුද්ධො ගොතමො සක්යවද්ධනො පධානං පදහිත්වාන පත්තො සම්බොධිමුත්තමං
“බ්රහ්මුනා යාචිතො සන්තො, ධම්මචක්කං පවත්තයිං; අට්ඨාරසන්නං කොටීනං, පඨමාභිසමයො අහූ”ති.
බ්රහ්මුණා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයි අට්ඨාරසන්නං කොටීනං පඨමාභිසමයො අහූති
තත්ථ අහන්ති අත්තානං නිද්දිසති. එතරහීති අස්මිං කාලෙ. සක්යවඩ්ඪනොති සාකියකුලවඩ්ඪනො. “සක්යපුඞ්ගවො”තිපි පාඨො. පධානන්ති වීරියං වුච්චති. පදහිත්වානාති ඝටෙත්වා වායමිත්වා, දුක්කරකාරිකං කත්වාති අත්ථො. අට්ඨාරසන්නං කොටීනන්ති බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ ධම්මචක්කප්පවත්තනසුත්තන්තකථාය අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරප්පමුඛානං අට්ඨාරසන්නං බ්රහ්මකොටීනං පඨමාභිසමයො අහොසීති අත්ථො.
එහි අත්තානං යනු; තමන් වහන්සේ දක්වති. එතරහි යනු; මෙකල්. සක්යවද්ධ නො යනු; ශාක්‍යකුල වර්ධනය කරන්නේ. සක්යපුංගවො යනුද පාඨයි. පධානං යනු; වීර්යය කියනු ලැබේ. පදහිත්වා යනු; ඝටා; වෑයම්කොට. දුෂ්කරක්‍රියා කොට යන අර්ථයි. අට්ඨාරසන්නං කොටීනං යනු; බරණැස ඉසිපතන මිගදායෙහි ධම්මචක්කපවත්තන සූත්‍රාන්ත කථාවෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්රමුඛ අටළොස් කෙළක් ක්රමයන්ට ප්‍රථම ධර්මාවබෝධය විය යන අර්ථයි.
ඉදානි භගවා අතීතං කථෙත්වා අනාගතං අභිසමයං කථෙන්තො –
දැන් භාග්‍යවතුන් වහන්සේ අතීතය දක්වා අනාගත අභිසමය වදාරන සේක්-
“තතො පරඤ්ච දෙසෙන්තෙ, නරදෙවසමාගමෙ; ගණනාය න වත්තබ්බො, දුතියාභිසමයො අහූ”ති. – ආදිමාහ;
තතො පරඤ්ච දෙසෙන්තෙ නරමරූනං සමාගමෙ ගණනාය නවත්තබ්බො දුතියාභිසමයො අහූති - ආදිය වදාළහ.
තත්ථ නරදෙවසමාගමෙති තතො අපරෙන සමයෙන මහාමඞ්ගලසමාගමෙ දසසු චක්කවාළසහස්සෙසු දෙවමනුස්සානං මජ්ඣෙ මඞ්ගලසුත්තපරියොසානෙ (ඛු· පා· 5.1 ආදයො; සු· නි· 261 ආදයො) ගණනපථං වීතිවත්තානං නරදෙවානං. දුතියාභිසමයො අහූති හෙස්සතීති අත්ථො. අනාගතවචනෙ වත්තබ්බෙ සොතපතිතත්තා “අහූ”ති අතීතවචනං වුත්තං, කාලවිපරියායවසෙන වා. එස නයො ඉතො පරෙසු ඊදිසෙසු වචනෙසු ච. පුන රාහුලොවාදසුත්තන්තදෙසනාය (ම· නි· 3.416 ආදයො) ගණනපථවීතිවත්තෙ සත්තෙ අභිසමයාමතපානං පායෙසි. අයං තතියාභිසමයො. තෙන වුත්තං –
එහි නරමරූනං සමාගමෙ යනු; ඉන් මෑත කාලයෙහි මහාමංගල සමාගමයෙහි දසදහසක් සක්වළ දෙවි මිනිසුන් මැද මංගල සූත්‍ර දේශනාවසානයෙහි ගණන් සීමාව ඉක්ම වූ දෙවිමිනිසුන්ට. දුතියාභිසමයො අහූ යනු; වන්නේය යන අර්ථයි. අනාගත පදය කිවයුතු තැන දහරට වැටීම නිසා අහූ යන අතීත වචනය කියන ලදි. කාල විපර්යාස වශයෙන් හෝය. මින් පසු මෙබඳු වචනවල මේ ක්‍රමයයි. නැවත රාහුලෝවාද සූත්‍රාන්තයෙහි දේශනාවෙහි ගණන සීමා ඉක්මවූ සත්ත්වයන්ට ධර්මාවබෝධ අමාපැන් පෙවූහ. මෙය තෙවන අභිසමයයි. එයින් කියන ලදි-
“ඉධෙවාහං එතරහි, ඔවදිං මම අත්රජං; ගණනාය න වත්තබ්බො, තතියාභිසමයො අහූ”ති.
ඉධෙවාහං එතරහි ඔවදිස්සාමි අත්රජං ගණනාය න චක්කබ්බො තතියාභිසමයො අහූති
භගවතො කිර එකොව සාවකසන්නිපාතො අහොසි. උරුවෙලකස්සපාදීනං ජටිලානං සහස්සං, ද්වින්නං අග්ගසාවකානං අඩ්ඪත්තියසතානීති ඉමෙසං අඩ්ඪතෙළසසතානං සන්නිපාතො අහොසි. තෙන වුත්තං –
භාග්‍යවතුන් වහන්සේට වනාහි එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. උරුවෙල කාශ්‍යප ජටිලයන් දහසක් ද දෑගසව්වන්ගේ දෙසියපනහක් ද යන මේ එක්දහස් දෙසිය පනහකගේ සන්නිපාතය විය. එයින් කියන ලදි-
“එකොසි සන්නිපාතො මෙ, සාවකානං මහෙසිනං; අඩ්ඪතෙළසසතානං, භික්ඛූනාසි සමාගමො”ති.
එකොව සන්නිපාතො මෙ සාවකානං මහෙසිනං අඩ්ඪ තෙළස්සතානං භික්ඛුනාභි සමාගමොති
තත්ථ එකොසීති එකොව ආසි. අඩ්ඪතෙළසසතානන්ති මම සාවකානං පඤ්ඤාසාධිකානං ද්වාදසසතානං. භික්ඛූනාසීති භික්ඛූනං ආසි . තෙසං පන මජ්ඣගතො භගවා චතුරඞ්ගසන්නිපාතෙ පාතිමොක්ඛං උද්දිසි.
එහි එකොසි යනු; එකක්ම විය. අඩ්ඪතෙළස්සතානං යනු; පනසක් අධික දොලොස් සියයක. භික්ඛුනාසි යනු; භික්ෂූන්ගේ සමාගමය විය. උන්වහන්සේලා මැදට වැඩි භාග්‍යවතුන් වහන්සේ සිවුරඟ සන්නිපාතයෙහි පාමොක් දෙසූහ.
අථ භගවා අත්තනො පවත්තිං දස්සෙන්තො –
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පවත් දක්වන සේක්-
“විරොචමානො විමලො, භික්ඛුසඞ්ඝස්ස මජ්ඣගො; දදාමි පත්ථිතං සබ්බං, මණීව සබ්බකාමදො”ති. – ආදිමාහ;
විරොචමානො විමලො භික්ඛුසංඝස්ස මජ්ඣගො දදාමි පත්ථිතං සබ්බං මණීව සබ්බකාමදොති - ආදිය වදාළහ.
තත්ථ විරොචමානොති අනන්තබුද්ධසිරියා විරොචමානො. විමලොති විගතරාගාදිකිලෙසමලො. මණීව සබ්බකාමදොති චින්තාමණි විය සබ්බකාමදදො අහම්පි ඉච්ඡිතං පත්ථිතං සබ්බං ලොකියලොකුත්තරසුඛවිසෙසං දෙමීති අත්ථො.
එහි විරොචමානො යනු; බුද්ධශ්‍රීයෙන් බබළන්නාහු. විමලො යනු; පහවූ රාගාදී කෙලෙස්මල ඇත්තේ. මණීව සබ්බකාමදො යනු; සිතුමිණක් මෙන් සියලු කැමති දේ දෙන. මම ද කැමතිවන ලද පතන ලද සියලු ලොවී ලොවුතුරා සැප වෙසෙස් දෙවි යන අර්ථයි.
ඉදානි පත්ථිතපත්ථනං දස්සෙන්තො –
දැන් පැතූ පැතුම දක්වන්නේ-
“ඵලමාකඞ්ඛමානානං, භවච්ඡන්දජහෙසිනං; චතුසච්චං පකාසෙමි, අනුකම්පාය පාණින”න්ති. – ආදිමාහ;
ඵලමාකංඛමානානං භවච්ඡන්ද ජහෙසිනං චතුසච්චං පකාසෙමි අනුකම්පාය පාණිනන්ති - ආදිය කීහ.
තත්ථ ඵලන්ති සොතාපත්තිඵලාදිකං චතුබ්බිධං ඵලං. භවච්ඡන්දජහෙසිනන්ති භවතණ්හාපහායිනං, භවතණ්හං පජහිතුකාමානං. අනුකම්පායාති අනුද්දයාය.
එහි ඵලං යනු; සෝවාන් ඵලය ආදි සතරවැදෑරුම් ඵලය. භවච්ඡන්දජහොසිනං යනු; භව තෘෂ්ණාව පහකරන්නවුන්ට, භව තෘෂ්ණාව පහකරනු කැමැත්තවුන්ට. අනුකම්පාය යනු; අනුද්දයාවෙන්.
ඉදානි චතුසච්චප්පකාසනෙ, අභිසමයං දස්සෙන්තො “දසවීසසහස්සාන”න්ති ආදිමාහ.
දැන් සිවුසස් ප්රකාශනයෙහි අභිසමය දක්වන්නාහු දසවීස සහස්සානං යනාදිය කීහ-
තත්ථ දසවීසසහස්සානන්ති දසසහස්සානඤ්ච වීසතිසහස්සානඤ්ච. එකද්වින්නන්තිආදිනා නයෙනාති අත්ථො. නවමදසමගාථා උත්තානත්ථාව.
එහි දසවීස සහස්සානං යනු; දසදහසකට විසිදහසකට. එකද්වින්නං යනු; ආදි ක්‍රමයෙන් යන අර්ථයි. නවවන දසවන ගාථාවල අර්ථය ප්රකටය.
එකාදසමද්වාදසමගාථාසු ඉදානෙතරහීති උභොපි එකත්ථා, වෙනෙය්යවසෙන පුරිසපුග්ගලා විය වුත්තා. අථ වා ඉදානීති මයි උප්පන්නෙ. එතරහීති මයි ධම්මං දෙසෙන්තෙ. අපත්තමානසාති අප්පත්තඅරහත්තඵලා. අරියඤ්ජසන්ති අරියං අට්ඨඞ්ගිකං මග්ගං. ථොමයන්තාති පසංසන්තා. බුජ්ඣිස්සන්තීති අනාගතෙ චතුසච්චධම්මං පටිවිජ්ඣිස්සන්තීති අත්ථො. සංසාරසරිතන්ති සංසාරසාගරං.
එකොළොස්වන දොළොස්වන ගාථාවල ඉදාතෙතරහි යනු; දෙපදයම ඒකාර්ථයි. වෙනෙය්‍ය වශයෙන් පුරිසපුග්ගලා යනු මෙන් කියන ලදි. නැතහොත් ඉදානි යනු; මා උපන්කල්හි. එතරහි යනු; දහම් දෙසන කල්හි. අපත්තමාන සා යනු; නොපත් රහත්ඵල ඇත්තාහ. අරියඤ්ජසං යනු; අරි අටඟි මඟ. ථොමයන්තා යනු; ප්‍රශංසා කරන්නාහු. බුජ්ඣිස්සන්ත යනු; අනාගතයෙහි චතුස්සත්‍යය අවබෝධ කරන්නාහ. හැසිරෙති යන අර්ථයි. සංසාර සරිතං යනු; සසර සයුර.
ඉදානි අත්තනො ජාතනගරාදිං දස්සෙන්තො –
දැන් තමන් වහන්සේගේ උපන් නගරය ආදිය දක්වන සේක්-
“නගරං කපිලවත්ථු මෙ, රාජා සුද්ධොදනො පිතා; මය්හං ජනෙත්තිකා මාතා, මායාදෙවීති වුච්චති.
නගරං කපිලවත්ථු මෙ රාජා සුද්ධොදනො පිතා මය්හං ජනෙත්තිකා මාතා මායා දෙවීති වුච්චති
“එකූනතිංසවස්සානි, අගාරං අජ්ඣහං වසිං; රම්මො සුරම්මො සුභකො, තයො පාසාදමුත්තමා.
ඌනතිංසානි වස්සානි අගාරමජ්ඣෙ සො වසිං රම්මා සුරම්මො සුභකො තයො පාසාදමුත්තමා
“චත්තාලීසසහස්සානි, නාරියො සමලඞ්කතා; භද්දකඤ්චනා නාම නාරී, රාහුලො නාම අත්රජො.
චත්තාළීස සහස්සානි නාරියො සමලංකතා යසොධරා නාම නාරී රාහුලො නාම අත්රජො
“නිමිත්තෙ චතුරො දිස්වා, අස්සයානෙන නික්ඛමිං; ඡබ්බස්සං පධානචාරං, අචරිං දුක්කරං අහං.
නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමිං ඡබ්බස්සං පධානචාරං අචරිං දුක්කරං අහං
“බාරාණසියං ඉසිපතනෙ, චක්කං පවත්තිතං මයා; අහං ගොතමසම්බුද්ධො, සරණං සබ්බපාණිනං.
බාරාණසියං ඉසිපතනො ජිනචක්කං පවත්තිතං අහං ගොතම සම්බුද්ධො සරණෙ සබ්බපාණීනං
“කොලිතො උපතිස්සො ච, ද්වෙ භික්ඛූ අග්ගසාවකා; ආනන්දො නාමුපට්ඨාකො, සන්තිකාවචරො මම; ඛෙමා උප්පලවණ්ණා ච, භික්ඛුනී අග්ගසාවිකා.
කොලිතො උපතිස්සො ච දෙව භික්ඛු අග්ගසාවකා ආනන්දො නාමුපට්ඨාකො සාතිකාවචරො මම ඛෙමා උප්පලවණ්ණා ච භික්ඛුනී අග්ගසාවිකා
“චිත්තො හත්ථාළවකො ච, අග්ගුපට්ඨාකුපාසකා; නන්දමාතා ච උත්තරා, අග්ගුපට්ඨාකුපාසිකා.
චිත්තො ච හත්ථාළවකො අග්ගුපට්ඨාකුපාසකා නන්දමාතා ච උත්තරා අග්ගුපට්ඨිකුපාසිකා
“අහං අස්සත්ථමූලම්හි, පත්තො සම්බොධිමුත්තමං; බ්යාමප්පභා සදා මය්හං, සොළසහත්ථමුග්ගතා.
අහං අස්සත්ථමූලම්හි පත්තො සම්බොධිමුත්තමං ව්යාමප්පභා සදාමයහං සොළසහත්ථමුග්ගතං
“අප්පං වස්සසතං ආයු, ඉදානෙතරහි විජ්ජති; තාවතා තිට්ඨමානොහං, තාරෙමි ජනතං බහුං.
අප්පං වස්සසතං ආයු ඉදානෙතරහි විජ්ජති තාවතා කිට්ඨමානොහං තාරෙමි ජනතං බහුං
“ඨපයිත්වාන ධම්මුක්කං, පච්ඡිමං ජනබොධනං; අහම්පි න චිරස්සෙව, සද්ධිං සාවකසඞ්ඝතො; ඉධෙව පරිනිබ්බිස්සං, අග්ගීවාහාරසඞ්ඛයා”ති. – ආදිමාහ;
ඨපයිත්වාන ධම්මුක්කං පච්ඡිමං ජනබොධනං අහම්පි නචිරස්සෙව සද්ධි සාවකසංඝතො ඉධෙව පරිනිබ්බිස්සං අග්ගිවාහාර සංඛයාති
මම පන රම්මසුරම්මසුභනාමකා තයො පාසාදා නවභූමිකසත්තභූමිකපඤ්චභූමිකා, චත්තාලීසසහස්සා නාටකිත්ථියො, යසොධරා නාම මම අග්ගමහෙසී , සොහං චත්තාරො නිමිත්තෙ දිස්වා අස්සයානෙන මහාභිනික්ඛමනං නික්ඛමිං. තතො ඡබ්බස්සානි පධානං පදහිත්වා විසාඛපුණ්ණමාය උරුවෙලායං සෙනානිගමෙ සෙනාකුටුම්බිකස්ස ධීතාය සම්පසාදජාතාය සුජාතාය නාම දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා සාලවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ සොත්ථියෙන නාම තිණහාරකෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා අස්සත්ථබොධිරුක්ඛමූලං උපගන්ත්වා තත්ථ මාරබලං විද්ධංසෙත්වා සම්බොධිං පත්තොස්මීති සබ්බං බ්යාකාසි.
ආදිය වදාළහ. මට වනාහි රම්ම, සුරම්ම, සුභ නම් නවමහල් සත්මහල් පස්මහල් තුන් පහයක් විය. සතළිස් දහසක් නළඟනෝය. මාගේ අග මෙහෙසිය යසෝධරා නමි. ඒ මම නිමිති සතර දැක අශ්ව යානයෙන් මහබිනික්මන් නික්මියෙමි. ඉක්බිති සාවුරුද්දක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝ දින උරුවේලාවෙහි සේනානි ග්‍රාමයෙහි සේනානි කෙළෙඹියාගේ දු වූ සම්ප්රසාද දනවන සුජාතාව දුන් මීකිරිබත් වළඳා සල් වනයෙහි දිවාවිහාර කොට සවස් සමයෙහි සොත්ථිය නම් තෘණ හාරකයන් දුන් අටතණමිට ගෙන ඇසතු බෝරුක්මුල වෙත පැමිණ එහි මාරබල නසා සම්බෝධියට පැමිණියෙමියි සියල්ල වදාළ සේක.
තත්ථ සද්ධිං සාවකසඞ්ඝතොති සද්ධිං සාවකසඞ්ඝෙන. පරිනිබ්බිස්සන්ති පරිනිබ්බායිස්සාමි. අග්ගීවාහාරසඞ්ඛයාති අග්ගි විය ඉන්ධනක්ඛයෙන යථා අග්ගි නිරුපාදානො නිබ්බායති, එවං අහම්පි නිරුපාදානො පරිනිබ්බායිස්සාමීති අත්ථො.
එහි සද්ධිං සාවකසංඝතො යනු; ශ්‍රාවක සංඝයා සමඟ. පරිනිබ්බිස්සං යනු; පිරිනිවන් පාන්නෙමි. අග්ගිවාහාරසංඩයා යනු; ඉන්ධන ක්ෂය වීමෙන් යම්සේ ගින්න උපාදාන රහිතව නිවීයේද එසේ මම ද උපාදාන රහිත වූයෙම් පිරිනිවන් පාන්නෙමි යන අර්ථයි. ගුණාධරවරදෙහා යනු; ෂඩ් අසාධාරණ ඥානාදී ගුණධර වූ මේ දේහය.
තානි ච අතුලතෙජානීති අග්ගසාවකයුගාදීනි තානි අසදිසතෙජානි. ඉමානි ච දසබලානීති එතානි ච සාරීරදසබලානි ගුණධාරණො දෙහොති ඡඅසාධාරණඤාණාදිගුණධරො අයං දෙහො ච. තමන්තරහිස්සන්තීති සබ්බානි එතානි වුත්තප්පකාරානි අන්තරධායිස්සන්ති විනස්සිස්සන්ති. නනු රිත්තා සබ්බසඞ්ඛාරාති එත්ථ නනූති අයං අනුමතිඅත්ථෙ නිපාතො. රිත්තාති නිච්චසාරධුවසාරරහිතත්තා තුච්ඡා, සබ්බමෙව පන සඞ්ඛතං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං හුත්වා අභාවතො අනිච්චං, උප්පාදාදිපටිපීළිතත්තා දුක්ඛං, අවසවත්තනතො අනත්තා. තස්මා සඞ්ඛාරෙසු ලක්ඛණත්තයං ආරොපෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අමතමසඞ්ඛතං අච්චුතං නිබ්බානං අධිගච්ඡථ. අයං වො අම්හාකං අනුසාසනී ඉදං අම්හාකං සාසනං අප්පමාදෙන සම්පාදෙථාති. දෙසනාපරියොසානෙ කිර දෙවතානං කොටිසතසහස්සස්ස අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු. සෙසමග්ගඵලෙසු පතිට්ඨිතා පන ගණනපථං වීතිවත්තා අහෙසුං.
තානි ච අතුලතෙජා යනු; අග්‍රශ්‍රාවක යුගාදි ඒ අසළ තේජස්. ඉමානි ච දසබලානි යනු; මේ ශාරීරික දසබලද සමන්තර හෙස්සන්ති යනු; කියන ලද උක්තප්‍රකාර සියල්ල අතුරුදහන් වෙයි. නැසෙයි. නනු රිත්තා සබ්බසංඛාරා යනු; මෙහි නන යනු; අනුමති අර්ථයෙහි නිපාතයි. රිත්තා යනු; නිත්‍යසාර ඒකාන්තසාර රහිත බැවින් හිස්ය. තුච්ඡය. මේ සියලුම මේ සංඛතයන් ක්ෂයධර්මය ව්‍යය ධර්මය විරාග නිරොධ ධර්මව අභාව හෙයින් අනිත්‍යය. උත්පාද ආදී ප්‍රතිපීඩිත බැවින් දුක්ය. වසයෙහි නොපවත්නා හෙයින් අනාත්මයි. එහෙයින් සංස්කාරයන්හි ත්රිලක්ෂණය ආරෝපණය කොට විදර්ශනා වඩා අමත අසංඛත අච්චුතිරස නිර්වාණය අවබෝධ කරව්. මේ අපගේ අනුශාසනයයි. දැන් අපගේ ශාසනය අප්‍රමාදව සම්පාදනය කරව්. දේශනා කෙළවර කෙළලක්ෂයක් දෙවියන්ගේ උපාදාන ආස්‍රවයන්ගෙන් මිදුණෝය. සෙසු මගපලඟවල පිහිටියාහු ගණන් සීමා ඉක්මවූහ.
එවං භගවා කප්පනාමජාතිආදිවවත්ථිතං සකලම්පි බුද්ධවංසං ආකාසෙ රතනචඞ්කමෙ චඞ්කමන්තොව කථෙත්වා ඤාතිජනං වන්දාපෙත්වා ආකාසතො ඔතරිත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. එවං නිසින්නෙ පන භගවති ලොකනාථෙ සිඛාප්පත්තො ඤාතිසමාගමො අහොසි. සබ්බෙ එකග්ගචිත්තා නිසීදිංසු . තතො මහාමෙඝො පොක්ඛරවස්සං වස්සි. තඞ්ඛණෙ උදකං හෙට්ඨා විරවන්තං ගච්ඡති. තෙමෙතුකාමොව තෙමෙති, අතෙමිතුකාමස්ස සරීරෙ එකබින්දුමත්තම්පි න පතති. තං දිස්වා සබ්බෙ අච්ඡරියබ්භුතචිත්තජාතා හුත්වා – “අහො අච්ඡරියං, අහො අබ්භුත”න්ති කථං සමුට්ඨාපෙසුං. තං සුත්වා සත්ථා – “න ඉදානෙව මය්හං ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං වස්සි, අතීතෙපි වස්සී”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා වෙස්සන්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙසි. සා ධම්මදෙසනා සාත්ථිකා ජාතා. තතො භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ කල්ප නාම ජාති ආදි වශයෙන් බෙදන ලද සියලුම බුද්ධවංසය අහස රුවන්සක්මන් සක්මන් කරමින්ම දේශනා කොට ජනයා වන්දවා අහසින් බැස පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක. ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ඤාතිසමාගමය මස්තකප්රාප්ත විය. සියල්ලෝ එකඟසිත් ඇත්තෝව වාඩිවූහ. ඉක්බිති මහාමේඝය පොකුරු වැසි වැස්සේය. එකෙණෙහි ජලය යටට හඬනඟමින් යයි. තෙමෙනු කැමැත්තහුම තෙමෙයි. නොතෙමෙනු කැමැත්තහුගේ ශරීරයෙහි බිඳකුදු නොවැටෙයි. ඒ දැක සියල්ලෝ ආශ්චර්ය අද්භූත වූවාහු අහෝ අශ්චර්යයි. අද්භූතයි කථාව ඉපිදවූහ. ඒ අසා ශාස්තෘන් වහන්සේ මාගේ ඥාති සමාගමයෙහි පොකුරු වැසි වටුයේ දැන් මතු නොවෙයි. අතීතයෙහිද වැස්සේ යයි මේ අර්ධෝත්පත්තියෙන් වෙස්සන්තර ජාතකය දෙසූ සේක. ඒ ධර්මදේශනය සාර්ථක විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගී විහාරයට වැඩියහ.
ඉති මධුරත්ථවිලාසිනියා බුද්ධවංසට්ඨකථාය ගොතමබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
මෙතෙකින් මධුරත්ථවිලාසිනී බුද්ධවංස අර්ථකථාවෙහි ගොතම බුද්ධවංසය නිමියේයි.
නිට්ඨිතො පඤ්චවීසතිමො බුද්ධවංසො.
පස්විසිවන බුද්ධවංසය සමාප්තයි.