යෙදුමෙන් කියවන්න

1. අකිත‍්ති චරියං

1. අකිත‍්ති චරියං

1. අකීර්ති චරියාව

1. කප‍්පෙ ච සතසහස‍්සෙ චතුරො ච අසඞ‍්ඛියෙ එත්‍ථන‍්තරෙ යං චරිතං සබ‍්බං තං බොධිපාචනං.

1. සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ (අප මහ බෝසතුන්ගේ) යම් චරියාවක් වූ නම් ඒ සියල්ල සම්‍යක් සම්බෝධිය හෙවත් සර්‍වඥතාඥානය මුහුකුරු වනු විය.

2. අතීතකප‍්පෙ චරිතං ඨපයිත්‍වා භවාභවෙ ඉමම‍්හි කප‍්පෙ චරිතං පවක‍්ඛිස‍්සං සුණොහි මෙ.

2. ඉකුත්වූ (සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂ සඞ්ඛ්‍යාත) කල්පයෙහි කුදු මහත් භවයෙහි පුරුදු කරන ලද දානාදි ප්‍රතිපත්තිය හැර පියා මේ භද්‍රකල්පයෙහි චරිතය කියමි. (ශාරීපුත්‍රය) මාගේ වචනය අසව,

3. යදා අහං බ්‍රහාරඤ‍්ඤෙ සුඤ‍්ඤෙ විපින කානනෙ අජ‍්ඣොගහෙත්‍වා විහාරාමි අකිත‍්ති නාම තාපසො.

3. යම් කලෙක මම අකිත්ති නම් තවුස් ව ඉපිද ජනසඤ්චාර රහිත වූ කරගසින් ගහන වූ මහවනයෙහි පිවිස වාසය කෙළෙම් ද,

4. තදා මං තපතෙජෙන සන‍්තත‍්තො තිදිවාධිභූ ධාරෙන‍්තො බ්‍රාහ‍්මණවණ‍්ණං භික‍්ඛාය මංඋපාගමි.

4. එකල මාගේ තවුස් තෙදින් තැවුණු සක්දෙව් රජතෙම බමුණු වෙස් ධරමින් පිඬු පිණිස මා වෙත එළඹ සිටියේ ය.

5. පවනා ආභතං පණ‍්ණං අතෙලඤ‍්ච අලොණිකං මම ද‍්වාරෙ ඨිතං දිස‍්වා සකටාහෙන ආකිරිං.

5. පවනින් අඹළ තෙල් ලුණු නැති (පිසූ) කරකොළ මාගේ දොර සිටියහු දැක භාජනයෙන් ගෙන (තමහට ඉතිරි නොකොට) ඔහට දිනිමි.

6. තස‍්ස දත්‍වානහං පණ‍්ණං නික‍්කුජ‍්ජිත්‍වාන භාජනං පුනෙසනං ජහිත්‍වාන පාවිසිං පණ‍්ණසාලකං.

6. මම් සක්දෙව් රජහට කරකොළ දී භාජනය යටිකුරු කොට තබා නැවත (එදවස) අහර නොසොයා පන්සලට පිවිසියෙමි.

7. දුතියම‍්පි තතියම‍්පි උපගඤ‍්ඡි මමන‍්තිකං අකම‍්පිතො අනොලග‍්ගො එවමෙවමදාසහං.

7. දෙවන තෙවන දවස්හි දු හේ මා වෙත එළැඹියේ ය. මම් මසුරු බැවින් නො සැලුණෙම් ලෝභයෙන් නොලැගුණෙම් එසෙයින් මැ දිනිමි.

8. න මෙ තප‍්පච‍්චයා අත්‍ථි සරීරස‍්මිං විවණ‍්ණියං පීතිසුඛෙන රතියා වීතිනාමෙමි තං දිවං.

8. ඒ දානහේතුයෙන් මාගේ ශරීරයෙහි විරූප බවෙක් නැති. දන්දීමෙන් ඇති වූ ප්‍රීති සුඛයෙන් හා අභිරතියෙන් එ තුන් දවස ඉක්මවීමි.

9. යදි මාසම‍්පි ද‍්වෙ මාසං දක‍්ඛිණෙය්‍යං වරං ලභෙ අකම‍්පිතො අනොලීනො දදෙය්‍යං දානමුත‍්තමං.

9. ඉදින් යම් හෙයෙකින් (ගුණයෙන්) උතුම් වූ දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් මසකුදු දෙමසකුදු නො සැලෙනුයෙම් නො පසුබස්නෙම් උතුම් වූ දානය දෙමි.

10. න තස‍්ස දානං දදමානො යසං ලාභඤ‍්ච පත්‍ථයිං සබ‍්බඤ‍්ඤුතං පත්‍ථයානො තානි කම‍්මානි ආචරින‍්ති.

10. එ සක්දෙව් රජුට දන් දෙනුයෙම් යස පිරිවර සම්පත් හෝ (චක්‍රවර්ති සම්පත් ආදි වූ) ලාභයක් හෝ නො පැතීමි. වැළි, බුදුබව පතනුයෙම් ඒ දානමය පින්කම් කෙළෙමි යි.

අකිත‍්ති චරියං පඨමං.

පළමුවන අකීර්ති චර්‍ය්‍යාව යි.