යෙදුමෙන් කියවන්න

2. සඞ‍්ඛ චරියං

2. සඞ‍්ඛ චරියං

2. සඞ්ඛ චරියාව

11. පුනාපරං යදා හොමි බ්‍රාහ‍්මණො සඞ‍්ඛසව‍්හයො මහාසමුද‍්දං තරිතුකාමො උපගච‍්ඡාමි පට‍්ටනං

11. තවද අනිකුදු චරිතයක් කියමි. (එද අසව) යම් කලෙක (මම) සඞ්ඛ නම් බ්‍රාහ්මණ වීම් ද එකල (ස්වර්‍ණභූමිය කරා යන්නට) මහමුහුදෙන් එතරවනු කැමැත්තෙම් පටුන බලා ගියෙමි.

12. තත්‍ථද‍්දසාමි පටිපථෙ සයම‍්භුං අපරාජිතං කන‍්තාරද‍්ධාන පටිපන‍්නං තත‍්තාය කඨිනභූමීයා.

12. එ පෙරමඟ ගිමින් තැවුණු රළු බිම්හි වූ කතර අදන්මගට පිළිපන් ස්වයම්භූ අපරාජිත වූ පසේ බුදු කෙනකුන් වහන්සේ දිටිමි.

13. තමහං පටිපථෙ දිස‍්වා ඉමමත්‍ථං විචින‍්තයිං ඉදං ඛෙත‍්තං අනුප‍්පත‍්තං පුඤ‍්ඤකාමස‍්ස ජන‍්තුනො.

13. මම එසේ පෙරමඟ එන එ පසේබුදුන් දැක, මෙකරුණ සිතු වෙමි. පින් කැමතියාහට පින් කෙතක් ලැබුණේ යි කියා යි.

14. යථාපි කස‍්සකො පුරිසො ඛෙත‍්තං දිස‍්වා මහාගමං. තත්‍ථ බීජං න රොපෙති න සො ධඤ‍්ඤෙන අත්‍ථිකො.

14. යම් සේ ගොවිපුරුෂයෙක් මහත් වූ අස්වනු ලැබෙන විපුල වූ ශෂ්‍යඵලදායක කෙතක් දැක එහි බිජුවට නො වපුරා නම් ඒ ගොවියා ධාන්‍ය කැමැතියෙක් නො වේ ද.

15. එවමෙවාහං පුඤ‍්ඤකාමො දිස‍්වා ඛෙත‍්ත වරුත‍්තමං යදි තත්‍ථ කාරං න කරොමි නාහං පුඤ‍්ඤෙන අත්‍ථිකො.

15. එ පරිද්දෙන් ම පින් කැමැති වූ මම පින් කෙත් අතුරින් අතිශයින් උතුම් වූ (ආර්‍ය්‍යශ්‍රාවකයන්ගෙන්) අග්‍ර වූ පසේබුදු කෙනකුන් වන පින්කෙතක් දැක උන් වහන්සේට පූජාසත්කාර නො කෙරෙම් නම් මම පින් කැමැතියෙම් නො වෙමි.

16. යථා අමච‍්චො මුද‍්දිකාමො රඤ‍්ඤො අන‍්තෙ පුරෙ ජනෙ න දෙති තෙසං ධනධඤ‍්ඤං මුද‍්දිතො පරිහායති.

16. යම් සේ රාජමුද්‍රාධිකාර පදවිධර අමාත්‍යයෙක් හෝ සේනාපතියෙක් හෝ ඇතොවුරෙහි ද ඉන් පිටත බලකායාදීන් කෙරෙහි ද රාජානුශාසනය පරිද්දෙන් නො පිළිපදී ද ඔවුනට ධන ධාන්‍ය නොදේ ද හෙතෙම එම මුද්‍රාධිකාර ධූරයෙන් පිරිහේ.

17. එවමෙවාහං පුඤ‍්ඤකාමො විපුලං දිස‍්වාන දක‍්ඛිණං යදි තස‍්ස දානං න දදාමි පරිහායිස‍්සාමි පුඤ‍්ඤතො

17. එපරිද්දෙන් මම ද පින් කැමැතියෙම් උදාර වූ දක්‍ෂිණාර්‍හයකු දැක ඉදින් ඔබට දන් නොදෙම් නම් පුණ්‍යඵලයෙන් ද පිරිහෙමි.

18. එවාහං චින‍්තයිත්‍වාන ඔරොහිත්‍වා උපාහනා තස‍්ස පාදානි වන්‍දිත්‍වා අදාසිං ඡත‍්තුපාහනං

18. මම මෙසේ සිතා (දුරදීම) වහන්සඟළ මුදාගෙන ඒ පසේබුදුන් වහන්සේ ගේ පා වැඳ (උන්වහන්සේට) පත්කුඩය සහ වහන්සඟළ ද දිනිමී.

19. තෙනෙවාහං සතගුණතො සුඛුමාලො සුඛෙධිතො අපිච දානං පරිපූරෙන‍්තො එවං තස‍්ස අදාසහන‍්ති.

19. සඞ්ඛ බ්‍රාහ්මණ වූ මම (ඒ පසේබුදුන්ට වඩා එකල) සියුමැලි ව සුවසේ වැඩී සිටියෙමි. එසේ වුව ද මාගේ දානපාරමිතාව පුරනුයෙම් මෙසේ උන්වහන්සේට ජත්‍රෝපාහනය දිනිමියි.

සඞ‍්ඛචරියං දුතියං.

දෙවන සඞ්ඛ බ්‍රාහ්මණචර්‍ය්‍යා යි.