යෙදුමෙන් කියවන්න

3. කුරුධම‍්මචරියං

3. කුරුධම‍්මචරියං

3. කුරුධම්ම චරියාව

20. පුනාපරං යදා හොමි ඉන්‍දපත්‍ථෙ පුරුත‍්තමෙ රාජා ධනඤ‍්ජයො නාම කුසලෙ දස හුපාගතො.

20. තවද අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක (මම කුරුරට) උතුම් වූ ඉඳිපත් නුවර දානාදි වූ දස පින් කිරිය වතින් හෙවත් දශ කුශල කර්‍මපථයෙන් යුක්ත වූ ධනඤ්ජය නම් රජ වූයෙම් ද.

21. කාලිඞ‍්ග රට‍්ඨවිසයා බ්‍රාහ‍්මණා උපගඤ‍්ජු මං ආයාචුං මං හත්‍ථිනාගං ධඤ‍්ඤං මඞ‍්ගලසම‍්මතං.

21-22. එකල බමුණෝ (අට දෙනෙක්) කලිඟු රටින් මා වෙත පැමිණියාහු ය. ධන්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ. කලිඟු ජනපදය වැසි නැත්තේ ය, දුර්භික්‍ෂ ඇත්තේ ය, සාදුක් ඇත්තේ ය. එ හෙයින් උතුම් වූ නීලවර්‍ණ වූ අඤ්ජන හස්තිරාජයා අපට දුන මැනවයි අයැද සිටියහ.

22. අවුට‍්ඨිකො ජනපදො දුබ‍්භික‍්ඛො ජාතකො මහා දදාහි පවරං නාගං නීලං අඤ‍්ජනසව‍්හයං.

23. න මෙ යාචකමනුප‍්පත‍්තෙ පටික‍්ඛෙපො අනුච‍්ඡවො මා මෙ භිජ‍්ජි සමාදානං දස‍්සාමි විපුලං ගජං.

23. යාචක ජනයා මා කරා පැමිණ යමක් ඉල්ලූ කල ඒ ප්‍රතික්‍ෂේප කිරීම මට නො නිසි වෙයි. මාගේ පාරමිතාසමාදානය නො බිඳේව යි මහත් වූ මේ මඞ්ගල හස්තිරාජයා දෙමි.

24. නාගං ගහෙත්‍වා සොණ‍්ඩාය භිඞ‍්කාරෙ රතනාමයෙ ජලං හත්‍ථෙ ආකිරිත්‍වා බ්‍රාහ‍්මණානං අදං ගජං.

24. ඇත්රජු සොඬින් ගෙන රන් මුවා කෙණ්ඩියෙන් අතපැන් එව ඇත් රජු බමුණන්ට දිනිමි.

25. තස‍්ස නාගෙ පදින‍්නම‍්හි අමච‍්චා එතදබ්‍රුවුං කින‍්නු තුය‍්හං වරං නාගං යාචකානං පදස‍්සසි.

25-26. ඒ හස්ති රාජයා දුන් කල්හි ඇමැතියෝ මෙසේ කීහු. ධන්‍ය වූ මඞ්ගල ලක්‍ෂණ සම්පන්න වූ සඞ්ග්‍රාම විජයෙහි ප්‍රධාන වූ තොපගේ උතුම් ඇත්රජු කවර හෙයින් දුන්නහු ද, ඒ ඇතු දුන් කල්හි තොපගේ රාජ්‍යය කුමක් කරන්නේ ද.

26. ධඤ‍්ඤං මඞ‍්ගලසම‍්පන‍්නං සඞ‍්ගාමවිජයුත‍්තමං තස‍්මිං නාගෙ පදින‍්නම‍්හි කින‍්තෙ රජ‍්ජං කරිස‍්සති.

27. රජ‍්ජම‍්පි මෙ දදෙ සබ‍්බං සරීරං දජ‍්ජමත‍්තනො සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා නාගං අදාසහන‍්ති

27. මා ගේ මේ සිය ශරීරය ද දෙමි, සියලු ශරීරය ද දෙමි. සර්‍වඥතාඥානය මට ප්‍රියවෙයි. එ බැවින් මම හස්තිරාජයා දිනිමි යි.

කුරුධම‍්මචරියං තතියං.

තෙවන කුරුධර්‍ම චරිත යි.