යෙදුමෙන් කියවන්න

2. භූරිදත‍්ත චරියං

2. භූරිදත‍්ත චරියං

2. භූරිදත්ත චරියාව

154. පුනාපරං යදා හොමි භූරිදත‍්තො මහිද‍්ධිකො විරූපක‍්ඛෙන මහාරඤ‍්ඤා දෙවලොකමගච‍්ඡහං.

154. නැවත අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති භූරිදත්ත නම් නාගරාජ වැ උපනිම් ද එකල්හි (මම්) විරූපාක්‍ෂ නම් මහරජු හා සමඟ (තව්තිසා) දෙව්ලොවට ගියෙමි.

155. තත්‍ථ පස‍්සිත්‍වහං දෙවෙ එකන‍්තං සුඛ සමප‍්පිතෙ තං සග‍්ගං ගමනත්‍ථාය සීලබ‍්බතං සමාදියිං.

155. එහි දී අත්‍යන්තසුඛයෙන් සමර්පිත වූ දෙවියන් දැක දෙව්ලොවට යනු පිණිස ශීල සඞ්ඛ්‍යාත වූ ව්‍රතචර්‍ය්‍යාව සමාදන් වීමි.

156. සරීරකිච‍්චං කත්‍වාන භුත්‍වා යාපනමත‍්තකං චතුරො අඞ‍්ගෙ අධිට‍්ඨාය සෙමි වම‍්මික මුද‍්ධනි.

156. (මුවදෙවුම් ආදි) සිරුරුකිස කොට යැපෙන පමණ අහරක් වළඳා සතර අඟක් ඉටාගෙන තුඹසක් මතුයෙහි ශයනය කෙළෙමි.

157. ඡවියා චම‍්මෙන මංසෙන නහාරුඅට‍්ඨිකෙහි වා යස‍්ස එතෙන කරණීයං දින‍්නං එව හරාතු සො.

157. (එ සතර අඟ නම්:) ‘යමක්හට සිවියෙන් සමින් මසින් නහරින් හා ඇටයෙන් වේවයි මෙයින් කටයුත්තෙක් ඇත්නම් ඒ දෙන ලද මැ යි හෙතෙම එය ගෙන යේව’යි.

158. සංසිතො අකතඤ‍්ඤුනා ආලම‍්බනො මමග‍්ගහි පෙළාය පක‍්ඛිපිත්‍වාන කීළෙති මං තහිං තහිං.

158. අකෘතඥ වූ නෙසාදයා (වැද්දා) විසින් ලකුණු කියනලද ආලම්බන තෙමේ මා අල්වා ගත්තේ ය. හෙතෙම මා පැසෙක්හි බහා ඒ ඒ තැන කෙළවයි.

159. පෙළාය පක‍්ඛිපන‍්තෙපි සම‍්මද‍්දන‍්තෙපි පාණිනා ආලම‍්බනෙ න කුප‍්පාමි සීලඛණ‍්ඩභයා මම.

159. පැසෙහි බහාලන කල ද අතින් මඩනා කල ද ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ආලම්බනයා කෙරෙහි නො කිපී ගියෙමි.

160. සකජීවිත පරිච‍්චාගො තිණතො ලහුකො කම සීලවීතික‍්කමො මය‍්හං පඨවීඋබ‍්බත‍්තනා විය.

160. ස්වකීය ජීවිතපරිත්‍යාගය තෘණශලාකාවක් පරිත්‍යාගයට ද වඩා ලඝු කොට මට වැටහෙයි. ශීල ව්‍යතික්‍රමය වූ කලි පොළොව පෙරැළීමක් මෙන් මට වැටහීගියේ යැ.

161. නිරන‍්තරං ජාතිසතං චජෙය්‍යං මම ජීවිතං නෙව සීලං පභින්‍දෙය්‍යං චතුදීපානහෙතුපි.

161. නිරතුරු ජාතිසියයක් මුළුල්ලෙහි මා ගේ ජීවිතය පරිත්‍යාග කරනෙම්. සතර දිවයින හෙයිනුදු සිල් නො මැ බිඳිනෙමි.

162. අපි චාහං සීල රක‍්ඛාය සීලපාරමිපූරියා න කරොමි චිත‍්තෙ අඤ‍්ඤථත‍්තං පක‍්ඛීපන‍්තම‍්හි පෙළකෙති.

162. තවද සිල් රක්නා පිණිස සිල් පැරුම් පුරනු පිණිස හැනහැන මා පෙළායෙහි බහාලන ආලම්බනයා කෙරෙහි ද මා සිත තුළ වෙනසක් නො කෙළෙමි.

භූරිදත‍්ත චරියං දුතියං.

දෙ වැනි භූරිදත්තචරියා යි.