යෙදුමෙන් කියවන්න

5. මහිසරාජ චරියං

5. මහිසරාජ චරියං

5. මහිසරාජ චරියාව

184. පුනාපරං යදා හොමි මහිසො පවනචාරිකො පවඩ‍්ඪකායො බලවා මහන‍්තො භීම දස‍්සනො.

184. තවද අනික් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙක මම් වෙසෙසින් වැඩුණු කය ඇති ශක්ති ඇති මහත් වූ සිරුරු ඇති බිහිසුණු දැකුම් ඇති මහවෙනෙහි හැසිරෙනසුලු මිහි වැ උපනිම් ද– (එකල්හි)

185. පබ‍්භාරෙ ගිරි දුග‍්ගෙ ච රුක‍්ඛමූලෙ දකාසයෙ හොතෙත්‍ථ ඨානං මහිසානං කොචි කොචි තහිං තහිං.

185-186. තෙල මහවෙනෙහි ප්‍රාග්භාරයෙහි ද ගිරිදුර්‍ගයෙහි ද වෘක්‍ෂමූලයෙහි ද ජලාශය සමීපයෙහි ද කිසි පෙදෙසෙක් මිහිවුන්ට සිටුනාතැන් වෙ ද ඒ ඒ තැන්හි සරනුයෙම් සොඳුරු තැනක් දිටිමි. එතැනට එළඹැ සිටුනෙම් ද හෝනෙම් ද වෙමි.

186. විචරන‍්තො බ්‍රහාරඤ‍්ඤෙ ඨානං අද‍්දස භද‍්දකං තං ඨානං උපගන‍්ත්‍වාන තිට‍්ඨාමි ච සයාමි ච.

187. අථෙත්‍ථ කපිමාගන‍්ත්‍වා පාපො අනරියො ලහු ඛන්‍ධෙ නලාටෙ භමුකෙ මුත‍්තෙති ඔහණෙති මං.

187. එකල්හි ලාමක වූ නිහීන ආචාර ඇති ලෝල වූ වඳුරෙක් එහි පැමිණ (මාගේ) කඳටෙහි ද නළලෙහි ද බැමෙහි ද සුලුදිය කෙරෙයි වසුරු කෙරෙයි–

188. සකිම‍්පි දිවසං දුතියං තතියං චතුත්‍ථම‍්පි ච දූසෙති මං සබ‍්බකාලං තෙන හොමි උපද‍්දුතො.

188. එක් දවසකුදු දෙවැනි දවස්හි දු තෙවැනි දවස්හි දු සිව්වැනි දවස්හි දු හැම කල්හි දු එ මා දූෂණය කෙරෙයි. එ වඳුරු විසින් උපද්‍රැතයෙම් වෙමි.

189. මමං උපද‍්දුතං දිස‍්වා යක‍්ඛො මං ඉදමබ්‍රවි නාසෙහෙතං ඡවං පාපං සිඞ‍්ගෙහි ච ඛුරෙහි ච.

189. එ රුක්හි (අධිපති වැ වෙසෙන) දෙවි (ඔහු විසින්) පෙළනලද මා දැක මට මෙවදන් කී : හීන වූ ලාමක වූ තෙල වඳුරු හඟිනුදු ඇන කුරයෙනුදු මැඩ නසව’යි කී.

190. එවං වුත‍්තෙ තදා යක‍්ඛෙ අහං තං ඉදමබ්‍රවිං කිංත්‍වං මක‍්ඛෙසි කුණපෙන පාපෙන අනරියෙන මං.

190. එසඳ එ දෙවියා එසේ කී කල්හි මම් ඔහුට මෙ වදන් කීමි: කුමක් හෙයින් තෙපි (කුණප සදෘශ හෙයින්) කුණප වූ ලාමක වූ අනාර්‍ය්‍ය වූවහු සමග මා තවරා දැ’යි.

191. යදිහං තස‍්ස කුප‍්පෙය්‍යං තතො හීනතරො භවෙ සීලඤ‍්ච මෙ පභිජ‍්ජෙය්‍ය විඤ‍්ඤූ ච ගරහෙය්‍යු මං.

191. ඉදින් මම් ඔහුට කිපෙම් නම් ඔහුට ද වඩා හීනතරයෙම් වෙමි. මා ගේ සිලුදු බිඳෙන්නේ යැ. නුවණැති දෙවිමිනිස්හු ද මට ගරහන්නාහ’යි.

192. හීළිතා ජීවිතා චාපි පරිසුද‍්ධෙන මතං වරං ක්‍යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනං.

192. (නුවණැතියන් විසින්) ගර්හිත වූ ජීවිතයට ද වඩා පවිත්‍ර වූ ශීලයෙන් යුක්ත වැ මරණය මැ උතුමැ, කිම මම් ජීවිතය නිමිති කොට ද මෙරමා වෙහෙසනු කරන්නෙම් ද?

193. මමෙ වාය මඤ‍්ඤමානො අඤ‍්ඤෙපෙවං කරිස‍්සති තෙව තත්‍ථ වධිස‍්සන‍්ති සා මෙ මුත‍්ති භවිස‍්සති.

193. මේ තෙම මා මෙන් හඟිනේ අන් මිහිවුන්ට ද මෙසේ කරන්නේ යැ එහිලා ඔහු මැ (හඟින් ඇන මොහු) නසන්නාහ, ඒ නැසීම මට මිදීම වන්නේ යි.

194. හීනමජ‍්ඣිමඋක‍්කට‍්ඨෙ සහන‍්තො අවමානිතං එවං ලභති සප‍්පඤ‍්ඤො මනසා යථාපත්‍ථිතන‍්ති.

194. හීන මධ්‍යම උත්කෘෂ්ටයන් නිමිති කොට ඔවුන් විසින් කළ අවමානය ඉවසනුයේ සප්‍රාඥ තෙමේ මෙසේ සිතින් ප්‍රාර්‍ත්‍ථනා කළ පරිදි (සර්‍වඥතාඥානය) ප්‍රතිවේධ කෙරේ යයි.

මහිස රාජචරියං පඤ‍්චමං.

පස් වැනි මහිසරාජචරියා යි.