යෙදුමෙන් කියවන්න

6. රුරුමිගරාජ චරියං

6. රුරුමිගරාජ චරියං

6. රුරුමිගරාජ චරියාව

195. පුනාපරං යදා හොමි සුතත‍්ත කනකසන‍්නීභො මිගරාජා රූරුනාම පරමසීල සමාහිතො.

195. නැවත ද අනෙක් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙකැ මම මොනොවට තැවූ රන් බඳු පැහැ ඇති විශුද්ධ වූ සිල් හා එකඟ වූ සිත් ඇති රුරු නම් මෘගරාජ වීම් ද,

196. රම‍්මෙ පදෙසෙ රමණීයෙ විවිත‍්තෙ අමනුස‍්සකෙ තත්‍ථ වාසං උපගඤ‍්ඡිං ගංගාකූලෙ මනොරමෙ.

196. එකල්හි පුෂ්පඵලාදීන් රමණීය වූ ජනවාස රහිත වූ මිනිසුන්ගේ හැසිරීම් නැති රම්‍ය ප්‍රදේශයෙක්හි වූ, එහි සිත්කලු ගං ඉවුරෙකැ වාසයට පැමිණියෙමි.

197. අථො උපරිගංගාය ධනිකෙහි පරිපීළිතො පුරිසො ගංගාය පපති ජීවාමි වා මරාමි වා.

197. එකල්හි උඩුහොයැ ධනහිමියන් විසින් (ණය නො දෙනුයෙන්) පෙළනලද පුරුෂයෙක් (මෙයින්) රැකෙම්වා හෝ මියෙම්වා හො’යි ගඟෙහි පැන්නේ යැ.

198. රත‍්තින්‍දිවං සො ගඞ‍්ගාය වුය‍්හමානො මහොදකෙ රවන‍්තො කරුණං රාවං මජ‍්ඣෙ ගඞ‍්ගාය ගච‍්ඡති.

198. හෙතෙම රෑදාවල් ගඟ මහවතුරෙහි ඉල්පෙනුයේ බැගෑ හඬින් හඬමින් ගඟමැද යෙයි.

199. තස‍්සාහං සද‍්දං සුත්‍වාන කරුණං පරිදෙවතො ගඞ‍්ගාය තීරෙ ඨත්‍වාන අපුච‍්ඡිං කොසි ත්‍වං නරො.

199. මම් බැගෑපත් වැ හඬන්නා වූ ඔහුගේ හඬ අසා ගංඉවුරෙහි සිට තෝ කවර මිනිසෙක්හි දැ යි විචාළෙමි.

200. සො මෙ පුට‍්ඨො ච ව්‍යාකාසි අත‍්තනො කාරණං තදා ධනිකෙහි භීතො තසිතො පක‍්ඛන‍්නොහං මහානදිං.

200. එකල්හි හෙ ද මා විසින් පුළුවුස්නාලද්දේ ‘මම් ණයහිමි ධනිකයන් කෙරෙන් බියපත් වූයෙම් තැතිගත්තෙම් මහානදියට පැනපීමි’යි තමාගේ ක්‍රියාව ප්‍රකාශ කෙළේ යැ.

201. තස‍්ස කත්‍වාන කාරුඤ‍්ඤං චජිත්‍වා මම ජීවිතං පවිසිත්‍වා නීහරිං තස‍්ස අන්‍ධකාරම‍්හි රත‍්තියා.

201. ඔහුට කරුණා උපදවා මාගේ දිවි පුදා රැය අඳුරෙහි ගඟට පිවිස ඔහු (පිට හිඳුවා එයින්) බැහැර කෙළෙමි.

202. අස‍්සත්‍ථ කාලමඤ‍්ඤාය තස‍්සාහං ඉදමබ්‍රුවිං එකං තං වරං යාචාමි මා මං කස‍්සචි පාවද.

202. (විඩා හැරපියා) අස්වැසුණුකල් දැන මම් ඔහුට මෙ වදන් කීමි: තොප අතින් එක්වරයක් ඉල්වමි. ‘නහමක් මා කිසිවක්හට කියව’යි.

203. නගරං ගන‍්ත්‍වාන ආචික‍්ඛි පුච‍්ඡිතො ධන හෙතුකො රාජානං සො ගහෙත්‍වාන උපගඤ‍්ඡි මමන‍්තිකං.

203. හෙ නුවරට ගොස් (රන්මුවකු) පුළුවුස්නාලදුයේ ධනය නිමිති කොට ඇතියේ (රජුට මා) දැන්විය. හෙතෙම රජු ගෙන මා වෙත එළැඹියේ යැ.

204. යාවතා කාරණං සබ‍්බං රඤ‍්ඤො ආරොචිතං මයා රාජා සුත්‍වාන වචනං උසුං තස‍්ස පකප‍්පයී ඉධෙව ඝාතයිස‍්සාමි මිත‍්ත දුබ‍්භිං අනාරියං.

204. (මා විසින් ඔහුට කළ) යම් පමණ උපකාරයෙක් වී ද, එහැම මා විසින් රජුට දන්වන ලද. රජ එබස් අසා මිත්‍රද්‍රෝහි වූ අනාර්‍ය්‍ය වූ මොහු මෙතැන්හි මැ නසාපියමි’යි ඒ පුරුෂයාහට හීය දුන්නෙහි සැදී යැ.

205. තමහං අනුරක‍්ඛන‍්තො නිම‍්මිනිං මම අත‍්තනො තිට‍්ඨතෙ සො මහාරාජ කාමඞ‍්කාරො භවාමි තෙ.

205. මම් ඔහු රක්නෙම් ‘මහරජ තෙල පුරුෂයා සිටීවා. මම් තොපට රීසිදෑ කරනුයෙම් වෙමි’යි මාගේ ආත්මයෙන් ඔහු පරිවර්‍තන කෙළෙමි. (මරණයෙන් මුදවාලීමි)

206. අනුරක‍්ඛිං මම සීලං නාරක‍්ඛිං මම ජීවිතං සීලවා හි තදා ආසිං බොධියා එව කාරණාති.

206. මාගේ ශීලය මැ රැකපීමි. මාගේ දිවි නො රැක්කෙමි. එකල්හි සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට මම් සිල්වත් වීමී.

රුරුරාජ චරියං ඡට‍්ඨමං.

සවැනි රුරුමිගරාජ චරියා යි.